⚠️ මොරගහකන්ද ජලාශය නැවත වාන් දැමීමේ අවදානමක් අබියස

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය


    ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

    එම අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ උපරිම ජල මට්ටමේදී ජලාශයට ජලය ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දෙරටු විවෘත කිරීමට පියවර ගන්නා බවය.

    ඒ අනුව වාන් දැමීමේදී අඹන්ගඟට ජලය මුදා හැරෙන අතර එමගින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති බවත් මහවැලි අධිකාරිය පෙන්වා දී තිබේ.

    ඒ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලිගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම අධිකාරිය දැනුම් දී ඇත.

    මේ සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා ඇති අතර එහි සඳහන්ව ඇත්තේ මේ වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 98.87%ක් ලෙස පවතින බැවින් ඉදිරි දින වැසි තත්ත්වයේ වර්ධනය වීමක් සිදුවුවහොත් ජලාශයේ ජල මට්ටම් උපරිම අගය දක්වා පැමිණෙනු ඇති බවය.

    ඒ අනුව වාන් දොරටු විවෘත කිරීමක් සිදුකළ හොත් ඒ පිළිබඳව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රචාරණ කටයුතු හරහා සියලු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමට මොරගහකන්ද කාර්යභාර ඉංජිනේරුවරයා විසින් මේ වන විට සිය කළමනාකරණ ඒකකය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.
     
    • Sad
    Reactions: vito

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක


    මුන් නං අනාත කමේ උපරිම.

    එකෙක්ට පාරේ හිඟන්නෙකුටත් තියෙන ධමනි 4 වත් නෑ. ඌ එනව රටවල් හදන්න. අනිත් හිඟන්නො ඌව උස්සගෙන එන්නෙ. ඉතින් හිතපන්කො උන්ගෙ තත්වෙ 🙈😂
     
    • Haha
    Reactions: elakiri_boy_22

    Similar threads