Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"බන්ටි.. ඔයා නිදිද..?"

දහය පහුවෙන්න තිබ්බෙ විනාඩි පහක් නැත්නම් දහයක් විතරයි.. අයියගෙ කටහඩ කාමරේට එළියෙන් යාන්තමට ඇහුණා.. මේ අසත්පුරුෂයා මොකද මේ අවේලාවෙ.. ආපහු කුමන හෝ බාල්දියක් සිත පුරා හලාගෙනවත්ද..?

"නෑ.. නෑ.. මේ බන්ටි අවදියෙන්.."

"ම.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."

කබඩ් එක උඩ තිබ්බ වතුර ඩිගැන්ටරයෙන්, වතුර එකක් වීදුරුවට ගන්න ගමන් අයියා මං දිහා බැලුවා.. කාමරේ තිබ්බ සී.එෆ්.එල් බල්බ් එකේ එළියෙන් අයියගෙ සුදුමැලි මූණ තවත් පාන්ඩු පාට වෙලා පෙනුණා.. ඒත් ඇස් දෙකේ තිබ්බෙ අදහගන්න බැරි තරමෙ දීප්තිමත් ගතියක්. බන්ටිගෙ මොළේ තියෙන අලු පාට සෛල වලට අනුව නම්, මේ කියන්න යන්නෙ ආදරේ සම්බන්ධ දෙයක්..

"කියන්න.. මං අහගෙන ඉන්නෙ.."

"මං මේ දේ කිව්වම, මේ ලෝකෙ වැඩියෙන්ම සතුටුවෙන කෙනා ඔයා කියලා මං අනිවාර්යෙන්ම දන්නවා.."

ඒ පාර මොකක්ද බං මේකා කියන්න යන්නෙ.. හෙට උදේට කිරිබත් හදමු කියලා බේබි නැන්දට කියන්නවත්ද..? බන්ටි වැඩියෙන්ම කන්න කැමති කිරිබත්නෙ.. ඔව්.. ඔව්.. මේකා කියන විදියට ඒක මට සතුටක්..

"මං මගේ ජීවිතේ ගැන ලොකු තීරණයක් ගත්තා.."

හා.. බලන් ගියාම මේක කිරිබත් සම්බන්ධ ගැටලුවක් නෙමෙයි.. ආර්ථික විද්‍යාව සම්බන්ධ එකක්.. මං හිතන්නෙ මොකක් හරි දෙයක් සම්බන්ධව මිල තීරණය කිරීමක්..

"ඇ.. ඇයි බන්ටි ඔයා පුදුම වෙලා වගේ මං දිහා බලන්නෙ.. හරියට මං වැරදි දෙයක් කිව්ව වගේ.. මං මේ සීරියස් කතා කරන්නෙ.. මේ ගත්තු තීරණේ මං හෙට ක්‍රියාවට නංවනවා.. ඒක ස්තීරයි.. කිසිම විදියකින් වෙනස් වෙන්නෑ.."

"කිසිම පුදුමයක් නෑ.. මං මේ බලන් ඉන්නෙ, ඔයාගෙ ඔය තීරණේ කියනකල්.. දැන් විනාඩි විස්සක් විතර ගියා ඔයාගෙ තීරණේ එළියට එන්න.. ඕක ක්‍රියාත්ම කරන්න මාසයක් විතරය යයිද..?"

මං ඒක නම් ඇහුවෙ සිරාවටම.. ඇයි හත්වලාමෙ.. තෙපර බබා ඉන්නැතුව, හෙණ ගැහල ගියත් කියාපියකො.. බන්ටි අද නිදාගන්නෙ නැද්ද ..?"

"නෑ බන්ටි එහෙම වෙන්නෑ.. ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මං සෑහෙන එෆෙයාර්ස් පවත්වාගෙන ගියා.. ඒ සියලු දේම මේ රාත්‍රිෙයන් පස්සෙ මං නවත්තනවා.. ඔයාට සංතෝසයි නේද බන්ටි..?"

ඕකද අප්පා, මේ කොට්ටෝරුවගෙ තීරණේ.. හැම ගහකටම කොටල කොටල දැන් හොට පටලැවිල තියෙද්දි ගත්තු අවමගුල් සහගත සභා වර්ථාව..

"ඔච්චරද..?"

සංතෝසද කියල අහපුවාම, ඒ සංතෝසෙ පැත්තකින් තියලා මං ප්‍රශ්නයක් ඇහුවා..

"නෑ බන්ටි.. තව තියෙනවා.. මං.. මං.."

ඒ පාර අයියා කාරයා උපන්ගෙයි ගොතයෙක් උනා.. හොදට බත් අනාගෙන කාපු මූට මොකද අප්පා මේ වෙච්ච වින්නැහිය..

"ම.. මං මොරීන්ට ආදරෙයි බන්ටි.. මං ඒ දේ හෙට උදේම එයාට කියනවා.."

සියලු සංස්කාර ධර්මයෝ, ආදරේදී අනාතයි කියල බන්ටි හිතන්නෙ මෙන්න මේ වෙලාවට තමයි.. දැන් ඉතිං කාලා වරෙන්කො.. මෙච්චර අවුරුදු ගානක් ඇගේ දැවටි දැවටි ජීවත්වෙලා, මොරීන් අක්ක පන යනකල් බලන් ඉදල ඉදල තීරණයක් ගත්තට පස්සෙ, මේකා කියනවා ආදරේ ප්‍රකාශ කරන්න යනවලු.. මීට වැඩිය හොද නැද්ද හත්වලාමෙ මූ ගඩා ගොඩිම කකා හිටිය නම්..

"මං දන්නවා.. මං දන්නවා.. මොරීන් මං ගැන බලාපොරොත්තු වෙන් අවුරුදු ගානක් හිටපු විත්තිය.. පහුගිය කාලෙ පුරාම එයා මං ගැන හිතල හුගාක් දුක් උනා කියලත් මං දන්නවා.. දැන් ඒ හැමදේම ඉවරයි.. හෙට උදේ ඉදලා අපි අලුත් ජීවිතයක් ලස්සනට අරගෙන යනවා.. ඔයා හිතනව වගේම මොරීන් ඔයාගෙ නෑනා වෙනව බන්ටි.."

අල වගේද ගෝවා කිව්වලු.. රාබු වගේද ගස් ලබු කියල ඇහුවලු.. ඔය කියන විදියට සැරින් සැරේට ආදරේ තීරණ වෙනස් වෙන්නත්, මොරීන් කියල කියන්නෙ සෙල්ලම් බඩුවක් කියලත් අයියකාරයා හිතනවා කියල මේ කතාවෙන් ඇස් පනාපිට ඔප්පු වෙනවා.. මේකා හරියට කතා කරන්නෙ, මූ අඩගහපු සැනින් දුවගෙන එන්න බලාගෙන මොරීන් අක්කා ඉන්නව වගේ.. අනේ ඇත්තටම අපේ අම්මයි, තාත්තයි මූ වගේ හරක් පැටියෙක් හැදුවනේ..

"ඇ.. ඇයි බන්ටි ඔයා කතා නැත්තෙ..? ඔයාට මේ ආරංචියෙන් සතුටු නැද්ද..?"

"පහුවෙලා හරි ඔයාට ඇත්ත තේරුණ එකට නම් මට සතුටුයි.. ඒත් ඔය තීරණේ මට සතුටක් නෙමෙයි.."

"ඇ.. ඇයි බන්ටි ඔයා එහෙම කියන්නෙ..? මං මේක විහිලුවට ගත්තු තීරණයක් නෙමෙයි.. හැම පැත්තක් ගැනම කල්පනා කරලා ගනිපු තීරණයක්.."

"වෙන්න ඇති.. ඒත් මොරීන් අක්කා ඔය තීරණේට කැමති වෙන එකක් නෑ අයියෙ.."

"ඔයාට පිස්සුද..? මොරීන් ඉන්නෙ මං වචනෙ දෙනකන්.. එයා මං වෙනුවෙන් ආත්ම ගානක් උනත් බලන් ඉදියි.. එයාට මගෙන් තොර ජීවිතයක් නෑ.. ඒක මං හොදටම දන්නවා.."

"මං හිතන්නෑ.."

"මොනවා.. ඔයා හිතන්නෑ..? ඔයා හිතන්නෙ මොරීන් අවුරුදු කීයක් නම් මගේ පස්සෙන් ආවා කියලද..? මං වයසට යනකන් උනත් එයා මගේ පස්සෙන් එයි.."

"ඔයාට හුගක් වැරදිලා.. ආදරේ ගැන, ආදරේ කරන අය ගැන ඔය තරම් අඩු ලන්සුවට කතා කරන්නෙපා.. එයාව ඊට වැඩිය හුගක් වටිනවා.. අපිට හැමදේම නැතිවෙලා, අසරණ වෙලා, හෝදාපාලු උනාම එයාල ළගට ගියාට වැඩක් නෑ.. ඊට කලිනුයි යන්න ඕන.. ඔයාට ඒ ගැන තාම තේරුමක් නෑ.. සමහර විට ඔයා තේරුම් ගන්න උත්සාහ ගන්නෑ.."

"ඔය කතන්දර මොනව උනත්, මං හෙට උදේට මොරීන් හම්බවෙන්න යනවා.. ඔය මං කිව්ව විදියට දේවල් සිද්ධ උනේ නැත්නම්, අනිත් පැත්තෙන් ඉර පායයි.."

"එහෙනම් හොද දෙයක් වෙන්න කියලා මං සුභ ප්‍රාර්ථනා කරනවා.. මට දැන් නිදිමතයි.. ගුඩ් නයිට්.."

අයියා කාමරේ ඉද්දිම ලයිට් එක ඕෆ් කරලා මං ඇදට පැන්නා.. මූ වගේ පොලොස් කොට්ටොරුවෙක් එක්ක තවත් මොනව කතා කරන්නද..? ආදරේ කියන දේ කඩෙන් අරගෙන, පුලු පුලුවන් හැටියට කාලා නරක් උනොත් විසි කරලා දානන්න පුළුවන් දෙයක් වගේ මිනිහගෙ කතාව.. කමක් නෑ.. කියන දේ තේරුම් ගන්නැතුව, වීරයා වගේ ගිහින් හෙට උදේට හොම්ම බිමට ඇන ගනිංකො.. මොරීන් අක්කා දෙන එක දෙයි නාග සලං වෙන්නම.. උඹට වෙන්නෙ නාගචම්පා රගපාන්න..

පහුවෙනිදා උදේ මං පේරාදෙණිය ගාඩ්න් එකට යනකොටත් කොල්ලො ටික එතෙන්ට සෙට් වෙලා.. කිසිම අවුලක් නෑ.. හැම එකාම ඉන්නවා.. හිතට ආපු ෆිට් එකට මගේ අත් දෙකම ඉස්සුනා..

"මෙතන වැඩිය ඉන්න හොද නෑ.. අපි යමු ඇතුළට.."

ඉස්සිච්ච එක අතකට පහට පහක් දාන ගමන් සුරේන් කිව්වා.. අමිලයි, රවීනුයි අපිටත් කලින් ගාඩ්න් එක ඇතුළට ගියා.. මායි, චාමිකයි සුරේන්ට ටිකක් පහුවෙලා ගියේ..

"මොකක්ද බං.. අර රවීන් අතේ තියෙන්නෙ..?"

අමුතු හැඩයෙ ග්ල්ව්ස් එකක් වගේ දෙයක් දැකපු හින්ද මං ඇහුවා.. රවීන් ඒක අතට ෆිට් කර ගන්නවත් මං දැක්කා..

"ආ.. ඌ නකල් එකක් ගෙනැත්.. ඕක අතට දාගෙන ඌ, අරූගෙ මූණෙන් පැණි හට්ටියක් ගනියි.."

"ඉස්සෙල්ලම අපි ශිහාන්කාරයගෙන් හැම ඩීටේල් එක්කම ගනිමු.. ඊට පස්සෙ තමයි ගේම තියෙන්නෙ.. නැද්ද ලොකු පුතේ.."

මීට හුග කාලෙකට කලින් ඇටකිච්චට පැණි බේරෙන්න දුන්නු ප්ලේස් එකට අපි පස්දෙනාම ආවා.. ගාඩ්න් එකේ කට්ටිය හවුස් ෆුල් උනත්, මේ හරියෙ සෙනග ගැවසෙනවා අඩුයි කියලා අපි අත්දැකීමෙන්ම දැනන් හිටියා.. කොහොමටත් මේ උදේ පාන්දර හින්ද, වෙනද තරම්වත් කට්ටිය නෑ..

"ඇටකිච්චා, ශිහාන්කාරයව එක්කන් එයිද අමිල..?"

"අනිවා එක්කං එනවා.. ගුටි කෑමෙන්, අසත්පුරුෂයෝ හැදෙති කියන එක ඇටකිච්චා ඔප්පු කරනවා බන්ටි.. ඒක ෂුවර්.."

අපිට ඒ තරම් වෙලා බලන් ඉන්න ඕන උනේ නෑ.. ටිකක් ඈතින් ඉදපු චාමික, කටින් සද්දයක් දාලා ගේට් එක දිහාට ඇගිල්ල දික් කරා.. ඒ කියන්නෙ ගුටි කාලා මැරෙන්න ශිහාන්කාරයා එනවා කියනෙකනේ.. ළගම තිබ්බ මොකක්දෝ අමුතුම වර්ගයක ගහකට මං කවර් වෙද්දි, අනිත් උං හැංගිලත් ඉවරයි.. වැඩිම උනොත් විනාඩි දෙක තුනක් යන්නැති.. වටපිට බල බලා ඇටකිච්චා, ශිහාන් එක්ක අපි හිටපු තැනට ආවා.. බලන් අප්පා.. තමන් ගුටි කාපු තැන මිනිස්සුන්ට මතකයෙ තියෙන ලස්සන.. ඇටකිච්චා හිටියෙ කලබලෙන් වගේ උනත්, ශිහාන් උගේ හපුටු මූණත් තහඩුව බිමට බරකරන් හිටියා.. කරපු පජාති වැඩ වලට ඌව දැක්ක ගමන්ම බිම පෙරලගෙන නෙලන්න ආපු අදහස මං බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා..

මං හිටපු තැනින් එළියට එන්නත් කලින්ම, අමිලයි, සුරේනුයි, චාමිකයි ශිහාන්ව වටකර ගත්තා.. මං අත්දැකීමෙන්ම දන්නවා, මාව දැකපු ගමන් ශිහාන්ට උණ ගැනෙනවා කියලා.. තමන්ට වුණේ මොකක්ද කියලා ශිහාන් වටපිට බලද්දි ඇටකිච්චා පණ එපා කියලා දුවනවා මං දැක්කා.. රවීනුත් මට චුට්ටක් එහායින් එළියට එද්දි, මාත් හිටපු තැනින් ශිහාන් ඉස්සරහට ආවා..

"කොහොමද..?"

මං ශිහාන්ට ලංවෙද්දි, ඌ බැලුවෙ කොහොම හරි බේරිලා දුවන්න.. ඒත් කොල්ලො සෙට් එක වට කරන් හිටපු විදියට ඌට ඒකට ඉඩක් ලැබණෙ නෑ..

"බ.. බන්ටි.."

"හුග කාලෙකින් නේද..?"

ශිහාන්ට හිතාගන්නවත් බැරි තරම් වේගෙකින්, මං ඌට දකුණු අත පුරවලම කම්මුල් පාරක් දුන්නා.. ඒ අතේම පිටි අල්ලෙන් අනිත් කම්මුලටත් කැත නැතුව ඇදල දැම්මා.. පස්සෙ මං උගේ කොලර් එකෙන් අල්ල ගත්තා..

"ග.. ගහන්නෙපා බන්ටි.. ඇ.. ඇයි මේ..? බ.. බන්ටිට වැරදීමක් වෙලා.."

"වැරදීමක්.. ඔව්.. මට වැරදීමක් වෙලා තමයි උඹ වගේ කාලකණ්නියෙක් ආස්සරේ කරේ.. උඹ කරපු ඔක්කොම ජරා වැඩ අපි දන්නවා.. ඒක හින්දා සුදනා වෙන්නෙපා.. අපිට ඕන ඒවා උඹේ කටින්ම වමාර ගන්න.."

"ම.. මං මුකුත් දන්නෑ.. බ.. බන්ටි.. මගේ කොලර් එකෙන් අතාරින්න.."

ශිහාන් ඒක කිව්වෙ ටික්ක නහරගත පොරක් වගේ.. මගේ කේන්තිය ආයෙත් අලුත් උනා.. ඒ අලුත්වීම පිටම මං ෂර්ට් එක අතෑරල පයින් දෙක තුනක් ඌට ඇන්නා.. කපල දැම්ම ගහක් වගේ ඌ බිමට ඇදන් වැටෙද්දි රවීන් ඇවිත් උගේ කට මිරික ගත්තා..

"උඹට මතකනේ අපි ඇටකිච්චට දීපු ගේම.. ඌ දවස් කීයක් නුවර ඉස්පිරිතාලෙ හිටියද කියලත් දන්නවනේ.. ඒක හින්ද කෑගහන්න ලෑස්තිවෙන්නෙපා.. උඹ පොරක් වෙන්නත් හදන්නෙපා.. දන්න හැමදේම අපිට කියපං.. එතකොට සමහර විට ගුටි කන එක අඩුවෙයි.."

ලොකු පුතා ඇවිත් ශිහාන්ගෙ මූණට එබුණා.. උගේ කට දෙපැත්තෙන් හීනියට ලාවට ලේ බින්දු දෙකක් ඇවිල්ල තියෙනව දකිද්දි මට ආවෙ මාරම ගතියක්.. උඹ මීට පස්සෙවත් අනුන්ට අංචි අදින්නෙ නැතුව ඉදියිනෙ..

"හ්ම්.. කතා කරපං.. නැත්නම් අපි උඹට කතා කරවන්නද..?"

ඒ වෙනකොට රවීන්, අමිලත් එක්ක ශිහාන්ව බංකුවක් තියෙන තැනට ඇදගෙන ගිහින් තිබුණා.. වැඩිවෙලා යන්නැතුව මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ඕන.. වැරදිලාවත් පොලීසියෙ බාප්පල ටික ආවොත් හැමදේම අල වෙනවා..;

"ග.. ගහන්නෙපා.. මට හෙ.. හෙට ක්ලාස් තියෙනවා.."

පයින් පාරක් ගහන්න කකුල උස්සද්දි ශිහාන් මගේ කකුල බදාගත්තා..

"උඹට මහ ඉස්පිරිතාලෙ ක්ලාස් එකක් දා ගතහැකි පරයා.. ඇයි කියපං උඹ අපේ බන්ටි පස්සෙන් පැන්නුවෙ..? නෙත්මිගෙ තාත්තා වගේ කතා කෙරුවෙ.. ඇටකිච්චගෙ ටෙලිෆෝන් ජිල්මාට් එක ඉස්සුවෙ..?"

ඔලුවට මහා පත බරියං ටොක්කක් අනින ගමන්, අමිල ශිහාන්ගෙ කොන්ඩෙන් අල්ලල උස්සල ගත්තා.. අමිල අහපු ප්‍රශ්නවලට ශිහාන්ගෙ මුලු මූණම පුදුම වෙලා යන හැටි මං දැක්කා.. මගේ අතේ ඇගිලි පාරවල් හිටලා රතුවෙලා තිබ්බ කම්මුල්, සුදුමැලි වෙන්න පටන් ගත්තෙ මල මිනියක් වගේ..

"කතා කරපං.. අපිට වැඩිවෙලා නෑ.. උඹ කොහොමද මගේ විස්තර දැනගත්තෙ..? මං නෙත්මිත් එක්ක බ්‍රැකට් කියල උඹ කොහොමද දන්නෙ..?"

ශිහාන්ට ගහන්න වගේ අතමිට මොලවල මං ඇහුවා.. ඌ බයටම ඇස් දෙක පියාගත්තා..

"ම.. මට විස්තරේ කි.. කිව්වෙ බින්දු.."

"මොනවා..?"

කන් දෙකට ඇහිච්ච දේ මට හිතාගන්න බැරි උනා.. ෂිහ්.. මොන තරම් කැත පාප මිත්රෙයකුටද මං බොක්ක දීලා තියෙන්නෙ..

"බොරු කියන්නෙපා යකෝ.. උඹ හදන්නෙ මේක තවත් අවුල් කරන්නද..?"

"න්.. නෑ චාමික මං ඇත්ත කියන්නෙ.."

"අපි බින්දුව මෙතෙන්ට ගෙන්නනවා.. ඊට පස්සෙ උඹේ අවමංගල කටයුතු ටික සිද්ධ කරනවා.."

"බින්දුව ගෙන්නන්න සුරේන්.. කමක් නෑ.. මං මේ සම්පූර්ණ ඇත්ත කියන්නෙ.."

"හරි.. උඹ කියන්නෙ ඇත්ත නම් කියපං බලන්න.. හැබැයි එක බොරු වචනයක් හරි කිව්වොත් ඒක උඹට කර ගන්න වල කපාගැනීමක්.."

තත්පර පහ හයක් යද්දි, ශිහාන් ලාවට උගුර හෙම පාදගෙන කතාව පටන් ගත්තා.. කම්මුල් දෙපැත්තට වැදිච්ච පාරවල් වලින් උගේ මුළු මූණම ඉදිමිලා තිබ්බා..

"ම.. මට කියන්න ලොකු විස්තරයක් නෑ.. ම.. මං.. මං.. නෙත්මිට ආදරේ කරලා.. එච්චරයි.."

"මොකක්..?"

ගුටි කාලා ඉන්න එකාගෙන් පිටවෙච්ච කතාවෙන් අපි හැමෝගෙම කටවල් ඇරුණා..

"ඔ.. ඔව්.. මං මුලින් දැනගෙන හිටියෙ නෑ බන්ටි මේකට සම්බන්ධයි කියලා.. නෙත්මි ගැන හැම විස්තරයක්ම දැන ගන්න, හොයා ගන්න ඕන හන්දයි, අර ගැජට් එක එයාගෙ ෆෝන් එකට කනෙක්ට් කරේ.."

"එතකොට උඹ නෙත්මිගෙ තාත්ත වගේ කතා කරේ..?"

"මං හිතුවා එතකොට බන්ටි මේ කතාවෙන් අයින් වෙලා යාවි කියලා.. අනික බින්දු කිව්වෙත් බන්ටියි, නිරෝෂියි යාලුයි කියලනේ.."

"උ.. උඹ ඒක පිළිගත්තා..?"

"පිළිගත්තා විතරක් නෙමෙයි.. දැනගත්තු විස්තර මං නෙත්මි එකක්ත් කිව්වා.."

"ප..ර..යා.."

මං අත දීගෑරලා තවත් අතුල් පාරක් ශිහාන්ගෙ මූණට මැදට දුන්නා.. මූ හින්දා මං නෙත්මිගෙන් මොන තරම් හින්ට් පාරවල් කෑවද..?

"බින්දු තව මොනවද කිව්වෙ..?"

"වැ.. වැඩි දෙයක් නෑ.. ම.. මට ගහන්නෙපා බන්ටි.. ම.. මං වැදල කියන්නම්.. ම.. මට ගහන්නෙපා.."

"උඹ මට වදින්න ඕන නෑ.. බින්දු උඹට කිව්වද මං ගැන හොයන්න කියලා..?"

"න්.. නෑ.."

"එහෙනම්..?"

"බින්දු අදටත් හිතන් ඉන්නෙ නිරෝෂිත් එක්ක ඔයා යාලුයි කියලා.. ඒත් ඒක ඔප්පු කරන්න තරම් දේවල් බින්දු ළග නෑ.."

"උඹ තාමත් නෙත්මි පස්සෙ යනවද..?"

මං අහපු දේට හරිහමන් උත්තරයක් ශිහාන් ළගින් ආවෙ නෑ.. උදේ ගාඩ්න් එකට එද්දි හිතෙ තිබ්බ ෆිට් එක, මටත් නොදැනිම ඈතට ගිහින් තිබුණා.. මේ හැමදේකම අවසානෙ කොයි තරම් ලංවෙලාද කියලා මට හිතුණා..

"මං අහපු දේ උඹට ඇහුණද..?"

"ඔව්.."

"එහෙනම් උත්තරේ දීපං.."

"ඒකටත් උත්තරේ ඔව් බන්ටි.."

කොයිතරම් ගුටි කාල හිටියත් ශිහාන්ගෙ කටහඩේ තිබ්බ ෆිට් එක මගේ හිත ගත්තා.. සමහර විට නෙත්මිට මාව එපා උනාට, ශිහාන්කාරයව එපා වෙන එක්ක නෑ..

"බන්ටි මූට මොකද කරන්නෙ..?"

රවීන්ගෙ නකල් එක වම් අතට දාගෙන, මගේ ඉස්සරහට ආපු අමිල ඇහුවා.. පොතේ හැටියට ශිහාන්ට තව ගුටි බැට හුවමාරුවක් සිදු කරන්න ඕන උනත්, මගේ හිතේ ෆිට් එක දියවෙලයි තිබුණෙ..

"අ.. අනේ බ.. බන්ටි.. මට.. මට ගහන්නෙපා.."

අමිලයව පැත්තකට කරලා මං තවත් කම්මුල් පාරක් ශිහාන්ටදුන්නා.. ඌට බුදු අම්මෝ කියවුනා..

"හොදට මතක තියාගනිං.. උඹ නෙත්මි, නෙමෙයි නෙත්මිගෙ අම්මා පස්සෙන් ගියත් මට කමක් නෑ.. හැබැයි මේ බන්ටි ගාවන්නෙ නැතුව.. තේරුණානේ.. කොටින්ම උඹ මේ නුවර ටවුමෙ මගේ ඇස් මායිමේ පේන්නවත් ඉන්න බෑ.. ඔය හිටියා වගේම හැංගිලා ඉදපං.. හැ..බැ..යි.."

මං ආයෙත් දබරැගිල්ල ශිහාන් ඉස්සරහට දික් කරා.. ඌ මර බයේ ඇස් දෙක පියාගත්තා..

"උඹ බින්දුටත් කියපං.. මං මේ හැම දෙයක්ම දන්නවා කියලා.. තේරුණාද..? හ්ම්.. දැන් ඉතිං මෙතනින් දුවපං.. මට උඹව පේන්න බෑ.."

"මෙච්ච දේ කාට හරි කිව්වොත්.. ඒකෙත් රිටර්න් එක අත ළගටම එයි.."

සුරේන්ගෙන් පස්ස පැත්තට පයින් පාරකුත් කාගනෙම, ශිහාන් මේන් ගේට් එක දිහාට දුවගෙන ගියා..

"ඌ පොලීසියෙ බාප්පල ටික එක්කං එයිද බන්ටි අයියා..?"

"නෑ රවීන්.. ඕකා ඔය දුවල ගියේ ටොයිලට් එකට.. ගුටි කාපු ඒවට ඌට මුත්‍රා බර හැදිල ඇති.."

[QUOTE="crazybuddy, post: 12536656, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-ZvRi-fCT9XY/T48HZUgqG0I/AAAAAAAABto/PKsyiIUOOxI/s640/Cover-09.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-B-je-urh6VM/T137KC1z4nI/AAAAAAAABf4/jX9G8y2TGDc/s1600/09.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.. ඔයා නිදිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දහය පහුවෙන්න තිබ්බෙ විනාඩි පහක් නැත්නම් දහයක් විතරයි.. අයියගෙ කටහඩ කාමරේට එළියෙන් යාන්තමට ඇහුණා.. මේ අසත්පුරුෂයා මොකද මේ අවේලාවෙ.. ආපහු කුමන හෝ බාල්දියක් සිත පුරා හලාගෙනවත්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. නෑ.. මේ බන්ටි අවදියෙන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කබඩ් එක උඩ තිබ්බ වතුර ඩිගැන්ටරයෙන්, වතුර එකක් වීදුරුවට ගන්න ගමන් අයියා මං දිහා බැලුවා.. කාමරේ තිබ්බ සී.එෆ්.එල් බල්බ් එකේ එළියෙන් අයියගෙ සුදුමැලි මූණ තවත් පාන්ඩු පාට වෙලා පෙනුණා.. ඒත් ඇස් දෙකේ තිබ්බෙ අදහගන්න බැරි තරමෙ දීප්තිමත් ගතියක්. බන්ටිගෙ මොළේ තියෙන අලු පාට සෛල වලට අනුව නම්, මේ කියන්න යන්නෙ ආදරේ සම්බන්ධ දෙයක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියන්න.. මං අහගෙන ඉන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මේ දේ කිව්වම, මේ ලෝකෙ වැඩියෙන්ම සතුටුවෙන කෙනා ඔයා කියලා මං අනිවාර්යෙන්ම දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ පාර මොකක්ද බං මේකා කියන්න යන්නෙ.. හෙට උදේට කිරිබත් හදමු කියලා බේබි නැන්දට කියන්නවත්ද..? බන්ටි වැඩියෙන්ම කන්න කැමති කිරිබත්නෙ.. ඔව්.. ඔව්.. මේකා කියන විදියට ඒක මට සතුටක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං මගේ ජීවිතේ ගැන ලොකු තීරණයක් ගත්තා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හා.. බලන් ගියාම මේක කිරිබත් සම්බන්ධ ගැටලුවක් නෙමෙයි.. ආර්ථික විද්‍යාව සම්බන්ධ එකක්.. මං හිතන්නෙ මොකක් හරි දෙයක් සම්බන්ධව මිල තීරණය කිරීමක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි බන්ටි ඔයා පුදුම වෙලා වගේ මං දිහා බලන්නෙ.. හරියට මං වැරදි දෙයක් කිව්ව වගේ.. මං මේ සීරියස් කතා කරන්නෙ.. මේ ගත්තු තීරණේ මං හෙට ක්‍රියාවට නංවනවා.. ඒක ස්තීරයි.. කිසිම විදියකින් වෙනස් වෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කිසිම පුදුමයක් නෑ.. මං මේ බලන් ඉන්නෙ, ඔයාගෙ ඔය තීරණේ කියනකල්.. දැන් විනාඩි විස්සක් විතර ගියා ඔයාගෙ තීරණේ එළියට එන්න.. ඕක ක්‍රියාත්ම කරන්න මාසයක් විතරය යයිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඒක නම් ඇහුවෙ සිරාවටම.. ඇයි හත්වලාමෙ.. තෙපර බබා ඉන්නැතුව, හෙණ ගැහල ගියත් කියාපියකො.. බන්ටි අද නිදාගන්නෙ නැද්ද[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]..?"[/COLOR][/B] [B][COLOR=#783f04]"නෑ බන්ටි එහෙම වෙන්නෑ.. ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මං සෑහෙන එෆෙයාර්ස් පවත්වාගෙන ගියා.. ඒ සියලු දේම මේ රාත්‍රිෙයන් පස්සෙ මං නවත්තනවා.. ඔයාට සංතෝසයි නේද බන්ටි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕකද අප්පා, මේ කොට්ටෝරුවගෙ තීරණේ.. හැම ගහකටම කොටල කොටල දැන් හොට පටලැවිල තියෙද්දි ගත්තු අවමගුල් සහගත සභා වර්ථාව..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔච්චරද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංතෝසද කියල අහපුවාම, ඒ සංතෝසෙ පැත්තකින් තියලා මං ප්‍රශ්නයක් ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බන්ටි.. තව තියෙනවා.. මං.. මං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ පාර අයියා කාරයා උපන්ගෙයි ගොතයෙක් උනා.. හොදට බත් අනාගෙන කාපු මූට මොකද අප්පා මේ වෙච්ච වින්නැහිය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං මොරීන්ට ආදරෙයි බන්ටි.. මං ඒ දේ හෙට උදේම එයාට කියනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සියලු සංස්කාර ධර්මයෝ, ආදරේදී අනාතයි කියල බන්ටි හිතන්නෙ මෙන්න මේ වෙලාවට තමයි.. දැන් ඉතිං කාලා වරෙන්කො.. මෙච්චර අවුරුදු ගානක් ඇගේ දැවටි දැවටි ජීවත්වෙලා, මොරීන් අක්ක පන යනකල් බලන් ඉදල ඉදල තීරණයක් ගත්තට පස්සෙ, මේකා කියනවා ආදරේ ප්‍රකාශ කරන්න යනවලු.. මීට වැඩිය හොද නැද්ද හත්වලාමෙ මූ ගඩා ගොඩිම කකා හිටිය නම්.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං දන්නවා.. මං දන්නවා.. මොරීන් මං ගැන බලාපොරොත්තු වෙන් අවුරුදු ගානක් හිටපු විත්තිය.. පහුගිය කාලෙ පුරාම එයා මං ගැන හිතල හුගාක් දුක් උනා කියලත් මං දන්නවා.. දැන් ඒ හැමදේම ඉවරයි.. හෙට උදේ ඉදලා අපි අලුත් ජීවිතයක් ලස්සනට අරගෙන යනවා.. ඔයා හිතනව වගේම මොරීන් ඔයාගෙ නෑනා වෙනව බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අල වගේද ගෝවා කිව්වලු.. රාබු වගේද ගස් ලබු කියල ඇහුවලු.. ඔය කියන විදියට සැරින් සැරේට ආදරේ තීරණ වෙනස් වෙන්නත්, මොරීන් කියල කියන්නෙ සෙල්ලම් බඩුවක් කියලත් අයියකාරයා හිතනවා කියල මේ කතාවෙන් ඇස් පනාපිට ඔප්පු වෙනවා.. මේකා හරියට කතා කරන්නෙ, මූ අඩගහපු සැනින් දුවගෙන එන්න බලාගෙන මොරීන් අක්කා ඉන්නව වගේ.. අනේ ඇත්තටම අපේ අම්මයි, තාත්තයි මූ වගේ හරක් පැටියෙක් හැදුවනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි බන්ටි ඔයා කතා නැත්තෙ..? ඔයාට මේ ආරංචියෙන් සතුටු නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පහුවෙලා හරි ඔයාට ඇත්ත තේරුණ එකට නම් මට සතුටුයි.. ඒත් ඔය තීරණේ මට සතුටක් නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි බන්ටි ඔයා එහෙම කියන්නෙ..? මං මේක විහිලුවට ගත්තු තීරණයක් නෙමෙයි.. හැම පැත්තක් ගැනම කල්පනා කරලා ගනිපු තීරණයක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙන්න ඇති.. ඒත් මොරීන් අක්කා ඔය තීරණේට කැමති වෙන එකක් නෑ අයියෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට පිස්සුද..? මොරීන් ඉන්නෙ මං වචනෙ දෙනකන්.. එයා මං වෙනුවෙන් ආත්ම ගානක් උනත් බලන් ඉදියි.. එයාට මගෙන් තොර ජීවිතයක් නෑ.. ඒක මං හොදටම දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හිතන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවා.. ඔයා හිතන්නෑ..? ඔයා හිතන්නෙ මොරීන් අවුරුදු කීයක් නම් මගේ පස්සෙන් ආවා කියලද..? මං වයසට යනකන් උනත් එයා මගේ පස්සෙන් එයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාට හුගක් වැරදිලා.. ආදරේ ගැන, ආදරේ කරන අය ගැන ඔය තරම් අඩු ලන්සුවට කතා කරන්නෙපා.. එයාව ඊට වැඩිය හුගක් වටිනවා.. අපිට හැමදේම නැතිවෙලා, අසරණ වෙලා, හෝදාපාලු උනාම එයාල ළගට ගියාට වැඩක් නෑ.. ඊට කලිනුයි යන්න ඕන.. ඔයාට ඒ ගැන තාම තේරුමක් නෑ.. සමහර විට ඔයා තේරුම් ගන්න උත්සාහ ගන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය කතන්දර මොනව උනත්, මං හෙට උදේට මොරීන් හම්බවෙන්න යනවා.. ඔය මං කිව්ව විදියට දේවල් සිද්ධ උනේ නැත්නම්, අනිත් පැත්තෙන් ඉර පායයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් හොද දෙයක් වෙන්න කියලා මං සුභ ප්‍රාර්ථනා කරනවා.. මට දැන් නිදිමතයි.. ගුඩ් නයිට්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියා කාමරේ ඉද්දිම ලයිට් එක ඕෆ් කරලා මං ඇදට පැන්නා.. මූ වගේ පොලොස් කොට්ටොරුවෙක් එක්ක තවත් මොනව කතා කරන්නද..? ආදරේ කියන දේ කඩෙන් අරගෙන, පුලු පුලුවන් හැටියට කාලා නරක් උනොත් විසි කරලා දානන්න පුළුවන් දෙයක් වගේ මිනිහගෙ කතාව.. කමක් නෑ.. කියන දේ තේරුම් ගන්නැතුව, වීරයා වගේ ගිහින් හෙට උදේට හොම්ම බිමට ඇන ගනිංකො.. මොරීන් අක්කා දෙන එක දෙයි නාග සලං වෙන්නම.. උඹට වෙන්නෙ නාගචම්පා රගපාන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ***************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පහුවෙනිදා උදේ මං පේරාදෙණිය ගාඩ්න් එකට යනකොටත් කොල්ලො ටික එතෙන්ට සෙට් වෙලා.. කිසිම අවුලක් නෑ.. හැම එකාම ඉන්නවා.. හිතට ආපු ෆිට් එකට මගේ අත් දෙකම ඉස්සුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙතන වැඩිය ඉන්න හොද නෑ.. අපි යමු ඇතුළට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්සිච්ච එක අතකට පහට පහක් දාන ගමන් සුරේන් කිව්වා.. අමිලයි, රවීනුයි අපිටත් කලින් ගාඩ්න් එක ඇතුළට ගියා.. මායි, චාමිකයි සුරේන්ට ටිකක් පහුවෙලා ගියේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද බං.. අර රවීන් අතේ තියෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමුතු හැඩයෙ ග්ල්ව්ස් එකක් වගේ දෙයක් දැකපු හින්ද මං ඇහුවා.. රවීන් ඒක අතට ෆිට් කර ගන්නවත් මං දැක්කා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. ඌ නකල් එකක් ගෙනැත්.. ඕක අතට දාගෙන ඌ, අරූගෙ මූණෙන් පැණි හට්ටියක් ගනියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉස්සෙල්ලම අපි ශිහාන්කාරයගෙන් හැම ඩීටේල් එක්කම ගනිමු.. ඊට පස්සෙ තමයි ගේම තියෙන්නෙ.. නැද්ද ලොකු පුතේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මීට හුග කාලෙකට කලින් ඇටකිච්චට පැණි බේරෙන්න දුන්නු ප්ලේස් එකට අපි පස්දෙනාම ආවා.. ගාඩ්න් එකේ කට්ටිය හවුස් ෆුල් උනත්, මේ හරියෙ සෙනග ගැවසෙනවා අඩුයි කියලා අපි අත්දැකීමෙන්ම දැනන් හිටියා.. කොහොමටත් මේ උදේ පාන්දර හින්ද, වෙනද තරම්වත් කට්ටිය නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇටකිච්චා, ශිහාන්කාරයව එක්කන් එයිද අමිල..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනිවා එක්කං එනවා.. ගුටි කෑමෙන්, අසත්පුරුෂයෝ හැදෙති කියන එක ඇටකිච්චා ඔප්පු කරනවා බන්ටි.. ඒක ෂුවර්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපිට ඒ තරම් වෙලා බලන් ඉන්න ඕන උනේ නෑ.. ටිකක් ඈතින් ඉදපු චාමික, කටින් සද්දයක් දාලා ගේට් එක දිහාට ඇගිල්ල දික් කරා.. ඒ කියන්නෙ ගුටි කාලා මැරෙන්න ශිහාන්කාරයා එනවා කියනෙකනේ.. ළගම තිබ්බ මොකක්දෝ අමුතුම වර්ගයක ගහකට මං කවර් වෙද්දි, අනිත් උං හැංගිලත් ඉවරයි.. වැඩිම උනොත් විනාඩි දෙක තුනක් යන්නැති.. වටපිට බල බලා ඇටකිච්චා, ශිහාන් එක්ක අපි හිටපු තැනට ආවා.. බලන් අප්පා.. තමන් ගුටි කාපු තැන මිනිස්සුන්ට මතකයෙ තියෙන ලස්සන.. ඇටකිච්චා හිටියෙ කලබලෙන් වගේ උනත්, ශිහාන් උගේ හපුටු මූණත් තහඩුව බිමට බරකරන් හිටියා.. කරපු පජාති වැඩ වලට ඌව දැක්ක ගමන්ම බිම පෙරලගෙන නෙලන්න ආපු අදහස මං බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හිටපු තැනින් එළියට එන්නත් කලින්ම, අමිලයි, සුරේනුයි, චාමිකයි ශිහාන්ව වටකර ගත්තා.. මං අත්දැකීමෙන්ම දන්නවා, මාව දැකපු ගමන් ශිහාන්ට උණ ගැනෙනවා කියලා.. තමන්ට වුණේ මොකක්ද කියලා ශිහාන් වටපිට බලද්දි ඇටකිච්චා පණ එපා කියලා දුවනවා මං දැක්කා.. රවීනුත් මට චුට්ටක් එහායින් එළියට එද්දි, මාත් හිටපු තැනින් ශිහාන් ඉස්සරහට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහොමද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ශිහාන්ට ලංවෙද්දි, ඌ බැලුවෙ කොහොම හරි බේරිලා දුවන්න.. ඒත් කොල්ලො සෙට් එක වට කරන් හිටපු විදියට ඌට ඒකට ඉඩක් ලැබණෙ නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බ.. බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හුග කාලෙකින් නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ශිහාන්ට හිතාගන්නවත් බැරි තරම් වේගෙකින්, මං ඌට දකුණු අත පුරවලම කම්මුල් පාරක් දුන්නා.. ඒ අතේම පිටි අල්ලෙන් අනිත් කම්මුලටත් කැත නැතුව ඇදල දැම්මා.. පස්සෙ මං උගේ කොලර් එකෙන් අල්ල ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ග.. ගහන්නෙපා බන්ටි.. ඇ.. ඇයි මේ..? බ.. බන්ටිට වැරදීමක් වෙලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැරදීමක්.. ඔව්.. මට වැරදීමක් වෙලා තමයි උඹ වගේ කාලකණ්නියෙක් ආස්සරේ කරේ.. උඹ කරපු ඔක්කොම ජරා වැඩ අපි දන්නවා.. ඒක හින්දා සුදනා වෙන්නෙපා.. අපිට ඕන ඒවා උඹේ කටින්ම වමාර ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං මුකුත් දන්නෑ.. බ.. බන්ටි.. මගේ කොලර් එකෙන් අතාරින්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ශිහාන් ඒක කිව්වෙ ටික්ක නහරගත පොරක් වගේ.. මගේ කේන්තිය ආයෙත් අලුත් උනා.. ඒ අලුත්වීම පිටම මං ෂර්ට් එක අතෑරල පයින් දෙක තුනක් ඌට ඇන්නා.. කපල දැම්ම ගහක් වගේ ඌ බිමට ඇදන් වැටෙද්දි රවීන් ඇවිත් උගේ කට මිරික ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට මතකනේ අපි ඇටකිච්චට දීපු ගේම.. ඌ දවස් කීයක් නුවර ඉස්පිරිතාලෙ හිටියද කියලත් දන්නවනේ.. ඒක හින්ද කෑගහන්න ලෑස්තිවෙන්නෙපා.. උඹ පොරක් වෙන්නත් හදන්නෙපා.. දන්න හැමදේම අපිට කියපං.. එතකොට සමහර විට ගුටි කන එක අඩුවෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු පුතා ඇවිත් ශිහාන්ගෙ මූණට එබුණා.. උගේ කට දෙපැත්තෙන් හීනියට ලාවට ලේ බින්දු දෙකක් ඇවිල්ල තියෙනව දකිද්දි මට ආවෙ මාරම ගතියක්.. උඹ මීට පස්සෙවත් අනුන්ට අංචි අදින්නෙ නැතුව ඉදියිනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හ්ම්.. කතා කරපං.. නැත්නම් අපි උඹට කතා කරවන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ වෙනකොට රවීන්, අමිලත් එක්ක ශිහාන්ව බංකුවක් තියෙන තැනට ඇදගෙන ගිහින් තිබුණා.. වැඩිවෙලා යන්නැතුව මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ඕන.. වැරදිලාවත් පොලීසියෙ බාප්පල ටික ආවොත් හැමදේම අල වෙනවා..;[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ග.. ගහන්නෙපා.. මට හෙ.. හෙට ක්ලාස් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පයින් පාරක් ගහන්න කකුල උස්සද්දි ශිහාන් මගේ කකුල බදාගත්තා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"උඹට මහ ඉස්පිරිතාලෙ ක්ලාස් එකක් දා ගතහැකි පරයා.. ඇයි කියපං උඹ අපේ බන්ටි පස්සෙන් පැන්නුවෙ..? නෙත්මිගෙ තාත්තා වගේ කතා කෙරුවෙ.. ඇටකිච්චගෙ ටෙලිෆෝන් ජිල්මාට් එක ඉස්සුවෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔලුවට මහා පත බරියං ටොක්කක් අනින ගමන්, අමිල ශිහාන්ගෙ කොන්ඩෙන් අල්ලල උස්සල ගත්තා.. අමිල අහපු ප්‍රශ්නවලට ශිහාන්ගෙ මුලු මූණම පුදුම වෙලා යන හැටි මං දැක්කා.. මගේ අතේ ඇගිලි පාරවල් හිටලා රතුවෙලා තිබ්බ කම්මුල්, සුදුමැලි වෙන්න පටන් ගත්තෙ මල මිනියක් වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කතා කරපං.. අපිට වැඩිවෙලා නෑ.. උඹ කොහොමද මගේ විස්තර දැනගත්තෙ..? මං නෙත්මිත් එක්ක බ්‍රැකට් කියල උඹ කොහොමද දන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ශිහාන්ට ගහන්න වගේ අතමිට මොලවල මං ඇහුවා.. ඌ බයටම ඇස් දෙක පියාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට විස්තරේ කි.. කිව්වෙ බින්දු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කන් දෙකට ඇහිච්ච දේ මට හිතාගන්න බැරි උනා.. ෂිහ්.. මොන තරම් කැත පාප මිත්රෙයකුටද මං බොක්ක දීලා තියෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බොරු කියන්නෙපා යකෝ.. උඹ හදන්නෙ මේක තවත් අවුල් කරන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"න්.. නෑ චාමික මං ඇත්ත කියන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි බින්දුව මෙතෙන්ට ගෙන්නනවා.. ඊට පස්සෙ උඹේ අවමංගල කටයුතු ටික සිද්ධ කරනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බින්දුව ගෙන්නන්න සුරේන්.. කමක් නෑ.. මං මේ සම්පූර්ණ ඇත්ත කියන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි.. උඹ කියන්නෙ ඇත්ත නම් කියපං බලන්න.. හැබැයි එක බොරු වචනයක් හරි කිව්වොත් ඒක උඹට කර ගන්න වල කපාගැනීමක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තත්පර පහ හයක් යද්දි, ශිහාන් ලාවට උගුර හෙම පාදගෙන කතාව පටන් ගත්තා.. කම්මුල් දෙපැත්තට වැදිච්ච පාරවල් වලින් උගේ මුළු මූණම ඉදිමිලා තිබ්බා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට කියන්න ලොකු විස්තරයක් නෑ.. ම.. මං.. මං.. නෙත්මිට ආදරේ කරලා.. එච්චරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුටි කාලා ඉන්න එකාගෙන් පිටවෙච්ච කතාවෙන් අපි හැමෝගෙම කටවල් ඇරුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔව්.. මං මුලින් දැනගෙන හිටියෙ නෑ බන්ටි මේකට සම්බන්ධයි කියලා.. නෙත්මි ගැන හැම විස්තරයක්ම දැන ගන්න, හොයා ගන්න ඕන හන්දයි, අර ගැජට් එක එයාගෙ ෆෝන් එකට කනෙක්ට් කරේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට උඹ නෙත්මිගෙ තාත්ත වගේ කතා කරේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හිතුවා එතකොට බන්ටි මේ කතාවෙන් අයින් වෙලා යාවි කියලා.. අනික බින්දු කිව්වෙත් බන්ටියි, නිරෝෂියි යාලුයි කියලනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උ.. උඹ ඒක පිළිගත්තා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිළිගත්තා විතරක් නෙමෙයි.. දැනගත්තු විස්තර මං නෙත්මි එකක්ත් කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප..ර..යා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අත දීගෑරලා තවත් අතුල් පාරක් ශිහාන්ගෙ මූණට මැදට දුන්නා.. මූ හින්දා මං නෙත්මිගෙන් මොන තරම් හින්ට් පාරවල් කෑවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බින්දු තව මොනවද කිව්වෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වැ.. වැඩි දෙයක් නෑ.. ම.. මට ගහන්නෙපා බන්ටි.. ම.. මං වැදල කියන්නම්.. ම.. මට ගහන්නෙපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ මට වදින්න ඕන නෑ.. බින්දු උඹට කිව්වද මං ගැන හොයන්න කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"න්.. නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බින්දු අදටත් හිතන් ඉන්නෙ නිරෝෂිත් එක්ක ඔයා යාලුයි කියලා.. ඒත් ඒක ඔප්පු කරන්න තරම් දේවල් බින්දු ළග නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ තාමත් නෙත්මි පස්සෙ යනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අහපු දේට හරිහමන් උත්තරයක් ශිහාන් ළගින් ආවෙ නෑ.. උදේ ගාඩ්න් එකට එද්දි හිතෙ තිබ්බ ෆිට් එක, මටත් නොදැනිම ඈතට ගිහින් තිබුණා.. මේ හැමදේකම අවසානෙ කොයි තරම් ලංවෙලාද කියලා මට හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං අහපු දේ උඹට ඇහුණද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් උත්තරේ දීපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකටත් උත්තරේ ඔව් බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොයිතරම් ගුටි කාල හිටියත් ශිහාන්ගෙ කටහඩේ තිබ්බ ෆිට් එක මගේ හිත ගත්තා.. සමහර විට නෙත්මිට මාව එපා උනාට, ශිහාන්කාරයව එපා වෙන එක්ක නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මූට මොකද කරන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රවීන්ගෙ නකල් එක වම් අතට දාගෙන, මගේ ඉස්සරහට ආපු අමිල ඇහුවා.. පොතේ හැටියට ශිහාන්ට තව ගුටි බැට හුවමාරුවක් සිදු කරන්න ඕන උනත්, මගේ හිතේ ෆිට් එක දියවෙලයි තිබුණෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ.. අනේ බ.. බන්ටි.. මට.. මට ගහන්නෙපා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමිලයව පැත්තකට කරලා මං තවත් කම්මුල් පාරක් ශිහාන්ටදුන්නා.. ඌට බුදු අම්මෝ කියවුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හොදට මතක තියාගනිං.. උඹ නෙත්මි, නෙමෙයි නෙත්මිගෙ අම්මා පස්සෙන් ගියත් මට කමක් නෑ.. හැබැයි මේ බන්ටි ගාවන්නෙ නැතුව.. තේරුණානේ.. කොටින්ම උඹ මේ නුවර ටවුමෙ මගේ ඇස් මායිමේ පේන්නවත් ඉන්න බෑ.. ඔය හිටියා වගේම හැංගිලා ඉදපං.. හැ..බැ..යි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ආයෙත් දබරැගිල්ල ශිහාන් ඉස්සරහට දික් කරා.. ඌ මර බයේ ඇස් දෙක පියාගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ බින්දුටත් කියපං.. මං මේ හැම දෙයක්ම දන්නවා කියලා.. තේරුණාද..? හ්ම්.. දැන් ඉතිං මෙතනින් දුවපං.. මට උඹව පේන්න බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙච්ච දේ කාට හරි කිව්වොත්.. ඒකෙත් රිටර්න් එක අත ළගටම එයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සුරේන්ගෙන් පස්ස පැත්තට පයින් පාරකුත් කාගනෙම, ශිහාන් මේන් ගේට් එක දිහාට දුවගෙන ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌ පොලීසියෙ බාප්පල ටික එක්කං එයිද බන්ටි අයියා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ රවීන්.. ඕකා ඔය දුවල ගියේ ටොයිලට් එකට.. ගුටි කාපු ඒවට ඌට මුත්‍රා බර හැදිල ඇති.."[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom