Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ ෴සිත තාම සුවදයි ෴ ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කොහෙද අප්පේ මේ, බර කල්පනාවක යන්නෙ..?"

පූර්ණිමාගේ කටහඩින් මම තිගැස්සී ගියෙමි. දිනූකා එන්ටර්ප්‍රයිසස් හි මා ළගින්ම ඇසුරු කලේ පුබුදුත්, පූර්ණිමාත් පමණකි. බොහෝ විට අප තිදෙනා දිවා ආහාරය ගත්තේද එකටය. ඉතා චාම්, සරල යුවතියක වූ පූර්ණිමා මුලින්ම මට හදුන්වා දුන්නේ පුබුදුය.

"මං කැන්ටිමට යනවා පූර්ණි.."

පුබුදු ඇයට කතා කරනා ආකාරයට මමද පූර්ණි කියා ඇයව ඇමතුවෙමි. ඇය හිස උස්සා කෙලින්ම මදෙස බැලුවාය. ඒ පුංචි දෑසේ වූයේ පුදුම හිතෙනා තරම් නිර්ව්‍යාජ බවකි. කිසිදු කැළඹීමක ලකුණක් ඒ දෑසේ තිබුනේ නැත. දිනූකා මිස්ගේ හා පූර්ණිමාගේ දෑස තුල කොතරම් වෙනසක් තියෙනවාද..?

"මට මොනවද කාංචන අරගෙන දෙන්නේ..? මොකද මාත් යන්නෙ කැන්ටිමට..."

මුදු මොලොක් බසින් පූර්ණිමා අසද්දී මගේ අත පිටුපස සාක්කුවට ගියේ නොදැනුවත්මය. මා බාලාපොරොත්තු වූ පරිදි පර්ස් එක සාක්කුවේ තිබුණේ නැත. මම මදක් කල්පනා කෙරුවෙමි. කලින් වතාවේ කැන්ටිමට ගොස් පැමිණ මා පර්ස් එක තැබුවේ කොහේද..?

"ඔයා කැමති දෙයක් අරන් දෙන්නම්.. පූර්ණි.. තරහා නැතුව ඩිංගක් ඔහොමම ඉන්නවද.. මං ඔෆිස් රූම් එකට ගිහිල්ලා එන්නම්.."

"ඇ.. ඇයි කාංචන.. මං ඔයාගෙන් නිකං ඉල්ලුවේ.. ප්ලීස්.. ඒ ගැන කරදර වෙන්න එපා.."

"අනිවාර්යයෙන්ම මා පර්ස් එක දමන්නට ඇත්තේ මේසයේ උඩ ලාච්චුවේය. සමහරවිට මේසය උඩම තියා ඇත්දැයි කියන්නටත් බැරිය. වැඩේ වූයේ බිල්පත් සියල්ලම අවුල්කර දමා ඇති බැව් දැක්ක විට හැමදේම අමතක වී යාමය. කාමරයේ දොර හෙමින් සීරුවේ ඇරගෙන මම ඇතුළට ආවෙමි. සමහර විට දිනූකා මිස් මගේ අඩි සද්දයට පවා අකමැති වන්නට පුලුවන."

එහෙත් මා දුටුවේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. විශාල මේසය මත දෑත තමා, ඒ මත ඔලුව ගසාගෙන සිටියාය. හීන් ඉකිබිදුමක් වැනි හඩක් ඇයගේ මුවින් යාංතමට පිටවෙන හඩ ඇසේ. තාලයට ගැස්සෙන පිට දෙපස නිසා ඇය හඩන බැව් මම සැක කර දැනගත්තෙමි.. දෙවියනේ ඇයි ඇය අඩන්නේ..? මගේ සිත පත්වූයේ සිතැගෑනීමටවත් බැරි අවුලකය. මේ වෙලාවේදි මා කාමරය තුළ සිටිනවා ඇය දුටුවෝතින් කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැක. වටපිට බලද්දී මා දුටුවේ මගේ මේසය උඩ තිබෙනා පර්ස් එකය. ශබ්ද නොනැගෙන සේ පර්ස් එක ගෙන හෙමින් සීරුවේම මම කාමරයෙන් පිටවුණෙමි. දිනූකා මිස් වැනි සියලු සම්පතින් යස ඉසුරුමත් ජීවිතයක් ගතකරන තරුණියකට හඩා වැලපීමට තරම් දෙයක් තිබෙන්නට පුලුවන්දැයි මම මොහොතකට සිතුවෙමි. නැත.. එසේ වන්නට කිසිසේත්ම ඉඩක් නැත. අනික, හඩන්නට තරම් ඇය සංවේදී යුවතියක්ද නොවේ. සමහරවිට ඇය ඔය අඩනවා ඇත්තේ මැණික්දිවෙල මහතා සමග ඇතිකරගත් මොකක් හෝ සුලු ප්‍රශ්නයක් හන්නා වන්නට ඇත.

"යමු.."

මා එනතුරු කොරිඩෝවේ බලා සිටි පූර්ණිමා ළගට යන ගමන් මම කීවෙමි. අනතුරුව ඇයත්, මාත් එක පෙලට වැටී කැන්ටිම වෙත ගියෙමු.

"බිත්තර රොටි දෙකයි, ටී දෙකයි.. හොදයි නේද පූර්ණිමා..?"

මෙතුවක් කාලයකට මා යුවතියකගේ දැක නොමැති තරම් සොදුරු සිනාවක් පූර්ණිමාගේ දෙතොලේ රැදී තිබිණි. සමහර විට දිනූකා මිස්ට මීට වඩා සුන්දර ලෙස සිනාසීමට පුලුවන්වනු ඇත. එහෙත් මම තවම දිනූකා මිස් සිනාසෙනවා දැක නොතිබිණි. ඇය නිරතුරුව මා අභියස සිටියේ රකුසු වෙස් ගෙනය.

"මං පඩිගත්තහම මීට වඩා හොද පාටියක් ඔයාට දෙන්නම්..."

බිත්තර රොටියකින් කෑල්ලක් කඩාගන්නා ගමන් මම කීවෙමි. පඩි දවසටත් තව දවස් දෙක තුනක් ඇත. පූර්ණිමාගේ මුහුණේ රැදී තිබුණේ මං ගැන ඉපදුනු මොකක්දෝ අනුකම්පාවක ලකුණුය. ඒ ඇයිදැයි කියා සිතන්නට මට පුළුවන් කමක් තිබුණේ නැත.

"එහෙම කිව්වට ඔයාට තෑන්ක්ස් කාංචන.. ඒත් මට පාටි එපා.."

ඇය එක එල්ලයේම මදෙස බලා හිද අවසානයේ කීවාය. මුහුණ මැද්දාවට එකවරම ඇතුල් පහරක් වැදුණ කලෙක මෙන් මම තිගැස්සී ගියෙමි.

"මගෙන් පාටි එපා කියන්නේ, මං දෙන පාටි දුප්පත් වැඩි හින්දද පූර්ණි..? ඇත්තමයි, අද මගේ අතේ වැඩිය සල්ලි නෑ.. ඒකයි බිත්තර රොටි ගත්තේ.."

මා කීවේ ඇත්තය. පර්ස් එකේ වැඩි මුදලක් තිබුණේ නැත. එහෙත් මා නොසිතුව පරිද්දට පූර්ණිමාගේ දෙඇසින් කදුලු බිංදු දෙකක් මේසය මතට වැටෙනු මම දැක්කෙමි. ඇය වහ වහා කදුලු පිහදා ගත් අතර. මගේ අතක් දැඩිව අල්ලාගත්තාය.

"අනේ, ඔහොම දුක හිතෙන කතා කියන්න එපා කාංචන.. මං පාටියක් එපා කිව්වේ ඔයාගෙ සල්ලි නාස්තිවෙන හින්දා.. ඔයා අද අරන් දුන්නු මේ දේවලුත් මට හුගක් වටිනවා.. ඇත්තමයි ඔයා හුගක් අහිංසකයි.. ඒ අහිංසක කම හැමදාම තියාගන්න.. ඔයාට කවදාවත් වරදින එකක් නෑ.."

"මං හින්දා ඔයාගෙ හිත රිදුනා නම් මට සමාවෙන්න.. මමත් ඔහේ කටට ආපු එකක් කියලා දැම්මනේ.."

අනතුරුව අප අතර කතාබහක් සිදුවූයේ නැති තරම්ය. බිත්තර රොටි කා, කිරි තේ බී අවසන් වන විටම මාගේ පුබුදු අපදෙදෙනා අසලට ආවේ සිනාමුසු මුහුණින්ය.

"එහෙනම් පූර්ණිත් හා හා පුරා කියලා, කම්පැණියෙ ඉන්න අහිංසකම කොල්ලා අල්ලගත්තා නේද..?"

පූර්ණිමාගේ මුහුණ රත්පැහැ ගැන්වී ගියේ මා බලාගෙන හිදිද්දීමය. හිටිගමන් පුබුදුත් කියන්නේ මාර කතාය. මේ කෙල්ල මෙතන ලැජ්ජාවෙන් පණ යනු ඇත.

"ඔයා හොද නෑ පුබුදු.. මායි, කාංචනයි අතරෙ එහෙම මුකුත් නෑ.."

සොදුරු දෑස් මගෙන් සගවාගෙන පූර්ණිමා යන්නට සැරසුණාය.

"එහෙම මුකුත් නැත්තං, කොහොම එකක්ද තියෙන්නේ...?"

මගේ කරට අතක් දමා, මට ඉගිකරන ගමන් පුබුදු ඇසුවේය. ඇත්තමය. දැන් ටික දවසක ඉදන් පුබුදු නරක් වී ඇත. මේ අහිංසක කෙල්ලට පුබුදු ඉන්න දෙන්නැත්තේ ඇයි..?

"අනේ... මට ඕවට උත්තර දෙන්න බෑ.. මං ඔයත්තෙක්ක තරහායි පුබුදු.. කාංචන මං යනවා.."

හීන් හිනාවක් දෙතොල් අගට එකතුකර පූර්ණිමා මගේ මූණට එබුණාය. ඒ සොදුරු මුහුණේ තිබූ ආගන්තුක ආදරය මගේ හිතේ ගැඹුරුම තැනද අතගා තිබිණි. කැන්ටිමේ දොරෙන් පිටවී ගොසිනුත්, නැවත වරක් දොර ළගට ඇවිත් පුබුදු දෙසට දබර ඇගිල්ල දිගුකර ඇය නොපෙනී ගියාය. ඇගේ සියලු ඉරියව්වල රැදී තිබුණේ සිතක් ඇද බැද ගන්නා අපූරු දගකාර බවකි. මගේ සිත මටත් හොරා ඒ පසුපස දුවන්නට පටන්ගෙන තිබිණි.

"ඔන්න තෝරගන්නව නම්.. ආයෙ මොනවත් නෑ පෙරාපු රත්තරං වගේ තමයි.."

පුබුදු ඔය කියන්නේ පූර්ණිමා ගැනය. ඔහු කීවේ ඇත්තය. පූර්ණිමා වැනි සොදුරු යුවතියක් ජීවිතයට ලංකර ගන්නට ඇත්නම්, එතැනින් එහාට තවත් කිසිදෙයක් උවමනා වන්නේ නැති බැව් මම දනිමි. එහෙත් පූර්ණිමා ගැන සිහිපත් වන හැම විටකම, දිනූකා මිස්ගේ බටර් පැහැති නපුරු මුහුණ මතක්වන්නේ ඇයිදැයි මම නොදනිමි. ඇය මට නපුරුකම් කරනා හැම විටකම, ඒ සොදුරු දෑසේ මතුවන දැඩි වේදනාව මම බොහෝවිට දැක ඇත්තෙමි. මා හට නපුරුකම් කරනා ගමන් දිනූකා මිස් දුක්වෙන්නේ ඇයි..?

"ඒපාර මොනවද කල්පනා කරන්නේ..?"

පුබුදු තවමත් මා ළගය. පුටුවෙන් නැගිටින ගමන් මම පුබුදුගේ අතකින් අල්ලා ගත්තෙමි. ඒ මුහුණේ පිරී තිබුණේ තේරුම් ගැනීමට අපහාසු අපූරු සිනාවකි.

"පුබුදු කිව්ව දේවල් ගැනම තමයි. පෙරාපු රත්තරං වුණත් ළග තියාගන්න වාසනාව තියෙන්න ඕන. මං වගේ දුප්පත් අසරණයෙකුට පුබුදු ඔය පෙන්නපු හීන හුගක් දුර වැඩියි."

"තමන් ගැන ඔය තරම් අඩුවට ලංසු තියලා කතා කරන්න එපා. ඔයා දන්නෙ නැතුවට, ඔයා ගැන පූර්ණිගෙ හිතේ ලොකුවට තියෙනවා. මගෙත්තෙක්ක කතා කරන හැමවෙලාවෙම වගේ ඔයාගෙ නම ඇදිලා එනවා කෙල්ලගෙ කටින්. මං අද විහිලු කෙරුවෙත් ඒකයි.. පව්.. කෙල්ලට ලැජ්ජා හිතුණා.."

"පුබුදුටක කියන්න ලොකු කතාවක් තියෙනවා.."

උදේ වරුවේ සිදුවූ දේ සියල්ලම පුබුදුත් සමග කියන්නට ඕනෑය. අඩුම තරමේ දිනූකා මිස් මේ එන්නට හදන්නේ කුමකටදැයි කියාවත් එවිට පුබුදු මට කියනු ඇත. ඇය මෙතරම් මාව සමච්චලයට ලක්කරන්නේත්, මාව රිදවන්නේත් ඇයිදැයි කියා පුබුදුගෙන් හෝ මට අසා දැගනැගීමට හැකිවනු ඇත.

"මං දන්නවා.. පූර්ණිමා ගැන නේද..?"

පුබුදුට සෑම දෙයක්ම විහිලුය. ඒ මුහුණේ ඇත්තේ මහා දගකාර බවකි. එහෙත් ඔහු මෙතරම් සැහැල්ලුවෙන් හිටියට මට සිටිය නොහැක. මා වැඩ කරන්නේ සිතේ දාහක් දුක් කරදර මැද්දේය.

"නෑ පුබුදු.. මං අද හවස වැඩ ඇරුණහම ඒක කියන්නම්.. දැන් ඒකට වෙලාවක් නෑ.. මිස් මාව හොයනවා ඇති.."

දැනටමත් මා මෙහි රැදී සිටි කාලය හුගාක්ම වැඩිය. කාලය ගෙවී ගොසින් තිබුණේ සිතට හොර රහසේය. මම හනික මගේ කාර්යාල කාමරය වෙත පිය නැගුවෙමි. මේ වේලාවේ දිනූකා මිස් කුමක් කරනවාදැයි මම සිතමින් කාමරයට ඇතුලු වුණෙමි. මගේ ඇස් කෙලින්ම යොමුවූයේ දිනූකා මිස් වෙතය. මා සිතූ දේ නිවැරදිය. අබ දැමුවත් පුපුරා යන තරම් කේන්තියක් සුදු රූමත් මුහුණේ පැහැදිලිවම රැදී තිබිණි. ඇයට මේ තරම් කේන්ති ගොස් ඇත්තේ ඇයි..? මම ඇයට කිසිදු වැරැද්දක් කරේ නැත.

"කොහෙද ගියේ..?"

දිනූකා මිස්ගේ කටහඩේ වූ සද්දෙට මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. ඇය මෙතරම් සැරෙන් මට කතා කරන්නේ ඇයි..? මා බීරෙක් යැයි ඇය වරදවා සිතාගෙන සිටිනවාදැයි සැක සිතන්නේ ඔන්න ඔවැනි වෙලාවල් වලටය.

"මොකද ගියපු තැන කියන්න කට නැද්ද..? හිතුණු හිතුණු වෙලාවට එළියට යන්න මෙතන අම්බලමක් කියලා හිතුවද..?"

මේවා නම් බලන්න ඕනෙ දෙවියන්මය. මා මේ අවනඩුව කාට කියන්නද..? මා එළියට ගියේ ඇයට කියා නොවේද..?

"ම.. මං මිස්ට කියලනේ ගියේ..."

"මොනවා මට කියලා ගියා..? ඒ පාර අමු අමුවෙන්ම බොරුත් කියන්න පටන් ගත්තද..? ආ.. වැරැද්දත් කරලා එනවා මෙතන තවත් නිදහසට කාරණා කියාගෙන. ඇත්තමයි, තාත්ති ඔහේව මෙතෙන්ට දැම්මෙ නැත්නම් මං මෙලහකට තමුසෙට හොද වැඩක් කරලා. මොන මල කරදරයක්ද මංදා.. මට නිදහසේ ඉන්නවත් දෙන්නෑනේ.."

ඇය කියනා දේවල් වලට මොනවා කිව යුතුදැයි නිනව්වක් නැතිව මම ගල් ගැසී බලාගෙන සිටියෙමි. මාත් සමග කතා කර මුලින්ම රංඩුව පටන් ගත්තේ ඇයය. කටු අත්ත වගේ ඇමිනි ඇමිනී එන්නේ ඇයය. එහෙත් අවසානයේ දංගෙඩියට හිස තියන්නට වන්නේ මටය. එසේ හෙයින් කුටු කුටු ගගා ඇය කියාගෙන කියාගෙන යන දේවල් වලට කිසිවක් නොකියා මම මගේ පුටුවේ වාඩිවුණෙමි.

දිනූකා මිස් වෙතින් වෙන මේ හැම කරදරයක්ම, මැණික්දිවෙල මහතා වෙතට ගොස් කියන්නටද මට වරෙක සිතිණි. එවිට ඒ යහපත් මිනිසා, මට වෙනත් තැනක රැකියාවක් කිරීමට ඉඩ සලසා දෙනු ඇත. මම හෙමින් සීරුවේ දිනූකා මිස් දිහා බැලුවෙමි. කුෂන් පුටු ඇන්දට හිස තබාගෙන ලමැදෙහි වූ මාලයේ පෙන්ඩනය එහාටත්, මෙහාටත් තල්ලු කරමින් ඇය දෙනෙත් වසාගෙන සිටියාය. දැන් නම් උදේ රාජකාරියට පැමිණි පසු, දවල්ට කෑමට යන එකත් ප්‍රශ්නයක්ය. හවස් වෙනකම්ම මට ඉන්නට වෙන්නේ මේ පුටුවේය.

"කැන්ටිම ඇතුළෙ කවුද ලව් කරන්න කිව්වේ..?"

තඩි පොලු කෑල්ලකින් ඔලුවේ හරි මැදට පහරක් වැදුනාක් මෙන් මම ගැස්සී ගියෙමි. ඇය මේවා අසදන්නේ මගෙන්ද..? මා කිසි දවසක කැන්ටිම තුළ ලව් කර නැත. අනෙක මට ලව් කරන්නට කෙල්ලෙක්ද නැත..

"මිස් කියන ඒවා මට තේරෙන්නෑ..."

"තේරෙන්නෙ නැති වෙන්න මං කතා කෙරුවෙ දෙමළෙන්ද..? මීට පස්සෙ අහුවෙච්චාවිකෝ මට.. කෙලින්ම දානවා රස්සාවෙන් දොට්ට.."

මගේ පපුවේ තැන් හතර පොළක්ම ඇවිලී ගියේය. මොනවා කීවත්, මොනවා කෙරුවත් ඇය අන්තිමට එන්නේ ඔතෙන්ටය. දිනූකා මිස්ට ඕනෑ කරන්නේ මොන වැරැද්දක් හෝ මගේ පිට පටලවා වාම මෙතනින් එලවා දමන්නටය. එහෙත් ඒ ඇයි..? හිතේ උපන් මහා දුක මැද්දෙන් මට ඉතිරි වුණු ගැටලුව එයයි.

"මගෙන් වැරැද්දක් වුණා නම් සමාවෙන්න මිස්.."

සිතේ දුක වසාගෙන පැමිණි නොරිස්සුමෙන් මම කීවෙමි. මා අහිංසකයෙකු බව දැන දැනම ඇය මගේ අසරණ හිත පාගා දමන්නේ ඇයි..? මා මෙතන වැඩට ආවේ හිතේ දහසකුත් එකක් ප්‍රාර්ථනාවන් තමාගෙනය. එහෙත් ඒ සියල්ලම පුදීන්නටත් කලින් මියැදී යන බව දැන් මට විශ්වාසය. මේ ලෙසට දිනූකා මිස් හා තවදුරටත් සහයෝගයෙන් වැඩ කටයුතු කරන්නට මට බැරිවෙනු ඇත. ඇය එන්නේ හරහටය. මගේ වැරැද්දක් අල්ලාගන්නටමය..

"හරි.. සමාව දුන්නා.. දැන් ඉතිං වැඩ ටික කරනවා.."

මම හිස උස්සා කෙලින්ම ඇය දෙස බැලුවෙමි. ඒ රූමත් මුහුණේ වූයේ මහ විශාල ආඩම්බරකාරී පෙනුමකි. ඒ පෙනුමට යටින් වූයේ බාලාංශයේ පංති වල ළමයින් යමක් අත්පත් කරගත්තායින් පසුව ඔවුන්ගේ මුහුණු වලට එන පෙනුම වැනි ජයග්‍රාහී හැගීමකි. මගේ ඇස්වලට දිනූකා මිස්ගේ දෑස් හසුවද්දී ඇය ඒවා මා වෙතින් වසන් කරගත්තාය. කෝමල ගැහැණු රුවක වූ ආදරණිය හැගීමකින් මගේ හිත තත්පරයකට දෙකකට වෙව්ලුම් කා දැමුවේය.

"ම... මම අර බිල් ටික ආයෙත් හදන්නද මිස්..?"

"ඕන් නෑ.. ඒවා ඔහොම්ම තිබුණාවේ.. මෙන්න මෙතන අලුත් ඩිසයින් වගයක් තියෙනවා.. ඒවා ටිකක් ට්‍රේසින් එකට අරගන්නවා.."

ඇයගේ හැම වචනයක්ම විධානයකි. බොහෝ අකාරුණිකය. හිතේ සතුටින් මෙතන වැඩ කළ දිනක් මට මතක නැත. මා කෙරෙහි ඇයට ඩිංගක් හෝ කාරුණික වන්නට බැරි ඇයි..? ඇය කරුණාවෙන් මට යමක් කියනවා නම්, දිවා රෑ නොබලා මම ඒ වැඩය කරමි..

"කාංචන... මැණික්දිවෙල මහත්තයා එන්න කිව්වා.."

හිටි හැටියේම පුබුදුගේ කටහඩ ඇසුනේ කොතැනින්දැයි බැලීමට මම වටපිට බැලුවෙමි. දිනූකා මිස් කාමරයේ සිටියේ නැත. දොරකඩ අසල සිනාමුසු මුහුණින් සිටියේ පුබුදුය. මේ තත්පරයට දෙකට දිනූකා මිස් කොහේ ගියාද..?

"පුබුදු.. දිනූකා මිස් කෝ..?"

"දිනූකා මිස්..? ඇයි මනුස්සයෝ මාත් දැන්නේ මේක ඇතුළට ආවේ.."

මගේ සිතට දැනුනේ මහා විශාල පුදුමයකි. හිටිගමන්ම ඇය අතුරුදන් වූයේ කෙසේද..? මෙය නම් මහ අමුතු දෙයකි..

"පුබුදු එන්න ඩිංගකට කලින් දිනූකා මිස් කාමරේ හිටියා. හරි පුදුමයි. කොරිඩෝ එකේදිවත් ඔයාට මිස්ව හම්බවුණේ නැද්ද..?"

"නෑ.. කාංචන.. මං මිස්ව දැක්කෙම නෑ.."

මැණික්දිවෙල මහතාගේ කාමරය ළගදී පුබුදු මගේ පිටට හෙමින් සීරුවේ ගසනා ගමන් කීවේය. මා කල්පනා කරමින් සිටි තත්පර ගාන තුළ ඇයට කාමරයෙන් පිටවී යන්නටත් කල් මදිය. එසේ නම් දිනූකා මිස් සිටින්නට ඕනෑ අපේ කාර්යාල කාමරය තුළමය. එහෙත් කාමරයෙන් පිටවීමට පෙර කාමරය තුළ මම දැඩි විපරමකින් බැලුවෙමි. දිනූකා මිස් පෙනෙන්නට සිටියේ නැත. ඇය මෙවර මා සමග කරන්නට යන්නේ අලුත් හැංගිමුත්තං සෙල්ලමක්වත්ද..?

"වාඩිවෙන්න කාංචන.."

උපැස් යුවල අතට ගන්නා ගමන් මැණික්දිවෙල මහතා මට ඉදිරිපස කුෂන් පුටු සෙටිය අතින් පෙන්විය. දිනූකා මිස් ළගදි නම් මා කතා කරන්නේම සිටගෙනය. ඇය මට වාඩිවෙන්න කියනවා තියා කෙලින් මං දිහා බලන්නේවත් නැත.

"කාංචන හුගක් හොදට වැඩ කරගෙන යනවා කියලා මට දුව කිව්වා.. ඇත්තටම හුගක් සංතෝසයි.."

මේ මොනපුදුමයක්ද..? මට පස් පඩංගුවේ, නොසෑහෙන්න බනින ඇය, මා ගැන හොදක් කියා තිබීම මට විශ්වාස කරන්නටත් බැරිය.

"හැමෝමත් එක්ක හොදට, සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් කියලා මේ ටික කාලෙට කාංචන පෙන්නල තියෙනවා. මගේ දුවත් කාංචනගෙ වැඩ හොදයි කියලා ලොකු ගැරන්ටියක් දුන්නා. එයා ඒ වගේ කවුරුවත් ගැන විශ්වාසෙකින් කතා කරන්නෑ. ඒත් කාංචන ගැන දුව හුගක් පැහැදීමකින් ඉන්නේ. ඒ පැහැදීමත් තියාගෙන, මේ වගේම ඉස්සරහට වැඩ කරන්න.. ම්.. දැන් ප්‍රශ්න මුකුත් තියෙනවද..?"

මට දැනුණේ මා කරකවා අතැරියා මෙන් හැගීමකි. කාමරයේදි මට පලු පැලෙනකන් බැන වදින දිනූකා මිස්, මැණික්දිවෙල මහතාට මා ගැන හොද කියා ඇත. මෙය නම් තේරුම් ගන්න තියා හිතාගන්නටවත් බැරි කතාවකි. මා කරන සෑම දෙයකම වැරදි දකිනා ඇය මේ ආයතනයේ ප්‍රධානියා වූ ඇගේ තාත්තාට මා ගැන ඉතා ඉහල ආකාරයට ගැරන්ටියක් කර ඇත්තේ කෙසේද..?

"න්.. නෑ.. සර්..."

"මේ ආයතනය ඇතුළෙත් කාංචනට ප්‍රශ්න නෑ නේද..?"

මැණික්දිවෙල මහතා මෙසේ මාගෙන් අසන්නේ ඇයි..? ඔහුට දිනූකා මිස්ගේත්, මගේත් අමනාපය ගැන ඉව වැටී ඇතුවාවත්ද..? මගේ සිතට පිවිසියේ තේරුම් ගැනීමට අපහාසු හැගීම් සමුදායකි. මහ බරකි. වහා මෙතනින් පිටව යාමේ අවශ්‍යතාවයකි.

"මුකුත් නෑ සර්.. දිනූකා මිස් මට හොදට සළකනවා. මං හුගක් සංතෝසෙන් මේ ඔෆිස් එකේ ඉන්නේ.."

"ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු වූ මැණික්දිවෙල මහතා ඉදිරියේ බොරුවක් කියන්නට සිදුවීම ගැන මගේ සිතට දැනුණේ මහත් වේදනාවකි. ඇත්ත තත්වය දන්නවා නම් ඔහු මට අනුකම්පා කරනු ඇත. තව කීයක් හෝ වැඩිපුර මගේ පඩියට එකතු කරනු ඇත."

"ඒක මට අහන්නත් සංතෝස දෙයක්.. හොදයි එහෙනම් කාංචන යන්න.. දැන් ඕෆ් වෙන වෙලාවත් ළගයිනේ.."

මැණික්දිවෙල මහතා කියා කට ගැනීමටත් පෙර මම කාමරයෙන් එළියට ආවෙමි. ඇත්තටම මේ ප්රශ්නයේ දෙකෙන් එකක් මා බේරාගත යුතුය. දිනූකා මිස් මෙසේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි..? මේ ආයතනයට පැමිණි දා සිට මම ඇයට කිසිදු වරදක් නොකළෙමි. එක්කෝ ඇය මෙසේ මා හට එලව එලවා පහර දෙන්නේ, පැමිණි මුල් දවසේම මම ඇගේ, ඇගේ හැප්පුණ නිසාය. ටිකක් කල්පනා කර බැලුවෝතින් එය ඉතා සුලු සිදුවීමකි. මා එයට ඇගෙන් සමාව ගත්තා නොවේද..? අනෙක් කරුණ නම් ඇයගේත්, මගේත් ඇති අමණාපය මැණික්දිවෙල මහතාට නොපෙන්වා සිටීමට දිනූකා මිස් දරණ උත්සාහයයි. ඇත්තටම මගේ සිතේ තිබුණේ උභතෝකෝටික ප්රශ්නයකි. තවත් මේවා කල්පනා කිරීමට ගියොතින් මා පිස්සෙකු නව එක වළක්වන්නට පිස්සන් කොටුවේ ලොකුම පිස්සන්ටත් බැරිය.

[QUOTE="crazybuddy, post: 12347964, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-wRCvoxr11Ow/T2jVH7RrmSI/AAAAAAAABi4/JIaIxkV7yrk/s640/Cover-03.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොහෙද අප්පේ මේ, බර කල්පනාවක යන්නෙ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පූර්ණිමාගේ කටහඩින් මම තිගැස්සී ගියෙමි. දිනූකා එන්ටර්ප්‍රයිසස් හි මා ළගින්ම ඇසුරු කලේ පුබුදුත්, පූර්ණිමාත් පමණකි. බොහෝ විට අප තිදෙනා දිවා ආහාරය ගත්තේද එකටය. ඉතා චාම්, සරල යුවතියක වූ පූර්ණිමා මුලින්ම මට හදුන්වා දුන්නේ පුබුදුය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං කැන්ටිමට යනවා පූර්ණි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුබුදු ඇයට කතා කරනා ආකාරයට මමද පූර්ණි කියා ඇයව ඇමතුවෙමි. ඇය හිස උස්සා කෙලින්ම මදෙස බැලුවාය. ඒ පුංචි දෑසේ වූයේ පුදුම හිතෙනා තරම් නිර්ව්‍යාජ බවකි. කිසිදු කැළඹීමක ලකුණක් ඒ දෑසේ තිබුනේ නැත. දිනූකා මිස්ගේ හා පූර්ණිමාගේ දෑස තුල කොතරම් වෙනසක් තියෙනවාද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට මොනවද කාංචන අරගෙන දෙන්නේ..? මොකද මාත් යන්නෙ කැන්ටිමට..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මුදු මොලොක් බසින් පූර්ණිමා අසද්දී මගේ අත පිටුපස සාක්කුවට ගියේ නොදැනුවත්මය. මා බාලාපොරොත්තු වූ පරිදි පර්ස් එක සාක්කුවේ තිබුණේ නැත. මම මදක් කල්පනා කෙරුවෙමි. කලින් වතාවේ කැන්ටිමට ගොස් පැමිණ මා පර්ස් එක තැබුවේ කොහේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා කැමති දෙයක් අරන් දෙන්නම්.. පූර්ණි.. තරහා නැතුව ඩිංගක් ඔහොමම ඉන්නවද.. මං ඔෆිස් රූම් එකට ගිහිල්ලා එන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇ.. ඇයි කාංචන.. මං ඔයාගෙන් නිකං ඉල්ලුවේ.. ප්ලීස්.. ඒ ගැන කරදර වෙන්න එපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනිවාර්යයෙන්ම මා පර්ස් එක දමන්නට ඇත්තේ මේසයේ උඩ ලාච්චුවේය. සමහරවිට මේසය උඩම තියා ඇත්දැයි කියන්නටත් බැරිය. වැඩේ වූයේ බිල්පත් සියල්ලම අවුල්කර දමා ඇති බැව් දැක්ක විට හැමදේම අමතක වී යාමය. කාමරයේ දොර හෙමින් සීරුවේ ඇරගෙන මම ඇතුළට ආවෙමි. සමහර විට දිනූකා මිස් මගේ අඩි සද්දයට පවා අකමැති වන්නට පුලුවන."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙත් මා දුටුවේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. විශාල මේසය මත දෑත තමා, ඒ මත ඔලුව ගසාගෙන සිටියාය. හීන් ඉකිබිදුමක් වැනි හඩක් ඇයගේ මුවින් යාංතමට පිටවෙන හඩ ඇසේ. තාලයට ගැස්සෙන පිට දෙපස නිසා ඇය හඩන බැව් මම සැක කර දැනගත්තෙමි.. දෙවියනේ ඇයි ඇය අඩන්නේ..? මගේ සිත පත්වූයේ සිතැගෑනීමටවත් බැරි අවුලකය. මේ වෙලාවේදි මා කාමරය තුළ සිටිනවා ඇය දුටුවෝතින් කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැක. වටපිට බලද්දී මා දුටුවේ මගේ මේසය උඩ තිබෙනා පර්ස් එකය. ශබ්ද නොනැගෙන සේ පර්ස් එක ගෙන හෙමින් සීරුවේම මම කාමරයෙන් පිටවුණෙමි. දිනූකා මිස් වැනි සියලු සම්පතින් යස ඉසුරුමත් ජීවිතයක් ගතකරන තරුණියකට හඩා වැලපීමට තරම් දෙයක් තිබෙන්නට පුලුවන්දැයි මම මොහොතකට සිතුවෙමි. නැත.. එසේ වන්නට කිසිසේත්ම ඉඩක් නැත. අනික, හඩන්නට තරම් ඇය සංවේදී යුවතියක්ද නොවේ. සමහරවිට ඇය ඔය අඩනවා ඇත්තේ මැණික්දිවෙල මහතා සමග ඇතිකරගත් මොකක් හෝ සුලු ප්‍රශ්නයක් හන්නා වන්නට ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"යමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා එනතුරු කොරිඩෝවේ බලා සිටි පූර්ණිමා ළගට යන ගමන් මම කීවෙමි. අනතුරුව ඇයත්, මාත් එක පෙලට වැටී කැන්ටිම වෙත ගියෙමු.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බිත්තර රොටි දෙකයි, ටී දෙකයි.. හොදයි නේද පූර්ණිමා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මෙතුවක් කාලයකට මා යුවතියකගේ දැක නොමැති තරම් සොදුරු සිනාවක් පූර්ණිමාගේ දෙතොලේ රැදී තිබිණි. සමහර විට දිනූකා මිස්ට මීට වඩා සුන්දර ලෙස සිනාසීමට පුලුවන්වනු ඇත. එහෙත් මම තවම දිනූකා මිස් සිනාසෙනවා දැක නොතිබිණි. ඇය නිරතුරුව මා අභියස සිටියේ රකුසු වෙස් ගෙනය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං පඩිගත්තහම මීට වඩා හොද පාටියක් ඔයාට දෙන්නම්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බිත්තර රොටියකින් කෑල්ලක් කඩාගන්නා ගමන් මම කීවෙමි. පඩි දවසටත් තව දවස් දෙක තුනක් ඇත. පූර්ණිමාගේ මුහුණේ රැදී තිබුණේ මං ගැන ඉපදුනු මොකක්දෝ අනුකම්පාවක ලකුණුය. ඒ ඇයිදැයි කියා සිතන්නට මට පුළුවන් කමක් තිබුණේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම කිව්වට ඔයාට තෑන්ක්ස් කාංචන.. ඒත් මට පාටි එපා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය එක එල්ලයේම මදෙස බලා හිද අවසානයේ කීවාය. මුහුණ මැද්දාවට එකවරම ඇතුල් පහරක් වැදුණ කලෙක මෙන් මම තිගැස්සී ගියෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මගෙන් පාටි එපා කියන්නේ, මං දෙන පාටි දුප්පත් වැඩි හින්දද පූර්ණි..? ඇත්තමයි, අද මගේ අතේ වැඩිය සල්ලි නෑ.. ඒකයි බිත්තර රොටි ගත්තේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මා කීවේ ඇත්තය. පර්ස් එකේ වැඩි මුදලක් තිබුණේ නැත. එහෙත් මා නොසිතුව පරිද්දට පූර්ණිමාගේ දෙඇසින් කදුලු බිංදු දෙකක් මේසය මතට වැටෙනු මම දැක්කෙමි. ඇය වහ වහා කදුලු පිහදා ගත් අතර. මගේ අතක් දැඩිව අල්ලාගත්තාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ, ඔහොම දුක හිතෙන කතා කියන්න එපා කාංචන.. මං පාටියක් එපා කිව්වේ ඔයාගෙ සල්ලි නාස්තිවෙන හින්දා.. ඔයා අද අරන් දුන්නු මේ දේවලුත් මට හුගක් වටිනවා.. ඇත්තමයි ඔයා හුගක් අහිංසකයි.. ඒ අහිංසක කම හැමදාම තියාගන්න.. ඔයාට කවදාවත් වරදින එකක් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං හින්දා ඔයාගෙ හිත රිදුනා නම් මට සමාවෙන්න.. මමත් ඔහේ කටට ආපු එකක් කියලා දැම්මනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනතුරුව අප අතර කතාබහක් සිදුවූයේ නැති තරම්ය. බිත්තර රොටි කා, කිරි තේ බී අවසන් වන විටම මාගේ පුබුදු අපදෙදෙනා අසලට ආවේ සිනාමුසු මුහුණින්ය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙනම් පූර්ණිත් හා හා පුරා කියලා, කම්පැණියෙ ඉන්න අහිංසකම කොල්ලා අල්ලගත්තා නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පූර්ණිමාගේ මුහුණ රත්පැහැ ගැන්වී ගියේ මා බලාගෙන හිදිද්දීමය. හිටිගමන් පුබුදුත් කියන්නේ මාර කතාය. මේ කෙල්ල මෙතන ලැජ්ජාවෙන් පණ යනු ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා හොද නෑ පුබුදු.. මායි, කාංචනයි අතරෙ එහෙම මුකුත් නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සොදුරු දෑස් මගෙන් සගවාගෙන පූර්ණිමා යන්නට සැරසුණාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම මුකුත් නැත්තං, කොහොම එකක්ද තියෙන්නේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ කරට අතක් දමා, මට ඉගිකරන ගමන් පුබුදු ඇසුවේය. ඇත්තමය. දැන් ටික දවසක ඉදන් පුබුදු නරක් වී ඇත. මේ අහිංසක කෙල්ලට පුබුදු ඉන්න දෙන්නැත්තේ ඇයි..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ... මට ඕවට උත්තර දෙන්න බෑ.. මං ඔයත්තෙක්ක තරහායි පුබුදු.. කාංචන මං යනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හීන් හිනාවක් දෙතොල් අගට එකතුකර පූර්ණිමා මගේ මූණට එබුණාය. ඒ සොදුරු මුහුණේ තිබූ ආගන්තුක ආදරය මගේ හිතේ ගැඹුරුම තැනද අතගා තිබිණි. කැන්ටිමේ දොරෙන් පිටවී ගොසිනුත්, නැවත වරක් දොර ළගට ඇවිත් පුබුදු දෙසට දබර ඇගිල්ල දිගුකර ඇය නොපෙනී ගියාය. ඇගේ සියලු ඉරියව්වල රැදී තිබුණේ සිතක් ඇද බැද ගන්නා අපූරු දගකාර බවකි. මගේ සිත මටත් හොරා ඒ පසුපස දුවන්නට පටන්ගෙන තිබිණි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔන්න තෝරගන්නව නම්.. ආයෙ මොනවත් නෑ පෙරාපු රත්තරං වගේ තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුබුදු ඔය කියන්නේ පූර්ණිමා ගැනය. ඔහු කීවේ ඇත්තය. පූර්ණිමා වැනි සොදුරු යුවතියක් ජීවිතයට ලංකර ගන්නට ඇත්නම්, එතැනින් එහාට තවත් කිසිදෙයක් උවමනා වන්නේ නැති බැව් මම දනිමි. එහෙත් පූර්ණිමා ගැන සිහිපත් වන හැම විටකම, දිනූකා මිස්ගේ බටර් පැහැති නපුරු මුහුණ මතක්වන්නේ ඇයිදැයි මම නොදනිමි. ඇය මට නපුරුකම් කරනා හැම විටකම, ඒ සොදුරු දෑසේ මතුවන දැඩි වේදනාව මම බොහෝවිට දැක ඇත්තෙමි. මා හට නපුරුකම් කරනා ගමන් දිනූකා මිස් දුක්වෙන්නේ ඇයි..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒපාර මොනවද කල්පනා කරන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුබුදු තවමත් මා ළගය. පුටුවෙන් නැගිටින ගමන් මම පුබුදුගේ අතකින් අල්ලා ගත්තෙමි. ඒ මුහුණේ පිරී තිබුණේ තේරුම් ගැනීමට අපහාසු අපූරු සිනාවකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පුබුදු කිව්ව දේවල් ගැනම තමයි. පෙරාපු රත්තරං වුණත් ළග තියාගන්න වාසනාව තියෙන්න ඕන. මං වගේ දුප්පත් අසරණයෙකුට පුබුදු ඔය පෙන්නපු හීන හුගක් දුර වැඩියි."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තමන් ගැන ඔය තරම් අඩුවට ලංසු තියලා කතා කරන්න එපා. ඔයා දන්නෙ නැතුවට, ඔයා ගැන පූර්ණිගෙ හිතේ ලොකුවට තියෙනවා. මගෙත්තෙක්ක කතා කරන හැමවෙලාවෙම වගේ ඔයාගෙ නම ඇදිලා එනවා කෙල්ලගෙ කටින්. මං අද විහිලු කෙරුවෙත් ඒකයි.. පව්.. කෙල්ලට ලැජ්ජා හිතුණා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පුබුදුටක කියන්න ලොකු කතාවක් තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උදේ වරුවේ සිදුවූ දේ සියල්ලම පුබුදුත් සමග කියන්නට ඕනෑය. අඩුම තරමේ දිනූකා මිස් මේ එන්නට හදන්නේ කුමකටදැයි කියාවත් එවිට පුබුදු මට කියනු ඇත. ඇය මෙතරම් මාව සමච්චලයට ලක්කරන්නේත්, මාව රිදවන්නේත් ඇයිදැයි කියා පුබුදුගෙන් හෝ මට අසා දැගනැගීමට හැකිවනු ඇත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං දන්නවා.. පූර්ණිමා ගැන නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පුබුදුට සෑම දෙයක්ම විහිලුය. ඒ මුහුණේ ඇත්තේ මහා දගකාර බවකි. එහෙත් ඔහු මෙතරම් සැහැල්ලුවෙන් හිටියට මට සිටිය නොහැක. මා වැඩ කරන්නේ සිතේ දාහක් දුක් කරදර මැද්දේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ පුබුදු.. මං අද හවස වැඩ ඇරුණහම ඒක කියන්නම්.. දැන් ඒකට වෙලාවක් නෑ.. මිස් මාව හොයනවා ඇති.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දැනටමත් මා මෙහි රැදී සිටි කාලය හුගාක්ම වැඩිය. කාලය ගෙවී ගොසින් තිබුණේ සිතට හොර රහසේය. මම හනික මගේ කාර්යාල කාමරය වෙත පිය නැගුවෙමි. මේ වේලාවේ දිනූකා මිස් කුමක් කරනවාදැයි මම සිතමින් කාමරයට ඇතුලු වුණෙමි. මගේ ඇස් කෙලින්ම යොමුවූයේ දිනූකා මිස් වෙතය. මා සිතූ දේ නිවැරදිය. අබ දැමුවත් පුපුරා යන තරම් කේන්තියක් සුදු රූමත් මුහුණේ පැහැදිලිවම රැදී තිබිණි. ඇයට මේ තරම් කේන්ති ගොස් ඇත්තේ ඇයි..? මම ඇයට කිසිදු වැරැද්දක් කරේ නැත. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොහෙද ගියේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිනූකා මිස්ගේ කටහඩේ වූ සද්දෙට මම උඩ විසිවී ගොස් බිම වැටුණෙමි. ඇය මෙතරම් සැරෙන් මට කතා කරන්නේ ඇයි..? මා බීරෙක් යැයි ඇය වරදවා සිතාගෙන සිටිනවාදැයි සැක සිතන්නේ ඔන්න ඔවැනි වෙලාවල් වලටය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකද ගියපු තැන කියන්න කට නැද්ද..? හිතුණු හිතුණු වෙලාවට එළියට යන්න මෙතන අම්බලමක් කියලා හිතුවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේවා නම් බලන්න ඕනෙ දෙවියන්මය. මා මේ අවනඩුව කාට කියන්නද..? මා එළියට ගියේ ඇයට කියා නොවේද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම.. මං මිස්ට කියලනේ ගියේ..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොනවා මට කියලා ගියා..? ඒ පාර අමු අමුවෙන්ම බොරුත් කියන්න පටන් ගත්තද..? ආ.. වැරැද්දත් කරලා එනවා මෙතන තවත් නිදහසට කාරණා කියාගෙන. ඇත්තමයි, තාත්ති ඔහේව මෙතෙන්ට දැම්මෙ නැත්නම් මං මෙලහකට තමුසෙට හොද වැඩක් කරලා. මොන මල කරදරයක්ද මංදා.. මට නිදහසේ ඉන්නවත් දෙන්නෑනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇය කියනා දේවල් වලට මොනවා කිව යුතුදැයි නිනව්වක් නැතිව මම ගල් ගැසී බලාගෙන සිටියෙමි. මාත් සමග කතා කර මුලින්ම රංඩුව පටන් ගත්තේ ඇයය. කටු අත්ත වගේ ඇමිනි ඇමිනී එන්නේ ඇයය. එහෙත් අවසානයේ දංගෙඩියට හිස තියන්නට වන්නේ මටය. එසේ හෙයින් කුටු කුටු ගගා ඇය කියාගෙන කියාගෙන යන දේවල් වලට කිසිවක් නොකියා මම මගේ පුටුවේ වාඩිවුණෙමි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිනූකා මිස් වෙතින් වෙන මේ හැම කරදරයක්ම, මැණික්දිවෙල මහතා වෙතට ගොස් කියන්නටද මට වරෙක සිතිණි. එවිට ඒ යහපත් මිනිසා, මට වෙනත් තැනක රැකියාවක් කිරීමට ඉඩ සලසා දෙනු ඇත. මම හෙමින් සීරුවේ දිනූකා මිස් දිහා බැලුවෙමි. කුෂන් පුටු ඇන්දට හිස තබාගෙන ලමැදෙහි වූ මාලයේ පෙන්ඩනය එහාටත්, මෙහාටත් තල්ලු කරමින් ඇය දෙනෙත් වසාගෙන සිටියාය. දැන් නම් උදේ රාජකාරියට පැමිණි පසු, දවල්ට කෑමට යන එකත් ප්‍රශ්නයක්ය. හවස් වෙනකම්ම මට ඉන්නට වෙන්නේ මේ පුටුවේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කැන්ටිම ඇතුළෙ කවුද ලව් කරන්න කිව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තඩි පොලු කෑල්ලකින් ඔලුවේ හරි මැදට පහරක් වැදුනාක් මෙන් මම ගැස්සී ගියෙමි. ඇය මේවා අසදන්නේ මගෙන්ද..? මා කිසි දවසක කැන්ටිම තුළ ලව් කර නැත. අනෙක මට ලව් කරන්නට කෙල්ලෙක්ද නැත.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මිස් කියන ඒවා මට තේරෙන්නෑ..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තේරෙන්නෙ නැති වෙන්න මං කතා කෙරුවෙ දෙමළෙන්ද..? මීට පස්සෙ අහුවෙච්චාවිකෝ මට.. කෙලින්ම දානවා රස්සාවෙන් දොට්ට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ පපුවේ තැන් හතර පොළක්ම ඇවිලී ගියේය. මොනවා කීවත්, මොනවා කෙරුවත් ඇය අන්තිමට එන්නේ ඔතෙන්ටය. දිනූකා මිස්ට ඕනෑ කරන්නේ මොන වැරැද්දක් හෝ මගේ පිට පටලවා වාම මෙතනින් එලවා දමන්නටය. එහෙත් ඒ ඇයි..? හිතේ උපන් මහා දුක මැද්දෙන් මට ඉතිරි වුණු ගැටලුව එයයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මගෙන් වැරැද්දක් වුණා නම් සමාවෙන්න මිස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිතේ දුක වසාගෙන පැමිණි නොරිස්සුමෙන් මම කීවෙමි. මා අහිංසකයෙකු බව දැන දැනම ඇය මගේ අසරණ හිත පාගා දමන්නේ ඇයි..? මා මෙතන වැඩට ආවේ හිතේ දහසකුත් එකක් ප්‍රාර්ථනාවන් තමාගෙනය. එහෙත් ඒ සියල්ලම පුදීන්නටත් කලින් මියැදී යන බව දැන් මට විශ්වාසය. මේ ලෙසට දිනූකා මිස් හා තවදුරටත් සහයෝගයෙන් වැඩ කටයුතු කරන්නට මට බැරිවෙනු ඇත. ඇය එන්නේ හරහටය. මගේ වැරැද්දක් අල්ලාගන්නටමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හරි.. සමාව දුන්නා.. දැන් ඉතිං වැඩ ටික කරනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මම හිස උස්සා කෙලින්ම ඇය දෙස බැලුවෙමි. ඒ රූමත් මුහුණේ වූයේ මහ විශාල ආඩම්බරකාරී පෙනුමකි. ඒ පෙනුමට යටින් වූයේ බාලාංශයේ පංති වල ළමයින් යමක් අත්පත් කරගත්තායින් පසුව ඔවුන්ගේ මුහුණු වලට එන පෙනුම වැනි ජයග්‍රාහී හැගීමකි. මගේ ඇස්වලට දිනූකා මිස්ගේ දෑස් හසුවද්දී ඇය ඒවා මා වෙතින් වසන් කරගත්තාය. කෝමල ගැහැණු රුවක වූ ආදරණිය හැගීමකින් මගේ හිත තත්පරයකට දෙකකට වෙව්ලුම් කා දැමුවේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ම... මම අර බිල් ටික ආයෙත් හදන්නද මිස්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඕන් නෑ.. ඒවා ඔහොම්ම තිබුණාවේ.. මෙන්න මෙතන අලුත් ඩිසයින් වගයක් තියෙනවා.. ඒවා ටිකක් ට්‍රේසින් එකට අරගන්නවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඇයගේ හැම වචනයක්ම විධානයකි. බොහෝ අකාරුණිකය. හිතේ සතුටින් මෙතන වැඩ කළ දිනක් මට මතක නැත. මා කෙරෙහි ඇයට ඩිංගක් හෝ කාරුණික වන්නට බැරි ඇයි..? ඇය කරුණාවෙන් මට යමක් කියනවා නම්, දිවා රෑ නොබලා මම ඒ වැඩය කරමි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන... මැණික්දිවෙල මහත්තයා එන්න කිව්වා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හිටි හැටියේම පුබුදුගේ කටහඩ ඇසුනේ කොතැනින්දැයි බැලීමට මම වටපිට බැලුවෙමි. දිනූකා මිස් කාමරයේ සිටියේ නැත. දොරකඩ අසල සිනාමුසු මුහුණින් සිටියේ පුබුදුය. මේ තත්පරයට දෙකට දිනූකා මිස් කොහේ ගියාද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පුබුදු.. දිනූකා මිස් කෝ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දිනූකා මිස්..? ඇයි මනුස්සයෝ මාත් දැන්නේ මේක ඇතුළට ආවේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මගේ සිතට දැනුනේ මහා විශාල පුදුමයකි. හිටිගමන්ම ඇය අතුරුදන් වූයේ කෙසේද..? මෙය නම් මහ අමුතු දෙයකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පුබුදු එන්න ඩිංගකට කලින් දිනූකා මිස් කාමරේ හිටියා. හරි පුදුමයි. කොරිඩෝ එකේදිවත් ඔයාට මිස්ව හම්බවුණේ නැද්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. කාංචන.. මං මිස්ව දැක්කෙම නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මැණික්දිවෙල මහතාගේ කාමරය ළගදී පුබුදු මගේ පිටට හෙමින් සීරුවේ ගසනා ගමන් කීවේය. මා කල්පනා කරමින් සිටි තත්පර ගාන තුළ ඇයට කාමරයෙන් පිටවී යන්නටත් කල් මදිය. එසේ නම් දිනූකා මිස් සිටින්නට ඕනෑ අපේ කාර්යාල කාමරය තුළමය. එහෙත් කාමරයෙන් පිටවීමට පෙර කාමරය තුළ මම දැඩි විපරමකින් බැලුවෙමි. දිනූකා මිස් පෙනෙන්නට සිටියේ නැත. ඇය මෙවර මා සමග කරන්නට යන්නේ අලුත් හැංගිමුත්තං සෙල්ලමක්වත්ද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වාඩිවෙන්න කාංචන.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උපැස් යුවල අතට ගන්නා ගමන් මැණික්දිවෙල මහතා මට ඉදිරිපස කුෂන් පුටු සෙටිය අතින් පෙන්විය. දිනූකා මිස් ළගදි නම් මා කතා කරන්නේම සිටගෙනය. ඇය මට වාඩිවෙන්න කියනවා තියා කෙලින් මං දිහා බලන්නේවත් නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කාංචන හුගක් හොදට වැඩ කරගෙන යනවා කියලා මට දුව කිව්වා.. ඇත්තටම හුගක් සංතෝසයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේ මොනපුදුමයක්ද..? මට පස් පඩංගුවේ, නොසෑහෙන්න බනින ඇය, මා ගැන හොදක් කියා තිබීම මට විශ්වාස කරන්නටත් බැරිය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හැමෝමත් එක්ක හොදට, සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් කියලා මේ ටික කාලෙට කාංචන පෙන්නල තියෙනවා. මගේ දුවත් කාංචනගෙ වැඩ හොදයි කියලා ලොකු ගැරන්ටියක් දුන්නා. එයා ඒ වගේ කවුරුවත් ගැන විශ්වාසෙකින් කතා කරන්නෑ. ඒත් කාංචන ගැන දුව හුගක් පැහැදීමකින් ඉන්නේ. ඒ පැහැදීමත් තියාගෙන, මේ වගේම ඉස්සරහට වැඩ කරන්න.. ම්.. දැන් ප්‍රශ්න මුකුත් තියෙනවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මට දැනුණේ මා කරකවා අතැරියා මෙන් හැගීමකි. කාමරයේදි මට පලු පැලෙනකන් බැන වදින දිනූකා මිස්, මැණික්දිවෙල මහතාට මා ගැන හොද කියා ඇත. මෙය නම් තේරුම් ගන්න තියා හිතාගන්නටවත් බැරි කතාවකි. මා කරන සෑම දෙයකම වැරදි දකිනා ඇය මේ ආයතනයේ ප්‍රධානියා වූ ඇගේ තාත්තාට මා ගැන ඉතා ඉහල ආකාරයට ගැරන්ටියක් කර ඇත්තේ කෙසේද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"න්.. නෑ.. සර්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ ආයතනය ඇතුළෙත් කාංචනට ප්‍රශ්න නෑ නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මැණික්දිවෙල මහතා මෙසේ මාගෙන් අසන්නේ ඇයි..? ඔහුට දිනූකා මිස්ගේත්, මගේත් අමනාපය ගැන ඉව වැටී ඇතුවාවත්ද..? මගේ සිතට පිවිසියේ තේරුම් ගැනීමට අපහාසු හැගීම් සමුදායකි. මහ බරකි. වහා මෙතනින් පිටව යාමේ අවශ්‍යතාවයකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මුකුත් නෑ සර්.. දිනූකා මිස් මට හොදට සළකනවා. මං හුගක් සංතෝසෙන් මේ ඔෆිස් එකේ ඉන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතා ගුණ යහපත් පුද්ගලයෙකු වූ මැණික්දිවෙල මහතා ඉදිරියේ බොරුවක් කියන්නට සිදුවීම ගැන මගේ සිතට දැනුණේ මහත් වේදනාවකි. ඇත්ත තත්වය දන්නවා නම් ඔහු මට අනුකම්පා කරනු ඇත. තව කීයක් හෝ වැඩිපුර මගේ පඩියට එකතු කරනු ඇත."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක මට අහන්නත් සංතෝස දෙයක්.. හොදයි එහෙනම් කාංචන යන්න.. දැන් ඕෆ් වෙන වෙලාවත් ළගයිනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මැණික්දිවෙල මහතා කියා කට ගැනීමටත් පෙර මම කාමරයෙන් එළියට ආවෙමි. ඇත්තටම මේ ප්රශ්නයේ දෙකෙන් එකක් මා බේරාගත යුතුය. දිනූකා මිස් මෙසේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි..? මේ ආයතනයට පැමිණි දා සිට මම ඇයට කිසිදු වරදක් නොකළෙමි. එක්කෝ ඇය මෙසේ මා හට එලව එලවා පහර දෙන්නේ, පැමිණි මුල් දවසේම මම ඇගේ, ඇගේ හැප්පුණ නිසාය. ටිකක් කල්පනා කර බැලුවෝතින් එය ඉතා සුලු සිදුවීමකි. මා එයට ඇගෙන් සමාව ගත්තා නොවේද..? අනෙක් කරුණ නම් ඇයගේත්, මගේත් ඇති අමණාපය මැණික්දිවෙල මහතාට නොපෙන්වා සිටීමට දිනූකා මිස් දරණ උත්සාහයයි. ඇත්තටම මගේ සිතේ තිබුණේ උභතෝකෝටික ප්රශ්නයකි. තවත් මේවා කල්පනා කිරීමට ගියොතින් මා පිස්සෙකු නව එක වළක්වන්නට පිස්සන් කොටුවේ ලොකුම පිස්සන්ටත් බැරිය.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom