⚠️ කෙස්වැටිය නිසා දිවි අහිමි වු 21 හැවිරිදි බෙලාරුස් තරුණිය ⚠️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    gossiplankanews143242.jpg


    බෙලාරුස් බොරිසොව් නගරයේ සාප්පුවක සහායිකාවක ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරුණියක්, නව රැකියාවක් සොයා එහි පිහිටි පෑස්සුම් වයර් සහ ඉලෙක්ට්‍රෝඩ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ගිය ගමනේදී අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි. උමිඩා නසාරෝවා නම් මෙම තරුණිය සිය නව රැකියා ස්ථානයේ ප්‍රධානියෙකුද සමග එම කර්මාත්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර නරඹමින් සිටියදී එක්වරම ඇගේ කෙස්වැටිය එක් යන්ත්‍රයක ඇඹරීයාමත් සමග ඇය මෙම මාරාන්තික අනතුරට ලක්ව තිබේ.එහිදී ඇගේ කෙස්වැටිය ඇගේම බෙල්ල වටා එතී ඇති අතර, ඒ හේතුවෙන් උගුරු දන්ඩ වෙත දරුණු හානි සිදුව ඇත.එසේම ඇගේ හිසටත් මුහුටත් හානි සිදුව තිබේ.

    යන්ත්‍රයෙන් මුදවාගෙන රෝහල්ගත කර දින 20කට පසුව ඇය මෙම බරපතළ තුවාල හේතුවෙන්ම මරණයට පත්ව ඇත. එම අවස්ථාව වනවිටත් ඇය සති හතක ගැබිනියක්ව සිටි බවත් වැඩිදුරටත් සඳහන්වෙයි. උණ්ඩා නසාරෝවා සෑම අවස්ථාවකදීම ඇගේ කෙස් වැටිය නිදහසේතබාගැනීමට වඩාත් ආදරයක් දැක්වූ තැනැත්තියක් වන අතර, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ඇය පළ කර ඇති ඡායාරූප කදිම සාක්ෂියකි. එහෙත් යන්ත්‍ර සූත්‍ර සහිත කර්මාන්තශාලාවක පවතින තත්වය පිළිබදව තේරුම් නොගත් අද, සිය කෙස් වැටිය සංවර කර නොගැනීම මෙම අනතුරට හේතුව බව පැහැදිලි වෙයි.

    කෙසේ වෙතත් මෙහිදී ඇය සමග කර්මාන්තශාලාවේ නිරීක්ෂණයේ යෙදුණු එහි නිෂ්පාදන අංශ ප්‍රධානියා සිය රාජකාරී නිසි ලෙස සිදුකිරීමට අපොහොසත් වීම නිසා ඇති වූ නොසැලකිලිමත්කමක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව අධිකරණය මගින් තීන්දු කර තිබේ. "අනතුරින් ඇගේ උගුරට දරුණු හානිවෙලා තිබුණා." දොස්තරවරු කිව්වේ කොණ්ඩය පැටලිලා එයාව යන්ත්‍රයට ඇදගෙන ගියා කියලයි.”
    යනුවෙන් උමිඩාගේ මව පවසයි. එසේම මෙහිදී අදාළ කර්මාන්තශාලාව මූලික ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකළ නිසා සිය දියණියට මෙන්ම මුණුබුරාටද ජීවිත අහිමි වූ බව ඇගේ පියා වන දිමිති පවසයි.

    ”ඔවුන් ඇගේ දිග කොණ්ඩය දැක්කා. ඇයි ඔවුන් ඇයට එය ආවරණය කරගන්න යමක් දුන්නේ නැත්තේ.” යනුවෙන්ද ඔහු පවසයි. මෙහිදී උමිඩා නසාරෝවාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් වන සියලුම වියදම් අදාළ කර්මාන්තශාලාව මගින් දරා තිබේ. "අයට වුවමනා වෙලා තිබුන අම්මා කෙනෙක් වෙත්ත. අපිටත්වුවමනා වුණේ ඇගේ මංගල උත්සවය ඉහළින්ම අරගෙන, රෝහලේ ඉදන් අපේ මුනුබුරාව හරි මිණිබිරිය හරිගෙදර ගේන්න. එහෙම නැතුව මගේ දරුවා මේ විදියට රෝහලෙන් ගෙදර ගේන්න තමයි." යනුවෙන්ද උමිඩාගේ මව පවසා තිබේ.


    gossiplankanews143025.jpg


    gossiplankanews143131.jpg



    Source: gossiplankanews.com



     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ගොන් ගෑනුන්ට කොහොමත් මොලයක් නම් නැහැ ආරක්ෂාවට වඩා රූප සුන්දරී වෙන්න නේ යන්නේ කොහොමවුනත් වැඩේට දුකයි RIP