Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
‘මම IS ග්රහණයෙන් මිදුණ ගැහැණියක්'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘මම IS ග්රහණයෙන් මිදුණ ගැහැණියක්'

27 නොවැම්බර් 2015

‘රක්කා’ සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යටතේ පවතින නගරයක්.

‘නූර්’ රක්කා නගරයේ ජීවත් වූ කාන්තාවක්.

සියයක් කාන්තාවෝ

ලොව වෙසෙන ආදර්ශමත් කාන්තාවන් සිය දෙනකු තෝරා ගනිමින් බීබීසී ලෝක සේවය ඉදිරිපත් කරන කාන්තාවකගේ කතාව අපි ඔබ වෙත ඉදිරිපත් කරමු.

'වසරේ කාන්තාවන් සිය දෙනා' විශේෂාංගයේ හද සසල කරවන ජීවිත අත්දැකීමක් මේ.

ලොව පුරා භීතිය වපුරමින් දේශ සීමා පරයා ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිරියාවේ ‘රක්කා’ කාන්තාවන්ට අත්කළ ඉරණමයි නූර් නමැති සිරියානු කාන්තාව ඔබට කියන්නේ

IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යටතේ පවතින රක්කා නගරයේ කාන්තාවකගේ තත්වය නූර් විසින් පැහැදිලි කරනු ලබන්නේ ඇයටම මුහුණ දීමට සිදු වූ ඛේදනීය අත්දැකීම් සමුදායක් ඇසුරෙන්.

‘මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් මුළු ජීවිත කාලයම ගත කළේ සිරියාවේ රක්කා නගරයේ. දිරිය කතුන්ට සෙවන දෙන නගරයක් විදිහටයි රක්කා ප්‍රසිද්ධියක් ලබා තිබුණේ’ නූර් සිය ජීවිත කතාව ආරම්භ කළේ එලෙසයි.

‘මීට ඉස්සර කාට හරි මේ නගරයේ දී යම්කිසි දෙයක් සිදු කර ගන්න අවශ්‍ය නම් ඔවුන් ඒ ගැන කතා කළ යුතුව තිබුණේ කාන්තාවක් එක්කයි’ ඒ නූර් ගේ එදා මිහිරි අත්දැකීම් සහිත අතීතයයි.

නමුත් ඒ සියල්ලම කණපිට පෙරලුනේ IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය රක්කා නගරය ඔවුන්ගේ අතට ගැනීමත් සමඟ.

කලිසමත් තහනම්

‘IS කැරලිකාරයෝ ඔවුන් අපට අපේ මුහුණු ආවරණය කරන්න බල කළා. කාන්තාවන් කලිසම් ඇඳීම තහනම් කළා. පිරිමියකු නැතිව කාන්තාවකට ගෙදරින් එලියට යන එක පවා තහනම් කළා’ නූර් පවසන්නේ රක්කා නගරයේ කාන්තා නිදහස කෙමෙන් වැළලී යාමේ කතාවයි.

IS කාන්තා තහංචි එතැනින් නොනැවතුණි. විරාමයකින් අනතුරුව, නූර් අප රක්කා නගරයේ අද ඇති තත්වය කරා මෙසේ ගෙන යන්නීය.

‘මගේ යෙහෙළියන්ට සොල්දාදුවන් හා විවාහ වෙන ලෙස ඔවුන් බල කෙරුවා. එහෙමත් නැත්නම් සොල්දාදුවන් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන ලෙස බල කළා’ අභිමානවත් රක්කා කතුන් අද පත්ව සිටින තත්වය එයයි.

නූර් පවසන හැටියට ඔවුන්ට අවශ්‍ය කාන්තාවන් අඹුවන් කර ගන්නා සොල්දාදුවන් ඔවුන් සමඟ පවුල් කන්නේ ටික කාලයකට පමණයි. කතුන් ගැබ් ගත විට සොල්දාදුවන් කරන්නේ ඔවුන් හැර දමා යාම.

කාන්තා පොලිසියක්

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිරියාවේ ඔවුන් අතට පත් කලාප වල ඉස්ලාමීය කාන්තා පොලිස් බලකායක් පිහිටුවා ඇති බවත් නූර් පවසන්නීය.

එම කාන්තා බලකාය රක්කා නගරයේ කාන්තාවන්ගේ කටයුතු සෝදිසි කරමින් සිටින අතර කාන්තා නිදහස ඉතා දරුණු ලෙස පාලනය කරමින් සිටින බවයි සිය ජීවිත අත්දැකීම් තව දුරටත් විස්තර කරණ නූර් පවසන්නේ.

‘ඉස්ලාම් සංවිධානයේ කාන්තා බලකායේ සෙබළියෝ අප ගැන ඔත්තු බලනවා,. අපට දරුණු ලෙස පහර දෙනවා. ඔවුන් කාන්තාවන් සෝදිසි කිරීම් වලට ලක් කරන්නේ විස්තර කරන්නත් බැරි පහත් ආකාරයට’ නූර් ගේ වචන තුළ තවමත් රැඳී පවතින්නේ ඇය පිළිකුල් කරන එම පරීක්ෂණ වැඩ පිළිවෙළේ අකාරුණික ස්වභාවයයි.

‘සමහර සෙබළියන් කතා කරන්නේ අරාබි භාෂාව නොවෙයි. වෙනත් විදෙස් භාෂා. මේ කාන්තා බලකාය වරක් මගේ වැඩිමල් සහෝදරිය අල්ලා ගෙන ගිහින් ‘හෙස්බා’ ආගමික පොලිසියට භාර දුන්නා’ නූර් පෞද්ගලික එහෙත් සමස්ත රක්කා කාන්තා සමාජය මුහුණ දී සිටින ව්‍යසනයෙන් තවත් පිටුවක් කියවන්නීය.

‘ආගමික පොලිසිය මගේ අක්කා වැරදිකාරිය කියලා තීරණය කළා. ඇයට කස පහර නියම වුනා. කස පහර කාපු අක්කගේ සිරුර ආයෙත් කවදාවත් කලින් තිබිච්ච විදිහට ගන්න බැරි තත්ත්වයකුයි දැන් තියෙන්නේ’

රක්කා නගරයේ IS බලය

නූර් ගේ වේදනාවයි එම වචන සමුදාය තුළ සැඟවී පවතින්නේ.

හයිනා ගොදුරු

IS සංවිධානය ඔවුන්ගේ දේශපාලන මත වලට විරුද්ධ වන කාන්තාවන්ට කරන දේවල් නූර් කලින් විස්තර කළ තත්වයටත් අන්තයි.

‘කැරලිකාරයෝ කාන්තාවන් අල්ලා ගෙන දරුණු වර්ගයේ ‘හයිනා’ සතුන් ගැවසෙන කැලෑ පෙදෙස් වලට අර ගෙන ගිහින් බැඳලා දාල එනවා. ඒ කාන්තාවන් හයිනා සතුන්ට ගොදුරු වෙන්නේ පණ පිටින්’ නූර් වැනි රක්කා කතුන් එවැනි ඉරණමකින් බේරී ඇත්තේ යාන්තමිනි.

මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් IS සංවිධානයේ ග්‍රහණයේ පවතින අතර එය ඉස්ලාමීය නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ලෙස ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

සියලුම මුස්ලිම්වරුන් ඔවුන්ට අවනත විය යුතු බව IS ආඥාවයි.

දේශ සීමා ප්‍රතික්ෂේප කරන IS ඉස්ලාමීය කැරලිකරුවෝ තම බල කලාපය ප්‍රසාරණය කර ගැනීම සඳහා ලොව පුරා වෙනත් රටවල් සහ ජාතීන්ට තර්ජන සහ දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිති.

සුන්නි ඉස්ලාම් නිකායට අයත් IS ත්‍රස්ත සංවිධානයේ කැරලිකරුවෝ ඔවුන් විසින් ම නිර්මාණය කර ගත් අන්තවාදී ආගමික අනුවාදයක් අනුගමනය කරන අතර එය ඇදහීමට සුදානම් නැති ඕනෑම පුද්ගලයකුට මරණය කැඳවීමට පසුබට නොවෙති.

ආගමික නීතිය

‘මගේ බාල සහෝදරියට අවුරුදු විස්සක් විතර වෙනවා. ඇය ගෙදරින් එලියට යන්න බයයි. ඇය මගේ අම්මත් එක්ක දවස පුරාම ගේ ඇතුලේ මුල්ලකට වෙලා ගුලි වෙලා ඉන්නවා’ අපේ කතා නායිකාව, නූර් අප යළිත් ‘රක්කා’ නගරය කරා කැඳවා ගෙන යන්නීය.

‘මගේ අම්මා සහ සහෝදරියන් කවදාවත්ම රක්කා වලින් එලියට එන්නේ නැති වෙයි. ආගමික නීති කඩ කරනවා කියල අපේ අසල්වැසියෝ පොලිසියට ඔත්තු දේවිය කියන බය නිසා ඔවුන් රේඩියෝ එකටවත් ඇහුම් කන් දෙන්න බයයි’

ඒ නූර්ගේ පවුලේ අද තත්වයයි.

නූර් රක්කා නගරයෙන් පැන ගත්තත් ඇයට සැනසුමක් නොමැති බවයි, ඇයගේ කතාව කියා පාන්නේ.

මතු පරපුරත් ගොදුරක්

‘මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මගේ පුතාට වයස අටයි. මම රක්කා වල ඉන්න කොට පුතා ගෙදරින් එලියට ගියාම එයා සෙල්ලම් කරන්න යනවා කියලයි මම හිතුවේ. නමුත් අන්තවාදී ආගමික කණ්ඩායම් මේ පොඩි දරුවාගේ ඔලුව වෛරයෙන් පිරෙව්වා. පොඩි දරුවන්ට වැරදි අදහස් ඔලුවට දාල ඔවුන් විනාශ කරනවා. ඊට පස්සේ මගේ අට හැවිරිදි පුතා මට පරුෂ වචනයෙන් බණින්න පටන් ගත්තා’

රක්කා නගරයේ පවතින අඳුරු සහ බිහිසුණු බව වචනයෙන් සිතුවම් කරන නූර් කියා සිටින්නේ එම නගරයේ කොටු වී සිටින සියලු කාන්තාවන්ගේ ඛේදජනක ඉරණමයි.

‘අපි හැමෝටම ඕන කරන්නේ මේ අපායෙන් මිදෙන්න. රක්කා දැන් නන්නාඳුනන දුර්ජනයන්ගෙන් පිරුණු නගරයක්, රක්කා නගරයේ ආත්මය කෙලෙසිලා’ නූර් ගැඹුරු සුසුමකින් සිය ආත්මය තුල කකියන වේදනාවයි ලෝකයට කියා පාන්නේ.

Image copyrightAP

නූර් සිය ජීවිතය බේරා ගෙන සිරියාවෙන් යුරෝපයට පැන යාමට සමත් වුනත් ඇයගේ මව සහ සහෝදරියන් දෙදෙනා තවමත් රක්කා නගරයේ සිර වී සිටිති.

ඔවුන් හැර තවත් කොපමණ කතුන් මේ මොහොතේ එම අඳුරු බියකරු නගරයේ සිර වී සිටිනු ඇද්ද?

Source - http://www.bbc.com/sinhala/world/2015/11/151126_ug_syria_nur_raqqa

[QUOTE="cheecha007, post: 19353456, member: 518442"] [b]‘මම IS ග්රහණයෙන් මිදුණ ගැහැණියක්'[/b] 27 නොවැම්බර් 2015 [SIZE="5"]‘රක්කා’ සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යටතේ පවතින නගරයක්. ‘නූර්’ රක්කා නගරයේ ජීවත් වූ කාන්තාවක්. සියයක් කාන්තාවෝ [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/11/25/151125121518_women_raqqa_640x360_bbc_nocredit.jpg[/IMG] ලොව වෙසෙන ආදර්ශමත් කාන්තාවන් සිය දෙනකු තෝරා ගනිමින් බීබීසී ලෝක සේවය ඉදිරිපත් කරන කාන්තාවකගේ කතාව අපි ඔබ වෙත ඉදිරිපත් කරමු. 'වසරේ කාන්තාවන් සිය දෙනා' විශේෂාංගයේ හද සසල කරවන ජීවිත අත්දැකීමක් මේ. ලොව පුරා භීතිය වපුරමින් දේශ සීමා පරයා ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිරියාවේ ‘රක්කා’ කාන්තාවන්ට අත්කළ ඉරණමයි නූර් නමැති සිරියානු කාන්තාව ඔබට කියන්නේ IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානය යටතේ පවතින රක්කා නගරයේ කාන්තාවකගේ තත්වය නූර් විසින් පැහැදිලි කරනු ලබන්නේ ඇයටම මුහුණ දීමට සිදු වූ ඛේදනීය අත්දැකීම් සමුදායක් ඇසුරෙන්. ‘මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් මුළු ජීවිත කාලයම ගත කළේ සිරියාවේ රක්කා නගරයේ. දිරිය කතුන්ට සෙවන දෙන නගරයක් විදිහටයි රක්කා ප්‍රසිද්ධියක් ලබා තිබුණේ’ නූර් සිය ජීවිත කතාව ආරම්භ කළේ එලෙසයි. ‘මීට ඉස්සර කාට හරි මේ නගරයේ දී යම්කිසි දෙයක් සිදු කර ගන්න අවශ්‍ය නම් ඔවුන් ඒ ගැන කතා කළ යුතුව තිබුණේ කාන්තාවක් එක්කයි’ ඒ නූර් ගේ එදා මිහිරි අත්දැකීම් සහිත අතීතයයි. නමුත් ඒ සියල්ලම කණපිට පෙරලුනේ IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය රක්කා නගරය ඔවුන්ගේ අතට ගැනීමත් සමඟ. කලිසමත් තහනම් ‘IS කැරලිකාරයෝ ඔවුන් අපට අපේ මුහුණු ආවරණය කරන්න බල කළා. කාන්තාවන් කලිසම් ඇඳීම තහනම් කළා. පිරිමියකු නැතිව කාන්තාවකට ගෙදරින් එලියට යන එක පවා තහනම් කළා’ නූර් පවසන්නේ රක්කා නගරයේ කාන්තා නිදහස කෙමෙන් වැළලී යාමේ කතාවයි. IS කාන්තා තහංචි එතැනින් නොනැවතුණි. විරාමයකින් අනතුරුව, නූර් අප රක්කා නගරයේ අද ඇති තත්වය කරා මෙසේ ගෙන යන්නීය. [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2015/11/18/151118155327_raqqa_isis_640x360_ap_nocredit.jpg[/IMG] ‘මගේ යෙහෙළියන්ට සොල්දාදුවන් හා විවාහ වෙන ලෙස ඔවුන් බල කෙරුවා. එහෙමත් නැත්නම් සොල්දාදුවන් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන ලෙස බල කළා’ අභිමානවත් රක්කා කතුන් අද පත්ව සිටින තත්වය එයයි. නූර් පවසන හැටියට ඔවුන්ට අවශ්‍ය කාන්තාවන් අඹුවන් කර ගන්නා සොල්දාදුවන් ඔවුන් සමඟ පවුල් කන්නේ ටික කාලයකට පමණයි. කතුන් ගැබ් ගත විට සොල්දාදුවන් කරන්නේ ඔවුන් හැර දමා යාම. කාන්තා පොලිසියක් ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිරියාවේ ඔවුන් අතට පත් කලාප වල ඉස්ලාමීය කාන්තා පොලිස් බලකායක් පිහිටුවා ඇති බවත් නූර් පවසන්නීය. එම කාන්තා බලකාය රක්කා නගරයේ කාන්තාවන්ගේ කටයුතු සෝදිසි කරමින් සිටින අතර කාන්තා නිදහස ඉතා දරුණු ලෙස පාලනය කරමින් සිටින බවයි සිය ජීවිත අත්දැකීම් තව දුරටත් විස්තර කරණ නූර් පවසන්නේ. ‘ඉස්ලාම් සංවිධානයේ කාන්තා බලකායේ සෙබළියෝ අප ගැන ඔත්තු බලනවා,. අපට දරුණු ලෙස පහර දෙනවා. ඔවුන් කාන්තාවන් සෝදිසි කිරීම් වලට ලක් කරන්නේ විස්තර කරන්නත් බැරි පහත් ආකාරයට’ නූර් ගේ වචන තුළ තවමත් රැඳී පවතින්නේ ඇය පිළිකුල් කරන එම පරීක්ෂණ වැඩ පිළිවෙළේ අකාරුණික ස්වභාවයයි. ‘සමහර සෙබළියන් කතා කරන්නේ අරාබි භාෂාව නොවෙයි. වෙනත් විදෙස් භාෂා. මේ කාන්තා බලකාය වරක් මගේ වැඩිමල් සහෝදරිය අල්ලා ගෙන ගිහින් ‘හෙස්බා’ ආගමික පොලිසියට භාර දුන්නා’ නූර් පෞද්ගලික එහෙත් සමස්ත රක්කා කාන්තා සමාජය මුහුණ දී සිටින ව්‍යසනයෙන් තවත් පිටුවක් කියවන්නීය. ‘ආගමික පොලිසිය මගේ අක්කා වැරදිකාරිය කියලා තීරණය කළා. ඇයට කස පහර නියම වුනා. කස පහර කාපු අක්කගේ සිරුර ආයෙත් කවදාවත් කලින් තිබිච්ච විදිහට ගන්න බැරි තත්ත්වයකුයි දැන් තියෙන්නේ’ [IMG]http://ichef.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2015/11/19/151119232619_para_elvira_tienda_de_articulos_ei_en_raqqa_624x351_getty_nocredit.jpg[/IMG] රක්කා නගරයේ IS බලය නූර් ගේ වේදනාවයි එම වචන සමුදාය තුළ සැඟවී පවතින්නේ. හයිනා ගොදුරු IS සංවිධානය ඔවුන්ගේ දේශපාලන මත වලට විරුද්ධ වන කාන්තාවන්ට කරන දේවල් නූර් කලින් විස්තර කළ තත්වයටත් අන්තයි. ‘කැරලිකාරයෝ කාන්තාවන් අල්ලා ගෙන දරුණු වර්ගයේ ‘හයිනා’ සතුන් ගැවසෙන කැලෑ පෙදෙස් වලට අර ගෙන ගිහින් බැඳලා දාල එනවා. ඒ කාන්තාවන් හයිනා සතුන්ට ගොදුරු වෙන්නේ පණ පිටින්’ නූර් වැනි රක්කා කතුන් එවැනි ඉරණමකින් බේරී ඇත්තේ යාන්තමිනි. මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්‍රදේශයක් IS සංවිධානයේ ග්‍රහණයේ පවතින අතර එය ඉස්ලාමීය නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ලෙස ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. සියලුම මුස්ලිම්වරුන් ඔවුන්ට අවනත විය යුතු බව IS ආඥාවයි. දේශ සීමා ප්‍රතික්ෂේප කරන IS ඉස්ලාමීය කැරලිකරුවෝ තම බල කලාපය ප්‍රසාරණය කර ගැනීම සඳහා ලොව පුරා වෙනත් රටවල් සහ ජාතීන්ට තර්ජන සහ දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිති. සුන්නි ඉස්ලාම් නිකායට අයත් IS ත්‍රස්ත සංවිධානයේ කැරලිකරුවෝ ඔවුන් විසින් ම නිර්මාණය කර ගත් අන්තවාදී ආගමික අනුවාදයක් අනුගමනය කරන අතර එය ඇදහීමට සුදානම් නැති ඕනෑම පුද්ගලයකුට මරණය කැඳවීමට පසුබට නොවෙති. ආගමික නීතිය ‘මගේ බාල සහෝදරියට අවුරුදු විස්සක් විතර වෙනවා. ඇය ගෙදරින් එලියට යන්න බයයි. ඇය මගේ අම්මත් එක්ක දවස පුරාම ගේ ඇතුලේ මුල්ලකට වෙලා ගුලි වෙලා ඉන්නවා’ අපේ කතා නායිකාව, නූර් අප යළිත් ‘රක්කා’ නගරය කරා කැඳවා ගෙන යන්නීය. ‘මගේ අම්මා සහ සහෝදරියන් කවදාවත්ම රක්කා වලින් එලියට එන්නේ නැති වෙයි. ආගමික නීති කඩ කරනවා කියල අපේ අසල්වැසියෝ පොලිසියට ඔත්තු දේවිය කියන බය නිසා ඔවුන් රේඩියෝ එකටවත් ඇහුම් කන් දෙන්න බයයි’ ඒ නූර්ගේ පවුලේ අද තත්වයයි. [IMG]http://ichef.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2015/11/19/151119171403_is_raqqa_624x351_ap_nocredit.jpg[/IMG] නූර් රක්කා නගරයෙන් පැන ගත්තත් ඇයට සැනසුමක් නොමැති බවයි, ඇයගේ කතාව කියා පාන්නේ. මතු පරපුරත් ගොදුරක් ‘මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මගේ පුතාට වයස අටයි. මම රක්කා වල ඉන්න කොට පුතා ගෙදරින් එලියට ගියාම එයා සෙල්ලම් කරන්න යනවා කියලයි මම හිතුවේ. නමුත් අන්තවාදී ආගමික කණ්ඩායම් මේ පොඩි දරුවාගේ ඔලුව වෛරයෙන් පිරෙව්වා. පොඩි දරුවන්ට වැරදි අදහස් ඔලුවට දාල ඔවුන් විනාශ කරනවා. ඊට පස්සේ මගේ අට හැවිරිදි පුතා මට පරුෂ වචනයෙන් බණින්න පටන් ගත්තා’ රක්කා නගරයේ පවතින අඳුරු සහ බිහිසුණු බව වචනයෙන් සිතුවම් කරන නූර් කියා සිටින්නේ එම නගරයේ කොටු වී සිටින සියලු කාන්තාවන්ගේ ඛේදජනක ඉරණමයි. ‘අපි හැමෝටම ඕන කරන්නේ මේ අපායෙන් මිදෙන්න. රක්කා දැන් නන්නාඳුනන දුර්ජනයන්ගෙන් පිරුණු නගරයක්, රක්කා නගරයේ ආත්මය කෙලෙසිලා’ නූර් ගැඹුරු සුසුමකින් සිය ආත්මය තුල කකියන වේදනාවයි ලෝකයට කියා පාන්නේ. Image copyrightAP නූර් සිය ජීවිතය බේරා ගෙන සිරියාවෙන් යුරෝපයට පැන යාමට සමත් වුනත් ඇයගේ මව සහ සහෝදරියන් දෙදෙනා තවමත් රක්කා නගරයේ සිර වී සිටිති. ඔවුන් හැර තවත් කොපමණ කතුන් මේ මොහොතේ එම අඳුරු බියකරු නගරයේ සිර වී සිටිනු ඇද්ද?[/SIZE] Source - [url]http://www.bbc.com/sinhala/world/2015/11/151126_ug_syria_nur_raqqa[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom