”වෛර නොකරමු” බැනරය ගලවයි

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
”වෛර නොකරමු” බැනරය ගලවයි

ඉතාලි වතිකානුවට අයත් කස්තෙල්ලෝ සාන්ත අන්ජලෝ පාලම මත එල්ලා තිබූ බැනරයකට වතිකාන පූජකවරුන්ගේ දැඩි විරෝධය එල්ල විය. ජෝසප් රට්සින්ගර් පාප්තුමන් හා ඊජිප්තුවේ ප‍්‍රධාන ඉස්ලාම් පූජක (ඉමාම්) අහමඞ් අල් තයිබ් පූජකතුමන් දෙතොල මත දෙතොල මත තබා සිප ගන්නා විශාල ඡුායාරූපයක් එම බැනරයේ මුද්‍රණය කොට තිබිණි. ලෝක ප‍්‍රකට ඉතාලි සමාගමක් වන යුනයිටඞ් කලර් ඔෆ් බෙනටන් ආයතනය ඡුායාරූප දෙකක් එක්කොට එම බැනරය සදා තිබිණි. වෛර නොකරමු යන තේමාව යටතේ තම සමාගම ප‍්‍රසිද්ධ කළ බැනරයට වතිකානුවෙන් මෙතරම් අප‍්‍රසාදයක් එල්ල වෙතියි අපේක්‍ෂා නොකළ බව සමාගමේ සභාපති ඇලෙක්සැන්ඩර් බෙනටන් පවසයි. පසුව බැනරය ඉවත් කැරිණි. වෛර නොකරමු යන තේමාව යටතේ මෙයට ප‍්‍රථම එම සමාගම විසින් ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා, චීනයේ ජනාධිපති හූ ජින් තා ඕ සමගත්, වැනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් සමගත් එවැනි ආකාරයට සිප වැළඳගත් බැනර යුරෝපය පුරා ප‍්‍රදර්ශනය කැර ඇත.

benetton-unhate-guerilla-campaign-2.jpg


campagna-benetton-unhate_01-1-Large.jpg


unhate-la-nuova-campagna-contro-lodio-firmata-L-XgeWKD2.jpg


lankadeepa.lk