Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින කිහිපයක්ම රෝහල්ගතවී සිටි සනිරු රෝහලෙන් පිටවී සිය නිවසට පැමිණියේ පැවති අසාධ්‍ය තත්වයෙන් බොහෝ දුරට සුවයක් ලබාගෙනය.. එහෙත් වෛද්‍යවරුන්ගේ නියමය අනුව ඔහුගේ මනස එතරම් වෙහෙසට පත් නොකළ යුතු බව අවධාරණය කර තිබිණි.. කෙසේ නමුත් නිවසට පැමිණි සනිරු වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිගත්තද ඔහුගේ මනස එක් දෙයකින් තරමක් නොසන්සුන් තත්වයක පැවතුණි.. ඒ තම ආදරයය සිය අම්මාගෙන් සැගවීම පිළිබදවයි.. නමුත් අවසානයේදී සනිරු ඒ බව තම අම්මාට පැවසුවේ එය අම්මාට සැගවීමෙන් තේරුමක් නැති බැව් තමාටම තේරුම් වූ හෙයිනි..

අම්මේ.. අම්මේ.. පොඩ්ඩක් මෙහාට එන්නකො.. ඇදෙහි දිගා වී සිටි සනිරු තම අම්මාට කතා කළේය..

කුස්සියේ සිටි අම්මා.. එනවා.. එනවා.. කියමින් සනිරුගේ කටහඩ ඇසී ඔහු සිටි කාමරයට ආවාය..

ඇයි පුතේ..! මොනවද උඹට ඕනෙ..? ඇය ඇද සිටි චීත්තය ඉණට තද කර ගනිමින් ඇසීය..

මොකුත් නෑ අම්මෙ.. මට පොඩි කාණාවක් කියන්න තියෙනවා.. ඒක නිසා පොඩ්ඩක් මෙතැනින් වාඩි වෙන්නකො.. සනිරු තම අම්මාගේ අත අල්ලා ගනිමින් පැවසීය..

කාරණාවක්.. මොකක්ද පුතේ..? සනිරුගේ ඇදෙහි වාඩිවෙමින් ඇය විමසීය..

අම්මේ.. අර එදා අපේ දිහා තුෂාරිත් එක්ක ආපු ගෑනු ළමයව මතකද..? සනිරු කෙළින්ම තම ආදරය අම්මාට පැවසීමට පැකිළුණේ නැත..

කවුද..? මේ.. අර.. කොණ්ඩේ දිග සුදු ගෑණු ළමයා ද උඹ ඔය කියන්නෙ..? සනිරුගේ මව කල්පනා කරමින් ඇසීය..

ඔව් අම්මෙ.. අන්න හරි.. එයා තමයි.. ඇදෙහි දිගා වී සිටි සනිරු තම කොට්ටය බිත්තියට තබා එහි හේත්තු වී මහත් ඕනෑ කමින් පිළිතුරු දුන්නේය..

ඉතින්.. කියන්ට තියෙනවා කිව්ව කාරණාව කියපංකො..

අම්මේ.. එයාගෙයි.. මගෙයි.. සනිරු අදිමින් කියන්නට විය..

ඉතින් කියපන්කො එයාගෙයි මගෙයි මොකක්ද කියලා.. සනිරුගේ අම්මා තරමක් උස් හඩින් ඇසීය..

අම්මේ අපි දේනනා අතරෙ සම්බන්ධයක් තියෙනවා.. සනිරු ලැජ්ජාවෙන් මෙන් තම මුහුණ පහතට හරවා හෙමීට අම්මාට පැවසූවේය..

මට නිකමට වගේ හිතුණා උඹ එහෙන් මෙහෙන් ඇඹරි ඇඹරි කියන්ට යනකොට.. ඒ ළමයා කොහේ කෙනෙක්ද..? සනිරුගේ මව මායා පිළිබදව විස්තර අසන්නට විය..

එයා මාතලේ ඉන්නෙ අම්මෙ.. තුෂාරි ඉන්නෙ.. අන්න එහේ..

පෝසත් පවුලක ළමයෙක් වගෙයි.. ඕවා කෙරෙයි කියලා කවුද දන්නෙ..? අපිටම තමයි අන්තිමට දුක් වෙන්න සිද්ධවෙන්නෙ..

හැබැයි හරිම අහිංසක ළමයෙක්.. එදා මගේ කකුල් දෙක අල්ලලා වදිනකොට මට පුදුම පැහැදීමක් ඇතිවුණේ එළමයා ගැන.. සනිරුගේ මව මායාගේ යහපත්කම වර්ණනා කළේ සනිරු තුළද කිසියම් ආඩම්බරයක් ඇති කරවමිනි..

සිය අම්මා තුළද මායා කෙරෙහි ප්‍රසාදයක් ඇතිවීම පිළිබද සිනරු ඉමහත් සේ සතුටට පත්විය.. අම්මාගේ නිර්මල ආශිර්වාදය සනිරුගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැන්මට හැකිවන පැතුමක් වන බව සනිරු නිරතුරුවම සිතුවේය..

සතියක් පමණ කැම්පස් යාමට නොහැකි වූ සනිරු එදා කැම්පස් එකට ගියේ සුවිශාල ප්රබෝධයකිනි.. පෙර දිනයේ මායා තමාට රෝහලේ දී හමු වුවද ඉන් එපිට දින දෙක තුනක්ම දෑසින් ඇයව ඈත් වූයේ ජයවර්ධනගේ දැඩි වූ තීරණය නිසාවෙනි.. එබැවිස් ඇයත් සමග කතාබහ කිරීඹටද සනිරුට ඉවසුමක් නොවීය..

හලෝ.. සනිරු ගුඩ් මෝනිං.. ප්‍රදීප් සහ චතුර එකවරම සනිරුට ආමන්ත්‍රණය කළහ..

ගුඩ්මෝනිං.. ගුඩ්මෝනිං.. මචං.. සනිරුද තම යහළුවන්ට සිනා සී ආමන්ත්‍රණය කළේය..

ඉතින් සනිරු.. දැන් කොහොමද..? අමාරුවක් එහෙම නෑනෙ.. ප්‍රදීප් සනිරුගේ තුවාල වූ හිස දෙස බලමින් ඇසුවේය..

නෑ මචං.. දැන් නම් අමාරුවක් නෑ.. ඒත් බෙහෙත් දිගටම ගන්න වෙයි..

ඔව් මචං ඔය බෙහෙත් නතර නොකර දිගටම ගනිං.. නැත්නම් ආයෙම පස්සට තමා අමාරුව.. චතුර ප්‍රදීප් දෙස බලා සනිරුට පැවසූවේය..

ටික වේලාවක් කතා කරමින් සිටි සනිරු, ප්‍රදීප් සහ චතුර අක්බාල් පාළම ළගට ගියේ ලෙක්චස් වලට යාමට තවත් පැයක පමණ කාලයක් ඉතිරිව තිබූ නිසාවෙනි.. සනිරුගේ ජීවිතය ජීවත් කරවීමට, නැවත අලුත් ප්‍රාණයක් ලබා දීමට යාමා මැදිහත් වූ බවක් කිසිවෙකුවත් සනිරුට නොපැවසූවේ මායාගේ ඉල්ලීම නිසාය.. නමුත් මායාගේ එම උත්තරීතර පරිත්‍යාගය සනිරුට වසන් කිරීමට ප්‍රදීප්ට රිසි නොවුණේ මායා කොතරම් සනිරුට ආදරය දක්වනවාද යන්න පිළිබද සනිරුට පැවසීමට උවමනා වූ හෙයිනි..

සනිරු උඹට අපි යමක් හැංගුවා.. එහෙම කළේ තවත් කෙනෙකුගෙ ඉල්ලීමක් නිසයි.. ඒත්.. මට උඹට ඒක කියන්නම ඕනි.. ප්‍රදීප් පාළමේ හරස් ලීයට හේත්තු වී බිම බලා පැවසුවේය..

ප්‍රදීප්.. උඹට පිස්සුද..? අපි පොරොන්දු වුණා නේද මායාට..? චතුරට ඉබේටම මායාගේ නම කියවුණේ එම රහස ප්‍රදීප් සනිරුට පැවසීමට ගිය නිසාය..

මොනවද උඹලා මායාට පොරොන්දු වුණේ..? මොනවද මගෙන් හංගන්න තියෙන ඔච්චරම වටින දේ..? සනිරු ප්රදීප්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු දෙස බලා ඇසුවේය..

මොකුත් නෑ මචං.. අපිට මොනවද උඹගෙන් හංගන්න තියෙන්නෙ.. තව තවත් එය වසන් කිරීමට චතුර උත්සාහ කළේය..

චතුර ප්ලීස් මචං.. මගේ ජීවිතේට බලපාන දෙයක් නම් ප්‍රදීප් කියන්න යන දේ කියන්න දිපන්..

සනිරුගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍යව තිබුණු ලේ වර්ගය කිසිවෙකුවත් සමීපයේ නොතිබුණු හෙයින් එම ලේ වර්ගය මායා විසින් සනිරුට ලබා දුන් බව ප්‍රදීප් සනිරුට පැවසුවේය.. ප්‍රදීප්ගේ මුවින් මායා විසින් කළ එම අමරණිය පරිත්‍යාගය පිළිබදව කියවෙන විට ඉහළට පහළට හෙළමින් සිටි සනිරුගේ ඇස් පිල්ලම් එක් තැනට විත් නතර විය..

ප්‍රදීප්.. උම මේ ඇත්තක්ද කියන්නෙ..? මට ඇත්ත කියපං.. දෑසෙහි කදුළු පුරවාගෙන සනිරු ප්රදීප්ගෙන් ඇසුවේය..

ඔව් සනිරු.. ප්‍රදීප් කිව්වෙ බොරු නෙමෙයි.. ඒ හැම දෙයක්ම ඇත්ත.. මායායි උඹට ලේ දුන්නෙ.. සනිරුගේ දෑසින් කදුළු ගලා හැලෙද්දී චතුර ඔහුගේ දෙඋර අල්ලා ගනිමින් ප්‍රකාශ කළේය..

ඇයි මචං.. මේ තරම් මායා මං වෙනුවෙන් කැපවීම් කරන්නෙ..? පාළම මැද සිටි සනිරු එහි අනෙක් පැත්තට යමින් තම යහළුවන්ගෙන් විමසුවේය..

ඒක තමයි ආදරේ කියන්නෙ මචං.. මායා උඹට එයාගෙ පණටත් වැඩියෙන් ආදරය කරනවා.. ප්‍රදිප් සනිරු දෙසට පසුපසින් ඉදිරියට ඇදෙමින් කීවාය..

තිදෙනාම පාළමෙහි එගොඩට පැමිණ අසල තිබූ බංකුවක් මත වාඩි වූහ.. මෙම අක්බාල් පාළමේ සුවිශේෂත්වය වූයේ එක් පසෙක සිට යමෙකු පැමිණෙණ විට එකවරම ඔහු නොපෙනී පළමුව හිස පමණක් පෙනී ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම දිස් වීමයි.. මෙය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් ඉදිකර ඇති අතර ඔහුගේම නාමයද මීට යොදා තිබීම තවත් විශේෂත්වයකි.. එබැවින් මෙම අක්බාල් පාළම පේරාදෙණිය විශ්ව විදයාලයට ඇති සුවිශේෂි වූ සම්පතකි.. එය විශ්ව විද්‍යාලයේ සිසුවියන්ගේ නිවාඩු පාළුව ගත කිරීමටවෙන් වුණු කදිම ස්ථානයකි..

මචං.. මායා නේද එන්නෙ..? මායාගේ මුහුණ දුටු ප්‍රදීප් කීවේය..

ඔව්.. ඔව්.. මායා තමයි.. චතුරද පාලමේ කෙළවර දෙස බලමින් කීවේය..

ප්‍රදීප් සහ චතුරගේ මුවින් මායාගේ ආදරණිය නම පිට වෙනවාත් සමගම සනිරු හිද සිටි බංකුවෙන් නැගිට මායා පැමිණෙන ඉදිරියට දිව ගියේ මොහොතකට පෙර ප්‍රදීප් පැවසූ දෙයින් සනිරුගේ හදවත තව තවත් තව තවත් මායා කෙරෙහි බැදුණු නිසාවෙනි.. මායා සමීපයට දිව ගිය සනිරු තත්පයක් දෙකක් යන තුරු ඇය දෙස බලාගෙන හිද සැණින් ඇය වැළදගන්නට විය.. අත හරින්නට බැරි තරම් මහත් ලෝභකමකින් යුතුව තුරුළු කර ගත්තේය.. සනිරුගේ හදවත මත මුව හොවා ගනිමින් සිටින මායාගේ සවනට ඔහුගේ සෙනෙහසේ රාවය ඇසෙත්ම ඇයද තව තවත් තම දෑතීන් සනිරු තමාට ළං කර ගත්තේය.. ගැඹුරු සොරබොර වැවේ නිසල දිය මෙන් සස්ථීරව සනිරු තුළත් මායා තුළත් පවතින ආදරය නිසාම එකම සීරුවක් සේ දෙදෙනා වෙලී සිටියහ.. නිරායාසයෙන්ම සනිරුගේ දෑසින් කදුළු බිදු ගිලිහී මායාගේ පිට මත පතිත වීමත් සමගම දැනුණු සිසිලස නිසා සනිරුගෙන් මායාගේ දෑත් ලිහිල් විය..

සනිරු.. ඇයි මේ ඇස් වල කදුළු පිරිලා..? ඔහුගේ ඇස් දෙක දෙස බලමින් මායා පැවසීය..

මේ කදුළු වැටෙන්නෙ ඔයාගෙ ආදරය නිසයි මායා.. ඇයි ඔයා මේ තරම් මට ආදරය කරන්නෙ මායා..? සනිරු මායාගේ අත්දෙක අල්ලා ගනිමින් පැවසීය..

ඒ මොකද දන්නවද සනිරු.. ඔයාගෙ මේ කදුළු වල තියෙන අවංකකම නිසයි මගේ පණටත් වැඩියෙන් මම ඔයාට ආදරය කරන්නෙ.. සනිරුගේ දෑසින් වැටුණු කදුළු තම අත්ල මතට ගත් මායා එය ඔහුට පෙන්වමින් පැවසීය..

ඔය තරම් ආදරය කරන්න එපා මායා.. මොකද අපි අපිට අයිති නොවුනොත් එහෙම ඔයාට මොනවා වෙයිද..? ඔයා කොහොමද ජීවත් වෙන්නෙ..?

එහෙම වුණොත්.. එදාට මගේ ජීවිතේ නැතිවෙයි සනිරු.. එදාට මම මුළු ලෝකයත් එකක්ම තරහා වෙනවා.. මම මගෙත් එක්කම තරහා වෙනවා.. ඉහළට ගත් සුසුම් පොත තද කරගෙන සිට එක පාරටම එය පහළට හෙලමින් පැවසීය..

ප්ලීස්.. මායා.. ඔය වගේ දේවල් කියන්න එපා.. මට විශ්වාසයි අපිට හැමදාමත් එකට ඉන්න ලැබෙනවා කියලා.. හැමදාමත්..

හැමදාමත්..

ඔව්.. හැමදාමත්.. සදාකාලයටම..

සනිරු සහ මායා අතරට බාධාවක් වෙන්න නොසිතූ ප්‍රදීප් සහ චතුර එතැනින් යන්නට වූයේ එම මොහොතේ ඔවුන්ට හුදෙකලාව වෙසෙසින්ම අවැසි බව දැණුනු හෙයිනි..

සනිරු.. අපි යන්නම්.. ඉක්මණට වරෙන්..

තම යහළුවන් ගිය පසුව සනිරු සහ මායා අසල තිබූ බංකුව මත වාඩි වූයේ තව තවත් කතා කර කර සිටීමේ අවශ්‍යතාවය තිබුණු හෙයිනි.. විශ්ව විද්‍යාලය තුළදී සනිරුත් සමග කතාබස් කිරීම තම පියාට දැන ගැනීමට ඇති ඉඩකඩ ශූන්‍ය බව දැනගත් මායා ඔහුත් සමග නිදහසේ දොඩමලු වීමට අමතක නොකළේය.. කාරියවසම්ද තමා පිළිබද විපරමෙන් ඉන්නා බැව් දන්නා මායා ඔහුගෙන්ද බේරී සනිරුත් සමග නිදහසේ සිටීමට විශ්ව විද්‍යාලය පිටුවහලක් කර ගත්තත් තම ඉගෙනීමේ කටයුතු අදුරු කර ගැනීමට කිසිත් ඉඩ නොදුන්නේය..

සනිරු.. දවස් තුනක් මට කැම්පස් එන්න බැරි වුණා.. ඒ පාඩම් ටික කොහොම හරි කවර් කරගන්න ඕන.. නැත්නම් පස්සට තමයි අමාරුව..

මේ හැම දෙයකටම වග කියන්න ඕනි මමයි මායා.. මොකද මම නිසානෙ ඔයාට කැම්පස් එන්න බැරි වුණේ.. ඔයාගෙ පෙර පිනකටද කොහෙදෝ ආපහු කැම්පස් එන්න ලැබුණෙ..

ඇයි සනිරු.. ඔයා වග කියන්න ඕනි කියන්නෙ..? එහෙම බලනවා නම් මමත් වැරදියි..

නෑ.. නෑ.. මායා.. බැරි වෙලාවත් ඔයාගෙ තාත්තා ගත්ත තීරණය වෙනස් නොකළා නම් එහෙම.. අපි කොහොමද මෙහෙම හරි මුණගැහෙන්නෙ..

ඒකනම් ඇත්ත තමයි සනිරු.. අපි අද මෙහෙම ඉන්නෙ තුෂාරි අක්කා නිසයි.. තුෂාරි අක්කා අපේ තාත්තට කතා කරපු නිසයි එයාගෙ තීරණේ වෙනස් වුණේ..

මොනවා.. තුෂාරි.. පුදුමයෙන් මෙන් සනිරු ඇසුවේය..

ඔව් සනිරු.. තුෂාරි අක්කා ඊයෙ අපේ දිහා ඇවිත් තාත්තට කතා කළේ නැත්නම් අදත් මම ගෙරද..

තුෂාරි නම් පුදුම යාළුවෙක්.. අපිට කොච්චර කියලා උදව් කරනවද..?

ඒක තමයි සනිරු.. එයා මගේම සහෝදරියක් වගෙයි දැනෙන්නෙ..

ඒක නෙමෙයි මායා.. ඔයාලගෙ ගෙදරට ආරංචි වුණොත් එහෙම ඔයා මට ලේ දුන්නා කියලා.. ඔයාට මොනවා වෙයිද..?

ආරංචි වුණදෙන් සනිරු.. කවුරු මොනවා කිව්වා කළත් ඔයා වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. අනික දැන් ගෙදරට හැම දෙයක්ම ආරංචි වෙලයි තියෙන්නෙ..

ඒ කිව්වෙ මායා..

රකිත රිමාන්ඩ් කරපු තරහට එයාගෙ තාත්තා හැම දෙයක්ම අපේ ගෙදරට කියලා.. බංකුව මත වාඩි වී සිටි සනිරුට තුරුළු වූ මායා සිදු වූ සෑම දෙයක්ම පැවසීය..

ඉතින්.. මායා තාත්තා ඔයාට ගැහුවද..? බැන්නද..? ජයවර්ධන මායාට කළේ කුමක්දැයි කියා දැන ගැනීමේ උනන්දුවෙන් සනිරු ඇසුවේය..

මම හැම දෙයක් ගැනම ඇත්ත කිව්වා සනිරු.. ඒ ඇත්ත අහලා තාත්තට හොදටම කේන්ති ගියා.. මට හොදටම බැන්නා.. ගහන්නත් ගියා.. අම්මා හිටපු නිසයි බේරුණේ..

ඇයි සනිරු.. අපිට අපේම කියලා ලස්සන ලෝකයක නිදහසේ ඉන්න දෙන්නෙ නැත්තෙ.? සනිරුගේ තුරුලේ සිටි මායා අඩමින් සනිරුගෙන් ප්‍රශ්න කළේ ඔවුන්ටම නිදහස් වුණු සුන්දර ලෝකයක් නැතිද යන ප්රශ්නය මතු කරමිනි..

තියෙනවා මායා.. ඇත්තටම ඔයා කියන විදිහෙ සුන්දර ලෝකයක් තියෙනවා.. ඒත්.. අපි ඒ ලෝකයේ ලස්සනට සතුටින් ඉන්නවට මේ සමාජය කැමති නෑ..

ඇයි එහෙම කියන්නෙ සනිරු..? කවමදාකවත් අපිට ඒ ලෝකයට යන්න බැරිද..?

පුළුවන් මායා.. හැබැයි මම සල්ලිකාරයෙක් වුණා නම්.. මමත් පෝසත් කොල්ලෙක් වුණා නම් ඔයාගෙ තාත්තා මට නිකම්ම කැමති වෙයි.. ඒත් මම දුප්පත්නෙ මායා..

ප්ලීස්.. සනිරු.. මීට පස්සෙ ඔය දුප්පත් කතාව ඇදලා ගන්න එපා.. මොනවා කියන්න ගියත් දුප්පත්.. දුප්පත්.. දුප්පත්.. අනික ඔයා දුප්පත් වුණාට අපේ ආදරය දුප්පත් නෑනෙ.. සනිරුට තුරුළු වී සිටි මායා ඉන් ඉවතට විත් තරමක් උස් හඩින් පැවසීය..

ජයවර්ධන තමාට අකමැති වීමට ප්‍රධානම හේතුව තමා දුප්පත් බව යන්න සනිරුට සුපැහැදිලිව අවබෝධ කරගත හැකි වූවත් මායා ඊට එකග නොවන්නේ ඔහු සතු ගුණ යහපත්කම, ආචාරශීලී බව, මානුෂිය හැගීම් මොන තරම් පොහොසත්ද යන්න පිළිබදව තම මනස තුළ නිරතුරුවම තර්ක කිරීමට පෙළඹෙන බැවිණි..

හරි.. හරි.. මායා සොරි.. මීට පස්සෙ එහෙම කියන්නෙ නෑ.. ඒ වගේ පොඩි දෙයකින් වුවත් මීට පස්සෙ මම ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ.. සත්තයි..

ආ.. ඒක නෙමෙයි.. මම ඔයා ගැන අපේ අම්මට කිව්වා.. එයා ඔයාට ගොඩක් කැමතියි.. මායාගේ සිතෙහි ඇති වූ දුක නැති කිරීම සදහා සනිරුට එය මතක් විය..

මං ගැන කිව්වේ.. ඇයි ඔයා ගැන කිව්වෙ නැද්ද..? සනිරු පැවසූ දෙයින් සතුටට පත්වූ මායා කට කොණින් සිනාසෙමින් පැවසීය..

ඔව්.. ඔව්.. ඔයාගෙයි මගෙයි ආදරේ ගැන තමයි.. සනිරු මායාගේ පුංචි සිනාව දෙස බලමින් පැවසීය..

ඉතින්.. ඉතිං.. සනිරු මොනවද අම්මා කිව්වෙ..?

ම්.. ඔයා අම්මට වදිනකොට ඔයා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණාලු.. අනික මායා ඔයාගෙ හැඩරුව අම්මට සෑහෙන්න මතකයි.. ඔයාගෙ දිග කොණ්ඩය.. ඔයාගෙ පාට.. මේ හැම දෙයක්ම..

අනේ.. සනිරු..! ඔයාගෙ අම්මත් හරියට ඔයා වගේමයි.. හරිම අහිංසකයි..

නැතුව.. නැතුව.. මම ඉතින් අපේ අම්මගෙ එකම පුතානෙ..

ම්හ්.. හැබැයි අම්මගෙ විතරක් නෙමෙයි.. මටත් ඔයාව අයිතියි.. එහෙම නේද..?

දන්නෙ නෑ මායා.. සිනාසෙමින් කීවේය..

මොනවද දන්නෙ නැත්තෙ.? මම අහන්නෙ ඔයා මටත් අයිතියි නේද..? නේද..? නේද..? ඇය පුන පුනා ඇසීය..

ඔව්.. ඔව්.. ඔව් මායා.. මම ඔයාගෙම තමයි.. හැමදාටම ඔයාගෙම තමයි..

සනිරු මට පොරොන්දු වෙන්න මොන ප්‍රශ්නයක් ආවත් අපි දෙන්නා එකටම ඉන්නවා කියලා.. මායා සනිරුගේ අත තම හිසෙහි තබා ගනිමින් පොරොන්දු විමසීය..

ඔව් මායා.. මම පොරොන්දු වෙනවා.. කවමදාකවත් ඔයාගෙන් මමත් මගෙන් ඔයාවත් වෙන් වෙන්නෙ නෑ කියලා.. හැබැයි ඔයාගෙ ඔලුවෙ අත තියලා විතරක් පොරොන්දු වුණාට මගේ හිත පිරෙන්නෙ නෑ.. සනිරු මායාගේ කම්මුල් තම දෑතින් අල්ලාගෙන පැවසුවේය..

එහෙනං.. සනිරු ඔයාගෙ හිත පිරෙන්න ඔයාට මොනවද කරන්න ඕනි..? මායා තම දෑස් පහතට කොට නැවත සිනරු දෙස හොරහින් බලා විමසීය..

දැන ගන්න ඕනිද මායා..? මායාගේ නිකට තම දකුණතේ ඇගිලි වලින් මදක් ඔසවා සනිරු ඇසුවේය..

ඔව් සනිරු.. කියමින් මායා ලැජ්ජාවෙන් මෙන් නැවත ඇස්දෙක පහතට හරවා ගත්තේය..

ඇස් දෙක පහත් කොට ගනිමින් ලැජ්ජාවෙන් මෙන් මායාගෙන් පද්දීපනය වූ ප්‍රතිචාරය සනිරු ඇයගෙන් බලාපොරොත්තු වූ දෙයට කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙසට සනිරුට ඒත්තු ගැන්විණි.. සනිරු පළමුවෙන්ම මායාගේ ඇස්දෙක සහ කම්මුල් දෑල තම දෙතොලින් සිපගෙන පොරොන්දු වූයේ කිසිම දවසක තමා ඇයගෙන් වෙන් නොවන බවට මතක සටහන් තැන්පත් කරමින්.. අනතුරුව සනිරු මායාට පොරොන්දු වූවේ තම දෙතොලින් ඇයගේ රෝසපාට තොල් පෙති නොරිදා මල් පෙත්තකටත් වඩා සංස්පර්ශයෙන් සිපගෙනය.. සනිරුගේ හදවතේ මායා කෙරෙහි තිබෙන අසීමාන්තික ආදරය ඔහුගේ ගතේ උණුහුමින් දැනෙන්නට පටන් ගත්තම මායා සනිරු හැද සිටි කමිසය තම දෑතේ ඇගිලි වලින් අදිමින් ඔහුගේ උණුසුම අත් විදීය..

ඉනික්බිතිව මායා ද තම තොල්පෙති වලින් කුළුදුල් සිප ගැනීම සනිරුට පූජා කරමින් පොරොන්දු වූයේ තමා තමාටම අමතක වුවත් තම ජීවිතයෙන් සනිරු කිසිම කලෙකවත් අමතක නොකරන බවට සහතික කරමිනි..

එකිනෙකා වෙනුවෙන් තිබෙන ආදරය, සෙනෙහස විශ්වාසය සහතික කර ගනිමින් ගිවිසුම් ගත් සනිරු සහ මායා අතරෙහි කිසිදු රහසක්, අවිශ්වාසයක් ඇති නොවන්නට කටයුතු කිරීමටද පොරොන්දු වූහ..

[QUOTE="crazybuddy, post: 13013873, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-IbzWqRyJyDE/T137LZ0p-pI/AAAAAAAABf4/p7c3UgtA1hU/s1600/11.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දින කිහිපයක්ම රෝහල්ගතවී සිටි සනිරු රෝහලෙන් පිටවී සිය නිවසට පැමිණියේ පැවති අසාධ්‍ය තත්වයෙන් බොහෝ දුරට සුවයක් ලබාගෙනය.. එහෙත් වෛද්‍යවරුන්ගේ නියමය අනුව ඔහුගේ මනස එතරම් වෙහෙසට පත් නොකළ යුතු බව අවධාරණය කර තිබිණි.. කෙසේ නමුත් නිවසට පැමිණි සනිරු වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිගත්තද ඔහුගේ මනස එක් දෙයකින් තරමක් නොසන්සුන් තත්වයක පැවතුණි.. ඒ තම ආදරයය සිය අම්මාගෙන් සැගවීම පිළිබදවයි.. නමුත් අවසානයේදී සනිරු ඒ බව තම අම්මාට පැවසුවේ එය අම්මාට සැගවීමෙන් තේරුමක් නැති බැව් තමාටම තේරුම් වූ හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මේ.. අම්මේ.. පොඩ්ඩක් මෙහාට එන්නකො.. ඇදෙහි දිගා වී සිටි සනිරු තම අම්මාට කතා කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කුස්සියේ සිටි අම්මා.. එනවා.. එනවා.. කියමින් සනිරුගේ කටහඩ ඇසී ඔහු සිටි කාමරයට ආවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි පුතේ..! මොනවද උඹට ඕනෙ..? ඇය ඇද සිටි චීත්තය ඉණට තද කර ගනිමින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නෑ අම්මෙ.. මට පොඩි කාණාවක් කියන්න තියෙනවා.. ඒක නිසා පොඩ්ඩක් මෙතැනින් වාඩි වෙන්නකො.. සනිරු තම අම්මාගේ අත අල්ලා ගනිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කාරණාවක්.. මොකක්ද පුතේ..? සනිරුගේ ඇදෙහි වාඩිවෙමින් ඇය විමසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මේ.. අර එදා අපේ දිහා තුෂාරිත් එක්ක ආපු ගෑනු ළමයව මතකද..? සනිරු කෙළින්ම තම ආදරය අම්මාට පැවසීමට පැකිළුණේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කවුද..? මේ.. අර.. කොණ්ඩේ දිග සුදු ගෑණු ළමයා ද උඹ ඔය කියන්නෙ..? සනිරුගේ මව කල්පනා කරමින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් අම්මෙ.. අන්න හරි.. එයා තමයි.. ඇදෙහි දිගා වී සිටි සනිරු තම කොට්ටය බිත්තියට තබා එහි හේත්තු වී මහත් ඕනෑ කමින් පිළිතුරු දුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. කියන්ට තියෙනවා කිව්ව කාරණාව කියපංකො..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මේ.. එයාගෙයි.. මගෙයි.. සනිරු අදිමින් කියන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් කියපන්කො එයාගෙයි මගෙයි මොකක්ද කියලා.. සනිරුගේ අම්මා තරමක් උස් හඩින් ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මේ අපි දේනනා අතරෙ සම්බන්ධයක් තියෙනවා.. සනිරු ලැජ්ජාවෙන් මෙන් තම මුහුණ පහතට හරවා හෙමීට අම්මාට පැවසූවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට නිකමට වගේ හිතුණා උඹ එහෙන් මෙහෙන් ඇඹරි ඇඹරි කියන්ට යනකොට.. ඒ ළමයා කොහේ කෙනෙක්ද..? සනිරුගේ මව මායා පිළිබදව විස්තර අසන්නට විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයා මාතලේ ඉන්නෙ අම්මෙ.. තුෂාරි ඉන්නෙ.. අන්න එහේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පෝසත් පවුලක ළමයෙක් වගෙයි.. ඕවා කෙරෙයි කියලා කවුද දන්නෙ..? අපිටම තමයි අන්තිමට දුක් වෙන්න සිද්ධවෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැබැයි හරිම අහිංසක ළමයෙක්.. එදා මගේ කකුල් දෙක අල්ලලා වදිනකොට මට පුදුම පැහැදීමක් ඇතිවුණේ එළමයා ගැන.. සනිරුගේ මව මායාගේ යහපත්කම වර්ණනා කළේ සනිරු තුළද කිසියම් ආඩම්බරයක් ඇති කරවමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිය අම්මා තුළද මායා කෙරෙහි ප්‍රසාදයක් ඇතිවීම පිළිබද සිනරු ඉමහත් සේ සතුටට පත්විය.. අම්මාගේ නිර්මල ආශිර්වාදය සනිරුගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැන්මට හැකිවන පැතුමක් වන බව සනිරු නිරතුරුවම සිතුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සතියක් පමණ කැම්පස් යාමට නොහැකි වූ සනිරු එදා කැම්පස් එකට ගියේ සුවිශාල ප්රබෝධයකිනි.. පෙර දිනයේ මායා තමාට රෝහලේ දී හමු වුවද ඉන් එපිට දින දෙක තුනක්ම දෑසින් ඇයව ඈත් වූයේ ජයවර්ධනගේ දැඩි වූ තීරණය නිසාවෙනි.. එබැවිස් ඇයත් සමග කතාබහ කිරීඹටද සනිරුට ඉවසුමක් නොවීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හලෝ.. සනිරු ගුඩ් මෝනිං.. ප්‍රදීප් සහ චතුර එකවරම සනිරුට ආමන්ත්‍රණය කළහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගුඩ්මෝනිං.. ගුඩ්මෝනිං.. මචං.. සනිරුද තම යහළුවන්ට සිනා සී ආමන්ත්‍රණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින් සනිරු.. දැන් කොහොමද..? අමාරුවක් එහෙම නෑනෙ.. ප්‍රදීප් සනිරුගේ තුවාල වූ හිස දෙස බලමින් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ මචං.. දැන් නම් අමාරුවක් නෑ.. ඒත් බෙහෙත් දිගටම ගන්න වෙයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් මචං ඔය බෙහෙත් නතර නොකර දිගටම ගනිං.. නැත්නම් ආයෙම පස්සට තමා අමාරුව.. චතුර ප්‍රදීප් දෙස බලා සනිරුට පැවසූවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ටික වේලාවක් කතා කරමින් සිටි සනිරු, ප්‍රදීප් සහ චතුර අක්බාල් පාළම ළගට ගියේ ලෙක්චස් වලට යාමට තවත් පැයක පමණ කාලයක් ඉතිරිව තිබූ නිසාවෙනි.. සනිරුගේ ජීවිතය ජීවත් කරවීමට, නැවත අලුත් ප්‍රාණයක් ලබා දීමට යාමා මැදිහත් වූ බවක් කිසිවෙකුවත් සනිරුට නොපැවසූවේ මායාගේ ඉල්ලීම නිසාය.. නමුත් මායාගේ එම උත්තරීතර පරිත්‍යාගය සනිරුට වසන් කිරීමට ප්‍රදීප්ට රිසි නොවුණේ මායා කොතරම් සනිරුට ආදරය දක්වනවාද යන්න පිළිබද සනිරුට පැවසීමට උවමනා වූ හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු උඹට අපි යමක් හැංගුවා.. එහෙම කළේ තවත් කෙනෙකුගෙ ඉල්ලීමක් නිසයි.. ඒත්.. මට උඹට ඒක කියන්නම ඕනි.. ප්‍රදීප් පාළමේ හරස් ලීයට හේත්තු වී බිම බලා පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප්.. උඹට පිස්සුද..? අපි පොරොන්දු වුණා නේද මායාට..? චතුරට ඉබේටම මායාගේ නම කියවුණේ එම රහස ප්‍රදීප් සනිරුට පැවසීමට ගිය නිසාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවද උඹලා මායාට පොරොන්දු වුණේ..? මොනවද මගෙන් හංගන්න තියෙන ඔච්චරම වටින දේ..? සනිරු ප්රදීප්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු දෙස බලා ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොකුත් නෑ මචං.. අපිට මොනවද උඹගෙන් හංගන්න තියෙන්නෙ.. තව තවත් එය වසන් කිරීමට චතුර උත්සාහ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චතුර ප්ලීස් මචං.. මගේ ජීවිතේට බලපාන දෙයක් නම් ප්‍රදීප් කියන්න යන දේ කියන්න දිපන්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරුගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍යව තිබුණු ලේ වර්ගය කිසිවෙකුවත් සමීපයේ නොතිබුණු හෙයින් එම ලේ වර්ගය මායා විසින් සනිරුට ලබා දුන් බව ප්‍රදීප් සනිරුට පැවසුවේය.. ප්‍රදීප්ගේ මුවින් මායා විසින් කළ එම අමරණිය පරිත්‍යාගය පිළිබදව කියවෙන විට ඉහළට පහළට හෙළමින් සිටි සනිරුගේ ඇස් පිල්ලම් එක් තැනට විත් නතර විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප්.. උම මේ ඇත්තක්ද කියන්නෙ..? මට ඇත්ත කියපං.. දෑසෙහි කදුළු පුරවාගෙන සනිරු ප්රදීප්ගෙන් ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් සනිරු.. ප්‍රදීප් කිව්වෙ බොරු නෙමෙයි.. ඒ හැම දෙයක්ම ඇත්ත.. මායායි උඹට ලේ දුන්නෙ.. සනිරුගේ දෑසින් කදුළු ගලා හැලෙද්දී චතුර ඔහුගේ දෙඋර අල්ලා ගනිමින් ප්‍රකාශ කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි මචං.. මේ තරම් මායා මං වෙනුවෙන් කැපවීම් කරන්නෙ..? පාළම මැද සිටි සනිරු එහි අනෙක් පැත්තට යමින් තම යහළුවන්ගෙන් විමසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි ආදරේ කියන්නෙ මචං.. මායා උඹට එයාගෙ පණටත් වැඩියෙන් ආදරය කරනවා.. ප්‍රදිප් සනිරු දෙසට පසුපසින් ඉදිරියට ඇදෙමින් කීවාය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තිදෙනාම පාළමෙහි එගොඩට පැමිණ අසල තිබූ බංකුවක් මත වාඩි වූහ.. මෙම අක්බාල් පාළමේ සුවිශේෂත්වය වූයේ එක් පසෙක සිට යමෙකු පැමිණෙණ විට එකවරම ඔහු නොපෙනී පළමුව හිස පමණක් පෙනී ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම දිස් වීමයි.. මෙය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් ඉදිකර ඇති අතර ඔහුගේම නාමයද මීට යොදා තිබීම තවත් විශේෂත්වයකි.. එබැවින් මෙම අක්බාල් පාළම පේරාදෙණිය විශ්ව විදයාලයට ඇති සුවිශේෂි වූ සම්පතකි.. එය විශ්ව විද්‍යාලයේ සිසුවියන්ගේ නිවාඩු පාළුව ගත කිරීමටවෙන් වුණු කදිම ස්ථානයකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මචං.. මායා නේද එන්නෙ..? මායාගේ මුහුණ දුටු ප්‍රදීප් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. මායා තමයි.. චතුරද පාලමේ කෙළවර දෙස බලමින් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රදීප් සහ චතුරගේ මුවින් මායාගේ ආදරණිය නම පිට වෙනවාත් සමගම සනිරු හිද සිටි බංකුවෙන් නැගිට මායා පැමිණෙන ඉදිරියට දිව ගියේ මොහොතකට පෙර ප්‍රදීප් පැවසූ දෙයින් සනිරුගේ හදවත තව තවත් තව තවත් මායා කෙරෙහි බැදුණු නිසාවෙනි.. මායා සමීපයට දිව ගිය සනිරු තත්පයක් දෙකක් යන තුරු ඇය දෙස බලාගෙන හිද සැණින් ඇය වැළදගන්නට විය.. අත හරින්නට බැරි තරම් මහත් ලෝභකමකින් යුතුව තුරුළු කර ගත්තේය.. සනිරුගේ හදවත මත මුව හොවා ගනිමින් සිටින මායාගේ සවනට ඔහුගේ සෙනෙහසේ රාවය ඇසෙත්ම ඇයද තව තවත් තම දෑතීන් සනිරු තමාට ළං කර ගත්තේය.. ගැඹුරු සොරබොර වැවේ නිසල දිය මෙන් සස්ථීරව සනිරු තුළත් මායා තුළත් පවතින ආදරය නිසාම එකම සීරුවක් සේ දෙදෙනා වෙලී සිටියහ.. නිරායාසයෙන්ම සනිරුගේ දෑසින් කදුළු බිදු ගිලිහී මායාගේ පිට මත පතිත වීමත් සමගම දැනුණු සිසිලස නිසා සනිරුගෙන් මායාගේ දෑත් ලිහිල් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. ඇයි මේ ඇස් වල කදුළු පිරිලා..? ඔහුගේ ඇස් දෙක දෙස බලමින් මායා පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ කදුළු වැටෙන්නෙ ඔයාගෙ ආදරය නිසයි මායා.. ඇයි ඔයා මේ තරම් මට ආදරය කරන්නෙ මායා..? සනිරු මායාගේ අත්දෙක අල්ලා ගනිමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ මොකද දන්නවද සනිරු.. ඔයාගෙ මේ කදුළු වල තියෙන අවංකකම නිසයි මගේ පණටත් වැඩියෙන් මම ඔයාට ආදරය කරන්නෙ.. සනිරුගේ දෑසින් වැටුණු කදුළු තම අත්ල මතට ගත් මායා එය ඔහුට පෙන්වමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය තරම් ආදරය කරන්න එපා මායා.. මොකද අපි අපිට අයිති නොවුනොත් එහෙම ඔයාට මොනවා වෙයිද..? ඔයා කොහොමද ජීවත් වෙන්නෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම වුණොත්.. එදාට මගේ ජීවිතේ නැතිවෙයි සනිරු.. එදාට මම මුළු ලෝකයත් එකක්ම තරහා වෙනවා.. මම මගෙත් එක්කම තරහා වෙනවා.. ඉහළට ගත් සුසුම් පොත තද කරගෙන සිට එක පාරටම එය පහළට හෙලමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලීස්.. මායා.. ඔය වගේ දේවල් කියන්න එපා.. මට විශ්වාසයි අපිට හැමදාමත් එකට ඉන්න ලැබෙනවා කියලා.. හැමදාමත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැමදාමත්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. හැමදාමත්.. සදාකාලයටම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු සහ මායා අතරට බාධාවක් වෙන්න නොසිතූ ප්‍රදීප් සහ චතුර එතැනින් යන්නට වූයේ එම මොහොතේ ඔවුන්ට හුදෙකලාව වෙසෙසින්ම අවැසි බව දැණුනු හෙයිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. අපි යන්නම්.. ඉක්මණට වරෙන්.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම යහළුවන් ගිය පසුව සනිරු සහ මායා අසල තිබූ බංකුව මත වාඩි වූයේ තව තවත් කතා කර කර සිටීමේ අවශ්‍යතාවය තිබුණු හෙයිනි.. විශ්ව විද්‍යාලය තුළදී සනිරුත් සමග කතාබස් කිරීම තම පියාට දැන ගැනීමට ඇති ඉඩකඩ ශූන්‍ය බව දැනගත් මායා ඔහුත් සමග නිදහසේ දොඩමලු වීමට අමතක නොකළේය.. කාරියවසම්ද තමා පිළිබද විපරමෙන් ඉන්නා බැව් දන්නා මායා ඔහුගෙන්ද බේරී සනිරුත් සමග නිදහසේ සිටීමට විශ්ව විද්‍යාලය පිටුවහලක් කර ගත්තත් තම ඉගෙනීමේ කටයුතු අදුරු කර ගැනීමට කිසිත් ඉඩ නොදුන්නේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු.. දවස් තුනක් මට කැම්පස් එන්න බැරි වුණා.. ඒ පාඩම් ටික කොහොම හරි කවර් කරගන්න ඕන.. නැත්නම් පස්සට තමයි අමාරුව..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ හැම දෙයකටම වග කියන්න ඕනි මමයි මායා.. මොකද මම නිසානෙ ඔයාට කැම්පස් එන්න බැරි වුණේ.. ඔයාගෙ පෙර පිනකටද කොහෙදෝ ආපහු කැම්පස් එන්න ලැබුණෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සනිරු.. ඔයා වග කියන්න ඕනි කියන්නෙ..? එහෙම බලනවා නම් මමත් වැරදියි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නෑ.. නෑ.. මායා.. බැරි වෙලාවත් ඔයාගෙ තාත්තා ගත්ත තීරණය වෙනස් නොකළා නම් එහෙම.. අපි කොහොමද මෙහෙම හරි මුණගැහෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒකනම් ඇත්ත තමයි සනිරු.. අපි අද මෙහෙම ඉන්නෙ තුෂාරි අක්කා නිසයි.. තුෂාරි අක්කා අපේ තාත්තට කතා කරපු නිසයි එයාගෙ තීරණේ වෙනස් වුණේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවා.. තුෂාරි.. පුදුමයෙන් මෙන් සනිරු ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් සනිරු.. තුෂාරි අක්කා ඊයෙ අපේ දිහා ඇවිත් තාත්තට කතා කළේ නැත්නම් අදත් මම ගෙරද..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තුෂාරි නම් පුදුම යාළුවෙක්.. අපිට කොච්චර කියලා උදව් කරනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තමයි සනිරු.. එයා මගේම සහෝදරියක් වගෙයි දැනෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක නෙමෙයි මායා.. ඔයාලගෙ ගෙදරට ආරංචි වුණොත් එහෙම ඔයා මට ලේ දුන්නා කියලා.. ඔයාට මොනවා වෙයිද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආරංචි වුණදෙන් සනිරු.. කවුරු මොනවා කිව්වා කළත් ඔයා වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. අනික දැන් ගෙදරට හැම දෙයක්ම ආරංචි වෙලයි තියෙන්නෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කිව්වෙ මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රකිත රිමාන්ඩ් කරපු තරහට එයාගෙ තාත්තා හැම දෙයක්ම අපේ ගෙදරට කියලා.. බංකුව මත වාඩි වී සිටි සනිරුට තුරුළු වූ මායා සිදු වූ සෑම දෙයක්ම පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. මායා තාත්තා ඔයාට ගැහුවද..? බැන්නද..? ජයවර්ධන මායාට කළේ කුමක්දැයි කියා දැන ගැනීමේ උනන්දුවෙන් සනිරු ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම හැම දෙයක් ගැනම ඇත්ත කිව්වා සනිරු.. ඒ ඇත්ත අහලා තාත්තට හොදටම කේන්ති ගියා.. මට හොදටම බැන්නා.. ගහන්නත් ගියා.. අම්මා හිටපු නිසයි බේරුණේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි සනිරු.. අපිට අපේම කියලා ලස්සන ලෝකයක නිදහසේ ඉන්න දෙන්නෙ නැත්තෙ.? සනිරුගේ තුරුලේ සිටි මායා අඩමින් සනිරුගෙන් ප්‍රශ්න කළේ ඔවුන්ටම නිදහස් වුණු සුන්දර ලෝකයක් නැතිද යන ප්රශ්නය මතු කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තියෙනවා මායා.. ඇත්තටම ඔයා කියන විදිහෙ සුන්දර ලෝකයක් තියෙනවා.. ඒත්.. අපි ඒ ලෝකයේ ලස්සනට සතුටින් ඉන්නවට මේ සමාජය කැමති නෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයි එහෙම කියන්නෙ සනිරු..? කවමදාකවත් අපිට ඒ ලෝකයට යන්න බැරිද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුළුවන් මායා.. හැබැයි මම සල්ලිකාරයෙක් වුණා නම්.. මමත් පෝසත් කොල්ලෙක් වුණා නම් ඔයාගෙ තාත්තා මට නිකම්ම කැමති වෙයි.. ඒත් මම දුප්පත්නෙ මායා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්ලීස්.. සනිරු.. මීට පස්සෙ ඔය දුප්පත් කතාව ඇදලා ගන්න එපා.. මොනවා කියන්න ගියත් දුප්පත්.. දුප්පත්.. දුප්පත්.. අනික ඔයා දුප්පත් වුණාට අපේ ආදරය දුප්පත් නෑනෙ.. සනිරුට තුරුළු වී සිටි මායා ඉන් ඉවතට විත් තරමක් උස් හඩින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ජයවර්ධන තමාට අකමැති වීමට ප්‍රධානම හේතුව තමා දුප්පත් බව යන්න සනිරුට සුපැහැදිලිව අවබෝධ කරගත හැකි වූවත් මායා ඊට එකග නොවන්නේ ඔහු සතු ගුණ යහපත්කම, ආචාරශීලී බව, මානුෂිය හැගීම් මොන තරම් පොහොසත්ද යන්න පිළිබදව තම මනස තුළ නිරතුරුවම තර්ක කිරීමට පෙළඹෙන බැවිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හරි.. හරි.. මායා සොරි.. මීට පස්සෙ එහෙම කියන්නෙ නෑ.. ඒ වගේ පොඩි දෙයකින් වුවත් මීට පස්සෙ මම ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ.. සත්තයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ආ.. ඒක නෙමෙයි.. මම ඔයා ගැන අපේ අම්මට කිව්වා.. එයා ඔයාට ගොඩක් කැමතියි.. මායාගේ සිතෙහි ඇති වූ දුක නැති කිරීම සදහා සනිරුට එය මතක් විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං ගැන කිව්වේ.. ඇයි ඔයා ගැන කිව්වෙ නැද්ද..? සනිරු පැවසූ දෙයින් සතුටට පත්වූ මායා කට කොණින් සිනාසෙමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. ඔයාගෙයි මගෙයි ආදරේ ගැන තමයි.. සනිරු මායාගේ පුංචි සිනාව දෙස බලමින් පැවසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉතින්.. ඉතිං.. සනිරු මොනවද අම්මා කිව්වෙ..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ම්.. ඔයා අම්මට වදිනකොට ඔයා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණාලු.. අනික මායා ඔයාගෙ හැඩරුව අම්මට සෑහෙන්න මතකයි.. ඔයාගෙ දිග කොණ්ඩය.. ඔයාගෙ පාට.. මේ හැම දෙයක්ම..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ.. සනිරු..! ඔයාගෙ අම්මත් හරියට ඔයා වගේමයි.. හරිම අහිංසකයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැතුව.. නැතුව.. මම ඉතින් අපේ අම්මගෙ එකම පුතානෙ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ම්හ්.. හැබැයි අම්මගෙ විතරක් නෙමෙයි.. මටත් ඔයාව අයිතියි.. එහෙම නේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දන්නෙ නෑ මායා.. සිනාසෙමින් කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනවද දන්නෙ නැත්තෙ.? මම අහන්නෙ ඔයා මටත් අයිතියි නේද..? නේද..? නේද..? ඇය පුන පුනා ඇසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව්.. ඔව්.. ඔව් මායා.. මම ඔයාගෙම තමයි.. හැමදාටම ඔයාගෙම තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සනිරු මට පොරොන්දු වෙන්න මොන ප්‍රශ්නයක් ආවත් අපි දෙන්නා එකටම ඉන්නවා කියලා.. මායා සනිරුගේ අත තම හිසෙහි තබා ගනිමින් පොරොන්දු විමසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් මායා.. මම පොරොන්දු වෙනවා.. කවමදාකවත් ඔයාගෙන් මමත් මගෙන් ඔයාවත් වෙන් වෙන්නෙ නෑ කියලා.. හැබැයි ඔයාගෙ ඔලුවෙ අත තියලා විතරක් පොරොන්දු වුණාට මගේ හිත පිරෙන්නෙ නෑ.. සනිරු මායාගේ කම්මුල් තම දෑතින් අල්ලාගෙන පැවසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනං.. සනිරු ඔයාගෙ හිත පිරෙන්න ඔයාට මොනවද කරන්න ඕනි..? මායා තම දෑස් පහතට කොට නැවත සිනරු දෙස හොරහින් බලා විමසීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැන ගන්න ඕනිද මායා..? මායාගේ නිකට තම දකුණතේ ඇගිලි වලින් මදක් ඔසවා සනිරු ඇසුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔව් සනිරු.. කියමින් මායා ලැජ්ජාවෙන් මෙන් නැවත ඇස්දෙක පහතට හරවා ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇස් දෙක පහත් කොට ගනිමින් ලැජ්ජාවෙන් මෙන් මායාගෙන් පද්දීපනය වූ ප්‍රතිචාරය සනිරු ඇයගෙන් බලාපොරොත්තු වූ දෙයට කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙසට සනිරුට ඒත්තු ගැන්විණි.. සනිරු පළමුවෙන්ම මායාගේ ඇස්දෙක සහ කම්මුල් දෑල තම දෙතොලින් සිපගෙන පොරොන්දු වූයේ කිසිම දවසක තමා ඇයගෙන් වෙන් නොවන බවට මතක සටහන් තැන්පත් කරමින්.. අනතුරුව සනිරු මායාට පොරොන්දු වූවේ තම දෙතොලින් ඇයගේ රෝසපාට තොල් පෙති නොරිදා මල් පෙත්තකටත් වඩා සංස්පර්ශයෙන් සිපගෙනය.. සනිරුගේ හදවතේ මායා කෙරෙහි තිබෙන අසීමාන්තික ආදරය ඔහුගේ ගතේ උණුහුමින් දැනෙන්නට පටන් ගත්තම මායා සනිරු හැද සිටි කමිසය තම දෑතේ ඇගිලි වලින් අදිමින් ඔහුගේ උණුසුම අත් විදීය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉනික්බිතිව මායා ද තම තොල්පෙති වලින් කුළුදුල් සිප ගැනීම සනිරුට පූජා කරමින් පොරොන්දු වූයේ තමා තමාටම අමතක වුවත් තම ජීවිතයෙන් සනිරු කිසිම කලෙකවත් අමතක නොකරන බවට සහතික කරමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එකිනෙකා වෙනුවෙන් තිබෙන ආදරය, සෙනෙහස විශ්වාසය සහතික කර ගනිමින් ගිවිසුම් ගත් සනිරු සහ මායා අතරෙහි කිසිදු රහසක්, අවිශ්වාසයක් ඇති නොවන්නට කටයුතු කිරීමටද පොරොන්දු වූහ.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom