Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]කාමරයේ දොර මඳක් වැසූ මා වෙව්ලන අතැගිලි වලින් එය අහුලා වටපිට බැලිමි. කිසිවකු මදෙස බලා උන්නා නොවේ. ඉතින් මා එය විවර කෙළෙමි. තරමක් බරැති හතරැස් මක කෑල්ලක දවටා එවා තිබූ කොළ කැබැල්ලේ වූයේ මෙවැන්නකි.[/FONT]

[FONT=&quot]“කේක් නැතිවට කමක් නෑ... හඳ ඇවිත් යන්න...”[/FONT]

[FONT=&quot]දුලාජ් අයියා පිළිබඳ මහා අනුකම්පාවක් මසිතේ කොනක පැළපදියම් විය. ඔහුගේ එම පණිවුඩය ලියූ කොළ කැබැල්ල පොත් අතර සගවා ගත් මා මකනය සාක්කුවේ ලා ගතිමි.[/FONT]

[FONT=&quot]“දෝණි... ටිකක් පහලට එන්න පුතේ..”[/FONT]

[FONT=&quot]නැන්දා පහළ මාලයේ සිට මා ඇමතුවා ය. මම ඉක්මන් අඩි තබා ඒ දෙසට යද්දී ඈ හතරැස් රෙදි කැබැල්ලකින් වසන ලද පිඟානක් අත තබා බලා උන්නා ය.[/FONT]

[FONT=&quot]“දූට පුළුවන් නේද මේක දුලාජ් පුතාලගෙ දිහාට දීලා එන්න.”[/FONT]

[FONT=&quot]“අනේ නැන්දා... මං එහේ ගිහින් නෑනෙ..”[/FONT]

[FONT=&quot]“එහේ ඉන්නෙ සීතා ඇන්ටි. හරි හොදයි පුතේ. ඔයා දැකලත් ඇති.”[/FONT]

[FONT=&quot]සැබෑය. දුලාජ් අයියාගේ අම්මා හෙවත් සීතා ආන්ටි රූපිකා නැන්දා සමග මිතුරුය. ඈ විශේෂ යමක් හැදූ විට නැන්දාගේ පංගුව වරද්දන්නේ නැත. ඉතින් මා නිහඬවම පිඟාන රැගෙන මිදුලට බැසිමි.[/FONT]

[FONT=&quot]“දෝණි විගහට එන්න. මගේ යාලුවා දැන් මග එනවත් ඇති.”[/FONT]

[FONT=&quot]නැන්දාගේ විශේෂ යාළුවා දැකීමට මා තුළ වූ උනන්දුව තවත් වැඩි විය. ඈ සිනාසී බලා හිඳිද්දී මම ගේට්ටුවෙන් පිටට පැමිණියෙමි. දුලාජ් අයියලාගේ නිවසේ ගේට්ටුව ඇර දමා තිබූ නිසා මම චකිතයකින් එදෙසට පිය නැගුවෙමි. මනාව නඩත්තු කරන ලද ගෙමිදුලේ සුදු පැහැ මේසයක් හා පුටු හතරක් තබා තිබුණි. ක්රමාණුකූලව තණ පියසෙන් හා නානාවිධ මලින් බර වූ ගස් කොළන් අතරේ නෙතු දිවයද්දී දුලාජ් අයියා සීතා ආන්ටි සමග මා අබියසට පැමිණියේය.[/FONT]

[FONT=&quot]“මං බොරුද කිව්වෙ අම්මා.. හඳක් වගේ නෙමෙයිද......?”[/FONT]

[FONT=&quot]මා දුටු වනම ඔහු සිය දඟකාර හඬ අවදි කළේය. තිගැස්සී ගිය මා වැටේ යැයි බියෙන් කේක් තසිම තද කර අල්ලා ගතිමි. සීතා ආන්ටි මොහොතක් දෙකක් මා මුහුණ දෙසම බලා උන්නා ය.[/FONT]

[FONT=&quot]“රූපිකා නිතරම කියනවා දූ ගැන. මං දකින්න ආසාවෙන් හිටියෙ.”[/FONT]

[FONT=&quot]ඈ දොඩමළු වූයේ බොහෝ කලක් පටන් දන්නා හඳුනන පරිසි මගේ අතකිනුත් අල්ලාගෙනය.[/FONT]

[FONT=&quot]“මේක නැන්දා දෙන්න කිව්වා.”[/FONT]

[FONT=&quot]මම තසිම දෝතින්ම ඇයට පෑවෙමි.[/FONT]

[FONT=&quot]“මොකෝ හදිස්සි, යමුකො ගෙට... ගිහින් ඉඳගෙන කතා කරමු..”[/FONT]

[FONT=&quot]සීතා ආන්ටිගේ කතාබහට දුලාජ් අයියාගේ නෙතු දිදුලන්නට විය. මම සීතල වූ වතින් ඈ පසුපස ඇදුනෙමි.[/FONT]

[FONT=&quot]“අපේ පෙරේත කොල්ලා ගෙදරට ගිහින් කටින්ම ඉල්ලලා නේද...? රූපිකාටත් කරදරේ.”[/FONT]

[FONT=&quot]තසිමේ වූ රෙදිකඩ පසෙකට කර එහි සුවඳ විදගත් ඇය පවසද්දී දුලාජ් අයියා අමුතු සිනාවක් පෑවේය.[/FONT]

[FONT=&quot]“මට කිව්වට මොකෝ කේක් එවනකල් අපේ අම්මත් කෙල ගිල ගිල බලාගෙන හිටියෙ.”[/FONT]

[FONT=&quot]ඒ ඇසී මට සිනා නැගුණි. ඔවුන් දෙදෙනාත්, නැන්දා හා රුවන් මල්ලී මෙන් බොහෝ සමීප ය.[/FONT]

[FONT=&quot]“දූ ආපු ඵලවෙන් දවසනේ. තේ ඩිංගක් බීලා යමු.”[/FONT]

[FONT=&quot]“එපා ආන්ටි.... නැන්දා ඉක්මනට එන්න කිව්වා.”[/FONT]

[FONT=&quot]“හරි.. හරි.. විනාඩි පහයි.”[/FONT]

[FONT=&quot]මගේ කීම නොසැලකූ ඈ කඩිනමින් කුස්සියට ගියාය. ඒ අවසරයෙන් දුලාජ් අයියා මා ඉදිරිපස අසුනට බර විය. මට මෙතෙක් සාක්කුවේ තිබූ මකනය සිහිවිය.[/FONT]

[FONT=&quot]“ආ...”[/FONT]

[FONT=&quot]ඔහු ඉදිරිපිටම සාක්කුවට අතයැවූ මා එය ඔහුට පෑවෙමි. ඔහු සිනාසී එය අතට ගත්තේය.[/FONT]

[FONT=&quot]“මකනෙ විතරද ගෙනාවෙ...?”[/FONT]

[FONT=&quot]මම ඒ හැගීම්බර දෙනෙත් දෙස මොහොතක් බලා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“මීනුට ඉලක්කෙට මකන විසි කරන්න බැරිද....?”[/FONT]

[FONT=&quot]“බෑ..”[/FONT]

[FONT=&quot]“මොනාද හලෝ.. කාමරේ ඇතුළටම එවන්න ඕන නෑ. බැල්කනියට වැටුණම ඇති. එතනට පොඩි දුරනේ.”[/FONT]

[FONT=&quot]ඔහුට අවැසි මකනය නැවත බලා ගැනීමට නොව මා ලබා පණිවුඩ ගෙන්වා ගැනීමටය.[/FONT]

[FONT=&quot]“මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙනවද...?”[/FONT]

[FONT=&quot]ඔහු කුස්සිය දෙසට නෙත් යොමා බලා නැවතත් විමසුවේය. මම හිස දෙපසට වැනිමි.[/FONT]

[FONT=&quot]“එහෙනං මගේ එක දෙන්නං ගන්නවද.?”[/FONT]

[FONT=&quot]“ඒත් එපා..”[/FONT]

[FONT=&quot]“මොනාද දූ එපා..?”[/FONT]

[FONT=&quot]සීතා ආන්ටි ළඟටම එන තෙක් අප දෙදෙනාම දුටුවේ නැත. ඇයට පිළිතුරු දී ගත නොහැකිව මම දුලාජ් අයියා දෙස බැලිමි.[/FONT]

[FONT=&quot]“මං මෙයාට කේක් කෑල්ලක් කාලා යන්න කිව්වා. ගෙදර තියෙන නිසා එපාලු.”[/FONT]

[FONT=&quot]ඔහුට මෙසේ ක්ෂණිකව බොරු කොහෙන් කටට එන්නේදැයි මම පුදුම විමි. නමුත් ඔහුට ඒ ගැන වගක්වත් නැත.[/FONT]

[FONT=&quot]“දූ බිස්කට් කාලා තේ බොන්නකෝ. ගෙදර ගිහින් කේක් කන්න බැරියෑ.”[/FONT]

[FONT=&quot]ඔවුන් නසග සතුටු සාමිච්චියේ යෙදෙන අතරතුර මා උගුරට දෙකට තේ කෝපප්ය හිස් කළෙමි. නැන්දා මේ වන විට මා එනතුරු බලා ඉන්නවා ඇත.[/FONT]

[FONT=&quot]“මේ ළමයා බයවෙලා වගේනෙ ඉන්නෙ.”[/FONT]

[FONT=&quot]සීතා ඇන්ටි මහිස අතගා ආදරයේන කියද්දී මම පුටුවෙන් නැගිට ගතිමි.[/FONT]

[FONT=&quot]“මම ගිහින් එන්නම් ආන්ටි.”[/FONT]

[FONT=&quot]“හරි පුතේ ආපහු වෙලාවක එන්නකො.”[/FONT]

[FONT=&quot]ඒ ඇසිල්ලෙන් මම දුලාජ් අයියාට සමු දෙන්නේවත් නොමැතිව මිදුලට බැසිමි.[/FONT]

[FONT=&quot]නිවසට යන විට නැන්දාගේ සිනා හඩ අතර තවත් කාගේදෝ කටහඩක් ඇසුණි. ඉතින් ඔවුනට බාධාවක් නොවන සේ මා පසුපස දොරෙන් නිවසට ඇතුළු වූයෙමි. නමුත් කාමරයට යෑමට නම් සාලය හරයා ගොස් පඩිපෙළ නැග යා යුතුය. එබැවින් මා මොහොතක් පමා විමි. එවිටම නැන්දා කුස්සියට පැමිණියාය.[/FONT]

[FONT=&quot]“ආ.. දෝණි ආවද..? ඇයි මේ කුස්සියට වෙලා.”[/FONT]

[FONT=&quot]“නැන්දගෙ යාළුවා ඇවිත් නිසා මං මේ පැත්තෙන් ආවා.”[/FONT]

[FONT=&quot]“අනේ දරුවො... එයා ඔය බලාගෙන ඉ්නනෙ ඔයා එනකල්.. යමුකො ඉ්සසරහට.”[/FONT]

[FONT=&quot]බලෙන්ම මා අත ගත් නැන්දා මාව සාලයටම රැගෙන ගියාය. නැන්දාගේම වයසේ කාන්තාවක් හා අවුරුදු දහ අටක පමණ යුවතියක් සාලයේ හිඳ අප එන මඟ නෙත් යොමා බලා උන්හ.[/FONT]

[FONT=&quot]“ආනේ... ආන්ටි කියපු අක්කි මෙයාද.? මං හිතන් හිටියට වඩා ගොඩක් ලස්සනයිනෙ...”[/FONT]

[FONT=&quot]පෙර කී යුවතිය එය කීවේ පුටුවෙන් අඩක් නැගිටගෙන වාගේය. ඈ සිහින් සිරුරක් හිමි තලඑළළු එහෙත් ප්‍රසන්න පෙනුමැති අයෙක්. දුටුවනම මසිතේ ඈ කෙරේ කුමක්දෝ ලෙන්ගතු බවක් නැගුණි.[/FONT]

[FONT=&quot]“ඔන්න යාළුවෙක් නෑ කියලා නහයෙන් අඬ අඬ හිටියනේ.. දැන් ඉන්නවා ෂෝක් අක්කෙක්.”[/FONT]

[FONT=&quot]එය කීවේ ඇගේ මවය. ඇය ද නැන්දා මෙන් නිතර සිනාමුසුව සිටින අයකු වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.[/FONT]

[FONT=&quot]“එහෙනං පුතේ දෙන්නා එළියට වෙලා ටිකක් කතා කරන්නකො.”[/FONT]

[FONT=&quot]නැන්දාගේ හඬට මටත් පෙර නැගී උන්නේ එම නැගණියයි. ඈ මගේ අතැඟිලි අල්වා මිදුලට බැස්සේ පුරුදුකාරියක මෙනි.[/FONT]

[FONT=&quot]“අක්කිගෙ නම කියන්නකො.”[/FONT]

[FONT=&quot]“මම මීනු. එතකොට ඔයා.?”[/FONT]

[FONT=&quot]“මම මල්ෂා.”[/FONT]

[FONT=&quot]ඉතින් මා මල්ෂාගේ අතගෙන මිදුලේ සිමෙන්ති පඩියක ඉඳගත්තෙමි.[/FONT]

[FONT=&quot]“අක්කි ගැන රූපිකා ආන්ටි අපේ අම්මත් එක්ක කියලා තියෙනවා.”[/FONT]

[FONT=&quot]නැන්දා ඔවුන් සමග මොනාව කියා ඇත්දැයි නොදතත් නිසා මම මඳ සිනාවක් පමණක් පෑවෙමි.[/FONT]

[FONT=&quot]“ඒ කිව්වටත් වඩා ඔයා හරිම ලස්සනයි. අහිංසක පාටයි.”[/FONT]

[FONT=&quot]“බොරු කියන්න එපා.. මං කොහෙද ඔයා තරම් ලස්සන.?”[/FONT]

[FONT=&quot]ඈ සුහද සිතින් මගේ අත් අල්ලාගෙන දෙපසට පැද්දිය. මම ඈට ඉඩ දී ඔහේ බලා උනිමි.[/FONT]

[FONT=&quot]“අපරාදෙ අක්කි මෙහෙ එන්න තිබ්බෙ මීට කලින්. එහෙනම් මටත් පාලු නෑ.”[/FONT]

[FONT=&quot]“ඔයාලා නිතරම මෙහෙ එනවද...?”[/FONT]

[FONT=&quot]“මමනං වැඩිය ඇවිත් නෑ. අම්මා නං නිතරම එනවා. මෙහෙ ආවත් ඉතිං කතා කරන්න ඉන්නෙ රුවන් අයියා විතරනේ. එයත් හරි ආඩම්බරයි.”[/FONT]

[FONT=&quot]ඈ කටත් අමුතුකර එය කියූ තාලයට මට සිනා නැගුණි. රුවන් මල්ලී ආඩම්බරයි කියා මා ඔය ඇසුවාමය.[/FONT]

[FONT=&quot]“අක්කි දන්නවද අද අම්මයි මායි ආවෙ ඇයි කියලා.?”[/FONT]

[FONT=&quot]“නෑ...”[/FONT]

[FONT=&quot]“ඔයාව හම්බවෙන්න.”[/FONT]

[FONT=&quot]ඇය කියද්දී මට පුදුම වී සිටීමට නොහැකි විය. මා දෑසත් ලොකු කර ඒ මුහුණ දෙස හොඳින් බැලිමි.[/FONT]

[FONT=&quot]“බය වෙන්න එපා. මේකයි කාරණාව.”[/FONT]

[FONT=&quot]ඈ දිගු හුස්මක් ගෙන කතාවට මුල පුරද්දී මා හුස්ම නොගෙනම බිරාන්ත වී බලා උන්නෙමි.[/FONT]

[FONT=&quot]“මං ඕ ලෙවල් කරන කාලෙ ඉඳලා මට ගණන් බෑ. ඕලෙවල් ගණන් පේපර් එක පාස් වුණෙත් පුදුම අමාරුවකින්. මගේ යාළුවො වැඩි දෙනෙක් කොමර්ස් කරන්න ගත්ත නිසා මමත් ගොන් කමට ඒකම තෝර ගත්තා. දැන්නං එරිලා ඉන්නෙ.”[/FONT]

[FONT=&quot]“ඇයි ඒ...?”[/FONT]

[FONT=&quot]“අනේ අක්කි මට එකවුන්ට්ස් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ලබන අගෝස්තු වල එක්සෑම් එක. මොනා කරන්නද මන්දා..?”[/FONT]

[FONT=&quot]“ඉතිං ඇයි මාව හම්බවෙන්න ආවෙ.....?”[/FONT]

[FONT=&quot]“රූපිකා ආන්ටි කිව්වා අක්කි ගණන් වලට මාර බ්‍රයිට් කියලා. ළඟදිත් මොකක්ද එක්සෑම් එකකින් එකවුන්ට්ස් වල වැඩිම ලකුණු අරන් තෑගි හම්බ වුණාලු. ඉතින් අම්මා රූපිකා ආන්ටිගෙන් ඇහුවා මට එක්සෑම් වෙනකල් පාඩං කියලා දෙන්න ඔයාව එවන්න බැරිද කියලා.”[/FONT]

[FONT=&quot]ඔවුන් මා ගැන කතාබහ කළ බව නොදත් මා ඕනෑකමින් ඒ කතාවට කන් දුනිමි. මේ වනතුරුම නැන්දා ඔය වගක් මා සමග කීවේ නැත.[/FONT]

[FONT=&quot]“ඉතින් අද අම්මියි, මායි දෙන්නම ආවෙ අක්කිව මීට් වෙලා ඔයාට අපේ ගෙදර එන්න පුලුවන්ද කියලා අහන්න. මං ඇත්තටම ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න. ඔයා මොකද කියන්නෙ අක්කි..?”[/FONT]

[FONT=&quot]“මට හරියට මොකුත් කියන්න බෑනෙ බබා. මං නැන්දගෙන් අහලා වචනයක් දෙන්නං.

[/FONT]

[FONT=&quot]“රූපිකා ආන්ටි නං කොහොමත් කැමතියි. එයාටත් දැනගන්න ඕනෙ ඔයා කැමතිද කියලා.”[/FONT]

[FONT=&quot]මම මොහොතක් කල්පනා කර බැලුවෙමි. නොදන්නා නිවසකට ගොස් පාඩම් කියා දීම දෙවරක් සිතා බැලිය යුත්තකි. මා ගැටලුවකට වැදි වූ බව දත් මල්ෂා නැවතත් දොඩමළු විය.[/FONT]

[FONT=&quot]“ඔයා මේක පංති කිරිල්ලක් කියලා හිතන්න එපා අක්කි. තමන්ගෙ තැනකට එනවා කියලා හිතලා අපේ ගෙදර එන්න. දැනට ගෙදර ඉන්නෙ අම්මයි මායි විතරයි. තාත්ති ඉන්නෙ රට.”[/FONT]

[FONT=&quot]ඈ කෙටි හැඳින්වීමක් කළාය. ඇගේ කතා විලාසය හා ප්‍රියමනාම හැසිරීම ගැන නම් මසිතේ පැහැදීමක් ඇතිවිය.[/FONT]

[FONT=&quot]“අම්මි ඔයාට මාසෙට පංති ගාස්තුවක් වෙනම දෙයි.”[/FONT]

[FONT=&quot]“අනේ නංගි... මට සල්ලි එපා.”[/FONT]

[FONT=&quot]“එහෙම කියලා බෑනෙ අක්කි. අඩුගානෙ ඔයාගෙ මහන්සිය බස් ගාස්තුවවත් කවර් වෙන්න ඕනෙනේ.. ඒත් මට නං ඔයාව ඒනෙ ටියුෂන් ටීචර් කෙනෙක් විදියට විතරක් නෙමෙයි. හොඳ යාළුවෙක් විදියට.”[/FONT]

[FONT=&quot]ඈ සිය සුරත මදෙසට පෑවාය. එදෙස මොහොතක් බලා උන් මා ඇගේ සුරත තදින් අල්ලා ගත්තෙමි. ඒ දෑස් සතුටින් දිදුලන්නට විය.[/FONT]

[FONT=&quot]“දෝණි.. ඔය නංගි එක්ක එන්න තේ බොන්න.”[/FONT]

[FONT=&quot]නැන්දා මිදුලට පැමිණ කියද්දී අප උන් තැනින් නැගිට නිවසට ඇතුළු වුණෙමු. මගේ අත අතනොහැරම මල්ෂා ඇගේ මව සමීපයට ගියාය.[/FONT]

[FONT=&quot]“අම්මි... වැඩේ හරි... අක්කා කැමතියි...”[/FONT]

[FONT=&quot]ඈ එය කීවේ මහා වීරකමක් කළ එකියක මෙනි.[/FONT]

[FONT=&quot]“ඇත්තද දූ..? ඔයා අපේ දිහා එන්න කැමති වුණාද..?”[/FONT]

[FONT=&quot]ඊට පිළිතුරු නොදුන් මා නැන්දා දෙස බැලිමි. එහි අරුත ඈ වටහා ගන්නට ඇත.[/FONT]

[FONT=&quot]“දෝණි කැමති නං අපිත් කැමතියි.”[/FONT]

[FONT=&quot]“ඔයා බය වෙන්න එපා දූ. ඔයාට අපේ දිහා ඇවිත් ගෙදර වගේ ඉන්න පුළුවන්. ඔයාට කැමති ඕනම දවසක, ඕනම වෙලාවක එන්න.”[/FONT]

[FONT=&quot]මල්ෂාගේ මව මගේ සිත නම්මා ගන්නට තවත් බොහෝ දේ කීවාය. නමුත් ඔවුන්ගේ නිවසට ගොස් ඇයට පාඩම් කියා දීමට මම ඒ වන විටත් තීරණය කර උන්නෙමි.[/FONT]

[FONT=&quot]“අපි එහෙනං ගිහින් එන්නං දූ. ඔයා රූපිකා එක්කත් කතා කරලා මේ සතියෙම පණිවුඩයක් දෙන්නකො..”[/FONT]

[FONT=&quot]ඔවුන් පිටත්ව ගියේ අවසන් වරටත් එසේ කීමෙන් අනතුරුවය. අධ්‍යාපනයට දුර්වල අයකු තමා යටතට ගෙන ජයග්‍රහණය ළඟා කර දීමට හැකි නම් එය කෙනෙකුගේ දක්ෂතාවයකි. එවන් දස්කමක් මා සතු වේදැයි දැන ගැනීමට මම නොඉවසිලිමත් විමි.[/FONT]

[FONT=&quot]“දෝණි මං හැමදාම වගේ අදත් කියනවා. ඔයා දැන් මගේම දූ, ඔයාව නරක තැනකට මම කීයටවත් යවන්නෙ නෑ. උඩවත්තලා හොඳ වැදගත් පවුලක්. ඒකයි මං ඔයාව එහෙ යවන්න කතා කළේ. හැබැයි තීරණය දූට බාරයි.”[/FONT]

[FONT=&quot]“ඒ නංගිත් හොඳයි වගේ නැන්දා. අනික නැන්දගෙ යාළුවොනේ.. මං යන්න කැමතියි.”[/FONT]

[FONT=&quot]මගේ තීරණය ගැන ඈ සතුටු වූ වග ඒ දෙනෙත් දකිද්දී මට වටහාගත හැකි විය. නැන්දාගේ ගෙල වටා දෑත් යමා ඒ කම්මුලත් ලාවට සිපගත් මා ඇගේ තුරුලෙන් මිදී නිවසට පිය නැගිමි. [/FONT]

[QUOTE="crazybuddy, post: 13223066, member: 326070"] [B][SIZE=4][COLOR=Navy][FONT="]කාමරයේ දොර මඳක් වැසූ මා වෙව්ලන අතැගිලි වලින් එය අහුලා වටපිට බැලිමි. කිසිවකු මදෙස බලා උන්නා නොවේ. ඉතින් මා එය විවර කෙළෙමි. තරමක් බරැති හතරැස් මක කෑල්ලක දවටා එවා තිබූ කොළ කැබැල්ලේ වූයේ මෙවැන්නකි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“කේක් නැතිවට කමක් නෑ... හඳ ඇවිත් යන්න...”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]දුලාජ් අයියා පිළිබඳ මහා අනුකම්පාවක් මසිතේ කොනක පැළපදියම් විය. ඔහුගේ එම පණිවුඩය ලියූ කොළ කැබැල්ල පොත් අතර සගවා ගත් මා මකනය සාක්කුවේ ලා ගතිමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“දෝණි... ටිකක් පහලට එන්න පුතේ..”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]නැන්දා පහළ මාලයේ සිට මා ඇමතුවා ය. මම ඉක්මන් අඩි තබා ඒ දෙසට යද්දී ඈ හතරැස් රෙදි කැබැල්ලකින් වසන ලද පිඟානක් අත තබා බලා උන්නා ය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“දූට පුළුවන් නේද මේක දුලාජ් පුතාලගෙ දිහාට දීලා එන්න.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අනේ නැන්දා... මං එහේ ගිහින් නෑනෙ..”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“එහේ ඉන්නෙ සීතා ඇන්ටි. හරි හොදයි පුතේ. ඔයා දැකලත් ඇති.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]සැබෑය. දුලාජ් අයියාගේ අම්මා හෙවත් සීතා ආන්ටි රූපිකා නැන්දා සමග මිතුරුය. ඈ විශේෂ යමක් හැදූ විට නැන්දාගේ පංගුව වරද්දන්නේ නැත. ඉතින් මා නිහඬවම පිඟාන රැගෙන මිදුලට බැසිමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“දෝණි විගහට එන්න. මගේ යාලුවා දැන් මග එනවත් ඇති.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]නැන්දාගේ විශේෂ යාළුවා දැකීමට මා තුළ වූ උනන්දුව තවත් වැඩි විය. ඈ සිනාසී බලා හිඳිද්දී මම ගේට්ටුවෙන් පිටට පැමිණියෙමි. දුලාජ් අයියලාගේ නිවසේ ගේට්ටුව ඇර දමා තිබූ නිසා මම චකිතයකින් එදෙසට පිය නැගුවෙමි. මනාව නඩත්තු කරන ලද ගෙමිදුලේ සුදු පැහැ මේසයක් හා පුටු හතරක් තබා තිබුණි. ක්රමාණුකූලව තණ පියසෙන් හා නානාවිධ මලින් බර වූ ගස් කොළන් අතරේ නෙතු දිවයද්දී දුලාජ් අයියා සීතා ආන්ටි සමග මා අබියසට පැමිණියේය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මං බොරුද කිව්වෙ අම්මා.. හඳක් වගේ නෙමෙයිද......?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]මා දුටු වනම ඔහු සිය දඟකාර හඬ අවදි කළේය. තිගැස්සී ගිය මා වැටේ යැයි බියෙන් කේක් තසිම තද කර අල්ලා ගතිමි. සීතා ආන්ටි මොහොතක් දෙකක් මා මුහුණ දෙසම බලා උන්නා ය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“රූපිකා නිතරම කියනවා දූ ගැන. මං දකින්න ආසාවෙන් හිටියෙ.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඈ දොඩමළු වූයේ බොහෝ කලක් පටන් දන්නා හඳුනන පරිසි මගේ අතකිනුත් අල්ලාගෙනය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මේක නැන්දා දෙන්න කිව්වා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]මම තසිම දෝතින්ම ඇයට පෑවෙමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මොකෝ හදිස්සි, යමුකො ගෙට... ගිහින් ඉඳගෙන කතා කරමු..”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]සීතා ආන්ටිගේ කතාබහට දුලාජ් අයියාගේ නෙතු දිදුලන්නට විය. මම සීතල වූ වතින් ඈ පසුපස ඇදුනෙමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අපේ පෙරේත කොල්ලා ගෙදරට ගිහින් කටින්ම ඉල්ලලා නේද...? රූපිකාටත් කරදරේ.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]තසිමේ වූ රෙදිකඩ පසෙකට කර එහි සුවඳ විදගත් ඇය පවසද්දී දුලාජ් අයියා අමුතු සිනාවක් පෑවේය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මට කිව්වට මොකෝ කේක් එවනකල් අපේ අම්මත් කෙල ගිල ගිල බලාගෙන හිටියෙ.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඒ ඇසී මට සිනා නැගුණි. ඔවුන් දෙදෙනාත්, නැන්දා හා රුවන් මල්ලී මෙන් බොහෝ සමීප ය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“දූ ආපු ඵලවෙන් දවසනේ. තේ ඩිංගක් බීලා යමු.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“එපා ආන්ටි.... නැන්දා ඉක්මනට එන්න කිව්වා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“හරි.. හරි.. විනාඩි පහයි.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]මගේ කීම නොසැලකූ ඈ කඩිනමින් කුස්සියට ගියාය. ඒ අවසරයෙන් දුලාජ් අයියා මා ඉදිරිපස අසුනට බර විය. මට මෙතෙක් සාක්කුවේ තිබූ මකනය සිහිවිය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ආ...”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඔහු ඉදිරිපිටම සාක්කුවට අතයැවූ මා එය ඔහුට පෑවෙමි. ඔහු සිනාසී එය අතට ගත්තේය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මකනෙ විතරද ගෙනාවෙ...?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]මම ඒ හැගීම්බර දෙනෙත් දෙස මොහොතක් බලා උන්නෙමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මීනුට ඉලක්කෙට මකන විසි කරන්න බැරිද....?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“බෑ..”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මොනාද හලෝ.. කාමරේ ඇතුළටම එවන්න ඕන නෑ. බැල්කනියට වැටුණම ඇති. එතනට පොඩි දුරනේ.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඔහුට අවැසි මකනය නැවත බලා ගැනීමට නොව මා ලබා පණිවුඩ ගෙන්වා ගැනීමටය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙනවද...?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඔහු කුස්සිය දෙසට නෙත් යොමා බලා නැවතත් විමසුවේය. මම හිස දෙපසට වැනිමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“එහෙනං මගේ එක දෙන්නං ගන්නවද.?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඒත් එපා..”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මොනාද දූ එපා..?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]සීතා ආන්ටි ළඟටම එන තෙක් අප දෙදෙනාම දුටුවේ නැත. ඇයට පිළිතුරු දී ගත නොහැකිව මම දුලාජ් අයියා දෙස බැලිමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මං මෙයාට කේක් කෑල්ලක් කාලා යන්න කිව්වා. ගෙදර තියෙන නිසා එපාලු.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඔහුට මෙසේ ක්ෂණිකව බොරු කොහෙන් කටට එන්නේදැයි මම පුදුම විමි. නමුත් ඔහුට ඒ ගැන වගක්වත් නැත.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“දූ බිස්කට් කාලා තේ බොන්නකෝ. ගෙදර ගිහින් කේක් කන්න බැරියෑ.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඔවුන් නසග සතුටු සාමිච්චියේ යෙදෙන අතරතුර මා උගුරට දෙකට තේ කෝපප්ය හිස් කළෙමි. නැන්දා මේ වන විට මා එනතුරු බලා ඉන්නවා ඇත.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මේ ළමයා බයවෙලා වගේනෙ ඉන්නෙ.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]සීතා ඇන්ටි මහිස අතගා ආදරයේන කියද්දී මම පුටුවෙන් නැගිට ගතිමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මම ගිහින් එන්නම් ආන්ටි.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“හරි පුතේ ආපහු වෙලාවක එන්නකො.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඒ ඇසිල්ලෙන් මම දුලාජ් අයියාට සමු දෙන්නේවත් නොමැතිව මිදුලට බැසිමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]නිවසට යන විට නැන්දාගේ සිනා හඩ අතර තවත් කාගේදෝ කටහඩක් ඇසුණි. ඉතින් ඔවුනට බාධාවක් නොවන සේ මා පසුපස දොරෙන් නිවසට ඇතුළු වූයෙමි. නමුත් කාමරයට යෑමට නම් සාලය හරයා ගොස් පඩිපෙළ නැග යා යුතුය. එබැවින් මා මොහොතක් පමා විමි. එවිටම නැන්දා කුස්සියට පැමිණියාය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ආ.. දෝණි ආවද..? ඇයි මේ කුස්සියට වෙලා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“නැන්දගෙ යාළුවා ඇවිත් නිසා මං මේ පැත්තෙන් ආවා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අනේ දරුවො... එයා ඔය බලාගෙන ඉ්නනෙ ඔයා එනකල්.. යමුකො ඉ්සසරහට.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]බලෙන්ම මා අත ගත් නැන්දා මාව සාලයටම රැගෙන ගියාය. නැන්දාගේම වයසේ කාන්තාවක් හා අවුරුදු දහ අටක පමණ යුවතියක් සාලයේ හිඳ අප එන මඟ නෙත් යොමා බලා උන්හ.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ආනේ... ආන්ටි කියපු අක්කි මෙයාද.? මං හිතන් හිටියට වඩා ගොඩක් ලස්සනයිනෙ...”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]පෙර කී යුවතිය එය කීවේ පුටුවෙන් අඩක් නැගිටගෙන වාගේය. ඈ සිහින් සිරුරක් හිමි තලඑළළු එහෙත් ප්‍රසන්න පෙනුමැති අයෙක්. දුටුවනම මසිතේ ඈ කෙරේ කුමක්දෝ ලෙන්ගතු බවක් නැගුණි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඔන්න යාළුවෙක් නෑ කියලා නහයෙන් අඬ අඬ හිටියනේ.. දැන් ඉන්නවා ෂෝක් අක්කෙක්.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]එය කීවේ ඇගේ මවය. ඇය ද නැන්දා මෙන් නිතර සිනාමුසුව සිටින අයකු වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“එහෙනං පුතේ දෙන්නා එළියට වෙලා ටිකක් කතා කරන්නකො.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]නැන්දාගේ හඬට මටත් පෙර නැගී උන්නේ එම නැගණියයි. ඈ මගේ අතැඟිලි අල්වා මිදුලට බැස්සේ පුරුදුකාරියක මෙනි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අක්කිගෙ නම කියන්නකො.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මම මීනු. එතකොට ඔයා.?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මම මල්ෂා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඉතින් මා මල්ෂාගේ අතගෙන මිදුලේ සිමෙන්ති පඩියක ඉඳගත්තෙමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අක්කි ගැන රූපිකා ආන්ටි අපේ අම්මත් එක්ක කියලා තියෙනවා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]නැන්දා ඔවුන් සමග මොනාව කියා ඇත්දැයි නොදතත් නිසා මම මඳ සිනාවක් පමණක් පෑවෙමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඒ කිව්වටත් වඩා ඔයා හරිම ලස්සනයි. අහිංසක පාටයි.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“බොරු කියන්න එපා.. මං කොහෙද ඔයා තරම් ලස්සන.?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඈ සුහද සිතින් මගේ අත් අල්ලාගෙන දෙපසට පැද්දිය. මම ඈට ඉඩ දී ඔහේ බලා උනිමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අපරාදෙ අක්කි මෙහෙ එන්න තිබ්බෙ මීට කලින්. එහෙනම් මටත් පාලු නෑ.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඔයාලා නිතරම මෙහෙ එනවද...?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මමනං වැඩිය ඇවිත් නෑ. අම්මා නං නිතරම එනවා. මෙහෙ ආවත් ඉතිං කතා කරන්න ඉන්නෙ රුවන් අයියා විතරනේ. එයත් හරි ආඩම්බරයි.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඈ කටත් අමුතුකර එය කියූ තාලයට මට සිනා නැගුණි. රුවන් මල්ලී ආඩම්බරයි කියා මා ඔය ඇසුවාමය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අක්කි දන්නවද අද අම්මයි මායි ආවෙ ඇයි කියලා.?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“නෑ...”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඔයාව හම්බවෙන්න.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඇය කියද්දී මට පුදුම වී සිටීමට නොහැකි විය. මා දෑසත් ලොකු කර ඒ මුහුණ දෙස හොඳින් බැලිමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“බය වෙන්න එපා. මේකයි කාරණාව.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඈ දිගු හුස්මක් ගෙන කතාවට මුල පුරද්දී මා හුස්ම නොගෙනම බිරාන්ත වී බලා උන්නෙමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මං ඕ ලෙවල් කරන කාලෙ ඉඳලා මට ගණන් බෑ. ඕලෙවල් ගණන් පේපර් එක පාස් වුණෙත් පුදුම අමාරුවකින්. මගේ යාළුවො වැඩි දෙනෙක් කොමර්ස් කරන්න ගත්ත නිසා මමත් ගොන් කමට ඒකම තෝර ගත්තා. දැන්නං එරිලා ඉන්නෙ.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඇයි ඒ...?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අනේ අක්කි මට එකවුන්ට්ස් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ලබන අගෝස්තු වල එක්සෑම් එක. මොනා කරන්නද මන්දා..?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඉතිං ඇයි මාව හම්බවෙන්න ආවෙ.....?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“රූපිකා ආන්ටි කිව්වා අක්කි ගණන් වලට මාර බ්‍රයිට් කියලා. ළඟදිත් මොකක්ද එක්සෑම් එකකින් එකවුන්ට්ස් වල වැඩිම ලකුණු අරන් තෑගි හම්බ වුණාලු. ඉතින් අම්මා රූපිකා ආන්ටිගෙන් ඇහුවා මට එක්සෑම් වෙනකල් පාඩං කියලා දෙන්න ඔයාව එවන්න බැරිද කියලා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඔවුන් මා ගැන කතාබහ කළ බව නොදත් මා ඕනෑකමින් ඒ කතාවට කන් දුනිමි. මේ වනතුරුම නැන්දා ඔය වගක් මා සමග කීවේ නැත.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඉතින් අද අම්මියි, මායි දෙන්නම ආවෙ අක්කිව මීට් වෙලා ඔයාට අපේ ගෙදර එන්න පුලුවන්ද කියලා අහන්න. මං ඇත්තටම ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න. ඔයා මොකද කියන්නෙ අක්කි..?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“මට හරියට මොකුත් කියන්න බෑනෙ බබා. මං නැන්දගෙන් අහලා වචනයක් දෙන්නං. [/FONT] [FONT="]“රූපිකා ආන්ටි නං කොහොමත් කැමතියි. එයාටත් දැනගන්න ඕනෙ ඔයා කැමතිද කියලා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]මම මොහොතක් කල්පනා කර බැලුවෙමි. නොදන්නා නිවසකට ගොස් පාඩම් කියා දීම දෙවරක් සිතා බැලිය යුත්තකි. මා ගැටලුවකට වැදි වූ බව දත් මල්ෂා නැවතත් දොඩමළු විය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඔයා මේක පංති කිරිල්ලක් කියලා හිතන්න එපා අක්කි. තමන්ගෙ තැනකට එනවා කියලා හිතලා අපේ ගෙදර එන්න. දැනට ගෙදර ඉන්නෙ අම්මයි මායි විතරයි. තාත්ති ඉන්නෙ රට.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඈ කෙටි හැඳින්වීමක් කළාය. ඇගේ කතා විලාසය හා ප්‍රියමනාම හැසිරීම ගැන නම් මසිතේ පැහැදීමක් ඇතිවිය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අම්මි ඔයාට මාසෙට පංති ගාස්තුවක් වෙනම දෙයි.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අනේ නංගි... මට සල්ලි එපා.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“එහෙම කියලා බෑනෙ අක්කි. අඩුගානෙ ඔයාගෙ මහන්සිය බස් ගාස්තුවවත් කවර් වෙන්න ඕනෙනේ.. ඒත් මට නං ඔයාව ඒනෙ ටියුෂන් ටීචර් කෙනෙක් විදියට විතරක් නෙමෙයි. හොඳ යාළුවෙක් විදියට.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඈ සිය සුරත මදෙසට පෑවාය. එදෙස මොහොතක් බලා උන් මා ඇගේ සුරත තදින් අල්ලා ගත්තෙමි. ඒ දෑස් සතුටින් දිදුලන්නට විය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“දෝණි.. ඔය නංගි එක්ක එන්න තේ බොන්න.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]නැන්දා මිදුලට පැමිණ කියද්දී අප උන් තැනින් නැගිට නිවසට ඇතුළු වුණෙමු. මගේ අත අතනොහැරම මල්ෂා ඇගේ මව සමීපයට ගියාය.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අම්මි... වැඩේ හරි... අක්කා කැමතියි...”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඈ එය කීවේ මහා වීරකමක් කළ එකියක මෙනි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඇත්තද දූ..? ඔයා අපේ දිහා එන්න කැමති වුණාද..?”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඊට පිළිතුරු නොදුන් මා නැන්දා දෙස බැලිමි. එහි අරුත ඈ වටහා ගන්නට ඇත.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“දෝණි කැමති නං අපිත් කැමතියි.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඔයා බය වෙන්න එපා දූ. ඔයාට අපේ දිහා ඇවිත් ගෙදර වගේ ඉන්න පුළුවන්. ඔයාට කැමති ඕනම දවසක, ඕනම වෙලාවක එන්න.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]මල්ෂාගේ මව මගේ සිත නම්මා ගන්නට තවත් බොහෝ දේ කීවාය. නමුත් ඔවුන්ගේ නිවසට ගොස් ඇයට පාඩම් කියා දීමට මම ඒ වන විටත් තීරණය කර උන්නෙමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“අපි එහෙනං ගිහින් එන්නං දූ. ඔයා රූපිකා එක්කත් කතා කරලා මේ සතියෙම පණිවුඩයක් දෙන්නකො..”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]ඔවුන් පිටත්ව ගියේ අවසන් වරටත් එසේ කීමෙන් අනතුරුවය. අධ්‍යාපනයට දුර්වල අයකු තමා යටතට ගෙන ජයග්‍රහණය ළඟා කර දීමට හැකි නම් එය කෙනෙකුගේ දක්ෂතාවයකි. එවන් දස්කමක් මා සතු වේදැයි දැන ගැනීමට මම නොඉවසිලිමත් විමි.[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“දෝණි මං හැමදාම වගේ අදත් කියනවා. ඔයා දැන් මගේම දූ, ඔයාව නරක තැනකට මම කීයටවත් යවන්නෙ නෑ. උඩවත්තලා හොඳ වැදගත් පවුලක්. ඒකයි මං ඔයාව එහෙ යවන්න කතා කළේ. හැබැයි තීරණය දූට බාරයි.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]“ඒ නංගිත් හොඳයි වගේ නැන්දා. අනික නැන්දගෙ යාළුවොනේ.. මං යන්න කැමතියි.”[/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [FONT="]මගේ තීරණය ගැන ඈ සතුටු වූ වග ඒ දෙනෙත් දකිද්දී මට වටහාගත හැකි විය. නැන්දාගේ ගෙල වටා දෑත් යමා ඒ කම්මුලත් ලාවට සිපගත් මා ඇගේ තුරුලෙන් මිදී නිවසට පිය නැගිමි. [/FONT][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [CENTER] [B][SIZE=4][COLOR=Navy][URL="http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif"][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/URL][/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom