⚡⚡ ඩෑන්ගේ මළමිනිය සහ දරුවන් විකුණන් කෑවාට දිල්කා දෙරණට එරෙහි වේ..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය දෙරණ නාලිකාවේ වාර්තා කර තිබූ ආකාරය සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනී දිල්කා සමන්මලී විවේචනාත්මක අදහස් දැක්වීමක් කර තිබේ.

    සිය සමාජ ජාල ගිණුමේ ඇය විසින් පල කර ඇති දීර්ඝ සටහන මෙසේය.

    සමාවෙන්න.මගේ ආදරණීය දෙරණ…..

    වසර දහ අටක් හැදුනු වැඩුණු තැන.මනුෂ්‍යත්වයේ ජීව ගුණයෙන් වසර ගණනාවක් තිස්සේ මහන්සියෙන් ගොඩනගපු අද දෙරණ සන්නාමය …

    මේ වීඩියෝව ගැන මට නිහඬ වෙන්න බෑ.

    ඒ නිසා සමාවෙන්න…..

    මම දන්නව අදටත් දෙරණ සමඟ ගමට යන අපේ ආදරණීය දෙරණ නියෝජිතයින්ට ගමේ මිනිස්සු කතා කරන්නේ දෙරණෙ මිනිස්සු කියල නෙමෙයි මනුසත් දෙරණෙ අය කියලා.

    ඒ අපි දෙරණ ගොඩනැගුවේම උතුම් වූ මනුෂ්‍යත්වය මූල් තැන තියාගෙන නිසා.කව්රු කොහොම මොනව කිව්වත් දෙරණට මිනිස්සුන්ගෙ ඇති ආදරය මඩවලින් වහන්න බෑ.හැබැයි එහෙමයි කියල තමංට ඕන හැමදේම කරන්නත් බැරි බව මතක තබා ගත යුතුයි.

    අපරාධ කරුවන් අතින් ඝාතනයට ලක්වූ පුද්ගලයෙක් ,දේශපාලනික මිනිසෙක්,ඉලක්ක ගත මිනිසෙක් එහෙව් මිනිහෙක්ගෙ දරුවන් කියන්නෙත් සමාජයේ විවිධාකාරයෙන් ඉලක්ක වෙන්න පුලුවන් මිනිස්සු.

    සනත් නිශාන්ත මිය ගිය මොහොතේ ඒ දරුවා තාත්තා වෙනුවෙන් හෙලපු කඳුලු,මාධ්‍ය මගින් ආවරණය කරනකොටත් මගේ හැඟීම් මම ලිව්වා.අදත් ඒ වගේම වේදනාවක් හිතට එන්නෙ මමත් දරුවො 3 දෙනෙක් ගෙ අම්මෙක් හින්දා.

    කාගෙ දරුවන් උනත් දරුවන් ..

    කාගෙ උනත් දරුවන් සම්බන්ධ ව මොන පුවතක් මොන මොහොතක අනාවරණය කලත් ඒක පරිස්සම් සහගත අණාවරනයක් විය යුතුයි.මේ රූපරාමු මේ විදියට ප්‍රචාරය කරන්න ගත්ත තීරණය කව්රු ගත්ත තීරණයක් ද මම දන්නෙ නෑ.ඒත් මේ දෙරණ පවුල තුල අපි පුහුණු කල සම්ප්‍රදාය නිවෙයි.අපි පුහුණුකල ජීව ගුණය මේක ඇතුලෙ නෑ.

    මම වසර දහ අටක් හඳුනන ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරන කිසිවෙක් මෙවන් පුවත් සඳහා, මෙවන් රූපරාමු සඳහා අනුබලදී නැහැ.

    එහේව් දෙරණ මෙහෙව් පුවතක් මේ විදියට ප්‍රචාරය කලේ ඇයි?රූප රාමු ප්‍රචාරය අවශ්‍යම නම් මේ පුංචි එකාගෙ මුහුණ(සහෝදරියන්ගෙ මුහුණුද ඇතුලුව) අවරණය කරන්නට හෝ අවම සධාචාරය සුරැකීමයි මනුස්ස කම.මේක ඩෑන් සම්බන්ධව ලිව්වට දරුවන් සම්බන්ධ සෑම පුවතකටම අදාලයි.

    දෙරණ හදපු ,ගොඩනගපු ප්‍රාග්ධනය යොදවපු මිනිස්සු හැමදාම අපිට කිව්වෙ මනුශ්‍යත්වය පැත්තේ හිට ගන්න කියල.දෙරණ අයිතිකරුගේ පටන් ඉහළ කළමනාකාරීත්වය රැකියාවෙදි අපිට පූර්ණ නිදහස ලබා දුන්නේ ඒක වල්බූරු විදිහට පාවිච්චි කරන්න නෙමෙයි කියන එකයි මගේ හැගීම.අදටත් මා ඔවුන්ට ගරු කරන්නෙ ඒ ලබාදුන් නිදහස බුක්තිවිඳපු අයෙක් විදියට.(දේශපාලන මින්සෙක් වූ දිලිත් ජයවීර මහතාට විශේෂ ගෞරවය ක් හිමිවන්නේම ඔහු අපිට දුන් අසීමිත නිදහස නිසාමයි.එහෙන හුරුවක් නැති ලංකාවෙ මාධ්‍ය එක්ක ,ඒ නිදහස ගැන සමාජයට අවබෝධ කරවීම අපහසු උවත් දෙරණ ඇතුලෙ දවසක් හෝ වැඩ කරපු කෙනෙක් ඉන්නව නම් ඒ අය සාක්ශි.)

    ප්‍රවෘත්ති අංශයේ ඉන්න මාධ්‍යවේදීන් තමන්ගේ ඒකමතික තීරණ අනුව සිදුකළ ප්‍රවෘත්ති ආවරණයන්ට අදටත් උත්තර බඳින සිද්ධ වෙලා තියෙන්නේ ඉහළ කළමනාකාරීත්වයට , හිමිකරුවන්ට.නමුත් මේ ජීව ගුණය ගිලිහී යාම ගැන ප්‍රවෘත්ති අංශයේ මගේ සහෝදරයන් වගකිව යුතුයි.වග විය යුතුයි.මම දෙරණෙන් සමුගත් සමාජිකාවක් උනත් දෙරණ කියන්නෙ අදටත් මට දැනෙන තැනක්.දරුවො කියන්නෙ මට දැනෙන විශයක්.ඒ නිසාම මේ අදහස ලිව්වට එය භාර ගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියක්.සමාවෙන්න ආදරණීය දෙරණ..

    -LCN-

    තව දීපන්කෝ මුන්ට ජන්දෙත්.. 🤭 🤭 😆

    අද මුළු ගම
    එකමිටකට
    සුබ නැකතට
    ගම අනුරට...............🤗🤗🤗
     
    • Haha
    Reactions: DragonT

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    මෙකිට මිඩියා ජොබ් එකක් හොයා ගන්න බැරුව ලත වෙනවා ඇති ඔස්ට්‍රෙලියාවෙ, දැන් බොරුවට මෙතනsri lankan politics ගෙදර තැම්බි තැම්බි