Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චේතිය සම්මානි සමග කතා කිරීමේදී ගල් කන්ද වලව්ව හා අශේන් ගැන කතාවක් ඇදී ආ නමුත් ඔහු තමන්ගේ සැලැස්ම ගැන වදනකදු පිට නොකිරීමට ප්රවේශම් විය.. ඇයට නොව නතාලි අක්කාටවත් ඔහු කිසිවක් කීවේ නැත..

නමුත් ඔහුගේ සිත නම් පුදුමතරම් නොසන්සුන් වී තිබිණි..

"වැඩේ ගැස්සෙන එකක් නෑ නේද චේති..?"

පසුදා පාසලේ චේතිය දුටු විගස කලන ඇසුවේ ඔහුගේ සිතේද වෙන කිසිවක් නොතිබූ බව කියාපාන්නට මෙනි..

"අවුලක් වෙන එකක් නෑ.. කැම්පස් එකේ සෙට් එකත් අපේ ළග ඉන්නවනේ.."

චේතිය කීවේ දැඩි විශ්වාසයෙනි..

ඔවුන් එදින ගෙවා දැමුවේ බොහෝ අසීරුවෙනි.. පාසල හැරී නිවසට ගිය පසුව චේතිය සිය ජංගම දුරකථනය පසෙකින් තැබුවේද නැත..

පසුව වෙලාව සවස හයට නැතත් විශ්ව සම්පූර්ණ සැලැස්ම ක්රියාවට නංවා තිබිණි.. කලන හා චේතිය ඔවුනට එක් වූයේ එකම වෙලාවටය.. ඒ වන විට ඔවුනට කිරීමට යමක් ඉතිරිව තිබුණේ නැති තරම්ය..

"මල්ලි ඔය දෙන්නගෙන් එක්කෙනෙක් අපේ එකෙක් එක්ක අර කියපු ක්ලබ් එකට ළගට යන්න වෙනවා.. මොකද නැත්තං උන්ව අදුරගන්න බෑනෙ.."

විශ්ව එය කීවේ සෘජුවම කලන දෙස බලමිනි.. එහි අරුත වැටහුණු කලන හිස සැලුවේ තමා එහි යන බව කියාපන්නටය..

"වලව්ව ළග ඉන්න ඕන දෙන්නා දැනටමත් එහෙ ගිහින් ඇති.. මං අර කිපු අශේන්ගෙ මස්සිනා කට්ටිය සෙට් කරගෙන අන්න පාරෙ.. ඔයාලගෙ රත්නෙ අයියත් දැන් මෙතනට එයිනෙ.. අපේ තව කට්ටියටක් මේ වෑන් එකේ ඉන්නවා.. අපිට තියෙන්නෙ වැඩේ කෝඩිනේට් කරන්න විතරයි.."

පසු පස තිබූ නිසාන් වෑන් රථය පෙන්වා විශ්ව කලනට හා චේතියට පැහැදිලි කර දුන්නේය..

ඔවුන් එසේ සියල්ල සූදානම් කර ඒ ඒ පුද්ගලයන්ව අදාල ස්ථාන වලට යවා තම වේලාව එනතුරු රැදී උන්හ.. චේතිය විශ්ව සමග නතර වූයේ අශේන්ගේ මිතුරන් තිදෙනා රැගෙන එන ස්ථානයේය..

සැලැස්ම ආරම්භ කිරීමේ පියවර යෙදී තිබුණේ කලනටය.. ඔහු අදාල පුද්ගලයින් තිදෙනා ලයන් ක්ලබ් එකට පැමිණි වග අන් යට දැනුම් දෙද්දී වෙලාව හය හමාර පමණ වී තිබිණි..

"මල්ලි.. උඹ සිකියුරිටි අන්කල්ව පොඩි කතාවකට අල්ලගනිං.. මම පටස් ගාලා බයිසිකලේට වැඩේ දෙන්නම්.."

විශ්වගේ සමීප මිතුරෙකු වූ අසේල කලනගේ කණට කර කීවේ පිරිස ශාලාව තුලට ඇතුල් වී විනාඩි කිහිපයකට පසුවය.. ඔහුට එම වැඩට කිරීමට විනාඩි පහක්වත් ගතවූයේ නැත.. අසේල රථ ගාල දෙස සිට ඇසක් වසා ඉගිකරමින් පැමිණෙද්දී කලනද මුරකරුට සුහදව සමු දී එතනින් පිටවිණි..

"මගේ බයික් එකත් එතනම දාලා ආපු නිසා මිනිහට වැඩේ මීටර් උනේ නෑ.. යන්තං ෂේප්.."

ඔහු සිනාසී කියද්දී කලන පුදුම වූයේ මෙතරම් ඉක්මනින් ඔහු ටයරයේ හුළං ඇරියේ කෙසේද කියාය..

"අපි පාරෙන් එහා පැත්තට ගිහින් කවර් වෙලා ඉමු.. ඉතුරු ටික රත්නෙ අයියා අතේනෙ තියෙන්නෙ.."

කලන අසේලවද ඇදගෙන පාර පනිද්දී රත්නේද ත්රීවිලය තුළට වී තමාට ඇමතුම එනතෙක් බලා සිටියේය..

එතැන් සිට පැය භාගයක් පමණ නිසොල්මනේ ගෙවී ගියේය.. ක්ලබ් එක තුළට ගිය පිරිස එළියට නොපැමිණි අතර රත්නේටද සිය දුරකථන ඇමතුමක් ලැබුනේ නැත..

"මේ තරම් පරක්කු වෙන්න බෑ මල්ලි.. වලව්ව පැත්තෙ මොකක් හරි අවුලක්ද දන්නෑ.."

විශ්ව කීවේ ඔහු සමීපයේ උන් චේතියටය..

"අයියා කෝල් එකක් දීලා බලන්න.."

ඉවසා බැරිම තැන චේතිය කීවේ තවත් පමා වුවහොත් නිවසට යාමට නොහැකි තත්වයක් උදාවන නිසාවෙනි..

"ෂිට්.. මේ අශේනයා තාම වලව්වෙන් ඇවිත් නෑනෙ.. ඌට අද බීම එපාවෙලාද දන්නෑ.."

තම සැලැස්ම ගැන පසුතැවුනු විශ්ව වෙනත් විකල්පයක් ක්රියාවට නංගා බැලුවේය.. ඔහු තවකෙකුට දුරකථන ඇමතුමක් දී යමක් කීවේය..

"අයියා කාටද ඒ කතා කලේ..?"

චේතිය ඇසුවේ ඔහු කිසිවක් නොකී නිසාය..

"අපේ හොස්ටල් එකේ එකෙක්ට.. ඌ ගානට අශේන්ව තව ටිකකින් එළියට ගනියි.."

"ඒ කිව්වෙ..?"

"අශේන්ගෙ කැම්පස් කෙල්ල අශේන්ට හොස්ට්ල් එකේ ට්රයිටෙල් බොක්ස්එකෙන් කෝල් කරනවලු.. අපේ යාලුවෙක් ඒ ගර්ල් විදියට අශේන්ට කෝල් කරලා මිනිහව එළියට ගනියි.."

චේතියට මේ මොහොතේ අවැසි වූයේ හරස් ප්රශ්න ඇසීමට නොව කෙසේ හෝ අශේන්ව වලව්වෙන් පිටතට ගෙන්වා ගැනීමටය.. ඉන්පසු රංගට කල හානියේ වාඩුව ගත් පසු එම සිදුවීම මුලුමනින්ම අමතක කල හැකි බව ඔහුට සිතුනි..

තවත් පැය කාලක් පමණ ගතවූ පසු වලව්ව ළග රදවා තිබූ මිතුරන් දෙදෙනාගෙන් විශ්වට ඇමතුමක් ලැබුණි.. ඉන් කියවුණේ අශේන් බයිසිකලයේ නැගී වලව්වෙන් පිටතට ආ බවය.. එම ඇමතුම අශේන් එනතුරා බලා ඉන්නා වෑන් රියේ පිරිසටද ලැබී ඇති බව විශ්ව කීවේය..

"එහෙනං මල්ලි ඔයා රත්නෙ අයියට කොල් එකක් දෙන්න.. මිනිහට කියන්න පුළුවන් තරම් ෂේප් එකේ උන් තුන්දෙනාව එළියට ගන්න කියලා.."

හිස පමණක් සලා එය අනුමත කල චේතිය රත්නේට පමණක් නොව ලයන් ක්ලබ් එක ළගට වී බලා උන් කලනට හා විශ්වගේ මිතුරාටද පණිවුඩය ලබා දුන්නේය..

"වැඩේ හරි අයියෙ.. රත්නෙ අයියා කට්ටිය අරන් පිටත් උන ගමන් කෝල් කරයි.. අයියගෙ පැත්තෙන් අවුලක් වෙන එකක් නෑනෙ.."

ඇමතුම අවසානයේ දුරකථනය තම සාක්කුවේ දමාගත් චේතිය විශ්වගෙන් විමසිය..

"බයවෙන්න දෙයක් නෑ මල්ලි.. මෙලහකටත් අශේන්ට සබ්බුව හම්බවෙනවා ඇති.."

සැනෙකින් චේතියගේ සිතට අමුතුම හැගීමක් ඇතුළු විය.. ඔහුට අහේතුකවම වලව්වේ ළමාතැනීගේ රුව මැවී පෙනෙන්නට විය.. ඈ තම පුතුට කරදරයක් නොකරන්නැයි වැනි ආයාචනයක් කරනා අයුරු චේතියට දිස් විය..

"විශ්ව අයියෙ.."

චේතිය විශ්වගේ අත දැඩිව අල්ලා ගනිද්දී විශ්ව පුදුම වී බැලුවේය..

"ඇයි මල්ලි අවුලක්ද..?"

"අශේන්ට ලොකු ඩැමේජ් එකක් කරන්න එපා අයියෙ.."

ඔහුගේ කටහඩ පවා තරමක් ගොරහැඩි වී තිබිණි.. විශ්ව චේතියගේ මේ ක්ෂණික වෙනස්වීම ගැන මවිත වී උන්නේය..

"මල්ලිමනේ මුලින්ම කිව්වෙ අශේන්ටත් එක්ක රිටන් එක දෙන්න ඕන කියලා.. ඉතින් දැන් ඇයි අප්සට් වෙලා.."

"ප්ලීස්.. මං කියන එක අහන්න.. එයාලව නවත්ත ගන්න.."

දෑස විසල් කර චේතියගේ මුහුණ බලා උන් විශ්ව පසුව තම මිතුරන්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.. ඒ වන විටත් අශේන්ට ඔවුන්ගෙන් හොද හැටි ගුටි සංග්රහයක් ලැබී තිබිණි..

"මල්ලී.. දැන් ආපහු අරුන් ටිකටත් ගහන්න එපා කියලා නම් කියන්න එපා.. අපේ කොල්ලො ටික මට හිනාවෙයි.."

විශ්ව චේතියට කලේ උපහාසයක් උවද එහි තරමක් දැඩි බවක් ගැබ්ව තිබිණි.. නමුත් විශ්ව අදහස් කල හැගීමක් චේතියගේ සිතේ තිබුණේ නැත.. ඔහුටද අවැසි වී තිබුණේ හිතේ හැටියට ඇගේ පතේ හිරි ඇර ගැනීමටය..

"උන්ගෙනම් අතපය කැඩුවත් මට අවුලක් නෑ.. ඒත් අශේන් ඩිරෙක්ට් මේකට සම්බන්ධ නෑනෙ.."

තමාට ක්ෂණිකව ළමාතැනී සිහි වූ වග.. තම සිතට කුමක්දෝ ගුප්ත හැගීමක් දැනුණ වග විශ්වට නොකී චේතිය වෙනකක් කියා එය මග හැරියාය..

ඔවුන් කතාබහ කරන අතරතුර රත්නේ තම පියවර ක්රියාවට නංවා තිබිණි.. ඔහු බය සැකකින් තොරව ලයන්ස් ක්ලබ් එකට ගොස් අදාල පුද්ගලයන් තිදෙනාව එළියට කැදවාගෙන ආවේය.. ඒ වන විට ඔවුන් හොද හැටි මතින් උන් නිසා රත්නේට සිය කාර්ය්ය තරමක් පහසු විණි..

"අශේන්ට මොකක් වෙලා කියලද උඹ කිව්වෙ..?"

අසීරුවෙන් වදන් ගලපා ගත් එකෙක් රත්නේගෙන් නැවත විමසුවේ ඔහු ක්ලබ් එක තුලදී කල විස්තරය අමතකව තිබූ නිසාය..

"පුංචි හාමු විස්තරයක් නම් කිව්වෙ නෑ.. මහත්තයලා තුන්දෙනාව ඉක්මනට අරගෙන එන්න කියලා තමයි කිව්වෙ.."

බොහෝ බය පක්ෂපාතී මුහුණක් මවාගත් ඔහු කියද්දී මිතුරන් තිදෙනා අශේන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීමට වෙහෙසුනහ..

"මූ ෆෝන් එක ගන්නෙ නෑනේ බං.. කෝකටත් වලව්වට අරන් බලමු.."

තිදෙනා වෙරිමතින් දොඩවන අයුරු මොහොතක් රත්නේ බලා උන්නේය..

"ඌ වලව්වෙ නෑලු බං.. ටිකකට කලින් එළියට ගියාලු.."

ගල් කන්ද වලව්වට ඇමතුමක් ගත් කෙනා අනෙක් දෙදෙනා දෙස බැලුවේ ප්රශ්නාර්ථයක් රැදි දෑසිනි..

"පණිවිඩේට තැන්ක් යූ වෙන්න ඕනෙ.. උඹ පලයං මචං.. අපි ආවෙ බයික් වල.."

ඔවුන් රත්නේව පිටත් කිරීමට උත්සාහ කලද ඔහු තවමත් රැදී උන්නේ ඔවුන්ගේ බයිසිකලයට අත්වී ඇති ඉරණම නිසාය..

"මහත්තයලා බයික් අරන් එන්න.. මං එතනට යන පාර පෙන්නන්නං.."

රත්නේ ගරුසරුව කියද්දී දෙදෙනෙක් රථගාල දෙසට පිය මැනිය.. අනිකා රත්නේ අසල නතරව උන්නේ ඔවුන් පැමිණි පසු බයිසිකලයක නැගී යාමේ අරමුණිනි..

"මහත්තයලා මෙහෙ පාරවල් දන්නෙ නැතුව ඇති මයෙ හිතේ.. ඒකනේ පුංචි හාමු මහත්තයලා මට එක්කගෙන එන්න කිව්වෙ.."

තමා ළග ඉතිරි වූ එකාගෙන් යම් හෝඩාවාවක් දැන ගත හැකිදැයි රත්නේ උත්සාහ කර බැලීය..

"නෑ අයිසෙ.. අපි කොළඹ.. අශේනයා ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ අපි එක්කම තමයි.."

"එහෙනං මහත්තයලා නිවාඩුවකට ඇවිත් වෙන්ටැති.."

"නිවාඩුවකට තමයි.. අශේන් එන්න කිව්වා.. අපි ආවා.. ඒත් මල්ලි ඌට කරදර කරන එක හරිනෑනෙ.. ඒ නිසා අපි හොටෙල් එකක නතර උනා.. බිල ගෙවන්නෙ තමුසෙලගෙ පුංචි හාමු.."

වෙරිමතින් හතර අතට වැනෙමින් උන් ඔහු නානාප්රකාර ඇමතුම් වලින් රත්නේ අමතමින් උන්නේය.. ඔහු තම ගැටයට හසු වූ බව දැනගත් රත්නේද අනික් දෙදෙනා පැමිණෙන තෙක් ඔහුගෙන් බොහෝදෑ දැනගත්තේය..

"පොඩි අවුලක් වෙලා බං.. අපි දැනට මේකෙ යං.."

රත්නේ හා කතාකරමින් උන් කෙනා වෙත පැමිණි සගයන් දෙදෙනා ඔහුට වැඩි විස්තරයක් නොකියාම ත්රීවිලයට නැගුණේය..;

"ඇයි මචං.. මොකක්ද අවුල..?"

රත්නෙ ත්රීවිලයට නැග ගත්තද ඔහු කතා කල කෙනා තවම පාරෙය..

"බයික් එකේ පැච් එකක් මචං.. අපි එන ගමන් ඒක හදාගමු.. ඉස්සෙල්ලා ගිහින් බලමු අශේන්ට මොනවා වෙලාද කියලා.."

ඔහු ත්රීවිලයට නැගුන සැනින් කලන චේතියට ඇමතුමක් දී ඒ බව දැනුම් දුන්නේය..

"මෙතන තමයි තැන.. දැන් පුංචි හාමු වෑන් එකකින් එයි.. මහත්තයලා බහින්න.."

රත්නෙ, විශ්වලා උන් ඉසව්වෙන් ත්රීවිලරය නතර කරද්දී කලන හා අසේලද බයිසිකලයෙන් එතනට ළගාවිය..

ත්රී විලරයේ උන් තිදෙනාගෙන් එකෙක් පමණක් බිමට බැස බැලුවේ තරමක් සැකයෙනි.. නමුත් ඔවුන් අසලට පැමිණි වෑන් රිය දුටු ඔහුගේ සැකය පහ විය..

වෑන් එක ආවා.. අශේන් වෙන්න ඇති.. බැහැලා වරෙන්..

තිදෙනාව ත්රීවිලරයෙන් බැස වෑන් රථය වෙත ළගා වද්දීම ඉන් දොර හැර පැමිණි පිරිස ඔවුන්ව වටකර ගත්තේය.. කිසිවෙකුට කිසිවක් සිතන්නට ඉඩ නොතබාම හතර අතින් පහර එල්ල වෙද්දී එකා දෙන්නා කෑගසා බිමට ඇද වැටුණි.. කැම්පස් මිතුරන් සමග කලනද සබයට බැස තිබුණත් වැඩිපුරම අතපය ක්රියාත්මක වූයේ චේතියගේය.. ඔහු උඩ පැන හතර අතට එල්ල කරන ප්රහාරයන් දෙස විශ්වගේ මිතුරන් පවා මවිත වී බලා උන්නාය..

"උඹලගෙ කොළඹ පාට් කොළඹ ත්රීවිල් පාක් වලට දාගනිං.. මේ කුරුණැගල අපේ ටවුම හරිද.. මේකෙ ඉන්න උන්ට ආයෙත් පාට් දාන්න ආවොත් යවන්නෙ යටියන්තොට.. අන්න ඒක දැනගනිං.."

ඒ සද්දය දැම්මේ වෙනකෙකු නොව රත්නේය.. තිදෙනාට දින ගණනක් රෝහල් ගතවීමට වැඩ සිද්ධ වූ පසු එහි නම්බුව තමන්ගේ ත්රීවිල් පාක් ගිණුමට දමා ගැනීමට ඔහුට අවැසි වී තිබිණි.. නමුත් විශ්ව දෙතොලට ඇගිල්ලක් තබා නිහඩ වන ලෙස රත්නේට සන් කලේය..

රංගගේ තුවාල සහිත රුව සිහිපත් වූ චේතිය බිම ඇද වැටී උන් ඔවුනට තවත් ප්රහාර කිහිපයක් එල්ල කලේය..

"ඔය ඇති මල්ලි.. තව ගැහුවොත් ඕකුන් මැරෙයි.."

විශ්ව චේතියව පසෙකට කර ගත්තේ ඒ වනවිටත් ඔවුන්ගේ අතපය කැඩී ඇති බව වැටහුණු බැවිණි..

"මචං සයිරන් එකක් ඇහෙනවා.. පොලීසියෙන්ද කොහෙද.."

විශ්වගේ මිතුරෙකුගේ කෑ ගැසීමට සැමදෙනාම කලබල විය.. සැබැවින්ම ඈත පැමිණෙමින් තිබුණේ පොලිස් නිල රථයකි.. ඒ දුටු සැවොම සිද්ධිය වූ ස්ථානයට ළගා වීමට පෙර එතනින් පැන ගත්හ.. චේතිය හා විශ්වට වෑන් රියට නැග ගැනීමට තරම් වෙලාවක් නොවූ නිසා ඔවුන් දෙදෙනා නැග ගත්තේ රත්නේගේ ත්රීරෝද රථයටය..

"දැන් අපි ටික ආපහු සෙට් වෙන එක ඩේන්ජරස් මල්ලි.. මං කියන්නම්.. කෝල් එකක් දීලා කලනව මේකට ගන්න.. මං අසේලයගෙ බයික් එකට නගින්නං.."

"එතකොට අයියලා කොහෙටද යන්නෙ..?"

චේතිය විමසුවේ ත්රීවිලරය අරමුණක් නැතුව ඉදිරියට ඇදී යද්දීය..

"අපි මෙහෙම්ම හොස්ටල් එකට යන්නං මල්ලි.. ඔයාලා රත්නෙ අයියා එක්ක ගෙදර යන්න.. අපි හෙට බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා.."

එයට එකග වූ චේතිය විශ්ව කීවා සේම කලනව ත්රීවිලරයට නංවා ගත්තේය.. අසේලගේ බයිසිකලය හා අනෙක් වෑන් රථය පිරිස දමාගෙන නුවර බලා පිටත්විය..

"මල්ලි.. ඒ සර් නං රියල් මීටරයක්.."

විශ්ව පිටව ගිය පසු රත්නේ ඔහු ගැන වර්ණනා කරන්නට පටන් ගත්තේය..

"ඉස්සර වෙලා චේතියව බස්සලා එමු රත්නෙ අයියෙ.. අපේ ගෙදරින් එච්චර අවුලක් නෑ.."

කලනට අවැසි වී තිබුණේ චේතියගේ මව හා නැගණිය තනිවම හිදිනා නිසා හැකි ඉක්මනින් ඔහුව නිවසට ඇරලීමටය..

"එහෙනං රත්නෙ අයියෙ.. මේ ගැන දැන්ම කාටවත් කියන්න එපා.. දැක්කනේ.. මේක පොලීසියට ලීක් උන එකේ අපි පරිස්සම් වෙන්න ඕන.."

නිවස ළගින් ත්රීවිලයෙන් බැසගත් චේතිය රත්නේට පූර්ව දැනුම් දීමක් කර මිතුරාට සමුදීමට සැරසුණාය..

"චේති.. රංගයට කියන්න එපා මචං.. පස්සෙ එන විදියක් බලමු.."

සිය මෙහෙයුම අවසන් කල දෙමිතුරෝ සමුගත්තේ එසේ කියමිනි..

[QUOTE="crazybuddy, post: 12712509, member: 326070"] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-L1rdJ_U6GOs/T137M2sRzaI/AAAAAAAABf4/9BC3Ayl4riw/s1600/13.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]චේතිය සම්මානි සමග කතා කිරීමේදී ගල් කන්ද වලව්ව හා අශේන් ගැන කතාවක් ඇදී ආ නමුත් ඔහු තමන්ගේ සැලැස්ම ගැන වදනකදු පිට නොකිරීමට ප්රවේශම් විය.. ඇයට නොව නතාලි අක්කාටවත් ඔහු කිසිවක් කීවේ නැත..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]නමුත් ඔහුගේ සිත නම් පුදුමතරම් නොසන්සුන් වී තිබිණි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"වැඩේ ගැස්සෙන එකක් නෑ නේද චේති..?"[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]පසුදා පාසලේ චේතිය දුටු විගස කලන ඇසුවේ ඔහුගේ සිතේද වෙන කිසිවක් නොතිබූ බව කියාපාන්නට මෙනි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අවුලක් වෙන එකක් නෑ.. කැම්පස් එකේ සෙට් එකත් අපේ ළග ඉන්නවනේ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]චේතිය කීවේ දැඩි විශ්වාසයෙනි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඔවුන් එදින ගෙවා දැමුවේ බොහෝ අසීරුවෙනි.. පාසල හැරී නිවසට ගිය පසුව චේතිය සිය ජංගම දුරකථනය පසෙකින් තැබුවේද නැත..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]පසුව වෙලාව සවස හයට නැතත් විශ්ව සම්පූර්ණ සැලැස්ම ක්රියාවට නංවා තිබිණි.. කලන හා චේතිය ඔවුනට එක් වූයේ එකම වෙලාවටය.. ඒ වන විට ඔවුනට කිරීමට යමක් ඉතිරිව තිබුණේ නැති තරම්ය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මල්ලි ඔය දෙන්නගෙන් එක්කෙනෙක් අපේ එකෙක් එක්ක අර කියපු ක්ලබ් එකට ළගට යන්න වෙනවා.. මොකද නැත්තං උන්ව අදුරගන්න බෑනෙ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]විශ්ව එය කීවේ සෘජුවම කලන දෙස බලමිනි.. එහි අරුත වැටහුණු කලන හිස සැලුවේ තමා එහි යන බව කියාපන්නටය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"වලව්ව ළග ඉන්න ඕන දෙන්නා දැනටමත් එහෙ ගිහින් ඇති.. මං අර කිපු අශේන්ගෙ මස්සිනා කට්ටිය සෙට් කරගෙන අන්න පාරෙ.. ඔයාලගෙ රත්නෙ අයියත් දැන් මෙතනට එයිනෙ.. අපේ තව කට්ටියටක් මේ වෑන් එකේ ඉන්නවා.. අපිට තියෙන්නෙ වැඩේ කෝඩිනේට් කරන්න විතරයි.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]පසු පස තිබූ නිසාන් වෑන් රථය පෙන්වා විශ්ව කලනට හා චේතියට පැහැදිලි කර දුන්නේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඔවුන් එසේ සියල්ල සූදානම් කර ඒ ඒ පුද්ගලයන්ව අදාල ස්ථාන වලට යවා තම වේලාව එනතුරු රැදී උන්හ.. චේතිය විශ්ව සමග නතර වූයේ අශේන්ගේ මිතුරන් තිදෙනා රැගෙන එන ස්ථානයේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]සැලැස්ම ආරම්භ කිරීමේ පියවර යෙදී තිබුණේ කලනටය.. ඔහු අදාල පුද්ගලයින් තිදෙනා ලයන් ක්ලබ් එකට පැමිණි වග අන් යට දැනුම් දෙද්දී වෙලාව හය හමාර පමණ වී තිබිණි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මල්ලි.. උඹ සිකියුරිටි අන්කල්ව පොඩි කතාවකට අල්ලගනිං.. මම පටස් ගාලා බයිසිකලේට වැඩේ දෙන්නම්.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]විශ්වගේ සමීප මිතුරෙකු වූ අසේල කලනගේ කණට කර කීවේ පිරිස ශාලාව තුලට ඇතුල් වී විනාඩි කිහිපයකට පසුවය.. ඔහුට එම වැඩට කිරීමට විනාඩි පහක්වත් ගතවූයේ නැත.. අසේල රථ ගාල දෙස සිට ඇසක් වසා ඉගිකරමින් පැමිණෙද්දී කලනද මුරකරුට සුහදව සමු දී එතනින් පිටවිණි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මගේ බයික් එකත් එතනම දාලා ආපු නිසා මිනිහට වැඩේ මීටර් උනේ නෑ.. යන්තං ෂේප්.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඔහු සිනාසී කියද්දී කලන පුදුම වූයේ මෙතරම් ඉක්මනින් ඔහු ටයරයේ හුළං ඇරියේ කෙසේද කියාය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අපි පාරෙන් එහා පැත්තට ගිහින් කවර් වෙලා ඉමු.. ඉතුරු ටික රත්නෙ අයියා අතේනෙ තියෙන්නෙ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]කලන අසේලවද ඇදගෙන පාර පනිද්දී රත්නේද ත්රීවිලය තුළට වී තමාට ඇමතුම එනතෙක් බලා සිටියේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]එතැන් සිට පැය භාගයක් පමණ නිසොල්මනේ ගෙවී ගියේය.. ක්ලබ් එක තුළට ගිය පිරිස එළියට නොපැමිණි අතර රත්නේටද සිය දුරකථන ඇමතුමක් ලැබුනේ නැත..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මේ තරම් පරක්කු වෙන්න බෑ මල්ලි.. වලව්ව පැත්තෙ මොකක් හරි අවුලක්ද දන්නෑ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]විශ්ව කීවේ ඔහු සමීපයේ උන් චේතියටය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අයියා කෝල් එකක් දීලා බලන්න.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඉවසා බැරිම තැන චේතිය කීවේ තවත් පමා වුවහොත් නිවසට යාමට නොහැකි තත්වයක් උදාවන නිසාවෙනි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"ෂිට්.. මේ අශේනයා තාම වලව්වෙන් ඇවිත් නෑනෙ.. ඌට අද බීම එපාවෙලාද දන්නෑ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]තම සැලැස්ම ගැන පසුතැවුනු විශ්ව වෙනත් විකල්පයක් ක්රියාවට නංගා බැලුවේය.. ඔහු තවකෙකුට දුරකථන ඇමතුමක් දී යමක් කීවේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අයියා කාටද ඒ කතා කලේ..?"[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]චේතිය ඇසුවේ ඔහු කිසිවක් නොකී නිසාය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අපේ හොස්ටල් එකේ එකෙක්ට.. ඌ ගානට අශේන්ව තව ටිකකින් එළියට ගනියි.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"ඒ කිව්වෙ..?"[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අශේන්ගෙ කැම්පස් කෙල්ල අශේන්ට හොස්ට්ල් එකේ ට්රයිටෙල් බොක්ස්එකෙන් කෝල් කරනවලු.. අපේ යාලුවෙක් ඒ ගර්ල් විදියට අශේන්ට කෝල් කරලා මිනිහව එළියට ගනියි.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]චේතියට මේ මොහොතේ අවැසි වූයේ හරස් ප්රශ්න ඇසීමට නොව කෙසේ හෝ අශේන්ව වලව්වෙන් පිටතට ගෙන්වා ගැනීමටය.. ඉන්පසු රංගට කල හානියේ වාඩුව ගත් පසු එම සිදුවීම මුලුමනින්ම අමතක කල හැකි බව ඔහුට සිතුනි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]තවත් පැය කාලක් පමණ ගතවූ පසු වලව්ව ළග රදවා තිබූ මිතුරන් දෙදෙනාගෙන් විශ්වට ඇමතුමක් ලැබුණි.. ඉන් කියවුණේ අශේන් බයිසිකලයේ නැගී වලව්වෙන් පිටතට ආ බවය.. එම ඇමතුම අශේන් එනතුරා බලා ඉන්නා වෑන් රියේ පිරිසටද ලැබී ඇති බව විශ්ව කීවේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"එහෙනං මල්ලි ඔයා රත්නෙ අයියට කොල් එකක් දෙන්න.. මිනිහට කියන්න පුළුවන් තරම් ෂේප් එකේ උන් තුන්දෙනාව එළියට ගන්න කියලා.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]හිස පමණක් සලා එය අනුමත කල චේතිය රත්නේට පමණක් නොව ලයන් ක්ලබ් එක ළගට වී බලා උන් කලනට හා විශ්වගේ මිතුරාටද පණිවුඩය ලබා දුන්නේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"වැඩේ හරි අයියෙ.. රත්නෙ අයියා කට්ටිය අරන් පිටත් උන ගමන් කෝල් කරයි.. අයියගෙ පැත්තෙන් අවුලක් වෙන එකක් නෑනෙ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඇමතුම අවසානයේ දුරකථනය තම සාක්කුවේ දමාගත් චේතිය විශ්වගෙන් විමසිය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"බයවෙන්න දෙයක් නෑ මල්ලි.. මෙලහකටත් අශේන්ට සබ්බුව හම්බවෙනවා ඇති.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]සැනෙකින් චේතියගේ සිතට අමුතුම හැගීමක් ඇතුළු විය.. ඔහුට අහේතුකවම වලව්වේ ළමාතැනීගේ රුව මැවී පෙනෙන්නට විය.. ඈ තම පුතුට කරදරයක් නොකරන්නැයි වැනි ආයාචනයක් කරනා අයුරු චේතියට දිස් විය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"විශ්ව අයියෙ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]චේතිය විශ්වගේ අත දැඩිව අල්ලා ගනිද්දී විශ්ව පුදුම වී බැලුවේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"ඇයි මල්ලි අවුලක්ද..?"[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අශේන්ට ලොකු ඩැමේජ් එකක් කරන්න එපා අයියෙ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඔහුගේ කටහඩ පවා තරමක් ගොරහැඩි වී තිබිණි.. විශ්ව චේතියගේ මේ ක්ෂණික වෙනස්වීම ගැන මවිත වී උන්නේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මල්ලිමනේ මුලින්ම කිව්වෙ අශේන්ටත් එක්ක රිටන් එක දෙන්න ඕන කියලා.. ඉතින් දැන් ඇයි අප්සට් වෙලා.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"ප්ලීස්.. මං කියන එක අහන්න.. එයාලව නවත්ත ගන්න.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]දෑස විසල් කර චේතියගේ මුහුණ බලා උන් විශ්ව පසුව තම මිතුරන්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.. ඒ වන විටත් අශේන්ට ඔවුන්ගෙන් හොද හැටි ගුටි සංග්රහයක් ලැබී තිබිණි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මල්ලී.. දැන් ආපහු අරුන් ටිකටත් ගහන්න එපා කියලා නම් කියන්න එපා.. අපේ කොල්ලො ටික මට හිනාවෙයි.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]විශ්ව චේතියට කලේ උපහාසයක් උවද එහි තරමක් දැඩි බවක් ගැබ්ව තිබිණි.. නමුත් විශ්ව අදහස් කල හැගීමක් චේතියගේ සිතේ තිබුණේ නැත.. ඔහුටද අවැසි වී තිබුණේ හිතේ හැටියට ඇගේ පතේ හිරි ඇර ගැනීමටය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"උන්ගෙනම් අතපය කැඩුවත් මට අවුලක් නෑ.. ඒත් අශේන් ඩිරෙක්ට් මේකට සම්බන්ධ නෑනෙ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]තමාට ක්ෂණිකව ළමාතැනී සිහි වූ වග.. තම සිතට කුමක්දෝ ගුප්ත හැගීමක් දැනුණ වග විශ්වට නොකී චේතිය වෙනකක් කියා එය මග හැරියාය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඔවුන් කතාබහ කරන අතරතුර රත්නේ තම පියවර ක්රියාවට නංවා තිබිණි.. ඔහු බය සැකකින් තොරව ලයන්ස් ක්ලබ් එකට ගොස් අදාල පුද්ගලයන් තිදෙනාව එළියට කැදවාගෙන ආවේය.. ඒ වන විට ඔවුන් හොද හැටි මතින් උන් නිසා රත්නේට සිය කාර්ය්ය තරමක් පහසු විණි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අශේන්ට මොකක් වෙලා කියලද උඹ කිව්වෙ..?"[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]අසීරුවෙන් වදන් ගලපා ගත් එකෙක් රත්නේගෙන් නැවත විමසුවේ ඔහු ක්ලබ් එක තුලදී කල විස්තරය අමතකව තිබූ නිසාය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"පුංචි හාමු විස්තරයක් නම් කිව්වෙ නෑ.. මහත්තයලා තුන්දෙනාව ඉක්මනට අරගෙන එන්න කියලා තමයි කිව්වෙ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]බොහෝ බය පක්ෂපාතී මුහුණක් මවාගත් ඔහු කියද්දී මිතුරන් තිදෙනා අශේන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීමට වෙහෙසුනහ..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මූ ෆෝන් එක ගන්නෙ නෑනේ බං.. කෝකටත් වලව්වට අරන් බලමු.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]තිදෙනා වෙරිමතින් දොඩවන අයුරු මොහොතක් රත්නේ බලා උන්නේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"ඌ වලව්වෙ නෑලු බං.. ටිකකට කලින් එළියට ගියාලු.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ගල් කන්ද වලව්වට ඇමතුමක් ගත් කෙනා අනෙක් දෙදෙනා දෙස බැලුවේ ප්රශ්නාර්ථයක් රැදි දෑසිනි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"පණිවිඩේට තැන්ක් යූ වෙන්න ඕනෙ.. උඹ පලයං මචං.. අපි ආවෙ බයික් වල.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඔවුන් රත්නේව පිටත් කිරීමට උත්සාහ කලද ඔහු තවමත් රැදී උන්නේ ඔවුන්ගේ බයිසිකලයට අත්වී ඇති ඉරණම නිසාය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මහත්තයලා බයික් අරන් එන්න.. මං එතනට යන පාර පෙන්නන්නං.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]රත්නේ ගරුසරුව කියද්දී දෙදෙනෙක් රථගාල දෙසට පිය මැනිය.. අනිකා රත්නේ අසල නතරව උන්නේ ඔවුන් පැමිණි පසු බයිසිකලයක නැගී යාමේ අරමුණිනි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මහත්තයලා මෙහෙ පාරවල් දන්නෙ නැතුව ඇති මයෙ හිතේ.. ඒකනේ පුංචි හාමු මහත්තයලා මට එක්කගෙන එන්න කිව්වෙ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]තමා ළග ඉතිරි වූ එකාගෙන් යම් හෝඩාවාවක් දැන ගත හැකිදැයි රත්නේ උත්සාහ කර බැලීය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"නෑ අයිසෙ.. අපි කොළඹ.. අශේනයා ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ අපි එක්කම තමයි.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"එහෙනං මහත්තයලා නිවාඩුවකට ඇවිත් වෙන්ටැති.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"නිවාඩුවකට තමයි.. අශේන් එන්න කිව්වා.. අපි ආවා.. ඒත් මල්ලි ඌට කරදර කරන එක හරිනෑනෙ.. ඒ නිසා අපි හොටෙල් එකක නතර උනා.. බිල ගෙවන්නෙ තමුසෙලගෙ පුංචි හාමු.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]වෙරිමතින් හතර අතට වැනෙමින් උන් ඔහු නානාප්රකාර ඇමතුම් වලින් රත්නේ අමතමින් උන්නේය.. ඔහු තම ගැටයට හසු වූ බව දැනගත් රත්නේද අනික් දෙදෙනා පැමිණෙන තෙක් ඔහුගෙන් බොහෝදෑ දැනගත්තේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"පොඩි අවුලක් වෙලා බං.. අපි දැනට මේකෙ යං.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]රත්නේ හා කතාකරමින් උන් කෙනා වෙත පැමිණි සගයන් දෙදෙනා ඔහුට වැඩි විස්තරයක් නොකියාම ත්රීවිලයට නැගුණේය..;[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"ඇයි මචං.. මොකක්ද අවුල..?"[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]රත්නෙ ත්රීවිලයට නැග ගත්තද ඔහු කතා කල කෙනා තවම පාරෙය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"බයික් එකේ පැච් එකක් මචං.. අපි එන ගමන් ඒක හදාගමු.. ඉස්සෙල්ලා ගිහින් බලමු අශේන්ට මොනවා වෙලාද කියලා.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඔහු ත්රීවිලයට නැගුන සැනින් කලන චේතියට ඇමතුමක් දී ඒ බව දැනුම් දුන්නේය.. [/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මෙතන තමයි තැන.. දැන් පුංචි හාමු වෑන් එකකින් එයි.. මහත්තයලා බහින්න.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]රත්නෙ, විශ්වලා උන් ඉසව්වෙන් ත්රීවිලරය නතර කරද්දී කලන හා අසේලද බයිසිකලයෙන් එතනට ළගාවිය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ත්රී විලරයේ උන් තිදෙනාගෙන් එකෙක් පමණක් බිමට බැස බැලුවේ තරමක් සැකයෙනි.. නමුත් ඔවුන් අසලට පැමිණි වෑන් රිය දුටු ඔහුගේ සැකය පහ විය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]වෑන් එක ආවා.. අශේන් වෙන්න ඇති.. බැහැලා වරෙන්..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]තිදෙනාව ත්රීවිලරයෙන් බැස වෑන් රථය වෙත ළගා වද්දීම ඉන් දොර හැර පැමිණි පිරිස ඔවුන්ව වටකර ගත්තේය.. කිසිවෙකුට කිසිවක් සිතන්නට ඉඩ නොතබාම හතර අතින් පහර එල්ල වෙද්දී එකා දෙන්නා කෑගසා බිමට ඇද වැටුණි.. කැම්පස් මිතුරන් සමග කලනද සබයට බැස තිබුණත් වැඩිපුරම අතපය ක්රියාත්මක වූයේ චේතියගේය.. ඔහු උඩ පැන හතර අතට එල්ල කරන ප්රහාරයන් දෙස විශ්වගේ මිතුරන් පවා මවිත වී බලා උන්නාය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"උඹලගෙ කොළඹ පාට් කොළඹ ත්රීවිල් පාක් වලට දාගනිං.. මේ කුරුණැගල අපේ ටවුම හරිද.. මේකෙ ඉන්න උන්ට ආයෙත් පාට් දාන්න ආවොත් යවන්නෙ යටියන්තොට.. අන්න ඒක දැනගනිං.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]ඒ සද්දය දැම්මේ වෙනකෙකු නොව රත්නේය.. තිදෙනාට දින ගණනක් රෝහල් ගතවීමට වැඩ සිද්ධ වූ පසු එහි නම්බුව තමන්ගේ ත්රීවිල් පාක් ගිණුමට දමා ගැනීමට ඔහුට අවැසි වී තිබිණි.. නමුත් විශ්ව දෙතොලට ඇගිල්ලක් තබා නිහඩ වන ලෙස රත්නේට සන් කලේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]රංගගේ තුවාල සහිත රුව සිහිපත් වූ චේතිය බිම ඇද වැටී උන් ඔවුනට තවත් ප්රහාර කිහිපයක් එල්ල කලේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"ඔය ඇති මල්ලි.. තව ගැහුවොත් ඕකුන් මැරෙයි.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]විශ්ව චේතියව පසෙකට කර ගත්තේ ඒ වනවිටත් ඔවුන්ගේ අතපය කැඩී ඇති බව වැටහුණු බැවිණි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මචං සයිරන් එකක් ඇහෙනවා.. පොලීසියෙන්ද කොහෙද.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]විශ්වගේ මිතුරෙකුගේ කෑ ගැසීමට සැමදෙනාම කලබල විය.. සැබැවින්ම ඈත පැමිණෙමින් තිබුණේ පොලිස් නිල රථයකි.. ඒ දුටු සැවොම සිද්ධිය වූ ස්ථානයට ළගා වීමට පෙර එතනින් පැන ගත්හ.. චේතිය හා විශ්වට වෑන් රියට නැග ගැනීමට තරම් වෙලාවක් නොවූ නිසා ඔවුන් දෙදෙනා නැග ගත්තේ රත්නේගේ ත්රීරෝද රථයටය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"දැන් අපි ටික ආපහු සෙට් වෙන එක ඩේන්ජරස් මල්ලි.. මං කියන්නම්.. කෝල් එකක් දීලා කලනව මේකට ගන්න.. මං අසේලයගෙ බයික් එකට නගින්නං.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"එතකොට අයියලා කොහෙටද යන්නෙ..?"[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]චේතිය විමසුවේ ත්රීවිලරය අරමුණක් නැතුව ඉදිරියට ඇදී යද්දීය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"අපි මෙහෙම්ම හොස්ටල් එකට යන්නං මල්ලි.. ඔයාලා රත්නෙ අයියා එක්ක ගෙදර යන්න.. අපි හෙට බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]එයට එකග වූ චේතිය විශ්ව කීවා සේම කලනව ත්රීවිලරයට නංවා ගත්තේය.. අසේලගේ බයිසිකලය හා අනෙක් වෑන් රථය පිරිස දමාගෙන නුවර බලා පිටත්විය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"මල්ලි.. ඒ සර් නං රියල් මීටරයක්.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]විශ්ව පිටව ගිය පසු රත්නේ ඔහු ගැන වර්ණනා කරන්නට පටන් ගත්තේය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"ඉස්සර වෙලා චේතියව බස්සලා එමු රත්නෙ අයියෙ.. අපේ ගෙදරින් එච්චර අවුලක් නෑ.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]කලනට අවැසි වී තිබුණේ චේතියගේ මව හා නැගණිය තනිවම හිදිනා නිසා හැකි ඉක්මනින් ඔහුව නිවසට ඇරලීමටය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"එහෙනං රත්නෙ අයියෙ.. මේ ගැන දැන්ම කාටවත් කියන්න එපා.. දැක්කනේ.. මේක පොලීසියට ලීක් උන එකේ අපි පරිස්සම් වෙන්න ඕන.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]නිවස ළගින් ත්රීවිලයෙන් බැසගත් චේතිය රත්නේට පූර්ව දැනුම් දීමක් කර මිතුරාට සමුදීමට සැරසුණාය..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]"චේති.. රංගයට කියන්න එපා මචං.. පස්සෙ එන විදියක් බලමු.."[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B][COLOR=#783f04]සිය මෙහෙයුම අවසන් කල දෙමිතුරෝ සමුගත්තේ එසේ කියමිනි..[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif"][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom