‘A little from the English Language -5’ STUDY & SPEAK IN ENGLISH

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    ඉන්ගිරිසි බස ඉගෙනීමට අපහසු බසක් නොවේ.ඒත් හැම දේටම වගේ ඒ සඳහාත් උනන්දුවක් හා කැප වීමක් අවශ්යයි.ඉතින් අපිත් උත්සාහ කරලා බලමු.
    සමාජයකට බසක් වැදගත් වන්නේ අවශ්යතා පිළිබඳ තොරතුරු සන්නිවේදනය සඳහායි.
    තොරතුරු කියන්නේ වාක්ය.වාක්ය හදන්නට වචන අවශ්යයයි. වචන හදන්නට අකුරු අවශ්යයයි.
    ඒ නිසා ඒ කී හැම දෙයක්ම හරිම වැදගත් බව කිසිවිට අමතක කරන්නට එපා.
    Making questions. - ප්රශ්න සෑදීම

    What – (වට් )ඇයි/මොකද Who – (හූ) කවුද Whose – (හූස්) කාගෙද How – (හව්) කොහොමද/කෙසේද
    What / who/whose/how යන ප්රශ්න සෑදීමේ වචන ගැන මුලින්ම බලමු.
    What is your name? What is that? What is your age? What is your favourite sport?
    Who is that gentleman? Who is your class teacher? Who did this lesson? Who is going to be the monitor of this new class?
    Whose voice is this? Whose book is this? Whose house is that? Whose is this?
    How are you? How old are you? How is that car? How about your lunch today?
    දැන් ඔබේ වාරය.
    1) ඉන්ගිරිසි වාක්ය වෙනම සටහන් කර ගන්න.
    2) ඒ ප්රශ්න වලට ඉන්ගිරිසියෙන් පිළිතුරු දෙන්නට උත්සාහ කරන්න.වරදින්න පුළුවන්.ඒ වුනාට උත්සාහය වැදගත්.
    3) දී ඇති වැකි මව් බසට පෙරලන්න.
    (ඊළඟ පාඩමෙන් හමු වෙමු.උත්සාහයයි වැදගත්.)