Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
‘ගාඩීනියා මල’ ( Gardenia Flower ) - කෙටි කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ගාඩීනියා මල’ ( Gardenia Flower ) - කෙටි කතාව

මේ කතාව මම http://novelslk.wordpress.com/ සයිට් එකේ පල කරපු කතාවක්. කතාවෙ .pdf file එක මේ සයිට් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට කියවන්න මෙතනත් දාන්න හිතුනා.

අපි සෑම දෙනාටම ආපහු හැරිල බලන්න පුලුවන් අතීතයක් තියෙනවා… මේ අතීත මතක සටහන් මිහිරි වෙන්න පුලුවන්… අමිහිරි වෙන්න පුලුවන්… එහෙම නැත්නම් මේ දෙකේ සංකලනයක් වෙන්න පුලුවන්.

පුද්ගලිකව මට තියෙන්නෙ මිහිරි මතක සටහන් වලට වඩා අමිහිරි මතක සටහන් තමයි. ඒ කොහොම වුනත් ඒ අමිහිරි මතක සටහන් මගේ ජීවිතය හොඳ පැත්තට හරව ගන්න උදව් වෙලා තියෙනවා.

මේ පුංචි කෙටි කතාව මම ලිව්වෙ ගැහැණු ළමයෙක්ගෙ සංවේදී අතීත සැමරුමක් (Emotional Reminiscence ) පාදක කර ගෙන. මේ වගේ සංවේදී අතීත සැමරුම් වලින් එක්තරා විදියක සැහැල්ලුවක් අපිට ලැබෙන්න පුලුවන් කියල මම හිතනවා.

මේ කෙටි කතාව 100% ක් මගේ නිර්මාණයක් නෙමෙයි. මේ කතාව මම ලිව්වෙ කලකට ඉහතදී මම ඉංග්‍රීසි භාෂාවෙන් කියවපු සිදුවීමක් (narrative) පසුබිම් කරගෙන. මේ සිදු වීම ඇත්තක්ද නැද්ද කියල මට හරියටම කියන්න බැහැ. ඒ කොහොම වුනත් මේ සිදු වීම මගේ හදවතට තදින්ම කා වැදුනා.. ඒක කියවද්දි මම ගොඩක් සංවේදී වුනා… ඒ හින්ද මම හිතුවා ඒ සිද්ධියෙන් ඔය ගොල්ලන්ට ලස්සන..චූටි කතාවක් ලියන්න ඕන කියල…

‘ගාඩීනියා මල’ බිහි වුනේ ඒ විදියට තමයි….

ගාඩීනියා මල

(Gardenia Flower)

මගේ නම නිමේෂා. මට කවුරුත් ආදරේට කියන්නෙ නිම්මි කියලා. අපේ මේ පුංචි ලංකාවේ කඳුකරයේ අගනුවර වෙන මහනුවර කිට්ටුව තියෙන ලස්සන තැනක තමයි මම දැන් ජීවත් වෙන්නෙ.

මම ඔය ගොල්ලන්ට කියන්න යන මේ කතාව පටන් ගන්න කොට මගේ වයස අවුරුදු දහසයයි. ඒ කියන්නෙ මම එතකොට පුංචි කෙල්ලෙක් නේද.... ම්ම්ම්... පුංචිම කියල කියන්නත් බෑ. මොකද අවුරුදු දහසයක් කියන්නෙ යමක් කමක් තේරෙන වයසක් නෙ. ඒත්... ඔව් ඒත් මට ජීවිතයේ අත්දැකීම් තිබුනෙ නැහැ. ඉතින් මට ජීවිතය ගැන පොඩිම පොඩි බයක් ඒ කාලෙ තිබුනා.. මට යාලුවො ගොඩක් හිටියා. මගේ හොඳම යාලුවා තමයි තුෂාරි. තවමත් එයා මගේ හොඳම යාලුවා තමයි. ඒත් මට සහෝදර සහෝදරියො කවුරුත් නැහැ.

පුංචි දවස්වල ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවම මම ඉන්නෙ තනියම. පුංචි කාලෙ මම බෝනික්කො, සෙල්ලම් බල්ලො, පුසෝ එක්ක සෙල්ලම් කරා. මම ඒ ගොල්ලො එක්ක කතා කරා. මගේ නංගිල මල්ලිල වුනේ ඒ ගොල්ලො තමයි. මම ටිකක් ලොකු වෙන කොට ඒ ගොල්ලො නිකන්ම පැත්තකට ගියා. ඊට පස්සෙ මම නව කතා කියවන්න පටන් ගත්තා. ඒ දවස්වල අද වගේ ඉන්ටනෙට්, ෆේස් බුක්, මොබයිල් ෆෝන් එච්චර තිබුනෙ නැහැ. ඉතින් මගේ විනෝදාංශය වුනේ කියවීම තමයි.

මම ගැන ආත්ම වර්ණනාවක් කරනවා එහෙම නෙමෙයි. මට හැමෝම කියන විදියට මම හරිම ලස්සන කෙල්ලෙක්. මට හිතෙනව ඒක ඇත්ත වෙන්න ඇති කියල. මොකද මම දිහා හැරිල බලපු නැති කොල්ලෙක් ඒ කාලෙ හිටියේ නැතුව ඇති...ම්ම්ම්ම්... දැනුත් එහෙම තමයි ඉතින්!! .... අනේ මම ගැන මේ පාරට්ටුවක් කරනව එහෙම නෙමෙයි.

මට කොච්චර යාලුවො හිටියත්, මගේ ශක්තියයි, පහන් එළියයි වුනේ මගේ අම්මි තමයි. අම්මිගෙ එකම වස්තුව වුනේ මම. හැබැයි අම්මි කවදාවත් මාව බෝනික්කෙක් වගේ හැදුවෙ නෑ. මට ආදරය දුන්න. මට හොඳ නරක කියල දුන්න. සමාජයේ ජීවත් වෙන්න ඕන හැටි කියල දුන්න. ජීවිතය රෝස මල් යහනාවක් නෙමෙයි කියල කිව්ව. අම්මිගෙ මේ ආදරයයි, මග පෙන්වීමයි මට ලොකුම ලොකු අත්වැලක් වුනා. අම්මියි මමයි අතර තිබුනේ පුදුම බැඳිමක්. සමහර වෙලාවට මට හිතුනා මගේ හොඳම යාලුවා තුෂාරි නෙමෙයි, මගේ අම්මි කියල. අපි දෙන්න ඒ තරම්ම කිට්ටුයි.

මගේ තාත්ති එයාගෙ රස්සාව හින්ද ගොඩක් මහන්සි වුන කෙනෙක්. තාත්ති කවදාවත් බොරු කෙරුවෙ නැහැ. වග කීමකින් රස්සාව කරා. මේ හින්ද එයාට වැඩිය මාත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ. පුංචි කාලෙ මාව වැඩිය හුරතල් කරේ නැහැ. මේ හින්ද මම තාත්ති එක්ක ඒ කාලෙ තරහෙන් හිටියෙ.

"තාත්ති හරි නරකයි... තාත්ති මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නෙ නෑ…. මම තාත්ති එක්ක තරහම තරහයි...."

ඒ කාලේ තාත්තිට මම නිතරම මේ විදියට කිව්වා. එහෙම වෙලාවට තාත්ති මාව වඩාගෙන ආදරයෙන් මගේ කම්මුල් ඉඹගෙන ඉන්නවා. තාත්තිගෙ ඇස් වල දුකක් තිබුන කියල මට දැන් තෙරෙනවා. ඒත් ඒ කාලෙ මට එහෙම හිතුනෙ නැහැ. මට ඒ වෙලාවෙ දැනුන එකම දේ තමයි තාත්තිගෙ රස්නෙ. මම ඒකට හරියට ආස කරා.

පුංචි කාලෙදි මට තේරුනේ නැති වුනත් තාත්ති මට පණ වගේ ආදරය කරා කියල මට දැන් තේරෙනවා. ගොඩක් පිරිමි අය ආදරය පපුව ඇතුලෙ තියාගෙන ඉන්නව මිසක් ඒක වැඩිය පෙන්නන්නෙ නෑ කියන එක මම දැන් දන්නවා. මගේ තාත්තිත් ඒ වගේ තමයි. තාත්ති අම්මිටයි මටයි ගොඩාක් ආදරය කරා. ඒත් ඒක එළියට පෙන්නුවෙ නෑ. තාත්ති ඒ දවස්වල ඒ විදියට මහන්සි වෙලා රස්සාව කරේ අම්මිවයි මාවයි ජීවත් කරවන්න කියල මට ඒ කාලෙ හිතුනෙ නැහැ. මට හොඳ අනාගතයක් දෙන්න කියල ඒ කාලෙ මට හිතුනෙ නෑ. දැන් මට එහෙම හිතෙන කොට කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා.

මගේ දහසය වෙනි උපන් දිනය දවසෙ අම්මි මට ගොඩක් වටින තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග ගොඩක් සල්ලි දීල කඩේකින් ගත්ත තෑග්ගක් නෙමෙයි. ජීවිතයට ඕන කරන වැදගත් උපදෙස් කීපයක් තමයි අම්මි මට දුන්න ඒ තෑග්ග වුනේ.

"නිම්මි.... අද ඉඳන් ඔයාගේ ළමා කාලෙ ඉවරයි... ඔයා දැන් ලෝකෙට මූණ දෙන්න ඕන... ලෝකෙ එච්චර නරක තැනක් නොවෙයි වගේම එච්චර හොඳ තැනකුත් නෙමෙයි.. ගෑණු ළමයි.. විශේෂයෙන්ම ඔයා වගේ ලස්සන ගෑණු ළමයි ගොඩක් සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන... ජීවිතයෙ මොකක් හරි කරදරයක්.. හිතේ අමාරුවක් වුනොත්..ඒකෙන් ජීවිතය ඉස්සරහට අරගෙන යන්න අත්දැකීමක් අරගන්න... ඒ කරදරය හින්ද වැටෙන්න එපා... බය වෙන්න එපා දූ... තාත්තියි මමයි ඔයා ළඟින්ම ඉන්නවා... ඔයාට තියෙන්නෙ හොඳ නරක තේරුම් අරගෙන වැඩ කරන්න විතරයි.. මිනිස්සු එක්ක සහයෝගයෙන් වැඩ කරන්න... දුව... ඔයාගෙ ලස්සන හින්ද පිරිමි ළමයි ඔයාගෙ පස්සෙන් එනව.. ඒක නවත්තන්න බෑ... එහෙම තත්වයක් ඇති වුනාම කල්පනාවෙන් වැඩ කරන්න... හැම පිරිමි ළමයම හොඳ නෑ වගේම හැම පිරිමි ළමයම නරකත් නෑ..."

"ඔව් අම්මි මට තේරෙනව.... මගේ හයිය අම්මියි තාත්තියි තමයි...."

මම අම්මියි තාත්තියි බදා ගෙන ලොකු හාදුවක් දෙන ගමන් කිව්වා. ඒ වෙලාවෙ අම්මි මම දිහා බලලා යන්තම් හිනා වුනත්, තාත්තිගෙ ඇස් දෙකේ කඳුලු බිංදු තියෙනව මම දැක්කා.

එදා උපන් දිනය දවසෙ අම්මි කියපු දේ ඒ විදියටම සිද්ධ වුනා. මම ඉගෙන ගත්තේ මහනුවර තියෙන ප්‍රසිද්ධ ගෑණු ළමයින්ගෙ ඉස්කෝලෙක. මම උසස් පෙළ පන්ති වල ඉන්න කොට ඉස්කෝලෙට යන එන එකත් එක්තරා විදියක යුද්ධයක් වෙලා තිබුනෙ!!.... ඔයගොල්ලන්ට ඉතින් හේතුව කියන්න ඕන නැහැනෙ. මම එනකන් අපේ ඉස්කෝලෙ ළඟ රස්තියාදු වෙවී හිටිය කොල්ලන්ගේ ගණන නම් ඉතින් කොච්චරද කියල කියන්න මම දන්නෙ නෑ.

ඒ කාලෙ දැන් වගේ මෝබයිල් ෆෝන් තිබුනෙ නැති හින්ද කොල්ලො ෆෝන් නම්බර් ඉල්ලන වැඩ තිබුනෙ නැහැ. ගොඩක් වෙලාවලට කරේ මගේ යාලුවා තුෂාරි අතේ පණිවිඩ එවපු එක තමයි. තුෂාරිටත් මේක මහ වදයක් වෙලා තිබුනෙ.

"අයියෝ නිම්මි.. මේක නම් මාර ඇණයක් අනේ... කපු කම් කරලම මගේ පණ යනවා... මේ එක කොල්ලෙක්ගෙන් ගාණක් චාජ් කරා නම් මම මෙලහට කෝටිපතියෙක්.... හි.හි.හි...." තුෂාරි මට නිතරම විහිළු කරා.

"අනේ තුෂී... බලන්නකො... මේක හරිම වදයක් නෙ.. මේ රටේ තව කෙල්ලො නැද්ද...මටම කරදර කරන්න එන්නෙ....." මම මෙහෙම කිව්වේ එක්තරා විදියක පුංචි ආඩම්බර කමක් හිතේ තියා ගෙන.

"මේකට වැරදි කාරය ඔයා නිම්මි....."

"මොනව....ඒ කොහොමද?......"

"ඔයා මෙච්චර ලස්සන වුන හින්දනෙ මේ ඔක්කොම.... හි.හි.හි..."

"මේ...කට වහපන් පිස්සි....."

මම තුෂාරි එක්ක හුරතල් වෙවි කොල්ලන්ට පිටු පාල යන්න ගියේ ඒ ගොල්ලන්ගේ හැඟීම් ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නෙ නැතුව තමයි.

ඒ කොහොම වුනත් ඒ වෙනකොට මගේ හිතේ ආදරය පොඩ්ඩ පොඩ්ඩ මෝදු වෙන්න පටන් අරගෙන තිබුනා. මගේ පපුවෙ ආදර සිතිවිලි තෙරපෙන්න පටන් අරන් තිබුනා.

මෙහෙම කාලය ගෙවිල ගිහිල්ල මගේ දාහත් වෙනි උපන් දිනය ආවා. ඒ උපන් දිනය දවසෙ පුදුම දෙයක් සිද්ධ වුනා.

උපන් දිනය දවසෙ උදේ පාන්දරම මගේ නමට ලස්සන කවරයකින් ඔතල, රිබන් එකක් බැඳපු පෙට්ටියක් ඇවිත් තිබුනා. මම ඇත්තටම පෙට්ටිය දිග ඇරියෙ ආසාවයි බයයි දෙකම හිතේ තියාගෙන. මේක බෝම්බයක්ද කියල මට සැකයකුත් තිබුනා.

……පෙට්ටිය ඇතුලෙ තිබුනෙ නටුවයි කොල දෙකකුයි එක්ක හරිම ලස්සන සුදු පාට ගාඩීනියා මලක්….. ඒ ගාඩීනියා මලේ සුවඳින් මුලු ගෙදරම පිරුනා.

මට මේක අදහා ගන්න බැරුව ගියා. කවුද මට උපන් දිනේට ගාඩීනියා මල් එවන්නෙ?... පෙට්ටිය ඇතුලෙවත්, එළියෙ වත් එවපු කෙනෙක්ගෙ නමක් ගමක් තිබුනෙ නැහැ. මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා. ඒ වුනත් මට සියුම් සන්තෝසයක් ඇති වුනා. ඒක පොඩි ආඩම්බර කමක් කියල කියන්නත් පුලුවන්.

මම ඉක්මනට මේක අම්මිට පෙන්නුවා. අම්මි මම දිහා ටිකක් අමුතු විදියට බැලුවා.

"නිම්මි.. මට ඇත්ත කියන්න... ඔයා බෝයි කෙනෙක් එක්ක යාලුද?......"

අම්මී මෙහෙම ඇහුවත්, ඒ අහපු විදියේ ලොකු ලෙන්ගතු කමක් තිබුනා කියල මට හිතුනා.

"අනේ අම්මි පිස්සුද?... මට එහෙම කෙනෙක් නැහැ... "

"මම එහෙම ඇහුවෙ නිම්මි.... සාමාන්‍යයෙන් ගාඩීනියා මල් එවන්නෙ කෙනෙක්ට ගොඩාක් ආදරය කරන කෙනෙක්... ඉතින් මම හිතුව ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් හරි... ඔයා ගැන ක්‍රෂ් එකක් තියෙන බෝයි කෙනෙක් හරි මෙහෙම එව්වා කියලා...."

"අනේ අම්මි... මට ක්‍රෂ් එකක් තියෙන කොල්ලො නම් ගොඩක් ඇති... ඒත් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් නෑ... අම්මි... සුදු ගාඩීනියා මල් වල මුකුත් විශේෂ දෙයක් තියෙනවද?......"

"දුව...ගාඩීනියා මල කියන්නෙ.. හාර්ට් එකෙන්ම එන ආදරය.. ඒ වගේම බැඳිම පෙන්නන සිම්බල් එකක්... ඒ එක්කම ගාඩීනියා මලකින්.. ශක්තිය... ධෛර්යය... වගේ දේවලුත් පෙන්නනවා......"

අම්මි මෙහෙම කිව්වම මට පුදුම හිතුනා.

"අනේ අම්මි.. ගාඩීනියා මල් හරිම ගණන් නේද?... ඉතින් කාටද මට මෙහෙම මලක් එවන්න තරම් ආදරයක් තියෙන්නෙ?....."

"දුව... අපිට දැනෙන්නෙ නැතුවට අපිට ආදරය කරන අය ඉන්න පුලුවන්... අන්න එහෙම කෙනෙක් වෙන්න ඕන ඔයාට මේ මල එවන්න ඇත්තෙ... "

කවුද මට මේ ගාඩීනියා මල එව්වෙ?. මේක මට හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක් වුනා.

මම මේ ගැන තුෂාරි එක්කත් කතා කරා.

"මේ නිම්මි.... මට නම් හොඳටම ෂුවර් මේක උඹට ට්‍රයි කරන කොල්ලෙක් තමයි එවල තියෙන්නෙ... මිනිහගෙ ලව් එක උඹට පෙන්න ගන්න වෙන විදියක් නැති හින්ද මේ විදියට ගාඩීනියා මලක් එවන්න ඇති....."

"ඉතින් බන්.. එහෙම එවනව නම් කවුද කියල කියන්න ඕන නෙ..... අනික..එයා කොහොමද මගේ බ'ත් ඩේ එක දැන ගත්තෙ?....."

"උඹට පිස්සුද බන්... උඹෙන් කෙළින්ම අහන්න ගට් එකක් නැති හින්දනෙ මේ වගේ මලක් එව්වෙ… ඉතින් එහෙම එකේ මෑන් නමක් ලියල එවයිද..... අයියෝ බන්...කොල්ලෙක්ට ලව් එක ඔලුවට ගැහුවම කෙල්ලගෙ බ'ත් ඩේ එක හොයා ගන්න එක මාර සිම්පල් වැඩක්නෙ..."

"හ්ම්ම්... අනේ මන් දන්නෙ නෑ බන්... මට නම් මේක මාර අවුලක් තමයි....."

තුෂාරි කිව්ව වගේ මේ මල එවන්න ඇත්තෙ මට ක්‍රෂ් තිබුන කොල්ලෙක් තමයි කියල මමත් හිතුව. මේ හින්ද ඊට පස්සෙ මගේ හිතට පිරිමි ළමයි ගැන හැඟීම් ගලා ගෙන එන්න පටන් ගත්තා.

මේ අතරෙදි තමයි චාමර මගේ ජීවිතයට ඇතුලු වුනේ.

චාමරට තිබුනෙ හරිම අහිංසක පෙනුමක්. ඒ පෙනුමට මම ඇදිල ගියා කියල කියන්න පුලුවන්. තුෂාරි අතේ චාමර එයාගෙ ආදරය මට කියල එව්වම මට ඒ ආදරය අහක දාන්න බැරි වුනා.

චාමරගෙයි මගෙයි ආදරය තුෂාරි ඇරෙන්න වෙන කවුරුත් දැන ගෙන හිටිය නැහැ. මගේ අම්මිට මේක කියන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුනෙ නැහැ.

චාමරයි මමයි ගොඩක් කිට්ටු වුනා. අපි දෙන්න ටියුෂන් පන්ති ඉවර වුනාම එහෙ මෙහෙ ඇවිදින්න ගියා. අපි ගොඩක්ම ගියේ පේරාදෙනිය මල් වත්තට තමයි.

"චාමර... ඇත්තටම මට අර ගාඩීනියා මල එව්වෙ ඔයා නේද?.. අනේ මට ඇත්ත කියන්නකො පැටියෝ....."

මල් වත්තෙ බංකුවක වාඩි වෙලා චාමරගෙ පපුවෙ ඔලුව තියාගෙන හිටිය මම මෙහෙම ඇහුවෙ ගාඩීනියා මලේ සිද්ධිය මගේ හිතට වදයක් වෙලා තිබුන හින්ද.

"අනේ නෑ කෙල්ලෙ... මම නෙමෙයි එව්වෙ... ඒ කොහොම වුනත් ඒ මලෙන් කියනව වගේම මම ඔයාට ආදරෙයි නිම්මි....."

"ඔය ඇත්තමද පැටියො?...."

"ඔව් කෙල්ලෙ..... මම ඔයාට පණ වගේ ආදරෙයි...."

මෙහෙම වෙලාවට මට ඉවසන්න බැරුව යනවා. ඉතින් මම චාමරගෙ බෙල්ල වටේ අත් දාගෙන එයා එක්ක කිස් කරන්නෙ මුලු ලෝකෙම අමතක කරල.

ඒත්.... චාමරගෙ මේ ආදරය වචන වලට විතරක් සීමා වුන දෙයක් කියල බොළඳ ආදරයෙන් අන්ධ වෙලා හිටිය මට එදා තේරුනේ නැහැ. චාමරට ඕන කරල තිබුනේ මගේ ලස්සන ඇඟ විතරයි. එයාගෙ පහත් ආසාවල් මගේ ලස්සන ඇඟ හින්ද ඇවිස්සිලා තිබුන කියන එක ඒ දවස්වල මට හරියටම තේරුනේ නැහැ.

චාමරගෙ මේ ආසාවල් රතු ඉර පනින්න වැඩි කාලයක් ගියේ නෑ.

"නිම්මි....."

"ම්......." එක දවසක් මල්වත්තෙ බංකුවක චාමරට තුරුලු වෙලා හිටිය මම හෙමින් කිව්ව.

"කෙල්ලෙ...මම ඔයාට ගොඩක් ආදරෙයි.... මේ ඇත්තමයි... මම මැරී කරන්නෙ ඔයාවම තමයි... මේ... ඒ හින්ද අපි හැමදාම මෙහෙම මල් වත්තටම වෙලා ඉන්න ඕන නැහැනෙ බබෝ..... මේ... ම්ම්ම්... අද.. අද.. අපි රූම් එකකට යමුද?....."

චාමර මෙහෙම කිව්වම මම කරකවල අත ඇරිය වගේ වුනා. මට කියන්න ඕන මොකද්ද කියල හිතා ගන්න බැරි වුනා. මගෙත් හැඟිම් ටිකක් ඇවිස්සිල තමයි තිබුනෙ. ඒත්… ඒ වෙලාවෙ මට දහසය වෙනි උපන් දිනය දවසේ අම්මි කියපු දේවල් මතක් වුනා.

"... ලෝකෙ එච්චර නරක තැනක් නොවෙයි වගේම එච්චර හොඳ තැනකුත් නෙමෙයි.. ගෑණු ළමයි.. විශේෂයෙන්ම ඔයා වගේ ලස්සන ගෑණු ළමයි ගොඩක් සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන... "

අම්මිගෙ මේ වචන මගේ හිත පුරාම දුවන්න ගත්තා. ඒ ගැම්ම හින්ද මම හැඟීම් යට කරල මොලය පාවිච්චි කරා.

"චාමර... ඔයා වගේම මමත් ඔයාට ගොඩක් ආදරෙයි... ඒත් චාමර... අනේ වෙරි සොරි.... මට බෑ ඒ වගේ දේකට කැමති වෙන්න... අනේ මාව තේරුම් ගන්න ප්ලීස් ....."

චාමරගෙ මූණෙ පෙනුම එක පාරටම වෙනස් වුනා.

"හ්ම්ම්ම්ම්....." එයා කිව්වෙ එච්චරයි.

එදා ඉඳන් චාමර වෙනස් වෙන්න පටන් ගත්තා. ඊට සුමානෙකට විතර පස්සෙ මගේ හදවතේ තුවාලයක් ඇති කරල චාමර මගෙන් වෙන් වෙලා ගියා.

එදා මුලු දවසම මම ඇඬුවා. රෑට කෑම කන්න ආවේ නැති වුනාම අම්මි මගෙ කාමරේට ආවා. මගේ ඉදිමිලා රතුවෙලා තිබුන ඇස් දැක්කම අම්මිට වෙලා තියෙන දේ තේරුනා.

"අනේ අම්මීඊඊඊඊඊඊඊඊඊ....."

මම අම්මිව බදා ගෙන හයියෙන් අඬන්න ගත්තා. අම්මි පොඩි කාලෙදි වගේ මාව තුරුලු කර ගත්තා.

"දුව... ඔයාගෙ දුක ඉවර වෙනකන් ඇති වෙන්න අඬන්න වස්තුවෙ.. කිසිම දෙයක් පපුවෙ හිර කරගෙන ඉන්න එපා.... දුක කියන එක පිට කරල දාන්න ඕන... ඔයාට වෙලා තියෙන දේ මට හිතා ගන්න පුලුවන්.... මටත් ඔයාගෙ වයසෙදි ඔය දේ වෙලා තියෙනව නිම්මි....."

"ස්ස්ස්..ඉහිහි....ස්ස්ස්ස්..... අනේ අම්මි... මට සමාවෙන්න අම්මි... මම අම්මිට හොරෙන් තමයි එයත් එක්ක යාලු වෙලා හිටියෙ.. මම එයාට ආදරය කරා.. ස්ස්ස්ස්ස්... ඉහිහ්හ්... ඒත් එයා මාව දාල ගියා... ඒත් අම්මි... මම අම්මිටයි තාත්තිටයි කිසිම දුකක් වෙන දෙයක් කරේ නෑ...."

"මම ඒක හොඳටම දන්නව දුව.... ඔයා ඔලුව කල්පනා කරල වැඩ කරනව කියල මම හොඳටම දන්නවා... දුව ...ඔයා කිසිම දේකින් පස්සට යන්න එපා... මතක තියා ගන්න දුව... ඔයාගෙ ජීවිතේට මේ ඇතුලු වෙලා හිටියෙ දෙවියන්ගේ පණිවිඩ කාරයෙක් විතරයි... ඒ නියම දෙවියෙක් නෙමෙයි... ඒ නියම දෙවියා... ඒ කියන්නෙ ඔයාගෙ උරුමක්කාරයා ඔයාව හොයාගෙන කවද හරි එනවා... අන්න ඒ උතුම් දෙවියාට ඔයා ළඟට එන්න පාර හැදුවෙ මේ පණිවිඩ කාරයා තමයි.....

අම්මිගෙ මේ කතාවෙන් මට කියන්න බැරි තරම් හයියක්, පණක් ලැබුනා.

"අනේ අම්මි.... මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම දුව මම තමයි අම්මීඊඊඊඊඊ...." අම්මිගෙ උකුලෙ ඔලුව තියාගෙන මම ආයිත් ඇඬුවා.

"නිම්මි... මම ඔයාට කලින් කියල තියෙනවනෙ කෙල්ලෙ.... අපිට මොකක් හරි කරදරයක් වුනාම අපි ඒකෙන් ජීවිතයට අත් දැකීමක් අර ගන්න ඕන.... ඔයාටත් දැන් මේ වුන දෙයින් අත් දැකීමක් ගන්න පුලුවන්.. දැන් ඔයාට මිනිස්සු තේරුම් ගන්න පුලුවන් කමක් තියෙනවා... ඉස්සරහට ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි... හොඳ මිනිස්සු කවුද.. නැත්තෙ කවුද කියල තේරුම් ගන්න ඔයාට දැන් පොඩි දැනීමක් හරි තියෙනව...."

අම්මි මට දුන්න මේ ශක්තියයි ආදරයයි ජීවිතය ඉස්සරහට අරන් යන්න ලොකු අත් වැලක් වගේම පන්නරයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ.

[QUOTE="sahani_000, post: 15021764, member: 378981"] [b]‘ගාඩීනියා මල’ ( Gardenia Flower ) - කෙටි කතාව[/b] [B][COLOR=#800080][SIZE=3]මේ කතාව මම [/SIZE][URL="http://novelslk.wordpress.com/"][SIZE=3]http://novelslk.wordpress.com/[/SIZE][/URL][SIZE=3] සයිට් එකේ පල කරපු කතාවක්. කතාවෙ .pdf file එක මේ සයිට් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට කියවන්න මෙතනත් දාන්න හිතුනා.[/SIZE][/COLOR][/B] [B][SIZE=3]අපි සෑම දෙනාටම ආපහු හැරිල බලන්න පුලුවන් අතීතයක් තියෙනවා… මේ අතීත මතක සටහන් මිහිරි වෙන්න පුලුවන්… අමිහිරි වෙන්න පුලුවන්… එහෙම නැත්නම් මේ දෙකේ සංකලනයක් වෙන්න පුලුවන්.[/SIZE][/B] [B][SIZE=3]පුද්ගලිකව මට තියෙන්නෙ මිහිරි මතක සටහන් වලට වඩා අමිහිරි මතක සටහන් තමයි. ඒ කොහොම වුනත් ඒ අමිහිරි මතක සටහන් මගේ ජීවිතය හොඳ පැත්තට හරව ගන්න උදව් වෙලා තියෙනවා.[/SIZE][/B] [B][SIZE=3]මේ පුංචි කෙටි කතාව මම ලිව්වෙ ගැහැණු ළමයෙක්ගෙ සංවේදී අතීත සැමරුමක් (Emotional Reminiscence ) පාදක කර ගෙන. මේ වගේ සංවේදී අතීත සැමරුම් වලින් එක්තරා විදියක සැහැල්ලුවක් අපිට ලැබෙන්න පුලුවන් කියල මම හිතනවා.[/SIZE][/B] [B][SIZE=3]මේ කෙටි කතාව 100% ක් මගේ නිර්මාණයක් නෙමෙයි. මේ කතාව මම ලිව්වෙ කලකට ඉහතදී මම ඉංග්‍රීසි භාෂාවෙන් කියවපු සිදුවීමක් (narrative) පසුබිම් කරගෙන. මේ සිදු වීම ඇත්තක්ද නැද්ද කියල මට හරියටම කියන්න බැහැ. ඒ කොහොම වුනත් මේ සිදු වීම මගේ හදවතට තදින්ම කා වැදුනා.. ඒක කියවද්දි මම ගොඩක් සංවේදී වුනා… ඒ හින්ද මම හිතුවා ඒ සිද්ධියෙන් ඔය ගොල්ලන්ට ලස්සන..චූටි කතාවක් ලියන්න ඕන කියල…[/SIZE][/B] [B][SIZE=3]‘ගාඩීනියා මල’ බිහි වුනේ ඒ විදියට තමයි….[/SIZE][/B] _______________________________________________________________ [CENTER][FONT=Iskoola Pota][SIZE=5]ගාඩීනියා මල[/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Monotype Corsiva][SIZE=5](Gardenia Flower)[/SIZE][/FONT][/CENTER] [CENTER][IMG]http://img195.imageshack.us/img195/7334/flowergardeniak.jpg[/IMG][/CENTER] [FONT=Calibri][SIZE=4][FONT=Iskoola Pota]මගේ නම නිමේෂා.[/FONT] [FONT=Iskoola Pota]මට කවුරුත් ආදරේට කියන්නෙ නිම්මි කියලා.[/FONT] [FONT=Iskoola Pota]අපේ මේ පුංචි ලංකාවේ කඳුකරයේ අගනුවර වෙන මහනුවර කිට්ටුව තියෙන[/FONT] [FONT=Iskoola Pota]ලස්සන තැනක තමයි මම දැන් ජීවත් වෙන්නෙ. [/FONT][/SIZE][/FONT] [FONT=Calibri][SIZE=4][FONT=Iskoola Pota]මම ඔය ගොල්ලන්ට කියන්න යන මේ කතාව පටන් ගන්න කොට මගේ වයස අවුරුදු දහසයයි. ඒ කියන්නෙ මම එතකොට පුංචි කෙල්ලෙක් නේද....[/FONT] [FONT=Iskoola Pota]ම්ම්ම්... පුංචිම කියල කියන්නත් බෑ. මොකද අවුරුදු දහසයක් කියන්නෙ යමක් කමක් තේරෙන වයසක්[/FONT] [FONT=Iskoola Pota]නෙ. [/FONT][FONT=Iskoola Pota]ඒත්... ඔව් ඒත් මට ජීවිතයේ අත්දැකීම්[/FONT] [FONT=Iskoola Pota]තිබුනෙ නැහැ. ඉතින් මට ජීවිතය ගැන පොඩිම පොඩි බයක් ඒ කාලෙ තිබුනා.. මට යාලුවො ගොඩක් හිටියා. මගේ හොඳම යාලුවා තමයි තුෂාරි[/FONT]. [FONT=Iskoola Pota]තවමත් එයා මගේ හොඳම යාලුවා තමයි. [/FONT][FONT=Iskoola Pota]ඒත් මට සහෝදර සහෝදරියො කවුරුත් නැහැ.[/FONT][/SIZE][/FONT] [FONT=Calibri][SIZE=4][FONT=Iskoola Pota]පුංචි දවස්වල ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවම[/FONT] [FONT=Iskoola Pota]මම[/FONT] [FONT=Iskoola Pota]ඉන්නෙ තනියම. පුංචි කාලෙ මම බෝනික්කො[/FONT], [FONT=Iskoola Pota]සෙල්ලම් බල්ලො[/FONT], [FONT=Iskoola Pota]පුසෝ එක්ක සෙල්ලම් කරා.[/FONT] [FONT=Iskoola Pota]මම ඒ ගොල්ලො එක්ක කතා කරා.[/FONT] [FONT=Iskoola Pota]මගේ නංගිල මල්ලිල වුනේ ඒ ගොල්ලො තමයි.[/FONT] [FONT=Iskoola Pota]මම ටිකක් ලොකු වෙන කොට ඒ ගොල්ලො නිකන්ම පැත්තකට ගියා. ඊට පස්සෙ මම නව කතා කියවන්න පටන් ගත්තා. ඒ දවස්වල අද වගේ ඉන්ටනෙට්[/FONT], [FONT=Iskoola Pota]ෆේස් බුක්[/FONT], [FONT=Iskoola Pota]මොබයිල් ෆෝන් එච්චර තිබුනෙ නැහැ. [/FONT][FONT=Iskoola Pota]ඉතින් මගේ විනෝදාංශය වුනේ කියවීම තමයි.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මම ගැන ආත්ම වර්ණනාවක් කරනවා එහෙම නෙමෙයි.[/FONT] [FONT=Iskoola Pota]මට හැමෝම කියන විදියට මම හරිම ලස්සන කෙල්ලෙක්.[/FONT] [FONT=Iskoola Pota]මට හිතෙනව ඒක ඇත්ත වෙන්න ඇති කියල. මොකද මම දිහා හැරිල බලපු නැති කොල්ලෙක් ඒ කාලෙ හිටියේ නැතුව ඇති...ම්ම්ම්ම්... [/FONT][FONT=Iskoola Pota]දැනුත් එහෙම තමයි ඉතින්[/FONT][FONT=Iskoola Pota]!![/FONT] [FONT=Iskoola Pota].... අනේ[/FONT] [FONT=Iskoola Pota]මම ගැන මේ පාරට්ටුවක් කරනව එහෙම නෙමෙයි.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මට කොච්චර යාලුවො හිටියත්[/FONT], [FONT=Iskoola Pota]මගේ ශක්තියයි[/FONT], [FONT=Iskoola Pota]පහන් එළියයි වුනේ මගේ අම්මි තමයි. අම්මිගෙ එකම වස්තුව වුනේ මම. [/FONT][FONT=Iskoola Pota]හැබැයි අම්මි කවදාවත් මාව බෝනික්කෙක් වගේ හැදුවෙ නෑ. මට ආදරය දුන්න. මට හොඳ නරක කියල දුන්න. සමාජයේ ජීවත් වෙන්න ඕන හැටි කියල දුන්න. [/FONT][FONT=Iskoola Pota]ජීවිතය රෝස මල් යහනාවක් නෙමෙයි කියල කිව්ව.[/FONT] [FONT=Iskoola Pota]අම්මිගෙ මේ ආදරයයි[/FONT], [FONT=Iskoola Pota]මග පෙන්වීමයි මට ලොකුම ලොකු අත්වැලක් වුනා. [/FONT][FONT=Iskoola Pota]අම්මියි මමයි අතර තිබුනේ පුදුම බැඳිමක්. සමහර වෙලාවට මට හිතුනා මගේ හොඳම යාලුවා තුෂාරි නෙමෙයි[/FONT], [FONT=Iskoola Pota]මගේ අම්මි කියල. අපි දෙන්න ඒ තරම්ම කිට්ටුයි.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මගේ තාත්ති එයාගෙ රස්සාව හින්ද ගොඩක් මහන්සි වුන කෙනෙක්. තාත්ති කවදාවත් බොරු කෙරුවෙ නැහැ. වග කීමකින් රස්සාව කරා. මේ හින්ද එයාට[/FONT] [FONT=Iskoola Pota]වැඩිය මාත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් තිබුනෙ නැහැ. පුංචි කාලෙ මාව වැඩිය හුරතල් කරේ නැහැ. මේ හින්ද මම තාත්ති එක්ක ඒ කාලෙ තරහෙන් හිටියෙ.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]තාත්ති හරි නරකයි... තාත්ති මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නෙ නෑ…[/FONT]. [FONT=Iskoola Pota]මම තාත්ති එක්ක තරහම තරහයි...."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඒ කාලේ තාත්තිට මම නිතරම මේ විදියට කිව්වා. එහෙම වෙලාවට තාත්ති මාව වඩාගෙන ආදරයෙන් මගේ කම්මුල් ඉඹගෙන ඉන්නවා. [/FONT][FONT=Iskoola Pota]තාත්තිගෙ ඇස් වල දුකක් තිබුන කියල මට දැන් තෙරෙනවා. [/FONT][FONT=Iskoola Pota]ඒත් ඒ කාලෙ මට එහෙම හිතුනෙ නැහැ. මට ඒ වෙලාවෙ දැනුන එකම දේ තමයි තාත්තිගෙ රස්නෙ. [/FONT][FONT=Iskoola Pota]මම ඒකට හරියට ආස කරා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]පුංචි කාලෙදි මට තේරුනේ නැති වුනත් තාත්ති මට පණ වගේ ආදරය කරා කියල මට දැන් තේරෙනවා. [/FONT][FONT=Iskoola Pota]ගොඩක් පිරිමි අය ආදරය පපුව ඇතුලෙ තියාගෙන ඉන්නව මිසක් ඒක වැඩිය පෙන්නන්නෙ නෑ කියන එක මම දැන් දන්නවා. මගේ තාත්තිත් ඒ වගේ තමයි. තාත්ති අම්මිටයි මටයි ගොඩාක් ආදරය කරා.[/FONT] [FONT=Iskoola Pota]ඒත් ඒක එළියට පෙන්නුවෙ නෑ.[/FONT] [FONT=Iskoola Pota]තාත්ති ඒ දවස්වල ඒ විදියට මහන්සි වෙලා රස්සාව කරේ අම්මිවයි මාවයි ජීවත් කරවන්න කියල මට ඒ කාලෙ හිතුනෙ නැහැ.[/FONT] [FONT=Iskoola Pota]මට හොඳ අනාගතයක් දෙන්න කියල ඒ කාලෙ මට හිතුනෙ නෑ. [/FONT][FONT=Iskoola Pota]දැන් මට එහෙම හිතෙන කොට කියාගන්න බැරි තරම් දුකක්[/FONT] [FONT=Iskoola Pota]දැනෙනවා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මගේ දහසය වෙනි උපන් දිනය දවසෙ අම්මි මට ගොඩක් වටින තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග ගොඩක් සල්ලි දීල කඩේකින් ගත්ත තෑග්ගක් නෙමෙයි. ජීවිතයට ඕන කරන වැදගත් උපදෙස් කීපයක් තමයි අම්මි මට දුන්න ඒ තෑග්ග වුනේ.[/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]නිම්මි.... අද ඉඳන් ඔයාගේ ළමා කාලෙ ඉවරයි... ඔයා දැන් ලෝකෙට මූණ දෙන්න ඕන... ලෝකෙ එච්චර නරක තැනක් නොවෙයි වගේම එච්චර හොඳ තැනකුත් නෙමෙයි.. ගෑණු ළමයි.. විශේෂයෙන්ම ඔයා වගේ ලස්සන ගෑණු ළමයි ගොඩක් සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන... [/FONT][FONT=Iskoola Pota]ජීවිතයෙ මොකක් හරි කරදරයක්.. හිතේ අමාරුවක් වුනොත්..ඒකෙන් ජීවිතය ඉස්සරහට අරගෙන යන්න අත්දැකීමක් අරගන්න... ඒ කරදරය හින්ද වැටෙන්න එපා...[/FONT] [FONT=Iskoola Pota]බය වෙන්න එපා දූ... තාත්තියි මමයි ඔයා ළඟින්ම ඉන්නවා... ඔයාට තියෙන්නෙ හොඳ නරක තේරුම් අරගෙන වැඩ කරන්න විතරයි.. මිනිස්සු එක්ක සහයෝගයෙන් වැඩ කරන්න... දුව... ඔයාගෙ ලස්සන හින්ද පිරිමි ළමයි ඔයාගෙ පස්සෙන් එනව.. ඒක නවත්තන්න බෑ... එහෙම තත්වයක් ඇති වුනාම කල්පනාවෙන් වැඩ කරන්න...[/FONT] [FONT=Iskoola Pota]හැම පිරිමි ළමයම හොඳ නෑ වගේම හැම පිරිමි ළමයම නරකත් නෑ..."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]ඔව් අම්මි මට තේරෙනව.... මගේ හයිය අම්මියි තාත්තියි තමයි...."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මම අම්මියි තාත්තියි බදා ගෙන ලොකු හාදුවක් දෙන ගමන් කිව්වා. [/FONT][FONT=Iskoola Pota]ඒ වෙලාවෙ අම්මි මම දිහා බලලා යන්තම් හිනා වුනත්[/FONT], [FONT=Iskoola Pota]තාත්තිගෙ ඇස් දෙකේ කඳුලු බිංදු තියෙනව මම දැක්කා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එදා උපන් දිනය දවසෙ අම්මි කියපු දේ ඒ විදියටම සිද්ධ වුනා. මම ඉගෙන ගත්තේ මහනුවර තියෙන ප්‍රසිද්ධ ගෑණු ළමයින්ගෙ ඉස්කෝලෙක. [/FONT][FONT=Iskoola Pota]මම උසස් පෙළ පන්ති වල ඉන්න කොට ඉස්කෝලෙට යන එන එකත් එක්තරා විදියක යුද්ධයක් වෙලා තිබුනෙ[/FONT][FONT=Iskoola Pota]![/FONT][FONT=Iskoola Pota]!.... ඔයගොල්ලන්ට ඉතින් හේතුව කියන්න ඕන නැහැනෙ. [/FONT][FONT=Iskoola Pota]මම එනකන් අපේ ඉස්කෝලෙ ළඟ රස්තියාදු වෙවී හිටිය කොල්ලන්ගේ[/FONT] [FONT=Iskoola Pota]ගණන නම් ඉතින් කොච්චරද කියල කියන්න මම දන්නෙ නෑ.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඒ කාලෙ දැන් වගේ මෝබයිල් ෆෝන් තිබුනෙ නැති හින්ද කොල්ලො ෆෝන් නම්බර් ඉල්ලන වැඩ තිබුනෙ නැහැ. ගොඩක් වෙලාවලට කරේ මගේ යාලුවා තුෂාරි අතේ පණිවිඩ එවපු එක තමයි.[/FONT] [FONT=Iskoola Pota]තුෂාරිටත් මේක මහ වදයක් වෙලා තිබුනෙ.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]අයියෝ නිම්මි.. මේක නම් මාර ඇණයක් අනේ... කපු කම් කරලම මගේ පණ යනවා... මේ එක කොල්ලෙක්ගෙන් ගාණක් චාජ් කරා[/FONT] [FONT=Iskoola Pota]නම් මම මෙලහට කෝටිපතියෙක්.... හි.හි.හි...." තුෂාරි මට නිතරම විහිළු කරා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]අනේ තුෂී... බලන්නකො... මේක හරිම වදයක් නෙ.. මේ රටේ තව කෙල්ලො නැද්ද...මටම කරදර කරන්න එන්නෙ....." [/FONT][FONT=Iskoola Pota]මම මෙහෙම කිව්වේ එක්තරා විදියක පුංචි ආඩම්බර කමක් හිතේ තියා ගෙන.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]මේකට වැරදි කාරය ඔයා නිම්මි....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]මොනව....ඒ කොහොමද[/FONT]?......"[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]ඔයා මෙච්චර ලස්සන වුන හින්දනෙ මේ ඔක්කොම.... හි.හි.හි..."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]මේ[/FONT].[FONT=Iskoola Pota]..කට වහපන් පිස්සි....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මම තුෂාරි එක්ක හුරතල් වෙවි කොල්ලන්ට පිටු පාල යන්න ගියේ ඒ ගොල්ලන්ගේ හැඟීම් ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නෙ නැතුව තමයි.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]ඒ කොහොම වුනත් ඒ වෙනකොට මගේ හිතේ ආදරය පොඩ්ඩ පොඩ්ඩ මෝදු වෙන්න පටන් අරගෙන තිබුනා. මගේ පපුවෙ ආදර සිතිවිලි තෙරපෙන්න පටන් අරන් තිබුනා.[/SIZE][/FONT] [CENTER][SIZE=4]++++++++[/SIZE][/CENTER] [FONT=Iskoola Pota][SIZE=4]මෙහෙම කාලය ගෙවිල ගිහිල්ල මගේ දාහත් වෙනි උපන් දිනය ආවා. ඒ උපන් දිනය දවසෙ පුදුම දෙයක් සිද්ධ වුනා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]උපන් දිනය දවසෙ උදේ පාන්දරම මගේ නමට ලස්සන කවරයකින් ඔතල[/FONT], [FONT=Iskoola Pota]රිබන් එකක් බැඳපු පෙට්ටියක් ඇවිත් තිබුනා. මම ඇත්තටම පෙට්ටිය දිග ඇරියෙ ආසාවයි බයයි දෙකම හිතේ තියාගෙන. මේක බෝම්බයක්ද කියල මට සැකයකුත් තිබුනා.[/FONT][/SIZE] [SIZE=4]……[FONT=Iskoola Pota]පෙට්ටිය ඇතුලෙ තිබුනෙ නටුවයි කොල දෙකකුයි එක්ක හරිම ලස්සන සුදු පාට[/FONT] [FONT=Iskoola Pota]ගාඩීනියා මලක්…[/FONT].. [FONT=Iskoola Pota]ඒ ගාඩීනියා මලේ සුවඳින් මුලු ගෙදරම පිරුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මට මේක අදහා ගන්න බැරුව ගියා. කවුද මට උපන් දිනේට ගාඩීනියා මල් එවන්නෙ[/FONT]?... [FONT=Iskoola Pota]පෙට්ටිය ඇතුලෙවත්[/FONT], [FONT=Iskoola Pota]එළියෙ වත් එවපු කෙනෙක්ගෙ නමක් ගමක් තිබුනෙ නැහැ. මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා.[/FONT] [FONT=Iskoola Pota]ඒ වුනත් මට සියුම් සන්තෝසයක් ඇති වුනා. ඒක පොඩි ආඩම්බර කමක් කියල කියන්නත් පුලුවන්.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මම ඉක්මනට මේක අම්මිට පෙන්නුවා. [/FONT][FONT=Iskoola Pota]අම්මි මම දිහා ටිකක් අමුතු විදියට බැලුවා.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]නිම්මි.. මට ඇත්ත කියන්න... ඔයා බෝයි කෙනෙක් එක්ක යාලුද[/FONT]?......"[/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මී මෙහෙම ඇහුවත්[/FONT], [FONT=Iskoola Pota]ඒ අහපු විදියේ ලොකු ලෙන්ගතු කමක් තිබුනා කියල මට හිතුනා.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]අනේ අම්මි පිස්සුද[/FONT]?... [FONT=Iskoola Pota]මට එහෙම කෙනෙක් නැහැ... "[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]මම එහෙම ඇහුවෙ නිම්මි.... සාමාන්‍යයෙන් ගාඩීනියා මල් එවන්නෙ කෙනෙක්ට ගොඩාක් ආදරය කරන කෙනෙක්... ඉතින් මම හිතුව ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් හරි... ඔයා ගැන ක්‍රෂ් එකක් තියෙන බෝයි කෙනෙක් හරි මෙහෙම එව්වා කියලා...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]අනේ අම්මි... මට ක්‍රෂ් එකක් තියෙන කොල්ලො නම් ගොඩක් ඇති... ඒත් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් නෑ... අම්මි... සුදු ගාඩීනියා මල් වල මුකුත් විශේෂ දෙයක් තියෙනවද[/FONT]?......"[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]දුව...ගාඩීනියා මල කියන්නෙ.. හාර්ට් එකෙන්ම එන[/FONT] [FONT=Iskoola Pota]ආදරය.. ඒ වගේම බැඳිම පෙන්නන සිම්බල් එකක්... ඒ එක්කම ගාඩීනියා මලකින්.. ශක්තිය... ධෛර්යය... වගේ දේවලුත් පෙන්නනවා......"[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]අම්මි මෙහෙම කිව්වම මට පුදුම හිතුනා. [/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]අනේ අම්මි.. ගාඩීනියා මල් හරිම ගණන් නේද[/FONT]?... [FONT=Iskoola Pota]ඉතින් කාටද මට මෙහෙම මලක් එවන්න තරම් ආදරයක් තියෙන්නෙ[/FONT]?....."[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]දුව... අපිට දැනෙන්නෙ නැතුවට අපිට ආදරය කරන අය ඉන්න පුලුවන්... අන්න එහෙම කෙනෙක් වෙන්න ඕන ඔයාට මේ මල එවන්න ඇත්තෙ... "[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]කවුද මට මේ ගාඩීනියා මල එව්වෙ[/FONT]?. [FONT=Iskoola Pota]මේක මට හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක් වුනා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මම මේ ගැන තුෂාරි එක්කත් කතා කරා.[/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]මේ නිම්මි.... මට නම් හොඳටම ෂුවර් මේක උඹට ට්‍රයි කරන කොල්ලෙක් තමයි එවල තියෙන්නෙ... මිනිහගෙ ලව් එක උඹට පෙන්න ගන්න වෙන විදියක් නැති හින්ද මේ විදියට ගාඩීනියා මලක් එවන්න ඇති....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]ඉතින් බන්.. එහෙම එවනව[/FONT] [FONT=Iskoola Pota]නම් කවුද කියල කියන්න ඕන නෙ.....[/FONT] [FONT=Iskoola Pota]අනික..එයා කොහොමද [/FONT][FONT=Iskoola Pota]මගේ බ[/FONT]'[FONT=Iskoola Pota]ත් ඩේ එක දැන ගත්තෙ[/FONT]?.....[FONT=Iskoola Pota]"[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]උඹට පිස්සුද බන්... උඹෙන් කෙළින්ම අහන්න ගට් එකක් නැති හින්දනෙ මේ වගේ මලක් එව්වෙ…[/FONT] [FONT=Iskoola Pota]ඉතින් එහෙම එකේ මෑන් නමක් ලියල එවයිද.....[/FONT] [FONT=Iskoola Pota]අයියෝ බන්...කොල්ලෙක්ට ලව් එක ඔලුවට ගැහුවම කෙල්ලගෙ බ[/FONT]'[FONT=Iskoola Pota]ත් ඩේ එක හොයා ගන්න එක මාර සිම්පල් වැඩක්නෙ..."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]හ්ම්ම්... අනේ මන් දන්නෙ නෑ බන්... මට නම් මේක මාර අවුලක් තමයි....."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]තුෂාරි කිව්ව වගේ මේ මල එවන්න ඇත්තෙ මට ක්‍රෂ් තිබුන කොල්ලෙක්[/FONT] [FONT=Iskoola Pota]තමයි කියල මමත් හිතුව. [/FONT][FONT=Iskoola Pota]මේ හින්ද ඊට පස්සෙ මගේ හිතට පිරිමි ළමයි ගැන හැඟීම් ගලා ගෙන එන්න පටන් ගත්තා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මේ අතරෙදි තමයි චාමර මගේ ජීවිතයට ඇතුලු වුනේ.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]චාමරට තිබුනෙ හරිම අහිංසක පෙනුමක්. ඒ පෙනුමට මම ඇදිල ගියා කියල කියන්න පුලුවන්. [/FONT][FONT=Iskoola Pota]තුෂාරි අතේ චාමර එයාගෙ ආදරය මට කියල එව්වම මට ඒ ආදරය අහක දාන්න බැරි වුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]චාමරගෙයි[/FONT] [FONT=Iskoola Pota]මගෙයි ආදරය තුෂාරි ඇරෙන්න වෙන කවුරුත් දැන ගෙන හිටිය නැහැ. මගේ අම්මිට මේක කියන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුනෙ නැහැ.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]චාමරයි මමයි ගොඩක් කිට්ටු වුනා. අපි දෙන්න ටියුෂන් පන්ති ඉවර වුනාම එහෙ මෙහෙ ඇවිදින්න ගියා.[/FONT] [FONT=Iskoola Pota]අපි ගොඩක්ම ගියේ පේරාදෙනිය මල් වත්තට තමයි.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]චාමර... ඇත්තටම මට අර ගාඩීනියා මල එව්වෙ ඔයා නේද[/FONT]?.. [FONT=Iskoola Pota]අනේ මට ඇත්ත කියන්නකො පැටියෝ....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මල් වත්තෙ බංකුවක වාඩි වෙලා චාමරගෙ පපුවෙ ඔලුව තියාගෙන හිටිය මම මෙහෙම ඇහුවෙ ගාඩීනියා මලේ සිද්ධිය මගේ හිතට වදයක් වෙලා තිබුන හින්ද.[/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]අනේ නෑ කෙල්ලෙ... මම නෙමෙයි එව්වෙ... ඒ කොහොම වුනත් ඒ මලෙන් කියනව වගේම මම ඔයාට ආදරෙයි[/FONT] [FONT=Iskoola Pota]නිම්මි....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]ඔය ඇත්තමද පැටියො[/FONT]?...."[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]ඔව් කෙල්ලෙ..... මම ඔයාට පණ වගේ ආදරෙයි...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මෙහෙම වෙලාවට මට ඉවසන්න බැරුව යනවා. ඉතින් මම චාමරගෙ බෙල්ල වටේ අත් දාගෙන එයා එක්ක කිස් කරන්නෙ මුලු ලෝකෙම අමතක කරල. [/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]ඒත්.... චාමරගෙ මේ ආදරය වචන වලට විතරක් සීමා වුන දෙයක් කියල බොළඳ ආදරයෙන් අන්ධ වෙලා හිටිය මට එදා තේරුනේ නැහැ. චාමරට ඕන කරල තිබුනේ මගේ ලස්සන ඇඟ විතරයි.[/FONT] [FONT=Iskoola Pota]එයාගෙ පහත් ආසාවල් මගේ ලස්සන ඇඟ හින්ද ඇවිස්සිලා තිබුන කියන එක ඒ දවස්වල මට හරියටම තේරුනේ නැහැ.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]චාමරගෙ මේ ආසාවල් රතු ඉර පනින්න වැඩි කාලයක් ගියේ නෑ.[/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]නිම්මි....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]ම්......." [/FONT][FONT=Iskoola Pota]එක දවසක් මල්වත්තෙ බංකුවක චාමරට තුරුලු වෙලා හිටිය මම හෙමින් කිව්ව.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]කෙල්ලෙ...මම ඔයාට ගොඩක් ආදරෙයි.... මේ ඇත්තමයි... මම මැරී කරන්නෙ ඔයාවම තමයි... මේ... ඒ හින්ද අපි හැමදාම මෙහෙම මල් වත්තටම වෙලා ඉන්න ඕන නැහැනෙ බබෝ..... මේ... ම්ම්ම්... අද.. අද.. අපි රූම් එකකට යමුද[/FONT]?....."[/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]චාමර මෙහෙම කිව්වම මම කරකවල අත ඇරිය වගේ [/FONT][FONT=Iskoola Pota]වුනා. මට කියන්න ඕන මොකද්ද කියල හිතා ගන්න බැරි වුනා. [/FONT][FONT=Iskoola Pota]මගෙත් හැඟිම් ටිකක් ඇවිස්සිල තමයි තිබුනෙ. ඒත්… ඒ වෙලාවෙ මට දහසය වෙනි උපන් දිනය දවසේ අම්මි කියපු දේවල් මතක් වුනා.[/FONT][/SIZE] [SIZE=4][I]"[/I][I][FONT=Iskoola Pota]... ලෝකෙ එච්චර නරක තැනක් නොවෙයි වගේම එච්චර හොඳ තැනකුත් නෙමෙයි.. ගෑණු ළමයි.. විශේෂයෙන්ම ඔයා වගේ ලස්සන ගෑණු ළමයි ගොඩක් සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕන... [/FONT][/I][I]" [/I][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මිගෙ මේ වචන මගේ හිත පුරාම දුවන්න ගත්තා. [/FONT][FONT=Iskoola Pota]ඒ ගැම්ම හින්ද මම හැඟීම් යට කරල මොලය පාවිච්චි කරා.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]චාමර... ඔයා වගේම මමත් ඔයාට ගොඩක් ආදරෙයි... ඒත් චාමර... අනේ වෙරි සොරි.... මට බෑ ඒ වගේ දේකට කැමති වෙන්න... අනේ මාව තේරුම් ගන්න[/FONT] [FONT=Iskoola Pota]ප්ලීස්[/FONT] [FONT=Iskoola Pota]....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]චාමරගෙ මූණෙ පෙනුම එක පාරටම වෙනස් වුනා.[/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]හ්ම්ම්ම්ම්....." [/FONT][FONT=Iskoola Pota]එයා කිව්වෙ එච්චරයි.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එදා ඉඳන් චාමර වෙනස් වෙන්න පටන් ගත්තා.[/FONT] [FONT=Iskoola Pota]ඊට සුමානෙකට විතර පස්සෙ මගේ හදවතේ තුවාලයක් ඇති කරල චාමර මගෙන් වෙන් වෙලා ගියා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]එදා මුලු දවසම මම ඇඬුවා. රෑට කෑම කන්න ආවේ නැති වුනාම අම්මි මගෙ කාමරේට ආවා.[/FONT] [FONT=Iskoola Pota]මගේ ඉදිමිලා රතුවෙලා තිබුන ඇස් දැක්කම අම්මිට වෙලා තියෙන දේ තේරුනා.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]අනේ අම්මීඊඊඊඊඊඊඊඊඊ....."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මම අම්මිව බදා ගෙන හයියෙන් අඬන්න ගත්තා. [/FONT][FONT=Iskoola Pota]අම්මි පොඩි කාලෙදි වගේ මාව තුරුලු කර ගත්තා.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]දුව... ඔයාගෙ දුක ඉවර වෙනකන් ඇති වෙන්න අඬන්න වස්තුවෙ.. කිසිම දෙයක් පපුවෙ හිර කරගෙන ඉන්න එපා.... දුක කියන එක පිට කරල දාන්න ඕන... ඔයාට වෙලා තියෙන දේ මට හිතා ගන්න පුලුවන්.... මටත් ඔයාගෙ වයසෙදි ඔය දේ වෙලා තියෙනව නිම්මි....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]ස්ස්ස්..ඉහිහි....ස්ස්ස්ස්..... අනේ අම්මි... මට සමාවෙන්න අම්මි... මම අම්මිට හොරෙන් තමයි එයත් එක්ක යාලු වෙලා හිටියෙ.. මම එයාට ආදරය කරා.. ස්ස්ස්ස්ස්... ඉහිහ්හ්... ඒත් එයා මාව දාල ගියා... ඒත් අම්මි... මම අම්මිටයි තාත්තිටයි කිසිම දුකක් වෙන දෙයක් කරේ නෑ...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4]"[FONT=Iskoola Pota]මම ඒක හොඳටම දන්නව දුව.... ඔයා ඔලුව කල්පනා කරල වැඩ කරනව කියල මම හොඳටම දන්නවා... දුව ...ඔයා කිසිම දේකින් පස්සට යන්න එපා... මතක තියා ගන්න දුව... ඔයාගෙ ජීවිතේට මේ ඇතුලු වෙලා හිටියෙ දෙවියන්ගේ පණිවිඩ කාරයෙක් විතරයි...[/FONT] [FONT=Iskoola Pota]ඒ නියම දෙවියෙක් නෙමෙයි... ඒ නියම දෙවියා... ඒ කියන්නෙ ඔයාගෙ උරුමක්කාරයා ඔයාව හොයාගෙන කවද හරි එනවා... අන්න ඒ උතුම් දෙවියාට ඔයා ළඟට එන්න පාර හැදුවෙ මේ පණිවිඩ කාරයා තමයි.....[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මිගෙ මේ කතාවෙන් මට කියන්න බැරි තරම් හයියක්[/FONT], [FONT=Iskoola Pota]පණක් ලැබුනා.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]අනේ අම්මි.... මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම දුව මම තමයි අම්මීඊඊඊඊඊ...." අම්මිගෙ උකුලෙ ඔලුව තියාගෙන මම ආයිත් ඇඬුවා.[/FONT][/SIZE] [SIZE=4]"[FONT=Iskoola Pota]නිම්මි... මම ඔයාට කලින් කියල තියෙනවනෙ කෙල්ලෙ.... අපිට මොකක් හරි කරදරයක් වුනාම අපි ඒකෙන් ජීවිතයට අත් දැකීමක් අර ගන්න ඕන.... ඔයාටත් දැන් මේ වුන දෙයින් අත් දැකීමක් ගන්න පුලුවන්.. දැන් ඔයාට මිනිස්සු තේරුම් ගන්න පුලුවන් කමක් තියෙනවා... ඉස්සරහට ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි... හොඳ මිනිස්සු කවුද..[/FONT] [FONT=Iskoola Pota]නැත්තෙ කවුද කියල තේරුම් ගන්න ඔයාට දැන් පොඩි දැනීමක් හරි තියෙනව...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]අම්මි මට දුන්න මේ ශක්තියයි ආදරයයි ජීවිතය ඉස්සරහට අරන් යන්න ලොකු අත් වැලක් වගේම පන්නරයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ.[/SIZE][/FONT] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom