Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
∆ අංකෙළිය කාම ක්‍රීඩාවකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

∆ අංකෙළිය කාම ක්‍රීඩාවකි

අංකෙළිය

අපගේ පෙරදිග සංස්කෘතිය අනුව ලිංගිකත්වය යනු විවෘත සංවාදයකට නොගෙන සඟවා තැබිය යුත්තක් නොවේ. ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතිකාවකට නොසුදුසු සඟවා තැබිය යුත්තක් ලෙස අප හට ගෙන හැර දක්වන ලද්දේ මීට සියවස් එකහාමාරකට ඉහත එංගලන්තයේ උපත ලත් වික්ටෝරියානු සුචරිතවාදය විසිනි. ඊට පෙර අප ජන සමාජයේ ලිංගිකත්වය කෙතරම් විවෘත මට්ටමක පැවතියේ ද යත් සිංහල අලුත් අවුරුද්ද මුල්කොට කෙරෙන ජන ක්‍රිඩා වලින් ද ලිංගිකත්වය හා කාමුකත්වය මනා සේ නිරූපනය විය. අංකෙළිය ඒ අතරින් මුල් තැනක් ගනී.

සිංහල අලූත් අවුරුද්ද යනු අතීත ජන සමාජයන්හි පැවැති චූල සම්ප්රදායේ ප්‍රාථමික අස්වනු මංගල්‍යයකි. (Harvest Festival) කිසියම් ජන සමාජයක් විසින් කරනු ලබන ගොවිතැන් ආදියෙන් අස්වනු ලැබීම් සම්බන්ධ මෙවන් අස්වනු මංගල්‍ය කෘෂිකර්මය හා සම්බන්ධ ලොව සෑම සමාජයකම පාහේ දැකිය හැක. එම අස්වැන්නෙන් මුල් කොටස තම ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කෙරෙන සංකේත සඳහා පුද කොට ඉන්පසු පුද්ගල පවුල් සහ ප්‍රජා වශයෙන් එක්වී එම අස්වැන්න ලැබීමේ සතුට සාමූහිකව භුක්ති විඳ ගැනීම මෙම අස්වනු මංගල්‍යයක පොදු ආකෘතිය බව පෙනේ. එමෙන්ම ඇතැම් ජන සමාජයන්හි පවත්වන මෙම උත්සව තුළ ලෞකිකත්වයේ සේම ලිංගිකත්වයේ සංකේතාර්ථ ගැබ්ව තිබේ. ඊට බලපාන ප්‍රධානතම මානව විද්‍යාත්මක හේතුව වන්නේ ආදීතම මිනිස් සමාජයන්හි සශ්‍රීකත්වය, සෞභාග්‍යය සහ ලිංගිකත්වය අතර යම් සමානත්මතාවක් දැකීම ය.

පැරණි සිංහල අවුරුදු සමයේ සිදු වූ අංකෙළිය හෙවත් අංඇදීම එවන් ලිංගිකත්වය සංකේතනය කෙරෙන ක්‍රීඩාවකි.

ප්‍රදේශයට වර්ෂාව, සශ්‍රීකත්වය සේම වසංගත රෝග ආදියෙන් අත්මිදීම අරමුණු කරගත් අංකෙළිය හෙවත් අං ඇදීම කාන්තාවන්ට රහසින් පුරුෂ පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහණයක් නොමැති ප්‍රදේශවලදී සිදු කෙරෙන අභිචාරාත්මක ක්‍රීඩාවකි.

මෙම ජන ක්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි. සවිමත් දැව කඳක් පාමුල පොල් ගෙඩි දෙකක් රඳවා පුරුෂ ලිංගයක ආකෘතිය නිරූපණය කෙරෙන කප් සිටුවීම මහනුවර යුගයේ සංවර්ධනය වූ ලෞකික සමෘද්ධිය අරමුණු කරගත් දෙවියන් පිළිබඳ උත්සවයක සමාරම්භක අවස්ථාව ය. එමෙන්ම දෙවියන් පිළිබඳ බොහෝ උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව සශ්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලිංගිකත්ව සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහර අවසානයේ සිදුකෙරෙන දිය කපන මංගල්‍යයේ දී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම ස්ත්‍රී පුරුෂ ප්‍රථම කාම සම්භෝගයක් එළිපිටම සංකේතනය කෙරෙන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.

‘‘අංකෙළි’’ උපත නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවධියේ දී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමග පාලඟ පඬි රජුගේ උයනේ සපුමල් නෙළන්නට යාම පිළිබඳ පුරාවෘත්තයකි. එහි දී විශ්ව කර්මයා ඔවුන්ට කෙකි දෙකක් ලබා දුන් අතර ඉන් එන් කෙක්කක් සහිතව පාලඟ ගසට නැංගේ ය. පත්තිනිය ගස යට සිටියා ය. අවසානයේ මෙම සපුමල් කැඞීමේ දී ඔවුන්ගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවා ය. එම සිද්ධිය මුල් කොට ගත් ස්ත්‍රි පුරුෂ කාම සම්භෝගයක් සංකේතනය කරමින් කාන්තාවන්ට රහසින් අප්රකටව පිරිමින් විසින් පමණක් සිදුකරන මෙම ක්‍රීඩාව බොහෝ විට කලකෝලාහලවලින් අවසන් වන බවක් කොටගම වාචිස්සර හිමියන් විසින් රචිත ‘සරණංකර සංඝරාජ සමය’ කෘතියෙහි සඳහන් වෙයි.

17වන සියවසේ මෙරට එළිමහන් සිරකරුවෙකුව සිටි බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් එම ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අලූත් අවුරුදු කෙළි සෙල්ලම් පිළිබඳව සඳහන් කිරීමේ දී අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි.

‘‘රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් කී‍්‍රඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම කී‍්‍රඩාවේ ඉතා අශික්ෂිත, අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර, විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වක දී ය. මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි.

වැලමිටි හැඩයෙන් යුතු කරු (හෙවත් බලටු) දෙකක් ගෙන එ්වා එකිනෙක අමුනා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඞී යන තුරු අදිති. මුදල් ඔට්ටුවක් නොමැති වුව ද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේ දී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල් සහගත ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේ දී ම්ලේච්ඡු, තිරිසන් වෙසින් හැසිරෙන්නා තරගයේ වීරයා බවට ද පත්වෙයි. මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේ ය. ඉන්පසුවත් මෙම ක්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප්‍රදේශයේ පිරිසකට අදිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී.’’

රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ මෙය පිරිමින් සතු ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක්‍රීඩාවක් බව ය.

අප බොහෝ දෙනකු දන්නා පරිදි මිනිසුන් සතු ප්‍රධානම ආවේගයන් දෙකක් තිබේ. එනම් ලිංගිකත්වය සහ ප්රචණ්ඩත්වයයි. ඇතැම් පුද්ගලයන් තුළින් මේ ආවේග දෙකම එක්වර පිබිදීමක් සිදුවෙයි. ලිංගික ප්රචණ්ඩත්වය (Sexual Aggression) වශයෙන් විස්තර කෙරෙන එය සාදිස්මය (Sadism)නම් මානසික රෝගයේ ස්වරූපයක් ලෙස ඉස්මතු වන අවස්ථා ද තිබේ. ඒ අනුව ඉහත සඳහන් අංඇදීමට එක්වන පිරිසක් එලෙස සිය ප්‍රතිවාදීන් හමුවේ ප්රචණ්ඩත්වය මුදාහරින අතරේ ඊට එක්වූ තවත් පිරිසක් එලෙසින්ම තමන් තුළ පිබිද ඇති සෙසු ආවේගය තම බිරිඳ මුල්කොට මුදාහැරීම පිණිස ලහි ලහියේ නිවෙස් බලා යන්නට ඇත.

දැනට අප ජන සමාජයෙන් අභාවයට ගොස් ඇති ලිංගිකත්වය සංකේතය කෙරෙන මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ සහ මානව විද්‍යාඥයන්ගේත්, සමාජ මනෝ විද්‍යාඥයන්ගේත් අවධානය මීට වඩා යොමුවිය යුතු යැයි සිතමි.

ගොවිතැනෙහි මූලික අරමුණ වන සශ්‍රීකත්වයට ඉවහල් වන ජලය, වර්ෂාව ලැබීමේ සිට නිරෝගී සුවය දක්වාත්, එතැන් සිට තම අනාගත පරපුර ගොඩනංවා ගැනීම පිණිස වන ප්‍රජනන කාරියන් දක්වාත් මෙම අස්වනු මංගල්‍යයේ පරාසය පුළුල් කර ගැනීමට අතීත ජන සමාජය නොපසුබට වන්නට ඇත. ඒ අනුව සමකාලීන ජන සමාජයේ වැඩිම කාන්තා ගැබ් ගැනීම් මැයි මාසයේ සිදුව ඇති බවට ද සාධාරණ ලෙස අනුමාන කළ හැක.

සැ.යු. - මෙය තිලක් සේනාසිංහ මහතා ලක්බිම පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.

[QUOTE="Lejayange, post: 21499871, member: 529216"] [b]∆ අංකෙළිය කාම ක්‍රීඩාවකි[/b] [B][SIZE="5"]අංකෙළිය[/SIZE][/B] [CENTER][IMG]http://invokingthegoddess.lk/wp-content/uploads/2014/01/IMG_4273.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkRed"]අපගේ පෙරදිග සංස්කෘතිය අනුව ලිංගිකත්වය යනු විවෘත සංවාදයකට නොගෙන සඟවා තැබිය යුත්තක් නොවේ. ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතිකාවකට නොසුදුසු සඟවා තැබිය යුත්තක් ලෙස අප හට ගෙන හැර දක්වන ලද්දේ මීට සියවස් එකහාමාරකට ඉහත එංගලන්තයේ උපත ලත් වික්ටෝරියානු සුචරිතවාදය විසිනි. ඊට පෙර අප ජන සමාජයේ ලිංගිකත්වය කෙතරම් විවෘත මට්ටමක පැවතියේ ද යත් සිංහල අලුත් අවුරුද්ද මුල්කොට කෙරෙන ජන ක්‍රිඩා වලින් ද ලිංගිකත්වය හා කාමුකත්වය මනා සේ නිරූපනය විය. අංකෙළිය ඒ අතරින් මුල් තැනක් ගනී. සිංහල අලූත් අවුරුද්ද යනු අතීත ජන සමාජයන්හි පැවැති චූල සම්ප්රදායේ ප්‍රාථමික අස්වනු මංගල්‍යයකි. (Harvest Festival) කිසියම් ජන සමාජයක් විසින් කරනු ලබන ගොවිතැන් ආදියෙන් අස්වනු ලැබීම් සම්බන්ධ මෙවන් අස්වනු මංගල්‍ය කෘෂිකර්මය හා සම්බන්ධ ලොව සෑම සමාජයකම පාහේ දැකිය හැක. එම අස්වැන්නෙන් මුල් කොටස තම ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කෙරෙන සංකේත සඳහා පුද කොට ඉන්පසු පුද්ගල පවුල් සහ ප්‍රජා වශයෙන් එක්වී එම අස්වැන්න ලැබීමේ සතුට සාමූහිකව භුක්ති විඳ ගැනීම මෙම අස්වනු මංගල්‍යයක පොදු ආකෘතිය බව පෙනේ. එමෙන්ම ඇතැම් ජන සමාජයන්හි පවත්වන මෙම උත්සව තුළ ලෞකිකත්වයේ සේම ලිංගිකත්වයේ සංකේතාර්ථ ගැබ්ව තිබේ. ඊට බලපාන ප්‍රධානතම මානව විද්‍යාත්මක හේතුව වන්නේ ආදීතම මිනිස් සමාජයන්හි සශ්‍රීකත්වය, සෞභාග්‍යය සහ ලිංගිකත්වය අතර යම් සමානත්මතාවක් දැකීම ය. පැරණි සිංහල අවුරුදු සමයේ සිදු වූ අංකෙළිය හෙවත් අංඇදීම එවන් ලිංගිකත්වය සංකේතනය කෙරෙන ක්‍රීඩාවකි. ප්‍රදේශයට වර්ෂාව, සශ්‍රීකත්වය සේම වසංගත රෝග ආදියෙන් අත්මිදීම අරමුණු කරගත් අංකෙළිය හෙවත් අං ඇදීම කාන්තාවන්ට රහසින් පුරුෂ පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහණයක් නොමැති ප්‍රදේශවලදී සිදු කෙරෙන අභිචාරාත්මක ක්‍රීඩාවකි. මෙම ජන ක්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි. සවිමත් දැව කඳක් පාමුල පොල් ගෙඩි දෙකක් රඳවා පුරුෂ ලිංගයක ආකෘතිය නිරූපණය කෙරෙන කප් සිටුවීම මහනුවර යුගයේ සංවර්ධනය වූ ලෞකික සමෘද්ධිය අරමුණු කරගත් දෙවියන් පිළිබඳ උත්සවයක සමාරම්භක අවස්ථාව ය. එමෙන්ම දෙවියන් පිළිබඳ බොහෝ උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව සශ්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලිංගිකත්ව සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහර අවසානයේ සිදුකෙරෙන දිය කපන මංගල්‍යයේ දී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම ස්ත්‍රී පුරුෂ ප්‍රථම කාම සම්භෝගයක් එළිපිටම සංකේතනය කෙරෙන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. ‘‘අංකෙළි’’ උපත නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවධියේ දී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමග පාලඟ පඬි රජුගේ උයනේ සපුමල් නෙළන්නට යාම පිළිබඳ පුරාවෘත්තයකි. එහි දී විශ්ව කර්මයා ඔවුන්ට කෙකි දෙකක් ලබා දුන් අතර ඉන් එන් කෙක්කක් සහිතව පාලඟ ගසට නැංගේ ය. පත්තිනිය ගස යට සිටියා ය. අවසානයේ මෙම සපුමල් කැඞීමේ දී ඔවුන්ගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවා ය. එම සිද්ධිය මුල් කොට ගත් ස්ත්‍රි පුරුෂ කාම සම්භෝගයක් සංකේතනය කරමින් කාන්තාවන්ට රහසින් අප්රකටව පිරිමින් විසින් පමණක් සිදුකරන මෙම ක්‍රීඩාව බොහෝ විට කලකෝලාහලවලින් අවසන් වන බවක් කොටගම වාචිස්සර හිමියන් විසින් රචිත ‘සරණංකර සංඝරාජ සමය’ කෘතියෙහි සඳහන් වෙයි. 17වන සියවසේ මෙරට එළිමහන් සිරකරුවෙකුව සිටි බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් එම ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අලූත් අවුරුදු කෙළි සෙල්ලම් පිළිබඳව සඳහන් කිරීමේ දී අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි. ‘‘රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් කී‍්‍රඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම කී‍්‍රඩාවේ ඉතා අශික්ෂිත, අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර, විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වක දී ය. මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි. වැලමිටි හැඩයෙන් යුතු කරු (හෙවත් බලටු) දෙකක් ගෙන එ්වා එකිනෙක අමුනා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඞී යන තුරු අදිති. මුදල් ඔට්ටුවක් නොමැති වුව ද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේ දී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල් සහගත ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේ දී ම්ලේච්ඡු, තිරිසන් වෙසින් හැසිරෙන්නා තරගයේ වීරයා බවට ද පත්වෙයි. මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේ ය. ඉන්පසුවත් මෙම ක්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප්‍රදේශයේ පිරිසකට අදිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී.’’ රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ [B]මෙය පිරිමින් සතු ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක්‍රීඩාවක් බව ය.[/B] අප බොහෝ දෙනකු දන්නා පරිදි මිනිසුන් සතු ප්‍රධානම ආවේගයන් දෙකක් තිබේ. එනම් ලිංගිකත්වය සහ ප්රචණ්ඩත්වයයි. ඇතැම් පුද්ගලයන් තුළින් මේ ආවේග දෙකම එක්වර පිබිදීමක් සිදුවෙයි. ලිංගික ප්රචණ්ඩත්වය (Sexual Aggression) වශයෙන් විස්තර කෙරෙන එය සාදිස්මය (Sadism)නම් මානසික රෝගයේ ස්වරූපයක් ලෙස ඉස්මතු වන අවස්ථා ද තිබේ. ඒ අනුව ඉහත සඳහන් අංඇදීමට එක්වන පිරිසක් එලෙස සිය ප්‍රතිවාදීන් හමුවේ ප්රචණ්ඩත්වය මුදාහරින අතරේ ඊට එක්වූ තවත් පිරිසක් එලෙසින්ම තමන් තුළ පිබිද ඇති සෙසු ආවේගය තම බිරිඳ මුල්කොට මුදාහැරීම පිණිස ලහි ලහියේ නිවෙස් බලා යන්නට ඇත. දැනට අප ජන සමාජයෙන් අභාවයට ගොස් ඇති ලිංගිකත්වය සංකේතය කෙරෙන මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ සහ මානව විද්‍යාඥයන්ගේත්, සමාජ මනෝ විද්‍යාඥයන්ගේත් අවධානය මීට වඩා යොමුවිය යුතු යැයි සිතමි. ගොවිතැනෙහි මූලික අරමුණ වන සශ්‍රීකත්වයට ඉවහල් වන ජලය, වර්ෂාව ලැබීමේ සිට නිරෝගී සුවය දක්වාත්, එතැන් සිට තම අනාගත පරපුර ගොඩනංවා ගැනීම පිණිස වන ප්‍රජනන කාරියන් දක්වාත් මෙම අස්වනු මංගල්‍යයේ පරාසය පුළුල් කර ගැනීමට අතීත ජන සමාජය නොපසුබට වන්නට ඇත. ඒ අනුව සමකාලීන ජන සමාජයේ වැඩිම කාන්තා ගැබ් ගැනීම් මැයි මාසයේ සිදුව ඇති බවට ද සාධාරණ ලෙස අනුමාන කළ හැක.[/COLOR][/SIZE] [COLOR="Gray"]සැ.යු. - මෙය තිලක් සේනාසිංහ මහතා ලක්බිම පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom