‘මැජික් රජුගේ’ මීළඟ විස්මය කුමක්ද?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ‘මැජික් රජුගේ’ මීළඟ විස්මය කුමක්ද?

    මැජික් කියන්නේ ඇස් බැන්දුමක්, විජ්ජාවක් බව අපි හැමෝම දන්නවා. ඒත් සමහර මැජික් දකිනකොට අපිට හිතෙන්නේ ඒවා නම් විශ්වාස කළ නොහැකි ආකාරයේ ක්‍රියාවන් බවයි. ඕනෑම ආකාරයක මැජික් ඉදිරිපත් කිරීමක ආකර්ෂණය රඳා පවතින්නේ නරඹන්නන් විශ්මයෙන් මුසපත් කිරීමට එම මැජික් කරුවාට ඇති සුවිශේෂී හැකියාව මතයි. මේ මැජික් ලෝකයේ සදාතනික විශිෂ්ටයා ලෙස සැලකෙන ඩේවිඩ් කොපර්ෆීල්ඩ් පිළිබඳවයි.
    120-680x510.jpg

    www.celebrityradio.biz

    ලොව බිහි වූ දක්ෂතම මැජික් කරුවා

    ඩේවිඩ් සෙත් කොට්කින් හෙවත් කවුරුත් දන්නා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් සුප්‍රකට forbes සඟරාව විසින් හඳුන්වා දෙන්නේ ලොව බිහි වූ දක්ෂතම එමෙන්ම වැඩිම අදායමක් ඉපයූ මැජික් කරුවා ලෙසටයි. මේ වන විට 61 හැවිරිදි වියේ සිටින ඩේවිඩ් එමි සම්මාන 31 දිනා සිටින්නේ ඔහුගේ විනෝදාස්වාදන හැකියාව හේතුවෙනුයි. ලෝක වාර්තා 11ක් තමන් සතු කරගෙන සිටින ඔහු ප්‍රංශ රජයෙන් පිරිනැමෙන නයිට් නාමයෙන්ද පිදුම් ලැබුවෙක්. එසේම ඔහු සලකනු ලබන්නේ මැජික් ලොව ජීවමාන පුරාවෘත්තය ලෙසිනු යි.
    මෙම සුප්‍රකට මැජික් කරුවාගේ මැජික් සංදර්ශන ලොව පුරා නරඹන්නන් තිස්තුන් ලක්ෂයකට වැඩි පිරිසක් නරඹා ඇති අතර, ඒ නිසාම ඔහු උපයාගෙන ඇති මුදල ඩොලර් බිලියන හතරක් ඉක්මවන බව පැවසෙනවා.ලොව ධනවත්ම විනෝදාස්වාදන තරු අතර මුල් තැනක පසුවන ඩේවිඩ් මැජික් සමග බැඳුනු අවන්හල් ජාලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු ලෙසටද නමක් දිනාගෙන සිටිනවා.
    216-680x382.jpg

    media.npr.org/assets

    මැජික් ශිල්පියෙකු ලෙස

    නිව් ජර්සි ප්‍රාන්තයේ සාමාන්‍ය පවුලක උපත ලැබූ ඩේවිඩ් මැජික් ශිල්පයට ආශා කිරීම අරඹා ඇත්තේ වයස අවුරුදු දහයට එළඹීමටත් ප්‍රථමයෙන්. ඔහුගේ නිවස අසල සිටි මැජික් ශිල්පියකුගේ ඇසුරේ මැජික් හැදෑරූ ඩේවිඩ් වයස අවුරුදු 12 වන විට ඇමෙරිකානු මැජික් සම්මේලනයේ ලාබාලතම සාමාජිකයා බවට පත් වුණේ මැජික් ලොව විශිෂ්ටයකු බවට පත්වන ලකුණු පෙන්වමින්. සිය නිර්මාණශීලිත්වය නිසාම මැජික් කරුවකු ලෙස වේගවත් ජනප්‍රියත්වයක් ලැබූ ඩේවිඩ් වයස අවුරුදු 16 වන විට නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ මැජික් ආචාර්ය වරයෙකු බවටද පත් වුණේ මැජික් ලොව ‘මැජික් එක’ තමා බව පසක් කරමින්.
    The Magic of ABC නම් ABC රුපවාහිනී නාලිකාවේ විකාශනය ඇරැඹු මැජික් වැඩසටහනට සහභාගී වීම ඩේවිඩ් ගේ මැජික් ජිවිතයේ සුවිශේෂී සංධිස්ථානය වුනේ එමගින් මුළු ලෝකයම ඔහුගේ දක්ෂතා හඳුනාගත් බැවිනුයි. එතැන් පටන් වර්තමානය දක්වා ඔහු විවිධ රූපවාහිනී වැඩසටහන් සහ සිනමා නිර්මාණ සිය ගණනකට සහභාගී වී තිබෙනවා.
    310.jpg

    cdn2.content.compendiumblog.com

    විස්මිත මැජික් වික්‍රමයන්

    ඩේවිඩ් ලොව පුරා ප්‍රකටව සිටින්නේ ඔහු විසින් සිදුකළ දැවැන්ත මැජික් වික්‍රමයන් හේතුවෙනුයි. ගුවන් යානා අතුරුදන් කිරීම, සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව අතුරුදන් කර නැවත මතු කිරීම, ග්‍රෑන්ඩ් කැනියොන් ඉහලින් පියාසර කිරීම, චීන මහා ප්‍රාකාරය හරහා ගමන් කිරීම, අල්කට්‍රාස් බන්ධනාගාරයෙන් පලා ඒම, වේදිකාව මත ගුවනේ පාවී යාම ආදී ඔහු සිදුකළ ඇතැම් මැජික් ක්‍රියාකාරකම් ලොව අන් මැජික් කරුවන්ට සිතා ගැනීමටවත් නොහැකි ඒවා බවත් ප්‍රකට කරුණක්.
    මෙයින් ලොව වඩාත්ම කතා බහට ලක්වුණේ 1983 වසරේදී සිදුකළ සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව අතුරුදන් කිරීමේ සිදුවීම යි. සංචාරකයන් පිරිසක් ඉදිරියේ තැබූ තිරයක් ඉදිරියේ ඔහු එසේ ප්‍රතිමාව අතුරුදන් කළ අතර ඉහළ අහසේ සිට ලබාගත් වීඩියෝ දර්ශන වලද දැක්වුණේ ලිබර්ටි ප්‍රතිමාව එම ස්ථානයේ නොමැති බවයි. ඉන්පසු මොහොතකින් ඩේවිඩ් නැවත ප්‍රතිමාව මවනු ලැබුවේ සියල්ලන්ම මවිතයෙන් මවිතයට පත් කරමිනුයි.
    එසේම 2001 වසරේදී යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් වයිට් හවුස් හිදී පැවැත්වූ මැජික් සංදර්ශනයක දී ඔහු විසින් ජනප්‍රිය නිලි සහ ගායිකා ජෙනිෆෙර් ලෝපේස් කොටස් හයකට කපමින් සිදුකළ ඇස්බැන්දුම ද ඩේවිඩ් කොපර්ෆීල්ඩ් නාමය මැජික් ලොව රන් අකුරෙන් ලියැවූ අවස්ථාවක්. එමෙන්ම 2009 වසරේදීද ඔහු එවන් දස්කමක් දැක්වූයේ ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට් කියතකින් දෙකට කපමින්.
    410-680x453.jpg

    sabotagetimes.com

    තමා මැජික් ශිල්පයේ විශිෂ්ටත්වයට පත් කිරීමට මුල් වූ තැනැත්තන් ලෙස ඩේවිඩ් සඳහන් කරන්නේ වෝල්ට් ඩිස්නි, ඕසන් වේල්ස්, ජින් කෙලී යන චරිත කිහිපය යි. ඔවුන් විනොදාස්වාදන මාධ්‍ය තුළ සිදුකළ සුවිශේෂී වෙනස තවත් ඉදිරියට රැගෙන යාම සිය අරමුණ බවත් ඩේවිඩ් පවසනවා.
    ලොව විශාලතම මැජික් කෞතුකාගාරය

    ලොව විශාලතම මැජික් කෞතුකාගාරය අයත්ව ඇත්තේ ද ඔහුටයි.1991 වසරේ සිට ඔහු එය පවත්වාගෙන යන අතර එහි ලොව විශාලතම මැජික් පොත් සහ වීඩියෝ එකතුවද, මැජික් උපකරණ එකතුවද පවතින බව පැවසෙනවා. එය සාමාන්‍ය වැසියන්ට විවෘත නොවන අතර මැජික් හදාරන්නන්නට සහ මැජික් ශිල්පීන්ට පමණක් විවෘත බවත් පැවසෙනවා. යමෙකුට මැජික් ලෝකයේ ඉතිහාසය එකම තැනකින් දැක ගන්නට ඕනෑ නම් ඊට හොදම තැන ඩේවිඩ් ගේ කෞතුකාගාරය බව සුප්‍රකට නළු හියු ජැක්මන් වරක් ප්‍රකාශ කළේ එම අපූරු ස්ථානය නරඹා රැලි වූ නළලින් යුතුව පිටතට පැමිණි පසුවයි.
    58-680x442.jpg

    www.lifo.gr

    මාරාන්තික මැජික් පෙන්වීමේ හපනකු ලෙසටද සැලකෙන ඩේවිඩ් ඒ නිසාම මාරාන්තික අනතුරු වලටද ලක්ව තිබෙනවා. වරක් අත් පා බැඳ වතුර ටැංකියකට බැස එම යදම් ගලවාගෙන පිටතට පැමිණීමට කළ උත්සහයකදී ඔහු අසාර්ථක වී ඇති අතර තත්පර අසුවක් පමණ ජලයේ ගිලී ජීවිතය සමග පොර බැදීමට ඔහුට සිදු වුණා.ඒ හේතුවෙන් රෝහල්ගත වීමට මෙන් රෝද පුටුවක කෙටි කලක් ගත කිරිමටද ඔහුට සිදුව තිබෙනවා. තවත් වරක් ඔහුගේ ඇඟිල්ලක කොටසක් වෙන් වන ලෙසම කැපී ගියේද මැජික් සංදර්ශනයක් අතරතුරේදී යි.
    මැජික් ලොව රජු

    65.jpg

    www4.pictures.zimbio.com

    ඇමරිකානු මැජික් සංගමය විසින් ඔහුට මැජික් ලොව රජු යන ගරු නාමය පුදකර ඇත්තේ මිහිමත සිටින විශිෂ්ටතම මැජික් කරුවා ඩේවිඩ් වන බැවිනුයි. එසේම ‘සියවසේ මැජික් කරුවා’ ලෙස හඳුන්වන්නේද ඔහුයි. ඩේව්ඩ් වෙනුවෙන් ලෝක වාර්තා 11 වෙන් වී ඇති අතර තනි පුද්ගලයකු වෙනුවෙන් ලොව වැඩිම ටිකට් පත් විකිණීමේ ලෝක වාර්තාව ද ඊට අයත්.
    හිසට සිදුවූ අනතුරක් හේතුවෙන් මේ දිනවල මදක් මැජික් ලෝකයෙන් ඉවත්ව සිටියත්, නුදුරේදීම කිසිවකු නොසිතන වෙනස්ම ආකාරයේ සුපිරි මැජික් මාලාවක් වෙනුවෙන් සුදානම් වන බව ඩේවිඩ් පවසනවා. ලොව විශිෂ්ටතම මැජික් කරුවාගේ මීළඟ ඉලක්කය කුමක් වෙයිද?
     
    • Like
    Reactions: Ysa Karu

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ලංකාවේ වගේ හිටියා නම් බදු ගෙවීමට සිදුවීම හේතුවෙන් සදහටම ලංකාවෙන් අතුරුදහන් වීමක් තමයි ඊළඟ මැජික් එක.අනිවා එක ෂුවර්:baffled::baffled: