Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සිනාසී ඇයට සමුදුනෙමි. ඉක්මනින් බසය පැමිණෙන්නේ නම් මැනවැයි මට සිතුණේ රෑ වීමට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාය. ගීතිකා නොපෙනී ගිය පසු මගේ නෙත් දිව ගියේ ඉදිරි මාවත දෙසටය. පාරෙන් එහා පැත්තේ සිටි රුව දැකීමෙන් මසිත තිගැස්සුණේය. ඔහු නොදැක්කා සේ මම ඉක්මනින් ඉවත බලා ගත්තෙමි. ෆැක්ටරිය තුළදී ඔහු දින කිහිපයක්ම මා හා කතා කරන්නට උත්සාහ කළද මම ඔහුව මග හැරියෙමි. බසය එන්නේදැයි මම අනෙක් පසට හැරී බලා සිටියෙමි. මොහොතකින් මා පසුපසින් ඇසුණු හඬ නිසා මසිත වේවලා ගියේය.

“අරුන්දිකා..”

වෙනසක් නොපනේවා මා ඔහු දෙස බැලුවේ අවට සිටි මිනිසුන් මා ගැන කුමක් සිතාවිදැයි යන බියෙනි.

“සර්..”

“බස් එක නැද්ද තාම..?”

“දැන් එනවා ඇති..”

ඔහු මට වඩාත් ලංවන විට මම මදක් පසුපසට ගියෙමි. බසය එන මග මා බලා සිටියේ ඔහුගෙන් ගැලවෙන්නට අන් මගක් නොවුණ නිසාය.

“අරුන්දිකා..”

අද නම් ඔහුගෙන් මිදී පලායාමක් නොමැතිසේය. ෆැක්ටරියේ කවුරුන් හෝ මෙය දකී නම් හෙට දින විසුමක් නොවනු ඇත. මේ කරදරයෙන් මිදීමට මගක් සොයමින් මම ලතැවුණෙමි.

“මං අරුන්දිකා එක්ක කතා කරන්න බලන් ඉන්නෙ හුඟ දවසක ඉඳන්..”

ඔහු සැහැල්ලුවෙන් කියවාගෙන ගියද මා සිටියේ උන් හිටි තැන් අමතකවය.

“ඇයි ඔයා බයවෙලා වගේ..?”

මම ඔහුගෙන් දෙනෙත් ඉවතට ගතිමි. මා අසළ සිටි ගැහැනිය මදෙස බලනවා මම නෙත් කොණින් දුටුවෙමි. ඔහු දෙස නොබලා ඉන්නට මා උත්සාහ කළද මා ඉදිරියටම වී ඔහු සිටියේය. ඈතින් එන බසය දැකීමෙන් මගේ සිත මදකට සැහැල්ලු විය.

“බස් එක එනවා.. මම යන්නම් සර්..”

එපමණකින් ඔහුගෙන් ගැලවී මම බස් නැවතුමෙන් පිටතට පැමිණියෙමි..

“අපි පස්සෙ කතා කරමු අරුන්දිකා..”

ඔහු මා පසුපස ඇවිත් බව මා දැනගත්තේ එවිටය. ඔහු දෙස වරක් බැලූ මම ඉක්මනින් ඉවත බලා ගතිමි. බසයේ එනතුරු මා කල්පනා කළේ මහේෂ් වනිගසූරියගෙන් ගැලවීමක් ගැනය. ඔහු දිගින් දිගටම මෙසේ මා සමග කතා කරන්නට ගත්තොත් එය ෆැක්ටරිය පුරා පැතිර යනු ඇත. යළිත් ඔහු කතා කිරීමට පැමිණියහොත් ජනක ගැන පවසා මේ කතාබහ නැවැත්විය යුතු යැයි මම සිතුවෙමි.

රාත්‍රියේ මා වෙත නින්දක් ළඟා නොවීය. පැදුරේ එහාටත් මෙහාටත් පෙරළෙමින් සිටියා මිස නින්ද අහලකටවත් ළං නොවීය. ලොකු නංගී ළග එන අ.පො.ස සාමාණ්‍ය පෙළ විභාගයට පාඩම් කරයි. ඇය දිවා රෑ වෙහෙස වී වැඩ කරයි. එය අප හැමදෙනාටම සතුටකි. මා වෙත ළඟා නොවූ ජයග්‍රහණයක් කරා මා ඈ ලංකර යුතුය.

“අක්කට නින්ද යන්නෙ නැද්ද..?”

ඈ මදෙස බලමින් විමසිය.

“නෑ.. ලොකු නංගි පාඩම් කරන්න.. මට නිදිමත නෑ..”

“කුප්පි ලාම්පුවෙ එළිය නිසාද..?”

“නෑ.. නෑ.. ඔයා පාඩම් කරන්න..”

මා අනෙක් පසට හැරුණේ ඇයට කරදරයක් වේ යැයි සිතුණ නිසාය. කුප්පි ලාම්පුවේ එළිය නිසා මට නින්ද නොයනවා යැයි ඇය සිතති. මගේ සිත කියවන්නට ඇයට හැකි නම් මා පෙලන වේදනාවට පිළිසරණ වෙනු ඇත. මා කල්පනා කරමින් උන්නේ මහේෂ් වනිගසූරියගෙන් ගැලවෙන ක්‍රමයයි.

ජීවිතය මේ යැයි මා හැඳින්නේ නොදරුවෙකු දා පටන්ය. අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මා පෙලුවද කිසිදින සතුටක් සොයා යාමේ අවශ්‍යතාවක් මවෙත නොවීය. දුක හෝ සතුට සමසිතින් විඳ දරා ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බව මම පසක් කරගෙන සිටියෙමි. නමුදු නෙතට හොරා ගලන කඳුළට මා අසරණ නොවුණා නොවේ. කෙසේ වුවද අප එක්තැන්ව සිටි කාලය අපටත් හොර රහසේ ගලා යයි.

පසුවදා මා රැකියාවට ගියේ ඔද්දල් වූ සිතිනි. ගේට්ටුවෙන් ෆැක්ටරියට ඇතුල් වූ මොහොතේ සිට මසිත පැවතියේ නොසන්සුන් බවකි. හිස ඔසවා වටපිට බැලීමේ ශක්තියක් මවෙත නොවීය. මැද මිදුලේ කොනක ගීතිකා සිටිනු දැකීමෙන් සිත මදක් සැහැල්ලු විය. මම ඉදිරියට හමු වූ ළමුන්ට සිනාසෙමින් ගීතිකා අසලට ගියෙමි.

“ගුඩ් මොර්නින්”

ඈ සීනාසුනද සිනාසෙන්නට තරම් සැහැල්ලු මනසක් මවෙත නොවීය.

“මොකද මේ උදෙන්ම එල්ලගෙන..?”

“නෑ.. මොකුත් නෑ..”

අප අසළ ළමුන් සිටි නිසා මම ඇයට කිසිවක් කීමට නොසිතුවෙමි. ගීතිකා මගේ වෙනස හොඳින්ම හඳුනාගෙන උන්නාය. ඈ මදෙස බලා සිටියේ විමසිල්ලෙනි. වැඩ පටන් ගැනීමට තවයත් විනාඩි කිහිපයක් විය. ඒ නිසා ළමුන් තැනින් තැනට වී කතාබහ කරමින් සිටියි. එය ඝෝෂාවක් සේ ඈතට ඇසෙන්නට විය. කතාබහ, සිනා හඬ මුළු මිදුලම වසාගෙන පැතිර ගියේය.

“මෙහෙ වරෙන්..”

ගීතිකා මාවත් ඇදගෙන ළමුන්ගෙන් මිදී ඈතට ගියාය. මා ඈ පසුපස ඇඳුණේ ඕනාවට එපාවට මෙනි.

“මොකද උඹට වෙලා තියෙන්නෙ..?”

මා ඈ දෙස බැලුවේ අන් පිළිසරණයක් නොවූ නිසාය. මසිත දවන මේ පැනයට විසදුම් ලබාගත හැකි තැනැත්තිය ඇයම පමණක් වූ නිසාය. මම සෙමෙන් කටහඬ අවදි කළෙමි.

ඈ නිහඬව අසා උන්නාය.

“උඹ කිනක් කලබල වෙලා.. ආයෙ කතා කළොත් කියපං උඹට කෙනෙක් ඉන්නවා කියලා.. ෆැක්ටරිය ඇතුළෙදි කතාවට යන්න එපා.. දන්නවනේ මේකෙ ඉන්න උන්ගෙ හැටි.. මග ඇරලා ඉඳපං..”

වෙනස් විසඳුමක් නොවුන නිසා මම එසේ කීමට සිතා ගත්තෙමි. ඉන්පසුවත් මහේෂ් වනිගසූරියගෙන් කරදරයක් ඇති නොවේ යැයි මම සිතුවෙමි.

දිවා ආහාරය පැයේදී අපේ පාලිකාව වූ මානෙල් මිස් විවේකාගාරයට ඇතුළු වූයේ අලුත් තොරතුරක් රැගෙනය. එනම් ඊළඟ සතියේ හැරිස් විජේමාන්න ෆැක්ටරියෙන් ඉවත්වන බවත්, ඒ වෙනුවෙන් පුංචි උත්සවයක් පවත්වන බවත්ය. ළමුන් සියලු දෙනාගේම කැමැත්තෙන් හරිස් විජේමාන්න වෙනුවෙන් සමරු තිළිණයක් පිළිගැන්වීමට කතා කර ගත්තෙමු. එසේම මින් පසුව ෆැක්ටරිය පාලනය කරන පුද්ගලයාද එදිනට පැමිනෙණ බව ඇය දැනුම් දුන්නාය. සෙනසුරාදා උත්සවය පවත්වන නිසා එදින අපට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණි.

සවස වැඩ නිමකර ගුරු පාර දිගේ යන මට ජනක මුණගැසුණි.. දින කිහිපයකින්ම ඔහු අපේ ගෙදර නොආ නිසා ඔහු දැකීම මට සතුටක් විය.

“මොකද හුඟ දවසකින් ඒ පැත්තෙ නාවෙ..?”

ඔහු ගමන් කලේ හිස බිමට නැඹුරු කරගෙනය. ඒ මුහුණේ මොකක්දෝ දොම්නස් බවක් ඇතැයි මට සිතුණි..

“වැඩ වගයක් තිබුණා..”

“ජනක අපේ ෆැක්ටරියෙ ලොකු මහත්තයා අයින් වුණා.. වෙන කෙනෙක් එනවලු ලබන සතියෙ..”

ඔහු මා කියනා දෙය අසා උන්නා මිස කිසිවක් නොපැවසූවේය. මද දුරක් එනතුරු ද අප දෙදෙනා අතර කතාවක් නොවීය. එය මට වදයක් වූයේ වෙනදාට වඩා ඔහු කෙරෙන් වෙසසක් දක්නට ලැබුණ නිසාය.

“ඇයි ජනක..?”

ඔහු හිස ඔසවා මදෙස බැලුවේ සිහිනයෙන් අවදි වූවෙකු ලෙසය.

“මුකුත් ප්‍රශ්නයක්ද..? මූණත් අමුතු වෙලා..”

“නෑ.. මුකුත් නෑ අරුණි.. මම ඉරිදට එහෙ එන්නම්..”

දෙමංසලේදී ඔහු සුපුරුදු සිනහවෙන් මට සමුදුන්නද ඔහු සිත පෙලන යම් දෙයක් වේ යැයි මම අනුමාන කලෙමි. ඊට හේතුව සොයාගත නොහැකි වූවද මා අතින් ඔහුට වරදක් වී දැයි මම කල්පනා කලෙමි. ඔහුගේ සිත රිදෙන්නට තරම් මා කළ වරදක් නොවුණ නිසා මා තව තවයත් පැටලෙන්නට වූයේ ඊට හේතුව සොයා ගැනීමට යාමෙනි.

සිකුරාදා අපට පඬි ලැබුණි. අපි එයින් රුපියල් සියය බැගින් ලොකු මහතාගේ ත්‍යාගයට වෙන් කළෙමු. සවස වැඩ නිමවීමට ආසන්නයෙදී මානෙල් මිස් මා සොයා ආවේය.

“අරුන්දිකා..”

“මිස්..”

ඈ වෙනදාට වඩා ලෙංගතුකමින් ඇමතීම ගැන මම මදක් පුදුම උනෙමි.

“අරුන්දිකා අපි කතා කරගෙන තියෙනවා ලොකු මහත්තයට තෑග්ග ඔයා අතින් දෙන්න. මොකද අපට වඩා ඔයාලා වගේ අයටනේ මේ ෆැක්ටරිය දැමීම වැදගත් වෙලා තියෙන්නෙ..”

මා මේ සියල්ල අසා සිටියේ පුදුමයෙනි.

“අනේ මිස්.. තව පරණ අය ඉන්නවනේ..”

“නෑ ළමයො.. අනිත් අයට වැඩිය ලස්සන නිසයි අපි ඔයාව තෝරගත්තෙ..”

ඈ සිනාසුණද ඊට සිනාසෙන්නට තරම් හැකියාවක් මවෙත නොවීය. ඈ පිටව යන දෙස බලා සිටියේ මා ගල් ගැසීගෙනය. ගීතිකා මට ළංවෙමින් සිනාසුණාය..

“මේ.. ලස්සනයි කිව්වා කියලා ආඩම්බර වෙන්න එපා..”

“විකාර..”

මා එලෙස පැවසුවේ නොරිස්සුමෙනි. සැබැවින්ම අනෙක් ළමුන් මේ පිළිබඳව කෙසේ සිතාවිදැයි මම සිතුවෙමි. මා මේ ෆැක්ටරියට පැමිණී අලුත්ම ළමයාය. එය එසේ තිබියදී මෙවැනි දෙයකට මා තෝරා ගැනීම ගැන අනෙක් ළමුන්ගේ සිත නොපහන් බවක් ඇති නොවිය හැකිදැයි මට සිතුණි.

“උඹ ඕනවට වැඩිය හිතනවා වැඩියි අරුණි.. මොකද උඹ කියල ඉල්ලගත්ත දෙයක්ද මේක..?”

“අනේ මංදා..”

“අනේ මංදා නෙමෙයි බං.. හිනාවෙලා හිටපං.. හැමදේටම එල්ලගන්නෙ නැතුව..”

ඈ සැහැල්ලුවෙන් පැවසූවද මසිත පැවතියේ නොසන්සුන් බවකි. වැඩ අවසන් වූ පසු බොහෝ ළමයින් මා අසළට පැමිණියේය.

“අරුන්දිකාලු නේද හෙට සර්ට තෑග්ග දෙන්නෙ..?”

ඔවුන් විමසන කළ මම නිහඬවම සිටියා මිස මුකුත්ම නොකිව්වෙමි.

“මීට පස්සෙ අරුන්දිකා අපිත් එක්ක කතා කරයිද දන්නෑ..”

රසිකා අනෙක් ළමයින් සමඟ එසේ කියා සිනාසුණාය. මම අසරණව ගීතිකා දෙස බැලුවෙමි.

“මොකද රසිකා එහෙම කියන්නෙ..?”

“නෑ ඉතිං.. තටු එන්න ගත්තොත්..”

“අනේ පලයං රසිකා.. උඹගෙ ඉරිසියාව.. වෙන මොකුත් නෙමෙයි..”

“ඔව් ඉතිං.. උඹත් ආව ගමන් පාවඩ දාලා පිළිගත්තනේ..”

“මේ.. කට තිබුණ පළියට කතා කරන්න එපා..”

ගීතිකාගේ වේගවත් ස්වරය දැක මම බියවිමි.

“අනේ ගීති.. මොකුත් කියන්න එපා.. අපි යමු..”

මා බියවූයේ මේ කතාබහ තවත් දුර යාවි යැයි සිතාය. මා නිසා ඇයද නිකරුණේ රණ්ඩුවට පැටලිණි..

“උඹේ ඔය ඕනවට වැඩිය අහිංසකකම තමයි වැරැද්ද.. උඹත් මොනවා හරි කියනවානං උන් එන්නෙ නෑ ඔය තරම් කියවන්න.. හැමදේම අහගෙන ඔලුව නවාගෙන හිටපං..”

ඈ මවෙත දොස් පැවරුවාය. ඉතින් මින්පසු මට ඔවුන්ගෙන් ගැලවීමක් නැතැයි මට සිතුණි.

අසරණ මට මොවුන් හිරිහැර කරන්නේ මන්දැයි මම සිතුවෙමි. ඉතා සුළු දෙයින් පවා පෑරුණු මසිත මේ සිදුවීම නිසා බොහෝ නොසන්සුන් විය.

පසුවදා ෆැක්ටරියට යාමට මා සතුවූ හොඳම ඇඳුමකින් සැරසුණෙමි. ඒ මා සඳහා නොව අන්‍යයන්ගේ ඉල්ලීම සඳහායි. හැරිස් විජේමාන්නගේ සමුගැනීමේ උත්සවය ඉතා චාම්ව සංවිධානය කර තිබුණි. ෆැක්ටරියේ වැඩ කළ සියලු දෙනාම ඊට සහභාගි වීය. සියලු දෙනාගේම මුහුණුවල යම් ශෝකි බවක් දිස්විය. හැරිස් විජේමාන්නද, ඔහුගේ බිරිඳද, දුවද උත්සවයට පැමිණ සිටියහ. ඒ අතර ෆැක්ටරියේ මීළඟ පාලකයා වූ අප කවුරුත් දැක බලා ගැනීමට නොඉවසිලිමත් වූ තැනැත්තාද විය. පෙනුමෙන් අවුරුදු විසි පහක් පමණ ඇතැයි සිතෙන ඔහුගේ මුහුණේ තිබුණේ නපුරු පෙනුමකි. ඔහු කිසිවිටෙක සිනාසෙනවා මම නුදුටුවෙමි.

“එයත් අරයා වගේමද කොහෙද..”

මම ගීතිකාට ළංව සෙමෙන් පැවසූවෙමි. ඈ සිනාසී ඔහු දෙස බැලීය. හැරිස් විජේමාන්න විසින් සියලු දෙනාටම තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. අනතුරුව ඔහු සැවොම අමතා පුංචි කතාවක් කළේය. එහිදී ඔහු ෆැක්ටරිය දැමීමේ අරමුණ පැහැදිලි කළේය. ඒ අතර දුප්පත් ළමුන් සඳහා සේවයක් කිරීමේ අරමුණෙන් බව පැවසීය. එසේම ඉදිරියේදී අපට වැඩ කළ යුතු වන කාංචන මුදන්නායකගේ පාලනයට යටත්ව තව තවත් මෙය දියුණු කිරීමට සහයෝගය දෙන මෙන් ඉල්ලා සිටියේය.

“අපිට ආදරේට තමයි මේක දාලා තියෙන්නෙ..”

ගීතිකා මට ලංව සිනාසෙමින් පැවසීය. මමද එයට සිනාසුණෙමි. ඉන්පසුව කාර්යාලයේ සේවය කළ සිදානායක මහතා, හැරිස් විජේමාන්නගේ ගුණ ගයමින් කතාවක් කළේය. සියලු කතාබහ අවසානයේ මට නියමිත වූ කාර්යයට ලංවිය. දිසානායක මහතාගේ ආරාධනයෙන් මම ත්‍යාගය රැගෙන ඔහු අසළට ගියෙමි. සියලු දෙනාගේම දෑස් මවෙත යොමු වී ඇතැයි මසිතේ තිගැස්මක් ඇතිවිය. ත්‍යාගය දෙඅතින් හැරිස් විජේමාන්නට පිළිගැන්වූ මම සම්ප්‍රධායික ලෙස ඔහුට දණ නමා වැන්දේය. පළමු වරට ඔහු මා හා සිනාසුණේය. මා ගීතිකා අසළට ගොස් හිඳ ගත්තේ මහා බරකින් නිදහස් වූවා වැනි හැඟීමෙනි. උස්තවයේ වැඩ කටයුතු අවසන් වූ පසු හැරිස් විජේමාන්න සියලු සේවකයින් අසළට විත් සමුගත්තේය. ඒ සමුගැන්ම බෙහෙවින්ම සියලු දෙනාගේම සිත තුළ සංවේගයක් ඇති කළේය.

[QUOTE="crazybuddy, post: 13576824, member: 326070"] [COLOR=Blue][B][SIZE=3]මම සිනාසී ඇයට සමුදුනෙමි. ඉක්මනින් බසය පැමිණෙන්නේ නම් මැනවැයි මට සිතුණේ රෑ වීමට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාය. ගීතිකා නොපෙනී ගිය පසු මගේ නෙත් දිව ගියේ ඉදිරි මාවත දෙසටය. පාරෙන් එහා පැත්තේ සිටි රුව දැකීමෙන් මසිත තිගැස්සුණේය. ඔහු නොදැක්කා සේ මම ඉක්මනින් ඉවත බලා ගත්තෙමි. ෆැක්ටරිය තුළදී ඔහු දින කිහිපයක්ම මා හා කතා කරන්නට උත්සාහ කළද මම ඔහුව මග හැරියෙමි. බසය එන්නේදැයි මම අනෙක් පසට හැරී බලා සිටියෙමි. මොහොතකින් මා පසුපසින් ඇසුණු හඬ නිසා මසිත වේවලා ගියේය. “අරුන්දිකා..” වෙනසක් නොපනේවා මා ඔහු දෙස බැලුවේ අවට සිටි මිනිසුන් මා ගැන කුමක් සිතාවිදැයි යන බියෙනි. “සර්..” “බස් එක නැද්ද තාම..?” “දැන් එනවා ඇති..” ඔහු මට වඩාත් ලංවන විට මම මදක් පසුපසට ගියෙමි. බසය එන මග මා බලා සිටියේ ඔහුගෙන් ගැලවෙන්නට අන් මගක් නොවුණ නිසාය. “අරුන්දිකා..” [/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=3][COLOR=Blue][B][SIZE=3]අද නම් ඔහුගෙන් මිදී පලායාමක් නොමැතිසේය. ෆැක්ටරියේ කවුරුන් හෝ මෙය දකී නම් හෙට දින විසුමක් නොවනු ඇත. මේ කරදරයෙන් මිදීමට මගක් සොයමින් මම ලතැවුණෙමි. “මං අරුන්දිකා එක්ක කතා කරන්න බලන් ඉන්නෙ හුඟ දවසක ඉඳන්..” ඔහු සැහැල්ලුවෙන් කියවාගෙන ගියද මා සිටියේ උන් හිටි තැන් අමතකවය. “ඇයි ඔයා බයවෙලා වගේ..?” මම ඔහුගෙන් දෙනෙත් ඉවතට ගතිමි. මා අසළ සිටි ගැහැනිය මදෙස බලනවා මම නෙත් කොණින් දුටුවෙමි. ඔහු දෙස නොබලා ඉන්නට මා උත්සාහ කළද මා ඉදිරියටම වී ඔහු සිටියේය. ඈතින් එන බසය දැකීමෙන් මගේ සිත මදකට සැහැල්ලු විය. “බස් එක එනවා.. මම යන්නම් සර්..” එපමණකින් ඔහුගෙන් ගැලවී මම බස් නැවතුමෙන් පිටතට පැමිණියෙමි.. “අපි පස්සෙ කතා කරමු අරුන්දිකා..” ඔහු මා පසුපස ඇවිත් බව මා දැනගත්තේ එවිටය. ඔහු දෙස වරක් බැලූ මම ඉක්මනින් ඉවත බලා ගතිමි. බසයේ එනතුරු මා කල්පනා කළේ මහේෂ් වනිගසූරියගෙන් ගැලවීමක් ගැනය. ඔහු දිගින් දිගටම මෙසේ මා සමග කතා කරන්නට ගත්තොත් එය ෆැක්ටරිය පුරා පැතිර යනු ඇත. යළිත් ඔහු කතා කිරීමට පැමිණියහොත් ජනක ගැන පවසා මේ කතාබහ නැවැත්විය යුතු යැයි මම සිතුවෙමි. රාත්‍රියේ මා වෙත නින්දක් ළඟා නොවීය. පැදුරේ එහාටත් මෙහාටත් පෙරළෙමින් සිටියා මිස නින්ද අහලකටවත් ළං නොවීය. ලොකු නංගී ළග එන අ.පො.ස සාමාණ්‍ය පෙළ විභාගයට පාඩම් කරයි. ඇය දිවා රෑ වෙහෙස වී වැඩ කරයි. එය අප හැමදෙනාටම සතුටකි. මා වෙත ළඟා නොවූ ජයග්‍රහණයක් කරා මා ඈ ලංකර යුතුය. “අක්කට නින්ද යන්නෙ නැද්ද..?” ඈ මදෙස බලමින් විමසිය. “නෑ.. ලොකු නංගි පාඩම් කරන්න.. මට නිදිමත නෑ..” “කුප්පි ලාම්පුවෙ එළිය නිසාද..?” “නෑ.. නෑ.. ඔයා පාඩම් කරන්න..” මා අනෙක් පසට හැරුණේ ඇයට කරදරයක් වේ යැයි සිතුණ නිසාය. කුප්පි ලාම්පුවේ එළිය නිසා මට නින්ද නොයනවා යැයි ඇය සිතති. මගේ සිත කියවන්නට ඇයට හැකි නම් මා පෙලන වේදනාවට පිළිසරණ වෙනු ඇත. මා කල්පනා කරමින් උන්නේ මහේෂ් වනිගසූරියගෙන් ගැලවෙන ක්‍රමයයි. ජීවිතය මේ යැයි මා හැඳින්නේ නොදරුවෙකු දා පටන්ය. අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මා පෙලුවද කිසිදින සතුටක් සොයා යාමේ අවශ්‍යතාවක් මවෙත නොවීය. දුක හෝ සතුට සමසිතින් විඳ දරා ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බව මම පසක් කරගෙන සිටියෙමි. නමුදු නෙතට හොරා ගලන කඳුළට මා අසරණ නොවුණා නොවේ. කෙසේ වුවද අප එක්තැන්ව සිටි කාලය අපටත් හොර රහසේ ගලා යයි. ---- පසුවදා මා රැකියාවට ගියේ ඔද්දල් වූ සිතිනි. ගේට්ටුවෙන් ෆැක්ටරියට ඇතුල් වූ මොහොතේ සිට මසිත පැවතියේ නොසන්සුන් බවකි. හිස ඔසවා වටපිට බැලීමේ ශක්තියක් මවෙත නොවීය. මැද මිදුලේ කොනක ගීතිකා සිටිනු දැකීමෙන් සිත මදක් සැහැල්ලු විය. මම ඉදිරියට හමු වූ ළමුන්ට සිනාසෙමින් ගීතිකා අසලට ගියෙමි. “ගුඩ් මොර්නින්” ඈ සීනාසුනද සිනාසෙන්නට තරම් සැහැල්ලු මනසක් මවෙත නොවීය. “මොකද මේ උදෙන්ම එල්ලගෙන..?” “නෑ.. මොකුත් නෑ..” අප අසළ ළමුන් සිටි නිසා මම ඇයට කිසිවක් කීමට නොසිතුවෙමි. ගීතිකා මගේ වෙනස හොඳින්ම හඳුනාගෙන උන්නාය. ඈ මදෙස බලා සිටියේ විමසිල්ලෙනි. වැඩ පටන් ගැනීමට තවයත් විනාඩි කිහිපයක් විය. ඒ නිසා ළමුන් තැනින් තැනට වී කතාබහ කරමින් සිටියි. එය ඝෝෂාවක් සේ ඈතට ඇසෙන්නට විය. කතාබහ, සිනා හඬ මුළු මිදුලම වසාගෙන පැතිර ගියේය. “මෙහෙ වරෙන්..” ගීතිකා මාවත් ඇදගෙන ළමුන්ගෙන් මිදී ඈතට ගියාය. මා ඈ පසුපස ඇඳුණේ ඕනාවට එපාවට මෙනි. “මොකද උඹට වෙලා තියෙන්නෙ..?” මා ඈ දෙස බැලුවේ අන් පිළිසරණයක් නොවූ නිසාය. මසිත දවන මේ පැනයට විසදුම් ලබාගත හැකි තැනැත්තිය ඇයම පමණක් වූ නිසාය. මම සෙමෙන් කටහඬ අවදි කළෙමි. ඈ නිහඬව අසා උන්නාය. “උඹ කිනක් කලබල වෙලා.. ආයෙ කතා කළොත් කියපං උඹට කෙනෙක් ඉන්නවා කියලා.. ෆැක්ටරිය ඇතුළෙදි කතාවට යන්න එපා.. දන්නවනේ මේකෙ ඉන්න උන්ගෙ හැටි.. මග ඇරලා ඉඳපං..” වෙනස් විසඳුමක් නොවුන නිසා මම එසේ කීමට සිතා ගත්තෙමි. ඉන්පසුවත් මහේෂ් වනිගසූරියගෙන් කරදරයක් ඇති නොවේ යැයි මම සිතුවෙමි. දිවා ආහාරය පැයේදී අපේ පාලිකාව වූ මානෙල් මිස් විවේකාගාරයට ඇතුළු වූයේ අලුත් තොරතුරක් රැගෙනය. එනම් ඊළඟ සතියේ හැරිස් විජේමාන්න ෆැක්ටරියෙන් ඉවත්වන බවත්, ඒ වෙනුවෙන් පුංචි උත්සවයක් පවත්වන බවත්ය. ළමුන් සියලු දෙනාගේම කැමැත්තෙන් හරිස් විජේමාන්න වෙනුවෙන් සමරු තිළිණයක් පිළිගැන්වීමට කතා කර ගත්තෙමු. එසේම මින් පසුව ෆැක්ටරිය පාලනය කරන පුද්ගලයාද එදිනට පැමිනෙණ බව ඇය දැනුම් දුන්නාය. සෙනසුරාදා උත්සවය පවත්වන නිසා එදින අපට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණි. සවස වැඩ නිමකර ගුරු පාර දිගේ යන මට ජනක මුණගැසුණි.. දින කිහිපයකින්ම ඔහු අපේ ගෙදර නොආ නිසා ඔහු දැකීම මට සතුටක් විය. “මොකද හුඟ දවසකින් ඒ පැත්තෙ නාවෙ..?” ඔහු ගමන් කලේ හිස බිමට නැඹුරු කරගෙනය. ඒ මුහුණේ මොකක්දෝ දොම්නස් බවක් ඇතැයි මට සිතුණි.. “වැඩ වගයක් තිබුණා..” “ජනක අපේ ෆැක්ටරියෙ ලොකු මහත්තයා අයින් වුණා.. වෙන කෙනෙක් එනවලු ලබන සතියෙ..” ඔහු මා කියනා දෙය අසා උන්නා මිස කිසිවක් නොපැවසූවේය. මද දුරක් එනතුරු ද අප දෙදෙනා අතර කතාවක් නොවීය. එය මට වදයක් වූයේ වෙනදාට වඩා ඔහු කෙරෙන් වෙසසක් දක්නට ලැබුණ නිසාය. “ඇයි ජනක..?” ඔහු හිස ඔසවා මදෙස බැලුවේ සිහිනයෙන් අවදි වූවෙකු ලෙසය. “මුකුත් ප්‍රශ්නයක්ද..? මූණත් අමුතු වෙලා..” “නෑ.. මුකුත් නෑ අරුණි.. මම ඉරිදට එහෙ එන්නම්..” දෙමංසලේදී ඔහු සුපුරුදු සිනහවෙන් මට සමුදුන්නද ඔහු සිත පෙලන යම් දෙයක් වේ යැයි මම අනුමාන කලෙමි. ඊට හේතුව සොයාගත නොහැකි වූවද මා අතින් ඔහුට වරදක් වී දැයි මම කල්පනා කලෙමි. ඔහුගේ සිත රිදෙන්නට තරම් මා කළ වරදක් නොවුණ නිසා මා තව තවයත් පැටලෙන්නට වූයේ ඊට හේතුව සොයා ගැනීමට යාමෙනි. සිකුරාදා අපට පඬි ලැබුණි. අපි එයින් රුපියල් සියය බැගින් ලොකු මහතාගේ ත්‍යාගයට වෙන් කළෙමු. සවස වැඩ නිමවීමට ආසන්නයෙදී මානෙල් මිස් මා සොයා ආවේය. “අරුන්දිකා..” “මිස්..” ඈ වෙනදාට වඩා ලෙංගතුකමින් ඇමතීම ගැන මම මදක් පුදුම උනෙමි. “අරුන්දිකා අපි කතා කරගෙන තියෙනවා ලොකු මහත්තයට තෑග්ග ඔයා අතින් දෙන්න. මොකද අපට වඩා ඔයාලා වගේ අයටනේ මේ ෆැක්ටරිය දැමීම වැදගත් වෙලා තියෙන්නෙ..” මා මේ සියල්ල අසා සිටියේ පුදුමයෙනි. “අනේ මිස්.. තව පරණ අය ඉන්නවනේ..” “නෑ ළමයො.. අනිත් අයට වැඩිය ලස්සන නිසයි අපි ඔයාව තෝරගත්තෙ..” ඈ සිනාසුණද ඊට සිනාසෙන්නට තරම් හැකියාවක් මවෙත නොවීය. ඈ පිටව යන දෙස බලා සිටියේ මා ගල් ගැසීගෙනය. ගීතිකා මට ළංවෙමින් සිනාසුණාය.. “මේ.. ලස්සනයි කිව්වා කියලා ආඩම්බර වෙන්න එපා..” “විකාර..” මා එලෙස පැවසුවේ නොරිස්සුමෙනි. සැබැවින්ම අනෙක් ළමුන් මේ පිළිබඳව කෙසේ සිතාවිදැයි මම සිතුවෙමි. මා මේ ෆැක්ටරියට පැමිණී අලුත්ම ළමයාය. එය එසේ තිබියදී මෙවැනි දෙයකට මා තෝරා ගැනීම ගැන අනෙක් ළමුන්ගේ සිත නොපහන් බවක් ඇති නොවිය හැකිදැයි මට සිතුණි. “උඹ ඕනවට වැඩිය හිතනවා වැඩියි අරුණි.. මොකද උඹ කියල ඉල්ලගත්ත දෙයක්ද මේක..?” “අනේ මංදා..” “අනේ මංදා නෙමෙයි බං.. හිනාවෙලා හිටපං.. හැමදේටම එල්ලගන්නෙ නැතුව..” ඈ සැහැල්ලුවෙන් පැවසූවද මසිත පැවතියේ නොසන්සුන් බවකි. වැඩ අවසන් වූ පසු බොහෝ ළමයින් මා අසළට පැමිණියේය. “අරුන්දිකාලු නේද හෙට සර්ට තෑග්ග දෙන්නෙ..?” ඔවුන් විමසන කළ මම නිහඬවම සිටියා මිස මුකුත්ම නොකිව්වෙමි. “මීට පස්සෙ අරුන්දිකා අපිත් එක්ක කතා කරයිද දන්නෑ..” රසිකා අනෙක් ළමයින් සමඟ එසේ කියා සිනාසුණාය. මම අසරණව ගීතිකා දෙස බැලුවෙමි. “මොකද රසිකා එහෙම කියන්නෙ..?” “නෑ ඉතිං.. තටු එන්න ගත්තොත්..” “අනේ පලයං රසිකා.. උඹගෙ ඉරිසියාව.. වෙන මොකුත් නෙමෙයි..” “ඔව් ඉතිං.. උඹත් ආව ගමන් පාවඩ දාලා පිළිගත්තනේ..” “මේ.. කට තිබුණ පළියට කතා කරන්න එපා..” ගීතිකාගේ වේගවත් ස්වරය දැක මම බියවිමි. “අනේ ගීති.. මොකුත් කියන්න එපා.. අපි යමු..” මා බියවූයේ මේ කතාබහ තවත් දුර යාවි යැයි සිතාය. මා නිසා ඇයද නිකරුණේ රණ්ඩුවට පැටලිණි.. “උඹේ ඔය ඕනවට වැඩිය අහිංසකකම තමයි වැරැද්ද.. උඹත් මොනවා හරි කියනවානං උන් එන්නෙ නෑ ඔය තරම් කියවන්න.. හැමදේම අහගෙන ඔලුව නවාගෙන හිටපං..” ඈ මවෙත දොස් පැවරුවාය. ඉතින් මින්පසු මට ඔවුන්ගෙන් ගැලවීමක් නැතැයි මට සිතුණි. අසරණ මට මොවුන් හිරිහැර කරන්නේ මන්දැයි මම සිතුවෙමි. ඉතා සුළු දෙයින් පවා පෑරුණු මසිත මේ සිදුවීම නිසා බොහෝ නොසන්සුන් විය. ----- පසුවදා ෆැක්ටරියට යාමට මා සතුවූ හොඳම ඇඳුමකින් සැරසුණෙමි. ඒ මා සඳහා නොව අන්‍යයන්ගේ ඉල්ලීම සඳහායි. හැරිස් විජේමාන්නගේ සමුගැනීමේ උත්සවය ඉතා චාම්ව සංවිධානය කර තිබුණි. ෆැක්ටරියේ වැඩ කළ සියලු දෙනාම ඊට සහභාගි වීය. සියලු දෙනාගේම මුහුණුවල යම් ශෝකි බවක් දිස්විය. හැරිස් විජේමාන්නද, ඔහුගේ බිරිඳද, දුවද උත්සවයට පැමිණ සිටියහ. ඒ අතර ෆැක්ටරියේ මීළඟ පාලකයා වූ අප කවුරුත් දැක බලා ගැනීමට නොඉවසිලිමත් වූ තැනැත්තාද විය. පෙනුමෙන් අවුරුදු විසි පහක් පමණ ඇතැයි සිතෙන ඔහුගේ මුහුණේ තිබුණේ නපුරු පෙනුමකි. ඔහු කිසිවිටෙක සිනාසෙනවා මම නුදුටුවෙමි. “එයත් අරයා වගේමද කොහෙද..” මම ගීතිකාට ළංව සෙමෙන් පැවසූවෙමි. ඈ සිනාසී ඔහු දෙස බැලීය. හැරිස් විජේමාන්න විසින් සියලු දෙනාටම තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. අනතුරුව ඔහු සැවොම අමතා පුංචි කතාවක් කළේය. එහිදී ඔහු ෆැක්ටරිය දැමීමේ අරමුණ පැහැදිලි කළේය. ඒ අතර දුප්පත් ළමුන් සඳහා සේවයක් කිරීමේ අරමුණෙන් බව පැවසීය. එසේම ඉදිරියේදී අපට වැඩ කළ යුතු වන කාංචන මුදන්නායකගේ පාලනයට යටත්ව තව තවත් මෙය දියුණු කිරීමට සහයෝගය දෙන මෙන් ඉල්ලා සිටියේය. “අපිට ආදරේට තමයි මේක දාලා තියෙන්නෙ..” ගීතිකා මට ලංව සිනාසෙමින් පැවසීය. මමද එයට සිනාසුණෙමි. ඉන්පසුව කාර්යාලයේ සේවය කළ සිදානායක මහතා, හැරිස් විජේමාන්නගේ ගුණ ගයමින් කතාවක් කළේය. සියලු කතාබහ අවසානයේ මට නියමිත වූ කාර්යයට ලංවිය. දිසානායක මහතාගේ ආරාධනයෙන් මම ත්‍යාගය රැගෙන ඔහු අසළට ගියෙමි. සියලු දෙනාගේම දෑස් මවෙත යොමු වී ඇතැයි මසිතේ තිගැස්මක් ඇතිවිය. ත්‍යාගය දෙඅතින් හැරිස් විජේමාන්නට පිළිගැන්වූ මම සම්ප්‍රධායික ලෙස ඔහුට දණ නමා වැන්දේය. පළමු වරට ඔහු මා හා සිනාසුණේය. මා ගීතිකා අසළට ගොස් හිඳ ගත්තේ මහා බරකින් නිදහස් වූවා වැනි හැඟීමෙනි. උස්තවයේ වැඩ කටයුතු අවසන් වූ පසු හැරිස් විජේමාන්න සියලු සේවකයින් අසළට විත් සමුගත්තේය. ඒ සමුගැන්ම බෙහෙවින්ම සියලු දෙනාගේම සිත තුළ සංවේගයක් ඇති ක[/SIZE][/B][/COLOR][COLOR=Blue][B][SIZE=3]ළේය.[/SIZE][/B][/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom