‘බාලගිරිට’ දැන් ඉංගිරිසිත් පුළුවන්ද?

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ‘බාලගිරිට’ දැන් ඉංගිරිසිත් පුළුවන්ද?

    ‘බාලගිරිට’ දැන් ඉංගිරිසිත් පුළුවන්ද?


    Balagiri.jpg


    පසුගිය දිනයෙක මගේ හිතවතෙක් දුරකථනය මගින් අපූරු කතාවක් කීවේය. එනම් බත්තරමුල්‍ලේ පිහිටි තම ඥාති නිවසක ඉදිරිපස දොරේ අපූරු දැන්වීමක් අලවා ඇති බවකි. එම නිවසේ බිලිඳු දරුවකු සිටි බැවින් එම දොරෙහි සඳහන්ව තිබුණේ 'බාලගිරි අද නොවේ හෙට' යන වැකියයි. එහෙත් එහි ඇති විශේෂත්වය එය නොවේ ඉහත සඳහන් වැකිය එම දොරේ ප්‍රදර්ශනය වී තිබුණේ Balagiri Not today its tommrow එනම් ඉංගිරීසි බසින් වීමය.

    ඔය කියන විදිහට එහෙනම් දැන් බාලගිරි ඉංග්‍රීසිත් දන්නවා ඇති නේද? එම ඇමතුම දුන් හිතවතා මා වෙතින් අසන ලද්දේ උපාහාසාත්මකවය.
    මට පේන විදිහට ඒකෙ නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. මම ගත් කටටම කීවෙමි.
    ඒ මොකද? ඔහු අසන ලද්දේ නොඉවසිලිමත් ලෙසිනි.
    හරි නම් බාලගිරි ඉංග්‍රීසි විතරක් ‍නෙවෙයි සිංහල දැන ගන්න විදිහකුත් නැහැ; මොකද බාලගිරි අපේ රටේ කෙනෙක් ‍නෙවෙයිනේ. මම කීවෙමි.
    විද්‍යා තාක්ෂණික දියුණුව ආදී හේතු සාධක මත ජන ජීවිතය නවීකරණය වීමත් සමග පැරණි ගුප්ත ශාස්ත්‍රයන් අභාවයට යනු ඇතැයි තවමත් අප රටේ බොහෝ දෙනෙක් සිතති. එහෙත් එහි පැහැදිලි සත්‍යතාවයක් නැත.
    ඊට හේතුව සාම්ප්‍රදායික ගුප්ත විශ්වාස කෙසේ වෙතත් මිනිසුන් තුළ පවත්නා ගුප්ත ආකල්ප දුරලීිමයි. එහෙත් එහි පැහැදිලි තාක්ෂණයට ප්‍රමාණවත් හැකියාවක් නොමැති බැවින් ඉන් සිදුවනුයේ පැරණි සමාජයේ පැවැති ගුප්ත ශාස්ත්‍ර මත පදනම් වූ මානව ක්‍රියාකාරකම් නවීන සමාජයට ගැළපෙන සේ යාවත්කාලීන හා නවීකරණය වීම පමණි. අතීතයේ සිංහල බසින් කරන ලද බාලගිරි නම් යකින්න සඳහා කරනු ලැබූ එම දැන්වීම මෙලෙස ඉංගිරිසියට පෙරැළී ඇත්තේ එම යාවත්කාලීන ක්‍රියාවලියේ එක් පැතිකඩක් වශයෙනි.
    ඒ කෙසේ හෝ අගනුවර තදාසන්නයේ පිහිටි මධ්‍යම පාන්තික නිවාසයක මෙලෙස බාලගිරි සඳහා ලියැවුණු දැන්වීමක් ඉංගිරිසි බසින් ඉදිරිපත් කොට තිබුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් පිවිසිය හැකි සරල අනුමානයන් කිහිපයක් මෙසේය.

    1. බාලගිරි යකින්න සඳහා කරනු ලබන මෙම නිවේදනයට භාෂාව අදාළ නොවෙතැයි ගෙහිමියන් විශ්වාස කිරීම.
    2. ඉහළ මධ්‍යම පාන්තිකයන් වශයෙන් තරගකාරී සමාජයේ කැපී පෙනෙන තමන් ජීවිතයේ සෑම කටයුත්තක්ම ඉංග්‍රීසි භාවිතා කරන බව දකින්නවුන් හට හැඟවීම
    3. 'බාලගිරි අද නොවේ හෙට' යන්න හුදෙක් ගැමි සංස්කෘතියට අයත් වූවක් නිසා එය නාගරික සංස්කෘතියකට ඔබින සේ ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කිරීම වරදක් නැතැයි ගෙහිමියන් විශ්වාස කිරීම.
    4.ඉහත සඳහන් නිවේදන සිංහලයෙන් ඉදිරිපත් කිරීමෙන් බෙහෝ දෙනකුට සන්නිවේදනය වීමට ඇති අවකාශය මෙමගින් අහිමි කරවීම.

    මේ සියලු කරුණු අනුව ගම්බද සේම නාගරිකවද මෙම බාලගිරි දෝෂය පිළිබඳ විශ්වාසය පැතිර ඇති බව මනාව පැහැදිලිය. ඒ අනුව මෙම බාලගිරි පිළිබඳ යම් විමසුමක් කිරීම අදටත් කාලෝචිත යැයි හැඟේ. අදටත් බාලගිරි ජන සමාජය හා බද්ධ වී ඇත්තේ ඉපදුණු අලුත බිලිඳුන්ට වැලඳෙන රෝගයක් ලෙසිනි.
    ජන වහරෙහි මෙය හැඳින්වෙනුයේ 'බාලගිරි දෝෂය' ලෙසිනි.
    අලුත ඉපදුණු බිලිඳුන් සන්ධ්‍යා කාලවලදී අතපය අඹරවමින් හැඩීම මෙම බාලගිරි දෝෂය මත සිදු වන්නක් බව ‍පොදු ජන විශ්වාසයයි. සැබවින්ම 'බාලගිරි යනු' යක්ෂණියකි. කුඩා දරුවන් නිදන නිවෙස්වලට නිවසේ ඉදිරිපස දොරින් පැමිණෙන මෙම බාලගිරි යක්ෂණිය නිවසේ කිසිවකුත් නොවැටහෙන ලෙසින් එම නිවසේ හිඳින බිලිඳාට බැලුම් හෙළන්නීය. බිලිඳා අතපය ඒ මේ අත අඹරවමින් වේදනාත්මකව බෙරිහන් දෙනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සාමාන්‍යයෙන් යකුන් එළැවීම පහසු කාරියක් නොවේ. එහෙත් සෙසු යකුන්ට සාපේක්ෂව මෙම බාලගිරි යකින්න පලවා හැරීම අතිශයින් පහසුය. ඒ සඳහා කළ යුත්තේ එම බිලිඳා වෙසෙන නිවසේ ඉදිරිපස දොරටුවේ බාලගිරි අද නොවේ හෙට යනුවෙන් දැන්වීමක් එල්ලා තැබිම පමණි. එවිට දිනපතා සවස් යාමයේ එම නිවසට පැමිණෙන බාලගිරි යකින්න එම දැන්වීම බලා ආපසු හැරී යයි. මෙලෙස දිනපතාම සවස් කාලයට එම නිවසට පැමිණ එම දැන්වීමට අනුව නැවත නැවතත් හැරී යාම, මත මෙම බාලගිරි මොන තරම් මෝඩ යකින්නක දැයි ඔබට වැටහෙනු ඇත.
    මෙම බාලගිරි යකින්නගේ උප්පත්ති කතාව 'ගිරි දේවී' පුරාවෘත්තය හා සම්බන්ධ වෙයි. (දඹදිව දන්ත පුරයේ සිංහ කුමාර නම් රජ කෙනෙකුට සහ හංසවතී නම් දේවියකට දාව උපන් පුත් කුමරෙකු සහ දූ කුමරියක මෙම පුරාවෘත්තය හා සම්බන්ධය. දළ කුමාරුන් නමැති එම කුමරුන් වෙතින් එම කුමරිය දූෂණය වන බවට දෛවඥයන් විසින් පළ කරන ලද අනාවැකියකට අනුව කුමරිය ගල් ලෙනක් තුළ සඟවා හදා වඩා ගැනීමට දෙමාපියනට සිදුවෙයි. එහෙත් නව යොවුන් වියට පත්වන දළ කුමරුන් හට තම එකම සොයුරිය දැක බලා ගැනීමේ ආශාවක් ඇති වී මාපිය නොකැමැත්ත නොතකා එම ගල්ලෙන, තුළට වැදීමත් සමග සිදුවනුයේ දෛවඥයන් විසින් පැවැසූ අනාවැකිය එපරිද්දෙන්ම ක්‍රියාත්මක විමය. එහි ඊළඟ ප්‍රතිඵලය වනුයේ එම සිදුවීමෙන් ඇති වූ කම්පනය දරාගත නොහැකිව කුමරිය එම ගල් ලෙන තුළම ගෙල වැල ලාගෙන මියයාමය. ඉන්පසුව තමන් වෙතින් සිදු වූ එම සාහසික අපරාධය
    පිළිබඳව අතිශය කම්පාවට පත්වන කුමරු ද එම වනය තුළම මියගිය බව එම වෘත්තාන්තයෙහි සඳහන්ය. එසේ මියගිය දළ කුමරු අවතාර දොළහකින් යුතු 'ගරා යකු' ලෙසින් ජන්මය ලබන අතර කුමරිය ද අවතාර 'දොළහකින් සමන්විත ගිරි දේවිය' ලෙසින් යක්ෂාත්මයක් ලැබුවාය. කීල ගරා, සෝලන් ගරා, මෝලන් ගරා, අඳුන් ගරා, සඳුන් ගරා, පට්ටි ගරා, ඔකඳ ගරා, ජල ගරා, පුෂ්ප ගරා, වට ගරා, කොට ගරා යනු ගරා යකුගේ අවතාර දොළහය.
    ගිරි දේවියගේ පිරිවර වනුයේ මදන ගිරි, හපුමල් ගිරි, මෝලං ගිරි, භූත ගිරි, නීල ගිරි, අඳුන් ගිරි, සේල ගිරි, සොහොන් ගිරි සහ බාල ගිරිය. ඒ අනුව අද අපගේ කතා නායිකාව වන බාල ගිරි නම් වන රැවටෙන සුලු යකින්නට අපගේ ජනප්‍රවාද අතරේ හිමිව ඇති තැන පහසුවෙන් වටහා ගත හැක.
    ඒ කෙසේ හෝ බිලිඳුන් සැඳෑ කාලයේ මෙලෙස අත් පා අඹරවමින් වේදනාකාරී ලෙස හඬනුයේ කිරි පෙවීම ආදිය නිසා දරුවාගේ උදරය තුළට පිවිසෙන වාතය අන්ත්‍රවල පිරී ගොස් ඒවා පිම්බි යාම නිසා බව දාරක සෞඛ්‍යය පිළිබඳ ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා දනිති. එනිසාම බිලිිඳුන්ට කිරි දීමෙන් පසු කිරි සමග උදරයට එක් වූ වාතය මුවින් ඉවත් කරවීම පිළිබඳ ගුඩුස් යැවීම, නම් ක්‍රියාව කරන මෙන් ඔවුහු බිලිිඳුන්ගේ මව්වරුන්ට උපදෙස් දෙති.
    එහෙත් එසේ නොකොට සිංහලයෙන් හෝ ඉංගිරිසියෙන් 'බාලගිරි අද නොවේ හෙට' යනුවෙන් නිවසේ ඉදිරිපස දැන්වීමක් එල්ලා තැබිමෙන් බිලිඳුන්ගේ එම කායික පීඩාව කෙසේ ඉවත් කළ හැකිද? යන්න මට නම් මොනම ලෙසින්වත් සිතාගත නොහැක.

    තිලක් සේනාසිංහ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එනි වන් විත් ප්‍රින්ටර් කැන් ප්‍රින්ට් එනි තින්