Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
★★පාකිස්ථානයේ ටෙස්ට් කතාන්දරය★★
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

★★පාකිස්ථානයේ ටෙස්ට් කතාන්දරය★★

පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ප්රබන්ධවලට වඩා පුදුමාකාර දේවල් සැබෑ ලොවේ සිදුවන බවට ජීවමාන සාක්ෂියකි. පාකිස්ථානය වසර හතකට පෙර සියල්ල අහිමිවූ කණ්ඩායමකි. කිසිවක් ඔවුන්ට නොවීය. ත්‍රස්තවාදය විසින් පාකිස්ථානු ක්‍රිකට් මිනීපෙට්ටියේ දමා අවසන් ඇණයත් ගැසීමට සූදානම් වී සිටියේය. එහෙත් ඒ කතාව වීරයන් කිහිපදෙනෙකු විසින් සම්පූර්ණයෙන් වෙනස් කරන ලදි. වසර හයක් තුළ පාකිස්ථානය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණියේය. එංගලන්තයට එරෙහිව වයිට් වොෂ් ජයග්‍රහණයක් වාර්තා කළේය. ලන්ඩන් ඕවල් සහ ලෝඞ්ස් පිටියේදී එංගලන්තය පරාජය කළේය. ඕස්ටේ්රලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගාවලි ජය වාර්තා කළේය. සියල්ල විස්මයජනකය. මිස්බා, යුනිස්, අජ්මාල්, අක්මාල්, අෆ්රිඩි, හෆීස් ඇතුළු වීරයන් කිහිපදෙනෙක් මේ විස්මයජනක කතාවේ සිටිති. ඒ සියල්ලන්ට ඉදිරියෙන් සිටි පාකිස්ථානු ක්‍රිකට් කතාන්දරයේ වීරයන් දෙදෙනා යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් ය. ඔවුන් දෙදෙනා එකම දිනයක ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ පසුගිය සතියේය. මිස්බා සහ යුනිස් ප්රමුඛ පාකිස්ථානයේ ක්‍රීඩා විලාසය උපරිමයෙන් රසවිඳි මා මේ මොහොතේවත් යමක් ලියා තැබිය යුතුය. මේ දෙදෙනාගේ සමුගැනීමේ තරගය ඓතිහාසික පසිරැහදම තරගයයි. කෙනෙකු අහිමිවීමකදී ඉංග්‍රීසියෙන් පවසන ‘මිස් යූ’ යන යෙදීම මිස්බා සහ යුනිස්ගේ නම් දෙකේ මුල් අකුරුවල ඇත. මිස්බා සහ යුනිස් සමුගත් මොහොතේ මට සිදුවීම් කිහිපයක් සිහිවිය. මේ දෙපළ සමුගනිද්දී අහිමි වෙන්නේ එවන් සිදුවීම්ය.

සිදුවීම් පහක්

පළමු සහ පැරණි මතකය කරච්චි යුනිස්ගේ ත්‍රිත්ව ශතකයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 ලාහෝර් ප්‍රහාරය එල්ලවෙද්දී ශ්‍රී ලංකාව සිටියේ පාකිස්ථානයේ ටෙස්ට් සංචාරයක දෙවැනි තරගයේය. කරච්චිවල පැවති පළමු ටෙස්ට් තරගයේදී යුනිස් ඛාන් සිය හොඳම ඉනිම ක්‍රීඩා කළේය. ලකුණු 312ක් ලැබීය. පාකිස්ථාන එහි ක්‍රිකට්ලෝලීන්ට සිය රටේදී දකින්නට ලැබුණු අවසන් දැවැන්ත ජාත්‍යන්තර ඉනිමයි.

දෙවැන්න 2009 පැවති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයයි. තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරයි. ඊට මාස කිහිපයකට පෙර පාකිස්ථානයේදී ලාහෝර් ප්‍රහාරය එල්ලවූ අතර පාකිස්ථාන ක්‍රිකට් මතද කළු තාර ගෑවී තිබුණි. පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමට ලොවටම හඬගා කියන්නට දෙයක් තිබුණි. ඔප්පු කරන්නට දෙයක් තිබුණි. තරගය අවසාන වුණේ පාකිස්ථානය විස්සයි විස්ස ලෝක ශූරයන් කරමිනි. ත්රස්තවාදයට එරෙහිව ලොවට කියන්නට ඇති කතාවක් කියමිනි. එදා පාකිස්ථානු කණ්ඩායම මෙහෙයවූයේ යුනිස් ඛාන්ය.

තෙවැනි අවස්ථාව 2016 දී පාකිස්ථානය එංගලන්තයේ කළ සංචාරයයි. 42වැනි වියේ සිටි මිස්බා ලෝඞ්ස් පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළේය. ලකුණු සීය ලැබූ විගස ඔහු සැලියුට් එකක් ගසා පහත් වී ‘පුෂ් අප්ස්’ දහයක් කර පෙන්වූවේ තමන් තවමත් ශක්තිමත් බවයි. අවුරුදු හතළිස් දෙකේදී කළ ඒ විස්කම මගේ ඇටමිදුළු තුළටම තදින් වැදුණි. ඔහු ශතකයක් වාර්තා කළ වියපත්ම ක්‍රිකට් නායකයා විය. වයස අවුරුදු හතළිහ ඉක්මවූවෙකුගෙන් කිසිමදාක එවන් විස්කමක් අපි බලාපොරොත්තු නොවූයෙමු. ඒ සංචාරයේම සිව්වැනි ටෙස්ට් තරගය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ දෙවැනි සහ තුන්වැනි තරග ජයගෙන එංගලන්තය 2ට 1ක් ලෙස ඉදිරියෙන් සිටි පසුබිමකය. සිව්වැනි තරගයේදී යුනිස් ඛාන් ක්‍රියාත්මක වෙමින් ලකුණු දෙසීයක් රැස් කළේය. එය ක්‍රිකට් ලොව දැකිය හැකි අතිශය වර්ණවත් ඉනිමකි. එය යුනිස්ගේ අවසන් දැවැන්ත මතකයයි.

සිව්වැනි අවස්ථාව 2015 පාකිස්ථානය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ අවසන් තරගයයි. 1-1ක් ලෙස තරගාවලිය සම වී තිබුණි. තෙවැනි තරගයේ සිව්වැනි ඉනිමේදී 377ක ඉලක්කයක් පාකිස්ථානයට ලැබී තිබුණි. සියල්ලන් කැට තැබුවේ ශ්‍රී ලංකාවටයි. පාකිස්ථානයේ පළමු කඩුලු දෙක බිඳවැටුණේ සියල්ලන් බලාපොරොත්තු වූ ලෙසය. ඉන්පසුව යුනිස් ඛාන්, ෂාන් මසූඞ් සමඟ එක්ව ඒ සුන්දර ඉනිම ගොඩනැංවීය. ශ්‍රී ලංකාවට දශමයෙන් දශමය බලාපොරොත්තු අත්හරින්නට සිදුවිය. මසූඞ් දැවීයෑමෙන් පසුව පිටියට පැමිණි මිස්බා වේගවත් අර්ධ ශතකයක්රැස්කළ අතර යුනිස් ඛාන් නොදැවී ලකුණු 171ක් රැස් කළේය. මිස්බාගේ සුන්දර හයේ පහරකින් ඒ ඉනිම අවසන් විය. ඒ නම් ක්‍රිකට් පාඩම්පොත්වලට එක් කළයුතු ඉනිමකි.

පාකිස්ථාන් කතාව

පාකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායමට ඇත්තේ අපූරු කතාවකි. එය ජීවිතය බඳුය. අහිමිවීම් මැද ජීවිත ජයගැනීමක් බඳුය. 2010න් පසුව පාකිස්ථානය මුහුණදුන්නේ අසීරුතම පරිච්ඡේදයටයි. 2010දී පාකිස්ථානු ක්‍රීඩකයන්ට තරග පාවාදීමේ චෝදනා ඔප්පුවීමත් සමඟ පාකිස්ථානයේ වේගපන්දු බලඇණියේ දැවැන්තයන්ට තරග තහනම් පැනවිණි. ප්‍රබලම පිතිකරුවෙකු සහ නායකයා වන සල්මන් බට්ද තහනමට හසුවිය. පිතිකරු බලඇණිය දුර්වල වී තිබුණි. ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ පාකිස්ථානයට පාකිස්ථානයේ සිට තරග කරන්නට ලැබුණු අවස්ථාව අහිමි විය. ඒ සියල්ල සමඟ පාකිස්ථානය සිටියේ ක්‍රිකට්වල අවසන් පිටු කිහිපය ලියැවෙන පසුබිමකය. රට වෙලාගත් ත්‍රස්තවාදයෙන් ක්‍රීඩාවත් වෙලාගන්නට ඉඩ තිබුණි.

මිස්බා 35 වැනි විය ඉක්මවමින් සිටියේය. ඔහු විස්මිත හැකියාවක් පෙන්වා නැති සාමාන්‍ය ක්‍රීඩකයෙක් විය. 2010 වෙද්දී තේරීම් කමිටුව ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටියේය. ඔහු සමුගැනීම සැලසුම් කරන්නේ ඒ නිසාය. එහෙත් ඔහුට 2010 ඔක්තෝබරයේ නැවත ටෙස්ට් කණ්ඩායමට ආරාධනා ලැබී තිබුණි. ඒ නායකයා ලෙසයි. යුනිස් ඛාන්ට තරග තහනමක් පාකිස්ථානය පනවා තිබුණේ විනය විරෝධී චෝදනාවක් නිසාය. මේ දෙදෙනාම හදිසියේ ටෙස්ට් කණ්ඩායමට කැඳවනු ලැබීය.

යළි නැඟිටීම

පාකිස්ථානයට තිබුණු ප්‍රශ්නවලට විකල්ප විසඳුම් ලැබෙන්නට පටන් ගත්තේය. පිතිකරු බලඇණිය කරට ගෙන යුනිස් සහ මිස්බා ඉදිරියට පැමිණියෝය. මේ දෙපළ පාකිස්ථානය වෙනුවෙන් වැඩිම පිතිකරු සම්බන්ධතා ගොඩනැංවූ යුගලය විය. නැතිවුණු වේගපන්දු බලඇණිය වෙනුවට අජ්මාල්, රෙහ්මාන් ප්රමුඛ දඟපන්දු බලඇණිය ඉදිරියට ගෙන එන්නට මිස්බාට හැකි විය. පාකිස්ථානය වෙනුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකිස්ථානු ක්‍රිකට් නිවහන බවට පත්විය. පාකිස්ථානු ක්‍රිකට් අසාර්ථක කරන්නට තිබුණු ත්‍රස්තවාදී උත්සාහය අසාර්ථක විය. තලෙයිබාන් සංවිධානයත් මිස්බාට චෝදනා කරන තැනට පත්විය. ක්‍රීඩාවෙන් සමුගත යුතු වියේ සිටි මිස්බා අලුත් ආරම්භයක් ගත්තේය. අවුරුදු තිස් පහේ සිට හතළිස් තුන දක්වා මිස්බාගේ සාර්ථකත්වය සනිටුහන් විය. මිස්බා කණ්ඩායම රැකගත්තා පමණක් නොව පාකිස්ථානය ටෙස්ට් ක්‍රිකට්වල සාර්ථකත්වය කරා ගෙනයමින් සාර්ථකම පාකිස්ථානු ටෙස්ට් ක්‍රිකට් නායකයා බවට පත්විය. ඒ අතරේ සාර්ථකම පාකිස්ථානු ටෙස්ට් පිතිකරුවා බවට යුනිස් ඛාන් පත්විය.

මිස්බාගේ වාර්තා

මිස්බා උල් හක් අපූරු වාර්තා තැබූ ක්‍රීඩකයෙකි. එක් ශතකයක්වත් වාර්තා කර නැති මිස්බා අර්ධ ශතක 42ක් වාර්තා කර තිබුණි. එය එක් ශතකයක්වත් නොමැතිව රැස්කර ඇති වැඩිම අර්ධ ශතක ප්‍රමාණයයි. එපමණක් නොව ශතකයක් නොලැබූ ක්‍රීඩකයෙකුට හිමි වැඩිම සාමාන්‍යයක් හිමිව ඇත්තේද මිස්බාටයි. ශතකයක්වත් නොලැබූ ක්‍රීඩකයෙකු සතු වැඩිම ලකුණු ප්‍රමාණය ඇත්තේ මිස්බාටයි. ඔහු ලකුණු 5000 සීමාව ඉක්මවද්දී ශතකයක් නැති වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 4000 සීමාවවත් ඉක්මවා නැත. එපමණක් නොව ඔහුගේ සමස්ත ලකුණු ප්‍රමාණයෙන් සීයට අසූවක් වයස අවුරුදු තිස්පහෙන් පසුව ලබාගෙන තිබුණි.

ටෙස්ට් පිටියේ ඔහු රැස්කර ඇති ශතක සංඛ්‍යාව 10කි. ඉන් හයක්ම රැස්කර ඇත්තේ වයස අවුරුදු 40 ඉක්මවූ පසුය. කොදෙව් දූපත්වල පැවති ටෙස්ට් තරගාවලියකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්කළ පළමු පාකිස්ථානු ටෙස්ට් නායකයා ඔහුය. දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලියකදී දකුණු අප්‍රිකාව පරාජය කළ පළමු ආසියානු නායකයා මිස්බාය. එංගලන්තය තරග හතරකට වඩා පරාජය කළ ආසියාවේ එකම නායකයා ඔහුය. ඕස්ටේ්රලියාව ටෙස්ට් තරගාවලියකින් පරාජය කළ එකම පාකිස්ථානු නායකයා ඔහුය. බොහෝවිට ආසියාවේ සාර්ථකම ටෙස්ට් නායකයා ඔහුය. ඔහු ටෙස්ට් තරගාවලි 11ක් සහ තරග 26ක් ජයග්‍රහණය කළේය.

එපමණක් නොව මිස්බා උල් හක් වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයේ හිමිකරුවාය. දශක ගණනක් වේගවත්ම ශතකය වී තිබුණු විවියන් රිචඞ්ස්ගේ වාර්තාව ඔහු සම කළේය. එහෙත් රිචර්ඞ්ස් සහ මිස්බා පසුකර පන්දු 54කදී ටෙස්ට් ශතකයක් රැස්කළේ බ්‍රෙන්ඩන් මැකලම්ය. ඒ නිසා දෙවැනි වේගවත්ම ශතකයේ වාර්තාව මිස්බා සතුය.

මිස්බා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන්නට බලාපොරොත්තු තැබූවෙක් නොවේ. ඔහු ලාහෝර්හි මානව සම්පත් කළමනාකරණ උපාධියක් හැදෑරුවේ අධ්‍යාපනයෙන් ඉහළට යෑමේ බලාපොරොත්තුවෙනි. ඒ අතරේ ඔහු ඇඳුම් කඩයක රැකියාවකට ගියේය. කුඩා කළ ටේප් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කර තිබුණු මිස්බා පළමු පෙළ වෘත්තිමය ක්‍රිකට් අරඹා තිබුණේ වයස අවුරුදු 24දී පමණ ය. ඔහු ඉන් සාර්ථක වෙමින් වසර තුනක් ඇතුළත ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබීය. එහෙත් ඔහුට නායකත්වය ලැබෙන තෙක් කණ්ඩායමේ ස්ථිර තැනක් නොලැබුණි.

යුනිස් ඛාන්

ඔහු ගැන මට ඇති හැඟීම මේ ලිපිය ඇතුළේ විස්තර කිරීම අපහසුය. ඔහුගේ සුවිශේෂීත්වය ඇත්තේ පිටියේය. ඒවා නම් නැරඹිය යුතුමය. බහුතරයක් ලාංකිකයන් ක්‍රිකට් රසිකයන් නිසා මා කියන විශේෂත්වය දැක ඇතිවාට සැක නැත. ඔහු ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් එකොළහේදීම ශතක වාර්තා කළ ලොව එකම ටෙස්ට් පිතිකරුවායි. ඉහළම ලකුණු ලැබූ පාකිස්ථානු පිතිකරුවායි. මිස්බා පාකිස්ථානු ටෙස්ට් සාර්ථකත්වයේ මහමොළකරුවා වෙද්දී එහි මහ වැඩකරුවා වන්නේ යුනිස් ඛාන්ය. යුනිස්ගේ හොඳම කාලයේ නිවසෙන් (පාකිස්ථානයෙන්) පිට ක්‍රීඩා කරන්නට සිදුවිය. මිස්බා වරක් කී පරිදි තමන්ගේ රටට නොගොස් අවුරුද්දේ වැඩි කාලයක් විදේශගතව සිටින්නට සිදුවීමත් තමාගේ ප්රේක්ෂකයන්ගෙන් පිරුණු ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්නට අවස්ථාව නොලැබීමත් ක්‍රීඩකයෙකුට විඳින්නට ඇති දරුණුතම අත්දැකීම්ය. ඒ සියල්ල මැද ඔහු සාර්ථකම පාකිස්ථානු ටෙස්ට් පිතිකරුවා විය.

ඔහු විඳි ලොකුම පීඩාව පවුලේ සාමාජිකයන් එකිනෙකා පිටි පිට මියයෑමයි. 2005 – 2006 සමයේ ඔහුගේ පවුලේ කිහිපදෙනෙක්ම මියගියෝය. පියා මියයද්දී තරගාවලියක සිටි ඔහුට පාකිස්ථානයට පැමිණෙන්නට සිදුවිය. ඉන් ටික දිනකට පසුව ඔහුගේ වැඩිමහල් සහෝදරයෝ දෙදෙනාම රිය අනතුරුවලින් මිය ගියෝය.

කවර්ඩ්රයිව් පහරවල් සහ ෆ්ලිප් පහරවල් මෙන්ම ස්ලිප් පහරවල්වලට ගොස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන අවස්ථා වුව ඔහුගේ පිතිකරණය සුන්දර කරයි.

කිසිවෙකු නොසිතූ මොහොතක කණ්ඩායමේ වගකීම බාරගැනීමත්, ඉන්පසුව නාට්‍යමය රටාවකින් ඉහළටම පැමිණීමත්, අවසානයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව සමුගැනීමත් අපූරු කතාවකි. ඉම්රාන් ඛාන් ලෝක කුසලානය පාකිස්ථානයට ගෙනා හැටි පෙර පරම්පරාව දැන් පරම්පරාවට කියාදෙද්දී දැන් පරපුර අනාගතයේ දරුවන්ට කියන කතාන්දරය වනු ඇත්තේ මිස්බා සහ යුනිස් පෑ විස්කම්ය. එය නම් කදිම සුන්දර කතාන්දරයකි.

තරිඳු උඩුවරගෙදර

[QUOTE="CLAYFACE, post: 22247920, member: 323614"] [b]★★පාකිස්ථානයේ ටෙස්ට් කතාන්දරය★★[/b] [IMG]http://ravaya.lk/wp-content/uploads/bfi_thumb/pakisthan-33y5l328qzef7swchb2whs.gif[/IMG] [SIZE="4"]පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ප්රබන්ධවලට වඩා පුදුමාකාර දේවල් සැබෑ ලොවේ සිදුවන බවට ජීවමාන සාක්ෂියකි. පාකිස්ථානය වසර හතකට පෙර සියල්ල අහිමිවූ කණ්ඩායමකි. කිසිවක් ඔවුන්ට නොවීය. ත්‍රස්තවාදය විසින් පාකිස්ථානු ක්‍රිකට් මිනීපෙට්ටියේ දමා අවසන් ඇණයත් ගැසීමට සූදානම් වී සිටියේය. එහෙත් ඒ කතාව වීරයන් කිහිපදෙනෙකු විසින් සම්පූර්ණයෙන් වෙනස් කරන ලදි. වසර හයක් තුළ පාකිස්ථානය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණියේය. එංගලන්තයට එරෙහිව වයිට් වොෂ් ජයග්‍රහණයක් වාර්තා කළේය. ලන්ඩන් ඕවල් සහ ලෝඞ්ස් පිටියේදී එංගලන්තය පරාජය කළේය. ඕස්ටේ්රලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගාවලි ජය වාර්තා කළේය. සියල්ල විස්මයජනකය. මිස්බා, යුනිස්, අජ්මාල්, අක්මාල්, අෆ්රිඩි, හෆීස් ඇතුළු වීරයන් කිහිපදෙනෙක් මේ විස්මයජනක කතාවේ සිටිති. ඒ සියල්ලන්ට ඉදිරියෙන් සිටි පාකිස්ථානු ක්‍රිකට් කතාන්දරයේ වීරයන් දෙදෙනා යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් ය. ඔවුන් දෙදෙනා එකම දිනයක ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ පසුගිය සතියේය. මිස්බා සහ යුනිස් ප්රමුඛ පාකිස්ථානයේ ක්‍රීඩා විලාසය උපරිමයෙන් රසවිඳි මා මේ මොහොතේවත් යමක් ලියා තැබිය යුතුය. මේ දෙදෙනාගේ සමුගැනීමේ තරගය ඓතිහාසික පසිරැහදම තරගයයි. කෙනෙකු අහිමිවීමකදී ඉංග්‍රීසියෙන් පවසන ‘මිස් යූ’ යන යෙදීම මිස්බා සහ යුනිස්ගේ නම් දෙකේ මුල් අකුරුවල ඇත. මිස්බා සහ යුනිස් සමුගත් මොහොතේ මට සිදුවීම් කිහිපයක් සිහිවිය. මේ දෙපළ සමුගනිද්දී අහිමි වෙන්නේ එවන් සිදුවීම්ය.[/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]සිදුවීම් පහක්[/COLOR][/SIZE] [SIZE="4"]පළමු සහ පැරණි මතකය කරච්චි යුනිස්ගේ ත්‍රිත්ව ශතකයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 ලාහෝර් ප්‍රහාරය එල්ලවෙද්දී ශ්‍රී ලංකාව සිටියේ පාකිස්ථානයේ ටෙස්ට් සංචාරයක දෙවැනි තරගයේය. කරච්චිවල පැවති පළමු ටෙස්ට් තරගයේදී යුනිස් ඛාන් සිය හොඳම ඉනිම ක්‍රීඩා කළේය. ලකුණු 312ක් ලැබීය. පාකිස්ථාන එහි ක්‍රිකට්ලෝලීන්ට සිය රටේදී දකින්නට ලැබුණු අවසන් දැවැන්ත ජාත්‍යන්තර ඉනිමයි. දෙවැන්න 2009 පැවති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයයි. තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරයි. ඊට මාස කිහිපයකට පෙර පාකිස්ථානයේදී ලාහෝර් ප්‍රහාරය එල්ලවූ අතර පාකිස්ථාන ක්‍රිකට් මතද කළු තාර ගෑවී තිබුණි. පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමට ලොවටම හඬගා කියන්නට දෙයක් තිබුණි. ඔප්පු කරන්නට දෙයක් තිබුණි. තරගය අවසාන වුණේ පාකිස්ථානය විස්සයි විස්ස ලෝක ශූරයන් කරමිනි. ත්රස්තවාදයට එරෙහිව ලොවට කියන්නට ඇති කතාවක් කියමිනි. එදා පාකිස්ථානු කණ්ඩායම මෙහෙයවූයේ යුනිස් ඛාන්ය. තෙවැනි අවස්ථාව 2016 දී පාකිස්ථානය එංගලන්තයේ කළ සංචාරයයි. 42වැනි වියේ සිටි මිස්බා ලෝඞ්ස් පිටියේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කළේය. ලකුණු සීය ලැබූ විගස ඔහු සැලියුට් එකක් ගසා පහත් වී ‘පුෂ් අප්ස්’ දහයක් කර පෙන්වූවේ තමන් තවමත් ශක්තිමත් බවයි. අවුරුදු හතළිස් දෙකේදී කළ ඒ විස්කම මගේ ඇටමිදුළු තුළටම තදින් වැදුණි. ඔහු ශතකයක් වාර්තා කළ වියපත්ම ක්‍රිකට් නායකයා විය. වයස අවුරුදු හතළිහ ඉක්මවූවෙකුගෙන් කිසිමදාක එවන් විස්කමක් අපි බලාපොරොත්තු නොවූයෙමු. ඒ සංචාරයේම සිව්වැනි ටෙස්ට් තරගය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ දෙවැනි සහ තුන්වැනි තරග ජයගෙන එංගලන්තය 2ට 1ක් ලෙස ඉදිරියෙන් සිටි පසුබිමකය. සිව්වැනි තරගයේදී යුනිස් ඛාන් ක්‍රියාත්මක වෙමින් ලකුණු දෙසීයක් රැස් කළේය. එය ක්‍රිකට් ලොව දැකිය හැකි අතිශය වර්ණවත් ඉනිමකි. එය යුනිස්ගේ අවසන් දැවැන්ත මතකයයි. සිව්වැනි අවස්ථාව 2015 පාකිස්ථානය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ අවසන් තරගයයි. 1-1ක් ලෙස තරගාවලිය සම වී තිබුණි. තෙවැනි තරගයේ සිව්වැනි ඉනිමේදී 377ක ඉලක්කයක් පාකිස්ථානයට ලැබී තිබුණි. සියල්ලන් කැට තැබුවේ ශ්‍රී ලංකාවටයි. පාකිස්ථානයේ පළමු කඩුලු දෙක බිඳවැටුණේ සියල්ලන් බලාපොරොත්තු වූ ලෙසය. ඉන්පසුව යුනිස් ඛාන්, ෂාන් මසූඞ් සමඟ එක්ව ඒ සුන්දර ඉනිම ගොඩනැංවීය. ශ්‍රී ලංකාවට දශමයෙන් දශමය බලාපොරොත්තු අත්හරින්නට සිදුවිය. මසූඞ් දැවීයෑමෙන් පසුව පිටියට පැමිණි මිස්බා වේගවත් අර්ධ ශතකයක්රැස්කළ අතර යුනිස් ඛාන් නොදැවී ලකුණු 171ක් රැස් කළේය. මිස්බාගේ සුන්දර හයේ පහරකින් ඒ ඉනිම අවසන් විය. ඒ නම් ක්‍රිකට් පාඩම්පොත්වලට එක් කළයුතු ඉනිමකි. [/SIZE] [SIZE="4"][COLOR="darkgreen"]පාකිස්ථාන් කතාව[/COLOR][/SIZE] [SIZE="4"]පාකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායමට ඇත්තේ අපූරු කතාවකි. එය ජීවිතය බඳුය. අහිමිවීම් මැද ජීවිත ජයගැනීමක් බඳුය. 2010න් පසුව පාකිස්ථානය මුහුණදුන්නේ අසීරුතම පරිච්ඡේදයටයි. 2010දී පාකිස්ථානු ක්‍රීඩකයන්ට තරග පාවාදීමේ චෝදනා ඔප්පුවීමත් සමඟ පාකිස්ථානයේ වේගපන්දු බලඇණියේ දැවැන්තයන්ට තරග තහනම් පැනවිණි. ප්‍රබලම පිතිකරුවෙකු සහ නායකයා වන සල්මන් බට්ද තහනමට හසුවිය. පිතිකරු බලඇණිය දුර්වල වී තිබුණි. ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ පාකිස්ථානයට පාකිස්ථානයේ සිට තරග කරන්නට ලැබුණු අවස්ථාව අහිමි විය. ඒ සියල්ල සමඟ පාකිස්ථානය සිටියේ ක්‍රිකට්වල අවසන් පිටු කිහිපය ලියැවෙන පසුබිමකය. රට වෙලාගත් ත්‍රස්තවාදයෙන් ක්‍රීඩාවත් වෙලාගන්නට ඉඩ තිබුණි.[/SIZE] [SIZE="4"] මිස්බා 35 වැනි විය ඉක්මවමින් සිටියේය. ඔහු විස්මිත හැකියාවක් පෙන්වා නැති සාමාන්‍ය ක්‍රීඩකයෙක් විය. 2010 වෙද්දී තේරීම් කමිටුව ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටියේය. ඔහු සමුගැනීම සැලසුම් කරන්නේ ඒ නිසාය. එහෙත් ඔහුට 2010 ඔක්තෝබරයේ නැවත ටෙස්ට් කණ්ඩායමට ආරාධනා ලැබී තිබුණි. ඒ නායකයා ලෙසයි. යුනිස් ඛාන්ට තරග තහනමක් පාකිස්ථානය පනවා තිබුණේ විනය විරෝධී චෝදනාවක් නිසාය. මේ දෙදෙනාම හදිසියේ ටෙස්ට් කණ්ඩායමට කැඳවනු ලැබීය. [/SIZE] [COLOR="darkgreen"][SIZE="4"]යළි නැඟිටීම[/SIZE][/COLOR] [SIZE="4"]පාකිස්ථානයට තිබුණු ප්‍රශ්නවලට විකල්ප විසඳුම් ලැබෙන්නට පටන් ගත්තේය. පිතිකරු බලඇණිය කරට ගෙන යුනිස් සහ මිස්බා ඉදිරියට පැමිණියෝය. මේ දෙපළ පාකිස්ථානය වෙනුවෙන් වැඩිම පිතිකරු සම්බන්ධතා ගොඩනැංවූ යුගලය විය. නැතිවුණු වේගපන්දු බලඇණිය වෙනුවට අජ්මාල්, රෙහ්මාන් ප්රමුඛ දඟපන්දු බලඇණිය ඉදිරියට ගෙන එන්නට මිස්බාට හැකි විය. පාකිස්ථානය වෙනුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකිස්ථානු ක්‍රිකට් නිවහන බවට පත්විය. පාකිස්ථානු ක්‍රිකට් අසාර්ථක කරන්නට තිබුණු ත්‍රස්තවාදී උත්සාහය අසාර්ථක විය. තලෙයිබාන් සංවිධානයත් මිස්බාට චෝදනා කරන තැනට පත්විය. ක්‍රීඩාවෙන් සමුගත යුතු වියේ සිටි මිස්බා අලුත් ආරම්භයක් ගත්තේය. අවුරුදු තිස් පහේ සිට හතළිස් තුන දක්වා මිස්බාගේ සාර්ථකත්වය සනිටුහන් විය. මිස්බා කණ්ඩායම රැකගත්තා පමණක් නොව පාකිස්ථානය ටෙස්ට් ක්‍රිකට්වල සාර්ථකත්වය කරා ගෙනයමින් සාර්ථකම පාකිස්ථානු ටෙස්ට් ක්‍රිකට් නායකයා බවට පත්විය. ඒ අතරේ සාර්ථකම පාකිස්ථානු ටෙස්ට් පිතිකරුවා බවට යුනිස් ඛාන් පත්විය.[/SIZE] [COLOR="darkgreen"][SIZE="4"]මිස්බාගේ වාර්තා[/SIZE] [/COLOR] [SIZE="4"]මිස්බා උල් හක් අපූරු වාර්තා තැබූ ක්‍රීඩකයෙකි. එක් ශතකයක්වත් වාර්තා කර නැති මිස්බා අර්ධ ශතක 42ක් වාර්තා කර තිබුණි. එය එක් ශතකයක්වත් නොමැතිව රැස්කර ඇති වැඩිම අර්ධ ශතක ප්‍රමාණයයි. එපමණක් නොව ශතකයක් නොලැබූ ක්‍රීඩකයෙකුට හිමි වැඩිම සාමාන්‍යයක් හිමිව ඇත්තේද මිස්බාටයි. ශතකයක්වත් නොලැබූ ක්‍රීඩකයෙකු සතු වැඩිම ලකුණු ප්‍රමාණය ඇත්තේ මිස්බාටයි. ඔහු ලකුණු 5000 සීමාව ඉක්මවද්දී ශතකයක් නැති වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 4000 සීමාවවත් ඉක්මවා නැත. එපමණක් නොව ඔහුගේ සමස්ත ලකුණු ප්‍රමාණයෙන් සීයට අසූවක් වයස අවුරුදු තිස්පහෙන් පසුව ලබාගෙන තිබුණි. [/SIZE] [SIZE="4"]ටෙස්ට් පිටියේ ඔහු රැස්කර ඇති ශතක සංඛ්‍යාව 10කි. ඉන් හයක්ම රැස්කර ඇත්තේ වයස අවුරුදු 40 ඉක්මවූ පසුය. කොදෙව් දූපත්වල පැවති ටෙස්ට් තරගාවලියකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්කළ පළමු පාකිස්ථානු ටෙස්ට් නායකයා ඔහුය. දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලියකදී දකුණු අප්‍රිකාව පරාජය කළ පළමු ආසියානු නායකයා මිස්බාය. එංගලන්තය තරග හතරකට වඩා පරාජය කළ ආසියාවේ එකම නායකයා ඔහුය. ඕස්ටේ්රලියාව ටෙස්ට් තරගාවලියකින් පරාජය කළ එකම පාකිස්ථානු නායකයා ඔහුය. බොහෝවිට ආසියාවේ සාර්ථකම ටෙස්ට් නායකයා ඔහුය. ඔහු ටෙස්ට් තරගාවලි 11ක් සහ තරග 26ක් ජයග්‍රහණය කළේය.[/SIZE] [SIZE="4"]එපමණක් නොව මිස්බා උල් හක් වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයේ හිමිකරුවාය. දශක ගණනක් වේගවත්ම ශතකය වී තිබුණු විවියන් රිචඞ්ස්ගේ වාර්තාව ඔහු සම කළේය. එහෙත් රිචර්ඞ්ස් සහ මිස්බා පසුකර පන්දු 54කදී ටෙස්ට් ශතකයක් රැස්කළේ බ්‍රෙන්ඩන් මැකලම්ය. ඒ නිසා දෙවැනි වේගවත්ම ශතකයේ වාර්තාව මිස්බා සතුය. මිස්බා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන්නට බලාපොරොත්තු තැබූවෙක් නොවේ. ඔහු ලාහෝර්හි මානව සම්පත් කළමනාකරණ උපාධියක් හැදෑරුවේ අධ්‍යාපනයෙන් ඉහළට යෑමේ බලාපොරොත්තුවෙනි. ඒ අතරේ ඔහු ඇඳුම් කඩයක රැකියාවකට ගියේය. කුඩා කළ ටේප් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කර තිබුණු මිස්බා පළමු පෙළ වෘත්තිමය ක්‍රිකට් අරඹා තිබුණේ වයස අවුරුදු 24දී පමණ ය. ඔහු ඉන් සාර්ථක වෙමින් වසර තුනක් ඇතුළත ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබීය. එහෙත් ඔහුට නායකත්වය ලැබෙන තෙක් කණ්ඩායමේ ස්ථිර තැනක් නොලැබුණි. [/SIZE] [SIZE="4"][COLOR="darkgreen"]යුනිස් ඛාන්[/COLOR][/SIZE] [SIZE="4"]ඔහු ගැන මට ඇති හැඟීම මේ ලිපිය ඇතුළේ විස්තර කිරීම අපහසුය. ඔහුගේ සුවිශේෂීත්වය ඇත්තේ පිටියේය. ඒවා නම් නැරඹිය යුතුමය. බහුතරයක් ලාංකිකයන් ක්‍රිකට් රසිකයන් නිසා මා කියන විශේෂත්වය දැක ඇතිවාට සැක නැත. ඔහු ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් එකොළහේදීම ශතක වාර්තා කළ ලොව එකම ටෙස්ට් පිතිකරුවායි. ඉහළම ලකුණු ලැබූ පාකිස්ථානු පිතිකරුවායි. මිස්බා පාකිස්ථානු ටෙස්ට් සාර්ථකත්වයේ මහමොළකරුවා වෙද්දී එහි මහ වැඩකරුවා වන්නේ යුනිස් ඛාන්ය. යුනිස්ගේ හොඳම කාලයේ නිවසෙන් (පාකිස්ථානයෙන්) පිට ක්‍රීඩා කරන්නට සිදුවිය. මිස්බා වරක් කී පරිදි තමන්ගේ රටට නොගොස් අවුරුද්දේ වැඩි කාලයක් විදේශගතව සිටින්නට සිදුවීමත් තමාගේ ප්රේක්ෂකයන්ගෙන් පිරුණු ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්නට අවස්ථාව නොලැබීමත් ක්‍රීඩකයෙකුට විඳින්නට ඇති දරුණුතම අත්දැකීම්ය. ඒ සියල්ල මැද ඔහු සාර්ථකම පාකිස්ථානු ටෙස්ට් පිතිකරුවා විය.[/SIZE] [SIZE="4"]ඔහු විඳි ලොකුම පීඩාව පවුලේ සාමාජිකයන් එකිනෙකා පිටි පිට මියයෑමයි. 2005 – 2006 සමයේ ඔහුගේ පවුලේ කිහිපදෙනෙක්ම මියගියෝය. පියා මියයද්දී තරගාවලියක සිටි ඔහුට පාකිස්ථානයට පැමිණෙන්නට සිදුවිය. ඉන් ටික දිනකට පසුව ඔහුගේ වැඩිමහල් සහෝදරයෝ දෙදෙනාම රිය අනතුරුවලින් මිය ගියෝය. කවර්ඩ්රයිව් පහරවල් සහ ෆ්ලිප් පහරවල් මෙන්ම ස්ලිප් පහරවල්වලට ගොස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන අවස්ථා වුව ඔහුගේ පිතිකරණය සුන්දර කරයි. කිසිවෙකු නොසිතූ මොහොතක කණ්ඩායමේ වගකීම බාරගැනීමත්, ඉන්පසුව නාට්‍යමය රටාවකින් ඉහළටම පැමිණීමත්, අවසානයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්ව සමුගැනීමත් අපූරු කතාවකි. ඉම්රාන් ඛාන් ලෝක කුසලානය පාකිස්ථානයට ගෙනා හැටි පෙර පරම්පරාව දැන් පරම්පරාවට කියාදෙද්දී දැන් පරපුර අනාගතයේ දරුවන්ට කියන කතාන්දරය වනු ඇත්තේ මිස්බා සහ යුනිස් පෑ විස්කම්ය. එය නම් කදිම සුන්දර කතාන්දරයකි.[/SIZE] [SIZE="4"][RIGHT]තරිඳු උඩුවරගෙදර[/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom