Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ මෙරක් තරම් දුක්ගිනි හිස දරා මා ජීවිත යාත්‍රාව පැද යා යුතුව ඇත. බාහිර බලවේගයන් මගින් ජීවිතේ බොහෝ දේ තීරණය කළද මා විසින් ඒ සියල්ල අභිබවා මගේ සිතුවිලි, අධිෂ්ඨාන වෙනුවෙන් වෙනස්විය යුතු, වෙනස් කළ යුතු බොහෝ දේ විය. හදවත කෙතරම් පීඩාකාරී වුවද නෙතු නොහඩා සිටින්නට උත්සාහ දැරීමට සිදුවිය. සියලු උත්සාහයන් සැමවිට සාර්ථක නොවුනද ආයාසයෙන් හෝ සිතුවිලි පාලනය කර ගැනීමට මම වෙර දැරුවෙමි. මගේ කියා ජීවිතයක් නැති වුවද අන් අයගේ ජීවත දෙස බලා යාන්තමින්වත් සැනසීමක් ලැබීමට මට පුළුවන් විය. අප්පච්චී හා නංගිලා දෙනෙතට හසුවන සෑම අවස්ථාවකදීම මගේය, මාය යන හැඟීම සිතින් ඈත්විය. අප සියල්ලන්ම යන සිතුවිල්ල සිතේ තැන්පත් විය.

මසිත දිග හැරීමට කෙනෙක් සිටියේ නම් ඒ ගීතිකා පමණි. මා කී සියල්ල ඈ ඉවසිල්ලෙන් අසා උන්නාය. මසිතට සැහැල්ලුවක් දැනුණි. ඒ සැහැල්ලුව දැනුණේ බොහෝ විට මොහොතකට පමණි. ඇගේ දයාබර වදන් මසිත සුවපත් කළද තනිවන මොහොතක් පාසා මසිත දැවුණි. පෙරදිනක ජනක මා අසළ උන් නිසා සැහැල්ලුවෙන් සිටියෙමි. නමුදු අද මා පමණක්ය. ඔහු නොමැත. යළි කිසිදින ඔහු මා අසළට නොඑනු ඇත. ඉතින් මසිතට සැහැල්ලුවක් නම් නොනැගෙනු ඇත.

“මොකද හූල්ලන්නෙ..?”

ගීතිකාගේ හඬින් මම තිගැස්සුනෙමි.

“මට බයයි..”

“උඹ මොකටද බය නැත්තෙ..”

ඇය සිනාසෙනවා සේ දැනුණි. එය සරදම් සිනහවක්දැයි මට නොපෙනුණේ මම ඉවත බලා සිටි නිසාය.

“අනාගතේට දැන්ම ඉදන් විසඳුම් හොයන්න එපා..”

ඈ වෙතින් මිදුණු දෙනෙත් මම බිමට නැඹුරු කර ගතිමි. ඈ මා අස්වසන බව මම දනිමි. නමුදු සිත පැවති නොසන්සුන් බව පහව නොගියේය.

“එකක් ඉවර වෙනකොට තව එකක්..”

මා පැවසූවේ පුදුම ලෙසිනි.

“ජීවිතේ කියන්නෙ ඒකට තමයි අරුණි. ඇරත් උඹ විතරක් අත් විඳින දෙයක් නෙමෙයි.”

“වෙන්න පුළුවන්.. ඒත් මං තරම් විදවන කෙනෙක් මුණ ගැහිලා නෑ..”

“උඹට බය මහේෂ් ගැනද..?”

ඈ එක එල්ලේ මදෙස බැලුවාය. මහේෂ් වනිගසූරියගේ නම පවා මසිත නොසන්සුන් කළේය.

“ඔව්..”

“සමහර විට එයා හොඳ කෙනෙක් වෙයි..”

“ඒත් මට ඒ හොඳින් වැඩක් නෑ ගීති.. දවස් වැටුණ වලේ රෑ වැටෙන්න මට බෑ..”

“එක්කෙනෙක් ඔහොම උනා කියලා හැමෝම ඒ වගේ කියලා හිතන්න එපා අරුණි..”

මම සිනාසුණෙමි.. ඒ ඇයට නොව ඇගේ වදන් වලටය.

“උඹ මට හිනාවෙනවා..”

ඈ කීවේ ඉවත බලාගෙනය. මසිත රිදිණි. ඒ ඇගේ සිත රිදුණා යැයි සිතුන නිසාය.

“උඹට නෙමෙයි.. උඹ කිව්ව එකට..”

මම සුසුමක් හෙළිමි. ඒ ආත්මානුකම්පාවටය.

“විශ්වාස කළ කෙනෙක් අතිනුත් විශ්වාසය බිඳුනා නං විශ්වාස කරන්න බැරි කෙනෙක් ගැන මං කොහොමද විශ්වාසයක් තියා ගන්නෙ..?”

මගේ හඬ නොබිදෙන්නට මම වග බලා ගතිමි. මේ හැඩිය යුතු වෙලාව නොවේ. හඬා වැටුණා කියා මා ලද දෙයක් නොමැත. නොඑසේනම් මා හඩා වැටුණ තරම් මුළු ලොවම මගේ වන්නට පුළුවන්කම තිබුණි.

“අපි බලා ඉමු අරුණි. කාලයට ඉඩදීලා බලන් ඉමු. දැන් විසඳුම් දෙන්නැති ප්‍රශ්න වලට කාලය විසඳුම් දෙනවා..”

ඈ ස්ථීර හඬින් පැවසුවාය. මම ඈ අනුමත කළෙමි. බොහෝ ප්‍රශ්න වලට කාලය විසඳුම් ලබාදෙනු ඇත. මට සිදුවන්නේ බලා හිඳීමට පමණි. නමුත් කාලය විසින් හැම ප්‍රශ්නයකටම නිවැරදි විසඳුම් ලබාදෙන්නේදැයි මම නොදනිමි. නිවැරදි හෝ වැරදි වුවද මා ඊට අවනත වනු හැර කළ හැකි කිසිවක් නොමැත.

අසනීප වීමෙප් පසුව මම සුපුරුදු ලෙස වැඩ කිරීඹට පටන් ගතිමි. පෙර දින සිහි වී වඩාත් ප්‍රවේශම් වීමට මම වග බලාගතිමි. නොඑසේනම් සියලු දේ විඳවන්නට වන්නේ මටය. ටික දිනක් යනතුරු මැෂිමේ වැඩ නොකිරීමට මම සිතුවෙමි. අනෙක් ළමුන්ද ඒ පිළිබඳ විරුද්ධත්වයක් නොනැගිය. එය මට යම් තරම්වත් සහනයක් ගෙනදුන්නේය. උදෑසන මා වැඩ කරන අසළට පැමිණි පබාලිකාව වූ මානෙල් මිස් මදෙස බැලුවේ නපුරු විලාසයෙනි. එය සිත රිදවීමට හේතු වුවද වරදක් වී නම් ඒ මගේ නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් නිසාද මම නිහඬව සිටිමි. නමුදු හිත්පත්ල පුපුරුගසා වේදනා ගෙන දුන්නේය. මා ඈ දෙස බලා සිටියේ අසරණ දෑසිනි. නමුදු මා වෙනුවෙන් අනුකම්පාවක සේයාවක් ඈ කෙරෙන් දිස් නොවිය.

“සැළකිල්ලෙන් වැඩ කරන්න අරුන්දිකා. දවස් තුනක්ම ඔයා නෑ.. මේ දවස්වල ඕඩර්ස් වැඩියි.. පාඩු වෙන්නෙ අපිටනේ..”

ඈ කෙරෙන් දෙනෙත් මුදවා ගත් මම සුසුම් හෙළිමි. අතපසුවීම් කා අතිනුත් සිදුවිය හැකිය. එසේම රැකියාවට පැමිණි පසු මේ මා අතින් සිදු වූ පළමු වරදය. එය මෙතරම් දොස් ඇසීමට දෙයක්දැයි මට සිතුණි. ඈ මා අසළින් ඉවත්ව ගිය පසු මම හිස එසවිමි.

“ගණන් ගන්න එපා අරුන්දිකා.. ඔය ගෑණි බලන් ඉන්නෙ වැරැද්දක් හොයා ගන්නනේ..”

පෙර මා නොතැකූ බොහෝ දෙනා මා වෙනුවෙන් කතා කරන්නට විය. එය පෙර මසිත ඔවුන් වෙනුවෙන් නැගුණු නොපහන්කම ඈත්කරලිය. මම සියල්ල ඉවසා ගතිමි. නොඑසේ නම් සිත තව තවත් දුබල වන්නට තිබුණි.

දහයට පමණ මහේෂ් වනිගසූරිය මා අසළට පැමිණියේය. ඔහු ලංවන විට පෙර මෙන් මසිත නොසන්සුන් විය. මම ඔවු දෙස නොබලා සිටින්නට වෑයම් කළෙමි.

“අරුන්දිකා.. මිස්ටර් මුදන්නායක ඔයාට එන්න කිව්වා..”

එසේ කී ඔහු මා අසළින් ඈත් විය. ඔහු කුමක් කීවේදැයි යන්න පවා මට කල්පනා වූයේ බොහෝ වේලාවකට පසුවය. මසිත ගිනිගන්නට විය. උදෑසනම පාලිකාවගෙන් දොස් අසන්නට සිදු වූ නිසා මසිත පැවතියේ නොසන්සුන් කමකි. යළිත් පැමිණ ඇත්තේ එවැනිම අවස්ථාවක් විය හැකිය. වැරැද්දක් වූ බව සැබෑ වුවද එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්නේ මා පමණි. දොස් ඇසීමට මම බිය විමි.

කිසිදින සිකිවෙකුගෙන් බැනුම් අසා නැති මා අසරණ විය. අප්පච්චීත් කිසිදින මට බැණ නැත. මසිත රිදෙන බව දන්නේ මා පමණකි. මා පසුපස කරදර පැමිණෙන්නේ එක්වරය. මේ සියල්ල දරාගන්නේ කෙලෙසදැයි මම සිතුවෙමි. සිතේ පැවති දරාගත නොහැකි වූ පීඩනය පුපුරා නෙතු පුරා කඳුළු නැගෙන්නට විය. මා දෑස් තද කොට පියා ගත්තේ කවුරුන් හෝ දකීවිදැයි සිතාය. අනේ අප්පච්චී මට උහුලාගන්න බෑ.. මම සිතින් අප්පච්චී සොය ගියෙමි. මේ සියල්ල හැරදා යන්නට මට සිතුණි. එවිට මට රැකියාවක් නොමැත. අප්පච්චීට, නංගිලාට බඩගින්නේ සිටීමට සිදුවනු ඇත. සිතුවිලි වේගයෙන් ගලා යන්නට විය. මට පිටුපා ඇවිද යන මහේෂ් වනිගසූරිය දෙස මම නෙත් හෙලිමි. හේතු කුමක්දැයි ඇසීමටවත් ඔහු නොසිටියේය. මා රසිකා දෙස බැලුවේ බිය රැදි නෙතිනි. ඇයද මදෙස බලා සිටියේ විමතියෙනි.

“ගිහින් බලල එන්න..”

ඈ මට ලංව පැවසුවාය. අතරැදි රෙදි කැබැල්ල මේසය මත තැබූ මා සිහිනයෙන් මෙන් පිය නැගුවේ කාංචන මුන්දනායකගේ කාමරය වෙතය. ඔහුගේ නපුරු පෙනුමැති මුහුණ සිහිවී දෙපා ආපසු ඇදෙන්නට විය. ඔහුගේ කාමරය අසළට ගිය මම මොහොතක් හිටිවනම සිටියෙමි. ගැහෙන ඇඟිලි තුඩු වලින් දොර විවර කළ ම ඊට ඇතුල් විමි. ඔහු සිටියේ මේසයට නැඹුරු වී යම් කාර්යයක නිරත වෙමිනි. ඔහු හිස ඔසවා මදෙස නොබැලීය. දැන් දැන් ඔහු මට බැණ වදිතැයි මට බය සිතුණි. මා පැමිණි වගක් නොදුටුවාසේ ඔහු ඔහුගේ කාර්යයේ නියලුනි. හිනඩ බවින් මම තව තවත් පෙලුණෙමි. නිසල බව සසල බවේ ආරම්භය යැයි මම දැන උන්නෙමි.

සිතුවිලි පැටලෙන මොහොතක් පාසා හදවත ගැහෙන්නට විය. මා ඉපදුනේ දුක් ඉහිලීමටත්, අනුන්ගේ සිත් සතුටු කිරීමටත් පමණකැයි මම සිතුවෙමි. ඒ සියල්ලක් උහුලාගත හැකි උවද ඔවුන් මා තලා පෙලා සිත රිදවීම මට උහුලාගත නොහැකිවිය. අසරණවන සෑම අවස්ථාවකදීම මගේ තනියට හිටියේ මා පමණි.. මටද මා වෙනුවෙන් කළ හැකිදේ අල්ප විය. රිදෙස සිත සකසා ගැනීමට අනේකවර උත්සාහ කළද මසිත බිඳීගියේ මටත් නොදැනීමය.

දෙපා පණ නැතිව ඇද වැටෙන්නට යන්නාසේ මට හැගුණි. තවත් බැණුම් ඇසීමට තරම් මසිත ශක්තියක් නොමැත. ගෙවෙන තත්පරයක් පාසා මා දැවුණි. ඉක්මනින් මේ අවස්ථාවෙන් ගැලවීමට මට අවශ්‍ය විය. බැණුම් අසා හෝ ඉක්මනින් මෙතැනින් පලායාමට මට උවමනා විය. සිවිලිමේ කැරකෙන විදුලි පංකාවෙන් පෙරී ආ සුළඟට මගේ මුහුණේ නැගුණ දහදිය බිඳූ වියළන්නට නොහැකිවිය. දරාගත නොහැකි තැන මගේ මුවින් සුසුමක් පිටවිය. ඒ සුසුමේ හඬටදෝ ඔහු හිස ඔසවා මදෙස බැලීය. ඒ නපුරු පෙනුමැති මුහුණ දෙස බැලීමට නොහැකි නිසා මා බිම බලා ගතිමි.

“දැන් ඇඟිල්ල හොඳයිද..?”

“ඔව් සර්..”

මම හිස නොඔසවාම පිළිතුරු දුණි..

“වැඩ කරන්න අමාරුවක් නැහැනේ..”

“නෑ සර්..”

“හොඳයි යන්න.. ගිහින් ප්‍රවේශමෙන් වැඩ කරන්න..”

ඔහු දෙස නොබලාම මම ආපසු හැරුණෙමි. ඔහු වෙත යනවිට මසිත පැවති බිය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව යමින් තිබුණි. ඔහු බැණ වදිතැයි බිය වී සිටි මම ඔහුගෙන් වදන් අසා පුදුමයට පත් විමි. නොමිනිසුන් අතර මිනිසුන් සිටින බව ජීවිතේ පළමු වරට මම දුටුවෙමි.

සෙනසුරාදා දහවල් වැඩ අවසන් වූ නිසා ඉක්මනින් ගෙදර යාමට පුළුවන් විය. ගීතිකාගෙන් සමුගත් මම දෙණියකුඹුර බසයට ගොඩවිමි. දහවල නිසා බසයේ එතරම් සෙනග නොවීය. ටිකට්පත මිලදී ගත් මම හිස් ආසනයක් වෙත ගොස් හිඳගතිමි. බසය පිටත්ව යාමට තවත් මොහොතක් වේලා තිබුණි. වීදුරු කවුළුවෙන් පිටතට නෙත් යොමා සිටි මම පාරේ යන එනවුන් දෙස බලා සිටියෙමි. රථවාහන, ගොඩනැගිලි, මහමග යනවුන් මේ කිසිවක් හරි හැටි මගේ නෙතට හසුනොවිය. මා බලා සිටියේ කොහිදැයි යන්න පවා මම නොදනිමි.

“අරුනි..”

මගේ වම්පසින් ඇසුණු ඒ හඬ නිසා මම තිගැස්සී එදෙස බැලුවෙමි.. ජනක.. ඔහු මා අසළින් හිඳගත්තේය. බොහෝ කලකින් අද මම ඔහු දුටුවෙමි. සිත තුළ එකවර නැගී සතුට ඒ අසිල්ලකින්ම පලා ගියේය. ගතින් අප දෙදෙනා ළඟ සිටියද අප අයත් වූයේ ලෝකවල් දෙකකටය. මට ඔහුගේ ලොවේ වත්, ඔහු මගේ ලොවේවත් ලැගුම් ගන්නට දැන් අයිතියක් නැත. නමුදු සිත් පත්ල තුළ සැගවී සිටි මගේම වූ බවක් ඔහු දැකීමෙන් යළිත් විඳගතිමි. ඔහු මට අයිති නැතැයි සිතීමට මට නුපුළුවන් විය. නමුදු එය සත්‍ය දේ යැයි මසිත මට කොඳුරා පැවසුවේය.

“දැන්ද යන්නෙ..?”

“ඔව්..”

ඔහු වෙතින් මුදවාගත් නෙත් මම බිමට නැඹුරු කර ගතිමි.

“කොහොමද අරුණි.. අප්පච්චිලා සනීපෙන්ද..?”

ඔහු පෙරදින සතියට දෙතුන් වරක් අප බැලීමට පැමිණියේය. ඔහු යළිත් නොඑනු ඇත. එන්න කියන්න යැයි අයිතියක්ද නැත. සියල්ල අතීතයට පමණක් සිමාවූ දේවල්ය. වැළලූ අතීතයක් යළිත් ගොඩනගා ගැනීමට නොහැකිය. ඔහු ආත්මාර්ථකාමියෙකුයි සිතා ඔහුගේ සිත රිදවීමට මට නොහැකිය. දෙමව්පියන්ගේ බලපෑම් මත වැඩ කරන්නට සිදුවීම ගැන ඔහු වැරදි ආකාරයෙන් නොසිතිය යුතුය.

“හොඳින් ඉන්නවා..”

මා පැවසුවේ බොහෝ සෙමිනි. ඉන්පසු අප අතර පැතිර ගියේ දිගු නිහැඩියාවකි. කතා කිරීමට දෙයක් නොමැතිව මම ගොලු වී උන්නෙමි. ඔහුද එසේම වන්නට ඇත. ගෙවෙන තත්පරයක් පාසා හදවතින් මහා සුසුමක් පිටවිය. සිත තුළ පැවති නොසන්සුන්කම දරාගැනීමට කොතරම් උත්සාහ කළද මසිත අසරණ විය. හෙලන සුසුමක් ගානේ ජනක තිගැස්සී මදෙස බලනවා මම නෙත් කොනින් දුටුවෙමි.

“අරුණි.. ඇයි මේ..?”

ඔහු එකවරම මගේ දකුණත අල්ලා ගත්තේය. ඔහුගෙන් අත මුදවාගත් මම ඇඟල්ල ඔහුට නොපෙනේනනට වමතින් වසා ගතිමි. ඔහු මදෙස බලා සිටියේ විසල් කරගත් නෙතිනි. ඔහුගෙන් පළිගන්නට සැරසෙනවායැයි ඔහු සිතුවද ඊට කළ හැකි දෙයක් මවෙත නොවීය. මහපට ඇඟිල්ලේ මැහුම් පාරවල් තවම එලෙසම පවතී. මසන ලද තැන් උඩට ඉලිප්පී ඇත.

“මැෂිමට අහුවුණා..”

කිසියම් හැඟීමක් නොමැතිව මම පැවසුවෙමි. බසය පිටත්ව යාමට සැරසුණි. එය සිතට යම් සහනයක් විය. ඉක්මනින් ඔහු අසළින් පලායාමට මට අවැසි විය. ලංව හිඳීමෙන් තැවෙන්නේද අප දෙදෙනාමය. බසය හන්දියට එනතුරු අප දෙදෙනා අතර කතාබහක් නොවීය. මා බසයෙන් බසිනතුරු ඔහු මට ඉඩදී බලා සිටියේය. ඔහු දෙස නොබැලීමට මම ප්‍රවේශම් උනෙමි. ගුරුපාර දිගේ බොහෝ දුර එන තුරුද අප කතා නොකළෙමු. මා හෙලූ සුසුම් සුළගේ ඈතට පලා ගියේය. ඈතින් පෙනෙන පොල් රුප්පාව දෙස මම නෙත් හෙලුවෙමි. වටපිටාව නිසලය. ඉදහිට මද සුළගට සෙලවෙන ගහකොළ අතරින් සිහින් ශබ්දයක් නැගෙයි. ඒ හඩ දුක්බරය. මේ ගුරු පාරේ අප දෙදෙනා කොතරම් ඇවිද යන්නට ඇත්දැයි මම සිතුවෙමි. අප අපට ආදරය කළ බව මේ ගහකොළට නුහුරු දෙයක් නොවන්නට ඇත. මොකක්දෝ හේතුවකින් අප දෙදෙනාම එක්වර උනුන් දෙස බැලුවෙමු. මට මෙන්ම මේ සියල්ල ඔහුටද වේදනාවක් වන්නට ඇත. දෙමංසලේදී ඔහු නතර විය. ඔහුට අනුව මටද නතර වන්නට සිදුවිය. මම බිම බලා ගතිමි. පෙර දින නම් මේ දෙමංසලේදී අප වෙන්වූයේ සතුටිනි. අදත් එදාත් අතර ඇත්තේ විශාල වෙනසකි. අද අප වෙන්වන්නේ වේදනාවෙනි. ඔහු අඩියක් පෙරට තබා මවෙත ලංවිය. මම හිස ඔසවා බැලිමි.

“අරුණි මාත් එක්ක තරහින්ද..?”

ඔහුගේ හඬ බිඳී තිබුණි. හදවතේ කොනක සිරකර තිබුණු වේදනාව පුපුරා හදවත රිදුම් දෙන්නට විය. ඇසිල්ලකින් නෙතු කඳුළින් වැසී ගියේය. නොහඬන්නෙමියි සිතා සිටියද කඳුළු බිදුවක් කම්මුල දිගේ ගලා ගියේය. ඔහුගෙන් වසන් කරන්නට සිතූ සිතුවිලි ඔහු දකින්නට ඇත. ඔහු මට අනුකම්පා කරන්නට ඇත. නමහුත් ඔහුගෙන් තවත් අනුකම්පාවක් මම බලාපොරොත්තු නොවුණෙමි. පිටි අත්ලෙන් කම්මුල් පිසදාගත් මම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.

“මං තරහා නෑ ජනක අයියෙ..”

මම අපහසුවෙන් වුවද වචන ගලපා ගතිමි.

“මං යන්නං..”

ඔහු බලා සිටියදීම මම දෙපා එසෙව්වෙමි. එක් වරක් හෝ ආපසු හැරී බලන්නට සිත් වුවද මම සිතුවිලි මැඩ ගතිමි.

නෙතු ඉකිගසා කීවේ හදවත රිදෙන වග නම් නෙතු නිසලවන වේලේ හදවත නොරිදුනේ යයි නිශ්චය කිරීමට නුපුළුවන්ය. නෙතු නොහඬා හදවත හැඬූ වාර අනන්තය. නමුදු දැවෙන හදවතින් නෙතු අගට සිනහවක් නංවා ගැනීමට අපහසුවෙන් වුවද මා උත්සාහ කළ යුතුව තිබුණි. ඉතිකින් මම නොහැඩුවෙමි. නෙතු අගින් නොවුනද හදවතින් නොවේ.

“ඊයෙ ජනක හම්බ උනා..”

සාමාන්‍ය සිදුවීමක් සේ මා පැවසුවද ගීතිකා නෙත් විසල් කරගෙන මදෙස බැලුවේය.

“කොහෙදීද..?”

“බස් එකේදි..”

“කතා කළාද..?”

“ඔව්..”

එපමණකින් නිහඩවන්නට මා උත්සාහ කළද තවත් යමක් දැන ගැනීමේ අදහසින් ඈ බලා සිටියේය. මම සුසුමක් හෙලා හදවත සැහැල්ලු කරගතිමි.

“මං එයත් එක්ක තරහින්ද ඇහුවා..”

මා එය පැවසුවේ මුවග මද සිනහවකින් යුතුවය.

“මං මොකටද තරහා වෙන්නෙ..”

මා එලෙස කියා ඉවත බලා ගත්තද ඈ සිටියේ විමසිල්ලෙනි.

“එයාට ඊට වැඩි දෙයක් කරන්න තිබුණා..”

ඈ කීවේ චෝදනාවක් ලෙසය. ජනක කෙරෙහි යම් අප්‍රසාදයක් ඇගේ සිතේ ඇති බව මම දැන උන්නෙමි. නමුදු ඔහු අසරණ බව දන්නේ ඔහුත් මමත් පමණි. ආදරයෙන් වේදනාවක් මිස වෛරයක් කිසිදින මසිත ඇති නොවීය.

“එයා අසරණයි ගීති..”

“උඹ හැමෝටම අනුකම්පා කරනවා.. උඹට වෙන අසාධාරණකම් කතා කරන්න කවුරුවත් නෑ..”

ඈ පැවසුවේ දයාබරත්වයෙනි. සැබැවින්ම ජනකට මා වෙනුවෙන් කරන්නට දෙයක් තිබුණේදැයි මම නොදනිමි. එය සිතීම පවා දැන් නිශ්ඵල දෙයකි. ඉන් සිදුවන්නේ තවත් මසිත පාරාගැනීම පමණි.

“කමක් නෑ ගීති.. මම මගේ හිත හදාගෙන ඉවරයි..”

මා පැවසුවේ සත්‍යයකි. හදවතින් නොයෙක් වර හඩා වැටුණද මා යම් තරමින් මේ වනවිට සුවපත් විමි. යමක් සිදුව්නනේ හඩා වැටීමටවත් සිනාසීමටවත් නොවන බව මම දැන සිටියෙමි. සතුට හෝ දුක රදාපවතින්නේ අප සිතුවිලි තුළ යැයි මට සිතේ. හඩා වැටී මා පීඩාවට පත්කරන්නේ මගේ ජීවිතය පමණක් නොව නංගිලාගේ හා අප්පච්චීගේ ජීවිතයය. ඔවුන් වෙනුවේන දුක්විය යුතු නැත. කවුරුත් මා අත්හැර ගියද ඔවුන් මා හා රැදී සිටී. ඔවුන්ගේ ජීවිත වල සතුට රදා පවතින්නේ මා ලඟය. ඔවුන් හඩා වැලපිය යුතු නැත.

උදෑසන මා අප්පච්චීගේ තේ කෝප්පය රැගෙන ඔහු අසළට යනවිට ඔහු සිටියේ සිහින් හඬින් කෙඳිරි ගාමින්ය. පෙරදින රැයේ ඔහුට අසනීපයක් නොතිබුණ නිසා මසිත ඇතිවූයේ බියක. වැල් ඇඳ අසලට ලංව මම ඔහු දෙස බැලුවෙමි. ඔහු සිටියේ හිසේ සිට දෙපතුල දක්වා පොරවා ගෙනය.

“අප්පච්චී..... ඇයි අප්පච්චිට සනීප නැද්ද..?”

ඔහු දෙනෙත් හැර බැලුවේය.

“මට උණ වගේ පුතේ..”

මම පිටි අත්ල නළලට තබා බැලුවෙමි.

“හොඳටම උණනේ අප්පච්චි.. අපි යමු බෙහෙත් ටිකක් ගන්න..”

“එපා පුතේ.. ඔයාට වැඩට යන්න බැරි වෙනවනේ.. මට කොත්තමල්ලි ටිකක් හදලා දුන්නොත් ඇති..”

ඔහු කතා කළේ අපහසුවෙනි.

“නෑ අප්පච්චි.. මම ටෙලිග්‍රෑම් එකක් ගහන්නම්..”

මම ඉක්මනින් ආහාර පිසුවෙමි. ඒ අතර ලොකු නංගී අවදිව කුස්සියට පැමිණියාය.

“ලොකු නංගි අප්පච්චිට හොඳටම උණ..”

“එහෙනම් බෙහෙත් ගන්න වෙයි..”

“ඔව් අද මම වැඩට නොගිහින් ඉන්නවා..”

“අක්කා යන්න.. මම ඉස්කෝලෙ නොගිහින් ඉන්නම්..”

“ඔයාට බෑ අප්පච්චි එක්ක යන්න..”

“අක්කා නොගියොත් බනීද..?”

පෙර දිනක අසනීපව වැඩට නොයාම ගැන නාලනී මිස් බැණ වැදුණ බව මා ඇයට පවසා තිබුණි. යළිත් මා වැඩට නොගියොත් බැනුම් අසන්නට වේයැයි ඇය සිතන්නට ඇත.

“නෑ.. මම නොයන්නෙ හේතුවක් ඇතිවනේ..”

[QUOTE="crazybuddy, post: 13576897, member: 326070"] [COLOR=Blue][B][SIZE=3][URL="http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png"][IMG]http://4.bp.blogspot.com/-7qMM95ngNHo/T2Jb3p1rHGI/AAAAAAAABho/NtT1801GYQM/s1600/05.png[/IMG][/URL] මහ මෙරක් තරම් දුක්ගිනි හිස දරා මා ජීවිත යාත්‍රාව පැද යා යුතුව ඇත. බාහිර බලවේගයන් මගින් ජීවිතේ බොහෝ දේ තීරණය කළද මා විසින් ඒ සියල්ල අභිබවා මගේ සිතුවිලි, අධිෂ්ඨාන වෙනුවෙන් වෙනස්විය යුතු, වෙනස් කළ යුතු බොහෝ දේ විය. හදවත කෙතරම් පීඩාකාරී වුවද නෙතු නොහඩා සිටින්නට උත්සාහ දැරීමට සිදුවිය. සියලු උත්සාහයන් සැමවිට සාර්ථක නොවුනද ආයාසයෙන් හෝ සිතුවිලි පාලනය කර ගැනීමට මම වෙර දැරුවෙමි. මගේ කියා ජීවිතයක් නැති වුවද අන් අයගේ ජීවත දෙස බලා යාන්තමින්වත් සැනසීමක් ලැබීමට මට පුළුවන් විය. අප්පච්චී හා නංගිලා දෙනෙතට හසුවන සෑම අවස්ථාවකදීම මගේය, මාය යන හැඟීම සිතින් ඈත්විය. අප සියල්ලන්ම යන සිතුවිල්ල සිතේ තැන්පත් විය.[/SIZE] [SIZE=3] මසිත දිග හැරීමට කෙනෙක් සිටියේ නම් ඒ ගීතිකා පමණි. මා කී සියල්ල ඈ ඉවසිල්ලෙන් අසා උන්නාය. මසිතට සැහැල්ලුවක් දැනුණි. ඒ සැහැල්ලුව දැනුණේ බොහෝ විට මොහොතකට පමණි. ඇගේ දයාබර වදන් මසිත සුවපත් කළද තනිවන මොහොතක් පාසා මසිත දැවුණි. පෙරදිනක ජනක මා අසළ උන් නිසා සැහැල්ලුවෙන් සිටියෙමි. නමුදු අද මා පමණක්ය. ඔහු නොමැත. යළි කිසිදින ඔහු මා අසළට නොඑනු ඇත. ඉතින් මසිතට සැහැල්ලුවක් නම් නොනැගෙනු ඇත.[/SIZE] [SIZE=3] “මොකද හූල්ලන්නෙ..?”[/SIZE] [SIZE=3] ගීතිකාගේ හඬින් මම තිගැස්සුනෙමි.[/SIZE] [SIZE=3] “මට බයයි..”[/SIZE] [SIZE=3] “උඹ මොකටද බය නැත්තෙ..”[/SIZE] [SIZE=3] ඇය සිනාසෙනවා සේ දැනුණි. එය සරදම් සිනහවක්දැයි මට නොපෙනුණේ මම ඉවත බලා සිටි නිසාය.[/SIZE] [SIZE=3] “අනාගතේට දැන්ම ඉදන් විසඳුම් හොයන්න එපා..”[/SIZE] [SIZE=3] ඈ වෙතින් මිදුණු දෙනෙත් මම බිමට නැඹුරු කර ගතිමි. ඈ මා අස්වසන බව මම දනිමි. නමුදු සිත පැවති නොසන්සුන් බව පහව නොගියේය.[/SIZE] [SIZE=3] “එකක් ඉවර වෙනකොට තව එකක්..”[/SIZE] [SIZE=3] මා පැවසූවේ පුදුම ලෙසිනි.[/SIZE] [SIZE=3] “ජීවිතේ කියන්නෙ ඒකට තමයි අරුණි. ඇරත් උඹ විතරක් අත් විඳින දෙයක් නෙමෙයි.”[/SIZE] [SIZE=3] “වෙන්න පුළුවන්.. ඒත් මං තරම් විදවන කෙනෙක් මුණ ගැහිලා නෑ..”[/SIZE] [SIZE=3] “උඹට බය මහේෂ් ගැනද..?”[/SIZE] [SIZE=3] ඈ එක එල්ලේ මදෙස බැලුවාය. මහේෂ් වනිගසූරියගේ නම පවා මසිත නොසන්සුන් කළේය.[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] “සමහර විට එයා හොඳ කෙනෙක් වෙයි..”[/SIZE] [SIZE=3] “ඒත් මට ඒ හොඳින් වැඩක් නෑ ගීති.. දවස් වැටුණ වලේ රෑ වැටෙන්න මට බෑ..”[/SIZE] [SIZE=3] “එක්කෙනෙක් ඔහොම උනා කියලා හැමෝම ඒ වගේ කියලා හිතන්න එපා අරුණි..”[/SIZE] [SIZE=3] මම සිනාසුණෙමි.. ඒ ඇයට නොව ඇගේ වදන් වලටය.[/SIZE] [SIZE=3] “උඹ මට හිනාවෙනවා..”[/SIZE] [SIZE=3] ඈ කීවේ ඉවත බලාගෙනය. මසිත රිදිණි. ඒ ඇගේ සිත රිදුණා යැයි සිතුන නිසාය.[/SIZE] [SIZE=3] “උඹට නෙමෙයි.. උඹ කිව්ව එකට..”[/SIZE] [SIZE=3] මම සුසුමක් හෙළිමි. ඒ ආත්මානුකම්පාවටය.[/SIZE] [SIZE=3] “විශ්වාස කළ කෙනෙක් අතිනුත් විශ්වාසය බිඳුනා නං විශ්වාස කරන්න බැරි කෙනෙක් ගැන මං කොහොමද විශ්වාසයක් තියා ගන්නෙ..?”[/SIZE] [SIZE=3] මගේ හඬ නොබිදෙන්නට මම වග බලා ගතිමි. මේ හැඩිය යුතු වෙලාව නොවේ. හඬා වැටුණා කියා මා ලද දෙයක් නොමැත. නොඑසේනම් මා හඩා වැටුණ තරම් මුළු ලොවම මගේ වන්නට පුළුවන්කම තිබුණි.[/SIZE] [SIZE=3] “අපි බලා ඉමු අරුණි. කාලයට ඉඩදීලා බලන් ඉමු. දැන් විසඳුම් දෙන්නැති ප්‍රශ්න වලට කාලය විසඳුම් දෙනවා..”[/SIZE] [SIZE=3] ඈ ස්ථීර හඬින් පැවසුවාය. මම ඈ අනුමත කළෙමි. බොහෝ ප්‍රශ්න වලට කාලය විසඳුම් ලබාදෙනු ඇත. මට සිදුවන්නේ බලා හිඳීමට පමණි. නමුත් කාලය විසින් හැම ප්‍රශ්නයකටම නිවැරදි විසඳුම් ලබාදෙන්නේදැයි මම නොදනිමි. නිවැරදි හෝ වැරදි වුවද මා ඊට අවනත වනු හැර කළ හැකි කිසිවක් නොමැත.[/SIZE] [SIZE=3] අසනීප වීමෙප් පසුව මම සුපුරුදු ලෙස වැඩ කිරීඹට පටන් ගතිමි. පෙර දින සිහි වී වඩාත් ප්‍රවේශම් වීමට මම වග බලාගතිමි. නොඑසේනම් සියලු දේ විඳවන්නට වන්නේ මටය. ටික දිනක් යනතුරු මැෂිමේ වැඩ නොකිරීමට මම සිතුවෙමි. අනෙක් ළමුන්ද ඒ පිළිබඳ විරුද්ධත්වයක් නොනැගිය. එය මට යම් තරම්වත් සහනයක් ගෙනදුන්නේය. උදෑසන මා වැඩ කරන අසළට පැමිණි පබාලිකාව වූ මානෙල් මිස් මදෙස බැලුවේ නපුරු විලාසයෙනි. එය සිත රිදවීමට හේතු වුවද වරදක් වී නම් ඒ මගේ නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් නිසාද මම නිහඬව සිටිමි. නමුදු හිත්පත්ල පුපුරුගසා වේදනා ගෙන දුන්නේය. මා ඈ දෙස බලා සිටියේ අසරණ දෑසිනි. නමුදු මා වෙනුවෙන් අනුකම්පාවක සේයාවක් ඈ කෙරෙන් දිස් නොවිය.[/SIZE] [SIZE=3] “සැළකිල්ලෙන් වැඩ කරන්න අරුන්දිකා. දවස් තුනක්ම ඔයා නෑ.. මේ දවස්වල ඕඩර්ස් වැඩියි.. පාඩු වෙන්නෙ අපිටනේ..”[/SIZE] [SIZE=3] ඈ කෙරෙන් දෙනෙත් මුදවා ගත් මම සුසුම් හෙළිමි. අතපසුවීම් කා අතිනුත් සිදුවිය හැකිය. එසේම රැකියාවට පැමිණි පසු මේ මා අතින් සිදු වූ පළමු වරදය. එය මෙතරම් දොස් ඇසීමට දෙයක්දැයි මට සිතුණි. ඈ මා අසළින් ඉවත්ව ගිය පසු මම හිස එසවිමි.[/SIZE] [SIZE=3] “ගණන් ගන්න එපා අරුන්දිකා.. ඔය ගෑණි බලන් ඉන්නෙ වැරැද්දක් හොයා ගන්නනේ..”[/SIZE] [SIZE=3] පෙර මා නොතැකූ බොහෝ දෙනා මා වෙනුවෙන් කතා කරන්නට විය. එය පෙර මසිත ඔවුන් වෙනුවෙන් නැගුණු නොපහන්කම ඈත්කරලිය. මම සියල්ල ඉවසා ගතිමි. නොඑසේ නම් සිත තව තවත් දුබල වන්නට තිබුණි.[/SIZE] [SIZE=3] දහයට පමණ මහේෂ් වනිගසූරිය මා අසළට පැමිණියේය. ඔහු ලංවන විට පෙර මෙන් මසිත නොසන්සුන් විය. මම ඔවු දෙස නොබලා සිටින්නට වෑයම් කළෙමි.[/SIZE] [SIZE=3] “අරුන්දිකා.. මිස්ටර් මුදන්නායක ඔයාට එන්න කිව්වා..”[/SIZE] [SIZE=3] එසේ කී ඔහු මා අසළින් ඈත් විය. ඔහු කුමක් කීවේදැයි යන්න පවා මට කල්පනා වූයේ බොහෝ වේලාවකට පසුවය. මසිත ගිනිගන්නට විය. උදෑසනම පාලිකාවගෙන් දොස් අසන්නට සිදු වූ නිසා මසිත පැවතියේ නොසන්සුන් කමකි. යළිත් පැමිණ ඇත්තේ එවැනිම අවස්ථාවක් විය හැකිය. වැරැද්දක් වූ බව සැබෑ වුවද එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්නේ මා පමණි. දොස් ඇසීමට මම බිය විමි.[/SIZE] [SIZE=3] කිසිදින සිකිවෙකුගෙන් බැනුම් අසා නැති මා අසරණ විය. අප්පච්චීත් කිසිදින මට බැණ නැත. මසිත රිදෙන බව දන්නේ මා පමණකි. මා පසුපස කරදර පැමිණෙන්නේ එක්වරය. මේ සියල්ල දරාගන්නේ කෙලෙසදැයි මම සිතුවෙමි. සිතේ පැවති දරාගත නොහැකි වූ පීඩනය පුපුරා නෙතු පුරා කඳුළු නැගෙන්නට විය. මා දෑස් තද කොට පියා ගත්තේ කවුරුන් හෝ දකීවිදැයි සිතාය. අනේ අප්පච්චී මට උහුලාගන්න බෑ.. මම සිතින් අප්පච්චී සොය ගියෙමි. මේ සියල්ල හැරදා යන්නට මට සිතුණි. එවිට මට රැකියාවක් නොමැත. අප්පච්චීට, නංගිලාට බඩගින්නේ සිටීමට සිදුවනු ඇත. සිතුවිලි වේගයෙන් ගලා යන්නට විය. මට පිටුපා ඇවිද යන මහේෂ් වනිගසූරිය දෙස මම නෙත් හෙලිමි. හේතු කුමක්දැයි ඇසීමටවත් ඔහු නොසිටියේය. මා රසිකා දෙස බැලුවේ බිය රැදි නෙතිනි. ඇයද මදෙස බලා සිටියේ විමතියෙනි.[/SIZE] [SIZE=3] “ගිහින් බලල එන්න..”[/SIZE] [SIZE=3] ඈ මට ලංව පැවසුවාය. අතරැදි රෙදි කැබැල්ල මේසය මත තැබූ මා සිහිනයෙන් මෙන් පිය නැගුවේ කාංචන මුන්දනායකගේ කාමරය වෙතය. ඔහුගේ නපුරු පෙනුමැති මුහුණ සිහිවී දෙපා ආපසු ඇදෙන්නට විය. ඔහුගේ කාමරය අසළට ගිය මම මොහොතක් හිටිවනම සිටියෙමි. ගැහෙන ඇඟිලි තුඩු වලින් දොර විවර කළ ම ඊට ඇතුල් විමි. ඔහු සිටියේ මේසයට නැඹුරු වී යම් කාර්යයක නිරත වෙමිනි. ඔහු හිස ඔසවා මදෙස නොබැලීය. දැන් දැන් ඔහු මට බැණ වදිතැයි මට බය සිතුණි. මා පැමිණි වගක් නොදුටුවාසේ ඔහු ඔහුගේ කාර්යයේ නියලුනි. හිනඩ බවින් මම තව තවත් පෙලුණෙමි. නිසල බව සසල බවේ ආරම්භය යැයි මම දැන උන්නෙමි.[/SIZE] [SIZE=3] සිතුවිලි පැටලෙන මොහොතක් පාසා හදවත ගැහෙන්නට විය. මා ඉපදුනේ දුක් ඉහිලීමටත්, අනුන්ගේ සිත් සතුටු කිරීමටත් පමණකැයි මම සිතුවෙමි. ඒ සියල්ලක් උහුලාගත හැකි උවද ඔවුන් මා තලා පෙලා සිත රිදවීම මට උහුලාගත නොහැකිවිය. අසරණවන සෑම අවස්ථාවකදීම මගේ තනියට හිටියේ මා පමණි.. මටද මා වෙනුවෙන් කළ හැකිදේ අල්ප විය. රිදෙස සිත සකසා ගැනීමට අනේකවර උත්සාහ කළද මසිත බිඳීගියේ මටත් නොදැනීමය.[/SIZE] [SIZE=3] දෙපා පණ නැතිව ඇද වැටෙන්නට යන්නාසේ මට හැගුණි. තවත් බැණුම් ඇසීමට තරම් මසිත ශක්තියක් නොමැත. ගෙවෙන තත්පරයක් පාසා මා දැවුණි. ඉක්මනින් මේ අවස්ථාවෙන් ගැලවීමට මට අවශ්‍ය විය. බැණුම් අසා හෝ ඉක්මනින් මෙතැනින් පලායාමට මට උවමනා විය. සිවිලිමේ කැරකෙන විදුලි පංකාවෙන් පෙරී ආ සුළඟට මගේ මුහුණේ නැගුණ දහදිය බිඳූ වියළන්නට නොහැකිවිය. දරාගත නොහැකි තැන මගේ මුවින් සුසුමක් පිටවිය. ඒ සුසුමේ හඬටදෝ ඔහු හිස ඔසවා මදෙස බැලීය. ඒ නපුරු පෙනුමැති මුහුණ දෙස බැලීමට නොහැකි නිසා මා බිම බලා ගතිමි.[/SIZE] [SIZE=3] “දැන් ඇඟිල්ල හොඳයිද..?”[/SIZE] [SIZE=3] “ඔව් සර්..”[/SIZE] [SIZE=3] මම හිස නොඔසවාම පිළිතුරු දුණි..[/SIZE] [SIZE=3] “වැඩ කරන්න අමාරුවක් නැහැනේ..”[/SIZE] [SIZE=3] “නෑ සර්..”[/SIZE] [SIZE=3] “හොඳයි යන්න.. ගිහින් ප්‍රවේශමෙන් වැඩ කරන්න..”[/SIZE] [SIZE=3] ඔහු දෙස නොබලාම මම ආපසු හැරුණෙමි. ඔහු වෙත යනවිට මසිත පැවති බිය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව යමින් තිබුණි. ඔහු බැණ වදිතැයි බිය වී සිටි මම ඔහුගෙන් වදන් අසා පුදුමයට පත් විමි. නොමිනිසුන් අතර මිනිසුන් සිටින බව ජීවිතේ පළමු වරට මම දුටුවෙමි.[/SIZE] [SIZE=3] ====[/SIZE] [SIZE=3] සෙනසුරාදා දහවල් වැඩ අවසන් වූ නිසා ඉක්මනින් ගෙදර යාමට පුළුවන් විය. ගීතිකාගෙන් සමුගත් මම දෙණියකුඹුර බසයට ගොඩවිමි. දහවල නිසා බසයේ එතරම් සෙනග නොවීය. ටිකට්පත මිලදී ගත් මම හිස් ආසනයක් වෙත ගොස් හිඳගතිමි. බසය පිටත්ව යාමට තවත් මොහොතක් වේලා තිබුණි. වීදුරු කවුළුවෙන් පිටතට නෙත් යොමා සිටි මම පාරේ යන එනවුන් දෙස බලා සිටියෙමි. රථවාහන, ගොඩනැගිලි, මහමග යනවුන් මේ කිසිවක් හරි හැටි මගේ නෙතට හසුනොවිය. මා බලා සිටියේ කොහිදැයි යන්න පවා මම නොදනිමි.[/SIZE] [SIZE=3] “අරුනි..”[/SIZE] [SIZE=3] මගේ වම්පසින් ඇසුණු ඒ හඬ නිසා මම තිගැස්සී එදෙස බැලුවෙමි.. ජනක.. ඔහු මා අසළින් හිඳගත්තේය. බොහෝ කලකින් අද මම ඔහු දුටුවෙමි. සිත තුළ එකවර නැගී සතුට ඒ අසිල්ලකින්ම පලා ගියේය. ගතින් අප දෙදෙනා ළඟ සිටියද අප අයත් වූයේ ලෝකවල් දෙකකටය. මට ඔහුගේ ලොවේ වත්, ඔහු මගේ ලොවේවත් ලැගුම් ගන්නට දැන් අයිතියක් නැත. නමුදු සිත් පත්ල තුළ සැගවී සිටි මගේම වූ බවක් ඔහු දැකීමෙන් යළිත් විඳගතිමි. ඔහු මට අයිති නැතැයි සිතීමට මට නුපුළුවන් විය. නමුදු එය සත්‍ය දේ යැයි මසිත මට කොඳුරා පැවසුවේය.[/SIZE] [SIZE=3] “දැන්ද යන්නෙ..?”[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] ඔහු වෙතින් මුදවාගත් නෙත් මම බිමට නැඹුරු කර ගතිමි.[/SIZE] [SIZE=3] “කොහොමද අරුණි.. අප්පච්චිලා සනීපෙන්ද..?”[/SIZE] [SIZE=3] ඔහු පෙරදින සතියට දෙතුන් වරක් අප බැලීමට පැමිණියේය. ඔහු යළිත් නොඑනු ඇත. එන්න කියන්න යැයි අයිතියක්ද නැත. සියල්ල අතීතයට පමණක් සිමාවූ දේවල්ය. වැළලූ අතීතයක් යළිත් ගොඩනගා ගැනීමට නොහැකිය. ඔහු ආත්මාර්ථකාමියෙකුයි සිතා ඔහුගේ සිත රිදවීමට මට නොහැකිය. දෙමව්පියන්ගේ බලපෑම් මත වැඩ කරන්නට සිදුවීම ගැන ඔහු වැරදි ආකාරයෙන් නොසිතිය යුතුය.[/SIZE] [SIZE=3] “හොඳින් ඉන්නවා..”[/SIZE] [SIZE=3] මා පැවසුවේ බොහෝ සෙමිනි. ඉන්පසු අප අතර පැතිර ගියේ දිගු නිහැඩියාවකි. කතා කිරීමට දෙයක් නොමැතිව මම ගොලු වී උන්නෙමි. ඔහුද එසේම වන්නට ඇත. ගෙවෙන තත්පරයක් පාසා හදවතින් මහා සුසුමක් පිටවිය. සිත තුළ පැවති නොසන්සුන්කම දරාගැනීමට කොතරම් උත්සාහ කළද මසිත අසරණ විය. හෙලන සුසුමක් ගානේ ජනක තිගැස්සී මදෙස බලනවා මම නෙත් කොනින් දුටුවෙමි.[/SIZE] [SIZE=3] “අරුණි.. ඇයි මේ..?”[/SIZE] [SIZE=3] ඔහු එකවරම මගේ දකුණත අල්ලා ගත්තේය. ඔහුගෙන් අත මුදවාගත් මම ඇඟල්ල ඔහුට නොපෙනේනනට වමතින් වසා ගතිමි. ඔහු මදෙස බලා සිටියේ විසල් කරගත් නෙතිනි. ඔහුගෙන් පළිගන්නට සැරසෙනවායැයි ඔහු සිතුවද ඊට කළ හැකි දෙයක් මවෙත නොවීය. මහපට ඇඟිල්ලේ මැහුම් පාරවල් තවම එලෙසම පවතී. මසන ලද තැන් උඩට ඉලිප්පී ඇත.[/SIZE] [SIZE=3] “මැෂිමට අහුවුණා..”[/SIZE] [SIZE=3] කිසියම් හැඟීමක් නොමැතිව මම පැවසුවෙමි. බසය පිටත්ව යාමට සැරසුණි. එය සිතට යම් සහනයක් විය. ඉක්මනින් ඔහු අසළින් පලායාමට මට අවැසි විය. ලංව හිඳීමෙන් තැවෙන්නේද අප දෙදෙනාමය. බසය හන්දියට එනතුරු අප දෙදෙනා අතර කතාබහක් නොවීය. මා බසයෙන් බසිනතුරු ඔහු මට ඉඩදී බලා සිටියේය. ඔහු දෙස නොබැලීමට මම ප්‍රවේශම් උනෙමි. ගුරුපාර දිගේ බොහෝ දුර එන තුරුද අප කතා නොකළෙමු. මා හෙලූ සුසුම් සුළගේ ඈතට පලා ගියේය. ඈතින් පෙනෙන පොල් රුප්පාව දෙස මම නෙත් හෙලුවෙමි. වටපිටාව නිසලය. ඉදහිට මද සුළගට සෙලවෙන ගහකොළ අතරින් සිහින් ශබ්දයක් නැගෙයි. ඒ හඩ දුක්බරය. මේ ගුරු පාරේ අප දෙදෙනා කොතරම් ඇවිද යන්නට ඇත්දැයි මම සිතුවෙමි. අප අපට ආදරය කළ බව මේ ගහකොළට නුහුරු දෙයක් නොවන්නට ඇත. මොකක්දෝ හේතුවකින් අප දෙදෙනාම එක්වර උනුන් දෙස බැලුවෙමු. මට මෙන්ම මේ සියල්ල ඔහුටද වේදනාවක් වන්නට ඇත. දෙමංසලේදී ඔහු නතර විය. ඔහුට අනුව මටද නතර වන්නට සිදුවිය. මම බිම බලා ගතිමි. පෙර දින නම් මේ දෙමංසලේදී අප වෙන්වූයේ සතුටිනි. අදත් එදාත් අතර ඇත්තේ විශාල වෙනසකි. අද අප වෙන්වන්නේ වේදනාවෙනි. ඔහු අඩියක් පෙරට තබා මවෙත ලංවිය. මම හිස ඔසවා බැලිමි.[/SIZE] [SIZE=3] “අරුණි මාත් එක්ක තරහින්ද..?”[/SIZE] [SIZE=3] ඔහුගේ හඬ බිඳී තිබුණි. හදවතේ කොනක සිරකර තිබුණු වේදනාව පුපුරා හදවත රිදුම් දෙන්නට විය. ඇසිල්ලකින් නෙතු කඳුළින් වැසී ගියේය. නොහඬන්නෙමියි සිතා සිටියද කඳුළු බිදුවක් කම්මුල දිගේ ගලා ගියේය. ඔහුගෙන් වසන් කරන්නට සිතූ සිතුවිලි ඔහු දකින්නට ඇත. ඔහු මට අනුකම්පා කරන්නට ඇත. නමහුත් ඔහුගෙන් තවත් අනුකම්පාවක් මම බලාපොරොත්තු නොවුණෙමි. පිටි අත්ලෙන් කම්මුල් පිසදාගත් මම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.[/SIZE] [SIZE=3] “මං තරහා නෑ ජනක අයියෙ..”[/SIZE] [SIZE=3] මම අපහසුවෙන් වුවද වචන ගලපා ගතිමි.[/SIZE] [SIZE=3] “මං යන්නං..”[/SIZE] [SIZE=3] ඔහු බලා සිටියදීම මම දෙපා එසෙව්වෙමි. එක් වරක් හෝ ආපසු හැරී බලන්නට සිත් වුවද මම සිතුවිලි මැඩ ගතිමි.[/SIZE] [SIZE=3] නෙතු ඉකිගසා කීවේ හදවත රිදෙන වග නම් නෙතු නිසලවන වේලේ හදවත නොරිදුනේ යයි නිශ්චය කිරීමට නුපුළුවන්ය. නෙතු නොහඬා හදවත හැඬූ වාර අනන්තය. නමුදු දැවෙන හදවතින් නෙතු අගට සිනහවක් නංවා ගැනීමට අපහසුවෙන් වුවද මා උත්සාහ කළ යුතුව තිබුණි. ඉතිකින් මම නොහැඩුවෙමි. නෙතු අගින් නොවුනද හදවතින් නොවේ.[/SIZE] [SIZE=3] ===[/SIZE] [SIZE=3] “ඊයෙ ජනක හම්බ උනා..”[/SIZE] [SIZE=3] සාමාන්‍ය සිදුවීමක් සේ මා පැවසුවද ගීතිකා නෙත් විසල් කරගෙන මදෙස බැලුවේය.[/SIZE] [SIZE=3] “කොහෙදීද..?”[/SIZE] [SIZE=3] “බස් එකේදි..”[/SIZE] [SIZE=3] “කතා කළාද..?”[/SIZE] [SIZE=3] “ඔව්..”[/SIZE] [SIZE=3] එපමණකින් නිහඩවන්නට මා උත්සාහ කළද තවත් යමක් දැන ගැනීමේ අදහසින් ඈ බලා සිටියේය. මම සුසුමක් හෙලා හදවත සැහැල්ලු කරගතිමි.[/SIZE] [SIZE=3] “මං එයත් එක්ක තරහින්ද ඇහුවා..”[/SIZE] [SIZE=3] මා එය පැවසුවේ මුවග මද සිනහවකින් යුතුවය.[/SIZE] [SIZE=3] “මං මොකටද තරහා වෙන්නෙ..”[/SIZE] [SIZE=3] මා එලෙස කියා ඉවත බලා ගත්තද ඈ සිටියේ විමසිල්ලෙනි.[/SIZE] [SIZE=3] “එයාට ඊට වැඩි දෙයක් කරන්න තිබුණා..”[/SIZE] [SIZE=3] ඈ කීවේ චෝදනාවක් ලෙසය. ජනක කෙරෙහි යම් අප්‍රසාදයක් ඇගේ සිතේ ඇති බව මම දැන උන්නෙමි. නමුදු ඔහු අසරණ බව දන්නේ ඔහුත් මමත් පමණි. ආදරයෙන් වේදනාවක් මිස වෛරයක් කිසිදින මසිත ඇති නොවීය.[/SIZE] [SIZE=3] “එයා අසරණයි ගීති..”[/SIZE] [SIZE=3] “උඹ හැමෝටම අනුකම්පා කරනවා.. උඹට වෙන අසාධාරණකම් කතා කරන්න කවුරුවත් නෑ..”[/SIZE] [SIZE=3] ඈ පැවසුවේ දයාබරත්වයෙනි. සැබැවින්ම ජනකට මා වෙනුවෙන් කරන්නට දෙයක් තිබුණේදැයි මම නොදනිමි. එය සිතීම පවා දැන් නිශ්ඵල දෙයකි. ඉන් සිදුවන්නේ තවත් මසිත පාරාගැනීම පමණි.[/SIZE] [SIZE=3] “කමක් නෑ ගීති.. මම මගේ හිත හදාගෙන ඉවරයි..”[/SIZE] [SIZE=3] මා පැවසුවේ සත්‍යයකි. හදවතින් නොයෙක් වර හඩා වැටුණද මා යම් තරමින් මේ වනවිට සුවපත් විමි. යමක් සිදුව්නනේ හඩා වැටීමටවත් සිනාසීමටවත් නොවන බව මම දැන සිටියෙමි. සතුට හෝ දුක රදාපවතින්නේ අප සිතුවිලි තුළ යැයි මට සිතේ. හඩා වැටී මා පීඩාවට පත්කරන්නේ මගේ ජීවිතය පමණක් නොව නංගිලාගේ හා අප්පච්චීගේ ජීවිතයය. ඔවුන් වෙනුවේන දුක්විය යුතු නැත. කවුරුත් මා අත්හැර ගියද ඔවුන් මා හා රැදී සිටී. ඔවුන්ගේ ජීවිත වල සතුට රදා පවතින්නේ මා ලඟය. ඔවුන් හඩා වැලපිය යුතු නැත.[/SIZE] [SIZE=3] ====[/SIZE] [SIZE=3] උදෑසන මා අප්පච්චීගේ තේ කෝප්පය රැගෙන ඔහු අසළට යනවිට ඔහු සිටියේ සිහින් හඬින් කෙඳිරි ගාමින්ය. පෙරදින රැයේ ඔහුට අසනීපයක් නොතිබුණ නිසා මසිත ඇතිවූයේ බියක. වැල් ඇඳ අසලට ලංව මම ඔහු දෙස බැලුවෙමි. ඔහු සිටියේ හිසේ සිට දෙපතුල දක්වා පොරවා ගෙනය.[/SIZE] [SIZE=3] “අප්පච්චී..... ඇයි අප්පච්චිට සනීප නැද්ද..?”[/SIZE] [SIZE=3] ඔහු දෙනෙත් හැර බැලුවේය.[/SIZE] [SIZE=3] “මට උණ වගේ පුතේ..”[/SIZE] [SIZE=3] මම පිටි අත්ල නළලට තබා බැලුවෙමි.[/SIZE] [SIZE=3] “හොඳටම උණනේ අප්පච්චි.. අපි යමු බෙහෙත් ටිකක් ගන්න..”[/SIZE] [SIZE=3] “එපා පුතේ.. ඔයාට වැඩට යන්න බැරි වෙනවනේ.. මට කොත්තමල්ලි ටිකක් හදලා දුන්නොත් ඇති..”[/SIZE] [SIZE=3] ඔහු කතා කළේ අපහසුවෙනි.[/SIZE] [SIZE=3] “නෑ අප්පච්චි.. මම ටෙලිග්‍රෑම් එකක් ගහන්නම්..”[/SIZE] [SIZE=3] මම ඉක්මනින් ආහාර පිසුවෙමි. ඒ අතර ලොකු නංගී අවදිව කුස්සියට පැමිණියාය.[/SIZE] [SIZE=3] “ලොකු නංගි අප්පච්චිට හොඳටම උණ..”[/SIZE] [SIZE=3] “එහෙනම් බෙහෙත් ගන්න වෙයි..”[/SIZE] [SIZE=3] “ඔව් අද මම වැඩට නොගිහින් ඉන්නවා..”[/SIZE] [SIZE=3] “අක්කා යන්න.. මම ඉස්කෝලෙ නොගිහින් ඉන්නම්..”[/SIZE] [SIZE=3] “ඔයාට බෑ අප්පච්චි එක්ක යන්න..”[/SIZE] [SIZE=3] “අක්කා නොගියොත් බනීද..?”[/SIZE] [SIZE=3] පෙර දිනක අසනීපව වැඩට නොයාම ගැන නාලනී මිස් බැණ වැදුණ බව මා ඇයට පවසා තිබුණි. යළිත් මා වැඩට නොගියොත් බැනුම් අසන්නට වේයැයි ඇය සිතන්නට ඇත.[/SIZE] [SIZE=3] “නෑ.. මම නොයන්නෙ හේතුවක් ඇතිවනේ..”[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom