Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✍🏻📖🏫 කන්නංගර මහත්තයගෙ මී මුණුබුරාට තාම ඉස්කෝලයක් නෑ 🏫📖✍🏻
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ මිණිපිරිය වන හසිතා බාලසූරිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරය ද දැරුවාය. එමෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස වසර ගණනාවක් රාජකාරි කළාය. තවත් ආයතන කීපයක මුල් පුටු හෙබවූ ඇය මෙවර ‘‘නොමියෙන මතක’’ හා එක් වේ.

මේ කතාව පටන්ගන්න වෙන්නෙම ඔබේ සීයාගෙන්. ඒ කියන්නේ කන්නන්ගර මහත්තයාගෙන්...

ඒක නම් ඇත්තටම ආඩම්බරයක්. පුංචි කාලේ අපි හිටියෙත් සීයත් එක්ක සීයගෙ ගෙදර. මම ඉපදුණෙත් සීයාට ඇමැතිවරයෙක් විදියට ලැබුණු නිල නිවසෙ ඉද්දි. ඒ ගෙදර තමයි දැන් ඔය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්නෙ. දැන් විජේරාම මාවත කිව්වට ඉස්සර ඕකට කිව්වෙ මැකාති පාර කියලා. මගේ පොඩි කාලෙ ගෙවුණෙ ඒ ගෙදර. 1952 කැබිනට් එකේ සීයා පළාත් පාලන ඇමැති. මම උපන්නේ 1953. අපි ඔය ගෙදර හිටියා 1956 විතර වෙනකම්.

අපේ සීයා ගැන විස්තර මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ මුළු රටම දන්නවනේ. රටට කොච්චර ලොකු චරිතයක් වුණත් අපිට ඉතින් සීයම තමයි. හරිම සරල ජීවිතයක් ගත කෙරුවෙ. අපිව වඩාගෙන හුරතල් කරනවා. සීයයි මායි හරිම එකතුයි. අපිට පුදුම ආදරයක් තිබුණෙ. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කළත් අපි ගැන බලන්න කාලය වෙන් කර ගත්තා. කොච්චර ලොකු බලතල තනතුරු තිබුණත් හරිම සරල ජීවිතයක් තමයි සීයා ගත කළේ. අපේ පාර්ලිමේන්තුවටත් ඉස්සෙල්ලම රෙද්ද බැනියම ඇන්දෙ සීයා කියලනේ කියන්නේ.

සීයා ඇමැතිකම් කරන කාලේ මම ගොඩක් පොඩියි. දේශපාලනයෙන් කාර්යබහුල නොවුණට පස්සේ ඊට වඩා අපි කිට්ටු වුණා. සීයා තමයි මට පාඩම් කියා දෙන්නෙත්. ආච්චිත් ඒ වගේම අපිට ආදරෙයි. සීයාගෙ වැඩවලට ගොඩක්ම පිටිපස්සේ ඉඳලා සහාය දුන්නේ ආච්චි. සීයා වයසට ගියාම අපේ තාත්තා තමයි බලාකියා ගත්තේ. දැන් අපි ඉන්න තිඹිරිගස්යාය ගෙදර තාත්ත ගත්තේ අපි ඉස්කොලෙ දාන්න ඕනැ නිසා. විශාකා විද්‍යාලයට පයින් යන දුරනේ අපේ ගෙදර ඉඳලා. මම ගියේ විශාකා එකට.

ඔබ විශාකා විද්‍යාලයට ඇතුළත් කරන්න ඔබේ සීයා, ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා වෙච්ච කන්නන්ගර මහත්තයා ඔබත් එක්ක පෝලිමේ හිටියලු නේද?

ඔව්, මං ඉස්කෝලෙට ඇතුළත් කරපු දවසෙ සීයා තමයි මාව එක්ක ගියේ. මම තාත්තත් එක්ක තමයි ඉස්කෝලෙට ඇතුළත් වෙන්න යන්න ඉඳලා තියෙන්නෙ. අම්මල දැන් වගේ ළමයි එක්ක ඉස්කෝල ගානෙ යන්නෙ නෑනේ ඉස්සර අපේ තාත්ත එතකොට ගාල්ල කඩවත්සතරෙ ඩී.ආර්.ඕ. තාත්තට නොගිහින් බැරි රාජකාරියක් නිසා තාත්තා සීයට කියල තියෙනවා මාව එක්ක ගිහින් ඉස්කෝලෙට ඇතුළත් කරන්න කියලා. සීයයි මමයි පෝලිමේ ඉන්නව දැකලා ප්‍රින්සිපල් ටීචර් කෙනෙකුට කිව්වලු දන්නවද අර ඉන්නේ කවුද කියලා. එන්න කියලා පුටුවක් දීලා වාඩි කරවන්න කියලා. එතකොට ප්‍රින්සිපල් හිටියේ ඉන්දියාවෙ නෝනා කෙනෙක් නම පුලිමුඩ් . සීයල කවදාවත් තමන්ගේ ප්‍රසිද්ධිය හෝ බලය පාවිච්චි කරල කිසිම දෙයක් කරගන්න ගියේ නෑ. කන්නන්ගර මහත්තයගෙ දරු මුණුපුරෙක් කියලා අපිට ඉස්කෝලවලිනුත් විශේෂ සැලකිල්ලක් තිබුණේ නෑ. අපි ඒවා බලාපොරොත්තු වුණෙත් නෑ. අපි කිසිම අවස්ථාවක සීයගෙ නම පාව්චිචි කරල කිසිම දෙයක් කරගෙනත් නෑ මේ වන තුරු. අද අපේ ගෙදර හතර වටේම ඉස්කෝල තිබිලත් මගේ දුවගෙ පුතාට තාම ඉස්කෝලයක් ලැබුණෙ නෑ. ගිය ඉස්කෝල තුනකින්ම කිව්වෙ අපිට අහුවෙන්නෙ නෑ කියලා. ළඟම තියෙන ඒවට අපි ගියේ. අපි අපේ විස්තර කියන්න ගියෙත් නෑ. කොහොමහරි අද කන්නන්ගර මහත්තයගේ මී මුණුපුරාට ඉස්කෝලයක් නෑ යන්න. ඒ කාලෙ අපිට කෝටා එකක් තිබුණා අපේ දරුවෙක් ලංකාවේ ඕනෑම ඉස්කෝලෙකට දාන්න. අපි කවදාවත් ඒක අරගත්තෙ නෑ. අපේ අම්මලත් සීයට අගෞරවයක් වෙන කිසිම දෙයක් කෙරුවේ නෑ. අපේ අම්ම කන්නන්ගර මහත්තයගෙ එකම දුවනෙ. අම්මා කුසුමා සෙනෙවිරත්න. අම්මට මල්ලි කෙනෙක් හිටියා. කසාද බඳිනකම් මාමත් අපේ ගෙදර හිටියේ.

පාරිපාලන සේවයට ඔබ එකතු වෙන්නේ කොහොමද?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි පෙළ ඉහළ උපාධියක් ලැබුවා. සංවර්ධන අධ්‍යයනවේදී විශේෂවේදී උපාධිය කියලා එකක්. දැන් ඒක නෑ. 74-78 කාලෙ අපි හිටියේ. මගේ මහත්තයත් මගේ බැච් එකේමයි. පස්සෙ අපි කසාද බැන්දා. මඟුලට අත්සන් කෙරුවෙ ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි. ලලිත් ඇතුලත්මුදලි මහත්තයයි. ඒ පවුලෙ හිතවත්කමට. මම ශ්‍රී ලංකා පරිපාලන සේවා විවෘත විභාගය කෙරුවේ 1981 දී පත්වීම හම්බවුණේ 1983 අවුරුද්දේ.

පළවෙනි රාජකාරිය වුණේ මොකක්ද?

මුල්ම රාජකාරිය කරන්න අවස්ථාව හම්බවුණෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් හැටියට. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විදියට හිටියේ කර්නල් සී.ඒ. ධර්මපාල. එතුමාගෙන් පස්සෙ ජනරල් සේපාල ආටිගල මහත්තයා ලේකම් වුණා. 82 ඉඳල 89 වෙනකම් මම ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කළා. කිසිම කරදරයක් තිබුණෙ නෑ වැඩ කරන්න. දේශපාලන බලපෑම් එහෙම ආවෙත් නෑ. අපි අපේ රාජකාරිය කෙරුවා. ජනාධිපති, අගමැති හා ඇමැතිවරු එයාලගෙ රාජකාරිය කෙරුවා.

සෙන්සර් බෝඩ් එකෙත් කාලයක් ඔබ හිටියා නේද?

ඔය කාලෙම තමයි ඒකත් මට ලැබුණේ. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලේ ලේකම් තනතුරටත් මාව පත් කළා. ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ කරන අතරෙම රැඟුම් පාලක මණ්ඩලේ තිබුණෙත් අපේ අමාත්‍යංශයේ යටතේමයි. ඒ කාලෙන් පස්සේ ඒක ගියා ප්රවෘත්ති අමාත්‍යංශය යටතට. මගේ පරිපාලන සේවා රාජකාරි ජීවිතෙන් වැඩිම කාලයක් හිටියේ ආරක්ෂක ආමත්යංශයේ. අවුරුදු දහඅටක් හිටියා දෙපාරකට.

83 ඉඳලා 89 වෙනකම් හිටියා. ඊට පස්සේ වතාවක් ආපහු ඇවිත් 2013 දී මම විශ්‍රාම යනකම්ම හිටියා. රැඟුම් පාලක මණ්ඩලේ රාජකාරිය ආශ්වාදජනකයි. චිත්‍රපටි බලනවා, වේදිකා නාට්‍ය බලනවා. හැම එකම අපේ අත්සනින් තමයි ප්‍රදර්ශනයට නිර්දේශ වෙන්නේ. එතකොට මගේ අත්සන නැතුව චිත්‍රපටයක ෂෝ කාඩ් එකක්වත් ප්‍රදර්ශනය කරන්න බෑ. අපේ සාමාජිකයෝ හිටිගමන් චිත්‍රපටි හෝල්වලට කඩා පනිනවා. අපි වේදිකා නාට්‍ය බැලුවේ සුදර්ශියෙ හරිම ආසාවෙන් අපි ඒ රාජකාරිය කෙරුවෙ. මම අවුරුදු පහක් විතර සෙන්සර් බෝඩ් එකේ හිටියා.

ආරක්ෂක අමාත්‍යාංශයේ පළවෙනි සේවා මුරේදි අපේ රටේ පැවතුණු යුද්දෙ පටන් ගන්නවා දැකපු ඔබ දෙවනි සේවා මුරේදී යුද්දෙ නිමා වෙනවා දැක්කා. ඒක විශේෂ අවස්ථාවක් නේද?

මම හිතන විදියට ඒ දවස් දෙකේම අමාත්‍යාංශයේ රාජකාරි කරපු එකම නිලධාරියා මම. 1983 ජූලි 23ත් මම හිටියා. 2009 මැයි 18ත් හිටියා. පටන් ගත්තේ සහකාර ලේකම් විදියට යුද්දෙ ඉවර වෙනකොට මම අතිරේක ලේකම්. යුද්දෙ ගැන හොඳ අවබෝධයක් ඒ නිසා මට තියෙනවා. ඒක කොහොමද ඇති වුණෙ කොහොමද ව්‍යාප්ත වුණේ කොහොමද ඉවර වුණේ කියලා. ත්‍රිවිධ හමුදාව සම්බන්ධ විවිධ වැඩ කරන්න සිද්ධ වුණා අපිට. හමුදා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල රාජකාරියෙ ඉඳල නොයෙක් වැඩ කළා. සේවා වනිතා ඒකකය පටන් ගත්තෙත් මම ඉද්දි. ඒකෙන් සමාජ සුබසාධන වැඩ ගොඩාක් අපි කෙරුවා.

යුද්දෙ පටන් ගත්ත කාලෙ අපේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මහත්තුරු මාව ආරක්ෂාකාරීව ගෙදරට ගෙනත් බස්සනවා. 1983 ජූලි කලබල දවස්වල එහෙම බොහොම බයෙන් සැකෙන් තමයි රාජකාරි කළේ. ඉන්දු-ලංකා ගිවිසුමට රජිව් ගාන්ධි ආපු වෙලාවේ පෙරඩ් එකේ ඉඳපු සෙබළෙක් රජීව් ගාන්ධිට බයිනෙත්තුවෙන් පහර දීපු සිද්ධිය මම ඇස් දෙකෙන් දැක්කා. අපි අපේ කාර්යාලෙ ජනෙල්වලින් ඒක දිහා බලාගෙන හිටියේ. මම එතකොට සහකාර ලේකම්. ඒ සිද්ධිය මට හොඳට මතකයි. අපිටත් හිතාගන්න බැරි වුණා. ඒ උත්සවේ ගොඩක් වාගේ අපේ අමාත්‍යාංශය තමයි සංවිධානය කෙරුවේ. 89 දී මම ශිෂ්‍යත්වයක් ලැබිලා කැනඩාවට ගියා. කාල්ටන් යුනිවර්සිටි එකට තමයි තේරුණේ. ඒත් ඒ වෙනකොට අපේ රටේ තිබුණු භීෂණ වාතාවරණය නිසා මම ඒ වැඩේ අතරමග නතර කරලා දාලා ආවා. අපේ දුවත් පොඩියි ඒ වෙද්දී.

ඒ ඇවිත් කොහාටද ගියේ?

අපහු හිටපු තැනටමයි ගියේ. මට වෙනත් අංශයක් බාර දෙන්නම් කියලා ලේකම් මට කිව්වා. ඔය අතරේ යූ.බී. විජේකෝන් එක්ක මම කතා කරපු වෙලාවක එයා මාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැම්මා. එයා අපේ තාත්තගෙ හිතවතෙක්. ඒ ගොල්ලො ඩී.ආර්.ඕ. ලනේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති අංශය පටන් ගත්තේ අපි කීප දෙනෙක් එතන ටික කාලයක් වැඩ කරලා. මම මරුවක් හදාගත්තා ඉඩම්, වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශයට. ඇමැති සිටියේ ගාමිණී දිසානායක, ලොකු අමාත්‍යාංශයක්. එතන සහකාර ලේකම් විදියට පත්වුණා. එතනත් අවුරුද්දක් විතර ඉඳලා මැනුම් දෙපාර්තමේන්තුවෙ දෙවෙනියා වෙලා එතෙනට ගියා. එතනත් අවුරුදු දෙක තුනක් වැඩ කළා. විශාල දෙපාර්තමේන්තුවක් ඒක. 10564ක් හිටියා කාඩර් එක. ඒකෙ පාලන පැත්ත තමයි මට බාරව තිබුණේ. එතනත් ටිකක් වැඩ කරද්දී මට හිතුණා තවත් අංශයක් ගැන අවධානය යොමු කළොත් හොඳයි කියලා. ඒ අතරේ ආරංචි වුණා සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුරක වේකන්සියක් තියෙනවා. මම ඒක ගැන හොයලා බලලා එතෙනට ගියා. එතන වැඩ කරගෙන ඉද්දී දවසක් වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමා ටෙලිෆෝන් එකෙන් කතා කෙරුවා. මොකද එතුමා අපේ සීයට ගොඩක් ගරු කරනවා. මම ඒ වෙද්දී නියෝජ්‍ය අධ්යක්ෂ වෙලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංයට යන්න සූදානමින් හිටියේ. ඒක ආරංචිවෙලා තමයි වි.ජ.මු ලොකු බණ්ඩාර මහත්තයා මට කතා කළේ. කතා කරලා මෙහෙමයි කිව්වේ. ‘‘අනේ ළමයෝ කොහේද ඔය ළමයා අපිව දාල මේ යන්න හදන්නේ. මෙන්න මේ දැරණියගලට ටිකක් උදවු කරන්නකො’’ කියලා. මට බාරගන්න කිව්වෙ නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් පරිපාලන. ඒකෙ හිටියේ ශිරාන් දැරණියගල ඒ කාලෙ. අමාත්‍යාංශයේ ඉන්න අතරෙම පුරාවිද්‍යා එකෙත් වැඩ කෙරුවා. උදේ අමාත්‍යාංශයේ වැඩ කරලා හවස පුරා විද්‍යා එකේ වැඩ කරනවා. මම ඒක ආසාවෙන් කරපු වැඩක්. මොකද මම ආසයි ඉතිහාසයට. ඒකෙ තියෙනවා පුරා විද්‍යා උපදේශක සභාව කියලා එකක්. ඒක රැස් වෙන්නේ සභාපති විදියට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන්. සභාපති නැති වාර තුනකදී මම ඒකේ මූලිකත්වය ගත්තා. එක දවසක් ඔය රැස්වීමේ සභාපතිත්වය දරද්දී සාමාජිකයෝ අතරේ මට පොඩි විරුද්ධත්වයක් ආවා. ඒකෙ හිටියේ සද්ධාමංගල කරුණාරත්න, සේනක බණ්ඩාරනායක, ගුණපාල සේනාධීර, පණ්ඩිත් වෙ.වි අබේගුණවර්ධන වගේ අය. එතකොට සද්ධාමංගල කරුණාරත්නගෙ දුවයි ගුණපාල සේනාධීරගෙ දුවයි මගේ ක්ලාස්මේට්ලා විශාකා එකේ. ඒ නිසා ඒ අයගෙ දරුවෙක් වගේනෙ මම. ඒ අතරින් සමහරෙකුට මගේ මූලිකත්වයෙන් රැස්වෙන එක හරි මදි වගේ වුණා. මම එයාලට රැස්වීම් කාලයේ තිබුණු බෙල් මහත්තයගෙ පිංතූරේ පෙන්නලා කිව්වා බෙල් මහත්තයත් සිවිල් සර්වන්ට් කෙනෙක් මමත් සිවිල් සර්වන්ට් කෙනෙක්. මේ තනතුර මට ලැබුණේ ඒ නිසා. ඒක හන්දා ඉන්න කෙනෙක් ඉන්න යන කෙනෙක් යන්න මම රැස්වීම පවත්වනවා කියලා. එදා රෑ වෙ.වි. අබේගුණවර්ධන මහත්තයා කතා කරලා මට කියනවා ‘‘ඔයා හරි හොඳ වැඩක් තමයි උදේ කෙරුවේ’’ කියලා. එතුමා කියනවා මාව කන්නන්ගර මහත්තයගෙ මිණිපිරිය කියලා පෙන්නුවා කියලා. මට එ් කතාවට ආඩම්බරයක් ඇති වුණා.

[QUOTE="Stimulus mind, post: 27330363, member: 577135"] [B][IMG width="179px"]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_e7ba99417e.jpg[/IMG][IMG width="700px"]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_070fe0555b.jpg[/IMG] නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ මිණිපිරිය වන හසිතා බාලසූරිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරය ද දැරුවාය. එමෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස වසර ගණනාවක් රාජකාරි කළාය. තවත් ආයතන කීපයක මුල් පුටු හෙබවූ ඇය මෙවර ‘‘නොමියෙන මතක’’ හා එක් වේ. මේ කතාව පටන්ගන්න වෙන්නෙම ඔබේ සීයාගෙන්. ඒ කියන්නේ කන්නන්ගර මහත්තයාගෙන්... [/B] ඒක නම් ඇත්තටම ආඩම්බරයක්. පුංචි කාලේ අපි හිටියෙත් සීයත් එක්ක සීයගෙ ගෙදර. මම ඉපදුණෙත් සීයාට ඇමැතිවරයෙක් විදියට ලැබුණු නිල නිවසෙ ඉද්දි. ඒ ගෙදර තමයි දැන් ඔය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්නෙ. දැන් විජේරාම මාවත කිව්වට ඉස්සර ඕකට කිව්වෙ මැකාති පාර කියලා. මගේ පොඩි කාලෙ ගෙවුණෙ ඒ ගෙදර. 1952 කැබිනට් එකේ සීයා පළාත් පාලන ඇමැති. මම උපන්නේ 1953. අපි ඔය ගෙදර හිටියා 1956 විතර වෙනකම්. අපේ සීයා ගැන විස්තර මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ මුළු රටම දන්නවනේ. රටට කොච්චර ලොකු චරිතයක් වුණත් අපිට ඉතින් සීයම තමයි. හරිම සරල ජීවිතයක් ගත කෙරුවෙ. අපිව වඩාගෙන හුරතල් කරනවා. සීයයි මායි හරිම එකතුයි. අපිට පුදුම ආදරයක් තිබුණෙ. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කළත් අපි ගැන බලන්න කාලය වෙන් කර ගත්තා. කොච්චර ලොකු බලතල තනතුරු තිබුණත් හරිම සරල ජීවිතයක් තමයි සීයා ගත කළේ. අපේ පාර්ලිමේන්තුවටත් ඉස්සෙල්ලම රෙද්ද බැනියම ඇන්දෙ සීයා කියලනේ කියන්නේ. සීයා ඇමැතිකම් කරන කාලේ මම ගොඩක් පොඩියි. දේශපාලනයෙන් කාර්යබහුල නොවුණට පස්සේ ඊට වඩා අපි කිට්ටු වුණා. සීයා තමයි මට පාඩම් කියා දෙන්නෙත්. ආච්චිත් ඒ වගේම අපිට ආදරෙයි. සීයාගෙ වැඩවලට ගොඩක්ම පිටිපස්සේ ඉඳලා සහාය දුන්නේ ආච්චි. සීයා වයසට ගියාම අපේ තාත්තා තමයි බලාකියා ගත්තේ. දැන් අපි ඉන්න තිඹිරිගස්යාය ගෙදර තාත්ත ගත්තේ අපි ඉස්කොලෙ දාන්න ඕනැ නිසා. විශාකා විද්‍යාලයට පයින් යන දුරනේ අපේ ගෙදර ඉඳලා. මම ගියේ විශාකා එකට. [B]ඔබ විශාකා විද්‍යාලයට ඇතුළත් කරන්න ඔබේ සීයා, ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා වෙච්ච කන්නන්ගර මහත්තයා ඔබත් එක්ක පෝලිමේ හිටියලු නේද? [/B] ඔව්, මං ඉස්කෝලෙට ඇතුළත් කරපු දවසෙ සීයා තමයි මාව එක්ක ගියේ. මම තාත්තත් එක්ක තමයි ඉස්කෝලෙට ඇතුළත් වෙන්න යන්න ඉඳලා තියෙන්නෙ. අම්මල දැන් වගේ ළමයි එක්ක ඉස්කෝල ගානෙ යන්නෙ නෑනේ ඉස්සර අපේ තාත්ත එතකොට ගාල්ල කඩවත්සතරෙ ඩී.ආර්.ඕ. තාත්තට නොගිහින් බැරි රාජකාරියක් නිසා තාත්තා සීයට කියල තියෙනවා මාව එක්ක ගිහින් ඉස්කෝලෙට ඇතුළත් කරන්න කියලා. සීයයි මමයි පෝලිමේ ඉන්නව දැකලා ප්‍රින්සිපල් ටීචර් කෙනෙකුට කිව්වලු දන්නවද අර ඉන්නේ කවුද කියලා. එන්න කියලා පුටුවක් දීලා වාඩි කරවන්න කියලා. එතකොට ප්‍රින්සිපල් හිටියේ ඉන්දියාවෙ නෝනා කෙනෙක් නම පුලිමුඩ් . සීයල කවදාවත් තමන්ගේ ප්‍රසිද්ධිය හෝ බලය පාවිච්චි කරල කිසිම දෙයක් කරගන්න ගියේ නෑ. කන්නන්ගර මහත්තයගෙ දරු මුණුපුරෙක් කියලා අපිට ඉස්කෝලවලිනුත් විශේෂ සැලකිල්ලක් තිබුණේ නෑ. අපි ඒවා බලාපොරොත්තු වුණෙත් නෑ. අපි කිසිම අවස්ථාවක සීයගෙ නම පාව්චිචි කරල කිසිම දෙයක් කරගෙනත් නෑ මේ වන තුරු. අද අපේ ගෙදර හතර වටේම ඉස්කෝල තිබිලත් මගේ දුවගෙ පුතාට තාම ඉස්කෝලයක් ලැබුණෙ නෑ. ගිය ඉස්කෝල තුනකින්ම කිව්වෙ අපිට අහුවෙන්නෙ නෑ කියලා. ළඟම තියෙන ඒවට අපි ගියේ. අපි අපේ විස්තර කියන්න ගියෙත් නෑ. කොහොමහරි අද කන්නන්ගර මහත්තයගේ මී මුණුපුරාට ඉස්කෝලයක් නෑ යන්න. ඒ කාලෙ අපිට කෝටා එකක් තිබුණා අපේ දරුවෙක් ලංකාවේ ඕනෑම ඉස්කෝලෙකට දාන්න. අපි කවදාවත් ඒක අරගත්තෙ නෑ. අපේ අම්මලත් සීයට අගෞරවයක් වෙන කිසිම දෙයක් කෙරුවේ නෑ. අපේ අම්ම කන්නන්ගර මහත්තයගෙ එකම දුවනෙ. අම්මා කුසුමා සෙනෙවිරත්න. අම්මට මල්ලි කෙනෙක් හිටියා. කසාද බඳිනකම් මාමත් අපේ ගෙදර හිටියේ. [B]පාරිපාලන සේවයට ඔබ එකතු වෙන්නේ කොහොමද? [/B] මම කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි පෙළ ඉහළ උපාධියක් ලැබුවා. සංවර්ධන අධ්‍යයනවේදී විශේෂවේදී උපාධිය කියලා එකක්. දැන් ඒක නෑ. 74-78 කාලෙ අපි හිටියේ. මගේ මහත්තයත් මගේ බැච් එකේමයි. පස්සෙ අපි කසාද බැන්දා. මඟුලට අත්සන් කෙරුවෙ ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි. ලලිත් ඇතුලත්මුදලි මහත්තයයි. ඒ පවුලෙ හිතවත්කමට. මම ශ්‍රී ලංකා පරිපාලන සේවා විවෘත විභාගය කෙරුවේ 1981 දී පත්වීම හම්බවුණේ 1983 අවුරුද්දේ. [B]පළවෙනි රාජකාරිය වුණේ මොකක්ද? [/B] මුල්ම රාජකාරිය කරන්න අවස්ථාව හම්බවුණෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් හැටියට. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විදියට හිටියේ කර්නල් සී.ඒ. ධර්මපාල. එතුමාගෙන් පස්සෙ ජනරල් සේපාල ආටිගල මහත්තයා ලේකම් වුණා. 82 ඉඳල 89 වෙනකම් මම ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කළා. කිසිම කරදරයක් තිබුණෙ නෑ වැඩ කරන්න. දේශපාලන බලපෑම් එහෙම ආවෙත් නෑ. අපි අපේ රාජකාරිය කෙරුවා. ජනාධිපති, අගමැති හා ඇමැතිවරු එයාලගෙ රාජකාරිය කෙරුවා. [B]සෙන්සර් බෝඩ් එකෙත් කාලයක් ඔබ හිටියා නේද? [/B] ඔය කාලෙම තමයි ඒකත් මට ලැබුණේ. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලේ ලේකම් තනතුරටත් මාව පත් කළා. ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ කරන අතරෙම රැඟුම් පාලක මණ්ඩලේ තිබුණෙත් අපේ අමාත්‍යංශයේ යටතේමයි. ඒ කාලෙන් පස්සේ ඒක ගියා ප්රවෘත්ති අමාත්‍යංශය යටතට. මගේ පරිපාලන සේවා රාජකාරි ජීවිතෙන් වැඩිම කාලයක් හිටියේ ආරක්ෂක ආමත්යංශයේ. අවුරුදු දහඅටක් හිටියා දෙපාරකට. 83 ඉඳලා 89 වෙනකම් හිටියා. ඊට පස්සේ වතාවක් ආපහු ඇවිත් 2013 දී මම විශ්‍රාම යනකම්ම හිටියා. රැඟුම් පාලක මණ්ඩලේ රාජකාරිය ආශ්වාදජනකයි. චිත්‍රපටි බලනවා, වේදිකා නාට්‍ය බලනවා. හැම එකම අපේ අත්සනින් තමයි ප්‍රදර්ශනයට නිර්දේශ වෙන්නේ. එතකොට මගේ අත්සන නැතුව චිත්‍රපටයක ෂෝ කාඩ් එකක්වත් ප්‍රදර්ශනය කරන්න බෑ. අපේ සාමාජිකයෝ හිටිගමන් චිත්‍රපටි හෝල්වලට කඩා පනිනවා. අපි වේදිකා නාට්‍ය බැලුවේ සුදර්ශියෙ හරිම ආසාවෙන් අපි ඒ රාජකාරිය කෙරුවෙ. මම අවුරුදු පහක් විතර සෙන්සර් බෝඩ් එකේ හිටියා. [B]ආරක්ෂක අමාත්‍යාංශයේ පළවෙනි සේවා මුරේදි අපේ රටේ පැවතුණු යුද්දෙ පටන් ගන්නවා දැකපු ඔබ දෙවනි සේවා මුරේදී යුද්දෙ නිමා වෙනවා දැක්කා. ඒක විශේෂ අවස්ථාවක් නේද? [/B] මම හිතන විදියට ඒ දවස් දෙකේම අමාත්‍යාංශයේ රාජකාරි කරපු එකම නිලධාරියා මම. 1983 ජූලි 23ත් මම හිටියා. 2009 මැයි 18ත් හිටියා. පටන් ගත්තේ සහකාර ලේකම් විදියට යුද්දෙ ඉවර වෙනකොට මම අතිරේක ලේකම්. යුද්දෙ ගැන හොඳ අවබෝධයක් ඒ නිසා මට තියෙනවා. ඒක කොහොමද ඇති වුණෙ කොහොමද ව්‍යාප්ත වුණේ කොහොමද ඉවර වුණේ කියලා. ත්‍රිවිධ හමුදාව සම්බන්ධ විවිධ වැඩ කරන්න සිද්ධ වුණා අපිට. හමුදා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල රාජකාරියෙ ඉඳල නොයෙක් වැඩ කළා. සේවා වනිතා ඒකකය පටන් ගත්තෙත් මම ඉද්දි. ඒකෙන් සමාජ සුබසාධන වැඩ ගොඩාක් අපි කෙරුවා. යුද්දෙ පටන් ගත්ත කාලෙ අපේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මහත්තුරු මාව ආරක්ෂාකාරීව ගෙදරට ගෙනත් බස්සනවා. 1983 ජූලි කලබල දවස්වල එහෙම බොහොම බයෙන් සැකෙන් තමයි රාජකාරි කළේ. ඉන්දු-ලංකා ගිවිසුමට රජිව් ගාන්ධි ආපු වෙලාවේ පෙරඩ් එකේ ඉඳපු සෙබළෙක් රජීව් ගාන්ධිට බයිනෙත්තුවෙන් පහර දීපු සිද්ධිය මම ඇස් දෙකෙන් දැක්කා. අපි අපේ කාර්යාලෙ ජනෙල්වලින් ඒක දිහා බලාගෙන හිටියේ. මම එතකොට සහකාර ලේකම්. ඒ සිද්ධිය මට හොඳට මතකයි. අපිටත් හිතාගන්න බැරි වුණා. ඒ උත්සවේ ගොඩක් වාගේ අපේ අමාත්‍යාංශය තමයි සංවිධානය කෙරුවේ. 89 දී මම ශිෂ්‍යත්වයක් ලැබිලා කැනඩාවට ගියා. කාල්ටන් යුනිවර්සිටි එකට තමයි තේරුණේ. ඒත් ඒ වෙනකොට අපේ රටේ තිබුණු භීෂණ වාතාවරණය නිසා මම ඒ වැඩේ අතරමග නතර කරලා දාලා ආවා. අපේ දුවත් පොඩියි ඒ වෙද්දී. [B]ඒ ඇවිත් කොහාටද ගියේ? [/B] අපහු හිටපු තැනටමයි ගියේ. මට වෙනත් අංශයක් බාර දෙන්නම් කියලා ලේකම් මට කිව්වා. ඔය අතරේ යූ.බී. විජේකෝන් එක්ක මම කතා කරපු වෙලාවක එයා මාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැම්මා. එයා අපේ තාත්තගෙ හිතවතෙක්. ඒ ගොල්ලො ඩී.ආර්.ඕ. ලනේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති අංශය පටන් ගත්තේ අපි කීප දෙනෙක් එතන ටික කාලයක් වැඩ කරලා. මම මරුවක් හදාගත්තා ඉඩම්, වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශයට. ඇමැති සිටියේ ගාමිණී දිසානායක, ලොකු අමාත්‍යාංශයක්. එතන සහකාර ලේකම් විදියට පත්වුණා. එතනත් අවුරුද්දක් විතර ඉඳලා මැනුම් දෙපාර්තමේන්තුවෙ දෙවෙනියා වෙලා එතෙනට ගියා. එතනත් අවුරුදු දෙක තුනක් වැඩ කළා. විශාල දෙපාර්තමේන්තුවක් ඒක. 10564ක් හිටියා කාඩර් එක. ඒකෙ පාලන පැත්ත තමයි මට බාරව තිබුණේ. එතනත් ටිකක් වැඩ කරද්දී මට හිතුණා තවත් අංශයක් ගැන අවධානය යොමු කළොත් හොඳයි කියලා. ඒ අතරේ ආරංචි වුණා සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුරක වේකන්සියක් තියෙනවා. මම ඒක ගැන හොයලා බලලා එතෙනට ගියා. එතන වැඩ කරගෙන ඉද්දී දවසක් වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමා ටෙලිෆෝන් එකෙන් කතා කෙරුවා. මොකද එතුමා අපේ සීයට ගොඩක් ගරු කරනවා. මම ඒ වෙද්දී නියෝජ්‍ය අධ්යක්ෂ වෙලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංයට යන්න සූදානමින් හිටියේ. ඒක ආරංචිවෙලා තමයි වි.ජ.මු ලොකු බණ්ඩාර මහත්තයා මට කතා කළේ. කතා කරලා මෙහෙමයි කිව්වේ. ‘‘අනේ ළමයෝ කොහේද ඔය ළමයා අපිව දාල මේ යන්න හදන්නේ. මෙන්න මේ දැරණියගලට ටිකක් උදවු කරන්නකො’’ කියලා. මට බාරගන්න කිව්වෙ නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් පරිපාලන. ඒකෙ හිටියේ ශිරාන් දැරණියගල ඒ කාලෙ. අමාත්‍යාංශයේ ඉන්න අතරෙම පුරාවිද්‍යා එකෙත් වැඩ කෙරුවා. උදේ අමාත්‍යාංශයේ වැඩ කරලා හවස පුරා විද්‍යා එකේ වැඩ කරනවා. මම ඒක ආසාවෙන් කරපු වැඩක්. මොකද මම ආසයි ඉතිහාසයට. ඒකෙ තියෙනවා පුරා විද්‍යා උපදේශක සභාව කියලා එකක්. ඒක රැස් වෙන්නේ සභාපති විදියට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ගේ මූලිකත්වයෙන්. සභාපති නැති වාර තුනකදී මම ඒකේ මූලිකත්වය ගත්තා. එක දවසක් ඔය රැස්වීමේ සභාපතිත්වය දරද්දී සාමාජිකයෝ අතරේ මට පොඩි විරුද්ධත්වයක් ආවා. ඒකෙ හිටියේ සද්ධාමංගල කරුණාරත්න, සේනක බණ්ඩාරනායක, ගුණපාල සේනාධීර, පණ්ඩිත් වෙ.වි අබේගුණවර්ධන වගේ අය. එතකොට සද්ධාමංගල කරුණාරත්නගෙ දුවයි ගුණපාල සේනාධීරගෙ දුවයි මගේ ක්ලාස්මේට්ලා විශාකා එකේ. ඒ නිසා ඒ අයගෙ දරුවෙක් වගේනෙ මම. ඒ අතරින් සමහරෙකුට මගේ මූලිකත්වයෙන් රැස්වෙන එක හරි මදි වගේ වුණා. මම එයාලට රැස්වීම් කාලයේ තිබුණු බෙල් මහත්තයගෙ පිංතූරේ පෙන්නලා කිව්වා බෙල් මහත්තයත් සිවිල් සර්වන්ට් කෙනෙක් මමත් සිවිල් සර්වන්ට් කෙනෙක්. මේ තනතුර මට ලැබුණේ ඒ නිසා. ඒක හන්දා ඉන්න කෙනෙක් ඉන්න යන කෙනෙක් යන්න මම රැස්වීම පවත්වනවා කියලා. එදා රෑ වෙ.වි. අබේගුණවර්ධන මහත්තයා කතා කරලා මට කියනවා ‘‘ඔයා හරි හොඳ වැඩක් තමයි උදේ කෙරුවේ’’ කියලා. එතුමා කියනවා මාව කන්නන්ගර මහත්තයගෙ මිණිපිරිය කියලා පෙන්නුවා කියලා. මට එ් කතාවට ආඩම්බරයක් ඇති වුණා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom