Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►. මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

►. මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත

මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත

ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගයේ ආරම්භයත් සමඟ ම ගොඩනැඟුණු සංස්කෘතිය වාපි සංස්කෘතියක් ලෙස හැඳින්විය හැකි ය. එය ගමික වැව් පද්ධතියකින් ඇරඹී ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස වන විට මහා වාපි පද්ධතියක් තෙක් විකාශනය වනු පෙනේ.

අනුරාධපුර රාජධානියේ අවසානයත් සමඟ අගනුවර පොළොන්නරුවට විකේන්ද්‍රණය වුවත් ආක්‍රමණිකයන්ගෙන් භූමිය මුදාගත් 1 වන විජයබාහු රජ (ක්‍රි. ව. 1055 - 1110) අනුරාධපුර යුගය තුළ නිර්මිත වාපි පද්ධති හා වාරිමාර්ග පිළිසකර කළේය. (වූලවංසය පරි( 60, 48-54 ගාථා). පොළොන්නරු යුගය තුළ දේශීය වාරි කර්මාන්තය ප්‍රබල සංවර්ධනයකට ලක් වනුයේ 1 වන පරාක්‍රම බාහු රජුගේ කාලයේ දීය (ක්‍රි. ව. 1153 - 1183). එක් අතකින් එය වාපි සංස්කෘතිය තුළ තිබූ වැව පිළිබඳ සංකල්පය සමුද්‍ර සංකල්පයක් දක්වා පරිවර්තනය කිරීමක් විය, ශ්‍රී ලංකාවේ භූ විෂමතාවයන් හා ජල වහන රටාවන් පිළිබඳ පැහැදිලි හා නිශ්චිත අධ්‍යයනයකින් හෙබි ඉංජිනේරුවන්ගේ සුවිශේෂ කාර්ය සමුදායක් හැටියට මේ යුගය තුළ නිම වූ වාරි කර්මාන්ත පද්ධතිය සැලකිය හැකි ය.

පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත ව්‍යාපාරය ඔහු මුළු දිවයිනේ ම ආධිපත්‍ය ලබා ගැනීමට පෙර සිට ම ආරම්භ වූවකි. දක්�ණ දේශයේ පාලකයා ව සිටි අවධියේ සිට ඔහුගේ වාරිකර්මාන්ත කටයුතු ක්‍රියාත්මක වූ අයුරු චූලවංසය පැහැදිලි ව සඳහන් කරයි. මෙම ලේඛනයේ අරමුණ වන්නේ පරාක්‍රමබාහු රජුගේ නව වාරිකර්මාන්ත හා ඔහු විසින් ප්‍රතිසංස්කරණය කරවන ලද වාරි පද්ධතිත් පිළිබඳ ව දේශීය මූලාශ්‍ර ඇසුරින් හඳුනා ගැනීම හා විග්රහ කිරීමත් ඒවායේ අවකාශ ව්‍යාප්තිය පිළිබඳ ව සොයා බැලීමත් ය.

ප්‍රධාන මූලාශ්‍රය ලෙස චූලවංසයත්, පූජාවලිය සහ යටත් විජිත යුගයේ මේ පිළිබඳ අධ්‍යයනය කළ බ්‍රොaහියර්, නිකොලස්, කොඩ්රිංටන් වැනි වියතුන්ගේ ලේඛනත් භාවිත කරන ලදී.

I වන පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත

පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත අධ්‍යයනය කිරීම අවධි දෙකකට ඇතුළත් කළ හැකිය.

1. දක්ෂිණ දේශයේ පාලකයා ව සිටි අවධියේ කරන ලද වාරි කර්මාන්ත.

2. සමස්ත දිවයින එක්සේසත් කළ පසු සිදු කරන ලද වාරි කර්මාන්ත.

I දක්ෂිණ දේශයේ පාලකයා ව සිටි අවධියේ කරන ලද වාරි කර්මාන්ත

චූලවංශයේ 68 වන පරිච්ඡේදය මේ අවධිය සම්බන්ධ ව වැදගත් විස්තරයක් සපයයි. මෙම පරිච්ඡේදය සරඡ්ජ සම්ද්ධිකරණ (සිය රාජධානිය වර්ධනය කර ගැනීම) යනුවෙන් හැඳින්වේ. පරාක්‍රමබාහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයක් වන "අහසෙන් වැටෙන දිය බිඳක් හෝ නිශ්ප්රයෝජන ව මුහුදට ගලා නොයා යුතුය". යන කියමන චූලවංසයේ දැක්වෙන්නේ මේ අවධියේ දී ඔහු තුළ වූ අදහසක් ලෙසයි (චූලවංසය 68 පරි( 11 ගාථාව). මෙහි දී දක්�ණ දේශයේ භූගෝලීය පිහිටීම හා එහි සීමාවන් අවධානයට ලක් කිරීම වැදගත් ය. මේ අවධිය වන විට දක්�ණ දේශය, උතුරින් කලා ඔයත් නැගෙනහිරින් මාතලේ දිස්ත්‍රික්කය හා උඩුදුම්බරත් දකුණින් බෙන්තොට ගඟත් බටහිරින් මුහුදත් සීමා ලෙස වූ භූමි ඒකකයක් විය. මෙම භූමි ඒකකයේ කෘෂිකාර්මික සංවර්ධනයට ඔහුගේ දැඩි අවධානය යොමුවීමට එක් හේතුවක් වූයේ පසුකාලීන ව රජරට තමා සතුකර ගැනීමේ මූලික පදනම දමා ගැනීමයි.

දක්ෂිණ දේශයේ සිදුකළ වාරිකර්මාන්ත අතර ප්‍රධාන තැනක් ගත්තේ දැදුරු ඔය (ජඡ්ජර නදී) හරස් කිරීමෙන් කරන ලද වාරිකර්මයයි. දැදුරුඔය හරවා කෘෂිකර්මාන්තයට ජලය ලබාගැනීමට ඔහු පෙළඹවූ ප්‍රධාන කාරණයක් ලෙස චූලවංසය දක්වන්නේ එවකට රජරටට සාපේක්ෂව මේ ප්‍රදේශයේ කුඹුරු වලට ස්ථාවර ජල සැපයුමක් නොතිබීමයි. මෙහි කුඹුරු වලට ජලය සැපයුනේ වැසි දියෙන් පිරෙන කුඩා වැව් සමූහයක් මගිනි. එමෙන්ම චූලවංශය දක්වන පරිදි දක්�ණ දේශයේ බිමෙන් සැලකිය යුතු පෙදෙසක් මඩ වගුරු, ඝන වනාන්තර හා කඳුහෙල් වලින් යුක්ත විය.

පරාක්‍රමබාහු කුමරු විසින් දැදුරු ඔය ස්ථාන තුනක දී හරස්කර අමුණු බඳවන ලදී. ඒවා මෙසේ විය.

I කොට්ඨබද්ධ අමුණ

II සූකරනිඡ්ජර අමුණ

III දොaරදත්තික අමුණ

(දිවයින එක්සත් කළ පසු "ජඡ්ජර නඡ්ජර" නමින් තවත් අමුණක් දැදුරු ඔයේ ඉදිකළ බව ද චූලවංසයේ සඳහන් වේ.)

I කොට්ඨබද්ධ අමුණ

මෙම අමුණ දැදුරුඔයේ වර්තමාන කුරුණෑගල පුත්තලම් දිස්ත්‍රක් මායිම් ප්‍රදේශයේ පිහිටි බව සැලකේ. එහි පැහැදිලි ශේෂයන් හඳුනා ගත නොහැකිය. චූලවංශයට අනුව නඩත්තු කිරීම ඉතා දුෂ්කර වූ මෙම වාරිකර්මාන්තය උපදේශකයන්ගේ විරෝධය ද නොතකා නොපසුබට උත්සාහයෙන් දියත් කළ එකකි. අමුණු බිමේ සිට රත්නකාර ජනපදය තෙක් ගැඹුරු හා පළල් මව් ඇළක් තනවා ඉතා ශක්තිමත් ලෙස අමුණ බැඳවී ය. අමුණේ ගල් මූට්ටු නොපෙනෙන තරම් සියුම් ව මේ කර්මාන්තය කළ බව චූලවංසය කියයි. (චූලවංසය 68. පරි( 26, 27, 30, 31, ගාථා).

ඇළ දෙපස පෙදෙස් කෙත් කරවා ඉතිරි ජලය මුහුදට යොමු කර ඇත. දැනට සෙංගල් ඔය ලෙස හඳුන්වනු ලබන ඔය මෙම ඇළෙහි කොටසක් ලෙස ද අනුමාන කෙරේ. එකල කොට්ඨබද්ධ ජනපදය පිහිටියේ දැදුරු ඔය හා රත්තඹවල ඔය අතර පෙදෙසේ විය යුතු ය. මෙහිදී සැලකිය යුතු අදහසක් ඉදිරිපත් කරන බ්‍රොහියර්, දැදුරු ඔය සිට හලාවත මුන්නේස්වරම් ප්‍රදේශය දක්වා ජලය සැපයූ ඇළක් තිබූ බව පවසයි. (Broheir 1934).

II සුකර නිඡ්ජර අමුණ

චූලවංසයට අනුව දැදුරුඔයේ අතු ගංගා දෙකක වන සංඛවඩ්ඨමානක සහ කුම්භීලවාන (හක්වටුන ඔය හා කිඹුල්වාන ඔය) හමුවන ස්ථානයේ මෙම අමුණ බඳවා ඇත. ඉන්පසු මේ අමුණේ සිට ඇළක් කප්පවා මහා ගල්ලක වාපියට ජලය ගෙන ගොස් ඇත. මේ වැව නිකවැරටියේ මාගල්ල වැව වන අතර එය මහසෙන් රජු (ක්‍රි. ව. 247-301) විසින් තනවන ලද්දකි. සූකර නිඡ්ජර අමුණේ පිහිටීම චූලවංස කතුවරයා පටලවා ගෙන ඇති බව පෙනේ. මන්ද මාගල්ල වැවට ජලය ගෙන යන එකම ඇළ ආරම්භවන්නේ එබවලපිටියේ ඇති අමුණෙනි. මෙය චූලවංස කතුවරයා දක්වන ස්ථානයට බොහෝ පහතින් පිහිටන ස්ථානයකි. මේ අනුව කිඹුල්වාන ඔය හා හක්වටුන ඔය සම්භේද ස්ථානයෙහි එය පිහිටන බවට දක්වන අදහස සාවද්‍ය ය.

ඩී. ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමැති ව සිටි කාලයේ අරඹන ලද රිදී බැඳි ඇළ ව්‍යාපාරයට අදාළ අමුණ බැඳ ඇත්තේ පැරණි එබවලපිටිය අමුණට කිලෝමීටර් 4 ක් පමණ ඉහළිනි.

එවබලපිටිය අමුණ 1889 දී පැවැති තත්ත්වය පිළිබඳ ව පාකර් සිය යෝජිත දැදුරු ඔය යෝජනා ක්‍රමය පිළිබඳ වාර්තාවේ සඳහන් කරයි. පාකර්ට අනුව එය පැරණි ලංකාවේ පැවැති විශිෂ්ට අමුණකි. අමුණ දිගින් අඩි 360 කි. පළල අඩි 40 කි. ගඟ මැද අඩි 135 ක කොටසක් ගසා ගෙන ගොස් ඇත. අති දක්ෂ ලෙස ගල් සම්බන්ධ කොට ඇති අතර යටි ගං පැත්තේ නිමැවුම ඉතා විශිෂ්ටය. අද ද සැලකිය යුතු කොටසක් ශේෂ ව තිබෙන අතර පිහිටි ගලෙහි කළ කැපුම් හා පැරණි කොන්ක්‍රීට් බදාම හොඳින් නිරීක්ෂණය කළ හැකිය. බදාමයේ ඇති තිරුවාණා ගල් කැබලි තවමත් ගැලවිය නොහැකි පරිදි ශක්තිමත් ව පවතී.

මෙම අමුණෙන් මාගල්ලේ වැවට ජලය ගෙන යන ඇළ මාර්ගය සකස් කිරීමට භූ විෂමතාව පිළිබඳ සූක්ෂම දැනුම විශිෂ්ට තාක්ෂණ උපක්‍රමයකට හරවා තිබේ. අමුණ බැඳි ස්ථානයේ ගං ඉවුරු අමුණට වඩා උසින් පිහිටා ඇත. එයින් ඇළක් කැපීම දුෂ්කර ය. මෙහි දී එකල ඉංජිනේරුවන් භාවිත කළ උපක්‍රමය වූයේ ඔයෙන් සෘජුව ම ඇළක් කැපීම නොවේ. අමුණෙහි ජලය පිරෙන විට ඊට මීටර් 180 ක් ඉහළින් (Withanachchi, 2003) ඔයට වැටෙන ස්වාභාවික තලගල්ල ඇළේ ජල මට්ටම ඉහළ යයි. එම ඇළේ, ඔයේ සිට මීටර් 856 ක් දුරින් ඇරඹෙන කෘත්‍රිම ඇළ වූ රිදී බැඳි ඇළ දිගේ මාගල්ලේ වැවට ජලය ගෙන යයි. කොඩ්රිංටන් ට අනුව අමුණේ සිට මුළු ඇළ මාර්ගය සැතපුම් 8 1/2 කි.

III දොරදත්තික අමුණ

පිහිටීම විමසන විට මෙය දැදුරු ඔයේ පෙර කී අමුණු වලට ඉහළින් පිහිට අමුණකි. එනම්, අතු ගංගා දෙකේ දෙමෝදරට නුදුරින් පිහිට අමුණයි. මේ අනුව චූලවංස කතුවරයා සූකර නිඡ්ජර අමුණෙහි පිහිටීම ලෙස දක්වන්නේ දොaරදත්තික අමුණේ පිහිටීම විය යුතු ය.

දොරදත්තික අමුණෙන් රැඳවූ ජලය ඇළක් මගින් තිලගල්ලක වාපියට ගෙන ගොස් ඇත. එහි සිට සූකර නිඡ්ජර අමුණට ආසන්න ප්‍රදේශය තෙක් වගා කර ඇත (චූලවංසය 68 පරි( 44 ගාථාව). මෙම වැව මේ ප්‍රදේශයේ පිහිටි තලගල්ල වැව යෑයි කොඩ්රිංටන් හඳුනා ගනී. තලගල්ල වැවෙන් පිටවන වැඩි වතුර, තලගල්ල ඇළ මගින් ගෙන ගොස් නැවත දැදුරු ඔයට එක් කෙරේ. දෙවන අමුණ බඳවා ඇත්තේ මීට මදක් පහළිනි.

හක්වටුනාඔය හා කිඹුල්වාන ඔය හමුවන ස්ථානයේ බැඳවූ මෙම අමුණ ගැන ද පාකර් විස්තර කරයි. ඒ අනුව එය අඩි 280 ක් දිග ශක්තිමත් බැම්මකි. උපරිම උස අඩි 15 කි. පළල අඩි 33 - 57 පමණ වේ. භාවිත කරන ලද ගල්කුට්ටි පිළිබඳ විස්තරයක් කරන පාකර් එයි විශාල ගල් ටොන් 10 1/2 ක් පමණ බර බව සඳහන් කරයි.

ඉහත කී දැදුරු ඔය ආශ්රිත වාරි කර්මාන්තවලට අමතරව පරාක්‍රමබාහු විසින් පාණ්ඩ වාපි නමින් වූ පැරණි වැවේ කණ්ඩිය දික් කොට අඩි 24 ක් පමණ උස් කරවා විශාල කරවන ලදී, මේ වැව දැනට පඬුවස් නුවරට නුදුරුව ඇති පඬා වැවයි. මෙහිදී පෙනෙන විශේෂ කරුණ වන්නේ මෙම වැව එතුමා විසින් .පරාක්‍රම සමුද්‍ර" ලෙස නම් කිරීමයි (චූලවංසය 68 පරි( 39 ගාථාව).

පරාක්‍රමබාහුගේ වාරිකර්මාන්ත ගැන පූජාවලිය පවසන්නේ මෙ පමණකි.

"....මහා සමුද්‍රය - බෑන සමුද්‍රය - මති සාගරය - අතුමළ වැව - කදුරුවඩුන්නා වැව - පඬාවැව යන මහ වැව් සයක් බඳවා අචිරවතී ඇළ බිඳුවා...." (පූජාවලිය පරි( 34.783).

පූජාවලියට අනුව පඬා වැව පරාක්‍රමබාහුගේ ම කෘතියක් ලෙස දැක්වේ. චූලවංශයට අනුව පරාක්‍රමබාහු විසින් දක්�ණ දේශයේ විශාලකර බඳවන ලද හෝ පිළිසකර කරවන ලද හෝ වැව් ගණන 58 කි. එහෙත් නම් වශයෙන් දැක්වෙන්නේ පඬා වැවට අමතර ව 36 ක් පමණි. මින් සමහරක් දැනට හඳුනාගෙන ඇති අතර කොටසක් අවිනිශ්චිත ය. අංක 4, 5, 6, 8, 12, 16, 17, 18, 20, 23, 27 යන හඳුනා ගැනීම් කොඩ්රිංන්ටන් ට අනුව ය.

පරාක්‍රමබාහු කුමරු විසින් දක්ෂිණ දේශයේ කරන ලද වාරි කර්මාන්ත පස් යොදුන් රට තෙක් ද ව්‍යාප්ත විය. චූලවංසයට අනුව පංචයෝජන රට්ඨයෙහි මිනිස් වාසයට නුසුදුසු මහා විල් හා වගුරුබිම්වල ජලය ගංගාවලට බස්සවා විශාල භූමි භාගයක් ගොවිතැනට සුදුසු පරිදි සකස් කරන ලදී, (චූලවංසය 68 පරි( 51, 52 ගාථා).

2. සමස්ත දිවයින එක් සේසත් කළ පසු සිදු කළ වාරි කර්මාන්ත

පොළොන්නරුවේ රජවීමෙන් පසු පරාක්‍රමබාහු විසින් සිදු කරන ලද වාරි කර්මාන්ත පිළිබඳ චූලවංසය දක්වන සංඛ්‍යා ලේඛන විස්මයජනක බව නිකොලස් පවසයි (Nicholas 1954). චූලවංස විස්තරයට අනුව අලුතින් තැන වූ හෝ පිළිසකර කළ හෝ වාරි කර්මාන්ත පිළිබඳ සංඛ්‍යා මෙසේය.

මහ වැව් - 163

සුළු වැව් - 2376

අමුණු - 165

ඇළවල් - 3910

ගල් සොරොව් - 341

අලුත්වැඩියා කරන ලද

බිඳුනු තැන් - 1753

පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද දැවැන්තම වාපි කෘත්‍යය වූයේ පරාක්‍රම සමුද්‍රය යි. එමෙන්ම පරක්කම තලාක නමින්ද පරක්කම සාගර නමින්ද වැව් 2 ක් ඔහු විසින් කරවනු ලැබ ඇත. පූජාවලියෙහි සඳහන් මති සාගරය මෙම පරක්කම සාගරය යෑයි නිකොලස් යෝජනා කරයි. පරක්කම තලාකය රියන් සියයක ගල් සොරොව්වක් සහිත යෑයි චූලවංසය කියයි. මේ වැව නිශ්චිත ව හඳුනාගෙන නොමැත.

අඹන් ගඟේ (කාර ගඟේ) අංග මැඩ්ල්ල අමුණේ සිට කැපූ ආකාශ ගංගාව නමැති ඇළ මගින් සුප්‍රසිද්ධ පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙන ගිය අතර මේ ඇළේ සිට උතුරට කැපූ ගෝදාවරී ඇළ මගින් පරක්කම සාගරයට ජලය ගෙන යන ලදී. මේ අනුව පරාක්‍රම සාගරයේ පිහිටීම ලෙස යෝජනා කළ හැක්කේ මින්නේරි ඔය හා පරාක්‍රම සමුද්‍රය අතර පිහිටි පෙදෙසකි. පරාක්‍රම නම හා බද්ධ වූ වැව් 3 ට අමතරව ඔහු විසින් කරවන ලද මහින්ද තලාක හා එකාහවාපි යන වැව් දෙකක් පිළිබඳව ද චූලවංසය සඳහන් කරන අතර මින් මහින්ද තලාකය යනු වව්නියාව අසල ඇති මාමඩුව වැව යෑයි නිකොලස් යෝජනා කරයි. පරාක්‍රමබාහු විසින් අලුතින් තැන වූ ඉහත සඳහන් වැව් අතරින් සුවිශේෂ නිමැවුම වූ පරාක්‍රම සමුද්‍රය පිළිබඳ වෙන ම සලකා බැලිය යුතු ය.

පරාක්‍රම සමුද්‍රය

මහවැලි නදී නිම්නයේ ඉදිකෙරෙණු පරාක්‍රම සමුද්‍රය ඊට පෙර පැවැති තෝපා වැව, දුඹුටුලු වැව හා එරමුදු වැව යන වැව් තුන ද එක් කරමින් තැනවූවකි. මෙයට ජලය රැගෙන ඒමට අඹන් ගඟ අංගමැඩිල්ලේ දී හරස් කර ආකාස ගංගාව නමැති ඇළ ඉදි කෙරිණි.

පරාක්‍රම සමුද්‍රයේ සාපේක්ෂ පිහිටීම පහත සඳහන් වේ.

උතුරින් - හබරන ප්‍රදේශය, සින්නකුලම් හා දිවුලන්කඩවල වැව

නැගෙනහිරින් - පොළොන්නරු නගරය, ගොනාගොල්ල, ගලවච්චිකුලිය

දකුණින් - කලහගල ගම්මානය, කලහගල වැව, කුකුරු මහවෙල, අංගමැඩිල්ල, කොටවැල්ල වැනි ගම්

බටහිරින් - සුදුකන්ද හා නැබදිල්ල කඳුවැටිය

පරාක්‍රම සමුද්‍රය නමට ගැළපෙන අයුරින්ම දැවැන්ත කෘතියකි. එහි දැවැන්ත බව වෙසෙසා දැක්වීමට පරාක්‍රමබාහු රජුට අවශ්‍ය විය. වැව් බැම්මේ තැනින් තැන සංස්කෘත හා සිංහල ලේඛන සහිත ගල් සිටුවන ලදී. ඒවා අතර දුර ප්‍රමාණ, අනෙක් වැව් වල බැම්වල දිගට සමාන විය. කණුවල පරතරය සමඟ එම වැව්වල නම් ද දැක්වීමෙන් තම කෘතියේ දැවැන්ත බව පෙන්වන ලදි, ඉන් කිහිපයක් මෙසේ ය.

වැවේ වර්තමාන ප්‍රමාණය මෙසේය.

බැම්වේ දිග - කිලෝ මීටර් 12.38

වැව් කණ්ඩියේ උපරිම උස - මීටර් 9.45

ජලයෙන් වැසුණු බිම් ප්‍රමාණය - හෙක්ටයාර 2539.5

ජල ධාරිතාව - අක්කර අඩි 109,000

ජල පෝෂිත බිම් ප්‍රමාණය - වර්ග කිලෝමීටර් 945.1

පරාක්‍රම සමුද්‍රයේ වූ සොරොව් 7 ක නම් හා ඉන් නික්මෙන ඇළ මාර්ග 8 ක නම් චූල වංසයේ දැක්වේ.

මේවා ඔහු විසින් කරවූ අනෙකුත් ඇළ මාර්ග මෙන්ම භාරතීය නම් වලින් යුක්ත විය.

(චූල වංසය 79 පරි( 41 - 48 ගාථා).

මින් සොරොව් 3 ක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඇත (බස්නායක 1977).

පසුව පරාක්‍රම සමුද්‍රයේ ම කොටසක් බවට පත්වූ තෝයවාපියෙන් නික්මුණු ඇළවල් 2 ක් ගැනද චූලවංසය සඳහන් කරයි.

සග තෝවාපියෙන් පුණ්ණවඩ්ඪනවාපියට ගලා ගිය සරස්වතී ඇළ.

සස තෝයවාපියේ බටහිරින් ගලා ගිය වේනුමතී ඇළ.

පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද අනෙකුත් ඇළ මාර්ග

1. පුණ්ණවඩ්ඪන වැවෙන් බටහිරට යොමුවූ යමුනා ඇළ

2. එම වැවෙන් උතුරට ගියා වූ සරභූ ඇළ

3. ලක්ෂෝද්යානය මැදින් ගිය චන්ද්රභාගා ඇළ

4. ඡේතවන විහාරන්තයෙන් නික්ම ගියා වූ නර්මදා ඇළ

5. එයින් උතුරට නික්මුණු නේරංජරා ඇළ

6. අනෝතප්ත වැවෙන් නික්මුණු භාගිරථ ඇළ

7. අනෝතප්ත වැවෙන් දකුණට ගලා ගිය ආවර්ත ගංගා ඇළ

8. අඹාල වැවෙන් උතුරු දිගට ගිය තම්බපණ්ණි ඇළ

9. මහවැලි ගඟෙන් බටහිරට කැපූ අචිරවතී ඇළ

10. මහවැලි ගඟෙන් නැගෙනහිරට කැපූ ගෝමතී ඇළ

11. එම ඇළෙන් බෙදී උතුරට ගිය මලාපහරණි ඇළ

12. අචිරවතී ඇළෙන් නැගෙනහිරට බෙදී ගිය යතරුද්ධ, නිර්බින්ද, ධවල හා සීද නම් වූ ඇළවල් හතර

13. මින්නේරි වැවෙන් දකුණු දිගට ගලා ගිය කාලින්දි ඇළ

14. ගිරිතලා වැවෙන් කදුරුවඩමන් වැවට ගිය කාවේරි ඇළ

15. කදුරුවඩමන් වැවෙන් අරිමද්ද විජයගාමයට ගිය සෝමවතී ඇළ

පරාක්‍රමබාහු රජු මහවැලි ගඟ හරස් කර වාරි කර්මාන්ත කළ බවද මේ අනුව පැහැදිලි ය. මින් ගෝමතී ඇළ දිඹුලාගල හරහා ගොස් මාදුරු ඔයෙන් අවසන් විය. මේ ඇළෙන් බෙදී උතුරට ගිය ඇළ වෙරුගල් ආර ප්‍රදේශයට ගමන් කර ඇත. මහසෙන් රජු (ක්‍රි.ව. 274-301) විසින් තනවන ලද පබ්බතන්න ඇළ පරාක්‍රමබාහු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදුව ගෝමතී හෝ අචිරවතී යනුවෙන් හඳුන්වන්නට ඇති බවට නිකොලස් යෝජනා කරයි. (භසජයදක්s 1954)ග පරාක්‍රමබාහු විසින් තනවන ලද ඇළවල්වල නම් වලින් පූජාවලී කර්තෘ විසින් සඳහන් කෙරෙන්නේ අචිරවතී ඇළ ගැන පමණි. ධාතුසේන රජු (ක්‍රි.ව. 455 - 473) විසින් කරවන ලද විශිෂ්ට වාරි මාර්ගයක් වූ ජය ගඟ ද පරාක්‍රමබාහු අතින් ප්‍රතිසංස්කරණයට ලක් විය. මහරජු බවට පත්වීමෙන් පසු පරාක්‍රමබාහු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් සමූහය පහත දැක්වේ.

සමාලෝචනය

පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත පිළිබඳ විමසන විට පැහැදිලි වන්නේ, එය ලංකාවේ භූමියෙන් සැලකිය යුතු කොටසක අඩු තරමින් දශක හතරක කාලයක් තුළ නිර්මාණය වූ බවකි. වර්තමාන බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයත් ඇතුළු ව වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර, ඌව, දකුණ, මධ්‍යම යන පළාත් යටත් පිරිසෙයින් ඔහුගේ වාරි ප්රතිසංස්කරණයකට හෝ ලක්විය. පරාක්‍රමබාහු තුළ වූ අප්‍රතිහත ධෛර්යය හා කුමාර කාලයේ සිට ම පැවැති ආකල්පය, දැවැන්ත වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීමට හේතු වූ බව මූලාශ්‍ර හෙළි කරයි. පරාක්‍රමබාහු සමය පෙන්නුම් කරන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ගමික වාපි පද්ධතියේ සිට වර්ධනය වෙමින් පැවැති වාපි සංස්කෘතිය, සමුද්‍ර සංකල්පයක් තෙක් ප්‍රසාරණය වූ ආකාරය යි. පරාක්‍රමබාහු රජුගේ පාලන කාලය තුළ වැව් පද්ධතිය ඇතුළු වාරිමාර්ග පද්ධතිය සමඟ බැඳුණු උසස් කළමනාකරණ ක්‍රියාවලියක් පැවතුණු බවට සැකයක් නැත. ඒ හා බැඳුණු නිලධාරී දූරාවලියක් නොමැතිව අති විශාල වාරි පද්ධතියක් කළමනාකරණය කළ නොහැකි ය. ජලය රැස්කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම, අතිරික්තය පාලනය ආදී ජල පාලන විධික්රම ක්‍රමිකව ස්ථාපනය වී තිබුණු බවට යෝජනා කළ හැකි ය.

පෙරදිග ධාන්‍යාගාරය යන විරුදය ලංකාවට ලැබුණේ මේ දැවැන්ත වාරි පද්ධති මගින් ජනනය කළ ආහාර අතිරික්තය හේතු කොට ගෙන ය. පරාක්‍රමබාහුගේ වාරිකර්මාන්ත, සියවස් ගණනක විකාශයේ අග්‍රඵලය වූවා සේ ම ඔහුගේ පාලන කාලය නිමා වී දශකයක් පමණ ගතවන විට ලාංකේය වාරි තාක්ෂණයේ අවසන් කාල පරිච්ඡේදය ද සනිටුහන් විය. කැරලි කෝලාහල මගින් ඇති වුණු දේශපාලනික අස්ථාවර බව මීට ප්‍රධාන හේතුව විය. එමෙන් ම පරාක්‍රමබාහු රජු විසින් දියත් කර තිබූ විදේශ ආක්‍රමණ ඇතුළත් ප්‍රතිපත්තිය ද ලංකාවට ඔරොත්තු දෙන මට්ටමක නොතිබූ බවත් ඔහුගේ පාලන කාලය තුළ ම පරිපාලනය බිඳ වැටීමේ ලකුණු මතු කිරීමට එය හේතු වූ බවත් ඉතිහාසඥයෝ යෝජනා කරති. ක්‍රිස්තු වර්ෂ 1215 දී සිදු වූ කාලිංග මාඝගේ ආක්‍රමණය, සමස්ත වාරි පද්ධතියේත් සමස්ත ලාංකේය ශිෂ්ටාචාරයෙත් පරිහානියට හේතු විය.

ආශ්රිත ග්රන්ථ නාමාවලිය

ඤාණවිමල, කේ. 1997, පූජාවලිය (...සංස්කරණය) කොළඹ ( එම්. ඩී. ගුණසේන.)

බස්නායක, එච්. ටී. 1997. පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරය කොළඹ( එම්. ඩී. ගුණසේන.)

ලියනගමගේ, ඒ. 1989, මධ්‍ය කාලීන ලංකා ඉතිහාසය. කොළඹ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව.

සුමංගල, එච්. සහ බටුවත්තුඩුවේ, ආර්. 1946. මහාවංසය (....සිංහල පරිවර්තනය) කොළඹ( රත්නාකර පොත්හල.)

ශාස්ත්‍රපති සමන්තිලක විඡේවර්ධන මහතා විසින් දිවයින පුවත්පතට ලියන ලද ලිපියකින් උපුටාගන්නා ලදි, මිතුරන් අතර දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පල කරන ලද අතර වෙනත් කිසිදු වාණිජ අරමුණක් නොමැතිබවත්, ගෞරවනීය ස්තුතිය ලේඛකතුමාට හිමිවියයුතු බවත් සඳහන් කරමි.

[QUOTE="Lejayange, post: 23401039, member: 529216"] [b]►. මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත[/b] [CENTER][SIZE="3"][COLOR="DarkSlateGray"][B]මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත[/B] [IMG]https://kadulla.files.wordpress.com/2010/11/dsc04696.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER][SIZE="3"][COLOR="DarkSlateGray"] ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගයේ ආරම්භයත් සමඟ ම ගොඩනැඟුණු සංස්කෘතිය වාපි සංස්කෘතියක් ලෙස හැඳින්විය හැකි ය. එය ගමික වැව් පද්ධතියකින් ඇරඹී ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස වන විට මහා වාපි පද්ධතියක් තෙක් විකාශනය වනු පෙනේ. අනුරාධපුර රාජධානියේ අවසානයත් සමඟ අගනුවර පොළොන්නරුවට විකේන්ද්‍රණය වුවත් ආක්‍රමණිකයන්ගෙන් භූමිය මුදාගත් 1 වන විජයබාහු රජ (ක්‍රි. ව. 1055 - 1110) අනුරාධපුර යුගය තුළ නිර්මිත වාපි පද්ධති හා වාරිමාර්ග පිළිසකර කළේය. (වූලවංසය පරි( 60, 48-54 ගාථා). පොළොන්නරු යුගය තුළ දේශීය වාරි කර්මාන්තය ප්‍රබල සංවර්ධනයකට ලක් වනුයේ 1 වන පරාක්‍රම බාහු රජුගේ කාලයේ දීය (ක්‍රි. ව. 1153 - 1183). එක් අතකින් එය වාපි සංස්කෘතිය තුළ තිබූ වැව පිළිබඳ සංකල්පය සමුද්‍ර සංකල්පයක් දක්වා පරිවර්තනය කිරීමක් විය, ශ්‍රී ලංකාවේ භූ විෂමතාවයන් හා ජල වහන රටාවන් පිළිබඳ පැහැදිලි හා නිශ්චිත අධ්‍යයනයකින් හෙබි ඉංජිනේරුවන්ගේ සුවිශේෂ කාර්ය සමුදායක් හැටියට මේ යුගය තුළ නිම වූ වාරි කර්මාන්ත පද්ධතිය සැලකිය හැකි ය. පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත ව්‍යාපාරය ඔහු මුළු දිවයිනේ ම ආධිපත්‍ය ලබා ගැනීමට පෙර සිට ම ආරම්භ වූවකි. දක්�ණ දේශයේ පාලකයා ව සිටි අවධියේ සිට ඔහුගේ වාරිකර්මාන්ත කටයුතු ක්‍රියාත්මක වූ අයුරු චූලවංසය පැහැදිලි ව සඳහන් කරයි. මෙම ලේඛනයේ අරමුණ වන්නේ පරාක්‍රමබාහු රජුගේ නව වාරිකර්මාන්ත හා ඔහු විසින් ප්‍රතිසංස්කරණය කරවන ලද වාරි පද්ධතිත් පිළිබඳ ව දේශීය මූලාශ්‍ර ඇසුරින් හඳුනා ගැනීම හා විග්රහ කිරීමත් ඒවායේ අවකාශ ව්‍යාප්තිය පිළිබඳ ව සොයා බැලීමත් ය. ප්‍රධාන මූලාශ්‍රය ලෙස චූලවංසයත්, පූජාවලිය සහ යටත් විජිත යුගයේ මේ පිළිබඳ අධ්‍යයනය කළ බ්‍රොaහියර්, නිකොලස්, කොඩ්රිංටන් වැනි වියතුන්ගේ ලේඛනත් භාවිත කරන ලදී. I වන පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත අධ්‍යයනය කිරීම අවධි දෙකකට ඇතුළත් කළ හැකිය. [IMG]http://www.divaina.com/2012/02/22/table3.jpg[/IMG] 1. දක්ෂිණ දේශයේ පාලකයා ව සිටි අවධියේ කරන ලද වාරි කර්මාන්ත. 2. සමස්ත දිවයින එක්සේසත් කළ පසු සිදු කරන ලද වාරි කර්මාන්ත. I දක්ෂිණ දේශයේ පාලකයා ව සිටි අවධියේ කරන ලද වාරි කර්මාන්ත චූලවංශයේ 68 වන පරිච්ඡේදය මේ අවධිය සම්බන්ධ ව වැදගත් විස්තරයක් සපයයි. මෙම පරිච්ඡේදය සරඡ්ජ සම්ද්ධිකරණ (සිය රාජධානිය වර්ධනය කර ගැනීම) යනුවෙන් හැඳින්වේ. පරාක්‍රමබාහුගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයක් වන "අහසෙන් වැටෙන දිය බිඳක් හෝ නිශ්ප්රයෝජන ව මුහුදට ගලා නොයා යුතුය". යන කියමන චූලවංසයේ දැක්වෙන්නේ මේ අවධියේ දී ඔහු තුළ වූ අදහසක් ලෙසයි (චූලවංසය 68 පරි( 11 ගාථාව). මෙහි දී දක්�ණ දේශයේ භූගෝලීය පිහිටීම හා එහි සීමාවන් අවධානයට ලක් කිරීම වැදගත් ය. මේ අවධිය වන විට දක්�ණ දේශය, උතුරින් කලා ඔයත් නැගෙනහිරින් මාතලේ දිස්ත්‍රික්කය හා උඩුදුම්බරත් දකුණින් බෙන්තොට ගඟත් බටහිරින් මුහුදත් සීමා ලෙස වූ භූමි ඒකකයක් විය. මෙම භූමි ඒකකයේ කෘෂිකාර්මික සංවර්ධනයට ඔහුගේ දැඩි අවධානය යොමුවීමට එක් හේතුවක් වූයේ පසුකාලීන ව රජරට තමා සතුකර ගැනීමේ මූලික පදනම දමා ගැනීමයි. දක්ෂිණ දේශයේ සිදුකළ වාරිකර්මාන්ත අතර ප්‍රධාන තැනක් ගත්තේ දැදුරු ඔය (ජඡ්ජර නදී) හරස් කිරීමෙන් කරන ලද වාරිකර්මයයි. දැදුරුඔය හරවා කෘෂිකර්මාන්තයට ජලය ලබාගැනීමට ඔහු පෙළඹවූ ප්‍රධාන කාරණයක් ලෙස චූලවංසය දක්වන්නේ එවකට රජරටට සාපේක්ෂව මේ ප්‍රදේශයේ කුඹුරු වලට ස්ථාවර ජල සැපයුමක් නොතිබීමයි. මෙහි කුඹුරු වලට ජලය සැපයුනේ වැසි දියෙන් පිරෙන කුඩා වැව් සමූහයක් මගිනි. එමෙන්ම චූලවංශය දක්වන පරිදි දක්�ණ දේශයේ බිමෙන් සැලකිය යුතු පෙදෙසක් මඩ වගුරු, ඝන වනාන්තර හා කඳුහෙල් වලින් යුක්ත විය. පරාක්‍රමබාහු කුමරු විසින් දැදුරු ඔය ස්ථාන තුනක දී හරස්කර අමුණු බඳවන ලදී. ඒවා මෙසේ විය. [B]I කොට්ඨබද්ධ අමුණ II සූකරනිඡ්ජර අමුණ III දොaරදත්තික අමුණ[/B] (දිවයින එක්සත් කළ පසු "ජඡ්ජර නඡ්ජර" නමින් තවත් අමුණක් දැදුරු ඔයේ ඉදිකළ බව ද චූලවංසයේ සඳහන් වේ.) [B][U]I කොට්ඨබද්ධ අමුණ[/U][/B] [IMG]http://www.divaina.com/2012/02/22/table1.jpg[/IMG] මෙම අමුණ දැදුරුඔයේ වර්තමාන කුරුණෑගල පුත්තලම් දිස්ත්‍රක් මායිම් ප්‍රදේශයේ පිහිටි බව සැලකේ. එහි පැහැදිලි ශේෂයන් හඳුනා ගත නොහැකිය. චූලවංශයට අනුව නඩත්තු කිරීම ඉතා දුෂ්කර වූ මෙම වාරිකර්මාන්තය උපදේශකයන්ගේ විරෝධය ද නොතකා නොපසුබට උත්සාහයෙන් දියත් කළ එකකි. අමුණු බිමේ සිට රත්නකාර ජනපදය තෙක් ගැඹුරු හා පළල් මව් ඇළක් තනවා ඉතා ශක්තිමත් ලෙස අමුණ බැඳවී ය. අමුණේ ගල් මූට්ටු නොපෙනෙන තරම් සියුම් ව මේ කර්මාන්තය කළ බව චූලවංසය කියයි. (චූලවංසය 68. පරි( 26, 27, 30, 31, ගාථා). [IMG]http://www.divaina.com/2012/02/22/table2.jpg[/IMG] ඇළ දෙපස පෙදෙස් කෙත් කරවා ඉතිරි ජලය මුහුදට යොමු කර ඇත. දැනට සෙංගල් ඔය ලෙස හඳුන්වනු ලබන ඔය මෙම ඇළෙහි කොටසක් ලෙස ද අනුමාන කෙරේ. එකල කොට්ඨබද්ධ ජනපදය පිහිටියේ දැදුරු ඔය හා රත්තඹවල ඔය අතර පෙදෙසේ විය යුතු ය. මෙහිදී සැලකිය යුතු අදහසක් ඉදිරිපත් කරන බ්‍රොහියර්, දැදුරු ඔය සිට හලාවත මුන්නේස්වරම් ප්‍රදේශය දක්වා ජලය සැපයූ ඇළක් තිබූ බව පවසයි. (Broheir 1934). [B][U]II සුකර නිඡ්ජර අමුණ[/U][/B] චූලවංසයට අනුව දැදුරුඔයේ අතු ගංගා දෙකක වන සංඛවඩ්ඨමානක සහ කුම්භීලවාන (හක්වටුන ඔය හා කිඹුල්වාන ඔය) හමුවන ස්ථානයේ මෙම අමුණ බඳවා ඇත. ඉන්පසු මේ අමුණේ සිට ඇළක් කප්පවා මහා ගල්ලක වාපියට ජලය ගෙන ගොස් ඇත. මේ වැව නිකවැරටියේ මාගල්ල වැව වන අතර එය මහසෙන් රජු (ක්‍රි. ව. 247-301) විසින් තනවන ලද්දකි. සූකර නිඡ්ජර අමුණේ පිහිටීම චූලවංස කතුවරයා පටලවා ගෙන ඇති බව පෙනේ. මන්ද මාගල්ල වැවට ජලය ගෙන යන එකම ඇළ ආරම්භවන්නේ එබවලපිටියේ ඇති අමුණෙනි. මෙය චූලවංස කතුවරයා දක්වන ස්ථානයට බොහෝ පහතින් පිහිටන ස්ථානයකි. මේ අනුව කිඹුල්වාන ඔය හා හක්වටුන ඔය සම්භේද ස්ථානයෙහි එය පිහිටන බවට දක්වන අදහස සාවද්‍ය ය. ඩී. ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමැති ව සිටි කාලයේ අරඹන ලද රිදී බැඳි ඇළ ව්‍යාපාරයට අදාළ අමුණ බැඳ ඇත්තේ පැරණි එබවලපිටිය අමුණට කිලෝමීටර් 4 ක් පමණ ඉහළිනි. එවබලපිටිය අමුණ 1889 දී පැවැති තත්ත්වය පිළිබඳ ව පාකර් සිය යෝජිත දැදුරු ඔය යෝජනා ක්‍රමය පිළිබඳ වාර්තාවේ සඳහන් කරයි. පාකර්ට අනුව එය පැරණි ලංකාවේ පැවැති විශිෂ්ට අමුණකි. අමුණ දිගින් අඩි 360 කි. පළල අඩි 40 කි. ගඟ මැද අඩි 135 ක කොටසක් ගසා ගෙන ගොස් ඇත. අති දක්ෂ ලෙස ගල් සම්බන්ධ කොට ඇති අතර යටි ගං පැත්තේ නිමැවුම ඉතා විශිෂ්ටය. අද ද සැලකිය යුතු කොටසක් ශේෂ ව තිබෙන අතර පිහිටි ගලෙහි කළ කැපුම් හා පැරණි කොන්ක්‍රීට් බදාම හොඳින් නිරීක්ෂණය කළ හැකිය. බදාමයේ ඇති තිරුවාණා ගල් කැබලි තවමත් ගැලවිය නොහැකි පරිදි ශක්තිමත් ව පවතී. මෙම අමුණෙන් මාගල්ලේ වැවට ජලය ගෙන යන ඇළ මාර්ගය සකස් කිරීමට භූ විෂමතාව පිළිබඳ සූක්ෂම දැනුම විශිෂ්ට තාක්ෂණ උපක්‍රමයකට හරවා තිබේ. අමුණ බැඳි ස්ථානයේ ගං ඉවුරු අමුණට වඩා උසින් පිහිටා ඇත. එයින් ඇළක් කැපීම දුෂ්කර ය. මෙහි දී එකල ඉංජිනේරුවන් භාවිත කළ උපක්‍රමය වූයේ ඔයෙන් සෘජුව ම ඇළක් කැපීම නොවේ. අමුණෙහි ජලය පිරෙන විට ඊට මීටර් 180 ක් ඉහළින් (Withanachchi, 2003) ඔයට වැටෙන ස්වාභාවික තලගල්ල ඇළේ ජල මට්ටම ඉහළ යයි. එම ඇළේ, ඔයේ සිට මීටර් 856 ක් දුරින් ඇරඹෙන කෘත්‍රිම ඇළ වූ රිදී බැඳි ඇළ දිගේ මාගල්ලේ වැවට ජලය ගෙන යයි. කොඩ්රිංටන් ට අනුව අමුණේ සිට මුළු ඇළ මාර්ගය සැතපුම් 8 1/2 කි. [B][U]III දොරදත්තික අමුණ[/U][/B] පිහිටීම විමසන විට මෙය දැදුරු ඔයේ පෙර කී අමුණු වලට ඉහළින් පිහිට අමුණකි. එනම්, අතු ගංගා දෙකේ දෙමෝදරට නුදුරින් පිහිට අමුණයි. මේ අනුව චූලවංස කතුවරයා සූකර නිඡ්ජර අමුණෙහි පිහිටීම ලෙස දක්වන්නේ දොaරදත්තික අමුණේ පිහිටීම විය යුතු ය. දොරදත්තික අමුණෙන් රැඳවූ ජලය ඇළක් මගින් තිලගල්ලක වාපියට ගෙන ගොස් ඇත. එහි සිට සූකර නිඡ්ජර අමුණට ආසන්න ප්‍රදේශය තෙක් වගා කර ඇත (චූලවංසය 68 පරි( 44 ගාථාව). මෙම වැව මේ ප්‍රදේශයේ පිහිටි තලගල්ල වැව යෑයි කොඩ්රිංටන් හඳුනා ගනී. තලගල්ල වැවෙන් පිටවන වැඩි වතුර, තලගල්ල ඇළ මගින් ගෙන ගොස් නැවත දැදුරු ඔයට එක් කෙරේ. දෙවන අමුණ බඳවා ඇත්තේ මීට මදක් පහළිනි. හක්වටුනාඔය හා කිඹුල්වාන ඔය හමුවන ස්ථානයේ බැඳවූ මෙම අමුණ ගැන ද පාකර් විස්තර කරයි. ඒ අනුව එය අඩි 280 ක් දිග ශක්තිමත් බැම්මකි. උපරිම උස අඩි 15 කි. පළල අඩි 33 - 57 පමණ වේ. භාවිත කරන ලද ගල්කුට්ටි පිළිබඳ විස්තරයක් කරන පාකර් එයි විශාල ගල් ටොන් 10 1/2 ක් පමණ බර බව සඳහන් කරයි. ඉහත කී දැදුරු ඔය ආශ්රිත වාරි කර්මාන්තවලට අමතරව පරාක්‍රමබාහු විසින් පාණ්ඩ වාපි නමින් වූ පැරණි වැවේ කණ්ඩිය දික් කොට අඩි 24 ක් පමණ උස් කරවා විශාල කරවන ලදී, මේ වැව දැනට පඬුවස් නුවරට නුදුරුව ඇති පඬා වැවයි. මෙහිදී පෙනෙන විශේෂ කරුණ වන්නේ මෙම වැව එතුමා විසින් .පරාක්‍රම සමුද්‍ර" ලෙස නම් කිරීමයි (චූලවංසය 68 පරි( 39 ගාථාව). පරාක්‍රමබාහුගේ වාරිකර්මාන්ත ගැන පූජාවලිය පවසන්නේ මෙ පමණකි. "....මහා සමුද්‍රය - බෑන සමුද්‍රය - මති සාගරය - අතුමළ වැව - කදුරුවඩුන්නා වැව - පඬාවැව යන මහ වැව් සයක් බඳවා අචිරවතී ඇළ බිඳුවා...." (පූජාවලිය පරි( 34.783). පූජාවලියට අනුව පඬා වැව පරාක්‍රමබාහුගේ ම කෘතියක් ලෙස දැක්වේ. චූලවංශයට අනුව පරාක්‍රමබාහු විසින් දක්�ණ දේශයේ විශාලකර බඳවන ලද හෝ පිළිසකර කරවන ලද හෝ වැව් ගණන 58 කි. එහෙත් නම් වශයෙන් දැක්වෙන්නේ පඬා වැවට අමතර ව 36 ක් පමණි. මින් සමහරක් දැනට හඳුනාගෙන ඇති අතර කොටසක් අවිනිශ්චිත ය. අංක 4, 5, 6, 8, 12, 16, 17, 18, 20, 23, 27 යන හඳුනා ගැනීම් කොඩ්රිංන්ටන් ට අනුව ය. පරාක්‍රමබාහු කුමරු විසින් දක්ෂිණ දේශයේ කරන ලද වාරි කර්මාන්ත පස් යොදුන් රට තෙක් ද ව්‍යාප්ත විය. චූලවංසයට අනුව පංචයෝජන රට්ඨයෙහි මිනිස් වාසයට නුසුදුසු මහා විල් හා වගුරුබිම්වල ජලය ගංගාවලට බස්සවා විශාල භූමි භාගයක් ගොවිතැනට සුදුසු පරිදි සකස් කරන ලදී, (චූලවංසය 68 පරි( 51, 52 ගාථා). 2. සමස්ත දිවයින එක් සේසත් කළ පසු සිදු කළ වාරි කර්මාන්ත පොළොන්නරුවේ රජවීමෙන් පසු පරාක්‍රමබාහු විසින් සිදු කරන ලද වාරි කර්මාන්ත පිළිබඳ චූලවංසය දක්වන සංඛ්‍යා ලේඛන විස්මයජනක බව නිකොලස් පවසයි (Nicholas 1954). චූලවංස විස්තරයට අනුව අලුතින් තැන වූ හෝ පිළිසකර කළ හෝ වාරි කර්මාන්ත පිළිබඳ සංඛ්‍යා මෙසේය. මහ වැව් - 163 සුළු වැව් - 2376 අමුණු - 165 ඇළවල් - 3910 ගල් සොරොව් - 341 අලුත්වැඩියා කරන ලද බිඳුනු තැන් - 1753 පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද දැවැන්තම වාපි කෘත්‍යය වූයේ පරාක්‍රම සමුද්‍රය යි. එමෙන්ම පරක්කම තලාක නමින්ද පරක්කම සාගර නමින්ද වැව් 2 ක් ඔහු විසින් කරවනු ලැබ ඇත. පූජාවලියෙහි සඳහන් මති සාගරය මෙම පරක්කම සාගරය යෑයි නිකොලස් යෝජනා කරයි. පරක්කම තලාකය රියන් සියයක ගල් සොරොව්වක් සහිත යෑයි චූලවංසය කියයි. මේ වැව නිශ්චිත ව හඳුනාගෙන නොමැත. අඹන් ගඟේ (කාර ගඟේ) අංග මැඩ්ල්ල අමුණේ සිට කැපූ ආකාශ ගංගාව නමැති ඇළ මගින් සුප්‍රසිද්ධ පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙන ගිය අතර මේ ඇළේ සිට උතුරට කැපූ ගෝදාවරී ඇළ මගින් පරක්කම සාගරයට ජලය ගෙන යන ලදී. මේ අනුව පරාක්‍රම සාගරයේ පිහිටීම ලෙස යෝජනා කළ හැක්කේ මින්නේරි ඔය හා පරාක්‍රම සමුද්‍රය අතර පිහිටි පෙදෙසකි. පරාක්‍රම නම හා බද්ධ වූ වැව් 3 ට අමතරව ඔහු විසින් කරවන ලද මහින්ද තලාක හා එකාහවාපි යන වැව් දෙකක් පිළිබඳව ද චූලවංසය සඳහන් කරන අතර මින් මහින්ද තලාකය යනු වව්නියාව අසල ඇති මාමඩුව වැව යෑයි නිකොලස් යෝජනා කරයි. පරාක්‍රමබාහු විසින් අලුතින් තැන වූ ඉහත සඳහන් වැව් අතරින් සුවිශේෂ නිමැවුම වූ පරාක්‍රම සමුද්‍රය පිළිබඳ වෙන ම සලකා බැලිය යුතු ය. [B][U]පරාක්‍රම සමුද්‍රය[/U][/B] [CENTER][IMG]https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/02/9-1.jpg?w=800&ssl=1[/IMG][/CENTER] මහවැලි නදී නිම්නයේ ඉදිකෙරෙණු පරාක්‍රම සමුද්‍රය ඊට පෙර පැවැති තෝපා වැව, දුඹුටුලු වැව හා එරමුදු වැව යන වැව් තුන ද එක් කරමින් තැනවූවකි. මෙයට ජලය රැගෙන ඒමට අඹන් ගඟ අංගමැඩිල්ලේ දී හරස් කර ආකාස ගංගාව නමැති ඇළ ඉදි කෙරිණි. පරාක්‍රම සමුද්‍රයේ සාපේක්ෂ පිහිටීම පහත සඳහන් වේ. උතුරින් - හබරන ප්‍රදේශය, සින්නකුලම් හා දිවුලන්කඩවල වැව නැගෙනහිරින් - පොළොන්නරු නගරය, ගොනාගොල්ල, ගලවච්චිකුලිය දකුණින් - කලහගල ගම්මානය, කලහගල වැව, කුකුරු මහවෙල, අංගමැඩිල්ල, කොටවැල්ල වැනි ගම් බටහිරින් - සුදුකන්ද හා නැබදිල්ල කඳුවැටිය පරාක්‍රම සමුද්‍රය නමට ගැළපෙන අයුරින්ම දැවැන්ත කෘතියකි. එහි දැවැන්ත බව වෙසෙසා දැක්වීමට පරාක්‍රමබාහු රජුට අවශ්‍ය විය. වැව් බැම්මේ තැනින් තැන සංස්කෘත හා සිංහල ලේඛන සහිත ගල් සිටුවන ලදී. ඒවා අතර දුර ප්‍රමාණ, අනෙක් වැව් වල බැම්වල දිගට සමාන විය. කණුවල පරතරය සමඟ එම වැව්වල නම් ද දැක්වීමෙන් තම කෘතියේ දැවැන්ත බව පෙන්වන ලදි, ඉන් කිහිපයක් මෙසේ ය. වැවේ වර්තමාන ප්‍රමාණය මෙසේය. බැම්වේ දිග - කිලෝ මීටර් 12.38 වැව් කණ්ඩියේ උපරිම උස - මීටර් 9.45 ජලයෙන් වැසුණු බිම් ප්‍රමාණය - හෙක්ටයාර 2539.5 ජල ධාරිතාව - අක්කර අඩි 109,000 ජල පෝෂිත බිම් ප්‍රමාණය - වර්ග කිලෝමීටර් 945.1 පරාක්‍රම සමුද්‍රයේ වූ සොරොව් 7 ක නම් හා ඉන් නික්මෙන ඇළ මාර්ග 8 ක නම් චූල වංසයේ දැක්වේ. මේවා ඔහු විසින් කරවූ අනෙකුත් ඇළ මාර්ග මෙන්ම භාරතීය නම් වලින් යුක්ත විය. (චූල වංසය 79 පරි( 41 - 48 ගාථා). මින් සොරොව් 3 ක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඇත (බස්නායක 1977). පසුව පරාක්‍රම සමුද්‍රයේ ම කොටසක් බවට පත්වූ තෝයවාපියෙන් නික්මුණු ඇළවල් 2 ක් ගැනද චූලවංසය සඳහන් කරයි. සග තෝවාපියෙන් පුණ්ණවඩ්ඪනවාපියට ගලා ගිය සරස්වතී ඇළ. සස තෝයවාපියේ බටහිරින් ගලා ගිය වේනුමතී ඇළ. පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද අනෙකුත් ඇළ මාර්ග 1. පුණ්ණවඩ්ඪන වැවෙන් බටහිරට යොමුවූ යමුනා ඇළ 2. එම වැවෙන් උතුරට ගියා වූ සරභූ ඇළ 3. ලක්ෂෝද්යානය මැදින් ගිය චන්ද්රභාගා ඇළ 4. ඡේතවන විහාරන්තයෙන් නික්ම ගියා වූ නර්මදා ඇළ 5. එයින් උතුරට නික්මුණු නේරංජරා ඇළ 6. අනෝතප්ත වැවෙන් නික්මුණු භාගිරථ ඇළ 7. අනෝතප්ත වැවෙන් දකුණට ගලා ගිය ආවර්ත ගංගා ඇළ 8. අඹාල වැවෙන් උතුරු දිගට ගිය තම්බපණ්ණි ඇළ 9. මහවැලි ගඟෙන් බටහිරට කැපූ අචිරවතී ඇළ 10. මහවැලි ගඟෙන් නැගෙනහිරට කැපූ ගෝමතී ඇළ 11. එම ඇළෙන් බෙදී උතුරට ගිය මලාපහරණි ඇළ 12. අචිරවතී ඇළෙන් නැගෙනහිරට බෙදී ගිය යතරුද්ධ, නිර්බින්ද, ධවල හා සීද නම් වූ ඇළවල් හතර 13. මින්නේරි වැවෙන් දකුණු දිගට ගලා ගිය කාලින්දි ඇළ 14. ගිරිතලා වැවෙන් කදුරුවඩමන් වැවට ගිය කාවේරි ඇළ 15. කදුරුවඩමන් වැවෙන් අරිමද්ද විජයගාමයට ගිය සෝමවතී ඇළ පරාක්‍රමබාහු රජු මහවැලි ගඟ හරස් කර වාරි කර්මාන්ත කළ බවද මේ අනුව පැහැදිලි ය. මින් ගෝමතී ඇළ දිඹුලාගල හරහා ගොස් මාදුරු ඔයෙන් අවසන් විය. මේ ඇළෙන් බෙදී උතුරට ගිය ඇළ වෙරුගල් ආර ප්‍රදේශයට ගමන් කර ඇත. මහසෙන් රජු (ක්‍රි.ව. 274-301) විසින් තනවන ලද පබ්බතන්න ඇළ පරාක්‍රමබාහු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදුව ගෝමතී හෝ අචිරවතී යනුවෙන් හඳුන්වන්නට ඇති බවට නිකොලස් යෝජනා කරයි. (භසජයදක්s 1954)ග පරාක්‍රමබාහු විසින් තනවන ලද ඇළවල්වල නම් වලින් පූජාවලී කර්තෘ විසින් සඳහන් කෙරෙන්නේ අචිරවතී ඇළ ගැන පමණි. ධාතුසේන රජු (ක්‍රි.ව. 455 - 473) විසින් කරවන ලද විශිෂ්ට වාරි මාර්ගයක් වූ ජය ගඟ ද පරාක්‍රමබාහු අතින් ප්‍රතිසංස්කරණයට ලක් විය. මහරජු බවට පත්වීමෙන් පසු පරාක්‍රමබාහු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් සමූහය පහත දැක්වේ. සමාලෝචනය පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්ත පිළිබඳ විමසන විට පැහැදිලි වන්නේ, එය ලංකාවේ භූමියෙන් සැලකිය යුතු කොටසක අඩු තරමින් දශක හතරක කාලයක් තුළ නිර්මාණය වූ බවකි. වර්තමාන බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයත් ඇතුළු ව වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර, ඌව, දකුණ, මධ්‍යම යන පළාත් යටත් පිරිසෙයින් ඔහුගේ වාරි ප්රතිසංස්කරණයකට හෝ ලක්විය. පරාක්‍රමබාහු තුළ වූ අප්‍රතිහත ධෛර්යය හා කුමාර කාලයේ සිට ම පැවැති ආකල්පය, දැවැන්ත වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීමට හේතු වූ බව මූලාශ්‍ර හෙළි කරයි. පරාක්‍රමබාහු සමය පෙන්නුම් කරන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ගමික වාපි පද්ධතියේ සිට වර්ධනය වෙමින් පැවැති වාපි සංස්කෘතිය, සමුද්‍ර සංකල්පයක් තෙක් ප්‍රසාරණය වූ ආකාරය යි. පරාක්‍රමබාහු රජුගේ පාලන කාලය තුළ වැව් පද්ධතිය ඇතුළු වාරිමාර්ග පද්ධතිය සමඟ බැඳුණු උසස් කළමනාකරණ ක්‍රියාවලියක් පැවතුණු බවට සැකයක් නැත. ඒ හා බැඳුණු නිලධාරී දූරාවලියක් නොමැතිව අති විශාල වාරි පද්ධතියක් කළමනාකරණය කළ නොහැකි ය. ජලය රැස්කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම, අතිරික්තය පාලනය ආදී ජල පාලන විධික්රම ක්‍රමිකව ස්ථාපනය වී තිබුණු බවට යෝජනා කළ හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය යන විරුදය ලංකාවට ලැබුණේ මේ දැවැන්ත වාරි පද්ධති මගින් ජනනය කළ ආහාර අතිරික්තය හේතු කොට ගෙන ය. පරාක්‍රමබාහුගේ වාරිකර්මාන්ත, සියවස් ගණනක විකාශයේ අග්‍රඵලය වූවා සේ ම ඔහුගේ පාලන කාලය නිමා වී දශකයක් පමණ ගතවන විට ලාංකේය වාරි තාක්ෂණයේ අවසන් කාල පරිච්ඡේදය ද සනිටුහන් විය. කැරලි කෝලාහල මගින් ඇති වුණු දේශපාලනික අස්ථාවර බව මීට ප්‍රධාන හේතුව විය. එමෙන් ම පරාක්‍රමබාහු රජු විසින් දියත් කර තිබූ විදේශ ආක්‍රමණ ඇතුළත් ප්‍රතිපත්තිය ද ලංකාවට ඔරොත්තු දෙන මට්ටමක නොතිබූ බවත් ඔහුගේ පාලන කාලය තුළ ම පරිපාලනය බිඳ වැටීමේ ලකුණු මතු කිරීමට එය හේතු වූ බවත් ඉතිහාසඥයෝ යෝජනා කරති. ක්‍රිස්තු වර්ෂ 1215 දී සිදු වූ කාලිංග මාඝගේ ආක්‍රමණය, සමස්ත වාරි පද්ධතියේත් සමස්ත ලාංකේය ශිෂ්ටාචාරයෙත් පරිහානියට හේතු විය. [B]ආශ්රිත ග්රන්ථ නාමාවලිය[/B] ඤාණවිමල, කේ. 1997, පූජාවලිය (...සංස්කරණය) කොළඹ ( එම්. ඩී. ගුණසේන.) බස්නායක, එච්. ටී. 1997. පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරය කොළඹ( එම්. ඩී. ගුණසේන.) ලියනගමගේ, ඒ. 1989, මධ්‍ය කාලීන ලංකා ඉතිහාසය. කොළඹ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. සුමංගල, එච්. සහ බටුවත්තුඩුවේ, ආර්. 1946. මහාවංසය (....සිංහල පරිවර්තනය) කොළඹ( රත්නාකර පොත්හල.)[/COLOR][/SIZE] [COLOR="red"][I]ශාස්ත්‍රපති සමන්තිලක විඡේවර්ධන මහතා විසින් දිවයින පුවත්පතට ලියන ලද ලිපියකින් උපුටාගන්නා ලදි, මිතුරන් අතර දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පල කරන ලද අතර වෙනත් කිසිදු වාණිජ අරමුණක් නොමැතිබවත්, ගෞරවනීය ස්තුතිය ලේඛකතුමාට හිමිවියයුතු බවත් සඳහන් කරමි.[/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom