Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කට්ටිය බන්ගලාවට යද්දි නිල්මිණී ආන්ටියි පාරමියි, ලයිසම්මා කියන දෙමළ මනුස්සයා එක්ක කුස්සියෙ උයනවා.. උයනවා කියලා කිව්වට එයාලා වැඩිපුරම කලේ කෝප්ප හෝදපු එක.. ලයිසම්මා පාරමීගෙන් ප්රශ්න තොගයක් අහනවා.. කෙල්ලත් ගිරවි වගේ කියවනවා.. කුලගන සමිතිය මැද්දට රිංගලා වැඩේ දෙල් කරන්න ඕනෙ නැති නිසා මං රූම් එකට ගියා පබයට කෝල් එකක් ගන්න හිතාගෙන.. උගේ ෆෝන් එක නං දෙයියනේ කියලා පැය විසිහතරෙම වැඩ..

“ඈ යකෝ උඹලා නුවර එළියෙ සැප ගන්න යද්දි නිකමටවත් අපිව මතක් උනේ නෑ නේද..?”

හැමදාම වගේ මුලින්ම ඇහුනෙ උගේ බර බරේ.. මූ ටෙලිෆෝන් මැනර්ස් කියන ඒවා ගැන අහලවත් නැද්ද කොහෙද..? ඒත් මං ඒ ගැන කියලා දෙන්න ගියේ නෑ.. කියලා දෙන්න හැදුවනං අහයි ඒ කන දෙයක්ද කියලා..

“උඹ කොහොමද දන්නෙ මං ඉන්නෙ නුවරඑළියෙ කියලා..?”

“දවල් උඹේ ෆෝන් එකට ගත්තම චාරයක් නැත කිව්වා.. ඒ පාර ගෙදරට ගත්තා.. ආන්ටි තමයි සීන් එක කිව්වෙ..”

ඒ කියන්නෙ මූටත් කම්මැලි වෙලාවට මාව මතක් වෙනවා කියන එකනේ..

“කියලා එන්න වෙලාවක් තිබුණෙ නෑ බං.. මමත් දන්නෙ අද උදේ.. ඒක නෙමෙයි උඹ මේ දවස් වල ෆ්රී ද..?”

“අපි කොහොමත් ෆ්රී බර්ඩ්ලා වගේ තමයි.. මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා කියපංකො..”

“පුළුවන්නං මෙහෙ වරෙන්.. පොඩි ජොලියක් දාන්නත් පුළුවං.. මේ එස්ටේට් එකේ බැරි උනොත් අපි හොටෙල් එකක නවතිමු..”

“අරුන් දෙන්නවත් දක්කගෙන ආවොත් අප්සට්ද..? පව්නෙ බං අළුත බැදපු ජෝඩු සීතලට කැමති ඇතිනේ..”

ඌ ඒ ඇහුවෙ නිලුයි, රොහානුයි ගැන.. කොයි තරම් පිස්සු වැඩ කරත් පබයට තියෙන්නෙ උණුවෙන හිතක්.. ඌ හරියට යාළුවො ගැන හිතනවා.. ඒත් දෙතුන් දෙනෙක්ට ඉන්වයිට් කරන්න තරම් මට බලතල නෑනෙ.. ඒකට චාන්ස් එකක් ගන්න පුළුවන් එකම කෙනා පාරමී.. මං එයාගෙන් අහලා කෝල් කරන්නම් කියලා කිව්වා විතරයි පබයා කැත විදියට හැක හැක ගාන්න ගත්තා..

“උඹ යාළුවෙන්නත් කලින්ම ඒකිගෙ පදේට නටන්න අරන්ද..? තව පස්සට කොහොම වෙයිද..?”

“ආදරේ එක වෙනම දෙයක්.. ඒත් උඹ කියන විදියට මං ගෑණුන්ගෙ පදේට නටන්නෙ නෑ.. මේවයෙ අයිතිකාරයො ඒ ගොල්ලො නිසයි මං එහෙම කිව්වෙ..”

“හරි හරි.. තව ටික දවසකින් ඩව්රියට ලියලා දුන්නම තේ වත්ත උඹේනෙ..”

මේකා පරාජය බාරගන්න කැමතිම නෑ.. කෝල් එකෙන් පස්සෙ පාරමීගෙ ලස්සන ඇස් දෙක ඉල්ලලා මගේ හිත කෑ ගහන්න ගත්තා.. මං එයාව හොයාගෙන එළියට යන්න හදද්දි ඉස්සරහ පුටුවක ඉදගෙන අන්කල් කෝල් එකක්..

“ඒකනේ ජයේ.. ඔයාට තේරෙනවනේ මං ඉන්න තත්වෙ.. තරහා වෙන්න එපා..”

ඒ ටික ඇහෙද්දි මං දැනගත්තා ලයින් එකේ ඉන්නෙ අපේ තාත්තා කියලා.. අන්කල් ඉන්න තත්වෙ තාත්තට තේරුණා උනාට මට නං තේරුණේ නෑ.. ඒ ගැන තිබුණ කුතුහලය නිසාම ඒ හරියට යද්දි මගේ කකුල් දෙක නතර උනේ ඉබේටම..

“ඔව් ඔව් දැක්කා.. අප්පුහාමි කතාත් කලා..”

“ඒක තමයි ජයේ.. ආපහු අපේ අතීතෙට ගියා වගේ දැනෙනවා..”

“කොල්ලට ඔහේ හදිස්සි වැඩ මුකුත් නෑනෙ.. මං දවසක් දෙකක් තියාගෙන එවන්නං..”

“මං දන්නවා ජයේ නොහිටින්න අද මං මේ විදින සතුට හීනයක් විතරයි..”

අන්කලුයි අපේ තාත්තයි දෙන්නම කතා කලේ මගේ ගැන.. ඒත් ඒ මොනවද කියලා හරියටම තේරුණේ නෑ.. අන්කල්ගෙ පුටුවට පිටිපස්සෙ තිබුණ කුලුනකට හේත්තු වෙලා හිටිය මට එක පාරමට කිඹුහුමක් ගියා.. ඒ සද්දෙට ගැස්සිලා ගිය අන්කල් තියන්නං කියන්නෙවත් නැතුව කෝල් එක කට් කලා.. මාව දැකලා ඔය තරම් අන්කල් බය උන එකනම් ප්රශ්නයක්..

“මං පුතාව දැක්කෙ නෑනෙ..”

අන්කල් පැටලි පැටලි ඒක කියපු තාලෙට මට හිනා ගියා.. එයා මාව කොහෙ දකින්නද..? මං හිටියෙ එයාට පිටිපස්සෙනෙ..

“මං දැනුයි මෙතනට ආවෙ අන්කල්..”

ඒ නොසන්සුන්කම මගඅරින්න හිතාගෙන මං කිව්වා.. මේ ගමන්ම පබයා ගෙන්න ගන්න වර්ඩ් එක දැම්මනං හරි..

“ඇයි පුතා..?”

“නෑ අන්කල්, මගේ යාළුවෙක් කෝල් කරා.. එයාට මේ දවස් ටිකේ ෆ්රී ලු.. මං අහන්න හැදුවෙ දවසකට දෙකකට එයාවත් ගෙන්නගත්තට කමක් නැද්ද කියලා..”

“ඉට්ස් ඕකේ පුතා.. ඕක අහන්නත් දෙයක්ද..? ඔය වයසෙ කොහොමත් එන්ජෝයි කරලා ඉන්න එපැයි.. එයාට අදම එන්න කියන්න..”

ඒ වෙලාවෙම අත්දෙකත් සීතලට ගුලි කරගෙන පාරමිත් අපි ඉන්න පැත්තට ආවා.. සන්ධනායක අන්කල් පාරමීගෙ අතින් අල්ලගෙන එයා ඉදගෙන හිටපු පුටුවෙ ඇන්දෙ වාඩිකරව ගත්තා.. ඒක දකිද්දි මටත් ආස හිතුනා ඒ පුටුවෙම අනිත් ඇන්දෙන් ගිහින් වාඩිවෙලා එයාට ළංවෙලා ඉන්න..

“දූගෙ යාළුවො එහෙම නැද්ද මෙහෙ ගෙන්නගන්න..”

අන්කල්ගෙ කතාවට පාරමී හොල්මන් වෙලා ගියා.. අපි කතා කර කර හිටියෙ මොනවද කියලා එයාට ඇහුනෙ නෑනෙ.. ඕක තව තේරුම් කරන්න ගියොත් ඉස්කෝලෙ කෙල්ලො බාගෙකම නම් කියයිද දන්නෙ නෑ..

“අපි හෙටම යන්නෙ නෑ නේද තාත්තා..?”

“නෑ නෑ.. තව දවස් දෙකක් ඉදලා යමුකො.. ඔයාගෙ ඉල්ලීමනේ ඒක..”

“තෑන්ක්ස් තාත්තා..! අපි එහෙනං නිලූ අක්කවයි, අයියවයි ගෙන්න ගමු.. එයාලා ළගදිනේ මැරි කලේ..”

මං පාරමීට කියල කරව ගන්න හිටපු වැඩේ කෙල්ල ෆ්රී ඔෆ් චාර්ජ් කරලා දුන්නා.. මොනව උනත් පාරමී එක්ක ජීවත් වෙන්න ලේසි වෙයි වගේ.. එයාට හිතෙන්නෙත් මට හිතෙන දේවල්මයි.. එහෙනං වැඩ සේරම හරි.. අදම එන්න කිව්වනං හෙට උදේ වෙද්දි ගැන් එක මෙහේ..

“තාත්තා අපි ටිකක් වටේ ඇවිදලා එන්නං..?”

“දැන් රෑ වේගෙන එනවා දරුවො.. හෙට කට්ටිය එක්කම ඇවිදින්න පුළුවන්නෙ..”

හැබැයි ඒක යන්න එපා කියලා තදබල විදියට කරපු විධානයක් නෙමෙයි.. ඒ නිසා අපි බංගලාව පේන හරියෙ ටිකක් ඇවිදින්න ගත්තා.. අපි දිහා ටිකක් වෙලා බලන් ඉදලා සන්ධනායක අන්කල් ඇතුළට ගියා..

ඉතිං.. ගොඩක් දවසකට පස්සෙ ආපහු පාරමීව මට තනියම මුණගැහිලා.. නිකම්ම නෙමෙයි ලස්සනම ලස්සන සීතල පරිසරයක.. මං එයාලගෙ ලස්සන ඇස් දිහා බලද්දි ඒ ඇස් තිබුණෙ මගේ පැත්තෙ..

“අයියා.. සීතලයි..”

ඉස්සර වෙලා කතා කරපු කටහඩයි දැන් කටහඩයි සෑහෙන්න වෙනස්.. සීතලට කරන්න කොයිතරම් දේවල් තියෙනවද..? මට නං රට හිටපු නිසා සීතල පුරුදුයි.. ඒත් පාරමී වෙව්ලනවා..

“ඔයා එහෙනං ඇතුළට යන්න නංගි..”

කෙල්ලගෙ සීතල නැති කරන්න ගිහින් අන්කල්ගෙන් ගුටි කන්න උනොත් කියලා මං දෙන්න තියන හොදම විසදුම දුන්නා..

“ම්හු.. මට බැහැ..”

බලාගෙන යද්දි මෙයත් හරිම හිතුවක්කාරයි.. මං හිත හදාගෙන මෙයාට ඇතුළට යන්න කියද්දි මගේ හිත පිස්සු වට්ටන්න වගේ එළියෙම ඉන්න හදනවා.. බෝ පැළ වගේ තියන අපේ හිත් නරක් කරන්නෙ කෙල්ලොමයි.. අන්තිමට කියන්නෙ කොල්ලො නරකයි කියලා..

“සීතලේ ඇවිදින්න බැහැනේ.. එහෙනං ගිහින් අතනින් ඉදගමු..”

පහළ ලොකු මල් පදුරක් ළග තිබුණ බංකුවක් පෙන්නලා මං කිව්වා.. ඒකටනං කෙල්ල එක පයින් නෙමෙයි දෙපයින්ම හා කියලා මටත් කලින් ගිහින් එතනින් ඉදගත්තා.. ඒ හරියෙ පැති දෙකකම තේ ගස් ගානට වැටිය වගේ වවලා.. අනිත් පැත්තෙ මල් හිටවලා.. ඒ බංකුවෙ ඉදගත්තම වටේ ගස් වලට කවර් වෙනවා.. එතනට බංගලාව පෙනුනට බංගලාවෙ ඉදලා බලද්දි වටේ තියෙන ගසුයි කළුවරයි හින්දා අපිව පේන්නෙ නැහැ.. ඉතිං වට පිට තත්වෙ හොදට නිරීක්ෂණය කරලා මං දෙයියනේ කියලා පාරමිගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට ඉදගත්තා..

මට මුලින්ම දැනුනෙ පිච්ච මල් සුවදක්.. ඒක ආවෙ වටේ තියෙන ගහකින්ද පාරමී ළගින්ද දන්නෙ නෑ.. එයා කිසි කතාවක් නැතුව පාඩුවෙ වාඩිවෙලා අත්දෙකත් ගුලි කරගෙන ඉන්නවා..

“නංගි පාරමී.. මොනව හරි කියන්න..”

“මොනවත් කිව්වට වැඩක් නැහැනෙ අයියා.. ඔයා මං කියන දේවල් අහන්නෙ නෑනෙ..”

ඒ පාර මොකක්ද යකෝ මේ අවනඩුව.. මං කවදද එයා කියන දේවල් අහන්නෙ නැතුව හිටියෙ..

“ඔයා මොනවා ගැනද ඔය කියන්නෙ..?”

“ඔයාට මං එදා අපේ ගෙදර එන්න කිව්වා.. ඔයා ආවෙ නෑනෙ.. ඉතිං ඒ මං කියන ඒවා අහන්නෙ නැති නිසානෙ.. ඒකයි මෙහෙ එන්න කියලත් මං තාත්තටම කියන්න ඇරලා නිකං හිටියෙ..”

“ඒ කිව්වෙ..?”

“ඇයි ඉතිං, මං කිව්වට ඔයා එන්නෙ නෑ කියලා මම දන්නවනෙ..”

ඔයා කිව්වොත් මං එන්නෙ නිකං නෙමෙයි ඉගිලිලා.. ඒත් බබා මුලින්ම ඒකට පසුබිම හදාගන්න එපැයි..

“ඔයා මං ගැන හිතන් ඉන්න විදිය වැරදියි නංගි.. ඔයාව දකින්න එන්න මමත් කැමතියි.. ඒත්.. අපි අම්මලා තාත්තලා ගැනත් හිතන්න ඕන නේද බබා..?”

“අපේ අම්මලා කවදාවත් ඔයාට එන්න එපා කියන්නෙ නෑ අයියා.. ඒක මට ෂුවර්..”

“අපි අදම නිලූලට එන්න කියමු නේද නංගි..? එතකොට එයාලට හෙට කලින් එන්න පුළුවං වෙයි..”

පාරමී එක්ක ගේම ඉල්ලන එක වැඩක් නැති නිසා මම ට්රැක් එක මාරු කලා..

“අයියා රොහාන් අයියට කියන්න.. මමත් නිලූ අක්කට කෝල් එකක් දෙන්නම්.. ඒත් අයියා..”

කෙල්ල මොකක්ද කියන්න වගේ හදලා ඒක ගිල ගත්තා.. ඒ මූණ දිහා බැලුවත් එයා හිටියෙ බිම බලාගෙන.. මං එයාගෙ නිකටට අත තියලා මූණ මගේ පැත්තට හරව ගත්තා.. කළුවරේ උනත් ඒ ඇස් දිලිසෙනවා..

“කියන්න බබා.. ඇයි ඒත් කිව්වෙ..?”

මගේ ප්රශ්නෙට පාරමීගෙ ඇහෙන් කදුළක් වැටුණා.. මගේ අතටම වැටුණ ඒ කදුළ නිසා මගේ හිත හෙල්ලිලා ගියා.. සීතල රෑක ලස්සන පුංචි කෙල්ලෙක් ළගට වෙලා අඩද්දි කොල්ලෙක්ගෙ හිතට කොයි තරම් දේවල් හිතෙනවද..?

“ඔයාට මාව තේරෙන්නෙ නෑ අයියා..”

අපහු ප්රශ්නෙට අදාල නැති වෙනමම උත්තරයක් පාරමීගෙන් පිට උනා.. එයා එහෙම හිතුවට මට එයාව හොදට තේරෙනවා.. හෙට නිලූලා එන එක ගැන කතා කරද්දි අඩන්න ගත්තෙ ඇයි කියලා කියන එක තමයි මට නොතේරුනේ.. එක අතකට ඒකෙ ඒ තරම් හිතන්න දේකුත් නෑ.. කෙල්ලො කොහොමත් ඉන්නෙ ටැප් එක අරින්න බලාගන්න ගමන්මනේ..

එක් පාරටම ගස් කොලන් හෙල්ලිලා යන විදියෙ සීතලම සීතල සුළගක් හැමුවා.. තදයා වගේ හිටියට මොකද ඒ හුළගටනං මගේ ඇගෙත් හිරිගඩු පිපුණා..

හුළග ඉවරවෙනවත් එක්කම ටිකක් ඈතින් ලොකු සද්දයක් ඇහිලා වටේම කළුවර උනා.. මං බංගලාව පැත්ත බලද්දි එකේ කරන්ට් එක ගිහින්.. කෑලි කපන්න තරම් ඝණට තිබුණ කළුවරේ පාරමී ඉදගෙන හිටපු තැනින් තව ටිකක් මගේ පැත්තට ආවා.. බයේ ගැහෙන පුංචි කෙල්ලගෙ කර වටේ අත දාලා මං එයාව ළගට ගනිද්දි ඒ දේ බලාපොරොත්තුවෙන් හිටියා වගේ කෙල්ල තවත් මට තුරුළු උනා.. මෙච්චර වෙලා මට දැනුණ පිච්ච මල් සුවද ආවෙ පාරමී ළගින් කියලා මං දැනගත්තෙ දැන්..

මට තුරුළු වෙලා හිටපු පාරමී ටික ටික ගැස්සෙනවා වගේ.. ඒ කියන්නෙ කෙල්ල ආපහු අඩනවා.. ඉතිං කිසි දෙයක් ගැන දෙපාරක් නොහිත මං අත්දෙකෙන්ම එයා මගේ ළගට ළං කරගත්තා.. මම කරපු කිසිම දේකට කෙල්ල විරුද්ධ උනේ නෑ.. එයා කලේ පුංචි හා පැටියෙක් වගේ මගේ උණුසුමට ගුලිවෙලා හිටපු එක විතරයි.. මං කළුවරේම ඒ ඇස් දිහා බැලුවා.. අවුලක් නෑ අපි දිහා බලන් හිටපු හද උනත් හැංගිලා.. දැන් ඉතිං පාරමී මගේ කියලා හිතලා මං එයාගෙ නළලට හෙමින් හාදුවක් දුන්නා.. කෙල්ල මගේ පපුවෙ ඔළුව ඔබා ගනිද්දිම වගේ ලන්තෑරුමක් අරන් බේබි කියාගෙන අපේ පැත්තට එන අප්පුහාමි අන්කල්ගෙ කට හඩ ඇහුණා..

[QUOTE="crazybuddy, post: 12601002, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-mtou-Q10VGk/T137KaR8xfI/AAAAAAAABf4/0wWeoT-0oBk/s1600/07.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි කට්ටිය බන්ගලාවට යද්දි නිල්මිණී ආන්ටියි පාරමියි, ලයිසම්මා කියන දෙමළ මනුස්සයා එක්ක කුස්සියෙ උයනවා.. උයනවා කියලා කිව්වට එයාලා වැඩිපුරම කලේ කෝප්ප හෝදපු එක.. ලයිසම්මා පාරමීගෙන් ප්රශ්න තොගයක් අහනවා.. කෙල්ලත් ගිරවි වගේ කියවනවා.. කුලගන සමිතිය මැද්දට රිංගලා වැඩේ දෙල් කරන්න ඕනෙ නැති නිසා මං රූම් එකට ගියා පබයට කෝල් එකක් ගන්න හිතාගෙන.. උගේ ෆෝන් එක නං දෙයියනේ කියලා පැය විසිහතරෙම වැඩ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඈ යකෝ උඹලා නුවර එළියෙ සැප ගන්න යද්දි නිකමටවත් අපිව මතක් උනේ නෑ නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැමදාම වගේ මුලින්ම ඇහුනෙ උගේ බර බරේ.. මූ ටෙලිෆෝන් මැනර්ස් කියන ඒවා ගැන අහලවත් නැද්ද කොහෙද..? ඒත් මං ඒ ගැන කියලා දෙන්න ගියේ නෑ.. කියලා දෙන්න හැදුවනං අහයි ඒ කන දෙයක්ද කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ කොහොමද දන්නෙ මං ඉන්නෙ නුවරඑළියෙ කියලා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දවල් උඹේ ෆෝන් එකට ගත්තම චාරයක් නැත කිව්වා.. ඒ පාර ගෙදරට ගත්තා.. ආන්ටි තමයි සීන් එක කිව්වෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ මූටත් කම්මැලි වෙලාවට මාව මතක් වෙනවා කියන එකනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කියලා එන්න වෙලාවක් තිබුණෙ නෑ බං.. මමත් දන්නෙ අද උදේ.. ඒක නෙමෙයි උඹ මේ දවස් වල ෆ්රී ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපි කොහොමත් ෆ්රී බර්ඩ්ලා වගේ තමයි.. මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා කියපංකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුළුවන්නං මෙහෙ වරෙන්.. පොඩි ජොලියක් දාන්නත් පුළුවං.. මේ එස්ටේට් එකේ බැරි උනොත් අපි හොටෙල් එකක නවතිමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අරුන් දෙන්නවත් දක්කගෙන ආවොත් අප්සට්ද..? පව්නෙ බං අළුත බැදපු ජෝඩු සීතලට කැමති ඇතිනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඌ ඒ ඇහුවෙ නිලුයි, රොහානුයි ගැන.. කොයි තරම් පිස්සු වැඩ කරත් පබයට තියෙන්නෙ උණුවෙන හිතක්.. ඌ හරියට යාළුවො ගැන හිතනවා.. ඒත් දෙතුන් දෙනෙක්ට ඉන්වයිට් කරන්න තරම් මට බලතල නෑනෙ.. ඒකට චාන්ස් එකක් ගන්න පුළුවන් එකම කෙනා පාරමී.. මං එයාගෙන් අහලා කෝල් කරන්නම් කියලා කිව්වා විතරයි පබයා කැත විදියට හැක හැක ගාන්න ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ යාළුවෙන්නත් කලින්ම ඒකිගෙ පදේට නටන්න අරන්ද..? තව පස්සට කොහොම වෙයිද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ආදරේ එක වෙනම දෙයක්.. ඒත් උඹ කියන විදියට මං ගෑණුන්ගෙ පදේට නටන්නෙ නෑ.. මේවයෙ අයිතිකාරයො ඒ ගොල්ලො නිසයි මං එහෙම කිව්වෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි හරි.. තව ටික දවසකින් ඩව්රියට ලියලා දුන්නම තේ වත්ත උඹේනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකා පරාජය බාරගන්න කැමතිම නෑ.. කෝල් එකෙන් පස්සෙ පාරමීගෙ ලස්සන ඇස් දෙක ඉල්ලලා මගේ හිත කෑ ගහන්න ගත්තා.. මං එයාව හොයාගෙන එළියට යන්න හදද්දි ඉස්සරහ පුටුවක ඉදගෙන අන්කල් කෝල් එකක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒකනේ ජයේ.. ඔයාට තේරෙනවනේ මං ඉන්න තත්වෙ.. තරහා වෙන්න එපා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ටික ඇහෙද්දි මං දැනගත්තා ලයින් එකේ ඉන්නෙ අපේ තාත්තා කියලා.. අන්කල් ඉන්න තත්වෙ තාත්තට තේරුණා උනාට මට නං තේරුණේ නෑ.. ඒ ගැන තිබුණ කුතුහලය නිසාම ඒ හරියට යද්දි මගේ කකුල් දෙක නතර උනේ ඉබේටම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව් ඔව් දැක්කා.. අප්පුහාමි කතාත් කලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒක තමයි ජයේ.. ආපහු අපේ අතීතෙට ගියා වගේ දැනෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කොල්ලට ඔහේ හදිස්සි වැඩ මුකුත් නෑනෙ.. මං දවසක් දෙකක් තියාගෙන එවන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං දන්නවා ජයේ නොහිටින්න අද මං මේ විදින සතුට හීනයක් විතරයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කලුයි අපේ තාත්තයි දෙන්නම කතා කලේ මගේ ගැන.. ඒත් ඒ මොනවද කියලා හරියටම තේරුණේ නෑ.. අන්කල්ගෙ පුටුවට පිටිපස්සෙ තිබුණ කුලුනකට හේත්තු වෙලා හිටිය මට එක පාරමට කිඹුහුමක් ගියා.. ඒ සද්දෙට ගැස්සිලා ගිය අන්කල් තියන්නං කියන්නෙවත් නැතුව කෝල් එක කට් කලා.. මාව දැකලා ඔය තරම් අන්කල් බය උන එකනම් ප්රශ්නයක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං පුතාව දැක්කෙ නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල් පැටලි පැටලි ඒක කියපු තාලෙට මට හිනා ගියා.. එයා මාව කොහෙ දකින්නද..? මං හිටියෙ එයාට පිටිපස්සෙනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං දැනුයි මෙතනට ආවෙ අන්කල්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ නොසන්සුන්කම මගඅරින්න හිතාගෙන මං කිව්වා.. මේ ගමන්ම පබයා ගෙන්න ගන්න වර්ඩ් එක දැම්මනං හරි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි පුතා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ අන්කල්, මගේ යාළුවෙක් කෝල් කරා.. එයාට මේ දවස් ටිකේ ෆ්රී ලු.. මං අහන්න හැදුවෙ දවසකට දෙකකට එයාවත් ගෙන්නගත්තට කමක් නැද්ද කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉට්ස් ඕකේ පුතා.. ඕක අහන්නත් දෙයක්ද..? ඔය වයසෙ කොහොමත් එන්ජෝයි කරලා ඉන්න එපැයි.. එයාට අදම එන්න කියන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ වෙලාවෙම අත්දෙකත් සීතලට ගුලි කරගෙන පාරමිත් අපි ඉන්න පැත්තට ආවා.. සන්ධනායක අන්කල් පාරමීගෙ අතින් අල්ලගෙන එයා ඉදගෙන හිටපු පුටුවෙ ඇන්දෙ වාඩිකරව ගත්තා.. ඒක දකිද්දි මටත් ආස හිතුනා ඒ පුටුවෙම අනිත් ඇන්දෙන් ගිහින් වාඩිවෙලා එයාට ළංවෙලා ඉන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දූගෙ යාළුවො එහෙම නැද්ද මෙහෙ ගෙන්නගන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල්ගෙ කතාවට පාරමී හොල්මන් වෙලා ගියා.. අපි කතා කර කර හිටියෙ මොනවද කියලා එයාට ඇහුනෙ නෑනෙ.. ඕක තව තේරුම් කරන්න ගියොත් ඉස්කෝලෙ කෙල්ලො බාගෙකම නම් කියයිද දන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපි හෙටම යන්නෙ නෑ නේද තාත්තා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ නෑ.. තව දවස් දෙකක් ඉදලා යමුකො.. ඔයාගෙ ඉල්ලීමනේ ඒක..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තෑන්ක්ස් තාත්තා..! අපි එහෙනං නිලූ අක්කවයි, අයියවයි ගෙන්න ගමු.. එයාලා ළගදිනේ මැරි කලේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං පාරමීට කියල කරව ගන්න හිටපු වැඩේ කෙල්ල ෆ්රී ඔෆ් චාර්ජ් කරලා දුන්නා.. මොනව උනත් පාරමී එක්ක ජීවත් වෙන්න ලේසි වෙයි වගේ.. එයාට හිතෙන්නෙත් මට හිතෙන දේවල්මයි.. එහෙනං වැඩ සේරම හරි.. අදම එන්න කිව්වනං හෙට උදේ වෙද්දි ගැන් එක මෙහේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තාත්තා අපි ටිකක් වටේ ඇවිදලා එන්නං..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන් රෑ වේගෙන එනවා දරුවො.. හෙට කට්ටිය එක්කම ඇවිදින්න පුළුවන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැබැයි ඒක යන්න එපා කියලා තදබල විදියට කරපු විධානයක් නෙමෙයි.. ඒ නිසා අපි බංගලාව පේන හරියෙ ටිකක් ඇවිදින්න ගත්තා.. අපි දිහා ටිකක් වෙලා බලන් ඉදලා සන්ධනායක අන්කල් ඇතුළට ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතිං.. ගොඩක් දවසකට පස්සෙ ආපහු පාරමීව මට තනියම මුණගැහිලා.. නිකම්ම නෙමෙයි ලස්සනම ලස්සන සීතල පරිසරයක.. මං එයාලගෙ ලස්සන ඇස් දිහා බලද්දි ඒ ඇස් තිබුණෙ මගේ පැත්තෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියා.. සීතලයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉස්සර වෙලා කතා කරපු කටහඩයි දැන් කටහඩයි සෑහෙන්න වෙනස්.. සීතලට කරන්න කොයිතරම් දේවල් තියෙනවද..? මට නං රට හිටපු නිසා සීතල පුරුදුයි.. ඒත් පාරමී වෙව්ලනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා එහෙනං ඇතුළට යන්න නංගි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙල්ලගෙ සීතල නැති කරන්න ගිහින් අන්කල්ගෙන් ගුටි කන්න උනොත් කියලා මං දෙන්න තියන හොදම විසදුම දුන්නා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ම්හු.. මට බැහැ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බලාගෙන යද්දි මෙයත් හරිම හිතුවක්කාරයි.. මං හිත හදාගෙන මෙයාට ඇතුළට යන්න කියද්දි මගේ හිත පිස්සු වට්ටන්න වගේ එළියෙම ඉන්න හදනවා.. බෝ පැළ වගේ තියන අපේ හිත් නරක් කරන්නෙ කෙල්ලොමයි.. අන්තිමට කියන්නෙ කොල්ලො නරකයි කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සීතලේ ඇවිදින්න බැහැනේ.. එහෙනං ගිහින් අතනින් ඉදගමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පහළ ලොකු මල් පදුරක් ළග තිබුණ බංකුවක් පෙන්නලා මං කිව්වා.. ඒකටනං කෙල්ල එක පයින් නෙමෙයි දෙපයින්ම හා කියලා මටත් කලින් ගිහින් එතනින් ඉදගත්තා.. ඒ හරියෙ පැති දෙකකම තේ ගස් ගානට වැටිය වගේ වවලා.. අනිත් පැත්තෙ මල් හිටවලා.. ඒ බංකුවෙ ඉදගත්තම වටේ ගස් වලට කවර් වෙනවා.. එතනට බංගලාව පෙනුනට බංගලාවෙ ඉදලා බලද්දි වටේ තියෙන ගසුයි කළුවරයි හින්දා අපිව පේන්නෙ නැහැ.. ඉතිං වට පිට තත්වෙ හොදට නිරීක්ෂණය කරලා මං දෙයියනේ කියලා පාරමිගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට ඉදගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට මුලින්ම දැනුනෙ පිච්ච මල් සුවදක්.. ඒක ආවෙ වටේ තියෙන ගහකින්ද පාරමී ළගින්ද දන්නෙ නෑ.. එයා කිසි කතාවක් නැතුව පාඩුවෙ වාඩිවෙලා අත්දෙකත් ගුලි කරගෙන ඉන්නවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නංගි පාරමී.. මොනව හරි කියන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොනවත් කිව්වට වැඩක් නැහැනෙ අයියා.. ඔයා මං කියන දේවල් අහන්නෙ නෑනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර මොකක්ද යකෝ මේ අවනඩුව.. මං කවදද එයා කියන දේවල් අහන්නෙ නැතුව හිටියෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා මොනවා ගැනද ඔය කියන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාට මං එදා අපේ ගෙදර එන්න කිව්වා.. ඔයා ආවෙ නෑනෙ.. ඉතිං ඒ මං කියන ඒවා අහන්නෙ නැති නිසානෙ.. ඒකයි මෙහෙ එන්න කියලත් මං තාත්තටම කියන්න ඇරලා නිකං හිටියෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ කිව්වෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි ඉතිං, මං කිව්වට ඔයා එන්නෙ නෑ කියලා මම දන්නවනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා කිව්වොත් මං එන්නෙ නිකං නෙමෙයි ඉගිලිලා.. ඒත් බබා මුලින්ම ඒකට පසුබිම හදාගන්න එපැයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා මං ගැන හිතන් ඉන්න විදිය වැරදියි නංගි.. ඔයාව දකින්න එන්න මමත් කැමතියි.. ඒත්.. අපි අම්මලා තාත්තලා ගැනත් හිතන්න ඕන නේද බබා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපේ අම්මලා කවදාවත් ඔයාට එන්න එපා කියන්නෙ නෑ අයියා.. ඒක මට ෂුවර්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපි අදම නිලූලට එන්න කියමු නේද නංගි..? එතකොට එයාලට හෙට කලින් එන්න පුළුවං වෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී එක්ක ගේම ඉල්ලන එක වැඩක් නැති නිසා මම ට්රැක් එක මාරු කලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියා රොහාන් අයියට කියන්න.. මමත් නිලූ අක්කට කෝල් එකක් දෙන්නම්.. ඒත් අයියා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෙල්ල මොකක්ද කියන්න වගේ හදලා ඒක ගිල ගත්තා.. ඒ මූණ දිහා බැලුවත් එයා හිටියෙ බිම බලාගෙන.. මං එයාගෙ නිකටට අත තියලා මූණ මගේ පැත්තට හරව ගත්තා.. කළුවරේ උනත් ඒ ඇස් දිලිසෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කියන්න බබා.. ඇයි ඒත් කිව්වෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ ප්රශ්නෙට පාරමීගෙ ඇහෙන් කදුළක් වැටුණා.. මගේ අතටම වැටුණ ඒ කදුළ නිසා මගේ හිත හෙල්ලිලා ගියා.. සීතල රෑක ලස්සන පුංචි කෙල්ලෙක් ළගට වෙලා අඩද්දි කොල්ලෙක්ගෙ හිතට කොයි තරම් දේවල් හිතෙනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයාට මාව තේරෙන්නෙ නෑ අයියා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපහු ප්රශ්නෙට අදාල නැති වෙනමම උත්තරයක් පාරමීගෙන් පිට උනා.. එයා එහෙම හිතුවට මට එයාව හොදට තේරෙනවා.. හෙට නිලූලා එන එක ගැන කතා කරද්දි අඩන්න ගත්තෙ ඇයි කියලා කියන එක තමයි මට නොතේරුනේ.. එක අතකට ඒකෙ ඒ තරම් හිතන්න දේකුත් නෑ.. කෙල්ලො කොහොමත් ඉන්නෙ ටැප් එක අරින්න බලාගන්න ගමන්මනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එක් පාරටම ගස් කොලන් හෙල්ලිලා යන විදියෙ සීතලම සීතල සුළගක් හැමුවා.. තදයා වගේ හිටියට මොකද ඒ හුළගටනං මගේ ඇගෙත් හිරිගඩු පිපුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හුළග ඉවරවෙනවත් එක්කම ටිකක් ඈතින් ලොකු සද්දයක් ඇහිලා වටේම කළුවර උනා.. මං බංගලාව පැත්ත බලද්දි එකේ කරන්ට් එක ගිහින්.. කෑලි කපන්න තරම් ඝණට තිබුණ කළුවරේ පාරමී ඉදගෙන හිටපු තැනින් තව ටිකක් මගේ පැත්තට ආවා.. බයේ ගැහෙන පුංචි කෙල්ලගෙ කර වටේ අත දාලා මං එයාව ළගට ගනිද්දි ඒ දේ බලාපොරොත්තුවෙන් හිටියා වගේ කෙල්ල තවත් මට තුරුළු උනා.. මෙච්චර වෙලා මට දැනුණ පිච්ච මල් සුවද ආවෙ පාරමී ළගින් කියලා මං දැනගත්තෙ දැන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට තුරුළු වෙලා හිටපු පාරමී ටික ටික ගැස්සෙනවා වගේ.. ඒ කියන්නෙ කෙල්ල ආපහු අඩනවා.. ඉතිං කිසි දෙයක් ගැන දෙපාරක් නොහිත මං අත්දෙකෙන්ම එයා මගේ ළගට ළං කරගත්තා.. මම කරපු කිසිම දේකට කෙල්ල විරුද්ධ උනේ නෑ.. එයා කලේ පුංචි හා පැටියෙක් වගේ මගේ උණුසුමට ගුලිවෙලා හිටපු එක විතරයි.. මං කළුවරේම ඒ ඇස් දිහා බැලුවා.. අවුලක් නෑ අපි දිහා බලන් හිටපු හද උනත් හැංගිලා.. දැන් ඉතිං පාරමී මගේ කියලා හිතලා මං එයාගෙ නළලට හෙමින් හාදුවක් දුන්නා.. කෙල්ල මගේ පපුවෙ ඔළුව ඔබා ගනිද්දිම වගේ ලන්තෑරුමක් අරන් බේබි කියාගෙන අපේ පැත්තට එන අප්පුහාමි අන්කල්ගෙ කට හඩ ඇහුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom