Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☢ලෝක විනාශයේ ඔරලෝසුව☢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

☢ලෝක විනාශයේ ඔරලෝසුව☢

ලෝක පැවැත්මට තර්ජන ගැන අනතුරු අඟවන ලෝක විනාශයේ ඔරලෝසුව

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවත්, ඒවා දුර ගෙන යාමට සමත් මිසයිල තනා තිබෙන බවත් තහවුරු වීම සමඟ ලෝක සාමය පිළිබඳ සංවාද තීව්ර වී තිබෙනවා.

උතුරු කොරියානු නායක කිම් ජොං උල් හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යන දෙදෙනාම ඊළඟට කුමක් කරාවිද යන්න අවිනිශ්චිත ආකාරයේ හා අපරිණත නායකයෝ. මෙවන් දෙපළක් අතට න්‍යෂ්ටික අවි භාවිතයේ අභිමතය ලැබීම ඇත්තටම භයානක තත්ත්වයක්.

මෙහි බිහිසුණු යථාර්ථය නම් න්‍යෂ්ටික අවි ගැටුමක් ඇති වුවහොත් එය යුද වදින රටවලට පමණක් නොව සමස්ත ලෝකයටම බරපතළ හානි සිදු කළ හැකි වීමයි.

න්‍යෂ්ටික අවි පිපිරීමෙන් සෘජුව විනාශ වන ජීවිත හා දේපළවලට අමතරව පාරිසරික හා සෞඛ්‍ය හානි ලොව පුරා විසිර යනවා.

උතුරු කොරියාවේ තර්ජනකාරී ක්‍රියාකලාපය රාජ්‍ය තාන්ත්‍රික (තානාපති) මට්ටමෙන් සාකච්ඡා හරහා සමනය කර ගැනීමට චීනය, ජපානය ඇතුළු රටවල් තවමත් උත්සාහ කරනවා.

අහංකාරෝන්මාදය(megalomania) වැළඳුණු රාජ්‍ය නායකයකු බලයේ සිටින විට රටක් තම හිතුමතයට ආගාධයට ඇදගෙන යා හැකි බව අප අත්දැකීමෙන් දන්නවා.

එහෙත් අද ලෝකයේ ආරක්ෂාවට හා සාමයට ඇති තර්ජනය උතුරු කොරියාව පමණක් නොවෙයි. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන් අටක් තිබෙනවා. ඔවුන් න්‍යෂ්ටික අවි තනාගත් අනුපිළිවෙළින් ඒ රටවල් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, බි්රතාන්යය, ප්‍රංශය, චීනය, ඉන්දියාව, පාකිස්ථානය හා උතුරු කොරියාවයි.

මීට අමතරව ඊශ්‍රායලය ද තමන්ගේම න්‍යෂ්ටික අවි රහසේම නිපදවා ඇතැයි අනුමාන කරනවා. එහෙත් කිසිදු අත්හදා බැලීමක් මෙතෙක් කර නොමැති නිසා එය තහවුරු කිරීමට නොහැකිව තිබෙනවා.

න්‍යෂ්ටික අවියක් හොර රහසේ තැනුවත් එය ජනශූන්‍ය ප්‍රදේශයක පුපුරවා අත්හදා බලන විට හට ගන්නා සියුම් භූ කම්පන නිසා ලෝකයම ඒ ගැන දැන ගන්නවා.

ලොව මුල්ම න්‍යෂ්ටික අවි නිපදවනු ලැබුවේ 1940 දශකය මුලදී අමෙරිකාවේ. පරමාණු අවියක් තැනීමේ රහසිගත ‘මැන්හැට්න් ව්‍යාපෘතියට’ (Manhattan Project) යුරෝපීය හා අමෙරිකානු විද්‍යාඥයන් රැසක් සම්බන්ධ වුණා.

පරමාණුක න්‍යෂ්ටියේ ඉමහත් බලය යොදා ගෙන අවියක් තැනීම නාට්සින්ගේ ඉලක්කය වී ඇතැයි 1939 වන විට සෙසු රටවල භෞතික විද්‍යාඥයන් අනුමාන කළා. හිට්ලර් මේ අවියෙන් සන්නද්ධ වූවොත් මතු විය හැකි බිහිසුණු තත්ත්වය ගැන 1939-45 කාලයේ පැවතුණ දෙවන ලෝක යුද්ධය පුරාම මිත්රපාක්ෂික රටවල් බියෙන් සිටියා.

පසු කලෙක හෙළි වූ පරිදි නාට්සින්ට පරමාණු බෝම්බයක් තැනීමට නොහැකි වුණා.

අමෙරිකාවේ නිපදවූ න්‍යෂ්ටික බෝම්බ දෙකක් 1945 අගෝස්තු 6 වනදා ජපානයේ හිරෝෂිමාවටත්, අගෝස්තු 9 වනදා නාගසාකි නුවරටත් හෙළීමෙන් පසු දෙවන ලෝක යුද්ධය අවසන් වුණා.

එහෙත් එහිදී සිදු වූ මහා විනාශය දුටු විද්‍යාඥයෝ යළි න්‍යෂ්ටික අවි භාවිත කිරීම වැළැක්වීමේ බරපතළ අවශ්‍යතාව තේරුම් ගත්තා.

න්‍යෂ්ටික අවි හරණය හා පාලනය සඳහා ජනමතය බිහි කිරීමට විවිධ උත්සාහයන් ගැනුණා. එයින් එකක් නම් 1945 දෙසැම්බරයේ ඇරැඹුණු න්‍යෂ්ටික විද්‍යාඥයන්ගේ සඟරාව (Bulletin of the Atomic Scientists).

මෙය සාමාන්‍ය ජනයාටත් තේරෙන බසකින් න්‍යෂ්ටික තාක්ෂණය ගැන සන්නිවේදනය කළා. මුලදී කුඩාවට පටන්ගත් මේ ප්රකාශනයේ ආරම්භකයන් වූයේ විද්‍යාඥයන් වූ ඉයුජීන් රුබිනොවිච් (1901-1973) හයිම් ගෝල්ඞ්ස්මිත් (1907-1949)

ටික කලකින් ජනප්‍රිය වූ මේ සඟරාව වඩාත් සංවිධානාත්මක ලෙසින් පළ කිරීම ඇරැඹුණේ 1947දී. එසේ සඟරාව ප්‍රතිනිර්මාණය කරද්දී එයට සුවිශේෂි අංගයක් එකතු කිරීමට කතුවරුන්ට ඕනෑ වුණා. මේ ගැන ඔවුන් දිගින් දිගට සාකච්ඡා කළා.

න්‍යෂ්ටික යුගයට පිවිස සිටින ලෝකයේ ආරක්ෂාව හා සාමය සංකේතවත් කරන රූපමය නිර්මාණයක් කිරීමට න්‍යෂ්ටික විද්‍යාඥයකුගේ චිත්රශිල්පී බිරිඳ වූ මර්ටිල් ලැංග්ස්ඩෝෆ්ට ඇරැයුම් කෙරුණා.

ලෝක විනාශයේ ඔරලෝසුව (Doomsday Clock) සංකල්පය යෝජනා කළේ ඇයයි. විද්‍යාඥයකු නොවූවත් රටේ ලෝකයේ සිදුවන දේ ගැන හොඳ අවබෝධයක් තිබූ ඇය, න්‍යෂ්ටික අවි ගැටුමකින් ලෝකය විනාශවීමට කෙතරම් ආසන්නද යන්න ඔරලෝසු මුහුණතකින් නිරූපණය කළා.

ඒ අනුව මැදියම් රැය යනු ලෝක විනාශයයි. ලෝක දේශපාලන තත්ත්වයන් හා ගැටුම් අනුව අපේ ලෝකය මැදියම් රැයට කෙතරම් ආසන්න හෝ දුරස්ථ දැයි වාර්ෂිකව නිර්ණය කළ හැකි බව ඇය යෝජනා කළා.

මෙය, අතිසංකීර්ණ තත්ත්වයක් සාමාන්‍ය ජනයාටත් වැටහෙන පරිදි ව්‍යක්ත ලෙස සන්නිවේදනය කිරීමේ උපක්‍රමයක්. 1947 ජූනි කලාපයේ කවරයට මුල් වරට ලෝක විනාශයේ ඔරලෝසුව යොදා ගැනුණා. එහිදී වේලාව මැදියම් රැයට විනාඩි 7කට පෙර ලෙස දැක්වුණා.

“මෙය ලෝක දේශපාලන ප්රවණතා පිළිබඳ මිනුමක් නොවෙයි. න්‍යෂ්ටික අවි සන්නද්ධ ලෝකයේ අප සියලු දෙනා මුහුණ දෙන පොදු අන්තරාය කෙතරම් සමීපද යන්න ගැන අනතුරු ඇඟවීමක් පමණයි” සඟරාවේ කතුවරුන් එය හඳුන්වාදෙමින් කියා සිටියා.

1947දී ලෝකයේ න්‍යෂ්ටික අවි සන්නද්ධ රාජ්‍යයන් තිබුණේ එකයි (අමෙරිකාව). එහෙත් 1949දී (එවකට) සෝවියට් දේශයත්, 1952 බි්රතාන්යයත්, 1960දී ප්‍රන්ශයත්, 1964දී චීනයත් සිය ප්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරමින් තමන්ගේම න්‍යෂ්ටික අවි තනා ගත්තා. මේ රටවල් ගොන්නට ඊළඟට ආවේ ඉන්දියාව (1974) හා පාකිස්ථානය (1998).

1960-1980 වකවානුවේ දකුණු අප්‍රිකාවද න්‍යෂ්ටික අවි තැනීමේ පර්යේෂණ කළා. එහෙත් 1990 දශකයේ එම පර්යේෂණ නවතා දමා එතෙක් නිපදවා තිබූ න්‍යෂ්ටික අවි නිෂ්ක්‍රිය කිරීමට එරට පාලකයෝ ක්‍රියා කළා. ස්වේච්ඡාවෙන් තමන්ගේම න්‍යෂ්ටික අවි අත්හැර දැමූ එකම රට දකුණු අප්‍රිකාවයි.

1947-2017 වකවානුව ලෝක දේශපාලන ඉතිහාසයේ සිදුවීම් බහුල, තීරණාත්මක කාලයක්. අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධ සමයේ දෙරට න්‍යෂ්ටික අවි තරගයක යෙදුණත් කිසිවිටෙක එම අවි අනෙකා මත භාවිත කරන මට්ටමට සිදුවීම් උත්සන්න වුණේ නැහැ.

1945-1990 සීතල යුද්ධය පවතින අතරත් මහ දෙරටේ නායකයෝ යම් බල තුලනයක වැදගත්කම තේරුම් ගෙන තිබුණා. වෙනත් අවිවලින් කරන යුද්ධයක් මෙන් නොව න්‍යෂ්ටික යුද්ධයක ජය – පරාජයක් නොමැතිව සියලු පාර්ශ්වයන්ට බරපතළ හානි සිදුවන බව ඔවුන් දැන සිටියා.

“තෙවන ලෝක යුද්ධය සඳහා කුමන බිහිසුණු අවි ආයුධ යොදා ගැනෙයි ද කියා මට හරි හැටි කිව නොහැකියි. එහෙත් සිවු වන ලෝක යුද්ධයකට නම් ඉතිරි වන්නේ ගල්පතුරු හා කෝටු කැබලි පමණයි!” අයින්ස්ටයින්ගේ එක් ප්‍රකට ප්‍රකාශයක් වූ මෙය, භයානක න්‍යෂ්ටික අවි සෙල්ලමක නිරතව සිටින ලොව ප්‍රබල රටවලට හා සෙසු මානව සංහතියට අනතුරු ඇඟවීමක්.

දශක හතක කාලය පුරා ලෝක විනාශයේ ඔරලෝසුව වාර්ෂිකව සංශෝධනය කිරීමට සඟරාවේ කර්තෘ මණ්ඩලය ක්‍රියා කර තිබෙනවා. හැම වසරකම වෙලාව වෙනස් කරන්නේත් නැහැ. එසේ කිරීමට ප්‍රබල හේතු තිබිය යුතුයි. ඒ ගැන සංස්කාරකවරුන් හා විද්වත් මණ්ඩලයක් දින ගණනක් සංවාද කර තීරණ ගන්නවා.

1947දී මැදියම් රැයට විනාඩි 7ක් කලින් තිබූ ඔරලෝසු කටු, 1949දී විනාඩි 3කට අඩු කෙරුණා. හේතුව සෝවියට් දේශයද න්‍යෂ්ටික අවි තැනීමයි. න්‍යෂ්ටික අවි තරගය පටන් ගත්තේ එතැනින්.

1953දී සෝවියට් විද්‍යාඥයන් අතිශයින් ප්‍රබල න්‍යෂ්ටික අවියක් වන හයිඩ්රජන් බෝම්බය නිපදවූ විට ඔරලෝසුව මැදියම් රැයට විනාඩි 2ක් තරම් ආසන්නව තැබුණා මේ, අද දක්වා ඔරලෝසුව විනාශයට ආසන්නම වූ අවස්ථාවයි.

1960දී ඔරලෝසුවේ වේලාව මැදියම් රැයට විනාඩි 7ක් දක්වාද 1963දී විනාඩි 12ක් දක්වාද වඩා හිතකර මට්ටමකට වෙනස් කෙරුණා. හේතුව මහ දෙරට න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සීමා කිරීමට එකඟ වීමයි.

1968දී යළිත් වේලාව මැදියම් රැයට විනාඩි 7ක් ලෙස සමීප වුණා. හේතුව වියට්නාම් යුද්ධය උත්සන්න වීම, ඉන්දු පාකිස්ථාන් යුද්ධ හා මැදපෙරදිග යළිත් උණුසුම් වීමයි.

1972දී යළිත් තත්ත්වය හොඳ අතට හැරුණා. ඒ අමෙරිකාව හා සෝවියට් දේශය න්‍යෂ්ටික අවි සීමා ගිවිසුම් අත්සන් කිරීම නිසායි. මේ නිසා වේලාව මැදියම් රැයට විනාඩි 12ක් වුණා.

1980 දශකයේ යළිත් විවිධ හේතු නිසා ලෝක සාමයට හා ආරක්ෂාවට ලොකු තර්ජනය මතු වුණා. 1984දී වේලාව මැදියම් රැයට විනාඩි 3ක් දක්වා යළිත් අඩු කෙරුණා.

තත්ත්වය යහපත් අතට හැරුණේ සීතල යුද්ධය හමාර වී සෝවියට් දේශය නිල වශයෙන් විසුරුවා හැරීමත් සමඟයි. ඒ සමඟ ඔරලෝසුවේ වේලාව මැදියම් රැයට විනාඩි 17ක් දක්වා ආපස්සට ගනු ලැබුවා. ඒ 1991දී.

එය එදා මෙදා තුර ලෝක විනාශයෙන් හැකි තාක් දුරස්ථ වූ අවස්ථාවයි. එහෙත් එම හිතකර තත්ත්වය පැවතුණේ ටික කලයි.

ගරා වැටුණු සෝවියට් දේශය සතුව තිබූ සමහර න්‍යෂ්ටික අවි විනාශ කෙරුණු අතර ඉතිරිය සුරක්ෂිතව රැකබලා ගැනීමේ අභියෝගය මතු වුණා. එතෙක් රාජ්‍ය හමුදා භාරයේ තිබූ න්‍යෂ්ටික අවි, හොර පාරේ ත්‍රස්ත සංවිධානවලට යාමේ අවදානම මතුව ආවා. 1998දී ඉන්දියාව හා පාකිස්ථානය අතර න්‍යෂ්ටික අවි තරගයක් හට ගත්තා.

මේ සියලු හේතු නිසා 1998දී ලෝක විනාශයේ ඔරලෝසු වේලාව මැදියම් රැයට විනාඩි 9 දක්වාත් 2002 වන විට විනාඩි 7 දක්වාත් සමීප කෙරුණා.

2006 ඔක්තෝබරයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමත්, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට සැලසුම් කිරීමත් නිසා ලෝක ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිත බව තවත් වැඩි වුණා.

එසේම ඒ වන විට ගෝලීය දේශගුණ විපර්යාසද මිහිපිට ජීවයේ පැවැත්මට මතු කරන තර්ජනය විද්‍යාඥයන් මනාව හඳුනා ගෙන තිබුණා. ඒ අනුව 2007දී න්‍යෂ්ටික අවිවලට අමතරව දේශගුණ විපර්යාස සාධකයද ඔරලෝසුවේ වේලාව සංශෝධන සඳහා සලකා බැලීම ඇරැඹුණා. එම වසරේ වේලාව මැදියම් රැයට විනාඩි 5යි.

2007-2014 අතර විනාඩි 5-6 දෝලනය වූ මේ දර්ශකය, 2015දී මැදියම් රැයට විනාඩි 3 දක්වා අඩු කෙරුණා. හේතුව දේශගුණ විපර්යාස ගැන ඇති තරම් ප්‍රතිචාර නොදැක්වීම හා අමෙරිකාවත් රුසියාවත් සිය න්‍යෂ්ටික අවි නවීකරණයට අත ගැසීම.

2017 වසරේ ජනවාරියේදී සඟරාවේ කතුවරුන් හා ඔවුන් නම් කළ විද්වත් මණ්ඩලයක් නැවතත් ඔරලෝසුව විමර්ශනයට ලක් කළා. ඔවුන්ගේ තීරණය වූයේ මැදියම් රැයට විනාඩි දෙක හමාරක් ලෙස වේලාව සංශෝධනය කිරිමටයි.

මෙය 70 වසරක ඉතිහාසයේ මැදියම් රැය සමීපයටම (1953 දී විනාඩි 2) ආ අවස්ථාවට ඉතා ආසන්නයි.

ඒ ගැන අදහස් දක්වමින් සඟරාවේ ප්‍රකාශක ආචාර්ය රේචල් බ්‍රොන්සන් මෙසේ කීවා. “මේ ඔරලෝසු දර්ශකය 1947දී අරඹන විට ලෝකයම විනාශ කළ හැකි බලයක් තිබුණේ න්‍යෂ්ටික අවිවලට පමණයි. එහෙත් මේ වන විට එයට අමතරව, ගෝලීය දේශගුණ විපර්යාසවල ප්‍රබල බලපෑම් අප හමුවේ තිබෙනවා. එසේම ජෛව විද්‍යාත්මක නවෝත්පාදන, පරිගණක හා සයිබර් අවකාශයේ නව ප්රවණතා මෙන්ම කෘත්‍රිම බුද්ධියේ ශීඝ්‍ර දියුණුව ගැනද අප දැඩි අවධානයෙන් සිටිය යුතුයි. මේ ක්ෂේත්රවලින් ලෝකයේ ජීවයේ පැවැත්මට ප්‍රබල තර්ජන එල්ල වේදැයි තවමත් හරිහැටි කිව නොහැකියි.”

එහෙත් එක නව තර්ජනයක් ගැන ඇය විශේෂ අවධානය යොමු කළා. ඒ ව්‍යාජ පුවත් (Fake

News) හරහා ගෝලීය කලබලයකට හා රාජ්‍ය අතර සබඳතා බිඳ වැටීමකට තිබෙන ඉඩයි.

“තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ අද සැබෑ තොරතුරු මෙන්ම බොරු ප්රචාරයන්ට ද ලොව පුරා පැතිර යාමේ හැකියාව වැඩි වී තිබෙනවා. රටවල් අතර හොඳහිත පලුදු කරන්න, ගැටුම් ඇති කරන්න ව්‍යාජ පුවත්වලට හැකියි. මේ නිසා තොරතුරු තහවුරු කර ගැනීම හා තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගැනීම අද සෙවුම් නිරාකරණයටත් අත්‍යවශ්‍ය කුසලතාවක් වී තිබෙනවා” යයි ඇය ප්‍රකාශ කළා.

අද සංකීර්ණ ලෝක සබඳතාවලට අවශ්‍ය වන්නේ කලබල නොවී සමබරව තොරතුරු තහවුරු කර ගෙන ප්‍රතිචාර දැක්වීම බව සඟරාවේ කතුවරුන් අවධාරණය කරනවා.

එසේ නොමැති වූවොත් නොසැලකිල්ල නිසා ගැටුම් හටගෙන එය න්‍යෂ්ටික අවි හුවමාරුවක් දක්වා උත්සන්න වීමේ අවදානම තිබෙනවා.

න්‍යෂ්ටික විද්‍යාඥ යන්ගේ සඟරාවට ලෝක විනාශයේ ඔරලෝසුව ගැන විද්වත් උපදෙස් දෙන මඬුල්ලේ ලාංකිකයකු ද සිටිනවා. ඔහු හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු හා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරයකු වන ජයන්ත ධනපාලයි.

ජාත්‍යන්තර අවිහරණය හා නිරායුධකරණය ගැන විශේෂඥයකු වන ඔහු, 2007-2017 දශකය තුළ විද්‍යා හා ලෝක සබඳතා පිළිබඳ පග්වොෂ් සංවිධානයේ (Pugwash Conferences on Science and World Affairs) ලෝක සභාපතිවරයා ලෙසද ක්‍රියා කළා.

නාලක ගුණවර්ධන

[QUOTE="CLAYFACE, post: 22319727, member: 323614"] [b]☢ලෝක විනාශයේ ඔරලෝසුව☢[/b] [SIZE="5"][COLOR="DarkRed"]ලෝක පැවැත්මට තර්ජන ගැන අනතුරු අඟවන ලෝක විනාශයේ ඔරලෝසුව[/COLOR][/SIZE] [IMG]http://ravaya.lk/wp-content/uploads/bfi_thumb/siwmansla-34mslenbca0cta84zw15vk.gif[/IMG] [SIZE="4"]උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවත්, ඒවා දුර ගෙන යාමට සමත් මිසයිල තනා තිබෙන බවත් තහවුරු වීම සමඟ ලෝක සාමය පිළිබඳ සංවාද තීව්ර වී තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොං උල් හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යන දෙදෙනාම ඊළඟට කුමක් කරාවිද යන්න අවිනිශ්චිත ආකාරයේ හා අපරිණත නායකයෝ. මෙවන් දෙපළක් අතට න්‍යෂ්ටික අවි භාවිතයේ අභිමතය ලැබීම ඇත්තටම භයානක තත්ත්වයක්. මෙහි බිහිසුණු යථාර්ථය නම් න්‍යෂ්ටික අවි ගැටුමක් ඇති වුවහොත් එය යුද වදින රටවලට පමණක් නොව සමස්ත ලෝකයටම බරපතළ හානි සිදු කළ හැකි වීමයි. න්‍යෂ්ටික අවි පිපිරීමෙන් සෘජුව විනාශ වන ජීවිත හා දේපළවලට අමතරව පාරිසරික හා සෞඛ්‍ය හානි ලොව පුරා විසිර යනවා. උතුරු කොරියාවේ තර්ජනකාරී ක්‍රියාකලාපය රාජ්‍ය තාන්ත්‍රික (තානාපති) මට්ටමෙන් සාකච්ඡා හරහා සමනය කර ගැනීමට චීනය, ජපානය ඇතුළු රටවල් තවමත් උත්සාහ කරනවා. අහංකාරෝන්මාදය(megalomania) වැළඳුණු රාජ්‍ය නායකයකු බලයේ සිටින විට රටක් තම හිතුමතයට ආගාධයට ඇදගෙන යා හැකි බව අප අත්දැකීමෙන් දන්නවා. එහෙත් අද ලෝකයේ ආරක්ෂාවට හා සාමයට ඇති තර්ජනය උතුරු කොරියාව පමණක් නොවෙයි. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන් අටක් තිබෙනවා. ඔවුන් න්‍යෂ්ටික අවි තනාගත් අනුපිළිවෙළින් ඒ රටවල් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, බි්රතාන්යය, ප්‍රංශය, චීනය, ඉන්දියාව, පාකිස්ථානය හා උතුරු කොරියාවයි. මීට අමතරව ඊශ්‍රායලය ද තමන්ගේම න්‍යෂ්ටික අවි රහසේම නිපදවා ඇතැයි අනුමාන කරනවා. එහෙත් කිසිදු අත්හදා බැලීමක් මෙතෙක් කර නොමැති නිසා එය තහවුරු කිරීමට නොහැකිව තිබෙනවා. න්‍යෂ්ටික අවියක් හොර රහසේ තැනුවත් එය ජනශූන්‍ය ප්‍රදේශයක පුපුරවා අත්හදා බලන විට හට ගන්නා සියුම් භූ කම්පන නිසා ලෝකයම ඒ ගැන දැන ගන්නවා. ලොව මුල්ම න්‍යෂ්ටික අවි නිපදවනු ලැබුවේ 1940 දශකය මුලදී අමෙරිකාවේ. පරමාණු අවියක් තැනීමේ රහසිගත ‘මැන්හැට්න් ව්‍යාපෘතියට’ (Manhattan Project) යුරෝපීය හා අමෙරිකානු විද්‍යාඥයන් රැසක් සම්බන්ධ වුණා. පරමාණුක න්‍යෂ්ටියේ ඉමහත් බලය යොදා ගෙන අවියක් තැනීම නාට්සින්ගේ ඉලක්කය වී ඇතැයි 1939 වන විට සෙසු රටවල භෞතික විද්‍යාඥයන් අනුමාන කළා. හිට්ලර් මේ අවියෙන් සන්නද්ධ වූවොත් මතු විය හැකි බිහිසුණු තත්ත්වය ගැන 1939-45 කාලයේ පැවතුණ දෙවන ලෝක යුද්ධය පුරාම මිත්රපාක්ෂික රටවල් බියෙන් සිටියා. පසු කලෙක හෙළි වූ පරිදි නාට්සින්ට පරමාණු බෝම්බයක් තැනීමට නොහැකි වුණා. අමෙරිකාවේ නිපදවූ න්‍යෂ්ටික බෝම්බ දෙකක් 1945 අගෝස්තු 6 වනදා ජපානයේ හිරෝෂිමාවටත්, අගෝස්තු 9 වනදා නාගසාකි නුවරටත් හෙළීමෙන් පසු දෙවන ලෝක යුද්ධය අවසන් වුණා. එහෙත් එහිදී සිදු වූ මහා විනාශය දුටු විද්‍යාඥයෝ යළි න්‍යෂ්ටික අවි භාවිත කිරීම වැළැක්වීමේ බරපතළ අවශ්‍යතාව තේරුම් ගත්තා. න්‍යෂ්ටික අවි හරණය හා පාලනය සඳහා ජනමතය බිහි කිරීමට විවිධ උත්සාහයන් ගැනුණා. එයින් එකක් නම් 1945 දෙසැම්බරයේ ඇරැඹුණු න්‍යෂ්ටික විද්‍යාඥයන්ගේ සඟරාව (Bulletin of the Atomic Scientists). මෙය සාමාන්‍ය ජනයාටත් තේරෙන බසකින් න්‍යෂ්ටික තාක්ෂණය ගැන සන්නිවේදනය කළා. මුලදී කුඩාවට පටන්ගත් මේ ප්රකාශනයේ ආරම්භකයන් වූයේ විද්‍යාඥයන් වූ ඉයුජීන් රුබිනොවිච් (1901-1973) හයිම් ගෝල්ඞ්ස්මිත් (1907-1949) ටික කලකින් ජනප්‍රිය වූ මේ සඟරාව වඩාත් සංවිධානාත්මක ලෙසින් පළ කිරීම ඇරැඹුණේ 1947දී. එසේ සඟරාව ප්‍රතිනිර්මාණය කරද්දී එයට සුවිශේෂි අංගයක් එකතු කිරීමට කතුවරුන්ට ඕනෑ වුණා. මේ ගැන ඔවුන් දිගින් දිගට සාකච්ඡා කළා. න්‍යෂ්ටික යුගයට පිවිස සිටින ලෝකයේ ආරක්ෂාව හා සාමය සංකේතවත් කරන රූපමය නිර්මාණයක් කිරීමට න්‍යෂ්ටික විද්‍යාඥයකුගේ චිත්රශිල්පී බිරිඳ වූ මර්ටිල් ලැංග්ස්ඩෝෆ්ට ඇරැයුම් කෙරුණා. ලෝක විනාශයේ ඔරලෝසුව (Doomsday Clock) සංකල්පය යෝජනා කළේ ඇයයි. විද්‍යාඥයකු නොවූවත් රටේ ලෝකයේ සිදුවන දේ ගැන හොඳ අවබෝධයක් තිබූ ඇය, න්‍යෂ්ටික අවි ගැටුමකින් ලෝකය විනාශවීමට කෙතරම් ආසන්නද යන්න ඔරලෝසු මුහුණතකින් නිරූපණය කළා. ඒ අනුව මැදියම් රැය යනු ලෝක විනාශයයි. ලෝක දේශපාලන තත්ත්වයන් හා ගැටුම් අනුව අපේ ලෝකය මැදියම් රැයට කෙතරම් ආසන්න හෝ දුරස්ථ දැයි වාර්ෂිකව නිර්ණය කළ හැකි බව ඇය යෝජනා කළා. මෙය, අතිසංකීර්ණ තත්ත්වයක් සාමාන්‍ය ජනයාටත් වැටහෙන පරිදි ව්‍යක්ත ලෙස සන්නිවේදනය කිරීමේ උපක්‍රමයක්. 1947 ජූනි කලාපයේ කවරයට මුල් වරට ලෝක විනාශයේ ඔරලෝසුව යොදා ගැනුණා. එහිදී වේලාව මැදියම් රැයට විනාඩි 7කට පෙර ලෙස දැක්වුණා. “මෙය ලෝක දේශපාලන ප්රවණතා පිළිබඳ මිනුමක් නොවෙයි. න්‍යෂ්ටික අවි සන්නද්ධ ලෝකයේ අප සියලු දෙනා මුහුණ දෙන පොදු අන්තරාය කෙතරම් සමීපද යන්න ගැන අනතුරු ඇඟවීමක් පමණයි” සඟරාවේ කතුවරුන් එය හඳුන්වාදෙමින් කියා සිටියා. 1947දී ලෝකයේ න්‍යෂ්ටික අවි සන්නද්ධ රාජ්‍යයන් තිබුණේ එකයි (අමෙරිකාව). එහෙත් 1949දී (එවකට) සෝවියට් දේශයත්, 1952 බි්රතාන්යයත්, 1960දී ප්‍රන්ශයත්, 1964දී චීනයත් සිය ප්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරමින් තමන්ගේම න්‍යෂ්ටික අවි තනා ගත්තා. මේ රටවල් ගොන්නට ඊළඟට ආවේ ඉන්දියාව (1974) හා පාකිස්ථානය (1998). 1960-1980 වකවානුවේ දකුණු අප්‍රිකාවද න්‍යෂ්ටික අවි තැනීමේ පර්යේෂණ කළා. එහෙත් 1990 දශකයේ එම පර්යේෂණ නවතා දමා එතෙක් නිපදවා තිබූ න්‍යෂ්ටික අවි නිෂ්ක්‍රිය කිරීමට එරට පාලකයෝ ක්‍රියා කළා. ස්වේච්ඡාවෙන් තමන්ගේම න්‍යෂ්ටික අවි අත්හැර දැමූ එකම රට දකුණු අප්‍රිකාවයි. 1947-2017 වකවානුව ලෝක දේශපාලන ඉතිහාසයේ සිදුවීම් බහුල, තීරණාත්මක කාලයක්. අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධ සමයේ දෙරට න්‍යෂ්ටික අවි තරගයක යෙදුණත් කිසිවිටෙක එම අවි අනෙකා මත භාවිත කරන මට්ටමට සිදුවීම් උත්සන්න වුණේ නැහැ. 1945-1990 සීතල යුද්ධය පවතින අතරත් මහ දෙරටේ නායකයෝ යම් බල තුලනයක වැදගත්කම තේරුම් ගෙන තිබුණා. වෙනත් අවිවලින් කරන යුද්ධයක් මෙන් නොව න්‍යෂ්ටික යුද්ධයක ජය – පරාජයක් නොමැතිව සියලු පාර්ශ්වයන්ට බරපතළ හානි සිදුවන බව ඔවුන් දැන සිටියා. “තෙවන ලෝක යුද්ධය සඳහා කුමන බිහිසුණු අවි ආයුධ යොදා ගැනෙයි ද කියා මට හරි හැටි කිව නොහැකියි. එහෙත් සිවු වන ලෝක යුද්ධයකට නම් ඉතිරි වන්නේ ගල්පතුරු හා කෝටු කැබලි පමණයි!” අයින්ස්ටයින්ගේ එක් ප්‍රකට ප්‍රකාශයක් වූ මෙය, භයානක න්‍යෂ්ටික අවි සෙල්ලමක නිරතව සිටින ලොව ප්‍රබල රටවලට හා සෙසු මානව සංහතියට අනතුරු ඇඟවීමක්. දශක හතක කාලය පුරා ලෝක විනාශයේ ඔරලෝසුව වාර්ෂිකව සංශෝධනය කිරීමට සඟරාවේ කර්තෘ මණ්ඩලය ක්‍රියා කර තිබෙනවා. හැම වසරකම වෙලාව වෙනස් කරන්නේත් නැහැ. එසේ කිරීමට ප්‍රබල හේතු තිබිය යුතුයි. ඒ ගැන සංස්කාරකවරුන් හා විද්වත් මණ්ඩලයක් දින ගණනක් සංවාද කර තීරණ ගන්නවා. 1947දී මැදියම් රැයට විනාඩි 7ක් කලින් තිබූ ඔරලෝසු කටු, 1949දී විනාඩි 3කට අඩු කෙරුණා. හේතුව සෝවියට් දේශයද න්‍යෂ්ටික අවි තැනීමයි. න්‍යෂ්ටික අවි තරගය පටන් ගත්තේ එතැනින්. 1953දී සෝවියට් විද්‍යාඥයන් අතිශයින් ප්‍රබල න්‍යෂ්ටික අවියක් වන හයිඩ්රජන් බෝම්බය නිපදවූ විට ඔරලෝසුව මැදියම් රැයට විනාඩි 2ක් තරම් ආසන්නව තැබුණා මේ, අද දක්වා ඔරලෝසුව විනාශයට ආසන්නම වූ අවස්ථාවයි. 1960දී ඔරලෝසුවේ වේලාව මැදියම් රැයට විනාඩි 7ක් දක්වාද 1963දී විනාඩි 12ක් දක්වාද වඩා හිතකර මට්ටමකට වෙනස් කෙරුණා. හේතුව මහ දෙරට න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සීමා කිරීමට එකඟ වීමයි. 1968දී යළිත් වේලාව මැදියම් රැයට විනාඩි 7ක් ලෙස සමීප වුණා. හේතුව වියට්නාම් යුද්ධය උත්සන්න වීම, ඉන්දු පාකිස්ථාන් යුද්ධ හා මැදපෙරදිග යළිත් උණුසුම් වීමයි. 1972දී යළිත් තත්ත්වය හොඳ අතට හැරුණා. ඒ අමෙරිකාව හා සෝවියට් දේශය න්‍යෂ්ටික අවි සීමා ගිවිසුම් අත්සන් කිරීම නිසායි. මේ නිසා වේලාව මැදියම් රැයට විනාඩි 12ක් වුණා. 1980 දශකයේ යළිත් විවිධ හේතු නිසා ලෝක සාමයට හා ආරක්ෂාවට ලොකු තර්ජනය මතු වුණා. 1984දී වේලාව මැදියම් රැයට විනාඩි 3ක් දක්වා යළිත් අඩු කෙරුණා. තත්ත්වය යහපත් අතට හැරුණේ සීතල යුද්ධය හමාර වී සෝවියට් දේශය නිල වශයෙන් විසුරුවා හැරීමත් සමඟයි. ඒ සමඟ ඔරලෝසුවේ වේලාව මැදියම් රැයට විනාඩි 17ක් දක්වා ආපස්සට ගනු ලැබුවා. ඒ 1991දී. එය එදා මෙදා තුර ලෝක විනාශයෙන් හැකි තාක් දුරස්ථ වූ අවස්ථාවයි. එහෙත් එම හිතකර තත්ත්වය පැවතුණේ ටික කලයි. ගරා වැටුණු සෝවියට් දේශය සතුව තිබූ සමහර න්‍යෂ්ටික අවි විනාශ කෙරුණු අතර ඉතිරිය සුරක්ෂිතව රැකබලා ගැනීමේ අභියෝගය මතු වුණා. එතෙක් රාජ්‍ය හමුදා භාරයේ තිබූ න්‍යෂ්ටික අවි, හොර පාරේ ත්‍රස්ත සංවිධානවලට යාමේ අවදානම මතුව ආවා. 1998දී ඉන්දියාව හා පාකිස්ථානය අතර න්‍යෂ්ටික අවි තරගයක් හට ගත්තා. මේ සියලු හේතු නිසා 1998දී ලෝක විනාශයේ ඔරලෝසු වේලාව මැදියම් රැයට විනාඩි 9 දක්වාත් 2002 වන විට විනාඩි 7 දක්වාත් සමීප කෙරුණා. 2006 ඔක්තෝබරයේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමත්, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට සැලසුම් කිරීමත් නිසා ලෝක ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිත බව තවත් වැඩි වුණා. එසේම ඒ වන විට ගෝලීය දේශගුණ විපර්යාසද මිහිපිට ජීවයේ පැවැත්මට මතු කරන තර්ජනය විද්‍යාඥයන් මනාව හඳුනා ගෙන තිබුණා. ඒ අනුව 2007දී න්‍යෂ්ටික අවිවලට අමතරව දේශගුණ විපර්යාස සාධකයද ඔරලෝසුවේ වේලාව සංශෝධන සඳහා සලකා බැලීම ඇරැඹුණා. එම වසරේ වේලාව මැදියම් රැයට විනාඩි 5යි. 2007-2014 අතර විනාඩි 5-6 දෝලනය වූ මේ දර්ශකය, 2015දී මැදියම් රැයට විනාඩි 3 දක්වා අඩු කෙරුණා. හේතුව දේශගුණ විපර්යාස ගැන ඇති තරම් ප්‍රතිචාර නොදැක්වීම හා අමෙරිකාවත් රුසියාවත් සිය න්‍යෂ්ටික අවි නවීකරණයට අත ගැසීම. 2017 වසරේ ජනවාරියේදී සඟරාවේ කතුවරුන් හා ඔවුන් නම් කළ විද්වත් මණ්ඩලයක් නැවතත් ඔරලෝසුව විමර්ශනයට ලක් කළා. ඔවුන්ගේ තීරණය වූයේ මැදියම් රැයට විනාඩි දෙක හමාරක් ලෙස වේලාව සංශෝධනය කිරිමටයි. මෙය 70 වසරක ඉතිහාසයේ මැදියම් රැය සමීපයටම (1953 දී විනාඩි 2) ආ අවස්ථාවට ඉතා ආසන්නයි. ඒ ගැන අදහස් දක්වමින් සඟරාවේ ප්‍රකාශක ආචාර්ය රේචල් බ්‍රොන්සන් මෙසේ කීවා. “මේ ඔරලෝසු දර්ශකය 1947දී අරඹන විට ලෝකයම විනාශ කළ හැකි බලයක් තිබුණේ න්‍යෂ්ටික අවිවලට පමණයි. එහෙත් මේ වන විට එයට අමතරව, ගෝලීය දේශගුණ විපර්යාසවල ප්‍රබල බලපෑම් අප හමුවේ තිබෙනවා. එසේම ජෛව විද්‍යාත්මක නවෝත්පාදන, පරිගණක හා සයිබර් අවකාශයේ නව ප්රවණතා මෙන්ම කෘත්‍රිම බුද්ධියේ ශීඝ්‍ර දියුණුව ගැනද අප දැඩි අවධානයෙන් සිටිය යුතුයි. මේ ක්ෂේත්රවලින් ලෝකයේ ජීවයේ පැවැත්මට ප්‍රබල තර්ජන එල්ල වේදැයි තවමත් හරිහැටි කිව නොහැකියි.” එහෙත් එක නව තර්ජනයක් ගැන ඇය විශේෂ අවධානය යොමු කළා. ඒ ව්‍යාජ පුවත් (Fake News) හරහා ගෝලීය කලබලයකට හා රාජ්‍ය අතර සබඳතා බිඳ වැටීමකට තිබෙන ඉඩයි. “තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ අද සැබෑ තොරතුරු මෙන්ම බොරු ප්රචාරයන්ට ද ලොව පුරා පැතිර යාමේ හැකියාව වැඩි වී තිබෙනවා. රටවල් අතර හොඳහිත පලුදු කරන්න, ගැටුම් ඇති කරන්න ව්‍යාජ පුවත්වලට හැකියි. මේ නිසා තොරතුරු තහවුරු කර ගැනීම හා තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගැනීම අද සෙවුම් නිරාකරණයටත් අත්‍යවශ්‍ය කුසලතාවක් වී තිබෙනවා” යයි ඇය ප්‍රකාශ කළා. අද සංකීර්ණ ලෝක සබඳතාවලට අවශ්‍ය වන්නේ කලබල නොවී සමබරව තොරතුරු තහවුරු කර ගෙන ප්‍රතිචාර දැක්වීම බව සඟරාවේ කතුවරුන් අවධාරණය කරනවා. එසේ නොමැති වූවොත් නොසැලකිල්ල නිසා ගැටුම් හටගෙන එය න්‍යෂ්ටික අවි හුවමාරුවක් දක්වා උත්සන්න වීමේ අවදානම තිබෙනවා. න්‍යෂ්ටික විද්‍යාඥ යන්ගේ සඟරාවට ලෝක විනාශයේ ඔරලෝසුව ගැන විද්වත් උපදෙස් දෙන මඬුල්ලේ ලාංකිකයකු ද සිටිනවා. ඔහු හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු හා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම්වරයකු වන ජයන්ත ධනපාලයි. ජාත්‍යන්තර අවිහරණය හා නිරායුධකරණය ගැන විශේෂඥයකු වන ඔහු, 2007-2017 දශකය තුළ විද්‍යා හා ලෝක සබඳතා පිළිබඳ පග්වොෂ් සංවිධානයේ (Pugwash Conferences on Science and World Affairs) ලෝක සභාපතිවරයා ලෙසද ක්‍රියා කළා. [/SIZE] [SIZE="4"][COLOR="darkred"]නාලක ගුණවර්ධන[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom