Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවස් දෙක තුනක් කුඹුරු කෙටුව වගේ මං ගෙදර ආවෙ.. ගාඩ්න් එකේදි ශිහාන්කාරයට නෙලුවට මගේ හිතට කිසිම ෆිට් එකක් තිබුණෙ නෑ.. ඒක නිකං හරියට මං බලාපොරොත්තු උන දේ ඌ ළග තිබ්බෙ නෑ වගේ.. අනික ඌ හැමදේම කරල තියෙන්නෙ නෙත්මිව යාලු කරන්නනෙ.. නෙත්මි මාතෘකාවට ඇවිත් තිබුණ හන්දම තමයි කොල්ලො ටික ඒ ගැන වචනයක්වත් කතා කෙරුවෙ නැත්තෙ.. සුරේන් උනත් අර ගුවන් තොපුටලේ කතාව ඇදල ගත්තෙ ඒකෙන් අත් මිදෙන්න කියලා මට තේරුම් ගියා..

"බ..න්..ටී.."

මං හිතුවෙ ගෙදර ඉන්නෙ බේබි නැන්දා විතරයි කියලා.. ඒත් අයියගෙ කාමරේ පහු කරද්දි, මිනිහා මට කතා කරා.. මේකා අදත් වැඩට ගිහින් නෑ වගේ..

"ඔ.. ඔයා කියපු හැමදේම හ.. හරි බ..න්ටි.. ම.. මං පරාදයි.."

හොදින් ළවෙලා බලද්දි තමයි මං දැක්කෙ මිනිහලෙ ඇස්වල බොදවෙලා තිබ්බ කදුළු.. මට ඕන ඔට්ටුවක් අල්ලතෑකි, තව තත්පරයකින් නැත්නම් දෙකකින් ඕවා බිමට කඩන් වැටෙනවා කියලා..

"මොරීන් මාව පිළිගත්තෙ නෑ බන්ටි.. එයා මට පිටුපෑවා.. මා.. මාව සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.."

"දැන් ඉතිං කරන්න දෙයක් නෑ අයියෙ.. ඔය ටික වෙන විත්තිය මං කලිම ඔයාට කිව්වා.. මගේ වචන ඔයා ඇහුවෙ නෑ.. ඕනම දේකට සීමාවක් තියෙනවා.. ඒ වගේම ඕනම කෙනෙකුගෙ බලා ඉදීමේ සීමාවකුත් තියෙනවා.. ඔයාට ඒ ගැන හිතන්න තිබුණා.."

"ම.. මට ඕවා තේරෙන්නෑ බන්ටි.. මං කවදාවත් හිතුවෙ නෑ මොරීන් මට මෙහෙම කරයි කියලා.. එයා බදින්න කොල්ලෙකුත් ඉන්නලු.. මං අතරමං උනා.."

"පිස්සු කතා නොකර ඉන්න.. ඔයා හින්ද අතරමං උනේ මොරීන් අක්කා.. එයා කොච්චර කාලයක් නම් බලන් හිටියද..? ඔයා ගැන දහ ජරා කතා හතර අතෙන්ම ඇහෙද්දි, මිනිස්සු ඔයා ගැන කැත විදියට කතා කරද්දි, එයා කොයි තරම් අමාරුවෙන්ද උහුලගෙන ඉන්න ඇත්තෙ.."

"දෙ.. දෙයියනේ.. මොරීන් ඒවා දන්නවද..?"

"මොරීන් විතරක් නෙමෙයි, අම්මා පවා ඒ දේවල් දන්නවා.. මෙච්චර කාලයක් ඔයා ජීවත් වූණේ පැස්බරා වැල්ලෙ ඔලුව හංගගෙන ජීවත් උනා වගේ.. වැඩක් නෑ.. අර යෝධ පස්ස පැත්තම එළියෙ.. ඔයාට ඒක පේන්නෙ නෑනෙ.. පිටින් ඉන්න අයට තමයි පේන්නෙ.."

"ම.. මං දැන් මොනවද කරන්නෙ බන්ටි..?"

"හිත හයිය කරගෙන ජීවිතේට මූණ දෙන්න.."

"ඒ.. ඒ උනාට මොරීන්ව මතක් වෙද්දි පපුව පැලෙන්න වගේ එනවනේ.. මං කොහොමද බන්ටි මේකෙන් අත් මිදෙන්නෙ..?"

"හැමදේටම හිත තමයි.. ඕක පාලනේ කරගන්න.."

අයියට විහිලුවටවත් කරන්න බැරි දෙයක් ගැන මං කිව්වා.. මූණත් හතර අතටම සවුත්තු කරගෙන මිනිහා කාමරේ ඇතුළටම රිංග ගත්තා.. මං කෙලින්ම පඩිපෙළ නැගගෙන මගේ කාමරේට ආවා..

අයියකාරයට දැන්වත් තේරුණොත් හොදයි, ආදරේ කියනෙක ලුණු රසක් වත් නැති කදුළු බින්දුවක් කියලා.. ඕක ගෑවිච්ච ගෑවිච්ච තැන වතුර වගේ කෙලවරක් නැතුව වැක්කෙරන එක විතරයි..

"රන්දික.."

මං උඩ ගිහිල්ලා බිම වැටුණා.. ඒ නෙත්මිගෙ කටහඩ කාමරේ ඇතුළෙන්ම ඇවහම.. අවසිහියෙන් වගේ මං වටපිට බැලුවෙ ඒකයි..

"ඔයා මොනවද මෙතන කරන්නෙ..?"

මට අහන්න තිබ්බ ප්රශ්නෙ මං ඇහුවා..

"වෙච්ච හැමදේටම මට සමාවෙන්න දෙයියනේ.."

හිතුවෙවත් නැති තත්පරයක, නෙත්මි දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. ඒ දිග ඇස්වලින් සට සට ගාලා කදුළු බින්දු පේලි සෑහෙන ගණනක් පල්ලෙහාට කඩන් වැටුණා.. මං ඇත්තටම කිසිම දෙයක් හිතාගන්න බැරුවයි හිටියෙ.. අයියත් ගේ ඇතුළෙ.. බේබි නැන්දත් කුස්සියෙ.. නෙත්මි කොහොමද මගේ කාමරේට ආවෙ.. වැරදිලාවත් අයියා, කාමරේට එහෙම ආවොත් මගේ ෂෝ ඔක්කොම දියවෙනවා..

"ම.. මං ඔය හිත හොදටම රිද්දුවා.. ම.. මං දන්නවා.. ඔයා මට කවදාවත් සමාවක් දෙන්නෑ කියලා.. අ..නේ.. මං ඔයාට අත් දෙක එකතු කරලා වදින්නම්.. මේ වෙච්ච වැරැද්ද හදාගන්න මට ඉඩ දෙන්න.."

නෙත්මි කාමරේට කොහොම ආව උනත්, මේ කතන්දරේ සෑහෙන පරිච්ඡේද ගණනක් එයා දැනගෙන කියල මට තේරුණා.. ඒ එයා මගෙන් සමාව ඉල්ලන හන්දා.. හුගාක් වෙලාවට අක්කා අද උදේ හරි නෙත්මිට ෆෝන් කරන්න ඇති.. ඒක තමයි කෙල්ල හැරෙන තැපෑලෙන් දුවගෙන ඇවිල්ල තියෙන්නෙ..

"ඔයා මොනව කියනවද කියල මට තේරෙන්නෑ.. ඒත්.. ඔයා දැන් මොනව කිව්වත් මගේ හිත පුපුරල ගිහිල්ලා ඉවරයි.. ඔයා මගේ හිත නැතිකරලම දැම්මා.."

"අ..අනේ ඔහොම කතා කරන්නෙපා රන්දික.."

"කතා කරන්නෙපා නෙමෙයි.. මට කතා කරන්න දෙයක් නෑ.. කැලෑ සතෙකුටත් අන්ත විදියට ඔයා මට කතා කෙරුවෙ.."

"ඒ.. ඒ.. හැමදේම සිද්ධ උනේ ආදරේ වැඩිකමට.."

"ඇ..ත්..ත..ද..? මට හෙණ ගහපං කිව්වෙ, ඇස් දෙකට පේන්නවත් එන්නෙපා කිව්වෙ, රටේම ඉන්න ගෑනු මට පාවලා දුන්නෙ ආදරේ වැඩිකමටද..? මං අදනෙ යකෝ දන්නෙ, ආදරේ වැඩිකමට එහෙම දේවලුත් කරනවා කියලා.."

"අ.. අනේ රන්දික මම මැරෙයි.. ඔයා ඔය කියන කතාවටල.. මට උහුලගන්න බෑ.. "

"එතකොට ඔයා කියපුව මේ අද වෙනකල් මං උහුලගෙන හිටියෙ කොහොමද..? ආ.. ඒ ගැන ඔයා එක අංශු මාත්රයක් හිතුවද..? "

කලින් පටන් ගත්තු කදුළු ගංගාව නෙත්මි ළගින් තාමත් නොනැවතී ගලාගෙන ගියා.. ඒත් මගේ හිතට අනුකම්පාවක් නම් ආවෙ නෑ. ජීවිතේටවත්, කාගනේවත් අහපු නැති කටුක වචන කීයක් නම් මං නෙත්මිගෙ කටින් ඇහුවද..? පැලෙන්න ආදරෙයි කියල තමන්ට චූන් වෙන, චූන් වෙන පාරට අනික් එකාව බයිට් කරන්න කාටවත් අයිතියක් නෑනෙ.. අනික ඒකෙ තියෙන මනුස්සකම මොකක්ද..?

"ම.. මට සමාවෙන්න දෙ.. දෙයියනේ.. මේ පව්කාරිට සමාවෙ දෙන්න.."

"මගෙන් සමාවක් ඉල්ලන්නෙපා.. මං ඒකට කැමති නෑ.. ඔයා ඒ හිටපු විදියටම ඉන්න.. එතකොට මට හිත හදාගන්න හුගක් ලේසියි.. ඔයා මෙන්න මේ වගේ කෙනෙක් කියලා.."

"ම.. මං කලින් මුකුත් දැනගෙන හිටියෙ නෑ රන්දික.."

"මොනව ගැනද..?"

"බේබි නැන්දා ගැන.."

"ඔව්.. ඒ ගැන ඔයාට දැනගන්න අවශ්යත් නෑ.."

"නෑ.. රන්දික.. මං දැන් දන්නවා ඒ ඔයාගෙ ආච්චි අම්මා කියලා.."

නෙත්මිගෙ කතාව මට ඒ තරම් ලොකු පුදුමයක් උනේ නෑ.. මොකද මගේ පැත්තට කතා කරද්දි කොයි මොහොතක හරි අක්කගෙ කටින් ඔය පැහැදිලි සාක්ෂිය පිටවෙනව කියලා මං දැනගෙන හිටියා..

"එහෙනම් ඉතිං මං කියපු කතාව බොරුවක් නෙමෙයිනෙ.."

"අ.. අනේ දෙයියනේ.. ඇ.. ඇයි ඕක කලින් නොකිව්වෙ..? සමුදි මට ඔය කතාව කිව්වම, මට කලන්තෙ හැදුනෙ නැති එක විතරයි.."

"කලින් කිව්වා කියලා, ඔයා මට මගේ අම්මව ගෙනැල්ලා දෙන්නද..? නින් බොරු කතා නොකිය ඉන්න.."

"ඔය තරම් නපුරු වෙන්නෙපා රන්දික.. මට ඔයාගෙන් කිසිම දෙයක් එපා.. ඔයා මාව එළියටම දාලා කියලා මට තේරෙනවා.. මට සමාව විතරක් දෙන්න.."

"ඔයා මගේ හිත විනාස කරලා ඉවරයි.. ඒක හින්ද මගෙන් සමාව ඉල්ලල බාල්දු වෙන්නෙපා.. ඔයා අර ශිහාන් එක්කම සංතෝසෙන් ඉන්න.."

"ශි..හා..න්.. ඒ කවුද..?"

"මං ඔයාලහ ඇවිත් ඇහුවෙ, පහුගිය දවස්වල මේ ගෙදරට ආවෙ කවුද කියලා.. ඔයා මට ලොකු රැස්පට් එකකුත් දැම්මෙ, එහෙම අහපුවාම.. ඇයි මතක නැද්ද නලින්ද එක්ක ආපු කෙට්ටු කලු එකා.. අන්න ඌ ගැනයි මං මේ කියන්නෙ.."

"දෙ..යි..යනේ.."

"දෙයියන්ට කියල වැඩක් නෑ.. අන්න ඌ තමයි, ඔයාගෙ ටෙලිෆෝන් එකට අර ගැජට් එක හයි කරේ ඔයා ගැන විස්තර හොයන්න.. ඒ මදිවට ඉතිං ඌ මං ගැනත් ලොකු ලොකු විස්තර ඔයාටත් කියල තියෙනවනේ.."

"අ.. අනේ රන්දක ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නෙ.. ම.. මට මේ මුකුත් හිතාගන්න බෑ.. ඔලුවත්තෙක්ක අවුල් වෙලා.."

"ඔලුව අවුල්වෙච්ච හින්දනේ, මට කට ඇරල කැත නැතුව බැන්නෙ.. මට ඒව නම් නිතරම මතක් වෙනවා.."

"අ.. අනේ ඔය කතාව නවත්තන්න දෙයියනේ.. මට තවත් මේවා දරාගන්න බෑ.. ඇත්තමයි තව මොනව හරි කිව්වොත් මං මේ බැල්කනි එකෙන් පහළට පනිනවා.. මට දැන් ජීවත් උනා ඇති.."

අත් දෙකෙන්ම ඇස්වල කදුළු පිහිදාන ගමන් නෙත්මි දරදඩු උනා.. එහෙම කියලා එයා හදන්නෙ මාව බය කරන්නද..?

"ඔයා ජීවත්වුණා ඇතිනම්, මට කරදර නොකර මෙතනින් යන්න.. මොකද ඔයා මෙතනින් පැන්නම ඒ කරදරෙත් මගේ කරපිටටනේ.. මෙච්චර දවසක් ඔලුව කුණු කරන් හිටියා වගේම, එතකොට ඒක මැරෙන තුරාවටම ප්රශ්නයක්.. පුළුවන් නම් ඒ ටිකත් කරල යන්න.."

"දෙ.. දෙයියනේ.. ඔයා නපුරු වෙලා තියෙන තරමක්.."

"මාව නපුරෙක් කෙරුවෙ ඔයයි.."

"අ.. අනේ මං සමාව ඉල්ලුවනේ.."

"ආ.. එතකොට හැමදේම හරිද..? මං දවස් ගානක් පුරා මැරි මැරි විදවපු දේවල් වලට එතකොට මොකද වෙන්නෙ.. ඔයා හිතනව නම් සමාව ඉල්ලුවම ඒ හැමදේම හරි යනවා කියලා.. හොදයි ඔන්න මං සමාව දුන්නා.. ඔයා දැන්වත් සැනසෙන්නකො.."

නෙත්මිගෙ ඇස්වල ආයෙත් කදුළු අලුත් උනා.. ඒත් ඒ දිහා අනුකම්පාව පෙරදැරි කරල බලන්න බෑ කියලා මං දැනගෙන හිටියා.. එහෙම බැලුවොත් වෙන්නෙ ආයෙමත් මගෙ හිත රිද්දගන්න..

"ම.. මං මොනවද රන්දික කරන්න ඕන..?"

"කිසිම දෙයක් නෑ.. මෙච්චර දවසක් හිටය වගේ පාඩුවෙ ඉන්න.. ඔයාට ඒ දේ පුළුවන්.. අපි අතරෙ කිසිම දෙයක් සිද්ධ උනේ නෑ කියලා අමතක කරල දාන්න.."

"මට එහෙම කරන්න බෑ.. ම.. මට ඔයාව අමතක කරන්න බෑ රන්දික.."

මෙතනින් එහාට මොනව කරන්නද කියල මගේ හිතට තෙරුමක් ආවෙ නෑ.. වැලහින්නක් වගේ අඩ අඩා මං ළගටම වෙලා ඉන්න නෙත්මිව දාලා මට කාමරෙන් එළියට යන්නත් බෑ.. කවුරු හරි කාමරේට ආවොත් ප්රශ්න කෝටියයි..

"ඇ.. ඇයි ඔයාට මාව අමතක කරන්න බැරි..? මතක් කර ගන්න ඔයා මට කොයි තරමක් බැන්නද කියලා..? මට තේරෙන්නෑ.. ආදරේ කියන දේ ඔයාට කොහොම තේරුම් බේරුම් කරල දෙන්නද කියල.."

මගේ කටහඩේ තිබ්බ දරදඩු ගතිය ඩිංගෙන් ඩිංග අවුල්වෙලා යනවා කියලා මට තේරුණා.. ඔහොම බෑ බන්ටි.. ඔහොම බෑ.. ඔහොම ගියොත් සොරිම තමා..

"ම.. මට සමාවෙන්න රන්දික.. දෙයියන්ගෙ නාමෙට මට සමාවෙන්න.."

"ඕක මංතරේ වගේ කියවන්නෙපා.. එතකොට ඔය වචනෙ තියෙන අගෙත් නැතිවෙලා යනවා.. අඩු ගානෙ ඒකවත් තේරුම් ගන්න.."

"කමක් නෑ.. ඔයා මට මොනව කිව්වත් කමක් නෑ.. මං අද මෙහෙන් යන්නෑ.. ඇත්තමයි.. මං ඔයාව දාලා යන්නෑ.. ඔයා මාව මැරුවත් කමක් නෑ.. අද මං මෙහෙන් යන්නෑ.."

ස්තිර සාරෙට කියවුණු ඒ වචන ටිකත් එක්ක මං නෙත්මි දිහා කෙලින්ම බැලුවා.. එයාගෙ ඇස්වල තිබ්බෙ ලොකු අධිෂ්ඨානයක්.. ඒකත් එක්ක හැප්පෙන්න නම් බන්ටිට ලොකු ගේමක් දෙන්න වෙනවා..

"එතකොට මං අද කොහෙද ඉන්නෙ..?"

එකපාරටම දොර ගාවින් ආපු කටහඩයි මායි, නෙත්මියි හැරිල බැලුවෙ සිහියක් පතක් නැතුව.. කාමරේ දොර ළග ඉදගෙන අපි දෙන්න දිහා බලන් ඉන්න කෙනා දැක්කම මං ගල් ගැහුණා.. මෙයා කොහොමද මෙතෙන්ට ආවෙ..?

"ශ..ල..නි.."

"එහෙනම් ඒකයි කතන්දරේ.. මං කොච්චර ඇහුවත් මට නොකියපු, ඔයාගෙ හීන කුමාරයා තමයි එහෙනම් මේ ඉන්නෙ.. ආ නෙත්මි..?"

නෙත්මි තවත් හයියෙන් අඩාගෙන ගිහින් ශලනිව බදාගත්තා.. දැන් ඉතිං බන්ටි මොකද කරන්නෙ..? බන්ටිට බදාගන්න තියෙන්නෙ බැල්කනි එකේ තියෙන කණුව තමයි.. කෝකටත් උපන් ගොලුව වගේ ඉන්නැතුව මං කතාව පටන් ගත්තා..

"ඔයා කොහොමද ශලනි, ගේ හොයාගත්තෙ..?"

"හිතුවොත් කරන්න බැරි දෙයක් නැ බන්ටි.. මං හොයගෙන ආවා.."

"අපේ ගෙදර කවුරුවත් නැද්ද..?"

"නෑ.. ඔයාගෙ බේබි නැන්දා පොලේ යනවා මට හම්බ උනා.. ඔයාගෙ අයියත්, බයික් එකක් අරගෙන මං එනකොටම වගේ ගියා.. මං ඉතිං ඇවිල්ලා ඔය දෙන්නගෙ රණ්ඩුව යස අපූරුවට අහගෙන හිටියා.."

මදැයි.. ඔය කොරල තියෙන්නෙ පස්දුන් කෝරලේටම හරියන්න.. තවත් ඉතිං මොන කතාද..?

"අපි පල්ලෙහාට යමුද..?"

"ඇයි.. මායි නෙත්මියි ඔයාට මොනව හරි කරයි කියලා බයද..?"

ඕං.. බන්ටි අහගන්න දේවල් වල හැටි.. බැහැයි ඉතිං බන්ටි කියන්නෙ, ගෑනු ළමයි ඉස්සරහ, ඩීසන්ට් මනුස්සයෙක්.. නැත්නම් ඉතිං මේ කෙල්ලො දෙන්නෙක් බන්ටිට කොහොමත් වැඩි නෑ.. ඒක ඉතිං කටක් ඇරලා කියන්න පුළුවන්ද අප්පා.. දෙන්නම පණ එපා කියල දුවයි..

"ඉතිං බන්ටි.. දැන් මොකක්ද ඔයාගෙ තීරණේ..?"

නෙත්මි දොර ගාව ඉද්දි, මගේ ළගට ආපු ශලනි ඇහුවා.. ඒ ඇස් දෙක දිලිසෙන්නෙ මැණික් ගල් දෙකක් හයි කරල වගේ.. කලින් දවසක මං හිතුවෙ ශලනි සිවිකාච දාල කියලනේ..

"තීරණේ කියන්නෙ..?"

"ඔයා නෙත්මිට සමාව දෙනවද නැද්ද..?"

ශලනි ඒක ඇහුවෙ ඉනටත් අත්දෙක තියාගෙන.. මහා දගකාරකමකින් ඒ සුදු මූණ පිරිල ඉතිරිල ගිහින් තිබුනා..

"නෑ.."

මගේ තනි වචනෙන්, ශලනිගෙ හිනාව එහෙම් පිටින්ම නැවතිලා ගියා.. නෙත්මිත් හෙමින් සීරුවෙ ශලනියි, මමයි ළගට එන හැටි ඇස් කොනින් මං දැක්කා..

"ඇයි ඒ..?"

"නෙත්මි මගෙ හිත හුගාක් රිද්දුවා.. සීමාවක් නැතුව රිද්දුවා.. ආයෙ මට එයා ගැන හොද විදියකට බලන්න බැරි තරම් රිද්දුවා.."

"ඒ හැමදේම කෙරුවෙ ආදරේ වෙනුවෙන් නම්..?"

"මගේ එහෙම විශ්වාසයක් නෑ.. ආදරෙයි කියල මිනිහෙක්ව මානසික වශයෙන් විනාස කරල දාන එක හොදයි කියලද ඔයා කියන්නෙ..?"

"ඔයත් එක්ක තර්ක කරන්න මට බෑ බන්ටි.. මට ඔයාට බල කරන්නත් බෑ.. ඒත් මං කැමතියි ඔයා නෙත්මිත් එක්ක මේ ප්රශ්නෙ විසද ගන්නව නම්.."

"ඇයි ඒ..?"

"මමත් නෙත්මි වගේම ඔයාට ආදරේ කරන හන්දා.."

එතන ඉදල මුළු කාමරේ පුරාම පැතිරිලා ගියෙ මහා දැවැන්ත නිහැඩියාවක්.. ඒ නිහැඩියාව ඇතුලෙ ජීවයෙන් පිරිල ගියේ මායි, ශලනියි විතරයි.. නෙත්මි මළ මිනියක් වගේ සුදුමැලි වුණා..

"ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ..? ආ.. ශලනි.. බන්ටි කියන්නෙ මට අයිති දෙයක්.. බන්ටි මගේ.. මේ ලෝකෙන් මට ඉන්නෙ එයා විතරයි. ඔයා ඇයි මගෙන් එයාව උදුරගන්න හදන්නෙ..?"

මායි, ශලනියි මැද්දට නෙත්මි අඩාගෙන පැන්නා.. දැන් ඉතිං දෙන්නා දෙපැත්තෙ ඉදන් මාව දෙපැත්තට අදීවිද මංදා.. අර හුණුවටයෙ කතාව වගේ..

"හෝව්.. හෝව්.. මං කිව්වද බන්ටි මට ඕන කියලා.. මං බන්ටිට ආදරෙයි කියලා විතරයිනෙ කිව්වෙ.. ඔයාට බන්ටි ඕන නම් ඔයා ගන්න.. හැබැයි ඉතිං ඒ බන්ටි ඔයාට කැමති නම් විතරයි.. නැද්ද බන්ටි.."

ශලනි මං දිහාට හැරිලා හිනා උනා.. මේ කෙල්ල නම් නියමෙට වචන වලට පණ දෙනවා.. මේවා ඇත්තට කියනවද බොරුවට කියනවද කියලා මට නම් තේරෙන්නෑ..

"අපි මේ කතාව නවත්තමුද..?"

තවත් ඉස්සරහට මේක අරන් ගියොත් වාතයක් වෙන එක අහන්න දෙයක් නෑ.. තව ටිකකින් ගදෙර මිනිස්සු එක්කෙනා දෙන්නා එන්න පටන් ගන්නවා.. එහෙම උනොත්, කෙල්ලො දෙන්නෙක්ව කාමරේ තියාගෙන හිටපු බන්ටිට සොරි තමයි..

"ඔයා මට සමාව දෙන්නැත්නම් මං යන්නම් රන්දික.. මට ඔයා නැතුව බෑ.. මං දන්නවා, මං මොන දේ කිව්වත් ඔයාට පණ වගේ ආදරෙයි කියලා.. ඔයාව මට නැති උනොත් මං පිස්සියෙක් වෙයි.."

මගෙනුයි, ශලනිගෙනුයි ඈත්වෙලා නෙත්මි අඩ අඩාම කියවන් ගියා.. කෙල්ලට මේ රිද්දපු තරම හොදටම ඇති කියලා මට හිතුණා..

"බන්ටි.. මොකක් හරි වචනයක් දෙන්න අප්පා.. නැත්නම් මේ කෙල්ල අඩල අඩලම හෙම්බිරිස්සාව හදාගනියි.. ඔයාට තමයි බෙහෙත් අරන් දේනන වෙන්නෙ.. මම නම් දොස්තර වැඩේ දන්නෑ.."

යාන්තමට හිනාවෙවී කියන ගමන් ශලනි, මාව නෙත්මි ළගට තල්ලු කරා.. කදුළු උතුරල ගියපු ඇස් වලින් නෙත්මි මං දිහා බැලුවෙ පුදුම තරම් අසරණ විදියට.. ඒ අසරණ කමට එහෙම්මතියෙන්න දීලා මං නෙත්මිගෙ නිකටින් අල්ලල මගේ දිහාට හරව ගත්තා..

"මට ඔයාට සමාවක් නම් දෙන්න බෑ.. ඒත් ඔයාට මං ආදරෙයි.. හැමදාටම ආදරෙයි.. මේ ශලනිත් ඉස්සරහ මං දිව්රල කියන්නෙ, මං ඔයාව කවදාවත් අමතක කරන්නෑ කියලා.."

මගේ වචන ටික ඉවර කරන්න හම්බ වුණේ නෑ.. නෙත්මි පැනපු ගමන් මාව තද කරල බදා ගත්තා.. අපිට ඩිංගක් එහායින් මං දැකපු හැමදාකම වගේ හිත සසල කරපු ලස්සන ඇස් දෙක්ක තිබ්බ සමනළියක් හිනාවෙවී අපි දිහාම බලන් හිටියා.. ඒ හිනාවෙ ලියවිල තිබ්බෙ 'කවුරු නැති උනත් මං ඔයාට ඉන්නව බන්ටි' කියන වචන ටික..

[QUOTE="crazybuddy, post: 12536662, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-mSkbgao3JqU/T48bRa56DZI/AAAAAAAABtw/PdwdAwnkuPs/s640/Cover-10.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-GLnht3xAZYQ/T137KjyqS3I/AAAAAAAABf4/IJS47SAvyhk/s1600/10.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දවස් දෙක තුනක් කුඹුරු කෙටුව වගේ මං ගෙදර ආවෙ.. ගාඩ්න් එකේදි ශිහාන්කාරයට නෙලුවට මගේ හිතට කිසිම ෆිට් එකක් තිබුණෙ නෑ.. ඒක නිකං හරියට මං බලාපොරොත්තු උන දේ ඌ ළග තිබ්බෙ නෑ වගේ.. අනික ඌ හැමදේම කරල තියෙන්නෙ නෙත්මිව යාලු කරන්නනෙ.. නෙත්මි මාතෘකාවට ඇවිත් තිබුණ හන්දම තමයි කොල්ලො ටික ඒ ගැන වචනයක්වත් කතා කෙරුවෙ නැත්තෙ.. සුරේන් උනත් අර ගුවන් තොපුටලේ කතාව ඇදල ගත්තෙ ඒකෙන් අත් මිදෙන්න කියලා මට තේරුම් ගියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බ..න්..ටී.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං හිතුවෙ ගෙදර ඉන්නෙ බේබි නැන්දා විතරයි කියලා.. ඒත් අයියගෙ කාමරේ පහු කරද්දි, මිනිහා මට කතා කරා.. මේකා අදත් වැඩට ගිහින් නෑ වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා කියපු හැමදේම හ.. හරි බ..න්ටි.. ම.. මං පරාදයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොදින් ළවෙලා බලද්දි තමයි මං දැක්කෙ මිනිහලෙ ඇස්වල බොදවෙලා තිබ්බ කදුළු.. මට ඕන ඔට්ටුවක් අල්ලතෑකි, තව තත්පරයකින් නැත්නම් දෙකකින් ඕවා බිමට කඩන් වැටෙනවා කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොරීන් මාව පිළිගත්තෙ නෑ බන්ටි.. එයා මට පිටුපෑවා.. මා.. මාව සත පහකටවත් ගණන් ගත්තෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් ඉතිං කරන්න දෙයක් නෑ අයියෙ.. ඔය ටික වෙන විත්තිය මං කලිම ඔයාට කිව්වා.. මගේ වචන ඔයා ඇහුවෙ නෑ.. ඕනම දේකට සීමාවක් තියෙනවා.. ඒ වගේම ඕනම කෙනෙකුගෙ බලා ඉදීමේ සීමාවකුත් තියෙනවා.. ඔයාට ඒ ගැන හිතන්න තිබුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට ඕවා තේරෙන්නෑ බන්ටි.. මං කවදාවත් හිතුවෙ නෑ මොරීන් මට මෙහෙම කරයි කියලා.. එයා බදින්න කොල්ලෙකුත් ඉන්නලු.. මං අතරමං උනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පිස්සු කතා නොකර ඉන්න.. ඔයා හින්ද අතරමං උනේ මොරීන් අක්කා.. එයා කොච්චර කාලයක් නම් බලන් හිටියද..? ඔයා ගැන දහ ජරා කතා හතර අතෙන්ම ඇහෙද්දි, මිනිස්සු ඔයා ගැන කැත විදියට කතා කරද්දි, එයා කොයි තරම් අමාරුවෙන්ද උහුලගෙන ඉන්න ඇත්තෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙ.. දෙයියනේ.. මොරීන් ඒවා දන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොරීන් විතරක් නෙමෙයි, අම්මා පවා ඒ දේවල් දන්නවා.. මෙච්චර කාලයක් ඔයා ජීවත් වූණේ පැස්බරා වැල්ලෙ ඔලුව හංගගෙන ජීවත් උනා වගේ.. වැඩක් නෑ.. අර යෝධ පස්ස පැත්තම එළියෙ.. ඔයාට ඒක පේන්නෙ නෑනෙ.. පිටින් ඉන්න අයට තමයි පේන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං දැන් මොනවද කරන්නෙ බන්ටි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිත හයිය කරගෙන ජීවිතේට මූණ දෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ.. ඒ උනාට මොරීන්ව මතක් වෙද්දි පපුව පැලෙන්න වගේ එනවනේ.. මං කොහොමද බන්ටි මේකෙන් අත් මිදෙන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැමදේටම හිත තමයි.. ඕක පාලනේ කරගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියට විහිලුවටවත් කරන්න බැරි දෙයක් ගැන මං කිව්වා.. මූණත් හතර අතටම සවුත්තු කරගෙන මිනිහා කාමරේ ඇතුළටම රිංග ගත්තා.. මං කෙලින්ම පඩිපෙළ නැගගෙන මගේ කාමරේට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයියකාරයට දැන්වත් තේරුණොත් හොදයි, ආදරේ කියනෙක ලුණු රසක් වත් නැති කදුළු බින්දුවක් කියලා.. ඕක ගෑවිච්ච ගෑවිච්ච තැන වතුර වගේ කෙලවරක් නැතුව වැක්කෙරන එක විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රන්දික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං උඩ ගිහිල්ලා බිම වැටුණා.. ඒ නෙත්මිගෙ කටහඩ කාමරේ ඇතුළෙන්ම ඇවහම.. අවසිහියෙන් වගේ මං වටපිට බැලුවෙ ඒකයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මොනවද මෙතන කරන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට අහන්න තිබ්බ ප්රශ්නෙ මං ඇහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙච්ච හැමදේටම මට සමාවෙන්න දෙයියනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිතුවෙවත් නැති තත්පරයක, නෙත්මි දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. ඒ දිග ඇස්වලින් සට සට ගාලා කදුළු බින්දු පේලි සෑහෙන ගණනක් පල්ලෙහාට කඩන් වැටුණා.. මං ඇත්තටම කිසිම දෙයක් හිතාගන්න බැරුවයි හිටියෙ.. අයියත් ගේ ඇතුළෙ.. බේබි නැන්දත් කුස්සියෙ.. නෙත්මි කොහොමද මගේ කාමරේට ආවෙ.. වැරදිලාවත් අයියා, කාමරේට එහෙම ආවොත් මගේ ෂෝ ඔක්කොම දියවෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං ඔය හිත හොදටම රිද්දුවා.. ම.. මං දන්නවා.. ඔයා මට කවදාවත් සමාවක් දෙන්නෑ කියලා.. අ..නේ.. මං ඔයාට අත් දෙක එකතු කරලා වදින්නම්.. මේ වෙච්ච වැරැද්ද හදාගන්න මට ඉඩ දෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මි කාමරේට කොහොම ආව උනත්, මේ කතන්දරේ සෑහෙන පරිච්ඡේද ගණනක් එයා දැනගෙන කියල මට තේරුණා.. ඒ එයා මගෙන් සමාව ඉල්ලන හන්දා.. හුගාක් වෙලාවට අක්කා අද උදේ හරි නෙත්මිට ෆෝන් කරන්න ඇති.. ඒක තමයි කෙල්ල හැරෙන තැපෑලෙන් දුවගෙන ඇවිල්ල තියෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මොනව කියනවද කියල මට තේරෙන්නෑ.. ඒත්.. ඔයා දැන් මොනව කිව්වත් මගේ හිත පුපුරල ගිහිල්ලා ඉවරයි.. ඔයා මගේ හිත නැතිකරලම දැම්මා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ..අනේ ඔහොම කතා කරන්නෙපා රන්දික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කතා කරන්නෙපා නෙමෙයි.. මට කතා කරන්න දෙයක් නෑ.. කැලෑ සතෙකුටත් අන්ත විදියට ඔයා මට කතා කෙරුවෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ.. ඒ.. හැමදේම සිද්ධ උනේ ආදරේ වැඩිකමට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ..ත්..ත..ද..? මට හෙණ ගහපං කිව්වෙ, ඇස් දෙකට පේන්නවත් එන්නෙපා කිව්වෙ, රටේම ඉන්න ගෑනු මට පාවලා දුන්නෙ ආදරේ වැඩිකමටද..? මං අදනෙ යකෝ දන්නෙ, ආදරේ වැඩිකමට එහෙම දේවලුත් කරනවා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ.. අනේ රන්දික මම මැරෙයි.. ඔයා ඔය කියන කතාවටල.. මට උහුලගන්න බෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"[/COLOR][/B] [B][COLOR=#783f04]"එතකොට ඔයා කියපුව මේ අද වෙනකල් මං උහුලගෙන හිටියෙ කොහොමද..? ආ.. ඒ ගැන ඔයා එක අංශු මාත්රයක් හිතුවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"[/COLOR][/B] [B][COLOR=#783f04]කලින් පටන් ගත්තු කදුළු ගංගාව නෙත්මි ළගින් තාමත් නොනැවතී ගලාගෙන ගියා.. ඒත් මගේ හිතට අනුකම්පාවක් නම් ආවෙ නෑ. ජීවිතේටවත්, කාගනේවත් අහපු නැති කටුක වචන කීයක් නම් මං නෙත්මිගෙ කටින් ඇහුවද..? පැලෙන්න ආදරෙයි කියල තමන්ට චූන් වෙන, චූන් වෙන පාරට අනික් එකාව බයිට් කරන්න කාටවත් අයිතියක් නෑනෙ.. අනික ඒකෙ තියෙන මනුස්සකම මොකක්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට සමාවෙන්න දෙ.. දෙයියනේ.. මේ පව්කාරිට සමාවෙ දෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගෙන් සමාවක් ඉල්ලන්නෙපා.. මං ඒකට කැමති නෑ.. ඔයා ඒ හිටපු විදියටම ඉන්න.. එතකොට මට හිත හදාගන්න හුගක් ලේසියි.. ඔයා මෙන්න මේ වගේ කෙනෙක් කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං කලින් මුකුත් දැනගෙන හිටියෙ නෑ රන්දික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනව ගැනද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බේබි නැන්දා ගැන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඒ ගැන ඔයාට දැනගන්න අවශ්යත් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. රන්දික.. මං දැන් දන්නවා ඒ ඔයාගෙ ආච්චි අම්මා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙ කතාව මට ඒ තරම් ලොකු පුදුමයක් උනේ නෑ.. මොකද මගේ පැත්තට කතා කරද්දි කොයි මොහොතක හරි අක්කගෙ කටින් ඔය පැහැදිලි සාක්ෂිය පිටවෙනව කියලා මං දැනගෙන හිටියා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඉතිං මං කියපු කතාව බොරුවක් නෙමෙයිනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ.. අනේ දෙයියනේ.. ඇ.. ඇයි ඕක කලින් නොකිව්වෙ..? සමුදි මට ඔය කතාව කිව්වම, මට කලන්තෙ හැදුනෙ නැති එක විතරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කලින් කිව්වා කියලා, ඔයා මට මගේ අම්මව ගෙනැල්ලා දෙන්නද..? නින් බොරු කතා නොකිය ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය තරම් නපුරු වෙන්නෙපා රන්දික.. මට ඔයාගෙන් කිසිම දෙයක් එපා.. ඔයා මාව එළියටම දාලා කියලා මට තේරෙනවා.. මට සමාව විතරක් දෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මගේ හිත විනාස කරලා ඉවරයි.. ඒක හින්ද මගෙන් සමාව ඉල්ලල බාල්දු වෙන්නෙපා.. ඔයා අර ශිහාන් එක්කම සංතෝසෙන් ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ශි..හා..න්.. ඒ කවුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඔයාලහ ඇවිත් ඇහුවෙ, පහුගිය දවස්වල මේ ගෙදරට ආවෙ කවුද කියලා.. ඔයා මට ලොකු රැස්පට් එකකුත් දැම්මෙ, එහෙම අහපුවාම.. ඇයි මතක නැද්ද නලින්ද එක්ක ආපු කෙට්ටු කලු එකා.. අන්න ඌ ගැනයි මං මේ කියන්නෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙ..යි..යනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙයියන්ට කියල වැඩක් නෑ.. අන්න ඌ තමයි, ඔයාගෙ ටෙලිෆෝන් එකට අර ගැජට් එක හයි කරේ ඔයා ගැන විස්තර හොයන්න.. ඒ මදිවට ඉතිං ඌ මං ගැනත් ලොකු ලොකු විස්තර ඔයාටත් කියල තියෙනවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ.. අනේ රන්දක ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නෙ.. ම.. මට මේ මුකුත් හිතාගන්න බෑ.. ඔලුවත්තෙක්ක අවුල් වෙලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔලුව අවුල්වෙච්ච හින්දනේ, මට කට ඇරල කැත නැතුව බැන්නෙ.. මට ඒව නම් නිතරම මතක් වෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ.. අනේ ඔය කතාව නවත්තන්න දෙයියනේ.. මට තවත් මේවා දරාගන්න බෑ.. ඇත්තමයි තව මොනව හරි කිව්වොත් මං මේ බැල්කනි එකෙන් පහළට පනිනවා.. මට දැන් ජීවත් උනා ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අත් දෙකෙන්ම ඇස්වල කදුළු පිහිදාන ගමන් නෙත්මි දරදඩු උනා.. එහෙම කියලා එයා හදන්නෙ මාව බය කරන්නද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඔයා ජීවත්වුණා ඇතිනම්, මට කරදර නොකර මෙතනින් යන්න.. මොකද ඔයා මෙතනින් පැන්නම ඒ කරදරෙත් මගේ කරපිටටනේ.. මෙච්චර දවසක් ඔලුව කුණු කරන් හිටියා වගේම, එතකොට ඒක මැරෙන තුරාවටම ප්රශ්නයක්.. පුළුවන් නම් ඒ ටිකත් කරල යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දෙ.. දෙයියනේ.. ඔයා නපුරු වෙලා තියෙන තරමක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මාව නපුරෙක් කෙරුවෙ ඔයයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අ.. අනේ මං සමාව ඉල්ලුවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. එතකොට හැමදේම හරිද..? මං දවස් ගානක් පුරා මැරි මැරි විදවපු දේවල් වලට එතකොට මොකද වෙන්නෙ.. ඔයා හිතනව නම් සමාව ඉල්ලුවම ඒ හැමදේම හරි යනවා කියලා.. හොදයි ඔන්න මං සමාව දුන්නා.. ඔයා දැන්වත් සැනසෙන්නකො.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මිගෙ ඇස්වල ආයෙත් කදුළු අලුත් උනා.. ඒත් ඒ දිහා අනුකම්පාව පෙරදැරි කරල බලන්න බෑ කියලා මං දැනගෙන හිටියා.. එහෙම බැලුවොත් වෙන්නෙ ආයෙමත් මගෙ හිත රිද්දගන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං මොනවද රන්දික කරන්න ඕන..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කිසිම දෙයක් නෑ.. මෙච්චර දවසක් හිටය වගේ පාඩුවෙ ඉන්න.. ඔයාට ඒ දේ පුළුවන්.. අපි අතරෙ කිසිම දෙයක් සිද්ධ උනේ නෑ කියලා අමතක කරල දාන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට එහෙම කරන්න බෑ.. ම.. මට ඔයාව අමතක කරන්න බෑ රන්දික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙතනින් එහාට මොනව කරන්නද කියල මගේ හිතට තෙරුමක් ආවෙ නෑ.. වැලහින්නක් වගේ අඩ අඩා මං ළගටම වෙලා ඉන්න නෙත්මිව දාලා මට කාමරෙන් එළියට යන්නත් බෑ.. කවුරු හරි කාමරේට ආවොත් ප්රශ්න කෝටියයි.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇ.. ඇයි ඔයාට මාව අමතක කරන්න බැරි..? මතක් කර ගන්න ඔයා මට කොයි තරමක් බැන්නද කියලා..? මට තේරෙන්නෑ.. ආදරේ කියන දේ ඔයාට කොහොම තේරුම් බේරුම් කරල දෙන්නද කියල.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කටහඩේ තිබ්බ දරදඩු ගතිය ඩිංගෙන් ඩිංග අවුල්වෙලා යනවා කියලා මට තේරුණා.. ඔහොම බෑ බන්ටි.. ඔහොම බෑ.. ඔහොම ගියොත් සොරිම තමා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මට සමාවෙන්න රන්දික.. දෙයියන්ගෙ නාමෙට මට සමාවෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕක මංතරේ වගේ කියවන්නෙපා.. එතකොට ඔය වචනෙ තියෙන අගෙත් නැතිවෙලා යනවා.. අඩු ගානෙ ඒකවත් තේරුම් ගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කමක් නෑ.. ඔයා මට මොනව කිව්වත් කමක් නෑ.. මං අද මෙහෙන් යන්නෑ.. ඇත්තමයි.. මං ඔයාව දාලා යන්නෑ.. ඔයා මාව මැරුවත් කමක් නෑ.. අද මං මෙහෙන් යන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ස්තිර සාරෙට කියවුණු ඒ වචන ටිකත් එක්ක මං නෙත්මි දිහා කෙලින්ම බැලුවා.. එයාගෙ ඇස්වල තිබ්බෙ ලොකු අධිෂ්ඨානයක්.. ඒකත් එක්ක හැප්පෙන්න නම් බන්ටිට ලොකු ගේමක් දෙන්න වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට මං අද කොහෙද ඉන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එකපාරටම දොර ගාවින් ආපු කටහඩයි මායි, නෙත්මියි හැරිල බැලුවෙ සිහියක් පතක් නැතුව.. කාමරේ දොර ළග ඉදගෙන අපි දෙන්න දිහා බලන් ඉන්න කෙනා දැක්කම මං ගල් ගැහුණා.. මෙයා කොහොමද මෙතෙන්ට ආවෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ශ..ල..නි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් ඒකයි කතන්දරේ.. මං කොච්චර ඇහුවත් මට නොකියපු, ඔයාගෙ හීන කුමාරයා තමයි එහෙනම් මේ ඉන්නෙ.. ආ නෙත්මි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මි තවත් හයියෙන් අඩාගෙන ගිහින් ශලනිව බදාගත්තා.. දැන් ඉතිං බන්ටි මොකද කරන්නෙ..? බන්ටිට බදාගන්න තියෙන්නෙ බැල්කනි එකේ තියෙන කණුව තමයි.. කෝකටත් උපන් ගොලුව වගේ ඉන්නැතුව මං කතාව පටන් ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා කොහොමද ශලනි, ගේ හොයාගත්තෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිතුවොත් කරන්න බැරි දෙයක් නැ බන්ටි.. මං හොයගෙන ආවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ ගෙදර කවුරුවත් නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.. ඔයාගෙ බේබි නැන්දා පොලේ යනවා මට හම්බ උනා.. ඔයාගෙ අයියත්, බයික් එකක් අරගෙන මං එනකොටම වගේ ගියා.. මං ඉතිං ඇවිල්ලා ඔය දෙන්නගෙ රණ්ඩුව යස අපූරුවට අහගෙන හිටියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මදැයි.. ඔය කොරල තියෙන්නෙ පස්දුන් කෝරලේටම හරියන්න.. තවත් ඉතිං මොන කතාද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි පල්ලෙහාට යමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි.. මායි නෙත්මියි ඔයාට මොනව හරි කරයි කියලා බයද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕං.. බන්ටි අහගන්න දේවල් වල හැටි.. බැහැයි ඉතිං බන්ටි කියන්නෙ, ගෑනු ළමයි ඉස්සරහ, ඩීසන්ට් මනුස්සයෙක්.. නැත්නම් ඉතිං මේ කෙල්ලො දෙන්නෙක් බන්ටිට කොහොමත් වැඩි නෑ.. ඒක ඉතිං කටක් ඇරලා කියන්න පුළුවන්ද අප්පා.. දෙන්නම පණ එපා කියල දුවයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං බන්ටි.. දැන් මොකක්ද ඔයාගෙ තීරණේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෙත්මි දොර ගාව ඉද්දි, මගේ ළගට ආපු ශලනි ඇහුවා.. ඒ ඇස් දෙක දිලිසෙන්නෙ මැණික් ගල් දෙකක් හයි කරල වගේ.. කලින් දවසක මං හිතුවෙ ශලනි සිවිකාච දාල කියලනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තීරණේ කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා නෙත්මිට සමාව දෙනවද නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ශලනි ඒක ඇහුවෙ ඉනටත් අත්දෙක තියාගෙන.. මහා දගකාරකමකින් ඒ සුදු මූණ පිරිල ඉතිරිල ගිහින් තිබුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ තනි වචනෙන්, ශලනිගෙ හිනාව එහෙම් පිටින්ම නැවතිලා ගියා.. නෙත්මිත් හෙමින් සීරුවෙ ශලනියි, මමයි ළගට එන හැටි ඇස් කොනින් මං දැක්කා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඒ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෙත්මි මගෙ හිත හුගාක් රිද්දුවා.. සීමාවක් නැතුව රිද්දුවා.. ආයෙ මට එයා ගැන හොද විදියකට බලන්න බැරි තරම් රිද්දුවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ හැමදේම කෙරුවෙ ආදරේ වෙනුවෙන් නම්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මගේ එහෙම විශ්වාසයක් නෑ.. ආදරෙයි කියල මිනිහෙක්ව මානසික වශයෙන් විනාස කරල දාන එක හොදයි කියලද ඔයා කියන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයත් එක්ක තර්ක කරන්න මට බෑ බන්ටි.. මට ඔයාට බල කරන්නත් බෑ.. ඒත් මං කැමතියි ඔයා නෙත්මිත් එක්ක මේ ප්රශ්නෙ විසද ගන්නව නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි ඒ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මමත් නෙත්මි වගේම ඔයාට ආදරේ කරන හන්දා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතන ඉදල මුළු කාමරේ පුරාම පැතිරිලා ගියෙ මහා දැවැන්ත නිහැඩියාවක්.. ඒ නිහැඩියාව ඇතුලෙ ජීවයෙන් පිරිල ගියේ මායි, ශලනියි විතරයි.. නෙත්මි මළ මිනියක් වගේ සුදුමැලි වුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔ.. ඔයා මොනවද මේ කියන්නෙ..? ආ.. ශලනි.. බන්ටි කියන්නෙ මට අයිති දෙයක්.. බන්ටි මගේ.. මේ ලෝකෙන් මට ඉන්නෙ එයා විතරයි. ඔයා ඇයි මගෙන් එයාව උදුරගන්න හදන්නෙ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායි, ශලනියි මැද්දට නෙත්මි අඩාගෙන පැන්නා.. දැන් ඉතිං දෙන්නා දෙපැත්තෙ ඉදන් මාව දෙපැත්තට අදීවිද මංදා.. අර හුණුවටයෙ කතාව වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෝව්.. හෝව්.. මං කිව්වද බන්ටි මට ඕන කියලා.. මං බන්ටිට ආදරෙයි කියලා විතරයිනෙ කිව්වෙ.. ඔයාට බන්ටි ඕන නම් ඔයා ගන්න.. හැබැයි ඉතිං ඒ බන්ටි ඔයාට කැමති නම් විතරයි.. නැද්ද බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ශලනි මං දිහාට හැරිලා හිනා උනා.. මේ කෙල්ල නම් නියමෙට වචන වලට පණ දෙනවා.. මේවා ඇත්තට කියනවද බොරුවට කියනවද කියලා මට නම් තේරෙන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි මේ කතාව නවත්තමුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තවත් ඉස්සරහට මේක අරන් ගියොත් වාතයක් වෙන එක අහන්න දෙයක් නෑ.. තව ටිකකින් ගදෙර මිනිස්සු එක්කෙනා දෙන්නා එන්න පටන් ගන්නවා.. එහෙම උනොත්, කෙල්ලො දෙන්නෙක්ව කාමරේ තියාගෙන හිටපු බන්ටිට සොරි තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයා මට සමාව දෙන්නැත්නම් මං යන්නම් රන්දික.. මට ඔයා නැතුව බෑ.. මං දන්නවා, මං මොන දේ කිව්වත් ඔයාට පණ වගේ ආදරෙයි කියලා.. ඔයාව මට නැති උනොත් මං පිස්සියෙක් වෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගෙනුයි, ශලනිගෙනුයි ඈත්වෙලා නෙත්මි අඩ අඩාම කියවන් ගියා.. කෙල්ලට මේ රිද්දපු තරම හොදටම ඇති කියලා මට හිතුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.. මොකක් හරි වචනයක් දෙන්න අප්පා.. නැත්නම් මේ කෙල්ල අඩල අඩලම හෙම්බිරිස්සාව හදාගනියි.. ඔයාට තමයි බෙහෙත් අරන් දේනන වෙන්නෙ.. මම නම් දොස්තර වැඩේ දන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]යාන්තමට හිනාවෙවී කියන ගමන් ශලනි, මාව නෙත්මි ළගට තල්ලු කරා.. කදුළු උතුරල ගියපු ඇස් වලින් නෙත්මි මං දිහා බැලුවෙ පුදුම තරම් අසරණ විදියට.. ඒ අසරණ කමට එහෙම්මතියෙන්න දීලා මං නෙත්මිගෙ නිකටින් අල්ලල මගේ දිහාට හරව ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ඔයාට සමාවක් නම් දෙන්න බෑ.. ඒත් ඔයාට මං ආදරෙයි.. හැමදාටම ආදරෙයි.. මේ ශලනිත් ඉස්සරහ මං දිව්රල කියන්නෙ, මං ඔයාව කවදාවත් අමතක කරන්නෑ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ වචන ටික ඉවර කරන්න හම්බ වුණේ නෑ.. නෙත්මි පැනපු ගමන් මාව තද කරල බදා ගත්තා.. අපිට ඩිංගක් එහායින් මං දැකපු හැමදාකම වගේ හිත සසල කරපු ලස්සන ඇස් දෙක්ක තිබ්බ සමනළියක් හිනාවෙවී අපි දිහාම බලන් හිටියා.. ඒ හිනාවෙ ලියවිල තිබ්බෙ 'කවුරු නැති උනත් මං ඔයාට ඉන්නව බන්ටි' කියන වචන ටික..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif"][IMG]http://3.bp.blogspot.com/-LPjmKabmmE8/T15HGk9TnPI/AAAAAAAABg0/gIhy4AxiqwM/s1600/End.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?1z2g2j4pridb0b9"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom