Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ගොඩක් දවසකට පස්සෙ අපේ මල්ලි ගෙදර ඉන්නවා.. කාලෙකින් කතා කරන්නත් බැරි උන නිසා මං එයාගෙ කාමරේට ගියා.. ඒ කාමරේ හතර වටේ ජෝන්සීනා, බැටිස්ටර්, ෂෝන් මයිකල් වගේ කට්ටිය බිත්ති වල එල්ලීගෙන ඉන්න හැටි දැක්කම මට හිනා ගියා.. අපේ මල්ලිට රෙස්ලින් උණ.. ඒ වගේම තමයි ක්රිකට්.. මැච් පිස්සෙක්..

“ආ.. සහෝදරයා.. වාඩිවෙන්න.. කොහොමද මගේ වාස භවන එළනේ..?”

එළදත් කියලා අහනවා.. මේ පච්චි සිරාලා ටික දැක්කම වමනෙ යන්න වගේ.. මං ගිහින් පොරගෙ ඇදෙන් වාඩි උනා.. මල්ලි හිටියෙ කොම්පියුටර් එක ඔන් කරගෙන.. මං ගියා විතරයි මිනිහා බල බල හිටපු එක මිනිමයිස් කරා.. එක පාරටම ස්ක්රීන් එකට වැටුනෙ යට ඇදුමක් විතරක් ඇදගෙන හිටපු කෙල්ලෙක්ගෙ පින්තූරයක්.. මල්ලි මං හිතං හිටියට වඩා ගොඩක් දුර ගිහින් වගේ.. හැබැයි තාම ඌට වයස විසි දෙකයි.. රට ගිය මට වඩා ලංකාවෙ හිටපු මල්ලි නරක් වෙලා..

“කොහොම කෑල්ල.. මරු පහයි නේද..?”

මගේ ඇස් තිබුණ දිහා බලලා මල්ලි ඇහුවා.. ස්ක්රීන් එක උඩටම දාගෙන ඉන්න එක මෙහෙමනං මේක ඇතුලෙ තියෙන ඒවා කොහොම ඇතිද..? ඒත් ඉස්සර ඉදලා ඒ සයිඩ් එකට ගිය මල්ලිව දැන් වෙනස් කරන්න බෑ..

“මොකද අද ගෙදර, රස්තියාදු ගහන්න තැනක් නැද්ද..?”

“වැඩක් නෑ හලෝ.. මගේ හිතට හරි නෑ වගේ..”

හරි නැති වෙන්නවත් මූට හිතක් තියෙනවා කියන එක ගැන සතුටු වෙන්න ඕන..

“මොකක්ද අප්සට් එක, ගෑණු ළමයා තරහා වෙලාද..?”

“තරහ වෙන්න කලින් මං එක්ක යාළු වෙන්න එපැයි.. කිසිම කෙල්ලෙක් මට මේ තරම් ගණන් උස්සලා නෑ..”

කෙල්ලො බර ගාණක් හැන්ඩ්ල් කරලා පලපුරුද්ද තියෙන ගානට තමයි මල්ලි කතා කලේ.. මේ අවුරුදු විසි පහටම මගේ හිතේ ආදරයක් ඇති උනේ පාරමී ගැන විතරයි.. ඒකටත් එක්ක මූ..

“දැන් කවුද ඔය තමුසෙට ගණන් උස්සන කෙල්ල..?”

“හරි ගියාම කියන්නංකො.. දැන් ඉන්න කෑලි වගේ නෙමෙයි.. මේක වට්ටගත්තොත් පරම්පරාවම ගොඩ..”

මිනිහ එහෙනං බර කෑල්ලකට කර ගහන්න හදන්නෙ.. ඒත් මූට හැම කෙල්ලට ඕන අහවල් වැඩේ කරගන්නකන් විතරයි..

“අනේ හලෝ, ඔයා අර එද්දි දාගෙන ආපු ඩෙඩ් ෂූස් දෙක මට දෙනවද..? ඒක ප්රැක්ටිස් වලට කියාපු බඩව..”

පොර එක පාර ට්රැක් එක මාරු කරා.. මං හා කියලා ඔළුව වැනුවම මූ ඇවිත් මගේ ළගින් ඉදගත්තා..

“අයියෙ, ඔයාට තාම නැද්ද කෙල්ලෙක්..? අඩු ගානෙ එහෙවත් හිටියෙ නැද්ද..?”

“එහෙනං කොහොමත් හිටියෙ නෑ.. මෙහෙත් දැනට නෑ..”

මල්ලිට ලස්සන හිනාවක් ගියා.. මූට මේ තරම් ගතියට හිනාවෙන්න පුළුවං කියලා මං කලින් දැනං හිටියෙ නෑනෙ..

“ඒ කියන්නෙ මේ වෙද්දි එක්ක වැඩ කරනවා, එහෙම නේද..?”

මිනිහට මුකුත් හංගන්න බෑ.. මං හැරෙද්දි ඌ දැනගෙන ඉවරයි.. ඒත් උගේ විස්තර මට කියන්නෙ නැත්තං මං මොකටද මගේ විස්තර කියන්නෙ..

“තාම දන්නෙ නෑ.. පස්සෙ බලමුකො..”

“මේ ඒරියා එකේ මං නොදන්න කෙල්ලෙක් ඉන්න විදියක් නෑ.. හරි නොගියොත් කියන්න.. උස්සල හරි ගෙනත් දෙන්නං..”

බලපංකො මල්ලි වෙලා මූට තියෙන ගට.. අයියට උදව් කරන්න හදන්නෙ මාර විදියට.. ආදරේ කියන දේ බලෙන් බලාගන්න බෑ කියලා තේරුම් යද්දි මූ වයසට ගිහින් ඉදියි..

මල්ලි එක්ක කතා කරපු එකෙන් උනේ හිත කළකිරුණු එක විතරයි කියලා තේරෙද්දි මං කාමරෙන් එළියට ආවා.. බැල්කනි එකට වෙලා කල්පනා කර කර ඉද්දි අම්මා කතා කලා කෝල් එකක් කියලා..

“කවුද අම්මා..?”

“සන්ධනායක අන්කල්ගෙන්..”

මම ඉක්මනට ගිහින් ෆෝන් එක ගත්තා.. හදිස්සියක්ද දන්නෙ නෑනෙ..

“පුතා ඔයා බිසීද..?”

“නෑ අන්කල් කියන්න..”

“ඔයාට අද හදිස්සි වැඩ මුකුත් නැත්තං ටිකකට අපේ ගෙදර ඇවිත් යනවද..? අපේ කෙල්ලට ඩ්රයිවින් පුරුදු වෙන්න ඕනෙ වෙලා.. ඔයාට බැරිද ටිකක් කියලා දෙන්න..?”

පාරමීට ඩ්රයිවින් නෙමෙයි මොනවා කියලා දෙන්න බැරිද..? ඒත් පැනපු ගමන් මං හා කිව්වොත් අන්කල් මොනව හිතයිද දන්නෙ නෑනෙ..

“මම හවස් වෙලා එන්නං අන්කල්..”

“ඕකෙ පුතා.. තෑන්ක්ස්..!”

ඒ වැඩෙත් ගොඩ කියලා හිතලා මං ෆෝන් එක තිබ්බා.. අද හවස ගොඩක් සුන්දර එකක් වෙයි.. ඒත් කවදාවත් නැති විදියට හිත කෙල්ලෙක්ගෙ පැත්තට පා වෙලා යද්දි බයත් වගේ.. මේක ප්රශ්න ගොඩක මුල වෙන්නත් බැරි නෑ..

මං පාරමීට ළං වෙන එකෙන් තාත්තලගෙ ෆ්රෙන්ඩ්ෂිප් එක නැතිවෙයිද මංදා..? ඒත් මාව පාරමීට ළංකරන්නෙත් සන්ධනායක අන්කල්මනේ.. එයාට තේරෙන්නෙ නැද්ද මේ තරුණ හිත් වල විසේ වැඩියි කියලා.. මමත් අර කැකිල්ලෙ රජ්ජුරුවො වගේ වැරැද්ද සන්ධනායක අන්කල්ගෙ පැත්තට දාලා හිත හදාගන්න උත්සාහ කලා..

හවස පාරමීලගෙ ගෙදර යද්දි කෙල්ල සුටු පාට ත්රී ක්වාටර් එකකුයි රෝස පාට අත් නැති ටී ෂර්ට් එකකුයි ඇදලා රෝස පාට ස්පෝට්ස් බෑන්ඩ් එකකුයි ඔළුවෙ දාගෙන තව කවුද යාළුවෙක් එක්ක බැඩ්මින්ටන් ගහනවා.. මගේ කාරක වත්ත ඇතුළට දාද්දිම එයා රැකට් එකත් අතේ තියාගෙනම මං ළගට දුවගෙන ආවා.. දාඩියටද මහන්සියටද දන්නෙ නෑ ඒ සුදුපාට මූණ රෝස පාට වෙලා.. හැමදාම වගේ අර දිලිසෙන ඇස් දෙක පුන්චි කරලා පාරමී මගේ හිත පිස්සු වැට්ටුවා.. එයාගෙ යාළුවා ඈත ඉදලා මගේ දිහා බලන් හිටියෙ පුදුම වෙලා වගේ..

“ආ.. අයියා එන්නකො ටිකකට..”

එහෙම කියල මගේ අතකින් ඇදගෙන එයා දිව්වෙ යාළුවා ළගට.. ඒ කෙල්ලත් පාරමීට හරියන සල්ලිකාර ෆැමිලි එකක් වගේ.. සැපට හැදුන ලුක් එකක් ඒ මූණෙ තිබුණා.. ඒත් ඉතිං පාරමීගෙ ලස්සනෙන් භාගයක්වත් එයාට නෑ..

“මේ තමයි මගේ හොදම යාළුවා දිනිති.. මේ ඉන්නෙ ගිම්හාන අයියා..”

අපි දෙන්නට දෙන්නා හදුන්වලා දීලා පාරමී අපි දෙන්නව ඇදගෙන ගෙට ගියා.. මම අවුරුදු අටකින් විතර මෙහෙ ඇවිත් නැහැ.. අදත් ආවෙ තාත්තගෙන් පාර අහගෙන.. ගේ දැක්කා විතරයි මාව උඩ ගිහින් බිම වැටුනා.. මේක ගෙයක් නෙමෙයි තනිකරම එළකිරි හොටෙල් එකක්.. බිස්නස් ෆිල්ඩ් එක හොල්ලගෙන ඉන්න සන්ධනායක අන්කල්ට මෙහෙම ගෙයක් තියෙන එක එක අතකට පුදුම වෙන්න දේකුත් නෙමෙයි.. මේ ගෙදර උෂ්ණෙ වැදුනා විතරයි එද්දි තිබුන ෆිට් එක අන්තිම බින්දුවට යනකල්ම හේදිලා ගියා..

“ඇයි අයියා බයවෙලා වගේ.. එන්න ගෙට.. අයියා එනකල් අම්මි බලාගෙන හිටියෙ..”

අපි ගෙට අඩිය තියද්දිම නිල්මිණී ආන්ටි හිනා කටකුත් අරගෙන මගේ ළගට ආවා.. කොයි තරම් සල්ලි තිබුණත් අර ඉස්සර තිබුණ නිරහංකාරකම් තාම එහෙමමයි.. මම පාත් වෙලා ආන්ටිට වඳිද්දි ආන්ටිට පුදුම හිතුනා වගේ..

“මෙච්චර කල් රට ගිහින් හිටියට ඔයා තාම එදා වගේමයි පුතේ..”

ආන්ටි මගේ ඔළුව අතගෑවෙ එහෙම කියලා..

“අයියා, අම්මි එක්ක ටිකක් කතා කරන්න.. මං ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන එන්නම්..”

පාරමී යාළුවත් එක්ක අර රවුම් පඩිපෙළ දිගේ නගින ගමන් මට කියාගෙන ගියා.. නිල්මිණී ආන්ටි කවදාවත් වැඩිපුර කතා කරන කෙනෙක් නෙමෙයි.. ඉස්සර ඉදලම මං එයාට වැඩිපුර කැමතිත් ඒකයි.. සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම හොද බිරිදක් ඉන්නවා කියලා කතාවක් තියෙනවනේ.. සන්ධනායක අන්කල්ගෙ පැත්තෙන් බැලුවම ඒ කතාව හරියටම හරි.. නිල්මිණී ආන්ටි ඇත්තටම හොද බිරිදක්.. අපේ අම්මා උනත් ආන්ටිව ආශ්රය කලේ ළගම යාළුවෙක් විදියට.. මම කූල් ඩ්රින්ක් එකකුත් බිලා ආන්ටි එක්ක විනාඩි විස්සක් විතර කතා කර කර ඉන්නකොට තමයි අර ටක් ගාලා එන්නං කියලා කාමරේට ගිය පාරමී ආවෙ.. මං දන්නෙ නැද්ද කෙල්ලන්ගෙ ටක් ගෑවිල්ල.. උන්ට හැරෙන්නම විනාඩි පහක් මදි.. එයාගෙ යාළුවා දිනිති නං කලින් ඇදගෙන හිටපු කිට් එක පිටින්මයි හිටියෙ.. පාරමී නිල් පාට ඩෙනිමක් ඇදලා බැගී වගේ ටී ෂර්ට් එකක් උඩින් දාලා.. ඒ විතරක් නං මැදෑ.. පර්ෆියුම් බෝතලෙන් භාගයක්ම හලාගෙනද කොහෙද පලාතම සුවදයි..

“එහෙනං ආන්ටි මං ගිහින් එන්නං.. පස්සෙ හම්බවෙමු.. අයියා මං යනවා..”

අපි හැමෝටම අත වනලා දිනිති මිදුලෙ නතර කරලා තිබුණ ටොයොටා යාරිස් කාර් එකට නැග්ගා.. අපි කට්ටිය මිදුලෙ බලාගෙන ඉද්දි එයා හොද පළපුරුදු කාරයෙක් වගේ වාහනේ රිවස් කරලා හෝන් පාරකුත් ගහලා ඉගිල්ලිලා ගියා.. චීත්ත ගවුමක් මහ ගන්න සල්ලි නැති කෙල්ලො අනන්ත ඉන්න රටක සුර සැප විදින කෙල්ලොත් ඉන්නවා කියලා පාරමීවයි, දිනිතිවයි දකිද්දි මට තේරුණා..

“ඔයාට ඩ්රයිවින් ඉගෙන ගන්න ඇයි මට එන්න කිව්වෙ.. ඔයාගෙ යාළුවට හොදට ඩ්රයිව් කරන්න පුළුවන්නෙ..”

මං එහෙම කියද්දි පාරමී හිනා උනා විතරයි.. ඒ හිනාව යට මොකක්දෝ දගකාරකමක් තැවරිලා තිබුණා..

“අන්කල්ගෙ යාළුවෙක්ට කියලා මෙයාට ලයිසන් එක ගන්න දැම්මා පුතා.. අනිද්දා ට්රයලි තියෙන්නෙ.. තාම ඩ්රයිවින් බෑ..”

සල්ලි තියෙනවනං ඩ්රයිවින් බැරි උනත් ලයිසන් එක ගන්න බැරිවෙන එකක් නෑ.. මේක ලංකාවනේ.. පාරමී වගේ ලස්සන කෙල්ලෙක් පුංචි කාර් එකක් එළවගෙන යද්දි කොයි තරම් ගතියට තියෙයිද..?

“දැන් මොකෙන්ද පුරුදු වෙන්නෙ..? මං ආව එක ඔටෝ ගියර්.. ඔයාට මැනුවල් එකක් පුරුදු උනානං හරි..”

“ගරාර් එකේ තියෙනවා පොඩි ඇල්ටො එකක්.. ඒකෙන් පුරුදු වෙමු..”

පාරමී ගෙට ගිහින් කාරෙකේ යතුර අරගෙන ආවා.. ඒ ගරාජ් එකේ නිල්පාට ඇල්ටෝ එකට අමතරව තව වාහන තුන හතරක්ම තිබුණා.. ඩ්රයිවින් ඉගෙන ගන්නනං පාරටම වාහනේ ගන්න ඕනෙ නෑ.. මේ වත්ත වටේ කැරකුණත් ඇති.. ඒ තරම් ලොකු වත්තක් පාරමීලට තිබුණෙ.. ඒත් පාරමී ඒ වැඩේට කැමති උනේ නැති නිසා අපි දෙන්න වාහනේ අරන් පාරට ආවා..

“ඔයා එන්න ඩ්රයිවින් සීට් එකට.. මං ඩයිව් කරාට ඔයාට පුරුදු වෙන්නෙ නෑනෙ..”

කෙල්ල එහා පැත්තෙ සීට් එකෙන් නගිද්දි මං කිව්වා.. ඒත් එයා බැස්සෙ නෑ..

“ඉස්සරහ මහ පාර ළගදි මං නගින්නං.. එතනට යනකල් අයියා ගෙනිය්නන..”

ඩ්රයිවින් දන්නැති වෙන එවුන් නං මහ පාර දකිද්දිත් බයයි.. ඒත් පාරමීට ඒක ගානක්වත් නෑ.. එයා හිතුවෙ අද අදිරිනීතිය දාලා කියලද කවුද දන්නෙ.. මහ පාර පැතත්ට වාහනේ අරන් යද්දියි මට මතක් උනේ, එදා මේ හරියෙදි තමයි පාරමී පබසරගෙ කාර් එකට ගලකින් හැගුවෙ.. ඒක මතක් වෙලා මට හිනා ගියා..

“ඔයා හිනාවෙන්නෙ ඇයි කියලා මං දන්නවා අයියා.. එදා කරපු වැඩේ මතක් උනා නේද..?”

එහෙනං මෙයාටත් තාම ඒක මතකයි.. එදා මෙයාව පබයගෙ අතට අහු උනානං වැඩේ වඩේ වෙන හැටි බලාගන්න තිබුණා.. මං වාහනේ පාර අයිනටම නතර කරලා එන්ජින් එකත් ඕෆ් කරලම බැස්සෙ පාරමීට මුල ඉදලම කියලා දෙන්න හිතාගෙන.. මටත් කලින් ඩ්රයිවින් සීට් එකට නැග්ග පාරමී වාහනේ ස්ටාට් කරගත්තා.. මං එයා දිහා බැලුවෙ පුදුම වෙලා.. අර ගෙදරදි වගේ දග හිනාවක් දාලා මං දිහා බලලා එයා කියන්නත් කලින්ම වාහනේ පාරට ගත්තා.. නියම ට්රැක් එකට වාහනේ අරන්, යන්න ඕන පැත්තට සිග්නල් දාලා, ගියර් එකත් නියමෙට මාරු කරලා එයා ඩ්රයිව් කරද්දි මාව හොල්මන් උනා.. සන්ධනායක අන්කලුයි නිල්මිණී ඇන්ටියි මාව ගොනාට අන්දලද කොහෙද, නැත්තං මේ තරම් යස අගේට වාහන එළවන්න දන්න කෙනාට ඩ්රයිවින් උගන්නන්න කියයියෑ.. මගේ හොල්මන් උන මූණ දකිද්දි කෙල්ලට හිනා ගියා.. මදැයි මං කාපු චාටරයක්.. තව ටිකකින් මේකි මට ඩ්රයිවින් උගන්නයි..

“ඔයාලා මාව බයිට් කලා නේද නංගි..?”

මගේ කතාවට අර ලස්සන මූණ කළු වෙලා ගියා.. එයා හරස් පාරකට දාලා වාහනේ අයිනක නතර කරලා මගේ මූණ දිහා බැලුවෙ දුක හිතෙන විදියට..

“සොරි අයියා.. මං ඔයාව බයිට් කරන්න කීයටවත් හිතුවෙ නෑ.. අනික මට ඩ්රයිවින් කරන්න පුළුවන් කියලා අපේ ගෙදර අය ඇත්තටම දන්නෙ නෑ..”

මේ කෙල්ල මොනවා කියනවද මංදා.. මෙයා කොහොමද ගෙදර අයට හොරෙන් ඩ්රයිවින් ඉගෙන ගත්තෙ..

“ඉස්සර මං නුවර හෝස්ටල් ඉද්දි වීක් එන්ඩ් එකට දිනිතිලගෙ ගෙදර අය එක්ක ඇවිදින්න යනවා.. එයාලගෙ කාර් එකෙන් තමයි මං මුලින්ම ඩ්රයිව් කරන්න ඉගෙන ගත්තෙ..”

පාරමී පුංචි එකෙක් වගේ ඇස් දෙකටම එබිලා කතා කරද්දි මං කනන්දරයක් අහනව වගේ අහගෙන හිටියා..

“එක්සෑම් ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ දිනිතිගෙ තාත්තා එයාට වෙනම කාර් එකක් අරන් දුන්නා.. අද එයා ආවෙ ඒකෙන්.. මං එයාලගෙ ගෙදර ගිහින් පහුගිය කාලෙ ඒක හොදට පුරුදු උනා..”

“ඉතිං ඔයා ඩ්රයිව් කරන්න දන්නෑ කියලා ගෙදරට කිව්වෙ ඇයි..?”

“හේතු දෙක්ක නිසා.. එක තමයි.. ලයිසන් එක අරගෙන මගේම වාහනයක් මුලින්ම එළවන්න තිබුණ ආසාව..”

“එතකොට අනික..?”

ඒකට කෙලින්ම උත්තරයක් හම්බඋනේ නෑ.. මූණත් ඇල කරලා කටත් අමුතු කරලා පාරමී මගේ දිහා බලන් හිටියා විතරයි.. ඒ හිටපු විදියට මට හිතුනෙම ඒ රෝස පාට කම්මුල් ඉඹින්න..

“කියන්නෙ නැද්ද..?”

ඉඹින්න බැරි කමට මං ඒ කම්මුල ලාවට මිරිකලා අහද්දි අර ඇස් ආපහු හිනා උනා..

“කියන්නං.. හැබැයි මුකුත් හිතන්න බෑ හරිද..?”

මට හිතෙන ඒවා ඔයාට කියන්න බෑ බබා.. ඒවා මං හිතාගන්නං.. ඔයා කියන්නකො කියන්න ආපු දේ.. එහෙම හිතලා මං එයා දිහාම බලන් හිටියා..

“අනිත් එක තමයි, බොරුවක් කරලා හරි අයියව අපේ ගෙදර ගෙන්නගන්න තිබුණ ඕනකම..”

මං හීනෙකින්වත් හිතපු නැති කතාවක් පාරමීගෙ කටින් පිටවෙද්දි මාව ගැස්සිලා ගියා.. මොකක්ද ඒ කතාවෙ තේරුම..? මාව එයාලගෙ ගෙදරට ගෙන්න ගන්න පාරමීට ඕන උනේ ඇයි..?

“මට තේරෙන්නෙ නෑ නංගි ඔයා කියන දේ..”

“මට තේරෙන්නෙත් නෑ අයියෙ..”

මේ කතාවලට පිස්සු හැදෙනවා.. එහෙනං කාටද මේවා තේරෙන්නෙ යකෝ.. හිස් බැල්මකින් ඈත බලාගෙන හිටපු පාරමී හිතපු නැති විදියට වාහනේ ස්ටාට් කර ගත්තා.. දැන් ඉතිං මෙයාගෙ ඩ්රයිවින් ගැන බයවෙන්න දෙයක් නෑනෙ.. ඒ නිසා යන්නෙ කොහෙද කියල අහන්නෙවත් නැතුව මමත් නිකං හිටියා.. එයා වාහනේ අරගෙන ගියේ කොහෙටද කියලා මම දැනං හිටියෙ නෑ.. අලුතෙන් හදපු හුරුබුහුටි ගෙයක් ළගට ගිහින් පාරමී හෝන් එක ගැහුවා.. ගේ ඇතුළෙ ඉදලා එළියට ආවෙ මං කීයටවත් හිතපු නැති කෙනෙක්.. ඒ නිලූ..

“ආ නංගි එන්න ගෙට.. කාත් එක්කද ඔයා ආවේ..?”

වාහනේ ඇතුළ බලන්නෙ නැතුව නිලූ අහද්දි මං දොර ඇරගෙන බැස්සා.. මාව දැකලා නිලූගෙ ඇස් දෙක නළලටම ගියා.. ගේ ඇතුළෙ ඉදලා රොහානුත් එළියට ආවෙ ඒ වෙලාවෙමයි..

“අම්මට සිරි ජෝඩුවම ආවද..?”

රොහානයා ඒක අපහු තාලෙට පාරමීට හිනා ගියා.. එයා නිලූගෙ අතක් අල්ලගනිද්දි රොහාන් මගේ කරට අත දාගෙන ගේ ඇතුළට එක්කගෙන ගියා..

“උඹලගෙ මාලිගාවල් තරං ලොකු නැති උනාට කමක් නෑ.. ඔය හත් අට පොලකින් වාඩි වෙයං..”

රොහානයා හින්ට් එකක් පාස් කරන ගමන් සෙටියෙ ඉදගත්තා.. මේ එක පස්සක් තියාගෙන කොහොමද හත් අට පොළකින් වාඩිවෙන්නෙ.. මූටත් පබයට වගේ මඤ්ඤං..

“ඉතිං ඉතිං.. උඹලා දෙන්නා මේ කොහේ යන ගමන්ද..? එදා හොටෙල් එකේදි අදුන්වලා දුන්නට මං හිතුවෙ නෑ මේක මේ තරං දුර ගිහිල්ලා කියලා.. බලන්නකො නිලූ මුන් අපිටත් වඩා දියුණු වෙලානෙ..”

මූ හිතන්නෙ අපි ෆිට් උනේ උන්ගෙ වෙඩින් එක නිසා කියලා.. අපේ තාත්තගෙ බ්රැකට් එකගෙ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර් පාරමී කියලා මං ඌට කියලා දුන්නා..

“උඹ අර ඉස්කෝලෙ යන කාලෙ එහෙම කියන්නෙ කවුද අන්කල් කෙනෙක් ගැන.. එයාගෙ දුවද එතකොට පාරමී..?”

“ඔව් බං..”

“යකෝ එහෙනං එදා අදුරන්නෙ නැති විදියට කට වහගෙන හිටියෙ මොන මගුලකටද..?”

“පුංචි කාලෙ දැකලා තිබුණට බං මෙයා හිටියෙ නුවර හොස්ටල් වලනේ.. අනික ඒ ලෙවල් කරලා මමත් රට ගියානෙ.. ඒ නිසා ඒ තරං මතකයක් තිබුණෙ නෑ..”

[QUOTE="crazybuddy, post: 12600978, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-1BPgk5TI3wg/T137GQtipyI/AAAAAAAABf4/o1FtupuXAbw/s1600/04.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අද ගොඩක් දවසකට පස්සෙ අපේ මල්ලි ගෙදර ඉන්නවා.. කාලෙකින් කතා කරන්නත් බැරි උන නිසා මං එයාගෙ කාමරේට ගියා.. ඒ කාමරේ හතර වටේ ජෝන්සීනා, බැටිස්ටර්, ෂෝන් මයිකල් වගේ කට්ටිය බිත්ති වල එල්ලීගෙන ඉන්න හැටි දැක්කම මට හිනා ගියා.. අපේ මල්ලිට රෙස්ලින් උණ.. ඒ වගේම තමයි ක්රිකට්.. මැච් පිස්සෙක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආ.. සහෝදරයා.. වාඩිවෙන්න.. කොහොමද මගේ වාස භවන එළනේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එළදත් කියලා අහනවා.. මේ පච්චි සිරාලා ටික දැක්කම වමනෙ යන්න වගේ.. මං ගිහින් පොරගෙ ඇදෙන් වාඩි උනා.. මල්ලි හිටියෙ කොම්පියුටර් එක ඔන් කරගෙන.. මං ගියා විතරයි මිනිහා බල බල හිටපු එක මිනිමයිස් කරා.. එක පාරටම ස්ක්රීන් එකට වැටුනෙ යට ඇදුමක් විතරක් ඇදගෙන හිටපු කෙල්ලෙක්ගෙ පින්තූරයක්.. මල්ලි මං හිතං හිටියට වඩා ගොඩක් දුර ගිහින් වගේ.. හැබැයි තාම ඌට වයස විසි දෙකයි.. රට ගිය මට වඩා ලංකාවෙ හිටපු මල්ලි නරක් වෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කොහොම කෑල්ල.. මරු පහයි නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ ඇස් තිබුණ දිහා බලලා මල්ලි ඇහුවා.. ස්ක්රීන් එක උඩටම දාගෙන ඉන්න එක මෙහෙමනං මේක ඇතුලෙ තියෙන ඒවා කොහොම ඇතිද..? ඒත් ඉස්සර ඉදලා ඒ සයිඩ් එකට ගිය මල්ලිව දැන් වෙනස් කරන්න බෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොකද අද ගෙදර, රස්තියාදු ගහන්න තැනක් නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වැඩක් නෑ හලෝ.. මගේ හිතට හරි නෑ වගේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි නැති වෙන්නවත් මූට හිතක් තියෙනවා කියන එක ගැන සතුටු වෙන්න ඕන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොකක්ද අප්සට් එක, ගෑණු ළමයා තරහා වෙලාද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තරහ වෙන්න කලින් මං එක්ක යාළු වෙන්න එපැයි.. කිසිම කෙල්ලෙක් මට මේ තරම් ගණන් උස්සලා නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙල්ලො බර ගාණක් හැන්ඩ්ල් කරලා පලපුරුද්ද තියෙන ගානට තමයි මල්ලි කතා කලේ.. මේ අවුරුදු විසි පහටම මගේ හිතේ ආදරයක් ඇති උනේ පාරමී ගැන විතරයි.. ඒකටත් එක්ක මූ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන් කවුද ඔය තමුසෙට ගණන් උස්සන කෙල්ල..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි ගියාම කියන්නංකො.. දැන් ඉන්න කෑලි වගේ නෙමෙයි.. මේක වට්ටගත්තොත් පරම්පරාවම ගොඩ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිනිහ එහෙනං බර කෑල්ලකට කර ගහන්න හදන්නෙ.. ඒත් මූට හැම කෙල්ලට ඕන අහවල් වැඩේ කරගන්නකන් විතරයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනේ හලෝ, ඔයා අර එද්දි දාගෙන ආපු ඩෙඩ් ෂූස් දෙක මට දෙනවද..? ඒක ප්රැක්ටිස් වලට කියාපු බඩව..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොර එක පාර ට්රැක් එක මාරු කරා.. මං හා කියලා ඔළුව වැනුවම මූ ඇවිත් මගේ ළගින් ඉදගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියෙ, ඔයාට තාම නැද්ද කෙල්ලෙක්..? අඩු ගානෙ එහෙවත් හිටියෙ නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං කොහොමත් හිටියෙ නෑ.. මෙහෙත් දැනට නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මල්ලිට ලස්සන හිනාවක් ගියා.. මූට මේ තරම් ගතියට හිනාවෙන්න පුළුවං කියලා මං කලින් දැනං හිටියෙ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ කියන්නෙ මේ වෙද්දි එක්ක වැඩ කරනවා, එහෙම නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිනිහට මුකුත් හංගන්න බෑ.. මං හැරෙද්දි ඌ දැනගෙන ඉවරයි.. ඒත් උගේ විස්තර මට කියන්නෙ නැත්තං මං මොකටද මගේ විස්තර කියන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තාම දන්නෙ නෑ.. පස්සෙ බලමුකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ ඒරියා එකේ මං නොදන්න කෙල්ලෙක් ඉන්න විදියක් නෑ.. හරි නොගියොත් කියන්න.. උස්සල හරි ගෙනත් දෙන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බලපංකො මල්ලි වෙලා මූට තියෙන ගට.. අයියට උදව් කරන්න හදන්නෙ මාර විදියට.. ආදරේ කියන දේ බලෙන් බලාගන්න බෑ කියලා තේරුම් යද්දි මූ වයසට ගිහින් ඉදියි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මල්ලි එක්ක කතා කරපු එකෙන් උනේ හිත කළකිරුණු එක විතරයි කියලා තේරෙද්දි මං කාමරෙන් එළියට ආවා.. බැල්කනි එකට වෙලා කල්පනා කර කර ඉද්දි අම්මා කතා කලා කෝල් එකක් කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කවුද අම්මා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සන්ධනායක අන්කල්ගෙන්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම ඉක්මනට ගිහින් ෆෝන් එක ගත්තා.. හදිස්සියක්ද දන්නෙ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතා ඔයා බිසීද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ අන්කල් කියන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාට අද හදිස්සි වැඩ මුකුත් නැත්තං ටිකකට අපේ ගෙදර ඇවිත් යනවද..? අපේ කෙල්ලට ඩ්රයිවින් පුරුදු වෙන්න ඕනෙ වෙලා.. ඔයාට බැරිද ටිකක් කියලා දෙන්න..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමීට ඩ්රයිවින් නෙමෙයි මොනවා කියලා දෙන්න බැරිද..? ඒත් පැනපු ගමන් මං හා කිව්වොත් අන්කල් මොනව හිතයිද දන්නෙ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මම හවස් වෙලා එන්නං අන්කල්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕකෙ පුතා.. තෑන්ක්ස්..!”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ වැඩෙත් ගොඩ කියලා හිතලා මං ෆෝන් එක තිබ්බා.. අද හවස ගොඩක් සුන්දර එකක් වෙයි.. ඒත් කවදාවත් නැති විදියට හිත කෙල්ලෙක්ගෙ පැත්තට පා වෙලා යද්දි බයත් වගේ.. මේක ප්රශ්න ගොඩක මුල වෙන්නත් බැරි නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං පාරමීට ළං වෙන එකෙන් තාත්තලගෙ ෆ්රෙන්ඩ්ෂිප් එක නැතිවෙයිද මංදා..? ඒත් මාව පාරමීට ළංකරන්නෙත් සන්ධනායක අන්කල්මනේ.. එයාට තේරෙන්නෙ නැද්ද මේ තරුණ හිත් වල විසේ වැඩියි කියලා.. මමත් අර කැකිල්ලෙ රජ්ජුරුවො වගේ වැරැද්ද සන්ධනායක අන්කල්ගෙ පැත්තට දාලා හිත හදාගන්න උත්සාහ කලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හවස පාරමීලගෙ ගෙදර යද්දි කෙල්ල සුටු පාට ත්රී ක්වාටර් එකකුයි රෝස පාට අත් නැති ටී ෂර්ට් එකකුයි ඇදලා රෝස පාට ස්පෝට්ස් බෑන්ඩ් එකකුයි ඔළුවෙ දාගෙන තව කවුද යාළුවෙක් එක්ක බැඩ්මින්ටන් ගහනවා.. මගේ කාරක වත්ත ඇතුළට දාද්දිම එයා රැකට් එකත් අතේ තියාගෙනම මං ළගට දුවගෙන ආවා.. දාඩියටද මහන්සියටද දන්නෙ නෑ ඒ සුදුපාට මූණ රෝස පාට වෙලා.. හැමදාම වගේ අර දිලිසෙන ඇස් දෙක පුන්චි කරලා පාරමී මගේ හිත පිස්සු වැට්ටුවා.. එයාගෙ යාළුවා ඈත ඉදලා මගේ දිහා බලන් හිටියෙ පුදුම වෙලා වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආ.. අයියා එන්නකො ටිකකට..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියල මගේ අතකින් ඇදගෙන එයා දිව්වෙ යාළුවා ළගට.. ඒ කෙල්ලත් පාරමීට හරියන සල්ලිකාර ෆැමිලි එකක් වගේ.. සැපට හැදුන ලුක් එකක් ඒ මූණෙ තිබුණා.. ඒත් ඉතිං පාරමීගෙ ලස්සනෙන් භාගයක්වත් එයාට නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ තමයි මගේ හොදම යාළුවා දිනිති.. මේ ඉන්නෙ ගිම්හාන අයියා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි දෙන්නට දෙන්නා හදුන්වලා දීලා පාරමී අපි දෙන්නව ඇදගෙන ගෙට ගියා.. මම අවුරුදු අටකින් විතර මෙහෙ ඇවිත් නැහැ.. අදත් ආවෙ තාත්තගෙන් පාර අහගෙන.. ගේ දැක්කා විතරයි මාව උඩ ගිහින් බිම වැටුනා.. මේක ගෙයක් නෙමෙයි තනිකරම එළකිරි හොටෙල් එකක්.. බිස්නස් ෆිල්ඩ් එක හොල්ලගෙන ඉන්න සන්ධනායක අන්කල්ට මෙහෙම ගෙයක් තියෙන එක එක අතකට පුදුම වෙන්න දේකුත් නෙමෙයි.. මේ ගෙදර උෂ්ණෙ වැදුනා විතරයි එද්දි තිබුන ෆිට් එක අන්තිම බින්දුවට යනකල්ම හේදිලා ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි අයියා බයවෙලා වගේ.. එන්න ගෙට.. අයියා එනකල් අම්මි බලාගෙන හිටියෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි ගෙට අඩිය තියද්දිම නිල්මිණී ආන්ටි හිනා කටකුත් අරගෙන මගේ ළගට ආවා.. කොයි තරම් සල්ලි තිබුණත් අර ඉස්සර තිබුණ නිරහංකාරකම් තාම එහෙමමයි.. මම පාත් වෙලා ආන්ටිට වඳිද්දි ආන්ටිට පුදුම හිතුනා වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මෙච්චර කල් රට ගිහින් හිටියට ඔයා තාම එදා වගේමයි පුතේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආන්ටි මගේ ඔළුව අතගෑවෙ එහෙම කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියා, අම්මි එක්ක ටිකක් කතා කරන්න.. මං ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන එන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී යාළුවත් එක්ක අර රවුම් පඩිපෙළ දිගේ නගින ගමන් මට කියාගෙන ගියා.. නිල්මිණී ආන්ටි කවදාවත් වැඩිපුර කතා කරන කෙනෙක් නෙමෙයි.. ඉස්සර ඉදලම මං එයාට වැඩිපුර කැමතිත් ඒකයි.. සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම හොද බිරිදක් ඉන්නවා කියලා කතාවක් තියෙනවනේ.. සන්ධනායක අන්කල්ගෙ පැත්තෙන් බැලුවම ඒ කතාව හරියටම හරි.. නිල්මිණී ආන්ටි ඇත්තටම හොද බිරිදක්.. අපේ අම්මා උනත් ආන්ටිව ආශ්රය කලේ ළගම යාළුවෙක් විදියට.. මම කූල් ඩ්රින්ක් එකකුත් බිලා ආන්ටි එක්ක විනාඩි විස්සක් විතර කතා කර කර ඉන්නකොට තමයි අර ටක් ගාලා එන්නං කියලා කාමරේට ගිය පාරමී ආවෙ.. මං දන්නෙ නැද්ද කෙල්ලන්ගෙ ටක් ගෑවිල්ල.. උන්ට හැරෙන්නම විනාඩි පහක් මදි.. එයාගෙ යාළුවා දිනිති නං කලින් ඇදගෙන හිටපු කිට් එක පිටින්මයි හිටියෙ.. පාරමී නිල් පාට ඩෙනිමක් ඇදලා බැගී වගේ ටී ෂර්ට් එකක් උඩින් දාලා.. ඒ විතරක් නං මැදෑ.. පර්ෆියුම් බෝතලෙන් භාගයක්ම හලාගෙනද කොහෙද පලාතම සුවදයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙනං ආන්ටි මං ගිහින් එන්නං.. පස්සෙ හම්බවෙමු.. අයියා මං යනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි හැමෝටම අත වනලා දිනිති මිදුලෙ නතර කරලා තිබුණ ටොයොටා යාරිස් කාර් එකට නැග්ගා.. අපි කට්ටිය මිදුලෙ බලාගෙන ඉද්දි එයා හොද පළපුරුදු කාරයෙක් වගේ වාහනේ රිවස් කරලා හෝන් පාරකුත් ගහලා ඉගිල්ලිලා ගියා.. චීත්ත ගවුමක් මහ ගන්න සල්ලි නැති කෙල්ලො අනන්ත ඉන්න රටක සුර සැප විදින කෙල්ලොත් ඉන්නවා කියලා පාරමීවයි, දිනිතිවයි දකිද්දි මට තේරුණා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාට ඩ්රයිවින් ඉගෙන ගන්න ඇයි මට එන්න කිව්වෙ.. ඔයාගෙ යාළුවට හොදට ඩ්රයිව් කරන්න පුළුවන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං එහෙම කියද්දි පාරමී හිනා උනා විතරයි.. ඒ හිනාව යට මොකක්දෝ දගකාරකමක් තැවරිලා තිබුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අන්කල්ගෙ යාළුවෙක්ට කියලා මෙයාට ලයිසන් එක ගන්න දැම්මා පුතා.. අනිද්දා ට්රයලි තියෙන්නෙ.. තාම ඩ්රයිවින් බෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සල්ලි තියෙනවනං ඩ්රයිවින් බැරි උනත් ලයිසන් එක ගන්න බැරිවෙන එකක් නෑ.. මේක ලංකාවනේ.. පාරමී වගේ ලස්සන කෙල්ලෙක් පුංචි කාර් එකක් එළවගෙන යද්දි කොයි තරම් ගතියට තියෙයිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන් මොකෙන්ද පුරුදු වෙන්නෙ..? මං ආව එක ඔටෝ ගියර්.. ඔයාට මැනුවල් එකක් පුරුදු උනානං හරි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ගරාර් එකේ තියෙනවා පොඩි ඇල්ටො එකක්.. ඒකෙන් පුරුදු වෙමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී ගෙට ගිහින් කාරෙකේ යතුර අරගෙන ආවා.. ඒ ගරාජ් එකේ නිල්පාට ඇල්ටෝ එකට අමතරව තව වාහන තුන හතරක්ම තිබුණා.. ඩ්රයිවින් ඉගෙන ගන්නනං පාරටම වාහනේ ගන්න ඕනෙ නෑ.. මේ වත්ත වටේ කැරකුණත් ඇති.. ඒ තරම් ලොකු වත්තක් පාරමීලට තිබුණෙ.. ඒත් පාරමී ඒ වැඩේට කැමති උනේ නැති නිසා අපි දෙන්න වාහනේ අරන් පාරට ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා එන්න ඩ්රයිවින් සීට් එකට.. මං ඩයිව් කරාට ඔයාට පුරුදු වෙන්නෙ නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙල්ල එහා පැත්තෙ සීට් එකෙන් නගිද්දි මං කිව්වා.. ඒත් එයා බැස්සෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉස්සරහ මහ පාර ළගදි මං නගින්නං.. එතනට යනකල් අයියා ගෙනිය්නන..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩ්රයිවින් දන්නැති වෙන එවුන් නං මහ පාර දකිද්දිත් බයයි.. ඒත් පාරමීට ඒක ගානක්වත් නෑ.. එයා හිතුවෙ අද අදිරිනීතිය දාලා කියලද කවුද දන්නෙ.. මහ පාර පැතත්ට වාහනේ අරන් යද්දියි මට මතක් උනේ, එදා මේ හරියෙදි තමයි පාරමී පබසරගෙ කාර් එකට ගලකින් හැගුවෙ.. ඒක මතක් වෙලා මට හිනා ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා හිනාවෙන්නෙ ඇයි කියලා මං දන්නවා අයියා.. එදා කරපු වැඩේ මතක් උනා නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනං මෙයාටත් තාම ඒක මතකයි.. එදා මෙයාව පබයගෙ අතට අහු උනානං වැඩේ වඩේ වෙන හැටි බලාගන්න තිබුණා.. මං වාහනේ පාර අයිනටම නතර කරලා එන්ජින් එකත් ඕෆ් කරලම බැස්සෙ පාරමීට මුල ඉදලම කියලා දෙන්න හිතාගෙන.. මටත් කලින් ඩ්රයිවින් සීට් එකට නැග්ග පාරමී වාහනේ ස්ටාට් කරගත්තා.. මං එයා දිහා බැලුවෙ පුදුම වෙලා.. අර ගෙදරදි වගේ දග හිනාවක් දාලා මං දිහා බලලා එයා කියන්නත් කලින්ම වාහනේ පාරට ගත්තා.. නියම ට්රැක් එකට වාහනේ අරන්, යන්න ඕන පැත්තට සිග්නල් දාලා, ගියර් එකත් නියමෙට මාරු කරලා එයා ඩ්රයිව් කරද්දි මාව හොල්මන් උනා.. සන්ධනායක අන්කලුයි නිල්මිණී ඇන්ටියි මාව ගොනාට අන්දලද කොහෙද, නැත්තං මේ තරම් යස අගේට වාහන එළවන්න දන්න කෙනාට ඩ්රයිවින් උගන්නන්න කියයියෑ.. මගේ හොල්මන් උන මූණ දකිද්දි කෙල්ලට හිනා ගියා.. මදැයි මං කාපු චාටරයක්.. තව ටිකකින් මේකි මට ඩ්රයිවින් උගන්නයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාලා මාව බයිට් කලා නේද නංගි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කතාවට අර ලස්සන මූණ කළු වෙලා ගියා.. එයා හරස් පාරකට දාලා වාහනේ අයිනක නතර කරලා මගේ මූණ දිහා බැලුවෙ දුක හිතෙන විදියට..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සොරි අයියා.. මං ඔයාව බයිට් කරන්න කීයටවත් හිතුවෙ නෑ.. අනික මට ඩ්රයිවින් කරන්න පුළුවන් කියලා අපේ ගෙදර අය ඇත්තටම දන්නෙ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ කෙල්ල මොනවා කියනවද මංදා.. මෙයා කොහොමද ගෙදර අයට හොරෙන් ඩ්රයිවින් ඉගෙන ගත්තෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉස්සර මං නුවර හෝස්ටල් ඉද්දි වීක් එන්ඩ් එකට දිනිතිලගෙ ගෙදර අය එක්ක ඇවිදින්න යනවා.. එයාලගෙ කාර් එකෙන් තමයි මං මුලින්ම ඩ්රයිව් කරන්න ඉගෙන ගත්තෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී පුංචි එකෙක් වගේ ඇස් දෙකටම එබිලා කතා කරද්දි මං කනන්දරයක් අහනව වගේ අහගෙන හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එක්සෑම් ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ දිනිතිගෙ තාත්තා එයාට වෙනම කාර් එකක් අරන් දුන්නා.. අද එයා ආවෙ ඒකෙන්.. මං එයාලගෙ ගෙදර ගිහින් පහුගිය කාලෙ ඒක හොදට පුරුදු උනා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං ඔයා ඩ්රයිව් කරන්න දන්නෑ කියලා ගෙදරට කිව්වෙ ඇයි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හේතු දෙක්ක නිසා.. එක තමයි.. ලයිසන් එක අරගෙන මගේම වාහනයක් මුලින්ම එළවන්න තිබුණ ආසාව..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එතකොට අනික..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකට කෙලින්ම උත්තරයක් හම්බඋනේ නෑ.. මූණත් ඇල කරලා කටත් අමුතු කරලා පාරමී මගේ දිහා බලන් හිටියා විතරයි.. ඒ හිටපු විදියට මට හිතුනෙම ඒ රෝස පාට කම්මුල් ඉඹින්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කියන්නෙ නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉඹින්න බැරි කමට මං ඒ කම්මුල ලාවට මිරිකලා අහද්දි අර ඇස් ආපහු හිනා උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කියන්නං.. හැබැයි මුකුත් හිතන්න බෑ හරිද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට හිතෙන ඒවා ඔයාට කියන්න බෑ බබා.. ඒවා මං හිතාගන්නං.. ඔයා කියන්නකො කියන්න ආපු දේ.. එහෙම හිතලා මං එයා දිහාම බලන් හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අනිත් එක තමයි, බොරුවක් කරලා හරි අයියව අපේ ගෙදර ගෙන්නගන්න තිබුණ ඕනකම..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං හීනෙකින්වත් හිතපු නැති කතාවක් පාරමීගෙ කටින් පිටවෙද්දි මාව ගැස්සිලා ගියා.. මොකක්ද ඒ කතාවෙ තේරුම..? මාව එයාලගෙ ගෙදරට ගෙන්න ගන්න පාරමීට ඕන උනේ ඇයි..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට තේරෙන්නෙ නෑ නංගි ඔයා කියන දේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට තේරෙන්නෙත් නෑ අයියෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ කතාවලට පිස්සු හැදෙනවා.. එහෙනං කාටද මේවා තේරෙන්නෙ යකෝ.. හිස් බැල්මකින් ඈත බලාගෙන හිටපු පාරමී හිතපු නැති විදියට වාහනේ ස්ටාට් කර ගත්තා.. දැන් ඉතිං මෙයාගෙ ඩ්රයිවින් ගැන බයවෙන්න දෙයක් නෑනෙ.. ඒ නිසා යන්නෙ කොහෙද කියල අහන්නෙවත් නැතුව මමත් නිකං හිටියා.. එයා වාහනේ අරගෙන ගියේ කොහෙටද කියලා මම දැනං හිටියෙ නෑ.. අලුතෙන් හදපු හුරුබුහුටි ගෙයක් ළගට ගිහින් පාරමී හෝන් එක ගැහුවා.. ගේ ඇතුළෙ ඉදලා එළියට ආවෙ මං කීයටවත් හිතපු නැති කෙනෙක්.. ඒ නිලූ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආ නංගි එන්න ගෙට.. කාත් එක්කද ඔයා ආවේ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වාහනේ ඇතුළ බලන්නෙ නැතුව නිලූ අහද්දි මං දොර ඇරගෙන බැස්සා.. මාව දැකලා නිලූගෙ ඇස් දෙක නළලටම ගියා.. ගේ ඇතුළෙ ඉදලා රොහානුත් එළියට ආවෙ ඒ වෙලාවෙමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අම්මට සිරි ජෝඩුවම ආවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රොහානයා ඒක අපහු තාලෙට පාරමීට හිනා ගියා.. එයා නිලූගෙ අතක් අල්ලගනිද්දි රොහාන් මගේ කරට අත දාගෙන ගේ ඇතුළට එක්කගෙන ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹලගෙ මාලිගාවල් තරං ලොකු නැති උනාට කමක් නෑ.. ඔය හත් අට පොලකින් වාඩි වෙයං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රොහානයා හින්ට් එකක් පාස් කරන ගමන් සෙටියෙ ඉදගත්තා.. මේ එක පස්සක් තියාගෙන කොහොමද හත් අට පොළකින් වාඩිවෙන්නෙ.. මූටත් පබයට වගේ මඤ්ඤං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං ඉතිං.. උඹලා දෙන්නා මේ කොහේ යන ගමන්ද..? එදා හොටෙල් එකේදි අදුන්වලා දුන්නට මං හිතුවෙ නෑ මේක මේ තරං දුර ගිහිල්ලා කියලා.. බලන්නකො නිලූ මුන් අපිටත් වඩා දියුණු වෙලානෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූ හිතන්නෙ අපි ෆිට් උනේ උන්ගෙ වෙඩින් එක නිසා කියලා.. අපේ තාත්තගෙ බ්රැකට් එකගෙ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර් පාරමී කියලා මං ඌට කියලා දුන්නා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ අර ඉස්කෝලෙ යන කාලෙ එහෙම කියන්නෙ කවුද අන්කල් කෙනෙක් ගැන.. එයාගෙ දුවද එතකොට පාරමී..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව් බං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“යකෝ එහෙනං එදා අදුරන්නෙ නැති විදියට කට වහගෙන හිටියෙ මොන මගුලකටද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුංචි කාලෙ දැකලා තිබුණට බං මෙයා හිටියෙ නුවර හොස්ටල් වලනේ.. අනික ඒ ලෙවල් කරලා මමත් රට ගියානෙ.. ඒ නිසා ඒ තරං මතකයක් තිබුණෙ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom