Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනිරුත් සමග තිබෙන සම්බන්ධය නතර කිරීමට ජයවර්ධන මායාට අවවාද කළත් එය ඔවුනගේ සංසාර ගත ප්‍රේමය මොහොතකට හෝ බිද දැමීමට තරම් ශක්තියක් නොවුණේ දෙදෙනා තුළ වූ නොබිදෙන බැදීම නිසාය.. නිරන්තරයෙන්ම මායාත් සනිරුත් මුණ ගැසීම, කතාබහ කිරීම, ගමන් බිමන් යාම සම්බන්ධයෙන් ජයවර්ධන පසු වූයේ ඉමහත් කෝපයෙනි.. එය ඔහුට දරාගත නොහැකි වූයේ තම පරම්පරාවෙන් පැවත එන අභිමානවත් නම්බුවට කැළලක් වේදැයි නිරතුරුම සිතෙන්නට පටන් ගත් හෙයිනි.. එබැවින් තම සිතට වද දෙන එම කාරණාව සැනසීමකට පත් කර ගැනුණේ මායා විශ්ව විද්‍යාලයට යාම තහනම් කිරීමට තීරණය කිරීමෙනි..

මම උඹට කී පාරක් කිව්වද ඔය සම්බන්ධය නවත්තපන් කියලා..? ඒත්.. උඹ සත පහකට ගණන් ගත්තෙ නෑ නේද..? දැන් ඉතිං, මම කියන දේ අහලා ඔය කැම්පස් යන එක නතර කරපන්.. ගෙදරට වෙලා ඉදපන්.. ඔය ඉගෙන ගත්තා හොදටම ඇති..

තාත්තා.. මොනවද මේ කියන්නෙ..? මම කොච්චර මහන්සි වෙලාද විභාගෙ පාස් වුණේ..? මට නම් ඒක කරන්න බෑ.. මම කැම්පස් යනවා..

මායා.. උඹ මං කියන දේ අහපං.. මම උඹගෙ තාත්තා.. උඹ කැම්පස් යන්නෙ එක එකත් එක්ක නටන්නනෙ.. ඒක නිසා ගෙදරට වෙලා හිටපං..

අනේ..! අම්මේ.. තාත්තට තේරුම් කරලා දෙන්නකො.. මම කොහොමද මේ ගෙදරට වෙලා තනියෙම ඉන්නෙ..? මට පිස්සු හැදෙයි.. මායා අසල සිටි තම අම්මාට එලෙස පැවසූවේ සිය පියා විසින් පැන වූ තහංචිය ඉවත් කර ගැනීමට හැකි වෙතැයි සිතාගෙනය..

ඔව්.. උඹට පිස්සු හැදෙයි.. මටත් ඒක තේරෙනවා.. අරකගෙ මූණ බලන්නෙ නැතුව උඹට ඉන්න බැරි බව මම දන්නවා.. උමට පිස්සු හැදුණත් නැතත් මගේ තීරණේ වෙනසක් නෑ.. ඒක මතක තියාගනිං..

ජයේ.. ඔයාට මේ මොකද වෙලා තියෙන්නෙ..? අපිට ඉන්නෙ මේ දරුවා විතරයි නේද..? ඉතිං.. ඇයි මෙහෙම සලකන්නෙ.. ඉන්ද්‍රාණි මායා තම තුරුලට ගෙන පැවසීය..

ඒක නිසාම තමයි මාත් මේ කෑ ගහන්නෙ.. ජයවර්ධන උස් හඩින් පැවසීය..

ඇයි තාත්තෙ..! සනිරුට ඔය තරම් වෛර කරන්නෙ..? එයා දුප්පත් නිසාද..? එයාගෙ වැරැද්ද මොකක්ද..? ප්ලීස්.. අපි දෙන්නා වෙන් කරන්න හදන්න එපා.. පිං සිද්ධ වෙයි..

උඹ කොච්චර ගෙදිරි ගෑවත් දුවේ.. අපේ පරපුරට ගැලපෙන්නෙ නැති කෙනෙකුට මම උඹව දෙන්නෙ නෑ.. ඒක මගේ ප්‍රතිපත්තියක්..

අම්මේ.. මායා තම මව වැළදගෙන හඩන්නට විය..

දැන් ඉතින් ඇඩුවට වැඩක් වෙන්නෙ නෑ.. මම උඹට කලින්ම කිව්වනේ ඕක නතර කරපන් කියලා.. කෝ ඇහුවද..? හෙට ඉදන් කැම්පස් යාම තහනම්.. තේරුණානෙ.. ජයවර්ධන ඇගිල්ල දිගු කරමින් ප්‍රකාශ කළේය..

අඩන්න එපා දුවේ.. මම කියලා මොනවා කරන්නද..? දන්නවනේ තාත්තා මොනවා හරි කිව්වොත් ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ කියලා.. කිසිවක් කිරීමට නොහැකිව අසරණ වූ අම්මා පැවසීය..

ඒත්.. අම්මේ.. මම දැන් සනිරු හම්බවෙන්නෙ කොහොමද..? එයාට කතා කරන්නෙ කොහොමද..? අනේ.. අම්මෙ මොනවා හරි කරන්නකො..

මට සමාවෙන්න මායා.. මට තාත්තාගෙ තීරණ වලට විරුද්ධව මොකුත් කරන්න බෑ.. එහෙම වුණොත් තාත්තා මොනවා කරයිද දන්නෙ නෑ.. ඉන්ද්‍රණි මායාගෙන් වෙන්ව කාමරයට පිය මැණුවේ කිසිත් කිරීමට නොහැකි වූ බැවිනි..

තම පියාගේ ඒකාධිපති තීරණ වලට, තහංචි වලට මැදි වූ මායා හට නිවසින් එළියට යාමට සම්පූර්ණයෙන්ම තහනම් විය.. ඇය සිරමැරදිරියකට එක්තැන් වූ රැදවියක ලෙස නිවසට කොටු විය.. තමන් සමග තම දෙමාපියන් සිටින බව දැනුණත් නෑදෑ හිත මිතුරන් සිටින බව දැනුණත් හදවතට දැනෙන පාළුව, තනිකම, හුදෙකලා බව ඒ කිසිවෙකුට නිවාලන්නට තරම් හැකියාවක් නොතිබුණි.. හදවත අභ්‍යන්තරයේ උපදින ඒ තනිකම ඇය තුළින් සියුම් වේදනාවක් කෙමෙන් කෙමෙන් බිහි කරන්නට තරම් ප්‍රබල විය..

හදවතට අවැසිව පවතින ආදරය, සෙනෙහස සංසාරය පුරාවටම විද ගැනීමට හිමිකම් කී ඒ උරුමක්කරුගෙන් වෙන්ව හුදෙකලාව සිටීම මායාට විදදරා ගැනීමට තරම් ධෛර්යක් නොවීය.. තම ජීවිතයට අරුණාලෝකයක් විත් සපැමිණි ඒ පෙම්බරාත් සමග එකදු වදනක් හෝ දෙඩීමට නොහැකිව ළතැවෙන ඇයගේ චිත්තාභ්‍යන්තරයෙහි තනිකම පාළුව හැරෙන්නට වෙනත් කිසි සංතෘප්තිදායක සිතිවිල්ලක් පිබිදෙන්නට තරම් ඉඩ ප්‍රස්ථාවක් නොතිබිණි..

හදවතේ දැවෙන විසල් අග්ලි ජාලාවෙන් කොටසක් හෝ නිවා දමන්නට හැකියාවක් ඇත්තේ තුෂාරිට සහ වසන්තිකාට බව මායාගේ මනස තුළ සටහන් විය.. ඇය සැණින් තුෂාරිගේ නිවසට දුරකථන ඇමතුමක් ගැනුණේ තම පියා විසින් පැන වූ තහංචිය පිළිබද පැවසීම සදහාය..

හලෝ.. ආන්ටි.. තුෂාරි අක්කා ඉන්නවද..? මම මායා කතා කරන්නෙ.. මායා හෙමීට කටහඩ පාලනය කළේ තම පියා නිවසේ සිටි හෙයිනි..

හා.. මායා දුවද..? පොඩ්ඩක් ඉන්න.. මම තුෂාරිට කතා කරන්නම්..

ආ.. මායා මොකද මේ හදිසියෙම..? මොකක්ද ප්‍රශ්නෙ..?

තුෂාරි අක්..කේ.. මායා හඩන්නට විය..

ඇයි මොකද මායා මේ අඩන්නෙ..? ප්ලීස්.. අඩන්නෙ නැතුව මොකද වුණේ කියලා කියන්නකො..

තුෂාරි අක්කෙ.. මට ආයෙ කැම්පස් එන්න වෙන්නෙ නෑ.. කවදාවත්ම.. මම ගෙදරට හිරවුණා තුෂාරි අක්කෙ..

මායා ඔයා මේ මොනවද කියන්නෙ..? ඇයි එන්න වෙන්නෙ නැත්තෙ..? කවුද ඔයාට තහංචි දැම්මෙ..?

තාත්තා අක්කෙ තාත්තා.. මට ගෙදරට වෙලා ඉන්නලු.. අනේ..! අක්කෙ.. මම දැන් මොනවද කරන්නෙ..?

මායා.. තාත්තට මේ එකපාරම මොකද වුණේ.. මට නම් හිතාගන්නවත් බෑ.. අංකල් ඔය තරමටම ආත්මාර්තකාමී කෙනෙක් කියලා..

එයාගෙ හිත කළු ගලක් වගේ දරුණුයි අක්කෙ.. සනිරුගෙයි මගෙයි සම්බන්ධෙ නැති කරන්නයි එයා එහෙම දෙයක් කළේ..

අම්මා මොකද කියන්නෙ මායා..?

අම්මට මොකුත් තීරණයක් ගන්න බෑ තුෂාරි අක්කෙ.. එයා ගොඩක් අසරණයි..

ඉතින්.. මායා දැන් මොකද කරන්නෙ..? සනිරු දැන ගත්තාම ගොඩක් දුක් වෙයි.. අනික දැන් සනිරු ඉන්න තත්වය දැක්කාම.. මට නම් තේරෙන්නෙ නෑ මායා..

ඒක තමයි අක්කෙ.. මටත් බය.. සනිරුට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතෙන් වැඩක් නෑ තුෂාරි අක්කෙ..

ඕන්.. ඕන්.. ආයෙමත් අඩන්න පටන් ගත්තා.. චුට්ටක් ඉවසන්න මායා.. මොකක් හරි විසදුමක් මේ ප්‍රශ්නෙට තියේවි..

මට අඩන්න ඇරෙන්න වෙන දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ අක්කෙ..

හරි.. හරි.. මායා මට තේරෙනවා.. ඔයා බයවෙන්න එපා.. මම කොහොම හරි සනිරුගෙ හිත හදන්නම්.. එයාට මේ හැම දෙයක්ම තේරුම් ගන්න පුලුවන් වෙයි..

ඒක නෙමෙයි මායා.. මම ඇවිත් අංකල් එක්ක මේ ගැන කතා කරන්නද..? සමහර විට එයාගෙ තීරණේ වෙනස් කරන්න පුළුවන් වෙයි..

අනේ.. තුෂාරි අක්කෙ..! ඒක කොච්චර ලොකු දෙයක්ද..? හැබැයි අක්කෙ දැන්ම එපා.. තව දවස් දෙක තුනකින් එන්න..

ම්.. හරි, මම බදාදා එන්නම්..

අක්කෙ..! සනිරුට කියන්න මම කොහොම හරි ඉක්මණට කැම්පස් එනවා කියලා.. මායා හෙමීට තුෂාරිට මිමිණිය..

හරි.. හරි.. පිස්සි.. මම කියන්නම්.. කලබල නොවී ඉන්නකො..

ආ.. තුෂාරි අක්කෙ.. මම හෙට අපේ ලෙටර් බොක්ස් එකට ලියුමක් දාන්නම්.. ඒක වසන්තිකාට අරගෙන සනිරුට දෙන්න කියලා කියනවද..?

ඇයි සනිරුත් එක්ක දවසක්වත් කතා නොකර ඉන්න බැරිද..? තුෂාරි මද සිනාවක් මුසු කරමින් ඇසීය..

දවසක් නෙමෙයි තුෂාරි අක්කෙ.. එක තත්පරයක්වත් ඉන්න බෑ.. ඇත්තටම අක්කෙ.. ඒ තරමටම මගේ ජීවිතය සනිරුට බැදිලයි තියෙන්නෙ..

අම්මෝ.. පුදුම ගැඹුරු ආදරයක්නෙ.. හරි.. ඒකත් මම කියන්නම්.. දැන් හරිනෙ.. එහෙනම් මායා මම දැන් තියන්නම්.. ගුඩ් නයිට්..

ගුඩ් නයිට් තුෂාරි අක්කෙ..

තම කාමරයේ එක් ජනෙල් පියනක් විවර කර එහි කම්බි කූරු තම දෑතින් අල්ලාගනෙ තාරකාවන්ගෙන් ආලෝකමත් වී තිබුණු අඹර දෙසට තම නෙතු පියන් යොමු කිරීඹට මායාට දැඩි සේ සිත් විය.. චන්ද්‍රයාගේ සොමි කැලුම් ක්ෂිර මගක් මෙන් මහ පොළවට පතිත වී එහි තුරු මුදුන් සිසාරා දැවටී තිබුණත් ඒ ප්‍රභාෂ්වර ආලෝකය තත්පරයෙන් තත්පරය අඩු වී යන්නට ගැනුණේ වළාකුළු රැසකින් සද ආවරණය වන්නට පටන් ගත් හෙයිනි..

සද රැසින් ආලෝකමත් වී චමත්කාරයෙන් පිරී තිබුණු පරිසරයේ සුන්දරත්වය සතුරෙකු විලසට පැමිණි වළාකුළු වලින් නැති කර දැමුවාක් මෙන් ආදරයේ සංතෘප්තියෙන්, මිහිරියාවෙන් ඉපිළ ගිය තම හදවත අන්ධකාරවෙන් පුරවාලන්නට සැරසෙන අප්‍රමාණ වූ බාධක කෙරේ මායා තැවුණත්, වේදනා වින්දත් එය ධෛර්යක් කර ගැනුණේ තම ආදරේ පැවැත්ම සදා කාලයක්ම පවත්වා ගැනීඹට අවැසි වූ බැවිනි..

සැණින් මායා තම මේසය වෙතට පැමිණ එහි පුටුවෙහි වාඩි වූවේ සනිරු වෙත යැවීම සදහා සිතා ගත් ලියුම ලිවීම සදහායි.. ඇය පෑන සහ කොළයක් රැගෙන ටික වේලාවක් කල්පනා කර ඉනික්බිතිව ලියුම ලිවීමට පටන් ගත්තාය.. තම හදවතට ගලාගෙන පැමිණෙන සියල් හැගීම් වචන වලට පෙරළා එකිනෙක සීරුවට පෙළගැස්වීමට මායා උනන්දුවක් දැක්විය.. වරෙක ඇය පෑන කොළය මත තබා තම හිස මේසය මත තබා ගනිමින් සුසුම් පොදක් හෙළීය.. තවත් විටෙක හදවතේ ගැබ්ව පැවති තනිකම කැටුව උපදින හැගීම් සමුදාය සටහන් කරමින් තිබුණු පෙම් හසුන තම ළයට තුරුළු කර ගත්තීය..

අකුරෙන් අකුර, වචනයෙන් වචනය, පේළියෙන් පේළිය, ජේදයෙන් ජේදය.. ලියැවුණු ලියුම සම්පූර්ණ වීමට හෝරා දෙකකට ආසන්න කාලයක් ගතවිය.. එපමණක කාලයක් ගත වූ බවක් මායාට නොදැනුණේ සනිරු ඇමතීමට ඇති එකම මාර්ගය ලියුමක් ලිවීම හැර වෙනත් ක්‍රමයක් නොතිබුණු බැවිනි.. එදින රාත්‍රියේම මායා එම ලියුම ගේට්ටුවේ සවිකර තිබූ ලියුම් පෙට්ටියට දැමීමට තීරණය කළේ පසුදා එය වසන්තිකාට ගැනීම සදහාත් තම පියාගෙන් ඒ බව සගවා ගැනීම සදහාත්ය..

මායා.. කොහේද මේ මහ රෑ එළියට යන්නෙ..? අවදියෙන් සිටි ඉන්ද්‍රාණි පැවසීය..

අම්මෙ මං.. මේ කියමින් ඇය තම අතෙහි හතරට නවා තිබුණු ලියුම දෙස බැලුවාය..

ආ.. මේකයි එහෙනම් එළියට යන්න හැදුවෙ.. ඉන්ද්‍රාණි මහත්මිය මායාගේ අතේ තිබුණු ලියුම දෙස බලමින් පැවසීය..

දුවේ..! මට මොකුත් හංගන්න හදන්න එපා.. ඇයි මාත් තාත්තා වගේද පේන්නෙ..?

නෑ අම්මෙ.. කවදාවත් මම එහෙම හිතන්නෙ නෑ.. අම්මගේ කරුණාව නිසයි මම මෙහෙම හරි ඉන්නෙ..

හරි.. ඒවායින් වැඩක් නෑ.. ඉක්මනට ඔය ලියුම බොක්ස් එකට දාලා නිදාගන්න යමු.. අර.. එකොළහටත් ළගයි.. අනික දැන් තාත්තා එහෙම නැගිට්ටොත් අපි දෙන්නට විසුමක් වෙන්නෙ නැතිවෙයි..

හා.. හොදයි අම්මෙ.. ඉක්මනට යමු..

එදින රාත්‍රියේ ජයවර්ධනගේ නිදි සුවය මොන තරම් සැපදායකද යන්න පවසනවා නම් මායා සහ ඉන්ද්‍රාණි අවදියෙන් සිටි බවක් පසුදාද නොදත්ය..

පසුදා තුෂාරි සනිරු බැලීමට රෝහලට ගියේ ජයවර්ධන විසින් මායාට පැනවූ තහංචිය පැවසීමටද බලාපොරොත්තු ඇතිවය.. එහෙත් සනිරුට එය පැවසීමට තුෂාරිගේ සිත එක එල්ලේම කැමති නොවුණේ ඔහුගේ ශරීර සෞඛ්‍යය එතරම් සුව මට්ටමක නොමැති වූ නිසාය.. නමුත් කෙසේ හෝ එය පැවසීමට තුෂාරි අදිටන් කර ගත්තේ මායාද එය සනිරු හට පැවසීමට කියූ හෙයිනි..

ආ.. තුෂාරි එන්න.. කෝ.. අද අනිත් අය ආවෙ නැද්ද..? වටපිට බැලූ සනිරු ඇසීය..

නෑ සනිරු.. අද මට කවුරුවත් හම්බවුණේ නෑ.. ඒක නිසා මම තනියෙමයි ආවෙ..

ආ.. එහෙමද..? මායත් තවම ආවෙ නෑ.. ඇයි දන්නෙ නෑ පරක්කු..

මේ.. සනිරු, පොඩි ප්‍රශ්නයක්.. තුෂාරි සනිරු නිදාගෙන සිටි ඇදෙහි යකඩ කම්බිය අල්ලා ගනිමින් පැවසීය..

ඇයි මොකක්ද ප්‍රශ්නෙ තුෂාරි..?

මේකයි, මායගෙ තාත්තා.. තුෂාරි වචන එක දෙක මිමුණුවාය..

ඔව්.. මායාගෙ තාත්තා.. මොකක්ද තුෂාරි ප්‍රශ්නෙ..?

ජයවර්ධන අංකල් මායාට කැම්පස් යන්න එපා කියලා.. ගෙදරට වෙලා ඉන්න කියලා..

මොකක්.. මේ මනුස්සයට පිස්සු හැදීගෙන එනවද..? ඇයි තුෂාරි එහෙම තීරණයක් අරගෙන තියෙන්නෙ..?

ඔයාගෙයි, මායාගෙයි සම්බන්ධය නිසා සනිරු..

අනේ..! මං දන්නෙ නෑ තුෂාරි.. මම නිසා ඒ කෙල්ලගෙ ඉගෙනීමත් ඉවර වෙන්නයි යන්නෙ..

තුෂාරි.. මායට කොහොමද දැන්..? එයා හොදින් ද..?

හොදින් නම් තමා.. ඒත්.. ඔයා ගැන හිත හිතා හැම වෙලේම අඩනවා.. මායා එයාගෙ ජීවිතේට වඩා ඔයා ගැනයි හිතන්නෙ සනිරු..

ප්ලීස් තුෂාරි.. තවත් මොකුත් මට කියන්න එපා.. තුෂාරිගේ වදන් සනිරුගේ හදවතට දරා ගන්නට නොහැකි විය..

ආ.. අන්න වසන්තිකා එනවා.. කොරිඩෝවේ සිට තමන් දෙසට පැමිණෙන වසන්තිකා දුටු තුෂාරි පැවසීය..

තුෂාරි අක්කෙ.. දැන්ද ආවෙ..? ඇය පළමුවෙන්ම තුෂාරිට ඇමතුවාය..

ඔව්, නංගි.. දැන් ටිකකට කලින් ආවෙ.. තුෂාරි ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු බැන්දාය..

ඉතින්.. සනිරු දැන් කොහොමද..?

දැන් නම් හොදයි වගේ වසන්තිකා..

තුෂාරි පෙර දින රාත්‍රියේ පැවසූ ආකාරයටම වසන්තිකා මායාගේ නිවසට ඇතුළු වන ගේට්ටුවෙහි සවිකර තිබූ ලියුම් පෙට්ටියෙහි දමා තිබුණු ලියුම සනිරුට දීම සදහා රැගෙන ආවාය..

ආ.. සනිරු, මේ ලියුම මායා ඔයාට දෙන්න කියලා කිව්වා..

වසන්තිකා ඔයා ඒක ගෙනාවද..? මම හිතුවෙ ඔයාට ඒක ගන්න බැරිවෙයි කියලා.. මොකද මායාගෙ තාත්තා උදෙන්ම ඉන්නෙ ගේට්ටුව ළගනෙ..

ඉනික්බිතව වසන්තිකා විසින් ගෙන ආ ලියුම සනිරුට ලැබීමට කටයුතු සිදුකළ ආකාරයට තුෂාරි විසින් සුපැහැදිලි කළාය.. එබැවින් මායා මොන තරම් දුක් වේදනාවක් නිවසට සිරවී හුදෙකලාව විදදරා ගන්නවාද යන්න කෙරේ පිළිබද සනිරුගේ හදවත කම්පාවට පත්වූවේය..

එහෙනම් සනිරු, අපි දැන් යන්නම්.. ඔයා කලබල වෙන්න එපා.. මේ හැම දෙයක්ම විසදෙයි.. බයවෙන්න එපා.. වසන්තිකා සනිරුගේ සිතට ධෛර්යක් එක් කළාය..

ආ.. සනිරු මට කියන්න අමතක වුණා.. මායා කොහොම හරි ඉක්මනටම එනවා කියලා කියන්න කිව්වා..

තුෂාරිත් වසන්තිකාත් ගිය සැණින් මායා එවූ ලිපිය බැලීමට සනිරු දිග හැරියේය.. ඔවු වචන සංයමයකින් යුක්තව දෙතොලින් මුමුණන්නට පටන් ගත්තේය..

2012.02.06

සද නැති තරු නැති රැයක

මගේම සනිරු,

මට සමාවෙන්න සනිරු මේ විදියට ඔයාව ලිපියකින් ඇමතීමට වුණ එක ගැන.. ඒත් මං කියලා මොනවා කරන්නද සනිරු..?

අහස පුරාවටම එළිය කරන් දුන්නු සද අදුරු පාට වළාකුළු වලින් මොහොතකින් වැහිලා ගියා.. මම එතකොට හිටියෙ ජනේලය ළග.. මුළු පළාතම අන්ධකාරයෙන් වැහෙන්න ගත්තා.. ඒත් පුංචි පුංචි තරු කැට නිසා මද එළියක් තිබුණා.. ඒ එළිය මට ආලෝකයක් විදියට පෙනුණෙ නෑ සනිරු.. මට ඕනි.. හද එළියෙ ප්‍රභාෂ්වර ආලෝකයයි.. නැතුව තරු කැට නෙමෙයි.. සත්තයි මගේ රත්තරන්..! මට ඔයා නැතුව පාළුයි.. මං තනි වුණා කියලා මට දැනෙනවා.. ඉතින් කවුරු හිටියත් මට මගේ ජීවිතය දැනෙන්නෙ හුස්ම ගැනෙනවාද කියලා දැනෙන්නෙ ඔයා හිටියොත් විතරයි සනිරු.. ඉතින් සද නැතුව දාහක් තරු තිබුණට මට ඵලක් නෑ මගෙ සනිරු..

මම මේ විකාර දොඩවනවා නෙමෙයි සනිරු.. මගේ හදවතට දැනෙන හැගීම් තමයි මේ විදියට ලියවෙන්නෙ.. අපි දෙන්නා අපේම වෙන්න මේ ලෝකෙයේ පුංචිම පුංචි ඉඩක් තිබුණට අපි දෙන්නව වෙන් කරන්න මේ මුළු මහත් ලෝකයම බලාගෙන ඉන්නෙ සනිරු.. මට ඒක හොදටම දැනෙනවා.. ඒකෙ ආරම්භය මගේ තාත්තා තමයි පටන් ගන්නෙ.. ඇයි සනිරු මේ විදියට අපෙන් පළිගන්න හදන්නෙ..?

මාව ගෙදරට මේ විදියට එක්තැන් කරලා හිර කරලා තිබ්බට මගේ හදවතට අගුල් දාලා හැගීම් නැති කරන්න කාටවත් බෑ සනිරු.. මේ හදවතේ උපදින හැගීම් තේරුම් ගෙන සෙනෙහස පුදන්නත් ඒ හදවතම සදහට නිසල කරන්නත් අයිතියක් තියෙන්නෙ එකම එක හිමිකාරයෙකුට විතරයි.. ඒ සනිරු කියන ඔයාටම විතරයි මගේ රත්තරන්..

අපේ තාත්තගෙ මේ තහංචිය කවදා වෙනකම් මට බලපායිද කියලා දන්නෙ නෑ.. ඒත් මට ඒ තහංචියට විරුද්ධ වෙලා ඔයා ළගටම එන්න පුළුවන්කම තිබුණත් ඒක අපේ ආදරයට තවත් ශාපයක් වෙයි නේද සනිරු..? මම මේ හැම දෙයක්ම කොහොම හරි ඉවසන්නම්.. හැබැයි වසදෙනවා නම් විතරමයි.. නැත්නම් මගේ ජීවිතයම මට එපාවෙයි..

අපේ තා්තතා ඔයාට වෛර කරන තරමට මම ඔයාට ආදරය කරනවා.. මම මගේ මුළු ආත්මයම මගේ සකල පන්චේන්ද්රියම ඔයාට පූජා කරලයි තියෙන්නෙ.. ඒ කිසිම දෙයක් ආයේ කවදාවත්ම මගේවත් කරගන්න බැරි වෙයි සනිරු.. ඒ තරමටම මම ඔයාට ආදරය කරනවා..

මම ඉක්මනටම එනවා සනිරු.. අපේ ආදරයට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙනවා නම්, අපේ ආදරය සත්‍යයක් නම්, අපේ ආදරය ජීවමාන නම් ඉක්මණමට තාත්තාගෙ තීරණය වෙනස් වේවි සනිරු.. එහෙම වුණොත් අපිට කියත හැකියි අපේ ආදරය අමරණීයයි කියලා.. එහෙම නේද..?

හැබෑවට අපි දෙන්නා ළංව නොසිටියත් ගෙවෙන හැම තත්පරයක් පාසාම මම ඔයා ළගයි.. ඔයා මගේ ළගයි.. අපි දෙන්නා අපි ළගයි.. ඒ හදවතින් සනිරු.. ඒක ඔයාටත් මටත් දැනෙන සත්‍යයක්, විශ්වාසයක්.. ඉතින් මම දැන් නවතින්නම්..

බුදුසරණයි!

මීට,

ඔයාගෙම ආදර,

මායා.

[QUOTE="crazybuddy, post: 13013840, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-GLnht3xAZYQ/T137KjyqS3I/AAAAAAAABf4/IJS47SAvyhk/s1600/10.png[/IMG] [B][COLOR=#783f04]සනිරුත් සමග තිබෙන සම්බන්ධය නතර කිරීමට ජයවර්ධන මායාට අවවාද කළත් එය ඔවුනගේ සංසාර ගත ප්‍රේමය මොහොතකට හෝ බිද දැමීමට තරම් ශක්තියක් නොවුණේ දෙදෙනා තුළ වූ නොබිදෙන බැදීම නිසාය.. නිරන්තරයෙන්ම මායාත් සනිරුත් මුණ ගැසීම, කතාබහ කිරීම, ගමන් බිමන් යාම සම්බන්ධයෙන් ජයවර්ධන පසු වූයේ ඉමහත් කෝපයෙනි.. එය ඔහුට දරාගත නොහැකි වූයේ තම පරම්පරාවෙන් පැවත එන අභිමානවත් නම්බුවට කැළලක් වේදැයි නිරතුරුම සිතෙන්නට පටන් ගත් හෙයිනි.. එබැවින් තම සිතට වද දෙන එම කාරණාව සැනසීමකට පත් කර ගැනුණේ මායා විශ්ව විද්‍යාලයට යාම තහනම් කිරීමට තීරණය කිරීමෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම උඹට කී පාරක් කිව්වද ඔය සම්බන්ධය නවත්තපන් කියලා..? ඒත්.. උඹ සත පහකට ගණන් ගත්තෙ නෑ නේද..? දැන් ඉතිං, මම කියන දේ අහලා ඔය කැම්පස් යන එක නතර කරපන්.. ගෙදරට වෙලා ඉදපන්.. ඔය ඉගෙන ගත්තා හොදටම ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා.. මොනවද මේ කියන්නෙ..? මම කොච්චර මහන්සි වෙලාද විභාගෙ පාස් වුණේ..? මට නම් ඒක කරන්න බෑ.. මම කැම්පස් යනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. උඹ මං කියන දේ අහපං.. මම උඹගෙ තාත්තා.. උඹ කැම්පස් යන්නෙ එක එකත් එක්ක නටන්නනෙ.. ඒක නිසා ගෙදරට වෙලා හිටපං..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ..! අම්මේ.. තාත්තට තේරුම් කරලා දෙන්නකො.. මම කොහොමද මේ ගෙදරට වෙලා තනියෙම ඉන්නෙ..? මට පිස්සු හැදෙයි.. මායා අසල සිටි තම අම්මාට එලෙස පැවසූවේ සිය පියා විසින් පැන වූ තහංචිය ඉවත් කර ගැනීමට හැකි වෙතැයි සිතාගෙනය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්.. උඹට පිස්සු හැදෙයි.. මටත් ඒක තේරෙනවා.. අරකගෙ මූණ බලන්නෙ නැතුව උඹට ඉන්න බැරි බව මම දන්නවා.. උමට පිස්සු හැදුණත් නැතත් මගේ තීරණේ වෙනසක් නෑ.. ඒක මතක තියාගනිං..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයේ.. ඔයාට මේ මොකද වෙලා තියෙන්නෙ..? අපිට ඉන්නෙ මේ දරුවා විතරයි නේද..? ඉතිං.. ඇයි මෙහෙම සලකන්නෙ.. ඉන්ද්‍රාණි මායා තම තුරුලට ගෙන පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක නිසාම තමයි මාත් මේ කෑ ගහන්නෙ.. ජයවර්ධන උස් හඩින් පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි තාත්තෙ..! සනිරුට ඔය තරම් වෛර කරන්නෙ..? එයා දුප්පත් නිසාද..? එයාගෙ වැරැද්ද මොකක්ද..? ප්ලීස්.. අපි දෙන්නා වෙන් කරන්න හදන්න එපා.. පිං සිද්ධ වෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උඹ කොච්චර ගෙදිරි ගෑවත් දුවේ.. අපේ පරපුරට ගැලපෙන්නෙ නැති කෙනෙකුට මම උඹව දෙන්නෙ නෑ.. ඒක මගේ ප්‍රතිපත්තියක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මේ.. මායා තම මව වැළදගෙන හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් ඉතින් ඇඩුවට වැඩක් වෙන්නෙ නෑ.. මම උඹට කලින්ම කිව්වනේ ඕක නතර කරපන් කියලා.. කෝ ඇහුවද..? හෙට ඉදන් කැම්පස් යාම තහනම්.. තේරුණානෙ.. ජයවර්ධන ඇගිල්ල දිගු කරමින් ප්‍රකාශ කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අඩන්න එපා දුවේ.. මම කියලා මොනවා කරන්නද..? දන්නවනේ තාත්තා මොනවා හරි කිව්වොත් ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ කියලා.. කිසිවක් කිරීමට නොහැකිව අසරණ වූ අම්මා පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත්.. අම්මේ.. මම දැන් සනිරු හම්බවෙන්නෙ කොහොමද..? එයාට කතා කරන්නෙ කොහොමද..? අනේ.. අම්මෙ මොනවා හරි කරන්නකො..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට සමාවෙන්න මායා.. මට තාත්තාගෙ තීරණ වලට විරුද්ධව මොකුත් කරන්න බෑ.. එහෙම වුණොත් තාත්තා මොනවා කරයිද දන්නෙ නෑ.. ඉන්ද්‍රණි මායාගෙන් වෙන්ව කාමරයට පිය මැණුවේ කිසිත් කිරීමට නොහැකි වූ බැවිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම පියාගේ ඒකාධිපති තීරණ වලට, තහංචි වලට මැදි වූ මායා හට නිවසින් එළියට යාමට සම්පූර්ණයෙන්ම තහනම් විය.. ඇය සිරමැරදිරියකට එක්තැන් වූ රැදවියක ලෙස නිවසට කොටු විය.. තමන් සමග තම දෙමාපියන් සිටින බව දැනුණත් නෑදෑ හිත මිතුරන් සිටින බව දැනුණත් හදවතට දැනෙන පාළුව, තනිකම, හුදෙකලා බව ඒ කිසිවෙකුට නිවාලන්නට තරම් හැකියාවක් නොතිබුණි.. හදවත අභ්‍යන්තරයේ උපදින ඒ තනිකම ඇය තුළින් සියුම් වේදනාවක් කෙමෙන් කෙමෙන් බිහි කරන්නට තරම් ප්‍රබල විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හදවතට අවැසිව පවතින ආදරය, සෙනෙහස සංසාරය පුරාවටම විද ගැනීමට හිමිකම් කී ඒ උරුමක්කරුගෙන් වෙන්ව හුදෙකලාව සිටීම මායාට විදදරා ගැනීමට තරම් ධෛර්යක් නොවීය.. තම ජීවිතයට අරුණාලෝකයක් විත් සපැමිණි ඒ පෙම්බරාත් සමග එකදු වදනක් හෝ දෙඩීමට නොහැකිව ළතැවෙන ඇයගේ චිත්තාභ්‍යන්තරයෙහි තනිකම පාළුව හැරෙන්නට වෙනත් කිසි සංතෘප්තිදායක සිතිවිල්ලක් පිබිදෙන්නට තරම් ඉඩ ප්‍රස්ථාවක් නොතිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හදවතේ දැවෙන විසල් අග්ලි ජාලාවෙන් කොටසක් හෝ නිවා දමන්නට හැකියාවක් ඇත්තේ තුෂාරිට සහ වසන්තිකාට බව මායාගේ මනස තුළ සටහන් විය.. ඇය සැණින් තුෂාරිගේ නිවසට දුරකථන ඇමතුමක් ගැනුණේ තම පියා විසින් පැන වූ තහංචිය පිළිබද පැවසීම සදහාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හලෝ.. ආන්ටි.. තුෂාරි අක්කා ඉන්නවද..? මම මායා කතා කරන්නෙ.. මායා හෙමීට කටහඩ පාලනය කළේ තම පියා නිවසේ සිටි හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හා.. මායා දුවද..? පොඩ්ඩක් ඉන්න.. මම තුෂාරිට කතා කරන්නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. මායා මොකද මේ හදිසියෙම..? මොකක්ද ප්‍රශ්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි අක්..කේ.. මායා හඩන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මොකද මායා මේ අඩන්නෙ..? ප්ලීස්.. අඩන්නෙ නැතුව මොකද වුණේ කියලා කියන්නකො..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි අක්කෙ.. මට ආයෙ කැම්පස් එන්න වෙන්නෙ නෑ.. කවදාවත්ම.. මම ගෙදරට හිරවුණා තුෂාරි අක්කෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා ඔයා මේ මොනවද කියන්නෙ..? ඇයි එන්න වෙන්නෙ නැත්තෙ..? කවුද ඔයාට තහංචි දැම්මෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා අක්කෙ තාත්තා.. මට ගෙදරට වෙලා ඉන්නලු.. අනේ..! අක්කෙ.. මම දැන් මොනවද කරන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. තාත්තට මේ එකපාරම මොකද වුණේ.. මට නම් හිතාගන්නවත් බෑ.. අංකල් ඔය තරමටම ආත්මාර්තකාමී කෙනෙක් කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයාගෙ හිත කළු ගලක් වගේ දරුණුයි අක්කෙ.. සනිරුගෙයි මගෙයි සම්බන්ධෙ නැති කරන්නයි එයා එහෙම දෙයක් කළේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මා මොකද කියන්නෙ මායා..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මට මොකුත් තීරණයක් ගන්න බෑ තුෂාරි අක්කෙ.. එයා ගොඩක් අසරණයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතින්.. මායා දැන් මොකද කරන්නෙ..? සනිරු දැන ගත්තාම ගොඩක් දුක් වෙයි.. අනික දැන් සනිරු ඉන්න තත්වය දැක්කාම.. මට නම් තේරෙන්නෙ නෑ මායා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක තමයි අක්කෙ.. මටත් බය.. සනිරුට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතෙන් වැඩක් නෑ තුෂාරි අක්කෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඕන්.. ඕන්.. ආයෙමත් අඩන්න පටන් ගත්තා.. චුට්ටක් ඉවසන්න මායා.. මොකක් හරි විසදුමක් මේ ප්‍රශ්නෙට තියේවි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට අඩන්න ඇරෙන්න වෙන දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ අක්කෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. හරි.. මායා මට තේරෙනවා.. ඔයා බයවෙන්න එපා.. මම කොහොම හරි සනිරුගෙ හිත හදන්නම්.. එයාට මේ හැම දෙයක්ම තේරුම් ගන්න පුලුවන් වෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක නෙමෙයි මායා.. මම ඇවිත් අංකල් එක්ක මේ ගැන කතා කරන්නද..? සමහර විට එයාගෙ තීරණේ වෙනස් කරන්න පුළුවන් වෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ.. තුෂාරි අක්කෙ..! ඒක කොච්චර ලොකු දෙයක්ද..? හැබැයි අක්කෙ දැන්ම එපා.. තව දවස් දෙක තුනකින් එන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ම්.. හරි, මම බදාදා එන්නම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කෙ..! සනිරුට කියන්න මම කොහොම හරි ඉක්මණට කැම්පස් එනවා කියලා.. මායා හෙමීට තුෂාරිට මිමිණිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. හරි.. පිස්සි.. මම කියන්නම්.. කලබල නොවී ඉන්නකො..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. තුෂාරි අක්කෙ.. මම හෙට අපේ ලෙටර් බොක්ස් එකට ලියුමක් දාන්නම්.. ඒක වසන්තිකාට අරගෙන සනිරුට දෙන්න කියලා කියනවද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි සනිරුත් එක්ක දවසක්වත් කතා නොකර ඉන්න බැරිද..? තුෂාරි මද සිනාවක් මුසු කරමින් ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දවසක් නෙමෙයි තුෂාරි අක්කෙ.. එක තත්පරයක්වත් ඉන්න බෑ.. ඇත්තටම අක්කෙ.. ඒ තරමටම මගේ ජීවිතය සනිරුට බැදිලයි තියෙන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මෝ.. පුදුම ගැඹුරු ආදරයක්නෙ.. හරි.. ඒකත් මම කියන්නම්.. දැන් හරිනෙ.. එහෙනම් මායා මම දැන් තියන්නම්.. ගුඩ් නයිට්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුඩ් නයිට් තුෂාරි අක්කෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම කාමරයේ එක් ජනෙල් පියනක් විවර කර එහි කම්බි කූරු තම දෑතින් අල්ලාගනෙ තාරකාවන්ගෙන් ආලෝකමත් වී තිබුණු අඹර දෙසට තම නෙතු පියන් යොමු කිරීඹට මායාට දැඩි සේ සිත් විය.. චන්ද්‍රයාගේ සොමි කැලුම් ක්ෂිර මගක් මෙන් මහ පොළවට පතිත වී එහි තුරු මුදුන් සිසාරා දැවටී තිබුණත් ඒ ප්‍රභාෂ්වර ආලෝකය තත්පරයෙන් තත්පරය අඩු වී යන්නට ගැනුණේ වළාකුළු රැසකින් සද ආවරණය වන්නට පටන් ගත් හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සද රැසින් ආලෝකමත් වී චමත්කාරයෙන් පිරී තිබුණු පරිසරයේ සුන්දරත්වය සතුරෙකු විලසට පැමිණි වළාකුළු වලින් නැති කර දැමුවාක් මෙන් ආදරයේ සංතෘප්තියෙන්, මිහිරියාවෙන් ඉපිළ ගිය තම හදවත අන්ධකාරවෙන් පුරවාලන්නට සැරසෙන අප්‍රමාණ වූ බාධක කෙරේ මායා තැවුණත්, වේදනා වින්දත් එය ධෛර්යක් කර ගැනුණේ තම ආදරේ පැවැත්ම සදා කාලයක්ම පවත්වා ගැනීඹට අවැසි වූ බැවිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සැණින් මායා තම මේසය වෙතට පැමිණ එහි පුටුවෙහි වාඩි වූවේ සනිරු වෙත යැවීම සදහා සිතා ගත් ලියුම ලිවීම සදහායි.. ඇය පෑන සහ කොළයක් රැගෙන ටික වේලාවක් කල්පනා කර ඉනික්බිතිව ලියුම ලිවීමට පටන් ගත්තාය.. තම හදවතට ගලාගෙන පැමිණෙන සියල් හැගීම් වචන වලට පෙරළා එකිනෙක සීරුවට පෙළගැස්වීමට මායා උනන්දුවක් දැක්විය.. වරෙක ඇය පෑන කොළය මත තබා තම හිස මේසය මත තබා ගනිමින් සුසුම් පොදක් හෙළීය.. තවත් විටෙක හදවතේ ගැබ්ව පැවති තනිකම කැටුව උපදින හැගීම් සමුදාය සටහන් කරමින් තිබුණු පෙම් හසුන තම ළයට තුරුළු කර ගත්තීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අකුරෙන් අකුර, වචනයෙන් වචනය, පේළියෙන් පේළිය, ජේදයෙන් ජේදය.. ලියැවුණු ලියුම සම්පූර්ණ වීමට හෝරා දෙකකට ආසන්න කාලයක් ගතවිය.. එපමණක කාලයක් ගත වූ බවක් මායාට නොදැනුණේ සනිරු ඇමතීමට ඇති එකම මාර්ගය ලියුමක් ලිවීම හැර වෙනත් ක්‍රමයක් නොතිබුණු බැවිනි.. එදින රාත්‍රියේම මායා එම ලියුම ගේට්ටුවේ සවිකර තිබූ ලියුම් පෙට්ටියට දැමීමට තීරණය කළේ පසුදා එය වසන්තිකාට ගැනීම සදහාත් තම පියාගෙන් ඒ බව සගවා ගැනීම සදහාත්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මායා.. කොහේද මේ මහ රෑ එළියට යන්නෙ..? අවදියෙන් සිටි ඉන්ද්‍රාණි පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මෙ මං.. මේ කියමින් ඇය තම අතෙහි හතරට නවා තිබුණු ලියුම දෙස බැලුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. මේකයි එහෙනම් එළියට යන්න හැදුවෙ.. ඉන්ද්‍රාණි මහත්මිය මායාගේ අතේ තිබුණු ලියුම දෙස බලමින් පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දුවේ..! මට මොකුත් හංගන්න හදන්න එපා.. ඇයි මාත් තාත්තා වගේද පේන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ අම්මෙ.. කවදාවත් මම එහෙම හිතන්නෙ නෑ.. අම්මගේ කරුණාව නිසයි මම මෙහෙම හරි ඉන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරි.. ඒවායින් වැඩක් නෑ.. ඉක්මනට ඔය ලියුම බොක්ස් එකට දාලා නිදාගන්න යමු.. අර.. එකොළහටත් ළගයි.. අනික දැන් තාත්තා එහෙම නැගිට්ටොත් අපි දෙන්නට විසුමක් වෙන්නෙ නැතිවෙයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හා.. හොදයි අම්මෙ.. ඉක්මනට යමු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදින රාත්‍රියේ ජයවර්ධනගේ නිදි සුවය මොන තරම් සැපදායකද යන්න පවසනවා නම් මායා සහ ඉන්ද්‍රාණි අවදියෙන් සිටි බවක් පසුදාද නොදත්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පසුදා තුෂාරි සනිරු බැලීමට රෝහලට ගියේ ජයවර්ධන විසින් මායාට පැනවූ තහංචිය පැවසීමටද බලාපොරොත්තු ඇතිවය.. එහෙත් සනිරුට එය පැවසීමට තුෂාරිගේ සිත එක එල්ලේම කැමති නොවුණේ ඔහුගේ ශරීර සෞඛ්‍යය එතරම් සුව මට්ටමක නොමැති වූ නිසාය.. නමුත් කෙසේ හෝ එය පැවසීමට තුෂාරි අදිටන් කර ගත්තේ මායාද එය සනිරු හට පැවසීමට කියූ හෙයිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. තුෂාරි එන්න.. කෝ.. අද අනිත් අය ආවෙ නැද්ද..? වටපිට බැලූ සනිරු ඇසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෑ සනිරු.. අද මට කවුරුවත් හම්බවුණේ නෑ.. ඒක නිසා මම තනියෙමයි ආවෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.. එහෙමද..? මායත් තවම ආවෙ නෑ.. ඇයි දන්නෙ නෑ පරක්කු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ.. සනිරු, පොඩි ප්‍රශ්නයක්.. තුෂාරි සනිරු නිදාගෙන සිටි ඇදෙහි යකඩ කම්බිය අල්ලා ගනිමින් පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇයි මොකක්ද ප්‍රශ්නෙ තුෂාරි..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකයි, මායගෙ තාත්තා.. තුෂාරි වචන එක දෙක මිමුණුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්.. මායාගෙ තාත්තා.. මොකක්ද තුෂාරි ප්‍රශ්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජයවර්ධන අංකල් මායාට කැම්පස් යන්න එපා කියලා.. ගෙදරට වෙලා ඉන්න කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකක්.. මේ මනුස්සයට පිස්සු හැදීගෙන එනවද..? ඇයි තුෂාරි එහෙම තීරණයක් අරගෙන තියෙන්නෙ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔයාගෙයි, මායාගෙයි සම්බන්ධය නිසා සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ..! මං දන්නෙ නෑ තුෂාරි.. මම නිසා ඒ කෙල්ලගෙ ඉගෙනීමත් ඉවර වෙන්නයි යන්නෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තුෂාරි.. මායට කොහොමද දැන්..? එයා හොදින් ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හොදින් නම් තමා.. ඒත්.. ඔයා ගැන හිත හිතා හැම වෙලේම අඩනවා.. මායා එයාගෙ ජීවිතේට වඩා ඔයා ගැනයි හිතන්නෙ සනිරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්ලීස් තුෂාරි.. තවත් මොකුත් මට කියන්න එපා.. තුෂාරිගේ වදන් සනිරුගේ හදවතට දරා ගන්නට නොහැකි විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ආ.. අන්න වසන්තිකා එනවා.. කොරිඩෝවේ සිට තමන් දෙසට පැමිණෙන වසන්තිකා දුටු තුෂාරි පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]තුෂාරි අක්කෙ.. දැන්ද ආවෙ..? ඇය පළමුවෙන්ම තුෂාරිට ඇමතුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව්, නංගි.. දැන් ටිකකට කලින් ආවෙ.. තුෂාරි ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු බැන්දාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතින්.. සනිරු දැන් කොහොමද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් නම් හොදයි වගේ වසන්තිකා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]තුෂාරි පෙර දින රාත්‍රියේ පැවසූ ආකාරයටම වසන්තිකා මායාගේ නිවසට ඇතුළු වන ගේට්ටුවෙහි සවිකර තිබූ ලියුම් පෙට්ටියෙහි දමා තිබුණු ලියුම සනිරුට දීම සදහා රැගෙන ආවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ආ.. සනිරු, මේ ලියුම මායා ඔයාට දෙන්න කියලා කිව්වා.. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]වසන්තිකා ඔයා ඒක ගෙනාවද..? මම හිතුවෙ ඔයාට ඒක ගන්න බැරිවෙයි කියලා.. මොකද මායාගෙ තාත්තා උදෙන්ම ඉන්නෙ ගේට්ටුව ළගනෙ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉනික්බිතව වසන්තිකා විසින් ගෙන ආ ලියුම සනිරුට ලැබීමට කටයුතු සිදුකළ ආකාරයට තුෂාරි විසින් සුපැහැදිලි කළාය.. එබැවින් මායා මොන තරම් දුක් වේදනාවක් නිවසට සිරවී හුදෙකලාව විදදරා ගන්නවාද යන්න කෙරේ පිළිබද සනිරුගේ හදවත කම්පාවට පත්වූවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙනම් සනිරු, අපි දැන් යන්නම්.. ඔයා කලබල වෙන්න එපා.. මේ හැම දෙයක්ම විසදෙයි.. බයවෙන්න එපා.. වසන්තිකා සනිරුගේ සිතට ධෛර්යක් එක් කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ආ.. සනිරු මට කියන්න අමතක වුණා.. මායා කොහොම හරි ඉක්මනටම එනවා කියලා කියන්න කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]තුෂාරිත් වසන්තිකාත් ගිය සැණින් මායා එවූ ලිපිය බැලීමට සනිරු දිග හැරියේය.. ඔවු වචන සංයමයකින් යුක්තව දෙතොලින් මුමුණන්නට පටන් ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [RIGHT] [SIZE=4][I][B][COLOR=#783f04]2012.02.06[/COLOR][/B][/I][/SIZE][/RIGHT] [RIGHT] [SIZE=4][B][COLOR=#783f04][I]සද නැති තරු නැති රැයක[/I][/COLOR][/B][/SIZE][/RIGHT] [SIZE=4] [B][COLOR=#783f04][I]මගේම සනිරු,[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][I]මට සමාවෙන්න සනිරු මේ විදියට ඔයාව ලිපියකින් ඇමතීමට වුණ එක ගැන.. ඒත් මං කියලා මොනවා කරන්නද සනිරු..?[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][I]අහස පුරාවටම එළිය කරන් දුන්නු සද අදුරු පාට වළාකුළු වලින් මොහොතකින් වැහිලා ගියා.. මම එතකොට හිටියෙ ජනේලය ළග.. මුළු පළාතම අන්ධකාරයෙන් වැහෙන්න ගත්තා.. ඒත් පුංචි පුංචි තරු කැට නිසා මද එළියක් තිබුණා.. ඒ එළිය මට ආලෝකයක් විදියට පෙනුණෙ නෑ සනිරු.. මට ඕනි.. හද එළියෙ ප්‍රභාෂ්වර ආලෝකයයි.. නැතුව තරු කැට නෙමෙයි.. සත්තයි මගේ රත්තරන්..! මට ඔයා නැතුව පාළුයි.. මං තනි වුණා කියලා මට දැනෙනවා.. ඉතින් කවුරු හිටියත් මට මගේ ජීවිතය දැනෙන්නෙ හුස්ම ගැනෙනවාද කියලා දැනෙන්නෙ ඔයා හිටියොත් විතරයි සනිරු.. ඉතින් සද නැතුව දාහක් තරු තිබුණට මට ඵලක් නෑ මගෙ සනිරු..[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][I]මම මේ විකාර දොඩවනවා නෙමෙයි සනිරු.. මගේ හදවතට දැනෙන හැගීම් තමයි මේ විදියට ලියවෙන්නෙ.. අපි දෙන්නා අපේම වෙන්න මේ ලෝකෙයේ පුංචිම පුංචි ඉඩක් තිබුණට අපි දෙන්නව වෙන් කරන්න මේ මුළු මහත් ලෝකයම බලාගෙන ඉන්නෙ සනිරු.. මට ඒක හොදටම දැනෙනවා.. ඒකෙ ආරම්භය මගේ තාත්තා තමයි පටන් ගන්නෙ.. ඇයි සනිරු මේ විදියට අපෙන් පළිගන්න හදන්නෙ..?[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][I]මාව ගෙදරට මේ විදියට එක්තැන් කරලා හිර කරලා තිබ්බට මගේ හදවතට අගුල් දාලා හැගීම් නැති කරන්න කාටවත් බෑ සනිරු.. මේ හදවතේ උපදින හැගීම් තේරුම් ගෙන සෙනෙහස පුදන්නත් ඒ හදවතම සදහට නිසල කරන්නත් අයිතියක් තියෙන්නෙ එකම එක හිමිකාරයෙකුට විතරයි.. ඒ සනිරු කියන ඔයාටම විතරයි මගේ රත්තරන්..[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][I]අපේ තාත්තගෙ මේ තහංචිය කවදා වෙනකම් මට බලපායිද කියලා දන්නෙ නෑ.. ඒත් මට ඒ තහංචියට විරුද්ධ වෙලා ඔයා ළගටම එන්න පුළුවන්කම තිබුණත් ඒක අපේ ආදරයට තවත් ශාපයක් වෙයි නේද සනිරු..? මම මේ හැම දෙයක්ම කොහොම හරි ඉවසන්නම්.. හැබැයි වසදෙනවා නම් විතරමයි.. නැත්නම් මගේ ජීවිතයම මට එපාවෙයි..[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][I]අපේ තා්තතා ඔයාට වෛර කරන තරමට මම ඔයාට ආදරය කරනවා.. මම මගේ මුළු ආත්මයම මගේ සකල පන්චේන්ද්රියම ඔයාට පූජා කරලයි තියෙන්නෙ.. ඒ කිසිම දෙයක් ආයේ කවදාවත්ම මගේවත් කරගන්න බැරි වෙයි සනිරු.. ඒ තරමටම මම ඔයාට ආදරය කරනවා..[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][I]මම ඉක්මනටම එනවා සනිරු.. අපේ ආදරයට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙනවා නම්, අපේ ආදරය සත්‍යයක් නම්, අපේ ආදරය ජීවමාන නම් ඉක්මණමට තාත්තාගෙ තීරණය වෙනස් වේවි සනිරු.. එහෙම වුණොත් අපිට කියත හැකියි අපේ ආදරය අමරණීයයි කියලා.. එහෙම නේද..?[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04][I]හැබෑවට අපි දෙන්නා ළංව නොසිටියත් ගෙවෙන හැම තත්පරයක් පාසාම මම ඔයා ළගයි.. ඔයා මගේ ළගයි.. අපි දෙන්නා අපි ළගයි.. ඒ හදවතින් සනිරු.. ඒක ඔයාටත් මටත් දැනෙන සත්‍යයක්, විශ්වාසයක්.. ඉතින් මම දැන් නවතින්නම්..[/I][/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][B][COLOR=#783f04][I]බුදුසරණයි![/I][/COLOR][/B][/SIZE][/CENTER] [RIGHT] [SIZE=4][B][COLOR=#783f04][I]මීට,[/I][/COLOR][/B][/SIZE][/RIGHT] [RIGHT] [SIZE=4][B][COLOR=#783f04][I]ඔයාගෙම ආදර,[/I][/COLOR][/B][/SIZE][/RIGHT] [RIGHT] [SIZE=4][B][COLOR=#783f04][I]මායා.[/I][/COLOR][/B][/SIZE][/RIGHT] [RIGHT] [SIZE=4] [/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom