Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් යනු සල්ලි කන්දක් සමග හැප්පෙන ක්‍රීඩාවකි. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වෙන්නේත් රටේ බහුතරයකගේ කායික සහ මානසික ශක්තියටත් මේ ක්‍රිකට් කදිම උත්තේජනයක් වන පසුබිම සකස් වන්නේත් මේ 'සල්ලි' නමැති සාධයකය පෙරටු කොටගෙනය. බිංදුවෙන් පටන්ගෙන ලෝකයම හෙල්ලූ ශ්‍රී ලාංකික ක්‍රිකට් දැන් හතර හන්දි කඩාගෙන බිමටම සමතලා වී තිබේ. පරිපාලනයේ ඇතැම් මහත්වරුන්ගේ මනදොළ පිනවන්නට රටේ ක්‍රිකට් ආයුධයක් කර ගැනීමෙන් මේ නස්පැත්තිය වී තිබේ. එසේ නොවන්නට යස අපූරුවට පියවරෙන් පියවර උඩට ගිය මෙරට ක්‍රිකට්වලට මේ සෙනසුරු මහ දසාව නොලබන්නට තිබුණි. එවැනි මොහොතක සියලු දොස් දුරු කර යළිත් ක්‍රිකට් නමැති පැළය මහා රුක්ෂයක් බවට පත්කරන්නට 'මැජික්' කාරයකු ශ්‍රී ලංකාවට අවශ්‍ය විය. දැන් ඒ 'මැජික්කරු' වැඩ අරඹා තිබේ. ඔහු මැජික්කරුවකු ලෙස හඳුන්වන්නේ වත්මන් ක්‍රිකට් ලොව කළ නොහැක්කක් නොමැති පුහුණුකරුවන් අතර පෙරමුණේ සිටින නිසාවෙනි. ඒ චන්දික හතුරුසිංහයි.

'මම අභියෝග භාර ගන්න කැමතියි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කලකිරීම් තිබුණා. නමුත් මම හැමදාම කලකිරීම් හිතේ තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මම බලන්නේ ඒ අභියෝගත් එක්ක ඉදිරියට යන්නෙ කොහොමද කියලා. එහෙම හිතුවෙ නැතිනම් මට රටට සේවය කරන්න තියෙන අවස්ථාව නැතිව යනවා. නමුත් හරි වෙලාවෙදී මට අවස්ථාව ලැබිලා තියෙනවා.' යෑයි හතුරුසිංහ සරලව සිය ක්‍රිකට් ජීවිත කතාව වැඩ ඇරඹීමෙන් පසුව මුදා හැරියේය.

අඬුව තිබෙද්දී අත පුච්චා ගැනීම අමන ක්‍රියාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් වලටද මෙය පොදු උපමාවකි. හතුරුසිංහ නමැති ක්‍රිකට් පුහුණුකරුවා ගැන ලෝකයම කතා වන්නේ බංග්ලාදේශය ඔහු උඩ දැමූ නිසාය. හතුරුසිංහ 'මැජික්කාරයකු' වන්නේත් ඒ හරහාය. එයට හතුරුසිංහ තුළ රහසක් තිබේ. ඒ සියල්ල තමාට අවශ්‍ය පරිදි සිදුවිය යුතු යෑයි යන තද ස්ථාවරයේ සිටීම ඔහුගේ සාර්ථකත්වයට මනා ශක්තියක් වී තිබේ. පිටිය මැදදී පරදින විට බැණුම් අසන්නේත් ඒ පරාජයට වගඋත්තර බැඳිය යුත්තේත් පුහුණුකරුවානම් ඔහු පදවන රියේ සුක්කානම ඔහුටම භාරදිය යුතුය. දැන් හතුරුසිංහ වැඩට බහින්නේ මේ සියලු බර සමග මෙරට ක්‍රිකට් රිය ජයග්රාහි ගමනාන්තයකට දක්කාගෙන යැමටය.

'කණ්ඩායමට හරි නායකත්වයක් තිබිය යුතුයි. මම දැන්ම ඒ ගැන කතා කරන්නේ නැහැ. මට හොඳ සහය පුහුණුකරුවන් ටිකක් ඉන්නවා. රොමේෂ් රත්නායක, චමින්ද වාස්, හෂාන් තිලකරත්න සහ තිලාන් සමරවීර දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ඒකකයේ වැඩ කරනවා. ඒ නිසා එතන අඩුපාඩුවක් නැහැ. අවශ්‍ය වුණොත් ඒ ගැන ඉදිරියේදී සලකා බලනවා. අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයේ අඩුවක් නැහැ. තියෙන්නේ එය කළමනාකරණය කර ගනිමින් එක දිගට පවත්වාගැනීමේ ක්‍රමවේදය නැති වීමයි' යනුවෙන් හතුරුසිංහ සිය රාජකාරිය සම්බන්ධයෙන් ඉඟි පළකර සිටියේය.

කෙසේ වෙතත් හතුරු වැනි කෙළින් වැඩ කරන පුහුණුකරුවකු ශ්‍රී ලංකාවට අවැසි මොහොතක ඔහුට ආරාධනා ලැබුණි. ග්රැහැම් ෆොaඩ් රැකියාව දමා ගසා ගෙදර ගියේද ඒ වගකීමට හෙනහුරා පාත් වීමෙනි. හතුරුසිංහද මේ බව නොදන්නා 'බබෙක්' නොවනු ඇත. එබැවින් ඔහු ගැන රටම දැන් විශ්වාසය තබා සිටියි. ඒ අභියෝගය කරේ තබාගෙන ක්‍රිකට් ඔසවන්නට ඔහු තුළ ශක්තිය තිබේ. "මම කැමැතියි අභියෝග භාර ගන්න. මේකත් මට ලොකු අභියෝගයක්. මම මුවර්ස් පුහුණුකරු කාලෙත්, සිඩ්නිවල පුහුණුකරුවකු වුණ කාලයේ සහ බංග්ලාදේශයේ පුහුණුකරු කරන කාලයේත් කළ සැලැස්මවල් ඉතාමත් සාර්ථක වුණා. දැන් ශ්‍රී ලංකාවේත් ඒ සැලැස්ම කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ.'

හතුරුව ශ්‍රී ලංකාවට ගෙන ඒමේ කපුකම කරන්නේ කේ. මතිවානන්ය. ඒ හරහා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාද හතුරුසිංහ සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වයි. එතනදී හතුරුසිංහ තමාට ක්‍රිකට් හදන්නට අවශ්‍ය නිදහස සහ හරි දේ නිවැරදිව කරගෙන යැමට අවශ්‍ය පසුබිම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. ඒ අනුව හතුරුසිංහ සෘජුවම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්වලට මැදිහත් විය යුතුය. මෙරට ක්‍රීඩා නීතිය අනුව පුහුණුකරුවකු තේරීම් කමිටුවක වැඩ කළ නොහැක. නමුත් ඒ අවසරය ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිය අනුව හතුරුසිංහට ලබා දෙන්නට ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව හතුරුසිංහ එදා 'දිවයින ඉරිදා සංග්‍රහයට' කියූ කතාවක් මෙසේ සිහිපත් කරමු.

'කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ඉදිරියේදී ශ්‍රී ලංකාව දිනවන ක්‍රීඩකයන් බවට පත්වේවි. ඔවුන් ක්‍රීඩා කරන අයුරු දැක්කහම ඒක මට තේරෙනවා. මම දන්නෙ නැහැ විටින් විට වන වෙනස්වීම් මොනවද කියලා. තව අවුරුද්දක් දෙකක් යන කොට ඒ අය තරග දිනවලා පෙන්වයි.' මේ කතාව හතුරු පවසා සිටියේ මීට මාස දහයකට පෙරය. ඒ කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ආවෝ ගියෝ බුරුතු පිටින් සිටියේය. මේ කාලයේද එහි අඩුවක් නැත. 2017 වසරේ නායකයෝ අට දෙනෙකුගෙන් යෑපීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එක්දින තරග 29 කින් ජය ලැබුවේ තරග පහක් පමණි. ඉන්දියාව සමඟ පළමු විස්සයි විස්ස තරගය පරාජය වන විට ශ්‍රී ලංකාව පිට පිටම විස්සයි විස්ස තරග හයක් අසමත් වී තිබේ. නමුත් ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් වැටී නොමැති බව පවසයි. ඇමැතිවරයාට අතීත ක්‍රිකට් අමතක වීමෙන් එසේ කියනු ඇත. මෙරට ක්‍රිකට් ජය ලැබුවේ කෙසේද යන්න 96 සිට සෑම වසරකම දත්ත පරීක්ෂා කිරීමෙන් පැහැදිලිවේ. 96 න් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් අඳුරුම යුගයකට තල්ලු වූ වසර 2017 ය. නමුත් දැන් හතුරුගේ වාරයයි.

ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වය යළිත් ඇන්ජලෝ මැතිව්ස්ට භාරදීමට යෝජිතව තිබේ. 2019 වන තෙක් කණ්ඩායමේ නායකත්වය භාරගෙන සිටි මැතිව්ස් ඔටුන්න ගලවා දමන්නටද හේතුවක් ඇත. ක්‍රිකට් ආයතනයේ තිරය පිටු පස ඇතැම් ඛේදවාචකවලට විරාමයක් ලැබෙන්නේද ශ්‍රී ලංකා පිල පරාජයන් වැලෙන් ගැලවුණොත් පමණි. අතීතයේ අභාග්‍යයට සිදුවූ සියලු හේතු මෙරට ක්‍රිකට්වල අහේතුවකට පෙරලුණ යුගය අවසන් කිරීම දැන් හතුරුට භාරය. සැමගේ වැරදි නිවැරදි කරගැනීමට හතුරුගේ ගුරුකම කෙසේ වනු ඇතිදැයි රටම බලා සිටියි.

Source

[QUOTE="Wild Cat, post: 22668272, member: 557050"] ක්‍රිකට් යනු සල්ලි කන්දක් සමග හැප්පෙන ක්‍රීඩාවකි. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වෙන්නේත් රටේ බහුතරයකගේ කායික සහ මානසික ශක්තියටත් මේ ක්‍රිකට් කදිම උත්තේජනයක් වන පසුබිම සකස් වන්නේත් මේ 'සල්ලි' නමැති සාධයකය පෙරටු කොටගෙනය. බිංදුවෙන් පටන්ගෙන ලෝකයම හෙල්ලූ ශ්‍රී ලාංකික ක්‍රිකට් දැන් හතර හන්දි කඩාගෙන බිමටම සමතලා වී තිබේ. පරිපාලනයේ ඇතැම් මහත්වරුන්ගේ මනදොළ පිනවන්නට රටේ ක්‍රිකට් ආයුධයක් කර ගැනීමෙන් මේ නස්පැත්තිය වී තිබේ. එසේ නොවන්නට යස අපූරුවට පියවරෙන් පියවර උඩට ගිය මෙරට ක්‍රිකට්වලට මේ සෙනසුරු මහ දසාව නොලබන්නට තිබුණි. එවැනි මොහොතක සියලු දොස් දුරු කර යළිත් ක්‍රිකට් නමැති පැළය මහා රුක්ෂයක් බවට පත්කරන්නට 'මැජික්' කාරයකු ශ්‍රී ලංකාවට අවශ්‍ය විය. දැන් ඒ 'මැජික්කරු' වැඩ අරඹා තිබේ. ඔහු මැජික්කරුවකු ලෙස හඳුන්වන්නේ වත්මන් ක්‍රිකට් ලොව කළ නොහැක්කක් නොමැති පුහුණුකරුවන් අතර පෙරමුණේ සිටින නිසාවෙනි. ඒ චන්දික හතුරුසිංහයි. 'මම අභියෝග භාර ගන්න කැමතියි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කලකිරීම් තිබුණා. නමුත් මම හැමදාම කලකිරීම් හිතේ තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මම බලන්නේ ඒ අභියෝගත් එක්ක ඉදිරියට යන්නෙ කොහොමද කියලා. එහෙම හිතුවෙ නැතිනම් මට රටට සේවය කරන්න තියෙන අවස්ථාව නැතිව යනවා. නමුත් හරි වෙලාවෙදී මට අවස්ථාව ලැබිලා තියෙනවා.' යෑයි හතුරුසිංහ සරලව සිය ක්‍රිකට් ජීවිත කතාව වැඩ ඇරඹීමෙන් පසුව මුදා හැරියේය. අඬුව තිබෙද්දී අත පුච්චා ගැනීම අමන ක්‍රියාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් වලටද මෙය පොදු උපමාවකි. හතුරුසිංහ නමැති ක්‍රිකට් පුහුණුකරුවා ගැන ලෝකයම කතා වන්නේ බංග්ලාදේශය ඔහු උඩ දැමූ නිසාය. හතුරුසිංහ 'මැජික්කාරයකු' වන්නේත් ඒ හරහාය. එයට හතුරුසිංහ තුළ රහසක් තිබේ. ඒ සියල්ල තමාට අවශ්‍ය පරිදි සිදුවිය යුතු යෑයි යන තද ස්ථාවරයේ සිටීම ඔහුගේ සාර්ථකත්වයට මනා ශක්තියක් වී තිබේ. පිටිය මැදදී පරදින විට බැණුම් අසන්නේත් ඒ පරාජයට වගඋත්තර බැඳිය යුත්තේත් පුහුණුකරුවානම් ඔහු පදවන රියේ සුක්කානම ඔහුටම භාරදිය යුතුය. දැන් හතුරුසිංහ වැඩට බහින්නේ මේ සියලු බර සමග මෙරට ක්‍රිකට් රිය ජයග්රාහි ගමනාන්තයකට දක්කාගෙන යැමටය. 'කණ්ඩායමට හරි නායකත්වයක් තිබිය යුතුයි. මම දැන්ම ඒ ගැන කතා කරන්නේ නැහැ. මට හොඳ සහය පුහුණුකරුවන් ටිකක් ඉන්නවා. රොමේෂ් රත්නායක, චමින්ද වාස්, හෂාන් තිලකරත්න සහ තිලාන් සමරවීර දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ඒකකයේ වැඩ කරනවා. ඒ නිසා එතන අඩුපාඩුවක් නැහැ. අවශ්‍ය වුණොත් ඒ ගැන ඉදිරියේදී සලකා බලනවා. අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයේ අඩුවක් නැහැ. තියෙන්නේ එය කළමනාකරණය කර ගනිමින් එක දිගට පවත්වාගැනීමේ ක්‍රමවේදය නැති වීමයි' යනුවෙන් හතුරුසිංහ සිය රාජකාරිය සම්බන්ධයෙන් ඉඟි පළකර සිටියේය. කෙසේ වෙතත් හතුරු වැනි කෙළින් වැඩ කරන පුහුණුකරුවකු ශ්‍රී ලංකාවට අවැසි මොහොතක ඔහුට ආරාධනා ලැබුණි. ග්රැහැම් ෆොaඩ් රැකියාව දමා ගසා ගෙදර ගියේද ඒ වගකීමට හෙනහුරා පාත් වීමෙනි. හතුරුසිංහද මේ බව නොදන්නා 'බබෙක්' නොවනු ඇත. එබැවින් ඔහු ගැන රටම දැන් විශ්වාසය තබා සිටියි. ඒ අභියෝගය කරේ තබාගෙන ක්‍රිකට් ඔසවන්නට ඔහු තුළ ශක්තිය තිබේ. "මම කැමැතියි අභියෝග භාර ගන්න. මේකත් මට ලොකු අභියෝගයක්. මම මුවර්ස් පුහුණුකරු කාලෙත්, සිඩ්නිවල පුහුණුකරුවකු වුණ කාලයේ සහ බංග්ලාදේශයේ පුහුණුකරු කරන කාලයේත් කළ සැලැස්මවල් ඉතාමත් සාර්ථක වුණා. දැන් ශ්‍රී ලංකාවේත් ඒ සැලැස්ම කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ.' හතුරුව ශ්‍රී ලංකාවට ගෙන ඒමේ කපුකම කරන්නේ කේ. මතිවානන්ය. ඒ හරහා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාද හතුරුසිංහ සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වයි. එතනදී හතුරුසිංහ තමාට ක්‍රිකට් හදන්නට අවශ්‍ය නිදහස සහ හරි දේ නිවැරදිව කරගෙන යැමට අවශ්‍ය පසුබිම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. ඒ අනුව හතුරුසිංහ සෘජුවම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්වලට මැදිහත් විය යුතුය. මෙරට ක්‍රීඩා නීතිය අනුව පුහුණුකරුවකු තේරීම් කමිටුවක වැඩ කළ නොහැක. නමුත් ඒ අවසරය ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිය අනුව හතුරුසිංහට ලබා දෙන්නට ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව හතුරුසිංහ එදා 'දිවයින ඉරිදා සංග්‍රහයට' කියූ කතාවක් මෙසේ සිහිපත් කරමු. 'කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ඉදිරියේදී ශ්‍රී ලංකාව දිනවන ක්‍රීඩකයන් බවට පත්වේවි. ඔවුන් ක්‍රීඩා කරන අයුරු දැක්කහම ඒක මට තේරෙනවා. මම දන්නෙ නැහැ විටින් විට වන වෙනස්වීම් මොනවද කියලා. තව අවුරුද්දක් දෙකක් යන කොට ඒ අය තරග දිනවලා පෙන්වයි.' මේ කතාව හතුරු පවසා සිටියේ මීට මාස දහයකට පෙරය. ඒ කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ආවෝ ගියෝ බුරුතු පිටින් සිටියේය. මේ කාලයේද එහි අඩුවක් නැත. 2017 වසරේ නායකයෝ අට දෙනෙකුගෙන් යෑපීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එක්දින තරග 29 කින් ජය ලැබුවේ තරග පහක් පමණි. ඉන්දියාව සමඟ පළමු විස්සයි විස්ස තරගය පරාජය වන විට ශ්‍රී ලංකාව පිට පිටම විස්සයි විස්ස තරග හයක් අසමත් වී තිබේ. නමුත් ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් වැටී නොමැති බව පවසයි. ඇමැතිවරයාට අතීත ක්‍රිකට් අමතක වීමෙන් එසේ කියනු ඇත. මෙරට ක්‍රිකට් ජය ලැබුවේ කෙසේද යන්න 96 සිට සෑම වසරකම දත්ත පරීක්ෂා කිරීමෙන් පැහැදිලිවේ. 96 න් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් අඳුරුම යුගයකට තල්ලු වූ වසර 2017 ය. නමුත් දැන් හතුරුගේ වාරයයි. ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වය යළිත් ඇන්ජලෝ මැතිව්ස්ට භාරදීමට යෝජිතව තිබේ. 2019 වන තෙක් කණ්ඩායමේ නායකත්වය භාරගෙන සිටි මැතිව්ස් ඔටුන්න ගලවා දමන්නටද හේතුවක් ඇත. ක්‍රිකට් ආයතනයේ තිරය පිටු පස ඇතැම් ඛේදවාචකවලට විරාමයක් ලැබෙන්නේද ශ්‍රී ලංකා පිල පරාජයන් වැලෙන් ගැලවුණොත් පමණි. අතීතයේ අභාග්‍යයට සිදුවූ සියලු හේතු මෙරට ක්‍රිකට්වල අහේතුවකට පෙරලුණ යුගය අවසන් කිරීම දැන් හතුරුට භාරය. සැමගේ වැරදි නිවැරදි කරගැනීමට හතුරුගේ ගුරුකම කෙසේ වනු ඇතිදැයි රටම බලා සිටියි. [URL="http://divaina.com/sunday/index.php/krida-2/1541-2017-12-22-05-41-55"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom