Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ ඒ මගේ මලයි ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරිගමයගෙ ගෙවල් තිබ්බෙ කුණ්ඩසාලෙ.. කුණ්ඩසාලෙ කියල කිව්වට ටවුන් එක පහු කරල ටිකක් දුර යන්න ඕන.. කොටින්ම කියනවා නම් කිරි මංඩල පාරේ..

මගේ ෆුල් ඔෆ්ෂන් චැලියත් අරගෙන සරිගමයලහට යනකොට සෙට් එකම එතන.. ලොකු පුතයි, ශිහානුයි, අමිලයි, තව මං වැඩිපුර දැකලා නැති බුවෙකුයි මිදුලෙ බට් අඹ ගහයට පුංචි බංකුවක වාඩිවෙලා හිටියා.. මං අදුනන්නෙ නැති බුවා, සමහර විට අමිලගෙ අඹයෙක් වෙන්නැති.. ඌ තමයි හිටපු ගමන් ඔය නාදුනන පුද්ගලයෝ අරගෙන කඩන් පාත්වෙන්නේ.. සෙට් එකේ අඩුවකට තිබ්බෙ බිංදු නැති එක විතරයි..

"බිංදු දන්නැද්ද අපි මෙතන සෙට් වෙනවා කියලා..?"

බට් අඹ ගහට එහායින් චැලිය නවත්තලා මං ඇහුවා.. හැම එකාම බලන් හිටියෙ මගේ දිහා..

"නෑ බන්ටි.. ඌ සමහර විට ටොරින්ටන් පාක් පැත්තෙ කරකැවිලා මෙහේ එයි.. ඒත් ඊට කලින් අපි වැඩේ ඉවර කරලා තියෙන්න ඕන.."

මං ප්‍රශ්නෙ ඇහුවෙ චාමිකගෙන් උනත් උත්තරේ හම්බ වුණේ ශිහාන්ගෙන්.. ඒ කියන්නෙ බිංදුගෙ ලව් එකේ වර්ථමාන තත්වෙ ගැන මට වැඩිය මුං හැමෝම දන්නවා.. ඔක්කොටම කලින් ඒ ගැන සහ සුද්දෙන්ම දැනගෙන ඉන්නෙක ඇගට ගුණයි කියලා මට හිතුණා..

"නිරෝෂි වෙන බුවෙක් එක්ක සෙට් වෙලා කියන්න මං දන්නවා.. කොහොමද ඒක වෙලා තියෙන්නේ..?"

මං කෙලින්ම ප්‍රශ්නෙට බැස්සා.. ඒ අතරෙ ගේ ඇතුළෙ ඉදන් සරිගමයා බොක්ස් ගිටාර් එකත් අරගෙන එළියට ආවා.. මියුසික් වලට පිස්සු වැටිලා ඉන්න හින්ද අපි ආදරේට සරිගම කිව්වට උගේ ඔරිජිනල් නම සුරේන්.. මූත් හරියට රෝමය ගිනි ගනිද්දි විණාව ගහපු මනුස්සයා වගේ තමයි.. මෙහේ බිංදුට කෙලවෙලා.. මූ ගිටාර්ගහනවා..

"වෙලා තියෙන්නෙ කොහොමද කියලා දන්නෑ.. ඒත් ඒක කොහොම හරි වෙලා බන්ටි.. සීන් එක අපිට මුලින්ම කිව්වෙ අමිලගෙ අඹයා.. මේ ඉන්නේ.. මූ නිරෝෂිව ටිකක් දන්නවා.. සෙට් වෙලා ඉන්නෙ බිංදු එක්ක කියලත් දන්නවා.."

ලොකු පුතා, අමිල එක්ක ආපු බුවා දිහාට ඇගිල්ල දික් කරා.. එහෙනම් සීන් එකේ රහස් ඔත්තුකාරයා මෑන් තමයි.. ඒත් මූව කොහොමද එක පාරටම විශ්වාස කරන්නේ..?

"අමිල.. උඹට මූව ෂුවර්ද..?"

අලුත් බුවා දිහාට ඇගිල්ල දික් කරලා මං කෙලින්ම ඇහුවා.. කොහොමටත් මේ වගේ දේවල් වලදි මං ගාව බබා පාට් නෑ.. ඒවා ගෙදෙට්ට විතරයි.. කොල්ලෙ සෙට් එකත් ඒක දන්නවා.. ඒකයි උං මේ වගේ අවුල් වැඩ වලදි මට ලීඩර් ෂිප් එක දෙන්නේ.. මං කියන කිසිම දේකට හා හූ ගාන්නෙ නැත්තේ..

"මූ බොරුවක් කරන්නෑ.. බන්ටි.. අනික බොරුවක් කරල මූට වැඩක් නෑ.."

අමිල, බුවාගෙ පැත්තට කතා කරා.. ඔව් ඉතිං.. එක්කගෙන ආව නම් උගේ පැත්ත ගන්නත් එපැයි.. නැත්නම් ඉතිං බන්ටිගෙන් සොරිම තමා.. මං ආයෙත් කතා කරන්න හදනකොටම අලුතෙන් ආපු බුවා කට හදනවා මං දැක්කා..

"ම.. මං ගැන එහෙම මුකුත් හිතන්නෙපා බන්ටි අයියා.. මේ අමිල අයියගෙන් මං ගැන අහලා බලන්න.. මං දැකපු දේ තමයි මං කිව්වේ.. බින්දු අයියා ඔයාගෙ යාළුවෙක් කියලා මං දන්නවා.. ඒකයි.."

අලුත් බුවා නහය බර කරගෙන කතා කරා..

"හරි එහෙනම් දන්න දේවල්, දැකපු දේවල් මටත් කියමුකෝ බලන්න.."

පුංචි බංකුව උඩ මං හරි බරි ගැහුණා.. අලුත් බුවා ආයෙත් කට හැදුවා..

"දැන් සතියකට විතර කලින් මං බින්දු අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැටඹෙ පන්සල ළගදි දැක්කා.. තව සුදු කොල්ලෙක් එක්ක ඉන්නවා.. මං හිතුනා නිරෝෂිගෙ අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි වෙන්නැති කියලා.. ඒත් ටිකක් වෙලා යද්දි මට තේරුණා එතන යන්නෙ ලව් සීන් එකක් කියලා.. කපල් එක පන්සලෙන් එළියට ආවෙත් අත්වලින් අල්ලගෙන හිනාවෙවී.."

"කතන්දරේ ඔච්චර නම් මට කියන්න තියෙන්නෙ අපි මේකට කලබල වෙන්න ඕන නෑ කියලා.. අපි තව ටිකක් හොයමු.. ඔය වගේ දේකින් නිරෝෂි වෙන එකෙක් එක්ක සෙට්වෙලා කියලා අපිට කියන්න බෑ..."

මොන හේතුවක් හින්දද මංදා, අමිලගෙ අඹයව විශ්වාස කරන්න මට හිතුණෙම නෑ.. ඒකයි මං අනිත් පැත්තට කතා කරේ.. නැත්තං ඔය කියපු ටිකම මැදෑ නිරෝෂි එක්ක සෙට් වෙලා ඉන්න ඇටකිච්චගෙ හන්දි ගලවන්න..

ඒත් මං නොදන්න හුගාක් දේවල් වෙලා තිබුණා.. ඒවා එකින් එකට මට තේරුණේ කතාව දිගටම කරගෙන යද්දි..

"කතන්දරේ ඉවර නෑ බන්ටි අයියා.. ඒ දෙන්නා වෙන්වෙලා යද්දි නිරෝෂිගෙ නළලට අර සුදු කොල්ලා කිස් එකකුත් දුන්නා.. අතත් අල්ලලා ඉම්ඹා.."

"මල්ලි.. ඔයා කියන දේවල් ඇත්ත නම් වැඩේ සීරියස් පාටයි.. අපි ගාව දැනට ඩීටේල්ස් මේ ටික විතරද චාමික..?"

"තව තියෙනවා බන්ටි.. පෙරේදා අපේ සුරේන් දැකලා තියෙනවා නිරෝෂි සුදු කොල්ලෙක් එක්ක වෙම්බ්ලි හෝල් එකේ ඉදලා එළියට එනවා.. මූ ඩිංගක් දුර ෆලෝ කරගෙන ගියත් මූට මිස් වෙලා.."

"තව..?"

"ගුඩ්ෂෙඩ් එකේ අනුරාධපුර බස් ගහන හරියේ නිරෝෂියි, ඔය කියන සුදු කොල්ලයි ඉදලා තියෙනවා.. මුං දේනනා ජය ශ්‍රී මහ බෝධිය වදින්නවත් යන්නැති.."

"එච්චරද..?"

"නෑ ලොකු පුතේ.. නිරෝෂි ඌත්තෙක්ක බෝට්ටු සවාරියකුත් ගිහිල්ලා තියෙනවා.. ඒක දැකලා තියෙන්නෙ ශිහාන්.. වළාකුලු බැම්ම ළගදි.."

වැඩේ සීයට සීයක් ඇත්ත කියලා ඒ වෙනකොට මට තේරිලා තිබුණා.. මං කෙලින්ම බැලුවෙ අමිල එක්කන් ආපු බුවා දිහා.. උගේ මූඩ් එක තාම අවුල්.. ඌ හිතනවද දන්නෑ හොදක් කරන්න ඇවිත් ටිංකිරි බාල්දියක් නාගන්න උනා කියලා..

"හිතට අවුලක් උනා නම් සොරි මල්ලි.. හොදද..? බන්ටි කියලා කියන්නෙ කිසි දෙයක් හොයල බලන් නැතුව ගේමට බහින කොල්ලෙක් නෙමෙයි.. මගේ ළගට ආවට ගියාට මං කවුරුවත් ගන්නෑ.. බාගයක් විතර කාලා බලලයි ගන්නේ.. ඒක උඹඨ, අමිල කියන්න ඇතිනේ.."

ඔන්න ඒ ගමන බුවාට නොම්මර ඒකේ පැණි හිනාවක් ගියා..

"ඒ..කට කමක් නෑ බන්ටි අයියා.."

"නිරෝෂි අපේ එකාව හලන්න යනවා කියලා අපේ එකාට තාම තේරිලා නැද්ද චාමික..? අඩුගානෙ නිරෝෂිගෙ පුංචි වෙනසක්වත් බිංදුට දැනිලා නැද්ද..?"

"කොහොම තේරෙන්නද බන්ටි..? කොහොමද කෙල්ලොන්ව විශ්වාස කරන්නේ..? නිරෝෂි ලව් දෙකම අවුලක් නැතුව කරගෙන යන්න හිතන් ඇති.."

"ඒකි කොහොම හිතුවත් වැඩේ මේකයි අමිල.. නිරෝෂි මේ වගේ ප්‍රසිද්ධ තැන්වල අලුත් එකා එක්ක රවුම් ගහන්නේ, මේවා බින්දුට ආරංචි වෙන්නෑ කියලා හිතලද..? නිරෝෂි හොදටම දන්නවා අපේ සෙට් එක ගැන.. බිංදු කෙසේ වෙතත් අපි ගැන්සියම නුවර පලාතෙම රවුම් ගහනවා කියලා.. අපිට අනිවාර්යයෙන්ම මේ නිව්ස් එක හම්බ වෙනවා කියලා.."

මගේ කතාවට කොල්ලො සෙට් එක මූණෙන් මූණ බලාගත්තා.. ඒත් ඒ තත්පරේකට දෙකකට විතරයි.. හැම එකාම ෆිට් තමයි කියලා දකුණු අතේ මාපටැගිලි උඩට ඉස්සුවා.. ඒ කියන්නෙ අය වැය කතාව සම්මත උනා කියන එකනේ..

"ඒත් පොඩි අවුලක් තියෙනවා.."

උත්තරීතර බංකු පාර්ලිමේන්තු සැසිවාරය ඉවරවෙද්දී ශිහාන් කට ඇරියා.. අය වැය කතාව සම්මත උනාට පස්සෙත් මොන කතාද අප්පා.. මූත් හරියට අර විරුද්ධ පක්ෂෙ අපතයෙක් වගේ තමයි..

"ශිහාන් මේ..? මෙතන පොඩි අවුලක් තියෙන්න බෑ.. තියෙනවා නම් තියෙන්න ඕන ලොකු අවුලක්.. මොකද දැන් අපි කතා වුණානේ කරන්න ඕන මොනවද කියලා.. බෙල්ල ගහලා ගියත් දැන් ඒ දේ කරමු.. ආයේ ඤං පචං ගාන්නෙ නැතුව.."

වෙච්චර වෙලා පැත්තකට වෙලා සෝක ගීත වාදනය කරපු සරිගමයා මැද්දට පැන්නා.. ඌ හිටපු ගමන් රාගධාරි සංගීතෙ ඉදන් රැප් මියුසික් වලට එන්ටර් වෙනවා.. ඒක ඌවත් දන්නෑ..

"කතා වෙච්ච එක හරි සුරේන්.. මං කියන්නෙ මේකයි.. අපි මේ කරන දේ බින්දුට දැනෙන්න තියන්න හොද නෑ.."

"ඒ කියන්නෙ අපි ඇටකිච්චට නෙලන්නෙ නෑ.."

අමිල ඒක ඇහුවෙ ඌට තිබ්බ ලොකුම සම්පත නැති උනා වගේ.. බලන ්ගියාම ඌත් මං වගේ තමයි.. නිකං හරි වලියක් දාගත්තෙ නැත්තං බත් කෑවේ නෑ වගේ..

"මං එහෙම කතාවක් කිව්වෙ නෑ බං.. උඹල දන්නවනේ ඕන වලියකදි බන්ටි ගාවට දෙවනියට ගේමට බහින්නෙ මං කියලා.."

"හරි.. හරි.. උඹේ ගුණානුස්මරණෙ තියලා කතාව කියපං.. අපිට වැඩ තියෙනවා.."

අමිල ආයෙත් කෑගැහුවා.. මං අන්තිම තීරණේ දීලා තියෙද්දිත් ශිහාන්ට තියෙන ප්‍රශ්නෙ මොකක්ද..?

"ඒක තමයි.. අපි මේ කරන දේ කරන්නෙ බින්දු වෙනුවෙන් නම් ඌ මේක දැන ගත්තහම තියෙන අවුල මොකක්ද..?"

"නිරෝෂි එක්ක ලව් කරන්නෙ ඌ නම්.. අපි ඇටකිච්චව ගුරුදෙණිය වෙදමහත්තයට පෙන්නනවා කියලා ඌ දැන ගන්න ඕනෙනේ.. නැත්නම් ඒකෙ ගතියක් නෑනේ.."

"නිරෝෂිගෙ හොර හිත ගැන බින්දු දැන ගත්තෙ නැත්නම් අපිද දැනගන්න ඕන..? අපිද ඒකිත් එක්ක ලව් කරන්නේ..?"

එකෙක් ඉවරවෙනකොට එකෙක් ප්‍රශ්න අහන්න ගත්තා..

"ඇටකිච්චට නෙලමු කිලා කිව්වාම, උඹ එහෙනම් ෆිට් තමයි කියලා කැත නැතුව ඇගිල්ල ඉස්සුවෙ ඇයි..? උඹ එතකොට හිතේ එකයි බඩේ එකයි තියාගෙනද අපි ළග හිටියේ..?"

අමිල, ශිහාන්ට යෝකර් පන්දු දෙකක් එක ඕවරේදිම දැම්මා.. ශිහාන් කෙලින්ම බැලුවෙ මං දිහා.. ඒ ඇස්වල තිබ්බෙ අමුතුම තද ගතියක්..

"උඹල හැමෝටම වැරදිලා.. ඇටකිච්චට ගහන්න ඕන කියලා කිව්ව එකට මං එක පයින්.. ඒක අපි දැන් උනත් කරමු.. ඒත් මේවා බින්දු දැනගන්න ඕන්නෑ කියලයි මං කියන්නේ.. බන්ටිට තේරෙනවද මං කියන දේ..?"

"මට මුකුත් තේරෙන්නෑ.. හැබැයි මට දැන් හිතෙනවා ඇටකිච්චට විතරක් නෙමෙයි නිරෝෂිවත් ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට එක්කරන් ගියා නම් හොදයි කියලා.."

මගේ කතාවට සරිගමයලා හෙණ දිග විසිල් පාරක් දුන්නා.. අමිලටත් වැඩේ නැගලම ගිහින්.. ඌ දෙවනි පාරටම් මාපටැගිල්ල ඉස්සුවා.. මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව අමිලගෙ අඹයා ඇඹරෙන හැටි මං දැක්කා..

"කෙල්ලෙකුට ගහලා වැඩක් නෑ බන්ටි.."

ශිහාන් ගෙන් ඒ වචන ටික පිටවුණේ ඇහෙන නෑහෙන ගානට.. ඒත් කඩහඩවල් සිය දාහක සද්දෙන්, ඒ වචන මගේ පපුව හාරගෙන ඇතුළට ගියා.. කොල්ලො හැම එකාම ඇස් උඩ තියාගෙන ශිහාන්ගෙ අපත කතාව අහන් ඉද්දි.. මං ඌට තවත් ලංවුණා..

"අපේ බිංදුට මෙච්චර හරියක් කරපු ජරා කෙල්ලෙකුට නිවාඩු පාඩුවෙ ඉන්න දෙන්න කියලද උඹ මට කියන්නේ..? නැත්තං ඒකි ළගට ගිහින් ඉදා බින්දුට කරා වගේ අපිටත් පස්සෙන් ඇවිත් පිහියෙන් ඇනපං කියලා කියන්නද..? ආ.. ශිහාන්.. මට ඒක කියපන්.. මට ඒක කියපන්.."

"ඔව්.. ඔව්.. මූට මේ ළගදි ඉදලා නිරෝෂි ගැන අමුතුම කැක්කුමක් පහළ වෙලා.. ඇයි..? බින්දුගෙන් හිස් වෙච්ච තැනට උඹද රෙජිස්ටර් වෙන්න යන්නේ..?"

ලොකු පුතාටත් තදවෙලා.. තදවෙන්නැතුව තියෙයිද අප්පා.. මුගේ මේ අලුගුත්තේරු කතා වලට..

"අනික ඉතිං නිරෝෂගෙ සුදු පාට ඇගනේ.. ඇයි උඹට මොනව හරි හිතෙනවද ශිහාන්..?"

"නිරෝෂිට ගහන්න ඕන නැත්නම් කාටද ගහන්න ඕන..? ආ.. එහෙන් උඹ ගුටිකාපන්.. නිරෝෂිට ගහනවා කියලා හිතාගෙන අපි ඔක්කොම උඹට තඩි බාන්නම්.. එතකොට අවුලක් කොහෙත්ම නෑනේ.. මොකද අපතයා කියන්නේ..?"

"ඔව්.. ඔව්.. මූට කොහෙත්ම වටින්නෑ ඒකිගෙ පැත්තට කතා කරන්න.. මූ දැකපු ලොකුම සයිස් පස්සත් තියෙන්නෙ ඒකිට කියලා මූ මට දවසක් කිව්වනේ.."

අමිල ආයෙත් මැදට පැන්නා.. දැන් නම් ශිහාන්ගෙ මූණ ලොකු රෝදෙ ගැලවිච්ච ට්‍රැක්ටරේ වගේ..

"බන්ටි.. මුන් එකෙක්වත් මට කතා කරන්න දෙන්නෑ.."

"නොදෙන එකමයි හොද.. තවත් මොනවද උඹට කතා කරන්න තියෙන්නේ.."

"ඕන දෙයක් කියපං.. හැබැයි බන්ටිගෙ වචනෙට පිටින් යන්න බෑ.. තේරුණානේ.."

"මං බන්ටිට පිරින් ගියේ නෑ සුරේන්.. මං කිව්වේ වෙනින් දෙයක්.. උඹලා ඒක වැරදියට හිතාගෙන.."

"මොකක්ද වැරැද්ද..?"

"බින්දුගෙ හිනාව නැති කරන්න අපට බෑ.. ඌ හිනාවෙලා ඉන්නකොට කොයි තරම් ලස්සනද කියලා උඹලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ චාමික.. අපේ ගැන්සියේ අහිංසකම කොල්ලා ඌ.. ඇත්තටම මේ වගේ ඇත්තක් බින්දුට දරාගන්න බෑ.. ඩිංගක් හිතපල්ලා.. නිරෝෂිගෙ සක්කිලි වැඩේ, බින්දු දැන ගත්තොත් ඌ මොන තරම් අවුල් වේවිද..? උගේ ඇස්වලට කොයි තරම් දුකක් පිරේවිද..?"

"දුක පිරෙන හින්දා අපි නිරෝෂිට වැදලා සමාව ගන්නවා.. නිකං පලයං බං යන්න.. මැටි කතා නොකියා.."

"උඹට මතකද බන්ටි.. උඹ දවසක් කිව්වා බින්දුවා ලව් කරනවා අහිංසක වැඩියි කියලා.. ලව් එකක් ජීවිතේට කරලා නැති උඹ වගේ එකෙක් ඇයි ඒ වගේ කතාවක් කිව්වෙ කියලා මං හුගක් වෙලා කල්පනා කලා.. කොටින්ම නිරෝෂි අපේ බින්දුට ගැළපෙන්නෑ බන්ටි.. නිරෝෂිට තියෙන්නෙ වෙන උණක්.."

"එහෙනම් අපි බින්දුට රාගධාරී සංගීතෙ ටිකක් උගන්නමු.."

සංගීතෙන් තොර ලෝකයක් නැති සරිගමයා කිව්වා..

"ඒකිට බින්දුවා එපා හින්දනේ වෙන එකෙක් එක්ක සෙට් උනේ.. අපි ඉතිං ඒකිට ගහලා වැඩක් තියෙනවද..?"

එතැන ඉදලා ගෙවිලා ගියේ මහ විශාල නිහැඩියාවක්.. කොල්ලො හැම එකෙක්ම මූණින් මූණ බලාගෙන කල්පනා කරන්න ගත්තා.. මොනව උනත් මේ අවමගුල් සහගත නිහැඩියාව නම් බන්ටිට අල්ලන්නෙම නෑ.. මොකාද යකෝ මැරුණේ..?

"මූ ධර්ම දේශනා කරද්දි උඹ ඇයි බන්ටි සද්ද වහගෙන ඉන්නේ..?"

ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද අමිල කෑගැහුවා..

"මං ඇටකිච්චට ගහන්න තීරනේ කරලා ඉවර හන්දා මූ ඕන දෙයක් කියපුවාවේ.. මට මොකද බං.."

"බන්ටි මං කියන දේ ඩිංගක් අහපං.."

"අහන්න දෙයක් නෑ ශිහාන්.. උඹේ ඔය පාන්කඩ කතාව නවත්ත ගනිං.. මං මෙච්චර වෙලා හරි උඹට කියවන්න ඉඩ දීලා පාඩුවෙ හිටියේ උඹ මගේ යාළුවෙක් හින්දා.. එහෙම නොවුණා නම් මං ඉස්සෙල්ලම අත උස්සන්නෙ උඹට.."

"බන්.. ටී..."

"ඔව් ශිහාන්.. එක බඩවැල කඩාගෙන ඇවිත් වගේ මගේ ළගින් ඉදපු අහිංසකයගෙ වටිනාම දේ වෙන අපතයෙක් උදුරගෙන යනකන් මට බලන් ඉන්න කියලනේ උඹ කිව්වේ.. නෑ ශිහාන්.. උඹට වැරදිලා.. මේ බන්ටි කවදාවත් එහෙම ඉන්නෑ.. උඹට ඔය වගේ දෙයක් සිද්ධ උනත් මං ඒකට අත දානවා.. මගේ පදාසයක්ම හෝදා පාලුවෙලා ගියත් උඹලා හැම එකෙක් වෙනුවෙන්ම මේ බන්ටි ඉන්නවා.. ඒක නවත්තන්න කාටවත් බෑ.."

"බන්ටි මං කිය.."

"මම තාම කතා කරලා ඉවර නෑ ශිහාන්.. කතන්දරේ මේකයි.. උඹ කිව්ව වගේ මේ කිසිම දෙයක් බින්දු දැනගන්නෙ නෑ.. ඒත් ඇටකිච්චව ගුරුදෙනියෙ කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට ගෙනියන්න ඕනේ.. එතන ඌ මාසයක් හමාරක් පත්තු බදින්න ඕනේ.."

"හරි බන්ටි.. මං ආයෙ ඔය ගැන කතා කරන්නෙ නෑ.."

ශිහාන් අන්තිමට එහෙම කියද්දි මං හුටු හුටු යන්තරේ ස්ටර්ට් කරගත්තා..

කිරි මංඩලය පාරෙන් ආයෙත් නුවර පැත්තට චැලිය දාද්දිත් මගේ ඔලුවෙ තිබ්බෙ බින්දුගෙ ප්‍රශ්නේ.. තමන් පැලෙන කල් ආදරේ කරන කෙල්ල, වෙන එකෙක් එක්ක යාළුවෙලා ඉන්නවා කියල දන්නැතුව, මුළු හදවතින්ම ආදරේ කරන අන්ත අසරණ අහිංසකයගෙ රූපෙ මගේ හිතේ උඩින්ම ඇදිලා තිබ්බා..

"කොහෙද ලොකු පුතේ මේ පාර පුරාම යන්නේ..? මට නම් අඩු වයසෙන් මැරෙන්න ඕනෙ නෑ.. තව කරන්න හුගාක් දේවල් තියෙනවා.."

පාර පුරාම චැලිය යද්දි චාමික කෑගැහුවා.. මට එතකොටයි මතක් වුණේ ඌත් පිටපස්සෙ කියලා..

"බන්ටි.. මොකද උඹ අවුලෙන් වගේ.."

රන්දෙනිගල ඩෑම් එක පාරට හැරෙන රවුන්ද බෝඩ් එකට මෙහායින් මං චැලිය නවත්තද්දි චාමික මගෙන් ඇහුවා..

"මේ වැඩේ හරියන්නෑ බං.. බලපං.. නිරෝෂි ගැන මුකුත්ම දන්නැති බින්දුවා, මැරෙනකල්ම ඒකිට ලව් කරයි.. ඒකිගෙ කැත හිත ගැන අපේ අහිංසකයා දැන ගන්නෙකක් නෑ.."

"ඒක තමයි ලොකු පුතේ මාත් මේ කට කැඩෙනකල් කියන්නේ.. කොහෙද අපේ අපතයොත් කතා කරන්නෙ ඒකිගෙ පැත්තටනේ.. ඒත් ඉතිං අපේ බින්දුවට අලිපත බූට් එකක් වැදුනදාට ඒකිගෙ කැත හිත ගැන සහ සුද්දෙන්ම දැන ගනියි.."

"හැබැයි චාමික.. අපේ බින්දුවට අඹ මල් රේණුවක තරම්වත් වැරැද්දක් වෙලා තිබුණොත් මං නිරෝෂිව ඉතුරු කරන්නෑ.."

මොන අවමගුලක්ද මේ..? කෙල්ලො කොහොමද එක හිතින් දෙන්නෙක්ට ආදරේ කරන්නේ..?

"බන්ටි.."

"මොකද..?"

"යකෝ උඹ මගෙත් එක්ක ඔරොප්පුවෙන් වගේ කතා කරන්නේ.. වැඩේ මේකයි මචං.. අපිට හැම දෙයක්ම කරන්න වෙන්නෙ නිරෝෂි, බින්දුව හම්බවෙන්නැති දවසක.. ඒකි බින්දුත් එක්ක ඉන්නකොට අපිට ක්‍රියාත්මක වෙන්න බෑනේ.. ඒකියි, බින්දුයි හම්බවෙන දවසට අපි නිද්‍රාශීලි වෙමු.."

"මොකක්..?"

"නෑ මං මේ කිව්වෙ ඒ දවසෙ අපි මාලුන්ට පොරි ඇට දාමු.. ඒක වැදගත්නේ.."

මෙන්න මේ වෙලාවට තමයි මූටත් දෙක තුනක් නෙලන්න හිතෙන්නේ..

"හැබැයි ලොකු පුතේ දැන් ප්‍රශ්නෙකට තියෙන්නෙ, බින්දුට නොතේරෙන්න කොහොමද නිරෝෂිව ෆලෝ කරන්නෙ කියලා.."

"ඒකෙ නම් අවුලක් නෑ චාමික.. අපි අමිලගෙ අඹයව ඒ වැඩේට දාමු.. නිරෝෂි ඌව අදුනන්නෙ නෑනේ.."

"හරි ලොකු පුතේ.. අන්න මගේ ඉන්ටර්සිටියත් එනවා.. හෙට හම්බවෙමු.."

හතර වටේම මලකඩ කාලා තිබ්බ බස් ලඩියක් එන දිහාට අත දික් කරන ගමන් චාමික කෑගැහුවා.. හෙට උදේට මූව හම්බෙන්නෙ මූට පිටගැස්ම හැදිලා ඉන්දෙද්දි වෙන්න ඕන.. හිතට ආපු ඒවා කියන්නත් කලින්ම බස් ලඩිය ඇදලා ගියා..

[QUOTE="crazybuddy, post: 12441093, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-OFQuRVxO3pw/T3s-p06i6BI/AAAAAAAABn0/awi_E9DvvNM/s640/Cover-03.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සරිගමයගෙ ගෙවල් තිබ්බෙ කුණ්ඩසාලෙ.. කුණ්ඩසාලෙ කියල කිව්වට ටවුන් එක පහු කරල ටිකක් දුර යන්න ඕන.. කොටින්ම කියනවා නම් කිරි මංඩල පාරේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ ෆුල් ඔෆ්ෂන් චැලියත් අරගෙන සරිගමයලහට යනකොට සෙට් එකම එතන.. ලොකු පුතයි, ශිහානුයි, අමිලයි, තව මං වැඩිපුර දැකලා නැති බුවෙකුයි මිදුලෙ බට් අඹ ගහයට පුංචි බංකුවක වාඩිවෙලා හිටියා.. මං අදුනන්නෙ නැති බුවා, සමහර විට අමිලගෙ අඹයෙක් වෙන්නැති.. ඌ තමයි හිටපු ගමන් ඔය නාදුනන පුද්ගලයෝ අරගෙන කඩන් පාත්වෙන්නේ.. සෙට් එකේ අඩුවකට තිබ්බෙ බිංදු නැති එක විතරයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බිංදු දන්නැද්ද අපි මෙතන සෙට් වෙනවා කියලා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බට් අඹ ගහට එහායින් චැලිය නවත්තලා මං ඇහුවා.. හැම එකාම බලන් හිටියෙ මගේ දිහා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බන්ටි.. ඌ සමහර විට ටොරින්ටන් පාක් පැත්තෙ කරකැවිලා මෙහේ එයි.. ඒත් ඊට කලින් අපි වැඩේ ඉවර කරලා තියෙන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ප්‍රශ්නෙ ඇහුවෙ චාමිකගෙන් උනත් උත්තරේ හම්බ වුණේ ශිහාන්ගෙන්.. ඒ කියන්නෙ බිංදුගෙ ලව් එකේ වර්ථමාන තත්වෙ ගැන මට වැඩිය මුං හැමෝම දන්නවා.. ඔක්කොටම කලින් ඒ ගැන සහ සුද්දෙන්ම දැනගෙන ඉන්නෙක ඇගට ගුණයි කියලා මට හිතුණා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිරෝෂි වෙන බුවෙක් එක්ක සෙට් වෙලා කියන්න මං දන්නවා.. කොහොමද ඒක වෙලා තියෙන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කෙලින්ම ප්‍රශ්නෙට බැස්සා.. ඒ අතරෙ ගේ ඇතුළෙ ඉදන් සරිගමයා බොක්ස් ගිටාර් එකත් අරගෙන එළියට ආවා.. මියුසික් වලට පිස්සු වැටිලා ඉන්න හින්ද අපි ආදරේට සරිගම කිව්වට උගේ ඔරිජිනල් නම සුරේන්.. මූත් හරියට රෝමය ගිනි ගනිද්දි විණාව ගහපු මනුස්සයා වගේ තමයි.. මෙහේ බිංදුට කෙලවෙලා.. මූ ගිටාර්ගහනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වෙලා තියෙන්නෙ කොහොමද කියලා දන්නෑ.. ඒත් ඒක කොහොම හරි වෙලා බන්ටි.. සීන් එක අපිට මුලින්ම කිව්වෙ අමිලගෙ අඹයා.. මේ ඉන්නේ.. මූ නිරෝෂිව ටිකක් දන්නවා.. සෙට් වෙලා ඉන්නෙ බිංදු එක්ක කියලත් දන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු පුතා, අමිල එක්ක ආපු බුවා දිහාට ඇගිල්ල දික් කරා.. එහෙනම් සීන් එකේ රහස් ඔත්තුකාරයා මෑන් තමයි.. ඒත් මූව කොහොමද එක පාරටම විශ්වාස කරන්නේ..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අමිල.. උඹට මූව ෂුවර්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අලුත් බුවා දිහාට ඇගිල්ල දික් කරලා මං කෙලින්ම ඇහුවා.. කොහොමටත් මේ වගේ දේවල් වලදි මං ගාව බබා පාට් නෑ.. ඒවා ගෙදෙට්ට විතරයි.. කොල්ලෙ සෙට් එකත් ඒක දන්නවා.. ඒකයි උං මේ වගේ අවුල් වැඩ වලදි මට ලීඩර් ෂිප් එක දෙන්නේ.. මං කියන කිසිම දේකට හා හූ ගාන්නෙ නැත්තේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මූ බොරුවක් කරන්නෑ.. බන්ටි.. අනික බොරුවක් කරල මූට වැඩක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමිල, බුවාගෙ පැත්තට කතා කරා.. ඔව් ඉතිං.. එක්කගෙන ආව නම් උගේ පැත්ත ගන්නත් එපැයි.. නැත්නම් ඉතිං බන්ටිගෙන් සොරිම තමා.. මං ආයෙත් කතා කරන්න හදනකොටම අලුතෙන් ආපු බුවා කට හදනවා මං දැක්කා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ම.. මං ගැන එහෙම මුකුත් හිතන්නෙපා බන්ටි අයියා.. මේ අමිල අයියගෙන් මං ගැන අහලා බලන්න.. මං දැකපු දේ තමයි මං කිව්වේ.. බින්දු අයියා ඔයාගෙ යාළුවෙක් කියලා මං දන්නවා.. ඒකයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අලුත් බුවා නහය බර කරගෙන කතා කරා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි එහෙනම් දන්න දේවල්, දැකපු දේවල් මටත් කියමුකෝ බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුංචි බංකුව උඩ මං හරි බරි ගැහුණා.. අලුත් බුවා ආයෙත් කට හැදුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් සතියකට විතර කලින් මං බින්දු අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැටඹෙ පන්සල ළගදි දැක්කා.. තව සුදු කොල්ලෙක් එක්ක ඉන්නවා.. මං හිතුනා නිරෝෂිගෙ අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි වෙන්නැති කියලා.. ඒත් ටිකක් වෙලා යද්දි මට තේරුණා එතන යන්නෙ ලව් සීන් එකක් කියලා.. කපල් එක පන්සලෙන් එළියට ආවෙත් අත්වලින් අල්ලගෙන හිනාවෙවී.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කතන්දරේ ඔච්චර නම් මට කියන්න තියෙන්නෙ අපි මේකට කලබල වෙන්න ඕන නෑ කියලා.. අපි තව ටිකක් හොයමු.. ඔය වගේ දේකින් නිරෝෂි වෙන එකෙක් එක්ක සෙට්වෙලා කියලා අපිට කියන්න බෑ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොන හේතුවක් හින්දද මංදා, අමිලගෙ අඹයව විශ්වාස කරන්න මට හිතුණෙම නෑ.. ඒකයි මං අනිත් පැත්තට කතා කරේ.. නැත්තං ඔය කියපු ටිකම මැදෑ නිරෝෂි එක්ක සෙට් වෙලා ඉන්න ඇටකිච්චගෙ හන්දි ගලවන්න..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත් මං නොදන්න හුගාක් දේවල් වෙලා තිබුණා.. ඒවා එකින් එකට මට තේරුණේ කතාව දිගටම කරගෙන යද්දි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කතන්දරේ ඉවර නෑ බන්ටි අයියා.. ඒ දෙන්නා වෙන්වෙලා යද්දි නිරෝෂිගෙ නළලට අර සුදු කොල්ලා කිස් එකකුත් දුන්නා.. අතත් අල්ලලා ඉම්ඹා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි.. ඔයා කියන දේවල් ඇත්ත නම් වැඩේ සීරියස් පාටයි.. අපි ගාව දැනට ඩීටේල්ස් මේ ටික විතරද චාමික..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව තියෙනවා බන්ටි.. පෙරේදා අපේ සුරේන් දැකලා තියෙනවා නිරෝෂි සුදු කොල්ලෙක් එක්ක වෙම්බ්ලි හෝල් එකේ ඉදලා එළියට එනවා.. මූ ඩිංගක් දුර ෆලෝ කරගෙන ගියත් මූට මිස් වෙලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තව..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගුඩ්ෂෙඩ් එකේ අනුරාධපුර බස් ගහන හරියේ නිරෝෂියි, ඔය කියන සුදු කොල්ලයි ඉදලා තියෙනවා.. මුං දේනනා ජය ශ්‍රී මහ බෝධිය වදින්නවත් යන්නැති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එච්චරද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ ලොකු පුතේ.. නිරෝෂි ඌත්තෙක්ක බෝට්ටු සවාරියකුත් ගිහිල්ලා තියෙනවා.. ඒක දැකලා තියෙන්නෙ ශිහාන්.. වළාකුලු බැම්ම ළගදි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වැඩේ සීයට සීයක් ඇත්ත කියලා ඒ වෙනකොට මට තේරිලා තිබුණා.. මං කෙලින්ම බැලුවෙ අමිල එක්කන් ආපු බුවා දිහා.. උගේ මූඩ් එක තාම අවුල්.. ඌ හිතනවද දන්නෑ හොදක් කරන්න ඇවිත් ටිංකිරි බාල්දියක් නාගන්න උනා කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හිතට අවුලක් උනා නම් සොරි මල්ලි.. හොදද..? බන්ටි කියලා කියන්නෙ කිසි දෙයක් හොයල බලන් නැතුව ගේමට බහින කොල්ලෙක් නෙමෙයි.. මගේ ළගට ආවට ගියාට මං කවුරුවත් ගන්නෑ.. බාගයක් විතර කාලා බලලයි ගන්නේ.. ඒක උඹඨ, අමිල කියන්න ඇතිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔන්න ඒ ගමන බුවාට නොම්මර ඒකේ පැණි හිනාවක් ගියා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ..කට කමක් නෑ බන්ටි අයියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිරෝෂි අපේ එකාව හලන්න යනවා කියලා අපේ එකාට තාම තේරිලා නැද්ද චාමික..? අඩුගානෙ නිරෝෂිගෙ පුංචි වෙනසක්වත් බිංදුට දැනිලා නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහොම තේරෙන්නද බන්ටි..? කොහොමද කෙල්ලොන්ව විශ්වාස කරන්නේ..? නිරෝෂි ලව් දෙකම අවුලක් නැතුව කරගෙන යන්න හිතන් ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකි කොහොම හිතුවත් වැඩේ මේකයි අමිල.. නිරෝෂි මේ වගේ ප්‍රසිද්ධ තැන්වල අලුත් එකා එක්ක රවුම් ගහන්නේ, මේවා බින්දුට ආරංචි වෙන්නෑ කියලා හිතලද..? නිරෝෂි හොදටම දන්නවා අපේ සෙට් එක ගැන.. බිංදු කෙසේ වෙතත් අපි ගැන්සියම නුවර පලාතෙම රවුම් ගහනවා කියලා.. අපිට අනිවාර්යයෙන්ම මේ නිව්ස් එක හම්බ වෙනවා කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කතාවට කොල්ලො සෙට් එක මූණෙන් මූණ බලාගත්තා.. ඒත් ඒ තත්පරේකට දෙකකට විතරයි.. හැම එකාම ෆිට් තමයි කියලා දකුණු අතේ මාපටැගිලි උඩට ඉස්සුවා.. ඒ කියන්නෙ අය වැය කතාව සම්මත උනා කියන එකනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒත් පොඩි අවුලක් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උත්තරීතර බංකු පාර්ලිමේන්තු සැසිවාරය ඉවරවෙද්දී ශිහාන් කට ඇරියා.. අය වැය කතාව සම්මත උනාට පස්සෙත් මොන කතාද අප්පා.. මූත් හරියට අර විරුද්ධ පක්ෂෙ අපතයෙක් වගේ තමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ශිහාන් මේ..? මෙතන පොඩි අවුලක් තියෙන්න බෑ.. තියෙනවා නම් තියෙන්න ඕන ලොකු අවුලක්.. මොකද දැන් අපි කතා වුණානේ කරන්න ඕන මොනවද කියලා.. බෙල්ල ගහලා ගියත් දැන් ඒ දේ කරමු.. ආයේ ඤං පචං ගාන්නෙ නැතුව.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙච්චර වෙලා පැත්තකට වෙලා සෝක ගීත වාදනය කරපු සරිගමයා මැද්දට පැන්නා.. ඌ හිටපු ගමන් රාගධාරි සංගීතෙ ඉදන් රැප් මියුසික් වලට එන්ටර් වෙනවා.. ඒක ඌවත් දන්නෑ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කතා වෙච්ච එක හරි සුරේන්.. මං කියන්නෙ මේකයි.. අපි මේ කරන දේ බින්දුට දැනෙන්න තියන්න හොද නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ අපි ඇටකිච්චට නෙලන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමිල ඒක ඇහුවෙ ඌට තිබ්බ ලොකුම සම්පත නැති උනා වගේ.. බලන ්ගියාම ඌත් මං වගේ තමයි.. නිකං හරි වලියක් දාගත්තෙ නැත්තං බත් කෑවේ නෑ වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං එහෙම කතාවක් කිව්වෙ නෑ බං.. උඹල දන්නවනේ ඕන වලියකදි බන්ටි ගාවට දෙවනියට ගේමට බහින්නෙ මං කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි.. හරි.. උඹේ ගුණානුස්මරණෙ තියලා කතාව කියපං.. අපිට වැඩ තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමිල ආයෙත් කෑගැහුවා.. මං අන්තිම තීරණේ දීලා තියෙද්දිත් ශිහාන්ට තියෙන ප්‍රශ්නෙ මොකක්ද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි.. අපි මේ කරන දේ කරන්නෙ බින්දු වෙනුවෙන් නම් ඌ මේක දැන ගත්තහම තියෙන අවුල මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිරෝෂි එක්ක ලව් කරන්නෙ ඌ නම්.. අපි ඇටකිච්චව ගුරුදෙණිය වෙදමහත්තයට පෙන්නනවා කියලා ඌ දැන ගන්න ඕනෙනේ.. නැත්නම් ඒකෙ ගතියක් නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිරෝෂිගෙ හොර හිත ගැන බින්දු දැන ගත්තෙ නැත්නම් අපිද දැනගන්න ඕන..? අපිද ඒකිත් එක්ක ලව් කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එකෙක් ඉවරවෙනකොට එකෙක් ප්‍රශ්න අහන්න ගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇටකිච්චට නෙලමු කිලා කිව්වාම, උඹ එහෙනම් ෆිට් තමයි කියලා කැත නැතුව ඇගිල්ල ඉස්සුවෙ ඇයි..? උඹ එතකොට හිතේ එකයි බඩේ එකයි තියාගෙනද අපි ළග හිටියේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අමිල, ශිහාන්ට යෝකර් පන්දු දෙකක් එක ඕවරේදිම දැම්මා.. ශිහාන් කෙලින්ම බැලුවෙ මං දිහා.. ඒ ඇස්වල තිබ්බෙ අමුතුම තද ගතියක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹල හැමෝටම වැරදිලා.. ඇටකිච්චට ගහන්න ඕන කියලා කිව්ව එකට මං එක පයින්.. ඒක අපි දැන් උනත් කරමු.. ඒත් මේවා බින්දු දැනගන්න ඕන්නෑ කියලයි මං කියන්නේ.. බන්ටිට තේරෙනවද මං කියන දේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට මුකුත් තේරෙන්නෑ.. හැබැයි මට දැන් හිතෙනවා ඇටකිච්චට විතරක් නෙමෙයි නිරෝෂිවත් ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට එක්කරන් ගියා නම් හොදයි කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ කතාවට සරිගමයලා හෙණ දිග විසිල් පාරක් දුන්නා.. අමිලටත් වැඩේ නැගලම ගිහින්.. ඌ දෙවනි පාරටම් මාපටැගිල්ල ඉස්සුවා.. මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව අමිලගෙ අඹයා ඇඹරෙන හැටි මං දැක්කා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෙල්ලෙකුට ගහලා වැඩක් නෑ බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ශිහාන් ගෙන් ඒ වචන ටික පිටවුණේ ඇහෙන නෑහෙන ගානට.. ඒත් කඩහඩවල් සිය දාහක සද්දෙන්, ඒ වචන මගේ පපුව හාරගෙන ඇතුළට ගියා.. කොල්ලො හැම එකාම ඇස් උඩ තියාගෙන ශිහාන්ගෙ අපත කතාව අහන් ඉද්දි.. මං ඌට තවත් ලංවුණා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"අපේ බිංදුට මෙච්චර හරියක් කරපු ජරා කෙල්ලෙකුට නිවාඩු පාඩුවෙ ඉන්න දෙන්න කියලද උඹ මට කියන්නේ..? නැත්තං ඒකි ළගට ගිහින් ඉදා බින්දුට කරා වගේ අපිටත් පස්සෙන් ඇවිත් පිහියෙන් ඇනපං කියලා කියන්නද..? ආ.. ශිහාන්.. මට ඒක කියපන්.. මට ඒක කියපන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඔව්.. මූට මේ ළගදි ඉදලා නිරෝෂි ගැන අමුතුම කැක්කුමක් පහළ වෙලා.. ඇයි..? බින්දුගෙන් හිස් වෙච්ච තැනට උඹද රෙජිස්ටර් වෙන්න යන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ලොකු පුතාටත් තදවෙලා.. තදවෙන්නැතුව තියෙයිද අප්පා.. මුගේ මේ අලුගුත්තේරු කතා වලට.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනික ඉතිං නිරෝෂගෙ සුදු පාට ඇගනේ.. ඇයි උඹට මොනව හරි හිතෙනවද ශිහාන්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිරෝෂිට ගහන්න ඕන නැත්නම් කාටද ගහන්න ඕන..? ආ.. එහෙන් උඹ ගුටිකාපන්.. නිරෝෂිට ගහනවා කියලා හිතාගෙන අපි ඔක්කොම උඹට තඩි බාන්නම්.. එතකොට අවුලක් කොහෙත්ම නෑනේ.. මොකද අපතයා කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඔව්.. මූට කොහෙත්ම වටින්නෑ ඒකිගෙ පැත්තට කතා කරන්න.. මූ දැකපු ලොකුම සයිස් පස්සත් තියෙන්නෙ ඒකිට කියලා මූ මට දවසක් කිව්වනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අමිල ආයෙත් මැදට පැන්නා.. දැන් නම් ශිහාන්ගෙ මූණ ලොකු රෝදෙ ගැලවිච්ච ට්‍රැක්ටරේ වගේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.. මුන් එකෙක්වත් මට කතා කරන්න දෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නොදෙන එකමයි හොද.. තවත් මොනවද උඹට කතා කරන්න තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕන දෙයක් කියපං.. හැබැයි බන්ටිගෙ වචනෙට පිටින් යන්න බෑ.. තේරුණානේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං බන්ටිට පිරින් ගියේ නෑ සුරේන්.. මං කිව්වේ වෙනින් දෙයක්.. උඹලා ඒක වැරදියට හිතාගෙන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්ද වැරැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බින්දුගෙ හිනාව නැති කරන්න අපට බෑ.. ඌ හිනාවෙලා ඉන්නකොට කොයි තරම් ලස්සනද කියලා උඹලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ චාමික.. අපේ ගැන්සියේ අහිංසකම කොල්ලා ඌ.. ඇත්තටම මේ වගේ ඇත්තක් බින්දුට දරාගන්න බෑ.. ඩිංගක් හිතපල්ලා.. නිරෝෂිගෙ සක්කිලි වැඩේ, බින්දු දැන ගත්තොත් ඌ මොන තරම් අවුල් වේවිද..? උගේ ඇස්වලට කොයි තරම් දුකක් පිරේවිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දුක පිරෙන හින්දා අපි නිරෝෂිට වැදලා සමාව ගන්නවා.. නිකං පලයං බං යන්න.. මැටි කතා නොකියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට මතකද බන්ටි.. උඹ දවසක් කිව්වා බින්දුවා ලව් කරනවා අහිංසක වැඩියි කියලා.. ලව් එකක් ජීවිතේට කරලා නැති උඹ වගේ එකෙක් ඇයි ඒ වගේ කතාවක් කිව්වෙ කියලා මං හුගක් වෙලා කල්පනා කලා.. කොටින්ම නිරෝෂි අපේ බින්දුට ගැළපෙන්නෑ බන්ටි.. නිරෝෂිට තියෙන්නෙ වෙන උණක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් අපි බින්දුට රාගධාරී සංගීතෙ ටිකක් උගන්නමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සංගීතෙන් තොර ලෝකයක් නැති සරිගමයා කිව්වා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකිට බින්දුවා එපා හින්දනේ වෙන එකෙක් එක්ක සෙට් උනේ.. අපි ඉතිං ඒකිට ගහලා වැඩක් තියෙනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතැන ඉදලා ගෙවිලා ගියේ මහ විශාල නිහැඩියාවක්.. කොල්ලො හැම එකෙක්ම මූණින් මූණ බලාගෙන කල්පනා කරන්න ගත්තා.. මොනව උනත් මේ අවමගුල් සහගත නිහැඩියාව නම් බන්ටිට අල්ලන්නෙම නෑ.. මොකාද යකෝ මැරුණේ..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මූ ධර්ම දේශනා කරද්දි උඹ ඇයි බන්ටි සද්ද වහගෙන ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද අමිල කෑගැහුවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඇටකිච්චට ගහන්න තීරනේ කරලා ඉවර හන්දා මූ ඕන දෙයක් කියපුවාවේ.. මට මොකද බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මං කියන දේ ඩිංගක් අහපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අහන්න දෙයක් නෑ ශිහාන්.. උඹේ ඔය පාන්කඩ කතාව නවත්ත ගනිං.. මං මෙච්චර වෙලා හරි උඹට කියවන්න ඉඩ දීලා පාඩුවෙ හිටියේ උඹ මගේ යාළුවෙක් හින්දා.. එහෙම නොවුණා නම් මං ඉස්සෙල්ලම අත උස්සන්නෙ උඹට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්.. ටී..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් ශිහාන්.. එක බඩවැල කඩාගෙන ඇවිත් වගේ මගේ ළගින් ඉදපු අහිංසකයගෙ වටිනාම දේ වෙන අපතයෙක් උදුරගෙන යනකන් මට බලන් ඉන්න කියලනේ උඹ කිව්වේ.. නෑ ශිහාන්.. උඹට වැරදිලා.. මේ බන්ටි කවදාවත් එහෙම ඉන්නෑ.. උඹට ඔය වගේ දෙයක් සිද්ධ උනත් මං ඒකට අත දානවා.. මගේ පදාසයක්ම හෝදා පාලුවෙලා ගියත් උඹලා හැම එකෙක් වෙනුවෙන්ම මේ බන්ටි ඉන්නවා.. ඒක නවත්තන්න කාටවත් බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි මං කිය.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මම තාම කතා කරලා ඉවර නෑ ශිහාන්.. කතන්දරේ මේකයි.. උඹ කිව්ව වගේ මේ කිසිම දෙයක් බින්දු දැනගන්නෙ නෑ.. ඒත් ඇටකිච්චව ගුරුදෙනියෙ කැඩුම් බිදුම් වෙද මහත්තයා ගාවට ගෙනියන්න ඕනේ.. එතන ඌ මාසයක් හමාරක් පත්තු බදින්න ඕනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි බන්ටි.. මං ආයෙ ඔය ගැන කතා කරන්නෙ නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ශිහාන් අන්තිමට එහෙම කියද්දි මං හුටු හුටු යන්තරේ ස්ටර්ට් කරගත්තා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිරි මංඩලය පාරෙන් ආයෙත් නුවර පැත්තට චැලිය දාද්දිත් මගේ ඔලුවෙ තිබ්බෙ බින්දුගෙ ප්‍රශ්නේ.. තමන් පැලෙන කල් ආදරේ කරන කෙල්ල, වෙන එකෙක් එක්ක යාළුවෙලා ඉන්නවා කියල දන්නැතුව, මුළු හදවතින්ම ආදරේ කරන අන්ත අසරණ අහිංසකයගෙ රූපෙ මගේ හිතේ උඩින්ම ඇදිලා තිබ්බා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කොහෙද ලොකු පුතේ මේ පාර පුරාම යන්නේ..? මට නම් අඩු වයසෙන් මැරෙන්න ඕනෙ නෑ.. තව කරන්න හුගාක් දේවල් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පාර පුරාම චැලිය යද්දි චාමික කෑගැහුවා.. මට එතකොටයි මතක් වුණේ ඌත් පිටපස්සෙ කියලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.. මොකද උඹ අවුලෙන් වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රන්දෙනිගල ඩෑම් එක පාරට හැරෙන රවුන්ද බෝඩ් එකට මෙහායින් මං චැලිය නවත්තද්දි චාමික මගෙන් ඇහුවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ වැඩේ හරියන්නෑ බං.. බලපං.. නිරෝෂි ගැන මුකුත්ම දන්නැති බින්දුවා, මැරෙනකල්ම ඒකිට ලව් කරයි.. ඒකිගෙ කැත හිත ගැන අපේ අහිංසකයා දැන ගන්නෙකක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි ලොකු පුතේ මාත් මේ කට කැඩෙනකල් කියන්නේ.. කොහෙද අපේ අපතයොත් කතා කරන්නෙ ඒකිගෙ පැත්තටනේ.. ඒත් ඉතිං අපේ බින්දුවට අලිපත බූට් එකක් වැදුනදාට ඒකිගෙ කැත හිත ගැන සහ සුද්දෙන්ම දැන ගනියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැබැයි චාමික.. අපේ බින්දුවට අඹ මල් රේණුවක තරම්වත් වැරැද්දක් වෙලා තිබුණොත් මං නිරෝෂිව ඉතුරු කරන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොන අවමගුලක්ද මේ..? කෙල්ලො කොහොමද එක හිතින් දෙන්නෙක්ට ආදරේ කරන්නේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බන්ටි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යකෝ උඹ මගෙත් එක්ක ඔරොප්පුවෙන් වගේ කතා කරන්නේ.. වැඩේ මේකයි මචං.. අපිට හැම දෙයක්ම කරන්න වෙන්නෙ නිරෝෂි, බින්දුව හම්බවෙන්නැති දවසක.. ඒකි බින්දුත් එක්ක ඉන්නකොට අපිට ක්‍රියාත්මක වෙන්න බෑනේ.. ඒකියි, බින්දුයි හම්බවෙන දවසට අපි නිද්‍රාශීලි වෙමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකක්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ මං මේ කිව්වෙ ඒ දවසෙ අපි මාලුන්ට පොරි ඇට දාමු.. ඒක වැදගත්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙන්න මේ වෙලාවට තමයි මූටත් දෙක තුනක් නෙලන්න හිතෙන්නේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"හැබැයි ලොකු පුතේ දැන් ප්‍රශ්නෙකට තියෙන්නෙ, බින්දුට නොතේරෙන්න කොහොමද නිරෝෂිව ෆලෝ කරන්නෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකෙ නම් අවුලක් නෑ චාමික.. අපි අමිලගෙ අඹයව ඒ වැඩේට දාමු.. නිරෝෂි ඌව අදුනන්නෙ නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි ලොකු පුතේ.. අන්න මගේ ඉන්ටර්සිටියත් එනවා.. හෙට හම්බවෙමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හතර වටේම මලකඩ කාලා තිබ්බ බස් ලඩියක් එන දිහාට අත දික් කරන ගමන් චාමික කෑගැහුවා.. හෙට උදේට මූව හම්බෙන්නෙ මූට පිටගැස්ම හැදිලා ඉන්දෙද්දි වෙන්න ඕන.. හිතට ආපු ඒවා කියන්නත් කලින්ම බස් ලඩිය ඇදලා ගියා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?wjgqxvgpg7lfvz3"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom