Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴♥ වලාවක් සේ ♥෴ - යොවුන් නව කතාව -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංදීප තම ආයතනයෙන් පිටවූයේ නිවසට විත් අංජුලාගේ දුරකථන අංකය සොයා ගන්නා අදහසින් වුවද මගදී ඔහු එම තීරණය වෙනස් කළේය.. සිතුමිණිලාගේ නිවසට යාබද නිවසක පදිංචිව උන් අංජුලා සොයා යා හැකි නම් මෙම ගැටළුව නිරාකරණය කර ගත හැකි බව ඔහුට වැටහුණි..

තමා පැමිණියේ අරුත් සුන් ගමනක් යැයි වරෙක සිතුනද සංදීප සිය තීරණය වෙනස් කලේ නැත.. ඔහු අංජුලා කියා තිබූ මං සලකුණු ඔස්සේ රිය ධාවනය කළේය.. සිතුමිණීලාගේ නිවසට පෙර තිබූ සන්ධීයකින් හැරී ගමන් කල ඔහුට සුපුරුදු රුවක් නෙත ගැටුණි.. ඒ අනෙකෙකු නොව ඔහු මුණ ගැසීමට පැමිණි අංජුලාමය.. සංදීප, අංජුලාට සමීක කර රිය නතර කළේය.. ඈ පහත් වී බැලුවේ තරහිනි..

“ආ.. මේ සංදීප අයියනේ.. මං මේ බැලුවා මාව හප්පන්න හැදුවෙ කවුද කියලා..”

වාහනයේ පැති වීදරුව පහත් කල පසු සංදීපව හදුනාගත් අංජුලා සතුටින් තෙපලූවාය..

“සිතූ කෝ නංගි..?”

“සිතූ.. මේ අපේ සිතුමිණී..?”

අංජුලා විමසුවේ පුදුමයෙනි.. මේ අවේලාවේ තමාගේ නිවස සොයා පැමිණි සංදීප තම මිතුරියව විමසා සිටීම ගැන ඇයට වැටහුණේ නැත..

“මොකද අයියා වෙලා තියෙන්නෙ..? සිතූ මෙහෙ ආවෙ නෑ..”

“ආවෙ නෑ..”

ඔහුගේ දෑස් කදුළු පටලයතකින් වැසී ගියේය.. සිතුමිණි පෙරදා රැයේ තම කාමරයට පැමිණියේ අද තමාව දමා යන නිසා යැයි සංදීපට දැනුණි.. තම පුංචි බිරිද කෙරෙහි මහත් ලෝභකමක් දැනුණ ඔහු රියේ සුක්කානමට හිස ගසා ගත්තේය..

“අනේ සංදීප අයියා.. මොකද මේ..? සිතූ කොහෙද ගිහින් තියෙන්නෙ..?”

සංදීපගේ සංවේගී හැසිරීමෙන් කලබල වූ ඈ අනෙක් පසින් දිව විත් රියට ගොඩ වූවාය.. නමුත් සංදීප හිස එසෙව්වේ නැත..

“හරි.. හරි.. අපේ ගේ මේ ඉස්සරහ තියෙන්නෙ.. යමුකො.. ගිහින් කතා කරමු..”

එවර ඔහු කදුළු පිරි දෑසින්ම අංජුලා දෙස හැරී බැලුවේය..

“නංගි මේ කොහෙ යන්නද පාරට ආවෙ..?”

“මෙතන කඩේට යන්න කියලා.. කමක් නෑ අපි ගෙදරට යමුකො..”

අංජුලා බොහො පෙරැත්ත කොට සංදීපව සිය නිවසට කටුව ගියාය.. ඔවුන් දෙදෙනාව දුටු අංජුලාගේ මව ඉදිරියට දිව ආවේ කලබලයෙනි.. සංදීපගේ කතාව අසා ගත යුතු වූ නිසා අංජුලා ඇහැක් වසා සූක්ෂම ලෙස තම මව එතනින් ඉවත් කළාය..

“අපි මෙහෙන් ඉදගමු..”

මිදුලේ පිහිඹියා ගස යට තිබූ දිගු සිමෙන්ති බංකුවෙන් ඉදගත් අංජුලා සමීපව කතාවට ඇදගත්තාය..

මෙතෙක් කලක් කිසිවෙකුට කියාගත නොහැකිව තිබූ තම නීරස පවුල් ජීවිතයේ ඇතුළාන්තය ඔහු ඇයට හෙළි කර සිටියේ කදුලු පිරි දෑසිනි.. තම සුන්දර මධුසමය ගෙවුණු ආකාරයත් සිතුමිණී තමාව හෙලා දකින ආකාරයත් ඈ වෙනත් කාමරයක් භාවිතයට ගන්නා ආකාරයත් නොසගවා හෙළි කරද්දී ඔහුගේ දෙනෙත් මත නළියමින් තිබූ කදුළු කැට කම්මුල් තෙමා ගලා ගියේය.. ඒ දුටු අංජුලා නොහඩා සිටියේ අසීරුවෙනි..

“ඉතිං අද මොකද උනේ..? ඇයි අයියා හදිසියෙම මෙහෙ ආවෙ..? සිතූ කොහේ හරි ගිහින්ද..?”

කවදාවත් නොමැති ලෙස රාජකාරි වේලාවේ සංදීප තමා සොයා පැමිණීම නිසා අංජුලා විමසා සිටියේය..

“ඊට කලින් කියන්න තව කතාවක් තියෙනවා නංගි..”

එසේ කියූ සංදීප සිතුමිණි, රඛිත සමග ග්රීන් පාක් තානායම වෙත ගොස් තිබූ පුවත හෙළි කළේය.. එදින රඛිත තමාට දුරකථන ඇමතුමක් දුන් අයුරු සිතුමිණී ඇදගෙන පැමිණි ඇදුම පවා ඔහු හරියටම විස්තර කළ අයුරු සංදීප පවසා සිටියේ වේවලන සුළු කටහඩිනි..

“හරි.. සිතුමිණී, රඛිතව මුණ ගැහුණමයි කියලා අපි හිතමුකො.. ඒත්.. සිතූ රෙස්ට් හවුස් එකට ගියා කියන එක රඛිතගෙ බොරුවක් වෙන්න බැරදි..?”

“නෑ නංගි.. ඒ කතාවත් ඇත්ත.. මං හොයාලා බැලුවා.. රඛිත සිතූව එතනට අරන් ගිහින් තියෙනවා.. එතන රඛිතට හොද පුරුදු තැනක්..”

සිතුමිණීගේ වේලාව බැලූ කන්දෙ පන්සලේ හාමුදුරුවන් කී වදන් අංජුලාට සැනෙකින් සිහිපත් විනි.. සිතුමිණීගේ හිත නැවතී ඇත්තේ වෙනතක බව උන්වහන්සේ පැහැදිලිව කී අයුරු ඇයට මතක්විය..

“ඉතිං අද..?”

අංජුලා විමසුවාය..

“අද නේද..?”

පෙරදා රැයේ සිතුමිණී තම කාමරයට පැමිණ නිදාගෙන තිබූ බව ප්රථමයෙන් හෙළි කළ සංදීප දහවල් රඛිතගෙන් ලද දුරකථන ඇමතුම ගැනද සදහන් කළේය..

“මං අයිරම්මට කතා කලා නංගි.. සිතූ ගෙදර නෑල්ලු.. එයා ඔයාව මුණ ගැහෙන්න එනවා කියලා දවල් ගෙදරින් ඇවිත්..”

අංජුලාගේ මව තේ හදාගෙන පැමිණි නිසා දෙදෙනාම මොහොතකට කොළුව උන්හ.. සංදීප තේ පානය කරන තුරු අංජුලා සිය මිතුරියට සිදු වූ දේ ගැන කල්පනා කිරීමට උත්සාහ ගත්තේය..

“සිතූ සමහර විට ගෙදර ගියාද දන්නෙ නෑ අයියා.. ඉන්නකො..”

සංදීපව බංකුව මත මදකට තනිකර දැමූ අංජුලා නිවසට දිව ගොස් තම ජංගම දුරකථනය රැගෙන ආවේය.. ඈ පළමුව ඇමතුවේ සිතුමිණීගේ අංකයයි.. නමුත් එය ක්රියාවිරහිතව තිබුණි.. ඈ නැවතත් සිතුමිණීලාගේ මහගෙදර අංකය ඇමතුවාය..

“අම්මලාගෙන් කෙලින්ම අහන්නෙපා නංගි.. එයාලා කලබල වෙනවනේ..”

සංදීපගේ කතාවට අංජුලාගේ පපුව උණුවිය.. සිතුමිණී අහිමි කරගැනීමට උත්සාහ කරන්නේ කොතරම් ගුණගුරුක ස්වාමිපුරුෂයෙක්දැයි ඇයට සිතුණි..

“හෙලෝ ආන්ටි.. මං අංජු.. ඉතිං. ඇත්තද..? කොහොමද අන්කල්ට එහෙම..?”

“නෑ.. මං නිකං ගත්තෙ..”

එහා ඉමෙන් කියනා දෑ නෑසුණද සිතුමිණි ඇගේ දෙමාපියන් බැලීමට ගොස් නැති වග සංදීපට වැටහුණි.. නමුත් දිගටම ඔහු අංජුලාගේ වදන් අසා උන්නේය..

“හරි හරි ආන්ටි.. හරි.. මං යන දවසක කියන්නංකො.. ආන්ටිලත් එන්න.. එහෙනං මං තියන්නං.. බුදු සරණයි..”

ඇමතුම විසන්ධි කල අංජුලා බලාපොරොත්තු කඩ වූ දෑසින් සංදීප දෙස බැලුවාය.. ඇයට දැකගත හැකි වූයේ ජීවිතයෙන් පැරදුන හැගීම් රහිත මිනිසෙකුගේ දුක්බර මුහුණකි..

“දැන් එනවනං එන්න හොදටම වෙලා ඇති නංගි.. සිතූ එන එකක් නෑ..”

ඔහු පැවසුවේ තමාටවත් ඇසෙන නෑසෙන හඩින්ය..

“ආපහු කොයි එකටත් ගෙදර ගිහින් බලමුද අයියා.. සිතූ ගෙදර ඇවිත්නං..”

“මං ආයෙත් ගත්තොත් අයිරම්මා බය වෙයි නංගි.. ඔයා නිකමට අරන් බලන්න..”

සංදීප එම කටයුත්ත අංජුලාට බාර කළේය.. නමුත් එයින්ද ඵලක් වූයේ නැත.. සිතුමිණී තවම ගෙදර නොපැමිණි බැව් අයිරම්මා කියා තිබිණි..

“මං යනවා නංගි.. මට ඔයාගෙ නම්බර් එක දෙන්න.. නිකං හරි සිතූ ආවොත් හරි එයා පණිවිඩයක් දුන්නොත් හරි මට කෝල් කරලා කියන්න..”

සංදීපගේ ජංගම දුරකථනය අතට ගත් අංජුලා දෙදෙනාගේ දුරකථන අංක දෙක හුවමාරු කර ගත්තාය..

“හදිසි තීරණ ගන්නෙපා අයියා.. කලබල නොවී අපි තව ටිකක් හොයලා බලමු..”

පිස්සෙකු මෙන් විසි වෙවී කාරය වෙත ගමන් කරන සංදීප දෙස බලා උන් අංජුලා පැවසුවේය.. නමුත් සංදීප එයට කිසිවක් කීවේ නැත..

අංජුලාගේ නිවසට එන බව පවසා නිවසින් කින්මුණ සිතුමිණී අතරමගදී ඇගේ තීරණය වෙනස් කර තිබිනි.. පෙරදා රැයේ සංදීපගේ කාමරයේ නිදා ගැනීඹට යාම නිසා ඈ උන්නේ ලැජ්ජාවෙනි.. ඒනිසා සිතේ වූ නොසන්සුන් බව මගහරවා ගැනීමට ඈ නගරයෙන් එපිට තිබූ පන්සලට යාමට තීරණය කරගත්තාය.. එය පළාතේ ප්රසිද්ධව තිබූ නිහඩ ආරාමයක් වන කන්දේ පන්සලයි.. මීට ටික කලකට පෙරාතුව අංජුලා හා ඇගේ මව මෙම පන්සලට පැමිණ තමාගේ හදහන බැලූ බව සිතුමිණී දැන උන්නේ නැත..

පන්සල ආසන්නයේදී ත්රීවිලයෙන් බැසගත් ඈ රත්වූ ගල් පඩි ඔස්සේ ඉහළටම නැගුණාය.. ඈ සිතට දැනුණේ සහනයකි.. ආරාම භූමියට ඇතුලු වූ විට පෙර වූ රස්නය සිසිලකට පරිවර්ථනය වී තිබිණි.. පන්සල් භූමියේ සියලු ස්ථාන වන්දනා කල ඈ අවසානයේ බෝ මළුවට පැමිණ ගාථා කීමට පටන් ගත්තාය.. කාලය කොපමණ ගතවූවාදැයි ඇයට හැගීමක් තිබුණේ නැත.. වැදපුදා අවසාන වූ ඈ නිහඩ ගල් තලයට පිටදී භාවනා කිරීමට පටන් ගත්තේ තම මනස සන්සුන් කර ගැනීමේ අරමුණෙනි..

සිතුමිණී ඇස් හරින විට හිරු බැස යාමට ආසන්නව තිබුණි.. නමුත් ඈ කලබල වූවා නොවේ.. සන්සුන් ලෙස ඉද උන් තැනින් නැගිට ගත් ඇයට පන්සලේ ලොකු හාමුදුරුවන් දිස්විය.. උන් වහන්සේ වෙත දිවගිය ඈ ඒ දෙපා නමස්කාර කර පසෙකට වූවාය..

“මේ දැරිවි ඇවිත් දැන් වරුවකට වැඩියි මයෙ හිතේ..”

ඒ හඩ බොහෝ ශාන්තය.. සිතුමිණිගේ සිත තුල උපන්නේ භක්තියක් මුසු පැහැදීමකි..

“එහෙමයි අපේ හාමුදුරුවනේ..”

“දැන් හිත සන්සුන්ද..?”

ඈ පුදුම වී බැලුවාය.. තමා මෙහි පැමිණියේ සිත සන්සුන් කරගැනීමට වග උන්නාන්සේ දන්නේ කෙසේදැයි ඇයට පුදුම සිතුනි..

“ජීවිතේ කියන්නෙ අපි පතන දේ විතරක්ම නෙමෙයි දරුවො.. අපිට ලැබෙන දේ.. ඒ හැමදේම තීරණය වෙන්නෙ අපි පෙර ආත්ම වල කරපු කුසලාකුසල කර්ම අනුව..”

“එහෙමයි..”

“ඔය දරුවා දැන් ගෙදර ගියාට පස්සෙ මේ සන්සුන් කර ගත්තු හිත ආපහු බිදගන්න එපා.. අටලෝ දහම ඇතුළෙ සැප වගේම දුකත් තියෙනවනේ..”

ඒ කතාව ඇයට වැටහුණේ නැත.. නමුත් උන්වහන්සේ කතා කළේ යමක් ඉදිරියට දැකීමෙන් බව ඇය විශ්වාස කළාය..

“දුකක් කිව්වෙ අපේ හාමුදුරුවනේ..?”

“ඔය ළමයගෙ ජීවිතේට තදින් සම්බන්ධ වෙන කෙනෙක්ට වෙන කරදරයක් වගේ..”

උන්වහන්සෙ එම වැකිය සම්පූර්ණ කලේ නැත.. නමුත් එහි අරුත වැටහුණ සිතුමිණිගේ ඇස් අගට කදුළු බිදු දෙකක් ගලා විත් තිබිණි.. ඇයට තම ආදරණීය දෙමාපියන් සිහපත් විය..

“මං කිව්වනේ දරුවො කලබල වෙන්න එපා කියලා.. ඔය දරුවගෙ අනාගතේ ලියවිලා තියෙන්නෙ බොහොම සුභදායක විදියට..”

එය ලියවී ඇත්තේ තම මුහුණේ දැයි ඇසීමට ඇයට සිතුණි.. එම අනාවැකිය එතරම්ම පුදුම උපදවන සුළුය..

“හිතට කරදරයක් දැනුණ ඕනම වෙලාවක මෙතනට එන්න.. බෞද්ධයගෙ හිත සන්සුන් කරන්න මීට වඩා සුදුසු තැනක් නෑ දරුවො..”

ඒ ශාන්ත කටහඩ ඒ වදන් සිතුමිණීගේ සිත පත්ලේ තැන්පත් උනි.. ඈ නැවත වරක් උන්වහන්සේට දණ ගසා වැන්දේය..

“සුවපත් වේවා..!”

සිතුමිණී නිවසට යනවිට සැදෑ අදුර පරිසරය ගිල ගැනීමට මාන බලමින් උන්නේය.. ඈ දුටු අයිරම්මා කලබලයෙන් මෙන් පැමිණ අගේ අතක වෙළුනි..

“ඇයි අයිරම්මා..? මොකද බය වෙලා වගේ..?1”

“පුංචි නෝනා කොහෙද ගියේ..? මට කීවේ අංජු නෝනලගෙ ගෙදර යනවා කියලනේ..”

වෙනත් අයෙක් මෙය ඇසුවේ නම් සිතුමිණීට තරහා යාමට පවා ඉඩ තිබිණී.. නමුත් සිත සන්සුන් කර පැමිණි ඈ මෙම වියපත් ගැහැණිය හා තරහා ගත්තේ නැත..

“එහේ යන්න තමා අයිරම්මෙ ගියේ.. ඒත් මට මගදි හිතුණා පන්සල් යන්න.. ඉතිං මං කන්දෙ පන්සලට ගිහින් භාවනා කලා..”

“භාවනා කලා..? මෙචච්ර වෙලා..?”

අයිරම්මගෙ ඇස් විසල් වී තිබිණි.. ඈ බිත්තියේ වූ විශාල ඔරලෝසුව දෙස දෑස් දිවෙව්වේය..

“පන්සලට ගියාම වෙලාව ගියා දැනුණෙ නෑ.. ලොකු හාමුදුරුවොත් මගෙත් එක්ක ටිකක් කතා කර කර හිටියා..”

“ඒක මිසක.. අංජු නෝනත් කතා කරලා පුංචි නෝනෙව අහද්දි මට හීන් දාඩිය දැම්මා..”

“අංජු නෝනා කතා කලා..? මොකද කිව්වෙ..?”

“මුකුත් නෑ.. පුංචි නෝනෙ ඉන්නවද කියලා විතරයි ඇහුවෙ..”

සිතුමිණීගෙ සිතට අමුතුම හැගීමක් දැනුණි.. ඇයට සිහිපත් වූයේ සුළු මොහොතකට පෙර ලොකු හාමුදුරුවන් කී වදන්ය.. අංජුලා කතා කලේ තම දෙමාපියන් ගැන නරක ආරංචියක් වත් පැවසීමටදැයි ඇයට සැක සිතුණි..

“මගේ ෆෝන් එක ගේන්න අයිරම්මෙ.. කාමරේ ඇති..”

මේ වියපත් ගැහැණිය උඩුමහලට යවා දුරකථනය ගෙන්වීම පාපයක් සේ දැනුණද සිතුමිණීගේ දෙපා අවසගව තිබුණි.. ඈ සෙටියට බර දී දෑස් පියා ගත්තේය..

“ආ.. නෝනෙ..”

අයිරම්මා දුන් දුරකථනය අතට ගත් සිතුමිණී පළමුව ඇමතුවේ තම දෙමාපියන්ටය.. අම්මාගේ සෙනෙහෙබර කටහඩ ඇසුණු ඇයගේ දෑස් කදුළු පටලයකින් වැසී ගියේය..

“දූ.. ඔයා හොදින්ද රත්තරනෙ..?”

තමා මෙතෙක් කල් ඔවුන්ව අමතා දුකසැප සොයා නොබැලුවාට ඒ විසල් මව් සෙනෙහස අල්පයක් හෝ අඩු වී නොමැති බව සිතුමිණී වටහා ගත්තේය..

“මං හොදින් ඉන්නවා අම්මෙ.. ඔයාලට කොහොමද..? කෝ තාත්තා..?”

සිතුමිණීගේ මව වූ මාලනී සතුට දරාගත නොහැකිව සිය පපුවට අතක් තබා ගත්තාය.. ඇයට තම දරුවාගේ මෙම වෙනස වටහා ගත නොහැකි තරම්ය..

“අපි හැමෝම හොදින් ඉන්නවා දරුවො.. දුකට තියෙන්නෙ ඔයා ළග නැති එක තමයි..”

ඈ කළකට පසුව සිය හැගීම් නිරාවරණය කළාය.. සිතුමිණී ඒවා අසා උන්නේ දැඩි පසුතැවීමෙනි.. ඔවුන් බොහෝ වේලා දොඩමලු වීමෙන් අනතුරුව සිතුමිණී, අංජුලා ඇමතූවාය..

“සිතූ.. උඹ කොහෙද ඉන්නෙ..? කොහෙ ඉදලද උඹ ඔය කතා කරන්නෙ..?”

සිතුමිණීගේ ඇමතුම ලද සැනින් කලබල වූ අංජුලා ඇගෙන් ප්රශ්න රැසක් අසා සිටියාය.. සිතුමිණීගේ මුවගට මද සිනාවක් නැගිණි..

“මොකෝ බං යකා ගහලා වගේ බයවෙලා.. අහන්න තියෙන දෙයක් හෙමින් අහපංකො..”

සංදීප හැරදා රඛිත සමග ගිය සිය මිතුරිය මෙතරම් සන්සුන් වී සිටීම අංජුලාගේ තරහා ඇවිස්සීමට සමත් විය..

“යකා ගැහුවට මං මෙච්චර බය වෙන්නෙ නෑබ ං.. මට මුලින්ම කියපං උඹ කොහෙද ඉන්නෙ කියලා..”

“ඉන්නෙ ගෙදර.. ඇයි..?”

“ඇයි..? අහන හැටි විතරක්.. උඹ අද මාව බලන්න එනවා කියලා කොහෙද ගියේ..?”

අංජුලාගේ තරහවට හේතුව වැටහුණ සිතුමිණීට සිනා නැගුණි.. ඈ දවල් නිවසට ඇමතුමක් ගත් නිසා අයිරම්මා විස්තරය පවසන්නට ඇති බවද පසුව ඈ තමා එනතුරු මග බලා හිදින්නට ඇති බවද සිතුමිණීට වැටහුණි..

“එන්න ආවෙ උඹව මීට් වෙන්න තමයි.. ඒත් එළියට ආවට පස්සෙ පන්සල් යන්න හිතුණා..”

මිතුරියගේ ස්වරයේ බොරුවක් ගැබ්ව නැති බව අංජුලාට වැටහුණද දහවල් සංදීප කී දෑ නිසා ඈ සිතුමිණීව සියයට සියයක් විශ්වාස කලේ නැත..

“පන්සල්..? කොහේ පන්සලටද ගියේ..? මට කිව්වනං මමත් එනවනේ..”

ඈ සිතුමිණීගේ කටින්ම විස්තර දැන ගැනීමට උත්සුක විය..

“කන්දෙ පන්සලට ගියේ.. එතන හරි නිස්කලංකයි අංජු.. මං භාවනා කළා වෙලාව ගියා දැනුණෙ නෑ..”

“කන්දෙ පන්සල කිව්වෙ අර ගල් තලාවෙ තියෙන පන්සලද..?”

තවා ඇසුමේ කොතරම් මෝඩ ප්රශ්නයක්දැයි අංජුලාට වැටහුණේ පමා වීය.. නමුත් සිතුමිණී කී මං සලකුණු අනුව ඈ ගොස් ඇත්තේ තමා මව සමග සිතුමිණීගේ හදහන බැලීමට ගිය පන්සලට බව අංජුලාට වැටහුණි..

“මට ඒ පන්සලේ ලොකු හාමුදුරවො හම්බ උනා අංජු.. හරි පුදුමයි.. උන්වහන්සෙ මං ගැන.. මගේ හිතෙ තියෙන දේවල් ගැන මහ අමුතු කතා වගයක් කිව්වා.. අන්තිමට මහා බය හිතෙන කතාවකුත් කිව්වා..”

උන්වහන්සේ තුළ වූ අනාවැකි කීමේ නිපුණතාව දැන උන් අංජුලා මදක් තැතිගත්තේය..

“මොනවද කිව්වෙ..?”

හාමුදුරුවො පැවසූ සියළු දේ සිතුමිණී, අංජුලා හා පැවසුවාය.. දැන්නම් තම මිතුරියගේ වදන් ගැන අංජුලාට සැකයක් නොවිණි.. ඈ තරහා ගෙන උන්නේ සිතුමිණී හා සංදීප අතර වූ විරසකයෙන් අයුතු ප්රයෝජන ගන්නට තනනා රඛිත ගැනය..

“උඹ අම්මලට කෝල් කරලා බැලුවද..?”

“ඔව් අංජු.. එයාලා හොදින් කිව්වට පස්සෙ තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ..”

සිතුමිණී සිය මුරණ්ඩුකම් අතහැර යහපත් වෙනසකට පරිවර්ථනය වෙමින් හිදීම අංජුලාගේ හිතට සතුටක් ගෙන ඒමට සමත් විය..

“සංදීප ගෙදර ආවද..?”

“තාම නෑ.. එයා එද්දි රෑ වෙනවා..”

“පරිස්සමින් සිතූ.. බුදු සරණයි..!”

සංදීප නැවත කාර්යාලයට යන්නට ඇතැයි සිතුණු අංජුලා සිතුමිණීගෙන් සමුගත්තාය.. ඇගේ සිතේ දහවල් වූ බර ගතිය එම ඇමුතුමෙන් පසුව තරමක් අඩු වී තිබිණි..

[QUOTE="crazybuddy, post: 12582029, member: 326070"] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-VsmrDA1jHqk/T5bA5YOZj2I/AAAAAAAABvI/wD-NULhBNas/s640/Cover-3.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-B-je-urh6VM/T137KC1z4nI/AAAAAAAABf4/jX9G8y2TGDc/s1600/09.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප තම ආයතනයෙන් පිටවූයේ නිවසට විත් අංජුලාගේ දුරකථන අංකය සොයා ගන්නා අදහසින් වුවද මගදී ඔහු එම තීරණය වෙනස් කළේය.. සිතුමිණිලාගේ නිවසට යාබද නිවසක පදිංචිව උන් අංජුලා සොයා යා හැකි නම් මෙම ගැටළුව නිරාකරණය කර ගත හැකි බව ඔහුට වැටහුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමා පැමිණියේ අරුත් සුන් ගමනක් යැයි වරෙක සිතුනද සංදීප සිය තීරණය වෙනස් කලේ නැත.. ඔහු අංජුලා කියා තිබූ මං සලකුණු ඔස්සේ රිය ධාවනය කළේය.. සිතුමිණීලාගේ නිවසට පෙර තිබූ සන්ධීයකින් හැරී ගමන් කල ඔහුට සුපුරුදු රුවක් නෙත ගැටුණි.. ඒ අනෙකෙකු නොව ඔහු මුණ ගැසීමට පැමිණි අංජුලාමය.. සංදීප, අංජුලාට සමීක කර රිය නතර කළේය.. ඈ පහත් වී බැලුවේ තරහිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. මේ සංදීප අයියනේ.. මං මේ බැලුවා මාව හප්පන්න හැදුවෙ කවුද කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වාහනයේ පැති වීදරුව පහත් කල පසු සංදීපව හදුනාගත් අංජුලා සතුටින් තෙපලූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සිතූ කෝ නංගි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සිතූ.. මේ අපේ සිතුමිණී..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අංජුලා විමසුවේ පුදුමයෙනි.. මේ අවේලාවේ තමාගේ නිවස සොයා පැමිණි සංදීප තම මිතුරියව විමසා සිටීම ගැන ඇයට වැටහුණේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකද අයියා වෙලා තියෙන්නෙ..? සිතූ මෙහෙ ආවෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආවෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහුගේ දෑස් කදුළු පටලයතකින් වැසී ගියේය.. සිතුමිණි පෙරදා රැයේ තම කාමරයට පැමිණියේ අද තමාව දමා යන නිසා යැයි සංදීපට දැනුණි.. තම පුංචි බිරිද කෙරෙහි මහත් ලෝභකමක් දැනුණ ඔහු රියේ සුක්කානමට හිස ගසා ගත්තේය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අනේ සංදීප අයියා.. මොකද මේ..? සිතූ කොහෙද ගිහින් තියෙන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීපගේ සංවේගී හැසිරීමෙන් කලබල වූ ඈ අනෙක් පසින් දිව විත් රියට ගොඩ වූවාය.. නමුත් සංදීප හිස එසෙව්වේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි.. හරි.. අපේ ගේ මේ ඉස්සරහ තියෙන්නෙ.. යමුකො.. ගිහින් කතා කරමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එවර ඔහු කදුළු පිරි දෑසින්ම අංජුලා දෙස හැරී බැලුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නංගි මේ කොහෙ යන්නද පාරට ආවෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙතන කඩේට යන්න කියලා.. කමක් නෑ අපි ගෙදරට යමුකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අංජුලා බොහො පෙරැත්ත කොට සංදීපව සිය නිවසට කටුව ගියාය.. ඔවුන් දෙදෙනාව දුටු අංජුලාගේ මව ඉදිරියට දිව ආවේ කලබලයෙනි.. සංදීපගේ කතාව අසා ගත යුතු වූ නිසා අංජුලා ඇහැක් වසා සූක්ෂම ලෙස තම මව එතනින් ඉවත් කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි මෙහෙන් ඉදගමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිදුලේ පිහිඹියා ගස යට තිබූ දිගු සිමෙන්ති බංකුවෙන් ඉදගත් අංජුලා සමීපව කතාවට ඇදගත්තාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙතෙක් කලක් කිසිවෙකුට කියාගත නොහැකිව තිබූ තම නීරස පවුල් ජීවිතයේ ඇතුළාන්තය ඔහු ඇයට හෙළි කර සිටියේ කදුලු පිරි දෑසිනි.. තම සුන්දර මධුසමය ගෙවුණු ආකාරයත් සිතුමිණී තමාව හෙලා දකින ආකාරයත් ඈ වෙනත් කාමරයක් භාවිතයට ගන්නා ආකාරයත් නොසගවා හෙළි කරද්දී ඔහුගේ දෙනෙත් මත නළියමින් තිබූ කදුළු කැට කම්මුල් තෙමා ගලා ගියේය.. ඒ දුටු අංජුලා නොහඩා සිටියේ අසීරුවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං අද මොකද උනේ..? ඇයි අයියා හදිසියෙම මෙහෙ ආවෙ..? සිතූ කොහේ හරි ගිහින්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කවදාවත් නොමැති ලෙස රාජකාරි වේලාවේ සංදීප තමා සොයා පැමිණීම නිසා අංජුලා විමසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඊට කලින් කියන්න තව කතාවක් තියෙනවා නංගි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ කියූ සංදීප සිතුමිණි, රඛිත සමග ග්රීන් පාක් තානායම වෙත ගොස් තිබූ පුවත හෙළි කළේය.. එදින රඛිත තමාට දුරකථන ඇමතුමක් දුන් අයුරු සිතුමිණී ඇදගෙන පැමිණි ඇදුම පවා ඔහු හරියටම විස්තර කළ අයුරු සංදීප පවසා සිටියේ වේවලන සුළු කටහඩිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි.. සිතුමිණී, රඛිතව මුණ ගැහුණමයි කියලා අපි හිතමුකො.. ඒත්.. සිතූ රෙස්ට් හවුස් එකට ගියා කියන එක රඛිතගෙ බොරුවක් වෙන්න බැරදි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ නංගි.. ඒ කතාවත් ඇත්ත.. මං හොයාලා බැලුවා.. රඛිත සිතූව එතනට අරන් ගිහින් තියෙනවා.. එතන රඛිතට හොද පුරුදු තැනක්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණීගේ වේලාව බැලූ කන්දෙ පන්සලේ හාමුදුරුවන් කී වදන් අංජුලාට සැනෙකින් සිහිපත් විනි.. සිතුමිණීගේ හිත නැවතී ඇත්තේ වෙනතක බව උන්වහන්සේ පැහැදිලිව කී අයුරු ඇයට මතක්විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං අද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අංජුලා විමසුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අද නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පෙරදා රැයේ සිතුමිණී තම කාමරයට පැමිණ නිදාගෙන තිබූ බව ප්රථමයෙන් හෙළි කළ සංදීප දහවල් රඛිතගෙන් ලද දුරකථන ඇමතුම ගැනද සදහන් කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං අයිරම්මට කතා කලා නංගි.. සිතූ ගෙදර නෑල්ලු.. එයා ඔයාව මුණ ගැහෙන්න එනවා කියලා දවල් ගෙදරින් ඇවිත්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අංජුලාගේ මව තේ හදාගෙන පැමිණි නිසා දෙදෙනාම මොහොතකට කොළුව උන්හ.. සංදීප තේ පානය කරන තුරු අංජුලා සිය මිතුරියට සිදු වූ දේ ගැන කල්පනා කිරීමට උත්සාහ ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සිතූ සමහර විට ගෙදර ගියාද දන්නෙ නෑ අයියා.. ඉන්නකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීපව බංකුව මත මදකට තනිකර දැමූ අංජුලා නිවසට දිව ගොස් තම ජංගම දුරකථනය රැගෙන ආවේය.. ඈ පළමුව ඇමතුවේ සිතුමිණීගේ අංකයයි.. නමුත් එය ක්රියාවිරහිතව තිබුණි.. ඈ නැවතත් සිතුමිණීලාගේ මහගෙදර අංකය ඇමතුවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අම්මලාගෙන් කෙලින්ම අහන්නෙපා නංගි.. එයාලා කලබල වෙනවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීපගේ කතාවට අංජුලාගේ පපුව උණුවිය.. සිතුමිණී අහිමි කරගැනීමට උත්සාහ කරන්නේ කොතරම් ගුණගුරුක ස්වාමිපුරුෂයෙක්දැයි ඇයට සිතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හෙලෝ ආන්ටි.. මං අංජු.. ඉතිං. ඇත්තද..? කොහොමද අන්කල්ට එහෙම..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ.. මං නිකං ගත්තෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහා ඉමෙන් කියනා දෑ නෑසුණද සිතුමිණි ඇගේ දෙමාපියන් බැලීමට ගොස් නැති වග සංදීපට වැටහුණි.. නමුත් දිගටම ඔහු අංජුලාගේ වදන් අසා උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි හරි ආන්ටි.. හරි.. මං යන දවසක කියන්නංකො.. ආන්ටිලත් එන්න.. එහෙනං මං තියන්නං.. බුදු සරණයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇමතුම විසන්ධි කල අංජුලා බලාපොරොත්තු කඩ වූ දෑසින් සංදීප දෙස බැලුවාය.. ඇයට දැකගත හැකි වූයේ ජීවිතයෙන් පැරදුන හැගීම් රහිත මිනිසෙකුගේ දුක්බර මුහුණකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් එනවනං එන්න හොදටම වෙලා ඇති නංගි.. සිතූ එන එකක් නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු පැවසුවේ තමාටවත් ඇසෙන නෑසෙන හඩින්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආපහු කොයි එකටත් ගෙදර ගිහින් බලමුද අයියා.. සිතූ ගෙදර ඇවිත්නං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං ආයෙත් ගත්තොත් අයිරම්මා බය වෙයි නංගි.. ඔයා නිකමට අරන් බලන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප එම කටයුත්ත අංජුලාට බාර කළේය.. නමුත් එයින්ද ඵලක් වූයේ නැත.. සිතුමිණී තවම ගෙදර නොපැමිණි බැව් අයිරම්මා කියා තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං යනවා නංගි.. මට ඔයාගෙ නම්බර් එක දෙන්න.. නිකං හරි සිතූ ආවොත් හරි එයා පණිවිඩයක් දුන්නොත් හරි මට කෝල් කරලා කියන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීපගේ ජංගම දුරකථනය අතට ගත් අංජුලා දෙදෙනාගේ දුරකථන අංක දෙක හුවමාරු කර ගත්තාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හදිසි තීරණ ගන්නෙපා අයියා.. කලබල නොවී අපි තව ටිකක් හොයලා බලමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිස්සෙකු මෙන් විසි වෙවී කාරය වෙත ගමන් කරන සංදීප දෙස බලා උන් අංජුලා පැවසුවේය.. නමුත් සංදීප එයට කිසිවක් කීවේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අංජුලාගේ නිවසට එන බව පවසා නිවසින් කින්මුණ සිතුමිණී අතරමගදී ඇගේ තීරණය වෙනස් කර තිබිනි.. පෙරදා රැයේ සංදීපගේ කාමරයේ නිදා ගැනීඹට යාම නිසා ඈ උන්නේ ලැජ්ජාවෙනි.. ඒනිසා සිතේ වූ නොසන්සුන් බව මගහරවා ගැනීමට ඈ නගරයෙන් එපිට තිබූ පන්සලට යාමට තීරණය කරගත්තාය.. එය පළාතේ ප්රසිද්ධව තිබූ නිහඩ ආරාමයක් වන කන්දේ පන්සලයි.. මීට ටික කලකට පෙරාතුව අංජුලා හා ඇගේ මව මෙම පන්සලට පැමිණ තමාගේ හදහන බැලූ බව සිතුමිණී දැන උන්නේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පන්සල ආසන්නයේදී ත්රීවිලයෙන් බැසගත් ඈ රත්වූ ගල් පඩි ඔස්සේ ඉහළටම නැගුණාය.. ඈ සිතට දැනුණේ සහනයකි.. ආරාම භූමියට ඇතුලු වූ විට පෙර වූ රස්නය සිසිලකට පරිවර්ථනය වී තිබිණි.. පන්සල් භූමියේ සියලු ස්ථාන වන්දනා කල ඈ අවසානයේ බෝ මළුවට පැමිණ ගාථා කීමට පටන් ගත්තාය.. කාලය කොපමණ ගතවූවාදැයි ඇයට හැගීමක් තිබුණේ නැත.. වැදපුදා අවසාන වූ ඈ නිහඩ ගල් තලයට පිටදී භාවනා කිරීමට පටන් ගත්තේ තම මනස සන්සුන් කර ගැනීමේ අරමුණෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණී ඇස් හරින විට හිරු බැස යාමට ආසන්නව තිබුණි.. නමුත් ඈ කලබල වූවා නොවේ.. සන්සුන් ලෙස ඉද උන් තැනින් නැගිට ගත් ඇයට පන්සලේ ලොකු හාමුදුරුවන් දිස්විය.. උන් වහන්සේ වෙත දිවගිය ඈ ඒ දෙපා නමස්කාර කර පසෙකට වූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ දැරිවි ඇවිත් දැන් වරුවකට වැඩියි මයෙ හිතේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ හඩ බොහෝ ශාන්තය.. සිතුමිණිගේ සිත තුල උපන්නේ භක්තියක් මුසු පැහැදීමකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙමයි අපේ හාමුදුරුවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් හිත සන්සුන්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ පුදුම වී බැලුවාය.. තමා මෙහි පැමිණියේ සිත සන්සුන් කරගැනීමට වග උන්නාන්සේ දන්නේ කෙසේදැයි ඇයට පුදුම සිතුනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ජීවිතේ කියන්නෙ අපි පතන දේ විතරක්ම නෙමෙයි දරුවො.. අපිට ලැබෙන දේ.. ඒ හැමදේම තීරණය වෙන්නෙ අපි පෙර ආත්ම වල කරපු කුසලාකුසල කර්ම අනුව..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙමයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය දරුවා දැන් ගෙදර ගියාට පස්සෙ මේ සන්සුන් කර ගත්තු හිත ආපහු බිදගන්න එපා.. අටලෝ දහම ඇතුළෙ සැප වගේම දුකත් තියෙනවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාව ඇයට වැටහුණේ නැත.. නමුත් උන්වහන්සේ කතා කළේ යමක් ඉදිරියට දැකීමෙන් බව ඇය විශ්වාස කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දුකක් කිව්වෙ අපේ හාමුදුරුවනේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය ළමයගෙ ජීවිතේට තදින් සම්බන්ධ වෙන කෙනෙක්ට වෙන කරදරයක් වගේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උන්වහන්සෙ එම වැකිය සම්පූර්ණ කලේ නැත.. නමුත් එහි අරුත වැටහුණ සිතුමිණිගේ ඇස් අගට කදුළු බිදු දෙකක් ගලා විත් තිබිණි.. ඇයට තම ආදරණීය දෙමාපියන් සිහපත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං කිව්වනේ දරුවො කලබල වෙන්න එපා කියලා.. ඔය දරුවගෙ අනාගතේ ලියවිලා තියෙන්නෙ බොහොම සුභදායක විදියට..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එය ලියවී ඇත්තේ තම මුහුණේ දැයි ඇසීමට ඇයට සිතුණි.. එම අනාවැකිය එතරම්ම පුදුම උපදවන සුළුය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හිතට කරදරයක් දැනුණ ඕනම වෙලාවක මෙතනට එන්න.. බෞද්ධයගෙ හිත සන්සුන් කරන්න මීට වඩා සුදුසු තැනක් නෑ දරුවො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ශාන්ත කටහඩ ඒ වදන් සිතුමිණීගේ සිත පත්ලේ තැන්පත් උනි.. ඈ නැවත වරක් උන්වහන්සේට දණ ගසා වැන්දේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සුවපත් වේවා..!”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණී නිවසට යනවිට සැදෑ අදුර පරිසරය ගිල ගැනීමට මාන බලමින් උන්නේය.. ඈ දුටු අයිරම්මා කලබලයෙන් මෙන් පැමිණ අගේ අතක වෙළුනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි අයිරම්මා..? මොකද බය වෙලා වගේ..?1”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුංචි නෝනා කොහෙද ගියේ..? මට කීවේ අංජු නෝනලගෙ ගෙදර යනවා කියලනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙනත් අයෙක් මෙය ඇසුවේ නම් සිතුමිණීට තරහා යාමට පවා ඉඩ තිබිණී.. නමුත් සිත සන්සුන් කර පැමිණි ඈ මෙම වියපත් ගැහැණිය හා තරහා ගත්තේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහේ යන්න තමා අයිරම්මෙ ගියේ.. ඒත් මට මගදි හිතුණා පන්සල් යන්න.. ඉතිං මං කන්දෙ පන්සලට ගිහින් භාවනා කලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“භාවනා කලා..? මෙචච්ර වෙලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයිරම්මගෙ ඇස් විසල් වී තිබිණි.. ඈ බිත්තියේ වූ විශාල ඔරලෝසුව දෙස දෑස් දිවෙව්වේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පන්සලට ගියාම වෙලාව ගියා දැනුණෙ නෑ.. ලොකු හාමුදුරුවොත් මගෙත් එක්ක ටිකක් කතා කර කර හිටියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒක මිසක.. අංජු නෝනත් කතා කරලා පුංචි නෝනෙව අහද්දි මට හීන් දාඩිය දැම්මා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අංජු නෝනා කතා කලා..? මොකද කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මුකුත් නෑ.. පුංචි නෝනෙ ඉන්නවද කියලා විතරයි ඇහුවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණීගෙ සිතට අමුතුම හැගීමක් දැනුණි.. ඇයට සිහිපත් වූයේ සුළු මොහොතකට පෙර ලොකු හාමුදුරුවන් කී වදන්ය.. අංජුලා කතා කලේ තම දෙමාපියන් ගැන නරක ආරංචියක් වත් පැවසීමටදැයි ඇයට සැක සිතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මගේ ෆෝන් එක ගේන්න අයිරම්මෙ.. කාමරේ ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ වියපත් ගැහැණිය උඩුමහලට යවා දුරකථනය ගෙන්වීම පාපයක් සේ දැනුණද සිතුමිණීගේ දෙපා අවසගව තිබුණි.. ඈ සෙටියට බර දී දෑස් පියා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. නෝනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අයිරම්මා දුන් දුරකථනය අතට ගත් සිතුමිණී පළමුව ඇමතුවේ තම දෙමාපියන්ටය.. අම්මාගේ සෙනෙහෙබර කටහඩ ඇසුණු ඇයගේ දෑස් කදුළු පටලයකින් වැසී ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දූ.. ඔයා හොදින්ද රත්තරනෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමා මෙතෙක් කල් ඔවුන්ව අමතා දුකසැප සොයා නොබැලුවාට ඒ විසල් මව් සෙනෙහස අල්පයක් හෝ අඩු වී නොමැති බව සිතුමිණී වටහා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං හොදින් ඉන්නවා අම්මෙ.. ඔයාලට කොහොමද..? කෝ තාත්තා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණීගේ මව වූ මාලනී සතුට දරාගත නොහැකිව සිය පපුවට අතක් තබා ගත්තාය.. ඇයට තම දරුවාගේ මෙම වෙනස වටහා ගත නොහැකි තරම්ය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි හැමෝම හොදින් ඉන්නවා දරුවො.. දුකට තියෙන්නෙ ඔයා ළග නැති එක තමයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ කළකට පසුව සිය හැගීම් නිරාවරණය කළාය.. සිතුමිණී ඒවා අසා උන්නේ දැඩි පසුතැවීමෙනි.. ඔවුන් බොහෝ වේලා දොඩමලු වීමෙන් අනතුරුව සිතුමිණී, අංජුලා ඇමතූවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සිතූ.. උඹ කොහෙද ඉන්නෙ..? කොහෙ ඉදලද උඹ ඔය කතා කරන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණීගේ ඇමතුම ලද සැනින් කලබල වූ අංජුලා ඇගෙන් ප්රශ්න රැසක් අසා සිටියාය.. සිතුමිණීගේ මුවගට මද සිනාවක් නැගිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකෝ බං යකා ගහලා වගේ බයවෙලා.. අහන්න තියෙන දෙයක් හෙමින් අහපංකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප හැරදා රඛිත සමග ගිය සිය මිතුරිය මෙතරම් සන්සුන් වී සිටීම අංජුලාගේ තරහා ඇවිස්සීමට සමත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“යකා ගැහුවට මං මෙච්චර බය වෙන්නෙ නෑබ ං.. මට මුලින්ම කියපං උඹ කොහෙද ඉන්නෙ කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉන්නෙ ගෙදර.. ඇයි..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි..? අහන හැටි විතරක්.. උඹ අද මාව බලන්න එනවා කියලා කොහෙද ගියේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අංජුලාගේ තරහවට හේතුව වැටහුණ සිතුමිණීට සිනා නැගුණි.. ඈ දවල් නිවසට ඇමතුමක් ගත් නිසා අයිරම්මා විස්තරය පවසන්නට ඇති බවද පසුව ඈ තමා එනතුරු මග බලා හිදින්නට ඇති බවද සිතුමිණීට වැටහුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එන්න ආවෙ උඹව මීට් වෙන්න තමයි.. ඒත් එළියට ආවට පස්සෙ පන්සල් යන්න හිතුණා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරියගේ ස්වරයේ බොරුවක් ගැබ්ව නැති බව අංජුලාට වැටහුණද දහවල් සංදීප කී දෑ නිසා ඈ සිතුමිණීව සියයට සියයක් විශ්වාස කලේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පන්සල්..? කොහේ පන්සලටද ගියේ..? මට කිව්වනං මමත් එනවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈ සිතුමිණීගේ කටින්ම විස්තර දැන ගැනීමට උත්සුක විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කන්දෙ පන්සලට ගියේ.. එතන හරි නිස්කලංකයි අංජු.. මං භාවනා කළා වෙලාව ගියා දැනුණෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කන්දෙ පන්සල කිව්වෙ අර ගල් තලාවෙ තියෙන පන්සලද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තවා ඇසුමේ කොතරම් මෝඩ ප්රශ්නයක්දැයි අංජුලාට වැටහුණේ පමා වීය.. නමුත් සිතුමිණී කී මං සලකුණු අනුව ඈ ගොස් ඇත්තේ තමා මව සමග සිතුමිණීගේ හදහන බැලීමට ගිය පන්සලට බව අංජුලාට වැටහුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට ඒ පන්සලේ ලොකු හාමුදුරවො හම්බ උනා අංජු.. හරි පුදුමයි.. උන්වහන්සෙ මං ගැන.. මගේ හිතෙ තියෙන දේවල් ගැන මහ අමුතු කතා වගයක් කිව්වා.. අන්තිමට මහා බය හිතෙන කතාවකුත් කිව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උන්වහන්සේ තුළ වූ අනාවැකි කීමේ නිපුණතාව දැන උන් අංජුලා මදක් තැතිගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොනවද කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හාමුදුරුවො පැවසූ සියළු දේ සිතුමිණී, අංජුලා හා පැවසුවාය.. දැන්නම් තම මිතුරියගේ වදන් ගැන අංජුලාට සැකයක් නොවිණි.. ඈ තරහා ගෙන උන්නේ සිතුමිණී හා සංදීප අතර වූ විරසකයෙන් අයුතු ප්රයෝජන ගන්නට තනනා රඛිත ගැනය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ අම්මලට කෝල් කරලා බැලුවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් අංජු.. එයාලා හොදින් කිව්වට පස්සෙ තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිතුමිණී සිය මුරණ්ඩුකම් අතහැර යහපත් වෙනසකට පරිවර්ථනය වෙමින් හිදීම අංජුලාගේ හිතට සතුටක් ගෙන ඒමට සමත් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සංදීප ගෙදර ආවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තාම නෑ.. එයා එද්දි රෑ වෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පරිස්සමින් සිතූ.. බුදු සරණයි..!”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංදීප නැවත කාර්යාලයට යන්නට ඇතැයි සිතුණු අංජුලා සිතුමිණීගෙන් සමුගත්තාය.. ඇගේ සිතේ දහවල් වූ බර ගතිය එම ඇමුතුමෙන් පසුව තරමක් අඩු වී තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?pwi3og6j4vp9ji1"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom