Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය- නන්දන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය- නන්දන

මත්ද්‍රව්‍ය වලින්, දුෂණයෙන් තොර දැහැමි, පිරිසිදු, ප්රජාතන්ත්රවාදි රටක් ගොඩනගමු !! ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැඟීම සඳහාත් එය ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහාත් ඉතා ප්රමුඛ කාර්භාරයක නියැලුන මා ඉන් පෙර හා පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකෙයකු ලෙසත් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසුව ජාතික නිදහස් පෙරමුණ ගොඩනැඟීමට හවුල් වෙමින් එහි ප්‍රධාන ලේකම් වරයා ලෙසත්,ඉන්පසුව 2010 ජනවාරියේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “සාමාජිකයෙකු” ලෙසත් දීර්ඝ දේශපාලන ගමනක නියැලෙන්නේ, ඔබද ඔබේ “මහින්ද චින්තනයේ” ලේඛන ගත කල පරිදි “ තිරසාර සෙනෙහසින් පිරුණු රටක් ” ගොඩනැගිම වෙනුවෙනි. ඔබ ඔබේ මහින්ද චින්තනය හරහා ප්‍රථම අදියරේ සාපේක්ෂ වෙනස්කම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට ප්රයත්න දැරුවද ඔබේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ලෙස, දෙවන අදියර අරඹන්නේ අන් කවරකටත් වඩා “පවුලේ බල පරාක්‍රමය” රැකගැනීමේ සහ තහවුරු කිරීමේ නිර්ලජ්ජිත මහා මෙහෙයුමක් ලෙසිනි.

මහින්ද චින්තනයේ තේමා පාඨය වැනි වූ “ මේ ගහ කොළ , මේ පොළව ඔබගේය , එහෙත් ඒ සියල්ල ඔබ වෙනුවෙන් පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන් ද රැකිය යුතුය. පාලකයා යනු ඔබගේ දරුවන්ගේ උරුමයේ හිමිකරුවා නොව තාවකාලික භාරකරුවාය ” යන්න බරපතල ලෙස උල්ලංඝනය කරමින් ඔබ ඔබගේ පවුල් ගස සහ ඔබේ නෑහිතමිතුරන්ගේ පවුල් ගස්, පවුල් වනාන්තර බවට පත් කරමින් සිටී. ඒ අතර ඔබට මත වාදීව හා සංවිධානමය ලෙස අභියෝග කල අය අතරින් සමහරෙකුට මේ වන විට හිමිව ඇත්තේ අතුරුදහන් වීම හෝ රට අතහැර යෑම හෝ යන්න තවදුරටත් රහසක් නොවේ. දකුණේ හෝ උතුරේ දැන් ඇහැට පෙනෙන මිනී කඳු ගොඩගැහෙන්නේ නැති වුවද තුවක්කු සහ වාහන මෙහෙයුම් හරහා සැමකෙකුම ස්වයංවාරණයට පලා යැවෙන බියජනක මානසිකත්වයක් අනියමින් ගොඩනැඟීමට ඔබ ක්‍රියා කල අතර තව දුරටත් එසේ ක්‍රියා කරමින් සිටී.

1989 න් පසු ජීවිතය පිළිබඳව බෝනස් කාලයක් ගෙවා දමමින් සිටින මම මේ කාරණා දැන දැනම ඔබ සමඟ සිටියේ ඔබේ ක්‍රියාවලියට එකඟ වීම නිසා හෝ බියවීම නිසා නොව, මෙම දුෂ්ඨත්වය බිඳ දැමීම සඳහා කාලය නිර්මාණය කර ගත යුතුව තිබූ බැවිණි.

හිටපු සභාපති - එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ප්‍රධාන ලේකම් - ජනතා විමුක්ති පෙරමුණ, හිටපු ප්‍රධාන ලේකම් - ජාතික නිදහස් පෙරමුණ, හිටපු පලාත් සභා මන්ත්‍රි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, හිටපු කැබිනට් අමාත්‍ය (සංවාරක කටයුතු,තැපල් හා විදුලි සංදේශ), වත්මන් නගරාධිපති - පානදුර නගර සභාව, සභාපති - ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ඔබ සහ ඔබේ පාලනය, සියළු මිනිස් යහගුණයන් විනාශ කරමින් යහපාලනය හා ප්රජාතන්ත්රවාදය හුදු සංකල්පාර්ථයන් පමණක් බවට පත් කරමින්, රටේ ආර්ථිකය ලුම්පන් / පාදඩ ආර්ථිකයක් බවට පත්කරමින්, ණය උගුල තුල නූපන් පරපුරද උගස් කරමින්, කොකේසියන් අධිරාජ්‍යවාදය වෙනුවට මොන්ගෝලියන් අධිරාජ්‍යවාදය තෝරාගනිමින් එයට රට යටත් කරමින්, ගෙන යන මෙම අත්තනෝමතික පාලනය වහා අවසන් කල යුතු යැයි මම විශ්වාස කරමි.

මහින්ද රාජපක්ෂ මැතිතුමණි ,

ඔබ විසින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය මේ මොහොත වන විට රටට ඉතිරි කර ඇත්තේ මොනවාද? දිළිඳුබවේ රේඛාවෙන් පහළට වැටෙනා පුරවැසියන් සංඛ්‍යාව තවත් 20% කින් වර්ධනය කර ඇත. සුළු පරිමාන කර්මාන්ත කරුවන් සහ ව්‍යාපාරිකයන් දිනෙන් දිනම බිඳ වට්ටවමින් ඇත. කෘෂිකර්මාන්තය තවදුර විෂ සහිත හා ලාභ රහිත එකක් බවට පත් කර ඇත. වැවිලි කර්මාන්තය , සුළු අපනයන භෝග, පශු සම්පත් හා ධීවර යන ක්ෂේත්රවල අත්පත් කර දී ඇති ප්‍රගතියක් නැත. එම සමහර ක්ෂේත්‍ර නියත අගාධය කරා ඇද දමමින් පවතී. වස විස සහිත යෙදවුම් වෙනුවට, ස්වභාවික, හිතකර යෙදවුම්, කෘෂිකර්මාන්තය තුල ආදේශ කිරීමට ඔබට උමනාවක් නැත. ඒ ඔබේ බැලයන් එම බහුජාතික සමාගම් වලින් යැපෙන්නන්ව ඇති නිසාය. දේශීය කිරි ගව සම්පත සත්‍ය ලෙස වැඩි දියුණු කර දේශීය කිරි හා කිරි ආහාර කර්මාන්ත වැඩි දියුණු කිරීමට ඔබ ප්‍රමුඛතාව නොදෙන්නේද ඔබේ බැලයන්ට බහු ජාතික සමාගම් වලින් ලැබෙන ආදායම් නැති වී යන නිසාය.

එපමණක් ද නොව, ඔබේ සහ ඔබේ මිත්‍රයන්ගේ අඥාන ක්‍රියාකාරකම් හරහා දෙගුණ තෙගුණ කරගත් මානව හිමිකම් අර්බුදය මගින් අනාගතයේ කැඳවාගෙන ඒමට ඉඩ ඇති ආර්ථික සම්භාදක පිළිබඳ ගැටළුවට මුහුණ දීම සඳහා ආර්ථිකයේ පූර්ව සූදානම් කිරීම් කඩිනමින් කල යුතුව ඇතත් එය කිරීමට ඔබටත් ඔබේ ආර්ථික කේවට්ටයාටත් නොහැකි බව මේ වන විට ඉතා කදිමට ඔප්පු කර තිබේ.

කර්මාන්ත ආදේශක, බලශක්ති ආදේශක, බීජ ආදේශක, පොහොර ආදේශක, කෘෂි රසායන ආදේශක වැනි දෑ පිළිබඳ ඉතා බැරෑරුම්, දූරදර්ශී, හා හදිසි මෙහෙයුමක අවශ්‍යතාව ඇති මේ මොහොතේ එය ඉටුකරනවා වෙනුවට ඔබ කරමින් සිටින්නේ, ප්‍රකෝටි ගණන් ධනය පුද්ගලිකව උපයාගත හැකි මෙහෙයුම් මාර්ග ඔස්සේ, ඊනියා “ආර්ථික සංවර්ධන” ක්‍රියාවලියක නිරත වීමයි.

එමෙන්ම ඔබ විසින් ගොඩනගමින් ඇත්තේ දියුණු ධනපති සමාජ ආර්ථික දේශපාලන හැඩගැස්මක් නොව, ලුම්පන් / පාදඩ/ රස්තියාදුකාර/ දූෂිත ධනපති සමාජ ආර්ථික දේශපාලන හැඩගැස්මකි. ඒ තුල සාමාන්‍ය ජනයා අති බහුතරයකගේ ජීවිත බරපතල ලෙස අඳුරු කර දුර්වල කර ඇත. මිළදී ගැනීමේ හැකියාව අභාග්‍ය සම්පන්න ලෙස පහත හෙලා ඇත. ඔබේ ආර්ථිකය තුල බොහෝවිට ජීවිතය යහපත් කර ගෙන ඇත්තේ, තමන්ට අයත් නැති ධනය කවර ආකාරයකින් හෝ කොල්ලකාගත් අය මිස අන් අය නොවේ.ඔබේ ධනපති පන්තිය ගොඩනැඟී ඇත්තේ, කොමිස්, කොන්ත්‍රාත්, මත්ද්‍රව්‍යය, කැසිනෝ, මිනිස් ජාවාරම්, හොරජාවාරම්, කප්පම් අල්ලස් හා හොරකම් මතින් මිස තරඟකාරී වෙළඳපළ ආර්ථිකය මතින් නොවේ.

ඔබ අපේ රට ආසියාවේ පංච මහා ආශ්චර්යයන් සහිත රට බවට පත්කර ඇත්තේ, ආසියාවේ කුඩු හා මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානය වීම, ආසියාවේ දිවිනසා ගැනීමේ මධ්‍යස්ථානය වීම, ආසියාවේ රට උගස් තැබීමේ මධ්‍යස්ථානය වීම, ආසියාවේ දූෂිතබවේ සහ හොරකමේ මධ්‍යස්ථානය වීම සහ ආසියාවේ ප්රජාතන්ත්ර විරෝධීබවේ සහ අත්තනෝමතිකත්වයේ මධ්‍යස්ථානය වීම යන කූප්රකට කාරණා උපයෝගී කරගෙනය.

මහින්ද මැතිතුමනි,

ඔබට අප රටට අදාලව දියුණු ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් නැත. එදා ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජනපද ගැති වීමෙන් අසල්වාසී ඉන්දියාව තරහා කර ගත්තේය. එහි දුෂ්ඨ ප්‍රතිවිපාක අප අත්වින්දෙමු. දැන් ඔබ චීනය හරහා නැවත එම දෙයම කරමින් සිටී. එපමණක් නොව ණය ගනුදෙනු සහ ඊනියා සංවර්ධන ගනුදෙනු හරහා රට තුල චීන කොළනි ඉදිවීමටද සැලසුම් වෙමින් ඇති අතර අනාගත චීන අධිරාජ්‍යයේ අර්ධ යටත් රාජ්‍යයක් හෝ යටත් රාජ්‍යයක් වීමේ අනතුරටද රට ලක් කර ඇත. ඔබේ මේ අපරිනත රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවය නිසාම චීනයේ “එම්.එස්.එස්.”, ඉන්දියාවේ “රෝ”, පකිස්ථානයේ “අයි.එස්.අයි.” සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ “ සී.අයි.ඒ.” සංවිධානවල ඔත්තුකරුවන් එකවර බඩ පිණුම් ගසන ආසියාවේ ආශ්චර්යමත් රට බවටද අප රට පත් කර ඇත.

මැතිතුමනි,

ඔබ දෙමළ ඊළාම් යුද්ධය අවසන් කලේ ඔබේ තනි හැකියාවෙන් නොවන බව ඕනෑකමින්ම සඟවන්නට උත්සහ දරයි. එය කුහකකමක් මිස අන් යමක් නොවේ. ලාංකීය ජාතික බලවේග විසින් ඔබව ජනාධිපති පුටුවට ඔසවා තැබුවේ නැතිනම් සහ යුද්ධය කල හැකි තැනට අපේ රටේ පොදු ජනතාවගේ හා “නායකයන්ගේ ” මානසිකත්වය ඔසවා තබන්නට අවශ්‍ය කැපකිරීම් නොකලේ නම් ඔබට යුද්ධය කිරීම ගැන හිතන්නටවත් ඉඩ ලැබෙන්නේ නැත. එසේ වූ බව අමතකවීම හෝ අමතක කිරීම පුදුමයට කාරණයක් නොවන්නේ, ඔබ එම ජාතික බලවේගවලට තවදුරටත් සවන් නොදෙන, නොතකාහරින තැනකට වැටී ඇති බව ඔබ විසින් ම ඉතා දුෂ්ඨ ලෙස ප්‍රදර්ශනය කරමින් කරමින් ඇති නිසාය.

අනෙක් අතට යුද්ධය යනු මානව සංහතියට ලැබුන හොඳ දායාදයක් හෝ වටිනා අන් යමක් නොවේ. එය විසින් මෙරටට අත්පත් කර දුන් දේ සහ පැහැර ගත් දේ බොහෝය. යුධ ජයග්රහණයෙන් ප්‍රීති ප්රමෝදයට පත් ඔබ සහ ඔබේ කේවට්ටයන් පිරිස යුධ සමයේ උතුරට සහ පොදුවේ රටට අහිමි වූ දේ පිළිබඳව අවසන් විසඳුමක් සෙවීම සඳහා පරිනත දේශපාලනයක නියැළුනේ නැත. එමෙන්ම ජාතික සහ ජාත්‍යාන්තර විශ්වාසය දිනා ගැනිම සඳහා පරිනත නායකයෙකු වෙමින් කටයුතු කිරීමට ඔබට ලැබී තිබුණ අවස්ථා පැහැර හැරීම නිසා, අද වන විට මානව හිමිකම් අර්බුදයක රට සිර කිරීමේ තර්ජනයක් බිහිකරවා ගෙන ඇති අතර එමඟින් ජාතික ආරක්ෂාවද අනතුරට ලක් කොට ඇත.

මැතිතුමනි,

මෙතෙක් මා සංක්ෂිප්තව කී සමහර දේ තවදුර සවිස්තරාත්මකව කිව යුතු යැයි කල්පනා කරමි. ඔබ ඔබේ මහින්ද චින්තනයෙහි කීවේ “නීතිය, පොලීසිය හා සමාජ ආයතන සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාවේ මත් කුඩු උවදුර වසර 3ක් තුලදී සහ මුලින්ම පිටුදැකීම සඳහා අධිශ්ඨානශීලීව කැප වෙමි.” යනුවෙනි.

මෙසේ කී ඔබ මේ මොහොත වනවිට සමාජය තුල තහවුරු කර ඇත්තේ, මෙකී දුරාචාර මැඩලීමට කටයුතු කරනවා වෙනුවට එසේ කරන්නන් ආරක්ෂා කරන බවකි. ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ඇමැතිවරුන්ද මත්කුඩු හා මත්පැන් ජාවාරම්කරුවන් වන බව ඔබ නොදන්නවා සේ පෙන්වුවද එය මුළු මහත් රටම දනී. පොලීසිය සහ නීතිය තම විධායක බලය යොදා පාලනය කරමින් ඔබ මේ වන විට මත් වතුර සහ මත්කුඩු සඳහා ආසියාවේ ආශ්චර්යමත් මධ්‍යස්ථානය බවට රට පත්කර හමාරය. මැතිතුමනි,

මෙරට අධිකරණ පද්ධතියෙහි තිබූ සාපේක්ෂ ස්වාධීන බවද ඔබ සතු විධායක බලය යොදා ගනිමින් යටපත් කිරීම පිළිබඳ බොහෝ උදාහරණ ඉදිරිපත් කළ හැක. ලජ්ජා සහගත එවැනි බලහත්කාරකමක් වූ “ ශිරාණි බණ්ඩාරනායක නෙරපා හැරීම ” හරහා එය මනාව පෙන්නුම් කෙරිණි. තමන්ට අවශ්‍ය සුවච කීකරු ගෝලයන් ( පෙර සමහර පාලකයන් මෙන්ම) නීතියේ සහ අධිකරණයේ මුල් පුටුවලට රැගෙන එමින්, ඒ හරහා නීතියේ ආධිපත්‍යය තමන් සතු කර ගැනීමට ඔබ ක්‍රියා කර හමාරය.

මෙසේ කලේ කෙටි කාලයක් තුල විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්නට පොරොන්දු වූ ඔබ ය. 1989 රාජ්‍ය භීෂනයෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මහා ඝෝෂාවක් කොට“ මව්පෙරමුණ” හදන්නට ද දායක වී, මානව හිමිකම් ප්‍රශ්න ජීනීවා රැගෙන ගිය සහ (එකල) තරුණ නීතීඥ මහතෙකු වශයෙන් එම උනන්දුව දැක්වූ ඒ මහින්ද රාජපක්ෂ ඔබමදැයි මොහොතකට මා සිත තුල කුකුසක් පැන නගී. ඔබ ඒ මහින්ද රාජපක්ෂ නම් මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය පැවැත්මේ තිබිය යුතු නැත. එහෙත් ඒ වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය තව දුර රැකගැනීමට හා එම ඔටුන්න තම හිසමත දිවි පවතින තෙක්ම පළඳවා ගැනීමට කෑදර වී හා බල ලෝභී වී ඇති ඔබ, මේ සියළු කාරණා හරහා ගොඩනගමින් සිටින්නේ තවත් ජයවර්ධන කෙනෙකු බව දැනටමත් ඔප්පු කර තිබේ. අපේ රටට ජයවර්ධන පන්නයේ තවත් ව්‍යවස්ථානුකූල ඒකාධිපතියෙකු අවශ්‍ය නැත.

මැතිතුමනි,

එපමණක් නොව ඔබත් මාත් ඉතා හොඳින් හඳුනන සමහර මාධ්‍ය මිතුරන් ඔබට බියෙන් , විශ්‍රාමික මිනිසුන් ලෙස රට හැර ගොස් ජීවත් වන බව ඔබ නොදන්නවා නොවේ. මා නින්දට යන සෑම රාත්‍රියකම පාහේ මගේ සිත වේදනාවට පත්වන්නේ 1989 දී අරගලයේදී මරා දැමූ මගේ ආදරණීය සගයන් ගැන සිහිපත් වීමෙන් පමණක් නොවේ “අපේ” ආණ්ඩු කාලයේදී අතුරුදහන් කල සහ මරා දැමූ මාධ්‍ය මිතුරන්ගේ සහ වෙනත් සමාජ ක්රියාකාරීකයන්ගේ පවුල්වල සාමාජිකයන් ගේ හැඬුම්බර, කම්පිත හා බිය වැදුණු මුහුණු විසින්ද මා බරපතල ලෙස කම්පනය කරනු ලබයි. ලසන්ත වික්‍රමතුංග , ප්‍රගීත් එක්නැලිගොඩ මෙන්ම අරගල බිම් වලදි වෙඩි තබා ඝාතනය කරන ලද එඩිතර මිනිසුන්ගේ මුහුණු සිහිපත් වීමෙන්, අප කැමැත්තෙන් ගොඩ නගා ගත් ආණඩුවේ සහ එහි භීෂණයේ තරම සිහිපත් වේ. මේවා කරන ලද්දේ හෝ කරවන ලද්දේ කවුරුන් විසින් දැයි ඔබ නොදන්නේ යැයි මා විශ්වාස කරන්නේ නැත. විටෙක “ සංවේදී නායකයා” යැයි තම ජන මාධ්‍ය හොරණෑ මඟින් තමන්වම හඳුන්වා ගන්නා ලද “ සංවේදී නායකයෙකු” මේ සියල්ලටම බොරුවට හෝ සංවේදී නොවී සිටින්නේ කෙසේද? ඒ අන් කිසිවක් නිසා නොව බල ලෝභය විසින් සංවේදි බව මැඩ පවත්වා දුෂ්ඨත්වය තහවුරුකර ඇති නිසාය.

මැතිතුමනි,

හෙජින් මගඩිය, මිහින් එයාර් ඛේදවාචකය, මත්තල නාස්තිය, සැලසුම් රහිත හම්බන්තොට වරාය, මිග් යානා ගනුදෙනු, නෙරොච්චෝලේ , කෙරවලපිටිය, අධිවේගී මාර්ග , ගුවන් පාලම්, පොදු මාර්ග හා පාලම් ඉඳිකිරීම්, අතයට කොන්ත්‍රාත් ගනුදෙනු , කොමිස් ගැහීම්, ආදී වශයෙන් වූ අතිශය දුෂිත ගනුදෙනු හරහා ප්‍රකෝටි ගණන් ජාතික ධනය කොල්ලැකෑම මගින් ඔබ විසින් අතිශය ධනවත් අතිසුඛෝපභෝගී පවුල් වනාන්තරයක් නිර්මාණය කරගෙන ඇති බව සැබෑ සංවේදී මිනිසුන් ඉතා හොඳින් දනී. අපේ රටේ සුජාත වූ පුතුන්ට ඒ මගින් ඉතිරිකර, හිමි කර දී ඇත්තේ මොනවාද? අපේකෂා භංගත්වය, විරැකියාව, මත්කුඩු , මත්පැන්, රට හැරයෑම සියදිවි නසා ගැනීම යන අභාවාචකයන් පමණි. දෙමාපියන්ට සිදුව ඇත්තේ දරුවන් අහිමි වීම, දරුවන් අත හැර යෑම, දරුවන් සමඟ ගඟට, මුහුදට පැනීම, දරුවන්ට වස දී තමන්ද වස බී දිවි තොර කර ගැනීම වැනි දේ පමණි. අධිවේගී මාර්ගයේ වේගයෙන් ලැම්බෝගිනි පදවන, සාමාන්‍යයෙන් ලුවී විටෝන් ඝනයේ පැළඳුම් පළඳින කුමාරවරු තිදෙනෙකුගේ සංවේදී පියෙකු වන ඔබට, මේ ඛේදවාචකයනට සංවේදී විය නොහැකි බව මම ඉතා හොඳින් දනිමි.

ශ්‍රී.ල.නි.ප. නායකතුමනි,

ශ්‍රී.ල.නි.ප. ය වෙනුවෙන් තම දිවි දෙවෙනි කොට වැඩකල පැරණි නායකයන්ට ඔබ අත් පත් කර දී ඇති උරුමය කුමක්ද? ඒ සඳහා බොහෝ උදාහරණ ඉදිරිපත් කල හැකිව ඇතත් මා එක් උදාහරණයක් පමණක් සඳහන් කරමි. ඒ මගේ දිස්ත්‍රික්කය වන කළුතර දිස්ත්‍රික්කයේ උදාහරණයකි. විටෙක ශ්‍රී.ල නි.ප මහ ලේකම් වරයා වූත් විටෙක පො.එ.පෙ. ආණ්ඩුවේ අග්‍රමාත්‍යයවරයා වූත් රත්නසිරි වික්‍රමනායක මහතාට ඔබ විසින් අත්පත් කර දී ඇති ඉරණම කුමක්ද? ඒ වෙනුවට ඔබ විසින් ඔසවා තබා ඇත්තේ කවුරුන්ද? ඔබට අවශ්‍ය වන්නේ පරිනත, කරදරකාර, සාමාජිකයන් නොව, තමන් කියන කියන පරිද්දෙන් තමන් රිසි ඕනෑම දෙයක් කර දීමට සූදානම්, දූෂිත බවෙන් අගතැන්පත් ප්‍රකෝටිපති “ රත්තරන් ” ලා වැනි දේශපාලන කඳපණුවන් බව ඔබ මේ වන විට ඔප්පු කර හමාරය. මහින්ද රාජපක්ෂ කලකට ඉහතදී මහ ගසක්ව තිබුණේ වී නමුත් දැන් මේ කඳපණුවන් විසින් එම ගසේ කඳ ඇතුලතින් කා දමා අවසන් කරමින් පවතින බව ඔබට සිහිපත් කල යුතු යැයි සිතමි. ඔබ විසින් ඔබේ ආරක්ෂාව සහ උදව්ව සඳහා ලංකර ගත් මේ පාදඩ දේශපාලඥයන් විසින් ඔබව හෙලමින් ඇති අගාධය තේරුම් ගැනීමට අසමත් වීම හෝ තේරුම් ගැනීමට උවමනාවක් නැතිවීම ඔබේ බරපතල වරදකි. අද ශ්‍රී.ල.නි.ප යේ නායකත්වය තවදුරටත් වැදගත් මිනිසුන්ට අයත් නැත. එය කෙමෙන් කෙමෙන් අත්පත් කර ගනිමින් ඉන්නේ ඔබේ ලුම්පන්/ පාදඩ ආර්ථික ක්‍රමයෙන් බිහිකරන ලද පාදඩයින් විසිනි. ශ්‍රී.ල.නි.ප යේ පැරණි නායකයන්ට සිදුවඇත්තේ ඒ දෙස බලමින් සුසුම් ලෑමට පමණි.

මැතිතුමනි,

“බලය විසින් දූෂණය බිහිකරන අතර වැඩි බලය විසින් වැඩි දූෂණය බිහිකරයි”. - ඇන්ටන් සාමි -

අප කවුරුත් දන්නා මේ දේශපාලන කියමන ඔබ විසින් වඩ වඩාත් තහවුරු කලේ,( චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය මෙන්ම ඔබද ) 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ක්‍රියා නොකිරීම හරහාය. පවතින බොහෝ ප්රජාතන්ත්ර විරෝධී කටයුතු සහ දූෂණ ක්‍රියා වලට වැට බැඳීම 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඝෘජු හා වක්‍ර අරමුණු විය. ඒවා බලාත්මක නොකලේ ඒවායේ සීමා කිරීම් වලින් නිදහස් වී දූෂිතවත් අත්තනෝමතිකවත් කටයුතු කිරීම ඔබේ අභිලාශය වූ නිසාය. එමෙන්ම 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔබේ බැලයන් ලවා සම්මත කරවා ගත්තේ ද එම අරමුණ ඔස්සේ කෙසේ හෝ දිවි ඇති තෙක් බලයේ සිටීමේ බල ලෝභී කෑදර උවමනා ව නිසාය. වර්ෂ 1733 දී ආචාර්ය තොමස් මුලර් කීවේ “ඔබ කොතරම් ඉහළින් සිටියත් නීතිය ඔබට ඉහළින් සිටී” කියාය. ජේ. ආර් ජයවර්ධන සදා දුන් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ආරක්ෂා කිරීමෙන් සහ 18 වන සංශෝධනය සම්මත කිරීමෙන් ඔබ ජේ. ආර් ටත් වඩා නීතියට ඉහළින් සිටීමට කැමති අයෙකු හා බල ලෝභියෙකු බව ඔප්පු කර නැතිද?

යුද්ධය ජය ගැනීමට අනෙක් අයගේ සහය ලබා ගනිමින් දේශපාලන නායකත්වය ලබා දීම හරහා ඔබ අත්පත් කර ගත් කීර්තිය තවදුරටත් තහවුරු කර ගනිමින්, වීරයෙකු ලෙස දේශපාලන වේදිකාවෙන් බැස යන්නට ඔබට ඇති හොඳම අවස්ථාව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, මැතිවරණ ක්‍රමය වෙනස් කර, 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ඉවත් ව යෑමට ඇති අවස්ථාවය. එය නිවැරදිව යොදා ගැනීමට නුසුදානම් ඔබ සමඟ මෙතරම් දුර වුවද, පෙර සඳහන් කල කාරණයට අමතරව, මම ගමන් කලේ පාණදුර ප්‍රදේශයේ මගේ ජනතාව මා වෙත පැවරූ වගකීම ඉෂ්ඨ කීරීමට ද බැඳී සිටිය යුතු වූ හෙයිනි. ඒ උදෙසා මා කැපවූ ආකාරය පාණදුර නගරවාසීන් ඉතා හොඳින් දනී.

දැන් තව තවදුරටත් එම සීමා සහිත කාර්යයේ පමණක් නියැලීමට මට මගේ ඉතිහාසයත් හෘද සාක්ෂියත් තව දුරටත් ඉඩ නොදේ.

දැන් ඔබට ආපසු හැරිය නොහැක. ඔබේ හෘද සාක්ෂියේ කෙළවරක හෝ ඉතිරි වී ඇති තෙතමනයක් තිබේ නම්, ඔබ ජීවත් වන ඉදිරි දශකය හෝ දෙක තුල සතුටින් ජීවත් වී නික්මයෑමට අවැසි නම්, ඔබ කල යුත්තේ ඔබට ආපසු හැරිය නොහැකි නමුත් මහජන මතයට ඉඩදී ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලියක් හරහා සමු ගැනීමය. ඔබ “ කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය. මා වීරයා සුරැකිව තබා ගතිමි. ඒ නිසා මට වෙනස් විය හැක. මම ස්ථිර ලෙසම වෙනස් වෙමි. මා අමාරුවෙන් වසන් කරමින් සිටි හෘද සාක්ෂියට කෙළින් මම සිට ගනිමි. මා මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු තනතුරු වලින් ද මහජන ඡන්දයෙන් මා තෝරා ගත් නගරාධිපති ධූරයෙන් ද ඉල්ලා අස්වෙමි. මෙතෙක් මා භාවිතා කළ නිල වාහනයද ඇතුළු සීමිත සම්පත් අද දින නාගරික ලේකම් වරයාට භාර දෙමි. ඉදිරියේ ඇරඹෙන මහා දේශපාලන සංග්රාමයෙන් ඔබ සහ ඔබේ පවුල් බලය පැරදවීමේ අත්හල නොහැකි සටනට උරදෙමි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු සභාපතිවරයා ලෙස ඒ සඳහා සුජාත අයිතියක් මා සතුව ඇතැයි මා විශ්වාස කරමි. ඔබට සහ පවුලට නොව රටට සුභ අනාගතයක් වෙනුවෙන් සටන් වදිමි. මම නවතිමි.

නැවතීමමය ගමන....

නන්දන ගුණතිලක

[QUOTE="Al Baik, post: 17397001, member: 326965"] [b]“කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය- නන්දන[/b] [SIZE=5] මත්ද්‍රව්‍ය වලින්, දුෂණයෙන් තොර දැහැමි, පිරිසිදු, ප්රජාතන්ත්රවාදි රටක් ගොඩනගමු !! ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැඟීම සඳහාත් එය ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහාත් ඉතා ප්රමුඛ කාර්භාරයක නියැලුන මා ඉන් පෙර හා පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකෙයකු ලෙසත් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසුව ජාතික නිදහස් පෙරමුණ ගොඩනැඟීමට හවුල් වෙමින් එහි ප්‍රධාන ලේකම් වරයා ලෙසත්,ඉන්පසුව 2010 ජනවාරියේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “සාමාජිකයෙකු” ලෙසත් දීර්ඝ දේශපාලන ගමනක නියැලෙන්නේ, ඔබද ඔබේ “මහින්ද චින්තනයේ” ලේඛන ගත කල පරිදි “ තිරසාර සෙනෙහසින් පිරුණු රටක් ” ගොඩනැගිම වෙනුවෙනි. [/SIZE][SIZE=5]ඔබ ඔබේ මහින්ද චින්තනය හරහා ප්‍රථම අදියරේ සාපේක්ෂ වෙනස්කම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට ප්රයත්න දැරුවද ඔබේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ලෙස, දෙවන අදියර අරඹන්නේ අන් කවරකටත් වඩා “පවුලේ බල පරාක්‍රමය” රැකගැනීමේ සහ තහවුරු කිරීමේ නිර්ලජ්ජිත මහා මෙහෙයුමක් ලෙසිනි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මහින්ද චින්තනයේ තේමා පාඨය වැනි වූ “ මේ ගහ කොළ , මේ පොළව ඔබගේය , එහෙත් ඒ සියල්ල ඔබ වෙනුවෙන් පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන් ද රැකිය යුතුය. පාලකයා යනු ඔබගේ දරුවන්ගේ උරුමයේ හිමිකරුවා නොව තාවකාලික භාරකරුවාය ” යන්න බරපතල ලෙස උල්ලංඝනය කරමින් [B]ඔබ ඔබගේ පවුල් ගස සහ ඔබේ නෑහිතමිතුරන්ගේ පවුල් ගස්, පවුල් වනාන්තර බවට පත් කරමින් සිටී[/B]. ඒ අතර ඔබට මත වාදීව හා සංවිධානමය ලෙස අභියෝග කල අය අතරින් සමහරෙකුට මේ වන විට හිමිව ඇත්තේ අතුරුදහන් වීම හෝ රට අතහැර යෑම හෝ යන්න තවදුරටත් රහසක් නොවේ. දකුණේ හෝ උතුරේ දැන් ඇහැට පෙනෙන මිනී කඳු ගොඩගැහෙන්නේ නැති වුවද තුවක්කු සහ වාහන මෙහෙයුම් හරහා සැමකෙකුම ස්වයංවාරණයට පලා යැවෙන බියජනක මානසිකත්වයක් අනියමින් ගොඩනැඟීමට ඔබ ක්‍රියා කල අතර තව දුරටත් එසේ ක්‍රියා කරමින් සිටී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]1989 න් පසු ජීවිතය පිළිබඳව බෝනස් කාලයක් ගෙවා දමමින් සිටින මම මේ කාරණා දැන දැනම ඔබ සමඟ සිටියේ ඔබේ ක්‍රියාවලියට එකඟ වීම නිසා හෝ බියවීම නිසා නොව, මෙම දුෂ්ඨත්වය බිඳ දැමීම සඳහා කාලය නිර්මාණය කර ගත යුතුව තිබූ බැවිණි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හිටපු සභාපති - එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ප්‍රධාන ලේකම් - ජනතා විමුක්ති පෙරමුණ, හිටපු ප්‍රධාන ලේකම් - ජාතික නිදහස් පෙරමුණ, හිටපු පලාත් සභා මන්ත්‍රි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, හිටපු කැබිනට් අමාත්‍ය (සංවාරක කටයුතු,තැපල් හා විදුලි සංදේශ), වත්මන් නගරාධිපති - පානදුර නගර සභාව, සභාපති - ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ඔබ සහ ඔබේ පාලනය, සියළු මිනිස් යහගුණයන් විනාශ කරමින් යහපාලනය හා ප්රජාතන්ත්රවාදය හුදු සංකල්පාර්ථයන් පමණක් බවට පත් කරමින්, රටේ ආර්ථිකය ලුම්පන් / පාදඩ ආර්ථිකයක් බවට පත්කරමින්, ණය උගුල තුල නූපන් පරපුරද උගස් කරමින්, කොකේසියන් අධිරාජ්‍යවාදය වෙනුවට මොන්ගෝලියන් අධිරාජ්‍යවාදය තෝරාගනිමින් එයට රට යටත් කරමින්, ගෙන යන මෙම අත්තනෝමතික පාලනය වහා අවසන් කල යුතු යැයි මම විශ්වාස කරමි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මහින්ද රාජපක්ෂ මැතිතුමණි ,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔබ විසින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය මේ මොහොත වන විට රටට ඉතිරි කර ඇත්තේ මොනවාද? දිළිඳුබවේ රේඛාවෙන් පහළට වැටෙනා පුරවැසියන් සංඛ්‍යාව තවත් 20% කින් වර්ධනය කර ඇත. සුළු පරිමාන කර්මාන්ත කරුවන් සහ ව්‍යාපාරිකයන් දිනෙන් දිනම බිඳ වට්ටවමින් ඇත. කෘෂිකර්මාන්තය තවදුර විෂ සහිත හා ලාභ රහිත එකක් බවට පත් කර ඇත. වැවිලි කර්මාන්තය , සුළු අපනයන භෝග, පශු සම්පත් හා ධීවර යන ක්ෂේත්රවල අත්පත් කර දී ඇති ප්‍රගතියක් නැත. එම සමහර ක්ෂේත්‍ර නියත අගාධය කරා ඇද දමමින් පවතී. වස විස සහිත යෙදවුම් වෙනුවට, ස්වභාවික, හිතකර යෙදවුම්, කෘෂිකර්මාන්තය තුල ආදේශ කිරීමට ඔබට උමනාවක් නැත. ඒ ඔබේ බැලයන් එම බහුජාතික සමාගම් වලින් යැපෙන්නන්ව ඇති නිසාය. දේශීය කිරි ගව සම්පත සත්‍ය ලෙස වැඩි දියුණු කර දේශීය කිරි හා කිරි ආහාර කර්මාන්ත වැඩි දියුණු කිරීමට ඔබ ප්‍රමුඛතාව නොදෙන්නේද ඔබේ බැලයන්ට බහු ජාතික සමාගම් වලින් ලැබෙන ආදායම් නැති වී යන නිසාය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එපමණක් ද නොව, ඔබේ සහ ඔබේ මිත්‍රයන්ගේ අඥාන ක්‍රියාකාරකම් හරහා දෙගුණ තෙගුණ කරගත් මානව හිමිකම් අර්බුදය මගින් අනාගතයේ කැඳවාගෙන ඒමට ඉඩ ඇති ආර්ථික සම්භාදක පිළිබඳ ගැටළුවට මුහුණ දීම සඳහා ආර්ථිකයේ පූර්ව සූදානම් කිරීම් කඩිනමින් කල යුතුව ඇතත් එය කිරීමට ඔබටත් ඔබේ ආර්ථික කේවට්ටයාටත් නොහැකි බව මේ වන විට ඉතා කදිමට ඔප්පු කර තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කර්මාන්ත ආදේශක, බලශක්ති ආදේශක, බීජ ආදේශක, පොහොර ආදේශක, කෘෂි රසායන ආදේශක වැනි දෑ පිළිබඳ ඉතා බැරෑරුම්, දූරදර්ශී, හා හදිසි මෙහෙයුමක අවශ්‍යතාව ඇති මේ මොහොතේ එය ඉටුකරනවා වෙනුවට ඔබ කරමින් සිටින්නේ, ප්‍රකෝටි ගණන් ධනය පුද්ගලිකව උපයාගත හැකි මෙහෙයුම් මාර්ග ඔස්සේ, ඊනියා “ආර්ථික සංවර්ධන” ක්‍රියාවලියක නිරත වීමයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එමෙන්ම [B]ඔබ විසින් ගොඩනගමින් ඇත්තේ දියුණු ධනපති සමාජ ආර්ථික දේශපාලන හැඩගැස්මක් නොව, ලුම්පන් / පාදඩ/ රස්තියාදුකාර/ දූෂිත ධනපති සමාජ ආර්ථික දේශපාලන හැඩගැස්මකි.[/B] ඒ තුල සාමාන්‍ය ජනයා අති බහුතරයකගේ ජීවිත බරපතල ලෙස අඳුරු කර දුර්වල කර ඇත. මිළදී ගැනීමේ හැකියාව අභාග්‍ය සම්පන්න ලෙස පහත හෙලා ඇත. ඔබේ ආර්ථිකය තුල බොහෝවිට ජීවිතය යහපත් කර ගෙන ඇත්තේ, තමන්ට අයත් නැති ධනය කවර ආකාරයකින් හෝ කොල්ලකාගත් අය මිස අන් අය නොවේ.ඔබේ ධනපති පන්තිය ගොඩනැඟී ඇත්තේ, කොමිස්, කොන්ත්‍රාත්, මත්ද්‍රව්‍යය, කැසිනෝ, මිනිස් ජාවාරම්, හොරජාවාරම්, කප්පම් අල්ලස් හා හොරකම් මතින් මිස තරඟකාරී වෙළඳපළ ආර්ථිකය මතින් නොවේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔබ අපේ රට ආසියාවේ පංච මහා ආශ්චර්යයන් සහිත රට බවට පත්කර ඇත්තේ, ආසියාවේ කුඩු හා මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානය වීම, ආසියාවේ දිවිනසා ගැනීමේ මධ්‍යස්ථානය වීම, ආසියාවේ රට උගස් තැබීමේ මධ්‍යස්ථානය වීම, ආසියාවේ දූෂිතබවේ සහ හොරකමේ මධ්‍යස්ථානය වීම සහ ආසියාවේ ප්රජාතන්ත්ර විරෝධීබවේ සහ අත්තනෝමතිකත්වයේ මධ්‍යස්ථානය වීම යන කූප්රකට කාරණා උපයෝගී කරගෙනය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මහින්ද මැතිතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔබට අප රටට අදාලව දියුණු ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් නැත. එදා ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජනපද ගැති වීමෙන් අසල්වාසී ඉන්දියාව තරහා කර ගත්තේය. එහි දුෂ්ඨ ප්‍රතිවිපාක අප අත්වින්දෙමු. දැන් ඔබ චීනය හරහා නැවත එම දෙයම කරමින් සිටී. එපමණක් නොව ණය ගනුදෙනු සහ ඊනියා සංවර්ධන ගනුදෙනු හරහා රට තුල චීන කොළනි ඉදිවීමටද සැලසුම් වෙමින් ඇති අතර අනාගත චීන අධිරාජ්‍යයේ අර්ධ යටත් රාජ්‍යයක් හෝ යටත් රාජ්‍යයක් වීමේ අනතුරටද රට ලක් කර ඇත. ඔබේ මේ අපරිනත රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවය නිසාම චීනයේ “එම්.එස්.එස්.”, ඉන්දියාවේ “රෝ”, පකිස්ථානයේ “අයි.එස්.අයි.” සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ “ සී.අයි.ඒ.” සංවිධානවල ඔත්තුකරුවන් එකවර බඩ පිණුම් ගසන ආසියාවේ ආශ්චර්යමත් රට බවටද අප රට පත් කර ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මැතිතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]ඔබ දෙමළ ඊළාම් යුද්ධය අවසන් කලේ ඔබේ තනි හැකියාවෙන් නොවන බව ඕනෑකමින්ම සඟවන්නට උත්සහ දරයි. එය කුහකකමක් මිස අන් යමක් නොවේ.[/B] ලාංකීය ජාතික බලවේග විසින් ඔබව ජනාධිපති පුටුවට ඔසවා තැබුවේ නැතිනම් සහ යුද්ධය කල හැකි තැනට අපේ රටේ පොදු ජනතාවගේ හා “නායකයන්ගේ ” මානසිකත්වය ඔසවා තබන්නට අවශ්‍ය කැපකිරීම් නොකලේ නම් ඔබට යුද්ධය කිරීම ගැන හිතන්නටවත් ඉඩ ලැබෙන්නේ නැත. එසේ වූ බව අමතකවීම හෝ අමතක කිරීම පුදුමයට කාරණයක් නොවන්නේ, ඔබ එම ජාතික බලවේගවලට තවදුරටත් සවන් නොදෙන, නොතකාහරින තැනකට වැටී ඇති බව ඔබ විසින් ම ඉතා දුෂ්ඨ ලෙස ප්‍රදර්ශනය කරමින් කරමින් ඇති නිසාය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අනෙක් අතට යුද්ධය යනු මානව සංහතියට ලැබුන හොඳ දායාදයක් හෝ වටිනා අන් යමක් නොවේ. එය විසින් මෙරටට අත්පත් කර දුන් දේ සහ පැහැර ගත් දේ බොහෝය. යුධ ජයග්රහණයෙන් ප්‍රීති ප්රමෝදයට පත් ඔබ සහ ඔබේ කේවට්ටයන් පිරිස යුධ සමයේ උතුරට සහ පොදුවේ රටට අහිමි වූ දේ පිළිබඳව අවසන් විසඳුමක් සෙවීම සඳහා පරිනත දේශපාලනයක නියැළුනේ නැත. එමෙන්ම ජාතික සහ ජාත්‍යාන්තර විශ්වාසය දිනා ගැනිම සඳහා පරිනත නායකයෙකු වෙමින් කටයුතු කිරීමට ඔබට ලැබී තිබුණ අවස්ථා පැහැර හැරීම නිසා, අද වන විට මානව හිමිකම් අර්බුදයක රට සිර කිරීමේ තර්ජනයක් බිහිකරවා ගෙන ඇති අතර එමඟින් ජාතික ආරක්ෂාවද අනතුරට ලක් කොට ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මැතිතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙතෙක් මා සංක්ෂිප්තව කී සමහර දේ තවදුර සවිස්තරාත්මකව කිව යුතු යැයි කල්පනා කරමි. ඔබ ඔබේ මහින්ද චින්තනයෙහි කීවේ “නීතිය, පොලීසිය හා සමාජ ආයතන සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාවේ මත් කුඩු උවදුර වසර 3ක් තුලදී සහ මුලින්ම පිටුදැකීම සඳහා අධිශ්ඨානශීලීව කැප වෙමි.” යනුවෙනි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙසේ කී ඔබ මේ මොහොත වනවිට සමාජය තුල තහවුරු කර ඇත්තේ, මෙකී දුරාචාර මැඩලීමට කටයුතු කරනවා වෙනුවට එසේ කරන්නන් ආරක්ෂා කරන බවකි. ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ඇමැතිවරුන්ද මත්කුඩු හා මත්පැන් ජාවාරම්කරුවන් වන බව ඔබ නොදන්නවා සේ පෙන්වුවද එය මුළු මහත් රටම දනී. පොලීසිය සහ නීතිය තම විධායක බලය යොදා පාලනය කරමින් ඔබ මේ වන විට මත් වතුර සහ මත්කුඩු සඳහා ආසියාවේ ආශ්චර්යමත් මධ්‍යස්ථානය බවට රට පත්කර හමාරය. මැතිතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙරට අධිකරණ පද්ධතියෙහි තිබූ සාපේක්ෂ ස්වාධීන බවද ඔබ සතු විධායක බලය යොදා ගනිමින් යටපත් කිරීම පිළිබඳ බොහෝ උදාහරණ ඉදිරිපත් කළ හැක. ලජ්ජා සහගත එවැනි බලහත්කාරකමක් වූ “ ශිරාණි බණ්ඩාරනායක නෙරපා හැරීම ” හරහා එය මනාව පෙන්නුම් කෙරිණි. තමන්ට අවශ්‍ය සුවච කීකරු ගෝලයන් ( පෙර සමහර පාලකයන් මෙන්ම) නීතියේ සහ අධිකරණයේ මුල් පුටුවලට රැගෙන එමින්, ඒ හරහා නීතියේ ආධිපත්‍යය තමන් සතු කර ගැනීමට ඔබ ක්‍රියා කර හමාරය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මෙසේ කලේ කෙටි කාලයක් තුල විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්නට පොරොන්දු වූ ඔබ ය. 1989 රාජ්‍ය භීෂනයෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මහා ඝෝෂාවක් කොට“ මව්පෙරමුණ” හදන්නට ද දායක වී, මානව හිමිකම් ප්‍රශ්න ජීනීවා රැගෙන ගිය සහ (එකල) තරුණ නීතීඥ මහතෙකු වශයෙන් එම උනන්දුව දැක්වූ ඒ මහින්ද රාජපක්ෂ ඔබමදැයි මොහොතකට මා සිත තුල කුකුසක් පැන නගී. ඔබ ඒ මහින්ද රාජපක්ෂ නම් මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය පැවැත්මේ තිබිය යුතු නැත. එහෙත් ඒ වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය තව දුර රැකගැනීමට හා එම ඔටුන්න තම හිසමත දිවි පවතින තෙක්ම පළඳවා ගැනීමට කෑදර වී හා බල ලෝභී වී ඇති ඔබ, මේ සියළු කාරණා හරහා ගොඩනගමින් සිටින්නේ තවත් ජයවර්ධන කෙනෙකු බව දැනටමත් ඔප්පු කර තිබේ. අපේ රටට ජයවර්ධන පන්නයේ තවත් ව්‍යවස්ථානුකූල ඒකාධිපතියෙකු අවශ්‍ය නැත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මැතිතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එපමණක් නොව ඔබත් මාත් ඉතා හොඳින් හඳුනන සමහර මාධ්‍ය මිතුරන් ඔබට බියෙන් , විශ්‍රාමික මිනිසුන් ලෙස රට හැර ගොස් ජීවත් වන බව ඔබ නොදන්නවා නොවේ. මා නින්දට යන සෑම රාත්‍රියකම පාහේ මගේ සිත වේදනාවට පත්වන්නේ 1989 දී අරගලයේදී මරා දැමූ මගේ ආදරණීය සගයන් ගැන සිහිපත් වීමෙන් පමණක් නොවේ “අපේ” ආණ්ඩු කාලයේදී අතුරුදහන් කල සහ මරා දැමූ මාධ්‍ය මිතුරන්ගේ සහ වෙනත් සමාජ ක්රියාකාරීකයන්ගේ පවුල්වල සාමාජිකයන් ගේ හැඬුම්බර, කම්පිත හා බිය වැදුණු මුහුණු විසින්ද මා බරපතල ලෙස කම්පනය කරනු ලබයි. ලසන්ත වික්‍රමතුංග , ප්‍රගීත් එක්නැලිගොඩ මෙන්ම අරගල බිම් වලදි වෙඩි තබා ඝාතනය කරන ලද එඩිතර මිනිසුන්ගේ මුහුණු සිහිපත් වීමෙන්, අප කැමැත්තෙන් ගොඩ නගා ගත් ආණඩුවේ සහ එහි භීෂණයේ තරම සිහිපත් වේ. මේවා කරන ලද්දේ හෝ කරවන ලද්දේ කවුරුන් විසින් දැයි ඔබ නොදන්නේ යැයි මා විශ්වාස කරන්නේ නැත. විටෙක [B]“ සංවේදී නායකයා” යැයි තම ජන මාධ්‍ය හොරණෑ මඟින් තමන්වම හඳුන්වා ගන්නා ලද “ සංවේදී නායකයෙකු” මේ සියල්ලටම බොරුවට හෝ සංවේදී නොවී සිටින්නේ කෙසේද? [/B]ඒ අන් කිසිවක් නිසා නොව බල ලෝභය විසින් සංවේදි බව මැඩ පවත්වා දුෂ්ඨත්වය තහවුරුකර ඇති නිසාය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මැතිතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හෙජින් මගඩිය, මිහින් එයාර් ඛේදවාචකය, මත්තල නාස්තිය, සැලසුම් රහිත හම්බන්තොට වරාය, මිග් යානා ගනුදෙනු, නෙරොච්චෝලේ , කෙරවලපිටිය, අධිවේගී මාර්ග , ගුවන් පාලම්, පොදු මාර්ග හා පාලම් ඉඳිකිරීම්, අතයට කොන්ත්‍රාත් ගනුදෙනු , කොමිස් ගැහීම්, ආදී වශයෙන් වූ අතිශය දුෂිත ගනුදෙනු හරහා ප්‍රකෝටි ගණන් ජාතික ධනය කොල්ලැකෑම මගින් ඔබ විසින් අතිශය ධනවත් අතිසුඛෝපභෝගී පවුල් වනාන්තරයක් නිර්මාණය කරගෙන ඇති බව සැබෑ සංවේදී මිනිසුන් ඉතා හොඳින් දනී. අපේ රටේ සුජාත වූ පුතුන්ට ඒ මගින් ඉතිරිකර, හිමි කර දී ඇත්තේ මොනවාද? අපේකෂා භංගත්වය, විරැකියාව, මත්කුඩු , මත්පැන්, රට හැරයෑම සියදිවි නසා ගැනීම යන අභාවාචකයන් පමණි. දෙමාපියන්ට සිදුව ඇත්තේ දරුවන් අහිමි වීම, දරුවන් අත හැර යෑම, දරුවන් සමඟ ගඟට, මුහුදට පැනීම, දරුවන්ට වස දී තමන්ද වස බී දිවි තොර කර ගැනීම වැනි දේ පමණි. අධිවේගී මාර්ගයේ වේගයෙන් ලැම්බෝගිනි පදවන, සාමාන්‍යයෙන් [B]ලුවී විටෝන් ඝනයේ පැළඳුම් පළඳින කුමාරවරු තිදෙනෙකුගේ සංවේදී පියෙකු වන ඔබට, මේ ඛේදවාචකයනට සංවේදී විය නොහැකි බව මම ඉතා හොඳින් දනිමි.[/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ශ්‍රී.ල.නි.ප. නායකතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ශ්‍රී.ල.නි.ප. ය වෙනුවෙන් තම දිවි දෙවෙනි කොට වැඩකල පැරණි නායකයන්ට ඔබ අත් පත් කර දී ඇති උරුමය කුමක්ද? ඒ සඳහා බොහෝ උදාහරණ ඉදිරිපත් කල හැකිව ඇතත් මා එක් උදාහරණයක් පමණක් සඳහන් කරමි. ඒ මගේ දිස්ත්‍රික්කය වන කළුතර දිස්ත්‍රික්කයේ උදාහරණයකි. විටෙක ශ්‍රී.ල නි.ප මහ ලේකම් වරයා වූත් විටෙක පො.එ.පෙ. ආණ්ඩුවේ අග්‍රමාත්‍යයවරයා වූත් රත්නසිරි වික්‍රමනායක මහතාට ඔබ විසින් අත්පත් කර දී ඇති ඉරණම කුමක්ද? ඒ වෙනුවට ඔබ විසින් ඔසවා තබා ඇත්තේ කවුරුන්ද? ඔබට අවශ්‍ය වන්නේ පරිනත, කරදරකාර, සාමාජිකයන් නොව, තමන් කියන කියන පරිද්දෙන් තමන් රිසි ඕනෑම දෙයක් කර දීමට සූදානම්, දූෂිත බවෙන් අගතැන්පත් ප්‍රකෝටිපති “ රත්තරන් ” ලා වැනි දේශපාලන කඳපණුවන් බව ඔබ මේ වන විට ඔප්පු කර හමාරය. මහින්ද රාජපක්ෂ කලකට ඉහතදී මහ ගසක්ව තිබුණේ වී නමුත් දැන් මේ කඳපණුවන් විසින් එම ගසේ කඳ ඇතුලතින් කා දමා අවසන් කරමින් පවතින බව ඔබට සිහිපත් කල යුතු යැයි සිතමි. ඔබ විසින් ඔබේ ආරක්ෂාව සහ උදව්ව සඳහා ලංකර ගත් මේ පාදඩ දේශපාලඥයන් විසින් ඔබව හෙලමින් ඇති අගාධය තේරුම් ගැනීමට අසමත් වීම හෝ තේරුම් ගැනීමට උවමනාවක් නැතිවීම ඔබේ බරපතල වරදකි. අද ශ්‍රී.ල.නි.ප යේ නායකත්වය තවදුරටත් වැදගත් මිනිසුන්ට අයත් නැත. එය කෙමෙන් කෙමෙන් අත්පත් කර ගනිමින් ඉන්නේ ඔබේ ලුම්පන්/ පාදඩ ආර්ථික ක්‍රමයෙන් බිහිකරන ලද පාදඩයින් විසිනි. ශ්‍රී.ල.නි.ප යේ පැරණි නායකයන්ට සිදුවඇත්තේ ඒ දෙස බලමින් සුසුම් ලෑමට පමණි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මැතිතුමනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]“බලය විසින් දූෂණය බිහිකරන අතර වැඩි බලය විසින් වැඩි දූෂණය බිහිකරයි”. - ඇන්ටන් සාමි -[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අප කවුරුත් දන්නා මේ දේශපාලන කියමන ඔබ විසින් වඩ වඩාත් තහවුරු කලේ,( චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය මෙන්ම ඔබද ) 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ක්‍රියා නොකිරීම හරහාය. පවතින බොහෝ ප්රජාතන්ත්ර විරෝධී කටයුතු සහ දූෂණ ක්‍රියා වලට වැට බැඳීම 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඝෘජු හා වක්‍ර අරමුණු විය. ඒවා බලාත්මක නොකලේ ඒවායේ සීමා කිරීම් වලින් නිදහස් වී දූෂිතවත් අත්තනෝමතිකවත් කටයුතු කිරීම ඔබේ අභිලාශය වූ නිසාය. එමෙන්ම 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔබේ බැලයන් ලවා සම්මත කරවා ගත්තේ ද එම අරමුණ ඔස්සේ කෙසේ හෝ දිවි ඇති තෙක් බලයේ සිටීමේ බල ලෝභී කෑදර උවමනා ව නිසාය. වර්ෂ 1733 දී ආචාර්ය තොමස් මුලර් කීවේ “ඔබ කොතරම් ඉහළින් සිටියත් නීතිය ඔබට ඉහළින් සිටී” කියාය. ජේ. ආර් ජයවර්ධන සදා දුන් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ආරක්ෂා කිරීමෙන් සහ 18 වන සංශෝධනය සම්මත කිරීමෙන් ඔබ ජේ. ආර් ටත් වඩා නීතියට ඉහළින් සිටීමට කැමති අයෙකු හා බල ලෝභියෙකු බව ඔප්පු කර නැතිද?[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]යුද්ධය ජය ගැනීමට අනෙක් අයගේ සහය ලබා ගනිමින් දේශපාලන නායකත්වය ලබා දීම හරහා ඔබ අත්පත් කර ගත් කීර්තිය තවදුරටත් තහවුරු කර ගනිමින්, වීරයෙකු ලෙස දේශපාලන වේදිකාවෙන් බැස යන්නට ඔබට ඇති හොඳම අවස්ථාව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, මැතිවරණ ක්‍රමය වෙනස් කර, 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ඉවත් ව යෑමට ඇති අවස්ථාවය. එය නිවැරදිව යොදා ගැනීමට නුසුදානම් ඔබ සමඟ මෙතරම් දුර වුවද, පෙර සඳහන් කල කාරණයට අමතරව, මම ගමන් කලේ පාණදුර ප්‍රදේශයේ මගේ ජනතාව මා වෙත පැවරූ වගකීම ඉෂ්ඨ කීරීමට ද බැඳී සිටිය යුතු වූ හෙයිනි. ඒ උදෙසා මා කැපවූ ආකාරය පාණදුර නගරවාසීන් ඉතා හොඳින් දනී.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දැන් තව තවදුරටත් එම සීමා සහිත කාර්යයේ පමණක් නියැලීමට මට මගේ ඉතිහාසයත් හෘද සාක්ෂියත් තව දුරටත් ඉඩ නොදේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දැන් ඔබට ආපසු හැරිය නොහැක. ඔබේ හෘද සාක්ෂියේ කෙළවරක හෝ ඉතිරි වී ඇති තෙතමනයක් තිබේ නම්, ඔබ ජීවත් වන ඉදිරි දශකය හෝ දෙක තුල සතුටින් ජීවත් වී නික්මයෑමට අවැසි නම්, ඔබ කල යුත්තේ ඔබට ආපසු හැරිය නොහැකි නමුත් මහජන මතයට ඉඩදී ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රියාවලියක් හරහා සමු ගැනීමය. [B]ඔබ “ කුණු කය” වෙනුවෙන් “වීරයා” දන් දී හමාරය. මා වීරයා සුරැකිව තබා ගතිමි. ඒ නිසා මට වෙනස් විය හැක. මම ස්ථිර ලෙසම වෙනස් වෙමි. මා අමාරුවෙන් වසන් කරමින් සිටි හෘද සාක්ෂියට කෙළින් මම සිට ගනිමි.[/B] මා මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු තනතුරු වලින් ද මහජන ඡන්දයෙන් මා තෝරා ගත් නගරාධිපති ධූරයෙන් ද ඉල්ලා අස්වෙමි. මෙතෙක් මා භාවිතා කළ නිල වාහනයද ඇතුළු සීමිත සම්පත් අද දින නාගරික ලේකම් වරයාට භාර දෙමි. ඉදිරියේ ඇරඹෙන මහා දේශපාලන සංග්රාමයෙන් ඔබ සහ ඔබේ පවුල් බලය පැරදවීමේ අත්හල නොහැකි සටනට උරදෙමි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු සභාපතිවරයා ලෙස ඒ සඳහා සුජාත අයිතියක් මා සතුව ඇතැයි මා විශ්වාස කරමි. ඔබට සහ පවුලට නොව රටට සුභ අනාගතයක් වෙනුවෙන් සටන් වදිමි. මම නවතිමි. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නැවතීමමය ගමන.... [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][I][B]නන්දන ගුණතිලක[/B][/I][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom