Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගිම්හාන පාරමී ♥෴ ඇය කාට හිමිවෙයිද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුවෙනිදා උදේ අපි නැගිට්ටෙ හයට විතර.. ඒ වෙද්දිත් අම්මයි, තාත්තයි නිදි.. මං උදේම පාරමීට කෝල් කරලා පබසර එක්ක හොස්පිට්ල් යන්න ලෑස්ති උනා..

“මචං මුකුත් ගෙනියන එක වැඩක් වෙන්නෙ නෑ.. මල්ලි අයි.සී.යූ නෙ.. ඒ නිසා අපි ගිහින් තත්වෙ බලලා එමු..”

එහෙම කියලා පබයා මගෙත් එක්ක ආවට ඌට මාර මහන්සි පාටයි.. පව් ඊයෙත් කොයිතරම් දුර වාහනේ අරන් ආවද..? ඒත් ඌ ළග කවදාකවත් නෑ, බෑ කියන වචනෙ නෑ..

අපි යද්දිම නර්ස් කෙනෙක් කිව්වෙ අහන්න පෙරුම් පුරාගෙන හිටපු කතාවක්.. ඒ තමයි මල්ලිට සිහිය ආවා කියන එක.. ඒත් එයා තාම දැඩි සත්කාර ඒකකයෙ.. මං නර්ස් කෙනෙක්ටයි ඩොක්ටර් කෙනෙක්ටයි බටර් පාරක් ගාලා මල්ලිව බලන්න ඇතුළට යන්න චාන්ස් එකක් ගත්තා..

පබසරව දොර ළග තියලා නර්ස් එක්ක ඇතුළට යද්දි මගේ පපුව හෝස් ගාලා ගියා.. මල්ලිට හතර වටේම බට ගහලා.. සේලයින් දීලා.. බලන්නත් දුකයි.. මම හෙමීට ළගට ගිහින් ඒ අත අල්ලගත්තා විතරයි වැහිලා තිබුණ ඇස් ලාවට ඇරුනා.. ඊට පස්සෙ විනාඩි දෙක්ක විතර මගේ දිහා ඇහි පිල්ලම් නොගහ බලන් ඉද්දි ඒ ඇස් අමුතු විදියට වෙනස් උනා.. හිතපු නැති විදියට එයා මගේ අත තල්ලු කරලා දාලා අහක බලාගත්තා.. සමහර විට එයා වාම අදුරගන්න බැරි උනාම මන්දා.. හිත මොනවදෝ වේගෙන යද්දි මං හැරිලා එළියට ආවා..

“ඇයි මචං..? මල්ලිට අප්සට් එක්ක නෑ නේද..?”

පබසර මං ළගට එද්දි මට කතා කරගන්නත් වචන අමතක වෙලා තිබුණෙ..

“ගිම්හාන.. මොකෝ මේ..? මොකක්ද කේස් එක..?”

ඒ පාර ඌ මගේ උරහිසෙන් හොලවලා ඇහුවා.. මං ඌට කිව්වා මල්ලි මාව අදුරගත්තෙ නෑ කියලා.. ඇත්තටම මල්ලිගෙ මතකෙට මොනව හරි වෙලාද මංදා.. පබසර මාවත් ඇදගෙන ඩොක්ටර් ළගට ගිහින් විස්තරේ කිව්වා..

“නෑ.. ඔයාලා හිතන විදියට පේෂන්ට්ගෙ මෙමරි ලොස් එකක් වෙලා නෑ.. සමහර විට එයාට සිහිය ආව ගමන් නිසා එහෙම උනා වෙන්න පුළුවන්..”

“එනි වේ ලෙස්ට් සී.. අපි දිගටම ට්‍රීට් කරනවා..”

ඩොක්ටර් මගේ පිටට තට්ටු කරලා කිව්වට මගේ හිත තිබුණෙ ගොඩක් බය වෙලා වගේ..

අම්මයි තාත්තයි දෙන්නා ආවට පස්සෙ මං පබයා එක්ක ගෙදර ආවා..

“උඹට ගොඩක් මහන්සි ඇති මචං.. උදව් වලට තෑන්කස් අ ලොට්.. දැන් ගෙදර ගිහින් රෙස්ට් කරපං.. මං හවස කොල් කරන්නං..”

මං එහෙම කියලා පබයව බලෙන්ම වගේ ගෙදර යැව්වා..

හවස් වෙද්දි සන්ධනායක අන්කල් කට්ටියවත් අරන් කොළඹ ඇවිත්.. ආපු ගමන්ම නිලුයි, රොහානුයි දෙන්නා කෝල් කරා.. ඒත් මං පෙරුම් පුරාගෙන බලාගෙන හිටියෙ පාරමීගෙ කටහඩ අහන්න.. එයා කෝල් කලේ හයට විතර.. සන්ධනායක අන්කල් එයයි නිල්මිණී ආන්ටියි එක්කගෙන තව ටිකකින් හොස්පිට්ල් යනවා කියලා පාරමී කියද්දි මමත් ඉක්මනට ලෑස්ති උනා.. මොකද ඉතිං එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම මරා ගන්න පුළුවන්නෙ..

කොහොම හරි මං ඉස්පිරිතාලෙට යද්දි මල්ලිව රූම් එකකට දාලා.. අපේ තාත්තත් එතන තිබුණ පුටුවට වෙලා දුක හිතෙන විදියට බලන් හිටියා..

“දැන් කොහොමද තාත්තෙ මල්ලිට..?”

“දැන්නං ටිකක් හොදයි වගේ.. මං මේ පුතා එනකන් හිටියෙ ගිහින් චේන්ජ් එක්ක දාගෙන එන්න..”

“රයිට්.. තාත්තා යන්න මට අද ඉන්න පුළුවන්.. තාත්තා උදේට ආවම ඇති..”

මේ දවස් දෙකට අපේ තාත්තා නිකං අවුරුද්දකින් විතර වයසට ගිහින් වගේ.. ඇස් යට ගිහින්.. කොණ්ඩෙ අවුල් වෙලා.. ඉදුණු රැවුල් ගස් වැවිලා.. බලන්න දුකයි..

“පුතාට එද්දි මොනවද ගේන්න ඕනෙ..?”

තාත්තා ඒක ඇහුවෙ මල්ලිගෙන් උනාට මිනිහා මුකුත්ම ඇහුණෙ නෑ වගේ අහක බලන් හිටියා..

මහා හයියෙන් හුස්මක් අරගෙන පිටකරපු තාත්තා යන්න හදද්දිම වගේ සන්ධනායක අන්කල් නිල්මිණී ඇන්ටිත් එක්ක ඇතුළට ආවා.. ඒ පිටිපස්සෙන්ම බිම බලාගෙන ආපු පාරමී නතර උනේ අපේ තාත්තා ළග..

“හිරාන්.. දැන් කොහොමද පුතා..?”

අන්කල් මල්ලිගෙන් අහද්දි මිනිහා අමාරුවෙන් ඇදේ ඉදගන්න හැදුවා.. ඒත් එයාට ඉදගන්න තරම් තාම ෆිට් එකක් නෑ..

“දැන් හොදයි අන්කල්..”

එහෙම කියපු මල්ලිගෙ ඇස් ඊළගට පාවෙලා ගියේ පාරමී දිහාට.. කෙල්ලව දැක්කා විතරයි මල්ලිගෙ ඇස් එක පාරටම ලොකු උනා.. ඒත් වැඩේ කියන්නෙ ඒක නෙමෙයි.. මල්ලිව දැක්ක පාරමී ඇස් දෙක ඊටත් වඩා ලොකු උනා.. දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලද්දි මට නං හිතුනෙ මෙතන මං නොදන්න මොකක් හරි ලොකු සීන් එකක් තියෙනවා කියලා..

“කෝ ජයේ නෝනා..?”

අන්කල් ආපහු ඇහුවෙ අපේ තාත්තගෙන්..

“උදේ ඉදලා මෙතන අඩ අඩ ඉදලා බැරිම තැන මං ගෙදර යැව්වා..”

නිල්මිණී ආන්ටි මල්ලි ළගට ගිහින් එයාගෙ ඔළුවත් අතගාලා දුක සැප අහද්දි පාරමී හොරෙන් හොරෙන් මගේ දිහා බලනවා මං දැක්කා.. ඒත් මේ කට්ටිය ඉස්සරහ කොහොමද එයා එක්ක කතා කරන්නෙ.. මහා දුක හිතෙන විදියට මගේ මූණ බලපු කෙල්ලගෙ ලස්සන ඇස් රතු වෙලා..

“නංගි.. පාරමී..”

අපේ මල්ලිගෙ කටින් පාරමීගෙ නම පිටවෙද්දි මගේ හිත ගැස්සිලා ගියා.. ඒත් පාරමීගෙ මූණට ආවෙ තරහක් වගේ අමුතුම බැල්මක්..

“යන්න පුතේ.. අයියා කතා කරනවනේ.. ගිහින් ඇයි කියාල අහන්න..”

සන්ධනායක අන්කල් පාරමීව බලෙන්ම වගේ මල්ලිගෙ ඇද ළගට යැව්වා.. එයා ගියේ කැමත්තකින් නෙමෙයි.. කෙල්ල ළගට ගියා විතරයි එකපාරටම උනේ අපි කවුරුවත් හිතපු නැති දෙයක්.. මල්ලි පාරමීගෙ අතකින් අල්ලගෙන ඉකි ගහන්න පටන් ගත්තා.. මං පුදුම උනෙත්, පාරමීට තරහ ගියෙත්, සන්ධනායක අන්කල්ට හිනාවක් ගියෙත් එකම වෙලාවක..

“පුතා නංගිව අදුරනවද..?”

කාගෙවත් සද්දයක් නැති නිසා අපේ තාත්තා මල්ලිගෙන් ඇහුවා..

“ඔව් තාත්තෙ.. අදුරනවා..”

මං මේ දේවල් දිහා කාමරේ දොරට හේත්තු වෙලා බලන් හිටියා.. අසනීපෙන් හිටියා උනත් මල්ලි පාරමීගෙ අත අල්ලගෙන ඉන්නවා දැක්කම මට හිතුනෙ ඌට දෙකක් අනින්න.. කෙල්ල ඇඹරුණාට මල්ලි ඒ අත අතෑරියෙ නෑ.. මගේ හිතට මොකක්දෝ ලොකු හිස් බවක් දැනෙද්දි මං දොර ඇරගෙන එළියට ගියා.. ඒත් විනාඩි දහයක් පැය කාලක් විතර යනකල්ම කවුරුත් එලියට ආවෙ නෑ..

එදා මාවයි පාරමීවයි දැකලා මං සන්ධනායක අන්කල්ගෙ බෑනද කියලා මිනිහෙක් අහපු දවසෙ ඩෝං ගිය අන්කල් අද පාරමී මල්ලි ළග ඉන්න දිහා හිනාවෙවී බලන් හිටපු එක ගැන මගේ හිතට ආවෙ ලොකු අප්‍රසාධයක්.. කල්පනා කර කර හිටපු මගේ උරහිසට එක පාරටම බර අතක් වැටුණා.. බලද්දි ඒ සන්ධනායක අන්කල්..

“පුතා මොකද එළියට වෙලා ඉන්නෙ..?”

මං කට කොනකින් හිනා උනාට උත්තරයක් දුන්නෙ නෑ.. ඒත් අන්කල් ඒකට උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ..

“පුතා අපි හැමෝම එකතු වෙලා මල්ලිව හොද පැත්තට ගන්න ඕනෙ.. නැත්තං මිනිහා නිකං නාස්ති වෙනවා..”

අන්කල් කියන දේවල් මගේ ඔළුවට මීටර් උනේ නෑ.. මං බලාගෙන හිටියෙ මගේ රෝස මල කාමරෙන් එළියට එයිද කියලා.. සමහර විට මල්ලි තාම කෙල්ලව අල්ලගෙනද දන්නෙ නෑ..

“එහෙම කරානං හරි නේද පුතා..?”

“ඔ.. ඔව් අන්කල්..”

ඔව් කිව්වට මොකෝ එයා ඇහුවෙ මොනවද මන්දා.. හැබැයි මගේ උත්තරෙන් අන්කල්ට පොඩි ජොලියක් ගියා.. කාමරේ හිටපු කට්ටිය එළියට ඇවිත් අපි ළග නතර වෙද්දි මගේ ඇස් මුලින්ම නතර උනේ පාරමී ළග.. ඒ ඇස් හොදටම රතු වෙලා..

“අපි නිසා ඔයාගෙ ට්‍රිප් එක කැන්සල් උනා නේද නංගි..?”

මුකුත්ම කතා නොකර හිටියොත් අනික් අය බලයිනෙ ඇයි කියලා.. ඉතිං මං වැඩකට නැති මෝඩ ප්‍රශ්නයක් පාරමීගෙන් ඇහුවා.. ඒත් වෙනදට දිලිසෙන ඒ මූණ අද මැලවිලා..

“යනලක් මග දිගට ඉමු කිය කිය ගිය අපේ කෙල්ල හිරාන් අසනීප උනා කියලා අහපු වෙලාවෙ ඉදලම එමු කියලා නහයෙන් ඇඩුවා..”

ඒ කතාවට මගේ ඇස් පාරමීගේ ඇස් එක්ක එකපාරටම එකතු උනා.. පාරමී එමු කියන්න ඇත්තෙ මං ආපු නිසා.. නැතුව මල්ලිව බලන්න නෙමෙයි.. හැබැයි එහෙම හිතලා හිත හදාගන්න හැදුවට අන්කල් කියපු කතාවෙ වෙනම තේරුමක් තියෙනවා.. මේ වෙලාවෙ හැටියට ඒ ගැන දිගින් දිගටම කතා කරන්න බෑ.. හිත පුදුම විදියට නොසන්සුන් වෙලා තියෙද්දි සන්ධනායක අන්කල්ලා පාරමීළුත් අරන් යන්න ගියා.. අපේ තාත්තත් එයාල එක්කම ගෙදර ගියාට පස්සෙ මම ආපහු කාමරේ ඇතුළට ගියා.. ඒ වෙලාවෙ නං මල්ලිගෙ මූණට ඇවිත් තිබුණෙ අමුතුම හිනාවක්..

“මල්ලි ඔයා පාරමීව අදුරනවද..?”

මිනිහා මහා නෝන්ඩි විදියට හිනාවෙලා මගේ දිහා බැලුවා.. මූ මේ ලෙඩ උන වෙලාවෙ ඉදලා මගෙන් මොන තරහක් පිරිමහනවද මංදා..

“තමුසෙ නුවරඑළි ගියේ පාරමී එක්කලු නේද..?”

අනසීප නිසා මලානික වෙලා තිබුණ ඒ කටහඩට දැන් ටිකක් පණ ඇවිත්.. ලෙඩෙක් එක්ක වාද කරන එකේ තෙරුමක් නෑ.. මූ මොකාටද එන්න හදන්නෙ කියලා මං බලන් හිටියා..

“තමුසෙගෙ හිතේ පාරමී ගැන මොනව හරි තියෙනවා නං දැන්මම ඒක හිතින් අයින් කරගන්නවා.. නැත්තං පස්සට කරදර වෙයි..”

මගේ මූණට ඇගිල්ලකුත් දික් කරලා ඒක කියද්දිනං මට තද උනා.. ඒත් මං එක වචනයක්වත් කතා කරන්න කලින් කාමරේට ඩොක්ටර් ආවා.. මල්ලිට බෙහෙත් වගයක් දීලා යන්න හදපු ඩොක්ටර් මගේ දිහාට හැරුණා..

“මේ පේෂන්ට්ගෙ කවුද..?”

“මං මෙයාගෙ අයියා ඩොක්ටර්..”

“ඕකේ.. එහෙනං ටිකකට මගේ රූම් එකට එන්න..”

අපේ කතාව මග නතර කරලා මං ඩොක්ටර් එක්ක එයාගෙ කාමරේට ගියා.. එයා මාවත් ළග ඉන්දවගෙන මුලින්ම මල්ලිගෙ රිපෝට් වගයක් පෙරළලා බැලුවා..

කොයි තරම් වාද කරගත්තත් මල්ලිට කරදරයක් වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කළා.. ෆයිල් එක වහලා දාලා නළලත් රැළි කරගත්තු ඩොක්ටර් මගේ මූණ දිහා ටික වෙලාවක් බලන් හිටියා..

“මේ මිස්ටර්..”

“මං ගිම්හාන..”

“මිස්ටර් ගිම්හාන.. මේක අහලා කලබල වෙන්න එපා.. ඔයාගෙ මල්ලිට දරුණු ලෙඩක් නෑ.. ඒත්..”

“ඇයි ඩොක්ටර්..?”

පපුව හැගෙන සද්දෙ පිටටත් ඇහෙන තරම් දැඩි වෙද්දි මං ඉක්මනට ඇහුවා..

“එයාගෙ හාට් එකේ එක වෑල් එකක පොඩි අසාමාන්‍යතාවයක් තියෙනවා.. මේ නිසා එයාගෙ ලේ ගමනාගමනය තරමක් මන්දගාමියි..

ඒ වගේම මෙයා මේ තරුණ වයසට ඔරොත්තු නොදෙන තරම් ලිකර් පාවිච්චි කරලා තියෙනවා.. ඒක නිසා අක්මාවත් ඩැමේජ් වෙලා..”

මල්ලිට ඉබේ හැදුන ලෙඩෙයි මූ මේ ඉල්ලගෙන දාගත්තු ලෙඩෙයි නිසා තත්වෙ අපි හිතුවට වඩා සෑහෙන සීරියස් වෙලා..

“මිස්ටර් ගිම්හානගෙ මල්ලි සිගරට් බොනවද..?”

ඩොක්ටර් අහද්දි මට මතක් උනේ ඊයෙ පබසර කියපු කතාව.. මල්ලි නරක යාළුවො සෙට් එකක් එක්ක අරක්කු සිගරට් පාවිච්චි කරනවා කියලා ඌ කිව්වනේ..

“ඔව් ඩොක්ටර්..”

“ඉතිං ඇයි මල්ලිව හදාගත්තෙ නැත්තෙ..? ඇයි එයාට මේ තරම් නිදහසක් දුන්නෙ..?”

“මං.. මං කාලයක් ලංකාවෙ හිටියෙ නෑ ඩොක්ටර්.. මල්ලි ඉස්කෝලෙන් අවුට් වෙලා මේ අවුරුදු දෙක තුන ඇතුළත තමයි ඕවට පුරුදු වෙලා තියෙන්නෙ..”

“මල්ලිව මීට වඩා පරිස්සම් කරන්න බලන්න.. එයාගෙ ඇඟ ඇතුලෙ ලෙඩ රෝග කීපයක්ම තියෙනවා.. ඔය පුරුදු විදියටම කරගෙන ගියොත් තත්වෙ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.. මිස්ටර් ගිම්හානට තේරෙනවනේ මම කියන දේ..”

“ඔව් ඩොක්ටර්..”

“මල්ලිගෙ තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා.. සමහරවිට පොඩි ඔපරේෂන් එකක් කරන්නත් වෙයි.. කොහොම උනත් තව දවස් දෙකතුනක් එයාට හොස්පිට්ල් ඉන්න වෙනවා..”

“ඕකේ ඩොක්ටර්..”

“ප්‍රධානම දේ තමයි මල්ලිට හොදින් කියලා ඔය දේවල් වලින් මුදාගන්න බලන්න.. අනික මේ තියන තත්වෙ උඩ එයාට වැඩිය ෂොක් එකක් දරන්න අමාරුයි.. පුළුවන්තරං එයාගෙ හිත සතුටින් තියන්න බලන්න..

ඒක කරන්න මිස්ටර් ගිම්හානට බැරි වෙන එක්ක නෑ.. ඔයා එයාගෙ අයියනේ..”

“ඕකේ ඩොක්ටර්.. අයි ට්‍රයි මයි බෙස්ට්..”

“රා..යිට්.. වෙරි ගුඩ්..”

පුටුවෙන් නැගිටලා මගේ අතට අත දීපු ඩොක්ටර් ගොඩක් සුහදශීලී විදියට හිනා උනා.. මං හිනාවෙන්න හැදුවට ඒ කියපු දේවල් අහලා මගේ මූණට හිනාවක් ආවෙ නෑ..

අන්දමන්ද වෙලා රූම් එකට ගියාමයි මට මතක් උනේ අපි කතා කර කර හිටපු මාතෘකාව.. එයා මට කිව්වෙ පාරමීගෙන් ඈත් වෙන්න කියලා.. මමත් කට මැදගෙන හිටියෙ පාරමී මගේ කවුද කියලා මිනිහට තෙරුම් කරලා දෙන්න.. ඒත් දැන්.. දැන් ඩොක්ටර් කියපු දේවල් අහලා මං කොහොමද එහෙම කතාවක් කියන්නෙ.. ඩොක්ටර් කියපු විදියට ෂොක් එක දරාගන්න බැරි උනොත් ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්.. ඉතිං හිත අන්තිම බින්දුවට අසරණ වෙලා යද්දි මං පුටුවෙන් වාඩි වෙලා අත් දෙකෙන්ම ඔළුව තද කරලා අල්ල ගත්තා..

“අයියෙ.. මට සමාවෙන්න..”

ඇත්තටම ඒ හඩ ආවෙ අපේ මල්ලිගෙ කටින්මද කියලා දැන ගන්න මං උගේ මූණට එබුනා..

“මං හිතේ කේන්තියට එහෙම කිව්වට අද ඊයෙ ලංකාවට ආපු ඔයාගෙ හිතේ පාරමී ගැන එහෙම අදහසක් නෑ කියලා මං දන්නවා..”

“දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද..?”

පපුව ඩක්, ඩක් ගෑවට මං බොහොම අමාරුවෙන් කටේ සද්දෙ සන්සුන් කරලා ඇහුවා..

“මං පාරමීට ආදරෙයි අයියෙ.. දැන් ගොඩක් දවසක ඉදලා..”

මගේ හිත ඇතුළෙ හෙන ගෙඩියක් පුපුරලා ගියා වගේ දැනුණා.. පාරමී මගේ.. ඔව් පාරමී මගේ විතරමයි.. මේ මනුස්සයා ලෙඩෙක් උනත් මගේ මල්ලි උනත් මං කොහොමද මගේ පුංචි කෙල්ලව ඌට දීලා හිත හදාගන්නෙ..? අනික පාරමී මේ දේවල් දැනගත්තොත්..?

“ඉතින්..?”

“එයා සන්ධනායක අන්කල්ගෙ දුව කියලා මං දැනගත්තෙ මේ ළගදි.. එයා යාළුවා එක්ක ඩ්‍රයිවින් ඉගෙන ගනිද්දි, බැඩ්මින්ටන් ගහන්න ක්ලබ් එකට එද්දි තමයි මං එයාට ට්‍රයි කෙරුවෙ.. පස්සෙයි දැනගත්තෙ ඒ සන්ධනායක ගෘප් එකේ එකම අයිතිකාරයා කියලා..”

එහෙනං මල්ලි දවසක් මට කියපු පරම්පරාවම ගොඩ දාගන්න පුළුවන් කෙල්ල පාරමීද..? මාව නිකං හොල්මන් උනා.. ඒත් මල්ලි එදා කිව්වෙ කෙල්ල එයාට කැමති නෑ කියලා..

“එතකොට එදා මට කිව්වෙ පාරමී ගැනද..?”

“ඔව්.. ඒත් මගේ පරණ විස්තරයි, මගේ යාළුවො ටිකයි නිසා ඒකි මට කැමති උනේ නෑ..”

පාරමී කියන්නෙ කොහොමත් රස්තියාදුකාරයින්ට කැමති වෙන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.. මූ මගේ මලයා උනත් ඇත්ත කියන්න එපැයි..

“මං ඒකිට කැමතියි හලෝ.. එයා වෙනුවෙන් මට මේ නරක ජීවිතේ අතාරින්න පුළුවන්.. අන්කල්කාරයා තමුසෙගෙ බ්‍රැකට් එකනේ.. ප්ලීස් මට උදව් කරනවා..”

මගෙයි පාරමීගෙයි ආදරේ ගැන බින්දුවක්වත් දැනන් හිටියෙ නැති ඌ එහෙම කිව්වට මං කොහොමද ඒ උදව්ව කරන්නෙ..මගේ කෙල්ලව මගේම මල්ලිට දෙන්න කියලා එයාගෙ තාත්තට කියන්න පුළුවන්නං මං හිත් පිත් නැති ගලක් වෙන්න ඕනෙ.. කියාගන්න දෙයක් නැතුව ගල් ගැහිලා වගේ බලන් හිටපු මගේ මූණ මල්ලි දකින්න නැතුව ඇති..

“අයියෙ මට මේක කරලා දෙන්න පුළුවන්ද..?”

“බලමුකො..”

“මට තවත් බලන් ඉන්න බෑ.. තමුසෙට බැරිනං කියනවා.. මං කෙලින්ම අන්කල් එක්ක කතා කරන්නං..”

ලෙඩ පාට් පැත්තකට දාලා ගහන්න වගේ තමයි මූ කතා කරන්නෙ.. මට තද වෙච්ච පාර මං ඕන දෙයක් කරගන්න ඇරලා කතා නොකර හිටියා.. අන්කල්ගෙ කැමැත්ත විතරක් අරන් මොනවා කරන්නද..? ඕකට පාරමිත් කැමති වෙන්න එපැයි..

මල්ලිගෙ රෑ කෑම එක වේලාසනම එවලා තිබුණ නිසා එයාට ඒක කන්න දීලා මං රූම් එකෙ තිබුණ ටීවී එක හෙමීට දා ගත්තා.. ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ කෑම කකා හිටපු මල්ලි හයියෙන් හුස්ම ගන්නවා ඇහුවා.. මං ටීවී එක ඕෆ් කරලා දුවලා ගිහින් නර්ස් කෙනෙක්ව එක්කගෙන ආවෙ මිනිහගෙ ලෙඩේ ආපහු වැඩි වෙලාද දන්නෙ නැති නිසා..

“බය වෙන්න එපා එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.. වැඩිපුර කතා කරලා එයාව මහන්සි කරවන්න එපා..”

මල්ලිට ඉන්ජෙක්ෂන් එකක් ගහපු නර්ස් කාමරෙන් පිට උනේ එහෙම කියාගෙන.. ඌට නින්ද ගියාට මොකෝ මගේ හිත නං නිකං යකාගෙ කම්මල වගේ.. දාහක් දේවල් කල්පනා කර කර මං ඒ රූම් එකේම තිබුණ පුංචි ඇදට වෙලා ඉදගෙන හිටියා..

[QUOTE="crazybuddy, post: 12601019, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-B-je-urh6VM/T137KC1z4nI/AAAAAAAABf4/jX9G8y2TGDc/s1600/09.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පහුවෙනිදා උදේ අපි නැගිට්ටෙ හයට විතර.. ඒ වෙද්දිත් අම්මයි, තාත්තයි නිදි.. මං උදේම පාරමීට කෝල් කරලා පබසර එක්ක හොස්පිට්ල් යන්න ලෑස්ති උනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මචං මුකුත් ගෙනියන එක වැඩක් වෙන්නෙ නෑ.. මල්ලි අයි.සී.යූ නෙ.. ඒ නිසා අපි ගිහින් තත්වෙ බලලා එමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා පබයා මගෙත් එක්ක ආවට ඌට මාර මහන්සි පාටයි.. පව් ඊයෙත් කොයිතරම් දුර වාහනේ අරන් ආවද..? ඒත් ඌ ළග කවදාකවත් නෑ, බෑ කියන වචනෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි යද්දිම නර්ස් කෙනෙක් කිව්වෙ අහන්න පෙරුම් පුරාගෙන හිටපු කතාවක්.. ඒ තමයි මල්ලිට සිහිය ආවා කියන එක.. ඒත් එයා තාම දැඩි සත්කාර ඒකකයෙ.. මං නර්ස් කෙනෙක්ටයි ඩොක්ටර් කෙනෙක්ටයි බටර් පාරක් ගාලා මල්ලිව බලන්න ඇතුළට යන්න චාන්ස් එකක් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පබසරව දොර ළග තියලා නර්ස් එක්ක ඇතුළට යද්දි මගේ පපුව හෝස් ගාලා ගියා.. මල්ලිට හතර වටේම බට ගහලා.. සේලයින් දීලා.. බලන්නත් දුකයි.. මම හෙමීට ළගට ගිහින් ඒ අත අල්ලගත්තා විතරයි වැහිලා තිබුණ ඇස් ලාවට ඇරුනා.. ඊට පස්සෙ විනාඩි දෙක්ක විතර මගේ දිහා ඇහි පිල්ලම් නොගහ බලන් ඉද්දි ඒ ඇස් අමුතු විදියට වෙනස් උනා.. හිතපු නැති විදියට එයා මගේ අත තල්ලු කරලා දාලා අහක බලාගත්තා.. සමහර විට එයා වාම අදුරගන්න බැරි උනාම මන්දා.. හිත මොනවදෝ වේගෙන යද්දි මං හැරිලා එළියට ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි මචං..? මල්ලිට අප්සට් එක්ක නෑ නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පබසර මං ළගට එද්දි මට කතා කරගන්නත් වචන අමතක වෙලා තිබුණෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ගිම්හාන.. මොකෝ මේ..? මොකක්ද කේස් එක..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ පාර ඌ මගේ උරහිසෙන් හොලවලා ඇහුවා.. මං ඌට කිව්වා මල්ලි මාව අදුරගත්තෙ නෑ කියලා.. ඇත්තටම මල්ලිගෙ මතකෙට මොනව හරි වෙලාද මංදා.. පබසර මාවත් ඇදගෙන ඩොක්ටර් ළගට ගිහින් විස්තරේ කිව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ.. ඔයාලා හිතන විදියට පේෂන්ට්ගෙ මෙමරි ලොස් එකක් වෙලා නෑ.. සමහර විට එයාට සිහිය ආව ගමන් නිසා එහෙම උනා වෙන්න පුළුවන්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එනි වේ ලෙස්ට් සී.. අපි දිගටම ට්‍රීට් කරනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩොක්ටර් මගේ පිටට තට්ටු කරලා කිව්වට මගේ හිත තිබුණෙ ගොඩක් බය වෙලා වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මයි තාත්තයි දෙන්නා ආවට පස්සෙ මං පබයා එක්ක ගෙදර ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹට ගොඩක් මහන්සි ඇති මචං.. උදව් වලට තෑන්කස් අ ලොට්.. දැන් ගෙදර ගිහින් රෙස්ට් කරපං.. මං හවස කොල් කරන්නං..” [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං එහෙම කියලා පබයව බලෙන්ම වගේ ගෙදර යැව්වා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හවස් වෙද්දි සන්ධනායක අන්කල් කට්ටියවත් අරන් කොළඹ ඇවිත්.. ආපු ගමන්ම නිලුයි, රොහානුයි දෙන්නා කෝල් කරා.. ඒත් මං පෙරුම් පුරාගෙන බලාගෙන හිටියෙ පාරමීගෙ කටහඩ අහන්න.. එයා කෝල් කලේ හයට විතර.. සන්ධනායක අන්කල් එයයි නිල්මිණී ආන්ටියි එක්කගෙන තව ටිකකින් හොස්පිට්ල් යනවා කියලා පාරමී කියද්දි මමත් ඉක්මනට ලෑස්ති උනා.. මොකද ඉතිං එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම මරා ගන්න පුළුවන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොහොම හරි මං ඉස්පිරිතාලෙට යද්දි මල්ලිව රූම් එකකට දාලා.. අපේ තාත්තත් එතන තිබුණ පුටුවට වෙලා දුක හිතෙන විදියට බලන් හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන් කොහොමද තාත්තෙ මල්ලිට..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන්නං ටිකක් හොදයි වගේ.. මං මේ පුතා එනකන් හිටියෙ ගිහින් චේන්ජ් එක්ක දාගෙන එන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“රයිට්.. තාත්තා යන්න මට අද ඉන්න පුළුවන්.. තාත්තා උදේට ආවම ඇති..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ දවස් දෙකට අපේ තාත්තා නිකං අවුරුද්දකින් විතර වයසට ගිහින් වගේ.. ඇස් යට ගිහින්.. කොණ්ඩෙ අවුල් වෙලා.. ඉදුණු රැවුල් ගස් වැවිලා.. බලන්න දුකයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතාට එද්දි මොනවද ගේන්න ඕනෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තාත්තා ඒක ඇහුවෙ මල්ලිගෙන් උනාට මිනිහා මුකුත්ම ඇහුණෙ නෑ වගේ අහක බලන් හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මහා හයියෙන් හුස්මක් අරගෙන පිටකරපු තාත්තා යන්න හදද්දිම වගේ සන්ධනායක අන්කල් නිල්මිණී ඇන්ටිත් එක්ක ඇතුළට ආවා.. ඒ පිටිපස්සෙන්ම බිම බලාගෙන ආපු පාරමී නතර උනේ අපේ තාත්තා ළග..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හිරාන්.. දැන් කොහොමද පුතා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල් මල්ලිගෙන් අහද්දි මිනිහා අමාරුවෙන් ඇදේ ඉදගන්න හැදුවා.. ඒත් එයාට ඉදගන්න තරම් තාම ෆිට් එකක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන් හොදයි අන්කල්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියපු මල්ලිගෙ ඇස් ඊළගට පාවෙලා ගියේ පාරමී දිහාට.. කෙල්ලව දැක්කා විතරයි මල්ලිගෙ ඇස් එක පාරටම ලොකු උනා.. ඒත් වැඩේ කියන්නෙ ඒක නෙමෙයි.. මල්ලිව දැක්ක පාරමී ඇස් දෙක ඊටත් වඩා ලොකු උනා.. දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලද්දි මට නං හිතුනෙ මෙතන මං නොදන්න මොකක් හරි ලොකු සීන් එකක් තියෙනවා කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කෝ ජයේ නෝනා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල් ආපහු ඇහුවෙ අපේ තාත්තගෙන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උදේ ඉදලා මෙතන අඩ අඩ ඉදලා බැරිම තැන මං ගෙදර යැව්වා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිල්මිණී ආන්ටි මල්ලි ළගට ගිහින් එයාගෙ ඔළුවත් අතගාලා දුක සැප අහද්දි පාරමී හොරෙන් හොරෙන් මගේ දිහා බලනවා මං දැක්කා.. ඒත් මේ කට්ටිය ඉස්සරහ කොහොමද එයා එක්ක කතා කරන්නෙ.. මහා දුක හිතෙන විදියට මගේ මූණ බලපු කෙල්ලගෙ ලස්සන ඇස් රතු වෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නංගි.. පාරමී..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ මල්ලිගෙ කටින් පාරමීගෙ නම පිටවෙද්දි මගේ හිත ගැස්සිලා ගියා.. ඒත් පාරමීගෙ මූණට ආවෙ තරහක් වගේ අමුතුම බැල්මක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“යන්න පුතේ.. අයියා කතා කරනවනේ.. ගිහින් ඇයි කියාල අහන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සන්ධනායක අන්කල් පාරමීව බලෙන්ම වගේ මල්ලිගෙ ඇද ළගට යැව්වා.. එයා ගියේ කැමත්තකින් නෙමෙයි.. කෙල්ල ළගට ගියා විතරයි එකපාරටම උනේ අපි කවුරුවත් හිතපු නැති දෙයක්.. මල්ලි පාරමීගෙ අතකින් අල්ලගෙන ඉකි ගහන්න පටන් ගත්තා.. මං පුදුම උනෙත්, පාරමීට තරහ ගියෙත්, සන්ධනායක අන්කල්ට හිනාවක් ගියෙත් එකම වෙලාවක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතා නංගිව අදුරනවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාගෙවත් සද්දයක් නැති නිසා අපේ තාත්තා මල්ලිගෙන් ඇහුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව් තාත්තෙ.. අදුරනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං මේ දේවල් දිහා කාමරේ දොරට හේත්තු වෙලා බලන් හිටියා.. අසනීපෙන් හිටියා උනත් මල්ලි පාරමීගෙ අත අල්ලගෙන ඉන්නවා දැක්කම මට හිතුනෙ ඌට දෙකක් අනින්න.. කෙල්ල ඇඹරුණාට මල්ලි ඒ අත අතෑරියෙ නෑ.. මගේ හිතට මොකක්දෝ ලොකු හිස් බවක් දැනෙද්දි මං දොර ඇරගෙන එළියට ගියා.. ඒත් විනාඩි දහයක් පැය කාලක් විතර යනකල්ම කවුරුත් එලියට ආවෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදා මාවයි පාරමීවයි දැකලා මං සන්ධනායක අන්කල්ගෙ බෑනද කියලා මිනිහෙක් අහපු දවසෙ ඩෝං ගිය අන්කල් අද පාරමී මල්ලි ළග ඉන්න දිහා හිනාවෙවී බලන් හිටපු එක ගැන මගේ හිතට ආවෙ ලොකු අප්‍රසාධයක්.. කල්පනා කර කර හිටපු මගේ උරහිසට එක පාරටම බර අතක් වැටුණා.. බලද්දි ඒ සන්ධනායක අන්කල්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතා මොකද එළියට වෙලා ඉන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කට කොනකින් හිනා උනාට උත්තරයක් දුන්නෙ නෑ.. ඒත් අන්කල් ඒකට උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“පුතා අපි හැමෝම එකතු වෙලා මල්ලිව හොද පැත්තට ගන්න ඕනෙ.. නැත්තං මිනිහා නිකං නාස්ති වෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්කල් කියන දේවල් මගේ ඔළුවට මීටර් උනේ නෑ.. මං බලාගෙන හිටියෙ මගේ රෝස මල කාමරෙන් එළියට එයිද කියලා.. සමහර විට මල්ලි තාම කෙල්ලව අල්ලගෙනද දන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙම කරානං හරි නේද පුතා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔ.. ඔව් අන්කල්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් කිව්වට මොකෝ එයා ඇහුවෙ මොනවද මන්දා.. හැබැයි මගේ උත්තරෙන් අන්කල්ට පොඩි ජොලියක් ගියා.. කාමරේ හිටපු කට්ටිය එළියට ඇවිත් අපි ළග නතර වෙද්දි මගේ ඇස් මුලින්ම නතර උනේ පාරමී ළග.. ඒ ඇස් හොදටම රතු වෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අපි නිසා ඔයාගෙ ට්‍රිප් එක කැන්සල් උනා නේද නංගි..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මුකුත්ම කතා නොකර හිටියොත් අනික් අය බලයිනෙ ඇයි කියලා.. ඉතිං මං වැඩකට නැති මෝඩ ප්‍රශ්නයක් පාරමීගෙන් ඇහුවා.. ඒත් වෙනදට දිලිසෙන ඒ මූණ අද මැලවිලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“යනලක් මග දිගට ඉමු කිය කිය ගිය අපේ කෙල්ල හිරාන් අසනීප උනා කියලා අහපු වෙලාවෙ ඉදලම එමු කියලා නහයෙන් ඇඩුවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කතාවට මගේ ඇස් පාරමීගේ ඇස් එක්ක එකපාරටම එකතු උනා.. පාරමී එමු කියන්න ඇත්තෙ මං ආපු නිසා.. නැතුව මල්ලිව බලන්න නෙමෙයි.. හැබැයි එහෙම හිතලා හිත හදාගන්න හැදුවට අන්කල් කියපු කතාවෙ වෙනම තේරුමක් තියෙනවා.. මේ වෙලාවෙ හැටියට ඒ ගැන දිගින් දිගටම කතා කරන්න බෑ.. හිත පුදුම විදියට නොසන්සුන් වෙලා තියෙද්දි සන්ධනායක අන්කල්ලා පාරමීළුත් අරන් යන්න ගියා.. අපේ තාත්තත් එයාල එක්කම ගෙදර ගියාට පස්සෙ මම ආපහු කාමරේ ඇතුළට ගියා.. ඒ වෙලාවෙ නං මල්ලිගෙ මූණට ඇවිත් තිබුණෙ අමුතුම හිනාවක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මල්ලි ඔයා පාරමීව අදුරනවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිනිහා මහා නෝන්ඩි විදියට හිනාවෙලා මගේ දිහා බැලුවා.. මූ මේ ලෙඩ උන වෙලාවෙ ඉදලා මගෙන් මොන තරහක් පිරිමහනවද මංදා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තමුසෙ නුවරඑළි ගියේ පාරමී එක්කලු නේද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනසීප නිසා මලානික වෙලා තිබුණ ඒ කටහඩට දැන් ටිකක් පණ ඇවිත්.. ලෙඩෙක් එක්ක වාද කරන එකේ තෙරුමක් නෑ.. මූ මොකාටද එන්න හදන්නෙ කියලා මං බලන් හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තමුසෙගෙ හිතේ පාරමී ගැන මොනව හරි තියෙනවා නං දැන්මම ඒක හිතින් අයින් කරගන්නවා.. නැත්තං පස්සට කරදර වෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ මූණට ඇගිල්ලකුත් දික් කරලා ඒක කියද්දිනං මට තද උනා.. ඒත් මං එක වචනයක්වත් කතා කරන්න කලින් කාමරේට ඩොක්ටර් ආවා.. මල්ලිට බෙහෙත් වගයක් දීලා යන්න හදපු ඩොක්ටර් මගේ දිහාට හැරුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ පේෂන්ට්ගෙ කවුද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං මෙයාගෙ අයියා ඩොක්ටර්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕකේ.. එහෙනං ටිකකට මගේ රූම් එකට එන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ කතාව මග නතර කරලා මං ඩොක්ටර් එක්ක එයාගෙ කාමරේට ගියා.. එයා මාවත් ළග ඉන්දවගෙන මුලින්ම මල්ලිගෙ රිපෝට් වගයක් පෙරළලා බැලුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොයි තරම් වාද කරගත්තත් මල්ලිට කරදරයක් වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කළා.. ෆයිල් එක වහලා දාලා නළලත් රැළි කරගත්තු ඩොක්ටර් මගේ මූණ දිහා ටික වෙලාවක් බලන් හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ මිස්ටර්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං ගිම්හාන..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මිස්ටර් ගිම්හාන.. මේක අහලා කලබල වෙන්න එපා.. ඔයාගෙ මල්ලිට දරුණු ලෙඩක් නෑ.. ඒත්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි ඩොක්ටර්..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පපුව හැගෙන සද්දෙ පිටටත් ඇහෙන තරම් දැඩි වෙද්දි මං ඉක්මනට ඇහුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එයාගෙ හාට් එකේ එක වෑල් එකක පොඩි අසාමාන්‍යතාවයක් තියෙනවා.. මේ නිසා එයාගෙ ලේ ගමනාගමනය තරමක් මන්දගාමියි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ වගේම මෙයා මේ තරුණ වයසට ඔරොත්තු නොදෙන තරම් ලිකර් පාවිච්චි කරලා තියෙනවා.. ඒක නිසා අක්මාවත් ඩැමේජ් වෙලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මල්ලිට ඉබේ හැදුන ලෙඩෙයි මූ මේ ඉල්ලගෙන දාගත්තු ලෙඩෙයි නිසා තත්වෙ අපි හිතුවට වඩා සෑහෙන සීරියස් වෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මිස්ටර් ගිම්හානගෙ මල්ලි සිගරට් බොනවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩොක්ටර් අහද්දි මට මතක් උනේ ඊයෙ පබසර කියපු කතාව.. මල්ලි නරක යාළුවො සෙට් එකක් එක්ක අරක්කු සිගරට් පාවිච්චි කරනවා කියලා ඌ කිව්වනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව් ඩොක්ටර්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං ඇයි මල්ලිව හදාගත්තෙ නැත්තෙ..? ඇයි එයාට මේ තරම් නිදහසක් දුන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං.. මං කාලයක් ලංකාවෙ හිටියෙ නෑ ඩොක්ටර්.. මල්ලි ඉස්කෝලෙන් අවුට් වෙලා මේ අවුරුදු දෙක තුන ඇතුළත තමයි ඕවට පුරුදු වෙලා තියෙන්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මල්ලිව මීට වඩා පරිස්සම් කරන්න බලන්න.. එයාගෙ ඇඟ ඇතුලෙ ලෙඩ රෝග කීපයක්ම තියෙනවා.. ඔය පුරුදු විදියටම කරගෙන ගියොත් තත්වෙ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.. මිස්ටර් ගිම්හානට තේරෙනවනේ මම කියන දේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව් ඩොක්ටර්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මල්ලිගෙ තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා.. සමහරවිට පොඩි ඔපරේෂන් එකක් කරන්නත් වෙයි.. කොහොම උනත් තව දවස් දෙකතුනක් එයාට හොස්පිට්ල් ඉන්න වෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕකේ ඩොක්ටර්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ප්‍රධානම දේ තමයි මල්ලිට හොදින් කියලා ඔය දේවල් වලින් මුදාගන්න බලන්න.. අනික මේ තියන තත්වෙ උඩ එයාට වැඩිය ෂොක් එකක් දරන්න අමාරුයි.. පුළුවන්තරං එයාගෙ හිත සතුටින් තියන්න බලන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක කරන්න මිස්ටර් ගිම්හානට බැරි වෙන එක්ක නෑ.. ඔයා එයාගෙ අයියනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඕකේ ඩොක්ටර්.. අයි ට්‍රයි මයි බෙස්ට්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“රා..යිට්.. වෙරි ගුඩ්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුටුවෙන් නැගිටලා මගේ අතට අත දීපු ඩොක්ටර් ගොඩක් සුහදශීලී විදියට හිනා උනා.. මං හිනාවෙන්න හැදුවට ඒ කියපු දේවල් අහලා මගේ මූණට හිනාවක් ආවෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්දමන්ද වෙලා රූම් එකට ගියාමයි මට මතක් උනේ අපි කතා කර කර හිටපු මාතෘකාව.. එයා මට කිව්වෙ පාරමීගෙන් ඈත් වෙන්න කියලා.. මමත් කට මැදගෙන හිටියෙ පාරමී මගේ කවුද කියලා මිනිහට තෙරුම් කරලා දෙන්න.. ඒත් දැන්.. දැන් ඩොක්ටර් කියපු දේවල් අහලා මං කොහොමද එහෙම කතාවක් කියන්නෙ.. ඩොක්ටර් කියපු විදියට ෂොක් එක දරාගන්න බැරි උනොත් ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්.. ඉතිං හිත අන්තිම බින්දුවට අසරණ වෙලා යද්දි මං පුටුවෙන් වාඩි වෙලා අත් දෙකෙන්ම ඔළුව තද කරලා අල්ල ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියෙ.. මට සමාවෙන්න..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තටම ඒ හඩ ආවෙ අපේ මල්ලිගෙ කටින්මද කියලා දැන ගන්න මං උගේ මූණට එබුනා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං හිතේ කේන්තියට එහෙම කිව්වට අද ඊයෙ ලංකාවට ආපු ඔයාගෙ හිතේ පාරමී ගැන එහෙම අදහසක් නෑ කියලා මං දන්නවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පපුව ඩක්, ඩක් ගෑවට මං බොහොම අමාරුවෙන් කටේ සද්දෙ සන්සුන් කරලා ඇහුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං පාරමීට ආදරෙයි අයියෙ.. දැන් ගොඩක් දවසක ඉදලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ හිත ඇතුළෙ හෙන ගෙඩියක් පුපුරලා ගියා වගේ දැනුණා.. පාරමී මගේ.. ඔව් පාරමී මගේ විතරමයි.. මේ මනුස්සයා ලෙඩෙක් උනත් මගේ මල්ලි උනත් මං කොහොමද මගේ පුංචි කෙල්ලව ඌට දීලා හිත හදාගන්නෙ..? අනික පාරමී මේ දේවල් දැනගත්තොත්..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතින්..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එයා සන්ධනායක අන්කල්ගෙ දුව කියලා මං දැනගත්තෙ මේ ළගදි.. එයා යාළුවා එක්ක ඩ්‍රයිවින් ඉගෙන ගනිද්දි, බැඩ්මින්ටන් ගහන්න ක්ලබ් එකට එද්දි තමයි මං එයාට ට්‍රයි කෙරුවෙ.. පස්සෙයි දැනගත්තෙ ඒ සන්ධනායක ගෘප් එකේ එකම අයිතිකාරයා කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනං මල්ලි දවසක් මට කියපු පරම්පරාවම ගොඩ දාගන්න පුළුවන් කෙල්ල පාරමීද..? මාව නිකං හොල්මන් උනා.. ඒත් මල්ලි එදා කිව්වෙ කෙල්ල එයාට කැමති නෑ කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එතකොට එදා මට කිව්වෙ පාරමී ගැනද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔව්.. ඒත් මගේ පරණ විස්තරයි, මගේ යාළුවො ටිකයි නිසා ඒකි මට කැමති උනේ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරමී කියන්නෙ කොහොමත් රස්තියාදුකාරයින්ට කැමති වෙන ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි.. මූ මගේ මලයා උනත් ඇත්ත කියන්න එපැයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං ඒකිට කැමතියි හලෝ.. එයා වෙනුවෙන් මට මේ නරක ජීවිතේ අතාරින්න පුළුවන්.. අන්කල්කාරයා තමුසෙගෙ බ්‍රැකට් එකනේ.. ප්ලීස් මට උදව් කරනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගෙයි පාරමීගෙයි ආදරේ ගැන බින්දුවක්වත් දැනන් හිටියෙ නැති ඌ එහෙම කිව්වට මං කොහොමද ඒ උදව්ව කරන්නෙ..මගේ කෙල්ලව මගේම මල්ලිට දෙන්න කියලා එයාගෙ තාත්තට කියන්න පුළුවන්නං මං හිත් පිත් නැති ගලක් වෙන්න ඕනෙ.. කියාගන්න දෙයක් නැතුව ගල් ගැහිලා වගේ බලන් හිටපු මගේ මූණ මල්ලි දකින්න නැතුව ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අයියෙ මට මේක කරලා දෙන්න පුළුවන්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“බලමුකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මට තවත් බලන් ඉන්න බෑ.. තමුසෙට බැරිනං කියනවා.. මං කෙලින්ම අන්කල් එක්ක කතා කරන්නං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ලෙඩ පාට් පැත්තකට දාලා ගහන්න වගේ තමයි මූ කතා කරන්නෙ.. මට තද වෙච්ච පාර මං ඕන දෙයක් කරගන්න ඇරලා කතා නොකර හිටියා.. අන්කල්ගෙ කැමැත්ත විතරක් අරන් මොනවා කරන්නද..? ඕකට පාරමිත් කැමති වෙන්න එපැයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මල්ලිගෙ රෑ කෑම එක වේලාසනම එවලා තිබුණ නිසා එයාට ඒක කන්න දීලා මං රූම් එකෙ තිබුණ ටීවී එක හෙමීට දා ගත්තා.. ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ කෑම කකා හිටපු මල්ලි හයියෙන් හුස්ම ගන්නවා ඇහුවා.. මං ටීවී එක ඕෆ් කරලා දුවලා ගිහින් නර්ස් කෙනෙක්ව එක්කගෙන ආවෙ මිනිහගෙ ලෙඩේ ආපහු වැඩි වෙලාද දන්නෙ නැති නිසා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“බය වෙන්න එපා එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ.. වැඩිපුර කතා කරලා එයාව මහන්සි කරවන්න එපා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මල්ලිට ඉන්ජෙක්ෂන් එකක් ගහපු නර්ස් කාමරෙන් පිට උනේ එහෙම කියාගෙන.. ඌට නින්ද ගියාට මොකෝ මගේ හිත නං නිකං යකාගෙ කම්මල වගේ.. දාහක් දේවල් කල්පනා කර කර මං ඒ රූම් එකේම තිබුණ පුංචි ඇදට වෙලා ඉදගෙන හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?qp463u84o4132tk"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom