Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘ඒහිපස්සික’ (ඇවිත් බලන්න)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ඒහිපස්සික’ (ඇවිත් බලන්න)

(මෙය උපුටා ගැනීමකි)

භාරතයේ බෝසතුන් වහන්සේ පහළ වූ කාලයේ තිබූ ආගම්, දේවවාදී විය. ඔවුන්ගේ් සර්ව බලධාරී දෙවියන් ගැන කිසිම අයකුට ප්‍රශ්න කළ හැකි නොවී ය. බ්‍රාහ්මණ ධර්මයේ ඇති සියල්ලම ඒ අයුරින්ම භාරගන්නවා මිස, ඒ පිළිබඳ කුමන අයුරකින්වත් විමසීමක් කිරීමට නොහැකි විය. මෙවන් තත්ත්වයක් තිබූ අවධියක බුදුහිමියෝ දහම් දෙසූහ. සමාජ ශෝධනයක් සිදු කොට සැමට පිළිවෙත් පිරිය හැකි පරිසරයක්් නිර්මාණය කර දුන්හ.

කුල ගෝත්‍ර හෝ ජාති භේදයක් පොදු පිළිවෙත සපිරීමට බලපාන්නේ නැත. ධර්මය අවබෝධ කළ හැකි වන්නේ කාහට ද ඔහුට බුදුදහම විවෘත විය. වත්මනෙහි අපේ ඇතැම් ග්‍රාමිය බොදු ජනයා තම ජාතියටම පමණක් බුදුදහම සීමා විය යුතු යන පටු ආකල්ප වලින් යුක්ත වී භික්ෂුව වෙනත් ජාතීන් සමග සබඳතා ගොඩනගා ගැනීමට යෑම ගැන අසතුට ප්‍රකාශ කරති.

බුදුදහම විශ්ව සාධාරණ ධර්මයකි. මේ නිසා බුදු දහමේ හරය වටහා ගැනීම සඳහා නුවණ තිබීම වැදගත් ය. ඒ බව බුදුරදුන් විසින්ම ප්‍රකාශ කරන ලද අවස්ථාවකි. ‘පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස’ යන්න මේ ධර්මය නැණවතා උදෙසා ය. නුවණ මද අයට නොවේ.

ධර්මයෙහි ගුණ දක්වන තැනදි ‘ඒහිපස්සික’ (ඇවිත් බලන්න) යනුවෙන් දෙසු ලෙස ධර්මයේ සත්‍ය අසත්‍ය පිළිබඳ ශ්රාවකයාට තනිවම පර්යේෂණය කළ හැකි ය. බෞද්ධයා යනු විමසිලිමත් පුද්ගලයා ය. ඔහු ධර්මයේ හරය සොයා යා යුතු ය. ධර්ම රසය විඳගත හැකි වන්නේ, එවිට ය. මෙය, බුද්ධිමතා සතු ලක්ෂණයකි.

බුදු දහම බුද්ධිගෝචර දහමයක් ලෙස සලකන්නේ, මේ නිසා ය.

බුදු පියාණන් තම ශ්‍රාවකයන්ට උපරිම චින්තන නිදහස ලබා දී ඇත. අද ද ලොව ඇති අන්‍ය ආගමික සංකල්ප මෙන් නොව, තමන් වහන්සේගේ ශාස්තෘත්වය හෝ දෙසූ ධර්මය පිළිබඳ විමසීමට ශ්රාවකයාට අයිතියක් ඇත. ඔහු තථාගත නව අරහාදී ගුණය පිළිබඳ සෙවිය යුතු ය. මේ උතුම් ගුණ සැබැවින් බුදුහිමි සතු ද යන්න සොයා බලන ලෙස උපදෙස් ලබාදී තිබේ. මේ නිසා ‘භික්ෂූන් වහන්සේ උදෙසා විමංසක සූත්‍රය දේශනා කර ඇත.

‘විමංසකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායං අපාතන්තේන ද්විසු ධම්මේසූ සමන්නේ සිතබ්බෝ චක්ඛූ සෝත විඤ්ඤේසු’ එහි අර්ථය වන්නේ, තෙරුවන් සතු ගුණ බලයේ ශාක්‍යතාව පිරික්සිය යුතු බවයි. එවැනි විවෘත බවක් ලොව එදා මෙදා තුර පහළ වූ ශාස්තෘවරු තුළ නොවීය. වර්තමාන ලෝකයේ දෙවියන් පිළිබඳ විචාරයට ලක්කිරීම ඇතැම් විට මරණය ළඟා කර ගැනීමකි. එවැනි අන්ධ ශ්‍රාවක ජන සමුහයක් බුදුරදුන් විසින් අපේක්ෂා කර නැත. තම ශ්රාවකයා තුළ ධර්මය පිළිබඳ පරිනත භාවය තිබිය යුතු බවත් ධර්මයෙන් මනාව සන්නද්ධ වීම මගින් ප්‍රතිඵල සම්පන්න ශ්‍රාවක පිරිසක් නිර්මාණය වීමත් බුදුරදුන්ගේ අපේක්ෂාව විය.

‘මහණෙනි පර සිත් නොදන්නා වූ වීමංසක භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ ද නැතිදැයි දැනගනු පිණිස, ධර්ම දෙකක් පරීක්ෂාවට ලක් කළ යුතු වෙයි. එනම් කාය සමාචාරය’ හා ‘වාක් සමාචාරයයි’ මේ නිසාම බුදු හිමියෝ තමා පිළිබඳ ඇති සැක සොයා බලා දුරු කර ගන්නා ලෙස උපදෙස් දුන් සේක.

තම ආධිපත්‍යය කෙසේ හෝ රැක ගැනීමට උත්සාහ කරන ලොවක බුදුරදුන් ගේ් මේ අනුදැනීම විවෘත වූ අවංක වූ ශාස්තෘ ගුණයක් ප්‍රකට කරවන්නකි.නව අරහාදී බුදු ගුණ වලින් හෙළිවන ශාස්තෘත්වයේ උතුම් බව පුහුදුන් ශ්රාවකයාට දැකිය හැකි ද? නොහැකිම ය. මේ නිසාම තථාගතයන් වහන්සේ සතුව අතිවිශිෂ්ට ප්රජාතන්ත්රීය ලක්ෂණ වූයේ විවේචනයට හා පරීක්ෂාවට ඉඩ හැරීම යි. විචාර බුද්ධියෙන් යුතු ශ්‍රාවක පිරිස් සිටීම අත්‍යවශ්‍ය ය.

ඔවුන්ගෙන් ශාසනයේ උන්නතියට වන සේවය අති විශාල ය. කෙසේ වුවද බුදුවරයකුගේ අභ්‍යන්තර ගුණ සමුදාය පිළිබඳ පරීක්ෂා කිරීම ශ්‍රාවකයකුට කළ නොහැකි ය. මේ නිසාම තමන් වහන්සේගේ් ඇවතුම් පැවතුම් පිළිබඳ සොයා බලන ලෙස උපදෙස් දී තිබේ. මෙවැනි දේශනාවක් මගින් අප වටහාගත හැකි වන්නේ බුදුරදහු ලොව සිටි අති උදාර ප්රජාතන්තවාදී ශාස්තෘවරයා බවයි.

සත්‍ය සොයන ශ්රාවකයා තුළ බුද්ධිගෝචර බව හා විමංශනාශීලි බව තිබිය යුතුය.

විමංසක සූත්‍රයෙන් ශ්රාවකයා දිරිමත් කරනුයේ තෙරුවන් ගුණය නිසි ලෙස දැන හැඳින ගැනීමට ය. මෙයින් බුදු දහමේ නිර්මල බව ප්‍රකට වෙයි. මෙයට අමතරව මහාපරිනිබ්බාන සූත්‍රයේ දී පිරිනිවන් මඤ්චකයේ වැඩ හිදිමින් තමන් වහන්සේ එදින පිරිනිවන්පාන බවත්, තවදුරටත් භික්ෂූන් වහන්සේ තුළ දහම පිළිබඳ සැක ඇති තැන් ඇතොත් විමසන ලෙසත් දේශනා කළ සේක.

තමන්ට නොහැකි නම්, වෙනත් අයෙකු ලවා හෝ ධර්ම විනයේ ගැටලු තැන් ගැන විමසන ලෙස පැවසූහ. භික්ෂූන් වහන්සේ තුළ තමන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය හෝ විනය පිළිබඳ ගැටලු තබාගැනීම. මතු ශාසනයේ පැවැත්ම කෙරෙහි බලපාන බව දන්නා නිසා උන්වහන්සේ එසේ කළහ. ධර්ම අවබෝධය නිසි ලෙස ලබා ගැනීමට එමගින් ශ්රාවකයාට හැකියාව ලැබිණි. තමන් විසින් දෙසන ලද ධර්ම විනයේ ගුරු මුෂ්ටියක් නොමැති බවත්, දේශනා කළ යුතු සියල්ල මනා කොට දේශනා කර ඇති බවත් බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. ශ්රාවකයා තුළ ධර්ම විනය පිළිබඳ ව්යාක්තබව ලබා ගැනීම බුදුන්වහන්සේ නිරන්තරව අපේක්ෂා කළහ. ‘තුම්හේහි කිච්චං ආතප්පං, අක්ඛාතාරෝ තථාගතා’ අප විසින් අවශ්‍ය කටයුතු කළයුතු යැයිද තථාගතවරු මාර්ගය පමණක් පෙන්වා දෙන්නේ්යැයි ද උන්වහන්සේ පැවසූහ.

මෙමගින් තම ශ්‍රාවක පිරිස් නිර්වාණය ලබාගැනීම සඳහා උත්සුක කොට තිබේ. පුද්ගල පාරිශුද්ධභාවය සලසා ගත හැකි වන්නේ, විචාර පූර්වක මනසින් ය. එය යථාතත්ත්වය අවබෝධය මගින් සිදුවෙයි.

විමංශනශීලී ශ්රාවකයා, ධර්මය ශ්‍රවණය කොට, සුතමය ඤාණය ලබයි. ඇසූ දේ නිරවද්‍යතාව පරීක්ෂා කරමින් සිතින් විමසීමට ලක් කරයි. එමගින් ඔහු චින්තාමය ප්‍රඥාව ලබයි. බුද්ධි වර්ධනය කරගත යුතු ක්‍රම එසේ පැහැදිලි කර දී ඇත. ධර්මය මනා කොට අවබෝධ කිරීමට එහි අර්ථ විමසා බැලීම කළ යුතු වෙයි. මනාව දේශිත මේ ධර්මය තුළ සන්දිට්ඨික විපාක ලද හැකි බව, එවිට වටහාගත හැකිවෙයි. ධර්මයෙන් සන්දිට්ඨික විපාක ලද හැකි වන්නේ, විචක්ෂණශීලි පුද්ගලයාට පමණකි.

දහමෙහි ඵල නෙළා ගැනීම පිණිස බවුන් වැඩීම, සිත දමනය කිරීම කළ යුතුය. ඒ මහා භාරදූර කාර්යය බුද්ධිමත් ශ්රාවකයා විසින් සිදු කර ධර්මයේ ඇති නිර්මල ප්‍රතිඵල ලබා ගනියි. සාමාන්‍යයෙන් බුදු දහමේ චින්තන නිදහස අගැයීමට ලක් කිරීමේ දී විමංසක සූත්‍රය හා කාලාම සූත්‍රය ප්‍රධාන වෙයි.

විවිධ අදියර යටතේ විමුක්ති සාධනයට යොමුවීම කෙරෙහි පුද්ගලයාගේ සිත යොදවන සුත්‍රයකි, රථ විනීත සූත්‍රය. එහි සප්ත විශුද්ධිය මගින් පෙන්වා දෙන්නේ නිවන් මඟෙහි පිළිවෙත් වැඩිය යුතු අනුපිළිවෙළකි. එවැනි උසස් ඤාාණ දර්ශනයක් ලද හැකි වන්නේ විමර්ශනශීලී පුද්ගලයාට ය. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිවු ආකාර වූ විශේෂිත ඤාණ හතර (සිවු පිළිසිඹියා) ලද හැකි වන්නේ විමර්ශනශීලී පුද්ගලයාටයි. බුදු දහම පුද්ගලයාට තම පාරිශුද්ධභාවය තමාම ලද යුත්තක් බව පෙන්වා දී ඇත.

අවිද්‍යාව දුරුකර විද්‍යාව ඇති කරගැනීමට නම් බොදුනුවකු තුළ විමර්ශනශීලී බව තිබිය යුතුය. තෙරුවන් මනාව හඳුනාගැනීම, තෙරුවන් ගුණ පසක් කර ගැනීම කෙරෙහි සිත යොමුවිය යුතුය. තෙරුවන් ගුණ පරීක්ෂා කිරීමට ඉඩ ප්රස්ථා ලබාදී ඇත්තේ එබැවිනි. බුද්ධ, ධම්ම, සංඝ යන අනුස්සති භාවනා, දස අනුස්සති භාවනා අතර දක්නට ලැබෙයි. එමගින් ශ්‍රද්ධාව වර්ධනය කර ඉන්ද්රිය බල ඇති කොට පුද්ගලයාට සසුනේ මඟ කැමැත්ත ඇති කරවයි. ඉන් පසු ඔහු හොඳ නරක පිළිබඳ සොයා බලා නිවැරැදි මග ගමන් කරයි. හරි දේ හරි විදිහට දකියි. වරද වරද විදිහට දකියි. පව පින හඳුනාගනී.

එය දෙලොව යහපතට අයහපතට බලපාන ආකාරය දැනගනී. මෙයින් පුද්ගලයා කුසලයට යොමු කරවයි. ඔහු ඒ නිසාම දාන, ශීල, භාවනා පුරුදු පුහුණු කර තම ආත්ම විමුක්තියට ඉඩ සලසා ගනී. ‘යදාතුම්හේ කාලාමා අත්තනාව ජානෙය්යාථ ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා ඉමේ ධම්මා සමත්තා සමදින්නා අහිතාය දුක්ඛාය සංවත්තතී’ කාලාම සුත්‍රය මගින් පෙන්වා දී ඇත්තේ ද පුද්ගලයා ස්වයං තීරණයක් ගත යුතු බවයි.

එය දෙලොවටම අභිවෘද්ධි දායක දෙයක් විය යුතු බව පෙන්වා දී තිබේ. කියන්නන් වාලේ කීමත්, කරන්නන් වාලේ කිරීමත් අනුන්ට හොඳ නිසා තමන්ටත් හොඳ යැයි සිතීමත් නොව බුද්ධිමත්ව සොයා බලා කරුණු ප්රත්යක්ෂ කොටගෙන දෙලොව දිනීමට කටයුතු කිරීම බොදුනුවකු සතු විය යුතු ලක්ෂණයයි. එවන් අයුරින් කටයුතු නොකරන තැන සසර දිගු වෙයි. දුකට පත්වීම අනිවාර්ය වෙයි. දුක් සහිත සසර කෙටි කර ගැනීමට නම් ධර්මයේ යථාර්ථය සොයා පර්යේෂණ කළ යුතුය. එය විමුක්ති ලාභයට ඇති එකම මාර්ගයයි. බුදු දහම නිදහසේ රශ්මි ධාරාවෙන් ;ලාව වශී කළ ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයකි.

බුදු දහම නොපෙනෙන දේව බලයක් වෙත නොව, දෘෂ්‍යමාන මිනිස් ක්‍රියාකාරීත්වය කෙරෙහි විශ්වාසය තබා ඇත. දේවත්වයකට ආත්ම විමුක්තිය ලබා දිය නොහැකි නිසා බුදු සමය පුද්ගලයා උනන්දු කරවන්නේ් තමාට පිහිට තමාම බව පෙන්වා දීමෙනි.

‘අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා’ පුද්ගලයකු තුළ පිරිසුදු බව හා අපිරිසුදු බව ඇති කරගත යුත්තේ තමා විසින්ම ය. (අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති) වර්තමානයේද ඇතැම් ආගම් වල අතීතයේ මෙන් පවු සෝදා හැරීමක් නොළද පව් සමා කිරීම කරනු දක්නට ලැබේ.

එහෙත් එය සිදුවන්නක් නොවේ. පවට සමාව දෙන්නේ කවරෙක්ද ? එසේ කළ හැකි වන්නේ කෙසේද ? යන්න ගැටලුවකි. මේ නිසා තම හෘද සාක්ෂියේ විනිසුරු හමුවේ වරදකරුවකු වීමට වඩා බුද්ධිගෝචරව පාපී ක්‍රියා වලින් වැළකී සිටීම සැපදායක වේ. පවිත්‍රතාව ඇති කර ගත යුත්තේ ද තමා විසින්මය. එය වෙන කිසිවෙකුට කළ හැකි නොවේ.

ඒ සඳහා නුවණින් කල්පනා කර ක්‍රියාත්මක විය යුතුය. අඳ බාල ජනයා එදිනෙදා දිවිපෙවෙත තුළ මෝහය නිසා අකුසල කර්ම රැස් කර ගනිති. සසර ගමන් දිගු කරනු ලබන අකුසල කාය කර්ම වචී කර්ම හා මනෝ කර්ම සිදු කරති. එවන් විටක දී ඒ අකුසල කර්ම කිසිවකුට හෝ පිරිසුදු කළ හැකි ද යන්න සිතා බැලිය යුතුය. සිතීම හා විමසීම මුල් කරගෙන තමා තුළ ඇති විමුක්තිය ලබාගත යුතුය. තථාගත ශාස්තෘ වූ බුදු පියාණන් හෙළි කළ නිදහස් චින්තනයේ උදාර බවයි.

තමන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර ආනන්ද හිමියන් අමතා වදාළේ ආනන්දය මාගේ ඇවෑමෙන් පසු සංඝයා කැමති නම් කුඩා අනුකුඩා ශික්ෂාපද ඉවත් කර ගත හැකියි. කියාය. චුල්ලවග්ග පාලියේ පංචසතික ඛන්ධකයෙහි එය මෙසේ සඳහන් කර ඇත.

‘ආකංඛමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන ඛුද්ධානු ඛුද්ධකාති සික්ඛාපදානි සමූහනෙය්ය’ මෙමගින් පෙන්වූයේ නිදහස්ව අවබෝධ කරගත යුතු දහමක් බව පෙනී යයි. තම ශ්‍රාවක පිරිස විනය නීති වලින් දැඩිව බැඳ තබා ගැනීමක් බුදුන් වහන්සේ අපේක්ෂා කොට නැත. විනයක් තිබීම සසුනේ චිර පැවැත්මට හේතු විය. මෙතෙක් ලොව පහළ වූ වෙනත් කිසිම ශාස්තෘවරයකු විසින් මනුෂ්‍ය වර්ගයාට දායාද නොකළ ශ්‍රේෂ්ඨතම වරප්රසාදයකි, සිතීමේ හා විමසීමේ නිදහස. මිනිසාගේ නිදහස් කල්පනාවන්ට හා වීමංසක ඤාණයට අංශුමාත්ර බාධාවක් නොවන ලෙස බුදු දහම පරීක්ෂා කර බැලීමට දී ඇති නිදහස ඉතා වැදගත් ය. බුදුරදුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණයා හට චුල්ලහත්ථි පදෝපම උපමාවෙන් වදාළේ නාග වාණිකයෙක් නාගවනයට පිවිස, වාමනිකා, උච්චාකාළාරිකා, උච්චා කනේරුකා, යන ඇතුන් විශේෂයන්ගේ පියවර සටහන් ක්‍රමයෙන් දැක අවසාන නිගමනයකට බසින්නාක් මෙන් බුදුන්, දහම්, සඟුන් පිළිබඳ පර්යේෂණයක යෙදෙන්නා විසින් ඒ පිළිබඳ අවසාන නිගමනයකට බැසිය යුතු වන්නේ අර්හත් මාර්ග ඥාණයෙන් පසුව බවයි.

අද ලොව ඇති බොහෝ ආගම් වල ශාස්තෘවරුන් පිළිබඳ හෝ ඔවුන්ගේ ආගම් පිළිබඳ හෝ වීමංසනයක යෙදීම ඇතැම් විට මරණය ළ¼ගා කර ගැනීමක් විය හැකිය. මේ අනුව සම්මා සම්බුදුරදුන් සතු ප්රජාතන්ත්රීය ලක්ෂණය ඉතා හොඳින් පැහැදිලි වෙයි

[QUOTE="arun1987, post: 13026015, member: 121850"] [b]‘ඒහිපස්සික’ (ඇවිත් බලන්න)[/b] [COLOR="SeaGreen"][SIZE="4"](මෙය උපුටා ගැනීමකි) භාරතයේ බෝසතුන් වහන්සේ පහළ වූ කාලයේ තිබූ ආගම්, දේවවාදී විය. ඔවුන්ගේ් සර්ව බලධාරී දෙවියන් ගැන කිසිම අයකුට ප්‍රශ්න කළ හැකි නොවී ය. බ්‍රාහ්මණ ධර්මයේ ඇති සියල්ලම ඒ අයුරින්ම භාරගන්නවා මිස, ඒ පිළිබඳ කුමන අයුරකින්වත් විමසීමක් කිරීමට නොහැකි විය. මෙවන් තත්ත්වයක් තිබූ අවධියක බුදුහිමියෝ දහම් දෙසූහ. සමාජ ශෝධනයක් සිදු කොට සැමට පිළිවෙත් පිරිය හැකි පරිසරයක්් නිර්මාණය කර දුන්හ. කුල ගෝත්‍ර හෝ ජාති භේදයක් පොදු පිළිවෙත සපිරීමට බලපාන්නේ නැත. ධර්මය අවබෝධ කළ හැකි වන්නේ කාහට ද ඔහුට බුදුදහම විවෘත විය. වත්මනෙහි අපේ ඇතැම් ග්‍රාමිය බොදු ජනයා තම ජාතියටම පමණක් බුදුදහම සීමා විය යුතු යන පටු ආකල්ප වලින් යුක්ත වී භික්ෂුව වෙනත් ජාතීන් සමග සබඳතා ගොඩනගා ගැනීමට යෑම ගැන අසතුට ප්‍රකාශ කරති. බුදුදහම විශ්ව සාධාරණ ධර්මයකි. මේ නිසා බුදු දහමේ හරය වටහා ගැනීම සඳහා නුවණ තිබීම වැදගත් ය. ඒ බව බුදුරදුන් විසින්ම ප්‍රකාශ කරන ලද අවස්ථාවකි. ‘පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස’ යන්න මේ ධර්මය නැණවතා උදෙසා ය. නුවණ මද අයට නොවේ. ධර්මයෙහි ගුණ දක්වන තැනදි ‘ඒහිපස්සික’ (ඇවිත් බලන්න) යනුවෙන් දෙසු ලෙස ධර්මයේ සත්‍ය අසත්‍ය පිළිබඳ ශ්රාවකයාට තනිවම පර්යේෂණය කළ හැකි ය. බෞද්ධයා යනු විමසිලිමත් පුද්ගලයා ය. ඔහු ධර්මයේ හරය සොයා යා යුතු ය. ධර්ම රසය විඳගත හැකි වන්නේ, එවිට ය. මෙය, බුද්ධිමතා සතු ලක්ෂණයකි. බුදු දහම බුද්ධිගෝචර දහමයක් ලෙස සලකන්නේ, මේ නිසා ය. බුදු පියාණන් තම ශ්‍රාවකයන්ට උපරිම චින්තන නිදහස ලබා දී ඇත. අද ද ලොව ඇති අන්‍ය ආගමික සංකල්ප මෙන් නොව, තමන් වහන්සේගේ ශාස්තෘත්වය හෝ දෙසූ ධර්මය පිළිබඳ විමසීමට ශ්රාවකයාට අයිතියක් ඇත. ඔහු තථාගත නව අරහාදී ගුණය පිළිබඳ සෙවිය යුතු ය. මේ උතුම් ගුණ සැබැවින් බුදුහිමි සතු ද යන්න සොයා බලන ලෙස උපදෙස් ලබාදී තිබේ. මේ නිසා ‘භික්ෂූන් වහන්සේ උදෙසා විමංසක සූත්‍රය දේශනා කර ඇත. ‘විමංසකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායං අපාතන්තේන ද්විසු ධම්මේසූ සමන්නේ සිතබ්බෝ චක්ඛූ සෝත විඤ්ඤේසු’ එහි අර්ථය වන්නේ, තෙරුවන් සතු ගුණ බලයේ ශාක්‍යතාව පිරික්සිය යුතු බවයි. එවැනි විවෘත බවක් ලොව එදා මෙදා තුර පහළ වූ ශාස්තෘවරු තුළ නොවීය. වර්තමාන ලෝකයේ දෙවියන් පිළිබඳ විචාරයට ලක්කිරීම ඇතැම් විට මරණය ළඟා කර ගැනීමකි. එවැනි අන්ධ ශ්‍රාවක ජන සමුහයක් බුදුරදුන් විසින් අපේක්ෂා කර නැත. තම ශ්රාවකයා තුළ ධර්මය පිළිබඳ පරිනත භාවය තිබිය යුතු බවත් ධර්මයෙන් මනාව සන්නද්ධ වීම මගින් ප්‍රතිඵල සම්පන්න ශ්‍රාවක පිරිසක් නිර්මාණය වීමත් බුදුරදුන්ගේ අපේක්ෂාව විය. ‘මහණෙනි පර සිත් නොදන්නා වූ වීමංසක භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ ද නැතිදැයි දැනගනු පිණිස, ධර්ම දෙකක් පරීක්ෂාවට ලක් කළ යුතු වෙයි. එනම් කාය සමාචාරය’ හා ‘වාක් සමාචාරයයි’ මේ නිසාම බුදු හිමියෝ තමා පිළිබඳ ඇති සැක සොයා බලා දුරු කර ගන්නා ලෙස උපදෙස් දුන් සේක. තම ආධිපත්‍යය කෙසේ හෝ රැක ගැනීමට උත්සාහ කරන ලොවක බුදුරදුන් ගේ් මේ අනුදැනීම විවෘත වූ අවංක වූ ශාස්තෘ ගුණයක් ප්‍රකට කරවන්නකි.නව අරහාදී බුදු ගුණ වලින් හෙළිවන ශාස්තෘත්වයේ උතුම් බව පුහුදුන් ශ්රාවකයාට දැකිය හැකි ද? නොහැකිම ය. මේ නිසාම තථාගතයන් වහන්සේ සතුව අතිවිශිෂ්ට ප්රජාතන්ත්රීය ලක්ෂණ වූයේ විවේචනයට හා පරීක්ෂාවට ඉඩ හැරීම යි. විචාර බුද්ධියෙන් යුතු ශ්‍රාවක පිරිස් සිටීම අත්‍යවශ්‍ය ය. ඔවුන්ගෙන් ශාසනයේ උන්නතියට වන සේවය අති විශාල ය. කෙසේ වුවද බුදුවරයකුගේ අභ්‍යන්තර ගුණ සමුදාය පිළිබඳ පරීක්ෂා කිරීම ශ්‍රාවකයකුට කළ නොහැකි ය. මේ නිසාම තමන් වහන්සේගේ් ඇවතුම් පැවතුම් පිළිබඳ සොයා බලන ලෙස උපදෙස් දී තිබේ. මෙවැනි දේශනාවක් මගින් අප වටහාගත හැකි වන්නේ බුදුරදහු ලොව සිටි අති උදාර ප්රජාතන්තවාදී ශාස්තෘවරයා බවයි. සත්‍ය සොයන ශ්රාවකයා තුළ බුද්ධිගෝචර බව හා විමංශනාශීලි බව තිබිය යුතුය. විමංසක සූත්‍රයෙන් ශ්රාවකයා දිරිමත් කරනුයේ තෙරුවන් ගුණය නිසි ලෙස දැන හැඳින ගැනීමට ය. මෙයින් බුදු දහමේ නිර්මල බව ප්‍රකට වෙයි. මෙයට අමතරව මහාපරිනිබ්බාන සූත්‍රයේ දී පිරිනිවන් මඤ්චකයේ වැඩ හිදිමින් තමන් වහන්සේ එදින පිරිනිවන්පාන බවත්, තවදුරටත් භික්ෂූන් වහන්සේ තුළ දහම පිළිබඳ සැක ඇති තැන් ඇතොත් විමසන ලෙසත් දේශනා කළ සේක. තමන්ට නොහැකි නම්, වෙනත් අයෙකු ලවා හෝ ධර්ම විනයේ ගැටලු තැන් ගැන විමසන ලෙස පැවසූහ. භික්ෂූන් වහන්සේ තුළ තමන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය හෝ විනය පිළිබඳ ගැටලු තබාගැනීම. මතු ශාසනයේ පැවැත්ම කෙරෙහි බලපාන බව දන්නා නිසා උන්වහන්සේ එසේ කළහ. ධර්ම අවබෝධය නිසි ලෙස ලබා ගැනීමට එමගින් ශ්රාවකයාට හැකියාව ලැබිණි. තමන් විසින් දෙසන ලද ධර්ම විනයේ ගුරු මුෂ්ටියක් නොමැති බවත්, දේශනා කළ යුතු සියල්ල මනා කොට දේශනා කර ඇති බවත් බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. ශ්රාවකයා තුළ ධර්ම විනය පිළිබඳ ව්යාක්තබව ලබා ගැනීම බුදුන්වහන්සේ නිරන්තරව අපේක්ෂා කළහ. ‘තුම්හේහි කිච්චං ආතප්පං, අක්ඛාතාරෝ තථාගතා’ අප විසින් අවශ්‍ය කටයුතු කළයුතු යැයිද තථාගතවරු මාර්ගය පමණක් පෙන්වා දෙන්නේ්යැයි ද උන්වහන්සේ පැවසූහ. මෙමගින් තම ශ්‍රාවක පිරිස් නිර්වාණය ලබාගැනීම සඳහා උත්සුක කොට තිබේ. පුද්ගල පාරිශුද්ධභාවය සලසා ගත හැකි වන්නේ, විචාර පූර්වක මනසින් ය. එය යථාතත්ත්වය අවබෝධය මගින් සිදුවෙයි. විමංශනශීලී ශ්රාවකයා, ධර්මය ශ්‍රවණය කොට, සුතමය ඤාණය ලබයි. ඇසූ දේ නිරවද්‍යතාව පරීක්ෂා කරමින් සිතින් විමසීමට ලක් කරයි. එමගින් ඔහු චින්තාමය ප්‍රඥාව ලබයි. බුද්ධි වර්ධනය කරගත යුතු ක්‍රම එසේ පැහැදිලි කර දී ඇත. ධර්මය මනා කොට අවබෝධ කිරීමට එහි අර්ථ විමසා බැලීම කළ යුතු වෙයි. මනාව දේශිත මේ ධර්මය තුළ සන්දිට්ඨික විපාක ලද හැකි බව, එවිට වටහාගත හැකිවෙයි. ධර්මයෙන් සන්දිට්ඨික විපාක ලද හැකි වන්නේ, විචක්ෂණශීලි පුද්ගලයාට පමණකි. දහමෙහි ඵල නෙළා ගැනීම පිණිස බවුන් වැඩීම, සිත දමනය කිරීම කළ යුතුය. ඒ මහා භාරදූර කාර්යය බුද්ධිමත් ශ්රාවකයා විසින් සිදු කර ධර්මයේ ඇති නිර්මල ප්‍රතිඵල ලබා ගනියි. සාමාන්‍යයෙන් බුදු දහමේ චින්තන නිදහස අගැයීමට ලක් කිරීමේ දී විමංසක සූත්‍රය හා කාලාම සූත්‍රය ප්‍රධාන වෙයි. විවිධ අදියර යටතේ විමුක්ති සාධනයට යොමුවීම කෙරෙහි පුද්ගලයාගේ සිත යොදවන සුත්‍රයකි, රථ විනීත සූත්‍රය. එහි සප්ත විශුද්ධිය මගින් පෙන්වා දෙන්නේ නිවන් මඟෙහි පිළිවෙත් වැඩිය යුතු අනුපිළිවෙළකි. එවැනි උසස් ඤාාණ දර්ශනයක් ලද හැකි වන්නේ විමර්ශනශීලී පුද්ගලයාට ය. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිවු ආකාර වූ විශේෂිත ඤාණ හතර (සිවු පිළිසිඹියා) ලද හැකි වන්නේ විමර්ශනශීලී පුද්ගලයාටයි. බුදු දහම පුද්ගලයාට තම පාරිශුද්ධභාවය තමාම ලද යුත්තක් බව පෙන්වා දී ඇත. අවිද්‍යාව දුරුකර විද්‍යාව ඇති කරගැනීමට නම් බොදුනුවකු තුළ විමර්ශනශීලී බව තිබිය යුතුය. තෙරුවන් මනාව හඳුනාගැනීම, තෙරුවන් ගුණ පසක් කර ගැනීම කෙරෙහි සිත යොමුවිය යුතුය. තෙරුවන් ගුණ පරීක්ෂා කිරීමට ඉඩ ප්රස්ථා ලබාදී ඇත්තේ එබැවිනි. බුද්ධ, ධම්ම, සංඝ යන අනුස්සති භාවනා, දස අනුස්සති භාවනා අතර දක්නට ලැබෙයි. එමගින් ශ්‍රද්ධාව වර්ධනය කර ඉන්ද්රිය බල ඇති කොට පුද්ගලයාට සසුනේ මඟ කැමැත්ත ඇති කරවයි. ඉන් පසු ඔහු හොඳ නරක පිළිබඳ සොයා බලා නිවැරැදි මග ගමන් කරයි. හරි දේ හරි විදිහට දකියි. වරද වරද විදිහට දකියි. පව පින හඳුනාගනී. එය දෙලොව යහපතට අයහපතට බලපාන ආකාරය දැනගනී. මෙයින් පුද්ගලයා කුසලයට යොමු කරවයි. ඔහු ඒ නිසාම දාන, ශීල, භාවනා පුරුදු පුහුණු කර තම ආත්ම විමුක්තියට ඉඩ සලසා ගනී. ‘යදාතුම්හේ කාලාමා අත්තනාව ජානෙය්යාථ ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා ඉමේ ධම්මා සමත්තා සමදින්නා අහිතාය දුක්ඛාය සංවත්තතී’ කාලාම සුත්‍රය මගින් පෙන්වා දී ඇත්තේ ද පුද්ගලයා ස්වයං තීරණයක් ගත යුතු බවයි. එය දෙලොවටම අභිවෘද්ධි දායක දෙයක් විය යුතු බව පෙන්වා දී තිබේ. කියන්නන් වාලේ කීමත්, කරන්නන් වාලේ කිරීමත් අනුන්ට හොඳ නිසා තමන්ටත් හොඳ යැයි සිතීමත් නොව බුද්ධිමත්ව සොයා බලා කරුණු ප්රත්යක්ෂ කොටගෙන දෙලොව දිනීමට කටයුතු කිරීම බොදුනුවකු සතු විය යුතු ලක්ෂණයයි. එවන් අයුරින් කටයුතු නොකරන තැන සසර දිගු වෙයි. දුකට පත්වීම අනිවාර්ය වෙයි. දුක් සහිත සසර කෙටි කර ගැනීමට නම් ධර්මයේ යථාර්ථය සොයා පර්යේෂණ කළ යුතුය. එය විමුක්ති ලාභයට ඇති එකම මාර්ගයයි. බුදු දහම නිදහසේ රශ්මි ධාරාවෙන් ;ලාව වශී කළ ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයකි. බුදු දහම නොපෙනෙන දේව බලයක් වෙත නොව, දෘෂ්‍යමාන මිනිස් ක්‍රියාකාරීත්වය කෙරෙහි විශ්වාසය තබා ඇත. දේවත්වයකට ආත්ම විමුක්තිය ලබා දිය නොහැකි නිසා බුදු සමය පුද්ගලයා උනන්දු කරවන්නේ් තමාට පිහිට තමාම බව පෙන්වා දීමෙනි. ‘අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා’ පුද්ගලයකු තුළ පිරිසුදු බව හා අපිරිසුදු බව ඇති කරගත යුත්තේ තමා විසින්ම ය. (අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති) වර්තමානයේද ඇතැම් ආගම් වල අතීතයේ මෙන් පවු සෝදා හැරීමක් නොළද පව් සමා කිරීම කරනු දක්නට ලැබේ. එහෙත් එය සිදුවන්නක් නොවේ. පවට සමාව දෙන්නේ කවරෙක්ද ? එසේ කළ හැකි වන්නේ කෙසේද ? යන්න ගැටලුවකි. මේ නිසා තම හෘද සාක්ෂියේ විනිසුරු හමුවේ වරදකරුවකු වීමට වඩා බුද්ධිගෝචරව පාපී ක්‍රියා වලින් වැළකී සිටීම සැපදායක වේ. පවිත්‍රතාව ඇති කර ගත යුත්තේ ද තමා විසින්මය. එය වෙන කිසිවෙකුට කළ හැකි නොවේ. ඒ සඳහා නුවණින් කල්පනා කර ක්‍රියාත්මක විය යුතුය. අඳ බාල ජනයා එදිනෙදා දිවිපෙවෙත තුළ මෝහය නිසා අකුසල කර්ම රැස් කර ගනිති. සසර ගමන් දිගු කරනු ලබන අකුසල කාය කර්ම වචී කර්ම හා මනෝ කර්ම සිදු කරති. එවන් විටක දී ඒ අකුසල කර්ම කිසිවකුට හෝ පිරිසුදු කළ හැකි ද යන්න සිතා බැලිය යුතුය. සිතීම හා විමසීම මුල් කරගෙන තමා තුළ ඇති විමුක්තිය ලබාගත යුතුය. තථාගත ශාස්තෘ වූ බුදු පියාණන් හෙළි කළ නිදහස් චින්තනයේ උදාර බවයි. තමන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර ආනන්ද හිමියන් අමතා වදාළේ ආනන්දය මාගේ ඇවෑමෙන් පසු සංඝයා කැමති නම් කුඩා අනුකුඩා ශික්ෂාපද ඉවත් කර ගත හැකියි. කියාය. චුල්ලවග්ග පාලියේ පංචසතික ඛන්ධකයෙහි එය මෙසේ සඳහන් කර ඇත. ‘ආකංඛමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන ඛුද්ධානු ඛුද්ධකාති සික්ඛාපදානි සමූහනෙය්ය’ මෙමගින් පෙන්වූයේ නිදහස්ව අවබෝධ කරගත යුතු දහමක් බව පෙනී යයි. තම ශ්‍රාවක පිරිස විනය නීති වලින් දැඩිව බැඳ තබා ගැනීමක් බුදුන් වහන්සේ අපේක්ෂා කොට නැත. විනයක් තිබීම සසුනේ චිර පැවැත්මට හේතු විය. මෙතෙක් ලොව පහළ වූ වෙනත් කිසිම ශාස්තෘවරයකු විසින් මනුෂ්‍ය වර්ගයාට දායාද නොකළ ශ්‍රේෂ්ඨතම වරප්රසාදයකි, සිතීමේ හා විමසීමේ නිදහස. මිනිසාගේ නිදහස් කල්පනාවන්ට හා වීමංසක ඤාණයට අංශුමාත්ර බාධාවක් නොවන ලෙස බුදු දහම පරීක්ෂා කර බැලීමට දී ඇති නිදහස ඉතා වැදගත් ය. බුදුරදුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණයා හට චුල්ලහත්ථි පදෝපම උපමාවෙන් වදාළේ නාග වාණිකයෙක් නාගවනයට පිවිස, වාමනිකා, උච්චාකාළාරිකා, උච්චා කනේරුකා, යන ඇතුන් විශේෂයන්ගේ පියවර සටහන් ක්‍රමයෙන් දැක අවසාන නිගමනයකට බසින්නාක් මෙන් බුදුන්, දහම්, සඟුන් පිළිබඳ පර්යේෂණයක යෙදෙන්නා විසින් ඒ පිළිබඳ අවසාන නිගමනයකට බැසිය යුතු වන්නේ අර්හත් මාර්ග ඥාණයෙන් පසුව බවයි. අද ලොව ඇති බොහෝ ආගම් වල ශාස්තෘවරුන් පිළිබඳ හෝ ඔවුන්ගේ ආගම් පිළිබඳ හෝ වීමංසනයක යෙදීම ඇතැම් විට මරණය ළ¼ගා කර ගැනීමක් විය හැකිය. මේ අනුව සම්මා සම්බුදුරදුන් සතු ප්රජාතන්ත්රීය ලක්ෂණය ඉතා හොඳින් පැහැදිලි වෙයි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom