Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චේතිය හා කලන කතා බහ කර පසු දින පාසල් යාමෙන් වැළකී උන්හ.. දෙමිතුරෝ රංගගේ සුවදුක් බැලීමටද නොගියේ මේ දිනවල තරමක් ප්‍රවේශම් වීම කාට කාටත් හොද බව වැටහුණ හන්දාය.. එදින සුපුරුදු ලෙස මිහිරාවිය පාසලට ඇරලූ ගුණවතී ගල්කන්ද වලව්ව බලා පිය නැගිය..

"උඹට ආරංචිද ගුණවතියෙ වෙච්ච දේ..?"

ගුණවතී වලව්වෙ මැද මිදුලට පා තබද්දීම ඉදිරියට දිව ආ හේතුහාමි ඇගෙන් විමසුවාය..

"මොකක්ද හේතු හාමි අයියෙ..? මං නං කිසිදෙයක් දන්නෙ නෑ.."

"ඊයෙ රෑ කවුදෝ කට්ටියක් පුංචි හාමුට හොදටෝම තඩිබාලා.. ඕං දැන් ඉස්පිරිතාලෙ.."

ඒ ඇසූ ගුණවතී ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි.. ඊයේ රාත්‍රියේ චේතිය ගිය ගමන ගැනද ඇගේ සිතේ සැකයක් ඉපිද තිබිණ..

"පුංචි හාමුට තඩිබාන්න තරම් හයිය කාරයො ඉන්නවයි මේ වැයික්කියෙ..?"

තම සැකය සිත තුළම සගවාගත් ගුණවතී කරුණු කාරනා හරි හැටි දැන ගැනීමට උත්සාහ ගත්තාය..

"මෙහෙ උදවිය නෙමෙයිලු ගහලා තියෙන්නෙ.. නුවරින් ආපු කට්ටියක්ලු.. විස්ස විජ්ජාලෙ උන් ටිකක්ද කොහෙද කියලයි කියන්නෙ.."

"ඒ අහවල් එකටද හේතුහාමි අයියෙ..?"

"ඕං ඔය විස්ස විජ්ජාලෙ ගැටිස්සියෙකුගෙ පලහිලව්වක් කියන්නෙ..";

ගුණවතී තරමක් සැනසුම් සුසුමක් හෙලුවේ චේතියගේ ගමන ගැන වූ සැකය මදකට අමතක කරමිනි..

"ඒ විතරක් නං මැදෑ.. තවත් ගුටි කෙලියක් ගිහින් තියෙනවා හංදිය පැත්තෙ.."

ඇතුගල හාමුට ලැබුණු දුරකථන ඇමුතුම් වලින් අහුලාගත් කරුණු කාරණාද හේතුහාමි ගුණවතී ඉදිරියේ දිග හැරියේය..

"ඒ කාටද ගහලා තියෙන්නෙ..?"

"අර අපේ පුංචි හාමුගෙ වසවර්ති යාළුවො ටිකටලු.. ඒකෙ විස්තරයක්නම් මං හරිහැටි දන්නෙ නෑ බං.. ඒක නෙමේ කෝ උඹේ පුංචි එකී ඉස්කෝලෙ ගියයි..?"

"ඔව් මං ඉස්කෝලෙට දාලා ආවෙ.. ඒකි කරන කියන දේවල් ගැන හිතනකොට වෙලාවකට බයත් හිතෙනවා.."

ඈ එය කීවේ දිගු සුසුමක්ද සමගිනි.. මිහිරාවි පුංචි සන්දියේ ඇතුගල හාමුගේ මුහුණට කෙල ගැසූ සිද්ධියත් අශේන්ගෙ උපන්දිනයදා ඔහුගේ මුහුණ සිපගත් සිද්ධියත් හේතුහාමි දැන උන් හන්දා ගුණවතී තම සිතැගි ඔහුගෙන් වසන් කිරීමට උත්සාහ ගත්තේ නැත..

"ඔය දැරිවි ඇරපු අතක් නෑ අපේ ළමාතැනීගෙ කපාපු පළුව.. මගේ හිතටත් වෙලාවකට මහ විකාර හිතෙනවා බං.. ඒකිගෙයි අපේ ළමාතැනීගෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලත් මට වෙලාවකට හිතෙනවා.."

තම සිතට දැනෙනා හැගීම් හේතු හාමි ඒ ආකාරයෙන්ම පිට කරද්දී ගුණවතීගේ මුහුණ රත්පැහැ ගැන්විණි..

"ඒකිගෙයි ළමාතැනීගෙයි අහවල් සම්බන්ධයක්ද.. ළමැතැනී මියැදුනා.. ඒකි මගේ දරුවා.. හේතුහාමි අයියත් දොඩවන්නෙ හරියට කරුණු කාරණා දන්නෑ වගේනෙ.."

"උඹට ඔය හැටි ගිරිය පුප්පන්න දෙයක් මං කිව්වෙ නෑ.. මං කීවෙ මට හිතුන දේ.."

ගුණවතීට තරහා නැගුණු බව වැටහුණු හේතුහාමි ඇයව අස්වසන්නට උත්සාහ කළේය.. ඔහු නොදැන උන්නාට ගුණවතීට තරහා නැගුණේ හේතුහාමි කී දෙයට නොව චේතියලාගේ.. නතාලිලාගේ කතාබහෙන් කියවුන පුනරුත්පත්ති කතාව සිහිපත් වූ නිසාය.. එය මේ මොහොතේ හේතු හාමි දැනගන්නවාට ගුණවතීගේ සිතේ මනාපයක් වූයේ නැත..

"හරි.. හරි.. අපි දැන් ඔය කතාව නතර කරමු.. උඹට පුළුවන්නං හොද සුප් එකක් හදලා තියහං.. දවල්ට පුංචි හාමු බලන්න යද්දි ගෙනිහිං දෙන්ට.."

"කෝ දැන් ලොකු හාමු..?"

තමා අහේතුකව හේතු හාමි සමග තරහ ගත් බව වැටහුණ ගුණවතී සන්සුන්ව විමසා සිටියහ..

"උන්දැත් ඔය පාන්දරම ඉස්පිරිතාලෙ ගියේ.."

"පුංචි හාමුට ගොඩක් අමාරුද..?"

"මං තාම බලන්න ගියේ නෑ ගුණවතියෙ.. ආරංචියෙ හැටියට නං ගොඩක් තුවාලයිලු.."

ඔහුගේ කතාවට ගුණවතී අත නිකටේ තබාගත්තේ "අනේ අපොයි" කියමිනි..

"ඒ කොයි හැටි වෙතත් අර වසවර්ති රැලට නං ගහපු එවුන්ට මසුරන් දෙන්න වටිනවා.. උන් වැඩිහිටියන්ට ගරුසරු ඇතුව කතා කරන්නවත් දන්නෙ නෑ නොවැ.. නිතරම ඉන්නෙ දහ ජරාව කටේ ගාගෙන..

හේතුහාමිගෙ කතාව ගුණවතීද අනුමත කලේ එම පිරිස හේතුහාමිට කීපවරක්ම නාකියා ලෙස අමතනු ඇයට ඇසී තිබුණ බැවිනි..

"දැන් ඉස්සර වගේ පව් පලදෙන්න පමා වෙන්නෙ නෑ හේතුහාමි අයියෙ.. මේ ආත්මෙ කරන ඒවා මේ ආත්මෙම පල දෙනවා.."

එසේ කියූ ගුණවතී සේදූ වළං පිගන් සියල්ල වතුර බේරීමට රාක්කයේ තැන්පත් කළහ.. හේතුහාමිද නැගිට ඉදිරිපසට ගියේ ලොකු හාමුද වලව්වේ නැති නිසා වත්ත පිටිය බලා කියා ගැනීමේ අදහසිනි..

දවසම නිවසට වී පාඩම් කර චේතිය සවස් වරුවේ ජංගම දුරකථනය රැගෙන මිදුලේ පොල් කොටයේ හිදගත්තේය.. නතාලිට, විශ්ව අයියාට, රංගට, කලනට, ආදී සියල්ලන්ටම ඇමතීමේ අවශ්‍යතාවය තිබුණද ඔහු මුලින්ම ඇමතුම ගත්තේ සම්මානිටය..

"චේතිය.. දන්නවද වැඩක්.. ඊයෙ රෑ ටවුන් එකේ ලොකු රණ්ඩුවක් ගිහින්ලු.."

චේතිය ඇයට කිසිවක් නොකියා හිදීමට තීරණය කළද ඇමතුම ගත් සැනින් සම්මානී එසේ කීවාය..

"මොකක් ගැනද සම්මානි ඔය කියන්නෙ..?"

"ඔයාට මතකද අර දවසක් අපිට ක්ලාස් එක ළගදි විහිළු කරපු කොල්ලො ටික.. අන්න එයාලට ඊයෙ අතපය කැඩෙන්නම ගහලලු.."

චේතිය පුදුම වූයේ මේ තරම් ඉක්මනට එම ආරංචිය ඇයට ලැබුණේ කෙසේදැයි සිතමිනි.. අශේන් රෝහල් ගතව ඇති සිද්ධියද ඈ කියනා තෙක් නොපවසන්නට ඔහු තීරණය කළේය..

"කවුද ගහලා තියෙන්නෙ..?"

"ආරංචියෙ හැටියට නම් හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ අයලු ගහලා තියෙන්නෙ.."

ඇගේ කතාවට චේතිගේ යටි සිතින් සිනා නැගුණි.. ඔවුන් දෙවනි වරටද ගුටි කෑවේ තමන්ගෙන් බව කීමට සිතුණ මුත් චේතිය එය ගිල ගත්තේය..

"කවුද ඔයාට කිව්වෙ..?"

"අපේ සිරිල් මාමා.. එයාට කියලා තියෙන්නෙ තාත්ති.."

ඈ සිරිල් මාමා ලෙස හැදින්වූයේ නිවසේ ඩ්‍රයිවර් බව චේතියට මතක තිබිණි..

"තාත්තිට උදේ පොලීසියෙ යාලුවෙක් කතා කරලා විස්තරේ කිව්වලු.. ඔයා දන්නවද චේතිය ඒ තුන්දෙනා මෙච්චර කල් පොලීසියෙන් කට්ටි පැන පැන හිටපු තුන්දෙනෙක්ලු.. එයාලා කොලඹ මසාජ් ක්ලීනික් එකකුයි ඩ්‍රග්ස් බිස්නසුයි කරලා තියෙනවා.."

"නෑ.."

චේතියගේ මුව විස්මයෙන් විවර වූයේ සම්මානි කියනා තෙක් තමා මෙවැන්නක් නොදැන උන් නිසාය..

"තාත්තිගෙ ඒ යාළුවා කියලා තියෙන්නෙ එයාලව ඒ වෙලාවෙම ඇරෙස්ට් කලා කියලයි.. දැන් පොලිස් ගාඩ් එකදාලා ඉස්පිරිතාලෙලු.."

සම්මානිගේ වචනයක් වචනයක් පාසා චේතියට නැගුනේ සතුටකි.. මෙම ආරංචිය කලනට හා විශ්වට පවසන තෙක් ඔහු නොසන්සුන් වී උන්නේය..

"වෙන මොනවද බබා තාත්තිට එයාලා කියලා තියෙන්නෙ.."

චේතිය ඇසූවට පිළිතුරු නොදුන් සම්මානි තරමක් හඩ නගා සිනාසෙන අයුරු ඔහුට ඇසුණි.. මේ වෙලාවේ ඇයට සිනාසීමට තරම් වූ කාරණය කුමක්දැයි නොවැටහුණු චේතියට දැනුණේ කුතුහලයකි..

"ඒ මිනිස්සු ගුටි කාපු එකට ඔයා ඔය තරම් සතුටු වෙයි කියලා මට හිතුනෙ නෑ චේතිය.."

"ඇයි එහෙම කියන්නෙ..?"

"නෑ ඉතිං.. කවදාවත් නැතුව ඔයා මට බබා කියල කතා කලානේ.. ඒකයි.."

චේතියට දැනුණේ පොළව පලාගෙන යන තරමේ ලැජ්ජාවකි.. නමුත් සම්මානිගෙ සිතේ නම් සතුටක් ජනිත විය..

"සොරි සම්මානි.. මං හිතලා කිව්වෙ නෑ.. මට කියවුනා.."

"ඒකට කමක් නෑ.. මට බබා කියනවට මං කැමතියි.."

ඇය හුරතල් ලෙස කතා කරද්දී මෙතෙක් ඔවුන් කතා කරගෙන ආ මාතෘකාව පවා අමතකව ගියේය..

"අශේන්ටත් ඊයෙ හොද වැඩක් වෙලා.. එයා කෙල්ලෙක්ගෙ ප්‍රශ්නෙකට කොල්ලො කට්ටියකගෙන් ගුටි කාලා.. එයත් ඉන්නෙ යාලුවො ඉන්නෙ ඉස්පිරිතාලෙමලු.."

සම්මානි එය කීවේ සතුටිනි..

"අරුන් තුන්දෙනා ගුටි කාපු එකට මං සතුටුයි වගේම අශේන් ගුටිකාපු එකට ඔයා සතුටුයි වගේ නේද..?"

"සතුටු නැද්ද.. ඔය සිද්ධිය නිසා අන්න අපේ තාත්තගෙ ඇස් කන් ඇරිලා.. මේ වගේ ජරා යාළුවො ආශ්‍රය කරන.. මේ විදියට හතර අතේ කෙල්ලො එක්ක යාළු වෙලා ප්‍රශ්න දාගන්න කෙනෙක්ට මගේ දුව දෙනවද කියලා මං ආපහු කල්පනා කරලා බලන්න ඕන කියලා තාත්ති සිරිල් මාමට කිව්වලු.."

චේතියට සම්මානිගෙන් දිගින් දිගටම අසනන්ට ලැබුනේ සිත සතුටු කරන කාරණාමය.. සම්මානිව ඉක්මනින්ම අශේන්ට අයිත් වේ යැයි සිතා උන්නද එය එසේ නොවන බව දැනුණ ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය..

"ඔය සිද්ධි ඔයාට මුකුත්ම ආරංචි උනේ නැද්ද චේතිය..?"

සියල්ල ඔහු ඉදිරියේ වැමෑරු සම්මානි අවසානයේ චේතියගෙන් විමසුවේය..

අශේන් ගුටි කාලා කියලා නං අපේ අම්මට ආරංචි වෙලා තිබුණා.. ඒත් ඔය පොලීසියෙ කේස් ගැන නම් මං දන්නෙ නෑ..

ඔහු සිය මව ගැන සදහන් කලේ සම්මානි විමසුවෝතින් ඇයට තම මව ගල්කන්ද වලව්වේ මෙහෙකාරකම් කරනා බව සෘජුව පැවසීමේ අදහසිනි.. සම්මානි මෙතරම් විවෘත වී හිදියදී තමා වංකව කතා කිරීම ඔහුට ඉවසුම් දුන්නේ නැත.. නමුත් ඔහු බලාපොරොත්තු වූ පරිදි සම්මානි ඔහුගේ මව ගැන දිගින් දිගටම විමසුවේ නැත..

"ඔයාට දෙයක් කියන්න තියෙනවා සම්මානි.. මට තවත් ඔයාට බොරු කාරයෙක් වෙන්න බෑ.."

ඈ කිසිවක් නොකීව නිසා චේතිය කතාවට මුල පිරුවේය..

"අපි ඒ දේවල් පස්සෙ දවසක කතා කරමු.."

ඇගේ පිළිතුරෙන් චේතිය පුදුමයට පත්විය.. ඇය වෙනදාට නම් මෙසේ හැසිරෙන්නේ නැත..

"ප්ලීස්.. මං මේ කියන ටික විතරක් අහන්න.. ඊට පස්සෙ තීරණය කරන්න මාව ආශ්‍රය කරනවද නැද්ද කියලා.."

සම්මානි එහා ඉමෙන් නැගූ සුසුමේ හඩ චේතියගේ සිතේ ගැඹුරටම දැනුණාය..

"මං ඔයා වගේ සල්ලි කාරයෙක් නෙමෙයි සම්මානි.. මං එදා වේල අමාරුවෙන් හොයාගන්න පවුලක දුප්පත් කොල්ලෙක්.. කොටින්ම.. මං.. මං.."

"කියන්න චේතිය.."

ඉතිරිය ගලපාගත නොහැකිව ඔහු ලතැවෙද්දී සම්මානි ඔහුව දිරිමත් කළාය.. නමුත් මොහොතක් යනතෙක් චේතිය ගොළුව උන්නේ මෙයට ඇසූ සැනින් ඈ ඇමතුම විසන්ධි කරාවි යන සැකයෙනි.. බලා හිද බැරිම තැන ඈ නැවත කීවේ චේතිය කිසිසේත්ම අපේක්ෂා නොකල දෙයකි..

"ඔයා ඔය කියන්න හදන්නෙ ඔයා ගල්කන්ද වලව්වෙ වැඩ කරන ගුණවතීගෙ පුතා කියන එක නම් ඒක මට එච්චර වැදගත් දෙයක් නෙමෙයි.."

"සම්මානි.. එතකොට ඔයා..?"

"ඔව් චේතිය.. ඒ හැමදෙයක්ම මං දන්නවා.. ඔයා ගෙදර අඩුපාඩු පිරිමහන්න අම්මට හොරෙන් කුලී වැඩ කරනවා කියලත් මං දන්නවා.. ඒ කිසි දෙයක් අපි දෙන්නගෙ යාලු කමට ප්‍රශ්නයක් නෙමෙයි චේතිය.. මං ඒ තරම් පටු විදියට හිතන කෙල්ලෙකුත් නෙමෙයි.."

ඈ කීවේ ඔහුගේ සිත අස්වසමිනි.. නමුත් ඇගේ කතාවට චේතිය අන්ද මන්ද වී උන්නේය..

"ඔයා මේ දේවල් දැනගත්තෙ කොහොමද සම්මානි..?"

ගැඹුරු හුස්මක් පිටකල සම්මානි දිගු කතාවකට මුල පිරුවාය..

"ඔයා පංතියෙදි නිතරම මං දිහා බලන් ඉන්නවා කියලා දැනුණම.. ඔයා මං ගැන උනන්දුයි කියලා දැනුණම.. මං ඔයා ගැන විස්තර දැනගන්න උත්සාහ කලා.. මොකද ගොඩක් අය මං ගැන උනන්දු වෙන්නෙ මට තියෙන කැමැත්තට නෙමෙයි.. අපේ තාත්තගෙ සල්ලි වලට තියෙන කැමැත්තට.."

"ඔයා හිතුවෙ මමත් ඒ වගේ කෙනෙක් කියලද..?"

ඈ කතාව කියනා තෙක් ඉවසිය නොහැකි වූ චේතිය හරස් ප්‍රශ්නයක් නැගිය..

"ඒක තමයි මටත් මුලදි දැනගන්න ඕන කලේ.. මං සිරිල් මාමට කියලා ඔයා ගැන විස්තර හෙව්වා.. එයා තමයි ඔය හැම දෙයක්ම මට කිව්වෙ.. එයා තව කිව්වා ඔයා කොච්චර දුප්පත් උනත් ගොඩක් ගුණ යහපත් කෙනෙක් කියලා.. ඊට පස්සෙ තමයි ඔයාව යාළුවෙක් විදියට පිළිගන්න මං තීරණේ කලේ.. මං දවසක් සිරිල් මාමට කියලා හන්දියෙ බස් ස්ටෑන්ඩ් එකෙන් බස්ස ගත්තෙත් ඔයා එක්ක කතා කරන්න හිතාගෙනමයි.. මතකද.. එදානෙ ඔයා මටත් ඔරවගෙවන ගිහිල්ලා අන්තිමට අර කොල්ලො තුන්දෙනාට හොදටම ගැහුවෙ.."

ඈ යටගියාව සිහිපත් කරද්දී චේතියගෙ මුවේ සිනාවක් ඇදුනේය..

"මට තේරුණා ඔයා මට කොයි තරම් කැමති උනත් අපේ තාත්තගෙ සල්ලි නිසා ඔයාගෙ දුප්පත්කම නිසා මට ළං වෙන්න බයෙන් ඉන්න විත්තිය.. ඒ නිසා තමයි මං දවසක් මගේ යාළුවගෙ අතේ ඔයාට මගේ ෆෝන් නම්බර් එක එව්වෙ.."

ඈ තමාට ළං වූයේ තමාගෙ පවුලේ තත්වය හරිහැටි දැනගෙන බව ඇගේ මුවින්ම දැනගත් පසු චේතියගේ සිතේ මෙතෙක් පැවති අහේතුක බිය පහව ගියේය.. ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ ඒ නිසාවෙනි..

"ඔය ටික කියාගන්න බැරුව මං මොන තරම් හිතෙන් විදෙව්වද කියලා ඔයා දන්නෑ සම්මානි.. දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ.."

"ආයිත් ඔය වගේ තැන් තැන් වල කුලී වැඩ කරන්න යන්න එපා චේතිය.. ඔයාට සල්ලි ඕනෙ නම් මං දෙන්නම්.. මගෙන් ගන්න එක මදිකමක් කියලා හිතන්න එපා.. අපි දෙන්නා දැන් හොද යාළුවොනෙ.."

"මං ළගදි ඒ වගේ කුලී වැඩ වලට ගියේ නෑ බබා.. කොටින්ම මට ඒකට වෙලාවක් තිබුණෙ නෑ.."

තමා බබා ලෙස අමතනවාට කැමතියැයි සම්මානි විසින්ම පැවසූ නිසා ඔහු එසේ ආමන්ත්‍රණය කළේය..

"බොරු කියන්න එපා.. ඔයා ළගදිත් දවසක කඩේක වහලෙ ගහන වැඩකට අත් උදව් දෙන්න ගිහින් තියෙනවා.. එදා ඔයා උදේ ඉදලම වැඩ කරලා හවස රුපියල් පන්සීයක් අරගෙන ගෙදර ගියාලු.."

සම්මානි දිගින් දිගටම ඔහුව පුදුම කරමින් උන්නාය.. නමුත් ඈ කීවේ මෑතක සිදුවීමක් නොව.. මීට මාස තුනකට පමණ පෙර වූවක්ය..

"ඔයාට දිවැස් තියෙනවද සම්මානි.. ඔයා කොහොමද මේවා දන්නෙ..?"

"දිවැස් නෙමෙයි.. ඔයා එදා ඒ ගිහින් තියෙන්නෙ මගේ හොදම යාළුවා.. නිරාශාගෙ අලුත් කඩේට.. එයා හවස අම්මා එක්ක කට්ටියට තේ අරගෙන එනකොට ඔයා පලංචියක් උඩ නැගලා දාඩිය පෙරාගෙන වැඩලු.. ඔයා එයාව දැක්කොත් අදුරගනියි කියලා එයා ඔයා ළගට ඇවිත් නෑ.."

"කවුද නිරාශා කියන්නෙ..?"

ඇගේ සම්පූර්ණ කතාවට සවන් දුන් චේතිය විමසුවේය..

"නිරාශා කියන්නෙ මගේ හොදම යාළුවා.. අර එදා ඔයාට ෆෝන් නම්බර් එක දීලා ගියේ.."

"ආ.. නියුරෝනෙ නේද..?"

චේතිය ක්ෂණිකව කීවේ කලන එදා ඇයට දැමූ නම සිහිපත් වූ නිසාය.. එහි තේරුම කුමක්දැයි සම්මානි ඇසූවට චේතිය කලනගේ උපමාව ඇයට විස්තර කර පැවසුවේය.. ඒ ඇසුනු සම්මානි කිකිණි හඩින් හිනැහුණි..

"දැන් අම්මි එන වෙලාව ළගයි චේතිය.. එහෙනම් මං තියන්නද..?"

ඔහු සමග කතා කරද්දී වෙලාව ගත වන බව නොදැනුන සම්මානි ඔරලෝසුව දෙස බලා බියපත් වුණි..

"තියන්න කලින් මං තව දෙයක් කියන්නද සම්මානි.. හැබැයි මේක නම් ඔයා දන්නවා වෙන්න බෑ.."

ඈ මෙතෙක් තමාව පුදුම කලා සේ ඇයවද පුදුම කිරීමේ ආශාවක් චේතියගේ සිතේ හටගත්තේය..

"එහෙනං ඉක්මනට කියන්නකො බලන්න.."

"ඔයා කිව්වා නේද අර මැරයො තුන් දෙනාට කවුද කට්ටියක් ගහලා කියලා.. අශේන්ටත් කවුද කට්ටියක් ගහලා කියලා.. ඔයා දන්නවද කවුද ඒක කලේ කියලා.. ඒ හැමදේම කලේ මම.. මමයි කලනයි.."

"මොනවා.."

ඈ එය ඇසූ තාලයට එය ඇයට අදහා ගත නොහැකි වූ බව චේතියට වැටහුණි.. ඔහු සිනා නැගුවේ ඒ නිසාය..

"හෝව්.. හෝව්.. හෝව්.. දැන් අම්මා එන්න ළගයි කිව්වා නේද.. එහෙනම් අපි හෙට කතා කරමු.. බුදු සරණයි.. පරිස්සමින් ඉන්න.. සතුටින් ඉන්න.."

ඇයට තවත් කල්පනා කිරීමට කාලය දිය යුතු බව වැටහුණු ඔහු ඇමතුම විසන්ධි කලද ඒ සැනින් නැවත ඈ ඔහු ඇමතිය.. එවරනම් කතාව මුල සිට අගටම පැහැදිලි කිරීමට චේතියට සිදුවුණි..

[QUOTE="crazybuddy, post: 12712522, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-ELfbkOiJC0w/T137PMp2cYI/AAAAAAAABf4/52IVtHvHIIQ/s1600/14.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය හා කලන කතා බහ කර පසු දින පාසල් යාමෙන් වැළකී උන්හ.. දෙමිතුරෝ රංගගේ සුවදුක් බැලීමටද නොගියේ මේ දිනවල තරමක් ප්‍රවේශම් වීම කාට කාටත් හොද බව වැටහුණ හන්දාය.. එදින සුපුරුදු ලෙස මිහිරාවිය පාසලට ඇරලූ ගුණවතී ගල්කන්ද වලව්ව බලා පිය නැගිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹට ආරංචිද ගුණවතියෙ වෙච්ච දේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුණවතී වලව්වෙ මැද මිදුලට පා තබද්දීම ඉදිරියට දිව ආ හේතුහාමි ඇගෙන් විමසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද හේතු හාමි අයියෙ..? මං නං කිසිදෙයක් දන්නෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඊයෙ රෑ කවුදෝ කට්ටියක් පුංචි හාමුට හොදටෝම තඩිබාලා.. ඕං දැන් ඉස්පිරිතාලෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ඇසූ ගුණවතී ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි.. ඊයේ රාත්‍රියේ චේතිය ගිය ගමන ගැනද ඇගේ සිතේ සැකයක් ඉපිද තිබිණ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පුංචි හාමුට තඩිබාන්න තරම් හයිය කාරයො ඉන්නවයි මේ වැයික්කියෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම සැකය සිත තුළම සගවාගත් ගුණවතී කරුණු කාරනා හරි හැටි දැන ගැනීමට උත්සාහ ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මෙහෙ උදවිය නෙමෙයිලු ගහලා තියෙන්නෙ.. නුවරින් ආපු කට්ටියක්ලු.. විස්ස විජ්ජාලෙ උන් ටිකක්ද කොහෙද කියලයි කියන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ අහවල් එකටද හේතුහාමි අයියෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඕං ඔය විස්ස විජ්ජාලෙ ගැටිස්සියෙකුගෙ පලහිලව්වක් කියන්නෙ..";[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුණවතී තරමක් සැනසුම් සුසුමක් හෙලුවේ චේතියගේ ගමන ගැන වූ සැකය මදකට අමතක කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ විතරක් නං මැදෑ.. තවත් ගුටි කෙලියක් ගිහින් තියෙනවා හංදිය පැත්තෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇතුගල හාමුට ලැබුණු දුරකථන ඇමුතුම් වලින් අහුලාගත් කරුණු කාරණාද හේතුහාමි ගුණවතී ඉදිරියේ දිග හැරියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කාටද ගහලා තියෙන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අර අපේ පුංචි හාමුගෙ වසවර්ති යාළුවො ටිකටලු.. ඒකෙ විස්තරයක්නම් මං හරිහැටි දන්නෙ නෑ බං.. ඒක නෙමේ කෝ උඹේ පුංචි එකී ඉස්කෝලෙ ගියයි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් මං ඉස්කෝලෙට දාලා ආවෙ.. ඒකි කරන කියන දේවල් ගැන හිතනකොට වෙලාවකට බයත් හිතෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ එය කීවේ දිගු සුසුමක්ද සමගිනි.. මිහිරාවි පුංචි සන්දියේ ඇතුගල හාමුගේ මුහුණට කෙල ගැසූ සිද්ධියත් අශේන්ගෙ උපන්දිනයදා ඔහුගේ මුහුණ සිපගත් සිද්ධියත් හේතුහාමි දැන උන් හන්දා ගුණවතී තම සිතැගි ඔහුගෙන් වසන් කිරීමට උත්සාහ ගත්තේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය දැරිවි ඇරපු අතක් නෑ අපේ ළමාතැනීගෙ කපාපු පළුව.. මගේ හිතටත් වෙලාවකට මහ විකාර හිතෙනවා බං.. ඒකිගෙයි අපේ ළමාතැනීගෙයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලත් මට වෙලාවකට හිතෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම සිතට දැනෙනා හැගීම් හේතු හාමි ඒ ආකාරයෙන්ම පිට කරද්දී ගුණවතීගේ මුහුණ රත්පැහැ ගැන්විණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒකිගෙයි ළමාතැනීගෙයි අහවල් සම්බන්ධයක්ද.. ළමැතැනී මියැදුනා.. ඒකි මගේ දරුවා.. හේතුහාමි අයියත් දොඩවන්නෙ හරියට කරුණු කාරණා දන්නෑ වගේනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹට ඔය හැටි ගිරිය පුප්පන්න දෙයක් මං කිව්වෙ නෑ.. මං කීවෙ මට හිතුන දේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුණවතීට තරහා නැගුණු බව වැටහුණු හේතුහාමි ඇයව අස්වසන්නට උත්සාහ කළේය.. ඔහු නොදැන උන්නාට ගුණවතීට තරහා නැගුණේ හේතුහාමි කී දෙයට නොව චේතියලාගේ.. නතාලිලාගේ කතාබහෙන් කියවුන පුනරුත්පත්ති කතාව සිහිපත් වූ නිසාය.. එය මේ මොහොතේ හේතු හාමි දැනගන්නවාට ගුණවතීගේ සිතේ මනාපයක් වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. හරි.. අපි දැන් ඔය කතාව නතර කරමු.. උඹට පුළුවන්නං හොද සුප් එකක් හදලා තියහං.. දවල්ට පුංචි හාමු බලන්න යද්දි ගෙනිහිං දෙන්ට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කෝ දැන් ලොකු හාමු..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමා අහේතුකව හේතු හාමි සමග තරහ ගත් බව වැටහුණ ගුණවතී සන්සුන්ව විමසා සිටියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උන්දැත් ඔය පාන්දරම ඉස්පිරිතාලෙ ගියේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පුංචි හාමුට ගොඩක් අමාරුද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං තාම බලන්න ගියේ නෑ ගුණවතියෙ.. ආරංචියෙ හැටියට නං ගොඩක් තුවාලයිලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහුගේ කතාවට ගුණවතී අත නිකටේ තබාගත්තේ [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04][B]"අනේ අපොයි" කියමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කොයි හැටි වෙතත් අර වසවර්ති රැලට නං ගහපු එවුන්ට මසුරන් දෙන්න වටිනවා.. උන් වැඩිහිටියන්ට ගරුසරු ඇතුව කතා කරන්නවත් දන්නෙ නෑ නොවැ.. නිතරම ඉන්නෙ දහ ජරාව කටේ ගාගෙන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හේතුහාමිගෙ කතාව ගුණවතීද අනුමත කලේ එම පිරිස හේතුහාමිට කීපවරක්ම නාකියා ලෙස අමතනු ඇයට ඇසී තිබුණ බැවිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් ඉස්සර වගේ පව් පලදෙන්න පමා වෙන්නෙ නෑ හේතුහාමි අයියෙ.. මේ ආත්මෙ කරන ඒවා මේ ආත්මෙම පල දෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එසේ කියූ ගුණවතී සේදූ වළං පිගන් සියල්ල වතුර බේරීමට රාක්කයේ තැන්පත් කළහ.. හේතුහාමිද නැගිට ඉදිරිපසට ගියේ ලොකු හාමුද වලව්වේ නැති නිසා වත්ත පිටිය බලා කියා ගැනීමේ අදහසිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ********************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දවසම නිවසට වී පාඩම් කර චේතිය සවස් වරුවේ ජංගම දුරකථනය රැගෙන මිදුලේ පොල් කොටයේ හිදගත්තේය.. නතාලිට, විශ්ව අයියාට, රංගට, කලනට, ආදී සියල්ලන්ටම ඇමතීමේ අවශ්‍යතාවය තිබුණද ඔහු මුලින්ම ඇමතුම ගත්තේ සම්මානිටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"චේතිය.. දන්නවද වැඩක්.. ඊයෙ රෑ ටවුන් එකේ ලොකු රණ්ඩුවක් ගිහින්ලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය ඇයට කිසිවක් නොකියා හිදීමට තීරණය කළද ඇමතුම ගත් සැනින් සම්මානී එසේ කීවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක් ගැනද සම්මානි ඔය කියන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට මතකද අර දවසක් අපිට ක්ලාස් එක ළගදි විහිළු කරපු කොල්ලො ටික.. අන්න එයාලට ඊයෙ අතපය කැඩෙන්නම ගහලලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය පුදුම වූයේ මේ තරම් ඉක්මනට එම ආරංචිය ඇයට ලැබුණේ කෙසේදැයි සිතමිනි.. අශේන් රෝහල් ගතව ඇති සිද්ධියද ඈ කියනා තෙක් නොපවසන්නට ඔහු තීරණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද ගහලා තියෙන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආරංචියෙ හැටියට නම් හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ අයලු ගහලා තියෙන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ කතාවට චේතිගේ යටි සිතින් සිනා නැගුණි.. ඔවුන් දෙවනි වරටද ගුටි කෑවේ තමන්ගෙන් බව කීමට සිතුණ මුත් චේතිය එය ගිල ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද ඔයාට කිව්වෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපේ සිරිල් මාමා.. එයාට කියලා තියෙන්නෙ තාත්ති.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ සිරිල් මාමා ලෙස හැදින්වූයේ නිවසේ ඩ්‍රයිවර් බව චේතියට මතක තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තාත්තිට උදේ පොලීසියෙ යාලුවෙක් කතා කරලා විස්තරේ කිව්වලු.. ඔයා දන්නවද චේතිය ඒ තුන්දෙනා මෙච්චර කල් පොලීසියෙන් කට්ටි පැන පැන හිටපු තුන්දෙනෙක්ලු.. එයාලා කොලඹ මසාජ් ක්ලීනික් එකකුයි ඩ්‍රග්ස් බිස්නසුයි කරලා තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියගේ මුව විස්මයෙන් විවර වූයේ සම්මානි කියනා තෙක් තමා මෙවැන්නක් නොදැන උන් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තාත්තිගෙ ඒ යාළුවා කියලා තියෙන්නෙ එයාලව ඒ වෙලාවෙම ඇරෙස්ට් කලා කියලයි.. දැන් පොලිස් ගාඩ් එකදාලා ඉස්පිරිතාලෙලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සම්මානිගේ වචනයක් වචනයක් පාසා චේතියට නැගුනේ සතුටකි.. මෙම ආරංචිය කලනට හා විශ්වට පවසන තෙක් ඔහු නොසන්සුන් වී උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වෙන මොනවද බබා තාත්තිට එයාලා කියලා තියෙන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] චේතිය ඇසූවට පිළිතුරු නොදුන් සම්මානි තරමක් හඩ නගා සිනාසෙන අයුරු ඔහුට ඇසුණි.. මේ වෙලාවේ ඇයට සිනාසීමට තරම් වූ කාරණය කුමක්දැයි නොවැටහුණු චේතියට දැනුණේ කුතුහලයකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ මිනිස්සු ගුටි කාපු එකට ඔයා ඔය තරම් සතුටු වෙයි කියලා මට හිතුනෙ නෑ චේතිය.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි එහෙම කියන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ ඉතිං.. කවදාවත් නැතුව ඔයා මට බබා කියල කතා කලානේ.. ඒකයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියට දැනුණේ පොළව පලාගෙන යන තරමේ ලැජ්ජාවකි.. නමුත් සම්මානිගෙ සිතේ නම් සතුටක් ජනිත විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සොරි සම්මානි.. මං හිතලා කිව්වෙ නෑ.. මට කියවුනා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒකට කමක් නෑ.. මට බබා කියනවට මං කැමතියි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය හුරතල් ලෙස කතා කරද්දී මෙතෙක් ඔවුන් කතා කරගෙන ආ මාතෘකාව පවා අමතකව ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අශේන්ටත් ඊයෙ හොද වැඩක් වෙලා.. එයා කෙල්ලෙක්ගෙ ප්‍රශ්නෙකට කොල්ලො කට්ටියකගෙන් ගුටි කාලා.. එයත් ඉන්නෙ යාලුවො ඉන්නෙ ඉස්පිරිතාලෙමලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සම්මානි එය කීවේ සතුටිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අරුන් තුන්දෙනා ගුටි කාපු එකට මං සතුටුයි වගේම අශේන් ගුටිකාපු එකට ඔයා සතුටුයි වගේ නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සතුටු නැද්ද.. ඔය සිද්ධිය නිසා අන්න අපේ තාත්තගෙ ඇස් කන් ඇරිලා.. මේ වගේ ජරා යාළුවො ආශ්‍රය කරන.. මේ විදියට හතර අතේ කෙල්ලො එක්ක යාළු වෙලා ප්‍රශ්න දාගන්න කෙනෙක්ට මගේ දුව දෙනවද කියලා මං ආපහු කල්පනා කරලා බලන්න ඕන කියලා තාත්ති සිරිල් මාමට කිව්වලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියට සම්මානිගෙන් දිගින් දිගටම අසනන්ට ලැබුනේ සිත සතුටු කරන කාරණාමය.. සම්මානිව ඉක්මනින්ම අශේන්ට අයිත් වේ යැයි සිතා උන්නද එය එසේ නොවන බව දැනුණ ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය සිද්ධි ඔයාට මුකුත්ම ආරංචි උනේ නැද්ද චේතිය..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සියල්ල ඔහු ඉදිරියේ වැමෑරු සම්මානි අවසානයේ චේතියගෙන් විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අශේන් ගුටි කාලා කියලා නං අපේ අම්මට ආරංචි වෙලා තිබුණා.. ඒත් ඔය පොලීසියෙ කේස් ගැන නම් මං දන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු සිය මව ගැන සදහන් කලේ සම්මානි විමසුවෝතින් ඇයට තම මව ගල්කන්ද වලව්වේ මෙහෙකාරකම් කරනා බව සෘජුව පැවසීමේ අදහසිනි.. සම්මානි මෙතරම් විවෘත වී හිදියදී තමා වංකව කතා කිරීම ඔහුට ඉවසුම් දුන්නේ නැත.. නමුත් ඔහු බලාපොරොත්තු වූ පරිදි සම්මානි ඔහුගේ මව ගැන දිගින් දිගටම විමසුවේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට දෙයක් කියන්න තියෙනවා සම්මානි.. මට තවත් ඔයාට බොරු කාරයෙක් වෙන්න බෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කිසිවක් නොකීව නිසා චේතිය කතාවට මුල පිරුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපි ඒ දේවල් පස්සෙ දවසක කතා කරමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ පිළිතුරෙන් චේතිය පුදුමයට පත්විය.. ඇය වෙනදාට නම් මෙසේ හැසිරෙන්නේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ප්ලීස්.. මං මේ කියන ටික විතරක් අහන්න.. ඊට පස්සෙ තීරණය කරන්න මාව ආශ්‍රය කරනවද නැද්ද කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සම්මානි එහා ඉමෙන් නැගූ සුසුමේ හඩ චේතියගේ සිතේ ගැඹුරටම දැනුණාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ඔයා වගේ සල්ලි කාරයෙක් නෙමෙයි සම්මානි.. මං එදා වේල අමාරුවෙන් හොයාගන්න පවුලක දුප්පත් කොල්ලෙක්.. කොටින්ම.. මං.. මං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියන්න චේතිය.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතිරිය ගලපාගත නොහැකිව ඔහු ලතැවෙද්දී සම්මානි ඔහුව දිරිමත් කළාය.. නමුත් මොහොතක් යනතෙක් චේතිය ගොළුව උන්නේ මෙයට ඇසූ සැනින් ඈ ඇමතුම විසන්ධි කරාවි යන සැකයෙනි.. බලා හිද බැරිම තැන ඈ නැවත කීවේ චේතිය කිසිසේත්ම අපේක්ෂා නොකල දෙයකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා ඔය කියන්න හදන්නෙ ඔයා ගල්කන්ද වලව්වෙ වැඩ කරන ගුණවතීගෙ පුතා කියන එක නම් ඒක මට එච්චර වැදගත් දෙයක් නෙමෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සම්මානි.. එතකොට ඔයා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් චේතිය.. ඒ හැමදෙයක්ම මං දන්නවා.. ඔයා ගෙදර අඩුපාඩු පිරිමහන්න අම්මට හොරෙන් කුලී වැඩ කරනවා කියලත් මං දන්නවා.. ඒ කිසි දෙයක් අපි දෙන්නගෙ යාලු කමට ප්‍රශ්නයක් නෙමෙයි චේතිය.. මං ඒ තරම් පටු විදියට හිතන කෙල්ලෙකුත් නෙමෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කීවේ ඔහුගේ සිත අස්වසමිනි.. නමුත් ඇගේ කතාවට චේතිය අන්ද මන්ද වී උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මේ දේවල් දැනගත්තෙ කොහොමද සම්මානි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගැඹුරු හුස්මක් පිටකල සම්මානි දිගු කතාවකට මුල පිරුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා පංතියෙදි නිතරම මං දිහා බලන් ඉන්නවා කියලා දැනුණම.. ඔයා මං ගැන උනන්දුයි කියලා දැනුණම.. මං ඔයා ගැන විස්තර දැනගන්න උත්සාහ කලා.. මොකද ගොඩක් අය මං ගැන උනන්දු වෙන්නෙ මට තියෙන කැමැත්තට නෙමෙයි.. අපේ තාත්තගෙ සල්ලි වලට තියෙන කැමැත්තට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා හිතුවෙ මමත් ඒ වගේ කෙනෙක් කියලද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කතාව කියනා තෙක් ඉවසිය නොහැකි වූ චේතිය හරස් ප්‍රශ්නයක් නැගිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක තමයි මටත් මුලදි දැනගන්න ඕන කලේ.. මං සිරිල් මාමට කියලා ඔයා ගැන විස්තර හෙව්වා.. එයා තමයි ඔය හැම දෙයක්ම මට කිව්වෙ.. එයා තව කිව්වා ඔයා කොච්චර දුප්පත් උනත් ගොඩක් ගුණ යහපත් කෙනෙක් කියලා.. ඊට පස්සෙ තමයි ඔයාව යාළුවෙක් විදියට පිළිගන්න මං තීරණේ කලේ.. මං දවසක් සිරිල් මාමට කියලා හන්දියෙ බස් ස්ටෑන්ඩ් එකෙන් බස්ස ගත්තෙත් ඔයා එක්ක කතා කරන්න හිතාගෙනමයි.. මතකද.. එදානෙ ඔයා මටත් ඔරවගෙවන ගිහිල්ලා අන්තිමට අර කොල්ලො තුන්දෙනාට හොදටම ගැහුවෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ යටගියාව සිහිපත් කරද්දී චේතියගෙ මුවේ සිනාවක් ඇදුනේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට තේරුණා ඔයා මට කොයි තරම් කැමති උනත් අපේ තාත්තගෙ සල්ලි නිසා ඔයාගෙ දුප්පත්කම නිසා මට ළං වෙන්න බයෙන් ඉන්න විත්තිය.. ඒ නිසා තමයි මං දවසක් මගේ යාළුවගෙ අතේ ඔයාට මගේ ෆෝන් නම්බර් එක එව්වෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ තමාට ළං වූයේ තමාගෙ පවුලේ තත්වය හරිහැටි දැනගෙන බව ඇගේ මුවින්ම දැනගත් පසු චේතියගේ සිතේ මෙතෙක් පැවති අහේතුක බිය පහව ගියේය.. ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ ඒ නිසාවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය ටික කියාගන්න බැරුව මං මොන තරම් හිතෙන් විදෙව්වද කියලා ඔයා දන්නෑ සම්මානි.. දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආයිත් ඔය වගේ තැන් තැන් වල කුලී වැඩ කරන්න යන්න එපා චේතිය.. ඔයාට සල්ලි ඕනෙ නම් මං දෙන්නම්.. මගෙන් ගන්න එක මදිකමක් කියලා හිතන්න එපා.. අපි දෙන්නා දැන් හොද යාළුවොනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ළගදි ඒ වගේ කුලී වැඩ වලට ගියේ නෑ බබා.. කොටින්ම මට ඒකට වෙලාවක් තිබුණෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමා බබා ලෙස අමතනවාට කැමතියැයි සම්මානි විසින්ම පැවසූ නිසා ඔහු එසේ ආමන්ත්‍රණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බොරු කියන්න එපා.. ඔයා ළගදිත් දවසක කඩේක වහලෙ ගහන වැඩකට අත් උදව් දෙන්න ගිහින් තියෙනවා.. එදා ඔයා උදේ ඉදලම වැඩ කරලා හවස රුපියල් පන්සීයක් අරගෙන ගෙදර ගියාලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සම්මානි දිගින් දිගටම ඔහුව පුදුම කරමින් උන්නාය.. නමුත් ඈ කීවේ මෑතක සිදුවීමක් නොව.. මීට මාස තුනකට පමණ පෙර වූවක්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට දිවැස් තියෙනවද සම්මානි.. ඔයා කොහොමද මේවා දන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දිවැස් නෙමෙයි.. ඔයා එදා ඒ ගිහින් තියෙන්නෙ මගේ හොදම යාළුවා.. නිරාශාගෙ අලුත් කඩේට.. එයා හවස අම්මා එක්ක කට්ටියට තේ අරගෙන එනකොට ඔයා පලංචියක් උඩ නැගලා දාඩිය පෙරාගෙන වැඩලු.. ඔයා එයාව දැක්කොත් අදුරගනියි කියලා එයා ඔයා ළගට ඇවිත් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද නිරාශා කියන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇගේ සම්පූර්ණ කතාවට සවන් දුන් චේතිය විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නිරාශා කියන්නෙ මගේ හොදම යාළුවා.. අර එදා ඔයාට ෆෝන් නම්බර් එක දීලා ගියේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ.. නියුරෝනෙ නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය ක්ෂණිකව කීවේ කලන එදා ඇයට දැමූ නම සිහිපත් වූ නිසාය.. එහි තේරුම කුමක්දැයි සම්මානි ඇසූවට චේතිය කලනගේ උපමාව ඇයට විස්තර කර පැවසුවේය.. ඒ ඇසුනු සම්මානි කිකිණි හඩින් හිනැහුණි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් අම්මි එන වෙලාව ළගයි චේතිය.. එහෙනම් මං තියන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු සමග කතා කරද්දී වෙලාව ගත වන බව නොදැනුන සම්මානි ඔරලෝසුව දෙස බලා බියපත් වුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තියන්න කලින් මං තව දෙයක් කියන්නද සම්මානි.. හැබැයි මේක නම් ඔයා දන්නවා වෙන්න බෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ මෙතෙක් තමාව පුදුම කලා සේ ඇයවද පුදුම කිරීමේ ආශාවක් චේතියගේ සිතේ හටගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනං ඉක්මනට කියන්නකො බලන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා කිව්වා නේද අර මැරයො තුන් දෙනාට කවුද කට්ටියක් ගහලා කියලා.. අශේන්ටත් කවුද කට්ටියක් ගහලා කියලා.. ඔයා දන්නවද කවුද ඒක කලේ කියලා.. ඒ හැමදේම කලේ මම.. මමයි කලනයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ එය ඇසූ තාලයට එය ඇයට අදහා ගත නොහැකි වූ බව චේතියට වැටහුණි.. ඔහු සිනා නැගුවේ ඒ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හෝව්.. හෝව්.. හෝව්.. දැන් අම්මා එන්න ළගයි කිව්වා නේද.. එහෙනම් අපි හෙට කතා කරමු.. බුදු සරණයි.. පරිස්සමින් ඉන්න.. සතුටින් ඉන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයට තවත් කල්පනා කිරීමට කාලය දිය යුතු බව වැටහුණු ඔහු ඇමතුම විසන්ධි කලද ඒ සැනින් නැවත ඈ ඔහු ඇමතිය.. එවරනම් කතාව මුල සිට අගටම පැහැදිලි කිරීමට චේතියට සිදුවුණි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom