Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙනකොට මං ඇටකිච්චගෙ ෂර්ට් කොලර් එක අතෑරලා දාලා තිබුණෙ.. මුල්ම වතාවට මගේ හිතට පුංචි සැකයක් ආවා.. මං මේ අල්ලන් ඉන්නෙ හරි මාලුවද කියලා.. ඒත් ඉතිං මේ ගැජට් එක මුගේ කියල මූම කියනවනේ.. තවත් මොන කතාද කතා කරන්න තියෙන්නෙ..? තවත් ටිකක් බලල ඇනගෙන ඇනගෙන යනවා මිසක..

"අ.. අනේ.. ගහන්න නම් එපා බ.. බන්ටි අයියා.. ඔ.. ඔය ගැජට් එක මට තෑගි ලැබිච්ච එකක්.. චීනෙ ඉන්න අපේ මාමා කෙනෙක්ගෙන්.. ඒත් දැන් සති තුනක වගේ වෙලේ ඉදන්, ඕක මිස් ප්ලේස් වෙලා තිබුණා.."

"මිස් ප්ලේස් වලො තිබුණනේ.. ආ.. එතකොට උඹ මේකත් අරගෙන නෙත්මිලහ ගියේ නැද්ද..?"

"නෙත්මිලහ නම් ගියා.. ඒත් මං ඕක අරන් ගියේ නෑ.. ඔයා ඕනනම් අහන්නකො.. මං කියනෙක බොරුද කියලා.. ඔයාලගෙ යාලුවගෙන්.."

"යාලුවගෙන්..?"

මං උඩ ගිහින් බිම වැටුණා.. මේකා මොනවද මේ කියවන්නෙ..? ඈතින් ඉදපු සුරේනුයි, අමිලයි, චාමිකයි මේ කතන්දරේ ඇහිල අපි ළගට ආවා.. රවීන් නම් කොහොමත් හිටියෙ ඇටකිච්චයි, මායි ළගනේ..

"මොන යාලුවද..?"

"ඔයාලත් එක්ක හිටපු අර කලු කෙට්ටු එකා.. ශිහාන්.."

ජීවිත තැනිතලාවෙ මගේ කන් දෙකෙන් අහපු, අදහගන්න බැරිවුණු දෙවනි කතාව තමයි මේ.. පළවෙනි එක, ගෙදර ඉන්න අම්මා, මගෙ අම්මා නෙමෙයි කියකෙ.. දෙවනි එක, අපේ ක්ලීක් එකේ හිටපු ශිහාන් ගැන කතාව..

"ශිහාන්..?"

"ඔව්.. මිනිහගෙ නම ඒක තමා.."

"තමුසෙ කොහොමද ඌව අදුනන්නෙ..?"

"එදා පේරාදෙණිය ගාඩ්න් එකේදි, ඔයාල මට ගැහුවයින් පස්සෙ මාව හොස්පිට්ල් ඇඩ්මිට් කලානෙ.. එතකොට දවස් දෙක තුනක් මිනිහ මාව බලන්න ආවා.. එහෙම තමා ශිහාන් ෆිට් උනේ.."

ඇටකිච්චට ගහනවට ශිහාන් මුලින්ම විරුද්ධ වෙච්ච හැටි, මගේ වචනවලට අකීකරු උන හැටි චිත්‍රපටියක රෑප පෙලක් වගේ හිත ඇතුළෙන් ගලාගෙන ආවා.. එහෙනම් මේ රාජකීය නාට්ටියෙ ප්‍රධාන නළුවා උඹයි.. ඇටකිච්චත් අල්ලගෙන, ඌව අන්දලා තියල මේකා ගානට වැඩේ දීලා.. නෙත්මිලගෙ ගෙදර වැඩ කරන ගෑනු කෙනත් කිව්වෙ ඇටකිච්චත් එක්ක තව කලු කෙට්ටු එකෙක් ආවා කියලා.. එහෙනම් කතාව ඇත්ත..

"බන්ටි.. මූ කියන විදියට කතන්දරේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. ශිහාන් කාරයා මුගේ ගැජට් එකට වැඩේ දීලා නෙත්මිලගෙ ෆෝන් එකට හයි කරලා.. ඇයි ඉතිං මේකා, ශිහාන්කාරයව නෙත්මිලහට එක්කරගෙන ගිහින් තියෙනවනෙ.."

"ඔය ඔක්කොමත් හරි.. ශිහාන්කාරයා පහුගිය දවස්වල කොළඹ මොකක්ද කෝස් එකක් කරානෙ බං.. ඌ කොයි වෙලාවෙද මේවට සම්බන්ධ උනේ.. අනික ඌට දෙක තුනක් අනින්න අපි ඌව හෙව්වත්නෙ.."

"මතකද බන්ටි.. උඹලගෙ අම්මටයි, සරිගමයලහටයි ගින්න දීලා තිබුණෙ ඕකනෙ.. දැන් ඉතිං පරණ ඒවත් වැල්පොලියට අරන්, මේ කතන්දරෙත් ඒකට එකතු කරලා, මූට කරන්න හිතුව ඒවා ශිහාන්ට කරමු.."

අමිලගෙ කතාවෙන් පස්සෙ ඇටකිච්චා බයවෙලා වගේ මං දිහා බැලුවා..

"අ.. අනේ බන්ටි අයියෙ මට මුකුත් කරන්නෙ නෑ නේද..? උගේ වදේටයි මං නෙත්මිලහ ගියේ.. ඇත්තමයි.. ඔයා.. ඔයා දන්නවනේ, මං ඔයා ගෑවිච්ච තැනකින්වත් යන්නෑ කියලා.. එ.. එදා කාපු ඒවා තාම රිදෙනවා.."

"හරි.. උඹට දැන් යන්න පුළුවන්.. හැබැයි ඊට කලින් උඹ හෙට උදේ නමය වෙද්දි, මට ශිහාන්ව මුණ ගස්සවන්න ඕන.. හැබැයි මේ මුකුත් ඌට කියන්න බෑ.. එහෙම උනොත් මං අල්ලගන්නෙ උඹව.. තේරුණාද..?"

"ඔ.. ඔව්.. ඔව්.. තේ.. තේරුණා.."

"උඹට අපි ගහපු තැන මතකයි නේද..? පේරාදෙණිය ගාඩ්න් එකේ ඒ ප්ලේස් එකටම ඌව එක්ක වරෙන්.."

"හා..! බන්ටි අයියේ..?"

"ඇයි..?"

"මට ගහන්නෑ නේද..?"

"නෑ.. උඹට ගහන්න හැදුවෙ මෙතනදි.. ඒත් උඹේ සම්බන්ධයක් නැති නිසා බේරුණා.. හ්ම්.. දැන් ඉතිං පලයං.. වැඩේ වන කෙරුවොත් වෙනදේත් මං උඹට කිව්වනේ.."

ඔලුවත් වන වනා පස්සෙන් පස්සට ගියපු ඇටකිච්චා මහමායා එක පැත්තට පාර පැනල, පාර දිගේ දුවනවා මං දැක්කා.. ඇත්තටම ඌ හිටියෙ සිහි නැතිවෙන තරමට බයවෙලා..

"නියමයි ලොකු පුතේ.. උඹ නියමෙට වැඩේ දුන්නා.."

"ෆැන්ටෑස්ටික්.. කියලා වැඩක් නෑ බන්ටි අයියා.."

"එහෙනම් මේ මළ දානෙ පිටිපස්සෙ ඉන්නෙ ශිහාන් කාරයා.. ඕක තමයි එහෙනම් බන්ටිගැන වැරදි නෙත්මිට කියන්න ඇත්තෙ.."

ඒක නම් ඇත්ත කියල මටත් හිතුණා.. නෙත්මියි, මායි ඈත් කරන්න මූ පුලු පුලුවන් හැමදේම කරන්න ඇති.. මගේ නැති වැරදිත් නෙත්මිට දැනගන්න ඉඩ සලස්වන්න ඇති..

"අපේ ක්ලීක් එකෙන් ඕකව ඈත් කරපු එකට තමා ඕකා ඔහොම කරන්න ඇත්තෙ.. දැන් ඉතිං පරණ එව්වත් එක්ක නාගසලං කරලා දාමු.."

"එහෙනම් හෙට උදේ අටහමාරට ගාඩ්න් එක ළගදි සෙට් වෙමු.."

වැඩේ දශමෙට සෙට් කරගෙන, මං ගෙදර එන්න ආවා.. එහෙනම්, ශලනිත් එක්ක මං ලන්ච් එකක් ගත්තා කියලත්, නෙත්මිට කියන්න ඇත්තෙ මූ තමයි.. කමක් නෑ.. උඹේ කටින්ම, හෙට උදේට හැමදේම මං වමාර ගන්නම්කො..

වැලිපාර දිගේ ඇවි්ලලා, චැලිය ගේ පැත්තට දාන්න හැදුව විතරයි, මොරීන් අක්කා අත වනනවා මං දැක්කා.. ඒ පාර මොකද දන්නෑ..

"ඇයි මොරීන් අක්කෙ..?"

"ඔයාට පණිවිඩයක් කියන්නයි කතා කෙරුවෙ.."

වෙනදට මූණ පිරිල තියෙන හිනාවටත් වැඩිය ලොකු හිනාවක් මොරීන් අක්කා ගාව තියෙනවා මං දැක්කා..

"මොකක් උනත් සුභ දෙයක් කියලා හිතනවා.. ඔයා අද හුගක් සතුටින් ඉන්නෙ.."

"ඔව් මල්ලි.. මං මගේ ජීවිතේ ගැන වැදගත් තීන්දුවක් ගත්තා.. ඒක මං ඉස් ඉස්සෙල්ලම කියන්නෙ ඔයාට.. මොකද ඔයා ගිය ආත්මෙත් මගේ මල්ලි, මේ ආත්මෙත් මගේ මල්ලි.. මට ඔයා ඇරෙන්න ඉන්නෙ අම්මා විතරයි.."

මොරීන් අක්කගෙ වචන ටික මගේ පපුව ඇතුලටම කිදා බැස්සා.. හැමදේම විහිලුවට අරන් හිනාවෙලා හිටියත්, මොරීන් අක්කගෙ හදවත කොයි තරම් ලස්සනද කියලා මං දැනගෙන හිටියා..

"මං රසික ගැන හුගාක් බලාපොරොත්තු තියන් හිටියා.. ඒත් ඒවයෙ කිසිම තේරුමක් නෑ.. එයා ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කෙනෙක්.. එයා ගෑනියෙක්ගෙ හිතට නෙමෙයි ආදරේ කරන්නෙ, ඇගට.. ඒත් මං එයාගෙ හොදට, බන්ටි මල්ලි වෙනුවෙන් අන්තිම උදව්වත් කරා.. ඒ කටගස්තොටදි.."

"දැන් ඇයි අක්කෙ මේ හදිසියෙ ඕවා කියන්නෙ..?"

"මං කියන්න යන දේට මේ හැම දෙයක්ම සම්බන්ධ හන්ද.. මං මැරි කරන්න තීරණේ කලා බන්ටි මල්ලි.. හැබැයි ඒ ඔයාගෙ රසික අයියා නෙමෙයි.. වෙන කෙනෙක්ව.."

කන් දෙක ළගම අකුණක් ගැහුව වගේ, මගේ මුලු හිතම අගුලු වැටුණා.. හිතට සංතෝෂයක් එන්න ඕන උනත් හිතට ආවෙ මහා අපැහැදිලි හැගීම් ගොඩක්.. ඒ හැගීම් ගොඩේ දුක කියන දේ උපරිම විදියට රැදිල තිබුණා.. මට කතා කරගන්නවත් වචන ආවෙ නෑ..

"වෙ.. වෙන කෙනෙක්ව..?"

"ඔව් මල්ලි.. තාත්තගෙ පැත්තෙන් මට මස්සිනා කෙනෙක් වෙන අයියා කෙනෙක් ඉන්නවා.. හුග කාලෙක ඉදලා එයා මං ගැන බලාපොරොත්තු තියාගෙනයි ඉන්නෙ.. හරිම හොද කෙනෙක්.. එයා මට කිසිම දුකක්, කරදරයක් නොදී බලාගනියි කියන විශ්වාසෙ මගේ හිතේ තියෙනවා.. ඒත් රසික ගැන මහ විසාල බලාපොරොත්තු කන්දක් තිබ්බ හන්ද, මං ඒ අයියට වචනයක් දුන්නෑ.. ඒත් මං එයාට අද උදේ කතා කරා.."

"ම.. මගේ සුභ පැතුම් මොරීන් අක්කෙ.. මගේ සුභ පැතුම්.. මං පුංචි එකා වගේ හිටිය නම් ඔයාගෙ පේජ් බෝයිටවත් එන්න තිබුණා.. කොහෙද ඉතිං.. දැන් බන්ටි මහ දණ්ඩෙක් වෙලානෙ.."

"පේජ් බොයිට නෙමෙයි, ඔයයි මගේ වෙඩින් එකේ බෙස්ට්මන්.."

මට හිතාගන්න බැරි උනා.. මොරීන් අක්කා ඒක කිව්වෙ ඇත්තටමද, බොරුවටද කියලා.. ඒත් එයාගෙ මුලු මූණම ඇත්තකින් තමා පිරිලා තිබ්බෙ..

"ආරාධනේ අත් දෙකෙන්ම පිළිගන්නවා මොරීන් අක්කෙ.. ඔයාගෙ ජීවිතේ ජයෙන් ජය වෙන්න ඕන.."

"ඇයි මට විතරක්..? ඔයාටත් එහෙම වෙන්න ඕන.. අපි එකට හිනා උනා, එකට ඇඩුවා.. ඔයාගෙ වචන වලින් කියනව නම් බාල්දිත් පෙරලුවා.. තවත් අනේක දේවල් කරා.. ඒවා හැමදාටම මේ මොරීන්ට මතක් කර කර රස විදින්න පුළුවන්.. ඒ හැම මතකයකම මහා මේරු පර්වතේ වගේ ඔයා රැදිලා ඉන්නවා බන්ටි මල්ලි.. ගෙවිල ගියපු හුගාක් දවස්වල ඔයාගෙන් තොර මතකයක් මට තිබ්බෙ නෑ.. මං ආදරේ කෙරුවෙ රසිකට උනත්, මගේ මුලු හිත පුරාම සහෝදරයෙක්, යාලුවෙක් වගේ හිටියෙ ඔයා.. කවද හරි රසිකව අමතක කරන්න පුළුවන් උනත්, මට ඔයාව නම් අමතක කරන්න බැරිවෙයි.."

මොරීන් අක්කා කියවගෙන කියවගෙන යනවා.. හිතට මොකක්දෝ නුහුරු වේදනාවක් දැනෙද්දි මං එයා දිහා බැලුවා..

"ඔයා මැරි කරාට නුවරින් යන්නෑනෙ මොරීන් අක්කෙ..?"

"යන්නෑ තමයි.. ඒත මගේ නිදහස සීමා වෙයි.. කලින් වගේ හිතිච්ච හිතිච්ච වෙලාවට ඔයාලගෙ තාප්පෙන් පැනල, ඔයාව හම්බවෙන්න එනව වගේ එන්න බැරිවෙයි.. වගකීම් වැඩිවෙන්න වැඩිවෙන්න මගේ රස්තියාදු ගැහිල්ලත් නවතියි.. ඒත්.. මං ඒ හැමදේම සංතෝසෙන් බාරගන්නවා.."

"අන්තිමට එහෙනම්, බන්ටිගෙ සුදු රසික අයියට බින්දුව හම්බ උනා.. නේද..?"

"ඒක එයාගෙ වෙලාව බන්ටි මල්ලි.. අපිට ඒවට වෙන කරන්න දෙයක් නෑ.. එයාටත් කොයි මොහොතෙ හරි ආදරයෙ වේදනාව හම්බවෙයි.. ඒත් එතකොට කදුලක් හරි පිහදාන්න මේ මොරීන් එයා ළග නෑ.."

මොරීන් අක්කගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. තවත් දුරට මේ සාකච්ඡාව ව්‍යාප්ත උනොත් මොරීන් අක්කා අඩනෙක වලක්වන්න සක්කරයටවත් බෑ.. වැඩිය මුකුත් නොකියා මං මොරීන් අක්ක ගාවින් ආවෙ ඒකයි..

ගෙදරට ඇවිල්ලා මං කෙරුවෙ මුළු හවස් වරුවෙම නිදාගත්ත එක.. බේබි නැන්දට මං ලොකු ඕඩරයක් දුන්නා කවුරු ආවත් මට බාධා කරන්නෙපා කියලා.. ඒක එහෙම අගේට සිද්ධ උනත් හවස පහමාර වගේ වෙද්දි අක්කා මගේ කාමරේට කඩන් පාත් උනා.. මේ මොකද බං මේ..? මෙයා නිකං කුලප්පු වෙච්ච අශ්ව නාම්බෙක් වගේ..

"බ..න්..ටී.."

අක්කා ඔෆිස් ඇරිල ආපු ගමන් ඇදුම්වත් මාරු කරන්නැතුව, පණ එපා කියලා මගේ කාමරේට දුවගෙන ආවෙ නිකං වෙන්න බෑ.. මොකක් හරි අවුලක් සිද්ධ වෙලා තියෙන්නෝන..

"මොකද මේ.. පිටිපස්සෙන් කොල්ලෙක්වත් එළවගෙන එනවද..?"

අහපු ප්‍රශ්නෙට උත්තර නොදීම අක්කා මගේ ඇස් දෙකට එබුණා.. ඒ මූණෙ තියෙන්නෙ තරවටුවක් කියලා මං තේරුම් ගත්තා..

"ඔයා පිණීමුතුව හම්බවෙන්න ගියාද..?"

හප්පට ඩෙන.. දැන් යකඩෝ බලන් ගියාම රහස් පරික්ෂකයො හැමතැනම.. මෙයත් දන්න දේවල්..

"කවුද ඔයාට කිව්වෙ..?"

"කියපු කෙනා වැඩක් නෑනෙ බන්ටි.. මං ඇහුවෙ ඔයා පිණීමුතුව හම්බවෙන්න ගියාද නැද්ද කියලා.. මට ඒකට උත්තරයක් ඕන.."

"ඔව්.. මං එයාව හම්බවෙන්න ගියා.. ඇයි..? දැන් මොකක්ද ප්‍රශ්නෙ..?"

මං වීරයා වගේ ඇහුවා.. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕන්නෑ කියල කියනවනෙ.. හැබැයි ඒ දෙකම කරන්න නම් වෙන්නෙ පොලීසියට ගියාම කියල පයිතගරස් තමයි වේල්ස් පාක් එක ඉස්සරහදි කිව්වෙ..

"ප්‍රශ්න නම් ගොඩයි බන්ටි.. ඇයි ඔයා ඕනනැති දේවල් කරන්න ගියේ.. බලන්න දැන් ප්‍රශ්න නම් කීයක්ද කියලා.."

"මම කරන්න නම් ගියේ කරන්න ඕන දෙයක්.. ඒක අනිත් අයට ඕන්නෑ වගේ පේනව ඇති.. මට ඒකට කරන්න දෙයක් නැ අක්කෙ.."

"ඔහොම නපුරු විදියට කතා කරන්නෙපා බන්ටි.. ගෙදර වැඩට ඉදපු ගෑනු කෙනා, පිණිමුතුගෙ අම්ම ආවහම, සෑහෙන විස්තර තොගයක් කියලා.. අම්මා කෙල්ලට හොදටම බැනලා.. ඊයෙ දවසෙම කෙල්ල කරල තියෙන්නෙ අඩපු එකලු.."

"කවුද ඔයාට කිව්වෙ..?"

"පිණිමුතු තමයි.. එයා අද උදේ ඔෆිස් එකට ආවා.."

ඒකත් එහෙමද..? එහෙනම් කතාව ජයටම ඉදිරියට ඇදීගෙන යන පාටයි.. කමක් නෑ.. ඔහොම යංකො..

"ඉ.. තිං..?"

"ඔයයි, පිණීමුතුයි හොදටම කියවගත්තා කියලා එයා මට කිව්වා.."

"ඒක බොරු අක්කෙ.. පිණිමුතු තමා හුගාක්ම මට කියෙව්වෙ.. මං කියපු කිසිම දෙයක් එයා පිළිගත්තෙ නෑ.. බේබි නැන්දා ගැන, මං කියපු බොරුව ඉස්සරහට දාගෙන එයා දැන් අමුතුම ගේමක් දෙන්නයි යන්නෙ.. එයා හරියට කිව්වා.. මමත්, මට කියන්න තිබ්බ දේවල් මූණටම කියල ආවා.."

"ඒ උනාට වැරැද්ද කෙරුවෙ ඔයාගෙ බන්ටි.. ඔයා ඒ කෙල්ලගෙ හිත රිද්දන එක හරි වැරදියි.."

"මොකක්ද මං කරපු වැරැද්ද..?"

"බේබි නැන්දා ගැන කියපු දේවල්.."

"බේබි නැන්දා මගෙ අම්මා කියල කියපු එකද..? ඒක නම් ඒ තරම් අවුලක් වෙන එක්ක නෑ අක්කෙ.."

"ඇයි..?"

"බේබි නැන්දා කොහොමත් මගෙ ආච්චි අම්මනෙ.. ඒක හරියට දැනගත්තු දවසට, පිණීමුතුට කලන්තෙ දායි.. එතකොට එයාගෙ ඔ්ය උඩ පැනිල්ලත් නවතියි.."

මගේ කතාවෙන් අක්කගෙ මූණ හොදටම වෙනස් උනා.. මං ඒ වගේ කතාවක් කියයි කියලා එයා බින්දුවක්වත් හිතුවෙ නෑ කියලා මට තේරුණා..

"බ.. බන්ටී.."

"ඔව් අක්කෙ.. ඔය එහෙටයි, මෙහෙටයි ඇද ඇද ඉන්නවට මං කොහොමටත් කැමති නෑ.. අර ඉස්සර හිටපු විදියට ඉන්න තිබුණ නම් මේ මොන දුකක්වත් නෑ.. ඇත්තමයි.. අපේ රසික අයියා, ආදරේ කරනව වගෙ ආදරේ කරන්න මට බෑ.. මං ඒ දේට කැමති නෑ.. ඒත් නෙත්මි, මගේ හිතේ හැම අස්සක් මුල්ලක් පීරගෙනම මට ලංවුණා.. මට ගැලවෙන්නම බැරි විදියට මට ලංවුණා.. ඒත්.. එයා මට ආදරේ කලේ හරිම ආත්මාර්ථකාමී විදියට.."

"බ.. බන්ටී.."

"ඉන්න අක්කෙ.. මට තවත් ටිකක් කියන්න තියෙනවා.. දැන් හැමදේම ඉවරයි වගේම, මේ ටික කියල ඉවර උනාම ආදරේ ගැන තියෙන වචනත් ඉවරයි.. අපි කෙනෙකුට ආදරේ කරාට, අපි එයාගෙ නිදහස සින්නක්කරේට ගන්න හොද නෑ.. එයාගෙ යාලුවො, එයාගෙ යන එන තැන්.. ඕවා හැමදේටම තහංචි දාගෙන ආදරේ කරන්න බෑ.. එතකොට ඒ ආදරේ මල විකාරයක් වෙනවා.."

"ඒ උනාට බන්ටි.. අපි කැමති කෙනාව අපි ළග තියාගන්න නෙ ඔය හැමදේම කරන්නෙ.. එක ආත්මාර්ථකාමිකමක් නෙමේනෙ.."

"මොන පිස්සුද අක්කෙ.. දැන් බලන්න.. මං මගේ යාලුවොත් එක්ක වැඩිය කතා බහ කරනවට නෙත්මි කැමති නෑ.. මට යාලුවෙකුට උදව්වක් කරන්න බෑ හින්ට් ගහනවා.. කෙල්ලෙක් එක්ක කතා කරන්න බෑ.. ඒ කෙල්ලට මාව පාවල දෙනවා.. මං විසිහතර පැයේම එයාව හිතේ තියාගෙන, එයත් එක්ක විතරක් කතා කර කර ඉන්න ඕන.. මොන විකාරයක්ද අක්කෙ.. ආදරේ කරනව කියල, කූඩු කරපු සතෙක් ගානට වැටෙන්න මං කැමති නෑ.. අනිත්තෙක අල්පෙනෙත්තෙ ඉදල වෙච්ච දේවල් එයාට කියන්නෝන.. ඒවා වෙන කොහෙන් හරි ආරංචි උනොත් ගෝරි ගොඩයි.. ඕකද අක්කෙ ආදරේ කියන්නෙ..?"

අක්කත් එක්ක කවදාවත් කතා නොකරපු මාතෘකාවක් දිගේ මගේ කතාව ඇදිල ගියා..

"ම.. මට තේරෙන්නෑ බන්ටි.."

"මටත් තේරෙන්නෑ අක්කෙ.. කොටින්ම මම නම් අදහන්නෙ, අපි දේකට ආදරේ කරනව නම්, අපි ඒ දේට වාතයක් වෙන්න හොද නෑ කියනෙක.. අන්තිමට වෙන්නෙ ඒ දේට අපිව එපා වෙන එක.. හරියට නෙත්මිව මට එපා උනා වගේ.."

"බ..න්..ටී.."

"ඔව් අක්කෙ.. හිත කුඩුපට්ටන් වෙලා ගියත් මං ලොකු තීරණයක් අරගෙනයි තියෙන්නෙ.. මං මොන දේ කිව්වත් එයාට වටින්නෑ මට කැත විදියට කතා කරන්න.. ඒකද එයාගෙ ඩීසන්ට් ආදරේ..? අනික මේ බේබි නැන්දගෙ කතන්දරේ අල්ලගෙන මාව ඉවරයක් නැතුව පට්ට ගහනවා.. හැබැයි එයා තවත් මං ඉස්සරහට ඇවිත් කියවන්න ගියොත්, ඔයාගෙ හොදම යාලුව කියල මං බලන්නෑ.. ඔයා දන්නවනෙ අක්කෙ, මේ බන්ටිට කේන්ති ගියොත්, මොන තරම් අසමජ්ජාතිද කියලා..?"

"අ.. අනේ බන්ටි.. අපි මේ කතාව නවත්තමු.. ඔයාට හොදටම කේන්ති ගිහින්.."

"ඔව් අක්කෙ.. මට කේන්ති ගිහින් තමයි තියෙන්නෙ.. ආ.. මෙන්න මේකත්, එයා හම්බ උන වෙලාවක දෙන්න.."

ඩෙනිමෙ සයිඩ් පොකට් එකෙන් ගත්තු හෑන්ඩ් ෆෝන් එක මං අක්කට දුන්නා..

"ඇ.. ඇයි බ.. බන්ටි මේ..?"

"මං හැම දෙයින්ම ඈත්වෙනවා අක්කෙ.. මට කියලත් ආත්මයක් තියෙනවා.. කාගෙවත් බලපෑමකට යටත් වෙලා මේ ජීවිතේ අරගෙන යන්න මං කැමති නෑ.. අනික මේ කොහේවත් ඉන්න කෙල්ලෙකුට.."

'කොහේවත් ඉන්න කෙල්ලෙකුට' කියල මං විශේෂන පද ටිකට අක්කගෙ මූණ තවත් අමුතු වෙලා ගියා.. 'කරන්න දෙයක් නෑ නෙත්මි.. ඔයයි මේ හැමදේම විනාස කරල දැම්මෙ..' මට අක්කට උනත් මේ හැමදේම කියන්න උනෙ ඒකයි..

"ඔයාල දෙන්නට මොනව වෙලාද කියලා මට නම් තේරෙන්නෑ බන්ටි.."

"ඔයාල දෙන්නට කියල මාවත් එතෙන්ට හවුල් කරගන්නෙපා අක්කෙ.. මේ බන්ටිට නම් මුකුත් වෙලා නෑ.. ඔයාට මේ කතාබහෙන් ඒක තේරෙන්න ඇතිනේ.. වෙලා තියෙන හැමදේම වෙලා තියෙන්නෙ නෙත්මිටයි.. එහෙම නැතුව මේ බන්ටිට නෙමෙයි.."

අක්කා ෆෝන් එකත් අතේ ගුලි කරගෙන, කාමරෙන් එළියට ගියා.. ජීවිතයේ කවදාවත් දැනුණෙ නැති තරමෙ තනිකමක් මිශ්‍ර තරහක් හිතට දැනෙද්දි මං ඇස් දෙක පියාගත්තා..

[QUOTE="crazybuddy, post: 12536647, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]මේ වෙනකොට මං ඇටකිච්චගෙ ෂර්ට් කොලර් එක අතෑරලා දාලා තිබුණෙ.. මුල්ම වතාවට මගේ හිතට පුංචි සැකයක් ආවා.. මං මේ අල්ලන් ඉන්නෙ හරි මාලුවද කියලා.. ඒත් ඉතිං මේ ගැජට් එක මුගේ කියල මූම කියනවනේ.. තවත් මොන කතාද කතා කරන්න තියෙන්නෙ..? තවත් ටිකක් බලල ඇනගෙන ඇනගෙන යනවා මිසක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ.. ගහන්න නම් එපා බ.. බන්ටි අයියා.. ඔ.. ඔය ගැජට් එක මට තෑගි ලැබිච්ච එකක්.. චීනෙ ඉන්න අපේ මාමා කෙනෙක්ගෙන්.. ඒත් දැන් සති තුනක වගේ වෙලේ ඉදන්, ඕක මිස් ප්ලේස් වෙලා තිබුණා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස් ප්ලේස් වලො තිබුණනේ.. ආ.. එතකොට උඹ මේකත් අරගෙන නෙත්මිලහ ගියේ නැද්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෙත්මිලහ නම් ගියා.. ඒත් මං ඕක අරන් ගියේ නෑ.. ඔයා ඕනනම් අහන්නකො.. මං කියනෙක බොරුද කියලා.. ඔයාලගෙ යාලුවගෙන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"යාලුවගෙන්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං උඩ ගිහින් බිම වැටුණා.. මේකා මොනවද මේ කියවන්නෙ..? ඈතින් ඉදපු සුරේනුයි, අමිලයි, චාමිකයි මේ කතන්දරේ ඇහිල අපි ළගට ආවා.. රවීන් නම් කොහොමත් හිටියෙ ඇටකිච්චයි, මායි ළගනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොන යාලුවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාලත් එක්ක හිටපු අර කලු කෙට්ටු එකා.. ශිහාන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජීවිත තැනිතලාවෙ මගේ කන් දෙකෙන් අහපු, අදහගන්න බැරිවුණු දෙවනි කතාව තමයි මේ.. පළවෙනි එක, ගෙදර ඉන්න අම්මා, මගෙ අම්මා නෙමෙයි කියකෙ.. දෙවනි එක, අපේ ක්ලීක් එකේ හිටපු ශිහාන් ගැන කතාව..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ශිහාන්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. මිනිහගෙ නම ඒක තමා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තමුසෙ කොහොමද ඌව අදුනන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එදා පේරාදෙණිය ගාඩ්න් එකේදි, ඔයාල මට ගැහුවයින් පස්සෙ මාව හොස්පිට්ල් ඇඩ්මිට් කලානෙ.. එතකොට දවස් දෙක තුනක් මිනිහ මාව බලන්න ආවා.. එහෙම තමා ශිහාන් ෆිට් උනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇටකිච්චට ගහනවට ශිහාන් මුලින්ම විරුද්ධ වෙච්ච හැටි, මගේ වචනවලට අකීකරු උන හැටි චිත්‍රපටියක රෑප පෙලක් වගේ හිත ඇතුළෙන් ගලාගෙන ආවා.. එහෙනම් මේ රාජකීය නාට්ටියෙ ප්‍රධාන නළුවා උඹයි.. ඇටකිච්චත් අල්ලගෙන, ඌව අන්දලා තියල මේකා ගානට වැඩේ දීලා.. නෙත්මිලගෙ ගෙදර වැඩ කරන ගෑනු කෙනත් කිව්වෙ ඇටකිච්චත් එක්ක තව කලු කෙට්ටු එකෙක් ආවා කියලා.. එහෙනම් කතාව ඇත්ත.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බන්ටි.. මූ කියන විදියට කතන්දරේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. ශිහාන් කාරයා මුගේ ගැජට් එකට වැඩේ දීලා නෙත්මිලගෙ ෆෝන් එකට හයි කරලා.. ඇයි ඉතිං මේකා, ශිහාන්කාරයව නෙත්මිලහට එක්කරගෙන ගිහින් තියෙනවනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය ඔක්කොමත් හරි.. ශිහාන්කාරයා පහුගිය දවස්වල කොළඹ මොකක්ද කෝස් එකක් කරානෙ බං.. ඌ කොයි වෙලාවෙද මේවට සම්බන්ධ උනේ.. අනික ඌට දෙක තුනක් අනින්න අපි ඌව හෙව්වත්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මතකද බන්ටි.. උඹලගෙ අම්මටයි, සරිගමයලහටයි ගින්න දීලා තිබුණෙ ඕකනෙ.. දැන් ඉතිං පරණ ඒවත් වැල්පොලියට අරන්, මේ කතන්දරෙත් ඒකට එකතු කරලා, මූට කරන්න හිතුව ඒවා ශිහාන්ට කරමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අමිලගෙ කතාවෙන් පස්සෙ ඇටකිච්චා බයවෙලා වගේ මං දිහා බැලුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ බන්ටි අයියෙ මට මුකුත් කරන්නෙ නෑ නේද..? උගේ වදේටයි මං නෙත්මිලහ ගියේ.. ඇත්තමයි.. ඔයා.. ඔයා දන්නවනේ, මං ඔයා ගෑවිච්ච තැනකින්වත් යන්නෑ කියලා.. එ.. එදා කාපු ඒවා තාම රිදෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. උඹට දැන් යන්න පුළුවන්.. හැබැයි ඊට කලින් උඹ හෙට උදේ නමය වෙද්දි, මට ශිහාන්ව මුණ ගස්සවන්න ඕන.. හැබැයි මේ මුකුත් ඌට කියන්න බෑ.. එහෙම උනොත් මං අල්ලගන්නෙ උඹව.. තේරුණාද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔ.. ඔව්.. ඔව්.. තේ.. තේරුණා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹට අපි ගහපු තැන මතකයි නේද..? පේරාදෙණිය ගාඩ්න් එකේ ඒ ප්ලේස් එකටම ඌව එක්ක වරෙන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හා..! බන්ටි අයියේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට ගහන්නෑ නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. උඹට ගහන්න හැදුවෙ මෙතනදි.. ඒත් උඹේ සම්බන්ධයක් නැති නිසා බේරුණා.. හ්ම්.. දැන් ඉතිං පලයං.. වැඩේ වන කෙරුවොත් වෙනදේත් මං උඹට කිව්වනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔලුවත් වන වනා පස්සෙන් පස්සට ගියපු ඇටකිච්චා මහමායා එක පැත්තට පාර පැනල, පාර දිගේ දුවනවා මං දැක්කා.. ඇත්තටම ඌ හිටියෙ සිහි නැතිවෙන තරමට බයවෙලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නියමයි ලොකු පුතේ.. උඹ නියමෙට වැඩේ දුන්නා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ෆැන්ටෑස්ටික්.. කියලා වැඩක් නෑ බන්ටි අයියා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් මේ මළ දානෙ පිටිපස්සෙ ඉන්නෙ ශිහාන් කාරයා.. ඕක තමයි එහෙනම් බන්ටිගැන වැරදි නෙත්මිට කියන්න ඇත්තෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක නම් ඇත්ත කියල මටත් හිතුණා.. නෙත්මියි, මායි ඈත් කරන්න මූ පුලු පුලුවන් හැමදේම කරන්න ඇති.. මගේ නැති වැරදිත් නෙත්මිට දැනගන්න ඉඩ සලස්වන්න ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපේ ක්ලීක් එකෙන් ඕකව ඈත් කරපු එකට තමා ඕකා ඔහොම කරන්න ඇත්තෙ.. දැන් ඉතිං පරණ එව්වත් එක්ක නාගසලං කරලා දාමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් හෙට උදේ අටහමාරට ගාඩ්න් එක ළගදි සෙට් වෙමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වැඩේ දශමෙට සෙට් කරගෙන, මං ගෙදර එන්න ආවා.. එහෙනම්, ශලනිත් එක්ක මං ලන්ච් එකක් ගත්තා කියලත්, නෙත්මිට කියන්න ඇත්තෙ මූ තමයි.. කමක් නෑ.. උඹේ කටින්ම, හෙට උදේට හැමදේම මං වමාර ගන්නම්කො..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වැලිපාර දිගේ ඇවි්ලලා, චැලිය ගේ පැත්තට දාන්න හැදුව විතරයි, මොරීන් අක්කා අත වනනවා මං දැක්කා.. ඒ පාර මොකද දන්නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි මොරීන් අක්කෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට පණිවිඩයක් කියන්නයි කතා කෙරුවෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙනදට මූණ පිරිල තියෙන හිනාවටත් වැඩිය ලොකු හිනාවක් මොරීන් අක්කා ගාව තියෙනවා මං දැක්කා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක් උනත් සුභ දෙයක් කියලා හිතනවා.. ඔයා අද හුගක් සතුටින් ඉන්නෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් මල්ලි.. මං මගේ ජීවිතේ ගැන වැදගත් තීන්දුවක් ගත්තා.. ඒක මං ඉස් ඉස්සෙල්ලම කියන්නෙ ඔයාට.. මොකද ඔයා ගිය ආත්මෙත් මගේ මල්ලි, මේ ආත්මෙත් මගේ මල්ලි.. මට ඔයා ඇරෙන්න ඉන්නෙ අම්මා විතරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොරීන් අක්කගෙ වචන ටික මගේ පපුව ඇතුලටම කිදා බැස්සා.. හැමදේම විහිලුවට අරන් හිනාවෙලා හිටියත්, මොරීන් අක්කගෙ හදවත කොයි තරම් ලස්සනද කියලා මං දැනගෙන හිටියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං රසික ගැන හුගාක් බලාපොරොත්තු තියන් හිටියා.. ඒත් ඒවයෙ කිසිම තේරුමක් නෑ.. එයා ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කෙනෙක්.. එයා ගෑනියෙක්ගෙ හිතට නෙමෙයි ආදරේ කරන්නෙ, ඇගට.. ඒත් මං එයාගෙ හොදට, බන්ටි මල්ලි වෙනුවෙන් අන්තිම උදව්වත් කරා.. ඒ කටගස්තොටදි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් ඇයි අක්කෙ මේ හදිසියෙ ඕවා කියන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං කියන්න යන දේට මේ හැම දෙයක්ම සම්බන්ධ හන්ද.. මං මැරි කරන්න තීරණේ කලා බන්ටි මල්ලි.. හැබැයි ඒ ඔයාගෙ රසික අයියා නෙමෙයි.. වෙන කෙනෙක්ව.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කන් දෙක ළගම අකුණක් ගැහුව වගේ, මගේ මුලු හිතම අගුලු වැටුණා.. හිතට සංතෝෂයක් එන්න ඕන උනත් හිතට ආවෙ මහා අපැහැදිලි හැගීම් ගොඩක්.. ඒ හැගීම් ගොඩේ දුක කියන දේ උපරිම විදියට රැදිල තිබුණා.. මට කතා කරගන්නවත් වචන ආවෙ නෑ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වෙ.. වෙන කෙනෙක්ව..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් මල්ලි.. තාත්තගෙ පැත්තෙන් මට මස්සිනා කෙනෙක් වෙන අයියා කෙනෙක් ඉන්නවා.. හුග කාලෙක ඉදලා එයා මං ගැන බලාපොරොත්තු තියාගෙනයි ඉන්නෙ.. හරිම හොද කෙනෙක්.. එයා මට කිසිම දුකක්, කරදරයක් නොදී බලාගනියි කියන විශ්වාසෙ මගේ හිතේ තියෙනවා.. ඒත් රසික ගැන මහ විසාල බලාපොරොත්තු කන්දක් තිබ්බ හන්ද, මං ඒ අයියට වචනයක් දුන්නෑ.. ඒත් මං එයාට අද උදේ කතා කරා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මගේ සුභ පැතුම් මොරීන් අක්කෙ.. මගේ සුභ පැතුම්.. මං පුංචි එකා වගේ හිටිය නම් ඔයාගෙ පේජ් බෝයිටවත් එන්න තිබුණා.. කොහෙද ඉතිං.. දැන් බන්ටි මහ දණ්ඩෙක් වෙලානෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පේජ් බොයිට නෙමෙයි, ඔයයි මගේ වෙඩින් එකේ බෙස්ට්මන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට හිතාගන්න බැරි උනා.. මොරීන් අක්කා ඒක කිව්වෙ ඇත්තටමද, බොරුවටද කියලා.. ඒත් එයාගෙ මුලු මූණම ඇත්තකින් තමා පිරිලා තිබ්බෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආරාධනේ අත් දෙකෙන්ම පිළිගන්නවා මොරීන් අක්කෙ.. ඔයාගෙ ජීවිතේ ජයෙන් ජය වෙන්න ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි මට විතරක්..? ඔයාටත් එහෙම වෙන්න ඕන.. අපි එකට හිනා උනා, එකට ඇඩුවා.. ඔයාගෙ වචන වලින් කියනව නම් බාල්දිත් පෙරලුවා.. තවත් අනේක දේවල් කරා.. ඒවා හැමදාටම මේ මොරීන්ට මතක් කර කර රස විදින්න පුළුවන්.. ඒ හැම මතකයකම මහා මේරු පර්වතේ වගේ ඔයා රැදිලා ඉන්නවා බන්ටි මල්ලි.. ගෙවිල ගියපු හුගාක් දවස්වල ඔයාගෙන් තොර මතකයක් මට තිබ්බෙ නෑ.. මං ආදරේ කෙරුවෙ රසිකට උනත්, මගේ මුලු හිත පුරාම සහෝදරයෙක්, යාලුවෙක් වගේ හිටියෙ ඔයා.. කවද හරි රසිකව අමතක කරන්න පුළුවන් උනත්, මට ඔයාව නම් අමතක කරන්න බැරිවෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොරීන් අක්කා කියවගෙන කියවගෙන යනවා.. හිතට මොකක්දෝ නුහුරු වේදනාවක් දැනෙද්දි මං එයා දිහා බැලුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මැරි කරාට නුවරින් යන්නෑනෙ මොරීන් අක්කෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"යන්නෑ තමයි.. ඒත මගේ නිදහස සීමා වෙයි.. කලින් වගේ හිතිච්ච හිතිච්ච වෙලාවට ඔයාලගෙ තාප්පෙන් පැනල, ඔයාව හම්බවෙන්න එනව වගේ එන්න බැරිවෙයි.. වගකීම් වැඩිවෙන්න වැඩිවෙන්න මගේ රස්තියාදු ගැහිල්ලත් නවතියි.. ඒත්.. මං ඒ හැමදේම සංතෝසෙන් බාරගන්නවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අන්තිමට එහෙනම්, බන්ටිගෙ සුදු රසික අයියට බින්දුව හම්බ උනා.. නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක එයාගෙ වෙලාව බන්ටි මල්ලි.. අපිට ඒවට වෙන කරන්න දෙයක් නෑ.. එයාටත් කොයි මොහොතෙ හරි ආදරයෙ වේදනාව හම්බවෙයි.. ඒත් එතකොට කදුලක් හරි පිහදාන්න මේ මොරීන් එයා ළග නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොරීන් අක්කගෙ ඇස් වලට කදුළු උනාගෙන ආවා.. තවත් දුරට මේ සාකච්ඡාව ව්‍යාප්ත උනොත් මොරීන් අක්කා අඩනෙක වලක්වන්න සක්කරයටවත් බෑ.. වැඩිය මුකුත් නොකියා මං මොරීන් අක්ක ගාවින් ආවෙ ඒකයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගෙදරට ඇවිල්ලා මං කෙරුවෙ මුළු හවස් වරුවෙම නිදාගත්ත එක.. බේබි නැන්දට මං ලොකු ඕඩරයක් දුන්නා කවුරු ආවත් මට බාධා කරන්නෙපා කියලා.. ඒක එහෙම අගේට සිද්ධ උනත් හවස පහමාර වගේ වෙද්දි අක්කා මගේ කාමරේට කඩන් පාත් උනා.. මේ මොකද බං මේ..? මෙයා නිකං කුලප්පු වෙච්ච අශ්ව නාම්බෙක් වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බ..න්..ටී.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා ඔෆිස් ඇරිල ආපු ගමන් ඇදුම්වත් මාරු කරන්නැතුව, පණ එපා කියලා මගේ කාමරේට දුවගෙන ආවෙ නිකං වෙන්න බෑ.. මොකක් හරි අවුලක් සිද්ධ වෙලා තියෙන්නෝන..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකද මේ.. පිටිපස්සෙන් කොල්ලෙක්වත් එළවගෙන එනවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අහපු ප්‍රශ්නෙට උත්තර නොදීම අක්කා මගේ ඇස් දෙකට එබුණා.. ඒ මූණෙ තියෙන්නෙ තරවටුවක් කියලා මං තේරුම් ගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා පිණීමුතුව හම්බවෙන්න ගියාද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හප්පට ඩෙන.. දැන් යකඩෝ බලන් ගියාම රහස් පරික්ෂකයො හැමතැනම.. මෙයත් දන්න දේවල්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද ඔයාට කිව්වෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කියපු කෙනා වැඩක් නෑනෙ බන්ටි.. මං ඇහුවෙ ඔයා පිණීමුතුව හම්බවෙන්න ගියාද නැද්ද කියලා.. මට ඒකට උත්තරයක් ඕන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. මං එයාව හම්බවෙන්න ගියා.. ඇයි..? දැන් මොකක්ද ප්‍රශ්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං වීරයා වගේ ඇහුවා.. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕන්නෑ කියල කියනවනෙ.. හැබැයි ඒ දෙකම කරන්න නම් වෙන්නෙ පොලීසියට ගියාම කියල පයිතගරස් තමයි වේල්ස් පාක් එක ඉස්සරහදි කිව්වෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ප්‍රශ්න නම් ගොඩයි බන්ටි.. ඇයි ඔයා ඕනනැති දේවල් කරන්න ගියේ.. බලන්න දැන් ප්‍රශ්න නම් කීයක්ද කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මම කරන්න නම් ගියේ කරන්න ඕන දෙයක්.. ඒක අනිත් අයට ඕන්නෑ වගේ පේනව ඇති.. මට ඒකට කරන්න දෙයක් නැ අක්කෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔහොම නපුරු විදියට කතා කරන්නෙපා බන්ටි.. ගෙදර වැඩට ඉදපු ගෑනු කෙනා, පිණිමුතුගෙ අම්ම ආවහම, සෑහෙන විස්තර තොගයක් කියලා.. අම්මා කෙල්ලට හොදටම බැනලා.. ඊයෙ දවසෙම කෙල්ල කරල තියෙන්නෙ අඩපු එකලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද ඔයාට කිව්වෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පිණිමුතු තමයි.. එයා අද උදේ ඔෆිස් එකට ආවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකත් එහෙමද..? එහෙනම් කතාව ජයටම ඉදිරියට ඇදීගෙන යන පාටයි.. කමක් නෑ.. ඔහොම යංකො.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉ.. තිං..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයයි, පිණීමුතුයි හොදටම කියවගත්තා කියලා එයා මට කිව්වා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක බොරු අක්කෙ.. පිණිමුතු තමා හුගාක්ම මට කියෙව්වෙ.. මං කියපු කිසිම දෙයක් එයා පිළිගත්තෙ නෑ.. බේබි නැන්දා ගැන, මං කියපු බොරුව ඉස්සරහට දාගෙන එයා දැන් අමුතුම ගේමක් දෙන්නයි යන්නෙ.. එයා හරියට කිව්වා.. මමත්, මට කියන්න තිබ්බ දේවල් මූණටම කියල ආවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ උනාට වැරැද්ද කෙරුවෙ ඔයාගෙ බන්ටි.. ඔයා ඒ කෙල්ලගෙ හිත රිද්දන එක හරි වැරදියි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද මං කරපු වැරැද්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බේබි නැන්දා ගැන කියපු දේවල්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බේබි නැන්දා මගෙ අම්මා කියල කියපු එකද..? ඒක නම් ඒ තරම් අවුලක් වෙන එක්ක නෑ අක්කෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බේබි නැන්දා කොහොමත් මගෙ ආච්චි අම්මනෙ.. ඒක හරියට දැනගත්තු දවසට, පිණීමුතුට කලන්තෙ දායි.. එතකොට එයාගෙ ඔ්ය උඩ පැනිල්ලත් නවතියි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කතාවෙන් අක්කගෙ මූණ හොදටම වෙනස් උනා.. මං ඒ වගේ කතාවක් කියයි කියලා එයා බින්දුවක්වත් හිතුවෙ නෑ කියලා මට තේරුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බ.. බන්ටී.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් අක්කෙ.. ඔය එහෙටයි, මෙහෙටයි ඇද ඇද ඉන්නවට මං කොහොමටත් කැමති නෑ.. අර ඉස්සර හිටපු විදියට ඉන්න තිබුණ නම් මේ මොන දුකක්වත් නෑ.. ඇත්තමයි.. අපේ රසික අයියා, ආදරේ කරනව වගෙ ආදරේ කරන්න මට බෑ.. මං ඒ දේට කැමති නෑ.. ඒත් නෙත්මි, මගේ හිතේ හැම අස්සක් මුල්ලක් පීරගෙනම මට ලංවුණා.. මට ගැලවෙන්නම බැරි විදියට මට ලංවුණා.. ඒත්.. එයා මට ආදරේ කලේ හරිම ආත්මාර්ථකාමී විදියට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බ.. බන්ටී.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉන්න අක්කෙ.. මට තවත් ටිකක් කියන්න තියෙනවා.. දැන් හැමදේම ඉවරයි වගේම, මේ ටික කියල ඉවර උනාම ආදරේ ගැන තියෙන වචනත් ඉවරයි.. අපි කෙනෙකුට ආදරේ කරාට, අපි එයාගෙ නිදහස සින්නක්කරේට ගන්න හොද නෑ.. එයාගෙ යාලුවො, එයාගෙ යන එන තැන්.. ඕවා හැමදේටම තහංචි දාගෙන ආදරේ කරන්න බෑ.. එතකොට ඒ ආදරේ මල විකාරයක් වෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ උනාට බන්ටි.. අපි කැමති කෙනාව අපි ළග තියාගන්න නෙ ඔය හැමදේම කරන්නෙ.. එක ආත්මාර්ථකාමිකමක් නෙමේනෙ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොන පිස්සුද අක්කෙ.. දැන් බලන්න.. මං මගේ යාලුවොත් එක්ක වැඩිය කතා බහ කරනවට නෙත්මි කැමති නෑ.. මට යාලුවෙකුට උදව්වක් කරන්න බෑ හින්ට් ගහනවා.. කෙල්ලෙක් එක්ක කතා කරන්න බෑ.. ඒ කෙල්ලට මාව පාවල දෙනවා.. මං විසිහතර පැයේම එයාව හිතේ තියාගෙන, එයත් එක්ක විතරක් කතා කර කර ඉන්න ඕන.. මොන විකාරයක්ද අක්කෙ.. ආදරේ කරනව කියල, කූඩු කරපු සතෙක් ගානට වැටෙන්න මං කැමති නෑ.. අනිත්තෙක අල්පෙනෙත්තෙ ඉදල වෙච්ච දේවල් එයාට කියන්නෝන.. ඒවා වෙන කොහෙන් හරි ආරංචි උනොත් ගෝරි ගොඩයි.. ඕකද අක්කෙ ආදරේ කියන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කත් එක්ක කවදාවත් කතා නොකරපු මාතෘකාවක් දිගේ මගේ කතාව ඇදිල ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මට තේරෙන්නෑ බන්ටි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මටත් තේරෙන්නෑ අක්කෙ.. කොටින්ම මම නම් අදහන්නෙ, අපි දේකට ආදරේ කරනව නම්, අපි ඒ දේට වාතයක් වෙන්න හොද නෑ කියනෙක.. අන්තිමට වෙන්නෙ ඒ දේට අපිව එපා වෙන එක.. හරියට නෙත්මිව මට එපා උනා වගේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බ..න්..ටී.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් අක්කෙ.. හිත කුඩුපට්ටන් වෙලා ගියත් මං ලොකු තීරණයක් අරගෙනයි තියෙන්නෙ.. මං මොන දේ කිව්වත් එයාට වටින්නෑ මට කැත විදියට කතා කරන්න.. ඒකද එයාගෙ ඩීසන්ට් ආදරේ..? අනික මේ බේබි නැන්දගෙ කතන්දරේ අල්ලගෙන මාව ඉවරයක් නැතුව පට්ට ගහනවා.. හැබැයි එයා තවත් මං ඉස්සරහට ඇවිත් කියවන්න ගියොත්, ඔයාගෙ හොදම යාලුව කියල මං බලන්නෑ.. ඔයා දන්නවනෙ අක්කෙ, මේ බන්ටිට කේන්ති ගියොත්, මොන තරම් අසමජ්ජාතිද කියලා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අ.. අනේ බන්ටි.. අපි මේ කතාව නවත්තමු.. ඔයාට හොදටම කේන්ති ගිහින්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් අක්කෙ.. මට කේන්ති ගිහින් තමයි තියෙන්නෙ.. ආ.. මෙන්න මේකත්, එයා හම්බ උන වෙලාවක දෙන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩෙනිමෙ සයිඩ් පොකට් එකෙන් ගත්තු හෑන්ඩ් ෆෝන් එක මං අක්කට දුන්නා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇ.. ඇයි බ.. බන්ටි මේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං හැම දෙයින්ම ඈත්වෙනවා අක්කෙ.. මට කියලත් ආත්මයක් තියෙනවා.. කාගෙවත් බලපෑමකට යටත් වෙලා මේ ජීවිතේ අරගෙන යන්න මං කැමති නෑ.. අනික මේ කොහේවත් ඉන්න කෙල්ලෙකුට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]'කොහේවත් ඉන්න කෙල්ලෙකුට' කියල මං විශේෂන පද ටිකට අක්කගෙ මූණ තවත් අමුතු වෙලා ගියා.. 'කරන්න දෙයක් නෑ නෙත්මි.. ඔයයි මේ හැමදේම විනාස කරල දැම්මෙ..' මට අක්කට උනත් මේ හැමදේම කියන්න උනෙ ඒකයි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාල දෙන්නට මොනව වෙලාද කියලා මට නම් තේරෙන්නෑ බන්ටි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාල දෙන්නට කියල මාවත් එතෙන්ට හවුල් කරගන්නෙපා අක්කෙ.. මේ බන්ටිට නම් මුකුත් වෙලා නෑ.. ඔයාට මේ කතාබහෙන් ඒක තේරෙන්න ඇතිනේ.. වෙලා තියෙන හැමදේම වෙලා තියෙන්නෙ නෙත්මිටයි.. එහෙම නැතුව මේ බන්ටිට නෙමෙයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා ෆෝන් එකත් අතේ ගුලි කරගෙන, කාමරෙන් එළියට ගියා.. ජීවිතයේ කවදාවත් දැනුණෙ නැති තරමෙ තනිකමක් මිශ්‍ර තරහක් හිතට දැනෙද්දි මං ඇස් දෙක පියාගත්තා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?pcsna6lwafoso1j"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom