Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
‘සෝවාන් ඵලය’ ~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම, අති දුර්ලභ සිද්ධියකි. උන්වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීමට සමත් වන්නේ බුද්ධිමත් මිනිසෙකු පමණි. හේ උතුම් සුභාෂිත බුද්ධ වචනය මැනවින් හඳුනා ගනී. එමෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ වූ දුර්භාෂිත වූ, අසත්‍ය වූ පුහුදුන් විසදිටුවද වෙන් කොට හඳුනාගෙන එය බැහැර කරයි. මෙය වනාහි පරම දුර්ලභ කරුණු රැසක එක්වීමකි. එය ධර්මය අවබෝධ කළ හැකි එකම එක ක්ෂණසම්පත්තිය වේ.

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මුණගැසීම හා චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීම බාහිරින් ලැබෙන දුර්ලභ කරුණු වේ. තමා ශ්‍රවණය කළ ඒ ධර්මය අනුව නුවණින් මෙනෙහි කිරීම හෙවත් යෝනිසෝමනසිකාරය හේ සිදුකරයි. තවද ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට පටන් ගනී. මෙසේ කටයුතු කිරීමෙන් කෙමෙන් කෙමෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වීමෙන් හේ සද්ධානුසාරී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වේ. හීන වූ අශ්‍රැතවත් පෘථග්ජන භාවයෙන් නිදහස්වීමේ සුදුසුකම ලබයි.

ඉන්පසු හේ කායානුපස්සනා, වේදනානුස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන භාවනාව පටන් ගනී. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති ආදී අනුස්සති භාවනාවන්හි යෙදෙන්නටද පටන් ගනී. ශ්‍රද්ධා, සීල, සුති (ධර්ම ඤාණය) ත්‍යාග, ප්‍රඥා යන පංච සේඛ බල ඇතිවන්නට පටන් ගනී. ඒ තුළින් හේ දියුණුව ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු බවට පත් වේ. බුදුරජාණන් වහන්සේ ඔක්කන්ති සංයුක්තයෙහි අවධාරණය කරන්නේ, ශ්රද්ධානුසරී හෝ ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු සිටී නම්, හේ මරණයට පෙර ඒකාන්තයෙන්ම සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන බවයි.

ධම්මානුසාරී ආර්ය ශ්රාවකයා තව දුරටත් දහමෙහි හැසිරෙන්නේ, ඔහු තුළ, ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්රිය ධර්මයන් සේඛබල අවස්ථාවේ සිට ඉතා සුළුවෙන් පිහිටා ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී.

හේ කෙමෙන් කෙමෙන් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් පිළිබඳව, හටගැනීම, ආස්වාදය, ආදීනවය, නිස්සරණය (නිදහස්වීම) තේරුම් ගත හැකි කෙනෙකු බවට පත් වේ.

හේ පටිච්ච සමුප්පාදය අර්ථ සහිතව තේරුම් ගනී. තමා තුළින්ම පටිච්ච සමුප්පාදය, ආර්ය න්‍යාය, (හේතු ඵල, දහම නැතහොත් දුක හැදෙන වැඩපිළිවෙල) දැක්ක හැකි වේ.

“හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන්, ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යතා ස්වභාවයෙන් යුතු වේ.”යන අවිද්‍යා මළකඩ රහිත වූ සදහම් ඇස පහළ වේ. මෙය වනාහි සෝවාන්ඵලයට පත්වීමයි. එම ඵලය සමඟ දස සංයෝජන (සසරට බැඳ තබන වැටි දහය) වලින් තුනක් සදහටම නිරුද්ධ වේ.

එනම් පංච උපාදානස්කන්ධය ගැන පැවැති විසි ආකාර වූ, මමය, මාගේ ය, මාගේ ආත්මයය යන සක්කාය දිට්ඨියත්, තෙරුවන් කෙරෙහි පැවති විචිකිච්ඡාවත්, වැරැදි සීලව්රැතයන්ට බැඳී යාමත් (සීලබ්බන පරාමාස) සදහටම නිරුද්ධ වේ. කේන්දර, සුබ නැකැත්, සුබ නිමිති රිට්ටාවන් ආදිය සරණ යාමත්, අයත් වන්නේ මේ වැරැදි සීල ව්රැතයන්ටමය. මේ බුද්ධ වචනය විමසන්න.

නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා ( 1 නි. නක්ඛත්ත ජා)

නැකැත් බලා කටයුතු පසු නො කළ යුතු බව.

(11) නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?

කාම දිට්ඨ, සීලබ්බත අත්තවාද (ආත්මවාද) යන සතර, උපාදාන (සිතින් දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම) වලින් සෝවාන් වීමේ දී නිරුද්ධ වන්නේ, දිට්ඨි හා සීලබ්බත උපාදන පමණි. එමෙන්ම අත්තවාද(ආත්මවාද) උපාදානයේ හරය වූ සක්කාය දිට්ඨියද නිරුද්ධ වේ. එනමුත් ගින්න අයින් කළද පොළොවේ ගින්නෙහි රස්නය තිබෙන්නාක් මෙන්, අත්තවාද (ආත්මවාද) උපාදානය දිගටම තිබෙනු ඇති අතර, එය රහත්වීමේ දී නිරුද්ධ වී යනු ඇත. කාම උපාදාන පවත්නා හෙයින් සෝවාන් පුද්ගලයාට කාමභෝගී ගිහි දැහැමි ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොමැත.

සෝවාන් ඵලයට පත් වූ කෙනා තුළ තිබෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව වන සත්‍ය ඤාණයයි. දුක වනාහි ආර්ය සත්‍යයකි. එනම් ඉපදීම දුකකි. ජරාවට පත්වීම දුකකි. රෝග, පීඩා වැළැඳීම දුකකි. මරණයද දුකකි. අපි‍්‍රයයන් හා එක්වීමද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමද දුකකි. කැමතිවන්නා වූ යමක් නොලැබීමද දුකකි. සැකවින් කීවොත් පංච උපාදානස්කන්ධයම දුකකි. යන්න ගැන ඔහු අවබෝධ කරගෙන තිබේ.

දුකේ හට ගැනීම වනාහි ආර්ය සත්‍යයකි. පුනර්භවය ඇති කරවන, ඒ ඒ තැන ඇල්ම ඇති කරවන, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන ත්‍රිවිධ තණ්හාවෙන් එම දුක හටගන්නේ ය යන කරුණා ඔහු අවබෝධ කරගෙන තිබේ. දුක් නැතිවීම වනාහි ආර්ය සත්‍යයකි. එම ත්‍රිවිධ තෘෂ්ණාවම ඉතිරි නොකොට, සදහටම නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ වී යන්නේ ය. යන කරුණ ඔහු අවබෝධ කරගෙන තිබේ.

දුක් නැතිවීම පිණිස ඇති ප්‍රතිපදාව වනාහි ආර්ය සත්‍යයකි. ඒ ත්‍රිවිධ තණ්හාව නිරුද්ධ වීම පිණිස පවත්නා වූ එකම වැඩපිළිවෙලක් තිබේ. එනම් ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්ය යන්න ඔහු අවබෝධ කරගෙන තිබේ. “සෝතාපන්න” යන වදනේ තේරුම් දෙකකි. පළමුවැන්න “ශ්‍රෝත” එනම් වේගවත් සැඬ දිය පහරක් නොනැවතී මුහුද වෙත ගලා යන්නාක් මෙන්, නිවන කරාම යන බැවින්, ඒ හා සමානය යන තේරුමයි. දෙවැන්න “සෝත” යනු ආර්යඅෂ්ටාංගික මාර්ගයට නමක් හෙයින්, ඊට සිත, කය, වචනය යන තුන් දොරින්ම පිළිපන් (ආපන්න) යන තේරුමයි.

සෝවාන් පුද්ගලයා තුළ සෝතාපත්ති, අංග 4 ක් පිහිටයි. එනම්, ඔහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මුල්බැසගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. ශ්‍රී සද්ධර්මය කෙරෙහි මුල් බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත් කිසි ලෙසකින් සෙලවිය නොහැකි ය. මගඵල ලාභී ශ්‍රාවක සඟරුවන කෙරෙහි මුල්බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. එමෙන්ම ඔහු තුළ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තුළ පිහිටන පරිදි ආර්ය කාන්ත පංච ශීලයද සුරක්ෂිත වේ. එමෙන්ම පංචානෙන්තරිය පාප කර්මයන් සිදු කරනු ලැබීම හෝ නියත මිථ්‍යා දෘෂ්ටියට හසුවීම කිසිලෙසකින් සෝවාන් ඵල ලාභී පුද්ගලයා අතින් සිදුනොවේ. ඔහු සතර අපායෙන් සදහටම නිදහස් වූ කෙනෙකි. (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය = සතර අපාය)

මංමුලා නොවන ඔහු භවයෙහි කෙතෙරම් පමා වූවද, කිසිසේත් අටවන භාවයකට නොගොස් නියත වශයෙන්ම රහත්ව පිරිනිවන් පානු ඇත. බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලය සක්විති රජකමටත් වඩා උතුම් බැව් පැවැසුවේ, එබැවිනි.

එනම් ඔහු නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර අපාය යන සතර අපායෙන් සදහටම නිදහස් වූ අයෙකු වන බැවිනි.

සත්පුරුෂයන් ධර්මයේ හැසිරෙද්දී පී‍්‍රතිය වැනි උපක්ලේශයන්ට හසුවී තමන් සෝවාන්ව ඇතැයි නොරැවටිය යුතු ය. ධෛර්ය අත්නොහැර ප්‍රගුණ කරන සාධු ධර්ම පිරිපුන් මනුෂ්‍යයාට සෝවාන් වීම එනම් නොපිරිහෙන ඵලයට පත්වීම, ඉතා දුර නොවනු නියත ය.

[QUOTE="KPZ, post: 16574640, member: 351617"] [SIZE=4]ලෝකයේ තථාගත සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම, අති දුර්ලභ සිද්ධියකි. උන්වහන්සේ දේශනා කරන [B]චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීමට සමත් වන්නේ බුද්ධිමත් මිනිසෙකු පමණි[/B]. හේ උතුම් සුභාෂිත බුද්ධ වචනය මැනවින් හඳුනා ගනී. එමෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ වූ දුර්භාෂිත වූ, අසත්‍ය වූ පුහුදුන් විසදිටුවද වෙන් කොට හඳුනාගෙන එය බැහැර කරයි. මෙය වනාහි පරම දුර්ලභ කරුණු රැසක එක්වීමකි. එය ධර්මය අවබෝධ කළ හැකි එකම එක ක්ෂණසම්පත්තිය වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ මුණගැසීම හා චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කිරීම බාහිරින් ලැබෙන දුර්ලභ කරුණු වේ. තමා ශ්‍රවණය කළ ඒ ධර්මය අනුව නුවණින් මෙනෙහි කිරීම හෙවත් [B]යෝනිසෝමනසිකාරය [/B]හේ සිදුකරයි. තවද ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නට පටන් ගනී. මෙසේ කටයුතු කිරීමෙන් කෙමෙන් කෙමෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වීමෙන් හේ [I][B]සද්ධානුසාරී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත් වේ[/B][/I]. හීන වූ අශ්‍රැතවත් පෘථග්ජන භාවයෙන් නිදහස්වීමේ සුදුසුකම ලබයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉන්පසු හේ කායානුපස්සනා, වේදනානුස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන භාවනාව පටන් ගනී. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති ආදී අනුස්සති භාවනාවන්හි යෙදෙන්නටද පටන් ගනී. ශ්‍රද්ධා, සීල, සුති (ධර්ම ඤාණය) ත්‍යාග, ප්‍රඥා යන පංච සේඛ බල ඇතිවන්නට පටන් ගනී. ඒ තුළින් හේ දියුණුව [B]ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු බවට පත් වේ[/B]. බුදුරජාණන් වහන්සේ ඔක්කන්ති සංයුක්තයෙහි අවධාරණය කරන්නේ, ශ්රද්ධානුසරී හෝ ධම්මානුසාරී ආර්යශ්‍රාවකයෙකු සිටී නම්, හේ මරණයට පෙර ඒකාන්තයෙන්ම සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ධම්මානුසාරී ආර්ය ශ්රාවකයා තව දුරටත් දහමෙහි හැසිරෙන්නේ, ඔහු තුළ, ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්රිය ධර්මයන් සේඛබල අවස්ථාවේ සිට ඉතා සුළුවෙන් පිහිටා ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හේ කෙමෙන් කෙමෙන් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් පිළිබඳව, හටගැනීම, ආස්වාදය, ආදීනවය, නිස්සරණය (නිදහස්වීම) තේරුම් ගත හැකි කෙනෙකු බවට පත් වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හේ පටිච්ච සමුප්පාදය අර්ථ සහිතව තේරුම් ගනී. තමා තුළින්ම පටිච්ච සමුප්පාදය, ආර්ය න්‍යාය, (හේතු ඵල, දහම නැතහොත් දුක හැදෙන වැඩපිළිවෙල) දැක්ක හැකි වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]“හේතූන් නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නිරුද්ධ වීමෙන්, ඒ හැම දෙයක්ම යළි නූපදිනා පරිදි නිරුද්ධ වී යතා ස්වභාවයෙන් යුතු වේ.”යන අවිද්‍යා මළකඩ රහිත වූ සදහම් ඇස පහළ වේ. [B]මෙය වනාහි සෝවාන්ඵලයට පත්වීමයි. එම ඵලය සමඟ දස සංයෝජන (සසරට බැඳ තබන වැටි දහය) වලින් තුනක් සදහටම නිරුද්ධ වේ.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එනම් පංච උපාදානස්කන්ධය ගැන පැවැති විසි ආකාර වූ, මමය, මාගේ ය, මාගේ ආත්මයය යන සක්කාය දිට්ඨියත්, තෙරුවන් කෙරෙහි පැවති විචිකිච්ඡාවත්, වැරැදි සීලව්රැතයන්ට බැඳී යාමත් (සීලබ්බන පරාමාස) සදහටම නිරුද්ධ වේ. කේන්දර, සුබ නැකැත්, සුබ නිමිති රිට්ටාවන් ආදිය සරණ යාමත්, අයත් වන්නේ මේ වැරැදි සීල ව්රැතයන්ටමය. මේ බුද්ධ වචනය විමසන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා ( 1 නි. නක්ඛත්ත ජා)[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නැකැත් බලා කටයුතු පසු නො කළ යුතු බව.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4](11) නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කාම දිට්ඨ, සීලබ්බත අත්තවාද (ආත්මවාද) යන සතර, උපාදාන (සිතින් දැඩි ලෙස ග්‍රහණය කර ගැනීම) වලින් සෝවාන් වීමේ දී නිරුද්ධ වන්නේ, දිට්ඨි හා සීලබ්බත උපාදන පමණි. එමෙන්ම අත්තවාද(ආත්මවාද) උපාදානයේ හරය වූ සක්කාය දිට්ඨියද නිරුද්ධ වේ. එනමුත් ගින්න අයින් කළද පොළොවේ ගින්නෙහි රස්නය තිබෙන්නාක් මෙන්, අත්තවාද (ආත්මවාද) උපාදානය දිගටම තිබෙනු ඇති අතර, එය රහත්වීමේ දී නිරුද්ධ වී යනු ඇත. කාම උපාදාන පවත්නා හෙයින් [B]සෝවාන් පුද්ගලයාට කාමභෝගී ගිහි දැහැමි ජීවිතයක් ගත කිරීමට බාධාවක් නොමැත.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සෝවාන් ඵලයට පත් වූ කෙනා තුළ තිබෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව වන සත්‍ය ඤාණයයි. දුක වනාහි ආර්ය සත්‍යයකි. එනම් ඉපදීම දුකකි. ජරාවට පත්වීම දුකකි. රෝග, පීඩා වැළැඳීම දුකකි. මරණයද දුකකි. අපි‍්‍රයයන් හා එක්වීමද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීමද දුකකි. කැමතිවන්නා වූ යමක් නොලැබීමද දුකකි. සැකවින් කීවොත් පංච උපාදානස්කන්ධයම දුකකි. යන්න ගැන ඔහු අවබෝධ කරගෙන තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දුකේ හට ගැනීම වනාහි ආර්ය සත්‍යයකි. පුනර්භවය ඇති කරවන, ඒ ඒ තැන ඇල්ම ඇති කරවන, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යන ත්‍රිවිධ තණ්හාවෙන් එම දුක හටගන්නේ ය යන කරුණා ඔහු අවබෝධ කරගෙන තිබේ. දුක් නැතිවීම වනාහි ආර්ය සත්‍යයකි. එම ත්‍රිවිධ තෘෂ්ණාවම ඉතිරි නොකොට, සදහටම නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ වී යන්නේ ය. යන කරුණ ඔහු අවබෝධ කරගෙන තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දුක් නැතිවීම පිණිස ඇති ප්‍රතිපදාව වනාහි ආර්ය සත්‍යයකි. ඒ ත්‍රිවිධ තණ්හාව නිරුද්ධ වීම පිණිස පවත්නා වූ එකම වැඩපිළිවෙලක් තිබේ. එනම් ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්ය යන්න ඔහු අවබෝධ කරගෙන තිබේ. “සෝතාපන්න” යන වදනේ තේරුම් දෙකකි. පළමුවැන්න “ශ්‍රෝත” එනම් වේගවත් සැඬ දිය පහරක් නොනැවතී මුහුද වෙත ගලා යන්නාක් මෙන්, නිවන කරාම යන බැවින්, ඒ හා සමානය යන තේරුමයි. දෙවැන්න “සෝත” යනු ආර්යඅෂ්ටාංගික මාර්ගයට නමක් හෙයින්, ඊට සිත, කය, වචනය යන තුන් දොරින්ම පිළිපන් (ආපන්න) යන තේරුමයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සෝවාන් පුද්ගලයා තුළ සෝතාපත්ති, අංග 4 ක් පිහිටයි. එනම්, ඔහු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මුල්බැසගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. ශ්‍රී සද්ධර්මය කෙරෙහි මුල් බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත් කිසි ලෙසකින් සෙලවිය නොහැකි ය. මගඵල ලාභී ශ්‍රාවක සඟරුවන කෙරෙහි මුල්බැස ගත් ශ්‍රද්ධාව කිසිවෙකුටත්, කිසිලෙසකින් සෙලවිය නොහැකි ය. එමෙන්ම ඔහු තුළ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග තුළ පිහිටන පරිදි ආර්ය කාන්ත පංච ශීලයද සුරක්ෂිත වේ. එමෙන්ම පංචානෙන්තරිය පාප කර්මයන් සිදු කරනු ලැබීම හෝ නියත මිථ්‍යා දෘෂ්ටියට හසුවීම කිසිලෙසකින් සෝවාන් ඵල ලාභී පුද්ගලයා අතින් සිදුනොවේ. ඔහු සතර අපායෙන් සදහටම නිදහස් වූ කෙනෙකි. (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය = සතර අපාය)[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මංමුලා නොවන ඔහු භවයෙහි කෙතෙරම් පමා වූවද, කිසිසේත් අටවන භාවයකට නොගොස් නියත වශයෙන්ම රහත්ව පිරිනිවන් පානු ඇත. බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලය සක්විති රජකමටත් වඩා උතුම් බැව් පැවැසුවේ, එබැවිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එනම් ඔහු නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර අපාය යන සතර අපායෙන් සදහටම නිදහස් වූ අයෙකු වන බැවිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සත්පුරුෂයන් ධර්මයේ හැසිරෙද්දී පී‍්‍රතිය වැනි උපක්ලේශයන්ට හසුවී තමන් සෝවාන්ව ඇතැයි නොරැවටිය යුතු ය. ධෛර්ය අත්නොහැර ප්‍රගුණ කරන සාධු ධර්ම පිරිපුන් මනුෂ්‍යයාට සෝවාන් වීම එනම් නොපිරිහෙන ඵලයට පත්වීම, ඉතා දුර නොවනු නියත ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom