Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහේෂ් වනිගසූරිය පැමිණීයෙන් මා හිස ඔසවා දෑස් පිසදා ගතිමි. රියදුරු අසුනේ හිඳගත් ඔහු මදෙස බැලීය.

“තාමත් රිදෙනවද..?”

“නෑ..”

“මොකද උනේ අරුන්දිකා..?”

රිය මාවතට ගනිමින් ඔහු එලෙස විමසුවේය. කිසිවක් නොදොඩා මම බිම බලා ගතිමි. මද දුරක් පැමිණි ඔහු ෆාමසියක් අසල රිය නතර කළේය.

“බේතක් ගන්න තියෙනවා.. මම අරගෙන එන්නම්..”

ෆාමසිය තුළට ගිය ඔහු පැමිණියේ බේත් වගයක් සමඟ සිසිල් පැන් බෝතල් දෙකක්ද රැගෙනය. එකක් ගීතිකාට දුන් ඔහු අනෙක මා වෙතට දිගු කළේය.

“ගන්න අරුන්දිකා..”

එය අතට ගන්නේදැයි නොගන්නේදැයි මම මොහොතක් සිතුවෙමි. ඔහු අප වෙනුවෙන් මෙසේ වියදම් කිරීම හොඳ නැතැයි මට සිතුණි. ඔහුගේ මේ හැසිරීම මා ද අපහසුතාවයට පත් කළේය. නමුදු ඔහු සිත රිදවන්නට නොහැකිය.

“ඇයි කල්පනා කරන්නෙ..?”

ඔහුගේ බැල්ම මසිත නොසන්සුන් කළේය.

“මාත් එක්ක තරහා වුණාට කමක් නෑ.. මේක ගන්න..”

මට මා පිළිබඳව කලකිරීමක් ඇතිවෙයි. ඔහු ගැන උවමනාවටත් වඩා වැරදියට සිතීම නොවටින්නකි. සිසිල් පැන් බෝතලය අතට ගත් මා ඉන් භාගයක් පමණ බී ඉතිරිය ආපසු ඔහුට දුනිමි. ඔහු අප අසලින් ඉවත්ව ගිය පසු ගීතිකා මදෙස බැලීය.

“මොකද උඹ ගත්තෙ නැත්තෙ..?”

“ඕවා බීලා වමාරන්න වෙයිද දන්නෙ නෑ..”

“ඒක නම් එහෙම තමයි.. ඒත් ඒ මනුස්සයා කරන හැම දෙයක් ගැනම සැක හිතන්න එපා..”

ගීතිකා පැවසූ දෙය ගැන මම තවදුරටත් සිතා බැලුවෙමි. නමුදු විශ්වාසවන්තයින් අපෙන් ඈත් වුණ කළ අන් අය ගැන කෙලෙස විශ්වාස කරන්නදැයි මම නොදනිමි. මහේෂ් වනිගසූරියගේ පැමිණීමෙන් මගේ සිතුවිලි විසිරිනි. ෆැක්ටරිය අසළට එනතුරුද යළිත් අප අතර කතාබහක් නොවීය. වෑන් රථයේ නලා හඬින් ආරක්ෂක නිලධාරියා ගේට්ටුව විවර කළේය. මිදුලේ වෑන් රථය නතර වූ පසු මාත්, ගීතිකාත් ඉන් බැස ගතිමු. කාර්යාලය අසලදී කාංචන මුදන්නායක අප කරා පැමිණියේය.

“බේත් දැම්මද..?”

“ඔව්.. මැහුම් හතරක් දැම්මා..”

මහේෂ් වනිගසූරිය ඔහුට පිළිතුරු දුන්නේය. ඔහු මදෙස බැලීය. නොසැලකිල්ලෙන් වැඩ කරනවා යැයි ඔහු බැණ වැදෙතැයි මට සිතුණි. මා නෙතු බිමට නැඹුරු විය.

“එහෙම නම් මහේෂ් මෙයාව ගෙදරට දාලා එන්න. සනීප උනහම වැඩට එන්න..”

මම ඔහු දෙස බැලුවේ අසරණ නෙතිනි. අහේතුක බියකින් මා පෙළෙන්නට විය. මට බසයෙන් ගෙදර යාමට පුළුවන් බව කියන්නට සිත් විය. ඇගිල්ලේ වේදනාව දැන් අඩුය. මම ගීතිකා දෙස බැලුවෙමි. ඇය නිහඬය.

“ඉන්න මම බෑග් එක ගෙනත් දෙන්නම්..”

ගීතිකාද මා සමග එවන්නේ නම් මැනවැයි මට සිතුණි. නොඑසේ නම් මහේෂ් වනිගසූරිය නිදහසේ මා සමග කතා කරන්නට උත්සාහ කරනු ඇත. එය නොසන්සුන් මසිත තවත් පටලැවීමට මුල පිරීමකි. මට ඇති කරදර උවමනාවටත් වැඩිය තවත් කරදර දරාගැනීමේ ශක්තිය මවෙත නොවේ. ගීතිකා මගේ බෑගයත් රැගෙන අප අසළට පැමිණියාය.

“ඔයාට අරුන්දිකාව දාලා ආපහු එන්න පුළුවන්නේ..?”

එවදන් මා ගලවා ගැනීමට සමත් විය. ඔහු බලා සිටියදීම අප තිදෙනා වෑන් රථයට නැගුණෙමු. නංගිලා දෙදෙනා පාසල් යාමට සැරසෙන වේලේ මම කාමරය තුළට වැදුණෙමි. මේ මා නිවසට වී ගෙවන දෙවන දිනයයි. ඇඟිල්ලේ වේදනාව අඩු වුවද මැහුම් කපනතුරු වැඩට යාමට නොහැකිය. ඇඟිල්ලේ තුවාලය නිසා මේ දිනවල ගෙදර කටයුතු කිරීමට සිදුවූයේ නංගිලාටය. එය මට තවත් වේදනාවකි. මා ලොකු නංගී අසළට ළංවූයේ චූටි නංගි ඉස්තෝප්පුවට ගිය පසුවය. ඇය කණ්නාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරමින් උන්නාය.

“ලොකු නංගි..”

ඇය කණ්නාඩියෙන් නෙතු මෑත් කර මදෙස බැලීය.

“කාටවත් කියන්න එපා මට තුවාල වුණා කියලා..”

මා කාටවත් කියන්නට එපා යැයි කීවේ නොකිව යුතු පුද්ගලයා ගැන කීමට නොහැකි වූ නිසාය. මා පැවසුවේ කවුරුන් ගැනදැයි ඇයට වැටහෙන්නට ඇත. මම නිහඬවම ඇය දෙස බලා සිටියෙමි.

“ඊයෙ අපි ඉස්කෝලෙ ගිහින් එනකොට ජනක අයියා හම්බවුණා..”

“ඔයා කිව්වද..?”

“නෑ අක්කෙ..”

මම සැනසුම් සුසුම් හෙළිමි. නොඑසේ නම් ඔහු මා බැලීමට එනු ඇත. එය අනවශ්‍ය බැඳීමකට මුල පිරීමකි. ඔහුටත් මටත් අවශ්‍යව ඇත්තේ එකිනෙකා නොදැක සිටීමටය. එය කෙතරම් අසීරු වුවද අප ඊට එකඟ විය යුතුය. ඔහු මා පෙර දිනක යැවූ ලිපිය බලා හිත හදාගන්නට ඇත. නැන්දා මා හමුවීමට පැමිණ ගියායින් පසු මම ඔහුට ලිපියක් ලීවෙමි. එම ලිපිය ලිවීමට හැකියාවක් නොමැති වුවද අපහසුවෙන් හෝ ලිවිය යුතුව තිබුණි. ඉතින් ජනක යළිත් මා බලන්නට නොඑනු ඇත. ඔහු නොඑනවා නම් වඩා හොදය. එවිට මට අපහසුවෙන් හෝ හිත හදා ගැනීමට පුළුවන. නිතර නිතර දකින්නට වුවහොත් යලිත් මසිත බිඳෙනු ඇත. නොදොඩා සිටීමට සිදුවීම සිත පාරවන්නකි.

නංගිලා දෙදෙනා පිටව ගිය පසු මම ජනේලයෙන් ගුරු පාර දෙසට නෙත් හෙලීමි. අපහසුවෙන් වුවද මම ගුරු පාරේ කෙළවර දකින්නට උත්සාහ කළෙමි. නෙත දකින්නට ලොබ වූ රුව ගුරු පාරේ නොවීය. ඔහු යන්නට ඇත. නෙත් මායිමෙන් පමණක් නොව සිත් මායිමෙන්ද පිටව යන්නට ඇත. මගේ ලිපිය ඔහුගේ සිතුවිලි දමනය කරන්නට ඇත. ඒත් වචන කිහිපයකට ආදරණිය වූ සිතකට මෙතරම් ඉක්මනින් වෙනස් වීමට පුළුවන්වේ යැයි මම නොසිතුවෙමි. එපමණකින් ඔහු හිස හදාගත්තද මසිත නිදහස් කර ගැනීමට මට නුපුලුවන් විය. මා ලියූ දේ සිහිකර ගැනීමට මම උත්සාහ කළෙමි. එය මා ලියූවක් නොව බලහත්කාරයෙන් කවුරුන් හෝ ලියූවක්ය.

ආදරණිය ජනක.

ජීවිතයේ පළමු වරටත්, අවසන් වරටත් මම ඔබට ලිපියක් ලියමි. කෙසේ ආරම්භ කර කෙසේ අවසන් කළ යුතුද නොදැන වුවද මා මෙය ලිවිය යුතත්කි. කීමට දහසක් දේ වුවද ඒ දේවල් කියා ගැනීමට තරම් ශක්තියක් මවෙත නොවේ. ඒ නිසා ලිවීමට සිතුවෙමි. කීමට නොහැකි බොහෝ දේ ලිවීමට ශක්තියක් ඇත. එසේම පැහැදිලිව පැවසීමටද පුළුවන.

අප ගැන, අපේ ජීවිත ගැන පවසා තව තවත් මට හඬන්නට බැරිවාක් මෙන්ම නුඹ රිදවන්නට මට නොහැකිය. මන්ද යත් මේ වනවිට කඳුළේ අගයක් නොමැති තරමට මම හඬා ඇත්තෙමි. අප නොසිතූ ආකාරයෙන් සියල්ල විසඳී ඇත. ඉතිකින් නුඹටවත්, මටවත් ඒවා වෙනස් කළ නොහැකිය. අවසන් කළ හැකිවූවද අප ගැන නොව අන් අය ගැන සිතිය යුතුව ඇත.

නුඹේ මවත්, පියාත් මට මගේ මව්පියන්ය. එසේ කළ ඔවුන්ව පෑරීමේ ශක්තියක් මට නැත. එසේම මට මගේ ජීවිතයට වඩා අප්පච්චිලාත් නංගිලා දෙදෙනාත් ගැන සිතිය යුතුව ඇත. මේ සියල්ල නුඹට වැටහේවි යැයි මම සිතමි. එසේම නුඹට යහපතක් වෙනවා නම් නුඹේ යහපත අගය කළ වුන් අතර මමද එක් තැනැත්තියක්මි.

ඉතින් අප වෙන්විය යුතුය. වෙන්වීමේ ආරම්භය හමුවීමය. හමු වූ කිසිවෙකුත් වෙන් නොවූවේ නැත. මම මගේ ආදරය නුඹේ මාපියන් වෙනුවෙන් පරිත්‍යාග කලෙමි. තව තවත් දේ ලියන්නට මට ශක්තියක් නැතිව සේම නුඹ වෙහෙසවන්නටද මම නොසිතමි. ජීවිතය පුරාවට මම නුඹට සොහොයුරෙකු සේ ආදරය කළෙමි. මෙතරම් කාලයක් මා අසළට වී මට දයාබර වූවාට නුඹට පින්පෙත් පතමි.

මං අරුන්දිකා..

නෙතු පලා කඳුළැල් ගලා ගියා මට මතකය. හදවතට දරාගත නොහැකි විය. කඳුළට ඉබාගාතේ ඇඳෙන්නට ඉඩදී මම බලා සිටියෙමි.

සෙනසුරාදා ඇඟිල්ලේ මැහුම් කැපීමට පුළුවන් විය. මම සඳුදා සිට වැඩට යාමට සිතුවෙමි. කුස්සියට වී ලිප දල්වමින් සිටි මා ලොකු නංගීගේ කටහඬින් හිස හරවා බැලිමි.

“අක්කේ..”

ඇගේ නෙත්වල වූයේ කුතුහලයකි.

“කවුද ඇවිල්ලා..”

“කවුද..?”

ලොකු නංගී නාදුනන කෙනෙක් අපේ නිවසට නොඑයි. එන්නේ නම් නැන්දලාගේ ගෙදරින් පමණි. එසේ කල මසිත ඇතිවූයේ කුතුහලයකි.

“අක්කා ඉන්නවද ඇහුවා.. මම කිව්වා ඉන්නවා කියලා..”

“කෝ..?”

“කඬුල්ල ළඟ..”

දෑත පුරා තිබූ සබන් සෝදාගත් මම තෙත් දෑතින් ගවුමේ පිසදමමින් නැගී සිටියෙමි.

“යමු බලන්න..”

කුතුහලය පිරුණු සිතින් මම ලොකු නංගීත් සමග ගෙදරට ගියෙමි. ඉස්තෝප්පුවේ සිටි අප්පච්චීද කඩුල්ල දෙස බලා සිටියේය.

“කවුද පුතේ..?”

“ඉන්න මම බලලා එන්නම්..”

මිදුලට බැස්ස මම කඩුල්ල දක්වා ගියෙමි. දෙවියනේ.. ඔහු මසිත බියක් ඇතිවිය. එසේම තිගැස්සුණි. ඔහු පැමිණියේ ඇයිදැයි මම සිතුවෙමි. ඔහු දැකීමෙන් සැබැවින්ම සිත තුළ පැන නැගියේ බියකි. එසේ වුවද මා ඔහු ගැන වැරදි ආකාරයට සිතීම නුසුදුසු යැයි මට සිතුණි. උවමනාවටත් වඩා මිනිසුන් සැන නොකළ යුතුය. ඕනෑම පුද්ගලයෙකු තුළ හොඳ කෙනෙකු ද ජීවත් වේ. තිගැස්සුණු සිතින් මම ඔහු අසළට ගියෙමි.

“සර්..”

ඔහු මුවග සිනාවක් වීද සිනාසීමට මට අමතක විය.

“අරුන්දිකා මං ආවෙ ඔයාව බලලා යන්න.. ඒත් ඔයා බයවෙලා වගේ ඇයි..?”

මගේ මුහුණේ කුමන විලාසයක් දිස්වූයේ දැයි මම නොදනිමි. නමුත් මම බියවී උන්නෙමි. ඔහු සැහැල්ලුවෙන් කතා කළද මා සිටියේ තිගැස්සුණු සිතිනි. මම සිනාසෙන්නට උත්සාහ කළෙමි. ඔහු පැමිණ ඇත්තේ අසනීප වූ මා බලා යාමටය. එසේ කළ ඔහු නොපිළිගැනීම නොවටිනා දෙයකි.

“දැන් සනීපද..?”

“ඔව් සර්.. උදේම මැහුම් කැපුවා..”

“කෝ ගෙදර කවුරුත් නැද්ද..?”

ඔහු නෙතු ඔසවා නිවස දෙස බැලුවේය.

“අප්පච්චිලා ඉන්නවා සර්..”

“මං හිතුවෙ නෑ කියලා.. අරුන්දිකා මට ගෙදරටවත් කතා කළේ නැහැනේ..”

මසිත පසුතැවීමක් ඇතිවිය. නමුත් යටි සිතේ පැවතියේ ආරාධනා කිරීමට නොහැකියාවකි. අමුත්තෙකු පිළිගැනීමට තරම් සුදුසු වටපිටාවක් අපේ ගෙදර නැත. හිඳ ගැනීමට ඇත්තේ ඉස්තෝප්පුවේ ඇති එකම ලෑලි පුටුවක් පමණි. නමුත් පෙර දිනක ඔහු නිවසට පැමිණි නිසා ඔහුගෙන් වසන් කිරීමට දෙයක් වේ යැයි මම නොසිතුවෙමි. එසේම මගේ දුප්පත්කම ලැජ්ජා වීමට තරම් දෙයක් නොවන බවද මම දනිමි. මා ඉපදුනේ දුප්පත් අප්පච්චිගේ පැලේ මිස මාළිගාවක නොවේ.

“ආයෙමත් කල්පනා කරනවා.. මං ආව එක කරදරයක්ද අරුන්දිකා..”

“අනේ නෑ සර්.. එන්න..”

ඔහු කඩුල්ල පැන මා පසුපසින් විත් ගෙට ඇතුළු විය. අප්පච්චීට, මහේෂ් වනිගසූරිය අමතක නොවන්නට ඇත.

“අප්පච්චී මේ එදා මාව එක්ක ආව සර්..”

මම නැවත ඔහුට මහේෂ් වනිගසූරිය හඳුන්වා දුනිමි.

“මට මතකයි.. ඉඳගන්න මහත්තයා..”

මම ලෑලි පුටුව පිස දමා ඔහු අසලට ළං කළෙමි.

“මං ආවෙ අරුන්දිකාට සනීපද කියලා බලලා යන්න.. මේ දවස් වල වැඩත් ටිකක් වැඩියිනේ.. හෙට වැඩට එන්න පුළුවන්ද කියලා බලන්නත්...”

ඔහු අවසන් වදන් පැවසුවේ මදෙස බලමිනි..

“මං හෙට ඉඳන් එනවා සර්..”

ඔහු එලෙස සිටියදී මා කුස්සියට ඇඳුණේ බීමට යමක් දීමටය. මා පසුපස ලොකු නංගීත් චුට්ටීත් විය.

“ඔයාගෙ වැඩපළේ කෙනෙක්ද අක්කෙ..?”

“ඔව්.. අපේ සුපවයිසර්..”

“එයා හොඳ කෙනෙක්ද..?”

ඇය එසේ ඇසුවේ ඇයිදැයි මම නොදනිමි. ඇයට දියහැකි පිළිතුරක් සොයාගැනීමට මට නොහැකි විය.

“හ්ම්..”

මම ඇය දෙස බලා නිහඬවිමි. කෙනෙකුගේ හොද නරක මැනීම අසීරු දෙයකි. එක පැත්තකින් හොඳ කෙනෙකු තවත් පැත්තකින් නරකය. එසේම ඕනෑම පුද්ගලයෙකු තුළම හොඳ නරක ගැබ්වී පවතී. මිනිසුන් විෂමය. එකම මිනිසා එක් එක් අවස්ථාවල වෙනස්වේ. එසේ කළ ඇගේ ප්‍රශ්නයට කෙසේ විසඳුම් දෙන්නද..?

“මොනවද ලොකු නංගි බොන්න හඳන්නෙ..?”

“තැඹිලි නං තියෙනවා..”

තැඹිලි ගෙඩි කිහිපයක් කුස්සියේ තිබුණු බව මට සිහිවූයේ එවිටය. තැඹිලි ගෙඩියක් කපා වීදුරුවකට දමා මම ඔහු වෙත රැගෙන ගියෙමි.

“බොන්න සර්..”

“අරුන්දිකා කරදර වෙලා..”

ඔහු මදෙස බලා සිනාසුනාය.

“ඕක මොකක්ද මහත්තයා.. මේ දුප්පත් ගෙදර මහත්තයට සලකන්න තරම් වෙන ක්‍රමයක් නෑ..”

මම ඉවත බලාගතිමි. අප්පච්චී එසේ නොකීවේ නම් මැනවැයි මට සිතුණි. දුප්පත්කම බැගෑපත්වීමට තරම් කාරණාවක් නොවේ. නමුදු අප්පච්චීට එය නොතේරේ. ඒ ඔහු සිතන ආකාරයෙනි.

“එහෙනම් මම යනවා..”

ඔහු හිස් වීදුරුව මවෙත පෑවේය.

“ගොඩක් ස්තුතියි සර් මාව බලන්න ආවට..”

වෙන කිවයුතු දෙයක් නොමැති නිසාවෙන් මම පැවසුවෙමි. එසේම ඔහුගේ පැමිණීම කුමන ආකාරයෙන් සිතිය යුතුදැයි මට නොවැටහුණි. කෙසේ වුවද එය සාමාන්‍ය සිදුවීමක් කර ගැනීමට මට උවමනා විය. ඔහුගේ පැමිණීම විශේෂත්වයකින් නොදකින්නට මම උත්සාහ කළෙමි.

“මම යනවා අංකල්..”

“හොඳයි මහත්තයා.. පුතා හෙට වැඩට එයි..”

ඔහු මදෙස බැලුවාය.

“මේ නංගිලද..?”

මට මුවාවී සිටි ලොකු නංගීත් චූටි නංගීත් යන්තමින් සිනාසුණහ.

“ඔව් සර්..”

“මං යනවා..”

ලොකු නංගීට අත රැදි වීදුරුව දුන් මම ඔහු පසුපස කඩුල්ල දක්වා ගියෙමි. මා එසේ කළේ අරමුණකින් තොරව වුවද ගෙදරට පැමිණි ඔහුට ගෞරව කිරීම මගේ යුතුකම යැයි මම සිතුවෙමි. සැබවින්ම ඔහු පැමිණ ඇත්තේ මගේ සුවදුක් විමසා යාමටය. කඩුල්ල පැන ඔහු යළිත් මදෙස බැලුවේය.

“අරුන්දිකා ගෙදර අය මුකුත් හිතයිද මං ආවට..”

“අනේ නෑ සර්.. සර් ආවෙ මට සනීපද කියලා බලන්නනේ..”

ඔහුගේ පැමිණීම උවමනාවටත් වඩා විශේෂත්වයකින් නොසලකන බව ඔහුට දැන්වීමට මට අවශ්‍ය විය. ඔහු නිශ්ශබ්දය. ඔහු සිතන්නේ මොනවාදැයි මම නොදනිමි. ඔහු පසුපස පැමිණ මා කළේ අනුවණ කමක්දැයි මම නොදනිමි. නමුත් එයට ප්‍රමාද වූවා වැඩිය. මහේෂ් වනිගසූරියගේ නිහඬ සිතුවිලි මාව නොසන්සුන් කළේය.

“අරුන්දිකා හෙට එනවනේ..”

“ඔව් සර්..”

ඔහු ඉක්මනින් යන්නේ නම් මැනවැයි මට සිතුණි. අප්පච්චී හා නංගිලා මා ගැන කෙසේ සිතනු ඇත්ද..? සැබවින්ම මම නොසන්සුන් විමි.

“මං යනවා..”

ඔහු මෝටර් සයිකලයට නැගුණේය. මසිතට මහා සැහැල්ලුවක් ඇතිවිය. යළිත් වරක් බැලූ ඔහු යන්නට ගියේය. මම ඉක්මනින් ගෙතුළට ගියෙමි.

[QUOTE="crazybuddy, post: 13576863, member: 326070"] [COLOR=Blue][B][SIZE=3]මහේෂ් වනිගසූරිය පැමිණීයෙන් මා හිස ඔසවා දෑස් පිසදා ගතිමි. රියදුරු අසුනේ හිඳගත් ඔහු මදෙස බැලීය.[/SIZE] [SIZE=3] “තාමත් රිදෙනවද..?”[/SIZE] [SIZE=3] “නෑ..”[/SIZE] [SIZE=3] “මොකද උනේ අරුන්දිකා..?”[/SIZE] [SIZE=3] රිය මාවතට ගනිමින් ඔහු එලෙස විමසුවේය. කිසිවක් නොදොඩා මම බිම බලා ගතිමි. මද දුරක් පැමිණි ඔහු ෆාමසියක් අසල රිය නතර කළේය.[/SIZE] [SIZE=3] “බේතක් ගන්න තියෙනවා.. මම අරගෙන එන්නම්..”[/SIZE] [SIZE=3] ෆාමසිය තුළට ගිය ඔහු පැමිණියේ බේත් වගයක් සමඟ සිසිල් පැන් බෝතල් දෙකක්ද රැගෙනය. එකක් ගීතිකාට දුන් ඔහු අනෙක මා වෙතට දිගු කළේය.[/SIZE] [SIZE=3] “ගන්න අරුන්දිකා..”[/SIZE] [SIZE=3] එය අතට ගන්නේදැයි නොගන්නේදැයි මම මොහොතක් සිතුවෙමි. ඔහු අප වෙනුවෙන් මෙසේ වියදම් කිරීම හොඳ නැතැයි මට සිතුණි. ඔහුගේ මේ හැසිරීම මා ද අපහසුතාවයට පත් කළේය. නමුදු ඔහු සිත රිදවන්නට නොහැකිය.[/SIZE] [SIZE=3] “ඇයි කල්පනා කරන්නෙ..?”[/SIZE] [SIZE=3] ඔහුගේ බැල්ම මසිත නොසන්සුන් කළේය.[/SIZE] [SIZE=3] “මාත් එක්ක තරහා වුණාට කමක් නෑ.. මේක ගන්න..”[/SIZE] [SIZE=3] මට මා පිළිබඳව කලකිරීමක් ඇතිවෙයි. ඔහු ගැන උවමනාවටත් වඩා වැරදියට සිතීම නොවටින්නකි. සිසිල් පැන් බෝතලය අතට ගත් මා ඉන් භාගයක් පමණ බී ඉතිරිය ආපසු ඔහුට දුනිමි. ඔහු අප අසලින් ඉවත්ව ගිය පසු ගීතිකා මදෙස බැලීය.[/SIZE] [SIZE=3] “මොකද උඹ ගත්තෙ නැත්තෙ..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඕවා බීලා වමාරන්න වෙයිද දන්නෙ නෑ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඒක නම් එහෙම තමයි.. ඒත් ඒ මනුස්සයා කරන හැම දෙයක් ගැනම සැක හිතන්න එපා..”[/SIZE] [SIZE=3] ගීතිකා පැවසූ දෙය ගැන මම තවදුරටත් සිතා බැලුවෙමි. නමුදු විශ්වාසවන්තයින් අපෙන් ඈත් වුණ කළ අන් අය ගැන කෙලෙස විශ්වාස කරන්නදැයි මම නොදනිමි. මහේෂ් වනිගසූරියගේ පැමිණීමෙන් මගේ සිතුවිලි විසිරිනි. ෆැක්ටරිය අසළට එනතුරුද යළිත් අප අතර කතාබහක් නොවීය. වෑන් රථයේ නලා හඬින් ආරක්ෂක නිලධාරියා ගේට්ටුව විවර කළේය. මිදුලේ වෑන් රථය නතර වූ පසු මාත්, ගීතිකාත් ඉන් බැස ගතිමු. කාර්යාලය අසලදී කාංචන මුදන්නායක අප කරා පැමිණියේය.[/SIZE] [SIZE=3] “බේත් දැම්මද..?”[/SIZE] [SIZE=3] “ඔව්.. මැහුම් හතරක් දැම්මා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මහේෂ් වනිගසූරිය ඔහුට පිළිතුරු දුන්නේය. ඔහු මදෙස බැලීය. නොසැලකිල්ලෙන් වැඩ කරනවා යැයි ඔහු බැණ වැදෙතැයි මට සිතුණි. මා නෙතු බිමට නැඹුරු විය.[/SIZE] [SIZE=3] “එහෙම නම් මහේෂ් මෙයාව ගෙදරට දාලා එන්න. සනීප උනහම වැඩට එන්න..”[/SIZE] [SIZE=3] මම ඔහු දෙස බැලුවේ අසරණ නෙතිනි. අහේතුක බියකින් මා පෙළෙන්නට විය. මට බසයෙන් ගෙදර යාමට පුළුවන් බව කියන්නට සිත් විය. ඇගිල්ලේ වේදනාව දැන් අඩුය. මම ගීතිකා දෙස බැලුවෙමි. ඇය නිහඬය.[/SIZE] [SIZE=3] “ඉන්න මම බෑග් එක ගෙනත් දෙන්නම්..”[/SIZE] [SIZE=3] ගීතිකාද මා සමග එවන්නේ නම් මැනවැයි මට සිතුණි. නොඑසේ නම් මහේෂ් වනිගසූරිය නිදහසේ මා සමග කතා කරන්නට උත්සාහ කරනු ඇත. එය නොසන්සුන් මසිත තවත් පටලැවීමට මුල පිරීමකි. මට ඇති කරදර උවමනාවටත් වැඩිය තවත් කරදර දරාගැනීමේ ශක්තිය මවෙත නොවේ. ගීතිකා මගේ බෑගයත් රැගෙන අප අසළට පැමිණියාය.[/SIZE] [SIZE=3] “ඔයාට අරුන්දිකාව දාලා ආපහු එන්න පුළුවන්නේ..?”[/SIZE] [SIZE=3] එවදන් මා ගලවා ගැනීමට සමත් විය. ඔහු බලා සිටියදීම අප තිදෙනා වෑන් රථයට නැගුණෙමු. නංගිලා දෙදෙනා පාසල් යාමට සැරසෙන වේලේ මම කාමරය තුළට වැදුණෙමි. මේ මා නිවසට වී ගෙවන දෙවන දිනයයි. ඇඟිල්ලේ වේදනාව අඩු වුවද මැහුම් කපනතුරු වැඩට යාමට නොහැකිය. ඇඟිල්ලේ තුවාලය නිසා මේ දිනවල ගෙදර කටයුතු කිරීමට සිදුවූයේ නංගිලාටය. එය මට තවත් වේදනාවකි. මා ලොකු නංගී අසළට ළංවූයේ චූටි නංගි ඉස්තෝප්පුවට ගිය පසුවය. ඇය කණ්නාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරමින් උන්නාය.[/SIZE] [SIZE=3] “ලොකු නංගි..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඇය කණ්නාඩියෙන් නෙතු මෑත් කර මදෙස බැලීය.[/SIZE] [SIZE=3] “කාටවත් කියන්න එපා මට තුවාල වුණා කියලා..”[/SIZE] [SIZE=3] මා කාටවත් කියන්නට එපා යැයි කීවේ නොකිව යුතු පුද්ගලයා ගැන කීමට නොහැකි වූ නිසාය. මා පැවසුවේ කවුරුන් ගැනදැයි ඇයට වැටහෙන්නට ඇත. මම නිහඬවම ඇය දෙස බලා සිටියෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඊයෙ අපි ඉස්කෝලෙ ගිහින් එනකොට ජනක අයියා හම්බවුණා..”[/SIZE] [SIZE=3] “ඔයා කිව්වද..?”[/SIZE] [SIZE=3] “නෑ අක්කෙ..”[/SIZE] [SIZE=3] මම සැනසුම් සුසුම් හෙළිමි. නොඑසේ නම් ඔහු මා බැලීමට එනු ඇත. එය අනවශ්‍ය බැඳීමකට මුල පිරීමකි. ඔහුටත් මටත් අවශ්‍යව ඇත්තේ එකිනෙකා නොදැක සිටීමටය. එය කෙතරම් අසීරු වුවද අප ඊට එකඟ විය යුතුය. ඔහු මා පෙර දිනක යැවූ ලිපිය බලා හිත හදාගන්නට ඇත. නැන්දා මා හමුවීමට පැමිණ ගියායින් පසු මම ඔහුට ලිපියක් ලීවෙමි. එම ලිපිය ලිවීමට හැකියාවක් නොමැති වුවද අපහසුවෙන් හෝ ලිවිය යුතුව තිබුණි. ඉතින් ජනක යළිත් මා බලන්නට නොඑනු ඇත. ඔහු නොඑනවා නම් වඩා හොදය. එවිට මට අපහසුවෙන් හෝ හිත හදා ගැනීමට පුළුවන. නිතර නිතර දකින්නට වුවහොත් යලිත් මසිත බිඳෙනු ඇත. නොදොඩා සිටීමට සිදුවීම සිත පාරවන්නකි.[/SIZE] [SIZE=3] නංගිලා දෙදෙනා පිටව ගිය පසු මම ජනේලයෙන් ගුරු පාර දෙසට නෙත් හෙලීමි. අපහසුවෙන් වුවද මම ගුරු පාරේ කෙළවර දකින්නට උත්සාහ කළෙමි. නෙත දකින්නට ලොබ වූ රුව ගුරු පාරේ නොවීය. ඔහු යන්නට ඇත. නෙත් මායිමෙන් පමණක් නොව සිත් මායිමෙන්ද පිටව යන්නට ඇත. මගේ ලිපිය ඔහුගේ සිතුවිලි දමනය කරන්නට ඇත. ඒත් වචන කිහිපයකට ආදරණිය වූ සිතකට මෙතරම් ඉක්මනින් වෙනස් වීමට පුළුවන්වේ යැයි මම නොසිතුවෙමි. එපමණකින් ඔහු හිස හදාගත්තද මසිත නිදහස් කර ගැනීමට මට නුපුලුවන් විය. මා ලියූ දේ සිහිකර ගැනීමට මම උත්සාහ කළෙමි. එය මා ලියූවක් නොව බලහත්කාරයෙන් කවුරුන් හෝ ලියූවක්ය.[/SIZE] [SIZE=3] ආදරණිය ජනක.[/SIZE] [SIZE=3] ජීවිතයේ පළමු වරටත්, අවසන් වරටත් මම ඔබට ලිපියක් ලියමි. කෙසේ ආරම්භ කර කෙසේ අවසන් කළ යුතුද නොදැන වුවද මා මෙය ලිවිය යුතත්කි. කීමට දහසක් දේ වුවද ඒ දේවල් කියා ගැනීමට තරම් ශක්තියක් මවෙත නොවේ. ඒ නිසා ලිවීමට සිතුවෙමි. කීමට නොහැකි බොහෝ දේ ලිවීමට ශක්තියක් ඇත. එසේම පැහැදිලිව පැවසීමටද පුළුවන.[/SIZE] [SIZE=3] අප ගැන, අපේ ජීවිත ගැන පවසා තව තවත් මට හඬන්නට බැරිවාක් මෙන්ම නුඹ රිදවන්නට මට නොහැකිය. මන්ද යත් මේ වනවිට කඳුළේ අගයක් නොමැති තරමට මම හඬා ඇත්තෙමි. අප නොසිතූ ආකාරයෙන් සියල්ල විසඳී ඇත. ඉතිකින් නුඹටවත්, මටවත් ඒවා වෙනස් කළ නොහැකිය. අවසන් කළ හැකිවූවද අප ගැන නොව අන් අය ගැන සිතිය යුතුව ඇත.[/SIZE] [SIZE=3] නුඹේ මවත්, පියාත් මට මගේ මව්පියන්ය. එසේ කළ ඔවුන්ව පෑරීමේ ශක්තියක් මට නැත. එසේම මට මගේ ජීවිතයට වඩා අප්පච්චිලාත් නංගිලා දෙදෙනාත් ගැන සිතිය යුතුව ඇත. මේ සියල්ල නුඹට වැටහේවි යැයි මම සිතමි. එසේම නුඹට යහපතක් වෙනවා නම් නුඹේ යහපත අගය කළ වුන් අතර මමද එක් තැනැත්තියක්මි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඉතින් අප වෙන්විය යුතුය. වෙන්වීමේ ආරම්භය හමුවීමය. හමු වූ කිසිවෙකුත් වෙන් නොවූවේ නැත. මම මගේ ආදරය නුඹේ මාපියන් වෙනුවෙන් පරිත්‍යාග කලෙමි. තව තවත් දේ ලියන්නට මට ශක්තියක් නැතිව සේම නුඹ වෙහෙසවන්නටද මම නොසිතමි. ජීවිතය පුරාවට මම නුඹට සොහොයුරෙකු සේ ආදරය කළෙමි. මෙතරම් කාලයක් මා අසළට වී මට දයාබර වූවාට නුඹට පින්පෙත් පතමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මං අරුන්දිකා..[/SIZE] [SIZE=3] නෙතු පලා කඳුළැල් ගලා ගියා මට මතකය. හදවතට දරාගත නොහැකි විය. කඳුළට ඉබාගාතේ ඇඳෙන්නට ඉඩදී මම බලා සිටියෙමි.[/SIZE] [SIZE=3] ---------------------------[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] සෙනසුරාදා ඇඟිල්ලේ මැහුම් කැපීමට පුළුවන් විය. මම සඳුදා සිට වැඩට යාමට සිතුවෙමි. කුස්සියට වී ලිප දල්වමින් සිටි මා ලොකු නංගීගේ කටහඬින් හිස හරවා බැලිමි.[/SIZE] [SIZE=3] “අක්කේ..”[/SIZE] [SIZE=3] ඇගේ නෙත්වල වූයේ කුතුහලයකි.[/SIZE] [SIZE=3] “කවුද ඇවිල්ලා..”[/SIZE] [SIZE=3] “කවුද..?”[/SIZE] [SIZE=3] ලොකු නංගී නාදුනන කෙනෙක් අපේ නිවසට නොඑයි. එන්නේ නම් නැන්දලාගේ ගෙදරින් පමණි. එසේ කල මසිත ඇතිවූයේ කුතුහලයකි.[/SIZE] [SIZE=3] “අක්කා ඉන්නවද ඇහුවා.. මම කිව්වා ඉන්නවා කියලා..”[/SIZE] [SIZE=3] “කෝ..?”[/SIZE] [SIZE=3] “කඬුල්ල ළඟ..”[/SIZE] [SIZE=3] දෑත පුරා තිබූ සබන් සෝදාගත් මම තෙත් දෑතින් ගවුමේ පිසදමමින් නැගී සිටියෙමි.[/SIZE] [SIZE=3] “යමු බලන්න..”[/SIZE] [SIZE=3] කුතුහලය පිරුණු සිතින් මම ලොකු නංගීත් සමග ගෙදරට ගියෙමි. ඉස්තෝප්පුවේ සිටි අප්පච්චීද කඩුල්ල දෙස බලා සිටියේය.[/SIZE] [SIZE=3] “කවුද පුතේ..?”[/SIZE] [SIZE=3] “ඉන්න මම බලලා එන්නම්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මිදුලට බැස්ස මම කඩුල්ල දක්වා ගියෙමි. දෙවියනේ.. ඔහු මසිත බියක් ඇතිවිය. එසේම තිගැස්සුණි. ඔහු පැමිණියේ ඇයිදැයි මම සිතුවෙමි. ඔහු දැකීමෙන් සැබැවින්ම සිත තුළ පැන නැගියේ බියකි. එසේ වුවද මා ඔහු ගැන වැරදි ආකාරයට සිතීම නුසුදුසු යැයි මට සිතුණි. උවමනාවටත් වඩා මිනිසුන් සැන නොකළ යුතුය. ඕනෑම පුද්ගලයෙකු තුළ හොඳ කෙනෙකු ද ජීවත් වේ. තිගැස්සුණු සිතින් මම ඔහු අසළට ගියෙමි.[/SIZE] [SIZE=3] “සර්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔහු මුවග සිනාවක් වීද සිනාසීමට මට අමතක විය.[/SIZE] [SIZE=3] “අරුන්දිකා මං ආවෙ ඔයාව බලලා යන්න.. ඒත් ඔයා බයවෙලා වගේ ඇයි..?”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මගේ මුහුණේ කුමන විලාසයක් දිස්වූයේ දැයි මම නොදනිමි. නමුත් මම බියවී උන්නෙමි. ඔහු සැහැල්ලුවෙන් කතා කළද මා සිටියේ තිගැස්සුණු සිතිනි. මම සිනාසෙන්නට උත්සාහ කළෙමි. ඔහු පැමිණ ඇත්තේ අසනීප වූ මා බලා යාමටය. එසේ කළ ඔහු නොපිළිගැනීම නොවටිනා දෙයකි.[/SIZE] [SIZE=3] “දැන් සනීපද..?”[/SIZE] [SIZE=3] “ඔව් සර්.. උදේම මැහුම් කැපුවා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “කෝ ගෙදර කවුරුත් නැද්ද..?”[/SIZE] [SIZE=3] ඔහු නෙතු ඔසවා නිවස දෙස බැලුවේය.[/SIZE] [SIZE=3] “අප්පච්චිලා ඉන්නවා සර්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “මං හිතුවෙ නෑ කියලා.. අරුන්දිකා මට ගෙදරටවත් කතා කළේ නැහැනේ..”[/SIZE] [SIZE=3] මසිත පසුතැවීමක් ඇතිවිය. නමුත් යටි සිතේ පැවතියේ ආරාධනා කිරීමට නොහැකියාවකි. අමුත්තෙකු පිළිගැනීමට තරම් සුදුසු වටපිටාවක් අපේ ගෙදර නැත. හිඳ ගැනීමට ඇත්තේ ඉස්තෝප්පුවේ ඇති එකම ලෑලි පුටුවක් පමණි. නමුත් පෙර දිනක ඔහු නිවසට පැමිණි නිසා ඔහුගෙන් වසන් කිරීමට දෙයක් වේ යැයි මම නොසිතුවෙමි. එසේම මගේ දුප්පත්කම ලැජ්ජා වීමට තරම් දෙයක් නොවන බවද මම දනිමි. මා ඉපදුනේ දුප්පත් අප්පච්චිගේ පැලේ මිස මාළිගාවක නොවේ.[/SIZE] [SIZE=3] “ආයෙමත් කල්පනා කරනවා.. මං ආව එක කරදරයක්ද අරුන්දිකා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අනේ නෑ සර්.. එන්න..”[/SIZE] [SIZE=3] ඔහු කඩුල්ල පැන මා පසුපසින් විත් ගෙට ඇතුළු විය. අප්පච්චීට, මහේෂ් වනිගසූරිය අමතක නොවන්නට ඇත.[/SIZE] [SIZE=3] “අප්පච්චී මේ එදා මාව එක්ක ආව සර්..”[/SIZE] [SIZE=3] මම නැවත ඔහුට මහේෂ් වනිගසූරිය හඳුන්වා දුනිමි.[/SIZE] [SIZE=3] “මට මතකයි.. ඉඳගන්න මහත්තයා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මම ලෑලි පුටුව පිස දමා ඔහු අසලට ළං කළෙමි.[/SIZE] [SIZE=3] “මං ආවෙ අරුන්දිකාට සනීපද කියලා බලලා යන්න.. මේ දවස් වල වැඩත් ටිකක් වැඩියිනේ.. හෙට වැඩට එන්න පුළුවන්ද කියලා බලන්නත්...”[/SIZE] [SIZE=3] ඔහු අවසන් වදන් පැවසුවේ මදෙස බලමිනි..[/SIZE] [SIZE=3] “මං හෙට ඉඳන් එනවා සර්..”[/SIZE] [SIZE=3] ඔහු එලෙස සිටියදී මා කුස්සියට ඇඳුණේ බීමට යමක් දීමටය. මා පසුපස ලොකු නංගීත් චුට්ටීත් විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ඔයාගෙ වැඩපළේ කෙනෙක්ද අක්කෙ..?”[/SIZE] [SIZE=3] “ඔව්.. අපේ සුපවයිසර්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “එයා හොඳ කෙනෙක්ද..?”[/SIZE] [SIZE=3] ඇය එසේ ඇසුවේ ඇයිදැයි මම නොදනිමි. ඇයට දියහැකි පිළිතුරක් සොයාගැනීමට මට නොහැකි විය.[/SIZE] [SIZE=3] “හ්ම්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මම ඇය දෙස බලා නිහඬවිමි. කෙනෙකුගේ හොද නරක මැනීම අසීරු දෙයකි. එක පැත්තකින් හොඳ කෙනෙකු තවත් පැත්තකින් නරකය. එසේම ඕනෑම පුද්ගලයෙකු තුළම හොඳ නරක ගැබ්වී පවතී. මිනිසුන් විෂමය. එකම මිනිසා එක් එක් අවස්ථාවල වෙනස්වේ. එසේ කළ ඇගේ ප්‍රශ්නයට කෙසේ විසඳුම් දෙන්නද..?[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “මොනවද ලොකු නංගි බොන්න හඳන්නෙ..?”[/SIZE] [SIZE=3] “තැඹිලි නං තියෙනවා..”[/SIZE] [SIZE=3] තැඹිලි ගෙඩි කිහිපයක් කුස්සියේ තිබුණු බව මට සිහිවූයේ එවිටය. තැඹිලි ගෙඩියක් කපා වීදුරුවකට දමා මම ඔහු වෙත රැගෙන ගියෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “බොන්න සර්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අරුන්දිකා කරදර වෙලා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔහු මදෙස බලා සිනාසුනාය.[/SIZE] [SIZE=3] “ඕක මොකක්ද මහත්තයා.. මේ දුප්පත් ගෙදර මහත්තයට සලකන්න තරම් වෙන ක්‍රමයක් නෑ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මම ඉවත බලාගතිමි. අප්පච්චී එසේ නොකීවේ නම් මැනවැයි මට සිතුණි. දුප්පත්කම බැගෑපත්වීමට තරම් කාරණාවක් නොවේ. නමුදු අප්පච්චීට එය නොතේරේ. ඒ ඔහු සිතන ආකාරයෙනි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “එහෙනම් මම යනවා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔහු හිස් වීදුරුව මවෙත පෑවේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “ගොඩක් ස්තුතියි සර් මාව බලන්න ආවට..”[/SIZE] [SIZE=3] වෙන කිවයුතු දෙයක් නොමැති නිසාවෙන් මම පැවසුවෙමි. එසේම ඔහුගේ පැමිණීම කුමන ආකාරයෙන් සිතිය යුතුදැයි මට නොවැටහුණි. කෙසේ වුවද එය සාමාන්‍ය සිදුවීමක් කර ගැනීමට මට උවමනා විය. ඔහුගේ පැමිණීම විශේෂත්වයකින් නොදකින්නට මම උත්සාහ කළෙමි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “මම යනවා අංකල්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “හොඳයි මහත්තයා.. පුතා හෙට වැඩට එයි..”[/SIZE] [SIZE=3] ඔහු මදෙස බැලුවාය.[/SIZE] [SIZE=3] “මේ නංගිලද..?”[/SIZE] [SIZE=3] මට මුවාවී සිටි ලොකු නංගීත් චූටි නංගීත් යන්තමින් සිනාසුණහ.[/SIZE] [SIZE=3] “ඔව් සර්..”[/SIZE] [SIZE=3] “මං යනවා..”[/SIZE] [SIZE=3] ලොකු නංගීට අත රැදි වීදුරුව දුන් මම ඔහු පසුපස කඩුල්ල දක්වා ගියෙමි. මා එසේ කළේ අරමුණකින් තොරව වුවද ගෙදරට පැමිණි ඔහුට ගෞරව කිරීම මගේ යුතුකම යැයි මම සිතුවෙමි. සැබවින්ම ඔහු පැමිණ ඇත්තේ මගේ සුවදුක් විමසා යාමටය. කඩුල්ල පැන ඔහු යළිත් මදෙස බැලුවේය.[/SIZE] [SIZE=3] “අරුන්දිකා ගෙදර අය මුකුත් හිතයිද මං ආවට..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] “අනේ නෑ සර්.. සර් ආවෙ මට සනීපද කියලා බලන්නනේ..”[/SIZE] [SIZE=3] ඔහුගේ පැමිණීම උවමනාවටත් වඩා විශේෂත්වයකින් නොසලකන බව ඔහුට දැන්වීමට මට අවශ්‍ය විය. ඔහු නිශ්ශබ්දය. ඔහු සිතන්නේ මොනවාදැයි මම නොදනිමි. ඔහු පසුපස පැමිණ මා කළේ අනුවණ කමක්දැයි මම නොදනිමි. නමුත් එයට ප්‍රමාද වූවා වැඩිය. මහේෂ් වනිගසූරියගේ නිහඬ සිතුවිලි මාව නොසන්සුන් කළේය.[/SIZE] [SIZE=3] “අරුන්දිකා හෙට එනවනේ..”[/SIZE] [SIZE=3] “ඔව් සර්..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔහු ඉක්මනින් යන්නේ නම් මැනවැයි මට සිතුණි. අප්පච්චී හා නංගිලා මා ගැන කෙසේ සිතනු ඇත්ද..? සැබවින්ම මම නොසන්සුන් විමි.[/SIZE] [SIZE=3] “මං යනවා..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඔහු මෝටර් සයිකලයට නැගුණේය. මසිතට මහා සැහැල්ලුවක් ඇතිවිය. යළිත් වරක් බැලූ ඔහු යන්නට ගියේය. මම ඉක්මනින් ගෙතුළට ගියෙමි.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom