Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි අම්මෙ.. තුෂාරි සම මායා එම පුටුවෙහි වාඩි වූහ..

සනිරුගේ නිවස මොන තරම් දුප්පත් වුණත් තමන් වාඩි වී සිටින පුටුව මොන තරම් දුප්පත් වුණත් සනිරුගේ ශිෂ්ටසම්පන්න හැදියාවේ තිබෙන කාරුණිකබව, නිහතමානිබව, හදවතේ තිබෙන අප්‍රමාණ වූ සෙනෙහස, දයාව මොන තරම් පොහොසත්ද යන්න මායාගේ හදවතට දැනෙන්නට වූවාය..

පුතේ..! අපේ කොල්ලා ආවෙ නැද්ද..? ඊයෙ එන්නෙත් නෑ කියලා නිකමටවත් මට කිව්වෙ නෑනෙ.. ඊයෙ සනිරු නේවාසිකාගාරයෙද හිටියෙ පුතේ..? සනිරුගේ මව තුෂාරිගේ සහ මායාගේ නිහඩ මුහුණු දෙස බලමින් ඇසීය..

ඒක තමයි අම්මෙ අපි මේ කියන්න ආවෙ.. පුටුවේ වාඩි වී සිටි තුෂාරි ඉන් නැගිට සනිරුගේ මව සමීපයට ගොස් පැවසීය..

මොක්කද පුතේ කියන්නයි ආවෙ කිව්වෙ..? තුෂාරිගේ මුහුණ දෙස බලමින් ඇය ඇසීය..

මේකයි අම්මෙ.. එකවරම කියා ගත නොහැකිව තුෂාරි මායා දෙස බැලීය..

අනේ පුතේ..! මොකක්ද.. මේකයි.. මේකයි කියන්නෙ..?

අම්මෙ.. අපි මේ කියන දේ අහලා කලබල වෙන්න එපා.. අනික දැන් කලබල වෙන්න දෙයකුත් නෑ.. මොකද දැන් ඒ තරම්ම අමාරුවක් නෑ සනිරුට..

අමාරුවක් කිව්වෙ.. මගේ කොල්ලට.. කියන දෙයක් වහෙන්ඔරොව නැතුව කියපල්ලා පුතේ..! ඇය බැගෑපත් වූවාය..

අමේමෙ.. ඊයෙ සනිරුට පොඩි කරදරයක් වුණා.. කැම්පස් එකේ ඉදලා.. ඒත් දැන්නම් බය වෙන්න දෙයක් නෑ අම්මෙ.. මායා සනිරුගේ මව සමීපයට පැමිණ ඇයගේ අතදෙක අල්ලා ගනිමින් පැවසීය..

දෙයියනේ..! මගේ අහිංසකයට මොකද වුණේ..? මායා විසින් අල්ලා ගැනුණු ඇයගේ දෑත් ඉන් ඉවතට ගෙන තම මුහුණෙහි තබාගෙන වැළපෙන්නට වූවාය..

අම්මෙ.. දැන් බයවෙන්න එපා.. ඒක අම්මගෙ සෞඛ්‍ය තත්වයට හොද නෑනෙ.. අනික සනිරුට දැන් එච්චරම අමාරුවක් නෑ.. ඇයගේ වැළපීම වැලැක්වීමට මායා වෑයම් කළාය..

ඔව් අම්මෙ, ඩොක්ටර්ලත් කිව්වා බයවෙන්න දෙයක් නෑ කියලා..

ඒත් පුතේ.. සනිරුට මොකද වුණේ..? මේ විදිහට ඉස්පිරිතාලෙ නවතින්න තරම්.. සනිරුට සිදුවූ කරදරය කුමක්ද යන්න පිළිබදව දැන ගැනීම සදහා ඇය ඇසීය..

ඇය සිටින රෝගාතූර තත්වය හේතුවෙන් සනිරුට සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය එලෙසින්ම බරපතල ලෙස පැවසීම ඇයගේ ජීවිතයට අවධානමක් වේයැයි සිතූ තුෂාරි එය ඉතාම සැහැල්ලු ආකාරයෙන් පැවසීය.. එහෙත් එවැනි සිදුවීමක් වීමට හේතුව සනිරුගේත් මායාගේත් ආදරය බව ඇයට නොපැවසුවේ එය සනිරු විසින්ම තම මවට පැවසිය යුතු නිසාත් එය පැවසීමට මායාටත් තුෂාරිටත් ශක්තියක් නොතිබුණු නිසාත්ය..

අනේ..! මගේ කොල්ලට මේක කරපු එවුන්ට හොදක් නම් වෙන්න එපා දෙයියනේ..! කාටවත් කරදරයක් හිරිහැරයක් කරන්නේ නැති හින්දද මේ වගේ අපරාධයක් මගේ කොල්ලට කරේ.. සනිරුගේ මව ඔවුන්ට ශාප කළේ තම දෑත් අහස දෙසට දිගු කරමිනි..

ඔව් අම්මෙ.. සනිරුට මේ දේ කරපු අයට දෙවියන්ගෙන් විතරක් නෙමෙයි, නීතියෙනුත් ගැලවීමක් වේනනෙ නෑ.. තම මුවට ආවේශ වූ කෝපයත් සමග මායා පැවසීය..

මගේ කොල්ලා දැන් ඉන්නෙ මොන ඉස්පිරිතාලෙද..?

පේරාදෙණියෙ එකේ අම්මෙ..

කෑම එහෙම කනවද මන්දා මගේ කොල්ලා..

ඒ ගැන හිතන්න එපා අම්මෙ.. ඒ හැම දෙයක්ම සනිරු වෙනුවෙන් අපි කරනවා..

අනේ..! මගේ කොල්ලා මට බලන්ට යනට ඕනි පුතේ..

අම්මා කරදර වෙන්න එපා.. සමහර විට හෙට සනිරුගෙ ටිකට් කපයි.. අනික අපි හැමෝම ඉන්නවනේ.. ඇයගේ රෝගාතූර තත්වට පිළිබද සිතමින් තුෂාරි එලෙස පැවසීය..

ඒත්.. මට මගේ දරුවව බලන්නෙ නැතුව ඉන්න බෑ පුතේ..

අපිට තෙරෙනවා, අම්මගෙ හිතේ තියෙන දුක.. ඒත් අම්මා ගැනත් පොඩ්ඩක් හිතන්නකො අම්මෙ.. අපි කිසිම අඩුවක් සනිරුට කරන්නෙ නෑ..

දූලා වගේ ගුණ යහපත් යාළුවො අපේ සනිරුට ඉන්න එක මොන තරම් එකක්ද..? ඇය මායාත් තුෂාරිත් පැවසූ දේවල් කෙරේ පැහැදීමට ලක්වූවාය..

මායා අපි දැන් යමුද..?

ඔව් තුෂාරි අක්කෙ, අපි යමු..

එහෙනම් අම්මෙ.. අපි දැන් යන්නම්.. සනිරු බලන්නත් ඕනි.. අම්මා බයවෙන්න නැතුව ඉන්න..

පරිස්සමින් යන්න පුතේ..

සනිරුගේ මවගේ දෙපා නැමැද මායා සහ තුෂාරි නිවසින් එළියට පැමිණියේ සිතෙහි දුකක්ද රදවාගෙනය.. ඒ තමන්ටවත් දරාගත නොහැකි දුක්ක ඇය අම්මා කෙනෙකු වශයෙන් කෙලෙස උහුලා ඉන්නේද යන හැගීම පිළිබද ඔවුන්ට සිතෙන්නට වූ නිසාය..

පේරාදෙණියට පැමිණි මායා සහ තුෂාරී සනිරුට සිදු වූ සිදුවීම පිළිබදව පැමිණිල්ලක් කිරීම සදහා පේරාදෙණිය පොලීසියට යාමට තීරණය කළහ..

තුෂාරි අක්කෙ, අපි මේ ගැන පොලීසියට පැමිණිල්ලක් කරමුද..? නැත්නම් ආයෙමත් සනිරුට කරදරයක් වෙන්න පුළුවන්.. රකිත කියන්නෙ මහ නරුමයෙක්.. මොනවා හරි දෙයකින් එක පාරකින් දෙපාරකින් සෑහීමකට පත් වෙන්නෙ නැති තිරිසනෙක්..

ඒක හොදයි මායා.. අපි මෙහෙම හරි දෙයක් නොකරොත් උගේ චණ්ඩිකම් කවදාකවත් නතර වෙන්නෙ නෑ.. තුෂාරිද මායාගේ තීරණයට එකග විය..

එහෙනම් අපි පොලීසියට යමු නේ..

ඒත් මායා.. ඔයාට ප්‍රශ්නයක් වෙයිද..? නැවතත් තුෂාරී ඉදිරිය ගැන සිතන්නට වූවාය..

ඌ මට මොනවා කරන්නද..? මම ඌට බය නෑ.. ඒත් සනිරුට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතෙන් තේරුමක් නෑ අක්කෙ.. සනිරු ජීවත් වුණොත් විතරයි මට මේ ලෝකෙ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නෙ.. ඉතින් ඒ වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. කාටවත් බය වෙන්නෙ නෑ..

පොලීසිය තුළට පැමිණි මායාගේ සහ තුෂාරිගේ හදවත නොසන්සුන් අයුරින් හෘර්දස්පන්දනය වූයේ කිසිදිනක පොලීසියට පැමිණ නොමැති වීමෙන් ඇති වූ නුපුරුදු බිය නිසාය.. එහෙත් තමන් පැමිණි අරමුණ ඉටු කර ගැනීම වස් කෙසේ හෝ සිත දැඩි කොට ගනිමින් සිදු වූ සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම පැමිණිලි සටහන් කරමින් උන් පොලිස් නිලධාරියාට පැවසූහ..

ඔය කියන්නෙ.. සූරියවංශ කාරියවසම්ගෙ පුතා ගැන නේද..? රකිතගේ නම ඇසූ පමණින් පොලිස් නිලධාරියා මායාගෙන් සහ තුෂාරිගෙන් විමසිය..

ඔව් සර්.. එයා තමයි.. එයා විතරක් නෙමෙයි එයාගෙ යාළුවොත් මේකට සම්බන්ධයි.. මායා තුළ රකිත කෙරෙහි තිබෙන වෛරය නිසා පොලිස් නිලධාරියා ඇසූ දෙයට විගසින් පිළිතුරු දුණි..

ඒත් මේ වගේ දෙයක් වෙන්න හේතුව මොකක්ද..?

මේකයි සර්.. මායාගෙයි සනිරුගෙයි අතර සම්බන්ධයක් තියෙනවා.. ඉතින් ඒකට ඔය රකිත කැමති නෑ.. මොකද මායා කසාද බන්දලා දෙන්න යන්නෙ එයාට.. ඒත් මායා එයාට කැමති නෑ.. ඒ නිසයි මේ විදියට මෙයාලට කරදර කරන්නෙ..

හරි.. හරි.. මට දැනුයි තේරෙන්නෙ.. කාරියවසම් පරම්පරාවෙම පුරුද්දක් තමයි.. හැම දෙයක්ම බලෙන් අයිති කරගන්න යන එක.. ඔයාලා බයවෙන්න එපා.. අපි මේ ගැන බලාගන්නම්..

ප්ලීස් සර්.. මොනවා හරි කරන්න.. රකිත කියන්නෙ යක්ෂයෙක් වගේ මිනිහෙක්.. මායා නැවත නැවත රකිතගේ නොමිනිස්කම පිළිබද කියන්නට වූවාය..

අපිත් දන්නවා ඒක.. මිනිහා මහ අමාරුකාරයා.. තාත්තට දෙවනි නෑ.. ඒත් අපේ රාජකාරිය අකුරටම කරනවා.. ඔයාලා බයවෙන්න එපා.. අපි දැන්ම හොස්පිට්ල් එකට ගිහින් ලෙඩාගෙන් කට උත්තරයක් ගන්නම්..

තැන්ක් යූ වෙරි මච් සර්.. පොලිස් නිලධාරියාගෙ අපක්ෂපාතී ප්‍රකාශ වලට ගරු කිරීමක් වශයෙන් මායා ඔහුට ස්තුති කළාය..

පොලීසියට ගිය මායා සහ තුෂාරී ඉක්මන් ගමනින් රෝහලට ගියේ සනිරු දැක ගැනීම සදහාය.. ඔවුන් යන විට ප්‍රදීප්, චතුර දර්ශනි සහ මායාගේ යෙහෙළිය වූ වසන්තිකාද පැමිණ සිටියහ..

අන්න.. මායා එනවා.. දර්ශනී පැවසීය..

සනිරු දැන් ඔයාට කොහොමද..? ඊයෙ රෑ ඔයාට නින්ද ගියාද..? අසලින් වාඩි වූ මායා ඔහුගේ හිස පිරිමදිමින් ඇසීය..

දැන් නම් අමාරුවක් නෑ මායා.. ඇයගේ අත අල්ලා ගනිමින් සනිරු පිළිතුරු දුන්නේය..

ආ.. සනිරු, අපි මේ ගැන අම්මට කිව්වා.. ඒ බව පැවසීමට අමතක වී සිටි තුෂාරි එක පාරටම පැවසීය..

අම්මා බය වුණාද..? ඇඩුවද..? සිය අම්මාගේ තත්වය දැන ගැනීම සදහා සනිරු තුළ බියක් ඇතිවිය..

බය වුණා විතරක් නෙමෙයි සනිරු.. හොදටම ඇඩුවා.. ඒත් කොහොම හරි අම්මගෙ හිත හැදුවා.. අම්මා එන්නත් ලෑස්ති වුණා.. බොහෝම අමාරුවෙන් නතර කරගත්තෙ..

පව්.. මගේ අසරණ අම්මා.. මොන තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද..?

ඒ මම නිසයි සනිරු..

එහෙම කියන්න එපා මායා.. මේක අපි දෙන්නගෙම ප්‍රශ්නයක්..

වෙන්න පුලුවන් සනිරු.. ඒත්..

ඒත් නෙමෙයි.. එහෙමයි.. තේරුණාද..?

හ්ම්..

ඒක නෙමෙයි සනිරු.. අපි මේ ගැන පොලීසියට කිව්වා.. ඔයාගෙන් කට උත්තරයක් ගන්න ආවාම හැම දෙයක්ම කියන්න..

ඇයි මායා පොලීසියට කිව්වෙ..? ඔයාට මගෙන් අහන්න තිබුණනෙ..

ඔයාගෙන් ඇහුවනම්, එපා කියන නිසයි මම එහෙම කළේ..

ඒත්.. මායා, ඔයාට අර තිරිසනා මොනවා නොකරයිද..? මට මං ගැන නෙමෙයි බය.. ඔයා ගැනයි..

මට මොකුත් වෙන්න නෑ සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකම්.. මායා සනිරුට ගෙන ආ සුප් එක හැන්දකින් පොවමින් පැවසීය..

හෝරාවකට ආසන්න කාලයක් සනිරු ළග සිටි මායා ඇතුළු අනෙකුත් යහළුවන් විශ්ව විද්‍යාලයට යන්නට සූදානම් වූයේ නැවත සනිරු බැලීමට පැමිණෙන බව පවසමිනි..

ඔවුන් රෝහලෙන් පිටවී පැය දෙකකට පමණ පසු පොලිස් නිලධාරීන් දෙදනෙක් සොයමින් රෝහලට පැමිණියේ මායා කළ පැමිණිල්ල හා සනිරුගෙන් කට උත්තරයක් ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය..

ඔයාද සනිරු ගුණසිංහ කියන්නෙ..? පැමිණ පොලිස් නිලධාරියෙකු ඇසීය..

ඔව් සර්, මමයි..

ඊයෙ ඔයාට රකිත කාරියවසම් මේ විදිහට පහර දීම සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නෙ..?

පොලිස් නිලධාරියා ඇසූ ප්‍රශ්නයට සනිරු කිසිම දෙයක් නොසගවා සෑම දෙයක්ම ඒ අයුරින්ම පැවසුවේය.. තමාත් මායාත් එකිනෙකාට ආදරය කරන බව පැවසූ සනිරු මායාගේ දෙමාපියන් බලහත්කාරයෙන්ම රකිතට මායා කසාද බන්දා දීමට උත්සාහ කරන බවද ප්‍රකාශ කළේය.. රකිත කෙරෙහි මායා තුළ අපැහැදීමක් තිබෙන නිසාත් තමා මායාට ආදරය කරන නිසාත් මෙවැනි දෙයක් සිදු වූ බව සනිරු පොලිස් නිලධාරියාට අවසානයෙදී පැවසුවේය.. තුෂාරි පැවසූ පැමිණිල්ලෙහි සදහන් වූ දේත් සනිරු දුන් කට උත්තරයේත් කිසිදු පරස්පරයක් දක්නට නොමැති බව තේරුම් ගත් පොලිස් නිලධාරියා ඒ පිළිබදව නීතිමය පියවර ගන්නා බවට සනිරුට ප්‍රකාශ කර සිටියේය..

එදා සවස සනිරු බැලීමට රෝහලට පැමිණිමට අවස්ථාව ලැබුණේ මායාට පමණි.. මායා විශ්ව විද්‍යාලයේ සිට බසයක නැග පේරාදෙණිය රෝහලට පැමිණෙන විට සවස 4.30 ත් පසු වී තිබිණි.. එදා දහවල් ද සනිරු බැලීමට එන්නට නොහැකි වූ මායා ඉක්මනින්ම සනිරු සිටි වාට්ටුවට ගියාය..

සොරි සනිරු.. මට එන්න විදියක් තිබුණෙ නෑ.. අද එක දිගටම ලෙක්චර්ස් තිබුණා..

ඒකට කමක් නෑ මායා.. ඔයාගෙ ලෙක්චර්ස් මග හැරගන්න එපා.. දවල් ප්‍රදීපුයි චතුරයිත් ආවනෙ..

ඒ අයත් අද මට හම්බවුණේ නෑ..

සනිරු ඔයාට බඩගිනිත් ඇති නේද..? මම එන්නත් වෙලා ගියා.. ඔහු ළගින් වාඩි වූ මායා ගෙන ආ පාර්සලයක් දිග හරිමින් කීය..

ඔයා මගේ ළගට වෙලා ඉන්නවා නම් මට බඩගින්නක් දැනෙන්නෙ නෑ මායා..

හා.. හා.. දැන් කතාව නවත්තලා මේ ඉදි ආප්ප ටික කන්න.. තමන්ගේ අතින්ම ඇනූ ඉදි ආප්ප මායා සනිරුට කැව්වේ පුංචි දරුවෙකුට කවන්නට මෙනි..

මායා ඔයාත් කන්න..

ඉස්සරෝම ඔයා කන්නකො.. ඊට පස්සෙ තමා මම කන්නෙ..

අනේ මායා..! දැන් නම් ඇති.. හොදටම බඩ පිරිලයි තියෙන්නෙ.. මායාගේ අත අල්ලා ගනිමින් සනිරු පැවසුවේ ඇත්තටම බඩ පිරී තිබූ නිසාය..

එහෙනම් ඒ ටික ඔයා කන්න.. දැන් මම කාලා ඉවරයිනෙ..

හ්ම්.. මම කන්නම්.. හැබැයි ඔයා මට කවන්න ඕනි.. නැත්නම් කන්නෙ නෑ..

මායා මිනිස්සු ඉන්නවනෙ.. වටපිට බැලූ සනිරු මුවට නැගුණු මද සිනාව සගවා ගනිමින් පැවසුවේය..

ඇයි ඔයාට ලැජ්ජද සනිරු..? ලැජ්ජ වෙන්න එපා.. මම ඔයාට කැව්වෙ.. අනික ඔයා කැමති නෑ නේද ඔයාගෙ අත දෙකෙන් මට කවන්න.. සනිරු දෙස බලමින් සිටි මායා තම මුහුණ ඉන් ඉවතට ගෙන පුංචි තරහක් පෙන්විය..

අම්මේ.. මේ අහිංසක ආඩම්බරකාරිට තරහ ගියා නේද..? මම විහිළුවක් කළේ.. ඔයා මොනවද කියන්නෙ කියලා බලන්න.. මායා අත ඉතිරි වී තිබුණු ඉදි ආප්ප පාර්සලය ගෙන තමන්ගේම අතින් සනිරු මායාට කැව්වේය..

ලෙඩුන් බැලීමට වෙන් කර තිබූ පැයක පමණ කාලය අවසන් වීමට තවත් විනාඩි පහක පමණ සුළු වේලාවක් ඉතිරි වි තිබිණි.. මායාට සනිරු තනිකර දමා යන්නට හිත ඉඩ නොදුන්නත් කෙසේ හෝ එය කිරීමට සිදුවූයේ එය පිරිමි වාට්ටුවක් නිසාත් තම පියාගේ සැර පරුෂ බව නිසාත්ය..

සනිරු.. මම දැන් යන්නද..? ඔහු ළගින් වාඩි වී සිටි මායා හෙමීට ඇසීය..

මායාගේ අත් දෙක අල්ලා ගත් සනිරු පරිස්සමෙන් යන්න මායා යැයි පැවසීය..

දොරටුව ළගට පැමිණි මායා නැවතත් ආපසු හැරී සනිරු දෙස බලා ඉක්මනින්ම රෝහල ඉදිරිපිට වූ බස් නැවතුම්පළට පැමිණියාය.. විනාඩි කිහිපයක්ම බස් රථයක් එනතුරු බලා සිටි මායා අභියසින් සුදු පාට කාරයක් ඉදිරියට ගොස් නැවතත් එය ආපස්සට පැමිණ මායා සමීපයට විත් නතර කළේය.. එම කාරයේ රියදුරු ආසනයේ වාඩි වී සිටි පුද්ගලයා ඉන් බැස මායා සමීපයට පැමිණියේය.. එලෙස බැස ආ පුද්ගලයා දුටු මායාගේ මුහුණ ගිනි පුපුරක් මෙන් රත් පැහැ වී නළියන්නට විය.. ඒ වෙන කිසිවෙකුත් නොව රකිත විය..

තමුසෙ මොකද මෙතන කරන්නෙ..? අර තුට්ටු දෙකේ කැම්පස්කාරයා බලන්න ආවද..? රකිත මායාට කෑ ගැසුවේ ඇය ඔහුට සන්තක බූදලයක් මෙන් සිතාය..

තමුසෙට වැඩක් නෑනෙ මම කොතන හිටියත්.. ඔව්, මම ආවෙ තුට්ටු දෙකේ වුණාට මගේ හදවතේ ඉන්න සනිරුව බලන්න තමයි.. තමුසෙගෙ වැඩක් තමුසෙ බලාගන්නවා රකිත.. මායාද රකිතට බැණ වැදුණේ තම සිතේ තියෙන කෝපය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසාය..

ආ.. එහෙමද..? බලමුකො තවය කොච්චර කල් මේ නාඩගම නටයිද කියලා..

ඇයි තමුසෙ මට මොනවා කරන්නද..?

මොනවා කරන්නද..? මම මේ හැම දෙයක්ම තමුසෙගෙ තාත්තට කියනවා.. එතකොට බලමුකො.. රකිත මායාට තර්ජනය කළේ ඇයගේ පියාද තමාට පක්ෂපාතී බව දත් නිසාය..

කියනවා ඉතිං.. මම බය වෙන්නෙ නෑ.. තමුසෙ දැන් පොලිස් කූඩුවෙ ළගින්න බලාගෙන ඉන්නවා.. මායා රකිතට විරුද්ධව පොලීසියට ගිය බව ඉබේටම ඇගේ මුවින් පිටවිය..

මායා පැවසූ දෙයින් රකිතගේ මුහුණෙහි ගැබ්ව තිබුණු මදාවි උද්දච්ච ස්වභාවය ඔහුටත් නොදැනිම ලිස්සා යන්නට විය.. චන්ඩිකම තම මුහුණ බබළවා ගනිමින් සිටි රකිතගේ මුහුණ අන්ධකාර කරන්නට තරම් මායා පැවසූ දෙය ප්‍රබල විය.. එසැණින්ම පැමිණ බස් රථයට ගොඩ වූ මායා යන්නට වූයේ රකිතත් සමග කතා කිරීමට පවා අකමැති වූ හෙයිනි..

මායා කසාද බැදීමට රකිත මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයට තිබෙන ආදරය නිසා නොව පවුලේ සෑම දේපළක්ම මායාට අයිති වන බව දැනගත් නිසාය.. කෙසේ වෙතත් ඇය පැවසූ දෙය රකිත තුළ තිබෙන කෝපය උත්සන්න කිරීමට ප්‍රබල විය.. මායා කෙරෙහිත් සනිරු කෙරෙහිත් ඔවුන්ගේ ආදරය කෙරෙහිත් තම සිතෙහි රෛය පුරවාගෙන රකිත සිය නිවසට පැමිණෙන විට රාත්‍රි හතට පමණ විය..

නිවසට ඇතුළු වූ රකිතගේ කෝපය නැති වූවේ නිවස තුළ සිටි පොලිස් නිලධාරීන් දැකීමෙන් ඇති වූ බිය නිසාය.. මායා සදහන් කළ පැමිණිල්ල නිසාත් සනිරුගේ කට උත්තරය නිසාත් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහූ රකිත අත්තඩංගුවට ගැනීමට පැමිණ සිටියහ..

සනිරුට සහ ඔහුගේ යහළුවන්ට පහර දීම සම්බන්ධව වැරදිකරුවන් ලෙසට සාක්ෂි සහිතව ඔප්පු වූ රකිතට සහ ඔහුගේ යහළුවන්ට මාස තුනක සිර දඩුවමක් හිමි විය.. රකිතගේ පියා මන්ත්‍රීවරයෙකු වුවත් නීතිය සියතට ගෙන තම පුතාව සහ ඔහුගේ යහළුවන් නිදහස් කර ගැනීමට නොහැකි විය.. මේ නිසා රකිත තුළත් ඔහුගේ පියා තුළත් මායා සහ සනිරු කෙරෙහි වූයේ මහත් කෝපයකි..

[QUOTE="crazybuddy, post: 13013797, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]හොදයි අම්මෙ.. තුෂාරි සම මායා එම පුටුවෙහි වාඩි වූහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ නිවස මොන තරම් දුප්පත් වුණත් තමන් වාඩි වී සිටින පුටුව මොන තරම් දුප්පත් වුණත් සනිරුගේ ශිෂ්ටසම්පන්න හැදියාවේ තිබෙන කාරුණිකබව, නිහතමානිබව, හදවතේ තිබෙන අප්‍රමාණ වූ සෙනෙහස, දයාව මොන තරම් පොහොසත්ද යන්න මායාගේ හදවතට දැනෙන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුතේ..! අපේ කොල්ලා ආවෙ නැද්ද..? ඊයෙ එන්නෙත් නෑ කියලා නිකමටවත් මට කිව්වෙ නෑනෙ.. ඊයෙ සනිරු නේවාසිකාගාරයෙද හිටියෙ පුතේ..? සනිරුගේ මව තුෂාරිගේ සහ මායාගේ නිහඩ මුහුණු දෙස බලමින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි අම්මෙ අපි මේ කියන්න ආවෙ.. පුටුවේ වාඩි වී සිටි තුෂාරි ඉන් නැගිට සනිරුගේ මව සමීපයට ගොස් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොක්කද පුතේ කියන්නයි ආවෙ කිව්වෙ..? තුෂාරිගේ මුහුණ දෙස බලමින් ඇය ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි අම්මෙ.. එකවරම කියා ගත නොහැකිව තුෂාරි මායා දෙස බැලීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ පුතේ..! මොකක්ද.. මේකයි.. මේකයි කියන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මෙ.. අපි මේ කියන දේ අහලා කලබල වෙන්න එපා.. අනික දැන් කලබල වෙන්න දෙයකුත් නෑ.. මොකද දැන් ඒ තරම්ම අමාරුවක් නෑ සනිරුට..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අමාරුවක් කිව්වෙ.. මගේ කොල්ලට.. කියන දෙයක් වහෙන්ඔරොව නැතුව කියපල්ලා පුතේ..! ඇය බැගෑපත් වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අමේමෙ.. ඊයෙ සනිරුට පොඩි කරදරයක් වුණා.. කැම්පස් එකේ ඉදලා.. ඒත් දැන්නම් බය වෙන්න දෙයක් නෑ අම්මෙ.. මායා සනිරුගේ මව සමීපයට පැමිණ ඇයගේ අතදෙක අල්ලා ගනිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දෙයියනේ..! මගේ අහිංසකයට මොකද වුණේ..? මායා විසින් අල්ලා ගැනුණු ඇයගේ දෑත් ඉන් ඉවතට ගෙන තම මුහුණෙහි තබාගෙන වැළපෙන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මෙ.. දැන් බයවෙන්න එපා.. ඒක අම්මගෙ සෞඛ්‍ය තත්වයට හොද නෑනෙ.. අනික සනිරුට දැන් එච්චරම අමාරුවක් නෑ.. ඇයගේ වැළපීම වැලැක්වීමට මායා වෑයම් කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් අම්මෙ, ඩොක්ටර්ලත් කිව්වා බයවෙන්න දෙයක් නෑ කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත් පුතේ.. සනිරුට මොකද වුණේ..? මේ විදිහට ඉස්පිරිතාලෙ නවතින්න තරම්.. සනිරුට සිදුවූ කරදරය කුමක්ද යන්න පිළිබදව දැන ගැනීම සදහා ඇය ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය සිටින රෝගාතූර තත්වය හේතුවෙන් සනිරුට සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය එලෙසින්ම බරපතල ලෙස පැවසීම ඇයගේ ජීවිතයට අවධානමක් වේයැයි සිතූ තුෂාරි එය ඉතාම සැහැල්ලු ආකාරයෙන් පැවසීය.. එහෙත් එවැනි සිදුවීමක් වීමට හේතුව සනිරුගේත් මායාගේත් ආදරය බව ඇයට නොපැවසුවේ එය සනිරු විසින්ම තම මවට පැවසිය යුතු නිසාත් එය පැවසීමට මායාටත් තුෂාරිටත් ශක්තියක් නොතිබුණු නිසාත්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ..! මගේ කොල්ලට මේක කරපු එවුන්ට හොදක් නම් වෙන්න එපා දෙයියනේ..! කාටවත් කරදරයක් හිරිහැරයක් කරන්නේ නැති හින්දද මේ වගේ අපරාධයක් මගේ කොල්ලට කරේ.. සනිරුගේ මව ඔවුන්ට ශාප කළේ තම දෑත් අහස දෙසට දිගු කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් අම්මෙ.. සනිරුට මේ දේ කරපු අයට දෙවියන්ගෙන් විතරක් නෙමෙයි, නීතියෙනුත් ගැලවීමක් වේනනෙ නෑ.. තම මුවට ආවේශ වූ කෝපයත් සමග මායා පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කොල්ලා දැන් ඉන්නෙ මොන ඉස්පිරිතාලෙද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පේරාදෙණියෙ එකේ අම්මෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කෑම එහෙම කනවද මන්දා මගේ කොල්ලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ ගැන හිතන්න එපා අම්මෙ.. ඒ හැම දෙයක්ම සනිරු වෙනුවෙන් අපි කරනවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ..! මගේ කොල්ලා මට බලන්ට යනට ඕනි පුතේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මා කරදර වෙන්න එපා.. සමහර විට හෙට සනිරුගෙ ටිකට් කපයි.. අනික අපි හැමෝම ඉන්නවනේ.. ඇයගේ රෝගාතූර තත්වට පිළිබද සිතමින් තුෂාරි එලෙස පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත්.. මට මගේ දරුවව බලන්නෙ නැතුව ඉන්න බෑ පුතේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපිට තෙරෙනවා, අම්මගෙ හිතේ තියෙන දුක.. ඒත් අම්මා ගැනත් පොඩ්ඩක් හිතන්නකො අම්මෙ.. අපි කිසිම අඩුවක් සනිරුට කරන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දූලා වගේ ගුණ යහපත් යාළුවො අපේ සනිරුට ඉන්න එක මොන තරම් එකක්ද..? ඇය මායාත් තුෂාරිත් පැවසූ දේවල් කෙරේ පැහැදීමට ලක්වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා අපි දැන් යමුද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් තුෂාරි අක්කෙ, අපි යමු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් අම්මෙ.. අපි දැන් යන්නම්.. සනිරු බලන්නත් ඕනි.. අම්මා බයවෙන්න නැතුව ඉන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පරිස්සමින් යන්න පුතේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ මවගේ දෙපා නැමැද මායා සහ තුෂාරි නිවසින් එළියට පැමිණියේ සිතෙහි දුකක්ද රදවාගෙනය.. ඒ තමන්ටවත් දරාගත නොහැකි දුක්ක ඇය අම්මා කෙනෙකු වශයෙන් කෙලෙස උහුලා ඉන්නේද යන හැගීම පිළිබද ඔවුන්ට සිතෙන්නට වූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පේරාදෙණියට පැමිණි මායා සහ තුෂාරී සනිරුට සිදු වූ සිදුවීම පිළිබදව පැමිණිල්ලක් කිරීම සදහා පේරාදෙණිය පොලීසියට යාමට තීරණය කළහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි අක්කෙ, අපි මේ ගැන පොලීසියට පැමිණිල්ලක් කරමුද..? නැත්නම් ආයෙමත් සනිරුට කරදරයක් වෙන්න පුළුවන්.. රකිත කියන්නෙ මහ නරුමයෙක්.. මොනවා හරි දෙයකින් එක පාරකින් දෙපාරකින් සෑහීමකට පත් වෙන්නෙ නැති තිරිසනෙක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක හොදයි මායා.. අපි මෙහෙම හරි දෙයක් නොකරොත් උගේ චණ්ඩිකම් කවදාකවත් නතර වෙන්නෙ නෑ.. තුෂාරිද මායාගේ තීරණයට එකග විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් අපි පොලීසියට යමු නේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත් මායා.. ඔයාට ප්‍රශ්නයක් වෙයිද..? නැවතත් තුෂාරී ඉදිරිය ගැන සිතන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඌ මට මොනවා කරන්නද..? මම ඌට බය නෑ.. ඒත් සනිරුට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතෙන් තේරුමක් නෑ අක්කෙ.. සනිරු ජීවත් වුණොත් විතරයි මට මේ ලෝකෙ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නෙ.. ඉතින් ඒ වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. කාටවත් බය වෙන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොලීසිය තුළට පැමිණි මායාගේ සහ තුෂාරිගේ හදවත නොසන්සුන් අයුරින් හෘර්දස්පන්දනය වූයේ කිසිදිනක පොලීසියට පැමිණ නොමැති වීමෙන් ඇති වූ නුපුරුදු බිය නිසාය.. එහෙත් තමන් පැමිණි අරමුණ ඉටු කර ගැනීම වස් කෙසේ හෝ සිත දැඩි කොට ගනිමින් සිදු වූ සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම පැමිණිලි සටහන් කරමින් උන් පොලිස් නිලධාරියාට පැවසූහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය කියන්නෙ.. සූරියවංශ කාරියවසම්ගෙ පුතා ගැන නේද..? රකිතගේ නම ඇසූ පමණින් පොලිස් නිලධාරියා මායාගෙන් සහ තුෂාරිගෙන් විමසිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් සර්.. එයා තමයි.. එයා විතරක් නෙමෙයි එයාගෙ යාළුවොත් මේකට සම්බන්ධයි.. මායා තුළ රකිත කෙරෙහි තිබෙන වෛරය නිසා පොලිස් නිලධාරියා ඇසූ දෙයට විගසින් පිළිතුරු දුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත් මේ වගේ දෙයක් වෙන්න හේතුව මොකක්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකයි සර්.. මායාගෙයි සනිරුගෙයි අතර සම්බන්ධයක් තියෙනවා.. ඉතින් ඒකට ඔය රකිත කැමති නෑ.. මොකද මායා කසාද බන්දලා දෙන්න යන්නෙ එයාට.. ඒත් මායා එයාට කැමති නෑ.. ඒ නිසයි මේ විදියට මෙයාලට කරදර කරන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මට දැනුයි තේරෙන්නෙ.. කාරියවසම් පරම්පරාවෙම පුරුද්දක් තමයි.. හැම දෙයක්ම බලෙන් අයිති කරගන්න යන එක.. ඔයාලා බයවෙන්න එපා.. අපි මේ ගැන බලාගන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලීස් සර්.. මොනවා හරි කරන්න.. රකිත කියන්නෙ යක්ෂයෙක් වගේ මිනිහෙක්.. මායා නැවත නැවත රකිතගේ නොමිනිස්කම පිළිබද කියන්නට වූවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපිත් දන්නවා ඒක.. මිනිහා මහ අමාරුකාරයා.. තාත්තට දෙවනි නෑ.. ඒත් අපේ රාජකාරිය අකුරටම කරනවා.. ඔයාලා බයවෙන්න එපා.. අපි දැන්ම හොස්පිට්ල් එකට ගිහින් ලෙඩාගෙන් කට උත්තරයක් ගන්නම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තැන්ක් යූ වෙරි මච් සර්.. පොලිස් නිලධාරියාගෙ අපක්ෂපාතී ප්‍රකාශ වලට ගරු කිරීමක් වශයෙන් මායා ඔහුට ස්තුති කළාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොලීසියට ගිය මායා සහ තුෂාරී ඉක්මන් ගමනින් රෝහලට ගියේ සනිරු දැක ගැනීම සදහාය.. ඔවුන් යන විට ප්‍රදීප්, චතුර දර්ශනි සහ මායාගේ යෙහෙළිය වූ වසන්තිකාද පැමිණ සිටියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අන්න.. මායා එනවා.. දර්ශනී පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු දැන් ඔයාට කොහොමද..? ඊයෙ රෑ ඔයාට නින්ද ගියාද..? අසලින් වාඩි වූ මායා ඔහුගේ හිස පිරිමදිමින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන් නම් අමාරුවක් නෑ මායා.. ඇයගේ අත අල්ලා ගනිමින් සනිරු පිළිතුරු දුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. සනිරු, අපි මේ ගැන අම්මට කිව්වා.. ඒ බව පැවසීමට අමතක වී සිටි තුෂාරි එක පාරටම පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මා බය වුණාද..? ඇඩුවද..? සිය අම්මාගේ තත්වය දැන ගැනීම සදහා සනිරු තුළ බියක් ඇතිවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බය වුණා විතරක් නෙමෙයි සනිරු.. හොදටම ඇඩුවා.. ඒත් කොහොම හරි අම්මගෙ හිත හැදුවා.. අම්මා එන්නත් ලෑස්ති වුණා.. බොහෝම අමාරුවෙන් නතර කරගත්තෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පව්.. මගේ අසරණ අම්මා.. මොන තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ මම නිසයි සනිරු..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියන්න එපා මායා.. මේක අපි දෙන්නගෙම ප්‍රශ්නයක්.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වෙන්න පුලුවන් සනිරු.. ඒත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත් නෙමෙයි.. එහෙමයි.. තේරුණාද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හ්ම්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක නෙමෙයි සනිරු.. අපි මේ ගැන පොලීසියට කිව්වා.. ඔයාගෙන් කට උත්තරයක් ගන්න ආවාම හැම දෙයක්ම කියන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මායා පොලීසියට කිව්වෙ..? ඔයාට මගෙන් අහන්න තිබුණනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාගෙන් ඇහුවනම්, එපා කියන නිසයි මම එහෙම කළේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත්.. මායා, ඔයාට අර තිරිසනා මොනවා නොකරයිද..? මට මං ගැන නෙමෙයි බය.. ඔයා ගැනයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට මොකුත් වෙන්න නෑ සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකම්.. මායා සනිරුට ගෙන ආ සුප් එක හැන්දකින් පොවමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හෝරාවකට ආසන්න කාලයක් සනිරු ළග සිටි මායා ඇතුළු අනෙකුත් යහළුවන් විශ්ව විද්‍යාලයට යන්නට සූදානම් වූයේ නැවත සනිරු බැලීමට පැමිණෙන බව පවසමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් රෝහලෙන් පිටවී පැය දෙකකට පමණ පසු පොලිස් නිලධාරීන් දෙදනෙක් සොයමින් රෝහලට පැමිණියේ මායා කළ පැමිණිල්ල හා සනිරුගෙන් කට උත්තරයක් ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයාද සනිරු ගුණසිංහ කියන්නෙ..? පැමිණ පොලිස් නිලධාරියෙකු ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් සර්, මමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඊයෙ ඔයාට රකිත කාරියවසම් මේ විදිහට පහර දීම සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොලිස් නිලධාරියා ඇසූ ප්‍රශ්නයට සනිරු කිසිම දෙයක් නොසගවා සෑම දෙයක්ම ඒ අයුරින්ම පැවසුවේය.. තමාත් මායාත් එකිනෙකාට ආදරය කරන බව පැවසූ සනිරු මායාගේ දෙමාපියන් බලහත්කාරයෙන්ම රකිතට මායා කසාද බන්දා දීමට උත්සාහ කරන බවද ප්‍රකාශ කළේය.. රකිත කෙරෙහි මායා තුළ අපැහැදීමක් තිබෙන නිසාත් තමා මායාට ආදරය කරන නිසාත් මෙවැනි දෙයක් සිදු වූ බව සනිරු පොලිස් නිලධාරියාට අවසානයෙදී පැවසුවේය.. තුෂාරි පැවසූ පැමිණිල්ලෙහි සදහන් වූ දේත් සනිරු දුන් කට උත්තරයේත් කිසිදු පරස්පරයක් දක්නට නොමැති බව තේරුම් ගත් පොලිස් නිලධාරියා ඒ පිළිබදව නීතිමය පියවර ගන්නා බවට සනිරුට ප්‍රකාශ කර සිටියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එදා සවස සනිරු බැලීමට රෝහලට පැමිණිමට අවස්ථාව ලැබුණේ මායාට පමණි.. මායා විශ්ව විද්‍යාලයේ සිට බසයක නැග පේරාදෙණිය රෝහලට පැමිණෙන විට සවස 4.30 ත් පසු වී තිබිණි.. එදා දහවල් ද සනිරු බැලීමට එන්නට නොහැකි වූ මායා ඉක්මනින්ම සනිරු සිටි වාට්ටුවට ගියාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සොරි සනිරු.. මට එන්න විදියක් තිබුණෙ නෑ.. අද එක දිගටම ලෙක්චර්ස් තිබුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකට කමක් නෑ මායා.. ඔයාගෙ ලෙක්චර්ස් මග හැරගන්න එපා.. දවල් ප්‍රදීපුයි චතුරයිත් ආවනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ අයත් අද මට හම්බවුණේ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු ඔයාට බඩගිනිත් ඇති නේද..? මම එන්නත් වෙලා ගියා.. ඔහු ළගින් වාඩි වූ මායා ගෙන ආ පාර්සලයක් දිග හරිමින් කීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔයා මගේ ළගට වෙලා ඉන්නවා නම් මට බඩගින්නක් දැනෙන්නෙ නෑ මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හා.. හා.. දැන් කතාව නවත්තලා මේ ඉදි ආප්ප ටික කන්න.. තමන්ගේ අතින්ම ඇනූ ඉදි ආප්ප මායා සනිරුට කැව්වේ පුංචි දරුවෙකුට කවන්නට මෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා ඔයාත් කන්න..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉස්සරෝම ඔයා කන්නකො.. ඊට පස්සෙ තමා මම කන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ මායා..! දැන් නම් ඇති.. හොදටම බඩ පිරිලයි තියෙන්නෙ.. මායාගේ අත අල්ලා ගනිමින් සනිරු පැවසුවේ ඇත්තටම බඩ පිරී තිබූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් ඒ ටික ඔයා කන්න.. දැන් මම කාලා ඉවරයිනෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හ්ම්.. මම කන්නම්.. හැබැයි ඔයා මට කවන්න ඕනි.. නැත්නම් කන්නෙ නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා මිනිස්සු ඉන්නවනෙ.. වටපිට බැලූ සනිරු මුවට නැගුණු මද සිනාව සගවා ගනිමින් පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි ඔයාට ලැජ්ජද සනිරු..? ලැජ්ජ වෙන්න එපා.. මම ඔයාට කැව්වෙ.. අනික ඔයා කැමති නෑ නේද ඔයාගෙ අත දෙකෙන් මට කවන්න.. සනිරු දෙස බලමින් සිටි මායා තම මුහුණ ඉන් ඉවතට ගෙන පුංචි තරහක් පෙන්විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මේ.. මේ අහිංසක ආඩම්බරකාරිට තරහ ගියා නේද..? මම විහිළුවක් කළේ.. ඔයා මොනවද කියන්නෙ කියලා බලන්න.. මායා අත ඉතිරි වී තිබුණු ඉදි ආප්ප පාර්සලය ගෙන තමන්ගේම අතින් සනිරු මායාට කැව්වේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ලෙඩුන් බැලීමට වෙන් කර තිබූ පැයක පමණ කාලය අවසන් වීමට තවත් විනාඩි පහක පමණ සුළු වේලාවක් ඉතිරි වි තිබිණි.. මායාට සනිරු තනිකර දමා යන්නට හිත ඉඩ නොදුන්නත් කෙසේ හෝ එය කිරීමට සිදුවූයේ එය පිරිමි වාට්ටුවක් නිසාත් තම පියාගේ සැර පරුෂ බව නිසාත්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. මම දැන් යන්නද..? ඔහු ළගින් වාඩි වී සිටි මායා හෙමීට ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායාගේ අත් දෙක අල්ලා ගත් සනිරු පරිස්සමෙන් යන්න මායා යැයි පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දොරටුව ළගට පැමිණි මායා නැවතත් ආපසු හැරී සනිරු දෙස බලා ඉක්මනින්ම රෝහල ඉදිරිපිට වූ බස් නැවතුම්පළට පැමිණියාය.. විනාඩි කිහිපයක්ම බස් රථයක් එනතුරු බලා සිටි මායා අභියසින් සුදු පාට කාරයක් ඉදිරියට ගොස් නැවතත් එය ආපස්සට පැමිණ මායා සමීපයට විත් නතර කළේය.. එම කාරයේ රියදුරු ආසනයේ වාඩි වී සිටි පුද්ගලයා ඉන් බැස මායා සමීපයට පැමිණියේය.. එලෙස බැස ආ පුද්ගලයා දුටු මායාගේ මුහුණ ගිනි පුපුරක් මෙන් රත් පැහැ වී නළියන්නට විය.. ඒ වෙන කිසිවෙකුත් නොව රකිත විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමුසෙ මොකද මෙතන කරන්නෙ..? අර තුට්ටු දෙකේ කැම්පස්කාරයා බලන්න ආවද..? රකිත මායාට කෑ ගැසුවේ ඇය ඔහුට සන්තක බූදලයක් මෙන් සිතාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමුසෙට වැඩක් නෑනෙ මම කොතන හිටියත්.. ඔව්, මම ආවෙ තුට්ටු දෙකේ වුණාට මගේ හදවතේ ඉන්න සනිරුව බලන්න තමයි.. තමුසෙගෙ වැඩක් තමුසෙ බලාගන්නවා රකිත.. මායාද රකිතට බැණ වැදුණේ තම සිතේ තියෙන කෝපය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. එහෙමද..? බලමුකො තවය කොච්චර කල් මේ නාඩගම නටයිද කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි තමුසෙ මට මොනවා කරන්නද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවා කරන්නද..? මම මේ හැම දෙයක්ම තමුසෙගෙ තාත්තට කියනවා.. එතකොට බලමුකො.. රකිත මායාට තර්ජනය කළේ ඇයගේ පියාද තමාට පක්ෂපාතී බව දත් නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියනවා ඉතිං.. මම බය වෙන්නෙ නෑ.. තමුසෙ දැන් පොලිස් කූඩුවෙ ළගින්න බලාගෙන ඉන්නවා.. මායා රකිතට විරුද්ධව පොලීසියට ගිය බව ඉබේටම ඇගේ මුවින් පිටවිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා පැවසූ දෙයින් රකිතගේ මුහුණෙහි ගැබ්ව තිබුණු මදාවි උද්දච්ච ස්වභාවය ඔහුටත් නොදැනිම ලිස්සා යන්නට විය.. චන්ඩිකම තම මුහුණ බබළවා ගනිමින් සිටි රකිතගේ මුහුණ අන්ධකාර කරන්නට තරම් මායා පැවසූ දෙය ප්‍රබල විය.. එසැණින්ම පැමිණ බස් රථයට ගොඩ වූ මායා යන්නට වූයේ රකිතත් සමග කතා කිරීමට පවා අකමැති වූ හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මායා කසාද බැදීමට රකිත මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයට තිබෙන ආදරය නිසා නොව පවුලේ සෑම දේපළක්ම මායාට අයිති වන බව දැනගත් නිසාය.. කෙසේ වෙතත් ඇය පැවසූ දෙය රකිත තුළ තිබෙන කෝපය උත්සන්න කිරීමට ප්‍රබල විය.. මායා කෙරෙහිත් සනිරු කෙරෙහිත් ඔවුන්ගේ ආදරය කෙරෙහිත් තම සිතෙහි රෛය පුරවාගෙන රකිත සිය නිවසට පැමිණෙන විට රාත්‍රි හතට පමණ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිවසට ඇතුළු වූ රකිතගේ කෝපය නැති වූවේ නිවස තුළ සිටි පොලිස් නිලධාරීන් දැකීමෙන් ඇති වූ බිය නිසාය.. මායා සදහන් කළ පැමිණිල්ල නිසාත් සනිරුගේ කට උත්තරය නිසාත් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහූ රකිත අත්තඩංගුවට ගැනීමට පැමිණ සිටියහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුට සහ ඔහුගේ යහළුවන්ට පහර දීම සම්බන්ධව වැරදිකරුවන් ලෙසට සාක්ෂි සහිතව ඔප්පු වූ රකිතට සහ ඔහුගේ යහළුවන්ට මාස තුනක සිර දඩුවමක් හිමි විය.. රකිතගේ පියා මන්ත්‍රීවරයෙකු වුවත් නීතිය සියතට ගෙන තම පුතාව සහ ඔහුගේ යහළුවන් නිදහස් කර ගැනීමට නොහැකි විය.. මේ නිසා රකිත තුළත් ඔහුගේ පියා තුළත් මායා සහ සනිරු කෙරෙහි වූයේ මහත් කෝපයකි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom