Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි

සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ.

යානයේ සිටි මගීන් සිය සුපුරුදු ආකාරයෙන්ම සිටියදී යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට සමත් විය. මේ සිද්ධියෙන් යානයේ සිටි මගීන් 202ක් අතුරින් කිසිවකුට හෝ එහි කාර්ය මණ්ඩලයේ කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බව ගුවන්තොටුපොළ ආරංචි පවසයි.

මිනිත්තු 70ක ගුවන් කාලයේ දී ආහාර වේලාව අවසන්වී සුළු මොහොතකින් යානයේ පසුපස ඇති ගමන් මලු බහා ඇති ඉහළ රාක්කයෙන් දුමක් නගින බවට එහි කාර්ය මණ්ඩලයට දැනගන්නට ලැබී ඇති අතර යානයේ කුටි කළමනාකරු සහ කැප්ටන්ට ඉතා ඉක්මනින් මේ බව දැනුම්දී ඇති අතර යානයේ පිටුපස කුටියේ කාර්ය මණ්ඩලය ගිනි ආරක්ෂණ මෙවලම් පැළඳ අදාළ ගමන් මලු සහිත පෙට්ටිය විවෘත කර ඇත. ඒ සමග ගිනි නිවීමේ උපකරණ මගින් දුමක් පිටවෙමින් තිබූ ගමන් මල්ල නිවා දැමීමට සමත් වූ ඔවුන් ඉතා ඉක්මනින් එම බෑගය මගීන්ට එපිටින් වූ යානයේ පිටුපස කොටසට විසිකර ඇත. ඒ සමගම එම බෑගයෙන් යළිත් වරක් වේගයෙන් දුම් පිටවී ඇති අතර එය ලිතියම් ගිනිගැනීමක් නිසා ඇතිවූවක් බවට සැකයක් මතුවී තිබේ. ඒ සමග ක්‍රියාත්මක වූ නිලධාරීහු ලිතියම් ගිනි නිවන උපකරණ මගින් එම ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළහ. පසුව කළ ගවේෂණවලදී යානයේ කාර්ය මණ්ඩලය විසින් එම බෑගයේ තිබී ලිතියම් බැටරි ඇසුරුමක් හා ජංගම දුරකථන දෙකක් සොයාගනු ලැබීය.

ඒ සමග යානයේ කාර්ය මණ්ඩලය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට දන්වා සිටියේ යානයේ අනතුරුදායක භාණ්ඩ ඇති බවත් ඒ සඳහා විශේෂඥ ආරක්ෂකයන්ට සූදානම්ව සිටින ලෙසත් ය.

මෙම තත්ත්වය පාලනය කරන තුරු යානයේ සිටි මගීන්ට අනතුරු සංඥා නිකුත් කර ඔවුන් ඉවත් කිරීමට හෝ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට අවශ්‍ය නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

Lankadeepa

[QUOTE="Hashan dis, post: 22025738, member: 124785"] [SIZE=4][B]ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි[/B] සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ. යානයේ සිටි මගීන් සිය සුපුරුදු ආකාරයෙන්ම සිටියදී යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට සමත් විය. මේ සිද්ධියෙන් යානයේ සිටි මගීන් 202ක් අතුරින් කිසිවකුට හෝ එහි කාර්ය මණ්ඩලයේ කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බව ගුවන්තොටුපොළ ආරංචි පවසයි. මිනිත්තු 70ක ගුවන් කාලයේ දී ආහාර වේලාව අවසන්වී සුළු මොහොතකින් යානයේ පසුපස ඇති ගමන් මලු බහා ඇති ඉහළ රාක්කයෙන් දුමක් නගින බවට එහි කාර්ය මණ්ඩලයට දැනගන්නට ලැබී ඇති අතර යානයේ කුටි කළමනාකරු සහ කැප්ටන්ට ඉතා ඉක්මනින් මේ බව දැනුම්දී ඇති අතර යානයේ පිටුපස කුටියේ කාර්ය මණ්ඩලය ගිනි ආරක්ෂණ මෙවලම් පැළඳ අදාළ ගමන් මලු සහිත පෙට්ටිය විවෘත කර ඇත. ඒ සමග ගිනි නිවීමේ උපකරණ මගින් දුමක් පිටවෙමින් තිබූ ගමන් මල්ල නිවා දැමීමට සමත් වූ ඔවුන් ඉතා ඉක්මනින් එම බෑගය මගීන්ට එපිටින් වූ යානයේ පිටුපස කොටසට විසිකර ඇත. ඒ සමගම එම බෑගයෙන් යළිත් වරක් වේගයෙන් දුම් පිටවී ඇති අතර එය ලිතියම් ගිනිගැනීමක් නිසා ඇතිවූවක් බවට සැකයක් මතුවී තිබේ. ඒ සමග ක්‍රියාත්මක වූ නිලධාරීහු ලිතියම් ගිනි නිවන උපකරණ මගින් එම ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළහ. පසුව කළ ගවේෂණවලදී යානයේ කාර්ය මණ්ඩලය විසින් එම බෑගයේ තිබී ලිතියම් බැටරි ඇසුරුමක් හා ජංගම දුරකථන දෙකක් සොයාගනු ලැබීය. ඒ සමග යානයේ කාර්ය මණ්ඩලය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට දන්වා සිටියේ යානයේ අනතුරුදායක භාණ්ඩ ඇති බවත් ඒ සඳහා විශේෂඥ ආරක්ෂකයන්ට සූදානම්ව සිටින ලෙසත් ය. මෙම තත්ත්වය පාලනය කරන තුරු යානයේ සිටි මගීන්ට අනතුරු සංඥා නිකුත් කර ඔවුන් ඉවත් කිරීමට හෝ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට අවශ්‍ය නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය. [SIZE=3][B]Lankadeepa[/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom