‘‘බුද්ධිමත් ජනතාව පොහොට්ටුව දිනවනවා‘

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයේදී අද සවස සිදු කෙරිණි.

    ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා සදහන් කර සිටියේ , ගම්පහ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීමත් සමග දිවයිනෙහි පොදුජන පෙරමුණ තරඟ කරන සියලුම පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් බවත් මෙම ආයතන සියල්ලෙහිම ජයග්‍රහණය නියත බවත්ය.

    මැතිවරණය නොපැවැත්වෙන බවට ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන තත්ත්වයත් , විදුලිබිල සහ බදු වැඩි කිරීම මෙන්ම දරාගත නොහැකි ජීවන බර හමුවේ පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ හැකිවේද යන්න මෙහිදී මාධ්‍යවේදීන් විමසු අතර ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ , ඡන්දයෙන් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති පක්ෂ විසින් මැතිවරණය නොපැවැත්වෙන බව ප්‍රචාරයක් ගෙන යන බවත් විදුලි බිල , බදු වැඩිවූවද මෙය තේරුම් ගත හැකි රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව විශ්වාස බවත්ය.

    ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට බස්නාහිර සහ සබරගමුව පළාත් සභා සභාපතිවරුන්වන සුනිල් විජේරත්න, කාංචන ජයරත්න, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා ගුණවර්ධන සහ මිලාන් ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු තරඟ කරන පළාත් පාලන සභිකයින් පිරිසක්ද එක්ව සිටියහ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම හිතුවේ දැන් පොහොට්ටුව පිපිලා, පරවෙලා ගිහිල්ලා කියලයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    බයිසිකලෙත් දිනවපු තැරි බයියො හෙලිකොට්ටරේට නොදුන්නොත් තමයි පුදුමෙ
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගම්පහ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීමත් සමග දිවයිනෙහි පොදුජන පෙරමුණ තරඟ කරන සියලුම පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් බවත් මෙම ආයතන සියල්ලෙහිම ජයග්‍රහණය නියත බවත්ය.