Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴ අරුන්දිකා ෴ - යොවුන් නව කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු යළිත් කාරය පණගැන්වූයේ මසිත අවුල් කරවමිනි. සියල්ලෙහි වැරදිකාරයා මමය. ඔහුගේ සිතුවිලි අවුල් කරන්නේද මමය. මේ ප්‍රශ්න වලට කෙසේ මුහුණ දෙන්නේදැයි මට සිතුණි. ඔහු මා සොයා නාවා නම් මේ කිසිදු ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. එය මගෙ අවාසනාවකි. නිවස අසළට එනතුරුද අප ගොලුවන් සේ සිටියෙමු. කඩුල්ලට මදක් මෙහායින් ඔහු රිය නතර කළේය. ඒ නෙත් ගැටෙන මොහොතේ මම ඉවත බලා ගතිමි. නොඑසේ නම් අවුල් වන්නේ මසිතය. නමුදු කිසිවක් කියන්නට මසිත මුරගෑවේය. කොතනකින් ආරම්බ කළයුතු දැයි මට නොවැටහුණි.

“මට සමාවෙන්න..”

ඒ හඩ ඔහුට ඇසුණේදැයි මම නොදනිමි. රෝගී තත්වය නිසාම නොව මගේ සිත විඩාවට පත්ව තිබුණි.

“ඇයි අරුන්දිකා සමාව ඉල්ලන්නෙ..?”

“මම නිසා සර්ට ප්‍රශ්න ඇතිවෙයි..”

සිත තුළ පැන නැගි බොහෝ සිතුවිලි කෙටියෙන් මම හෙළි කළෙමි.

“මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම කියන්නෙ කියලා..”

එය මට විශ්වාස කළ නොහැකි විය.

“මම සර්ට කරදරයක් වුණා..”

මනෙතට කඳුළු පුරා ආවේය.

“ඔයාට පිස්සු..”

කිසිවක් නොවුනාසේ ඔහු සිනාසුනි. මා ඔහු දෙස බලා සිටියේ පුදුමයෙනි. ඔහුට මෙතරම් සැහැල්ලුවෙන් සිනාසෙන්නට හැකියාවක් ඇතැයි මම නොසිතුවෙමි.

“ඔයා යන්න.. උවමනා නැති දේවල් හිතන්නෙ නැතුව බේත් බීලා වැඩට එන්න..”

වැඩිහිටියෙකු කුඩා දරුවෙකුට ඔවදන් දෙන්නා සේ ඔහු කියාගෙන ගියේය. බෑග් දෙක අතට ගත් මම රියෙන් පිටතට පැමිණියෙමි. ඔහු බලා සිටියදීම මම ගෙදරට ගියෙමි.

මා වැඩට ගියේ තවත් දින කිහිපයකට පසුවය. උණ සම්පූර්ණයෙන්ම සුව වුවද වැඩට යාමට තරම් ශක්තියක් මවෙත නොවීය. අපහසුවෙන් වුවද හිත හදාගන්නට මම උත්සාහ කළෙමි. කාර්යාලයට ඇතුලුවන මොහොතේ මසිත පසුබා ගියේය. මා නොමැති වූ දිනයන් හී මොනවා සිදුවන්නට ඇතිදැයි මසිත පැටලිණි. මහේෂ් වනිගසූරිය කෙසේ මදෙස බලාවිදැයි මසිත පැවතියේ සැකයකි. ඔහු මා ගැන කාර්යාලයේ අය හා පවසා ඇත්දැයි මසිත බියවිය. නමුදු කළ හැකි අන් කිසිවක් නොවිය. මා වරදක් නොකළ විශ්වාසය පමණක් මසිත ඉතිරිව තිබුණි. ඒ සිතුවිල්ලේ ශක්තියෙන් මම හිස ඔසවා අවට බැලුවෙමි.

මා කාර්යාලයට ඇතුලු වන විට පැමිණ සිටියේ මිසිස් මානෙල් පමණි. මා ඇය දෙස වෙදනාටත් වඩා උවමනාවෙන් බැලුවේදැයි මට සිතුණි. ඒ ඇගේ ඉරියව් නිරීක්ෂණය කරන්නට සේය. ඈ සිනාසී දෙස බැලුවද සිනාසෙන්නට මට අමතක විය.

“අරුන්දිකා.. දැන් සනීපද..?”

ඈ මා අසළට ලංවී විමසුවාය.

“ඔව්..”

ඈ වෙතින් කිසිදු වෙනසක් හෝ දැන ගැනීමට නොහැකිය. එසේම ඈ යමක් දන්නේ නම් මෙලෙස මා සමග සුහදව කතා කරන්නේද නැත. කාර්යාලයෙන් මිදුනු මනෙතු දිව ගියේ ඈතින් පිහිට නිෂ්පාදන අංශය වෙතය. වැඩ පටන් ගැනීමට ආසන්න වූ නිසා ළමයින් ඉක්මන් ගමනින් එදෙසට ඇදුනහ. ඒ අතර ගීතිකාද විය. මා අදත් නොඑන්නට ඇතැයි ඇය සිතන්නට ඇත. නොඑසේ නම් ඇය මා සොයා කාර්යාලයට පැමිණෙයි.

මගේ නෙතු දිව ගියේ ඔහු සෙවීමටය. නමුදු දෑසට හසුවන මානයක ඔහු නොමැති විය. මහේෂ් වනිගසූරිය නොදැකීම සිතට එක්තරා අස්වැසිල්ලක් විය. මේසය අසළට ගිය මම අත්බෑගය පසෙකින් තබා හිඳගතිමි. පසුගිය දින වල අතපසු වූ වැඩ කිරීමට සන්සුන් වන්නට මම උත්සාහ කළෙමි.

“අරුන්දිකා.. ෆයිල් ටික මම කලා.. අඩුපාඩු තියෙනවද කියලා බලන්න..”

දිසානායක මහතා මා අතට ෆයිල් කවර කිහිපයක් දුන්නේය.

“ගොඩක් ස්තුතියි මිස්ටර් දිසානායක..”

“ඕක මොකක්ද අරුන්දිකා.. දැන් සනීපද..?”

“දැන් නම් හොඳයි..”

දහවල් වනතුරු හිස ඔසවා බැලීමට නොහැකි තරම් වැඩකටයුතු විය. මා ඒ සියල්ල කලේ කල්පනාවෙනි. සිත තුළ නොයෙක් පෙරලී ඇති වුවද මම ආයාසයෙන් ඒ සිතුවිලි වැඩ ගතිමි. අහේතුකව එක් ඇසිල්ලක මම හිස ඔසවා බැලිමි. ඒ මොහොතේ මනෙතු ගැටුනේ මහේෂ් වනිගසූරියයි. කාර්යාලයට පැමිණ ඔහු දෑස් යොමුව තිබුණේ මදෙසටය. ඒ දෑස්වල තිබුණේ කුමන හැඟීමක්දැයි මම නොදනිමි. ඔහුගේ නෙතු මා බියට පත් කිරීමට තරම් නපුරු විය. මසිත තිගැස්සුණි. ඔහු සෙමෙන් සෙමෙන් ලංවුනේ මා අසළටය. මගේ නෙතු බිමට නැඹුරු විය.

“ඊයෙ බඩු වගයක් ගෙනාවා.. මෙන්න බිල්..”

ඔහුගේ හඩ මට ඇසුනේ ඈත ලොවකින් පාව එන්නාක් මෙනි. ඔහු බිල්පත් කිහිපයක් මේසය උඩ තැබුවේය. එය තැබුවා නොව විසි කළේය. මනෙතු එක්වර ඔහු දෙසට යොමු විය. ඔහු මදෙස නොබලාම ආපසු හැරුණේය. ඔහු පිටව ගොස් බොහෝ වේලාවක් යනතුරුද මසිත පැවති බිය අඩුවක් නොවිය. ඔහු නිහඩව පවසන්නේ මා වරදක් කළ බවද..? ඔහු මා බියට පත් කරන්නේ ඒ වරදට පළිගැනීමට මෙනි. මගේ දෑත් වෙව්ලන්නට වූ නිසා අතරැදි පෑන මේසය මතට වැටුණි. විසිරී තිබුණු බිල්පත් අතටගත් මම මොහොතක් එදෙස බලා සිටියෙමි.

සිත තුළ නොසන්සුන්කම නිසාම මට වේලාව ගතවෙනවා නොදැනුණි. කෑම වේලාවද ලංව තිබුණ බව මට වැටහුණේ ෆැක්ටරිය දෙසින් ඇසුණු ළමයින්ගේ කතාබහ නිසාය. මිස් නාලනී හා මිසිස් මානෙල් අසුන්වලින් නැගිටිනවා මම නෙත් කොනින් දුටුවෙමි. කෑම කන්නට තරම් පිරියක් හෝ කුසගින්නක් මවෙත නොවීය.

මේ සියල්ලෙන් මිදී කොහේ හෝ තනිවෙන්නට ඇත්නම් යයි මට අනේකවර සිතුණි. සියල්ල සිතට මහමෙරක් තරම් විය. මසිතට යන්තම් හෝ අස්වැසිල්ලක් වූයේ මා සොයා එන ගීතිකා දැකීමෙනි. ගෙවී ගිය දිනයන් හී ඇය සමග කතා කිරීමට තරම් කාලයක් නොවුණි.

“ගීතිකා..”

සිත දවාලූ නොයෙක් සිතුවිලි සියල්ල යටපත් කර සිනාසීමට මට ඇගේ දසුන සමීප විය.

“කොහොමද ඉතින්.. මම හිතුවෙ අදත් එන්නෙ නැතුව ඇති කියලා.. මහේෂ් සර් ඔෆිස් එක පැත්තෙ ඉඳලා යනවා දැකලා මම ඇහුවා ඔයා ඇවිත්ද කියලා.. එයා අද උදේ අනිත් පැත්තෙන් නැගිටලද කොහෙද..? ඕනනම් ගිහින් බලාගන්න කිව්වා..”

ඈ සිනාසෙමින් කියවගෙන ගියාය. මසිත තිගැස්සුණි. ඔහුගේ මේ වෙනස මා නිසා ඇති වූවක් බව මට විශ්වාසය. මගේ මුවින් නොදැනුවත්වම මහා සුසුමක් පිටවිය. දෙතොළඟ රැදුණු සිනාව වියැකී ගියේය.

“ඇයි අරුනි.. මොකද එක පාරටම උනේ..?”

ගීතිකා මදෙස බැලුවේ විමසිල්ලෙනි.

“නෑ මුකුත් නෑ..”

මම ආයාසයෙන් මුවගට සිනාවක් නගා ගතිමි.

“ඉතින් දැන් උණ සනීපද..?”

ඈ මගේ ගෙලට පිටි අත්ල තබා බැලුවේය.

“දැන් නම් හොඳයි.. පහුගිය දවස් ටිකේ නම් හරියට අමාරු උනා..”

“අරුන්දිකා ලන්ච් ගන්නෙ නැද්ද..?”

දිසානායක මහතා පුටුවේ හිඳගෙනම විමසුවේය.

“මිස්ටර් දිසානායක යන්න.. මම තව ටිකකින් එන්නම්..”

ඔහුගෙන් මිදුනු නෙත් ගීතිකා වෙත යොමු විය.

“අදත් හවස වැඩද..?”

මේ සියල්ල ඇයට පවසා සිත සැහැල්ලු කරගැනීමේ අවශ්‍යතාවය මට වඩාත් දැනෙන්නට විය. සිතට සැහැල්ලුවක් නොලැබුණද සියල්ල පැවසීමට මට සිතුනෙමි. මා තනිවී ඇති සෙයක් මට දැනුණි. ඇගේ පිහිට මට අවශ්‍ය විය.

“ගිය සතියෙ හදිසි ඕඩර් එකක් ආවා.. හවස ඉන්න ඕනා.. ඇයි..?”

මසිත කඩා වැටුණි. සියල්ල තව දුරටත් සිතේ සිරකරගෙන පීඩා විඳීමට මට නොහැකිය.

“ඔයාට කියන්න කාරණාවක් තියෙනවා ගීති..”

ඈ විමසිල්ලෙන් මදෙස බැලුවාය. ඒ දෑස් වල තිබුණේ ප්‍රශ්නාර්ථයකි.

“ඇයි මොකක්ද..?”

“දැන් කියන්න බෑ.. නිදහසේ කියන්න ඕන.. පස්සෙ දවසක කියන්නම්..”

ඈ මගෙන් මිදී ගියේ විසිරුණු සිතින් බව මට විශ්වාසය. මගේ දුක් කරදර ඇගේ දුක් කරදර කරගෙන ඈ බොහෝ සිතන බව මම දනිමි. එය වරෙක මට ඉහිලුම් නොදෙන්නක් විය. ඈ පෙර කලෙක මගේ සොයුරියක් වන්නට ඇතැයි මට සිතුණි. ඇය මවක් සේ මට ඔවදන් දෙයි. බොහෝ විට තැලුණු මසිත සුවපත් කරයි.. අම්මා..! මගේ උගුරේ යමක් හිරවෙන්නාක් සේ දැනුණි.. මේ සියලු වේදනාවන්ට හේතුව ඇගේ රැකවරණය අහිමිවීම නොවේදැයි මට සිතුණි. පෙරකල සිට මා බොහෝ පව් පුරන්නනට ඇත. ඇය වෙනුවෙන් හඩා වැටීමට මනෙතු අග තවත් කඳුළු බිදු තිබේදැයි මම නොදනිමි. නමුදු මගේ දෑස කඳුළු පටලයකින් වැසී ගියේය.

“අරුන්දිකා.. ලන්ච් වලට යන්නෙ නැද්ද..?”

මා පියවි ලොවට පැමිණියේ මිස් මානෙල්ගේ හඬින්ය. ඇයට නොපෙනෙන්නට කදුලු පිසදාගත් මම බත්පතද රැගෙන නැගී සිටියෙමි.

මම ලන්ච් රූම් එක වෙත ගියේ නොසැලකිල්ලෙනි. කෑමට තරම් පිරියක් මවෙත නොවීය. මා යන විට එහි උන්නේ දිසානායක මහතා පමණි.

“මම කාලා ඉවරයි.. අරුන්දිකා කාලා එන්න..”

ඔහුත් නැගී සිටියෙන් මම තනි උනෙමි. මම සිතුවිලි අතර වල්මත්ව සිටි වේලේ කාමරයේ දොර හැරෙනු යාන්තමින් දුටුවෙමි. මසිත තිගැස්සුණි. දොර හැරගෙන ඇතුළට එන්නේ කවුරුන්දැයි යන්න පවා සිතීමට මවෙත ඉඩක් නොවුණි.

මනෙතු බිමට නැඹුරු විය. ඔහු දෙස බැලීමට තරම් ශක්තියක් නිවැරදි බව දන්නේ මා පමණකි. ඔහුගේ සිතුවිලි නිවැරදි නොවේයැයි පවසන්නට මවෙත ශක්තියක් නොවේ. ඒ ඔහු දෑසින් දුටු දෙයක් සත්‍යයෙන් තොර යැයි නොපිළිගන්නා හෙයිනි. නමුදු ඔහු දන්නා සත්‍ය කුමක්ද..? එය පහදා දෙන්නට මගක් හෝ මවෙත නොවීය. එසේම තත්‍ය පහදා දෙන්නට තරම් මා ඔහු වෙත බැඳී නැත. එසේ කළ මා තවත් තැවෙන්නේ කුමකටදැයි මම සිතුවෙමි. එය එසේ වුවද සියල්ල සන්සුන් වෙතැයි මා කෙසේ සිතන්නද..?

කාමරයට පැමිණ මහේෂ් වනිගසූරිය කෑම පාර්සලය මේසය මත තබා අත සෝදනවා මම නෙත් කොනින් දුටුවෙමි. ඔහු අසළින් මිදී පැන දුවන්නට සිත් වුවද ඔහු මඟ හැරීමට උත්සාහ කිරීමෙන් මා වරදක් කරා යැයි නිරායාසයෙන්ම ඔහු තීරණය කරනු ඇත. අපහසුවෙන් වුවද මම එලෙසම සිටියෙමි. මේසය අනෙක් කෙළවරේ මා ඉදිරිපටි තිබුණු පුටුවේ ඔහු හිඳගත්තේය. හිස ඔසවා නොබලන්නට මම තීරණය කළෙමි. ඔහු අද බොහෝ සන්සුන් යැයි මට සිතුණි. ඒ සන්සුන්කම නොසන්සුන්කමේ ආරම්භයදැයි මට නොවැටහුණි. මෙතෙක් වේලා අත ගගා සිටි බත්පත ගුලි කොට මම නැගී සිටියෙමි.

“පැනලා දුවන්න හදන්න එපා..”

ඒ හඩ වේගවත්ය. ඔහුට එතරම් වේගයෙන් කතා කිරීමට හැකි බව මම දැන සිටියද එලෙස කතා කිරීමට අයිතියක් තිබේදැයි මම නොදනිමි.

“මම කාලා ඉවරයි..”

කුමක් හෝ කියන්නට සිදු වූ නිසා ම එලෙස පැවසිමි.

“මම දැක්කොත් තමයි බයේ දුවන්නෙ..”

ඔහු සූක්ෂම ලෙස මාතෘකාවට පිවිසුනා යැයි මට සිතුණි. ඉතිකින් මේ සන්සුන් බවේ අනන්තය වන්නට ඇත. මා කුමක් කිව යුතු දැයි මට නොවැටහුණි.

“මම දන්නවා සර් කියන්න හදන දේ..”

මගේ හඬ බිඳිණි. මේ තරම් අසණ වන්නට සිදුව්නනේ මගේ පව්කාරකමටය. ඔහු මා පෙලන්නට සැරසෙන්නේද මගේ අසරණකම දැනගෙනය. කෙසේ වුවද සියල්ල කියා අවසන් කළ යුතුයැයි මට සිතුණි. නොඑසේ නම් මට විඳවන්නට සිදුවනු ඇත.

“සර්.. මොකුත් නොදැනයි මේ විදියට මට කතා කරන්නෙ..”

නෙතට කඳුළු නොනැගෙන්නට මම ප්‍රවේශම් විමි.

“මගේ ඇස් දෙකට දැක්ක දේවල් බොරු කරන්න හදන්න එපා.. තව එකක්.. මම දැක්ක නිසා හොදයි.. මේ ෆැක්ටරියෙ වෙන කවුරු හරි දැක්කා නම් අරුන්දිකා අද ඔලුව උස්සගෙන මෙහෙ ඉන්නෑ..”

ඔහු සියල්ල තීරණය කර හමාරය. ඔහු දුටුවේ කුමක්ද..? ඒ කාංචන මුදන්නායකගේ කාරයේ පැමිණි බව පමණි. ඔහු සියල්ල තීරණය කර ඇත්තේ ඒ දසුණෙනි.

“අරුන්දිකා දන්නවද කාංචන මැරි කරන්න ඉන්නෙ නර්මදාව..”

“මම දන්නවා..”

“දන්නවා නම් එයාගෙ කාර් එකේ ගියේ මොනාටද..?”

මගේ අප්පච්චීත් මෙතරම් වේගයෙන් මට කතා කර නැත. මනෙතු කඳුලු පුරා ආවේය. නිකරුනේ ඔහු මා සැක කරයි.

“සර් හිතන දෙයක් සිද්ධ වෙලා නෑ.. මට ඕනකමක් නෑ අනුන්ගෙ දෙයක් අයිති කරගන්න..”

කඳුළු අතරින් මම එලෙස පැවසුවෙමි.

“අයිති කරගන්න ඕන නෑ.. ඔහොම ගියාම ඇති..”

ඔහු මේ තරම් අශීලාචාර පුද්ගලයෙක්දැයි මම නොදැන සිටියෙමි. මගේ නෙත කදුළු අලුත් වූයේ වේදනාවට නොව ඔහුගේ නොහික්මුණු කතාවටය.

“මිස්ටර් මහේෂ් වනිගසූරිය.. පව් කතා කියන්න එපා..”

මම කිසිදා මෙතරම් සැරෙන් කාටවත් කතා කර නැත. මසිත ඔහු පිළිබඳව ඇතිවූයේ කෝපයකි.

“පව් වැඩ කරන්න හොඳයි.. කියන්න හොඳ නෑ..”

ඔහුගේ දෙනෙතින් කෝපය පිටවිය. ඒ දෙනෙත් දෙස බැලීමට තරම් ශක්තියක් මට නොවීය. ඔහු දෙස නොබලාම මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. මගේ දෙනෙතින් කඳුළු ගලා හැලෙන්නට විය. මහා විනාශයක ආරම්භය එයදැයි මම නොදනිමි. කාංචන මුදන්නායක සොයා ගොස් බැණ වදින්නට තරම් මට සිත්විය. මේ සියල්ල වූයේ ඔහු නිසා නොවේ දැයි මට සිතුණි. මා ඔහුගේ උදව් ප්‍රතික්ෂේප නොකළේ මන්දැයි සිත දොස් නැගීය. පිටතින් සන්සුන් වන්නට උත්සාහ කළද මා දහස්වර සැලුණි.

[QUOTE="crazybuddy, post: 13576960, member: 326070"] [B][SIZE=3][COLOR=Blue]ඔහු යළිත් කාරය පණගැන්වූයේ මසිත අවුල් කරවමිනි. සියල්ලෙහි වැරදිකාරයා මමය. ඔහුගේ සිතුවිලි අවුල් කරන්නේද මමය. මේ ප්‍රශ්න වලට කෙසේ මුහුණ දෙන්නේදැයි මට සිතුණි. ඔහු මා සොයා නාවා නම් මේ කිසිදු ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. එය මගෙ අවාසනාවකි. නිවස අසළට එනතුරුද අප ගොලුවන් සේ සිටියෙමු. කඩුල්ලට මදක් මෙහායින් ඔහු රිය නතර කළේය. ඒ නෙත් ගැටෙන මොහොතේ මම ඉවත බලා ගතිමි. නොඑසේ නම් අවුල් වන්නේ මසිතය. නමුදු කිසිවක් කියන්නට මසිත මුරගෑවේය. කොතනකින් ආරම්බ කළයුතු දැයි මට නොවැටහුණි. “මට සමාවෙන්න..” ඒ හඩ ඔහුට ඇසුණේදැයි මම නොදනිමි. රෝගී තත්වය නිසාම නොව මගේ සිත විඩාවට පත්ව තිබුණි. “ඇයි අරුන්දිකා සමාව ඉල්ලන්නෙ..?” “මම නිසා සර්ට ප්‍රශ්න ඇතිවෙයි..” සිත තුළ පැන නැගි බොහෝ සිතුවිලි කෙටියෙන් මම හෙළි කළෙමි. “මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම කියන්නෙ කියලා..” එය මට විශ්වාස කළ නොහැකි විය. “මම සර්ට කරදරයක් වුණා..” මනෙතට කඳුළු පුරා ආවේය. “ඔයාට පිස්සු..” කිසිවක් නොවුනාසේ ඔහු සිනාසුනි. මා ඔහු දෙස බලා සිටියේ පුදුමයෙනි. ඔහුට මෙතරම් සැහැල්ලුවෙන් සිනාසෙන්නට හැකියාවක් ඇතැයි මම නොසිතුවෙමි. “ඔයා යන්න.. උවමනා නැති දේවල් හිතන්නෙ නැතුව බේත් බීලා වැඩට එන්න..” වැඩිහිටියෙකු කුඩා දරුවෙකුට ඔවදන් දෙන්නා සේ ඔහු කියාගෙන ගියේය. බෑග් දෙක අතට ගත් මම රියෙන් පිටතට පැමිණියෙමි. ඔහු බලා සිටියදීම මම ගෙදරට ගියෙමි. මා වැඩට ගියේ තවත් දින කිහිපයකට පසුවය. උණ සම්පූර්ණයෙන්ම සුව වුවද වැඩට යාමට තරම් ශක්තියක් මවෙත නොවීය. අපහසුවෙන් වුවද හිත හදාගන්නට මම උත්සාහ කළෙමි. කාර්යාලයට ඇතුලුවන මොහොතේ මසිත පසුබා ගියේය. මා නොමැති වූ දිනයන් හී මොනවා සිදුවන්නට ඇතිදැයි මසිත පැටලිණි. මහේෂ් වනිගසූරිය කෙසේ මදෙස බලාවිදැයි මසිත පැවතියේ සැකයකි. ඔහු මා ගැන කාර්යාලයේ අය හා පවසා ඇත්දැයි මසිත බියවිය. නමුදු කළ හැකි අන් කිසිවක් නොවිය. මා වරදක් නොකළ විශ්වාසය පමණක් මසිත ඉතිරිව තිබුණි. ඒ සිතුවිල්ලේ ශක්තියෙන් මම හිස ඔසවා අවට බැලුවෙමි. මා කාර්යාලයට ඇතුලු වන විට පැමිණ සිටියේ මිසිස් මානෙල් පමණි. මා ඇය දෙස වෙදනාටත් වඩා උවමනාවෙන් බැලුවේදැයි මට සිතුණි. ඒ ඇගේ ඉරියව් නිරීක්ෂණය කරන්නට සේය. ඈ සිනාසී දෙස බැලුවද සිනාසෙන්නට මට අමතක විය. “අරුන්දිකා.. දැන් සනීපද..?” ඈ මා අසළට ලංවී විමසුවාය. “ඔව්..” ඈ වෙතින් කිසිදු වෙනසක් හෝ දැන ගැනීමට නොහැකිය. එසේම ඈ යමක් දන්නේ නම් මෙලෙස මා සමග සුහදව කතා කරන්නේද නැත. කාර්යාලයෙන් මිදුනු මනෙතු දිව ගියේ ඈතින් පිහිට නිෂ්පාදන අංශය වෙතය. වැඩ පටන් ගැනීමට ආසන්න වූ නිසා ළමයින් ඉක්මන් ගමනින් එදෙසට ඇදුනහ. ඒ අතර ගීතිකාද විය. මා අදත් නොඑන්නට ඇතැයි ඇය සිතන්නට ඇත. නොඑසේ නම් ඇය මා සොයා කාර්යාලයට පැමිණෙයි. මගේ නෙතු දිව ගියේ ඔහු සෙවීමටය. නමුදු දෑසට හසුවන මානයක ඔහු නොමැති විය. මහේෂ් වනිගසූරිය නොදැකීම සිතට එක්තරා අස්වැසිල්ලක් විය. මේසය අසළට ගිය මම අත්බෑගය පසෙකින් තබා හිඳගතිමි. පසුගිය දින වල අතපසු වූ වැඩ කිරීමට සන්සුන් වන්නට මම උත්සාහ කළෙමි. “අරුන්දිකා.. ෆයිල් ටික මම කලා.. අඩුපාඩු තියෙනවද කියලා බලන්න..” දිසානායක මහතා මා අතට ෆයිල් කවර කිහිපයක් දුන්නේය. “ගොඩක් ස්තුතියි මිස්ටර් දිසානායක..” “ඕක මොකක්ද අරුන්දිකා.. දැන් සනීපද..?” “දැන් නම් හොඳයි..” දහවල් වනතුරු හිස ඔසවා බැලීමට නොහැකි තරම් වැඩකටයුතු විය. මා ඒ සියල්ල කලේ කල්පනාවෙනි. සිත තුළ නොයෙක් පෙරලී ඇති වුවද මම ආයාසයෙන් ඒ සිතුවිලි වැඩ ගතිමි. අහේතුකව එක් ඇසිල්ලක මම හිස ඔසවා බැලිමි. ඒ මොහොතේ මනෙතු ගැටුනේ මහේෂ් වනිගසූරියයි. කාර්යාලයට පැමිණ ඔහු දෑස් යොමුව තිබුණේ මදෙසටය. ඒ දෑස්වල තිබුණේ කුමන හැඟීමක්දැයි මම නොදනිමි. ඔහුගේ නෙතු මා බියට පත් කිරීමට තරම් නපුරු විය. මසිත තිගැස්සුණි. ඔහු සෙමෙන් සෙමෙන් ලංවුනේ මා අසළටය. මගේ නෙතු බිමට නැඹුරු විය. “ඊයෙ බඩු වගයක් ගෙනාවා.. මෙන්න බිල්..” ඔහුගේ හඩ මට ඇසුනේ ඈත ලොවකින් පාව එන්නාක් මෙනි. ඔහු බිල්පත් කිහිපයක් මේසය උඩ තැබුවේය. එය තැබුවා නොව විසි කළේය. මනෙතු එක්වර ඔහු දෙසට යොමු විය. ඔහු මදෙස නොබලාම ආපසු හැරුණේය. ඔහු පිටව ගොස් බොහෝ වේලාවක් යනතුරුද මසිත පැවති බිය අඩුවක් නොවිය. ඔහු නිහඩව පවසන්නේ මා වරදක් කළ බවද..? ඔහු මා බියට පත් කරන්නේ ඒ වරදට පළිගැනීමට මෙනි. මගේ දෑත් වෙව්ලන්නට වූ නිසා අතරැදි පෑන මේසය මතට වැටුණි. විසිරී තිබුණු බිල්පත් අතටගත් මම මොහොතක් එදෙස බලා සිටියෙමි. සිත තුළ නොසන්සුන්කම නිසාම මට වේලාව ගතවෙනවා නොදැනුණි. කෑම වේලාවද ලංව තිබුණ බව මට වැටහුණේ ෆැක්ටරිය දෙසින් ඇසුණු ළමයින්ගේ කතාබහ නිසාය. මිස් නාලනී හා මිසිස් මානෙල් අසුන්වලින් නැගිටිනවා මම නෙත් කොනින් දුටුවෙමි. කෑම කන්නට තරම් පිරියක් හෝ කුසගින්නක් මවෙත නොවීය. මේ සියල්ලෙන් මිදී කොහේ හෝ තනිවෙන්නට ඇත්නම් යයි මට අනේකවර සිතුණි. සියල්ල සිතට මහමෙරක් තරම් විය. මසිතට යන්තම් හෝ අස්වැසිල්ලක් වූයේ මා සොයා එන ගීතිකා දැකීමෙනි. ගෙවී ගිය දිනයන් හී ඇය සමග කතා කිරීමට තරම් කාලයක් නොවුණි. “ගීතිකා..” සිත දවාලූ නොයෙක් සිතුවිලි සියල්ල යටපත් කර සිනාසීමට මට ඇගේ දසුන සමීප විය. “කොහොමද ඉතින්.. මම හිතුවෙ අදත් එන්නෙ නැතුව ඇති කියලා.. මහේෂ් සර් ඔෆිස් එක පැත්තෙ ඉඳලා යනවා දැකලා මම ඇහුවා ඔයා ඇවිත්ද කියලා.. එයා අද උදේ අනිත් පැත්තෙන් නැගිටලද කොහෙද..? ඕනනම් ගිහින් බලාගන්න කිව්වා..” ඈ සිනාසෙමින් කියවගෙන ගියාය. මසිත තිගැස්සුණි. ඔහුගේ මේ වෙනස මා නිසා ඇති වූවක් බව මට විශ්වාසය. මගේ මුවින් නොදැනුවත්වම මහා සුසුමක් පිටවිය. දෙතොළඟ රැදුණු සිනාව වියැකී ගියේය. “ඇයි අරුනි.. මොකද එක පාරටම උනේ..?” ගීතිකා මදෙස බැලුවේ විමසිල්ලෙනි. “නෑ මුකුත් නෑ..” මම ආයාසයෙන් මුවගට සිනාවක් නගා ගතිමි. “ඉතින් දැන් උණ සනීපද..?” ඈ මගේ ගෙලට පිටි අත්ල තබා බැලුවේය. “දැන් නම් හොඳයි.. පහුගිය දවස් ටිකේ නම් හරියට අමාරු උනා..” “අරුන්දිකා ලන්ච් ගන්නෙ නැද්ද..?” දිසානායක මහතා පුටුවේ හිඳගෙනම විමසුවේය. “මිස්ටර් දිසානායක යන්න.. මම තව ටිකකින් එන්නම්..” ඔහුගෙන් මිදුනු නෙත් ගීතිකා වෙත යොමු විය. “අදත් හවස වැඩද..?” මේ සියල්ල ඇයට පවසා සිත සැහැල්ලු කරගැනීමේ අවශ්‍යතාවය මට වඩාත් දැනෙන්නට විය. සිතට සැහැල්ලුවක් නොලැබුණද සියල්ල පැවසීමට මට සිතුනෙමි. මා තනිවී ඇති සෙයක් මට දැනුණි. ඇගේ පිහිට මට අවශ්‍ය විය. “ගිය සතියෙ හදිසි ඕඩර් එකක් ආවා.. හවස ඉන්න ඕනා.. ඇයි..?” මසිත කඩා වැටුණි. සියල්ල තව දුරටත් සිතේ සිරකරගෙන පීඩා විඳීමට මට නොහැකිය. “ඔයාට කියන්න කාරණාවක් තියෙනවා ගීති..” ඈ විමසිල්ලෙන් මදෙස බැලුවාය. ඒ දෑස් වල තිබුණේ ප්‍රශ්නාර්ථයකි. “ඇයි මොකක්ද..?” “දැන් කියන්න බෑ.. නිදහසේ කියන්න ඕන.. පස්සෙ දවසක කියන්නම්..” ඈ මගෙන් මිදී ගියේ විසිරුණු සිතින් බව මට විශ්වාසය. මගේ දුක් කරදර ඇගේ දුක් කරදර කරගෙන ඈ බොහෝ සිතන බව මම දනිමි. එය වරෙක මට ඉහිලුම් නොදෙන්නක් විය. ඈ පෙර කලෙක මගේ සොයුරියක් වන්නට ඇතැයි මට සිතුණි. ඇය මවක් සේ මට ඔවදන් දෙයි. බොහෝ විට තැලුණු මසිත සුවපත් කරයි.. අම්මා..! මගේ උගුරේ යමක් හිරවෙන්නාක් සේ දැනුණි.. මේ සියලු වේදනාවන්ට හේතුව ඇගේ රැකවරණය අහිමිවීම නොවේදැයි මට සිතුණි. පෙරකල සිට මා බොහෝ පව් පුරන්නනට ඇත. ඇය වෙනුවෙන් හඩා වැටීමට මනෙතු අග තවත් කඳුළු බිදු තිබේදැයි මම නොදනිමි. නමුදු මගේ දෑස කඳුළු පටලයකින් වැසී ගියේය. “අරුන්දිකා.. ලන්ච් වලට යන්නෙ නැද්ද..?” මා පියවි ලොවට පැමිණියේ මිස් මානෙල්ගේ හඬින්ය. ඇයට නොපෙනෙන්නට කදුලු පිසදාගත් මම බත්පතද රැගෙන නැගී සිටියෙමි. මම ලන්ච් රූම් එක වෙත ගියේ නොසැලකිල්ලෙනි. කෑමට තරම් පිරියක් මවෙත නොවීය. මා යන විට එහි උන්නේ දිසානායක මහතා පමණි. “මම කාලා ඉවරයි.. අරුන්දිකා කාලා එන්න..” ඔහුත් නැගී සිටියෙන් මම තනි උනෙමි. මම සිතුවිලි අතර වල්මත්ව සිටි වේලේ කාමරයේ දොර හැරෙනු යාන්තමින් දුටුවෙමි. මසිත තිගැස්සුණි. දොර හැරගෙන ඇතුළට එන්නේ කවුරුන්දැයි යන්න පවා සිතීමට මවෙත ඉඩක් නොවුණි. මනෙතු බිමට නැඹුරු විය. ඔහු දෙස බැලීමට තරම් ශක්තියක් නිවැරදි බව දන්නේ මා පමණකි. ඔහුගේ සිතුවිලි නිවැරදි නොවේයැයි පවසන්නට මවෙත ශක්තියක් නොවේ. ඒ ඔහු දෑසින් දුටු දෙයක් සත්‍යයෙන් තොර යැයි නොපිළිගන්නා හෙයිනි. නමුදු ඔහු දන්නා සත්‍ය කුමක්ද..? එය පහදා දෙන්නට මගක් හෝ මවෙත නොවීය. එසේම තත්‍ය පහදා දෙන්නට තරම් මා ඔහු වෙත බැඳී නැත. එසේ කළ මා තවත් තැවෙන්නේ කුමකටදැයි මම සිතුවෙමි. එය එසේ වුවද සියල්ල සන්සුන් වෙතැයි මා කෙසේ සිතන්නද..? කාමරයට පැමිණ මහේෂ් වනිගසූරිය කෑම පාර්සලය මේසය මත තබා අත සෝදනවා මම නෙත් කොනින් දුටුවෙමි. ඔහු අසළින් මිදී පැන දුවන්නට සිත් වුවද ඔහු මඟ හැරීමට උත්සාහ කිරීමෙන් මා වරදක් කරා යැයි නිරායාසයෙන්ම ඔහු තීරණය කරනු ඇත. අපහසුවෙන් වුවද මම එලෙසම සිටියෙමි. මේසය අනෙක් කෙළවරේ මා ඉදිරිපටි තිබුණු පුටුවේ ඔහු හිඳගත්තේය. හිස ඔසවා නොබලන්නට මම තීරණය කළෙමි. ඔහු අද බොහෝ සන්සුන් යැයි මට සිතුණි. ඒ සන්සුන්කම නොසන්සුන්කමේ ආරම්භයදැයි මට නොවැටහුණි. මෙතෙක් වේලා අත ගගා සිටි බත්පත ගුලි කොට මම නැගී සිටියෙමි. “පැනලා දුවන්න හදන්න එපා..” ඒ හඩ වේගවත්ය. ඔහුට එතරම් වේගයෙන් කතා කිරීමට හැකි බව මම දැන සිටියද එලෙස කතා කිරීමට අයිතියක් තිබේදැයි මම නොදනිමි. “මම කාලා ඉවරයි..” කුමක් හෝ කියන්නට සිදු වූ නිසා ම එලෙස පැවසිමි. “මම දැක්කොත් තමයි බයේ දුවන්නෙ..” ඔහු සූක්ෂම ලෙස මාතෘකාවට පිවිසුනා යැයි මට සිතුණි. ඉතිකින් මේ සන්සුන් බවේ අනන්තය වන්නට ඇත. මා කුමක් කිව යුතු දැයි මට නොවැටහුණි. “මම දන්නවා සර් කියන්න හදන දේ..” මගේ හඬ බිඳිණි. මේ තරම් අසණ වන්නට සිදුව්නනේ මගේ පව්කාරකමටය. ඔහු මා පෙලන්නට සැරසෙන්නේද මගේ අසරණකම දැනගෙනය. කෙසේ වුවද සියල්ල කියා අවසන් කළ යුතුයැයි මට සිතුණි. නොඑසේ නම් මට විඳවන්නට සිදුවනු ඇත. “සර්.. මොකුත් නොදැනයි මේ විදියට මට කතා කරන්නෙ..” නෙතට කඳුළු නොනැගෙන්නට මම ප්‍රවේශම් විමි. “මගේ ඇස් දෙකට දැක්ක දේවල් බොරු කරන්න හදන්න එපා.. තව එකක්.. මම දැක්ක නිසා හොදයි.. මේ ෆැක්ටරියෙ වෙන කවුරු හරි දැක්කා නම් අරුන්දිකා අද ඔලුව උස්සගෙන මෙහෙ ඉන්නෑ..” ඔහු සියල්ල තීරණය කර හමාරය. ඔහු දුටුවේ කුමක්ද..? ඒ කාංචන මුදන්නායකගේ කාරයේ පැමිණි බව පමණි. ඔහු සියල්ල තීරණය කර ඇත්තේ ඒ දසුණෙනි. “අරුන්දිකා දන්නවද කාංචන මැරි කරන්න ඉන්නෙ නර්මදාව..” “මම දන්නවා..” “දන්නවා නම් එයාගෙ කාර් එකේ ගියේ මොනාටද..?” මගේ අප්පච්චීත් මෙතරම් වේගයෙන් මට කතා කර නැත. මනෙතු කඳුලු පුරා ආවේය. නිකරුනේ ඔහු මා සැක කරයි. “සර් හිතන දෙයක් සිද්ධ වෙලා නෑ.. මට ඕනකමක් නෑ අනුන්ගෙ දෙයක් අයිති කරගන්න..” කඳුළු අතරින් මම එලෙස පැවසුවෙමි. “අයිති කරගන්න ඕන නෑ.. ඔහොම ගියාම ඇති..” ඔහු මේ තරම් අශීලාචාර පුද්ගලයෙක්දැයි මම නොදැන සිටියෙමි. මගේ නෙත කදුළු අලුත් වූයේ වේදනාවට නොව ඔහුගේ නොහික්මුණු කතාවටය. “මිස්ටර් මහේෂ් වනිගසූරිය.. පව් කතා කියන්න එපා..” මම කිසිදා මෙතරම් සැරෙන් කාටවත් කතා කර නැත. මසිත ඔහු පිළිබඳව ඇතිවූයේ කෝපයකි. “පව් වැඩ කරන්න හොඳයි.. කියන්න හොඳ නෑ..” ඔහුගේ දෙනෙතින් කෝපය පිටවිය. ඒ දෙනෙත් දෙස බැලීමට තරම් ශක්තියක් මට නොවීය. ඔහු දෙස නොබලාම මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. මගේ දෙනෙතින් කඳුළු ගලා හැලෙන්නට විය. මහා විනාශයක ආරම්භය එයදැයි මම නොදනිමි. කාංචන මුදන්නායක සොයා ගොස් බැණ වදින්නට තරම් මට සිත්විය. මේ සියල්ල වූයේ ඔහු නිසා නොවේ දැයි මට සිතුණි. මා ඔහුගේ උදව් ප්‍රතික්ෂේප නොකළේ මන්දැයි සිත දොස් නැගීය. පිටතින් සන්සුන් වන්නට උත්සාහ කළද මා දහස්වර සැලුණි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom