Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරදා මධ්‍යම රාත්‍රියත් ඉක්මවා නිද්‍රාගත වූ සනිරු පසුදා උදෑසන අවදි වීමට ප්‍රමාද වූයේ තමාගේ ජීවිතයට අලුතින් සපැමිණි සිතුවිල්ලක් නිසාය.. වෙනදා තමාම අවදි වනසනිරුට එදා අවදි වීමට කතා කරනු ලැබුවේ අම්මා විසිනි..

පුතේ..! අද යන්නෙ නැද්ද..? දැන් වෙලාවත් 6.10යි.. අද හොදටම පරක්කුයි ඕන් ඈ..

දෙඇස් දෙඅතින් පිරිමදිමින් සනිරු ඇදෙන් නැගිට්ටේ සිය අම්මාගේ කෑ ගැසිල්ල නිසාමය.. සිය සරම ගැට ගසමින් කුස්සියට ආ සනිරු වතුර කෝප්පයක් ගෙන කට සෝදා තේ කෝප්පය අතට ගැනුණේ තම අම්මා සමග කතා කරමිනි..

ඇයි පුතේ අද නැගිටින්න පරක්කු වුණේ.. ඊයෙ රෑ පාඩම් කළාද..?

ඔව් අම්මෙ, පොඩි වැඩ වගයක් තිබ්බා.. ඒකයි..

නෑ.. මම හිතුවෙ ඇගේ පතේ අමාරුවක්වත් තියෙනවද කියලා..

ආ.. අම්මෙ, අද මම එන්න ටිකක් පරක්කු වෙයි.. අම්මා බෙහෙත් ටික බීලා කෑම කාලා නිදාගන්න.. මම ඇවිත් කාලා නිදා ගන්නම්..

ඇයි පුතේ පරක්කු වෙන්නෙ..? ඊයෙත් රෑ වුණා නේද..?

මේ දවස් වල කැම්පස් එකේ දේශන වගයක් තියෙනවා.. අනික මේ තුනිවෙනි අවුරුද්දනෙ.. ඒවා මග අරින්න බෑනෙ අම්මෙ..

ඒ කියන්නෙ.. තව අවුරුද්දක් විතරද පුතේ තියෙන්නෙ..? දැනුණෙවත් නෑ අවුරුදු තුනක් ගෙවිලා ගියා..

ඔව්.. ඔව් අම්මෙ.. ඒත් කියන්න බෑ..

කියන්න බෑ කිව්වෙ පුතේ..?

මේකනේ අම්මෙ.. සමහර වෙලාවට කැම්පස් එකේ එක එක ප්‍රශ්න නිසා උද්ඝෝෂණ කරන්න වෙනවා.. පෙළපාලි යන්න වෙනවා.. එතකොට ඉතින් වෙන්නෙ කැමිපස් එක වහන එක.. ඉතින් අවුරුදු හතර පහ වෙන්නත් පුළුවන්..

මොනවා කරත් ඕවට මූණ දාගෙන වැඩ කරන්න යන්න එපා.. මොනවා හරි වුණොත් අපිට ඉන්නෙ කවුද..?

එහෙම මොකුත් වෙන්නෙ නෑ අම්මෙ.. බයවෙන්න එපා.. අනික එහෙම මුකුත් වුණේ නෑනෙ..

හරි.. හරි.. පුතේ, මං කිව්වෙ මොනව හරි වෙන්න කලින්..

මට තේරෙනවා අම්මෙ, අම්මා මං ගැන ගොඩක් හිතනවා කියලා.. අම්මගෙ හිතට දුක්ක දෙන කිසිම දෙයක් මම කරන්නෙ නෑ.. මොකද මට ඉන්නෙ අම්මා විතරනේ..

දැන් ඔය කතා කරා මැදෑ.. ගිහින් ලෑස්ති වෙන්න..

සනිරු ගෙදර ඒමට පරක්කු වන බව අම්මාට පැවසුවේ පෙරදා පැමිණි බසයේම පැමිණිමට අවැසි වූ බැවිනි.. තම හදවතේ ආදරයක් ඇති කළ ඒ යුවතියත් සමග වචනයක් දෙකක් නොව දහසකුත් දේ කතා කිරීමට තරම් සනිරුගේ සිතට ඉවසුමක් නොවුණේ ඒ තරමටම තම සිත ඇය වෙත ආකර්ෂණය වීමත් ඇය කවුරුන්ද යන්න කියා දැන ගැනීමට තම හදවත බලා හිදින නිසාත්ය..

බෙලෙක් වතුර බාල්දියක් ගෙන දත් මැද මුව දොවා තම කාමරයට පැමිණි සනිරු කැම්පස් එකට යාමට සූදානම් විය.. කැම්පස් එකට එන අනෙක් පිරිමි ළමුන් අදින පළදින ඇදුම් පැළදුම් මෙන් නොව සනිරුට තිබුණේ කලිසම් හතරක් සහ කමීස තුනක් පමණි.. ඒවාද තරමක් පරණ පාටට හැරී ගොස් තිබුණු ඒවාය.. ඊට අමතරව දුරින් නෑයෙක්ව සිටි අමරකෝන් මාමා දිනක් ඔහුට ලබා දුන් අලුත් නිල් පාට ඩෙනිම් කලිසම සහ සුදු පාට ටීෂර්ට් එක පරිස්සමි කර ට්‍රන්ක පෙට්ටියේ ආරක්ෂතව බහා තිබුණේ සුවිශේෂ අවස්ථාවකට ඇදීම සදහාය..

සනිරු පුතේ.. කෑම කන්නෙ නැද්ද..? මෙන්න බෙදලා තියෙන්නෙ..

බෑ.. බෑ.. අම්මේ වෙලා ගියා.. තමාට ඇති කොටන් දුඹුරු පාට කලිසම හා ළා කොළ පාට කමීසය අදිමින් අම්මාට කීවේය..

වෙලා ගියාට කමක් නෑ.. හිස් බඩ යන්නෙ නැතුව මේ කෑම ටික කාලා යන්ට..

අනේ අම්මෙ..! දැන් ආයෙ කන්න බෑ.. තේ එකක් බිව්වනේ.. මම ගිහිං මොනවා හරි කන්නං..

තේ එකක් බීව්වට ඔය බඩට ඇතිද..? අනික වෙනදා කාලා යන්ට පුළුවන් නම් අද විතරක් මොකද බැරි..?

නෑ.. නෑ.. අම්මෙ, අද වෙලා ගියානෙ.. නැතුව නොකා යන්නෙ ආසාවට නෙමෙයි..

එහෙනම් ටිකක් ඔහොම ඉන්න.. මම කෑම එක ඔතලා ගේන්නම්.. ගිහින් කන්න පුළුවන්නෙ..

ඉක්මනට..

තම අම්මාගේ ආදරණිය ඉල්ලීම පිළිගත් සනිරු අංජළිකරණිය කොට දණහිස් බිම තබා අම්මාට වැන්දේය..

මගේ පුතාට බුදුන්ගෙ සරණයි..! තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි..! අම්මා සනිරුට ආශිර්වාද කළේ තම පුතාට අබමල් රේණුවකවත් කරදරයක් නොවේවායි යන පැතුම සිත තුළ දැඩි සේ අදිටන් කරගෙනය..

වෙනදා මෙන් නොව එදා නැවුම්ම නැවුම් ප්රබෝධයකින් තම නිවසින් පිටමං වූ සනිරු ගම්මානයේ උදෑසන සිසිල් මද පවනින් පොහොසත් වූ පරිසරයේ චමත්කාරය සිත පුරා විද ගනිමින් කෙත්යාය මැදින් බස් නැවතුම්පළට පැමිණියේය.. විනාඩි විස්සකින් පමණ දිගන සිට මහනුවරට යන ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් බස් රථයක් පැමිණියේය.. බස් නැවතුම්පළේ සිටි මැදිවියේ වූ ගැහැනියෙකුට සහ පිරිමින් දෙදෙනෙකුට බසයට ගොඩවීමට ඉඩ දී ඉන් පසුව සනිරු බසයට නැංගේය..

හලෝ.. සනිරු ගුඩ් මෝනිං..! ඉතින් කොහොමද..? සනිරුත් සමග පාසලේ එකට ඉගෙන ගත් ජගත් බසයේ සිට සනිරුට කතා කළේය..

ගුඩ් මෝනිං ජගත් වරදක් නෑ.. හොදින් ඉන්නවා.. ඉතින් උඹට කොහොමද..?

මාත් හොදින්.. ඒක නෙමෙයි.. කොහොමද කැම්පස් එකේ වැඩ එහෙම..?

සනිරු සහ ජගත් මහනුවරට පැමිණෙන තෙක්ම එකිනෙකාගේ තොරතුරු පිළිබදව කතා කරමින් ආහ.. බස් රථය මහනුවරට පැමිණෙන විට උදෑසන 7.40 ට පමණ විය..

එහෙනම් මචං මං යනවා.. ජගත් සනිරුට අත වැණුවේ බසයෙන් බැස එළියට ආ පසුවය..

හරි මචං.. සීයූ..

ජගත්ගෙන් වෙන්ව සනිරු ක්ෂණයකින් දිව ආවේ මධ්‍යම වෙළදපොළ අසල නවතා තිබෙන පේරාදෙණිය, මහකන්ද බස් නැවතුම්පළටය.. එම මොහොතේ මහකන්ද බලා පිටත්ව යන පෞද්ගලික බස් රථයකට දිව ගිය සනිරු එහි දොරෙහි එල්ලුණේ ඊළගට ධාවනය වීමට ඇති බසය පැමිණිමට විනාඩි පහළොවක් පමණ ප්‍රමාද වන බව දත් නිසාය..

ගුටඹේ පන්සල ඉදිරියෙන් යන විට බසයේ සිට ගැටඹ විහාර භූමියේ වැඩ වාසය කරන බුදුනට නමස්කාර කිරීම සනිරුගේ අනිවාර්ය සිරිතක් විය.. එය ඔහු කෙදිනකවත් අමතක නොකළේය.. දිනපතාම ඔහු විසින් කරන ලබන නමස්කාරය තුළින් බලාපොරොත්තු වූයේ තම ප්‍රාර්ථනාවන් සහ සිහින ඉටු කර දෙන අනාගතයක් තමාට උදා කර දෙන්න කියාය.. බුදුන්ගේ ධර්මයට අනුව ජීවත් වීමට සනිරු හැඩගැසුණේ කුඩා අවදියේ සිටමය.. බුදුන්ගේ ධර්මයට අනුව ජීවත්වන්නෙකුට යහපත හා දියුණුව ළගා කර දෙන බව සනිරු දැඩි සේ විශ්වාස කළේය.. එය ඔහුගේ සිතෙහි වූ නොබිදෙන විශ්වාසයකි..

සනිරු කැම්පස් එකට පැමිණෙන විට 7.50 ට පමණ විය.. එවිට ඔහුගේ යහළුවන්ද පැමිණ සිටියහ..

ඒයි.. මොකද අද උඹ කලිං ආවේ..? ප්‍රමාද වූ බව සෘජුවම නොකියා චතුර එලෙස කීවේ විශාල සිනාවක්ද නගමිනි..

නෑ.. නෑ.. බං අද නැගිටින්න වෙලා ගියා.. අනික උඹලා දන්නවනේ උදේට ට්‍රැෆික් එක කියලා..

හා.. හා.. එහෙම හිතමුකො.. සනිරුගේ තවත් යහළුවෙකු වූ ප්‍රදීප් කීවේය..

උඹලා ඕන දෙයක් හිතපල්ලා.. මට කමක් නෑ..

හරි.. හරි.. ගණන් ගන්න එපා.. මොකක්ද බං උඹගේ ඔය මූඩ් එක..? හිනාවෙයන්කො.. ප්‍රදීප් අත දිගු කරමින් කීවේය..

හිනාවෙලා කන්නද බං..? අනික උඹලා හිනා වෙලා ඉන්න දෙනවයෑ.. ආපු ගමන්ම කිංඩියට මොනව හරි කියනවා..

කිංඩියට නෙවෙයි මචං.. උඹ නැගිටින්න වෙලා ගියේ ඊයෙ රෑ පාඩම් කළාද..? ඇස් දෙකත් එක්ක රතු වෙලා.. හොදටම නිදි මරලා වගේ.. කමක් නෑ මදං.. උඹටමනේ පාඩම් කළොත්..

පෙරදා රාත්‍රියේ නොනිදා සිටීමට හේතුව ප්‍රදීප් පැවසූ කාරණාව නොවුණත් එහි සත්‍යතාවය මෙය යැයි කියා පැවසීමට සනිරු හට එතරම්ම උවමනාවක් නොවිය..

අද ලෙක්චස් මොනවද බං..? සනිරු ප්රදීප්ගෙන් තරමක් මන්ද ස්වරයකින් ඇසුවේ විවේකීව සිටින අවස්ථාවන්හි දී ලෙක්චස් පිළිබද කතා කරනවාට චතුර අකමැති වූ බැවිණි..

අනේ මංදා මචං.. මට ගාණක් නෑ..

මේ වන විට වැල නොකැඩී කැම්පස් එක තුළට ළමුන් පැමිණෙන වෙලාවය.. ගැහැනු පිරිමි භේදයකින් තොරව සියලුම දෙනා සාමූහිකව පැමිණෙති.. රොබරොසියස් ගහ යට බංකුවක වාඩි වී සිටි සනිරු සහ යහළුවන් දෙදෙනා කතා කරමින් උන්නේ එදිනෙදා වැඩ කටයුතු පිළිබදවය.. එක වරම ඉදිරියට ඇදෙන ළමුන් දෙස බලා සිටි චතුර සනිරුගේ පිටට තට්ටු කළේය..

ඒයි.. එයි.. බලපන්කො අර කෑල්ල දිහා.. දෙනෙත් වෙනතකට නොයවා ඇය දෙසම බලා උන් චතුර කීවේය..

පිස්සුද බං උඹට..? සනිරු කීවේය..

පිස්සු හැදුනෙ නැත්නම් පුදුමයි මචං.. මාර වෝක් එකනේ.. බලපන්කො නටව නටව එන හැටි.. පිස්සු හැදෙන පාරක්නෙ මචං.. චතුර, සනිරුගේ කමීසයේ කොල(ර්) එක අදිමින් පැවසුවේය..

පාරක්.. වැලි පාරක්ද..? තාර පාරක්ද..? නැත්නම් මඩ පාරක්ද..? හාස්‍යට ලක් කරමින් ප්‍රදීප් ඇසුවේය..

ඔය එක පාරක්වත් නෙමෙයි මචං.. මේක හරියට සූකිරි පාරක් වගේ.. දිලිසෙන හැටි බලපංකො..

යකෝ.. ඒකත් අපි වගේම ඇට, මස්, නහර වලින් හැදිච්ච එකියක්.. උඹ හිතුවෙ මැණිකක් කියලද..? රිදී කියලද..? දිලිසෙන්න..

නෑ.. නෑ.. මචං, මම කිව්වෙ ඒකිගෙ ඇගපතේ තියෙන පාට ගැන.. හැඩහුරුව ගැන.. නැතුව වෙන කෙහෙල් මලක් නෙමෙයි..

අනේ මහ ලොකු පාට.. හැඩහුරුව.. අනිත් එවුමුත් ඔය වගේම තමයි.. සමහර සමහර දේවල් සමහර සමහර විදියට ටික ටික වෙනස් වෙනවා.. එච්චරයි..

හරි.. හරි.. බං, ඒ වුණාට මේ වගේ සුන්දර වස්තු අම්මලා තාත්තලා මොකට බිහි කරනවද දන්නෙ නෑ.. බලපංකො අපිනේ නිකං පිස්සු වැටෙන්නෙ..

උඹට නම් ඇත්තටම පිස්සු චතුර..

නැතුව.. නැතුව.. මට පිස්සු.. බලපං මචං මම ඒකිට කතා කරන හැටි.. ඔවුන් ඉදිරියට ගිය ඇයට කතා කිරීමට බංකුව මත වාඩි වී සිටි චතුර නැගිට්ටේය..

මේ.. මේ.. නිකං හිටපං.. උඹ හදන්නෙ චොර වෙන්නද..? චතුර නෝන්ඩි වේයැයි සිතූ ප්‍රදීප් කීවේය..

නිකං නොඉද කොහොමද..? වෙව්ලමින් වගේ චතුර කීවේය..

ආං.. අරූ යනවා.. ප්‍රදීප් චතුර දෙස බලමින් කීවාය..

බයවෙන්න එපා බං.. ඕකට ඒවා ගාණක් නෑ.. අනික පුරුදු නැති දෙයක්යෑ..

සනිරු සහ ප්‍රදීප් බලා උන්නේ චතුරගේ වික්‍රමාන්විත ක්‍රියා කලාපය පිළිබද නොව ඔහු ඇය ඉදිරියේ හාස්‍යයට ලක් වේදැයි කියාය..

හලෝ.. ගුඩ් මෝනිං.. චතුර ඇය බොහෝ සෙයින් අදුනන්නා ආකාරයෙන් ආමන්ත්‍රණය කළේය..

ගුඩ් මොනිං.. ඇයද චතුරට ආමන්ත්‍රණය කළේ ඉදිරියට ඇදෙමිනි..

ඇයි ඔච්චර හදිසි..? මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද..?

මොනවද..?

එහෙම කියන්න බෑනෙ..

එහෙනම් කොහොමද..?

පොඩ්ඩක් ඔහොම ඉන්න..

අපෝ.. මට වෙලා ගියා.. මගේ යාළුවෙක් හම්බවෙන්න තියෙනවා..

එයාව පස්සෙ හම්බවෙන්න..

පිස්සුද..? අද එයාව මග ඇරුණොත් මගේ මුළු ජීවිතේම ඉවරයි..

ඒ කිව්වෙ..?

ඒ කිව්වෙ.. එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්.. මම එයත් එක්ක තරහා වුණා.. අද කතා කළේ නැත්නම් හැම දෙයක්ම ඉවරයි.. දැන් ඔයාට තේරුණාද..? ඇය චතුර පසු කරමින් ඉදිරියට යන්න වූවාය..

ඒ.. අර බලපං අරූගෙ මූණ බෙරි කරගෙන එන හැටි.. ප්‍රදීප් සිනාසෙමින් කීවාය..

මොකද මචං.. උඹගෙ දිලිසෙන සූකිරි ළලනාවියට වුණේ..?

වැඩක් නෑ බං.. ඒකත් කාපු අඹ ගොට්ටයක්..

ආ.. එහෙමද..? දැන් උඹට සතුටු ඇතිනේ..

මොකද නැත්තෙ බං.. ඒ වගේ කෑල්ලක් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබුණනේ.. සිනාසෙමින් චතුර පැවසුවේය..

මේ වන විට බංකුව මත වාඩි වී සිටි සනිරු තම හදෙහි සිත්තම් වූ ඒ යුවතිය පිළිබදව කල්පනා කරමින් උන්නේය.. "අනේ දෙවියනේ..! ඊයෙ දැකපු ඒ රූපය ආපහු මට දකින්න ලැබේවිද..? එයා මොනවා කරන කොහේ ඉන්න කෙනෙක්ද..? මට ඊයෙ එයාට කතා කරන්නවත් බැරි වුණානෙ.." සනිරු තමාටම දොස් පවරා ගත්තේය..

ඒ.. මචං උඹ මොනවද කල්පනා කරන්නෙ..? මට වුණ දේ ගැනද..? සනිරු අසලට පැමිණි චතුර පැවසුවේය..

නෑ බං මොකුත් නෑ.. තිගැස්සෙමින් සනිරු පැවසුවේය..

මොකුත් නැතිවෙන්න බෑනෙ.. උඹ අද ආපු වෙලේ ඉදලා හිටියෙ හරිම අමුතුවෙන්.. සනිරුගේ හිතේ යමක් තිබේද එය දැනගැනීමේ උවමනාවෙන්ම ප්‍රදීප් ඇසුවේය..

නෑ.. නෑ.. මචං නෑ.. මොකුත් නෑ..

හරි.. හරි.. අපිට කියන්න ඕනෙ නෑ.. අපි උඹගෙ යාළුවො නෙමෙයිනෙ.. අනික උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හිතේ තියාගෙනම විදවපන්.. ආවේගශීලී තරහෙන් චතුර කීවේය..

උඹට ගෙදර ප්‍රශ්නයක්ද..? කියපං.. අපිට පුළුවන් උදව්වක් කරන්නම්.. ප්‍රදීප් මෙලෙස දිගින් දිගටම සනිරුගෙන් ඇසුවේ ඔහුගේ වෙනස් වීම පැහැදිලිවම හදුනාගත් නිසාය..

ඇත්තමයි මචං.. මම මේ කියන්නෙ මොකුත් ප්‍රශ්නයක් නෑ.. සනිරු උස් හඩින් කීය..

හරි.. ප්‍රශ්නයක් නැත්නම් කමක් නෑ.. ඒත්.. ප්‍රශ්නයක් තිබ්බොත් කියපං..

දැන් යමං.. ලෙක්චස් වලට කවුද දන්නෙ නෑ ඇවිත් ඉන්නෙ..?

සනිරු කුමන දෙය සගවා ගත්තද කුමක් හෝ තිබෙන බව ප්‍රදීප් දැඩි ලෙස විශ්වාස කළේ කුඩා කල සිටම සනිරුව ඇසුරු කළ නිසාය.. ඔහුගේ සිතේ කුමක් හෝ තිබෙන බව ප්‍රදීප් හොදාකාරවම දන්නේය.. එය සනිරු විසින්ම කියන බවද ප්‍රදීප් දන්නේය.. ගන්දබ්බ ජීවිතයක් ගත කරන සනිරු විටෙක හැගීම් වලින් ජීවත් වන අතරම තවත් විටෙක බුද්ධිමත්ව කටයුත් කරන බව වරෙක ප්‍රදීප් සනිරුටම පවසා තිබිණි.. මේ නිසාම හැගීම්බර වූ අවස්ථාවක තම සිතැගි දෙය කියනා බව ප්‍රදීප් නිසැකයෙන්ම දන්නේය..

සනිරු සහ යහළුවන් දෙදෙනා කලා අංශයේ ප්‍රධාන ශාලාවට යන විට අනෙකුත් සියලුම සිසුන් ආගමික වතාවත් ඉටු කිරීමට සූදානමින් සිටියහ.. මොවුන් තිදෙනාද සිය බෑග් පසෙක මේසයක් මත තබා ආගමානුකූලව යෙදීමට සැරසුණය..

ඒ.. චතුර කතා නොකර හිටපං.. ප්‍රදීප් තම වැලමිටෙන් ඇණ චතුරට කීවේ අනෙකුත් සියල්ලන්ම නිශ්ශබ්දව සිටින නිසාය..

හරි.. හරි.. සොරි මචං.. කියමින් චතුර නිහඩව සිටියේය..

ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව සනිරු, ප්‍රදීප් සහ චතුරට උදෑසනම තිබුණේ සිංහල සාහිත්‍යය පන්තියේ දේශනයකට සහභාගී වීමටය.. ඒ සදහා ඔවුන් සූදානමින් පන්තියට තුළට ගියහ.. පන්තියේ ඉදිරි අසුන් වල ළමුන් වාඩි වී සිටි නිසා මොවුන් තිදෙනා පන්තියේ මැද අසුන් වල වාඩි වීමට පිටුපසට ගියහ..

සනිරු ගුඩ් මෝනිං.. ඇයි අද එන්න වෙලා ගියේ..? සනිරු තම අසුනෙන් වාඩි වෙත්ම ඔහුගේ හොදම යෙහෙළිය වූ ඉදිරි අසුනේ සිටි තුෂාරි පිටුපසට හැරී ඇසුවාය..

දන්නැද්ද තුෂාරි.. මේ අයත් එක්ක එන්ටත් එපායෑ.. තමා ගෙදර සිටම ඒමට ප්‍රමාද වූ බව නොකියා සිය යහළුවන් නිසා ප්‍රමාද වුනු බව මද සිනාවකින් යුතුව සනිරු කීවේය..

හා.. අපි හින්දද පරක්කු වුණේ..? මගේ කට අවුස්සගන්න එපා.. මූ කියන්නෙ බොරු තුෂාරි.. චතුර සනිරු දෙසට අත දිගු කරමින් උස් හඩින් කීවේය..

හරි.. හරි.. මමයි පරක්කු වුණේ.. දැන් හරිනෙ.. චතුරගේ මුහුණෙහි ව්‍යාජත්වයෙන් නැගුණු කෝපය නැති කරමින් පැවසුවේය..

මචං, සර් එනවා..ප න්තියේ ඉදිරිපස දොරටුව දෙස බලා හිදිමින් සිටි ප්‍රදීප්ගේ මුවින් නික්මුනු වචනයත් සමගම තුෂාරී ඉදිරියට හැරුණාය..

සියලුම දෙනා අසුන් වලින් නැගිට එක හඩින් "ආයුබෝවන් සර්" යනුවෙන් ආචාර කළහ.. ගුරුතුමාට ආචාර කිරීමෙන් අනතුරුව සියලු දෙනාම දවසේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වුවත් චතුරගේ විවේචනාත්මක කටහඩ අවදිවන්නට වූයේ තම යහළුවන්ට ඇසෙන ඉසව්වට පමණි..

බලපං මචං.. කැම්පස් ගුරුවරයෙක් කියලා මූට කියන්නත් පුලුවන්ද..? කිසිම මැනස් එකක් නෑ.. ළමයි ආයුබෝවන් කියලා කියනවා.. ඒත් මූ එක දවසක්වත් කියල තියෙනවද..? ඒ වුණාට දෙන මහ ලොකු හැදිච්ච උපදෙස්.. බල්ලන්ට හොදයි ඒවා..

උඹගෙ කතාව නම් ඇත්ත චතුර.. කිසිම සිරිතක් විරිතක්, චාරිත්‍රයක් දන්නෙ නැති මිනිහෙක්.. බලපන්කො ඉන්න හැටි.. කොච්චරවත් නහය හාර හාර ඉන්නෙ.. කමීසයෙ බොත්තමක් හරියට නෑ.. කිසිම ප්‍රසන්න ගතියක් නෑ.. ප්‍රදීප් ඔහු විවේචනය කළේ ඔහුගේ ගති ස්වභාවයද පිළිකුල් කරමිනි..

මේකනේ මචං.. සම්ප්‍රදායික දේවල් වලම ඇගී ගැලී හිටියාම ඔහොම වෙනවා.. කවමදාකවත් අලුත් විදියට හිතන්න උත්සාහ කරන්නෙ නෑ.. මොකද එහෙම කලොත් අවැඩක් වෙයි කියලා හිතෙනව ඇති.. මට නම් එපාවෙලා තියෙන්නෙ මේ හණමිටි ගුරාගෙ සිස්ටම් එක..

මොනවා කරන්නද..? තව අවුරුද්දනෙ..

[QUOTE="crazybuddy, post: 13013672, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පෙරදා මධ්‍යම රාත්‍රියත් ඉක්මවා නිද්‍රාගත වූ සනිරු පසුදා උදෑසන අවදි වීමට ප්‍රමාද වූයේ තමාගේ ජීවිතයට අලුතින් සපැමිණි සිතුවිල්ලක් නිසාය.. වෙනදා තමාම අවදි වනසනිරුට එදා අවදි වීමට කතා කරනු ලැබුවේ අම්මා විසිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුතේ..! අද යන්නෙ නැද්ද..? දැන් වෙලාවත් 6.10යි.. අද හොදටම පරක්කුයි ඕන් ඈ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙඇස් දෙඅතින් පිරිමදිමින් සනිරු ඇදෙන් නැගිට්ටේ සිය අම්මාගේ කෑ ගැසිල්ල නිසාමය.. සිය සරම ගැට ගසමින් කුස්සියට ආ සනිරු වතුර කෝප්පයක් ගෙන කට සෝදා තේ කෝප්පය අතට ගැනුණේ තම අම්මා සමග කතා කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි පුතේ අද නැගිටින්න පරක්කු වුණේ.. ඊයෙ රෑ පාඩම් කළාද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් අම්මෙ, පොඩි වැඩ වගයක් තිබ්බා.. ඒකයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. මම හිතුවෙ ඇගේ පතේ අමාරුවක්වත් තියෙනවද කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. අම්මෙ, අද මම එන්න ටිකක් පරක්කු වෙයි.. අම්මා බෙහෙත් ටික බීලා කෑම කාලා නිදාගන්න.. මම ඇවිත් කාලා නිදා ගන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි පුතේ පරක්කු වෙන්නෙ..? ඊයෙත් රෑ වුණා නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ දවස් වල කැම්පස් එකේ දේශන වගයක් තියෙනවා.. අනික මේ තුනිවෙනි අවුරුද්දනෙ.. ඒවා මග අරින්න බෑනෙ අම්මෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ.. තව අවුරුද්දක් විතරද පුතේ තියෙන්නෙ..? දැනුණෙවත් නෑ අවුරුදු තුනක් ගෙවිලා ගියා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව් අම්මෙ.. ඒත් කියන්න බෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියන්න බෑ කිව්වෙ පුතේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකනේ අම්මෙ.. සමහර වෙලාවට කැම්පස් එකේ එක එක ප්‍රශ්න නිසා උද්ඝෝෂණ කරන්න වෙනවා.. පෙළපාලි යන්න වෙනවා.. එතකොට ඉතින් වෙන්නෙ කැමිපස් එක වහන එක.. ඉතින් අවුරුදු හතර පහ වෙන්නත් පුළුවන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවා කරත් ඕවට මූණ දාගෙන වැඩ කරන්න යන්න එපා.. මොනවා හරි වුණොත් අපිට ඉන්නෙ කවුද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම මොකුත් වෙන්නෙ නෑ අම්මෙ.. බයවෙන්න එපා.. අනික එහෙම මුකුත් වුණේ නෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. පුතේ, මං කිව්වෙ මොනව හරි වෙන්න කලින්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට තේරෙනවා අම්මෙ, අම්මා මං ගැන ගොඩක් හිතනවා කියලා.. අම්මගෙ හිතට දුක්ක දෙන කිසිම දෙයක් මම කරන්නෙ නෑ.. මොකද මට ඉන්නෙ අම්මා විතරනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් ඔය කතා කරා මැදෑ.. ගිහින් ලෑස්ති වෙන්න.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ගෙදර ඒමට පරක්කු වන බව අම්මාට පැවසුවේ පෙරදා පැමිණි බසයේම පැමිණිමට අවැසි වූ බැවිනි.. තම හදවතේ ආදරයක් ඇති කළ ඒ යුවතියත් සමග වචනයක් දෙකක් නොව දහසකුත් දේ කතා කිරීමට තරම් සනිරුගේ සිතට ඉවසුමක් නොවුණේ ඒ තරමටම තම සිත ඇය වෙත ආකර්ෂණය වීමත් ඇය කවුරුන්ද යන්න කියා දැන ගැනීමට තම හදවත බලා හිදින නිසාත්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බෙලෙක් වතුර බාල්දියක් ගෙන දත් මැද මුව දොවා තම කාමරයට පැමිණි සනිරු කැම්පස් එකට යාමට සූදානම් විය.. කැම්පස් එකට එන අනෙක් පිරිමි ළමුන් අදින පළදින ඇදුම් පැළදුම් මෙන් නොව සනිරුට තිබුණේ කලිසම් හතරක් සහ කමීස තුනක් පමණි.. ඒවාද තරමක් පරණ පාටට හැරී ගොස් තිබුණු ඒවාය.. ඊට අමතරව දුරින් නෑයෙක්ව සිටි අමරකෝන් මාමා දිනක් ඔහුට ලබා දුන් අලුත් නිල් පාට ඩෙනිම් කලිසම සහ සුදු පාට ටීෂර්ට් එක පරිස්සමි කර ට්‍රන්ක පෙට්ටියේ ආරක්ෂතව බහා තිබුණේ සුවිශේෂ අවස්ථාවකට ඇදීම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු පුතේ.. කෑම කන්නෙ නැද්ද..? මෙන්න බෙදලා තියෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බෑ.. බෑ.. අම්මේ වෙලා ගියා.. තමාට ඇති කොටන් දුඹුරු පාට කලිසම හා ළා කොළ පාට කමීසය අදිමින් අම්මාට කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙලා ගියාට කමක් නෑ.. හිස් බඩ යන්නෙ නැතුව මේ කෑම ටික කාලා යන්ට..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ අම්මෙ..! දැන් ආයෙ කන්න බෑ.. තේ එකක් බිව්වනේ.. මම ගිහිං මොනවා හරි කන්නං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තේ එකක් බීව්වට ඔය බඩට ඇතිද..? අනික වෙනදා කාලා යන්ට පුළුවන් නම් අද විතරක් මොකද බැරි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. අම්මෙ, අද වෙලා ගියානෙ.. නැතුව නොකා යන්නෙ ආසාවට නෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් ටිකක් ඔහොම ඉන්න.. මම කෑම එක ඔතලා ගේන්නම්.. ගිහින් කන්න පුළුවන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉක්මනට..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම අම්මාගේ ආදරණිය ඉල්ලීම පිළිගත් සනිරු අංජළිකරණිය කොට දණහිස් බිම තබා අම්මාට වැන්දේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ පුතාට බුදුන්ගෙ සරණයි..! තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි..! අම්මා සනිරුට ආශිර්වාද කළේ තම පුතාට අබමල් රේණුවකවත් කරදරයක් නොවේවායි යන පැතුම සිත තුළ දැඩි සේ අදිටන් කරගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙනදා මෙන් නොව එදා නැවුම්ම නැවුම් ප්රබෝධයකින් තම නිවසින් පිටමං වූ සනිරු ගම්මානයේ උදෑසන සිසිල් මද පවනින් පොහොසත් වූ පරිසරයේ චමත්කාරය සිත පුරා විද ගනිමින් කෙත්යාය මැදින් බස් නැවතුම්පළට පැමිණියේය.. විනාඩි විස්සකින් පමණ දිගන සිට මහනුවරට යන ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් බස් රථයක් පැමිණියේය.. බස් නැවතුම්පළේ සිටි මැදිවියේ වූ ගැහැනියෙකුට සහ පිරිමින් දෙදෙනෙකුට බසයට ගොඩවීමට ඉඩ දී ඉන් පසුව සනිරු බසයට නැංගේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හලෝ.. සනිරු ගුඩ් මෝනිං..! ඉතින් කොහොමද..? සනිරුත් සමග පාසලේ එකට ඉගෙන ගත් ජගත් බසයේ සිට සනිරුට කතා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුඩ් මෝනිං ජගත් වරදක් නෑ.. හොදින් ඉන්නවා.. ඉතින් උඹට කොහොමද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මාත් හොදින්.. ඒක නෙමෙයි.. කොහොමද කැම්පස් එකේ වැඩ එහෙම..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ ජගත් මහනුවරට පැමිණෙන තෙක්ම එකිනෙකාගේ තොරතුරු පිළිබදව කතා කරමින් ආහ.. බස් රථය මහනුවරට පැමිණෙන විට උදෑසන 7.40 ට පමණ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් මචං මං යනවා.. ජගත් සනිරුට අත වැණුවේ බසයෙන් බැස එළියට ආ පසුවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි මචං.. සීයූ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජගත්ගෙන් වෙන්ව සනිරු ක්ෂණයකින් දිව ආවේ මධ්‍යම වෙළදපොළ අසල නවතා තිබෙන පේරාදෙණිය, මහකන්ද බස් නැවතුම්පළටය.. එම මොහොතේ මහකන්ද බලා පිටත්ව යන පෞද්ගලික බස් රථයකට දිව ගිය සනිරු එහි දොරෙහි එල්ලුණේ ඊළගට ධාවනය වීමට ඇති බසය පැමිණිමට විනාඩි පහළොවක් පමණ ප්‍රමාද වන බව දත් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුටඹේ පන්සල ඉදිරියෙන් යන විට බසයේ සිට ගැටඹ විහාර භූමියේ වැඩ වාසය කරන බුදුනට නමස්කාර කිරීම සනිරුගේ අනිවාර්ය සිරිතක් විය.. එය ඔහු කෙදිනකවත් අමතක නොකළේය.. දිනපතාම ඔහු විසින් කරන ලබන නමස්කාරය තුළින් බලාපොරොත්තු වූයේ තම ප්‍රාර්ථනාවන් සහ සිහින ඉටු කර දෙන අනාගතයක් තමාට උදා කර දෙන්න කියාය.. බුදුන්ගේ ධර්මයට අනුව ජීවත් වීමට සනිරු හැඩගැසුණේ කුඩා අවදියේ සිටමය.. බුදුන්ගේ ධර්මයට අනුව ජීවත්වන්නෙකුට යහපත හා දියුණුව ළගා කර දෙන බව සනිරු දැඩි සේ විශ්වාස කළේය.. එය ඔහුගේ සිතෙහි වූ නොබිදෙන විශ්වාසයකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු කැම්පස් එකට පැමිණෙන විට 7.50 ට පමණ විය.. එවිට ඔහුගේ යහළුවන්ද පැමිණ සිටියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒයි.. මොකද අද උඹ කලිං ආවේ..? ප්‍රමාද වූ බව සෘජුවම නොකියා චතුර එලෙස කීවේ විශාල සිනාවක්ද නගමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. බං අද නැගිටින්න වෙලා ගියා.. අනික උඹලා දන්නවනේ උදේට ට්‍රැෆික් එක කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. හා.. එහෙම හිතමුකො.. සනිරුගේ තවත් යහළුවෙකු වූ ප්‍රදීප් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹලා ඕන දෙයක් හිතපල්ලා.. මට කමක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. ගණන් ගන්න එපා.. මොකක්ද බං උඹගේ ඔය මූඩ් එක..? හිනාවෙයන්කො.. ප්‍රදීප් අත දිගු කරමින් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිනාවෙලා කන්නද බං..? අනික උඹලා හිනා වෙලා ඉන්න දෙනවයෑ.. ආපු ගමන්ම කිංඩියට මොනව හරි කියනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිංඩියට නෙවෙයි මචං.. උඹ නැගිටින්න වෙලා ගියේ ඊයෙ රෑ පාඩම් කළාද..? ඇස් දෙකත් එක්ක රතු වෙලා.. හොදටම නිදි මරලා වගේ.. කමක් නෑ මදං.. උඹටමනේ පාඩම් කළොත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පෙරදා රාත්‍රියේ නොනිදා සිටීමට හේතුව ප්‍රදීප් පැවසූ කාරණාව නොවුණත් එහි සත්‍යතාවය මෙය යැයි කියා පැවසීමට සනිරු හට එතරම්ම උවමනාවක් නොවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අද ලෙක්චස් මොනවද බං..? සනිරු ප්රදීප්ගෙන් තරමක් මන්ද ස්වරයකින් ඇසුවේ විවේකීව සිටින අවස්ථාවන්හි දී ලෙක්චස් පිළිබද කතා කරනවාට චතුර අකමැති වූ බැවිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මංදා මචං.. මට ගාණක් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ වන විට වැල නොකැඩී කැම්පස් එක තුළට ළමුන් පැමිණෙන වෙලාවය.. ගැහැනු පිරිමි භේදයකින් තොරව සියලුම දෙනා සාමූහිකව පැමිණෙති.. රොබරොසියස් ගහ යට බංකුවක වාඩි වී සිටි සනිරු සහ යහළුවන් දෙදෙනා කතා කරමින් උන්නේ එදිනෙදා වැඩ කටයුතු පිළිබදවය.. එක වරම ඉදිරියට ඇදෙන ළමුන් දෙස බලා සිටි චතුර සනිරුගේ පිටට තට්ටු කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒයි.. එයි.. බලපන්කො අර කෑල්ල දිහා.. දෙනෙත් වෙනතකට නොයවා ඇය දෙසම බලා උන් චතුර කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිස්සුද බං උඹට..? සනිරු කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිස්සු හැදුනෙ නැත්නම් පුදුමයි මචං.. මාර වෝක් එකනේ.. බලපන්කො නටව නටව එන හැටි.. පිස්සු හැදෙන පාරක්නෙ මචං.. චතුර, සනිරුගේ කමීසයේ කොල(ර්) එක අදිමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාරක්.. වැලි පාරක්ද..? තාර පාරක්ද..? නැත්නම් මඩ පාරක්ද..? හාස්‍යට ලක් කරමින් ප්‍රදීප් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය එක පාරක්වත් නෙමෙයි මචං.. මේක හරියට සූකිරි පාරක් වගේ.. දිලිසෙන හැටි බලපංකො..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]යකෝ.. ඒකත් අපි වගේම ඇට, මස්, නහර වලින් හැදිච්ච එකියක්.. උඹ හිතුවෙ මැණිකක් කියලද..? රිදී කියලද..? දිලිසෙන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. මචං, මම කිව්වෙ ඒකිගෙ ඇගපතේ තියෙන පාට ගැන.. හැඩහුරුව ගැන.. නැතුව වෙන කෙහෙල් මලක් නෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මහ ලොකු පාට.. හැඩහුරුව.. අනිත් එවුමුත් ඔය වගේම තමයි.. සමහර සමහර දේවල් සමහර සමහර විදියට ටික ටික වෙනස් වෙනවා.. එච්චරයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. බං, ඒ වුණාට මේ වගේ සුන්දර වස්තු අම්මලා තාත්තලා මොකට බිහි කරනවද දන්නෙ නෑ.. බලපංකො අපිනේ නිකං පිස්සු වැටෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹට නම් ඇත්තටම පිස්සු චතුර..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැතුව.. නැතුව.. මට පිස්සු.. බලපං මචං මම ඒකිට කතා කරන හැටි.. ඔවුන් ඉදිරියට ගිය ඇයට කතා කිරීමට බංකුව මත වාඩි වී සිටි චතුර නැගිට්ටේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ.. මේ.. නිකං හිටපං.. උඹ හදන්නෙ චොර වෙන්නද..? චතුර නෝන්ඩි වේයැයි සිතූ ප්‍රදීප් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිකං නොඉද කොහොමද..? වෙව්ලමින් වගේ චතුර කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආං.. අරූ යනවා.. ප්‍රදීප් චතුර දෙස බලමින් කීවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බයවෙන්න එපා බං.. ඕකට ඒවා ගාණක් නෑ.. අනික පුරුදු නැති දෙයක්යෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ ප්‍රදීප් බලා උන්නේ චතුරගේ වික්‍රමාන්විත ක්‍රියා කලාපය පිළිබද නොව ඔහු ඇය ඉදිරියේ හාස්‍යයට ලක් වේදැයි කියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හලෝ.. ගුඩ් මෝනිං.. චතුර ඇය බොහෝ සෙයින් අදුනන්නා ආකාරයෙන් ආමන්ත්‍රණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුඩ් මොනිං.. ඇයද චතුරට ආමන්ත්‍රණය කළේ ඉදිරියට ඇදෙමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ඔච්චර හදිසි..? මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියන්න බෑනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් කොහොමද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොඩ්ඩක් ඔහොම ඉන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපෝ.. මට වෙලා ගියා.. මගේ යාළුවෙක් හම්බවෙන්න තියෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයාව පස්සෙ හම්බවෙන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිස්සුද..? අද එයාව මග ඇරුණොත් මගේ මුළු ජීවිතේම ඉවරයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කිව්වෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කිව්වෙ.. එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්.. මම එයත් එක්ක තරහා වුණා.. අද කතා කළේ නැත්නම් හැම දෙයක්ම ඉවරයි.. දැන් ඔයාට තේරුණාද..? ඇය චතුර පසු කරමින් ඉදිරියට යන්න වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ.. අර බලපං අරූගෙ මූණ බෙරි කරගෙන එන හැටි.. ප්‍රදීප් සිනාසෙමින් කීවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකද මචං.. උඹගෙ දිලිසෙන සූකිරි ළලනාවියට වුණේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වැඩක් නෑ බං.. ඒකත් කාපු අඹ ගොට්ටයක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. එහෙමද..? දැන් උඹට සතුටු ඇතිනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකද නැත්තෙ බං.. ඒ වගේ කෑල්ලක් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබුණනේ.. සිනාසෙමින් චතුර පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ වන විට බංකුව මත වාඩි වී සිටි සනිරු තම හදෙහි සිත්තම් වූ ඒ යුවතිය පිළිබදව කල්පනා කරමින් උන්නේය.. "අනේ දෙවියනේ..! ඊයෙ දැකපු ඒ රූපය ආපහු මට දකින්න ලැබේවිද..? එයා මොනවා කරන කොහේ ඉන්න කෙනෙක්ද..? මට ඊයෙ එයාට කතා කරන්නවත් බැරි වුණානෙ.." සනිරු තමාටම දොස් පවරා ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ.. මචං උඹ මොනවද කල්පනා කරන්නෙ..? මට වුණ දේ ගැනද..? සනිරු අසලට පැමිණි චතුර පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ බං මොකුත් නෑ.. තිගැස්සෙමින් සනිරු පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නැතිවෙන්න බෑනෙ.. උඹ අද ආපු වෙලේ ඉදලා හිටියෙ හරිම අමුතුවෙන්.. සනිරුගේ හිතේ යමක් තිබේද එය දැනගැනීමේ උවමනාවෙන්ම ප්‍රදීප් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. මචං නෑ.. මොකුත් නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. අපිට කියන්න ඕනෙ නෑ.. අපි උඹගෙ යාළුවො නෙමෙයිනෙ.. අනික උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හිතේ තියාගෙනම විදවපන්.. ආවේගශීලී තරහෙන් චතුර කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹට ගෙදර ප්‍රශ්නයක්ද..? කියපං.. අපිට පුළුවන් උදව්වක් කරන්නම්.. ප්‍රදීප් මෙලෙස දිගින් දිගටම සනිරුගෙන් ඇසුවේ ඔහුගේ වෙනස් වීම පැහැදිලිවම හදුනාගත් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තමයි මචං.. මම මේ කියන්නෙ මොකුත් ප්‍රශ්නයක් නෑ.. සනිරු උස් හඩින් කීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. ප්‍රශ්නයක් නැත්නම් කමක් නෑ.. ඒත්.. ප්‍රශ්නයක් තිබ්බොත් කියපං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් යමං.. ලෙක්චස් වලට කවුද දන්නෙ නෑ ඇවිත් ඉන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු කුමන දෙය සගවා ගත්තද කුමක් හෝ තිබෙන බව ප්‍රදීප් දැඩි ලෙස විශ්වාස කළේ කුඩා කල සිටම සනිරුව ඇසුරු කළ නිසාය.. ඔහුගේ සිතේ කුමක් හෝ තිබෙන බව ප්‍රදීප් හොදාකාරවම දන්නේය.. එය සනිරු විසින්ම කියන බවද ප්‍රදීප් දන්නේය.. ගන්දබ්බ ජීවිතයක් ගත කරන සනිරු විටෙක හැගීම් වලින් ජීවත් වන අතරම තවත් විටෙක බුද්ධිමත්ව කටයුත් කරන බව වරෙක ප්‍රදීප් සනිරුටම පවසා තිබිණි.. මේ නිසාම හැගීම්බර වූ අවස්ථාවක තම සිතැගි දෙය කියනා බව ප්‍රදීප් නිසැකයෙන්ම දන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ යහළුවන් දෙදෙනා කලා අංශයේ ප්‍රධාන ශාලාවට යන විට අනෙකුත් සියලුම සිසුන් ආගමික වතාවත් ඉටු කිරීමට සූදානමින් සිටියහ.. මොවුන් තිදෙනාද සිය බෑග් පසෙක මේසයක් මත තබා ආගමානුකූලව යෙදීමට සැරසුණය.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ.. චතුර කතා නොකර හිටපං.. ප්‍රදීප් තම වැලමිටෙන් ඇණ චතුරට කීවේ අනෙකුත් සියල්ලන්ම නිශ්ශබ්දව සිටින නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. සොරි මචං.. කියමින් චතුර නිහඩව සිටියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව සනිරු, ප්‍රදීප් සහ චතුරට උදෑසනම තිබුණේ සිංහල සාහිත්‍යය පන්තියේ දේශනයකට සහභාගී වීමටය.. ඒ සදහා ඔවුන් සූදානමින් පන්තියට තුළට ගියහ.. පන්තියේ ඉදිරි අසුන් වල ළමුන් වාඩි වී සිටි නිසා මොවුන් තිදෙනා පන්තියේ මැද අසුන් වල වාඩි වීමට පිටුපසට ගියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ගුඩ් මෝනිං.. ඇයි අද එන්න වෙලා ගියේ..? සනිරු තම අසුනෙන් වාඩි වෙත්ම ඔහුගේ හොදම යෙහෙළිය වූ ඉදිරි අසුනේ සිටි තුෂාරි පිටුපසට හැරී ඇසුවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දන්නැද්ද තුෂාරි.. මේ අයත් එක්ක එන්ටත් එපායෑ.. තමා ගෙදර සිටම ඒමට ප්‍රමාද වූ බව නොකියා සිය යහළුවන් නිසා ප්‍රමාද වුනු බව මද සිනාවකින් යුතුව සනිරු කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. අපි හින්දද පරක්කු වුණේ..? මගේ කට අවුස්සගන්න එපා.. මූ කියන්නෙ බොරු තුෂාරි.. චතුර සනිරු දෙසට අත දිගු කරමින් උස් හඩින් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මමයි පරක්කු වුණේ.. දැන් හරිනෙ.. චතුරගේ මුහුණෙහි ව්‍යාජත්වයෙන් නැගුණු කෝපය නැති කරමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං, සර් එනවා..ප න්තියේ ඉදිරිපස දොරටුව දෙස බලා හිදිමින් සිටි ප්‍රදීප්ගේ මුවින් නික්මුනු වචනයත් සමගම තුෂාරී ඉදිරියට හැරුණාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සියලුම දෙනා අසුන් වලින් නැගිට එක හඩින් [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04][B]"ආයුබෝවන් සර්" යනුවෙන් ආචාර කළහ.. ගුරුතුමාට ආචාර කිරීමෙන් අනතුරුව සියලු දෙනාම දවසේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වුවත් චතුරගේ විවේචනාත්මක කටහඩ අවදිවන්නට වූයේ තම යහළුවන්ට ඇසෙන ඉසව්වට පමණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බලපං මචං.. කැම්පස් ගුරුවරයෙක් කියලා මූට කියන්නත් පුලුවන්ද..? කිසිම මැනස් එකක් නෑ.. ළමයි ආයුබෝවන් කියලා කියනවා.. ඒත් මූ එක දවසක්වත් කියල තියෙනවද..? ඒ වුණාට දෙන මහ ලොකු හැදිච්ච උපදෙස්.. බල්ලන්ට හොදයි ඒවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උඹගෙ කතාව නම් ඇත්ත චතුර.. කිසිම සිරිතක් විරිතක්, චාරිත්‍රයක් දන්නෙ නැති මිනිහෙක්.. බලපන්කො ඉන්න හැටි.. කොච්චරවත් නහය හාර හාර ඉන්නෙ.. කමීසයෙ බොත්තමක් හරියට නෑ.. කිසිම ප්‍රසන්න ගතියක් නෑ.. ප්‍රදීප් ඔහු විවේචනය කළේ ඔහුගේ ගති ස්වභාවයද පිළිකුල් කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකනේ මචං.. සම්ප්‍රදායික දේවල් වලම ඇගී ගැලී හිටියාම ඔහොම වෙනවා.. කවමදාකවත් අලුත් විදියට හිතන්න උත්සාහ කරන්නෙ නෑ.. මොකද එහෙම කලොත් අවැඩක් වෙයි කියලා හිතෙනව ඇති.. මට නම් එපාවෙලා තියෙන්නෙ මේ හණමිටි ගුරාගෙ සිස්ටම් එක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවා කරන්නද..? තව අවුරුද්දනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom