Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා එනතුරු නංගිලා දෙන්නා කඩුල්ල අසළට වී බලා උන්හ. ඒ මුහුණුවල සිනහව දකිනවිට මට ඇතිවූ සතුට අපමණය. මා වෙනදාට වඩා ප්‍රමාද වූ නිසා ඔවුන් විමසිලිමත් වන්නට ඇත. කඩුල්ලෙන් පැන්න මම අතරැඳි බෑක් දෙක එවුන් දෙදෙනා වෙතට පෑවෙමි.

“මොනවද අක්කෙ මේ..? හරි බරයි..”

ලොකු නංගී බෑගය අතට ගත්තේ පුදුමයෙන් මදෙස බලමින්ය.

“යමුකො ගෙට..”

මම ඔවුන් දෙදෙනා පිටුපසින් ගෙට ඇතුළු වුණෙමි. වැල් ඇඳේ දිගාවී සිටි අප්පච්චී ඇඳ මත හිඳ ගත්තේය.

“ඇයි පුතේ පරක්කු වුණේ..?”

“අද පඩි හම්බවුණා අප්පච්චි.. එන ගමන් කඩේට ගියා..”

“මං රත්වෙලා හිටියෙ.. කෙල්ලො දෙන්නව පාරට යවන්නත් බෑ.. ඒකයි කඩුල්ල ළගටවත් ගිහින් බලන්න කිව්වෙ..”

මම අතරැඳි බෑගය විවර කර බ්‍රවුන්පේපර් කවරය අප්පච්චී අත තැබුවෙමි.

“මොනවද පුතේ..?”

“බලන්නකො අප්පච්චි..”

ඔහු කවරය විවර කලේ අපහසුවෙනි. එක් අතකින් වැඩ කිරීම තවත් ඔහුට නුහුරු දෙයකි. අනෙක් අතේ වැලමිට දක්වා තිබුණද එහි තුවාලය තවම සුව වී නැත. කවරයේ තිබුණු කමීසය හා සරම දැක ඔහු සිනාසුනේය. නමුදු ඒ සිනහව එකවර අතුරුදහන් විය. ඒ සමගම මහා සුසුමක් හෙලීය. ඔහු මදෙස බැලුවේ අසරණ විලාසයෙනි. මසිත පිච්චී ගියේ ඔහුගේ දුක්බර නෙත් දැකීමෙනි. දන්නා කියන කාලයක ඔහු ඇඳුමක් මිලදී ගත්තේ නැත. රැකියාවෙන් ලද වැටුපෙන් ඔහු අපේ ඕනෑ එපාකම් සොයා බැලුවා මිස අඳින්නට තරම් දෙයක්වත් නොගත්තේය.

“මට මොකටද පුතේ මේවා.. උඹටයි, නංගිලා දෙන්නටයි මොනව හරි ගන්න එපෑය..”

“නංගිලාට ගත්තා අප්පච්චි..”

ලොකු නංගීටත්, චූටි නංගීටත් පොත්ද, මල් වැටුණු කුඩයක්ද, චුට්ටීට බෑගයක්ද මම මිලට ගතිමි. චූටි නංගී පාසලට ගෙන යන්නේ ලොකු නංගීගේ පරණ බෑගයයි. එහි මහන්නට තැනක් නොමැති තරම් මසා ඇත. මම එකින් එක ගෙන ඔවුන් වෙත පෑවෙමි. ඔවුන් දෙදෙනා ඉතා ආසාවෙන් එවා අත පත ගෑහ.

“කෝ අක්කට..?”

මා කිසිවක් මා සඳහා මිලට ගත්තේ නැත. මට අවැසි වූයේ ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කරන්නටය. ඔවුන්ගේ සතුට අබියස සිනාසීමට පමණක් මම ප්‍රාර්ථනා කළෙමි.

“මට මොනවත් ඕන නෑ ලොකු නංගි..”

“අක්කට වැඩට අඳින්න හරියට ගවුමක්වත් නැහැනේ..”

“ඔය තියෙන ඒවා ඇති.. පස්සෙ ගන්න බැරියෑ..”

චූටි නංගී නම් ඇයට ලැබුණ දේ බලා සතුටු වෙයි. ඒත් ලොකු නංගීගේ සිත මා වෙනුවෙන් නැගුණ දුක් මුහුණේ පෙනෙන්නට විය. මම ඇයට සිනාසුණෙමි. ඒ මසිත තුළ පැවති සැහැල්ලුව පෙන්වීමටය.

“යමු.. මොනවා හරි උයන්න ඕනි..”

මා ඔවුන් සමග කුස්සියට ඇඳුනේ රාත්‍රී ආහාරයට පිළියෙල කිරීමටය. ජනක එනතුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. බුදු පහන දල්වා අවනස්වන තුරුද ඔහු නොපැමිණියේය. රාත්‍රී ආහාර පිළියෙල කළ මම ඉස්තෝප්පුවට වී බලා සිටියෙමි. නංගිලා ගෙතුළ පාසල් වැඩ කටයුතු කරති. හෙන්දිරික්කා මල් වැටිය ළගට කළුවර ලංවන විට ජනක පැමිණියේය.

“මොකද පාර බලාගෙන..?”

ඔහු සිනාසෙමින් ගෙට ඇතුළු විය.

“මාමා නිදිද..?”

අප්පච්චී සිටියේ බිත්තිය දෙසට මුහුණ හරවාගෙනය.

“නෑ පුතේ..”

සිහින් කෙඳිරියක් නගමින් ඔහු අනෙක් පසට හැරුණේය.

“මට එපාවෙලා පුතේ මෙහෙම ඉඳලා.. කොන්දත් රිදෙනවා..”

ඔහු කතා කරන්නේ වේදනාවෙනි.

“තුවාලෙ හොඳද මාමේ..?”

“තව ටිකක් තියෙනවා.. දොස්තර මහත්තයා කිව්වා තව බේත් ටිකක්

බිව්වාම සම්පූර්ණයෙන්ම වේලෙයි කියලා..”

ජනකත්, අප්පච්චීත් කතා බහ කරන අතරතුර මම කාමරයට ගොස් බ්‍රවුන් පේපර් කවරයේ දවටා තිබුණු පෑන රැගෙන ඉස්තෝප්පුවට පැමිණියෙමි. ඔහුට පිටුපසින් හිටගත් මම අත රැඳි පෑන ඔහුට දුණෙමි.

“ජනක...”

ඔහුගේ මුහුණේ පැතිර ගියේ කුතුහළයකි.

“මොනවද..?”

“බලන්නකො..”

ඔහු බෑගය විවර කර එහි වූ පෙට්ටිය එළියට ගත්තේය. ඔහු යළිත් මදෙස බැලුවේ විමතියෙනි.

“කාටද මේ..?”

“ඔයාට..”

“ඒ මොකටද..?”

මම සිනාසුනෙමි. ප්‍රශ්නාර්ථයක් රැඳුණු බැල්මෙන් ඔහු මදෙස බැලීය.

“අද පඬි හම්බවුණා..”

“ඔයාට පිස්සුද..?”

මසිත රිදිනි. වඩාති රිදිනි. ඔහු ඊට අකමැති නම් මගේ සතුට මට අහිමිවේ. මනෙතු කඳුළු නැගුණේ ඇයිදැයි මම නොදනිමි.

“ඔන්න ඉතින් එල්ල ගත්තා.. මම අකමැතිව නෙමෙයි අරුණි.. ඔයා දුක් විඳලා හොයාගන්න එක නාස්ති කරන්න එපා..”

ඔහු පැවසුවේ ලෙංගතු හඩින්ය. ඔහු එසේ පවසන බව මම දැන උන්නෙමි. මසිතේ සතුටක් ඇතිවිය. එය මේ යැයි කියා ගැනීමට නුපුළුවන.

මා රැකියාවට ගියද, අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වනුවුවද ලද වැටුපෙන් යන්තමින් හෝ ජීවිතය ගැටගසා ගන්නට පුළුවන් විය. අප්පච්චීට බෙහෙත් ගැනීමට, නංගිලා දෙදෙනාගේ පාසල් ගමනටද අවශ්‍ය දේ ගැනීමට මෙන්ම ගෙදර අඩුපාඩු සම්පූර්ණ කිරීමටද මම අපමණ වෙහෙසක් දරුවෙමි. කොතරම් දුක්ඛ දෝමනස්සයන් දැනුනද අප්පච්චීට හෝ නංගිලාට වෙනසක් නොදැනෙන ලෙස කටයුතු කරන්නට මම පුරුදු වුණෙමි. ෆැක්ටරිය මගේ ජීවිතයේ කොටසක් විය. එය මට මාහැඟි තැනක් විය. මගේ තත්වය තුළ සිටි කෙනෙකුට මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක් හෝ එය පළ නොදරන බලාපොරොත්තුවක් වීම අසත්‍යයක් නොවේ. මා ජීවිතයේ සිහින නොදැක්කා නොවේ. එය රාත්‍රියේ දුටු සිහිනයක් වූවා මිස සැබෑ සිහිනයක් නොවීය. ඉතින් බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා තුළ තව තවත් ජීවිතය මුලා නොකර සත්‍යයට මුහුණ දීමට සූදානම් විය යුතුය. ලද දෙයින් සතුටු වීමට මම කුඩා කළ සිටම පුරුදු වුණෙමි.

දිවා ආහාරයෙන් පසු මාත්, ගීතිකාත් මිදුලේ ගල් බංකුව මත හිඳ ගතිමි. බොහෝ දිනවල මෙතැනට වී අප දෙදෙනා අප ගැන කතා කළෙමු. ගීතිකා මගේ සොයුරියක් මෙන් මට සමීප විය.

“අලුත් ආරංචියක් තියෙනවා අරුණි..”

ඉදිරි මිදුලේ ගේට්ටුව දෙස නෙත් යොමා සිටි ඇය මා දෙස බැලුවේ විමසිල්ලෙනි.

“මොකක්ද ගීති..?”

“අපේ ලොකු මහත්තයා අයින් වෙලා වෙන කෙනෙක් එනවලු..”

“ඇයි ඒ..?”

“එයා රට යනවලු බිස්නස් වලට. එයාගෙ නෑ කෙනෙක් එනවලු රට ඉඳන්..”

“උඹට කවුද කිව්වෙ..?”

“මානෙල් මිස්..”

“අලුත් කෙනා කොහොම වෙයිද දන්නෙ නෑ..”

ගීතිකා පැවසුවේ ඉවත බලාගෙනය.

“දැන් ඉන්න ලොකු මහත්තයා වරදක් නෑනෙ..”

ඈ මදෙස බැලුවේ කී දෙය එතරම් ගණන් නොගත්තා සේය.

“හොඳයි නම් තමයි.. බටර් ගාගෙන ඉන්නවා වැඩ ටික කරගන්න.. අරුත් උඹට කරපු අසාධාරණේ මැදැයි..”

“ඒක මගෙ වෙලාව..”

“මොන වෙලාවද බං.. ඒ මිනිස්සු කැමති නෑ අපි වගේ පුංචි උන් හොඳ තැනකට එනවට.. දුප්පත් මිනිහා දුප්පත් වෙලාම ඉන්න ඕන.. අපි කරන්න දෙයක් නැතිකමට එනවා තමයි..”

ඇය කතා කරන්නේ කලකිරීමෙනි. එහි අසාධාරණ බවක් නැතිවා නොවේ.

“අනේ මංදා.. මට මේකවත් නැති වුණා නම් පිස්සු හැදෙන්න තිබුණා..”

මා පැවසුවේ සත්‍යයකි. වතුරේ ගසාගෙන යන මිනිසාට පිදුරු ගසද සම්පතකි.

“මට උඹ ගැන දුකයි අරුණි..”

මම සිනාසී ඇය දෙස බැලුවෙමි. ඒ ලෙන්ගතු සිත මට සොයුරියක් සේ යෙහෙළියක් සිටින බව කියයි.

“ඒක නෙමෙයි.. ඉස්කෝලෙ මහත්තයට කියපන්කො රස්සාවක් හොයල දෙන්න කියලා..”

ඈ ඉස්කෝලේ මහත්තයා යැයි පවසන්නේ ජනකටය.

“එයත් කොහෙන් හොයන්නද..? ඇරත් ජනක කැමති නෑ මං මෙහෙ එනවට..”

“උඹ රස්සාවක් නොකර කොහොමද..?”

“ඒකනේ මාත් කියන්නෙ.. මට රස්සාවක් කරන්න පිට පළාතකට යන්න බැහැනේ ගීති.. ගෙදර අප්පච්චිලා දාලා.. ඒකයි මම මෙහෙ ආවේ..”

“ජනකලගෙ ගෙදරින් දන්නවද උඹල ගැන..?”

ඈ එලෙස පැවසුවේ ඇයිදැයි මම නොදනිමි. නමුත් මසිත මදක් තිගැස්සුන බව සැබෑය. ඒ මන්දැයි මට නොවැටහේ. කෙනෙකු එවැනි දෙයක් විමසූ ප්‍රථම වතාව නිසා එසේ වන්නට ඇත. ජනකත් මාත් හඳුනන්නේ නොදරුවන් කළ සිටය. නැන්දාට හෝ මාමාට එය රහසක් නොවේ. අපේ අප්පච්චීට හා නංගිලාටද එසේමය. කිසිවෙකු කිසිදින ඒ ප්රශ්නය නැගුවේ නැත. ඉතින් අපට විරුද්ධ වන්නට කිසිවෙකු හෝ ඇතැයි මම විශ්වාස නොකරමි.

“මොකද උඹ කල්පනා කරන්නෙ..?”

“නෑ..”

“නැන්දලා දන්නවා.. අපේ අප්පච්චිලත් දන්නවා..”

“එහෙනම් කමක් නෑ.. කොහොමත් උඹලා දෙන්නා ඉන්න තත්වෙ අනුව ඒ වගේ කෙනෙක් නැතුව බැහැනේ. හදිසියකට දැන් අප්පච්චීට දුව පනින්න බැහැනේ..”

මා තනිවී නැතැයි යන සිතුවිල්ල මට බොහෝ විට දැනුණේ ජනක සිහිවීමෙනි. අප්පච්චීටද, නංගිලාටද එසේම වන්නට ඇත. දුකේදී සැපේදී ඔහු මා ළඟින් සිටීවි යැයි දැඩි බලාපොරොත්තුවක් මසිත තුළ විය.

සවස වැඩ ඉවර වී මා ගීතිකාත් සමඟ බස් නැවතුමට ගියෙමි. පහේ බසය පැමිණිමට තවත් විනාඩි දහයක් පමණ ඇත. දෙනියකුඹුරට යාමට අපේ ෆැක්ටරියේ සිටියේ මා පමණකි. ගීතිකා හැමදාම බස් නැවතුම දක්වා මා සමඟ පැමිණ දකුණු පැත්තේ වූ පාර දිගේ නිවසට යයි. ඇගේ නිවස පිහිටා තිබුණේ ඇවිද යන දුරකය. බස් නැවතුම තුළ ගැහැනුන් හා මිනිසුන් කිහිප දෙනෙක් විය.

“මම යන්නම් අරුණි..”

ඇය අතබැඳි ඔරලෝසුව දෙස නෙත් යොමු කරමින් පැවසීය.

“තව ටිකකින් බස් එක එයි.. උඹ පලයං..”

[QUOTE="crazybuddy, post: 13576819, member: 326070"] [COLOR=Blue][B][SIZE=3] [URL="http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png"][IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG][/URL] මා එනතුරු නංගිලා දෙන්නා කඩුල්ල අසළට වී බලා උන්හ. ඒ මුහුණුවල සිනහව දකිනවිට මට ඇතිවූ සතුට අපමණය. මා වෙනදාට වඩා ප්‍රමාද වූ නිසා ඔවුන් විමසිලිමත් වන්නට ඇත. කඩුල්ලෙන් පැන්න මම අතරැඳි බෑක් දෙක එවුන් දෙදෙනා වෙතට පෑවෙමි. “මොනවද අක්කෙ මේ..? හරි බරයි..” ලොකු නංගී බෑගය අතට ගත්තේ පුදුමයෙන් මදෙස බලමින්ය. “යමුකො ගෙට..” මම ඔවුන් දෙදෙනා පිටුපසින් ගෙට ඇතුළු වුණෙමි. වැල් ඇඳේ දිගාවී සිටි අප්පච්චී ඇඳ මත හිඳ ගත්තේය. “ඇයි පුතේ පරක්කු වුණේ..?” “අද පඩි හම්බවුණා අප්පච්චි.. එන ගමන් කඩේට ගියා..” “මං රත්වෙලා හිටියෙ.. කෙල්ලො දෙන්නව පාරට යවන්නත් බෑ.. ඒකයි කඩුල්ල ළගටවත් ගිහින් බලන්න කිව්වෙ..” මම අතරැඳි බෑගය විවර කර බ්‍රවුන්පේපර් කවරය අප්පච්චී අත තැබුවෙමි. “මොනවද පුතේ..?” “බලන්නකො අප්පච්චි..” ඔහු කවරය විවර කලේ අපහසුවෙනි. එක් අතකින් වැඩ කිරීම තවත් ඔහුට නුහුරු දෙයකි. අනෙක් අතේ වැලමිට දක්වා තිබුණද එහි තුවාලය තවම සුව වී නැත. කවරයේ තිබුණු කමීසය හා සරම දැක ඔහු සිනාසුනේය. නමුදු ඒ සිනහව එකවර අතුරුදහන් විය. ඒ සමගම මහා සුසුමක් හෙලීය. ඔහු මදෙස බැලුවේ අසරණ විලාසයෙනි. මසිත පිච්චී ගියේ ඔහුගේ දුක්බර නෙත් දැකීමෙනි. දන්නා කියන කාලයක ඔහු ඇඳුමක් මිලදී ගත්තේ නැත. රැකියාවෙන් ලද වැටුපෙන් ඔහු අපේ ඕනෑ එපාකම් සොයා බැලුවා මිස අඳින්නට තරම් දෙයක්වත් නොගත්තේය. “මට මොකටද පුතේ මේවා.. උඹටයි, නංගිලා දෙන්නටයි මොනව හරි ගන්න එපෑය..” “නංගිලාට ගත්තා අප්පච්චි..” ලොකු නංගීටත්, චූටි නංගීටත් පොත්ද, මල් වැටුණු කුඩයක්ද, චුට්ටීට බෑගයක්ද මම මිලට ගතිමි. චූටි නංගී පාසලට ගෙන යන්නේ ලොකු නංගීගේ පරණ බෑගයයි. එහි මහන්නට තැනක් නොමැති තරම් මසා ඇත. මම එකින් එක ගෙන ඔවුන් වෙත පෑවෙමි. ඔවුන් දෙදෙනා ඉතා ආසාවෙන් එවා අත පත ගෑහ. “කෝ අක්කට..?” මා කිසිවක් මා සඳහා මිලට ගත්තේ නැත. මට අවැසි වූයේ ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කරන්නටය. ඔවුන්ගේ සතුට අබියස සිනාසීමට පමණක් මම ප්‍රාර්ථනා කළෙමි. “මට මොනවත් ඕන නෑ ලොකු නංගි..” “අක්කට වැඩට අඳින්න හරියට ගවුමක්වත් නැහැනේ..” “ඔය තියෙන ඒවා ඇති.. පස්සෙ ගන්න බැරියෑ..” චූටි නංගී නම් ඇයට ලැබුණ දේ බලා සතුටු වෙයි. ඒත් ලොකු නංගීගේ සිත මා වෙනුවෙන් නැගුණ දුක් මුහුණේ පෙනෙන්නට විය. මම ඇයට සිනාසුණෙමි. ඒ මසිත තුළ පැවති සැහැල්ලුව පෙන්වීමටය. “යමු.. මොනවා හරි උයන්න ඕනි..” මා ඔවුන් සමග කුස්සියට ඇඳුනේ රාත්‍රී ආහාරයට පිළියෙල කිරීමටය. ජනක එනතුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. බුදු පහන දල්වා අවනස්වන තුරුද ඔහු නොපැමිණියේය. රාත්‍රී ආහාර පිළියෙල කළ මම ඉස්තෝප්පුවට වී බලා සිටියෙමි. නංගිලා ගෙතුළ පාසල් වැඩ කටයුතු කරති. හෙන්දිරික්කා මල් වැටිය ළගට කළුවර ලංවන විට ජනක පැමිණියේය. “මොකද පාර බලාගෙන..?” ඔහු සිනාසෙමින් ගෙට ඇතුළු විය. “මාමා නිදිද..?” අප්පච්චී සිටියේ බිත්තිය දෙසට මුහුණ හරවාගෙනය. “නෑ පුතේ..” සිහින් කෙඳිරියක් නගමින් ඔහු අනෙක් පසට හැරුණේය. “මට එපාවෙලා පුතේ මෙහෙම ඉඳලා.. කොන්දත් රිදෙනවා..” ඔහු කතා කරන්නේ වේදනාවෙනි. “තුවාලෙ හොඳද මාමේ..?” “තව ටිකක් තියෙනවා.. දොස්තර මහත්තයා කිව්වා තව බේත් ටිකක් බිව්වාම සම්පූර්ණයෙන්ම වේලෙයි කියලා..” ජනකත්, අප්පච්චීත් කතා බහ කරන අතරතුර මම කාමරයට ගොස් බ්‍රවුන් පේපර් කවරයේ දවටා තිබුණු පෑන රැගෙන ඉස්තෝප්පුවට පැමිණියෙමි. ඔහුට පිටුපසින් හිටගත් මම අත රැඳි පෑන ඔහුට දුණෙමි. “ජනක...” ඔහුගේ මුහුණේ පැතිර ගියේ කුතුහළයකි. “මොනවද..?” “බලන්නකො..” ඔහු බෑගය විවර කර එහි වූ පෙට්ටිය එළියට ගත්තේය. ඔහු යළිත් මදෙස බැලුවේ විමතියෙනි. “කාටද මේ..?” “ඔයාට..” “ඒ මොකටද..?” මම සිනාසුනෙමි. ප්‍රශ්නාර්ථයක් රැඳුණු බැල්මෙන් ඔහු මදෙස බැලීය. “අද පඬි හම්බවුණා..” “ඔයාට පිස්සුද..?” මසිත රිදිනි. වඩාති රිදිනි. ඔහු ඊට අකමැති නම් මගේ සතුට මට අහිමිවේ. මනෙතු කඳුළු නැගුණේ ඇයිදැයි මම නොදනිමි. “ඔන්න ඉතින් එල්ල ගත්තා.. මම අකමැතිව නෙමෙයි අරුණි.. ඔයා දුක් විඳලා හොයාගන්න එක නාස්ති කරන්න එපා..” ඔහු පැවසුවේ ලෙංගතු හඩින්ය. ඔහු එසේ පවසන බව මම දැන උන්නෙමි. මසිතේ සතුටක් ඇතිවිය. එය මේ යැයි කියා ගැනීමට නුපුළුවන. මා රැකියාවට ගියද, අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වනුවුවද ලද වැටුපෙන් යන්තමින් හෝ ජීවිතය ගැටගසා ගන්නට පුළුවන් විය. අප්පච්චීට බෙහෙත් ගැනීමට, නංගිලා දෙදෙනාගේ පාසල් ගමනටද අවශ්‍ය දේ ගැනීමට මෙන්ම ගෙදර අඩුපාඩු සම්පූර්ණ කිරීමටද මම අපමණ වෙහෙසක් දරුවෙමි. කොතරම් දුක්ඛ දෝමනස්සයන් දැනුනද අප්පච්චීට හෝ නංගිලාට වෙනසක් නොදැනෙන ලෙස කටයුතු කරන්නට මම පුරුදු වුණෙමි. ෆැක්ටරිය මගේ ජීවිතයේ කොටසක් විය. එය මට මාහැඟි තැනක් විය. මගේ තත්වය තුළ සිටි කෙනෙකුට මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක් හෝ එය පළ නොදරන බලාපොරොත්තුවක් වීම අසත්‍යයක් නොවේ. මා ජීවිතයේ සිහින නොදැක්කා නොවේ. එය රාත්‍රියේ දුටු සිහිනයක් වූවා මිස සැබෑ සිහිනයක් නොවීය. ඉතින් බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා තුළ තව තවත් ජීවිතය මුලා නොකර සත්‍යයට මුහුණ දීමට සූදානම් විය යුතුය. ලද දෙයින් සතුටු වීමට මම කුඩා කළ සිටම පුරුදු වුණෙමි. දිවා ආහාරයෙන් පසු මාත්, ගීතිකාත් මිදුලේ ගල් බංකුව මත හිඳ ගතිමි. බොහෝ දිනවල මෙතැනට වී අප දෙදෙනා අප ගැන කතා කළෙමු. ගීතිකා මගේ සොයුරියක් මෙන් මට සමීප විය. “අලුත් ආරංචියක් තියෙනවා අරුණි..” ඉදිරි මිදුලේ ගේට්ටුව දෙස නෙත් යොමා සිටි ඇය මා දෙස බැලුවේ විමසිල්ලෙනි. “මොකක්ද ගීති..?” “අපේ ලොකු මහත්තයා අයින් වෙලා වෙන කෙනෙක් එනවලු..” “ඇයි ඒ..?” “එයා රට යනවලු බිස්නස් වලට. එයාගෙ නෑ කෙනෙක් එනවලු රට ඉඳන්..” “උඹට කවුද කිව්වෙ..?” “මානෙල් මිස්..” “අලුත් කෙනා කොහොම වෙයිද දන්නෙ නෑ..” ගීතිකා පැවසුවේ ඉවත බලාගෙනය. “දැන් ඉන්න ලොකු මහත්තයා වරදක් නෑනෙ..” ඈ මදෙස බැලුවේ කී දෙය එතරම් ගණන් නොගත්තා සේය. “හොඳයි නම් තමයි.. බටර් ගාගෙන ඉන්නවා වැඩ ටික කරගන්න.. අරුත් උඹට කරපු අසාධාරණේ මැදැයි..” “ඒක මගෙ වෙලාව..” “මොන වෙලාවද බං.. ඒ මිනිස්සු කැමති නෑ අපි වගේ පුංචි උන් හොඳ තැනකට එනවට.. දුප්පත් මිනිහා දුප්පත් වෙලාම ඉන්න ඕන.. අපි කරන්න දෙයක් නැතිකමට එනවා තමයි..” ඇය කතා කරන්නේ කලකිරීමෙනි. එහි අසාධාරණ බවක් නැතිවා නොවේ. “අනේ මංදා.. මට මේකවත් නැති වුණා නම් පිස්සු හැදෙන්න තිබුණා..” මා පැවසුවේ සත්‍යයකි. වතුරේ ගසාගෙන යන මිනිසාට පිදුරු ගසද සම්පතකි. “මට උඹ ගැන දුකයි අරුණි..” මම සිනාසී ඇය දෙස බැලුවෙමි. ඒ ලෙන්ගතු සිත මට සොයුරියක් සේ යෙහෙළියක් සිටින බව කියයි. “ඒක නෙමෙයි.. ඉස්කෝලෙ මහත්තයට කියපන්කො රස්සාවක් හොයල දෙන්න කියලා..” ඈ ඉස්කෝලේ මහත්තයා යැයි පවසන්නේ ජනකටය. “එයත් කොහෙන් හොයන්නද..? ඇරත් ජනක කැමති නෑ මං මෙහෙ එනවට..” “උඹ රස්සාවක් නොකර කොහොමද..?” “ඒකනේ මාත් කියන්නෙ.. මට රස්සාවක් කරන්න පිට පළාතකට යන්න බැහැනේ ගීති.. ගෙදර අප්පච්චිලා දාලා.. ඒකයි මම මෙහෙ ආවේ..” “ජනකලගෙ ගෙදරින් දන්නවද උඹල ගැන..?” ඈ එලෙස පැවසුවේ ඇයිදැයි මම නොදනිමි. නමුත් මසිත මදක් තිගැස්සුන බව සැබෑය. ඒ මන්දැයි මට නොවැටහේ. කෙනෙකු එවැනි දෙයක් විමසූ ප්‍රථම වතාව නිසා එසේ වන්නට ඇත. ජනකත් මාත් හඳුනන්නේ නොදරුවන් කළ සිටය. නැන්දාට හෝ මාමාට එය රහසක් නොවේ. අපේ අප්පච්චීට හා නංගිලාටද එසේමය. කිසිවෙකු කිසිදින ඒ ප්රශ්නය නැගුවේ නැත. ඉතින් අපට විරුද්ධ වන්නට කිසිවෙකු හෝ ඇතැයි මම විශ්වාස නොකරමි. “මොකද උඹ කල්පනා කරන්නෙ..?” “නෑ..” “නැන්දලා දන්නවා.. අපේ අප්පච්චිලත් දන්නවා..” “එහෙනම් කමක් නෑ.. කොහොමත් උඹලා දෙන්නා ඉන්න තත්වෙ අනුව ඒ වගේ කෙනෙක් නැතුව බැහැනේ. හදිසියකට දැන් අප්පච්චීට දුව පනින්න බැහැනේ..” මා තනිවී නැතැයි යන සිතුවිල්ල මට බොහෝ විට දැනුණේ ජනක සිහිවීමෙනි. අප්පච්චීටද, නංගිලාටද එසේම වන්නට ඇත. දුකේදී සැපේදී ඔහු මා ළඟින් සිටීවි යැයි දැඩි බලාපොරොත්තුවක් මසිත තුළ විය. සවස වැඩ ඉවර වී මා ගීතිකාත් සමඟ බස් නැවතුමට ගියෙමි. පහේ බසය පැමිණිමට තවත් විනාඩි දහයක් පමණ ඇත. දෙනියකුඹුරට යාමට අපේ ෆැක්ටරියේ සිටියේ මා පමණකි. ගීතිකා හැමදාම බස් නැවතුම දක්වා මා සමඟ පැමිණ දකුණු පැත්තේ වූ පාර දිගේ නිවසට යයි. ඇගේ නිවස පිහිටා තිබුණේ ඇවිද යන දුරකය. බස් නැවතුම තුළ ගැහැනුන් හා මිනිසුන් කිහිප දෙනෙක් විය. “මම යන්නම් අරුණි..” ඇය අතබැඳි ඔරලෝසුව දෙස නෙත් යොමු කරමින් පැවසීය. “තව ටිකකින් බස් එක එයි.. උඹ පලයං..” [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=3][COLOR=Blue][B][SIZE=3][/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom