Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදින දිවා ආහාරය ගත් අවස්ථාවේ සනිරු, තුෂාරි සහ අනෙකුත් යහළුවන් කතිකා කරගත් ආකාරයටම සනිරු මායාට කතා කිරීමට බස් නැවතුම්පළෙහි පෙරුම්පුරමින් සිටියේය.. එදා සවසද සුපුරුදු පරිදි මායා තුෂාරිත් සමග යාමට දිව ආවේ ඇය මග ඇරෙතැයි සිතූ නිසාය.. එහෙත් පෙර පරිදි කැම්පස් ග්‍රවුන්ඩ් එක ළග බස් නැවතුම්පළෙහි තුෂාරි දකින්නට නොලැබීම හේතුවෙන් මායාගේ මුහුණෙහි කලබල වූ ස්වරූපයක් සනිරුට දැක ගන්නට ලැබුණි.. සිත කලබලට පත් කර ගනිමින් තුෂාරි එතැයි සිතමින් මග බලා උන් මායාට බස් නැවතුම්පළ තුළ සනිරු සිටි බවක් දැක ගන්නට නොහැකි විය... කෙසේ නමුත් අවසානයේදී සනිරු මායාට කතා කරන්නට විය..

එක්ස්කියුස්මී නංගි.. ඔයා තුෂාරි එනකම් නේද බලාන ඉන්නෙ..? ඇයගේ කටහඩ අවදි කර ගැනීමටම සනිරු මායාට පැනයක් නැගුවේය..

එහෙත් ඇය කිසිත් නොපවසා නිහඩව සිටියේ ඔහු ඇසූ දෙයට පිළිතුරක් මුවින් විද්‍යාමාන කරමිනි..

මේකයි නංගි.. එයා අද හදිස්සියක් වෙලා යාළුවෙක් එක්ක කලින් ගියා කියලා ඔයාට කියන්න කිව්වා.. සනිරු ඇයගේ මුහුණ දෙස බලා ගනිමින් ඒ බොරුව පැවසුවේ ඇයව රැවටීමේ අරමුණින්ම නොව ඇයත් සමග කතා කිරීමට අවැසි වූ නිසාමය..

තෑන්ක්ස් අයියෙ.. ඔයා සනිරු නේද..? ඊයෙ මට රැග් කරන වෙලාවෙ පැත්තකට වෙලා හිටියෙ.. පෙර දිනයේ සිදුවූ සිදුවීම මායාගේ මතකයේ තැන්පත් වී තිබුණු බව ඇයගේ එම ප්‍රකාශයෙන් සනිරුට හැගුණි..

ඔව් නංගි ඒ මම තමයි.. ඔයාට මගේ නම තාම මතකද..? සනිරු පුදුමයෙන් මෙන් ඇසුවේය..

මොකද මතක නැත්තෙ අයියෙ.. ඒ වෙලාවෙ ඔයා මැදට පැන්නෙ නැත්නම් තව පොඩ්ඩෙන් මට ඇඩෙනවා.. ඔයා පුදුම කෙනෙක් අයියෙ.. අනිත් අය වගේ නෙමෙයි.. ඔයා හරිම අහිංසකයි.. මායාගේ සිතෙහි සනිරු කෙරෙහි ඇති වුණු පවිත්‍ර හිතවත්කම හැගුම්බරව ප්‍රකාශ කළේය..

මමත් දැක්කා ඔයාගෙ ඇස් වල කදුළු පිරිලා තියෙනවා.. ඒකයි මං චතුරට කෑගැහුවෙ..

ඇයි අයියෙ ඔයා ඒ වගේ දෙයක් කවුද කියලා දන්නෙවත් නැති මම වෙනුවෙන් කළේ..?

මම ඔයාව නොහදුනන කෙනෙක් නෙමෙයි මායා.. ඔයා කවුද කියලා මම දන්නවා.. මට දැනෙනවා.. ඒ දන්නෙ මේ දවස් දෙක තුනෙන් නෙමෙයි.. ඇතත්ටම අපි දෙන්නා හදුනන්නෙ පෙර සංසාරයෙ ඉදලා.. ඉතින් ඔයා කවුද කියලා දන්නෙ නැති වෙන්නෙ කොහොමද..? ඇය ඉදිරියේ ඇයගේ දෙනෙත් අභියස තම දෙනෙත් ගැටෙන්නට හරිමින් සනිරු සිතන්නට වූවේය..

මනවද කල්පනා කරන්නෙ අයියෙ..? සනිරුගේ දෙනෙතින් මිදී මායා ඇසුවේය..

මොකුත් නෑ නංගි.. මේ.. මේ.. නිකං.. කල්පනා කරමින් සිටි සනිරු ඇය ඇසූ දෙයට තිගැස්සී ගොස් පිළිතුරු දුන්නේය..

ආ.. එහෙම නම් කමක් නෑ.. මම හිතුවෙ මොකක් හරි ප්රශ්නයනක්කියලා.. මද සිනාවක් පාමින් සනිරු දෙස බලා නැවත බිම බලා නැවතත් ඔහු දෙස බැලීය..

මායාගේ මුවින් පිටවුණු ඒ මද හසරැල්ල දවස් දෙක තුනක් ඇය වෙනුවෙන් ප්‍රේමණිය දුක් කන්දරාවෙන් පීඩා විද ගිනියම් වී තිබුණු සනිරුගේ හදවත සිසිල් දිය දෝතකින් සෝදා හැර සුවපත් කළ බවක් ලෙසට දැනෙන්නට විය.. අප්‍රාණික වී ගොස් තිබුණු ඔහුගේ ගත සිත යළි යළිත් සප්රාණික වී පිබිදෙන්නට විය..

අයියේ.. ඔයා ගොඩක් වෙලාද මෙතනට ඇවිත්..

නෑ නංගි විනාඩි හතලිහක් විතර ඇති..

ඉතිං ගොඩක් වෙලානෙ අයියෙ..!

මට දැනුණෙ නෑ..

ඇයි දැනුණෙ නැත්තෙ..?

මම ඔයා එනකම්ම නෙ හිටියෙ.. ඒ කිව්වෙ.. තුෂාරිගෙ පණිවිඩය ඔයාට කියන්නම ඕනෙ නිසයි.. නැත්නම් ඔයා මෙතන රස්තියාදු වෙනවනෙ..

මම නිසා ඔයා කරදර වෙනව නේද..?

මට මේවා කරදරයක් නෙමෙයි නංගි.. කවුරු හරි මොනවා හරි දෙයක් ආසාවෙන් කරනවා නම් ඒක කරදරයක් වෙන්නෙ කොහොමද..?

හ්ම්.. ඒක නම් ඇත්ත.. ඒත් හැමෝම ඔයා වගේ නෙමෙයිනෙ අයියෙ.. ඔයා වගේ හිතන්නෙ නෑනෙ.. ඇත්තමයි අයියෙ.. ඔය විදියට හිතන පිරිමි ළමයෙක් මීට කලින් මම දැකලම නෑ..

තමා පිළිබදව මායා සිතන ආකාරය කෙරේ මහමෙරක් තරමට සනිරු නිහතමානී තෘප්තියක් විද ගත්තාත් එය තමා කෙරෙහි දක්වන සෙනෙහසක් ලෙසට වරදවා තේරුම් ගන්නට ඔහු ආත්මාර්ථකාමී වූයේ නැත..

එදා සවස මුළු අහසම අන්දකාරයෙන් වැසී තිබිණි.. වැහි වළාකුළු වලින් බර වී තිබුණු අහස් තලය මතින් වැහි ලිහිණියන් එකා දෙකා ඉගිලෙන්නට පටන් ගත්තේ තව ස්වල්ප මොහොතකින් වරුසාවක් වැටෙන්නට ඉඩ ඇති බවට අනාවැකි පල කරමිනි.. පරිසරය එවැනි වෙනසකට ලක් වුවත් තමන් හෝරාවකට ආසන්න කාලයක් කතා කරමින් සිටි බවක් ඔහුට දැනෙන්නට නොවිය..

අයියෙ.. වෙලාව පහටත් ළගයි.. දැනුණෙවත් නෑ පහ වුණා.. අනික වහින්නත් වගේ.. මායාගෙ මුවින් නිරායාසයෙන්ම එම වදන් පෙළ පිට වූයේ ඇය තුළ බයක් ඇති බව නොපෙන්වමිනි..

වෙලාව පහ වුවත් මුළු මහත් පරිසරයම අන්දකාර කරමින් වැස්සක් වැටෙන්නට ළං ළංව තිබුණත් මායාට අබ මල් රේණුවකවත් බියක් නොදැනුණේ තමන් සමීපයේ විශ්වාස කල හැකි අවංක අයෙකු සිටින නිසායැයි ඇයට හැගෙන්නට වූ නිසාම වන්නට ඇත..

ඒක තමයි නංගි.. අද බසුත් අඩුයි වගේ.. ඔයාට යන්න වෙලා යනව නේද..?

ඒකට කමක් නෑ අයියෙ.. ඒත් රෑ වුණොත් ටිකක් බයක් දැනෙනවා.. මායාගේ පුංචි ඇස් දෙක ලොකු කර ගනිමින් පැවසීය..

එහෙනම් නංගි බස් එකක් එනකම් අපි හෙමීට පයින් යමු.. තව තවත් වෙලාව නොයවා රෑ වෙන්නට කලින් මායාට ගෙදර යාම සදහා සනිරු ගමන ඉක්මන් කළේය..

හා.. අපි පයින් යමු.. ඒක ඇගටත් හොදයිනෙ.. සනිරුගේ යෝජනාවට මායාද එකග විය..

දෙදෙනාම ගහල හන්දියට යාම සදහා පයින්ම ගමන් ඇරඹූ අතර මීටප් පහ හයක් යන තුරුම දෙදෙනා අතර නිශ්ශබ්දතාවයක් ඇතිවිය.. එම නිශ්ශබ්දතාවය තව තවත් රජ කරන්නට ඉඩ නොදී එකෙකු හෝ කතා කිරීමට ප්‍රථමයෙන් මුල පිරිය යුතු බව සනිරුට හැගී ගියේය.. ප්රත්යක්ෂයෙන්ම පිරිමිකම ඉක්මන් නොවන්න ඉසව්වකට ගැහැනුකම පෙර ගමන් යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථය සනිරු තුළ එම මොහොතේදී ඇතිවිය..

නංගි ඔයා කැම්පස් එකට ආපු ඉස්සරෝම දවසෙ හවස නුවරට යනකොට රෑ හත හමාර වුණා නේද..?

නිශ්ශබ්දතාවයෙන් සිටි මොහොතේ සනිරු ඇසූ ප්‍රශ්නයට මායා පිළිතුරු දුන්නේ එම හුදෙකලාව බවින් මිදී මහත් ඕනෑකමිනි..

ආ.. මොහොතක් කල්පනා කරමින් සිටි මායා.. ඔව්.. අයියා දන්නෙ කොහොමද..? ඇය පෙරලා ප්‍රශ්න කළේය..

මද සිනාවක් පෑ සනිරු නැවතත් ඇය දෙස බලා සිනා සී අනේ..! අනේ..! නංගි ඔයාට මතක නැද්ද..?

අනේ සනිරු අයියෙ..? ඇයි ඔයා හිනා වෙන්නෙ..? මොනවද මතක නැත්තෙ කියලා මගෙන් ඇහුවෙ..? අනේ කියන්නකො.. පාරෙ ඉදිරියට ඇදෙමින් සිටි මායා සනිරු අභියසට ගොස් මදක් නැවතී ඔහුගේ දකුණු අත අල්ලා ගනිමින් පුංචි දැරියක මෙන් හුරතලින් ඇසීය..

ජාති, කුල, ආගම්, භාෂා ආදී සෑම භේදයකින්ම සිමා බන්ධන නොමැති අවසානයක් නොමැති අනන්තය දක්වා බැදෙන අති උතුම් පාරිශුද්ධ අසීමාන්තික ප්‍රේමයේ පහස විදින්නට දෙනෙතින් කදුළු ගංගා හැලෙන්නට ඉඩ දෙමින් ඒ කදුළෙන් හදවතේ ගැඹුරුම කුටීරයේ අප්‍රමාණ වූ දුක් වේදනාවෙන් සිරකර ගනිමින් ජීවත්වන ප්‍රේමවන්තයෙකුට තමාට අවැසි ව සිටිනා මනු දිව්‍ය අප්සරාවියගේ සියුමැලි දෑතෙහි ගැබ්ව පවතින සංස්පර්ශයේ මිහිර මොන තරම් වූ සැනසුමක් ලබා දෙනවා ඇත්ද..? සත්තකින්ම ඒ සැනසුම මායාගෙන් සනිරුට ලැබුණු බව ඔහුගේ දෙනෙතින් නික්මුණු ආලවන්ත බැල්මෙන් මායාටද සගවන්නට නොහැකි විය..

කියන්නකො..

එදා ඔයා බස් එකේ යනකොට බෑග් එක දුන්නෙ කාටද කියල දන්නවද..?

නැහැ..

ඔයා ඒ බෑග් එක දුන්නෙ මටයි.. සනිරු ඒ බව මායාට පැවසුවත් ඇයට ඒ පිළිබදව සිතා ගැනීමටවත් නොහැකි විය..

ඇත්තමද සනිරු අයියෙ ඔයා කියන්නෙ..

ඔව් ඇත්තමයි..

හෘර්දයාංගම ආමන්ත්‍රණය කෙනෙකුගේ ගත සිත සංතෘෂ්ඨියෙන් පුබුදුවාලන්නට තරම් ප්‍රබල වන්නේය. එය මොහොතන් මොහොත ඇසෙන්නට පටන් ගත්තාම, හදවතට දැනෙන්නට පටන් ගත්තාම පවතින ද්වීපාර්වික සබදසතාවයේ ශක්තිය තීව්රර කරන්නට තරම් සහේතුවක් වන්නේය.. මෙකී හැගීම සනිරු තුළ ප්‍රථමයෙන්ම සන්තානගත වූයේ අයියේ කියා මායා අමතන්නට පටන ්ගත් මොහොතේදීය.. එහෙත් මායාගේ ඉහවහා ගිය සතුටත් සමගම මුවින් පිටවූ සනිරු කියන තම නම පමණක් කියනවට වඩාත් ඔහු කැමති විය.. අයියේ කියන ආමන්ත්‍රණයේ සෙනෙහස, ආදරය අප්‍රමාණව තිබෙන බව දැනුණත් තම නම පමණක් ආමන්ත්‍රණය කිරීම තුළ ඊටත් වඩා ප්‍රේමයක්, සෙනෙහසක් ඇති බව සනිරුට හැගී ගියේය..

නංගි මම ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්නද..? හැබැයි කැමති වෙනවද..? ඇය ඊට කැමති වේද, නොවේද යන සංශයෙන් සනිරු ඇසුවේය..

ඉතින් කියන්නකො.. පුළුවන් දෙයක් නම් කැමති වේනනම්.. අමාරු දෙයක් නම් කල්පනා කරල කියන්නම්.. දෙපැත්තටම සරිලන සේ මායා පිළිතුරු දුනි..

මීට පස්සෙ ඔයා මට.. කියමින් පැවසීමට ගිය දෙය මදකට අඩාල කළේ ඒ බව එකවරම පැවසීමට නොහැකි නිසාය..

සිනරුගේ මෙම මන්දගාමී වචන තුන හතර ඇසූ මායා කලබලයට පත් වී හඩා වැලපෙන්නට ළංව ආදරයකින් මෙන් සනිරුට දොස් නගන්නට වූයේ ඔහු පැවසීමට ගිය දෙය සම්පූර්ණ කිරීමටත් ප්‍රථමයෙන් ඒ පිළිබදව ක්ෂණිකව තීරණයකට එළඹෙමිනි..

හරි..හරි.. මට තේරෙනවා.. ඔයා කියන්නෙ මීට පස්සෙ ඔයත් එක්ක කතා නොකර ඉන්න කියලනේ.. ඇය පාරෙහි හුදකලාව ඉදිරියට ඇදුණි..

ඔයාට පිස්සුද..? මම මේ කියන්න ගියේ වෙන දෙයක්.. ප්ලීස්.. ප්ලීස්.. ඔහොම නවතින්න.. ඉදිරියට යමින් උන් මායාට අත දිගු කරමින් සනිරු කතා කළේය..

සනිරු සිටි ස්ථානයේ සිට මීටර් තුනක් පමණ ඉදිරියට ගිය මායා එකවරම නැවතුනේ සනිරු පැවසීමට ගිය වෙන දෙය දැන ගැනීමට සදහාය..

මොකක්ද ඔයා කියන්න ගියේ..? ඉක්මනට කියන්න.. ව්‍යාජත්වයට මවා ගත් කෝපයකින් මෙන් මායා ඇසීය..

අයියෝ.. මම එහෙම දෙයක් නෙමෙයි කියන්න ගියේ.. ඔයා ඇයි ඒ විදියට හිතුවෙ..? අනික ඔය තරම් ඉක්මනට.. මම කියන්න ගියේ මීට පස්සෙ මට සනිරු කියලා විතරක් කියන්න කියලා..

මම හොදටම බය වුණා.. මම හිතුවෙ මීට පස්සෙ ඔයා මට කතා නොකර ඉදී කියලා.. ඒකයි මම ඒ විදිවට ඉක්මන් වුණේ.. ම්.. හරි.. සනිරු අයියෙ මම ඔයාට මීට පස්සෙ සනිරු කියල කතා කරන්නම්.. හැබැයි ඔයත් මට නංගි කියන්නෙ නැතුව මායා කියලා කාත කරන්න ඕනෙ හරිද..?

හරි.. හරි.. අපි දෙන්නම නම් කියලා විතරක් කතා කරමු.. එම සම්මුතියට සනිරුද එකග විය..

විශ්ව විද්‍යාලයත් ගලහ හන්දියත් අතර ඇති දුර ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා පැමිණි සනිරුට සහ මායාට අවට පරිසරයෙන් පෙන්නුම් කල අනාවැකිය සනාථ කරමින් මහ වරුසාවක් වැටෙන්නට විය..

ඕ.. ෂීට්.. මායා නංගි වහිනවනෙ.. දැන් මොකද කරන්නෙ..? දෙදෙනා එකග වූ සම්මුතිය මොහොතකින් සනිරුට අමතක විය..

ඕන්.. ඉතින් ආයෙමත් නංගි.. මොකක්ද සනිරු..?

සොරි සොරි සොරි මායා.. දැන් හරිනෙ.. දෙසවන පිනවන හදවත අවදි කරවන ඒ ආදරණිය නම සනිරු පැවසුවේ වැස්සේ තෙමීගෙනය..

සනිරු ඔයා තෙමෙනවනේ.. පොඩ්ඩක් ඉන්න මං ළග කුඩයක් තියෙනවා.. මායා වැසේසෙ තෙමි තෙමි තමා ගැනද නොසිතා සනිරු වැස්සෙන් ආරක්ෂා කර ගැනීමට තම බෑගයෙන් කුඩය ඉවතට ගත්තාය..

මායා බෑගයෙන් කුඩය ඉවතට ගන්නා විට දෙදෙනාම තෙමී ගොස් ඇදුම්ද තෙත් වි තිබිණි.. කෙසේ නමුත් මායා කුඩය ඉසලා ඒ තුළට පැමිණෙන ලෙසට සනිරුට කතා කරන විටද ඔහු වැස්සෙහි තෙමෙමින් උන්නේය..

සනිරු කුඩේ යටට එන්න.. තවත් තෙමෙනවනෙ.. ඉක්මන් කරන්න සනිරු මොනවද බල බල ඉන්නෙ..? වැස්සේ තෙමෙමින් උන් සනිරුට මායා කතා කළාය..

මායා ඇරයුම් කළ සැණින්ම සනිරු කුඩය යටට නොපැමිණියේ ලැජ්ජා නිසා නොව ඒ තුළට තමාද යාමෙන් ඇය තව තවත් තෙමී බසයක නැග යාමටවත් නොහැකි වෙතැයි සිතූ නිසාය..

ඔයා කුඩය පුංචියිනෙ.. මම නිසා ඔයා තවත් තෙමෙයි..

ඒකට කමක් නෑ.. අපි දෙන්නම සමානව තෙමෙමු.. ඔයා තෙමෙද්දි මම කොහොමද කුඩේ යටින් යන්නෙ..? කියන දේ අහලා කුඩය යටට එන්න සනිරු.. ආවෙ නැත්නම් කුඩය විසි කරලා මාත් තෙමෙනවා.. ඇඩ කුඩය විසි කිරීමට සැරසුණාය..

හරි.. හරි.. එනවා.. දැන් යමුද එහෙනම්..

හිතුවක්කාරයා..

කවුද..? මම..

ඔව් ඔයා තමා..

තමාත් සමග ඇය හැසිරෙන ආකාරය පවසන සියුමැලි බොළද වදන් සැබැවින්ම පෙම්වතුන් නොවන ප්‍රමාණයට වඩා පෙම්වතුන් ලෙසට පත් කරමින් අරුණුසිවාදි සුපෙම් ලොවෙහි ගත කරන හෝරා කිහිපයක් ලෙසට පත් කර ඇතැයි යන හැගීමට සනිරු තුළ ඇතිවිය.. එම හැගීමෙන් ඔහු මොහොතකට පෙම්වතෙකු වුවත් එම මොහතෙ කල්පාන්තරයක් බවට පත් කර ගැනීමට ඇයගේ හදවතෙහි තමා ලෙසට රූපණය වී ඇත්ද යන්න දැන ගැනීමට සනිරු තුළ වූවේ පුදුමාකාර නොඉවසිල්ලකි..

මායා හැද සිටි මල් මල් සුදු පාට දැලක් වාගේ බ්ලවුසය වැස්සට තෙමී ගොස් තිබීම නිසා ඇයගේ ශරීරයට එය ඇලී ගොස් තිබිණි.. එම නිසා ඇයගේ තුගු දෙළැම වඩා හොදින් මතුව පෙනෙන්නට විය.. සනිරුගේ දකුණු අතෙහි වැලමිට ඇයගේ වම්පස තන පුඩුවෙහි ස්පර්ශ වෙමින් තිබුණත් ඒ පිළිබදව වැඩි සැලකිල්ලක් ඇයට නොවිය.. වැස්සට තෙමී ගොස් තිබුණු මායාගේ දිගට කෙස් වැටිය සනිරුගේ දෑතෙහි ස්පර්ශ වෙත්ම තව තවත් තව තවත් පවිත්‍ර වූ කුළුදුල් ආස්වාදයක් ඔහුට දැනෙන්නට විය..

මායා ඔයා එවලෙ බය වුණා කිව්වෙ ඇයි..?

මේකයි සනිරු.. මීට කලින් මම පිරිමි ළමයෙක් මේ තරම් ඉක්මනින්න යාළුවෙක් විදියට පිළිගෙන ආශ්‍රය කරලා නෑ.. ඒත් ඔයා මේ තරම් ඉක්මනට මගෙ ජීවිතයට හොද යාළුවෙක් වුණා.. ඇත්තමයි.. මට ඒ ගැන හිතාගන්නවත් බෑ.. ඉතින් මම බය වුණා ඔයා මට නැති වෙයි කියලා.. ඒ කියන්නෙ.. කතා නොකර ඉදියි කියලා.. ඔයා මට පොරොන්දු වෙන්න හැමදාමත් මගෙත් එක්ක ඉන්නවා කියලා..

බය වෙන්න එපා මායා, මම හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා..

සනිරු අන්න.. බස් එකක් එනවා.. අපි ඉක්මනට එහා පැත්තට යමු.. දෙදෙනාම පාරේ දකුණු පස සිට වම් පසට දිව ගියේ බසයේ නැගීම සදහාය..

මායා ඉක්මනට නගින්න.. කුඩේ මට දෙන්න.. ඇයගේ අතෙහි තිබුණු කුඩය සනිරු රැගෙන එය අකුලා අවසානයට ඔහු බසයට ගොඩ විය..

බසයේ සිටි අවුරුදු තිස්පහක පමණ ගැහැණු අයෙක් තමන් දෙස රවා බැලුවේ ඔවුන් පෙම්වතුන් යැයි කියා බැලූ බැල්මෙන්ම තේරුම් ගත් නිසාවෙනි..

සනිරු.. අර ගෑනු කෙනා අපි දිහා බලන් ඉන්නවා.. පිස්සුද මං දන්නෙ නෑ.. බලන්නකො බලාගෙන ඉන්න හැටි.. බසයේ සිටගෙන සිටි සනිරුට මුවා වී තමන් දෙස බලමින් සිටි ගැහැනු කෙනා පෙන්වමින් කීය..

ගණන් ගන්න එපා මායා.. අපි එයා දිහා නොබල ඉමු.. එතකොට හරිනෙ.. බස් රථය මහනුවරට පැමිණෙන විට සවස 6.40 ටප මණ විය.. එවිට වැස්සද නතර වී තිබිණි.. ඉක්මන් ගමනින්ම සනිරු මායාව මාතලේ බස් නැවතුම්පළට රැගෙන ආවේය..

මායා ඔයා මාතලේ ඉන්ටර්සිටි බස් එකක යන්න.. එතකොට ඉක්මනට යන්න පුළුවන්නෙ.. රෑ වෙන්න කලින් මායාට නිවසට යාම සදහා සුඛෝපභෝගී බසයක යාමට සනිරු පැවසුවේය..

හරි.. හරි.. සනිරු මම යන්නම්.. ඔයා යන්නෙ.. කියමින් ඇය සනිරු ගැන වද වෙන්නට විය..

දිගනට යන බස් හැම වෙලේම තියෙනවනේ.. බය වෙන්න එපා මම යන්නම්..

ඒක නෙමෙයි මායා.. ඔයා හෙට උදේ නුවරට එනකොට කීය විතර වෙනවද..? හදිසියෙන් මෙන් සනිරු ඇසීය..

අට විතර වෙනවා..

එහෙනම් මම එනකම් මෙතන ඉන්නවද..?

හා.. හා.. ඉක්මනට එන්න.. මායා සිටි බසය යාමට ස්ටාට් කල නිසා ඒ බව ඉක්මනින්ම ඇය පැවසීය..

මායාට සමු දී දීගන බසයක නැග සනිරු තම නිවසට යන විට 7.45 පමණ විය.. තම අම්මා විසින් පිළියෙල කර තිබූ ආහාර ඇයත් සමගම අනුභව කොට හෝරාවකට ආසන්න කාලයක් සනිරුත් සමග අම්මා කතා කරමින් උන්නේ ඔහුගේ අධ්‍යාපනික කටයුතු පිළිබදවය..

එදින රාත්‍රියේ සනිරු මායා පිළිබදව කල්පනා කරන්නට වූයේ සිත් තැවුලෙන් ගත කළ පෙර දිනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ සැනසුම්දායක සතුටකිනි.. මේ තරම් ඉක්මනට මායා තමාත් සමග හිතවත් වීම පිළිබදව සනිරුට අදහාගත නොහැකි විය.. සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ආශ්‍රය කළ අයෙකු මෙන් සබදතාවයක් ඇති කර ගැනීම ඇය කෙරෙහි උපන් ආදරයක බලා ගැනීමට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇතැයි සනිරුට සිතුනි.. එපමණක් ද නොව ඇය පැවසූ දේවල් යළි යළිත්, යළි යළිත් ඔහුගේ දෙසවන් තුළ රැව් දෙමින් එය නිරායාසයෙන්ම හදවතට කිදාබැස නොමියන නොමැකෙන මතකයන් ලෙසට තැන්පත් වන්නට විය.. මුළු රැය පුරාම ඇය පිළිබදව සිතමින් සොදුරු බලාපොරොත්තුත් පොදි බැද ගනිමින් පසුදා උදෑසන යළිත් ඇය දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් යහනෙහි වැතිරුණු සනිරුට රැය පහන් වූ බවක් සත්තකින්ම නොදැනුණි..

[QUOTE="crazybuddy, post: 13013727, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-1BPgk5TI3wg/T137GQtipyI/AAAAAAAABf4/o1FtupuXAbw/s1600/04.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදින දිවා ආහාරය ගත් අවස්ථාවේ සනිරු, තුෂාරි සහ අනෙකුත් යහළුවන් කතිකා කරගත් ආකාරයටම සනිරු මායාට කතා කිරීමට බස් නැවතුම්පළෙහි පෙරුම්පුරමින් සිටියේය.. එදා සවසද සුපුරුදු පරිදි මායා තුෂාරිත් සමග යාමට දිව ආවේ ඇය මග ඇරෙතැයි සිතූ නිසාය.. එහෙත් පෙර පරිදි කැම්පස් ග්‍රවුන්ඩ් එක ළග බස් නැවතුම්පළෙහි තුෂාරි දකින්නට නොලැබීම හේතුවෙන් මායාගේ මුහුණෙහි කලබල වූ ස්වරූපයක් සනිරුට දැක ගන්නට ලැබුණි.. සිත කලබලට පත් කර ගනිමින් තුෂාරි එතැයි සිතමින් මග බලා උන් මායාට බස් නැවතුම්පළ තුළ සනිරු සිටි බවක් දැක ගන්නට නොහැකි විය... කෙසේ නමුත් අවසානයේදී සනිරු මායාට කතා කරන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එක්ස්කියුස්මී නංගි.. ඔයා තුෂාරි එනකම් නේද බලාන ඉන්නෙ..? ඇයගේ කටහඩ අවදි කර ගැනීමටම සනිරු මායාට පැනයක් නැගුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙත් ඇය කිසිත් නොපවසා නිහඩව සිටියේ ඔහු ඇසූ දෙයට පිළිතුරක් මුවින් විද්‍යාමාන කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි නංගි.. එයා අද හදිස්සියක් වෙලා යාළුවෙක් එක්ක කලින් ගියා කියලා ඔයාට කියන්න කිව්වා.. සනිරු ඇයගේ මුහුණ දෙස බලා ගනිමින් ඒ බොරුව පැවසුවේ ඇයව රැවටීමේ අරමුණින්ම නොව ඇයත් සමග කතා කිරීමට අවැසි වූ නිසාමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තෑන්ක්ස් අයියෙ.. ඔයා සනිරු නේද..? ඊයෙ මට රැග් කරන වෙලාවෙ පැත්තකට වෙලා හිටියෙ.. පෙර දිනයේ සිදුවූ සිදුවීම මායාගේ මතකයේ තැන්පත් වී තිබුණු බව ඇයගේ එම ප්‍රකාශයෙන් සනිරුට හැගුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් නංගි ඒ මම තමයි.. ඔයාට මගේ නම තාම මතකද..? සනිරු පුදුමයෙන් මෙන් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකද මතක නැත්තෙ අයියෙ.. ඒ වෙලාවෙ ඔයා මැදට පැන්නෙ නැත්නම් තව පොඩ්ඩෙන් මට ඇඩෙනවා.. ඔයා පුදුම කෙනෙක් අයියෙ.. අනිත් අය වගේ නෙමෙයි.. ඔයා හරිම අහිංසකයි.. මායාගේ සිතෙහි සනිරු කෙරෙහි ඇති වුණු පවිත්‍ර හිතවත්කම හැගුම්බරව ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මමත් දැක්කා ඔයාගෙ ඇස් වල කදුළු පිරිලා තියෙනවා.. ඒකයි මං චතුරට කෑගැහුවෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි අයියෙ ඔයා ඒ වගේ දෙයක් කවුද කියලා දන්නෙවත් නැති මම වෙනුවෙන් කළේ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම ඔයාව නොහදුනන කෙනෙක් නෙමෙයි මායා.. ඔයා කවුද කියලා මම දන්නවා.. මට දැනෙනවා.. ඒ දන්නෙ මේ දවස් දෙක තුනෙන් නෙමෙයි.. ඇතත්ටම අපි දෙන්නා හදුනන්නෙ පෙර සංසාරයෙ ඉදලා.. ඉතින් ඔයා කවුද කියලා දන්නෙ නැති වෙන්නෙ කොහොමද..? ඇය ඉදිරියේ ඇයගේ දෙනෙත් අභියස තම දෙනෙත් ගැටෙන්නට හරිමින් සනිරු සිතන්නට වූවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මනවද කල්පනා කරන්නෙ අයියෙ..? සනිරුගේ දෙනෙතින් මිදී මායා ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නෑ නංගි.. මේ.. මේ.. නිකං.. කල්පනා කරමින් සිටි සනිරු ඇය ඇසූ දෙයට තිගැස්සී ගොස් පිළිතුරු දුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. එහෙම නම් කමක් නෑ.. මම හිතුවෙ මොකක් හරි ප්රශ්නයනක්කියලා.. මද සිනාවක් පාමින් සනිරු දෙස බලා නැවත බිම බලා නැවතත් ඔහු දෙස බැලීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ මුවින් පිටවුණු ඒ මද හසරැල්ල දවස් දෙක තුනක් ඇය වෙනුවෙන් ප්‍රේමණිය දුක් කන්දරාවෙන් පීඩා විද ගිනියම් වී තිබුණු සනිරුගේ හදවත සිසිල් දිය දෝතකින් සෝදා හැර සුවපත් කළ බවක් ලෙසට දැනෙන්නට විය.. අප්‍රාණික වී ගොස් තිබුණු ඔහුගේ ගත සිත යළි යළිත් සප්රාණික වී පිබිදෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අයියේ.. ඔයා ගොඩක් වෙලාද මෙතනට ඇවිත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ නංගි විනාඩි හතලිහක් විතර ඇති..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතිං ගොඩක් වෙලානෙ අයියෙ..![/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට දැනුණෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි දැනුණෙ නැත්තෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම ඔයා එනකම්ම නෙ හිටියෙ.. ඒ කිව්වෙ.. තුෂාරිගෙ පණිවිඩය ඔයාට කියන්නම ඕනෙ නිසයි.. නැත්නම් ඔයා මෙතන රස්තියාදු වෙනවනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම නිසා ඔයා කරදර වෙනව නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට මේවා කරදරයක් නෙමෙයි නංගි.. කවුරු හරි මොනවා හරි දෙයක් ආසාවෙන් කරනවා නම් ඒක කරදරයක් වෙන්නෙ කොහොමද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හ්ම්.. ඒක නම් ඇත්ත.. ඒත් හැමෝම ඔයා වගේ නෙමෙයිනෙ අයියෙ.. ඔයා වගේ හිතන්නෙ නෑනෙ.. ඇත්තමයි අයියෙ.. ඔය විදියට හිතන පිරිමි ළමයෙක් මීට කලින් මම දැකලම නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමා පිළිබදව මායා සිතන ආකාරය කෙරේ මහමෙරක් තරමට සනිරු නිහතමානී තෘප්තියක් විද ගත්තාත් එය තමා කෙරෙහි දක්වන සෙනෙහසක් ලෙසට වරදවා තේරුම් ගන්නට ඔහු ආත්මාර්ථකාමී වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදා සවස මුළු අහසම අන්දකාරයෙන් වැසී තිබිණි.. වැහි වළාකුළු වලින් බර වී තිබුණු අහස් තලය මතින් වැහි ලිහිණියන් එකා දෙකා ඉගිලෙන්නට පටන් ගත්තේ තව ස්වල්ප මොහොතකින් වරුසාවක් වැටෙන්නට ඉඩ ඇති බවට අනාවැකි පල කරමිනි.. පරිසරය එවැනි වෙනසකට ලක් වුවත් තමන් හෝරාවකට ආසන්න කාලයක් කතා කරමින් සිටි බවක් ඔහුට දැනෙන්නට නොවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අයියෙ.. වෙලාව පහටත් ළගයි.. දැනුණෙවත් නෑ පහ වුණා.. අනික වහින්නත් වගේ.. මායාගෙ මුවින් නිරායාසයෙන්ම එම වදන් පෙළ පිට වූයේ ඇය තුළ බයක් ඇති බව නොපෙන්වමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙලාව පහ වුවත් මුළු මහත් පරිසරයම අන්දකාර කරමින් වැස්සක් වැටෙන්නට ළං ළංව තිබුණත් මායාට අබ මල් රේණුවකවත් බියක් නොදැනුණේ තමන් සමීපයේ විශ්වාස කල හැකි අවංක අයෙකු සිටින නිසායැයි ඇයට හැගෙන්නට වූ නිසාම වන්නට ඇත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි නංගි.. අද බසුත් අඩුයි වගේ.. ඔයාට යන්න වෙලා යනව නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකට කමක් නෑ අයියෙ.. ඒත් රෑ වුණොත් ටිකක් බයක් දැනෙනවා.. මායාගේ පුංචි ඇස් දෙක ලොකු කර ගනිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් නංගි බස් එකක් එනකම් අපි හෙමීට පයින් යමු.. තව තවත් වෙලාව නොයවා රෑ වෙන්නට කලින් මායාට ගෙදර යාම සදහා සනිරු ගමන ඉක්මන් කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. අපි පයින් යමු.. ඒක ඇගටත් හොදයිනෙ.. සනිරුගේ යෝජනාවට මායාද එකග විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙදෙනාම ගහල හන්දියට යාම සදහා පයින්ම ගමන් ඇරඹූ අතර මීටප් පහ හයක් යන තුරුම දෙදෙනා අතර නිශ්ශබ්දතාවයක් ඇතිවිය.. එම නිශ්ශබ්දතාවය තව තවත් රජ කරන්නට ඉඩ නොදී එකෙකු හෝ කතා කිරීමට ප්‍රථමයෙන් මුල පිරිය යුතු බව සනිරුට හැගී ගියේය.. ප්රත්යක්ෂයෙන්ම පිරිමිකම ඉක්මන් නොවන්න ඉසව්වකට ගැහැනුකම පෙර ගමන් යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථය සනිරු තුළ එම මොහොතේදී ඇතිවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නංගි ඔයා කැම්පස් එකට ආපු ඉස්සරෝම දවසෙ හවස නුවරට යනකොට රෑ හත හමාර වුණා නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිශ්ශබ්දතාවයෙන් සිටි මොහොතේ සනිරු ඇසූ ප්‍රශ්නයට මායා පිළිතුරු දුන්නේ එම හුදෙකලාව බවින් මිදී මහත් ඕනෑකමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. මොහොතක් කල්පනා කරමින් සිටි මායා.. ඔව්.. අයියා දන්නෙ කොහොමද..? ඇය පෙරලා ප්‍රශ්න කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මද සිනාවක් පෑ සනිරු නැවතත් ඇය දෙස බලා සිනා සී අනේ..! අනේ..! නංගි ඔයාට මතක නැද්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ සනිරු අයියෙ..? ඇයි ඔයා හිනා වෙන්නෙ..? මොනවද මතක නැත්තෙ කියලා මගෙන් ඇහුවෙ..? අනේ කියන්නකො.. පාරෙ ඉදිරියට ඇදෙමින් සිටි මායා සනිරු අභියසට ගොස් මදක් නැවතී ඔහුගේ දකුණු අත අල්ලා ගනිමින් පුංචි දැරියක මෙන් හුරතලින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජාති, කුල, ආගම්, භාෂා ආදී සෑම භේදයකින්ම සිමා බන්ධන නොමැති අවසානයක් නොමැති අනන්තය දක්වා බැදෙන අති උතුම් පාරිශුද්ධ අසීමාන්තික ප්‍රේමයේ පහස විදින්නට දෙනෙතින් කදුළු ගංගා හැලෙන්නට ඉඩ දෙමින් ඒ කදුළෙන් හදවතේ ගැඹුරුම කුටීරයේ අප්‍රමාණ වූ දුක් වේදනාවෙන් සිරකර ගනිමින් ජීවත්වන ප්‍රේමවන්තයෙකුට තමාට අවැසි ව සිටිනා මනු දිව්‍ය අප්සරාවියගේ සියුමැලි දෑතෙහි ගැබ්ව පවතින සංස්පර්ශයේ මිහිර මොන තරම් වූ සැනසුමක් ලබා දෙනවා ඇත්ද..? සත්තකින්ම ඒ සැනසුම මායාගෙන් සනිරුට ලැබුණු බව ඔහුගේ දෙනෙතින් නික්මුණු ආලවන්ත බැල්මෙන් මායාටද සගවන්නට නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියන්නකො..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදා ඔයා බස් එකේ යනකොට බෑග් එක දුන්නෙ කාටද කියල දන්නවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැහැ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා ඒ බෑග් එක දුන්නෙ මටයි.. සනිරු ඒ බව මායාට පැවසුවත් ඇයට ඒ පිළිබදව සිතා ගැනීමටවත් නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇත්තමද සනිරු අයියෙ ඔයා කියන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් ඇත්තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හෘර්දයාංගම ආමන්ත්‍රණය කෙනෙකුගේ ගත සිත සංතෘෂ්ඨියෙන් පුබුදුවාලන්නට තරම් ප්‍රබල වන්නේය. එය මොහොතන් මොහොත ඇසෙන්නට පටන් ගත්තාම, හදවතට දැනෙන්නට පටන් ගත්තාම පවතින ද්වීපාර්වික සබදසතාවයේ ශක්තිය තීව්රර කරන්නට තරම් සහේතුවක් වන්නේය.. මෙකී හැගීම සනිරු තුළ ප්‍රථමයෙන්ම සන්තානගත වූයේ අයියේ කියා මායා අමතන්නට පටන ්ගත් මොහොතේදීය.. එහෙත් මායාගේ ඉහවහා ගිය සතුටත් සමගම මුවින් පිටවූ සනිරු කියන තම නම පමණක් කියනවට වඩාත් ඔහු කැමති විය.. අයියේ කියන ආමන්ත්‍රණයේ සෙනෙහස, ආදරය අප්‍රමාණව තිබෙන බව දැනුණත් තම නම පමණක් ආමන්ත්‍රණය කිරීම තුළ ඊටත් වඩා ප්‍රේමයක්, සෙනෙහසක් ඇති බව සනිරුට හැගී ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නංගි මම ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්නද..? හැබැයි කැමති වෙනවද..? ඇය ඊට කැමති වේද, නොවේද යන සංශයෙන් සනිරු ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් කියන්නකො.. පුළුවන් දෙයක් නම් කැමති වේනනම්.. අමාරු දෙයක් නම් කල්පනා කරල කියන්නම්.. දෙපැත්තටම සරිලන සේ මායා පිළිතුරු දුනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මීට පස්සෙ ඔයා මට.. කියමින් පැවසීමට ගිය දෙය මදකට අඩාල කළේ ඒ බව එකවරම පැවසීමට නොහැකි නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිනරුගේ මෙම මන්දගාමී වචන තුන හතර ඇසූ මායා කලබලයට පත් වී හඩා වැලපෙන්නට ළංව ආදරයකින් මෙන් සනිරුට දොස් නගන්නට වූයේ ඔහු පැවසීමට ගිය දෙය සම්පූර්ණ කිරීමටත් ප්‍රථමයෙන් ඒ පිළිබදව ක්ෂණිකව තීරණයකට එළඹෙමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි..හරි.. මට තේරෙනවා.. ඔයා කියන්නෙ මීට පස්සෙ ඔයත් එක්ක කතා නොකර ඉන්න කියලනේ.. ඇය පාරෙහි හුදකලාව ඉදිරියට ඇදුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාට පිස්සුද..? මම මේ කියන්න ගියේ වෙන දෙයක්.. ප්ලීස්.. ප්ලීස්.. ඔහොම නවතින්න.. ඉදිරියට යමින් උන් මායාට අත දිගු කරමින් සනිරු කතා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සිටි ස්ථානයේ සිට මීටර් තුනක් පමණ ඉදිරියට ගිය මායා එකවරම නැවතුනේ සනිරු පැවසීමට ගිය වෙන දෙය දැන ගැනීමට සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකක්ද ඔයා කියන්න ගියේ..? ඉක්මනට කියන්න.. ව්‍යාජත්වයට මවා ගත් කෝපයකින් මෙන් මායා ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අයියෝ.. මම එහෙම දෙයක් නෙමෙයි කියන්න ගියේ.. ඔයා ඇයි ඒ විදියට හිතුවෙ..? අනික ඔය තරම් ඉක්මනට.. මම කියන්න ගියේ මීට පස්සෙ මට සනිරු කියලා විතරක් කියන්න කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම හොදටම බය වුණා.. මම හිතුවෙ මීට පස්සෙ ඔයා මට කතා නොකර ඉදී කියලා.. ඒකයි මම ඒ විදිවට ඉක්මන් වුණේ.. ම්.. හරි.. සනිරු අයියෙ මම ඔයාට මීට පස්සෙ සනිරු කියල කතා කරන්නම්.. හැබැයි ඔයත් මට නංගි කියන්නෙ නැතුව මායා කියලා කාත කරන්න ඕනෙ හරිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. අපි දෙන්නම නම් කියලා විතරක් කතා කරමු.. එම සම්මුතියට සනිරුද එකග විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විශ්ව විද්‍යාලයත් ගලහ හන්දියත් අතර ඇති දුර ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා පැමිණි සනිරුට සහ මායාට අවට පරිසරයෙන් පෙන්නුම් කල අනාවැකිය සනාථ කරමින් මහ වරුසාවක් වැටෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඕ.. ෂීට්.. මායා නංගි වහිනවනෙ.. දැන් මොකද කරන්නෙ..? දෙදෙනා එකග වූ සම්මුතිය මොහොතකින් සනිරුට අමතක විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඕන්.. ඉතින් ආයෙමත් නංගි.. මොකක්ද සනිරු..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සොරි සොරි සොරි මායා.. දැන් හරිනෙ.. දෙසවන පිනවන හදවත අවදි කරවන ඒ ආදරණිය නම සනිරු පැවසුවේ වැස්සේ තෙමීගෙනය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ඔයා තෙමෙනවනේ.. පොඩ්ඩක් ඉන්න මං ළග කුඩයක් තියෙනවා.. මායා වැසේසෙ තෙමි තෙමි තමා ගැනද නොසිතා සනිරු වැස්සෙන් ආරක්ෂා කර ගැනීමට තම බෑගයෙන් කුඩය ඉවතට ගත්තාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා බෑගයෙන් කුඩය ඉවතට ගන්නා විට දෙදෙනාම තෙමී ගොස් ඇදුම්ද තෙත් වි තිබිණි.. කෙසේ නමුත් මායා කුඩය ඉසලා ඒ තුළට පැමිණෙන ලෙසට සනිරුට කතා කරන විටද ඔහු වැස්සෙහි තෙමෙමින් උන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු කුඩේ යටට එන්න.. තවත් තෙමෙනවනෙ.. ඉක්මන් කරන්න සනිරු මොනවද බල බල ඉන්නෙ..? වැස්සේ තෙමෙමින් උන් සනිරුට මායා කතා කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා ඇරයුම් කළ සැණින්ම සනිරු කුඩය යටට නොපැමිණියේ ලැජ්ජා නිසා නොව ඒ තුළට තමාද යාමෙන් ඇය තව තවත් තෙමී බසයක නැග යාමටවත් නොහැකි වෙතැයි සිතූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා කුඩය පුංචියිනෙ.. මම නිසා ඔයා තවත් තෙමෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකට කමක් නෑ.. අපි දෙන්නම සමානව තෙමෙමු.. ඔයා තෙමෙද්දි මම කොහොමද කුඩේ යටින් යන්නෙ..? කියන දේ අහලා කුඩය යටට එන්න සනිරු.. ආවෙ නැත්නම් කුඩය විසි කරලා මාත් තෙමෙනවා.. ඇඩ කුඩය විසි කිරීමට සැරසුණාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. එනවා.. දැන් යමුද එහෙනම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිතුවක්කාරයා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කවුද..? මම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් ඔයා තමා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමාත් සමග ඇය හැසිරෙන ආකාරය පවසන සියුමැලි බොළද වදන් සැබැවින්ම පෙම්වතුන් නොවන ප්‍රමාණයට වඩා පෙම්වතුන් ලෙසට පත් කරමින් අරුණුසිවාදි සුපෙම් ලොවෙහි ගත කරන හෝරා කිහිපයක් ලෙසට පත් කර ඇතැයි යන හැගීමට සනිරු තුළ ඇතිවිය.. එම හැගීමෙන් ඔහු මොහොතකට පෙම්වතෙකු වුවත් එම මොහතෙ කල්පාන්තරයක් බවට පත් කර ගැනීමට ඇයගේ හදවතෙහි තමා ලෙසට රූපණය වී ඇත්ද යන්න දැන ගැනීමට සනිරු තුළ වූවේ පුදුමාකාර නොඉවසිල්ලකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා හැද සිටි මල් මල් සුදු පාට දැලක් වාගේ බ්ලවුසය වැස්සට තෙමී ගොස් තිබීම නිසා ඇයගේ ශරීරයට එය ඇලී ගොස් තිබිණි.. එම නිසා ඇයගේ තුගු දෙළැම වඩා හොදින් මතුව පෙනෙන්නට විය.. සනිරුගේ දකුණු අතෙහි වැලමිට ඇයගේ වම්පස තන පුඩුවෙහි ස්පර්ශ වෙමින් තිබුණත් ඒ පිළිබදව වැඩි සැලකිල්ලක් ඇයට නොවිය.. වැස්සට තෙමී ගොස් තිබුණු මායාගේ දිගට කෙස් වැටිය සනිරුගේ දෑතෙහි ස්පර්ශ වෙත්ම තව තවත් තව තවත් පවිත්‍ර වූ කුළුදුල් ආස්වාදයක් ඔහුට දැනෙන්නට විය.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා ඔයා එවලෙ බය වුණා කිව්වෙ ඇයි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි සනිරු.. මීට කලින් මම පිරිමි ළමයෙක් මේ තරම් ඉක්මනින්න යාළුවෙක් විදියට පිළිගෙන ආශ්‍රය කරලා නෑ.. ඒත් ඔයා මේ තරම් ඉක්මනට මගෙ ජීවිතයට හොද යාළුවෙක් වුණා.. ඇත්තමයි.. මට ඒ ගැන හිතාගන්නවත් බෑ.. ඉතින් මම බය වුණා ඔයා මට නැති වෙයි කියලා.. ඒ කියන්නෙ.. කතා නොකර ඉදියි කියලා.. ඔයා මට පොරොන්දු වෙන්න හැමදාමත් මගෙත් එක්ක ඉන්නවා කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බය වෙන්න එපා මායා, මම හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු අන්න.. බස් එකක් එනවා.. අපි ඉක්මනට එහා පැත්තට යමු.. දෙදෙනාම පාරේ දකුණු පස සිට වම් පසට දිව ගියේ බසයේ නැගීම සදහාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා ඉක්මනට නගින්න.. කුඩේ මට දෙන්න.. ඇයගේ අතෙහි තිබුණු කුඩය සනිරු රැගෙන එය අකුලා අවසානයට ඔහු බසයට ගොඩ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බසයේ සිටි අවුරුදු තිස්පහක පමණ ගැහැණු අයෙක් තමන් දෙස රවා බැලුවේ ඔවුන් පෙම්වතුන් යැයි කියා බැලූ බැල්මෙන්ම තේරුම් ගත් නිසාවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. අර ගෑනු කෙනා අපි දිහා බලන් ඉන්නවා.. පිස්සුද මං දන්නෙ නෑ.. බලන්නකො බලාගෙන ඉන්න හැටි.. බසයේ සිටගෙන සිටි සනිරුට මුවා වී තමන් දෙස බලමින් සිටි ගැහැනු කෙනා පෙන්වමින් කීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගණන් ගන්න එපා මායා.. අපි එයා දිහා නොබල ඉමු.. එතකොට හරිනෙ.. බස් රථය මහනුවරට පැමිණෙන විට සවස 6.40 ටප මණ විය.. එවිට වැස්සද නතර වී තිබිණි.. ඉක්මන් ගමනින්ම සනිරු මායාව මාතලේ බස් නැවතුම්පළට රැගෙන ආවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා ඔයා මාතලේ ඉන්ටර්සිටි බස් එකක යන්න.. එතකොට ඉක්මනට යන්න පුළුවන්නෙ.. රෑ වෙන්න කලින් මායාට නිවසට යාම සදහා සුඛෝපභෝගී බසයක යාමට සනිරු පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. සනිරු මම යන්නම්.. ඔයා යන්නෙ.. කියමින් ඇය සනිරු ගැන වද වෙන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිගනට යන බස් හැම වෙලේම තියෙනවනේ.. බය වෙන්න එපා මම යන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක නෙමෙයි මායා.. ඔයා හෙට උදේ නුවරට එනකොට කීය විතර වෙනවද..? හදිසියෙන් මෙන් සනිරු ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අට විතර වෙනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් මම එනකම් මෙතන ඉන්නවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. හා.. ඉක්මනට එන්න.. මායා සිටි බසය යාමට ස්ටාට් කල නිසා ඒ බව ඉක්මනින්ම ඇය පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාට සමු දී දීගන බසයක නැග සනිරු තම නිවසට යන විට 7.45 පමණ විය.. තම අම්මා විසින් පිළියෙල කර තිබූ ආහාර ඇයත් සමගම අනුභව කොට හෝරාවකට ආසන්න කාලයක් සනිරුත් සමග අම්මා කතා කරමින් උන්නේ ඔහුගේ අධ්‍යාපනික කටයුතු පිළිබදවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදින රාත්‍රියේ සනිරු මායා පිළිබදව කල්පනා කරන්නට වූයේ සිත් තැවුලෙන් ගත කළ පෙර දිනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ සැනසුම්දායක සතුටකිනි.. මේ තරම් ඉක්මනට මායා තමාත් සමග හිතවත් වීම පිළිබදව සනිරුට අදහාගත නොහැකි විය.. සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ආශ්‍රය කළ අයෙකු මෙන් සබදතාවයක් ඇති කර ගැනීම ඇය කෙරෙහි උපන් ආදරයක බලා ගැනීමට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇතැයි සනිරුට සිතුනි.. එපමණක් ද නොව ඇය පැවසූ දේවල් යළි යළිත්, යළි යළිත් ඔහුගේ දෙසවන් තුළ රැව් දෙමින් එය නිරායාසයෙන්ම හදවතට කිදාබැස නොමියන නොමැකෙන මතකයන් ලෙසට තැන්පත් වන්නට විය.. මුළු රැය පුරාම ඇය පිළිබදව සිතමින් සොදුරු බලාපොරොත්තුත් පොදි බැද ගනිමින් පසුදා උදෑසන යළිත් ඇය දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් යහනෙහි වැතිරුණු සනිරුට රැය පහන් වූ බවක් සත්තකින්ම නොදැනුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom