Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ අවබෝධය උඩු යටි කරපු ලිපියක්. මම මෙච්චර කල් හිතන් ඉඳියේ මේ ලෝකේ - ඇත්ත, විද්‍යමාන කියන්නේ පරමාර්ථ 4 සහ අනිත් සේරම හීනාර්ථ ප්රඥප්ති කියලා. ඒත් මම වැරදියි .... කියවලම බලන්න spoil කරන්නේ නෑ ..... පටිච්චසමුප්පාදය, සම්මුතිය, පරමාර්ථය, ඇත නැත භාවය හෙවත් ද්විකෝටිය ගැන විස්තර වෙන්නේ ....

බුදු දහමට අනුව පටිච්ච සමුප්පාද න්‍යාය යනු " මෙය ඇති කල්හි මෙය වෙයි(ඉමස්මින් සති ඉදං හෝති ), මෙය හට ගත කල්හි මෙය හටගනියි(ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති), මෙය නැති කල්හි මෙය නැතිවෙයි(ඉමස්මින් අස්ථි ඉදං න හෝති), මෙය නිරුද්ධ වූ කල්හි මෙය නිරුද්ධ වෙයි(ඉමස්ස නිරෝදා ඉදං නිරුජ්ජති)" යන ප්‍රසිද්ධ ඉගැන්වීමයි. මෙහි ඉමස්මින් සති ඉදං හෝති සහ ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති යන පාලි ඉගැන්වීම තුලින් පෙන්වා දෙන්නුලබන්නේ සම්මුතියට අනුව "ඇත" යන සංකල්පයයි. මෙය ජන ව්‍යවහාරයට අනුව හටගැනීම, ඉපදීම, විද්‍යාමාන වීම, යනුවෙන් භාවිතා වනුලැබේ. "ඉමස්මින් අසති ඉදං න හෝති සහ ඉමස්ස නිරෝදා ඉදං නිරුජ්ජති යන පාලි ඉගැන්වීමෙන් 'නැත යන ඉගැන්වීම සම්මුතියට අනුව පෙන්වා දෙනු ලැබේ. ජන ව්‍යාවහාරයට අනුව මෙය නැතිවීම, නිරුද්ධවීම, නොපෙනියාම ආදිය වහරනු ලැබේ. මෙම බුද්ධ ඉගැන්වීම සම්මුති ලෝකයේ නිර්දේෂවන්නකි. පරමාර්ථ වශයෙන් මෙම ඉගැන්වීම නිර්දේශ නොවන්නකි. තථාගතයන් වහන්සේ දේශනාකරන ලද්දේ පරමාර්ථ සාදනයෙන් පසු ධර්මය කියා එකක් ද නොමැති බවය. එම පරමාර්ථ සාදනය සඳහා පමණක්ම බුද්ධ ඉගැන්වීම ගත යුතු බවත් ඉන්පසු ධර්මයත් සම්මුතියක් බව තේරුම් ගතයුතු බවත් "කුල්ලුපමන් වෝ හික්ඛවේ ධම්මං ..." යන ඉගැන්වීමෙන් පැහැදිලි කරනු ලැබේ.

ඇත, නැත, යන සංකල්ප දෙක පරමාර්ථ දේශනයට අනුව ප්රඥප්ති දෙකකි. සැබැවින්ම බුද්ධ දේශිත පරමාර්ථයට අනුව ලෝකය කියා දෙයක් නොමැත. ලෝකය යනු සම්මුතියකි. සිතින් මවා ගන්නා ලද බොරුවකි. ශූන්යාතාව යනු බුද්ධ දේශිත පරමාර්ථය බව දත යුතුය. පරමාර්ථය දත් පුද්ගලයා හට පටිච්ච සමුප්පදයක් ද නොමැත. පටිච්ච සමුප්පාදය වනාහි සම්මුතියේම කොටසකි. සම්මුති ලෝකයක් තුල සිටින සත්වයාට සම්මුතිය තුලින්ම යතාර්ථය අවබෝධ කරවීමට කළ දේශනයණයකි පටිච්ච සමුප්පාදය. ශුන්යතාවබෝධය (පරමාර්ථය, නිවන) සඳහා සම්මුති ලෝකයේ සිටින්නාවූ සත්ත්වයින් විසින් පටිච්චසමුප්පාදය උපයෝගීකරගනු ලබන්නේ එය සම්මුති ලෝකයේම කොටසක් බැවිනි. සිතින් මවාගත් සම්මුති ලෝකයකට "ඇත, නැත" යන භාවිතය නොගැලපෙන්නකි. සැබවින්ම නැති දෙයකට " ඇත, නැත යන පද කෙසේනම් භාවිත කල හැකිද? පරමාර්ථයට අනුව එසේ භාවිතා කල නොහැකිය. එමනිසා ශුන්‍යතාවය ඇත, නැත යන භාවිතයෙන් තොර වුවකි. ඇත නැත යන භාවිතයක් නැත්තේ නිවනෙහි හෙවත් පරමාර්තයෙහි පමණකි. මිරිඟුව භ්‍රාන්තියක් පමණකි. පරමාර්ථ වශයෙන් එහි ජලය නොමැත්තේය. නැත්තාවූ යමකට ඇත, නැත කියා භාවිතා කිරීම මෝහය නිසා සිදුවන්නකි. නමුත් සම්මුතියෙහි සිටින පුද්ගලයා මිරිඟුව සඳහා "ඇත" යන භාවිතය කරයි. මිරිගුව තිබු තැනට පුද්ගලයා ගිය විට නැත යන භාවිතය කරයි. මෙය සම්මුති ලෝකයේ සාධාරණ භාවිතයකි. මක්නිසාද යත් එම පුද්ගලයා මෝහය තුල සිටින හෙයිනි. නමුත් එම පුද්ගලයා මිරිඟුව වශයෙන් දුටුවේ සැබෑම ජලය ද? එතන ජලය තිබුනේද? ලෝකයෙහි පවතින්නාවූ සම්මුතීන්ගේ විකාර රුපී තත්වය හේතුයෙන් එම පුද්ගලයා ජලය වශයෙන් මිරිඟුව දුටුවේය. එම මිරිඟුව සඳහා ඇත, නැත, භාවිතය පරමාර්ථයට අනුව නොගැලපෙන්නකි. ශුන්‍යතාවය යනු ඇත, නැත යන දෙකෙන්ම තොර වූ පරමාර්තාවබෝධයයි.

පටිච්ච සමුප්පාද ධර්මය විශ්ව ව්‍යාපී ධර්මයකි. නමුත් මෙම පටිච්ච සමුප්පාදය ද සම්මුති ලෝකයටම අයත් වුවකි.මක්නිසාද යත් පටිච්ච සමුප්පාද ධර්මය පරමර්තය තුල හෙවත් නිවන තුල නොමැත්තේය. එමනිසා තථාගතයන් වහන්සේ විසින් "යමෙක් යතාර්තාවබෝධයෙන් පසු ධර්මය ද අත්හල යුතුයැයි" යන දේශනාවෙන් අදහස් කරන ලද්දේ සතයාවබෝධයත් සමඟම ධර්මයද සම්මුතියක් බව අවබෝධ කරගත් හෙයිනි. පටිච්ච සමුප්පාදය හෙවත් එම න්‍යාය මුළුමහත් සම්මුති විශ්වයටම පොදු වුවකි. කොටින් කියතොත් මේ සියල්ලම භ්‍රාන්තියකි. නින්දෙහි සිටින්නා විසින් දකිනු ලබන සිහිනයක් බඳුය. පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයට අනුව පටිච්ච සමුප්පන්න ධර්මයෝ හටගනිති. අංග දොළොසකින් යුත් පටිච්ච සමුප්පාදය වනාහි ඉමස්මිං සති ඉදං හෝති යන පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හටගනු ලබන ධර්ම සමුහයකි. එමනිසා ද්වාදසායතන පටිච්ච සමුප්පාදය "පටිච්ච සමුප්පන්න ධම්ම නාමයෙන් ගතයුතුය. මෙම පටිච්ච සමුප්පන්න ධම්ම ද සම්මුති ලෝකයට අයත් එවාමය. ඒවා පරමාර්ථයට අයත් නොවන්නේය. පරමාර්ථය අවබෝධය කල වූ චිත්තයට මෙම පටිච්ච සමුප්පාදය හෝ පටිච්ච සමුප්පන්න ධම්ම අයත් නොවන්නේය. රහතන් වහන්සේ වනාහි යතාර්ථය අවබෝධ කල පුද්ගලයකි. එමනිසා ඔහුගේ චිත්තයට පටිච්ච සමුප්පාදය සාධාරණ හෝ පොදු නොවන්නේය. මක්නිසාදයත් උන්වහන්සේ සම්මුති ලෝකය මායාවක් , සිහිනයක්, විඤ්ඤප්ති මාත්‍රයක්, පමනක් බව ප්රත්යක්ෂ කළ හෙයිනි.

පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හටගන්නා වූ අවිජ්ජා යනු මෝහය, නොදැනීම , අවිද්‍යාව, යනුයි. මෙම අවිජ්ජා ව හෙවත් නොදැනීම සම්මුති ලෝකය පිලිබඳ නොදැනීමයි. සම්මුතිය යනු සිහිනයක්, මායාවක් මානසික මවාපෑමක් බව නොදැනීමයි. මුළුමහත් විශ්වයම මඤ්ඤනවක් සිතින් මවා ගත්තාවූ දෙයක් බව අවබෝධ නොකිරීම අවිජ්ජාවයි. අවිජ්ජාව අවබෝධ කිරීම පරමාර්තාවබෝධයයි. විජ්ජා උදපාදී යනු අවිජ්ජාව අවබෝධකිරීමෙන් ලබන ඵලය හෙවත් පරමාර්තාවබෝධයේ උදාවයි. මම, මගේ ආත්මය වශයෙන් ගැනීම ම සම්මුතියේ කොටසකි. මම කියා කෙනෙක් නැත, ආත්මය කියා දෙයක් නැත, යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් දේශනාකරන ලද්දේ මුළුමහත් සම්මුති ලෝකයම මායාවක් ,සිහිනයක්, සිතින් මවාගත් දෙයක් වීම නිසාය. සියලු සත්තවයෝම සංසාර නමැති යහන මත නිදාගෙන සිටින විට ඔහුන් විසින් දකිනුලබන සිහිනය නම් මේ ලෝකය හෙවත් විශ්වයයි. එම සිහිනය තවදුරටත් නොදකිනුලබන්නේ, රහතන් වහන්සේ ,පසේ බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බුදු රජාණන් වහ්සේ විසිනි.විශ්වයම ශුන්‍යතාවයකි. ඇත, නැත යන භාවිතයෙන් තොර වූ ශුන්යතාවබෝධය යනු අවිජ්ජාව පලාදැමිමයි එනම් විජ්ජාවේ හටගැනීමයි. විද්යවබෝධය යනු යතාර්තාවබෝධයයි. යතාර්තාවබෝධය යනු නිවන් ප්රත්යක්ෂ කිරීමයි. ශුන්‍යතා වශයෙන් අවබෝධ කල පුද්ගලයා හට තව දුරටත් ක්ලේශයන්ගේ හටගැනීමක් නොමැත. මෙහි පුද්ගලයා යනු ද ශුන්‍ය ධර්මයකි.

යතාර්ථය එසේ උවත් සත්ත්වය හට මේ සම්මුතිය තුල ජිවත් වීමට සිදුවී ඇත. පුද්ගලයා හට "මම කියා කෙනෙක් නැත " යන හැඟීමෙන් ඔහුට හෝ ඇයට අනුන්ගේ ගෙයට වැද අනුන්ගේ ඇඳකට ගොඩවී නිදාගැනීමට නොහැකිය. සියල්ල අනිත්‍ය , දුක්ඛ අනාත්ම වුවත් සත්වයා තවමත් සම්මුතිය තුල සිටින හෙයින් ඔහුට හෝ ඇයට එමං සම්මුති ධර්මවලට ගරුකිරිමට සිදුවෙයි. නමුත් මේ සියල්ල ඔබ දකින සිහිනයේ කොටස් බව දැනගත යුතුය. එමනිසා ඒ සියල්ල යතාර්ථය නොවන බවද දැනගතයුතුය. සංඛාර යනු අනාදිමත් කාලයක සිට ගොඩ නැගු ලෝකයයි. මෙය ගොඩ නැගුවේ අවිජ්ජාව හේතුකටගෙනය. විඥ්ඥානය යනු අවිජ්ජාව හෙවත් සිහිනයේ එක කොටසකි. කොටින්ම අංග දොළසකින් යුත් පටිච්ච සමුප්පන්න ධම්ම සියල්ලම සිහිනයේම කොටස්ය. එමනිසා සියලු ධර්ම සම්මුති ලෝකයට අයත් ඒවා වන අතර ඒ සියල්ල සම්මුතියක් සිහිනයක් බව අවබෝධකිරිම නිවනයි. එවිට පුද්ගල, සත්ව, ධම්ම ඇත, නැත, ආදී වශයෙන් කිසිඳු ව්‍යවහාරයක් නොමැත.සළායතන යනු හුදෙක් සම්මුතියේම කොටසකි. සළායතනවලට මුණගැසෙන බාහිර ලෝකය ද සම්මුතියේම කොටසකි. මේවා හේතුන් හටගන්නා වූ විඥණාන්ද සම්මුතියේම කොටස්ය. ඉන්ද්රිය මගින් ලබන ප්රත්යක්ෂය ද සම්මුතියේම කොටසකි. එමනිසා මේ සියල්ලම සම්මුතියකි. එනම් මායාවකි, සිහිනයකි, විඥ්ඥපති මාත්‍රයකි, සිතේ මවාගත්තා වූ සංකල්ප ගොඩකි. සිත යනු ද මයාවේම කොටසකි. එය එසේ වුවත් සම්මුතිය තුලින්ම පරමාර්ථය ප්රත්යක්ෂ කලයුතුය. ධම්ම, බ්‍රහ්ම, සර්ව බලධාරී දේව, විශ්වය, ලෝකය, යන මේ සියල්ල සංසාර නමැති යහනෙහි අවිජ්ජාව නැමති නින්දෙන් සිටින විට සත්වයා විසින් දකිනු ලබන සිහිනයකි. තථාගතයන් වහන්සේ මෙසිහින තවදුරටත් නොදකියි.මක්නිසාදයත් උන්වහන්සේ එය සිහිනයක් මුලාවක් මායාවක්, ශුන්‍යතාවයක් බව ප්රත්යක්ෂය කළ හෙයින් මහා සිහිනයක අතරමන් වූ සත්වයින්ව, ඔහුන් දකින සිහින ධර්මයන්ම උපයෝගී කරගනිමින්, යතාර්තාවබෝධය කරවීමට උත්සහ කරනු ලැබේ. ඇත නැත යන ද්විකොටිය මත පදනම් වූ බටහිර විද්‍යාවත් ද්ර්ශනයත් පලා දමන්නාවූ එකම පරමාර්ථ ධර්මය ශුන්යයතවයයි. ශුන්‍යතව ඇත නැත යන ද්විකොටියෙන් තොර වුවකි. විද්‍යාවටත් දර්ශනයටත් කොටින්ම විශ්වයටම ඇත නැත යන භාවිතය භාවිතා කළ නොහැකිය. මක්නිසාදයත් එසේ දෙයක් යමක් කෙනෙක් නැති හෙයිනි. මෙය අවබෝධ කිරීම සතයවබෝධයයයි.

ඉන්ද්රිය ප්රතය්ක්ෂ්ය හා අනුමානය භ්‍රාන්තියකි. මායාවකි, අවිජ්ජාවකි. ඉන්ද්රිය ප්රත්යක්ෂය මත පමණක් පදනවූ භෞතිකවාදීන්ගේ සියලු මත බොරුවකි, අවිජ්ජාවකි. යතාර්තවබෝධයෙන් පසු මනේන්ද්‍රිය ද එම සම්මුතියේම කොටසක් බව ප්රත්යක්ෂ වනු ඇත. එමනිසා ඉපදීමක්, පැවතීමක්, මිය යාමක්, ඇත,නැත, යන භාවිතයක් නිවන තුල නොමැත. මෙය වනාහි අවිජ්ජාව පලාදමිමයි. රහතන් වහන්සේ අවිජ්ජාව පලාදැමු උතුමෙකි. එමනිසා උන්වහන්සේ හට පටිච්ච සමුප්පාදය අදාළ නොවන්නේය. එහෙත් රහතන් වහන්සේගේ සිරුර පටිච්ච සමුප්පාදයට යත් වන්නේය. මක්නිසාදයත් සරීරය වනාහි සම්මුතියේම කොටසකි. බුදු පසේබුදු මහා රහත් උතුමෝ සම්මුති ලෝකයේ හිටියත් උන්වහන්සේලා දියෙන් උද විත් දියේ නොවී තිබෙන නෙලුම් පුෂ්පයන් බඳුය. බුද්ධාදී මහරත් උතුමෝ සම්මුති ලෝකයෙන් එතර වූ නිසා ලෝකෝත්තර නම් වෙති. එනමුත් සම්මුතියේ ලෝකයේ තවදුරටත් සිටින්නේ සත්වග එයින් අවදි කරවිමටය. රහතන් වහන්සේගේයයි කිවූ භෞතික සිරුරද අවසානයේ සම්මුති ලෝකයේම එනම් සිහිනයේම කොටසක් බව පසක් කරවයි. එමනිසා මේ සම්මුති ලෝකයට අයත් සියල්ල අවිජ්ජා නින්දෙහි සිටින විට දකින සිහිනයෙහි කොටස් බව අවබෝධකට යුතුය.

බටහිර විද්‍යාව ද වනාහි අවිජ්ජා නින්දෙහි සිටින විට දකින සිහිනයේ කොටසක් බව දැනගත යුතුය. කුම විද්‍යාඥයෙක් හෝ අලුත් අලුත් දෑ නිර්මාණය කිරීම යනු අපගේ සිහිනය පුළුල කිරීමකි. විද්‍යාඥයා ද අපගේ සිහිනයේම කොටසකි ඔහු කරන සියලු දේම අපගේ සිහිනයේ කොටස්ය. කොටින්ම ඒ සියල්ල අවිජ්ජාව බව දතයුතුය. ගුරුත්වාකර්ෂණය, චුම්බක ශක්තිය, ආදී සියල්ල මායාවකි. සිහිනයකි. මුලාවකි. මවාපෑමකි. යතාර්ථය යනු ඒවා සියල්ලම ශුන්‍ය බව ප්රත්යක්ෂ කිරීමය. නමුත් මේ සියල්ල සම්මුතියක්, මවාපෑමක්, සිහිනයක්, වුවත් යතාර්තාවබෝධය වන තුරු ඒවා අප විසින් භාවිතා කරනු ලබමු. රහත් හෝ ලෝකෝත්තර යනු මේ සිහිනලෝකය ශුන්‍ය බව අවබෝධ වීමෙන් සිදුවන්නකි. එය ලෝකයෙන් එතරවිමයි. ලෝකයෙන් එතවූ පුද්ගලයා හට අල්ලාගැනීමට හෝ ගැටීමට ලෝකයක් නැති හෙයින් තෘෂ්ණාවක් හෝ බහුවිධ කෙලෙස් හට නොගනියි. යතාර්තවබෝධයෙන් පසු ලෝකය, පුද්ගලයා, කෙලෙස් කියාද දෙයක් නොමැත. ඔබ අවිජ්ජා නින්දෙන් අවදි වන තුරු සම්මුති ලෝකය සත්‍යයක් බව වැටහෙන්නේය. නින්දෙහි දී ඔබ දකින සිහිනය බොරුවක් නොව සත්‍යයක් බව සිතන්නසේමය. ඔබ විසින් දකිනු ලබන සිහිනය අවදි වන තුරු යතාර්ථයක් බව සිතන්නා සේමය. බුදු පසේ බුදු මහා රහත් උතුමන්ගේ සියලු ප්රයත්නය අවිජ්ජා නින්දෙහි සිටින ඔබගේ අවදි කිරීම පිණිසය...

ධර්මය කියවන්න කියවන්න තමා තේරෙන්නේ, ප්රත්යක්ෂ වෙන්නේ [USER=586428]@Fiona Dabare[/USER] කියන්න හදන දේ ... එකම අවුල [USER=586428]@Fiona Dabare[/USER] කියන දේ එකපාරටම අල්ලගන්න අමාරුයි, click වෙන්නේ නෑ, Intellectual මදි, ධර්මාවබෝධය මදි නිසා වෙන්න ඇති. මේ වගේ ගොඩක් සරල මට්ටමකට යන පැහැදිලි කිරීමක් ඕනි වෙනවා. Anyways You are a great කල්‍යාණ මිත්‍රයෙක් [USER=586428]@Fiona Dabare[/USER]

උපුටා ගැනීම

පුජ්‍ය කඩවතමඩුවේ ධම්මින්ද ස්වාමින් වහන්සේ (සද්ධම්මාචරිය, රාජකීය පණ්ඩිත, බි.ඒ. එම් .ඒ.)

https://thebuddhistconcept.blogspot.com/2015/04/blog-post.html?m=1

[QUOTE="Yeezus, post: 30942953, member: 587230"] [size=4]මේක මගේ අවබෝධය උඩු යටි කරපු ලිපියක්. මම මෙච්චර කල් හිතන් ඉඳියේ මේ ලෝකේ - ඇත්ත, විද්‍යමාන කියන්නේ පරමාර්ථ 4 සහ අනිත් සේරම හීනාර්ථ ප්රඥප්ති කියලා. ඒත් මම වැරදියි .... කියවලම බලන්න spoil කරන්නේ නෑ ..... [B]පටිච්චසමුප්පාදය, සම්මුතිය, පරමාර්ථය, ඇත නැත භාවය හෙවත් ද්විකෝටිය[/B] ගැන විස්තර වෙන්නේ .... ----------------------------------------------------------------------- බුදු දහමට අනුව පටිච්ච සමුප්පාද න්‍යාය යනු " මෙය ඇති කල්හි මෙය වෙයි(ඉමස්මින් සති ඉදං හෝති ), මෙය හට ගත කල්හි මෙය හටගනියි(ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති), මෙය නැති කල්හි මෙය නැතිවෙයි(ඉමස්මින් අස්ථි ඉදං න හෝති), මෙය නිරුද්ධ වූ කල්හි මෙය නිරුද්ධ වෙයි(ඉමස්ස නිරෝදා ඉදං නිරුජ්ජති)" යන ප්‍රසිද්ධ ඉගැන්වීමයි. මෙහි ඉමස්මින් සති ඉදං හෝති සහ ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති යන පාලි ඉගැන්වීම තුලින් පෙන්වා දෙන්නුලබන්නේ සම්මුතියට අනුව "ඇත" යන සංකල්පයයි. මෙය ජන ව්‍යවහාරයට අනුව හටගැනීම, ඉපදීම, විද්‍යාමාන වීම, යනුවෙන් භාවිතා වනුලැබේ. "ඉමස්මින් අසති ඉදං න හෝති සහ ඉමස්ස නිරෝදා ඉදං නිරුජ්ජති යන පාලි ඉගැන්වීමෙන් 'නැත යන ඉගැන්වීම සම්මුතියට අනුව පෙන්වා දෙනු ලැබේ. ජන ව්‍යාවහාරයට අනුව මෙය නැතිවීම, නිරුද්ධවීම, නොපෙනියාම ආදිය වහරනු ලැබේ. මෙම බුද්ධ ඉගැන්වීම සම්මුති ලෝකයේ නිර්දේෂවන්නකි. පරමාර්ථ වශයෙන් මෙම ඉගැන්වීම නිර්දේශ නොවන්නකි. තථාගතයන් වහන්සේ දේශනාකරන ලද්දේ පරමාර්ථ සාදනයෙන් පසු ධර්මය කියා එකක් ද නොමැති බවය. එම පරමාර්ථ සාදනය සඳහා පමණක්ම බුද්ධ ඉගැන්වීම ගත යුතු බවත් ඉන්පසු ධර්මයත් සම්මුතියක් බව තේරුම් ගතයුතු බවත් "කුල්ලුපමන් වෝ හික්ඛවේ ධම්මං ..." යන ඉගැන්වීමෙන් පැහැදිලි කරනු ලැබේ. ඇත, නැත, යන සංකල්ප දෙක පරමාර්ථ දේශනයට අනුව ප්රඥප්ති දෙකකි. සැබැවින්ම බුද්ධ දේශිත පරමාර්ථයට අනුව ලෝකය කියා දෙයක් නොමැත. ලෝකය යනු සම්මුතියකි. සිතින් මවා ගන්නා ලද බොරුවකි. ශූන්යාතාව යනු බුද්ධ දේශිත පරමාර්ථය බව දත යුතුය. පරමාර්ථය දත් පුද්ගලයා හට පටිච්ච සමුප්පදයක් ද නොමැත. පටිච්ච සමුප්පාදය වනාහි සම්මුතියේම කොටසකි. සම්මුති ලෝකයක් තුල සිටින සත්වයාට සම්මුතිය තුලින්ම යතාර්ථය අවබෝධ කරවීමට කළ දේශනයණයකි පටිච්ච සමුප්පාදය. ශුන්යතාවබෝධය (පරමාර්ථය, නිවන) සඳහා සම්මුති ලෝකයේ සිටින්නාවූ සත්ත්වයින් විසින් පටිච්චසමුප්පාදය උපයෝගීකරගනු ලබන්නේ එය සම්මුති ලෝකයේම කොටසක් බැවිනි. සිතින් මවාගත් සම්මුති ලෝකයකට "ඇත, නැත" යන භාවිතය නොගැලපෙන්නකි. සැබවින්ම නැති දෙයකට " ඇත, නැත යන පද කෙසේනම් භාවිත කල හැකිද? පරමාර්ථයට අනුව එසේ භාවිතා කල නොහැකිය. එමනිසා ශුන්‍යතාවය ඇත, නැත යන භාවිතයෙන් තොර වුවකි. ඇත නැත යන භාවිතයක් නැත්තේ නිවනෙහි හෙවත් පරමාර්තයෙහි පමණකි. මිරිඟුව භ්‍රාන්තියක් පමණකි. පරමාර්ථ වශයෙන් එහි ජලය නොමැත්තේය. නැත්තාවූ යමකට ඇත, නැත කියා භාවිතා කිරීම මෝහය නිසා සිදුවන්නකි. නමුත් සම්මුතියෙහි සිටින පුද්ගලයා මිරිඟුව සඳහා "ඇත" යන භාවිතය කරයි. මිරිගුව තිබු තැනට පුද්ගලයා ගිය විට නැත යන භාවිතය කරයි. මෙය සම්මුති ලෝකයේ සාධාරණ භාවිතයකි. මක්නිසාද යත් එම පුද්ගලයා මෝහය තුල සිටින හෙයිනි. නමුත් එම පුද්ගලයා මිරිඟුව වශයෙන් දුටුවේ සැබෑම ජලය ද? එතන ජලය තිබුනේද? ලෝකයෙහි පවතින්නාවූ සම්මුතීන්ගේ විකාර රුපී තත්වය හේතුයෙන් එම පුද්ගලයා ජලය වශයෙන් මිරිඟුව දුටුවේය. එම මිරිඟුව සඳහා ඇත, නැත, භාවිතය පරමාර්ථයට අනුව නොගැලපෙන්නකි. ශුන්‍යතාවය යනු ඇත, නැත යන දෙකෙන්ම තොර වූ පරමාර්තාවබෝධයයි. පටිච්ච සමුප්පාද ධර්මය විශ්ව ව්‍යාපී ධර්මයකි. නමුත් මෙම පටිච්ච සමුප්පාදය ද සම්මුති ලෝකයටම අයත් වුවකි.මක්නිසාද යත් පටිච්ච සමුප්පාද ධර්මය පරමර්තය තුල හෙවත් නිවන තුල නොමැත්තේය. එමනිසා තථාගතයන් වහන්සේ විසින් "යමෙක් යතාර්තාවබෝධයෙන් පසු ධර්මය ද අත්හල යුතුයැයි" යන දේශනාවෙන් අදහස් කරන ලද්දේ සතයාවබෝධයත් සමඟම ධර්මයද සම්මුතියක් බව අවබෝධ කරගත් හෙයිනි. පටිච්ච සමුප්පාදය හෙවත් එම න්‍යාය මුළුමහත් සම්මුති විශ්වයටම පොදු වුවකි. කොටින් කියතොත් මේ සියල්ලම භ්‍රාන්තියකි. නින්දෙහි සිටින්නා විසින් දකිනු ලබන සිහිනයක් බඳුය. පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයට අනුව පටිච්ච සමුප්පන්න ධර්මයෝ හටගනිති. අංග දොළොසකින් යුත් පටිච්ච සමුප්පාදය වනාහි ඉමස්මිං සති ඉදං හෝති යන පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හටගනු ලබන ධර්ම සමුහයකි. එමනිසා ද්වාදසායතන පටිච්ච සමුප්පාදය "පටිච්ච සමුප්පන්න ධම්ම නාමයෙන් ගතයුතුය. මෙම පටිච්ච සමුප්පන්න ධම්ම ද සම්මුති ලෝකයට අයත් එවාමය. ඒවා පරමාර්ථයට අයත් නොවන්නේය. පරමාර්ථය අවබෝධය කල වූ චිත්තයට මෙම පටිච්ච සමුප්පාදය හෝ පටිච්ච සමුප්පන්න ධම්ම අයත් නොවන්නේය. රහතන් වහන්සේ වනාහි යතාර්ථය අවබෝධ කල පුද්ගලයකි. එමනිසා ඔහුගේ චිත්තයට පටිච්ච සමුප්පාදය සාධාරණ හෝ පොදු නොවන්නේය. මක්නිසාදයත් උන්වහන්සේ සම්මුති ලෝකය මායාවක් , සිහිනයක්, විඤ්ඤප්ති මාත්‍රයක්, පමනක් බව ප්රත්යක්ෂ කළ හෙයිනි. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හටගන්නා වූ අවිජ්ජා යනු මෝහය, නොදැනීම , අවිද්‍යාව, යනුයි. මෙම අවිජ්ජා ව හෙවත් නොදැනීම සම්මුති ලෝකය පිලිබඳ නොදැනීමයි. සම්මුතිය යනු සිහිනයක්, මායාවක් මානසික මවාපෑමක් බව නොදැනීමයි. මුළුමහත් විශ්වයම මඤ්ඤනවක් සිතින් මවා ගත්තාවූ දෙයක් බව අවබෝධ නොකිරීම අවිජ්ජාවයි. අවිජ්ජාව අවබෝධ කිරීම පරමාර්තාවබෝධයයි. විජ්ජා උදපාදී යනු අවිජ්ජාව අවබෝධකිරීමෙන් ලබන ඵලය හෙවත් පරමාර්තාවබෝධයේ උදාවයි. මම, මගේ ආත්මය වශයෙන් ගැනීම ම සම්මුතියේ කොටසකි. මම කියා කෙනෙක් නැත, ආත්මය කියා දෙයක් නැත, යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් දේශනාකරන ලද්දේ මුළුමහත් සම්මුති ලෝකයම මායාවක් ,සිහිනයක්, සිතින් මවාගත් දෙයක් වීම නිසාය. සියලු සත්තවයෝම සංසාර නමැති යහන මත නිදාගෙන සිටින විට ඔහුන් විසින් දකිනුලබන සිහිනය නම් මේ ලෝකය හෙවත් විශ්වයයි. එම සිහිනය තවදුරටත් නොදකිනුලබන්නේ, රහතන් වහන්සේ ,පසේ බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බුදු රජාණන් වහ්සේ විසිනි.විශ්වයම ශුන්‍යතාවයකි. ඇත, නැත යන භාවිතයෙන් තොර වූ ශුන්යතාවබෝධය යනු අවිජ්ජාව පලාදැමිමයි එනම් විජ්ජාවේ හටගැනීමයි. විද්යවබෝධය යනු යතාර්තාවබෝධයයි. යතාර්තාවබෝධය යනු නිවන් ප්රත්යක්ෂ කිරීමයි. ශුන්‍යතා වශයෙන් අවබෝධ කල පුද්ගලයා හට තව දුරටත් ක්ලේශයන්ගේ හටගැනීමක් නොමැත. මෙහි පුද්ගලයා යනු ද ශුන්‍ය ධර්මයකි. යතාර්ථය එසේ උවත් සත්ත්වය හට මේ සම්මුතිය තුල ජිවත් වීමට සිදුවී ඇත. පුද්ගලයා හට "මම කියා කෙනෙක් නැත " යන හැඟීමෙන් ඔහුට හෝ ඇයට අනුන්ගේ ගෙයට වැද අනුන්ගේ ඇඳකට ගොඩවී නිදාගැනීමට නොහැකිය. සියල්ල අනිත්‍ය , දුක්ඛ අනාත්ම වුවත් සත්වයා තවමත් සම්මුතිය තුල සිටින හෙයින් ඔහුට හෝ ඇයට එමං සම්මුති ධර්මවලට ගරුකිරිමට සිදුවෙයි. නමුත් මේ සියල්ල ඔබ දකින සිහිනයේ කොටස් බව දැනගත යුතුය. එමනිසා ඒ සියල්ල යතාර්ථය නොවන බවද දැනගතයුතුය. සංඛාර යනු අනාදිමත් කාලයක සිට ගොඩ නැගු ලෝකයයි. මෙය ගොඩ නැගුවේ අවිජ්ජාව හේතුකටගෙනය. විඥ්ඥානය යනු අවිජ්ජාව හෙවත් සිහිනයේ එක කොටසකි. කොටින්ම අංග දොළසකින් යුත් පටිච්ච සමුප්පන්න ධම්ම සියල්ලම සිහිනයේම කොටස්ය. එමනිසා සියලු ධර්ම සම්මුති ලෝකයට අයත් ඒවා වන අතර ඒ සියල්ල සම්මුතියක් සිහිනයක් බව අවබෝධකිරිම නිවනයි. එවිට පුද්ගල, සත්ව, ධම්ම ඇත, නැත, ආදී වශයෙන් කිසිඳු ව්‍යවහාරයක් නොමැත.සළායතන යනු හුදෙක් සම්මුතියේම කොටසකි. සළායතනවලට මුණගැසෙන බාහිර ලෝකය ද සම්මුතියේම කොටසකි. මේවා හේතුන් හටගන්නා වූ විඥණාන්ද සම්මුතියේම කොටස්ය. ඉන්ද්රිය මගින් ලබන ප්රත්යක්ෂය ද සම්මුතියේම කොටසකි. එමනිසා මේ සියල්ලම සම්මුතියකි. එනම් මායාවකි, සිහිනයකි, විඥ්ඥපති මාත්‍රයකි, සිතේ මවාගත්තා වූ සංකල්ප ගොඩකි. සිත යනු ද මයාවේම කොටසකි. එය එසේ වුවත් සම්මුතිය තුලින්ම පරමාර්ථය ප්රත්යක්ෂ කලයුතුය. ධම්ම, බ්‍රහ්ම, සර්ව බලධාරී දේව, විශ්වය, ලෝකය, යන මේ සියල්ල සංසාර නමැති යහනෙහි අවිජ්ජාව නැමති නින්දෙන් සිටින විට සත්වයා විසින් දකිනු ලබන සිහිනයකි. තථාගතයන් වහන්සේ මෙසිහින තවදුරටත් නොදකියි.මක්නිසාදයත් උන්වහන්සේ එය සිහිනයක් මුලාවක් මායාවක්, ශුන්‍යතාවයක් බව ප්රත්යක්ෂය කළ හෙයින් මහා සිහිනයක අතරමන් වූ සත්වයින්ව, ඔහුන් දකින සිහින ධර්මයන්ම උපයෝගී කරගනිමින්, යතාර්තාවබෝධය කරවීමට උත්සහ කරනු ලැබේ. ඇත නැත යන ද්විකොටිය මත පදනම් වූ බටහිර විද්‍යාවත් ද්ර්ශනයත් පලා දමන්නාවූ එකම පරමාර්ථ ධර්මය ශුන්යයතවයයි. ශුන්‍යතව ඇත නැත යන ද්විකොටියෙන් තොර වුවකි. විද්‍යාවටත් දර්ශනයටත් කොටින්ම විශ්වයටම ඇත නැත යන භාවිතය භාවිතා කළ නොහැකිය. මක්නිසාදයත් එසේ දෙයක් යමක් කෙනෙක් නැති හෙයිනි. මෙය අවබෝධ කිරීම සතයවබෝධයයයි. ඉන්ද්රිය ප්රතය්ක්ෂ්ය හා අනුමානය භ්‍රාන්තියකි. මායාවකි, අවිජ්ජාවකි. ඉන්ද්රිය ප්රත්යක්ෂය මත පමණක් පදනවූ භෞතිකවාදීන්ගේ සියලු මත බොරුවකි, අවිජ්ජාවකි. යතාර්තවබෝධයෙන් පසු මනේන්ද්‍රිය ද එම සම්මුතියේම කොටසක් බව ප්රත්යක්ෂ වනු ඇත. එමනිසා ඉපදීමක්, පැවතීමක්, මිය යාමක්, ඇත,නැත, යන භාවිතයක් නිවන තුල නොමැත. මෙය වනාහි අවිජ්ජාව පලාදමිමයි. රහතන් වහන්සේ අවිජ්ජාව පලාදැමු උතුමෙකි. එමනිසා උන්වහන්සේ හට පටිච්ච සමුප්පාදය අදාළ නොවන්නේය. එහෙත් රහතන් වහන්සේගේ සිරුර පටිච්ච සමුප්පාදයට යත් වන්නේය. මක්නිසාදයත් සරීරය වනාහි සම්මුතියේම කොටසකි. බුදු පසේබුදු මහා රහත් උතුමෝ සම්මුති ලෝකයේ හිටියත් උන්වහන්සේලා දියෙන් උද විත් දියේ නොවී තිබෙන නෙලුම් පුෂ්පයන් බඳුය. බුද්ධාදී මහරත් උතුමෝ සම්මුති ලෝකයෙන් එතර වූ නිසා ලෝකෝත්තර නම් වෙති. එනමුත් සම්මුතියේ ලෝකයේ තවදුරටත් සිටින්නේ සත්වග එයින් අවදි කරවිමටය. රහතන් වහන්සේගේයයි කිවූ භෞතික සිරුරද අවසානයේ සම්මුති ලෝකයේම එනම් සිහිනයේම කොටසක් බව පසක් කරවයි. එමනිසා මේ සම්මුති ලෝකයට අයත් සියල්ල අවිජ්ජා නින්දෙහි සිටින විට දකින සිහිනයෙහි කොටස් බව අවබෝධකට යුතුය. බටහිර විද්‍යාව ද වනාහි අවිජ්ජා නින්දෙහි සිටින විට දකින සිහිනයේ කොටසක් බව දැනගත යුතුය. කුම විද්‍යාඥයෙක් හෝ අලුත් අලුත් දෑ නිර්මාණය කිරීම යනු අපගේ සිහිනය පුළුල කිරීමකි. විද්‍යාඥයා ද අපගේ සිහිනයේම කොටසකි ඔහු කරන සියලු දේම අපගේ සිහිනයේ කොටස්ය. කොටින්ම ඒ සියල්ල අවිජ්ජාව බව දතයුතුය. ගුරුත්වාකර්ෂණය, චුම්බක ශක්තිය, ආදී සියල්ල මායාවකි. සිහිනයකි. මුලාවකි. මවාපෑමකි. යතාර්ථය යනු ඒවා සියල්ලම ශුන්‍ය බව ප්රත්යක්ෂ කිරීමය. නමුත් මේ සියල්ල සම්මුතියක්, මවාපෑමක්, සිහිනයක්, වුවත් යතාර්තාවබෝධය වන තුරු ඒවා අප විසින් භාවිතා කරනු ලබමු. රහත් හෝ ලෝකෝත්තර යනු මේ සිහිනලෝකය ශුන්‍ය බව අවබෝධ වීමෙන් සිදුවන්නකි. එය ලෝකයෙන් එතරවිමයි. ලෝකයෙන් එතවූ පුද්ගලයා හට අල්ලාගැනීමට හෝ ගැටීමට ලෝකයක් නැති හෙයින් තෘෂ්ණාවක් හෝ බහුවිධ කෙලෙස් හට නොගනියි. යතාර්තවබෝධයෙන් පසු ලෝකය, පුද්ගලයා, කෙලෙස් කියාද දෙයක් නොමැත. ඔබ අවිජ්ජා නින්දෙන් අවදි වන තුරු සම්මුති ලෝකය සත්‍යයක් බව වැටහෙන්නේය. නින්දෙහි දී ඔබ දකින සිහිනය බොරුවක් නොව සත්‍යයක් බව සිතන්නසේමය. ඔබ විසින් දකිනු ලබන සිහිනය අවදි වන තුරු යතාර්ථයක් බව සිතන්නා සේමය. බුදු පසේ බුදු මහා රහත් උතුමන්ගේ සියලු ප්රයත්නය අවිජ්ජා නින්දෙහි සිටින ඔබගේ අවදි කිරීම පිණිසය... -----------------------------------------------------------------------[/size] ධර්මය කියවන්න කියවන්න තමා තේරෙන්නේ, ප්රත්යක්ෂ වෙන්නේ [USER=586428]@Fiona Dabare[/USER] කියන්න හදන දේ ... එකම අවුල [USER=586428]@Fiona Dabare[/USER] කියන දේ එකපාරටම අල්ලගන්න අමාරුයි, click වෙන්නේ නෑ, Intellectual මදි, ධර්මාවබෝධය මදි නිසා වෙන්න ඇති. මේ වගේ ගොඩක් සරල මට්ටමකට යන පැහැදිලි කිරීමක් ඕනි වෙනවා. Anyways You are a great කල්‍යාණ මිත්‍රයෙක් [USER=586428]@Fiona Dabare[/USER] [RIGHT]✍️ උපුටා ගැනීම පුජ්‍ය කඩවතමඩුවේ ධම්මින්ද ස්වාමින් වහන්සේ (සද්ධම්මාචරිය, රාජකීය පණ්ඩිත, බි.ඒ. එම් .ඒ.) [URL]https://thebuddhistconcept.blogspot.com/2015/04/blog-post.html?m=1[/URL][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom