Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුවදා උදේම චාමිකට කෝල් එකක් දීලා මං ඌව මගට ගෙන්න ගත්තා.. චැලියට ඌවත් දාගෙන එක මීටරයක්වත් යන්න හම්බ උනේ නෑ.. සුපුරුදු විදියටම ඌ උගේ වක්කඩේ ඇරියා..

"ලොකු පුතේ.."

"ම්.."

"අපි මේ කොහෙද යන්නෙ..?"

"උඹ හිතන්නෙ කොහෙ කියලද..?"

"කොළඹ වීදියට ගිහිල්ලා සුප් කෝප්ප දෙක්ක බොන්න නේද..?"

"පිස්සුද චාමික..? මේ යන්නෙ නෙත්මිලහ.."

"නියමයි බන්ටි.. නියමයි.. පහුවෙලා හරි උඹ ඔය තීරණේ ගත්තු එක.. කෙල්ලගෙ හිතේ උඹ ගැන කොයි තරම් හෝප්ස් කන්දරාවක් තියෙනවද කියලා මං දන්නවා.."

"ඒත් ප්‍රශ්නයක් තියෙනවා.."

"ප්‍රශ්නවලට නාන්න කියපං ලොකු පුතේ.. අපි මේ සැදැහැ සිතින් යන්නෙ නෙත්මිව හම්බවෙන්නනේ.."

"උඹට තේරෙන්නෑ.."

"මොනවද..?"

"නෙත්මිගෙ තාත්තා ගෙදර ඉන්නවා.."

"ඉතිං ඒකා ගෙදර ඉන්නැතුව අල්ලපු ගෙදර ඉන්නද..?"

මූටත් දෙයක් ලේසියෙන් පහදන්න බෑ.. ලේ කෝප වෙනවා..

"නෙත්මිලගෙ තාත්තා රට ඉදලා ඊයෙ පෙරේදා ඇවිත් තියෙන්නෙ.."

"ඉතිං..?"

"ඉතිං කියන්නෙ.. ගන්න හැම කෝල් එකකටම ආන්සර් කරන්නෙ ඒ මනුස්සයා.. නෙත්මිගෙ කටහඩක්වත් නෑ.. මං ඊයෙ ෆෝන් කලාම කියනවා නෙත්මිට සනීප නෑල්ලු.."

"හුටා.. ඉතිං..?"

"අසනීපෙ මොකක්ද කියලා අහන්නත් කලින් මිනිහා ෆෝන් එක තිබ්බා.."

"ඊට පස්සෙ උඹ දුරකථනයට ඇනලා බැලුවෙ නැද්ද..?"

"ඇනපු එක නේන්නම් ඊයෙ ඉදලම කරේ.."

"ඉතිං..?"

"හැම වෙලාවෙම ෆෝන් එක ගත්තෙ නෙත්මිගෙ තාත්තා.."

"එහෙනම් ඒකා ෆෝන් එක උඩ බුදියගෙනවත් ඇති.."

මට හිතිච්ච දේම චාමිකටත් අඩුවක් නැතුව හිතිලා තිබුණා.. චැලියෙ යන ගමන් උනත්, ඉස්සරහට කරන්න තියෙන දේයි, දැන් හතර වටේට ඇනිල තියෙන විදියයි මං, චාමිකව දැනුවත් කලා..

"ඔයින් මෙයින් අපි කොහොමද ලොකු පුතේ කෙල්ලව හම්බවෙන්නෙ..?"

"තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙමෙයි.."

"එහෙනම්..?"

"නෙත්මි මගේ ඉස්සරහට එයිද කියනෙක.."

"පිස්සු කතා නොකිය ඉදපං.. උඹේ ඉස්සරහට නොඑන්නෙ මොන රූප සුන්දරීද..? එයා අනවශ්‍ය කතා වලට ආවොත් මාත් කරලියට බහින්නම්කො.."

"ඔව්.. චාමික.. මම කෙලින්ම නෙත්මි ගාවට යනවා.. මොකද එයාලා මාව බැදගෙන තම්බගෙන කන්නද..?"

"අන්න හරි ලොකු පුතේ.. උඹ ඔහොම කතා කරනකොට මට මාර ගතියක් එනවා.. ඒ ගතිය පිරිහෙන්න කලින් අපි යමු.."

චැලිය නෙත්මිලගෙ පාරට හරවද්දිම, චාමික චැලියෙන් බැහැලා තල්ලු කරනන් ගත්තා.. මේක කදු අදින්න හොරයි කියලා, ඌ අත්දැකීමෙන් දන්නවා.. කලින් දෙපාරක් විතර ඇවිල්ලා තිබ්බ හන්ද මට මේ පාරෙ ගහක් ගලක් ගානෙ මතකයි.. ගේට්ටුව ගාව චැලිය නවත්තලා මං චාමිකත් එක්ක ගේ ළගටම ආවා.. ජීවිතේට දැකලා නැති නෙත්මිගෙ තාත්තා, මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්නත් මට ලොකු ආසාවක් තිබ්බා..

"ලේන් දොර ඕපන්.. ගල්ලෙන බ්‍රෝකන්.. සිංහ බා.. සිංහ බා.. හා.. හා.. ගෙදර කවුද..?"

මටත් කලින්ම උගුර පාදල, සෘතිය පිහිටල චාමික වැඩේ පටන් ගත්තා.. හිතේ මොන ගින්දරක් තිබ්බත්, මේකගෙ වැඩ වලින් හිතට පුංචි සනීපයකුත් දැනෙනවා..

"ගෙදර ක..වු..ද..?"

බෙල් එකත් ඔබලා.. කීප සැරයක්ම කතා කරලත් කිසිම සද්දයක් බද්දයක් ගේ ඇතුලෙන් ආවෙ නෑ..

"කවුරුත් නැතුව වත්ද..? ලොකු පුතේ අපි අද එළියට බැස්සෙ රාහු කාලය මග ඇරල නේද..? උඹට කියන්න.. ඔය නීච රාහුවා ඔහොම්මයි.. මග ඇරල ආවත්, ඌ අපිව අතාරින්න කැමති නෑ.."

ටිකක් වෙලා ගියාට පස්සෙ ගේ ඇතුලෙන් කවුරු හරි එන සද්දයක් මට ඇහුණා..

"ඔය සියුමැලි අඩි සද්දෙන් මට කියතෑකි නාලාගිරි ඇතා වගේ ඉන්න ගෘහ මූලිකයා තමයි එන්නෙ කියලා.."

මට ලොකු පුතා කොදුරනවා..

"උඹ කොහොමද එහෙම කියන්නෙ..?"

"බලහංකො අඩි සද්දෙ තියන ගාම්භීරත්වය.. මට නිකං ඇගට දැනෙනවා, උණ සන්නිපාතෙට එන්න වගේ.."

"උඹට ෂුවර්ද ගෘහ මූලිකයා කියලා..?"

"මං කිව්ව දෙයක් වැරදිලා තියෙනවද ලොකු පුතේ..?"

ගේ ඇතුළෙන් ආපු අඩි සද්දෙ නැවතුනා.. මං චාමිකගෙ මූණ දිහා බලද්දි ඌ බැලුවෙ අඩි සද්දෙ ආපු පැත්ත.. උගේ මූණ මුළුමනින්ම ඇද වෙලා, විරූපි වෙලා යනවා මං දැක්කා.. අපි දෙන්නා ඉස්සරහ හිටියෙ, අඩි තුනක් විතර දිග, බිම ඉදලා අඩි බාගයක්වත් උස නැති හොද සැපට හැදුන බිං බල්ලෙක්.. උංට ඉංශ්‍රීසියෙන් කියන්නෙ මොකක්දෝ අපත නමක්..

"ආ.. චාමික.. මූද ගෘහ මූලිකයා.."

පිපිරෙන්න ආපු හිනාව තද කරගෙන මං ඇහුවා.. චාමික පටාස් ගාලා අනිත් පැත්ත බලාගත්තා..

"කාව හම්බවෙන්නද..?"

චාමිකගෙයි, මගෙයි සියලු කතාබහ නතර උනා.. දවස් ගානකින් ඇහුණෙ නැති ඒ ආදරණිය කටහඩ මගේ කන්වල අහුමුලු අස්සෙ හිටන් දෝංකාර දුන්නා.. ඒත් ඒ ප්‍රශ්නෙ තිබ්බ නන්නාදුනනාකම මාව සෑහෙන්න පල්ලෙහාට ඇදලා දැම්මා..

"නෙ..ත්..මි.."

"ඇ.. ඇයි මෙ.. මෙහේ ආවෙ..? ඔ.. ඔයාගෙ කවුද මෙහේ ඉන්නෙ..?"

ඒ වචනවල තිබ්බ නපුරුකම ගැන කියන්න මට වචන තිබ්බෙ නෑ.. මේ ඩිංග දවසට ඔයා ඔය තරම් වෙනස් වුණේ කොහොමද කෙල්ලෙ..?

"ම.. මං ආවෙ ඔයාව බලන්න නෙත්මි.."

"ඇ.. ඇයි මං මැරිලා කියල බලල යන්නද..?"

"නෙ..ත්..මී.."

"එහෙමත් නැත්නම් මගෙ හත් දවසෙ දානෙ දීලා යන්නද..?"

ඇහිච්ච වචන වල තියෙන කටුකකම, ප්‍රහාරය දරාගන්න බැරුම මං ළගම තිබ්බ පුටුවක් අල්ල ගත්තා.. අඩු ගානෙ මං චාමික දිහාවත් බැලුවෙ නෑ.. හිතුවෙවත් නැති විදියට මගේ ඇස්වලට කදුළු උනාගෙන එද්දි මං බිම බලාගත්තා..

මං මොනවද මේ අහන්නෙ..? මේවා අහන්නද මං නෙත්මිව බලන්න ආවෙ..? මගේ හිතට මං ගැනම ආවෙ ලොකු අනුකම්පාවක්.. ඒත් ඒ අනුකම්පාව වෙලා, බන්ටි කියන හාදයගෙ කේන්තිය ඒ හැමදේටම වැඩිය ඉස්සරහට එයි කියලා මට බයක් දැනුණා..

"ඔයා මොනවද නෙත්මි මේ කතා කරන්නෙ..? මං ආවෙ ඔයාව බලලා යන්න.."

"බලලා යන්න..? නිකං බොරු කියන්නෙපා රන්දික.. අපි අන්තිමට හම්බවුණායින් පස්සෙ පැය කීයන් නම් ගෙවිලා ගියාද..? දවස් කීයක් නම් ගෙවිලා ගියාද..? ඔයාට දැන්ද මාව බලලා යන්න මතක් උනේ..?"

"ඔහොම කතා කරන්නෙපා.. මං ඔයාව කන්ටෑක්ට් කරගන්න සෑහෙන්න මහන්සි උනා.."

"අ..නේ.. හරි පව්.. ඕවා ගිහින් කියන්න ඕවා විශ්වාස කරන කාට හරි.. මං කලින් නම් ඉවක් බවක් නැතුව ඔයාගෙ බොරු විශ්වාස කරා.. ඒත් දැන් එහෙම නෑ.. ඔයා ඒක තේරුම් ගන්න.."

කතාව ඇදිලා යන පැත්ත ඒ තරම් හොද නෑ කියලා කියන්න වගේ චාමික මට ඇගිල්ලෙන් ඇන්නා.. ඒත් එක සැරේට හෝ ගාලා පහළට ගලන් යන මහවැලි ගංගාව දිගේ උඩට පීනන්න මට පුළුවන්ද..? ඒක ලොකු පුතාට නොතේරෙන එකනේ වැඩේ කියන්නෙ..

"ම.. මං ඔයාට ෆෝන් කරා.."

"ම.. මට..? ඔයා හීනයක්වත් දැකලද..? ඒත් ඔයා හීනෙකින්වත් මට ෆෝන් කරන්නෑ කියලා මං දන්නවා.. ඒකනේ ෆෝන් එකක් අරන් දීලවත් මට කතා කරේ නැත්තෙ.."

"මං කියන දේ විශ්වාස කරන්න නෙත්මි.. ඔයාගෙ හෑන්ඩ් ෆෝන් එක ඕෆ් කරලා තිබුණෙ.. මං ගෙදර නම්බර් එකට ගත්තෙ.."

"ෂිහ්.. ඔය තරම් පහත් විදියෙ බොරු කියන්නෙපා.. ඔයා මගේ මොබයිල් එකට ගත්ත නම්, ඒකෙ මිස් කෝල් ඇලර්ට් තියෙන්න ඕන.. ඒ මදිවට කියනවා ගෙදරට ගත්තලු.. හ්ග්.."

"මං කියන්නෙ ඇත්ත.. ඔය නම්බර් දෙකටම මං ගත්තා.."

"ඔව්.. ගන්න ඇති.. වෙන කාට හරි.. එක්කො ශලනිට, එහෙමත් නැත්නම් නිරෝෂිට.. ඒ දෙන්නටම නෙමේ නම් අඩුම ගානෙ අර ගෙවල් ගාව ඉන්න මොරීන්ට හරි.."

කිසිම හිතක් පපුවක් නැතුව වගේ නෙත්මිගෙන්, පිටවෙන වචනවලට මට ආවෙ මං ගැනම මහ විසාල දුකක්.. මං මොනවද මේ අහන්නෙ.. මං ආවෙ මේවා අහන්නද..?

"ඔ.. ඔයාට වැරදිලා නෙත්මි.."

"ඔව්.. මං ඒක පිළිගන්නවා.. ඔයාව හම්බවුණ දවසෙ ඉදලා තමයි මට වැරදුණේ.. තමන්ගෙ ගෙදර වැඩ කරන ගෑනු කෙනාව, තමන්ගෙ අම්මා කියලා කියපු ඔයාට මොන වගේ හිතක් තියෙන්න ඕනද..? මට හිතාගන්නවත් බෑ.. ඔයා මොන තරම් කැත සතෙක්ද රන්දික..? තමන්ගෙ අම්මව ඒ තරම් පහත් තත්වෙට ඇදලා දාන්න.. ආ..?"

මොන තත්වෙට ඇදලා දාන්නවත් මේ බන්ටිට අම්මා කෙනෙක් නෑ කියලා, ඔයා දන්නෑ නෙත්මි.. මට අම්මා කියලා හරි පේනනන් ඉන්නෙ, මගේ ආච්චි අම්මා වෙච්චි බේබි නැන්දව..

"ම.. මට නම් ඔයාගෙ මූණ බලන්නත් කැතයි.. ඔයා බොරු කීයක් නම් මට කිව්වද..? ආ. එහෙම තොග ගානෙ බොරු කියන්නෙ, මේවයෙ අන්තිම ප්‍රතිඵලේ මොකක්ද කියලවත් ඔයා හිතුවද..? ඔයාට ඕන උනේ, උදාවේචච හැම අවස්ථාවකම මාව විහිලුවට ලක් කරලා හිනාවෙන්න.. ඒත් ඔයා මතක තියාගන්න.. ඔයාට මේ තරම් ළංවෙලත්, අප්‍රමාණව ඔයා ගැන හොයල බලලත්, ඔයා මට දුන්නු තෑගි කන්දරාව නම් ඉස්තරම්.. මං ඒකට කවදාවත් ඔයාට සමාවක් නම් දෙන්නෑ.."

තවත් මේ බන්ටිට කියන්න තරමෙ දෙයක් තිබුණෙ නෑ.. අහන්න ඕන තරම් දේ අහගෙන මං ආපහු හැරුණා.. මේ තරම් ජීවිතේ කඩාගෙන වැටිච්ච අවස්ථාවක් මගේ ජීවිතේ කොතනවකවත් තිබ්බෙ නෑ..

"අඩුගානෙ මේ වැරැද්ද මට හදාගන්නවත් බැරිද..?"

"කොහොමද..?"

නෙත්මි අහපු දේට දෙන්න තරමෙ හොද උත්තරයක් මගේ ළග තිබුණෙ නෑ.. මොන දේ උනත් මං මේ ආවෙ හරි ගමනක් නෙමෙයි කියලා මගේ හිත කිව්වා..

"ඔයාගෙන් මේ වගේ සමාව ඉල්ලල.."

"ඕන සවුත්තු වැඩක් කරලා සමාව ඉල්ලන එක තරම් කැත දෙයක් තවත් නෑ.. ඔයා හොදට මතක තියාගන්න රන්දික.. මං ඔයාට කවදාවත් සමාව දෙන්නෑ.. ඒක ස්තිරයි.."

මනුස්සයෙකුට කේන්ති යන එකෙත් එක්තරා හොදක් තියෙනවා කියලා මං දැනන් හිටියා.. හුගාක් වෙලාවට තමන්ට කරගන්න ආත්ම ශක්තියක් නැති දේවල් ඒ කේන්තිය හන්දා කරගන්න පුළුවන් වෙනවා.. ඒ නෙත්මි ගාව තවත් බාල්දුවෙලා බැගෑපත් වෙන්න නම් නෙමෙයි.. හැරෙන තැපෑලෙන් නෙත්මි ගෙන් ඈත් වෙලා යන්න..

"අපේ බන්ටිට සමාව දෙන්න බැරි ඇයි..?"

මෙච්චර වෙලා ගොලු කසාය බීපු එකා වගේ හිටපු චාමික, මගෙයි නෙත්මිගෙයි කතාව මැද්දට පැන්නා.. දැන් බලමුකො මූ මොනවද මේ සීදේවි කටහඩින් අහගන්නෙ කියලා..?

"දෙන්න බැරි නිසා.."

"දෙන්න බැරි නම් ඒක ඔයා තියාගන්න.. අපිට එපා.. ඒත් බන්ටිට සමාව දෙන්න හැරි හේතුව අපිට දැනගන්න ඕන.. ඒක දැනගත්තම අපි අන්න අර ගේට්ටුවෙන් බොහොම ඉක්මනට පිටවෙලා යන්නම්.."

ඒ පාර නම් ලොකු පුතා දුන්නෙ ප්‍රොපෙෂනල් කතන්දරයක්.. උගේ කතාවට නෙත්මි ටික්ක ඇඹරුනා කියලා මට තෙරුණා..

"අම්මා කියන උතුම් වචනෙට බන්ටි නිග්‍රහ කරා.. ඒකයි එයාට සමාව දෙන්න බැරි.."

"මොකක්ද මං කරපු නිග්‍රහය..?"

ලොකු පුතාව පැත්තකට ඇදල දාලා මං ආයතේ කතාව මැද්දට පැන්නා..

"කුස්සි අම්මව, අම්මගෙ තනතුරට දාපු එක.."

සමහර විට නෙත්මි ඒ වචන ටික ඒ තරම් හිතල කියන්න නැතුව ඇති.. ඒ ඒ වචන වලින් මගේ පපුව තුන හතරට පැලිලා ගියා.. මොන තරම් කැත කතාවක්ද එයා කිව්වෙ.. එයාට අයිතියක් තියෙනවද ඒ වගේ කතාවක් කියන්න..

"ඇති.. තවත් එක වචනයක්වත් කතා කරන්නෙපා.. ඔය දෙඩෙව්වා හොදටම ඇති.."

"ඇ.. ඇයි මං තව කතා කලොත් මට මොනවා කරන්නද..? ඔයා ඔය අනිත් අය කටින් බය කරගන්නවා වගේ මාව බය කරන්න ලේසි නෑ තේරුණාද..?"

"ඔයාව බය කරන්න මට ඕන නෑ.. ඒත් ඔය වගේ කැත විදියට කතා කරන්නෙපා.. මං කවදාවත් බේබි නැන්දව කුස්සි අම්මා කෙනෙක් විදියට දැකලා දාලා නෑ.. එහෙම හිතලවත් නෑ.. ඔය විදියට කතා කරද්දි, මං මේ තරම් හරි ඉවසුවෙ, මං ඔයාව දවසක් හරි ආශ්‍රය කරපු හින්දා.. ඒක ඔයා තේරුම් ගන්න.."

"මං මොකටද තේරුම් ගන්නෙ..? වංචාව කෙරුවෙ ඔයා.. අම්මා ගැන බොරු තොගයක් කිව්වෙ ඔයා.. මාව සත පහකට ගණන් ගන්නැතුව කොල්ලොත් එක්ක ඕනනැති තැන්වල රවුම් ගැහුවෙ ඔයා.. ආදරේ කරපු හිතකට දෙන්න තියෙන දස වද ටික ඔක්කොම දුන්නෙ ඔයා.. ඉතිං ඔයාට තව කරන්න දෙයක් නෑ.."

"එහෙනම් ඔයාගෙ තීරණේ ඒකයි.. ඔය විදියට ඔයා හැමදාම හිතනවා..?"

"ඔව්.. ඔයා වගේ කැත මනුස්සයෙක් මගේ ඇස් දෙකටවත් පේන්නැති වෙන්න ඉන්නවා නම් මං හුගාක් සතුටුයි.. මං කිව්ව ඒ කිසිම දෙයක් ඉටු නොකලට අඩුම ගානෙ, ඔයාට ඒකවත් කරන්න පුළුවන් වෙයි.."

පලයං කියලා නොකියා කියන ගමන් ගහන්න පුළුවන් හැම හින්ට් එකම ගහන ගමන්, නෙත්මි කැත විදියට හිනා උනා.. ඇත්තටම ඒ වෙනකොට තවදුරටත් නෙත්මි ළග රැදිලා සිටීමේ හිතක් මට තිබුණෙ නෑ.. කිසිම දෙයක් කියන්නැතුව මං හැරුණා..

"බලන් ගියාම ඔයාට රට වටේම අම්මලනේ රන්දික.. ආ.. ඔයා තමයි හැමෝටම උදව් කරන්න ඉන්නෙ.. යාලුවොන්ගෙ ගෑනු ළමයින්ට, පාරෙ යන බල්ලො, බලල්ලුන්ටයි හැමෝටම උදව්වට ඉන්නෙ ඔයා විතරයි.. බලාගෙන.. තව ටික දවසකින් මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකෙන් ඔයාට රන් පදක්කමක් දේවි.. අනුන්ගෙ දුක සැප හොයලා බලලා පැනලා උදව් කරනවට.."

චාමිකත් එක්ක ගේට්ටුව ළගට යනකල්ම මට නෙත්මිගෙ කටහඩ ඇහුණා.. එයා මොන දේ කිව්වත් ඉවසනවා කියලා මං ඒ වෙනකොටත් හිතාගනෙ තිබුණෙ..

"රන්දික.."

චැලියට නැගලා, ඒක ස්ටාර්ට් කරන්න හදනකොටම නෙත්මිගෙ කටහඩ ළගින්ම ඇහුණා.. මායි, චාමිකයි ගේට්ටුව පැත්ත බැලුවෙ එකපාරටම වගේ..

"ඔය යනවද..?"

ඒ වචන වල තිබ්බෙ පැහැදිලිවම සමච්චලයක්.. මෙච්චර දේවල් කියවල තවත් මට කියන්න තරම් දෙයක් නෙත්මිට ඇතිය කියලා මං හිතුවෙ නෑ..

"ඔව්.. නැත්නම් අපි මෙතන බුදියගන්න ආවෙ නෑනේ.."

ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන් උනත් උත්තරේ හම්බ උනේ ලොකු පුතාගෙන්.. ඌට ලෙල්ලටම තදවෙලා කියලා මට තේරුණා..

"මට ඔයත්තෙක්ක කතාවක් නෑ චාමික.. ඔයා මෙයාගෙ තනි රකින්න ආව නම් පාඩුවෙ ඉන්න.. මාව හම්බවෙන්නත් බොඩි ගාඩ්ලා එක්ක එන්නෙ, මොකද ඔයාගෙ යාලුවා පණ බයේද ඉන්නෙ..?"

"බ.. බන්ටි බලපං බං මෙයා කියන කැත කතා.. උඹට මේවා අහගෙන ඉන්න පළුවන්ද..? අපි යමු බන්ටි.."

"ආ.. මං කියන ඒවා අහගෙන ඉන්න අමාරුද..? එතකොට මෙයා කියපුවා මං අහගෙන ඉදලා, ඒවයෙන් අහස් මාලිගා හදල, ගෙටත් ගෙවදුනාට පස්සෙ මට තියෙන හිතේ අමාරුව මොකක්ද කියලවත් ඔයාලට තේරෙනවද..? අඩුගානෙ.. ගැනු ළමයෙක්ගෙ හිතක් මොන වගේද කියලවත් ඔයාලා දන්නවද..?"

"ඔච්චරද කියන්න තියෙන්නෙ..?"

"ඔයාට නම් කියන්න කිසිම දෙයක් නෑ රන්දික.. මහා චේතිය රජ්ජුරුවො වගේ බොරුවෙන්ම ජීවත්වෙන ඔයාට වෙනදේ බලන්න.. මං එක දවසක් හරි ඔයාට වැඩිය ජීවත් වෙනවා.."

"බන්ටි.. මොනවද බං මෙයා මේ කියන්නෙ.. විකාරෙන් වගේ.. තවත් මෙතන ඉන්නැතුව යමං.."

චාමිකත් ඇවිල්ලා චැලියෙ වාඩිවුණා.. හිතේ කේන්තියටත් එක්ක ඌ වාඩිවෙච්ච පාර තව පොඩ්ඩෙන් ඌයි, මායි දෙන්නම කාණුවට පතබරියන් වෙනවා..

"මට වැඩිය එක දවසක් නෙමෙයි.. අවුරුදු සීයක් ඔයා ජීවත්වෙන්න.. ඒත් ඔය තම් සාප කරන්න, ඔය තරම් කියවන්න, මේ බන්ටි ඔයාට වරැද්දක් කරලා නෑ.. අපි මුලින් රණ්ඩු උන වෙලාවෙ මං බොරුවක් කිව්වා තමයි.. ඊට පස්සෙ අපි ලංවුණාම, ඒ මං කියපු දේ බොරුවක් කියලා, ඔයාට කියාගන්න බැරුව මං හිටියා.. ඒකත් ඇත්ත.. අන්තිමේදි.. ඔයාට ඇත්ත කියන්න එනකොට ඔයා හැමදේම දැනගෙන තිබුණා.."

"මට ඔය බොරු තවත් අහන්න ඕනකමක් නෑ.."

"නෑ.. හැමදේම ඇහුව වගේ මේකත් අහගන්න.. ඔයා ඔය කිව්ව විදියට මං කෙල්ලොවත්, ගෑනුවත් ආස්සරේ කරේ නෑ.. මං බොරුකාරයෙක් කියලා හිතුවට කමක් නෑ.. ඒත් අර විදියෙ පහත් සිතුවිලි මං ගැන අති කරගන්නෙපා.."

"මං ඇති කරගත්තත් ඔයාට කරන්න දෙයක් නෑ.. මොකද මට ඔයාව බින්දුවක්වත් විශ්වාස නැති නිසා.. ඒ වගේම ඔයා කියන්නෙ කොයි තරම් පහත් මිනිහෙක්ද කියලා මං දන්න හින්දා.."

"නෙත්මි.."

"ඔයා මගේ නම කියනවටවත් මං කැමති නෑ රන්දික.. ඔයා ඔය කරපු සේරම දේවල්වල ප්‍රතිඵල ඔයාටම හම්බවෙයි.. ඒත් මං ඔයාට කියන්නෙ වහින වෙලාවට වැරදිලාවත් එළියට බහින්නෙපා කියලා.."

අහගන්න ඕන හැමදේම උපරිම විදියට අහගෙන, මං බොහොම ආමාරුවෙන් චැලිය හරව ගත්තා.. නෙත්මි කියපු ඒ අන්තිම වචනවල තේරුම මට හෙණ ගහයි කියලා ඇරෙන්න වෙන මොනවද..?

"මට හෙණ ගැහුවත් කමක් නෑ.. ඒ හෙණවල එළියෙන් හරි ඔයාගෙ ජීවිතේට එළියක් හම්බවෙනව නම්.."

නෙත්මිගෙ කට ආයෙත් ඇරෙන්න කලින්, මං ඒ ටික කියලා චැලිය රේස් කරලා ඉස්සරහට ගත්තා.. ජීවන වන්දනාවෙ ආත්මයට ලංවෙච්ච, ආදරණිය මතක නටඹුන් විතරක් ගේට්ටු කණුව ගාව ඉතිරි වෙලා තියෙනවා මං දැක්කා.. හඩ හඩා වැටෙන හදවතට සිරි පොද වැස්සක් වෙන්න, නෙත්මිට බැරි උනාට, ඒ මතකය හරි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මට උදව් කරාවි අන්තිම තත්පරේදි මට හිතුණා..

[QUOTE="crazybuddy, post: 12530323, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]පහුවදා උදේම චාමිකට කෝල් එකක් දීලා මං ඌව මගට ගෙන්න ගත්තා.. චැලියට ඌවත් දාගෙන එක මීටරයක්වත් යන්න හම්බ උනේ නෑ.. සුපුරුදු විදියටම ඌ උගේ වක්කඩේ ඇරියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලොකු පුතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි මේ කොහෙද යන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ හිතන්නෙ කොහෙ කියලද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොළඹ වීදියට ගිහිල්ලා සුප් කෝප්ප දෙක්ක බොන්න නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සුද චාමික..? මේ යන්නෙ නෙත්මිලහ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නියමයි බන්ටි.. නියමයි.. පහුවෙලා හරි උඹ ඔය තීරණේ ගත්තු එක.. කෙල්ලගෙ හිතේ උඹ ගැන කොයි තරම් හෝප්ස් කන්දරාවක් තියෙනවද කියලා මං දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒත් ප්‍රශ්නයක් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රශ්නවලට නාන්න කියපං ලොකු පුතේ.. අපි මේ සැදැහැ සිතින් යන්නෙ නෙත්මිව හම්බවෙන්නනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට තේරෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මිගෙ තාත්තා ගෙදර ඉන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං ඒකා ගෙදර ඉන්නැතුව අල්ලපු ගෙදර ඉන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූටත් දෙයක් ලේසියෙන් පහදන්න බෑ.. ලේ කෝප වෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මිලගෙ තාත්තා රට ඉදලා ඊයෙ පෙරේදා ඇවිත් තියෙන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං කියන්නෙ.. ගන්න හැම කෝල් එකකටම ආන්සර් කරන්නෙ ඒ මනුස්සයා.. නෙත්මිගෙ කටහඩක්වත් නෑ.. මං ඊයෙ ෆෝන් කලාම කියනවා නෙත්මිට සනීප නෑල්ලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හුටා.. ඉතිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අසනීපෙ මොකක්ද කියලා අහන්නත් කලින් මිනිහා ෆෝන් එක තිබ්බා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඊට පස්සෙ උඹ දුරකථනයට ඇනලා බැලුවෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇනපු එක නේන්නම් ඊයෙ ඉදලම කරේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැම වෙලාවෙම ෆෝන් එක ගත්තෙ නෙත්මිගෙ තාත්තා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඒකා ෆෝන් එක උඩ බුදියගෙනවත් ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට හිතිච්ච දේම චාමිකටත් අඩුවක් නැතුව හිතිලා තිබුණා.. චැලියෙ යන ගමන් උනත්, ඉස්සරහට කරන්න තියෙන දේයි, දැන් හතර වටේට ඇනිල තියෙන විදියයි මං, චාමිකව දැනුවත් කලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයින් මෙයින් අපි කොහොමද ලොකු පුතේ කෙල්ලව හම්බවෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි මගේ ඉස්සරහට එයිද කියනෙක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සු කතා නොකිය ඉදපං.. උඹේ ඉස්සරහට නොඑන්නෙ මොන රූප සුන්දරීද..? එයා අනවශ්‍ය කතා වලට ආවොත් මාත් කරලියට බහින්නම්කො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. චාමික.. මම කෙලින්ම නෙත්මි ගාවට යනවා.. මොකද එයාලා මාව බැදගෙන තම්බගෙන කන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අන්න හරි ලොකු පුතේ.. උඹ ඔහොම කතා කරනකොට මට මාර ගතියක් එනවා.. ඒ ගතිය පිරිහෙන්න කලින් අපි යමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චැලිය නෙත්මිලගෙ පාරට හරවද්දිම, චාමික චැලියෙන් බැහැලා තල්ලු කරනන් ගත්තා.. මේක කදු අදින්න හොරයි කියලා, ඌ අත්දැකීමෙන් දන්නවා.. කලින් දෙපාරක් විතර ඇවිල්ලා තිබ්බ හන්ද මට මේ පාරෙ ගහක් ගලක් ගානෙ මතකයි.. ගේට්ටුව ගාව චැලිය නවත්තලා මං චාමිකත් එක්ක ගේ ළගටම ආවා.. ජීවිතේට දැකලා නැති නෙත්මිගෙ තාත්තා, මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්නත් මට ලොකු ආසාවක් තිබ්බා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලේන් දොර ඕපන්.. ගල්ලෙන බ්‍රෝකන්.. සිංහ බා.. සිංහ බා.. හා.. හා.. ගෙදර කවුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මටත් කලින්ම උගුර පාදල, සෘතිය පිහිටල චාමික වැඩේ පටන් ගත්තා.. හිතේ මොන ගින්දරක් තිබ්බත්, මේකගෙ වැඩ වලින් හිතට පුංචි සනීපයකුත් දැනෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගෙදර ක..වු..ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බෙල් එකත් ඔබලා.. කීප සැරයක්ම කතා කරලත් කිසිම සද්දයක් බද්දයක් ගේ ඇතුලෙන් ආවෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කවුරුත් නැතුව වත්ද..? ලොකු පුතේ අපි අද එළියට බැස්සෙ රාහු කාලය මග ඇරල නේද..? උඹට කියන්න.. ඔය නීච රාහුවා ඔහොම්මයි.. මග ඇරල ආවත්, ඌ අපිව අතාරින්න කැමති නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ටිකක් වෙලා ගියාට පස්සෙ ගේ ඇතුලෙන් කවුරු හරි එන සද්දයක් මට ඇහුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය සියුමැලි අඩි සද්දෙන් මට කියතෑකි නාලාගිරි ඇතා වගේ ඉන්න ගෘහ මූලිකයා තමයි එන්නෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට ලොකු පුතා කොදුරනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"උඹ කොහොමද එහෙම කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලහංකො අඩි සද්දෙ තියන ගාම්භීරත්වය.. මට නිකං ඇගට දැනෙනවා, උණ සන්නිපාතෙට එන්න වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට ෂුවර්ද ගෘහ මූලිකයා කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කිව්ව දෙයක් වැරදිලා තියෙනවද ලොකු පුතේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගේ ඇතුළෙන් ආපු අඩි සද්දෙ නැවතුනා.. මං චාමිකගෙ මූණ දිහා බලද්දි ඌ බැලුවෙ අඩි සද්දෙ ආපු පැත්ත.. උගේ මූණ මුළුමනින්ම ඇද වෙලා, විරූපි වෙලා යනවා මං දැක්කා.. අපි දෙන්නා ඉස්සරහ හිටියෙ, අඩි තුනක් විතර දිග, බිම ඉදලා අඩි බාගයක්වත් උස නැති හොද සැපට හැදුන බිං බල්ලෙක්.. උංට ඉංශ්‍රීසියෙන් කියන්නෙ මොකක්දෝ අපත නමක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. චාමික.. මූද ගෘහ මූලිකයා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිපිරෙන්න ආපු හිනාව තද කරගෙන මං ඇහුවා.. චාමික පටාස් ගාලා අනිත් පැත්ත බලාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාව හම්බවෙන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චාමිකගෙයි, මගෙයි සියලු කතාබහ නතර උනා.. දවස් ගානකින් ඇහුණෙ නැති ඒ ආදරණිය කටහඩ මගේ කන්වල අහුමුලු අස්සෙ හිටන් දෝංකාර දුන්නා.. ඒත් ඒ ප්‍රශ්නෙ තිබ්බ නන්නාදුනනාකම මාව සෑහෙන්න පල්ලෙහාට ඇදලා දැම්මා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙ..ත්..මි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි මෙ.. මෙහේ ආවෙ..? ඔ.. ඔයාගෙ කවුද මෙහේ ඉන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ වචනවල තිබ්බ නපුරුකම ගැන කියන්න මට වචන තිබ්බෙ නෑ.. මේ ඩිංග දවසට ඔයා ඔය තරම් වෙනස් වුණේ කොහොමද කෙල්ලෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං ආවෙ ඔයාව බලන්න නෙත්මි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි මං මැරිලා කියල බලල යන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙ..ත්..මී.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙමත් නැත්නම් මගෙ හත් දවසෙ දානෙ දීලා යන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇහිච්ච වචන වල තියෙන කටුකකම, ප්‍රහාරය දරාගන්න බැරුම මං ළගම තිබ්බ පුටුවක් අල්ල ගත්තා.. අඩු ගානෙ මං චාමික දිහාවත් බැලුවෙ නෑ.. හිතුවෙවත් නැති විදියට මගේ ඇස්වලට කදුළු උනාගෙන එද්දි මං බිම බලාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං මොනවද මේ අහන්නෙ..? මේවා අහන්නද මං නෙත්මිව බලන්න ආවෙ..? මගේ හිතට මං ගැනම ආවෙ ලොකු අනුකම්පාවක්.. ඒත් ඒ අනුකම්පාව වෙලා, බන්ටි කියන හාදයගෙ කේන්තිය ඒ හැමදේටම වැඩිය ඉස්සරහට එයි කියලා මට බයක් දැනුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මොනවද නෙත්මි මේ කතා කරන්නෙ..? මං ආවෙ ඔයාව බලලා යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලලා යන්න..? නිකං බොරු කියන්නෙපා රන්දික.. අපි අන්තිමට හම්බවුණායින් පස්සෙ පැය කීයන් නම් ගෙවිලා ගියාද..? දවස් කීයක් නම් ගෙවිලා ගියාද..? ඔයාට දැන්ද මාව බලලා යන්න මතක් උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔහොම කතා කරන්නෙපා.. මං ඔයාව කන්ටෑක්ට් කරගන්න සෑහෙන්න මහන්සි උනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ..නේ.. හරි පව්.. ඕවා ගිහින් කියන්න ඕවා විශ්වාස කරන කාට හරි.. මං කලින් නම් ඉවක් බවක් නැතුව ඔයාගෙ බොරු විශ්වාස කරා.. ඒත් දැන් එහෙම නෑ.. ඔයා ඒක තේරුම් ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතාව ඇදිලා යන පැත්ත ඒ තරම් හොද නෑ කියලා කියන්න වගේ චාමික මට ඇගිල්ලෙන් ඇන්නා.. ඒත් එක සැරේට හෝ ගාලා පහළට ගලන් යන මහවැලි ගංගාව දිගේ උඩට පීනන්න මට පුළුවන්ද..? ඒක ලොකු පුතාට නොතේරෙන එකනේ වැඩේ කියන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං ඔයාට ෆෝන් කරා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට..? ඔයා හීනයක්වත් දැකලද..? ඒත් ඔයා හීනෙකින්වත් මට ෆෝන් කරන්නෑ කියලා මං දන්නවා.. ඒකනේ ෆෝන් එකක් අරන් දීලවත් මට කතා කරේ නැත්තෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කියන දේ විශ්වාස කරන්න නෙත්මි.. ඔයාගෙ හෑන්ඩ් ෆෝන් එක ඕෆ් කරලා තිබුණෙ.. මං ගෙදර නම්බර් එකට ගත්තෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෂිහ්.. ඔය තරම් පහත් විදියෙ බොරු කියන්නෙපා.. ඔයා මගේ මොබයිල් එකට ගත්ත නම්, ඒකෙ මිස් කෝල් ඇලර්ට් තියෙන්න ඕන.. ඒ මදිවට කියනවා ගෙදරට ගත්තලු.. හ්ග්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කියන්නෙ ඇත්ත.. ඔය නම්බර් දෙකටම මං ගත්තා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ගන්න ඇති.. වෙන කාට හරි.. එක්කො ශලනිට, එහෙමත් නැත්නම් නිරෝෂිට.. ඒ දෙන්නටම නෙමේ නම් අඩුම ගානෙ අර ගෙවල් ගාව ඉන්න මොරීන්ට හරි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කිසිම හිතක් පපුවක් නැතුව වගේ නෙත්මිගෙන්, පිටවෙන වචනවලට මට ආවෙ මං ගැනම මහ විසාල දුකක්.. මං මොනවද මේ අහන්නෙ.. මං ආවෙ මේවා අහන්නද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයාට වැරදිලා නෙත්මි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. මං ඒක පිළිගන්නවා.. ඔයාව හම්බවුණ දවසෙ ඉදලා තමයි මට වැරදුණේ.. තමන්ගෙ ගෙදර වැඩ කරන ගෑනු කෙනාව, තමන්ගෙ අම්මා කියලා කියපු ඔයාට මොන වගේ හිතක් තියෙන්න ඕනද..? මට හිතාගන්නවත් බෑ.. ඔයා මොන තරම් කැත සතෙක්ද රන්දික..? තමන්ගෙ අම්මව ඒ තරම් පහත් තත්වෙට ඇදලා දාන්න.. ආ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොන තත්වෙට ඇදලා දාන්නවත් මේ බන්ටිට අම්මා කෙනෙක් නෑ කියලා, ඔයා දන්නෑ නෙත්මි.. මට අම්මා කියලා හරි පේනනන් ඉන්නෙ, මගේ ආච්චි අම්මා වෙච්චි බේබි නැන්දව..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට නම් ඔයාගෙ මූණ බලන්නත් කැතයි.. ඔයා බොරු කීයක් නම් මට කිව්වද..? ආ. එහෙම තොග ගානෙ බොරු කියන්නෙ, මේවයෙ අන්තිම ප්‍රතිඵලේ මොකක්ද කියලවත් ඔයා හිතුවද..? ඔයාට ඕන උනේ, උදාවේචච හැම අවස්ථාවකම මාව විහිලුවට ලක් කරලා හිනාවෙන්න.. ඒත් ඔයා මතක තියාගන්න.. ඔයාට මේ තරම් ළංවෙලත්, අප්‍රමාණව ඔයා ගැන හොයල බලලත්, ඔයා මට දුන්නු තෑගි කන්දරාව නම් ඉස්තරම්.. මං ඒකට කවදාවත් ඔයාට සමාවක් නම් දෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තවත් මේ බන්ටිට කියන්න තරමෙ දෙයක් තිබුණෙ නෑ.. අහන්න ඕන තරම් දේ අහගෙන මං ආපහු හැරුණා.. මේ තරම් ජීවිතේ කඩාගෙන වැටිච්ච අවස්ථාවක් මගේ ජීවිතේ කොතනවකවත් තිබ්බෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අඩුගානෙ මේ වැරැද්ද මට හදාගන්නවත් බැරිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහොමද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මි අහපු දේට දෙන්න තරමෙ හොද උත්තරයක් මගේ ළග තිබුණෙ නෑ.. මොන දේ උනත් මං මේ ආවෙ හරි ගමනක් නෙමෙයි කියලා මගේ හිත කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙන් මේ වගේ සමාව ඉල්ලල.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕන සවුත්තු වැඩක් කරලා සමාව ඉල්ලන එක තරම් කැත දෙයක් තවත් නෑ.. ඔයා හොදට මතක තියාගන්න රන්දික.. මං ඔයාට කවදාවත් සමාව දෙන්නෑ.. ඒක ස්තිරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මනුස්සයෙකුට කේන්ති යන එකෙත් එක්තරා හොදක් තියෙනවා කියලා මං දැනන් හිටියා.. හුගාක් වෙලාවට තමන්ට කරගන්න ආත්ම ශක්තියක් නැති දේවල් ඒ කේන්තිය හන්දා කරගන්න පුළුවන් වෙනවා.. ඒ නෙත්මි ගාව තවත් බාල්දුවෙලා බැගෑපත් වෙන්න නම් නෙමෙයි.. හැරෙන තැපෑලෙන් නෙත්මි ගෙන් ඈත් වෙලා යන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ බන්ටිට සමාව දෙන්න බැරි ඇයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙච්චර වෙලා ගොලු කසාය බීපු එකා වගේ හිටපු චාමික, මගෙයි නෙත්මිගෙයි කතාව මැද්දට පැන්නා.. දැන් බලමුකො මූ මොනවද මේ සීදේවි කටහඩින් අහගන්නෙ කියලා..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙන්න බැරි නිසා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙන්න බැරි නම් ඒක ඔයා තියාගන්න.. අපිට එපා.. ඒත් බන්ටිට සමාව දෙන්න හැරි හේතුව අපිට දැනගන්න ඕන.. ඒක දැනගත්තම අපි අන්න අර ගේට්ටුවෙන් බොහොම ඉක්මනට පිටවෙලා යන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ පාර නම් ලොකු පුතා දුන්නෙ ප්‍රොපෙෂනල් කතන්දරයක්.. උගේ කතාවට නෙත්මි ටික්ක ඇඹරුනා කියලා මට තෙරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මා කියන උතුම් වචනෙට බන්ටි නිග්‍රහ කරා.. ඒකයි එයාට සමාව දෙන්න බැරි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද මං කරපු නිග්‍රහය..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු පුතාව පැත්තකට ඇදල දාලා මං ආයතේ කතාව මැද්දට පැන්නා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කුස්සි අම්මව, අම්මගෙ තනතුරට දාපු එක.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සමහර විට නෙත්මි ඒ වචන ටික ඒ තරම් හිතල කියන්න නැතුව ඇති.. ඒ ඒ වචන වලින් මගේ පපුව තුන හතරට පැලිලා ගියා.. මොන තරම් කැත කතාවක්ද එයා කිව්වෙ.. එයාට අයිතියක් තියෙනවද ඒ වගේ කතාවක් කියන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇති.. තවත් එක වචනයක්වත් කතා කරන්නෙපා.. ඔය දෙඩෙව්වා හොදටම ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි මං තව කතා කලොත් මට මොනවා කරන්නද..? ඔයා ඔය අනිත් අය කටින් බය කරගන්නවා වගේ මාව බය කරන්න ලේසි නෑ තේරුණාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාව බය කරන්න මට ඕන නෑ.. ඒත් ඔය වගේ කැත විදියට කතා කරන්නෙපා.. මං කවදාවත් බේබි නැන්දව කුස්සි අම්මා කෙනෙක් විදියට දැකලා දාලා නෑ.. එහෙම හිතලවත් නෑ.. ඔය විදියට කතා කරද්දි, මං මේ තරම් හරි ඉවසුවෙ, මං ඔයාව දවසක් හරි ආශ්‍රය කරපු හින්දා.. ඒක ඔයා තේරුම් ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මොකටද තේරුම් ගන්නෙ..? වංචාව කෙරුවෙ ඔයා.. අම්මා ගැන බොරු තොගයක් කිව්වෙ ඔයා.. මාව සත පහකට ගණන් ගන්නැතුව කොල්ලොත් එක්ක ඕනනැති තැන්වල රවුම් ගැහුවෙ ඔයා.. ආදරේ කරපු හිතකට දෙන්න තියෙන දස වද ටික ඔක්කොම දුන්නෙ ඔයා.. ඉතිං ඔයාට තව කරන්න දෙයක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඔයාගෙ තීරණේ ඒකයි.. ඔය විදියට ඔයා හැමදාම හිතනවා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඔයා වගේ කැත මනුස්සයෙක් මගේ ඇස් දෙකටවත් පේන්නැති වෙන්න ඉන්නවා නම් මං හුගාක් සතුටුයි.. මං කිව්ව ඒ කිසිම දෙයක් ඉටු නොකලට අඩුම ගානෙ, ඔයාට ඒකවත් කරන්න පුළුවන් වෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පලයං කියලා නොකියා කියන ගමන් ගහන්න පුළුවන් හැම හින්ට් එකම ගහන ගමන්, නෙත්මි කැත විදියට හිනා උනා.. ඇත්තටම ඒ වෙනකොට තවදුරටත් නෙත්මි ළග රැදිලා සිටීමේ හිතක් මට තිබුණෙ නෑ.. කිසිම දෙයක් කියන්නැතුව මං හැරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලන් ගියාම ඔයාට රට වටේම අම්මලනේ රන්දික.. ආ.. ඔයා තමයි හැමෝටම උදව් කරන්න ඉන්නෙ.. යාලුවොන්ගෙ ගෑනු ළමයින්ට, පාරෙ යන බල්ලො, බලල්ලුන්ටයි හැමෝටම උදව්වට ඉන්නෙ ඔයා විතරයි.. බලාගෙන.. තව ටික දවසකින් මේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකෙන් ඔයාට රන් පදක්කමක් දේවි.. අනුන්ගෙ දුක සැප හොයලා බලලා පැනලා උදව් කරනවට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චාමිකත් එක්ක ගේට්ටුව ළගට යනකල්ම මට නෙත්මිගෙ කටහඩ ඇහුණා.. එයා මොන දේ කිව්වත් ඉවසනවා කියලා මං ඒ වෙනකොටත් හිතාගනෙ තිබුණෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රන්දික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චැලියට නැගලා, ඒක ස්ටාර්ට් කරන්න හදනකොටම නෙත්මිගෙ කටහඩ ළගින්ම ඇහුණා.. මායි, චාමිකයි ගේට්ටුව පැත්ත බැලුවෙ එකපාරටම වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය යනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ වචන වල තිබ්බෙ පැහැදිලිවම සමච්චලයක්.. මෙච්චර දේවල් කියවල තවත් මට කියන්න තරම් දෙයක් නෙත්මිට ඇතිය කියලා මං හිතුවෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. නැත්නම් අපි මෙතන බුදියගන්න ආවෙ නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන් උනත් උත්තරේ හම්බ උනේ ලොකු පුතාගෙන්.. ඌට ලෙල්ලටම තදවෙලා කියලා මට තේරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ඔයත්තෙක්ක කතාවක් නෑ චාමික.. ඔයා මෙයාගෙ තනි රකින්න ආව නම් පාඩුවෙ ඉන්න.. මාව හම්බවෙන්නත් බොඩි ගාඩ්ලා එක්ක එන්නෙ, මොකද ඔයාගෙ යාලුවා පණ බයේද ඉන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බ.. බන්ටි බලපං බං මෙයා කියන කැත කතා.. උඹට මේවා අහගෙන ඉන්න පළුවන්ද..? අපි යමු බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. මං කියන ඒවා අහගෙන ඉන්න අමාරුද..? එතකොට මෙයා කියපුවා මං අහගෙන ඉදලා, ඒවයෙන් අහස් මාලිගා හදල, ගෙටත් ගෙවදුනාට පස්සෙ මට තියෙන හිතේ අමාරුව මොකක්ද කියලවත් ඔයාලට තේරෙනවද..? අඩුගානෙ.. ගැනු ළමයෙක්ගෙ හිතක් මොන වගේද කියලවත් ඔයාලා දන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔච්චරද කියන්න තියෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට නම් කියන්න කිසිම දෙයක් නෑ රන්දික.. මහා චේතිය රජ්ජුරුවො වගේ බොරුවෙන්ම ජීවත්වෙන ඔයාට වෙනදේ බලන්න.. මං එක දවසක් හරි ඔයාට වැඩිය ජීවත් වෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.. මොනවද බං මෙයා මේ කියන්නෙ.. විකාරෙන් වගේ.. තවත් මෙතන ඉන්නැතුව යමං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චාමිකත් ඇවිල්ලා චැලියෙ වාඩිවුණා.. හිතේ කේන්තියටත් එක්ක ඌ වාඩිවෙච්ච පාර තව පොඩ්ඩෙන් ඌයි, මායි දෙන්නම කාණුවට පතබරියන් වෙනවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට වැඩිය එක දවසක් නෙමෙයි.. අවුරුදු සීයක් ඔයා ජීවත්වෙන්න.. ඒත් ඔය තම් සාප කරන්න, ඔය තරම් කියවන්න, මේ බන්ටි ඔයාට වරැද්දක් කරලා නෑ.. අපි මුලින් රණ්ඩු උන වෙලාවෙ මං බොරුවක් කිව්වා තමයි.. ඊට පස්සෙ අපි ලංවුණාම, ඒ මං කියපු දේ බොරුවක් කියලා, ඔයාට කියාගන්න බැරුව මං හිටියා.. ඒකත් ඇත්ත.. අන්තිමේදි.. ඔයාට ඇත්ත කියන්න එනකොට ඔයා හැමදේම දැනගෙන තිබුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ඔය බොරු තවත් අහන්න ඕනකමක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. හැමදේම ඇහුව වගේ මේකත් අහගන්න.. ඔයා ඔය කිව්ව විදියට මං කෙල්ලොවත්, ගෑනුවත් ආස්සරේ කරේ නෑ.. මං බොරුකාරයෙක් කියලා හිතුවට කමක් නෑ.. ඒත් අර විදියෙ පහත් සිතුවිලි මං ගැන අති කරගන්නෙපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඇති කරගත්තත් ඔයාට කරන්න දෙයක් නෑ.. මොකද මට ඔයාව බින්දුවක්වත් විශ්වාස නැති නිසා.. ඒ වගේම ඔයා කියන්නෙ කොයි තරම් පහත් මිනිහෙක්ද කියලා මං දන්න හින්දා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මගේ නම කියනවටවත් මං කැමති නෑ රන්දික.. ඔයා ඔය කරපු සේරම දේවල්වල ප්‍රතිඵල ඔයාටම හම්බවෙයි.. ඒත් මං ඔයාට කියන්නෙ වහින වෙලාවට වැරදිලාවත් එළියට බහින්නෙපා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අහගන්න ඕන හැමදේම උපරිම විදියට අහගෙන, මං බොහොම ආමාරුවෙන් චැලිය හරව ගත්තා.. නෙත්මි කියපු ඒ අන්තිම වචනවල තේරුම මට හෙණ ගහයි කියලා ඇරෙන්න වෙන මොනවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට හෙණ ගැහුවත් කමක් නෑ.. ඒ හෙණවල එළියෙන් හරි ඔයාගෙ ජීවිතේට එළියක් හම්බවෙනව නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙ කට ආයෙත් ඇරෙන්න කලින්, මං ඒ ටික කියලා චැලිය රේස් කරලා ඉස්සරහට ගත්තා.. ජීවන වන්දනාවෙ ආත්මයට ලංවෙච්ච, ආදරණිය මතක නටඹුන් විතරක් ගේට්ටු කණුව ගාව ඉතිරි වෙලා තියෙනවා මං දැක්කා.. හඩ හඩා වැටෙන හදවතට සිරි පොද වැස්සක් වෙන්න, නෙත්මිට බැරි උනාට, ඒ මතකය හරි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මට උදව් කරාවි අන්තිම තත්පරේදි මට හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?ybrla8rmo83hmt1"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom