“සිංහලේ” “එකම ලේ” කර ලංකාවම “ලේ විලක්” කිරීමට ය&#350

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    “සිංහලේ” “එකම ලේ” කර ලංකාවම “ලේ විලක්” කිරීමට ය&#350

    යහපාලන රජය පැමිණීමත් සමඟ එක්‌ මුස්‌ලිම් දේශපාලකයෙක්‌ වඩා ප්‍රබල චරිතයක්‌ ලෙස සමාජයේ හැසිරෙයි. විටෙක මොහු ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ටත් වඩා බලවන්තයෙක්‌ දැයි සිතේ. ඒ දේශපාලකයා අන් කවරකුවත් නොව අසාද් සාලි වේ. ඇත්තෙන්ම අසාද් සාලි යනු රවුෆ් හකීම් විරෝධියෙකි. මොහු ජනපති උපදේශකයෙක්‌ ද නැත්නම් ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ ද නැද්ද අපට පැහැදිලි නැත. කවරක්‌ නමුත් මොහු ජනපතිවරයාගේ සමීප හිතවතෙක්‌ බව නම් පෙනේ. ජනවාරි 08 වැනිදා දේදුනු විප්ලවයෙන් පසු මොහුගේ කටහඬට බලවත් පණක්‌ ලැබී ඇත. ජනපතිවරයා සතුටු කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ හා ඒකාබද්ධ විපක්‍ෂයට පහර දුන් මොහු දැන් බෞද්ධයන්ට එරෙහි ව අවි අමෝරාගෙන ඇත. මෙරට බහුතර බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට උත්සාහ කරන අසාද් සාලි පිටුපස සිටින්නේ කවර බලවේගයක්‌ ද?. මීට සති කිහිපයකට පෙර දී මොහු බොදු බලසේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මරණීය තර්ජන එල්ල කළේය. මොහොමඩ් නබිතුමාට නිග්‍රහ කළහොත් ඥානසාර හිමියන් මරාගෙන මැරෙන බව මොහු පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය. කොටි සංවිධානය භික්‍ෂුන් කපා කොටා මරා දැමූ බව අප දනිමු. නමුත් කිසිම කොටි නායකයෙක්‌ බෞද්ධ භික්‍ෂුන්ට මෙවැනි තර්ජන එල්ල කර නැත. ඒ අනුව මේ යහපාලන සුරතලා බෞද්ධ භික්‍ෂුන්ට නිග්‍රහ කරන්නේ කවරකුගේ ආශිර්වාදය මත ද? යහපාලන ආණ්‌ඩුව සංහිඳියාව ක්‍රියාත්මක කරන්නේ අසාද් සාලි වැනි පුද්ගලයන් ලවා බෞද්ධයන්ට තර්ජනය කිරීමෙන් ද?
    මේ අතර පසුගිය සඳුදා දිනයේ අසාද් සාලි ඇතුළු පිරිසක්‌ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික රූපවාහිනිය ඉදිරිපිට ජාතිවාදයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණය පිළිබඳ සැමගේ අවධානය යොමු විය. අපි ඔක්‌කොම එකම ලේ මැයෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මෙම උද්ඝෝෂණය පිළිබඳව එක්‌තරා බ්ලොග් අඩවියක්‌ දින කිහිපයක පටන් පූර්ව ප්‍රචාර සිදු කරමින් විවිධ පුවත් පළ කර තිබිණි. එහි සඳහන් වූයේ ශ්‍රී ලාංකික මුස්‌ලිම් සමාජයට එරෙහිව අන්තවාදීන්ගෙන් එල්ලවන පීඩාවන්ට එරෙහිව මුස්‌ලිම් නොවන සිවිල් සංවිධානයක්‌ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන බවයි. එම සංවිධානය නම් කර තිබුණේ ‘විවිධයි ඒත් සමානයි’ යනුවෙනි. ‘අපි ඔක්‌කොම එකම ලේ’ කණ්‌ඩායම අසාද් සාලි ඇතුළු පිරිස සමඟ උද්ඝෝෂණය කරන විට ‘සිංහලේ’ සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා ඇතුළු තරුණ පිරිසක්‌ පැමිණ මේ ගැන ප්‍රශ්න කරන විට යම් උණුසුම්කාරී වාතාවරණයක්‌ ඇති විය. “අපි ඔක්‌කොම එකම ලේ’ සංවිධානයේ අරමුණ සිංහල බෞද්ධ ජාතිකවාදයට පහර දීම බව ඔවුන් ඔසවාගෙන සිටි පුවරුවලින් ම පැහැදිලි විය. විශේෂයෙන් ම බොදු බල සේනාව ඉලක්‌ක කර ගනිමින් නිර්මාණය කළ පුවරු ද මේ පිරිස අතර විය. එකම ලේ උද්ඝෝෂකයන් අතර සිංහල පිරිස්‌ මෙන්ම මුස්‌ලිම් ජාතිකයන් ද විය.
    සමලිංගිකයන්ට සම අයිතිය ඉල්ලන පිරිසක්‌ ද මේ අතර වූ බව සමාජ වෙබ් අඩවි ජාලාවල සඳහන්ව තිබිණි. ඕනෑම අයෙකුට තම අදහස්‌ අනුව දේශපාලන මති මතාන්තර අනුව උද්ඝෝෂණය කිරීමට අයිතියක්‌ ඇති බව අපි දනිමු. එහෙත් මේ එකම ලේ කණ්‌ඩායම දකුණේ සිංහල බෞද්ධයන්ට කියන්නට හදන්නේ කුමක්‌ද? සහජීවනයේ නාමයෙන් කරබාගෙන සිටිය යුතු බව ද? විවිධයි ඒත් සමානයි නම් සංවිධානය මුස්‌ලිම් නොවන සංවිධානයක්‌ යෑයි ප්‍රකාශ කර තිබුණ ද මෙතැනට අසාද් සාලි පැමිණියේ කෙසේද? ඒ එකම ලේ පිටුපස යහපාලනය සිටින බව පෙන්වීමට ද? එදා ප්‍රභාකරන් කොළඹ බෝම්බ පුපුරවන විට මෙවැනි එකම ලේ කණ්‌ඩායම් අප දුටුවේ නැත. මෑත කාලීනව ලංකාවේ කිසිම ප්‍රදේශයකින් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමක්‌ ඇති වූයේද නැත. එහෙත් එකම ලේ කියන්නට උත්සාහ කරන්නේ කුමක්‌ද?. වාහනවල අලවා ඇති ‘සිංහලේ’ ස්‌ටිකර් ගලවා දැමිය යුතු බවද? එසේ නොවන්නේනම් ඥානසාර හිමියන් යළිත් සිරගත කළ යුතු බවද? ජාතිවාදය ඉතා භයානක බව ‘එකම ලේ’ සංවිධානය කියයි. ජාතිවාදය භයානක බව අපිත් දනිමු. එහෙත් මෙරට මුස්‌ලිම්වරුන් ජාතිවාදීව ක්‍රියා කරන ආකාරයට සිංහල බෞද්ධයන් ක්‍රියා කර තිබේද?. ඉතා අවම ජාතිවාදී අදහස්‌ ඇත්තේ සිංහල බෞද්ධයන් අතරය. සිංහල බෞද්ධයන් ජාතිවාදීව සිතුවා නම් අදත් ජනාධිපති විය යුත්තේ මහින්ද රාජපක්‍ෂය. නමුත් සිංහල බෞද්ධයන් නිදහස්‌ හා මධ්‍යස්‌ථ ආකාරයෙන් ප්‍රශ්න දෙස බැලුවද අනෙක්‌ සුළු ජාතීන් එලෙස නොබලයි.
    මුලතිව් සම්බෝධි විහාරයේ තිස්‌සපුර ගුණරතන හිමියන්ට වහාම එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසට දෙමළ සංධාන මන්ත්‍රී රවිහරන් තර්ජනය කරන විට ‘එකම ලේ’ සංවිධානය කුමක්‌ කියන්නේද? යාපනයේ සිංහල ශිෂ්‍යයන්ට දෙමළ අන්තවාදීන් පහර දෙන විට මේ සංවිධානය මාරාන්තික නිහඬතාවයක සිටියේය. ඇත්තෙන්ම ‘අපි ඔක්‌කොම එකම ලේ’ උද්ඝෝෂණය පැවැත්විය යුතු වන්නේ ජාතික රූපවාහිනිය ඉදිරිපිට නොව යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය ඉදිරිපිටය. සිංහල සමාජයට වස කැවීමට ‘එකම ලේ’ උත්සාහ කරන බව පෙනේ. මෙය සැබැවින්ම මෙරට මහා සංස්‌කෘතියට එරෙහිව ක්‍රියාත්මක වන විජාතික කුමන්ත්‍රණයක්‌ බව පැහැදිලිය. ‘එකම ලේ’ සංවිධානය සිරියාවේ හා ඉරාකයේ ක්‍රියාත්මක අයිසිස්‌වරු අන්‍යාගමිකයන්ගේ බෙලි කපා මරා දැමීම ගැන කවර අදහසක්‌ දරන්නේ ද යන්න අපි නොදනිමු. නමුත් මොවුන්ට අයිසිස්‌ ක්‍රියාකාරකම්වලට වඩා බලවත් ප්‍රශ්නයක්‌ වන්නේ බොදු බල සේනාව ගමින් ගමට ගොස්‌ බණ දේශනා කිරීමය.
    මුස්‌ලිම් සමාජයේ වීරයකු වීමට උත්සාහ කරන අසාද් සාලි කවර කණ්‌ඩායමක්‌ හෝ සමඟ එක්‌ව මෙරට සිංහල බෞද්ධ ජාතිකවාදයට එරෙහිව සටන් වැදීමට සූදානම් ය. එදා ජාතික රූපවාහිනිය ඉදිරිපිට රඟපෑවේද එහි තවත් ජවනිකාවකි. දෙමළ ජනයාට ස්‌වයං නිර්ණ අයිතිය ලබා දිය යුතුය. එසේ නැත්නම් ඊළම් රාජ්‍යය පිහිටවනු ලැබුවත් එයින් කම් නැතැයි යන ස්‌ථාවරයේ සිටින්නෝ මෙම උද්ඝෝෂණයට පැමිණි බව රහසක්‌ නොවේ. ජාතිවාදය එපා කීවද මොවුන් කිසි දිනෙක ප්‍රභාකරන්ගේ දෙමළ නාසිවාදයට එරෙහිව බෝඩ් ඔසවාගෙන සිටියේ නම් නැත. කවරක්‌ නමුත් යහපාලනයේ ආශිර්වාදයෙන් හිස ඔසවන මේ ‘විසකුරු ලේ’ බලවේග ගැන සැම දෙනා අවදියෙන් සිටිය යුතුය.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,376
    113
    සිංහයො හැමතිස්සෙම සද්දෙ දාන්නෙ නෑ.සද්දෙ දානකොට දානව සද්ධන්ත අලි ඇත්තු පවා බය වෙලා කැලේම හෙල්ලෙන්ඩ.:frown:
     
    බුර්කාව තහනම් කරන්න යයි ලංකාවේ බුද්ධි අංශ නියෝජිතයින් විසින් ආරක්ෂක කවුන්සිලයේදී රජයේ ප්‍රධානින්ට දන්වා ඇත.

    නමුත් එය කිරීම මඟින් මුස්ලිම් රටවල් හිත හොඳ නැති වෙන බවත් තමාගේ පක්ෂයට ඡන්දය දෙන ප්‍රධාන කොටස මුස්ලිම් නිසා එය තමන්ගේ ඡන්ද පදනමට හොඳ නැති බවත් රනිල් වික්‍රමසිංහ විසින් පවසා ඇත.

    කොහොමද දැන් සැපද? මහින්දයාට හම්බයා හම්බයා කිව්ව කට්ටිය කෝ දැන්?

    බුර්කාව පැත්තකින් තියමුකෝ.....මුස්ලිම් කියන්නේ තමන්ගේ ඡන්ද පදනම කියල ඒ අයට එරෙහි දෙයක් කරන්න බැ කියන දේශපාලන නායකත්වයක් ගැන මොකද හිතන්නේ?

    සිංහල අපිට මුන් එක්ක ඉන්නවද තවත්?


    මෙන්න ලින්ක් එක පහළ ඇත.


    http://dbsjeyaraj.com/dbsj/archives/47955#more-47955
     

    mahasona_aiya

    Member
    Aug 19, 2016
    12
    2
    0
    බුදුරුව අපිට හරාම් ද?

    9bd742461e.jpg


    මුලින්ම කියන්න ඕනි මේක කවදාවත් පෞද්ගලික තරහකට කරන වැඩක් නෙමෙයි.. ඔයාල හැමෝම දන්නවා ඇති ESOFT කිව්වම මොකක් ද කියලා.. ඒක පෞද්ගලික ඉන්ස්ටිටියුට් එකක්.. සමහරුන්ගේ බාසාවෙන් උපාධි කඩයක්.. ඒ ගැන කතා කරන්න ඕනි නැ.. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක…
    ESOFT මීට මාසෙකට විතර කලින් එයාලගේ අලුත් බිල්ඩින් එක ඕපන් කළා.. ගාලු පාරේ යන ගොඩක් අය දැකල ඇති බම්බලපිටියේ තට්ටු 8ක වගේ ලොකු ලස්සන බිල්ඩින් එකක්… ඕපන් කරන දවස් වලම එන්ටරන්ස් එක ලගම තිබුනා ලස්සන බුදුපිළිමයක් තියලා.. යන කාටත් ඒක දැක්කම හිතට මාර සතුටක් දැනෙන්නේ.. එත් එක තිබුනේ සතියයි.. දැන් ඒ බුදුපිලිමේ ආගිය අතක් නැතිවෙලා…
    මොකද බුදුපිලිමේ දැකල ඒකට එන මුස්ලිම් ජාතිකයන්ගේ හිත රිදෙයි කියලා..
    කොලබ ප්‍රදේශයේ වැඩිපුර වෙසෙන මුස්ලිම් ජාතිකයන්ගේ සල්ලි වලට ගිජුවී ESOFT නව ගොඩනැගිල්ලේ මුස්ලිම් ජාතිකයන්ට වෙනම යාච්නා කිරීමට ප්රේ රුම් දෙකක් හදලා.. ප්‍රශ්නේ මේකයි.. බුදුපිළිමයක් තියන්නේ නැතුව මුස්ලිම් ජාතිකයන්ට විතරක් විශේෂයක් ඇයි??
    ඔය වගේ දේවල් මුස්ලිම් ජාතිකයන් වැඩිපුර වෙසෙන රටවල සාමාන්‍ය දෙයක් උනත් මෙය තවමත් සිංහල රටක් නොවේ ද? :angry::angry::angry:
    දැන් ලොකුම ප්‍රශ්නේ ඕක නෙමෙයි.. ඕක ESOFT ඔෆීෂියල් එෆ් බි පේජ් එකේ දාල.. හිතන්න ඕක නැගල ගියොත් මොකද වෙන්නේ කියලා… අනිත් ඉන්ස්ටිටියුට් ටිකත් ඔය වැඩේම පටන්ගනී.. මොකද ඔය හැම ආයතනයක්ම බලන්නේ සල්ලි.. හැම ඉන්ස්ටිටියුට් එකේම.. හැම පෞද්ගලික රෝහලකම.. හැමතැනකම ඕක හැදෙයි…
    දැන් අපට තියන ගැටලුව මෙම ආයතනයේ හිමිකරුවාගේ ආගම කුමක් ද?
    අපි හලාල් කාල දැන් දිරවගන්න බැරුව දගලනවා.. මේ ලනුවත් කනවද නැද්ද?? තීරණේ ඔබලාගේ..:yes::yes:
    මුස්ලිම් සිසුන් සදහා පමණක්ම සපයා ඇති පහසුකම් මෙන්න click