දවසක් වෙලෙන්දෙක් ගමට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........
ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....
ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................
ටික දවසකට පස්සෙ ලොරියක් මේ ගම මැදින් යනව එනවුස් පාරකුත් දාගෙන
රිලා....ව් රිලා....ව් විකුණනවා...... 3000 යි එකෙක් 3000යි.............
ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 3000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............
විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා.................
සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි....
ඒ මදිවට ගම හැමතැනම රිලව්. ඇයි ඉතිං ලොරියකම රිලව් ගත්තනෙ.