“කවසකි”

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොවිඩ් 19 වෛරසය සමග ලොව රටවල් කිහිපයක කුඩා දරුවන් අතර වාර්තා වූ “කවසකි” රෝගය මෙරට ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරනවා. වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට මෙම මෙම රෝග තත්වය බලපාන බැවින් දෙමාපියන් හොද අවබෝධයකින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    දින 05 කට වඩා වැඩි කාලයක් උණ, සිරුරේ රතු ලප ඇතිවීම, බෙල්ලේ වසා ගැටිති ඉදිමීම, දිව ස්ට්‍රොබරි ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වීම සහ ඇස් රතුවීම මෙම රෝගයේ මුලික රෝග ලක්ෂණ බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහතා මෙලෙස ප්‍රකාශ කළා.

    ''සාමාන්‍යයෙන් වසරකට “කවසකි” රෝගය ආසාදනය වූ රෝගීන් 50 ක් 100ක් අතර ප්‍රමාණයක් මෙරටින් වාර්තා වනවා. නමුත් කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය සමග කවසකි කියන මෙම රෝගය කුඩා ළමුන් අතර ව්‍යාප්තවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති වෙලා තිබෙනවා කියලා විදේශ රටවලින් වාර්තා වෙලා තිබෙනවා. කොවිඩ් වසංගතයට ගොදුරුවූ ළමුන් පසුව මෙම රෝග තත්ත්වයට මුහුණ දෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මෙම රෝගය 1967 වර්ෂයේදී ජපානයෙන් පළමුව වාර්තා වුනේ. එමෙන්ම මේක ස්වයං ප්‍රතිදේහ රෝගයක් කියලයි හඳුනා ගෙන තියෙන්නේ. ඒ නිසා දරුවන් සිටින දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන හොඳ අවබෝධයකින් සිටීම වැදගත්. ඒ නිසා මේ ඉහත කියූ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පිළිගත් රෝහලක ළමා රෝග විශේෂඥයෙක්ට පෙන්වීම වැදගත්.

    මෙම රෝගය සමහර ළමුන්ට ඇතිවෙලා දින කිහිපයක් ගත වෙන කොට එය ඔවුන්ගේ හෘද වස්තුවේ ධමනි වලට බලපෑම් එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඇතැම් අවස්ථාවල දරුවන් අඩු වයසින් හෘදයාබාධ වලට ගොදුරු වෙලා මියයන්න හේතුවත් මෙම කවසකි රෝගයයි. මේ රෝගයට ගොදුරු වූ ළමුන් දැනටත් අපේ සායන වලට පැමිණෙනවා ”
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මගෙත් ඊයේ ගත්තු ලේ රිපොර්ට් එකේ WBC අගය වැඩිවෙලා. ඒ කියන්නේ ඉන්ෆෙක්ශන් එකක් හරි ඇලර්ජික් එකක් තියනවා
     
    • Wow
    Reactions: hichchiputha