Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ පාන්දර කවුදෝ මන්දා සනීපෙට ඔළුව අතගානවා දැනිලා මාව ඇහැරුනා.. ඇස් ඇරලා බලද්දි අද ඉදලා මගේ ලෝකෙ ඉන්න වටිනම වස්තුව, මගේ පුංචි කෙල්ල ඇද උඩ.. මං ඒ සීතල අත අරගෙන මගේ පපුවට තුරුල් කරගන්න ගමන් වෙලාව බැලුවා.. දෙයියනේ.. මං පාන්දර කියලා හිතාගෙන හිටියට දැන් නවය හමාරත් පහුවෙලා.. ඊයෙ රෑ තිස්සෙ නිදි නැතුවම පාරමී ගැන හිත හිත හිපටු ඒවයෙ ප්රතිඵල තමයි මේ.. මං පාරමී දිහා බලද්දි මට තේරුණා මගේ වගේම එයාගෙ මූණත් නිදිමත පාටයි කියලා.. ඒ කියන්නෙ කෙල්ලත් නැගිටලා තියෙන්නෙ දැන් ටිකකට කලින්..

“ගුඩ් මෝනිං මගේ වස්තුව..!”

“ගුඩ් මෝනිං අයියා..! ඔන්න අද ඉදලා හැමදාම මේ වගේ මට උදේ නැගිටපු ගමන් ගුඩ් මෝනිං කියන්න ඕනෙ.. මං බලාගෙන ඉන්නවා එතකල්..”

පෙම්වතියක් විදියට පාරමී පළවෙනිම කොන්දේසිය මගේ හිතට ඇතුල් කලා.. ඒත් මේ වගේ ළගින් ඉදන් හැමදාම ගුඩ් මෝනිං කියන්න නං මං අදම මෙයාව කිඩ්නැප් කරන්න වෙනවා..

“මේ වගේ කියන්න බැරිවෙයි බබා.. ඒත් ෆෝන් එකෙන් කියන්නම්..”

පාරමීගෙ සුදු නළලට කිස් එකක් දීලා මං කියද්දි කෙල්ල ඇස් පුංචි කරලා හිනා උනා.. ඔය හිනාවට තමයි මගේ හිත පිස්සු වැටෙන්නෙ..

ආදරේ කලාට තාම පාරමීයි මමයි නිල නොලත් ආදරවන්තයෝ.. තාම මම පාරමීට ආදරෙයි කියලවත් කැමතියි කියලවත් නෑ.. පාරමීත් ඒ වගේ.. අපේ හැගීම් වචන වලින් හුවමාරු කරගත්තෙ නැති උනාට මං පාරමීට ආදරෙයි කියලා එයා දන්නවා.. පාරමිත් මට ගොඩක් ආදරෙයි කියලා මං දන්නවා..

උදේම කාලා බීළා චේන්ජ් එකක් දාගෙන මමයි පාරමියි සන්ධනායක අන්කල්ගෙ පස්සෙන් ඇවිදින්න ගියා.. එයා අපිව මුලින්ම එක්කගෙන ගියේ ටී ෆැක්ටරි එකට.. ඒක ඇතුලෙත් මිනිස්සු සෑහෙන පිරිසක් වැඩ.. අපි ආතල් එකේ නුලෙන් අල්ලලා උනු වතුර එකට ඔබලා ගන්න ටී පැකට් එක ඒ තත්වෙට ගේන්න මිනිස්සු කොයිතරම් මහන්සි වෙනවද කියලා හිතෙන්නෙ මේ වගේ තැනකට ආවම තමයි..

ඊයෙ හවස දානෙ දීපු වෙලාවෙ එතැන හිටපු මිනිස්සු කීප දෙනෙක්ම ඇවිත් හිනාවෙලා වචනයක් දෙකක් කතා කරලා ගියා.. අප්පුහාමි අන්කලුත් කට පුරෝලා හිනාවෙලා අපිත් එක්ක සෙට් උනා..

“මහත්තයලා වත්තෙත් ඇවිදින්න යනවද..?”

“මේ ළමයින්ගෙ යාළුවො දෙතුන් දෙනෙක් එනවා කිව්වා අප්පහාමි.. ඒ ආවම එයාලත් එක්කම ගියා නං හරි..”

අප්පුහාමි අන්කල් ගයිඩ් වැඩේ කරන්න හැදුවට ඒක හරිගියේ නෑ.. සන්ධනායක අන්කල් මැනේජර් එක්ක එකතු වෙලා බිල් පොත් වගයක් චෙක් කරද්දි මං පාරමී එක්ක ෆැක්ටරි එකෙන් එළියට ආවා..

“නංගි කලිනුත් මෙහෙ ඇවිත් තියෙනවද..?”

“අපෝ ඔව්.. අපි එකපාරක් දිනිතිලා එක්කත් ආවා.. මං මෙහෙට හරි කැමතියි..”

“ඇයි ඉතිං අද ඔයාගෙ යාළුවා දිනිතිට එන්න කිව්වෙ නැත්තෙ..?”

“දිනිති මගේ යාළුවා විතරනේ.. නිලූ අක්කියි, රොහාන් අයියයි ඔයාගෙත් යාළුවොනේ..”

මං හිතනවට වඩා දුර පාරමී හිතනවා.. ඒත් ඉතිං ඔය කියන දිනිතිට එන්න කිව්වනං අපිට තනිකඩ පබසර ගැනවත් හිතලා බලන්න තිබුණා..

“නංගි දිනිතිට බෝයි කෙනෙක් ඉන්නවද..?”

“ඇයි..?”

පාරමී ඇහුවෙ පුදුම වෙලා.. මං වෙන කෙල්ලො ගැන අහද්දි එයා අප්සෙට් වෙන්න ඇති..

“නෑ නිකං.. වේකස්සීස් තියනවද කියල දැනගන්නයි ඇහුවෙ..”

පබයා ගැන හිතේ තියාගෙන මං ඒක ඇහුවම කෙල්ලට ඩෝං ගියා.. සුදු මූණ රතු කරගෙන මගේ දිහා රවලා බලලා යන්න හද්දි මං ඒ පුංචි අතකින් අල්ල ගත්තා.. ඒ තත්පර දෙකට ඇස්වල කදුලු පුරවගෙන..

“ඇයි බබා මේ..? මං විහිළුවටනේ ඇහුවෙ.. මට දැන් වෙන කෙල්ලො ඕනෙ නෑ කියලා මගේ මැණික දන්නෙ නැද්ද..?”

කෙල්ල මොනවද මංදා කියන්න කට හදද්දිම අප්පුහාමි අන්කල් අපේ මැද්දට කඩාගෙන පැන්නා.. මේ මිනිහනං ගිය ආත්මෙ අපේ ණය කාරයෙක් වෙන්න ඇති.. ඕන වෙලාවක පස්සෙන්මයි..

“අන්න බේබිලගෙ යාළුවො ඇවිත්..”

ඒක ඇහුනා විතරයි අපි දෙන්නා අප්පුහාමි අන්කල්ව එතන දාලා බංගලාව පැත්තට දුවගෙන වගේ ආවා.. ඒ එද්දි පබයයි, රොහානුයි ඩබල බෑග් ටික බානවා.. නිලූ බොනට් එකට හේත්තු වෙලා සිරි නරඹනවා.. නිලූව දැක්කා විතරයි පාරමී මාවත් දාලා දුවගෙන ගිහින් එයාගෙ අතේ එල්ලුනා..

“ගුඩ් මෝනිං මචං..! කොහොමද ප්රෝග්රෙස් එක..?”

පබයා පාරමීව ඔළුවෙන් පෙන්නන ගමන් අතුරු ප්රශ්නයක් දැම්මා.. ඒත් දැම්මම වැඩේ වන කරගත්තොත් කිසි ගතියක් නෑ.. ඒ නිසා කතාව යට ගහලා මං උන් දෙන්නා එක්ක බෑග් ටික කාමර වලට දැම්මා..

බංගලාවෙ හිතේ හැටියට කාමර තියෙන නිසා නිලූටයි රොහාන්ටයි වෙනම කාමරයක් දීලා පබයව මගේ කාමරේට ගත්තා.. නිල්මිණී ආන්ටි ලයිසම්මා එක්ක එකතු වෙලා කට්ටියටම වේලපහම සංග්රහයක් ලෑස්ති කරලා.. කට්ටියම ඒකට වග කියන අතරෙ පබසරයා උගේ හැකර කට දිග ඇරියා..

“ඔන්න මචං, උඹ එන්න කිව්වා මං ආවා.. මුන් දෙන්නව එක්කං එන්න කිව්වා, ඒකත් කලා.. ඒ දෙකටම හරි යන්න කන්න බොන්න කලින් පින් සිද්ධ වෙන උදව්වක් කරපංකො..”

නිලුයි, රොහානුයි ඌ ඉල්ලන්න යන උදව්ව දැනගෙන වගේ හිනාවෙනවා.. මං පාරමී දිහා බලද්දි කෙල්ලත් හොල්මන් වෙලා වගේ පබයගෙ මූණ දිහා බලාගෙන..

“මොකක්ද පුතා ඔයාට ඕන උදව්ව..? මෙයාලට කියන්න බැරි නම් මට කියන්න..”

නිල්මිණී ආන්ටි ඒ ගැන අහද්දි පබයා බොහොම අමාරුවෙන් හිනාවක් දැම්මා.. කොටින්ම කියනවනං ඒක අඩන්න බැරිකමට හිනා උනා වගේ චාටර් හිනාවක්.. නිල්මිණී ආන්ටිට මෙනාව හරි තේරිලා වගේ ආයෙත් ඒ ගැන අහන්නෙ නැතුව ඇතුළට ගියා..

“මචං.. බඩු චාර්ජ් වෙලා..”

පබයා කෝපි එක අතේ තියාගෙන බොන්නෙ නැතුව ඒක කියද්දි මට වැඩේ මීටර් උනා..

“වරෙන් වරෙන් මෙතන ගඳ ගස්සන්නෙ නැතුව යමං..”

ඌව ඇදගෙන මං ටොයිලට් එකට යද්දි තමයි පාරමීට සීන් එක තේරුණේ..

කට්ටිය කාලා බීලා ඇගපත හෝදගෙන ඇදුම් මාරු කරන් වත්තෙ ඇවිදින්න සෙට් උනා.. දැන්නං පාරමීට මාව ඕනෙ නෑ වගේ.. කෙල්ල නිලූට ළං වෙලා මොනවදෝ කියවනවා.. ඊයෙ වෙච්ච සීන් එක මෙයා පත්තරේ දායිද ද්නනෙ නෑ..

අපි පස්දෙනා පඩිය බැහැගෙන මිදුලට යද්දිම අප්පුහාමි අන්කල් අනවසරයෙන් නඩේට එකතු උනා..

“බේබිලා කොහෙද ඇවිදින්න යන්නෙ..?”

“අපි යනවා අන්කල් අනන්තයට යන පාර දිගේ..”

පබසර සීරියස් කියද්දි අප්පුහාමි අන්කල්ගෙ ඇස් දෙක ලොකු උනා.. පබයා එක්ක කතා කරන්න ගියොත් නං අප්පුහාමිට මොලේ අමාරුව හැදෙනවා..

“කොහෙද මහත්තයො ඔය කියන පාර තියෙන්නෙ..? මේ හරියෙ එකක් නම් වෙන්න බෑ..”

මම කිව්වෙ නැද්ද අරූගෙ බයිලා වර්ඩ් එකයි දැම්මෙ බේබි මහත්තයා වෙලා..

“ඒක තියෙන්නෙ අන්කල් වික්ටෝරියා ඩෑම් එක එහා පැත්තෙ..”

නුවරඑළියෙ සීතලට පබසරට පිස්සු හැදිලද බලන්න වගේ අන්කල් ඇස් කන් හොදට ඇරලා පබසරගෙ මූණ දිහා බැලුවා.. මූ මේ අහිංසක මනුස්සයව බයිට් එකට ගන්න හදන්නෙ.. ඒක තේරිලද මංදා රොහාන් කතාව මාරු කළා..

“අන්කල් කොච්චර කාලෙක ඉදන් සන්ධනායක මහත්තයා ළග වැඩ කරනවද..?”

“මං පුංචි සන්ධියෙ ඉදලම හිටියෙ මේ වත්තෙ තමයි බේබි.. මම මුලින්ම වැඩ කලේ සන්ධනායක මහත්තයගෙ තාත්තා ළග..”

අපි කතා කරන අතරෙ තේ වැටි අතරෙන් ඇවිදගෙන ඉස්සරහට ගියා.. ඊයෙ අර මනුස්සයෙක් කියපු කතාවක් මගේ හිතට එක පාරටම ආවෙඒ වෙලාවෙ..

“අපේ තාත්තට ළමයි නැතුව හිටපු කතාව මොකක්ද අන්කල්..?”

මං අහපු ප්රශ්නෙට අන්කල් පුදුම විදියට අප්සට් උනා.. පස්සෙ අමාරුවෙන් වගේ කට ඇරියෙ මොකක් හරි උත්තරයක් දෙන්න ඕන නිසා..

“ජයරත්න මහත්තයා බැඳලා නෝනත් එක්ක ටික කාලයක් මෙහෙ හිටියා.. ඊට පස්සෙ මහත්තයා මෙහෙ ඉද්දි නෝනා අවුරුදු ගානක් අම්මලගෙ ගෙදර නැවතිලා හිටියා.. මහත්තයා සතියකට දෙකකට වතාවක් කොළඹ ගිහින් නෝනව බලලා ආවා..”

“ඊට පස්සෙ..?”

“නෝනා කොළඹ නතර වෙලා ළමයි නැති එකට දිගටම බේත් කලා.. ඊට පස්සෙ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ආපු පණිවිඩේට තමයි ජයරත්න මහත්තයා කොළඹ නවතින්න ගියේ..”

“එතකොට මෙහේ ජොබ් එක..?”

ඒ ප්රශ්නෙ ආවෙ රොහාන්ගෙන්.. ඕකට උත්තරේ ඊයෙ මං අන්කල්ගෙන් අහගත්තනේ..

“කොළඹ ඉදලා නිතර මෙහෙ යන්න එන්න අමාරු නිසා සන්ධනායක මහත්තයා ජයරත්න මහත්තයව කොළඹ බිස්නස් බලාගන්න යැව්වා..”

හැමෝම අහගෙන හිටියෙ කතන්දරයක් අහනව වගේ.. ඒත් මගේ හිතනං කිව්වෙ අප්පුහාමි අන්කල් දැන දැනම මොකක් හරි හංගනවා කියලා..

ඔය කියන විදියට අම්මට හම්බඋන ළඹයා තමයි මම.. ඒත් මට පස්සෙ මල්ලිත් ඉන්නවනේ.. යන්න ගිය ගමන අතරමග දාලා මට හැරිලා කාමරේට යන්න ඕන උනා.. ඒත් මේ වෙද්දි අපි වත්තෙ ගොඩක් දුර පහළට ඇවිත් හිටියෙ..

“මචං මං පටස් ගාලා හාවෙක් අල්ලන් එන්නං..”

එහෙම කියලා පබසර ඈතට යන්න හැදුවා.. පාරමී මගේ දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..

“මෙහේ හාවො නෑ බේබි..”

“ඉන්නවා අන්කල් ඉන්නවා..”

අප්පුහාමි අන්කල් කියන්න කියන්නම පබයා හිනාවෙවී ගියා.. ඌ අල්ලන්න යන හාවා මොකාද කියලා මමයි රොහානුයි දෙන්නම දන්නවා.. ඉතිං ඌ එනකල් අපි කට්ටිය ලොකු කළුගල් ගොඩක් තිබුණ තැන වාඩි උනා..

“අයියෝ මාව තුවාල වෙලා..”

පාරමීගෙ සද්දෙට අපි තුන්දෙනා එක සැරේට එයා ළගට ගියා.. ත්රී ක්වාටර් කලිසමක් ඇදන් හිටපු කෙල්ලගෙ සුදු කකුල දිගේ ලේ පාරක් ගලාගෙන යනවා.. මෙච්චර ලේ එන්න තුවාල වෙලත් මෙයාට දැනුනෙ නැත්තෙ ඇයි..?

“බේබි ඔය තුවාල වෙලා නෙමෙයි කූඩැල්ලෙක් කාලා..”

ඒ කතාවට පාරමීගෙ කට තිත්ත බෙහෙත් බීපු පුංචි එකෙක් වගේ ඇදවෙලා ගියා.. පව් කෙල්ල හොදටම බය වෙලා.. නිලූ පාරමීගෙ ඉස්සරහ දණ ගහගෙන එයාගෙ කලිසමේ කකුල දණහිස් හරියට විතර එනකල් නැව්වා.. එතකොටම කකුලෙ ඇලිලා හිටපු ජිල් බෝලයක් විතර කූඩැල්ලෙක් බිමට වැටුණා.. දොස්තර නෝනා වගේ ගේමට බැස්සට මොකද කූඩැල්ලව දැක්කා විතරයි නිලූත් පිටිපස්සට පැන්නා..

“අර පහළ දොළ පාරට ගිහින් කකුල ටිකක් තෙමාගත්තම ඕක හරියයි..”

“අනේ තව නං කොහේවත් යන්න බෑ.. අපි ගෙදර යං..”

පාරමීගෙ කතාව අනුමත කරන්න වගේ නිලූත් ඔළුව වැනුවා.. බලන් යද්දි කෙල්ලො කූඩැල්ලොන්ට පුදුම බයක්නෙ තියෙන්නෙ.. මේ පොඩි කූඩැල්ලෙක් දැක්කා විතරයි ගමනත් එපා වෙලා..

“මොකද මේ සබා තොමෝ විසිර යන්න හදන්නෙ..? මොකක්ද අවුල..?”

හාවා අල්ලන්න ගිය පබයා හාවා නැතුව හිස් අතින්ම ඇවිත් ඇහුවා.. කෙල්ලො දෙන්නගෙ මූණූ දැකලා මූ හිතන්න ඇති හෙන කේස් එක්ක කියලා..

“අවුල මෙන්න මූ..”

මං බිම හිටපු කූඩැල්ලව පෙන්නුවා..

“ෂා.. ගති මචං.. තව හත් අටදෙනෙක් අහුල ගත්තනං තෙල් පොඩ්ඩක් දාලා ලාවට බැදලා හවස බයිට් එකට ගන්න පුළුවං..”

මූ කිව්වොත් කියන්නෙ ඔය වගේ පජාත කතාවක් තමයි.. පාරමියි නිලුයි දෙන්නා ඊ..යා.. කියලා පබසරට රැව්වා..

“අප්පුහාමි අන්කල් මෙහේ සුදුවා නැද්ද..? අපිට ඕනෙ ගහේ ෆෙෂ් බඩු..”

බයිට් එක මතක් උනා විතරයි මේ යකාට සුදුවා ඕන වෙලා..

“අපොයි අපොයි.. බේබිලට ඕවා දීලා ලොකු මහත්තයා මට සෝලි තියයි..”

“පිස්සුද අන්කල්.. කවුද කියන්නෙ අන්කල් දුන්නා කියලා.. මේ සීතලේ රා කට්ටක් ගහන්න තියෙනවනං කොච්චර ආතල්ද..?”

“අනේ මේ පබසර.. ඔයාගෙ ඔය රා කට්ට ගැහිල්ල පැත්තක තියලා අපි ආපහු යං.. මේ ළමයා හොදටම බයවෙලා ඉන්නෙ..”

නිලූ දෝස්මුරේ දාලා මැද්දට පැනපු විදියෙන් මට තේරුණේ පාමීට වඩා නිලූ බයවෙලා කියලා.. ස්ත්රී පරාන දෙක මග හලලා අපි තුන්දෙනා විතරක් ඇවිදලා වැඩක් නැති නිසා හැමෝම හරිලා ආයෙම බංගලාවට ගියා..

“මොකෝ මේ..? ඇවිදලා ඉවරද..?”

අපිව දැකලා සන්ධනායක අන්කල් අහද්දිම පාරමී ලොකු දෙයක් වෙලා වගේ එයාගෙ කකුල පෙන්නුවා..

“ආ.. ඔය කූඩැල්ලෙක් කාලා නේද..?”

අන්කල් සත පහකට ගණන් ගන්නෙ නැතුව ඒක අහපු තාලෙට පාරමීට ඩෝං ගිහින්.. අපි කට්ටියට හිනා..

“ඔය පුංචි කූඩැල්ලන්ට බයේ නං මෙහෙ ඉන්න බෑ.. වැස්ස කාලෙට හැමතැනම උන් ඉන්නවා..”

ඒ පාර පාමරී නිලූවත් ඇදගෙන ඇතුළට ගියා..

“පුතා හවස මොනවද කරන්න ප්ලෑන් කලේ..?”

අපි විශේෂ මුකුත් ප්ලෑන් කලේ නැති උනාට පබසරනං ප්ලෑන් කලේ කූඩැල්ලො බයිට් එකත් එක්ක සුදුවා ගහන්න.. ඒත් ඉතිං මේ මනුස්සයට ඒක කටක් ඇරලා කියන්න පුළුවන්ද..?

“හවස අපි වැව පැත්තෙ යං.. බෝට් රයිඩ් එකක් එහෙම ගිහින් අස්සයගෙ පිටේ රවුමක් දාලා එන්න පුළුවං..”

“එළනෙ..”

අන්කල්ගෙ කතාව ඉවර වෙද්දිම පබයට එකපාරම කියවුණා..

“එහෙනං හවස යන්න රෙඩි වෙන්න..”

ගේ ඇතුලෙ බැලුවට පාරමීලා පේන්න නෑ.. එයාලා ලයිසම්මා එක්ක කුස්සියෙ වෙන්න ඇති.. මං, පබයයි, රොහානුයි එක්ක මගේ කාමරේට ආවා..

“උඹලගෙ අන්කල් කාරයා මාර ඩයල් එකක්නේ බං.. මාර සැලකිල්ලක් තියෙන්නෙ..”

රොහාන් එහෙම කියන ගමන් ඇදෙන් වාඩි උනා..

“ඒක නෙමෙයි මචං.. කෙල්ලගෙන් තාම වචනයක් ගත්තෙ නැද්ද..?”

මම බොහොම අමාරුවෙන් හංගන්න හදපු දේ රොහානයා ඇදලා ගත්තා.. උන්ට බොරු කිව්වා කියලා මට ලැබෙන සෙතක් නෑනෙ..

“කෙල්ල මට කැමතියි මචං.. ඒක මට ෂුවර්..”

“උඹ ඔය ටික කලිනුත් කිව්වනේ.. මං අහන්නෙ ඇහුවද කියලා..?”

ඇත්තටම මං පාරමීගෙන් මුකුත් ඇහුවෙ නෑනෙ.. දැන් මොකක්ද දෙන උත්තරේ.. ඊයෙ රෑ වෙච්ච සීන් එක කිව්වොත් කිසි ගතියක් නෑ..

“ඩිරෙක්ට් ඇහුවෙ නෑ බං.. ඒත් එයා මට කැමතියි කියලා මං දැනගත්තා.. දැන් ගේම ගොඩ..”

ඇත්තනේ ඉතිං.. පාරමී මට ආදරේ නැත්තං අර විදියට මගේ පපුවට තුරුල් වෙලා ඉදියිද..?

“රයිට් මචං.. උඹේ පැත්තෙනුත් අවුලක් නෑනෙ.. දැන් ගෙවල් වලට මූණ දෙන්න ලෑස්ති වෙයං.. මට වෙච්ච ප්රශ්න උඹලා දෙන්නම දන්නවනේ..”

රොහාන්, පබයගෙයි, මගෙයි දෙන්නගෙම මූණු දෙක බලලා සීරියස් පිට කිව්වා.. සල්ලිකාරයෝ උන නිලූලගෙ අම්මයි තාත්තයි දෙන්නම අපේ රොහාන්ට අකමැති උනේ මූ ටිකක් දුප්පත් පවුලක කොල්ලෙක් උන නිසා..

“මට මෙහෙම දෙයක් හිතෙනව බං.. උඹලගෙ අන්කල් කාරයා ඔය අප්පුහාමි කියන මනුස්සයව උඹලගෙ ගාඩ් එකට දාලා කියලා.. ඒ මිනිහා කොයි වෙලාවෙත් පාරමී ගැන ඇහැ ගහගෙන ඉන්නෙ..”

මගේ හිතට ආපු සැකේම කිසි අඩුවක් නැතුව පබසරගෙ හිතටත් ඇවිත් තිබුණා.. ඌ මේ ටිකට ඒකත් නෝට් කරලා.. කොහොමත් ඊයෙ ආපු වෙලාවෙ ඉදලම අප්පුහාමි අන්කල් හිටියෙ අපි ළගින්මනේ..

“මටත් ඕක ඊයෙම හිතුනා බං.. මේ මිනිහා මටයි පාරමීටයි තනිවෙන්න චාන්ස් එකක් දුන්නෙම නෑ..”

“අපි හිතනවට වඩා සන්ධනායක අන්කල්ගෙ ජීවිතේට ඔය මිනිහා සමීපයි.. සමහර විට ඒක ඇතුලෙ අපි නොදන්න කතාවක් තියෙන්න පුළුවං..”

රොහාන් ඒක කියද්දි මට හිතුනෙ අපි තුන්දෙනා අදහස් අතින් ගත්තම කොයි තරම් සමාන මට්ටමකද ඉන්නෙ කියනෙක.. හැමෝටම හිතෙන්නෙ එකම විධියට.. කොහොමත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම අපි තුන්දෙනා මීටර් තුනක් විදියට ෆේමස් වෙලා හිටියෙ..

“උඹලා දේනනා කියන සේරම ඇත්ත වෙන්න ඇති කියලා මටත් දැනෙනවා.. ඒ වගේම රොහාන් උඹ ඔය කියන නොදන්න කතාව ඇතුලෙ මමත් ප්රධාන චරිතයක් වෙන්න පුළුවං..”

“වෙන්න පුළුවං නෙමෙයි ඒක ෂුවර්..”

“පාරමී මේ දේවල් දන්නවා වෙන්න බැරිද..?”

[QUOTE="crazybuddy, post: 12601013, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-Y0puOoypd44/T137JURacUI/AAAAAAAABf4/h9wp0uHoo9Q/s1600/08.png[/IMG] [B][COLOR=#783f04]උදේ පාන්දර කවුදෝ මන්දා සනීපෙට ඔළුව අතගානවා දැනිලා මාව ඇහැරුනා.. ඇස් ඇරලා බලද්දි අද ඉදලා මගේ ලෝකෙ ඉන්න වටිනම වස්තුව, මගේ පුංචි කෙල්ල ඇද උඩ.. මං ඒ සීතල අත අරගෙන මගේ පපුවට තුරුල් කරගන්න ගමන් වෙලාව බැලුවා.. දෙයියනේ.. මං පාන්දර කියලා හිතාගෙන හිටියට දැන් නවය හමාරත් පහුවෙලා.. ඊයෙ රෑ තිස්සෙ නිදි නැතුවම පාරමී ගැන හිත හිත හිපටු ඒවයෙ ප්රතිඵල තමයි මේ.. මං පාරමී දිහා බලද්දි මට තේරුණා මගේ වගේම එයාගෙ මූණත් නිදිමත පාටයි කියලා.. ඒ කියන්නෙ කෙල්ලත් නැගිටලා තියෙන්නෙ දැන් ටිකකට කලින්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගුඩ් මෝනිං මගේ වස්තුව..!”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගුඩ් මෝනිං අයියා..! ඔන්න අද ඉදලා හැමදාම මේ වගේ මට උදේ නැගිටපු ගමන් ගුඩ් මෝනිං කියන්න ඕනෙ.. මං බලාගෙන ඉන්නවා එතකල්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පෙම්වතියක් විදියට පාරමී පළවෙනිම කොන්දේසිය මගේ හිතට ඇතුල් කලා.. ඒත් මේ වගේ ළගින් ඉදන් හැමදාම ගුඩ් මෝනිං කියන්න නං මං අදම මෙයාව කිඩ්නැප් කරන්න වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ වගේ කියන්න බැරිවෙයි බබා.. ඒත් ෆෝන් එකෙන් කියන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමීගෙ සුදු නළලට කිස් එකක් දීලා මං කියද්දි කෙල්ල ඇස් පුංචි කරලා හිනා උනා.. ඔය හිනාවට තමයි මගේ හිත පිස්සු වැටෙන්නෙ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආදරේ කලාට තාම පාරමීයි මමයි නිල නොලත් ආදරවන්තයෝ.. තාම මම පාරමීට ආදරෙයි කියලවත් කැමතියි කියලවත් නෑ.. පාරමීත් ඒ වගේ.. අපේ හැගීම් වචන වලින් හුවමාරු කරගත්තෙ නැති උනාට මං පාරමීට ආදරෙයි කියලා එයා දන්නවා.. පාරමිත් මට ගොඩක් ආදරෙයි කියලා මං දන්නවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උදේම කාලා බීළා චේන්ජ් එකක් දාගෙන මමයි පාරමියි සන්ධනායක අන්කල්ගෙ පස්සෙන් ඇවිදින්න ගියා.. එයා අපිව මුලින්ම එක්කගෙන ගියේ ටී ෆැක්ටරි එකට.. ඒක ඇතුලෙත් මිනිස්සු සෑහෙන පිරිසක් වැඩ.. අපි ආතල් එකේ නුලෙන් අල්ලලා උනු වතුර එකට ඔබලා ගන්න ටී පැකට් එක ඒ තත්වෙට ගේන්න මිනිස්සු කොයිතරම් මහන්සි වෙනවද කියලා හිතෙන්නෙ මේ වගේ තැනකට ආවම තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඊයෙ හවස දානෙ දීපු වෙලාවෙ එතැන හිටපු මිනිස්සු කීප දෙනෙක්ම ඇවිත් හිනාවෙලා වචනයක් දෙකක් කතා කරලා ගියා.. අප්පුහාමි අන්කලුත් කට පුරෝලා හිනාවෙලා අපිත් එක්ක සෙට් උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මහත්තයලා වත්තෙත් ඇවිදින්න යනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ ළමයින්ගෙ යාළුවො දෙතුන් දෙනෙක් එනවා කිව්වා අප්පහාමි.. ඒ ආවම එයාලත් එක්කම ගියා නං හරි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අප්පුහාමි අන්කල් ගයිඩ් වැඩේ කරන්න හැදුවට ඒක හරිගියේ නෑ.. සන්ධනායක අන්කල් මැනේජර් එක්ක එකතු වෙලා බිල් පොත් වගයක් චෙක් කරද්දි මං පාරමී එක්ක ෆැක්ටරි එකෙන් එළියට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නංගි කලිනුත් මෙහෙ ඇවිත් තියෙනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපෝ ඔව්.. අපි එකපාරක් දිනිතිලා එක්කත් ආවා.. මං මෙහෙට හරි කැමතියි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි ඉතිං අද ඔයාගෙ යාළුවා දිනිතිට එන්න කිව්වෙ නැත්තෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දිනිති මගේ යාළුවා විතරනේ.. නිලූ අක්කියි, රොහාන් අයියයි ඔයාගෙත් යාළුවොනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හිතනවට වඩා දුර පාරමී හිතනවා.. ඒත් ඉතිං ඔය කියන දිනිතිට එන්න කිව්වනං අපිට තනිකඩ පබසර ගැනවත් හිතලා බලන්න තිබුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නංගි දිනිතිට බෝයි කෙනෙක් ඉන්නවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමී ඇහුවෙ පුදුම වෙලා.. මං වෙන කෙල්ලො ගැන අහද්දි එයා අප්සෙට් වෙන්න ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ නිකං.. වේකස්සීස් තියනවද කියල දැනගන්නයි ඇහුවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා ගැන හිතේ තියාගෙන මං ඒක ඇහුවම කෙල්ලට ඩෝං ගියා.. සුදු මූණ රතු කරගෙන මගේ දිහා රවලා බලලා යන්න හද්දි මං ඒ පුංචි අතකින් අල්ල ගත්තා.. ඒ තත්පර දෙකට ඇස්වල කදුලු පුරවගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි බබා මේ..? මං විහිළුවටනේ ඇහුවෙ.. මට දැන් වෙන කෙල්ලො ඕනෙ නෑ කියලා මගේ මැණික දන්නෙ නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ල මොනවද මංදා කියන්න කට හදද්දිම අප්පුහාමි අන්කල් අපේ මැද්දට කඩාගෙන පැන්නා.. මේ මිනිහනං ගිය ආත්මෙ අපේ ණය කාරයෙක් වෙන්න ඇති.. ඕන වෙලාවක පස්සෙන්මයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අන්න බේබිලගෙ යාළුවො ඇවිත්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක ඇහුනා විතරයි අපි දෙන්නා අප්පුහාමි අන්කල්ව එතන දාලා බංගලාව පැත්තට දුවගෙන වගේ ආවා.. ඒ එද්දි පබයයි, රොහානුයි ඩබල බෑග් ටික බානවා.. නිලූ බොනට් එකට හේත්තු වෙලා සිරි නරඹනවා.. නිලූව දැක්කා විතරයි පාරමී මාවත් දාලා දුවගෙන ගිහින් එයාගෙ අතේ එල්ලුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගුඩ් මෝනිං මචං..! කොහොමද ප්රෝග්රෙස් එක..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා පාරමීව ඔළුවෙන් පෙන්නන ගමන් අතුරු ප්රශ්නයක් දැම්මා.. ඒත් දැම්මම වැඩේ වන කරගත්තොත් කිසි ගතියක් නෑ.. ඒ නිසා කතාව යට ගහලා මං උන් දෙන්නා එක්ක බෑග් ටික කාමර වලට දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බංගලාවෙ හිතේ හැටියට කාමර තියෙන නිසා නිලූටයි රොහාන්ටයි වෙනම කාමරයක් දීලා පබයව මගේ කාමරේට ගත්තා.. නිල්මිණී ආන්ටි ලයිසම්මා එක්ක එකතු වෙලා කට්ටියටම වේලපහම සංග්රහයක් ලෑස්ති කරලා.. කට්ටියම ඒකට වග කියන අතරෙ පබසරයා උගේ හැකර කට දිග ඇරියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔන්න මචං, උඹ එන්න කිව්වා මං ආවා.. මුන් දෙන්නව එක්කං එන්න කිව්වා, ඒකත් කලා.. ඒ දෙකටම හරි යන්න කන්න බොන්න කලින් පින් සිද්ධ වෙන උදව්වක් කරපංකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිලුයි, රොහානුයි ඌ ඉල්ලන්න යන උදව්ව දැනගෙන වගේ හිනාවෙනවා.. මං පාරමී දිහා බලද්දි කෙල්ලත් හොල්මන් වෙලා වගේ පබයගෙ මූණ දිහා බලාගෙන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකක්ද පුතා ඔයාට ඕන උදව්ව..? මෙයාලට කියන්න බැරි නම් මට කියන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිල්මිණී ආන්ටි ඒ ගැන අහද්දි පබයා බොහොම අමාරුවෙන් හිනාවක් දැම්මා.. කොටින්ම කියනවනං ඒක අඩන්න බැරිකමට හිනා උනා වගේ චාටර් හිනාවක්.. නිල්මිණී ආන්ටිට මෙනාව හරි තේරිලා වගේ ආයෙත් ඒ ගැන අහන්නෙ නැතුව ඇතුළට ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං.. බඩු චාර්ජ් වෙලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබයා කෝපි එක අතේ තියාගෙන බොන්නෙ නැතුව ඒක කියද්දි මට වැඩේ මීටර් උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වරෙන් වරෙන් මෙතන ගඳ ගස්සන්නෙ නැතුව යමං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌව ඇදගෙන මං ටොයිලට් එකට යද්දි තමයි පාරමීට සීන් එක තේරුණේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කට්ටිය කාලා බීලා ඇගපත හෝදගෙන ඇදුම් මාරු කරන් වත්තෙ ඇවිදින්න සෙට් උනා.. දැන්නං පාරමීට මාව ඕනෙ නෑ වගේ.. කෙල්ල නිලූට ළං වෙලා මොනවදෝ කියවනවා.. ඊයෙ වෙච්ච සීන් එක මෙයා පත්තරේ දායිද ද්නනෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි පස්දෙනා පඩිය බැහැගෙන මිදුලට යද්දිම අප්පුහාමි අන්කල් අනවසරයෙන් නඩේට එකතු උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“බේබිලා කොහෙද ඇවිදින්න යන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි යනවා අන්කල් අනන්තයට යන පාර දිගේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පබසර සීරියස් කියද්දි අප්පුහාමි අන්කල්ගෙ ඇස් දෙක ලොකු උනා.. පබයා එක්ක කතා කරන්න ගියොත් නං අප්පුහාමිට මොලේ අමාරුව හැදෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොහෙද මහත්තයො ඔය කියන පාර තියෙන්නෙ..? මේ හරියෙ එකක් නම් වෙන්න බෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම කිව්වෙ නැද්ද අරූගෙ බයිලා වර්ඩ් එකයි දැම්මෙ බේබි මහත්තයා වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒක තියෙන්නෙ අන්කල් වික්ටෝරියා ඩෑම් එක එහා පැත්තෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නුවරඑළියෙ සීතලට පබසරට පිස්සු හැදිලද බලන්න වගේ අන්කල් ඇස් කන් හොදට ඇරලා පබසරගෙ මූණ දිහා බැලුවා.. මූ මේ අහිංසක මනුස්සයව බයිට් එකට ගන්න හදන්නෙ.. ඒක තේරිලද මංදා රොහාන් කතාව මාරු කළා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අන්කල් කොච්චර කාලෙක ඉදන් සන්ධනායක මහත්තයා ළග වැඩ කරනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං පුංචි සන්ධියෙ ඉදලම හිටියෙ මේ වත්තෙ තමයි බේබි.. මම මුලින්ම වැඩ කලේ සන්ධනායක මහත්තයගෙ තාත්තා ළග..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කතා කරන අතරෙ තේ වැටි අතරෙන් ඇවිදගෙන ඉස්සරහට ගියා.. ඊයෙ අර මනුස්සයෙක් කියපු කතාවක් මගේ හිතට එක පාරටම ආවෙඒ වෙලාවෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපේ තාත්තට ළමයි නැතුව හිටපු කතාව මොකක්ද අන්කල්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අහපු ප්රශ්නෙට අන්කල් පුදුම විදියට අප්සට් උනා.. පස්සෙ අමාරුවෙන් වගේ කට ඇරියෙ මොකක් හරි උත්තරයක් දෙන්න ඕන නිසා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ජයරත්න මහත්තයා බැඳලා නෝනත් එක්ක ටික කාලයක් මෙහෙ හිටියා.. ඊට පස්සෙ මහත්තයා මෙහෙ ඉද්දි නෝනා අවුරුදු ගානක් අම්මලගෙ ගෙදර නැවතිලා හිටියා.. මහත්තයා සතියකට දෙකකට වතාවක් කොළඹ ගිහින් නෝනව බලලා ආවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඊට පස්සෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෝනා කොළඹ නතර වෙලා ළමයි නැති එකට දිගටම බේත් කලා.. ඊට පස්සෙ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ආපු පණිවිඩේට තමයි ජයරත්න මහත්තයා කොළඹ නවතින්න ගියේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට මෙහේ ජොබ් එක..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ප්රශ්නෙ ආවෙ රොහාන්ගෙන්.. ඕකට උත්තරේ ඊයෙ මං අන්කල්ගෙන් අහගත්තනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොළඹ ඉදලා නිතර මෙහෙ යන්න එන්න අමාරු නිසා සන්ධනායක මහත්තයා ජයරත්න මහත්තයව කොළඹ බිස්නස් බලාගන්න යැව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැමෝම අහගෙන හිටියෙ කතන්දරයක් අහනව වගේ.. ඒත් මගේ හිතනං කිව්වෙ අප්පුහාමි අන්කල් දැන දැනම මොකක් හරි හංගනවා කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය කියන විදියට අම්මට හම්බඋන ළඹයා තමයි මම.. ඒත් මට පස්සෙ මල්ලිත් ඉන්නවනේ.. යන්න ගිය ගමන අතරමග දාලා මට හැරිලා කාමරේට යන්න ඕන උනා.. ඒත් මේ වෙද්දි අපි වත්තෙ ගොඩක් දුර පහළට ඇවිත් හිටියෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං මං පටස් ගාලා හාවෙක් අල්ලන් එන්නං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා පබසර ඈතට යන්න හැදුවා.. පාරමී මගේ දිහා බැලුවෙ පුදුම වෙලා වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙහේ හාවො නෑ බේබි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉන්නවා අන්කල් ඉන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අප්පුහාමි අන්කල් කියන්න කියන්නම පබයා හිනාවෙවී ගියා.. ඌ අල්ලන්න යන හාවා මොකාද කියලා මමයි රොහානුයි දෙන්නම දන්නවා.. ඉතිං ඌ එනකල් අපි කට්ටිය ලොකු කළුගල් ගොඩක් තිබුණ තැන වාඩි උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අයියෝ මාව තුවාල වෙලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමීගෙ සද්දෙට අපි තුන්දෙනා එක සැරේට එයා ළගට ගියා.. ත්රී ක්වාටර් කලිසමක් ඇදන් හිටපු කෙල්ලගෙ සුදු කකුල දිගේ ලේ පාරක් ගලාගෙන යනවා.. මෙච්චර ලේ එන්න තුවාල වෙලත් මෙයාට දැනුනෙ නැත්තෙ ඇයි..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“බේබි ඔය තුවාල වෙලා නෙමෙයි කූඩැල්ලෙක් කාලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාවට පාරමීගෙ කට තිත්ත බෙහෙත් බීපු පුංචි එකෙක් වගේ ඇදවෙලා ගියා.. පව් කෙල්ල හොදටම බය වෙලා.. නිලූ පාරමීගෙ ඉස්සරහ දණ ගහගෙන එයාගෙ කලිසමේ කකුල දණහිස් හරියට විතර එනකල් නැව්වා.. එතකොටම කකුලෙ ඇලිලා හිටපු ජිල් බෝලයක් විතර කූඩැල්ලෙක් බිමට වැටුණා.. දොස්තර නෝනා වගේ ගේමට බැස්සට මොකද කූඩැල්ලව දැක්කා විතරයි නිලූත් පිටිපස්සට පැන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අර පහළ දොළ පාරට ගිහින් කකුල ටිකක් තෙමාගත්තම ඕක හරියයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ තව නං කොහේවත් යන්න බෑ.. අපි ගෙදර යං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පාරමීගෙ කතාව අනුමත කරන්න වගේ නිලූත් ඔළුව වැනුවා.. බලන් යද්දි කෙල්ලො කූඩැල්ලොන්ට පුදුම බයක්නෙ තියෙන්නෙ.. මේ පොඩි කූඩැල්ලෙක් දැක්කා විතරයි ගමනත් එපා වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකද මේ සබා තොමෝ විසිර යන්න හදන්නෙ..? මොකක්ද අවුල..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හාවා අල්ලන්න ගිය පබයා හාවා නැතුව හිස් අතින්ම ඇවිත් ඇහුවා.. කෙල්ලො දෙන්නගෙ මූණූ දැකලා මූ හිතන්න ඇති හෙන කේස් එක්ක කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අවුල මෙන්න මූ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං බිම හිටපු කූඩැල්ලව පෙන්නුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ෂා.. ගති මචං.. තව හත් අටදෙනෙක් අහුල ගත්තනං තෙල් පොඩ්ඩක් දාලා ලාවට බැදලා හවස බයිට් එකට ගන්න පුළුවං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ කිව්වොත් කියන්නෙ ඔය වගේ පජාත කතාවක් තමයි.. පාරමියි නිලුයි දෙන්නා ඊ..යා.. කියලා පබසරට රැව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අප්පුහාමි අන්කල් මෙහේ සුදුවා නැද්ද..? අපිට ඕනෙ ගහේ ෆෙෂ් බඩු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බයිට් එක මතක් උනා විතරයි මේ යකාට සුදුවා ඕන වෙලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපොයි අපොයි.. බේබිලට ඕවා දීලා ලොකු මහත්තයා මට සෝලි තියයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පිස්සුද අන්කල්.. කවුද කියන්නෙ අන්කල් දුන්නා කියලා.. මේ සීතලේ රා කට්ටක් ගහන්න තියෙනවනං කොච්චර ආතල්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ මේ පබසර.. ඔයාගෙ ඔය රා කට්ට ගැහිල්ල පැත්තක තියලා අපි ආපහු යං.. මේ ළමයා හොදටම බයවෙලා ඉන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිලූ දෝස්මුරේ දාලා මැද්දට පැනපු විදියෙන් මට තේරුණේ පාමීට වඩා නිලූ බයවෙලා කියලා.. ස්ත්රී පරාන දෙක මග හලලා අපි තුන්දෙනා විතරක් ඇවිදලා වැඩක් නැති නිසා හැමෝම හරිලා ආයෙම බංගලාවට ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකෝ මේ..? ඇවිදලා ඉවරද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපිව දැකලා සන්ධනායක අන්කල් අහද්දිම පාරමී ලොකු දෙයක් වෙලා වගේ එයාගෙ කකුල පෙන්නුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. ඔය කූඩැල්ලෙක් කාලා නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් සත පහකට ගණන් ගන්නෙ නැතුව ඒක අහපු තාලෙට පාරමීට ඩෝං ගිහින්.. අපි කට්ටියට හිනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය පුංචි කූඩැල්ලන්ට බයේ නං මෙහෙ ඉන්න බෑ.. වැස්ස කාලෙට හැමතැනම උන් ඉන්නවා..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ පාර පාමරී නිලූවත් ඇදගෙන ඇතුළට ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතා හවස මොනවද කරන්න ප්ලෑන් කලේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි විශේෂ මුකුත් ප්ලෑන් කලේ නැති උනාට පබසරනං ප්ලෑන් කලේ කූඩැල්ලො බයිට් එකත් එක්ක සුදුවා ගහන්න.. ඒත් ඉතිං මේ මනුස්සයට ඒක කටක් ඇරලා කියන්න පුළුවන්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හවස අපි වැව පැත්තෙ යං.. බෝට් රයිඩ් එකක් එහෙම ගිහින් අස්සයගෙ පිටේ රවුමක් දාලා එන්න පුළුවං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එළනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල්ගෙ කතාව ඉවර වෙද්දිම පබයට එකපාරම කියවුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං හවස යන්න රෙඩි වෙන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගේ ඇතුලෙ බැලුවට පාරමීලා පේන්න නෑ.. එයාලා ලයිසම්මා එක්ක කුස්සියෙ වෙන්න ඇති.. මං, පබයයි, රොහානුයි එක්ක මගේ කාමරේට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹලගෙ අන්කල් කාරයා මාර ඩයල් එකක්නේ බං.. මාර සැලකිල්ලක් තියෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රොහාන් එහෙම කියන ගමන් ඇදෙන් වාඩි උනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒක නෙමෙයි මචං.. කෙල්ලගෙන් තාම වචනයක් ගත්තෙ නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම බොහොම අමාරුවෙන් හංගන්න හදපු දේ රොහානයා ඇදලා ගත්තා.. උන්ට බොරු කිව්වා කියලා මට ලැබෙන සෙතක් නෑනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෙල්ල මට කැමතියි මචං.. ඒක මට ෂුවර්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ ඔය ටික කලිනුත් කිව්වනේ.. මං අහන්නෙ ඇහුවද කියලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තටම මං පාරමීගෙන් මුකුත් ඇහුවෙ නෑනෙ.. දැන් මොකක්ද දෙන උත්තරේ.. ඊයෙ රෑ වෙච්ච සීන් එක කිව්වොත් කිසි ගතියක් නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඩිරෙක්ට් ඇහුවෙ නෑ බං.. ඒත් එයා මට කැමතියි කියලා මං දැනගත්තා.. දැන් ගේම ගොඩ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තනේ ඉතිං.. පාරමී මට ආදරේ නැත්තං අර විදියට මගේ පපුවට තුරුල් වෙලා ඉදියිද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“රයිට් මචං.. උඹේ පැත්තෙනුත් අවුලක් නෑනෙ.. දැන් ගෙවල් වලට මූණ දෙන්න ලෑස්ති වෙයං.. මට වෙච්ච ප්රශ්න උඹලා දෙන්නම දන්නවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රොහාන්, පබයගෙයි, මගෙයි දෙන්නගෙම මූණු දෙක බලලා සීරියස් පිට කිව්වා.. සල්ලිකාරයෝ උන නිලූලගෙ අම්මයි තාත්තයි දෙන්නම අපේ රොහාන්ට අකමැති උනේ මූ ටිකක් දුප්පත් පවුලක කොල්ලෙක් උන නිසා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට මෙහෙම දෙයක් හිතෙනව බං.. උඹලගෙ අන්කල් කාරයා ඔය අප්පුහාමි කියන මනුස්සයව උඹලගෙ ගාඩ් එකට දාලා කියලා.. ඒ මිනිහා කොයි වෙලාවෙත් පාරමී ගැන ඇහැ ගහගෙන ඉන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ හිතට ආපු සැකේම කිසි අඩුවක් නැතුව පබසරගෙ හිතටත් ඇවිත් තිබුණා.. ඌ මේ ටිකට ඒකත් නෝට් කරලා.. කොහොමත් ඊයෙ ආපු වෙලාවෙ ඉදලම අප්පුහාමි අන්කල් හිටියෙ අපි ළගින්මනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මටත් ඕක ඊයෙම හිතුනා බං.. මේ මිනිහා මටයි පාරමීටයි තනිවෙන්න චාන්ස් එකක් දුන්නෙම නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි හිතනවට වඩා සන්ධනායක අන්කල්ගෙ ජීවිතේට ඔය මිනිහා සමීපයි.. සමහර විට ඒක ඇතුලෙ අපි නොදන්න කතාවක් තියෙන්න පුළුවං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රොහාන් ඒක කියද්දි මට හිතුනෙ අපි තුන්දෙනා අදහස් අතින් ගත්තම කොයි තරම් සමාන මට්ටමකද ඉන්නෙ කියනෙක.. හැමෝටම හිතෙන්නෙ එකම විධියට.. කොහොමත් ඉස්කෝලෙ යන කාලෙ ඉදලම අපි තුන්දෙනා මීටර් තුනක් විදියට ෆේමස් වෙලා හිටියෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹලා දේනනා කියන සේරම ඇත්ත වෙන්න ඇති කියලා මටත් දැනෙනවා.. ඒ වගේම රොහාන් උඹ ඔය කියන නොදන්න කතාව ඇතුලෙ මමත් ප්රධාන චරිතයක් වෙන්න පුළුවං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වෙන්න පුළුවං නෙමෙයි ඒක ෂුවර්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පාරමී මේ දේවල් දන්නවා වෙන්න බැරිද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom