Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදින නතාලි චේතියලාගේ නිවසට ආවේ වෙනදා මෙන් තනිව නොව විශ්ව සමගය.. ඔහුව දුටු ගුණවතී මිදුලට බැස්සේ තරමක චකිතයකිනි..

"දුවේ.. මේ අර කියපු ළමයද..?"

ඈ නතාලිගෙන් විමසුවේ නිවස තුළ උන් මිහිරාවි හා චේතිය මිදුලට බසිද්දීය..

"ඔවු පුංචි අම්මෙ.. මේ තමයි විශ්ව.. මෙයාව අපේ මල්ලි නං හොදට අදුරනවා.."

ගුණවතී විශ්වට සුහද සිනහවකින් සංග්‍රහ කරද්දී මිහිරාවි දිව විත් නතාලිගේ අතේ එල්ලී ගත්තාය.. චේතියද විශ්වට ළංවී ඔහුව නිවස තුළට කැදවාගෙන ගියේ සුපුරුදු ලෙංගතුකමිනි..

"පුංචි.. අද ඔයා වලව්වට නොගිහින් අපි එක්ක ඉන්න බැරිද..? අපේ මේ උදේම ආවෙ වැඩ ගොඩක් ඔළුවෙ තියාගෙන.."

නතාලි අක්කා සිය මවට නොකියා කියූ කතාව චේතිය දැන උන්නාය.. ඈ අම්මාවද රංග හා කලනවද රැගෙන ගමේ පන්සලට යාමට ඔවුන් කතිකා කරගත්තේ දුරකථන ඇමතුම් හරහාය..

"අද නං වලව්වෙ ඒ හැටි රාජකාරියක් නෑ දරුවො.. හාමුලා නුවර ගිහින්ලු.. හේතුහාමි අයියා විතරයි ඉන්නෙ.. දවාලෙට උන්දැට බත් එකක් ගෙනිහිං දුන්නම ඇති.."

තේ පානයෙන් අනතුරුව ඈ සිය එකගතාවය ව්‍යංගයෙන් පවසද්දී නතාලි තම අත් බෑගය හැර ෆයිල් කවරයක් අතට ගත්තාය..

"මල්ලිට මතකයි නේද මං කිව්වා ළගදිම ඔයාලට තෑග්ගක් අරන් එන විත්තිය.. ඔන්න මං අද ගෙනාවා.. ආ පුංචි අම්මෙ.. ගන්න.."

නතාලි සිනාසෙමින් පුටුවෙන් නැගිටිද්දී බියපත් දෙනෙත් දල්වා ගුණවතී පුටුවටම ඇලී උන්නාය.. නමුත් නතාලි තමා ළගටම විත් දෝතින්ම පිදූ එම ෆයිල් කවරය අතට ගනිද්දී නම් ඇයව ඉබේටම නැගිට්ටවුනි..

"මේ මොකක්ද පුතේ..?"

"මේ තමයි මං මෙච්චර කාලයක් ලොකු අප්පච්චිලා එක්ක ෆයිට් කරලා ගත්තු පුංචි අම්මගෙ අයිතිය.."

ඈ කීවේ ජයග්‍රාහී ලෙස සිනාසෙමිනි.. මෙවන් කතාවක් ගැන නතාලි අක්කා තමාටවත් නොකී නිසා චේතිය සිය මව අත වූ ෆයිල් කවරය ගත්තේ දැඩි කුතුහලයෙනි..

"ඔප්පුවක්.. අක්කර හයක්.."

චේතිය විස්මයෙන් මුමුණද්දී ගුණවතීගේ දෑස් නලලටම ගියේය.. පුංචි මිහිරාවිද පොඩිකමට සිය සොයුරා අත වූ ෆයිල් කවරයට එබී බැලුවේ විශ්වගේ මුහුණට සිනාවක් කැදවමිනි..

"අයියේ.. මගෙත් ලියුමක් තියෙනවා.. අපි මිස්ට වීරවර්ධන ළගට යමු.."

ඔප්පුව දෙස කුතුහලයෙන් බැලූ මිහිරාවි කී දෑ අසා එවර පුදුමයට පත්වූයේ නතාලි හා විශ්වය.. ඇගේ පුනර්භව කතාව දන්නා විශ්ව නතාලි දෙසට හැරෙද්දී නතාලි චේතිය දෙස ප්‍රශ්නාර්ථය මුසු දෑසින් බැලීය..

"ඒක තමයි අක්කෙ ඊළගට හොයන්න ඕනෙ.. මම කියන්නම්කො.."

නැගෙණිය ළග තබා එය කතාකිරීම නුසුදුසු නිසා චේතිය එය පසුවට කල් තබා ගනිද්දී ගුණවතී නැවත ඔප්පුව ඉල්ලාගෙන මුල සිට අගටම කියවා බැලුවේය..

"මේ අත්සන අප්පච්චිගෙනෙ පුතේ.. එතකොට මේ කජු ලන්ද මගේ නමට ලීවෙ අපේ අප්පච්චිද..?"

ගුණවතී නතාලිගෙන් විමසුවේ අදහාගත නොහැකි යමක් නෙත ගැටුණු විලසිනි..

"ඔව් පුංචි.. ඕක ලිව්වෙ ලොකු අප්පච්චි.. එයාම තමයි මට කිව්වෙ මේක පුංචිගෙ අතටම දෙන්න කියලා.. ඉන්නකො ටිකක්.."

ගුණවතී අස්වැසූ නතාලි පුටුවෙන් නැගිට ගොස් තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේ පිරිස බලාහිදිද්දීමය..

"ආ.. පුංචි.. ලොකු අප්පච්චි කතා කරනවා.."

ගුණවති නැවත වරක් විස්මයෙන් මුව අයා ගනිද්දී නතාලි ඇගේ අත තිබූ දුරකථනය ගුණවතීට පෑවාය.. ඈ එය ගත්තේ සැලෙන අතැගිලි වලිනි.. එය රැගෙන කණ තබා ගත්තද ගුණවතීගේ මුව නම් එක වර විවර වූයේ නැත..

"චූටි මැණිකෙ.. ඔයා අහගෙන නේද පුතේ ඉන්නෙ..?"

එහා ඉමෙන් ඇසුනු වියපත් ගාම්භිර කටහඩට ගුණවතීගේ මුවින් ඉකියක් පිට වූයේද දෙනෙතින් කදුළු රූරා වැටුණේද එක විටය.. 'චූටි මැණිකේ' ඒ ඇගි පියා එකල ඇයව ඇමතූ සුරතල් නාමයයි.. ඒ හඩ නැවත දශක දෙකකට පසුව සවන් වැකෙද්දී ඇයට සිය හැඩුම පාලනය කරගත හැකි වූයේ නැත..

"අප්පච්චි.. මට සමාවෙන්න අප්පච්චි.."

ඈ බොහෝ ආයාසයෙන් සිය හඩ අවදි කරද්දී චේතියගේ දෑසද කදුළු පටලයකින් වැසී ගියේය..

"චූටි මැණිකෙ සමාව ඉල්ලන්න ඕනෙ නෑ.. අපියි වැඩිහිටියො විදියට වැරැද්ද කලේ.. අපියි උඹව පිට එකෙක් ගාණට අතෑරලා දැම්මෙ.."

ඔහුගේ හඩ සිය සවන් පත් තුළට ග්‍රහණය කර ගැනීමට මෙන් ගුණවතී දුරකථනය සිය සවනට ලං කර ගත්තාය..

"උඹලගෙ අම්මගෙ මුරණ්ඩු තීරණ වලට ඔළුව නමලා මං වස වැරැද්දක් පුතේ කරගත්තෙ.. උන්දැ දැන් ලෙඩ ඇදේ.. මමත් දැන් යන්න ළගයි.. ඊට කලින් මට මෙව්වා එකලාසයක් කරලා දාන්න ඕනෙ උනා.. නතාලි දුව තමයි කිව්වෙ උඹලා හරියට කන්න විදියක් නැතුව දුක් විදිනවා කියලා.."

කඩින් කඩ කතාව කියූ ගුණවතීගේ පියා මොහොතක් නිහඩව උන්නේය..

"අම්මා අකමැතිනං මට මේවා එපා අප්පච්චි.. මං පුළුවන් විදියකට පිරිමහගන්නං.."

ගුණවතී ඔප්පුව දෙසට දෑස් යොමා කියද්දී ඇගේ පියාගේ කට හඩ බිදී ගියේය..

"එහෙම කියන්න එපා දරුවො.. මට යන ලෝකෙකටවත් සැනසීමෙන් ඇහැ පියාගෙන යන්න දෙන්න.. මං මැරුණ දාකට මුං මේකට කුලල් කා ගනී.. ඊට කලියෙනුයි මං මේවා එකලාසයක් කරලා දැම්මෙ.. උඹ දරුවො දෙන්නා එක්ක ඇවිත් ඔය ඉඩමෙ පදිංචි වෙයං.. ඕකෙ ගේ පොඩිත්තකුත් තියෙනව නොවෑ.."

"අම්මා තාමත් තරහින්ද අප්පච්චි..?"

"උන්දැව වෙනස් කරන්න අමාරුයි දරුවො.. ඒ උනාට ඒකෙන් කාරි නෑ.. උම දවසක දරුවො දෙන්නත් එක්ක වලව්වට ඇවිදින් පලයං.. මට මැරෙන්න කලින් උඹේ මූණ දකින්න ආසයි චූටි මැණිකෙ.."

ගුණවතීගේ ඉකි බිදුම විසල් වරුසාවකට පෙරලෙද්දී එහා ඉම උන් ඇගේ පියා ඇමතුම විසන්ධි කර දැමුවේ ඔහුටද හැඩුම් ආ බැවිනි..

"හරිනේ පුංචි.. දැන් ප්‍රශ්නෙ ඉවරයි.. ලොකු අප්පච්චිලට මේ දේවල් තේරුං කරලා දෙන්න මං ගොඩක් මහන්සි උනා.. දැන් මටත් සතුටුයි.. පුංචිලාට දැන් තමන්ගෙම කියලා තැනක් තියෙනවා.."

නතාලි එම කතාව එතෙකින් නතර කලේ කතාව දිගින් දිගටම ගියහොත් පන්සලට යාමට සිතා උන් ගමන මග හැරෙන හෙයිනි.. නතාලිට මුව නොසෑහෙන සේ ස්තුති කල චේතිය, රංගට හා කලනටද දුරකථන ඇමතුම් දීමෙන් අනතුරුව මව හා නැගණිය පන්සලට යාමට සූදානම් කරගත්තේය..

ඔවුන් පස්දෙනා ගල් තලාව නැග පන්සල් භූමියට අවතීර්ණ වද්දි රංග හා කලනද වෑන් රථයෙන් පැමිණ ඔවුනට එකතු වූහ.. කලනව දුටු විශ්ව ඔහුට අතට අත දී පිළිගනිද්දී චේතිය ඔහුට රංගවද හදුන්වා දුන්නේය..

"අපි වැදලා ඉවරවෙලාම හාමුදුරුවො මුණ ගැහෙන්න යමු නේද පුංචි.."

නතාලි පෙරමුණ ගත්තෙන් හැමෝම ඈ අනුගමනය කර වන්දනාමාන කර ගත්හ.. රංග කලන හා එක්ව ආවාස ගේ පැත්තට ගමන් ගත්තේ හේමවංශ පොඩි හාමුදුරුවන් කැදවාගෙන ඒමටය.. ඔවුන් ධර්ම ශාලාවේ පාඩිගෙන බලාහිදිද්දී පොඩි හාමුදුරුවන් සමග පන්සලේ නායක හාමුදුරුවෝ වූ සීලරතන හිමියන්ද වැඩම කළහ..

පිරිස නැගිට හාමුදුරුවන් දෙනමට වැද පසෙකින් හිද ගනිද්දී පුංචි මිහිරාවි අනෙක් අය පුදුම කරවමින් නායක හිමියන්ගේ පය පාමුල සන්සුන්ව හිද ගත්තේය.. ඔවුන් පැමිණි ආකාරය චේතියගෙන් දැන උන් හේමවංශ හිමියන් එය තම ලොකු හාමුදුරුවන්ට දැනුම් දී තිබිණි.. නමුත් මිහිරාවිගේ පියා ඇතුගල හාමු බව චේතිය ස්වාමින් වහන්සේලාට කීවේ නැත..

පුනර්භවය යන වදන භාවිතා නොකල නායක හිමියන් මිහිරාවිය සාමාන්‍ය ලෙස සුහද කතා බහකට එකතු කර ගත්හ..

"චූටි දූ.. ඔයාට මේ පන්සල කලින් මතකද..?"

"එහෙමයි.. මං ඉස්සරත් මෙහෙ එනවනෙ හාමුදුරුවනෙ.."

ලොකු හාමුදුරුවන්ගේ කතාවට පුංචි දැරිය පරිණත ලෙස පිළිතුරු දෙද්දී සැවොම පුදුමයෙන් බලා උන්හ..

"ඉස්සර කිව්වෙ..?"

"වලව්වෙ ඉන්නකොට.."

"වලව්වෙ ඉන්නකොට තව කවුද එහෙ හිටියෙ..?"

"කලින්ම හිටියෙ අපි.. මං ඉස්කෝලෙ යද්දි ඇතුගල අන්කල්ලා පදිංචියට ඇවිත් හිටියා.."

ලොකු හාමුදුරුවන් සූක්ෂම ලෙස දැරියගෙන් කරුණු කාරණා විමසන ආකාරයත් පුංචි මිහිරාවි ගිරවියක සේ නොපැකිල ඒවාට පිළිතුරු දෙන ආකාරයත් දුටු පිරිස මවිත විය..

"ඇයි ඇතුගල අන්කල්ලා එහෙ ආවෙ..?"

"අපේ වැඩීලා රට ගියානේ මල්ලිට බෙහෙත් ගේන්න.."

ඩැඩී කියන වදන ඇසී රංග හා කලන පුදුම වුවද ඉංශ්‍රීසි නැඹුරුවකින් යුතු වූ ළමාතැනීගේ පවුලේ විස්තර දැන උන් සීලරතන හිමියන් පුදුම වූයේ නැත..

"ඊට පස්සෙ මොකද උනේ..?"

"මමත් මල්ලි බලන්න එක පාරක් ඉස්කෝලෙ නිවාඩුවට රට ගියා.. ඒත් ඉස්කෝලෙ යන්න ආපහු ආවා.."

ළමාතැනී රට ගොස් තිබූ කතාව මේ කියනා තුරු ගුණවතී පවා දැන උන්නේ නැත.. චේතියට නම් ක්ෂණිකව සිහිපත් වූයේ නංගිගේ පංතිභාර ගුරුතුමිය ඈ ඉංශ්‍රීසි බසට දක්ෂ බව කී කතාවය..

"මල්ලිට මොකද උනේ..?"

"එයාට සනීප නැති උනානෙ.. ඔපරේෂන් කරන්නයි රට ගෙනිච්චෙ.. ඒත් මල්ලි මැරුණා.."

චේතිය අදහා ගත නොහැකිව බලා උන්නේ පෙර දිනක ගල්කන්ද වලව්ව ගැන මවගෙන් අසා දැනගත් කතාව ඒ ආකාරයෙන්ම තම නැගණියගේ මුවින් පිටවද්දීය..

"එතකොට ඔයාගෙ ඩැඩී..?"

"මමියි ඩැඩියි ඊට පස්සෙ ලංකාවට ආවා.. ඒත් ඇතුගල අන්කල්ලා වලව්වෙන් ගියේ නෑ.. එයාලා අපේ ඩැඩීලට බොරු කිව්වා.."

මිහිරාවි එය පැවසුවේ බිම බලාගෙන දුක්බර ඉරියව්වක් මවා පාමිණි.. හැමදෙනාම නිහඩව ඈ දෙස බලා උන්නද ගුණවතීගේ සිත නම් පුදුම තරම් නොසන්සුන් වී තිබුණි..

"මොනවද එයාලා කියපු බොරු..?"

එවර ප්‍රශ්න නැගුවේ මෙතෙක් නිහඩව උන් හේමවංශ හිමියන්ය..

"මමයි ගාමිණියි යාළුයි කියලා.."

ඈ ලැජ්ජාවෙන් තෙපලද්දී කලන චේතියගේ මුහුණට එබුණේ ගාමිණි කවුදැයි දැනගැනීමටය..

"ගාමිණි කියන්නෙ ඔය හාමු.. ගාමිණි ඇතුගල.."

චේතිය අශේන්ගේ පියාගේ නම කලනට කීවේ රංගටද ඇසෙන සේය..

"ඉතිං.. ඔයා ගාමිණිත් එක්ක යාළුවෙලා හිටියෙ නැද්ද..?"

"නෑ.."

ලොකු හාමුදුරුවන්ගේ පැණයට ඈ පිළිතුරු දුන්නේ පෙර මෙන්ම ලැජ්ජාවෙන්ය.. ඒ දුටු විශ්වට සිනා නැගුණද නතාලි නම් සංවධානව එම ඉරියව් නිරීක්ෂණය කරමින් උන්නාය.. ඈ මේ සාකච්ඡාව මුල සිටම ජංගම දුරකථනයේ පටිගත කර ගැනීමටද අමතක කළේ නැත..

"ඊට පස්සෙ..?"

"මට ගාමිණිව බදින්න උනා.. ඊට පස්සෙ අපේ ඩැඩීලා ආපහු රට ගියා.."

"එතකොට ඇතුගල අන්කල්ලා..?"

නායක හිමියන් පුංචි දැරියගේ නෑකමෙන්ම විමසූහ..

"එයාලත් අපි බැන්දට පස්සෙ නුවර ගියා.."

"වෙන කවුද වලව්වෙ හිටියෙ..?"

"මමයි, ගාමිණියි, හේතුහාමියි තව වත්තෙ වැඩට ආව ගිය අයයි.."

තම ඥාති සොයුරිය සිය පූර්ව ජන්මය ගැන හොද මතකයකින් පසු වන බව දුටු නතාලිට දැනුණේ දැඩි විස්මයකි..

"වෙන කවුරුවත් හිටියෙ නැද්ද..?"

"මම හේතුහාමිට කියලා ධර්මෙව ගෙන්න ගත්තා.."

ගුණවතී දෑස් විදහා තම දියණිය දෙස බැලුවේ පුදුමයෙණි.. ළමාතැනී ධර්මතිලක නම් වූ තම සැමියාට ධර්මේ ලෙස ඇමතූ අයුරු ඇයට දැනුදු මතකය..

"ඇයි එයාව ගෙන්න ගත්තෙ..?"

"එයා ඉස්සර ඉදලම එහෙනෙ හිටියෙ.. එයා හරි හොදයි.."

මිහිරාවි එයා ලෙස හදුන්වන්නේ තම පියාව බව වැටහුනු චේතිය පවා බලා උන්නේ ගල් ගැසීය..

"ධර්මෙ කියන්නෙ කවුද..?"

"හේතුහාමිගෙ යාළුවා.. එයා බැන්දෙ ගුණවතීව.."

ඈ එහිදී තම මව නමින් පමණක් ඇමතීම ගැන හේමවංශ හිමියන් පවා පුදුම විය..

"ධර්මෙ හිටියෙ කොහෙද..?"

"අපේ ගෙදර.."

මෙතෙක් පරිණත ලෙස පිළිතුරු දුන් ඇගේ මෙම ප්‍රකාශයන් සමග නතාලිගේ මුවට සිනාවක් ගලා ආවේය.. ඈ අපේ ගෙදර ලෙස හැදින්වූයේ මේ භවයේ තමාගේ නිවස බව ඇයට වැටහුණි..

"ධර්මෙට මොකද උනේ..?"

"මැරුණා.."

"මොනව වෙලාද..?"

ඈ එයට පිළිතුරු දෙනු වෙනුවට ගුණවතීගේ මුහුණ දෙස මොහොතක් බලා උන්නාය.. ගුණවතී එවර තම දියණිය දෙස බලා උන්නේ ළමාතැනී දෙස බලන තරමේ ගෞරවයකිනි..

"දන්නෙ නෑ.."

බොහෝ වේලා නිහඩව උන් ඈ අවසානයේ දුන් පිළිතුර සැමගේ සැකයට පාත්‍ර වූවද ඈ ඒ පිළිබදව ඉන්පසු වදනක්වත් දෙඩුවේ නැත..

"කවුද චූටි වීරවර්ධන කියන්නෙ..?"

දිගු වේලාවක් ගලා ගිය නිහඩතාවයට තිත තැබුවේ චේතිය විසිනි..

"ඩැඩීගෙ යාළුවෙක්.."

"එයා කොහෙද ඉන්නෙ..?"

වීරවර්ධන කතාවක් ඇදී ආවේ ඇයි දැනි නොදැන උන්නද හේමවංශ හිමියන් තවත් ප්‍රශ්නයක් නැගුවේ එය පසුවට වැදගත් වේ යැයි හැගුණු නිසාය..

"එයා කොළඹ.. එයා ළග මගේ ලියුමක් තියෙනවා.."

ඈ නිවසේදී කී කතාව යළිත් වරක් පිරිස ඉදිරියේ පැවසූවේ සැම වුවේ කුතුහලයක් ඉතිරි කර තබමිනි..

"දැන් කෝ ඩැඩීලා..?"

"එයාලා රට ගියානෙ.. දැන් නං මැරිලද දන්නෙත් නෑ.."

"එතකොට කෝ ගාමිණි..?"

"ඔය ඉන්නෙ පුතත් එක්ක වලව්වෙ.."

සැවොම මිහිරාවි දෙස බලා උන්නේ ඈ සුරතල් බසින් කියන වැඩිහිටි කතා අදහාගත නොහැකි ලෙසින්ය..

"ඇයි ඔයා ගාමිණි එක්ක රණ්ඩු කලේ..?"

වලව්වේ අඩ දඹර ගැන හොදාකාරව දැන උන් සීලරතන හිමියන් විමසුවේ එකල ළමාතැනී ඒ පිළිබදව තමා සමග කතිකාකර තිබූ බැවිණි..

"එයාට ගමේ ගෑණු හිටියා.. තව.."

ඈ මොහොතක් කල්පනා කරන්නට ගත්තාය..

"තව කිව්වා වලව්ව එයාගෙ නමට ලියලා දෙන්න කියල.."

"ඉතින් ලිව්වද..?"

"නෑ.."

සීලරතන හිමියන් ඒ ගැන වැඩිදුර නොවිමසුවේ වලව්වේ අයිතිය තිබුණේ ළමාතැනීට බව උන් වහන්සේ දැන උන් නිසාය..

"චූටි දුවට මේ ඝන්ඨාර කුළුණ මතකද..?"

ඝන්ඨාර කුළුණේ කතාව හේමවංශ හිමියන් චේතියලාට කියූ බව නොදැන උන් නායක හාමුදුරුවෝ එය විමසුවේ මිහිරාවිගේ පිළිතුර දැන ගැනීමටය..

"ඔව්.. මේක හැදෙව්වෙ මං.."

"ඒ කොහොද..?"

"ඇයි මං හාමුදුරුවන්ට සල්ලි එව්වෙ..?"

"කා අතේද..?"

"හේතුහාමි අතේ තිස් දාහක් එව්වෙ.."

මිහිරාවි සිය පුංචි දෑස් ලොකු කර නායක හාමුදුරුවන්ට කීවේ උන්වහන්සේට එය අමතක වී ඇත්දැයි සැකයෙනි..

"ඇයි දූ වලව්වෙ ඉදලා ගුණවතීලගෙ ගෙදර ආවෙ..?"

තමා ඉදිරියේ වාඩි වී ඉන්නා මෙම සිගිත්තිය වලව්වේ ජීවත්ව මියගිය ළමාතැනීගේ පුනරුත්පත්තිය බව සීලරතන හිමියන්ට තව දුරටත් නැඹුරුව තහවුරු කරගැනීමට අවශ්‍ය වූයේ නැත.. එය මේ වන විට වඩාත් සවිස්තරව තහවුරු වී තිබිනි.. ඒනිසා උන් වහන්සේ ඇසුවේ තමාට ඇසීමට තිබූ අවසන් පැනයයි..

"මං මැරුණනෙ.."

"මොනව වෙලාද..?"

"ගාමිණි ගැහුවා.. ඊට පහුවෙනිදා තමයි මං මැරුණෙ.."

"කවුද එතකොට ඔයා ළග හිටියෙ..?"

මෙතෙන් නිහඩව උන් නතාලි විමසුවේ පිළිතුර දැන දැනමය..

"සුදු පුතානෙ.."

මිහිරාවි එය කීවේ චේතියගේ දෑස් දෙස සෘජුව බලමිනි.. ඒ බැල්මට චේතිය තිගැස්සී ගියේය..

මෙතෙක් බාහිරව සන්සුන්ව උන්නද ඇතුළතින් කැළඹී උන් ගුණවතී උන් නැතින් නැගිට සිය දියණියව තම උකුලට ගත්තාය.. ඇගේ දෑසේ වූයේ බොදව ගිය කදුළු පටලයකි..

"ගිය ආත්මෙ මෙයා කාගෙ කවුරු උනත් මේ ආත්මෙ මෙයා මගේ දරුවා හාමුදුරුවනේ.. මට මගේ කෙල්ලව නැති කරගන්න බෑ.."

ඈ කීවේ සැම දෙනාගේම සිත්වල අනුකම්පාවක් ජනිත කරවමිනි.. ඒ දුටු සීලරතන හිමියන් ගුණවතීගේ සිත සනසන්නට මද වේලාවක් දහම් දේශනා කලහ..

"එහෙනං චේතිය පුතා.. දැන් කට්ටිය එක්ක ගෙදර යන්න.. අපි පස්සෙ මේ ගැන වැඩි දුර කතා කරමුකො.."

සාකච්ඡාව නිම වී හිමිවරුන් දෙනම වැද පිරිස නික්ම යන්නට සැරසෙද්දී හේමවංශ හිමියන් චේතියව පසෙකට කැදවූහ..

"දැං මේ ගැන තව දුරටත් කතා කරන්න බෑ මල්ලි.. හෙට අනිද්දා දිහාට යාළුවො දේනනා එක්ක මේ පැත්තෙ ඇවිත් යන්නකො.."

"හොදයි පොඩි.. සාදු අපි එන්නම්.."

ඔහු සමුගත්තේ කැළඹුම, නොසන්සුන්කම, දෙගිඩියාව යන සියළුම හැගීම් නොඅඩුව සිත්හි දරා ගනිමිනි..

[QUOTE="crazybuddy, post: 12712565, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-vWDXMBrLkHE/T137PXj9CVI/AAAAAAAABf4/TIynJiydzHI/s1600/17.png[/IMG] [B][COLOR=#783f04]එදින නතාලි චේතියලාගේ නිවසට ආවේ වෙනදා මෙන් තනිව නොව විශ්ව සමගය.. ඔහුව දුටු ගුණවතී මිදුලට බැස්සේ තරමක චකිතයකිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දුවේ.. මේ අර කියපු ළමයද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ නතාලිගෙන් විමසුවේ නිවස තුළ උන් මිහිරාවි හා චේතිය මිදුලට බසිද්දීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔවු පුංචි අම්මෙ.. මේ තමයි විශ්ව.. මෙයාව අපේ මල්ලි නං හොදට අදුරනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතී විශ්වට සුහද සිනහවකින් සංග්‍රහ කරද්දී මිහිරාවි දිව විත් නතාලිගේ අතේ එල්ලී ගත්තාය.. චේතියද විශ්වට ළංවී ඔහුව නිවස තුළට කැදවාගෙන ගියේ සුපුරුදු ලෙංගතුකමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පුංචි.. අද ඔයා වලව්වට නොගිහින් අපි එක්ක ඉන්න බැරිද..? අපේ මේ උදේම ආවෙ වැඩ ගොඩක් ඔළුවෙ තියාගෙන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නතාලි අක්කා සිය මවට නොකියා කියූ කතාව චේතිය දැන උන්නාය.. ඈ අම්මාවද රංග හා කලනවද රැගෙන ගමේ පන්සලට යාමට ඔවුන් කතිකා කරගත්තේ දුරකථන ඇමතුම් හරහාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අද නං වලව්වෙ ඒ හැටි රාජකාරියක් නෑ දරුවො.. හාමුලා නුවර ගිහින්ලු.. හේතුහාමි අයියා විතරයි ඉන්නෙ.. දවාලෙට උන්දැට බත් එකක් ගෙනිහිං දුන්නම ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තේ පානයෙන් අනතුරුව ඈ සිය එකගතාවය ව්‍යංගයෙන් පවසද්දී නතාලි තම අත් බෑගය හැර ෆයිල් කවරයක් අතට ගත්තාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලිට මතකයි නේද මං කිව්වා ළගදිම ඔයාලට තෑග්ගක් අරන් එන විත්තිය.. ඔන්න මං අද ගෙනාවා.. ආ පුංචි අම්මෙ.. ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නතාලි සිනාසෙමින් පුටුවෙන් නැගිටිද්දී බියපත් දෙනෙත් දල්වා ගුණවතී පුටුවටම ඇලී උන්නාය.. නමුත් නතාලි තමා ළගටම විත් දෝතින්ම පිදූ එම ෆයිල් කවරය අතට ගනිද්දී නම් ඇයව ඉබේටම නැගිට්ටවුනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ මොකක්ද පුතේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ තමයි මං මෙච්චර කාලයක් ලොකු අප්පච්චිලා එක්ක ෆයිට් කරලා ගත්තු පුංචි අම්මගෙ අයිතිය.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ කීවේ ජයග්‍රාහී ලෙස සිනාසෙමිනි.. මෙවන් කතාවක් ගැන නතාලි අක්කා තමාටවත් නොකී නිසා චේතිය සිය මව අත වූ ෆයිල් කවරය ගත්තේ දැඩි කුතුහලයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔප්පුවක්.. අක්කර හයක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය විස්මයෙන් මුමුණද්දී ගුණවතීගේ දෑස් නලලටම ගියේය.. පුංචි මිහිරාවිද පොඩිකමට සිය සොයුරා අත වූ ෆයිල් කවරයට එබී බැලුවේ විශ්වගේ මුහුණට සිනාවක් කැදවමිනි.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියේ.. මගෙත් ලියුමක් තියෙනවා.. අපි මිස්ට වීරවර්ධන ළගට යමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔප්පුව දෙස කුතුහලයෙන් බැලූ මිහිරාවි කී දෑ අසා එවර පුදුමයට පත්වූයේ නතාලි හා විශ්වය.. ඇගේ පුනර්භව කතාව දන්නා විශ්ව නතාලි දෙසට හැරෙද්දී නතාලි චේතිය දෙස ප්‍රශ්නාර්ථය මුසු දෑසින් බැලීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි අක්කෙ ඊළගට හොයන්න ඕනෙ.. මම කියන්නම්කො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නැගෙණිය ළග තබා එය කතාකිරීම නුසුදුසු නිසා චේතිය එය පසුවට කල් තබා ගනිද්දී ගුණවතී නැවත ඔප්පුව ඉල්ලාගෙන මුල සිට අගටම කියවා බැලුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ අත්සන අප්පච්චිගෙනෙ පුතේ.. එතකොට මේ කජු ලන්ද මගේ නමට ලීවෙ අපේ අප්පච්චිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතී නතාලිගෙන් විමසුවේ අදහාගත නොහැකි යමක් නෙත ගැටුණු විලසිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් පුංචි.. ඕක ලිව්වෙ ලොකු අප්පච්චි.. එයාම තමයි මට කිව්වෙ මේක පුංචිගෙ අතටම දෙන්න කියලා.. ඉන්නකො ටිකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතී අස්වැසූ නතාලි පුටුවෙන් නැගිට ගොස් තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේ පිරිස බලාහිදිද්දීමය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. පුංචි.. ලොකු අප්පච්චි කතා කරනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවති නැවත වරක් විස්මයෙන් මුව අයා ගනිද්දී නතාලි ඇගේ අත තිබූ දුරකථනය ගුණවතීට පෑවාය.. ඈ එය ගත්තේ සැලෙන අතැගිලි වලිනි.. එය රැගෙන කණ තබා ගත්තද ගුණවතීගේ මුව නම් එක වර විවර වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"චූටි මැණිකෙ.. ඔයා අහගෙන නේද පුතේ ඉන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහා ඉමෙන් ඇසුනු වියපත් ගාම්භිර කටහඩට ගුණවතීගේ මුවින් ඉකියක් පිට වූයේද දෙනෙතින් කදුළු රූරා වැටුණේද එක විටය.. 'චූටි මැණිකේ' ඒ ඇගි පියා එකල ඇයව ඇමතූ සුරතල් නාමයයි.. ඒ හඩ නැවත දශක දෙකකට පසුව සවන් වැකෙද්දී ඇයට සිය හැඩුම පාලනය කරගත හැකි වූයේ නැත.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අප්පච්චි.. මට සමාවෙන්න අප්පච්චි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ බොහෝ ආයාසයෙන් සිය හඩ අවදි කරද්දී චේතියගේ දෑසද කදුළු පටලයකින් වැසී ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"චූටි මැණිකෙ සමාව ඉල්ලන්න ඕනෙ නෑ.. අපියි වැඩිහිටියො විදියට වැරැද්ද කලේ.. අපියි උඹව පිට එකෙක් ගාණට අතෑරලා දැම්මෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහුගේ හඩ සිය සවන් පත් තුළට ග්‍රහණය කර ගැනීමට මෙන් ගුණවතී දුරකථනය සිය සවනට ලං කර ගත්තාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලගෙ අම්මගෙ මුරණ්ඩු තීරණ වලට ඔළුව නමලා මං වස වැරැද්දක් පුතේ කරගත්තෙ.. උන්දැ දැන් ලෙඩ ඇදේ.. මමත් දැන් යන්න ළගයි.. ඊට කලින් මට මෙව්වා එකලාසයක් කරලා දාන්න ඕනෙ උනා.. නතාලි දුව තමයි කිව්වෙ උඹලා හරියට කන්න විදියක් නැතුව දුක් විදිනවා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කඩින් කඩ කතාව කියූ ගුණවතීගේ පියා මොහොතක් නිහඩව උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මා අකමැතිනං මට මේවා එපා අප්පච්චි.. මං පුළුවන් විදියකට පිරිමහගන්නං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතී ඔප්පුව දෙසට දෑස් යොමා කියද්දී ඇගේ පියාගේ කට හඩ බිදී ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙම කියන්න එපා දරුවො.. මට යන ලෝකෙකටවත් සැනසීමෙන් ඇහැ පියාගෙන යන්න දෙන්න.. මං මැරුණ දාකට මුං මේකට කුලල් කා ගනී.. ඊට කලියෙනුයි මං මේවා එකලාසයක් කරලා දැම්මෙ.. උඹ දරුවො දෙන්නා එක්ක ඇවිත් ඔය ඉඩමෙ පදිංචි වෙයං.. ඕකෙ ගේ පොඩිත්තකුත් තියෙනව නොවෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මා තාමත් තරහින්ද අප්පච්චි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උන්දැව වෙනස් කරන්න අමාරුයි දරුවො.. ඒ උනාට ඒකෙන් කාරි නෑ.. උම දවසක දරුවො දෙන්නත් එක්ක වලව්වට ඇවිදින් පලයං.. මට මැරෙන්න කලින් උඹේ මූණ දකින්න ආසයි චූටි මැණිකෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතීගේ ඉකි බිදුම විසල් වරුසාවකට පෙරලෙද්දී එහා ඉම උන් ඇගේ පියා ඇමතුම විසන්ධි කර දැමුවේ ඔහුටද හැඩුම් ආ බැවිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරිනේ පුංචි.. දැන් ප්‍රශ්නෙ ඉවරයි.. ලොකු අප්පච්චිලට මේ දේවල් තේරුං කරලා දෙන්න මං ගොඩක් මහන්සි උනා.. දැන් මටත් සතුටුයි.. පුංචිලාට දැන් තමන්ගෙම කියලා තැනක් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නතාලි එම කතාව එතෙකින් නතර කලේ කතාව දිගින් දිගටම ගියහොත් පන්සලට යාමට සිතා උන් ගමන මග හැරෙන හෙයිනි.. නතාලිට මුව නොසෑහෙන සේ ස්තුති කල චේතිය, රංගට හා කලනටද දුරකථන ඇමතුම් දීමෙන් අනතුරුව මව හා නැගණිය පන්සලට යාමට සූදානම් කරගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔවුන් පස්දෙනා ගල් තලාව නැග පන්සල් භූමියට අවතීර්ණ වද්දි රංග හා කලනද වෑන් රථයෙන් පැමිණ ඔවුනට එකතු වූහ.. කලනව දුටු විශ්ව ඔහුට අතට අත දී පිළිගනිද්දී චේතිය ඔහුට රංගවද හදුන්වා දුන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි වැදලා ඉවරවෙලාම හාමුදුරුවො මුණ ගැහෙන්න යමු නේද පුංචි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නතාලි පෙරමුණ ගත්තෙන් හැමෝම ඈ අනුගමනය කර වන්දනාමාන කර ගත්හ.. රංග කලන හා එක්ව ආවාස ගේ පැත්තට ගමන් ගත්තේ හේමවංශ පොඩි හාමුදුරුවන් කැදවාගෙන ඒමටය.. ඔවුන් ධර්ම ශාලාවේ පාඩිගෙන බලාහිදිද්දී පොඩි හාමුදුරුවන් සමග පන්සලේ නායක හාමුදුරුවෝ වූ සීලරතන හිමියන්ද වැඩම කළහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිරිස නැගිට හාමුදුරුවන් දෙනමට වැද පසෙකින් හිද ගනිද්දී පුංචි මිහිරාවි අනෙක් අය පුදුම කරවමින් නායක හිමියන්ගේ පය පාමුල සන්සුන්ව හිද ගත්තේය.. ඔවුන් පැමිණි ආකාරය චේතියගෙන් දැන උන් හේමවංශ හිමියන් එය තම ලොකු හාමුදුරුවන්ට දැනුම් දී තිබිණි.. නමුත් මිහිරාවිගේ පියා ඇතුගල හාමු බව චේතිය ස්වාමින් වහන්සේලාට කීවේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුනර්භවය යන වදන භාවිතා නොකල නායක හිමියන් මිහිරාවිය සාමාන්‍ය ලෙස සුහද කතා බහකට එකතු කර ගත්හ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"චූටි දූ.. ඔයාට මේ පන්සල කලින් මතකද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙමයි.. මං ඉස්සරත් මෙහෙ එනවනෙ හාමුදුරුවනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු හාමුදුරුවන්ගේ කතාවට පුංචි දැරිය පරිණත ලෙස පිළිතුරු දෙද්දී සැවොම පුදුමයෙන් බලා උන්හ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉස්සර කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වලව්වෙ ඉන්නකොට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වලව්වෙ ඉන්නකොට තව කවුද එහෙ හිටියෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කලින්ම හිටියෙ අපි.. මං ඉස්කෝලෙ යද්දි ඇතුගල අන්කල්ලා පදිංචියට ඇවිත් හිටියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු හාමුදුරුවන් සූක්ෂම ලෙස දැරියගෙන් කරුණු කාරණා විමසන ආකාරයත් පුංචි මිහිරාවි ගිරවියක සේ නොපැකිල ඒවාට පිළිතුරු දෙන ආකාරයත් දුටු පිරිස මවිත විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඇතුගල අන්කල්ලා එහෙ ආවෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ වැඩීලා රට ගියානේ මල්ලිට බෙහෙත් ගේන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඩැඩී කියන වදන ඇසී රංග හා කලන පුදුම වුවද ඉංශ්‍රීසි නැඹුරුවකින් යුතු වූ ළමාතැනීගේ පවුලේ විස්තර දැන උන් සීලරතන හිමියන් පුදුම වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊට පස්සෙ මොකද උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මමත් මල්ලි බලන්න එක පාරක් ඉස්කෝලෙ නිවාඩුවට රට ගියා.. ඒත් ඉස්කෝලෙ යන්න ආපහු ආවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ළමාතැනී රට ගොස් තිබූ කතාව මේ කියනා තුරු ගුණවතී පවා දැන උන්නේ නැත.. චේතියට නම් ක්ෂණිකව සිහිපත් වූයේ නංගිගේ පංතිභාර ගුරුතුමිය ඈ ඉංශ්‍රීසි බසට දක්ෂ බව කී කතාවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලිට මොකද උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාට සනීප නැති උනානෙ.. ඔපරේෂන් කරන්නයි රට ගෙනිච්චෙ.. ඒත් මල්ලි මැරුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය අදහා ගත නොහැකිව බලා උන්නේ පෙර දිනක ගල්කන්ද වලව්ව ගැන මවගෙන් අසා දැනගත් කතාව ඒ ආකාරයෙන්ම තම නැගණියගේ මුවින් පිටවද්දීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට ඔයාගෙ ඩැඩී..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මමියි ඩැඩියි ඊට පස්සෙ ලංකාවට ආවා.. ඒත් ඇතුගල අන්කල්ලා වලව්වෙන් ගියේ නෑ.. එයාලා අපේ ඩැඩීලට බොරු කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිහිරාවි එය පැවසුවේ බිම බලාගෙන දුක්බර ඉරියව්වක් මවා පාමිණි.. හැමදෙනාම නිහඩව ඈ දෙස බලා උන්නද ගුණවතීගේ සිත නම් පුදුම තරම් නොසන්සුන් වී තිබුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද එයාලා කියපු බොරු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එවර ප්‍රශ්න නැගුවේ මෙතෙක් නිහඩව උන් හේමවංශ හිමියන්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මමයි ගාමිණියි යාළුයි කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ ලැජ්ජාවෙන් තෙපලද්දී කලන චේතියගේ මුහුණට එබුණේ ගාමිණි කවුදැයි දැනගැනීමටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගාමිණි කියන්නෙ ඔය හාමු.. ගාමිණි ඇතුගල.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය අශේන්ගේ පියාගේ නම කලනට කීවේ රංගටද ඇසෙන සේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං.. ඔයා ගාමිණිත් එක්ක යාළුවෙලා හිටියෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු හාමුදුරුවන්ගේ පැණයට ඈ පිළිතුරු දුන්නේ පෙර මෙන්ම ලැජ්ජාවෙන්ය.. ඒ දුටු විශ්වට සිනා නැගුණද නතාලි නම් සංවධානව එම ඉරියව් නිරීක්ෂණය කරමින් උන්නාය.. ඈ මේ සාකච්ඡාව මුල සිටම ජංගම දුරකථනයේ පටිගත කර ගැනීමටද අමතක කළේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊට පස්සෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ගාමිණිව බදින්න උනා.. ඊට පස්සෙ අපේ ඩැඩීලා ආපහු රට ගියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට ඇතුගල අන්කල්ලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නායක හිමියන් පුංචි දැරියගේ නෑකමෙන්ම විමසූහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාලත් අපි බැන්දට පස්සෙ නුවර ගියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන කවුද වලව්වෙ හිටියෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මමයි, ගාමිණියි, හේතුහාමියි තව වත්තෙ වැඩට ආව ගිය අයයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම ඥාති සොයුරිය සිය පූර්ව ජන්මය ගැන හොද මතකයකින් පසු වන බව දුටු නතාලිට දැනුණේ දැඩි විස්මයකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන කවුරුවත් හිටියෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මම හේතුහාමිට කියලා ධර්මෙව ගෙන්න ගත්තා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුණවතී දෑස් විදහා තම දියණිය දෙස බැලුවේ පුදුමයෙණි.. ළමාතැනී ධර්මතිලක නම් වූ තම සැමියාට ධර්මේ ලෙස ඇමතූ අයුරු ඇයට දැනුදු මතකය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි එයාව ගෙන්න ගත්තෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා ඉස්සර ඉදලම එහෙනෙ හිටියෙ.. එයා හරි හොදයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිහිරාවි එයා ලෙස හදුන්වන්නේ තම පියාව බව වැටහුනු චේතිය පවා බලා උන්නේ ගල් ගැසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ධර්මෙ කියන්නෙ කවුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හේතුහාමිගෙ යාළුවා.. එයා බැන්දෙ ගුණවතීව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ එහිදී තම මව නමින් පමණක් ඇමතීම ගැන හේමවංශ හිමියන් පවා පුදුම විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ධර්මෙ හිටියෙ කොහෙද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ ගෙදර.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙතෙක් පරිණත ලෙස පිළිතුරු දුන් ඇගේ මෙම ප්‍රකාශයන් සමග නතාලිගේ මුවට සිනාවක් ගලා ආවේය.. ඈ අපේ ගෙදර ලෙස හැදින්වූයේ මේ භවයේ තමාගේ නිවස බව ඇයට වැටහුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ධර්මෙට මොකද උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මැරුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනව වෙලාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ එයට පිළිතුරු දෙනු වෙනුවට ගුණවතීගේ මුහුණ දෙස මොහොතක් බලා උන්නාය.. ගුණවතී එවර තම දියණිය දෙස බලා උන්නේ ළමාතැනී දෙස බලන තරමේ ගෞරවයකිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බොහෝ වේලා නිහඩව උන් ඈ අවසානයේ දුන් පිළිතුර සැමගේ සැකයට පාත්‍ර වූවද ඈ ඒ පිළිබදව ඉන්පසු වදනක්වත් දෙඩුවේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද චූටි වීරවර්ධන කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිගු වේලාවක් ගලා ගිය නිහඩතාවයට තිත තැබුවේ චේතිය විසිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඩැඩීගෙ යාළුවෙක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා කොහෙද ඉන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වීරවර්ධන කතාවක් ඇදී ආවේ ඇයි දැනි නොදැන උන්නද හේමවංශ හිමියන් තවත් ප්‍රශ්නයක් නැගුවේ එය පසුවට වැදගත් වේ යැයි හැගුණු නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා කොළඹ.. එයා ළග මගේ ලියුමක් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ නිවසේදී කී කතාව යළිත් වරක් පිරිස ඉදිරියේ පැවසූවේ සැම වුවේ කුතුහලයක් ඉතිරි කර තබමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් කෝ ඩැඩීලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාලා රට ගියානෙ.. දැන් නං මැරිලද දන්නෙත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට කෝ ගාමිණි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ඉන්නෙ පුතත් එක්ක වලව්වෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සැවොම මිහිරාවි දෙස බලා උන්නේ ඈ සුරතල් බසින් කියන වැඩිහිටි කතා අදහාගත නොහැකි ලෙසින්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඔයා ගාමිණි එක්ක රණ්ඩු කලේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වලව්වේ අඩ දඹර ගැන හොදාකාරව දැන උන් සීලරතන හිමියන් විමසුවේ එකල ළමාතැනී ඒ පිළිබදව තමා සමග කතිකාකර තිබූ බැවිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයාට ගමේ ගෑණු හිටියා.. තව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ මොහොතක් කල්පනා කරන්නට ගත්තාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව කිව්වා වලව්ව එයාගෙ නමට ලියලා දෙන්න කියල.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතින් ලිව්වද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සීලරතන හිමියන් ඒ ගැන වැඩිදුර නොවිමසුවේ වලව්වේ අයිතිය තිබුණේ ළමාතැනීට බව උන් වහන්සේ දැන උන් නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"චූටි දුවට මේ ඝන්ඨාර කුළුණ මතකද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඝන්ඨාර කුළුණේ කතාව හේමවංශ හිමියන් චේතියලාට කියූ බව නොදැන උන් නායක හාමුදුරුවෝ එය විමසුවේ මිහිරාවිගේ පිළිතුර දැන ගැනීමටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. මේක හැදෙව්වෙ මං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කොහොද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි මං හාමුදුරුවන්ට සල්ලි එව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කා අතේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හේතුහාමි අතේ තිස් දාහක් එව්වෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිහිරාවි සිය පුංචි දෑස් ලොකු කර නායක හාමුදුරුවන්ට කීවේ උන්වහන්සේට එය අමතක වී ඇත්දැයි සැකයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි දූ වලව්වෙ ඉදලා ගුණවතීලගෙ ගෙදර ආවෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමා ඉදිරියේ වාඩි වී ඉන්නා මෙම සිගිත්තිය වලව්වේ ජීවත්ව මියගිය ළමාතැනීගේ පුනරුත්පත්තිය බව සීලරතන හිමියන්ට තව දුරටත් නැඹුරුව තහවුරු කරගැනීමට අවශ්‍ය වූයේ නැත.. එය මේ වන විට වඩාත් සවිස්තරව තහවුරු වී තිබිනි.. ඒනිසා උන් වහන්සේ ඇසුවේ තමාට ඇසීමට තිබූ අවසන් පැනයයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මැරුණනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනව වෙලාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගාමිණි ගැහුවා.. ඊට පහුවෙනිදා තමයි මං මැරුණෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුද එතකොට ඔයා ළග හිටියෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙතෙන් නිහඩව උන් නතාලි විමසුවේ පිළිතුර දැන දැනමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"සුදු පුතානෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිහිරාවි එය කීවේ චේතියගේ දෑස් දෙස සෘජුව බලමිනි.. ඒ බැල්මට චේතිය තිගැස්සී ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙතෙක් බාහිරව සන්සුන්ව උන්නද ඇතුළතින් කැළඹී උන් ගුණවතී උන් නැතින් නැගිට සිය දියණියව තම උකුලට ගත්තාය.. ඇගේ දෑසේ වූයේ බොදව ගිය කදුළු පටලයකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ගිය ආත්මෙ මෙයා කාගෙ කවුරු උනත් මේ ආත්මෙ මෙයා මගේ දරුවා හාමුදුරුවනේ.. මට මගේ කෙල්ලව නැති කරගන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කීවේ සැම දෙනාගේම සිත්වල අනුකම්පාවක් ජනිත කරවමිනි.. ඒ දුටු සීලරතන හිමියන් ගුණවතීගේ සිත සනසන්නට මද වේලාවක් දහම් දේශනා කලහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එහෙනං චේතිය පුතා.. දැන් කට්ටිය එක්ක ගෙදර යන්න.. අපි පස්සෙ මේ ගැන වැඩි දුර කතා කරමුකො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාකච්ඡාව නිම වී හිමිවරුන් දෙනම වැද පිරිස නික්ම යන්නට සැරසෙද්දී හේමවංශ හිමියන් චේතියව පසෙකට කැදවූහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැං මේ ගැන තව දුරටත් කතා කරන්න බෑ මල්ලි.. හෙට අනිද්දා දිහාට යාළුවො දේනනා එක්ක මේ පැත්තෙ ඇවිත් යන්නකො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හොදයි පොඩි.. සාදු අපි එන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු සමුගත්තේ කැළඹුම, නොසන්සුන්කම, දෙගිඩියාව යන සියළුම හැගීම් නොඅඩුව සිත්හි දරා ගනිමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom