Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?”

මට ටිකකට කලින් ආපූ ඇමතුමකට ප්‍රතිචාර දක්වපු ගමන් එහා පැත්තෙන් කතා කරපු කෙනා ඇහුවා.

“ම්ම් නෑ මං ඇහුවේ නෑනේ...”

මට ඇත්තටම අදාළ කෙනාගේ ප්‍රතිඵල අහන්න බැරි උනා. කොහොමත් සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා මං එහෙම දේවල් කිව්වොත් මිසක් අහන්නෑ. හේතුව තමයි මගෙන් කෙනෙක් එහෙම අහන එක මට ප්‍රශ්නයක් නොවුණට තව කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියලා මං දන්නවා.

“එකක් ෆේල් ලූ...”

“අනේ එහෙම ද ?”

මට ඇත්තටම ඒ කෙනා ගැන දැනුනේ දුකක් වගේම පුදුමයක්. හේතුව එයා දක්ෂයි. ඒත් කොහේ හරි තැනක වරදින්න ඇති.

“ඔව් අනේ... මං මේ දැන් එයාලා ගෙදරට කතා කරා ”

“ගෙදරට ?”

“ඔව් අනේ එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. ඒ නිසා ගෙදරට ගත්ත. තාත්තා කතා කරේ. එයාගේ රිසාල්ට් අහලා අපේ පුංචිගේ දුවගේ රිසාල්ට් එකත් කියලම ෆෝන් එක තිබ්බා...”

ඒ ටික ඇහුවාම මට ඇත්තටම හිතුනේ සමහර දේවල් ගැන මිනිස්සු මොන තරම් නම් සංවේදී නැද්ද කියලා.

ඇත්තටම ඒ ඇමතුම අදාළ පුද්ගලයව කොයිතරම් රිදවන්න ඇතිද ? සමහර විට මගේ යාලුවා අර නංගිට රිද්දන්න හිතාගෙන අහන්න නැතුව ඇති. හැබැයි ඒක එහෙම වෙන්න පුලුවන් නේ කියලා හිතන්නත් එයාට අමතක වෙලා.

ඔතෙන්දි විතරක් නෙවෙයි එහෙම වෙන තැන් මං තව ඕනේ තරම් දැකලා තියෙනවා. මිනිස්සු කිසිම සංවේදී බවකින් තොරව අනිත් අයව ප්‍රශ්න කරනවා.

මං දන්නෑ ඇයි එයාලට තේරුම් ගන්න බැරි එහෙම අහන එක අනිත් කෙනාට බලපෑමක් වෙන්න පුලුවන් කියන එක.

• අවුරුදු තුන හතරකට කලින් මගේ තාත්තගේ හොඳම යාලුවෙක් ලංකාව අතෑරලා පිටරට පදිංචියට ගියා. එයාලට යන්න ප්‍රධානම හේතුව උනේ එයාලට බබාලා නැති එක.

එයාලා බැඳලා අවුරුදු කිහිපයක් ගත වෙලා තිබුණ නිසා මුණගැහෙන හැමෝම නිතරම අහන ප්‍රශ්නේ බබාලා ගැන. අවසානේ එයාලා දෙන්නටම තදබල මානසික ආතතියකට මූණ දෙන්න උනා. ඒ නිසා එයාලා ලංකාව අතෑරලා ගියා.

“තාම බබාලා නැද්ද ?”

ඒක හරි චූටී ප්‍රශ්නයක් තමයි හැබැයි ඒක ඇතුලේ තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වය රැඳිලා තියෙනව. ඉතින් එහෙම ප්‍රශ්න අහන්න කලින් ටිකක් සංවේදී උනා නම්. එහෙම උනා නම් තව කෙනෙක්ගේ හිත රිදෙන එක හරි නැති වෙයි.

• අවුරුද්දකට විතර කලින් මගේ තාත්තා අසනීප වෙනවා සෑහේන්න බරපතළ විදිහට. මං හොඳටම කඩාගෙන වැටෙනවා. හැබැයි මට ඒක පෙන්නන්න විදිහක් නෑ. මොකද මං දන්නවා මං අඬලා වැලපිලා වැටුනොත් ගෙදර සේරම කඩාගෙන වැටෙනවා.

ඉතින් මං තනියම තීරණය කරනවා. මං අඬන්නෑ කියලා. කොහොම හරි මං මාව හයිය කරගෙන ඒ වෙලාවේ කරන්න ඕනේ වැඩ ටික කරනවා.

“තාත්තා අයි සී යූ කියලා ඔයාට ගානක් නෑ නේද ?”

කෙනෙක් මගෙන් එහෙම අහනවා. ඒ තප්පරේ මට දැනුන වේදනාව මෙහෙම ලියලා ඉවර කරන්න අමාරුයි. ඒත් මං මුකුත්ම කිව්වේ නෑ. හිනාවෙලා කතාව මගෑරියා. කෙනෙක්ව එහෙම ප්‍රශ්න කරන එක අනිත් අයට හරිම ලේසී. හැබැයි ඒක දරාගන්න උත්තර හොයන මනුස්සයට ඒක හරි අමාරුයි.

මගෙන් ඒ ප්‍රශ්නේ අහපු කෙනා සංවේදී උනා නම් එයාට හිතෙන්න තිබ්බා එයා එහෙම ඇහුවාම මට රිදෙනවා කියලා.

• “ඇයි හැමෝම මගෙන් තාත්තා ගැන අහන්නේ ?...”

කාලෙකට කලින් නංගී කෙනෙක් මගෙන් එහෙම ඇහුවේ ඇස් වල කඳුලුත් පුරවගෙන. ඇත්තටම ඒ ප්‍රශ්නේට දෙන්න තිබ්බ උත්තරේ උන්ට පිස්සු කියලා තමයි.

ඒ නංගිගේ තාත්තයි අම්මයි දික්කසාද වෙලා ඉන්නේ. එයා ඉන්නේ අම්මා ළඟ. සමහර මිනිස්සු ඒක හොඳාකාරවම දැනගෙනම එයාගෙන් ඒ ප්‍රශ්නේ අහනවා.

සාමාන්‍යයෙන් එයා ඒකට දෙන උත්තරේ තමයි ‘තාත්තා නෑ...’ හැබැයි සමහර අය එතනින් එහාට කතාව නවත්තන්නෙත් නෑ. එතනින් එහාට,

“තාත්තට මොකද උනේ ?”

“ඇයි තාත්තා නැත්තේ ?”

“ඔයාට පාලූ නැද්ද තාත්තා නැතුව ?”

වගේ ප්‍රශ්නත් ඇහුවාම තමයි සම'හරක් මිනිස්සුන්ට සැනසීමක් දැනෙන්නේ.

“මිනිස්සූ එහෙම තමයි නංගී එයාලා ප්‍රශ්න කරන්න හරි ආසයි. ඔයා ඕවාට හිත රිද්දගන්න එපා ”

මං එහෙම කියලා ඒ නංගිගේ හිත හැදුවට ඔය ප්‍රශ්න ආයේ ආයේ ඇහෙන ගානේ ඒ දරුවගේ හිත නොරිදෙනවා කියලා හිතන්න පුලුවන් ද ?

එහෙම ප්‍රශ්න අහන මිනිස්සු සංවේදී උනා නම් එහෙම වේදනාවක් දැනෙන එකක් නෑ නේද ?

කෙනෙක්ගෙන් එයාගේ ජීවිතේ දෙයක් ගැන ප්‍රශ්න කරන්න කලින් දෙපාරක් හිතන්න එතන ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට කොහොම දැනෙයිද කියලා. විශේෂයෙන්ම අපි හරියට නොදන්න කෙනෙක්ගෙන් එයාගේ පෞද්ගලිකත්වය ගැන ප්‍රශ්න කරන්න එපා. ඒකෙන් වෙන්නේ අපි සංවේදී නැති වෙලා අනිත් කෙනාට රිදවන්න තියෙන අවස්තාව වැඩි වෙන එකයි.

ලෙඩක් ගැන, දරුවෙක් ගැන, විවාහය ගැන, රැකියාව ගැන, පවුල ගැන කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න , කෙනෙක්ට උපදෙස් දෙන්න කලින් සංවේදී වෙන්න ඉගෙන ගන්න.

“මම මේක ඇහුවොත් / කිව්වොත් අනිත් කෙනාගේ හිත රිදෙයිද ?”

එක තප්පර භාගයක් අරන් එහෙම හිතලා බලන්න. එහෙම උනොත් සෑහේන්න දුරට අපි අතින් කෙනෙක්ගේ හිත රිදෙන එක අඩුවෙයි.

කෙනෙක් කොයිතරම් සාර්තක ජීවිතයක් ගත කරත් වැඩක් නෑ වෙන කෙනෙක්ගේ අසාර්ථක ජීවිතයක් හෑල්ලුවට ලක් කරන්න තමන් උදාහරණයක් වෙනවා නම්.

පරමාදර්ශයක් වෙන්න හැබැයි අනිත් අයට නොරිදෙන්න!

තමන්ට තියෙන දෙයක් ඒ දේ නැති කෙනෙක්ට පෙන්නලා රිද්දන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඔබ ඔබව පෙන්නන්න හැබැයි අනෙකාට නොරිදෙන්න එය කරන්න සංවේදී වෙන්න.

ඉතින් සංවේදී වෙන්න. පුලුවන් තරම් මිනිස්සුන්ට හිනාවක් වෙන්න උත්සාහ කරන්න වේදනාවක් නොවී.

මේ ජීවිතේ හරිම කෙටි. මේ ගෙවෙන දවස් වල හැටියට ඊළඟ තප්පරේ පවා අවිස්වාසයි.

ඒ නිසා පුලුවන් හැමතැනකදිම උපරිම සංවේදී වෙන්න!

ඒ වගේම ඔබට සංවේදී නොවෙන අය ගැන අමනාප වෙලා ඔබේ හිත රිද්දා නොගෙන හිනාවකින් අතාරින්න.

මොකද අමනාපකම් තියාගන්නත් අපිට ලැබෙන කාලේ මදි. ඒ නිසා හිනාවෙන්න සතුටින් සැනසීමෙන් ඉන්න ජීවිතේ තප්පර පරිස්සමින් පරිහරණය කරන්න!

-තාරා-

[QUOTE="salitha22, post: 26386539, member: 525534"] “ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?” මට ටිකකට කලින් ආපූ ඇමතුමකට ප්‍රතිචාර දක්වපු ගමන් එහා පැත්තෙන් කතා කරපු කෙනා ඇහුවා. “ම්ම් නෑ මං ඇහුවේ නෑනේ...” මට ඇත්තටම අදාළ කෙනාගේ ප්‍රතිඵල අහන්න බැරි උනා. කොහොමත් සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා මං එහෙම දේවල් කිව්වොත් මිසක් අහන්නෑ. හේතුව තමයි මගෙන් කෙනෙක් එහෙම අහන එක මට ප්‍රශ්නයක් නොවුණට තව කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියලා මං දන්නවා. “එකක් ෆේල් ලූ...” “අනේ එහෙම ද ?” මට ඇත්තටම ඒ කෙනා ගැන දැනුනේ දුකක් වගේම පුදුමයක්. හේතුව එයා දක්ෂයි. ඒත් කොහේ හරි තැනක වරදින්න ඇති. “ඔව් අනේ... මං මේ දැන් එයාලා ගෙදරට කතා කරා ” “ගෙදරට ?” “ඔව් අනේ එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. ඒ නිසා ගෙදරට ගත්ත. තාත්තා කතා කරේ. එයාගේ රිසාල්ට් අහලා අපේ පුංචිගේ දුවගේ රිසාල්ට් එකත් කියලම ෆෝන් එක තිබ්බා...” ඒ ටික ඇහුවාම මට ඇත්තටම හිතුනේ සමහර දේවල් ගැන මිනිස්සු මොන තරම් නම් සංවේදී නැද්ද කියලා. ඇත්තටම ඒ ඇමතුම අදාළ පුද්ගලයව කොයිතරම් රිදවන්න ඇතිද ? සමහර විට මගේ යාලුවා අර නංගිට රිද්දන්න හිතාගෙන අහන්න නැතුව ඇති. හැබැයි ඒක එහෙම වෙන්න පුලුවන් නේ කියලා හිතන්නත් එයාට අමතක වෙලා. ඔතෙන්දි විතරක් නෙවෙයි එහෙම වෙන තැන් මං තව ඕනේ තරම් දැකලා තියෙනවා. මිනිස්සු කිසිම සංවේදී බවකින් තොරව අනිත් අයව ප්‍රශ්න කරනවා. මං දන්නෑ ඇයි එයාලට තේරුම් ගන්න බැරි එහෙම අහන එක අනිත් කෙනාට බලපෑමක් වෙන්න පුලුවන් කියන එක. • අවුරුදු තුන හතරකට කලින් මගේ තාත්තගේ හොඳම යාලුවෙක් ලංකාව අතෑරලා පිටරට පදිංචියට ගියා. එයාලට යන්න ප්‍රධානම හේතුව උනේ එයාලට බබාලා නැති එක. එයාලා බැඳලා අවුරුදු කිහිපයක් ගත වෙලා තිබුණ නිසා මුණගැහෙන හැමෝම නිතරම අහන ප්‍රශ්නේ බබාලා ගැන. අවසානේ එයාලා දෙන්නටම තදබල මානසික ආතතියකට මූණ දෙන්න උනා. ඒ නිසා එයාලා ලංකාව අතෑරලා ගියා. “තාම බබාලා නැද්ද ?” ඒක හරි චූටී ප්‍රශ්නයක් තමයි හැබැයි ඒක ඇතුලේ තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වය රැඳිලා තියෙනව. ඉතින් එහෙම ප්‍රශ්න අහන්න කලින් ටිකක් සංවේදී උනා නම්. එහෙම උනා නම් තව කෙනෙක්ගේ හිත රිදෙන එක හරි නැති වෙයි. • අවුරුද්දකට විතර කලින් මගේ තාත්තා අසනීප වෙනවා සෑහේන්න බරපතළ විදිහට. මං හොඳටම කඩාගෙන වැටෙනවා. හැබැයි මට ඒක පෙන්නන්න විදිහක් නෑ. මොකද මං දන්නවා මං අඬලා වැලපිලා වැටුනොත් ගෙදර සේරම කඩාගෙන වැටෙනවා. ඉතින් මං තනියම තීරණය කරනවා. මං අඬන්නෑ කියලා. කොහොම හරි මං මාව හයිය කරගෙන ඒ වෙලාවේ කරන්න ඕනේ වැඩ ටික කරනවා. “තාත්තා අයි සී යූ කියලා ඔයාට ගානක් නෑ නේද ?” කෙනෙක් මගෙන් එහෙම අහනවා. ඒ තප්පරේ මට දැනුන වේදනාව මෙහෙම ලියලා ඉවර කරන්න අමාරුයි. ඒත් මං මුකුත්ම කිව්වේ නෑ. හිනාවෙලා කතාව මගෑරියා. කෙනෙක්ව එහෙම ප්‍රශ්න කරන එක අනිත් අයට හරිම ලේසී. හැබැයි ඒක දරාගන්න උත්තර හොයන මනුස්සයට ඒක හරි අමාරුයි. මගෙන් ඒ ප්‍රශ්නේ අහපු කෙනා සංවේදී උනා නම් එයාට හිතෙන්න තිබ්බා එයා එහෙම ඇහුවාම මට රිදෙනවා කියලා. • “ඇයි හැමෝම මගෙන් තාත්තා ගැන අහන්නේ ?...” කාලෙකට කලින් නංගී කෙනෙක් මගෙන් එහෙම ඇහුවේ ඇස් වල කඳුලුත් පුරවගෙන. ඇත්තටම ඒ ප්‍රශ්නේට දෙන්න තිබ්බ උත්තරේ උන්ට පිස්සු කියලා තමයි. ඒ නංගිගේ තාත්තයි අම්මයි දික්කසාද වෙලා ඉන්නේ. එයා ඉන්නේ අම්මා ළඟ. සමහර මිනිස්සු ඒක හොඳාකාරවම දැනගෙනම එයාගෙන් ඒ ප්‍රශ්නේ අහනවා. සාමාන්‍යයෙන් එයා ඒකට දෙන උත්තරේ තමයි ‘තාත්තා නෑ...’ හැබැයි සමහර අය එතනින් එහාට කතාව නවත්තන්නෙත් නෑ. එතනින් එහාට, “තාත්තට මොකද උනේ ?” “ඇයි තාත්තා නැත්තේ ?” “ඔයාට පාලූ නැද්ද තාත්තා නැතුව ?” වගේ ප්‍රශ්නත් ඇහුවාම තමයි සම'හරක් මිනිස්සුන්ට සැනසීමක් දැනෙන්නේ. “මිනිස්සූ එහෙම තමයි නංගී එයාලා ප්‍රශ්න කරන්න හරි ආසයි. ඔයා ඕවාට හිත රිද්දගන්න එපා ” මං එහෙම කියලා ඒ නංගිගේ හිත හැදුවට ඔය ප්‍රශ්න ආයේ ආයේ ඇහෙන ගානේ ඒ දරුවගේ හිත නොරිදෙනවා කියලා හිතන්න පුලුවන් ද ? එහෙම ප්‍රශ්න අහන මිනිස්සු සංවේදී උනා නම් එහෙම වේදනාවක් දැනෙන එකක් නෑ නේද ? කෙනෙක්ගෙන් එයාගේ ජීවිතේ දෙයක් ගැන ප්‍රශ්න කරන්න කලින් දෙපාරක් හිතන්න එතන ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට කොහොම දැනෙයිද කියලා. විශේෂයෙන්ම අපි හරියට නොදන්න කෙනෙක්ගෙන් එයාගේ පෞද්ගලිකත්වය ගැන ප්‍රශ්න කරන්න එපා. ඒකෙන් වෙන්නේ අපි සංවේදී නැති වෙලා අනිත් කෙනාට රිදවන්න තියෙන අවස්තාව වැඩි වෙන එකයි. ලෙඩක් ගැන, දරුවෙක් ගැන, විවාහය ගැන, රැකියාව ගැන, පවුල ගැන කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න , කෙනෙක්ට උපදෙස් දෙන්න කලින් සංවේදී වෙන්න ඉගෙන ගන්න. “මම මේක ඇහුවොත් / කිව්වොත් අනිත් කෙනාගේ හිත රිදෙයිද ?” එක තප්පර භාගයක් අරන් එහෙම හිතලා බලන්න. එහෙම උනොත් සෑහේන්න දුරට අපි අතින් කෙනෙක්ගේ හිත රිදෙන එක අඩුවෙයි. කෙනෙක් කොයිතරම් සාර්තක ජීවිතයක් ගත කරත් වැඩක් නෑ වෙන කෙනෙක්ගේ අසාර්ථක ජීවිතයක් හෑල්ලුවට ලක් කරන්න තමන් උදාහරණයක් වෙනවා නම්. පරමාදර්ශයක් වෙන්න හැබැයි අනිත් අයට නොරිදෙන්න! තමන්ට තියෙන දෙයක් ඒ දේ නැති කෙනෙක්ට පෙන්නලා රිද්දන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඔබ ඔබව පෙන්නන්න හැබැයි අනෙකාට නොරිදෙන්න එය කරන්න සංවේදී වෙන්න. ඉතින් සංවේදී වෙන්න. පුලුවන් තරම් මිනිස්සුන්ට හිනාවක් වෙන්න උත්සාහ කරන්න වේදනාවක් නොවී. මේ ජීවිතේ හරිම කෙටි. මේ ගෙවෙන දවස් වල හැටියට ඊළඟ තප්පරේ පවා අවිස්වාසයි. ඒ නිසා පුලුවන් හැමතැනකදිම උපරිම සංවේදී වෙන්න! ඒ වගේම ඔබට සංවේදී නොවෙන අය ගැන අමනාප වෙලා ඔබේ හිත රිද්දා නොගෙන හිනාවකින් අතාරින්න. මොකද අමනාපකම් තියාගන්නත් අපිට ලැබෙන කාලේ මදි. ඒ නිසා හිනාවෙන්න සතුටින් සැනසීමෙන් ඉන්න ජීවිතේ තප්පර පරිස්සමින් පරිහරණය කරන්න! -තාරා- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom